Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11701-11800 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT18. එවං මෙ සුතං, එකං සමයං ආයස්මා ච ආනන්දො ආයස්මා ච භද්දො පාටලිපුත්තෙ විහරන්ති කුක්කුටාරාමෙ. අථ ඛො ආයස්මා භද්දො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා භද්දො ආයස්මන්තං ආනන්දං එතදවොච: “අබ්රහ්මචරියං, අබ්රහ්මචරියන්ති ආවුසො ආනන්ද, වුච්චති. කතමං නු ඛො ආවුසො, අබ්රහ්මචරිය”න්ති?
Sinhala BJT18. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝත් ආයුෂ්මත් භද්ද තෙරණුවෝත් පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් භද්ද තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටුවියයුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩ හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ. “ඇවත් ආනන්‍දයෙනි, “අබ්‍රහ්මචරිය ය අබ්‍රහ්මචරිය යි කියනු ලැබේ. ඇවැත්නි අබ්‍රහ්මචරියය කවරේදැ?” යි.
Pali BJTසාධු සාධු ආවුසො භද්ද, භද්දකො ඛො තෙ ආවුසො භද්ද, උම්මග්ගො, භද්දකං පටිභානං, කල්යාණී පරිපුච්ඡා. එවං හි ත්වං, ආවුසො භද්ද, පුච්ඡසි “අබ්රහ්මචරියං අබ්රහ්මචරිය”න්ති ආවුසො ආනන්ද, වුච්චති. කතමං නු ඛො, ආවුසො, අබ්රහ්මචරියන්ති. එවමාවුසොති. අයමෙව ඛො ආවුසො, අට්ඨඞ්ගිකො මිච්ඡාමග්ගො අබ්රහ්මචරියං. සෙය්යථිදං: මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධීති.
Sinhala BJTඇවත් භද්දයෙනි, මැනවි මැනවි. ඇවත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති. වැටහීම යහපති. පිළිවිසීම යහපති. ඇවත් භද්දයෙනි තෙපි “ඇවත් ආනන්‍දයෙනි, අබ්‍රහ්මචරිය ය අබ්‍රහ්මචරිය යි කියනු ලැබේ. ඇවැත්නි, අබ්‍රහ්මචරිය ය කවරේදැ? යි මෙසේ පුළුවුසිවු දැ?” යි ඇවැත්නි, එසේ ය යි. ඇවැත්නි, මේ අට්ඨඞ්ගිකමිච්ඡා මාර්‍ගය ම අබ්‍රහ්මචරිය යයි. එනම් මිච්ඡාදිට්ඨි, මිච්ඡාසඞ්කප්ප, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්ත, මිච්ඡාආජීව, මිච්ඡාවායාම, මිච්ඡාසති, මිච්ඡාසමාධි යි.
Pali BJT1. 2. 9.
Sinhala BJT1. 2. 9.
Pali BJTදුතිය කුක්කුටාරාමසුත්තං
Sinhala BJTදෙවන කුක්කුටාරාම සූත්‍රය
Pali BJT19. පාටලිපුත්තෙ:
Sinhala BJT19. පැළලුප්නුවර:
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා භද්දො ආයස්මන්තං ආනන්දං එතදවොච: “බ්රහ්මචරියං, බ්රහ්මචරිය”න්ති ආවුසො ආනන්ද, වුච්චති. කතමං නු ඛො ආවුසො, බ්රහ්මචරියං? කතමං බ්රහ්මචරියපරියොසානන්ති?
Sinhala BJTඑකත්පස්ව හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ: “ඇවත් ආනන්‍දයෙනි, බඹසර බඹසරැ” යි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේ ද? බඹසර කෙළවර කවරේ දැ? යි.
Pali BJTසාධු සාධු ආවුසො භද්ද, භද්දකො ඛො තෙ ආවුසො භද්ද, උම්මග්ගො, භද්දකං පටිභානං, කල්යාණී පරිපුච්ඡා. එවං හි ත්වං ආවුසො භද්ද, පුච්ඡසි “බ්රහ්මචරියං, බ්රහ්මචරිය”න්ති ආවුසො ආනන්ද, වුච්චති. කතමං නු ඛො ආවුසො බ්රහ්මචරියං, කතමං බ්රහ්මචරියපරියොසානන්ති? එවමාවුසොති.
