Pali BJT65. එකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො: යදිදං ඡන්දසම්පදා. ඡන්දසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT65. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට මේ එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ කත්තුකම්‍යතා කුසලච්ඡන්‍දය යි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
Pali BJT1. 7. 4.
Sinhala BJT1. 7. 4.
Pali BJTඅත්තසුත්තං
Sinhala BJTඅත්ත සූත්‍රය
Pali BJT66. එකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො: යදිදං අත්තසම්පදා. අත්තසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT66. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට මේ එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් යත්: මේ චිත්තසම්පත්තිය යි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යි.
Pali BJT1. 7. 5.
Sinhala BJT1. 7. 5.
Pali BJTදිට්ඨිසුත්තං
Sinhala BJTදිට්ඨි සූත්‍රය
Pali BJT67. එකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො: යදිදං දිට්ඨිසම්පදා. දිට්ඨිසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT67. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ ඤාණසම්පත්තිය යි. මහණෙනි, ඤාණසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
Pali BJT1. 7. 6.
Sinhala BJT1. 7. 6.
Pali BJTඅප්පමාදසුත්තං
Sinhala BJTඅප්පමාද සූත්‍රය
Pali BJT68. එකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො: යදිදං අප්පමාදසම්පදා. අප්පමාදසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT68. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ අප්‍රමාද සම්පත්තිය යි. මහණෙනි, අප්පමාදසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.
Pali BJT1. 7. 7.
Sinhala BJT1. 7. 7.
Pali BJTයොනිසොසුත්තං
Sinhala BJTයෝනිසෝ සූත්‍රය
Pali BJT69. එකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො. යදිදං යොනිසොමනසිකාරසම්පදා. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතීති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති, ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT69. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ යෝනිසෝමනසිකාර සම්පත්තිය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යෝනිසෝමනසිකාර සම්පන්න මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නම්‍ය වූ සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJT1. 7. 8.
Sinhala BJT1. 7. 8.
Pali BJTදුතියකල්යාණමිත්තසුත්තං
Sinhala BJTදුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
Pali BJT70. සාවත්ථියං:
Sinhala BJT70. සැවැත්නුවර:
Pali BJTඑකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො: යදිදං කල්යාණමිත්තතා. කල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතීති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති, රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං -පෙ- සම්මාසමාධිං භාවෙති, රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJTමහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ කල්‍යාණමිත්‍රත්‍වය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්‍යාණමිත්‍ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ රාගවිනයෙහි පර්‍ය්‍යවසානය වූ දෝසවිනයෙහි පර්‍ය්‍යවසානය වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසානය වූ සම්මාදිට්ඨිය වඩයි ... රාගවිනයෙහි පර්‍ය්‍යවසානය වූ ද්වේෂ විනයෙහි පර්‍ය්‍යවසානය වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසානය වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
Pali BJT1. 7. 9.
Sinhala BJT1. 7. 9.
Pali BJTදුතිය සීලසුත්තං
Sinhala BJTදුතිය සීල සූත්‍රය
Pali BJT71. එකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො: යදිදං සීලසම්පදා. සීලසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT71. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ සිවු පිරිසිදු සීලය යි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
Pali BJT1. 7. 10.
Sinhala BJT1. 7. 10.
Pali BJTදුතිය ඡන්දසුත්තං
Sinhala BJTදුතිය ඡන්‍ද සූත්‍රය
Pali BJT72. එකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො: යදිදං ඡන්දසම්පදා. ඡන්දසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT72. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය යි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
Pali BJT1. 7. 11.
Sinhala BJT1. 7. 11.
Pali BJTදුතිය අත්තසුත්තං
Sinhala BJTදුතිය අත්ත සූත්‍රය
Pali BJT73. එකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො: යදිදං අත්තසම්පදා. අත්තසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT73. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්; මේ චිත්තසම්පත්තිය යි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
Pali BJT1. 7. 12.
Sinhala BJT1. 7. 12.
Pali BJTදුතිය දිට්ඨිසුත්තං
Sinhala BJTදුතිය දිට්ඨි සූත්‍රය
Pali BJT74. එකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො: යදිදං දිට්ඨිසම්පදා. දිට්ඨිසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT74. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උදව් ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ ඤාණසම්පත්තිය යි. මහණෙනි, ඤාණසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
Pali BJT1. 7. 13.
Sinhala BJT1. 7. 13.
Pali BJTදුතිය අප්පමාදසුත්තං
Sinhala BJTදුතිය අප්පමාද සූත්‍රය
Pali BJT75. එකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො: යදිදං අප්පමාදසම්පදා. අප්පමාදසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT75. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ අප්‍රමාද සම්පත්තිය යි. මහණෙනි, අප්‍රමාදසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
Pali BJT1. 7. 14.
Sinhala BJT1. 7. 14.
