Pali BJT1. 4. 9.
Sinhala BJT1. 4. 9.
Pali BJTබ්රහ්මචරියසුත්තං
Sinhala BJTබ්‍රහ්මචරිය සූත්‍රය
Pali BJT39. බ්රහ්මචරියඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි බ්රහ්මචරියඵලානි ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, බ්රහ්මචරියං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, බ්රහ්මචරියං. කතමානි ච භික්ඛවෙ, බ්රහ්මචරියඵලානි: සොතාපත්තිඵලං සකදාගාමිඵලං අනාගාමිඵලං අරහත්තඵලං. ඉමානි වුච්චන්ති භික්ඛවෙ, බ්රහ්මචරියඵලානීති.
Sinhala BJT39. මහණෙනි, තොපට බඹසරත් බඹසරෙහි ඵලත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, බඹසර කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි එ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ බඹසරැ යි කියනු ලැබේ. මහණෙනි, බඹසරඵල කවරෙ යත් සෝවත්ඵල සෙදගැමිඵල අනගැමිඵල රහත්ඵල යි. මහණෙනි, මොහු බඹසරඵලැ යි කියනු ලැබේ යි.
Pali BJT1. 4. 10.
Sinhala BJT1. 4. 10.
Pali BJTදුතිය බ්රහ්මචරියසුත්තං
Sinhala BJTදෙවන බ්‍රහ්මචරිය සූත්‍රය
Pali BJT40. බ්රහ්මචරියඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි බ්රහ්මචරියත්ථඤ්ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, බ්රහ්මචරියං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, බ්රහ්මචරියං. කතමො ච භික්ඛවෙ, බ්රහ්මචරියත්ථො: යො ඛො භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. අයං වුච්චති භික්ඛවෙ, බ්රහ්මචරියත්ථොති.
Sinhala BJT40. මහණෙනි, තොපට බඹසරත් බඹසරෙහි අර්‍ත්‍ථත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි බඹසර කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි මේ බඹසරැ යි කියනු ලැබේ. මහණෙනි, බඹසරෙහි අර්‍ත්‍ථ කවරෙ යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ බඹසරෙහි අර්‍ත්‍ථ යි කියනු ලැබේ යි.
Pali BJT(සබ්බං සාවත්ථිනිදානමෙව)
Sinhala BJT(සියල්ල සැවැත්නුවර ම නිදාන කොට ඇත.)
Pali BJTපටිපත්තිවග්ගො චතුත්ථො.
Sinhala BJTසිව්වැනි පටිපත්ති වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමමාලාව:
Pali BJTපටිපත්තිපටිපන්නො ච විරද්ධොච පාරඞ්ගමො සාමඤ්ඤෙන ච ද්වෙ වුත්තා බ්රහ්මඤ්ඤෙනපරෙ දුවෙ බ්රහ්මචරියෙන ද්වෙ වුත්තා වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපටිපත්ති, පටිපන්න, විරද්ධ, පරඞ්ගම යි සූත්‍ර සතරෙකි. සාමඤ්ඤ නමින් දෙකෙක් ද, බ්‍රහ්මඤ්ඤ නමින් දෙකෙක් ද, බ්‍රහ්මචරිය නමින් දෙකෙක්ද කියන ලදහ. මේ සූත්‍ර දශයෙන් වර්‍ග යයි කියනු ලැබේ.
Pali BJT5. අඤ්ඤතිත්ථියපෙය්යාලො
Sinhala BJT5. අඤ්ඤතිත්‍ථියපෙය්‍යාලය
Pali BJT1. 5. 1.
Sinhala BJT1. 5. 1.
Pali BJTවිරාගසුත්තං
Sinhala BJTවිරාග සූත්‍රය
Pali BJT41. සාවත්ථියං:
Sinhala BJT41. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො තෙ භික්ඛු භගවා එතදවොච: සචෙ වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං, “කිමත්ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතී”ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං “අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ. රාගවිරාගත්ථං ඛො ආවුසො භගවති බ්රහ්මචරියං වුස්සතී”ති.
Sinhala BJTඑකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු. “ඇවැත්නි, රාගය දුරලීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසෙ යි.
