Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1101-1200 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTචත්තාරො ඛො, මෙ මහාරාජ දහරාති න උඤ්ඤාතබ්බා, දහරාති න පරිභොතබ්බා. කතමෙ චත්තාරො? ඛත්තියො ඛො මහාරාජ දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. උරගො ඛො මහාරාජ දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. අග්ගි ඛො මහාරාජ දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. භික්ඛු ඛො මහාරාජ දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. ඉමෙ ඛො මහාරාජ චත්තාරො දහරාති න උඤ්ඤාතබ්බා, දහරාති න පරිභොතබ්බාති.
Sinhala BJTමහරජ, මේ සිවු දෙනෙක් ලදරු හ යි අවමන් නො කට යුත්තාහ, ලදරු හ යි පරිභව නො කට යුත්තාහ. කවර සිවු දෙනෙක යත්: මහරජ, ක්‍ෂත්‍රිය තෙමේ ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, සර්‍පයා ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, ගිනි ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, මහණ ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, මේ සිවු දෙන ලදරු හ යි අවමන් නො කට යුත්තාහ, ලදරුහ යි පරිභව නො කට යුත්තාහ.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා{6} සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. තවද සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා ඉක්බිති අන්‍ය තෙල ගය ද වදාළ සේක.
Pali BJTඛත්තියං ජාතිසම්පන්නං අභිජාතං යසස්සිනං, දහරොති නාවජානෙය්ය න නං පරිභවෙ නරො.
Sinhala BJTමිනිස් තෙමේ ජාතිසම්පන්න වූ විශිෂ්ට කුලයෙහි උපන් යශස්වී වු කැත් කුමරා ලදරු ය යි අවමන් නො කරන්නේ ය. ඔහුට පරිභව ද නො කරනෙනේ ය.
Pali BJTඨානං හි සො මනුස්සින්දො{1} රජ්ජං ලද්ධාන ඛත්තියො සො කුද්ධො රාජදණ්ඩෙන තස්මිං පක්කමතෙ භුසං, තස්මා තං පරිවජ්ජෙය්ය රක්ඛං ජීවිතමත්තනො.
Sinhala BJTතව කරුණෙක් ඇත. මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ ඒ ක්‍ෂත්‍රිය තෙමේ රජය ලැබ කිපියේ (තමහට අවමන් කළ) ඔහු කෙරෙහි රාජදණ්ඩයෙන් අත්‍යර්‍ත්‍ථයෙන් උපක්‍රම කෙරේ. එහෙයින් තමදිවි රක්නේ ඔහු නො ගටන්නේ ය.
Pali BJTගාමෙ වා යදි වා, රඤ්ඤෙ යත්ථ පස්සෙ භුජඞ්ගමං, දහරොති නාවජානෙය්ය න නං පරිභවෙ නරො.
Sinhala BJTඉදින් මිනිස් තෙමේ ගම්හි හෝ අරණෙහි හෝ යම් තැනක සර්‍පයෙකු දක්නේ ද? ඔහු ලදරු ය යි අවමන් නො කරන්නේය. ඔහුට පරිභව ද නො කරනෙනේ ය.
Pali BJTඋච්චාවචෙහි වණ්ණෙහි උරගො චරති තෙජසී{2}, සො ආසජ්ජ ඩසෙ{3} බාලං නරං නාරිඤ්ච එකදා, තස්මා තං පරිවජ්ජෙය්ය රක්ඛං ජීවිතමත්තනො.
Sinhala BJTතේජස්වී වූ සර්‍ප තෙමේ නන් වැදෑරුම් වෙසින් හැසිරෙයි. හෙ කිසි විටෙක (තමන්ට අවමන්) අඥ පුරුෂයා හා ස්ත්‍රිය කරා පැමිණ දෂ්ට කරන්නේ ය. එහෙයින් තමදිවි රක්නේ ඔහු නො ගටන්නේ ය.
Pali BJTපහූතභක්ඛං ජාලිනං{4} පාවකං කණ්හවත්තනිං, දහරොති නාවමඤ්ඤෙය්ය න නං පරිභවෙ නරො.
Sinhala BJTප්‍රභුතභක්‍ෂා ඇති (බොහෝ දේ දවන) ගිනිදැල් ඇති කළුමග ඇති ගින්න ලදරු ය යි අවමන් නො කරන්නේය. මිනිස් තෙමේ ඊට පරිභව ද නො කරනෙනේ ය.
Pali BJTලද්ධා හි සො උපාදානං මහා හුත්වාන පාවකො, සො ආසජ්ජ ඩසෙ බාලං නරං නාරිඤ්ච එකදා, තස්මා තං පරිවජ්ජෙය්ය රක්ඛං ජීවිතමත්තනො.
Sinhala BJTඒ ගින්න පසයන් ලැබ විශාල ව ඇතැම් විටෙක (තමන්ට අවමන් කළ) අඥ පුරුෂයා හා ස්ත්‍රිය කරා පැමිණ ඩැහැ ගන්නේ ය. එහෙයින් තම දිවි රක්නේ එය නො ගටන්නේ ය.
Pali BJTවනං යදග්ගි ඩහති පාවකො කණ්හවත්තනී, ජායන්ති තත්ථ පාරොහා අහොරත්තානමච්චයෙ.
Sinhala BJTකළුමග ඇති පාවක නම් වූ ගින්න යම් වනයක් ඩැහැගන්නේ ද, දවරැය ඉක්ම ගිය කල්හි එහි ප්‍රරෝහයෝ (මුලින් නගින අකුරු) හට ගණිත්.
Pali BJTයං ච ඛො සීලසම්පන්නො භික්ඛු ඩහති තෙජසා, න තස්ස පුත්තා පසවො දායාදා වින්දරෙ ධනං, අනපච්චා අදායාදා තාලාවත්ථු{5} භවන්ති තෙ.
Sinhala BJTසිල්වත් මහණෙක් තෙදින් යමකු දවා ද? ඔහුට පුත්‍රයෝ ද සිවුපාවෝ ද නො වෙත්. දායාදයෝ ධනය නො ලබත්. (මෙසේ) ඔහු දරුවන් නැත්තාහු දායාදයන් නැත්තාහු මුදුන සුන් තල්රුක්බඳු වෙත්.
Pali BJTතස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො භුජඞ්ගමං පාවකඤ්ච ඛත්තියඤ්ච යසස්සිනං, භික්ඛුං ච සීලසම්පන්නං සම්මදෙව සමාචරෙති.
Sinhala BJTඑහෙයින් නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ සර්‍පයා ද, ගිනි ද, කීර්තිමත් ක්‍ෂත්‍රියයා ද, සිල්වත් මහණහු ද මැනවින් ම ඇසුරු කරන්නේ ය.