Sinhala BJTඇවත් භද්දයෙනි, මැනවි මැනවි. ඇවත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති, වැටහීම යහපති, පිළිවිසුම යහපති. ඇවැත්නි, භද්දයෙනි තෙපි “ඇවැත්නි ආනන්‍දයෙනි, බඹසර බඹසරැ යි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේද? බඹසර කෙළවර කවරේදැ” යි මෙසේ පුළුවුසිවු දැ?යි. ඇවැත්නි එසේ යයි.
Pali BJTඅයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො බ්රහ්මචරියං. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යො ඛො ආවුසො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. ඉදං බ්රහ්මචරියපරියොසානන්ති.
Sinhala BJTඇවැත්නි මේ අරි අටගි මග ම බඹසරය. එනම්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. ඇවැත්නි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ බඹසර කෙළවරයි.
Pali BJT1. 2. 10.
Sinhala BJT1. 2. 10.
Pali BJTතතියකුක්කුටාරාමසුත්තං
Sinhala BJTතෙවන කුක්කුටාරාම සූත්‍රය
Pali BJT20. පාටලිපුත්තෙ:
Sinhala BJT20. පැළලුප්නුවර:
Pali BJT“බ්රහ්මචරියං බ්රහ්මචරිය”න්ති ආවුසො ආනන්ද, වුච්චති. කතමං නු ඛො ආවුසො බ්රහ්මචරියං? කතමො බ්රහ්මචාරී? කතමං බ්රහ්මචරියපරියොසානන්ති?
Sinhala BJTආයුෂ්මත් ආනන්‍දයෙනි, බඹසර බඹසරැ යි කියනු ලැබේ. ඇවැත්නි බඹසර කවරේ ද බඹසැරිහු කවරෙක් ද බඹසර කෙළවර කවරේ දැ? යි.
Pali BJTසාධු සාධු ආවුසො භද්ද, භද්දකො ඛො තෙ ආවුසො භද්ද උම්මග්ගො, භද්දකං පටිභානං, කල්යාණී පරිපුච්ඡා. එවං හි ත්වං ආවුසො භද්ද, පුච්ඡසි. “බ්රහ්මචරියං බ්රහ්මචරියන්ති ආවුසො ආනන්ද වුච්චති. කතමං නු ඛො, ආවුසො බ්රහ්මචරියං, කතමො බ්රහ්මචාරී, කතමං බ්රහ්මචරියපරියොසාන”න්ති? එවමාවුසොති.
Sinhala BJTආයුෂ්මත් භද්දයෙනි, මැනවි මැනවි. ආයුෂ්මත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති, වැටහීම යහපති, පිළිවිසුම යහපති. ඇවැත් භද්දයෙනි, තෙපි “ඇවත් ආනන්‍දයෙනි, බඹසර බඹසරැයි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේ ද? බඹසැරිහු කවරෙක් ද බඹසර කෙළවර කවරේ දැ” යි මෙසේ පුළුවුසිවු දැ?යි. ඇවැත්නි, එසේ ය යි.
Pali BJTඅයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො බ්රහ්මචරියං සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යො ඛො ආවුසො ඉමිනා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො, අයං වුච්චති බ්රහ්මචාරී. යො ඛො ආවුසො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං බ්රහ්මචරියපරියොසානති.
Sinhala BJTඇවැත්නි, මේ අරිඅටගි මග ම බඹසර ය. එනම් සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. ඇවැත්නි, යමෙක් මේ අරිඅටගි මගින් සමන්‍වාගත ද, මේ තෙමේ බඹසැරි ය යි කියනු ලැබේ. ඇවැත්නි, යම් රාගක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ නම් මෙය බඹසර කෙළවර යි.
Pali BJTවිහාරවග්ගො දුතියො.
Sinhala BJTදෙවෙනි විහාරවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTද්වෙ විහාරා සෙඛො ච උප්පාදා අපරෙ දුවෙ, පරිසුද්ධෙන ද්වෙ වුත්තා කුක්කුටාරාමෙන තයොති.