Pali BJTසචෙ පන වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා රාගවිරාගායා”ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: “අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා රාගවිරාගායා”ති. කතමො ච භික්ඛවෙ, මග්ගො කතමා ච පටිපදා රාගවිරාගාය: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා රාගවිරාගායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
Sinhala BJTමහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, රාගය දුරලීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්ද”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු. “ඇවැත්නි, රාගය දුරලීම පිණිස මගෙක් ඇත”. “පිළිවෙතක් ඇතැ”යි මහණෙනි රාගය දුරලීම පිණිස මඟ කවරෙ යැ පිළිවෙත කවරෙ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ කෙසේ ය යත්: සම්මාදිට්ඨි යැ …. සම්මාසමාධි යි. මහණෙනි, රාගය දුරලීම පිණිස මේ මග යැ, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු.
Pali BJT1. 5. 2.
Sinhala BJT1. 5. 2.
Pali BJTසංයොජනසුත්තං
Sinhala BJTසංයෝජන සූත්‍රය
Pali BJT42. සචෙ වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: ‘කිමත්ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතී”ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: සංයොජනපහානත්ථං{1} ඛො ආවුසො, භගවති බ්රහ්මචරියං වුස්සතීති.
Sinhala BJT42. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු: “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ” යයි.
Pali BJTසචෙ පන වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “අත්ථි පනාවුසො මග්ගො, අත්ථි පටිපදා සංයොජනප්පහානත්ථායා’ති, එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: “අත්ථි ඛො ආවුසො මග්ගො, අත්ථි පටිපදා සංයොජනප්පහානායා”ති. කතමො ච භික්ඛවෙ, මග්ගො, කතමා පටිපදා සංයොජනප්පහානාය: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා සංයොජනප්පහානායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
Sinhala BJTමහණෙනි, ඉදින් අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්ද?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයනට මෙසේ විසඳන්නාහු ය. “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතක් ඇතැ යි. මහණෙනි, සංයෝජනප්‍රහාණය පිණිස මග කවරෙ යැ පිළිවෙත කවරේ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. හේ මෙසේ ය: සම්මාදිට්ඨි යැ … සම්මාසමාධි යි. මහණෙනි, සංයෝජනප්‍රහාණය පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයනට මෙසේ විසඳන්නාහුය.
Pali BJT1. 5. 3.
Sinhala BJT1. 5. 3.
Pali BJTඅනුසයසුත්තං
Sinhala BJTඅනුසය සූත්‍රය
Pali BJT43. සචෙ වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “කිමත්ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතී”ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: අනුසයසමුග්ඝාතත්ථං{1} ඛො ආවුසො, භගවති බ්රහ්මචරියං වුස්සතී”ති.
Sinhala BJT43. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් “මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට “මෙසේ විසඳන්නාහු ය: “ඇවැත්නි, අනුසය (නිදි ගත් කෙලෙස්) නැසීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. මහණෙනි,
Pali BJTසචෙ පන වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “අත්ථි පනාවුසො, මග්ගො අත්ථි පටිපදා අනුසයසමුග්ඝාතායා”ති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: “අත්ථි ඛො ආවුසො මග්ගො, අත්ථි පටිපදා අනුසයසමුග්ඝාතායා”ති. කතමො ච භික්ඛවෙ මග්ගො, කතමා පටිපදා අනුසයසමුග්ඝාතාය: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං භික්ඛවෙ මග්ගො, අයං පටිපදා අනුසයසමුග්ඝාතායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
Sinhala BJTඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, අනුසය නැසීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද් දැ? යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහුය: “ඇවැත්නි අනුසය නැසීම පිණිස මගෙක් ඇත පිළිවෙතක් ඇතැ”යි. මහණෙනි, අනුසය නැසීම පිණිස මඟ කවරේ යැ පිළිවෙත කවරේ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි හේ මෙසේය: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, අනුසය නැසීම පිණිස මේ මග ය, මේ පිළිවෙතයි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු යි.
Pali BJT1. 5. 4.
Sinhala BJT1. 5. 4.