Pali BJTඑවං වුත්තෙ රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති.{6} එවමෙවං{7} භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භන්තෙ භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය: වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. වහන්ස, යම්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහු ය යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් දහම් පවසන ලදී, වහන්ස, මේ මම භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් කොට තෙරුවන් සරණ ගිය මා උපාසකයෙකු කොට දරණ සේක්වා යි.
Pali BJT3. 1. 2.
Sinhala BJT3. 1. 2.
Pali BJTපුරිසසුත්තං.
Sinhala BJTපුරිස සූත්‍රය
Pali BJT113. සාවත්ථියං–
Sinhala BJT113. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: කති නු ඛො භන්තෙ පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරායාති?
Sinhala BJTඑකල්හි පසේනදී කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, කෙතෙක් ධර්‍මයෝ පුරුෂයාගේ සිය සතන්හි රසදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත් දැ” යි තෙල සැළ කළේ ය.
Pali BJTතයො ඛො මහාරාජ පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො? ලොභො ඛො මහාරාජ පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. මොහො ඛො මහාරාජ පුරිසස්ස ධම්මො අජ්ඣත්තං උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ තයො පුරිසස්ස ධම්මා අජ්ඣත්තං උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරායාති.
Sinhala BJTමහරජ, දහම්හු තිදෙනෙක් පුරුෂයාගේ සිය සතන්හි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත්. කවර තිදෙනෙක යත්: මහරජ, ලෝභය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, ද්වේෂය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මෝහය පුරුෂයාගේ සිය සතන්හි උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මේ දහම්හු තුන්දෙන පුරුෂයාගේ සිය සතන්හි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදිත්.
Pali BJTලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසං, හිංසන්ති අත්තසම්භූතා තචසාරංව සම්ඵල{1}න්ති
Sinhala BJTලෝභය ද ද්වේෂය ද මෝහය ද සිය සතන්හි හටගත්තාහු ළමු අදහස් ඇති පුරුෂයා සිය ඵලය (හුණ බට ආදී) පොතුහර ගසක් පෙළෙන්නාක් මෙන් පෙළත්.
Pali BJT3. 1. 3.
Sinhala BJT3. 1. 3.
Pali BJTරාජසුත්තං.
Sinhala BJTරාජ සූත්‍රය
Pali BJT114. සාවත්ථියං–
Sinhala BJT114. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: අත්ථි නු ඛො භන්තෙ ජාතස්ස අඤ්ඤත්ර ජරාමරණා{2}ති?
Sinhala BJTඑකත්පසෙක සිටි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, උපන්නහුට ජරාමරණ හැර අනෙකෙක් ඇද්දැ” යි තෙල සැළ කළේ ය.
Pali BJTනත්ථි ඛො මහාරාජ ජාතස්ස අඤ්ඤත්ර ජරාමරණා. යෙපි තෙ මහාරාජ ඛත්තියමහාසාලා අඩ්ඪා{3} මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා. තෙසම්පි ජාතානං නත්ථි අඤ්ඤත්ර ජරාමරණා. යෙපි තෙ මහාරාජ බ්රාහ්මණමහාසාලා -පෙ- යෙපි තෙ මහාරාජ ගහපතිමහාසාලා අඩ්ඪා මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා. තෙසම්පි ජාතානං නත්ථි අඤ්ඤත්ර ජරාමරණා. යෙපි තෙ මහාරාජ භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤාවිමුත්තා. තෙසම්පායං කායො භෙදනධම්මො නික්ඛෙපනධම්මොති.
Sinhala BJTමහරජ, උපන්නහුට ජරාමරණ හැර අනෙකෙක් නැත. මහරජ, ආඪ්‍ය වූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ විතී හා උවරණ (චස්තුපකරණ) බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කෙනෙකුත් වෙද්ද: උපන් ඔවුන ට ද ජරාමරණ හැර අනෙකෙක් නැත. මහරජ, යම් ඒ බමුණුමහසල් කෙනෙකුත් වෙද්ද? … මහරජ, ආඪ්‍ය වු මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ චස්තුපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති ගැහැවිමහසල් කෙනෙකුත් වෙද්ද? උපන් ඔවුන්ට ද ජරාමරණ හැර අනෙකෙක් නැත. මහරජ, රහත් වූ ක්‍ෂය කළ ආස්‍රවයන් ඇති මගබඹසර වැස නිම වූ කළ සිවුමග කිස ඇති බහා තැබූ කෙලෙස් බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුනු යම් රහත් මහණ කෙනෙකුත් වෙද්ද? ඔවුන්ගේ ද මේ කය බිඳෙන ස්වභාව ඇත්තේ ය. බැහැර ලිය යුතු ස්වභාව ඇත්තේ ය යි.
Pali BJTජීරන්ති වෙ රාජරථා සුචිත්තා අථො සරීරම්පි ජරං උපෙති, සතඤ්ච ධම්මො න ජරං උපෙති සන්තො හවෙ සබ්භි පවෙදයන්ති.
Sinhala BJTවිසිතුරු වූ රාජ රථයෝ ඒකාන්තයෙන් දිරත්. තවද සිරුර ද දිරීමට පැමිණේ. සත්පුරුෂයන්ගේ ධර්‍මය දිරීමට නො පැමිණේ. සත්පුරුෂයෝ ඒකාන්තයෙන් සත්පුරුෂයන් සමග මෙසේ ප්‍රකාශ කෙරෙත්.
Pali BJT3. 1. 4.
Sinhala BJT3. 1. 4.
Pali BJTපියසුත්තං
Sinhala BJTපිය සූත්‍රය
Pali BJT115. සාවත්ථියං–
Sinhala BJT115. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස{4} එවං චෙතසො පරිවිතක්කො උදපාදි: කෙසං නු ඛො පියො අත්තා, කෙසං අප්පියො අත්තාති.
Sinhala BJTඑකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත වූ එකලාව හුන් මාගේ සිත්හි “කිනම් කෙනකුන්ට තෙමේ ප්‍රිය” වේ ද? කිනම් කෙනකුන්ට තෙමේ අප්‍රිය වේ දැ? යි මෙබඳු විතර්‍කයෙක් පහළ විය.
Pali BJTතස්ස මය්හං භන්තෙ, එතදහොසි: යෙ ච ඛො කෙචි කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති, තෙසං අප්පියො අත්තා, කිඤ්චාපි තෙ එවං වදෙය්යුං “පියො නො අත්තා”ති, අථ ඛො තෙසං අප්පියො අත්තා. තං කිස්ස හෙතු: යං හි අප්පියො අප්පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති. තස්මා තෙසං අප්පියො අත්තා.