Sinhala BJTවිහාරසූත්‍ර දෙකෙකි. සේඛසුත්‍රයෙකි. අනෙක් උප්පාදසූත්‍ර දෙකෙකි. පරිසුද්ධ නමින් දෙකෙක් ද කුක්කුටාරාම නමින් තුනෙක්ද කියන ලදී. (මුළුල්ල දශයෙකි).
Pali BJT3. මිච්ඡත්තවග්ගො
Sinhala BJT3. මිච්ඡත්ත වර්‍ගය
Pali BJT1. 3. 1.
Sinhala BJT1. 3. 1.
Pali BJTමිච්ඡත්තසුත්තං
Sinhala BJTමිච්ඡත්ත සූත්‍රය
Pali BJT21. සාවත්ථියං:
Sinhala BJT21. සැවැත්නුවර:
Pali BJTමිච්ඡත්තඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි සම්මත්තඤ්ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, මිච්ඡත්තං, සෙය්යථිදං: මිච්ඡාදිට්ඨි, මිච්ඡාසඞ්කප්පො, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්තො, මිච්ඡාආජීවො, මිච්ඡාවායාමො, මිච්ඡාසති, මිච්ඡාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, මිච්ඡත්තං.
Sinhala BJTමහණෙනි, මිථ්‍යාස්වභාවය ද සම්‍යක්ස්වභාවය ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මිථ්‍යා ස්වභාවය කවරේ ද යත්: මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්ප මිච්ඡාවාචා මිච්ඡාකම්මන්ත මිච්ඡාආජිව මිච්ඡාවායාම මිච්ඡාසති මිච්ඡාසමාධි යි. මහණෙනි, මිථ්‍යාස්වභාව යයි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, සම්මන්තං, සෙය්යථිදං: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි. ඉදං වුච්චති, භික්ඛවෙ, සම්මත්තන්ති.
Sinhala BJTමහණෙනි සම්‍යක්ස්වභාවය කවරේ ද යත්: එනම් සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යි. මහණෙනි, මේ සම්‍යක්ස්වභාව ය යි කියනු ලැබේ.
Pali BJT1. 3. 2.
Sinhala BJT1. 3. 2.
Pali BJTඅකුසලධම්මසුත්තං
Sinhala BJTඅකුසලධම්ම සූත්‍රය
Pali BJT22. සාවත්ථියං:
Sinhala BJT22. සැවැත්නුවර:
Pali BJTඅකුසලෙ ච වො භික්ඛවෙ, ධම්මෙ දෙසිස්සාමි, කුසලෙ ච ධම්මෙ. තං සුණාථ. කතමෙ ච භික්ඛවෙ, අකුසලා ධම්මා, සෙය්යථිදං: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාසමාධි. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, අකුසලා ධම්මා.
Sinhala BJTමහණෙනි, අකුසල්දහම් ද කුසල් දහම් ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අකුසල් දහම්හු කවරහුද යත්. එනම් මිච්ඡාදිට්ඨි ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මොහු අකුසල්දහම්හු යි කියනු ලැබෙත්.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, කුසලා ධම්මා, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චන්ති භික්ඛවෙ, කුසලා ධම්මාති.
Sinhala BJTමහණෙනි, කුසල්දහම් කවරෙ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මොහු කුසල්දහම්හු යයි කියනු ලැබෙත් යි.
Pali BJT1. 3. 3.
Sinhala BJT1. 3. 3.
Pali BJTපටිපදාසුත්තං
Sinhala BJTපටිපදා සූත්‍රය
Pali BJT23. සාවත්ථියං:
Sinhala BJT23. සැවැත්නුවර:
Pali BJTමිච්ඡාපටිපදඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි සම්මාපටිපදඤ්ච. තං සුණාථ. කතමා ච භික්ඛවෙ, මිච්ඡාපටිපදා, සෙය්යථිදං: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, මිච්ඡාපටිපදා.
Sinhala BJTමහණෙනි මිච්ඡාපටිපදාව (වැරදි පිළිවෙත) ද සම්මාපටිපදාව (නොවැරදි පිළිවෙත) ද තොපට දේශනා කරන්නෙමි එය අසවු. මහණෙනි මිච්ඡාපටිපදාව කවර යත්: මිච්ඡාදිට්ඨි ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මේ මිච්ඡාපටිපදා ය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාපටිපදා, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, සම්මාපටිපදාති.