Pali BJTඅද්ධානසුත්තං
Sinhala BJTඅද්ධාන සූත්‍රය
Pali BJT44. සචෙ වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “කිමත්ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතී”ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: අද්ධානපරිඤ්ඤත්ථං ඛො ආවුසො, භගවති බ්රහ්මචරියං වුස්සතී”ති. -පෙ- කතමො ච භික්ඛවෙ මග්ගො, කතමා පටිපදා අද්ධානපරිඤ්ඤාය: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං භික්ඛවෙ මග්ගො, අයං පටිපදා අද්ධානපරිඤ්ඤායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
Sinhala BJT44. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මේ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය. “ඇවැත්නි, සසර අදන්මග පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, සසර අදන්මග පිරිසිඳ දැනීම පිණිස මග කවරෙ යැ පිළිවෙත කවරේය යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, සසර අදන්මඟ පිරිසිඳ දැනීම පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
Pali BJT1. 5. 5.
Sinhala BJT1. 5. 5.
Pali BJTආසවක්ඛයසුත්තං
Sinhala BJTආසවක්ඛය සූත්‍රය
Pali BJT45. සචෙ වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “කිමත්ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතී”ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: “ආසවානං ඛයත්ථං ඛො ආවුසො, භගවති බ්රහ්මචරියං වුස්සතී”ති. -පෙ- කතමො ච භික්ඛවෙ මග්ගො, කතමා පටිපදා ආසවානං ඛයාය: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං භික්ඛවෙ මග්ගො, අයං පටිපදා ආසවානං ඛයායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
Sinhala BJT45. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ ද?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය. “ඇවැත්නි, ආස්‍රවක්‍ෂය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි … මහණෙනි, ආස්‍රවක්‍ෂය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි” යි. මහණෙනි, ආස්‍රවක්‍ෂය පිණිස මේ මගය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
Pali BJT1. 5. 6.
Sinhala BJT1. 5. 6.
Pali BJTවිජ්ජාවිමුත්තිසුත්තං
Sinhala BJTවිජ්ජාවිමුත්ති සූත්‍රය
Pali BJT46. සචෙ වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “කිමත්ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතී”ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියත්ථං ඛො ආවුසො, භගවති බ්රහ්මචරියං වුස්සතී”ති. -පෙ- කතමො ච භික්ඛවෙ මග්ගො, කතමා පටිපදා විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං භික්ඛවෙ මග්ගො, අයං පටිපදා විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
Sinhala BJT46. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු ය: “ඇවැත්නි, අර්‍හන්මාර්‍ගඥානවිද්‍යාව හා අර්‍හත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, අර්‍හන්මාර්‍ගඥානවිද්‍යාව හා අරහත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධිය යි. මහණෙනි, අර්‍හන්මාර්‍ගඥානවිද්‍යාව හා අරහත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු යි.
Pali BJT1. 5. 7.
Sinhala BJT1. 5. 7.
Pali BJTඤාණදස්සනසුත්තං
Sinhala BJTඤාණදස්සන සූත්‍රය
Pali BJT47. සචෙ වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “කිමත්ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතී”ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: “ඤාණදස්සනත්ථං ඛො ආවුසො, භගවති බ්රහ්මචරියං වුස්සතී”ති. -පෙ- කතමො ච භික්ඛවෙ මග්ගො, කතමා පටිපදා ඤාණදස්සනාය: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං භික්ඛවෙ මග්ගො, අයං පටිපදා ඤාණදස්සනායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
Sinhala BJT47. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරේ බඹසර වෙසේ දැ?” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, ඥානදර්‍ශනය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, ඥානදර්‍ශනය පිණිස මග කවරේද , පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ මෙසේ යැ “සම්මාදිට්ඨි ... සම්මාසමාධි” යි. මහණෙනි, ඥානදර්‍ශනය පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
Pali BJT1. 5. 8.
Sinhala BJT1. 5. 8.