Sinhala BJTවහන්ස, ඒ මට තෙල අදහස විය: යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙත් ද, වචනයෙන් දුසිරිත් කෙරෙත් ද, සිතින් දුසිරිත් කෙරෙත් ද, ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ඔවුන් “අපට තෙමේ ප්‍රිය ය”යි මෙසේ කියතුදු වැලිත් ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ඒ කවර හෙයින් යත්: අප්‍රිය නැතැත්තේ අප්‍රිරියයාට යමක් කරන්නේ ඔහු එය තුමූ ම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ අප්‍රිය ය.
Pali BJTයෙ ච ඛො කෙචි කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, තෙසං පියො අත්තා, කිඤ්චාපි තෙ එවං වදෙය්යුං “අප්පියො නො අත්තාති” අථ ඛො තෙසං පියො අත්තා. තං කිස්ස හෙතු: යං හි පියො පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති. තස්මා තෙසං පියො අත්තා.
Sinhala BJTයම් කෙනෙක් කයින් සුසිරිත් කෙරෙත් ද, වචනයෙන් සුසිරිත් කෙරෙත් ද, සිතින් සුසිරිත් කෙරෙත් ද, ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ඔහු “අපට තෙමේ අප්‍රිය ය”යි මෙසේ කියන්නාහු නමුදු, වැලිත් ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ඒ කවර හෙයින් යත්: ප්‍රිය නැතැත්තේ ප්‍රියයාට යමක් කරන්නේ නම් ඔහු එය තුමූ ම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ ප්‍රිය ය.
Pali BJTඑවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, යෙ හි කෙචි මහාරාජ, කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති, තෙසං අප්පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්යුං, “පියො නො අත්තා”ති. අථ ඛො තෙසං අප්පියො අත්තා. තං කිස්ස හෙතු: යං හි මහාරාජ, අප්පියො අප්පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති. තස්මා තෙසං අප්පියො අත්තා.
Sinhala BJTමහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙත් ද, වචනයෙන් දුසිරිත් කෙරෙත් ද, සිතින් දුසිරිත් කෙරෙත් ද, ඔවුන්ට තෙමේ අප්‍රිය ය. කිසිසෙයෙකින් ඔහු “අපට තෙමේ ප්‍රිය ය”යි මෙසේ කියන්නාහු නමුදු, ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ඒ කවර හෙයින යත්: මහරජ, අප්‍රිය නැතැත්තේ අප්‍රිරියයාට යමක් කරන්නේ නම් ඔහු එය තුමූ ම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ අප්‍රිය ය.
Pali BJTයෙ ච ඛො කෙචි මහාරාජ, කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, තෙසං පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්යුං “අප්පියො නො අත්තාති”, අථ ඛො තෙසං පියො අත්තා. තං කිස්ස හෙතු: යං හි මහාරාජ, පියො පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති. තස්මා තෙසං පියො අත්තාති.
Sinhala BJTමහරජ, යම් කිසි කෙනෙක් කයින් සුසිරිත් කෙරෙද්ද, වචනයෙන් සුසිරිත් කෙරෙද්ද, සිතින් සුසිරිත් කෙරෙද්ද, ඔවුන්ට තෙමේ ප්‍රිය ය. කිසිසේ ඔහු “අපට තෙමේ අප්‍රිය ය”යි මෙසේ කියන්නාහු නමුදු, වැලිත් ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ඒ කවර හෙයින යත්: මහරජ, ප්‍රිය නැතැත්තේ ප්‍රියයාට යමක් කෙරේ නම් ඔහු එය තුමූ ම තමන්ට කෙරෙත්. එහෙයින් තෙමේ තමන්ට ප්‍රිය ය.
Pali BJTඅත්තානං චෙ පියං ජඤ්ඤා න නං පාපෙන සංයුජෙ, න හි තං සුලභං හොති සුඛං දුක්කත{1}කාරිනා.
Sinhala BJTඉදින් ‘ආත්මය ප්‍රිය ය’ යි දන්නේ නම් ඒ ආත්මය පව හා නො යොදන්නේ ය. පව් කරන්නහු විසින් ඒ සුවය සුව සේ නො ලද හැකි ය.
Pali BJTඅන්තකෙනාධිපන්නස්ස ජහතො මානුසං භවං, කිං හි තස්ස සකං හොති කිඤ්ච ආදාය ගච්ඡති, කිඤ්චස්ස අනුගං හොති ඡායාව අනපායිනී?{2}.
Sinhala BJTමරුවා විසින් වැතිරෙන ලද, මිනිස්භවය හැර දමන ඔහුට කිමෙක් තමන්ගේ වේ ද? කිමෙක් රැගෙණ යේ ද? වෙන් නො වන සෙවනැල්ල මෙන් කිමෙක් ඔහු අනු ව යන්නේ වේ ද?
Pali BJTඋභො පුඤ්ඤඤ්ච පාපඤ්ච යං මච්චො කුරුතෙ ඉධ, තං හි තස්ස සකං හොති තඤ්ච{3} ආදාය ගච්ඡති, තං චස්ස{4} අනුගං හොති ඡායාව අනපායිනී. තස්මා කරෙය්ය කල්යාණං නිචයං සම්පරායිකං, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.
Sinhala BJTමිනිස් තෙමේ මෙලෙව්හි යම් පින්පව් දෙකක් කෙරේ ද, එය ඔහුට සිය දෑ වෙයි. එය ම රැගෙණ යෙයි. වෙන් නො වන සෙවනැල්ල මෙන් එය ම ඔහු අනු ව යන්නේ වෙයි. එහෙයින් පරලොවට හිත දෑ රැස් කරන්නේ පින් කරන්නේ ය. පින් පරලෙව්හි දී සත්‍වයන්ට පිහිට වෙයි.
Pali BJT3. 1. 5.
Sinhala BJT3. 1. 5.
Pali BJTඅත්තරක්ඛිතසුත්තං
Sinhala BJTඅත්තරක්ඛිත සූත්‍රය
Pali BJT116. සාවත්ථියං–
Sinhala BJT116. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “කෙසං නු ඛො රක්ඛිතො අත්තා, කෙසං අරක්ඛිතො අත්තා”ති.
Sinhala BJTඑකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත වූ එකලාව හුන් මගේ සිත්හි “කවුරුන් විසින් ආත්මය රක්නා ලද්දේ ද, කවුරුන් විසින් ආත්මය නො රක්නා ලද්දේ දැ?” යි මෙබඳු විතර්‍කයෙක් පහළ විය.