Sinhala BJTමහණෙනි, සම්මාපටිපදාව කවර යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සම්මාපටිපදාව යයි කියනු ලැබේ.
Pali BJT1. 3. 4.
Sinhala BJT1. 3. 4.
Pali BJTදුතියපටිපදාසුත්තං
Sinhala BJTදෙවන පටිපදා සූත්‍රය
Pali BJT24. සාවත්ථියං:
Sinhala BJT24. සැවැත්නුවර:
Pali BJTගිහිනො වාහං භික්ඛවෙ, පබ්බජිතස්ස වා මිච්ඡාපටිපදං න වණ්ණෙමි. ගිහී වා භික්ඛවෙ, පබ්බජිතො වා මිච්ඡාපටිපන්නො මිච්ඡාපටිපත්තාධිකරණහෙතු නාරාධකො හොති ඤායං ධම්මං කුසලං. කතමා ච භික්ඛවෙ, මිච්ඡාපටිපදා. සෙය්යථිදං: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, මිච්ඡාපටිපදා. ගිහිනො වාහං භික්ඛවෙ, පබ්බජිතස්ස වා මිච්ඡාපටිපදං න වණ්ණෙමි. ගිහී වා භික්ඛවෙ, පබ්බජිතො වා මිච්ඡාපටිපන්නො මිච්ඡාපටිපත්තාධිකරණහෙතු නාරාධකො හොති ඤායං ධම්මං කුසලං.
Sinhala BJTමහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිවෙත නො වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ වරදවා පිළිපන්නේ වැරදි පිළිවෙත්හි පිහිටීම හේතු කොට ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය නො සපයන්නෙක් වේ. මහණෙනි, වැරදි පිළිවෙත කවරේ ද යත්: එනම් මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මේ වැරදි පිළිවෙතැ යි කියනු ලැබේ. මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිවෙත නො වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ වරදවා පිළිපන්නේ වැරදි පිළිවෙත හේතු කොට ආර්‍ය්‍යමාර්‍ග ධර්‍මය නො සපයන්නෙක් වෙයි.
Pali BJTගිහිනො වාහං භික්ඛවෙ, පබ්බජිතස්ස වා සම්මාපටිපදං වණ්ණෙමි. ගිහී වා භික්ඛවෙ, පබ්බජිතො වා සම්මාපටිපන්නො සම්මාපටිපත්තාධිකරණහෙතු ආරාධකො හොති ඤායං ධම්මං කුසලං. කතමා ච භික්ඛවෙ, සම්මාපටිපදා, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, සම්මාපටිපදා. ගිහිනො වාහං භික්ඛවෙ, පබ්බජිතස්ස වා සම්මාපටිපදං වණ්ණෙමි. ගිහී වා භික්ඛවෙ, පබ්බජිතො වා සම්මාපටිපන්නො සම්මාපටිපත්තාධිකරණහෙතු ආරාධකො හොති ඤායං ධම්මං කුසලන්ති.
Sinhala BJTමහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ නිවැරදි පිළිවෙත වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ මැනවින් පිළිපන්නේ නිවැරදි පිළිවෙත හේතු කොට ආර්‍ය්‍යමාර්‍ග ධර්‍මය සපයන්නෙක් වේ. මහණෙනි, නිවැරදි පිළිවෙත කවරේ ද යත්: එනම් සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි මේ නිවැරදි පිළිවෙතැයි කියනු ලැබේ. මහණෙනි මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ නිවැරදි පිළිවෙත වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ මැනවින් පිළිපන්නේ නිවැරදි පිළිවෙත හේතු කොට ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය සපයන්නෙක් වේ යි.
Pali BJT1. 3. 5.
Sinhala BJT1. 3. 5.