Pali BJTදුතිය යොනිසොසුත්තං
Sinhala BJTදුතිය යෝනිසෝ සූත්‍රය
Pali BJT76. එකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො: යදිදං යොනිසොමනසිකාරසම්පදා. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං. අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො. අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT76. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ යෝනිසෝමනසිකාර සම්පත්තිය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ රාගය දුරලීම කෙළවර කොට ද්වේෂය දුරලීම කෙළවර කොට මෝහය දුරලීම කෙළවර කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
Pali BJTඑකධම්මපෙය්යාලි.
Sinhala BJTඒකධම්මපෙය්‍යාල යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTකල්යාණමිත්තං සීලඤ්ච ඡන්දො ච අත්තසම්පදා දිට්ඨි ච අප්පමාදො ච යොනිසො භවති සත්තමන්ති.
Sinhala BJTකල්‍යාණමිත්ත, සීල, ඡන්‍ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍රයුගල සයෙකි. යෝනිසෝ සූත්‍ර යුගලය සත් වැනි වේ. (වර්‍ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.
Pali BJT8. දුතියඑකධම්මපෙය්යාලො
Sinhala BJT8. දුතියඒකධම්මපෙය්‍යාලය
Pali BJT1. 8. 1.
Sinhala BJT1. 8. 1.
Pali BJTකල්යාණමිත්තසුත්තං
Sinhala BJTකල්‍යාණමිත්ත සූත්‍රය
Pali BJT77. සාවත්ථියං:
Sinhala BJT77. සැවැත්නුවර:
Pali BJTනාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති. යථයිදං භික්ඛවෙ, කල්යාණමිත්තතා. කල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJTමහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ කල්‍යාණමිත්‍රත්‍වය යම් බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්‍යාණමිත්‍ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැඹුරු වූ සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJT1. 8. 2.
Sinhala BJT1. 8. 2.
Pali BJTසීලසුත්තං
Sinhala BJTසීල සූත්‍රය
Pali BJT78. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති. යථයිදං භික්ඛවෙ, සීලසම්පදා. සීලසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT78. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟක් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ සිවුපිරිසිදු සීලය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, සිල්සපන් මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.
Pali BJT1. 8. 3.
Sinhala BJT1. 8. 3.
Pali BJTඡන්දසුත්තං
Sinhala BJTඡන්‍ද සූත්‍රය
Pali BJT79. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති. යථයිදං භික්ඛවෙ, ඡන්දසම්පදා. ඡන්දසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT79. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි ... බහුල කෙරේ යයි.
Pali BJT1. 8. 4.
Sinhala BJT1. 8. 4.
Pali BJTඅත්තසුත්තං
Sinhala BJTඅත්ත සූත්‍රය
Pali BJT80. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති. යථයිදං භික්ඛවෙ, අත්තසම්පදා. අත්තසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT80. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ චිත්තසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමක් මම නො ම දකිමි. මහණෙනි, සිත්සපන් මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
Pali BJT1. 8. 5.
Sinhala BJT1. 8. 5.
Pali BJTදිට්ඨිසුත්තං
Sinhala BJTදිට්ඨි සූත්‍රය
Pali BJT81. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති. යථයිදං භික්ඛවෙ, දිට්ඨිසම්පදා. දිට්ඨිසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT81. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ ඤාණසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නොම දකිමි. මහණෙනි, නැණසපන් මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
Pali BJT1. 8. 6.
Sinhala BJT1. 8. 6.
Pali BJTඅප්පමාදසුත්තං
Sinhala BJTඅප්පමාද සූත්‍රය
Pali BJT82. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති. යථයිදං භික්ඛවෙ, අප්පමාදසම්පදා. අප්පමාදසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT82. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ අප්‍රමාදසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, අප්‍රමාදසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යි.
Pali BJT1. 8. 7.
Sinhala BJT1. 8. 7.
Pali BJTයොනිසොසුත්තං
Sinhala BJTයෝනිසෝ සූත්‍රය
Pali BJT83. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති. යථයිදං භික්ඛවෙ, යොනිසොමනසිකාරසම්පදා. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති. අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT83. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ යෝනිසෝමනසිකාරසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැඹුරු වූ සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJT1. 8. 8.
Sinhala BJT1. 8. 8.
Pali BJTදුතිය කල්යාණමිත්තසුත්තං
Sinhala BJTදුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
Pali BJT84. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති, යථයිදං භික්ඛවෙ, කල්යාණමිත්තතා. කල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ, පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT84. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මේ කල්‍යාණ මිත්‍රත්‍වය යම් බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කලණ මිතුරන් ඇති මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි රාගවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට ද්වෙෂවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට මෝහවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට සම්‍යග්දෘෂ්ටිය වඩයි … සම්‍යග්සමාධිය වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
Pali BJT1. 8. 9.
Sinhala BJT1. 8. 9.
Pali BJTදුතිය සීලසුත්තං
Sinhala BJTදුතිය සීල සූත්‍රය
Pali BJT85. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති, යථයිදං භික්ඛවෙ, සීලසම්පදා. සීලසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT85. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ සිවුපිරිසිදු සීලය යම් බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, සිල්සපන් මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යි.