Pali BJTතස්ස මය්හං භන්තෙ, එතදහොසි: යෙ ඛො{1} කෙචි කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති, තෙසං අරක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ හත්ථිකායො වා රක්ඛෙය්ය, අස්සකායො වා රක්ඛෙය්ය, රථකායො වා රක්ඛෙය්ය, පත්තිකායො වා රක්ඛෙය්ය, අථ ඛො තෙසං අරක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු: බාහිරා හෙසා රක්ඛා, නෙසා රක්ඛා අජ්ඣත්තිකා. තස්මා තෙසං අරක්ඛිතො අත්තා. යෙ ච ඛො කෙචි කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති, තෙසං රක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ නෙව හත්ථිකායො රක්ඛෙය්ය, න අස්සකායො රක්ඛෙය්ය, න රථකායො රක්ඛෙය්ය, න පත්තිකායො රක්ඛෙය්ය, අථ ඛො තෙසං රක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු: අජ්ඣත්තිකා හෙසා රක්ඛා, නෙසා රක්ඛා බාහිරා. තස්මා තෙසං රක්ඛිතො අත්තාති.
Sinhala BJTවහන්ස, ඒ මට මේ අදහස් විය: යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙද් ද, වචනයෙන් දුසිරිත් කෙරෙද් ද, සිතින් දුසිරිත් කෙරෙද්ද, ඔවුන් විසින් තෙමේ නොරක්නා ලද්දේ ය. කිසිසේ ඔවුන් ඇත්මුළු හෝ රක්නේ නම්, අස්කැල හෝ රක්නේ නම්, රියපෙල හෝ රක්නේ නම්, පාබළ සෙනඟ හෝ රක්නේ නම්, වැලිත් ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. ඒ කවරහෙයින: මේ රැක්ම බැහැර ය. මේ රැක්ම ඇතුළත නො වේ. එහෙයින් ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. යම් කිසි කෙනෙක් කයින් සුසිරිත් කෙරෙද් ද, වචනයෙන් සුසිරිත් කෙරෙද්ද, සිතින් සුසිරිත් කෙරෙද්ද, ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය. කිසිසේසෙයකින් ඔවුන් ඇත් මුළ නො ම රක්නේ නම්, අස්කැල නො ම රක්නේ නම්, රියපෙල නො ම රක්නේ නම්, පාබලසෙනඟ නො ම රක්නේ නම්’ වැලිත් ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය. ඒ කවරහෙයින: මේ රැක්ම ඇතුළත ය, මේ රැක්ම බැහැර නො වේ. එහෙයින් ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය.
Pali BJTඑවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, යෙ හි කෙචි මහාරාජ, කායෙන දුච්චරිතං චරන්ති -පෙ- තෙසං අරක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ හත්ථිකායො වා රක්ඛෙය්ය, -පෙ- පත්තිකායො වා රක්ඛෙය්ය, අථ ඛො තෙසං අරක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු: බාහිරා හෙසා මහාරාජ රක්ඛා, නෙසා රක්ඛා අජ්ඣත්තිකා. තස්මා තෙසං අරක්ඛිතො අත්තා. යෙ ච ඛො කෙචි මහාරාජ, කායෙන සුචරිතං චරන්ති, -පෙ- මනසා සුචරිතං චරන්ති, තෙසං රක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ නෙව හත්ථිකායො රක්ඛෙය්ය, -පෙ- න පත්තිකායො රක්ඛෙය්ය, අථ ඛො තෙසං රක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු: අජ්ඣත්තිකා හෙසා මහාරාජ, රක්ඛා, නෙසා රක්ඛා බාහිරා. තස්මා තෙසං රක්ඛිතො අත්තාති.
Sinhala BJTමහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙද් ද,... ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. කිසිසේත් ඔවුන් ඇත්මුළ හෝ රක්නේ ද, ... පාබලසෙනඟ හෝ රක්නේ නම් වැලිත් ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. ඒ කවර හෙයින: මහරජ, මේ රැක්ම බැහැර ය. මේ රැක්ම ඇතුළත නො වේ. එහෙයින් ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. මහරජ, යම් කිසි කෙනෙක් කයින් සුසිරිත් කෙරෙත් ද, ... සිතින් සුසිරිත් කෙරෙද් ද, ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය. කිසි සේත් ඔවුන් ඇත් සෙනඟ නො ම රක්නේ නම්, … පාබලසෙනඟ නො ම රක්නේ නම් එහෙත් ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය. ඒ කවරහෙයින: මහරජ, මේ රැක්ම ඇතුළත ය, මේ රැක්ම බැහැර නො වේ. එහෙයින් ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය.
Pali BJTකායෙන සංවරො සාධු සාධු වාචාය සංවරො, මනසා සංවරො සාධු සාධු සබ්බත්ථ සංවරො, සබ්බත්ථ සංවුතො ලජ්ජී රක්ඛිතොති පවුච්චතීති.
Sinhala BJTකයින් සංවරය මැනවි. වචනයෙන් සංවරය මැනවි. සිතින් සංවරය මැනවි. හැම තන්හි සංවරය මැනවි. හැම තන්හි සංවෘත වූ ලජ්ජා ඇත්තේ රැකුනේ ය යි කියනු ලැබේ.
Pali BJT3. 1. 6.
Sinhala BJT3. 1. 6.
Pali BJTඅප්පකාසුත්තං.
Sinhala BJTඅප්පකා සූත්‍රය
Pali BJT117. සාවත්ථියං–
Sinhala BJT117. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “අප්පකා තෙ සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා න චෙව මජ්ජන්ති, න ච පමජ්ජන්ති, න ච කාමෙසු ගෙධං ආපජ්ජන්ති, න ච සත්තෙසු විප්පටිපජ්ජන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා මජ්ජන්ති චෙව පමජ්ජන්ති ච, කාමෙසු ච ගෙධං ආපජ්ජන්ති, සත්තෙසු ච විප්පටිපජ්ජන්තී”ති.
Sinhala BJTඑකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත ව එකලා ව හුන් මගේ සිත්හි මෙබඳු විතර්‍කයෙක් පහළ විය. යම් කෙනෙක් ප්‍රණීත වූත් බොහෝ වූත් මහත් මහත් භෝගයන් ලැබ නො ම මත් වෙත් ද, නො ම පමා වෙත් ද, කාමයන්හි ගිජුබවටත් නො ද පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් වරදවා නො පිළිපදිද්ද, ඒ සත්‍වයෝ ලොව ස්වල්පයහ. වැලිදු යම් කෙනෙක් ප්‍රණීත වූත් බොහෝ වූත් මහත් මහත් භෝගයන් ලැබ මත් වෙත් ද, පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවටත් පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් වරදවා පිළිපදිද්ද, මේ සත්‍වයෝ ම ලොව ඉතා බොහෝහ.