Pali BJTඅනුපාදාසුත්තං
Sinhala BJTඅනුපාදා සූත්‍රය
Pali BJT48. සචෙ වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “කිමත්ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතී”ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: “අනුපාදාපරිනිබ්බානත්ථං ඛො ආවුසො, භගවති බ්රහ්මචරියං වුස්සතී”ති. සචෙ පන වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “අත්ථි පනාවුසො, මග්ගො අත්ථි පටිපදා අනුපාදාපරිනිබ්බානායා{1}”ති, එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ, අත්ථි ඛො ආවුසො, මග්ගො අත්ථි පටිපදා අනුපාදාපරිනිබ්බානායාති: කතමො ච භික්ඛවෙ, මග්ගො කතමා පටිපදා අනුපාදාපරිනිබ්බානාය, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා අනුපාදාපරිනිබ්බානායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
Sinhala BJT48. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරේ බඹසර වෙසේ දැ?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි, මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, උපාදාන රහිත ව පිරිනිවීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, උපාදාන රහිත වැ පිරිනිවීමට පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. මහණෙනි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස මඟ කවරේ ද පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ මෙසේ යැ: “සම්මාදිට්ඨි … සම්මාසමාධි”යි. මහණෙනි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
Pali BJT(සබ්බං සාවත්ථිනිදානං.)
Sinhala BJT(සියල්ල සැවත නිදාන කොට ඇත)
Pali BJTඅඤ්ඤතිත්ථියපෙය්යාලි
Sinhala BJTඅඤ්ඤතිත්‍ථිය පෙය්‍යාල යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය :
Pali BJTවිරාගසසඤ්ඤොජනානුසයා අද්ධාන ආසවක්ඛයා විජ්ජාවිමුත්තිඤාණඤ්ච අනුපාදාති අට්ඨිමෙති.
Sinhala BJTවිරාග, සංයෝජන, අනුසය, අද්ධාන, ආසවක්ඛය, විජ්ජාවිමුත්ති, ඤාණදස්සන, අනුපාදා යී මේ සූත්‍රාන්ත අටෙකි යි.
Pali BJT6. සූරියපෙය්යාලො
Sinhala BJT6. සූරියපෙය්‍යාලය
Pali BJT1. 6. 1.
Sinhala BJT1. 6. 1.
Pali BJTකල්යාණමිත්තසුත්තං
Sinhala BJTකල්‍යාණමිත්ත සූත්‍රය
Pali BJTසබ්බං සාවත්ථිනිදානං.
Sinhala BJTසියල්ල සැවැත් නිදාන යැ.
Pali BJT49. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං අරුණග්ගං{1}. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං කල්යාණමිත්තතා. කල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං: අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාසඞ්කප්පං භාවෙති -පෙ- සම්මාවාචං භාවෙති -පෙ- සම්මාකම්මන්තං භාවෙති -පෙ- සම්මාආජීවං භාවෙති -පෙ- සම්මාවායාමං භාවෙති -පෙ- සම්මාසතිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො අරියං අට්ඨඞ්ගිකං බහුලීකරොතීති.
Sinhala BJT49. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කලණමිතුරන් ඇති බවෙක් වේ ද, මහණහට අරිඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරිඅටඟිමඟ වඩන්නේය අරිඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කලණ මිතුරන් ඇති මහණ කෙසේ නම් අරිඅටඟිමඟ වඩා ද, අරිඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යග්සඞ්කල්පය වඩයි … සම්‍යග්වචනය වඩයි … සම්‍යක්කර්‍මාන්තය වඩයි … සම්‍යගාජීවය වඩයි … සම්‍යග්ව්‍යායාමය වඩයි … සම්‍යග්ස්මෘතිය වඩයි … විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්සමාධිය වඩයි. මහණෙනි, කලණ මිතුරන් ඇති මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJT1. 6. 2.
Sinhala BJT1. 6. 2.
Pali BJTසීලසුත්තං
Sinhala BJTසීල සූත්‍රය
Pali BJT50. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණග්ගං{1}; එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං සීලසම්පදා. සීලසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතීති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. -පෙ- සම්මාසමාධිං භාවෙති: විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති. අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT50. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද උදා වන හිරුට මේ පූර්‍වඞ්ගම වෙයි. මේ පූර්‍වනිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් සීලසම්පදාව (සිවු පිරිසිදු සීලය) ක් වේ ද, මහණහට අරිඅටඟිමඟ ඉපදීමට මෙය පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය සීලසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, සීලසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙ සස්නෙහි මහණ විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිංශ්‍රිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, සීලසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJT1. 6. 3.
