Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12001-12100 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපඤ්චම පාචීනනින්නසුත්තං
Sinhala BJTපඤ්චම පාචීනනින්න සූත්‍රය
Pali BJT95. සෙය්යථාපි භික්ඛවෙ, මහී නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු -පෙ- නිබ්බාන පබ්භාරොති.
Sinhala BJT95. මහණෙනි, යම් සේ මහී ගඟ පැදුම්දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා පැදුම් දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 9. 6.
Sinhala BJT1. 9. 6.
Pali BJTඡට්ඨ පාචීනනින්නසුත්තං
Sinhala BJTඡෂ්ඨ පාචීනනින්න සූත්‍රය
Pali BJT96. සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී. සබ්බා තා පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT96. මහණෙනි, යම් කිසි මහානදීහු එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභු මහී නදීහු වෙද් ද, යම්සේ ඒ සියල්ලෝ පෙරදිගට නැමුනාහු පෙරදිගට නැඹුරු වූවාහු පෙරදිගට බර වූවාහු වෙද්ද මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බරවූයේ වේ යයි.
Pali BJT1. 9. 7.
Sinhala BJT1. 9. 7.
Pali BJTසමුද්දනින්නසුත්තං
Sinhala BJTසමුද්දනින්න සූත්‍රය
Pali BJT97. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT97. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මහණ මෙසේ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 9. 8.
Sinhala BJT1. 9. 8.
Pali BJTදුතිය සමුද්දනින්නසුත්තං
Sinhala BJTදුතිය සමුද්දනින්න සූත්‍රය
Pali BJT98. සෙය්යථාපි භික්ඛවෙ, යමුනා නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT98. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 9. 9.
Sinhala BJT1. 9. 9.
Pali BJTතතිය සමුද්දනින්නසුත්තං
Sinhala BJTතතිය සමුද්දනින්න සූත්‍රය
Pali BJT99. සෙය්යථාපි භික්ඛවෙ, අචිරවතී නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT99. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 9. 10.
Sinhala BJT1. 9. 10.
Pali BJTචතුත්ථ සමුද්දනින්නසුත්තං
Sinhala BJTචතුත්‍ථ සමුද්දනින්න සූත්‍රය
Pali BJT100. සෙය්යථාපි භික්ඛවෙ, සරභූ නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT100. මහණෙනි, යම්සේ සරභූ නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 9. 11.
Sinhala BJT1. 9. 11.
Pali BJTපඤ්චම සමුද්දනින්නසුත්තං
Sinhala BJTපඤ්චම සමුද්දනින්න සූත්‍රය
Pali BJT101. සෙය්යථාපි භික්ඛවෙ, මහී නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT101. මහණෙනි, යම්සේ මහී නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බරවූයේ වේ යයි.
Pali BJT1. 9. 12.
Sinhala BJT1. 9. 12.
Pali BJTඡට්ඨ සමුද්දනින්නසුත්තං
Sinhala BJTඡෂ්ඨ සමුද්දනින්න සූත්‍රය
Pali BJT102. සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියො. සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී. සබ්බා තා සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT102. මහණෙනි, යම්කිසි මහා නදීහු එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභු මහී නදීහු වෙද්ද, යම්සේ ඒ සියල්ලෝ මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ, නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්, මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
Pali BJTගඞ්ගාපෙය්යාලි.{*}
Sinhala BJTගංඟාපෙය්‍යල යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ නින්නා ච සමුද්දතො එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්න සූත්‍ර සයෙකි. සමුද්දනින්න සූත්‍ර ද සයෙකි. මේ ඡක්ක දෙක සූත්‍ර දොළසෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ යි.
Pali BJT10. දුතියගඞ්ගාපෙය්යාලො
Sinhala BJT10. දුතියගඞ්ගාපෙය්‍යාලය
Pali BJT1. 10. 1.
Sinhala BJT1. 10. 1.
Pali BJTපාචීනනින්නසුත්තං
Sinhala BJTපාචීනනින්න සූත්‍රය
Pali BJT103. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං -පෙ- සම්මාසමාධිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT103. මහණෙනි, යම් සේ ගඞ්ඟා නදිය පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා, පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ, වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂ විනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යක්දෘෂ්ටිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 10. 2.
Sinhala BJT1. 10. 2.
Pali BJTදුතිය පාචීනනින්නසුත්තං
Sinhala BJTදුතිය පාචීනනින්න සූත්‍රය
Pali BJT104. සෙය්යථාපි භික්ඛවෙ, යමුනා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT104. මහණෙනි යම් සේ යමුනා ගඟ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 10. 3.
Sinhala BJT1. 10. 3.
Pali BJTතතිය පාචීනනින්නසුත්තං
Sinhala BJTතතිය පාචීනනින්න සූත්‍රය
Pali BJT105. සෙය්යථාපි භික්ඛවෙ, අචිරවතී නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT105. මහණෙනි යම්සේ අචිරවතී ගඟ පෙරදිගට නැමුණි පෙර දිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 10. 4.