Pali BJTඑවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, අප්පකා තෙ මහාරාජ, සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා න චෙව මජ්ජන්ති, න ච පමජ්ජන්ති, න ච කාමෙසු ගෙධං ආපජ්ජන්ති, න ච සත්තෙසු විප්පටිපජ්ජන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා මජ්ජන්ති චෙව පමජ්ජන්ති ච, කාමෙසු ච ගෙධං ආපජ්ජන්ති, සත්තෙසු ච විප්පටිපජ්ජන්තීති.
Sinhala BJTමහරජ, එසේ ය. මහරජ, එසේ ය. මහරජ, යම් කෙනෙක් ප්‍රණීතවූත් බොහෝ වූත් තෙල මහත් මහත් භෝගයන් ලැබ නො ම මත් වෙද්ද, නො ම පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවට නො ද මහත් මහත් පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් නො ද වරදවා පිළිපදිද් ද, ඒ සත්‍වයෝ ලොව ඉතා ස්වල්පයහ. වැලිදු යම් කෙනෙක් ප්‍රණීත වූත් බොහෝ වූත් භෝගයන් ලැබ මත් වෙද්ද, පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවටත් පැමිණෙත් ද, සතුන් කෙරෙහිත් වරදවා පිළිපදිද්ද, ඒ සත්‍වයෝ ම ලොව ඉතා බොහෝහ.
Pali BJTසාරත්තා කාමභොගෙසු ගිද්ධා කාමෙසු මුච්ඡිතා, අතිසාරං න බුජ්ඣන්ති මිගා කූටංව ඔඩ්ඩිතං, පච්ඡාසං කටුකං හොති විපාකො හිස්ස පාපකොති.
Sinhala BJTකාමවස්තූන්හි ඇලුනු කාමයන්හි ගිජු වූ මුසපත් වූ සත්‍වයෝ කුසල් සීමාව ඉක්ම යෑම නො දනිත්. දමන ලද පාසය නො දන්නා මුවන් මෙනි. පසු ව ඔවුන්ට දුක වෙයි. එහි විපාකය ඒකාන්තයෙන් ලාමක ය යි.
Pali BJT3. 1. 7.
Sinhala BJT3. 1. 7.
Pali BJTඅත්ථකරණසුත්තං.{1}
Sinhala BJTඅත්‍ථකරණ සූත්‍රය
Pali BJT118. සාවත්ථියං–
Sinhala BJT118. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ අත්ථකරණෙ නිසින්නො පස්සාමි ඛත්තියමහාසාලෙපි බ්රාහ්මණමහාසාලෙපි ගහපතිමහාසාලෙපි අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං සම්පජානමුසා භාසන්තෙ. තස්ස මය්හං භන්තෙ එතදහොසි: අලන්දානි මෙ අත්ථකරණෙන, භද්රමුඛොදානි අත්ථකරණෙ න පඤ්ඤායිස්සතීති.
Sinhala BJTඑකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස: මෙහි මම විනිශ්චයාසනයෙහි හුන්නෙම් අඪ්‍ය වූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වූ මනවඩන දෑ ඇති බොහෝ ධනධ්‍යාන ඇති කැත් මහසලුන් ද, බමුණු මහසලුන් ද, ගැහැවි මහසලුන් ද කාමයන් හේතු කොට ගෙණ කාමයන් නිදාන කොට ගෙණ කාමයන් කරුණු කොට ගෙණ දැන දැන මුසා බණන්නවුන් දකිමි. වහන්ස, ඒ මට “දන් මා විසින් නඩු විසඳීමෙන් කම් නැත. දැන් නඩුහලෙහි සොඳුරුමුව ඇත්තෙක් නො පෙණේ ය” යි මේ අදහස විය.
Pali BJT{*}යෙ පි තෙ මහාරාජ ඛත්තියමහාසාලා බ්රාහ්මණමහාසාලා ගහපති මහාසාලා අඩ්ඪා මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා කාමහෙතු කාමනිදානං කාමාධිකරණං සම්පජානමුසා භාසන්ති, තෙසං තං භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛායාති.
Sinhala BJTමහරජ අඪ්‍යවූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ වූ රන්රිදී ඇති බොහෝ වූ මනවඩන වස්තූපකරණ ඇති බොහෝ වූ ධනධ්‍යාන ඇති යම් ඒ කැත්මහසල්ලුත්, බමුණු මහසල්ලුත්, ගැහැවි මහසල්ලුත් කාමයන් හේතු කොට ගෙණ කාමයන් නිදාන කොට ගෙණ කාමයන් කරුණු කොට ගෙණ දැන දැන මුසා බෙණෙද්ද, ඔවුන්ට එය බොහෝ කලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය.
Pali BJTසාරත්තා කාමභොගෙසු ගිද්ධා කාමෙසු මුච්ඡිතා, අතිසාරං න බුජ්ඣන්ති මච්ඡා ඛිපං{2}ව ඔඩ්ඩිතං, පච්ඡාසං කටුකං හොති විපාකො හිස්ස පාපකොති.
Sinhala BJTකාමවස්තූන්හි ඇලුනු කාමයන්හි ගිජු වූ මුසපත් වූ සත්‍වයෝ කුසල් ඉම ඉක්ම යෑම නො දනිත්. අටවන ලද කෙමිනට තමන් වදනා බව නො දන්නා මසුන් මෙනි. පසු ව ඔවුන්ට දුක වේ. එහි විපාකය ඒකාන්තයෙන් ලාමක ය.
Pali BJT3. 1. 8.
Sinhala BJT3. 1. 8.
Pali BJTමල්ලිකාසුත්තං.
Sinhala BJTමල්ලිකා සූත්‍රය
Pali BJT119. සාවත්ථියං–
Sinhala BJT119. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො මල්ලිකං දෙවිං එතදවොච: අත්ථි නු ඛො තෙ මල්ලිකෙ කො චඤ්ඤො අත්තනා පියතරොති?
Sinhala BJTඑකල්හි පසේනදි කොසොල් රජ මල්ලිකාදේවිය සමග උතුම් පහයෙහි මතුමහලට ගියේ වෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ මල්ලිකා දේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ” යි තෙල කී ය.
Pali BJTනත්ථි ඛො මෙ මහාරාජ කො චඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන මහාරාජ අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරොති? මය්හම්පි ඛො මල්ලිකෙ නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරොති.
Sinhala BJTමහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට නැත. මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්ද? මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට ද නැත.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො පාසාදා ඔරොහිත්වා{1} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො මල්ලිකං දෙවිං එතදවොචං: “අත්ථි නු ඛො තෙ මල්ලිකෙ කො චඤ්ඤො අත්තනා පියතරො”ති. එවං වුත්තෙ භන්තෙ මල්ලිකාදෙවී මං එතදවොච: “නත්ථි ඛො මෙ මහාරාජ කො චඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන මහාරාජ අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො”ති. එවං වුත්තාහං භන්තෙ මල්ලිකං දෙවිං එතදවොචං. “මය්හම්පි ඛො මල්ලිකෙ නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරොති.