Sinhala BJT1. 6. 3.
Pali BJTඡන්දසුත්තං
Sinhala BJTඡන්‍ද සූත්‍රය
Pali BJT51. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණග්ගං; එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං ඡන්දසම්පදා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT51. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මේ පූර්‍වඞ්ගම වෙයි. මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මෙය මේ පූර්‍වඞ්ගම ය, මේ පූර්‍ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
Pali BJT1. 6. 4.
Sinhala BJT1. 6. 4.
Pali BJTඅත්තසුත්තං
Sinhala BJTඅත්ත සූත්‍රය
Pali BJT52. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණග්ගං; එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං අත්තසම්පදා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT52. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්‍වඞ්ගම වෙයි, මෙ පූර්‍ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් චිත්තසමෘද්ධත්‍වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම ය, මේ පූර්‍ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
Pali BJT1. 6. 5.
Sinhala BJT1. 6. 5.
Pali BJTදිට්ඨිසුත්තං
Sinhala BJTදිට්ඨි සූත්‍රය
Pali BJT53. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණග්ගං; එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං දිට්ඨිසම්පදා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT53. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්‍වඞ්ගම වෙයි, මෙ පූර්‍ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් ඥාණසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම ය, මේ පූර්‍ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
Pali BJT1. 6. 6.
Sinhala BJT1. 6. 6.
Pali BJTඅප්පමාදසුත්තං
Sinhala BJTඅප්පමාද සූත්‍රය
Pali BJT54. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණග්ගං; එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං අප්පාදසම්පදා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT54. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මෙ පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් අප්‍රමාදසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම ය, මේ පූර්‍ව නිමිත්ත යි … බහුල කෙරේ යයි.
Pali BJT1. 6. 7.
Sinhala BJT1. 6. 7.
Pali BJTයොනිසොසුත්තං
Sinhala BJTයෝනිසෝ සූත්‍රය
Pali BJT55. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණග්ගං; එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං යොනිසොමනසිකාරසම්පදා. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතීති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. -පෙ- සම්මාසමාධිං භාවෙති: විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති. අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT55. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදා වන හිරුට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් යෝනිසෝ මනසිකාරසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අරිඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මේ නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
Pali BJT1. 6. 8.
Sinhala BJT1. 6. 8.
Pali BJTදුතියකල්යාණමිත්තසුත්තං
Sinhala BJTදුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
Pali BJT56. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණග්ගං; එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං කල්යාණමිත්තතා. කල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතීති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං -පෙ- සම්මාසමාධිං භාවෙති: රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තතො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති. අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT56. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්‍යාණමිත්‍ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ කෙසේ නම් අරිඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්, මහණෙනි, මෙහි මහණ රාගවිනයෙහි පර්‍ය්‍යවසාන වූ ද්වේශවිනයෙහි පර්‍ය්‍යවසාන වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසාන වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනයෙහි පර්‍ය්‍යවසාන වූ ද්වේෂවිනයෙහි පර්‍ය්‍යවසාන වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසාන වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJT1. 6. 9.
Sinhala BJT1. 6. 9.
Pali BJTදුතිය සීලසුත්තං
Sinhala BJTදුතිය සීල සූත්‍රය
Pali BJT57. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණග්ගං. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිම්මිත්තං, යදිදං සීලසම්පදා. සීලසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති. (විත්ථාරෙතබ්බං)
Sinhala BJT57. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් සිවුපිරිසිදු සීලයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතුයි. … බහුල කෙරේ යි. (විතර කට යුතු යි.)
Pali BJT1. 6. 10.
Sinhala BJT1. 6. 10.
Pali BJTදුතිය ඡන්දසුත්තං
Sinhala BJTදුතිය ඡන්‍ද සූත්‍රය
Pali BJT58. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණග්ගං. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං ඡන්දසම්පදා. ඡන්දසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT58. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින්ම යම් කතතුකම්‍යතාකුසලච්ඡන්‍දයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි … බහුල කෙරේ යි.