Pali BJTඅසප්පුරිසසුත්තං
Sinhala BJTඅසප්පුරිස සූත්‍රය
Pali BJT25. සාවත්ථියං:
Sinhala BJT25. සැවැත්නුවර:
Pali BJTඅසප්පුරිසඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි, සප්පුරිසඤ්ච. තං සුණාථ. කතමො ච භික්ඛවෙ, අසප්පුරිසො: ඉධ භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති. මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචො මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, අසප්පුරිසො.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂයාත් සත්පුරුෂයාත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අසත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ මිථ්‍යාසඞ්කල්ප ඇත්තේ මිථ්‍යාවචන ඇත්තේ මිථ්‍යාකර්‍මාන්ත ඇත්තේ මිථ්‍යාආජීව ඇත්තේ මිථ්‍යාව්‍යායාම ඇත්තේ මිථ්‍යාස්මෘති ඇත්තේ මිථ්‍යාසමාධි ඇත්තේ වේ. මහණෙනි මේ අසත්පුරුෂයා යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, සප්පුරිසො: ඉධ භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති, සම්මාසඞ්කප්පො සම්මාවාචො සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, සප්පුරිසොති.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ සම්‍යක්සඞ්කල්ප ඇත්තේ සම්‍යග්වචන ඇත්තේ සම්‍යක්කර්‍මාන්ත ඇත්තේ සම්‍යගාජීව ඇත්තේ සම්‍යක්ව්‍යායාම ඇත්තේ සම්‍යක්ස්මෘති ඇත්තේ සම්‍යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයා යි කියනු ලැබේ.
Pali BJT1. 3. 6.
Sinhala BJT1. 3. 6.
Pali BJTදුතියඅසප්පුරිසසුත්තං
Sinhala BJTදෙවන අසප්පුරිස සූත්‍රය
Pali BJT26. සාවත්ථියං:
Sinhala BJT26. සැවැත්නුවර:
Pali BJTඅසප්පුරිසඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි. අසප්පුරිසෙන අසප්පුරිසතරඤ්ච. සප්පුරිසඤ්ච{1} දෙසිස්සාමි සප්පුරිසෙන සප්පුරිසතරඤ්ච. තං සුණාථ. කතමො ච භික්ඛවෙ, අසප්පුරිසො: ඉධ භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති -පෙ- මිච්ඡාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, අසප්පුරිසො. කතමො ච භික්ඛවෙ, අසප්පුරිසෙන අසප්පුරිසතරො: ඉධ භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති -පෙ- මිච්ඡාසමාධි මිච්ඡාඤාණී{2} මිච්ඡාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ, අසප්පුරිසෙන අසප්පුරිසතරො. කතමො ච භික්ඛවෙ, සප්පුරිසො: ඉධ භික්ඛවෙ එකච්චො සම්මාදිට්ඨිකො හොති -පෙ- සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, සප්පුරිසො. කතමො ච භික්ඛවෙ, සප්පුරිසෙන සප්පුරිසතරො: ඉධ භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති -පෙ- සම්මාසමාධි සම්මාඤාණී සම්මාවිමුත්ති. අයං වුච්චති භික්ඛවෙ, සප්පුරිසෙන සප්පුරිසතරොති.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂයාත් අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයාත් තොපට දේශනා කරන්නෙමි. සත්පුරුෂයාත් සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයාත් දේශනා කෙරන්නෙමි. එය අසවු. මහණෙනි, අසත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ ... මිථ්‍යා සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයා යයි කියනු ලැබේ. මහණෙනි, අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ ... මිත්‍යසමාධි ඇත්තේ මිථ්‍යාඥාන ඇත්තේ මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයා යයි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ ... සම්‍යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයා යි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයා කවරේ ද? යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යක්දෘෂ්ටි ඇත්තේ ... සම්‍යක්සමාධි ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ සම්‍යග්විමුක්ති අත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයා යයි කියනු ලැබේ යි.
Pali BJT1. 3. 7.
Sinhala BJT1. 3. 7.