Sinhala BJTඉක්බිති පසේනදි කොසොල්රජ පහයෙන් බැස භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස, මෙහි මම මල්ලිකාදේවිය සමග උතුම් පහාතලමත අරා සිටියෙම් මල්ලිකාදේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ”යි තෙල කීමි. වහන්ස, මෙසේ කී කල්හි මල්ලිකා දේවිය මට “මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට නැත. මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ” යි තෙල බස් කිවු ය. වහන්ස, මෙසේ කියන ලද මම මල්ලිකාදේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මටත් නැතැ”යි තෙල කීයෙමි.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාව වදාළ සේක:
Pali BJTසබ්බා දිසා අනුපරිගම්ම චෙතසා නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි, එවං පියො පුථු අත්තා පරෙසං තස්මා න හිංසෙ පරං අත්තකාමොති.{2}
Sinhala BJTසියලු දිගුන් සිතින් අනුගමනය කොට තමහට වඩා ඉතා ප්‍රිය වූවකු කිසි තැනෙක නො ම ලදිමි. මෙසේ අන් බොහෝ දෙනාට ද තෙමේ ප්‍රිය ය. එහෙයින් තමහට වැඩ කැමැත්තේ මෙරමා නො පෙළන්නේ ය.
Pali BJT3. 1. 9.
Sinhala BJT3. 1. 9.
Pali BJTයඤ්ඤසුත්තං.
Sinhala BJTයඤ්ඤ සූත්‍රය
Pali BJT120. සාවත්ථියං–
Sinhala BJT120. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස{3} කොසලස්ස මහායඤ්ඤො පච්චුපට්ඨිතො හොති. පඤ්ච ච උසභසතානි පඤ්ච ච වච්ඡතරසතානි පඤ්ච ච වච්ඡතරීසතානි පඤ්ච ච අජසතානි පඤ්ච ච උරබ්භසතානි ථූණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය. යෙ පිස්ස තෙ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්ති.
Sinhala BJTඑකල්හි පසේනදි කොසොල් රජහට මහායාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියක් ගොන්නු ද, පන්සියක් නහඹුහු ද, පන්සියක් නැහැඹියෝද, පන්සියක් එළුවෝ ද, පන්සියක් තිරෙළුවෝ ද යාගය පිණිස ටැඹ ඇරැ බඳනා ලද්දාහු වෙත්. ඔහුගේ දාසයෝ ය කියා හෝ දූතයෝ ය කියා හෝ කම්කරුවෝය කියා හෝ යම් ඒ කෙනෙක් වෙත්නම් ඔහුත් දඬුවමින් තැති ගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුළු වැකුනු මුහුණු ඇත්තාහු අඬමින් පිරියම් කෙරෙත්.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු.{4} සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ, රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස මහායඤ්ඤො පච්චුපට්ඨිතො හොති, පඤ්ච ච උසභසතානි පඤ්ච ච වච්ඡතරසතානි පඤ්ච ච වච්ඡතරීසතානි{5} පඤ්ච ච අජසතානි පඤ්ච ච උරබ්භසතානි ථූණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය. යෙපිස්ස භන්තෙ{6} තෙ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්තීති.
Sinhala BJTඉක්බිති බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවර පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ. වහන්ස, මෙහි පසේනදි කොසොල් රජහට මහායාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියක් ගොන්නු ද, පන්සියක් නහඹු වස්සෝ ද, පන්සියක් නහඹු වැස්සෝ ද, පන්සියක් එළුවෝ ද, පන්සියක් ලදරු මැඬහු ද යාගය පිණිස ටැඹ ඇරැ බඳන ලදුවෝ වෙත්. ඔහුගේ දාසයෝ ය කියා හෝ දූතයෝ ය කියා හෝ කම්කරුවෝය කියා හෝ යම් ඒ කෙනෙක් වෙත් නම් ඔහුත් දඬුවමින් තැති ගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුලු වැකුනු මුහුණු ඇත්තාහු හඬමින් පිරියම් කෙරෙත්.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාවන් වදාළ සේක:
Pali BJTඅස්සමෙධං පුරිසමෙධං සම්මාපාසං වාජපෙය්යං නිරග්ගලං, මහායඤ්ඤා මහාරම්භා{1} න තෙ හොන්ති මහප්ඵලා.
Sinhala BJTඅස්සමේධ ය, පුරිසමේධ ය, සම්මාපාස ය, වාජපෙය්‍ය ය, නිරග්ගල ය යන (කෘත්‍ය වශයෙන්) මහත් ආරම්භ ඇති ඒ මහායාගයෝ මහත්ඵල නො වෙත්.
Pali BJTඅජෙළකා ච ගාවො ච විවිධා යත්ථ හඤ්ඤරෙ, න තං සම්මග්ගතා යඤ්ඤං උපයන්ති මහෙසිනො.
Sinhala BJTයම් යාගයක් නන්වැදෑරුම් වූ එළුතිරෙළුවෝ ද, ගෙරිහු ද නසන ලැබෙත් නම් ඒ යාගයට සම්‍යක්ප්‍රතිපන්න වූ බුද්ධාදි මහර්ෂීහු නො පැමිණෙත්.
Pali BJTයෙ ච යඤ්ඤා නිරාරම්භා යජන්ති අනුකුලං{2} සදා, අජෙළකා ච ගාවො ච විවිධා නෙත්ථ හඤ්ඤරෙ
Sinhala BJTයම් යාග කෙනෙක් අල්පාරම්හ ඇත්තාහු ද, (එබඳු යාගයන්) කුලයක් පාසා හැම කල්හි කෙරෙත්. මෙහි නන්වැදෑරුම් වූ එළුතිරෙළුවෝ ද, ගෙරිහු ද නො නසනු ලැබෙත්.
Pali BJTඑතං සම්මග්ගතා යඤ්ඤං උපයන්ති මහෙසිනො, එතං යජෙථ මෙධාවී එසො යඤ්ඤො මහප්ඵලො.
Sinhala BJTසම්‍යක්ප්‍රතිපන්න වූ බුද්ධාදි මහර්ෂීහු මේ යාගයට පැමිණෙත්. නුවණැත්තේ තෙල යාගය කරන්නේ ය. තෙල යාගය මහත්ඵල ය.