Sinhala BJT1. 10. 4.
Pali BJTචතුත්ථ පාචීනනින්නසුත්තං
Sinhala BJTචතුත්‍ථ පාචීනනින්න සූත්‍රය
Pali BJT106. සෙය්යථාපි භික්ඛවෙ, සරභූ නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT106. මහණෙනි, යම් සේ සරභූ ගඟ පැදුම්දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 10. 5.
Sinhala BJT1. 10. 5.
Pali BJTපඤ්චම පාචීනනින්නසුත්තං
Sinhala BJTපඤ්චම පාචීනනින්න සූත්‍රය
Pali BJT107. සෙය්යථාපි භික්ඛවෙ, මහී නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT107. මහණෙනි, යම්සේ මහී ගඟ පැදුම්දිගට නැමුණී පැදුම්දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 10. 6.
Sinhala BJT1. 10. 6.
Pali BJTඡට්ඨ පාචීනනින්නසුත්තං
Sinhala BJTඡට්ඨ පාචීනනින්න සූත්‍රය
Pali BJT108. සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, සබ්බා තා පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT108. මහණෙනි, යම් කිසි මහානදීහු ඇද්ද, ඔහු නම්: ගඞ්ඟා යමුනා අචිරවතී සරඟු මහී යන මොහු යි. යම්සේ ඒ සියල්ලෝ පැදුම්දිගට නැමුණාහු පැදුම්දිගට නැඹුරු වූවාහු පැදුම්දිගට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 10. 7.
Sinhala BJT1. 10. 7.
Pali BJTසමුද්දනින්නසුත්තං
Sinhala BJTසමුද්දනින්න සූත්‍රය
Pali BJT109. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො, ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං -පෙ- සම්මාසමාධිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT109. මහණෙනි, යම් සේ ගඞ්ඟා නදිය මුහුදට නැමුණී, මුහුදට නැඹුරු වූවා මුහුදට බරවූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩනුයේ, අරීඅටඟිමඟ බහුල කරනුයේ, නිවනට නැමුණේ, නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 10. 8.
Sinhala BJT1. 10. 8.
Pali BJTදුතිය සමුද්දනින්නසුත්තං
Sinhala BJTදුතිය සමුද්දනින්න සූත්‍රය
Pali BJT110. සෙය්යථාපි භික්ඛවෙ, යමුනා නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT110. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණී, මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 10. 9.
Sinhala BJT1. 10. 9.
Pali BJTතතිය සමුද්දනිනින්නසුත්තං
Sinhala BJTතතිය සමුද්දනින්න සූත්‍රය
Pali BJT111. සෙය්යථාපි භික්ඛවෙ, අචිරවතී නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT111. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණී, මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 10. 10.
Sinhala BJT1. 10. 10.
Pali BJTචතුත්ථසමුද්දනින්නසුත්තං
Sinhala BJTචතුත්‍ථ සමුද්දනින්න සූත්‍රය
Pali BJT112. සෙය්යථාපි භික්ඛවෙ, සරභූ නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT112. මහණෙනි, යම්සේ සරභු නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 10. 11.
Sinhala BJT1. 10. 11.
Pali BJTපඤ්චම සමුද්දනින්නසුත්තං
Sinhala BJTපඤ්චම සමුද්දනින්න සූත්‍රය
Pali BJT113. සෙය්යථාපි භික්ඛවෙ, මහී නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT113. මහණෙනි යම් සේ මහී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 10. 12.
Sinhala BJT1. 10. 12.
Pali BJTඡට්ඨ සමුද්දනින්නසුත්තං
Sinhala BJTඡෂ්ඨ සමුද්දනින්න සූත්‍රය
Pali BJT114. සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියා සෙය්යථීදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, සබ්බා තා සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති. රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං -පෙ- සම්මාසමාධිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT114. මහණෙනි යම් කිසි මහානදීහු වෙත් ද ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී නදීහු වෙති. යම්සේ ඒ හැම නදීහු මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
Pali BJTදුතියගඞ්ගාපෙය්යාලී.
Sinhala BJTදුතිය ගඞ්ඟාපෙය්‍යාලය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො; එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්නසූත්‍ර සයෙකි. සමුද්දනින්න සූත්‍ර ද සයෙකි. මේ ඡක්ක දෙක දොළොස් සූත්‍රාන්ත කෙනෙක් වෙති. එයින් වර්‍ගය යි කියනු ලැබේ යි.
Pali BJT11. තතිය ගඞ්ගාපෙය්යාලො
Sinhala BJT11. තතිය ගඞ්ගාපෙය්‍යාලය
Pali BJT1. 11. 1.
Sinhala BJT1. 11. 1.