Pali BJTකුම්භසුත්තං
Sinhala BJTකුම්භ සූත්‍රය
Pali BJT27. සාවත්ථියං:
Sinhala BJT27. සැවැත්නුවර:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, කුම්භො අනාධාරො සුප්පවත්තියො හොති, සාධාරො දුප්පවත්තියො හොති. එවමෙව ඛො භික්ඛවෙ, චිත්තං අනාධාරං සුප්පවත්තියං හොති. සාධාරං දුප්පවත්තියං හොති. කො ච භික්ඛවෙ, චිත්තස්ස ආධාරො, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං වුච්චති චිත්තස්ස ආධාරො. සෙය්යථාපි භික්ඛවෙ, කුම්භො අනාධාරො සුප්පවත්තියො හොති, සාධාරො දුප්පවත්තියො හොති, එවමෙව ඛො භික්ඛවෙ, චිත්තං අනාධාරං සුප්පවත්තියං හොති, සාධාරං දුප්පවත්තියං හොතීති.
Sinhala BJTමහණෙනි, යම්සේ කළය ආධාර (දරනු) රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වේ ද, ආධාර (දරනු) සහිත වූයේ පහසුවෙන් නො පෙරළිය හැක්කේ වේ ද, මහණෙනි, එසෙයින් ම සිත ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි, ආධාර සහිත වූයේ පහසුවෙන් නො පෙරළිය හැක්කේ වේ. මහණෙනි, සිතට ආධාරය කිමෙක් ද යත්: මේ අරි අටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මේ සිතට ආධාර ය යි කියනු ලැබේ. මහණෙනි, යම්සේ කළය ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වේ ද, ආධාර සහිත වූයේ පහසුවෙන් පෙරළිය නො හැක්කේ වේ ද, මහණෙනි, එසෙයින් ම සිතට ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි. ආධාර සහිත වූයේ පහසුවෙන් පෙරළිය නො හැක්කේ වේ යි.
Pali BJT1. 3. 8.
Sinhala BJT1. 3. 8.
Pali BJTසමාධිසුත්තං
Sinhala BJTසමාධි සූත්‍රය
Pali BJT28. සාවත්ථියං:
Sinhala BJT28. සැවැත්නුවර:
Pali BJTඅරියං වො භික්ඛවෙ, සම්මාසමාධිං දෙසිස්සාමි සඋපනිසං සපරික්ඛාරං. තං සුණාථ. කතමො ච භික්ඛවෙ, අරියො සම්මාසමාධි සඋපනිසො සපරික්ඛාරො, සෙය්යථිදං: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති{3} යා ඛො භික්ඛවෙ, ඉමෙහි සත්තහඞ්ගෙහි චිත්තස්ස එකග්ගතා සපරික්ඛාරතා{4} අයං වුච්චති භික්ඛවෙ, අරියො සම්මාසමාධි සඋපනිසො ඉතිපි සපරික්ඛාරො ඉතිපීති.
Sinhala BJTමහණෙනි, තොපට ප්‍රත්‍ය සහිත පිරිවර සහිත ආර්‍ය්‍ය වූ සම්‍යක් සමාධිය දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සප්‍රත්‍යය සපරිෂ්කාර ආර්‍ය්‍ය සම්‍යක් සමාධිය කවරේ ද යත්: “හේ මෙසේය: සම්මාදිට්ඨිය සම්මාසඞ්කප්පය සම්මාවාචා ය සම්මාකම්මන්තය සම්මාආජීව ය සම්මාවායාමය සම්මාසති” යි මහණෙනි, මේ සත්අඟින් සිතේ යම් එකඟබවෙක් වේ නම් එය සපරිෂ්කාර බවයි. මහණෙනි, මේ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය මෙසේ ප්‍රත්‍යය සහිත ය යි දු මෙසේ පිරිවර සහිත ය යි දු කියනු ලැබේ යි.
Pali BJT1. 3. 9.
Sinhala BJT1. 3. 9.
Pali BJTවෙදනාසුත්තං
Sinhala BJTවේදනා සූත්‍රය
Pali BJT29. සාවත්ථියං:
Sinhala BJT29. සැවැත්නුවර:
Pali BJTතිස්සො ඉමා භික්ඛවෙ, වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො වෙදනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං වෙදනානං පරිඤ්ඤාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං වෙදනානං පරිඤ්ඤාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJTමහණෙනි, මේ වේදනා තුනෙකි. කවරතුනෙක් ද යත්: සුව වේදනා යැ දුක් වේදනා යැ නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, මේ තුන් වේදනා යි. මහණෙනි, මේ තුන් වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස අරිඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක් ද යත් හේ මෙසේ ය: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, මේ තුන් වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස මේ අරිඅටඟිමඟ වැඩියයුතු යි.