Pali BJTඑතං හි යජමානස්ස සෙය්යො හොති න පාපියො, යඤ්ඤො ච විපුලො හොති පසීදන්ති ච දෙවතාති.
Sinhala BJTතෙල යාගය කරන්නහුට වැඩීමෙක් වේ. පිරිහීමෙක් නො වේ. යාගය ද විපුල වේ, දෙවියෝත් පහදිති.
Pali BJT3. 1. 10.
Sinhala BJT3. 1. 10.
Pali BJTබන්ධනසුත්තං.
Sinhala BJTබන්‍ධන සූත්‍රය
Pali BJT121. සාවත්ථියං–
Sinhala BJT121. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන රඤ්ඤා පසෙනදි{3}කොසලෙන මහාජනකායො බන්ධාපිතො හොති, අප්පෙකච්චෙ රජ්ජූහි අප්පෙකච්චෙ අන්දූහි අප්පෙකච්චෙ සඞ්ඛලිකාහි.
Sinhala BJTඑකල්හි පසේනදි කොසොල් රජු විසින් ඇතැම්හු රැහැණින් ද, ඇතැම්හු යදමින් ද, ඇතැම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු වෙත්.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ රඤ්ඤා පසෙනදිකොසලෙන මහාජනකායො බන්ධාපිතො අප්පෙකච්චෙ රජ්ජූහි අප්පෙකච්චෙ අන්දූහි අප්පෙකච්චෙ සඞ්ඛලිකාහීති.
Sinhala BJTඑකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි පසේනදි කොසොල්රජු විසින් ඇතැම්හු රැහැණින් ද, ඇතැම්හු යදමින් ද, ඇතැම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු ය” යි තෙල සැළ කළහ.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාවන් වදාළ සේක.
Pali BJTන තං දළ්හං බන්ධනමාහු ධීරා යදායසං දාරුජං බබ්බජඤ්ච,{4} සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා.
Sinhala BJTයමුවා වූ ද දැවමුවා වූ ද බබුස්තණමුවා වූ ද යම් බන්‍ධනයෙක් වේ ද, ඒ බන්‍ධනය දැඩි ය යි ප්‍රාඥයෝ නො කියත්. මිණිකොඬොල්හි ද දරුවන් කෙරෙහි ද අඹුවන් කෙරෙහි ද දැඩිඇලුමින් ඇලුනු යම් අපේක්‍ෂායෙක් වේ ද,
Pali BJTඑතං දළ්හං බන්ධනමාහු ධීරා ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං, එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනො කාම සුඛං පහායාති.
Sinhala BJTයට (=සිවු අපායට) ඇද ලන ලිහිල් වූ මිදීමට දුෂ්කර වූ මේ බන්‍ධනය දැඩි ය යි නුවණැත්තෝ කියත්. කාමයන්හි අපේක්‍ෂා නැත්තාහු මේ බන්‍ධනය ද සිඳ කම්සුව හැර දමා ගිහිගෙය හැර යෙත්.
Pali BJTබන්ධනවග්ගො පඨමො.
Sinhala BJTබන්ධනවර්‍ගය පළමුවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTදහරො පුරිසො රාජාපියං අත්තානරක්ඛිතො, අප්පකා අත්ථකරණා මල්ලිකා යඤ්ඤබන්ධනන්ති.
Sinhala BJTදහර, පුරිස, රාජ, පිය, අත්තරක්ඛිත, අප්පකා, අත්‍ථකරණ, මල්ලිකා, යඤ්ඤ, බන්‍ධන ය යි සූත්‍ර දශයෙකි.
Pali BJT2. අපුත්තකවග්ගො
Sinhala BJT2. අපුත්තක වර්‍ගය
Pali BJT3. 2. 1.
Sinhala BJT3. 2. 1.
Pali BJTසත්තජටිලසුත්තං.
Sinhala BJTසත්තජටිල සූත්‍රය
Pali BJT122. එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො බහිද්වාරකොට්ඨකෙ නිසින්නො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJT122. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පුවරම් නම් මුවරමා පහයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටිසේක් බිහිදොරකොටුවෙහි වැඩහුන් සේක. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
Pali BJTතෙන ඛො පන සමයෙන සත්ත ච ජටිලා සත්ත ච නිගණ්ඨා සත්ත ච අචෙලකා{1} සත්ත ච එකසාටකා සත්ත ච පරිබ්බාජකා පරූළ්හකච්ඡනඛලොමා ඛාරිවිවිධමාදාය{2} භගවතො අවිදූරෙ අතික්කමන්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණජාණුමණ්ඩලං පඨවියං නිහන්ත්වා යෙන තෙ සත්ත ච ජටිලා සත්ත ච නිගණ්ඨා සත්ත ච අචෙලකා සත්ත ච එකසාටකා සත්ත ච පරිබ්බාජකා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං නාමං සාවෙසි: රාජාහං භන්තෙ පසෙනදි කොසලො, -පෙ- රාජාහං භන්තෙ පසෙනදි කොසලොති.
Sinhala BJTඑකල්හි වැඩුනු කැසනියලොම් ඇති ජටිලයෝ සත් දෙනෙක් ද, නිගණ්ඨයෝ සත් දෙනෙක් ද, අචේලකයෝ සත් දෙනෙක් ද, ඒකසාටකයෝ සත් දෙනෙක් ද, පරිව්‍රාජකයෝ සත් දෙනෙක් ද නන් තවුස්පිරිකර ගෙණ භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි (එ පෙදෙස) ගෙවා යෙති. ඉක්බිති පසේනදි කොසොල්රජ හුනස්නෙන් නැගිට උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල පොළොවෙහි හැන ජටිලයන් සත්දෙන ද නිගණ්ඨයන් සත්දෙන ද, අචේලකයන් සත්දෙන ද, ඒකසාටකයන් සත්දෙන ද පරිව්‍රාජකයන් සත්දෙන ද වෙත ඇඳිලි බැඳ “වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි. … වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි”යි තෙවරක් නම ඇස්වී ය.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො අචිරපක්කන්තෙසු තෙසු සත්තසු ච ජටිලෙසු සත්තසු ච නිගණ්ඨෙසු සත්තසු ච අචෙලකෙසු සත්තසු ච එකසාටකෙසු සත්තසු ච පරිබ්බාජකෙසු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: යෙ තෙ භන්තෙ ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා එතෙ තෙසං අඤ්ඤතරාති.
Sinhala BJTඉක්බිති ඒ ජටිලයන් සත්දෙන ද නිගණ්ඨයන් සත්දෙන ද අචේලකයන් සත්දෙන ද ඒකසාටකයන් සත්දෙන ද පරිව්‍රාජකයන් සත්දෙන ද ගිය නොබෝ වෙලෙහි පසේනදි කොසොල්රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ලොව යම් ඒ කෙනෙක් රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ වෙත් ද, තුලුහු ඔවුනතරැ එක්තරා කෙනෙකැ”යි තෙල සැළ කෙළේ ය.