Pali BJT1. 6. 11.
Sinhala BJT1. 6. 11.
Pali BJTදුතිය අත්තසුත්තං
Sinhala BJTදුතිය අත්ත සූත්‍රය
Pali BJT59. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණග්ගං. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං අත්තසම්පදා. අත්තසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT59. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් චිත්තසමෘද්ධත්‍වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මෙය පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි … බහුල කෙරේ යි.
Pali BJT1. 6. 12.
Sinhala BJT1. 6. 12.
Pali BJTදුතිය දිට්ඨිසුත්තං
Sinhala BJTදුතිය දිට්ඨි සූත්‍රය
Pali BJT60. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං. එතං පුබ්බනිමිත්තං යදිදං අරුණග්ගං. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං දිට්ඨිසම්පදා. -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT60. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින්ම යම් ඥාණසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. … බහුල කෙරේ යයි.
Pali BJT1. 6. 13.
Sinhala BJT1. 6. 13.
Pali BJTදුතිය අප්පමාදසුත්තං
Sinhala BJTදුතිය අප්පමාද සූත්‍රය
Pali BJT61. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණග්ගං. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං අප්පමාදසම්පදා. අප්පමාදසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT61. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් අප්‍රමාදසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අප්‍රමාදසම්පන්න මහණහු විසින් මේ කැමති වියයුතු යි. … බහුල කෙරේ යයි.
Pali BJT1. 6. 14.
Sinhala BJT1. 6. 14.
Pali BJTදුතිය යොනිසොසුත්තං
Sinhala BJTදුතිය යෝනිසෝ සූත්‍රය
Pali BJT62. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං අරුණග්ගං. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං යොනිසොමනසිකාරසම්පදා. යොනිසොමනසිකාරංසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතීති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති? ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති: රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති. අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT62. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් යෝනිසෝමනසිකාරසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය. යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ රාගවිනයෙහි පර්‍ය්‍යවසානය වූ ද්වෙෂවිනයෙහි පර්‍ය්‍යවසානය වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසානය වූ සම්‍යක්දෘෂ්ටිය වඩයි … සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJTසුරියපෙය්යාලි.
Sinhala BJTසූරියපෙය්‍යල යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTකල්යාණමිත්තං සීලඤ්ච ඡන්දො ච අත්තසම්පදා දිට්ඨි ච අප්පමාදො ච යොනිසො භවති සත්තමන්ති.
Sinhala BJTකල්‍යාණමිත්ත, සීල, ඡන්‍ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍ර යුගල සයෙකි. යෝනිසෝ සූත්‍ර යුගලය සත් වැනි වේ. (වර්‍ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.
Pali BJT7. එකධම්මපෙය්යාලො
Sinhala BJT7. ඒකධම්මපෙය්‍යාලය
Pali BJT1. 7. 1.
Sinhala BJT1. 7. 1.
Pali BJTකල්යාණමිත්තසුත්තං
Sinhala BJTකල්‍යාණමිත්ත සූත්‍රය
Pali BJT63. සාවත්ථියං:
Sinhala BJT63. සැවැත්නුවර:
Pali BJTඑකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො. යදිදං කල්යාණමිත්තතා. කල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතීති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJTමහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක යත්: මේ කල්‍යාණමිත්‍රත්‍වය යි. මහණෙනි අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නතු වූ සම්මා දිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිතුරන් ඇති මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුලකෙරේ යයි.
Pali BJT1. 7. 2.
Sinhala BJT1. 7. 2.
Pali BJTසීලසුත්තං
Sinhala BJTසීල සූත්‍රය
Pali BJT64. එකධම්මො භික්ඛවෙ, බහුකාරො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමො එකධම්මො: යදිදං සීලසම්පදා. සීලසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT64. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ සිවුපිරිසිදු සීලය යි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතුයි ... බහුල කෙරේ යයි.
Pali BJT1. 7. 3.
Sinhala BJT1. 7. 3.
Pali BJTඡන්දසුත්තං
Sinhala BJTඡන්‍ද සූත්‍රය