Pali BJT1. 3. 10.
Sinhala BJT1. 3. 10.
Pali BJTඋත්තියසුත්තං
Sinhala BJTඋත්තිය සූත්‍රය
Pali BJT30. සාවත්ථියං:
Sinhala BJT30. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මා උත්තියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උත්තියො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. පඤ්ච කාමගුණා වුත්තා භගවතා. කතමෙ නු ඛො පඤ්ච කාමගුණා වුත්තා භගවතාති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි එකලා ව විවේකයෙන් හුන් මට මෙබඳු චිත්ත විතර්‍කයෙක් පහළවිය: භාග්‍යවතුන් වහන්සේ විසින් පස්කම්ගුණ කෙනෙක් වදාරන ලදහ. කවර පස්කම්ගුණ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද” යි.
Pali BJTසාධු සාධු උත්තිය, පඤ්චඛො මෙ උත්තිය, කාමගුණා වුත්තා මයා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො උත්තිය, පඤ්ච කාමගුණා වුත්තා මයා. ඉමෙසං ඛො උත්තිය, පඤ්චන්නං කාමගුණානං පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙසං ඛො උත්තිය, පඤ්චන්නං කාමගුණානං පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJTඋත්තිය, මැනව මැනව. උත්තිය, මේ පස්කම්ගුණ කෙනෙක් මවිසින් පවසන ලදහ. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාම සංහිත වූ ඇලුම් කටයුතු වූ ඇසින් දැක්කයුතු රූපයෝ ය ... කනින් ඇසියයුතු ශබ්දයෝ ය ... නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ ය ... දිවෙන් දතයුතු රසයෝ ය ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමසංහිත වූ ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්‍ශයෝ ය. උත්තිය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමසංහිත වූ ඇලුම් කටයුතු මේ පස්කම්ගුණයෝ මා විසින් පවසන ලදහ. උත්තිය, මේ පස්කම්ගුණයන්ගේ ප්‍රහානය පිණිස අරිඅටඟිමඟ වැඩියයුතු. කවර අරිඅටඟිමගෙක යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. උත්තිය, මේ පස්කම් ගුණයන්ගේ ප්‍රහානය පිණිස මේ අරිඅටඟිමගෙක වැඩියයුතු යි.
Pali BJTමිච්ඡත්තවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි මිච්ඡත්ත වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය මෙසේ ය:
Pali BJTමිච්ඡත්තං අකුසලධම්මං දුවෙ පටිපදා’පි ච, අසප්පුරිසෙන ද්වෙ කුම්භො සමාධි වෙදනුත්තියාති.
Sinhala BJTමිච්ඡත්ත සූත්‍රය, අකුසලධම්ම සූත්‍රය, පටිපදා සූත්‍ර දෙක ය. අසප්පුරිස සූත්‍ර දෙක ය, කුම්භ සමාධි වේදනා උත්තිය සූත්‍ර සතර යැයි සූත්‍ර දශයෙකි.
Pali BJT4. පටිපත්තිවග්ගො
Sinhala BJT4. පටිපත්ති වර්‍ගය
Pali BJT1. 4. 1.
Sinhala BJT1. 4. 1.
Pali BJTපටිපත්තිසුත්තං
Sinhala BJTපටිපත්ති සූත්‍රය
Pali BJT31. සාවත්ථියං:
Sinhala BJT31. සැවැත්නුවර:
Pali BJTමිච්ඡාපටිපත්තිඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි සම්මාපටිපත්තිඤ්ච. තං සුණාථ. කතමා ච භික්ඛවෙ, මිච්ඡාපටිපත්ති, සෙය්යථිදං: මිච්ඡාදිට්ඨි -පෙ- මිච්ඡාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, මිච්ඡාපටිපත්ති. කතමා ච, භික්ඛවෙ සම්මාපටිපත්ති, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, සම්මාපටිපත්තීති.