Pali BJT1. 8. 10.
Sinhala BJT1. 8. 10.
Pali BJTදුතිය ඡන්දසුත්තං
Sinhala BJTදුතිය ඡන්‍ද සූත්‍රය
Pali BJT86. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති, යථයිදං භික්ඛවෙ, ඡන්දසම්පදා. ඡන්දසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT86. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
Pali BJT1. 8. 11.
Sinhala BJT1. 8. 11.
Pali BJTදුතිය අත්තසුත්තං
Sinhala BJTදුතිය අත්ත සූත්‍රය
Pali BJT87. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති, යථයිදං භික්ඛවෙ, අත්තසම්පදා. අත්තසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT87. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ චිත්තසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
Pali BJT1. 8. 12.
Sinhala BJT1. 8. 12.
Pali BJTදුතිය දිට්ඨිසුත්තං
Sinhala BJTදුතිය දිට්ඨි සූත්‍රය
Pali BJT88. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති, යථයිදං භික්ඛවෙ, දිට්ඨිසම්පදා. දිට්ඨිසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT88. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ ඤාණසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො දකිමි. මහණෙනි, ඤාණසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
Pali BJT1. 8. 13.
Sinhala BJT1. 8. 13.
Pali BJTදුතිය අප්පමාදසුත්තං
Sinhala BJTදුතිය අප්පමාද සූත්‍රය
Pali BJT89. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති, යථයිදං භික්ඛවෙ, අප්පමාදසම්පදා. අප්පමාදසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT89. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ අප්‍රමාදසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, අප්‍රමාදසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
Pali BJT1. 8. 14.
Sinhala BJT1. 8. 14.
Pali BJTදුතිය යොනිසොසුත්තං
Sinhala BJTදුතිය යෝනිසෝ සූත්‍රය
Pali BJT90. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො උප්පජ්ජති, උප්පන්නො වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති, යථයිදං භික්ඛවෙ, යොනිසොමනසිකාරසම්පදා. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT90. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ යෝනිසෝමනසිකාරසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමකුදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ රාගවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට ද්වෙෂවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට මෝහවිනවිනයාගේ පර්‍ය්‍යාවසානය කොට සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJTදුතිය එකධම්මපෙය්යාලො
Sinhala BJTදුතිය ඒකධම්ම පෙය්‍යාල යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTකල්යාණමිත්තං සීලඤ්ච ඡන්දො ච අත්තසම්පදා දිට්ඨි ච අප්පමාදො ච යොනිසො භවති සත්තමන්ති.
Sinhala BJTකල්‍යාණමිත්ත, සීල, ඡන්‍ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍ර යුගල සයෙකි. යෝනිසෝ සූත්‍රයුගලය සත් වැනි වේ. (වර්‍ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.
Pali BJT9. ගඞ්ගාපෙය්යාලො
Sinhala BJT9. ගඞ්ගාපෙය්‍යාලය
Pali BJT1. 9. 1.
Sinhala BJT1. 9. 1.
Pali BJTපාචීනනින්නසුත්තං
Sinhala BJTපාචීනනින්න සූත්‍රය
Pali BJT91. සාවත්ථියං:
Sinhala BJT91. සැවැත්නුවර:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති, නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJTමහණෙනි යම්සේ ගංඟා නම් ගඟ පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගයට නැඹුරු වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගයට නැඹුරු වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මහණ මෙසේ අරිඅටමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 9. 2.
Sinhala BJT1. 9. 2.
Pali BJTදුතිය පාචීනනින්නසුත්තං
Sinhala BJTදුතිය පාචීනනින්න සූත්‍රය
Pali BJT92. සෙය්යථාපි භික්ඛවෙ, යමුනා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ -පෙ- නිබ්බාන පබ්භාරොති.
Sinhala BJT92. මහණෙනි, යම් සේ යමුනා ගඟ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 9. 3.
Sinhala BJT1. 9. 3.
Pali BJTතතිය පාචීනනින්නසුත්තං
Sinhala BJTතතිය පාචීනනින්න සූත්‍රය
Pali BJT93. සෙය්යථාපි භික්ඛවෙ, අචිරවතී නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බාන පබ්භාරොති.
Sinhala BJT93. මහණෙනි, යම් සේ අචිරවතී ගඟ පැදුම් දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා, පැදුම් දිගට බර වූවා වේ ද, මහණෙනි එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 9. 4.
Sinhala BJT1. 9. 4.
Pali BJTචතුත්ථ පාචීනනින්නසුත්තං
Sinhala BJTචතුත්‍ථ පාචීනනින්න සූත්‍රය
Pali BJT94. සෙය්යථාපි භික්ඛවෙ, සරභූ නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු -පෙ- නිබ්බාන පබ්භාරොති.
Sinhala BJT94. මහණෙනි, යම් සේ සරභූ ගඟ පැදුම් දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 9. 5.
Sinhala BJT1. 9. 5.