Pali BJTදුජ්ජානං ඛො එතං මහාරාජ තයා ගිහිනා කාමභොගිනා පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තෙන කාසිකචන්දනං පච්චනුභොන්තෙන මාලාගන්ධවිලෙපනං ධාරයන්තෙන ජාතරූපරජතං සාදියන්තෙන ‘ඉමෙ වා අරහන්තො, ඉමෙ වා අරහත්තමග්ගං සමාපන්නා’ති.
Sinhala BJTමහරජ, ගිහි වූ කම්සැප විඳින දරුවන්ගෙන් පළිබෝධ ඇති යහන්හි වෙසෙන සිනිඳු සඳුන් ගල්වන මල්ගඳවිලෙවුන් දරණ රන්රිදී ඉවසන තොප විසින් ‘මොහු රහත්හු ය කියා හෝ මොහු රහත්මගට පිළිපන්නෝ ය යි’ කියා හෝ තෙල නොදත හැකි ය.
Pali BJTසංවාසෙන ඛො මහාරාජ සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං.{1} මනසිකරොතා නො අමනසිකරොතා. පඤ්ඤවතා{2} නො දුප්පඤ්ඤෙන. සංවොහාරෙන ඛො මහාරාජ සොචෙය්යං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං{1}. මනසිකරොතා නො අමනසිකරොතා. පඤ්ඤවතා{2} නො දුප්පඤ්ඤෙන. ආපදාසු ඛො මහාරාජ ථාමො වෙදිතබ්බො. සො ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං{1}. මනසිකරොතා නො අමනසිකරොතා. පඤ්ඤවතා{2} නො දුප්පඤ්ඤෙන. සාකච්ඡාය ඛො මහාරාජ පඤ්ඤා වෙදිතබ්බා. සා ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං{1}. මනසිකරොතා නො අමනසිකරොතා. පඤ්ඤවතා{2} නො දුප්පඤ්ඤෙනාති.
Sinhala BJTමහරජ, එක් ව විසීමෙන් ශීලය දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නොමෙනෙහි කරන්නහු විසින් නො වේ. පැණැත්තහු විසිනි. පැණනැතියහු විසින් නො වේ. මහරජ, කථාව්‍යවහාරයෙන් පවිත්‍රබව දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නො මෙනෙහි කරන්නහු විසින් නො වේ. නුවණැත්තහු විසිනි. නුවණ නැතියහු විසින් නො වේ. මහරජ, විපතෙහි දී ඥානශක්තිය දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නො මෙනෙහි කරන්නහු විසින් නොවේ. නුවණැත්තහු විසිනි. මුඪයා විසින් නො වේ. මහරජ, සාකච්ඡා යෙන් නුවණ දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නො මෙනෙහි කරන්නහු විසින් නො වේ. නුවණැත්තහු විසිනි. ඥානහීනයා විසින් නො වේ.
Pali BJTඅච්ඡරියං භන්තෙ අබ්භුතං භන්තෙ, යාව සුභාසිතමිදං භන්තෙ භගවතා: ‘දුජ්ජානං ඛො එතං මහාරාජ තයා ගිහිනා කාමභොගිනා -පෙ- පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනා’ති.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, “,මහරජ ගිහි වූ කම්සැප විඳින තොප විසින් මෙය දුකසේ දතයුතුය … නුවණැත්තහු විසිනි. නුනුවණහු විසින් නො වේ ය” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් දේශනා කරණ ලදි.
Pali BJTඑතෙ භන්තෙ මම පුරිසා චාරා{3} ඔචරකා ජනපදං ඔචරිත්වා ආගච්ඡන්ති. තෙහි පඨමං ඔචිණ්ණං{4} අහං පච්ඡා ඔයායිස්සාමි{5}. ඉදානි තෙ භන්තෙ රජොජල්ලං පවාහෙත්වා සුන්හාතා සුවිලිත්තා කප්පිතකෙසමස්සූ ඔදාතවත්ථවසනා{6} පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරයිස්සන්තීති.
Sinhala BJTවහන්ස, මොහු මාගේ පවත් විමසන චරපුරුෂයෝ ය. ජනපදය විමසා එති. ඔවුන් පළමු කොට විමසන ලද පෙදෙසට මම පසු ව බැස ගන්නෙමි. වහන්ස, දැන් ඔහු රජස්දැලි සෝදා හැර මොනවට නෑවාහු මොනවට සුවඳවිලෙවුන් ගැල්වූවාහු අන්දම් තබා සැරසූ කෙස්රවුළු ඇත්තාහු සුදුවත් හැඳ ගැත්තාහු පස්කම්ගුණයෙන් පිණා ගියාහු යුක්ත වූවාහු ඉඳුරන් හසුරු වන්නාහ.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ගාථාවන් වදාළ සේක:
Pali BJTන වණ්ණරූපෙන නරො සුජානො න විස්සසෙ ඉත්තරදස්සනෙන, සුසඤ්ඤතානං හි වියඤ්ජනෙන අසඤ්ඤතා ලොකමිමං චරන්ති.
Sinhala BJTමිනිස් තෙමේ රූපසටහන් මැනවින් නො දත හැකි ය. ස්වල්පමාත්‍ර දර්‍ශනයෙන් නො අදහන්නේ ය. ඒ එසේ මැයි. සංයම නැත්තෝ මනාසංයම ඇත්තන්ගේ පරිෂ්කාරභාණ්ඩලක්‍ෂණයෙන් යුක්ත ව මෙලොව හැසිරෙත්.
Pali BJTපතිරූපකො මත්තිකා{7} කුණ්ඩලොව ලොහඩ්ඪමාසොව සුවණ්ණඡන්නො, චරන්ති එකෙ{8} පරිවාරඡන්නා අන්තො අසුද්ධා බහි සොභමානාති.
Sinhala BJTඇතුළත අපිරිසිදු වූ පිටත හොබනා වූ ඇතැම් කෙනෙක් ස්වර්‍ණප්‍රතිරූපක වූ මැටිමුවා කොඬොලක් මෙන් ද, රනින් වැසුනු ලොහොමුවා අඩමස්සක් මෙන් ද පිරිවරින් වැසුනාහු හැසිරෙත්.
Pali BJT3. 2. 2.
Sinhala BJT3. 2. 2.
Pali BJTපඤ්චරාජසුත්තං.
Sinhala BJTපඤ්චරාජ සූත්‍රය
Pali BJT123. සාවත්ථියං–
Sinhala BJT123. සැවැත්නුවර–