Pali BJTපාචීනනින්නසුත්තං
Sinhala BJTපාචීනනින්න සූත්‍රය
Pali BJT115. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති අමතොගධං අමතපරායනං අමතපරියොසානං -පෙ- සම්මාසමාධිං භාවෙති අමතොගධං අමතපරායනං අමතපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT115. මහණෙනි, යම්සේ ගඞ්ඟා නම් ගඟ පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන් දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට ඇතුළත් වූවක් නිවන පිහිට කොට ඇත්තක් නිවන කෙළවර කොට ඇත්තක් කොට සම්‍යග්දෘෂ්ටිය වඩයි ... නිවනට ඇතුළත් වූවක් නිවන පිහිට කොට ඇත්තක් නිවන කෙළවර කොට ඇත්තක් කොට සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 11. 2.
Sinhala BJT1. 11. 2.
Pali BJTදුතිය පාචීනනින්නසුත්තං
Sinhala BJTදුතිය පාචීනනින්න සූත්‍රය
Pali BJT116. සෙය්යථාපි භික්ඛවෙ, යමුනා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT116. මහණෙනි, යම්සේ යමුනා ගඟ පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 11. 3.
Sinhala BJT1. 11. 3.
Pali BJTතතිය පාචීනනින්නසුත්තං
Sinhala BJTතතිය පාචීනනින්න සූත්‍රය
Pali BJT117. සෙය්යථාපි භික්ඛවෙ, අචිරවතී නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT117. මහණෙනි, යම්සේ අචිරවතී ගඟ පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 11. 4.
Sinhala BJT1. 11. 4.
Pali BJTචතුත්ථ පාචීනනින්නසුත්තං
Sinhala BJTචතුත්‍ථ පාචීනනින්න සූත්‍රය
Pali BJT118. සෙය්යථාපි භික්ඛවෙ, සරභූ නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT118. මහණෙනි, යම්සේ සරභූ ගඟ පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 11. 5.
Sinhala BJT1. 11. 5.
Pali BJTපඤ්චම පාචීනනින්නසුත්තං
Sinhala BJTපඤ්චම පාචීනනින්න සූත්‍රය
Pali BJT119. සෙය්යථාපි භික්ඛවෙ, මහී නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT119. මහණෙනි, යම්සේ මහී ගඟ පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 11. 6.
Sinhala BJT1. 11. 6.
Pali BJTඡට්ඨ පාචීනනින්නසුත්තං
Sinhala BJTඡට්ඨ පාචීනනින්න සූත්‍රය
Pali BJT120. සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, සබ්බා තා පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT120. මහණෙනි, යම්කිසි මහාගඞ්ගාවෝ වෙත් ද, ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී ගඞ්ගාවෝ යැ. යම්සේ ඒ සියල්ලෝ පැදුන්දිගට නැමුණාහු පැදුන්දිගට නැඹුරු වූවාහු පැදුන්දිගට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 11. 7.
Sinhala BJT1. 11. 7.
Pali BJTසමුද්දනින්නසුත්තං
Sinhala BJTසමුද්දනින්න සූත්‍රය
Pali BJT121. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති අමතොගධං අමතපරායනං අමතපරියොසානං -පෙ- සම්මාසමාධිං භාවෙති අමතොගධං අමතපරායනං අමතපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT121. මහණෙනි, යම්සේ ගඞ්ඟා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්‍යග්දෘෂ්ටිය වඩයි … නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 11. 8.
Sinhala BJT1. 11. 8.
Pali BJTදුතිය සමුද්දනින්නසුත්තං
Sinhala BJTදුතිය සමුද්දනින්න සූත්‍රය
Pali BJT122. සෙය්යථාපි භික්ඛවෙ, යමුනා නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT122. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 11. 9.
Sinhala BJT1. 11. 9.
Pali BJTතතිය සමුද්දනින්නසුත්තං
Sinhala BJTතතිය සමුද්දනින්න සූත්‍රය
Pali BJT123. සෙය්යථාපි භික්ඛවෙ, අචිරවතී නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT123. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 11. 10.
Sinhala BJT1. 11. 10.
Pali BJTචතුත්ථ සමුද්දනින්නසුත්තං
Sinhala BJTචතුත්‍ථ සමුද්දනින්න සූත්‍රය
Pali BJT124. සෙය්යථාපි භික්ඛවෙ, සරභූ නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT124. මහණෙනි, යම්සේ සරභු නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 11. 11.
Sinhala BJT1. 11. 11.
Pali BJTපඤ්චම සමුද්දනින්නසුත්තං
Sinhala BJTපඤ්චම සමුද්දනින්න සූත්‍රය
Pali BJT125. සෙය්යථාපි භික්ඛවෙ, මහී නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT125. මහණෙනි යම්සේ මහී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම … නිවනට බර වූයේ වේ යයි.