Sinhala BJTමහණෙනි, තොපට මිථ්‍යාප්‍රතිපත්තිය ද සම්‍යක්ප්‍රතිපත්තිය ද දෙසමි. එය අසවු. මහණෙනි, මිථ්‍යාප්‍රතිපත්ති කවර යත්: මිථ්‍යාදෘෂ්ටි යැ … මිථ්‍යාසමාධි යි. මහණෙනි මේ මිථ්‍යාප්‍රතිපදා යි කියනු ලැබෙ යි. මහණෙනි, සම්‍යක්ප්‍රතිපත්ති කවර යත්: සම්‍යක්දෘෂ්ටි ... සම්‍යක්සමාධි යි. මහණෙනි, මේ සම්‍යක්ප්‍රතිපදා යි කියනු ලැබේ.
Pali BJT1. 4. 2.
Sinhala BJT1. 4. 2.
Pali BJTපටිපන්නසුත්තං
Sinhala BJTපටිපන්න සූත්‍රය
Pali BJT32. සාවත්ථියං:
Sinhala BJT32. සැවැත්නුවර:
Pali BJTමිච්ඡාපටිපන්නඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි සම්මාපටිපන්නඤ්ච. තං සුණාථ. කතමො ච භික්ඛවෙ, මිච්ඡාපටිපන්නො: ඉධ භික්ඛවෙ, එකච්චො මිච්ඡාදිට්ඨිකො හොති -පෙ- මිච්ඡාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, මිච්ඡාපටිපන්නො. කතමො ච භික්ඛවෙ, සම්මාපටිපන්නො: ඉධ භික්ඛවෙ, එකච්චො සම්මාදිට්ඨිකො හොති -පෙ- සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, සම්මාපටිපන්නොති.
Sinhala BJTමහණෙනි, මිථ්‍යාප්‍රතිපත් ඇත්තහු ද සම්‍යක්ප්‍රතිපත් ඇත්තහු ද තොපට දෙසමි එය අසවු. මහණෙනි, මිථ්‍යාප්‍රතිපත් ඇත්තේ කවරෙ යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි … මිථ්‍යාසමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ මිථ්‍යාප්‍රතිපත් ඇත්තේ ය යි කියනු ලැබෙ යි. මහණෙනි, සම්‍යක්ප්‍රතිපත් ඇත්තේ කවරෙ යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි ... සම්‍යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි මේ සම්‍යක්ප්‍රතිපත් ඇත්තේ ය යි කියනු ලැබේ.
Pali BJT1. 4. 3.
Sinhala BJT1. 4. 3.
Pali BJTවිරද්ධසුත්තං
Sinhala BJTවිරද්ධ සූත්‍රය
Pali BJT33. සාවත්ථියං:
Sinhala BJT33. සැවැත්නුවර:
Pali BJTයෙසං කෙසඤ්චි භික්ඛවෙ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො විරද්ධො, විරද්ධො තෙසං අරියො අට්ඨඞ්ගිකො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො ආරද්ධො, ආරද්ධො තෙසං අරියො අට්ඨඞ්ගිකො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමී. කතමො ච භික්ඛවෙ, අරියො{1} අට්ඨඞ්ගිකො මග්ගො සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො විරද්ධො, විරද්ධො තෙසං අරියො අට්ඨඞ්ගිකො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො ආරද්ධො, ආරද්ධො තෙසං අරියො අට්ඨඞ්ගිකො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමීති.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් අරිඅටඟිමඟ වරදවන ලද ද, මැනැවින් දුක් ගෙවීමට යන අරිඅටඟිමඟ ඔවුන් විසින් වරදවන ලද ය. මහණෙනි, යම් කෙනකුන් විසින් අරිඅටඟිමඟ අරඹන ලද ද, මැනෙවින් දුක් ගෙවීමට යන අරිඅටඟිමඟ ඔවුන් විසින් අරඹන ලදී. මහණෙනි, අරිඅටඟිමඟ කවරෙ යත්: හේ මෙසේ ය: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ අරිඅටඟිමඟ වරදවන ලද ද, මෙනෙවින් දුක් ගෙවීමට යන මේ අරිඅටඟිමඟ ඔවුන් විසින් වරදවන ලද ය. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ අරිඅටඟිමඟ අරඹන ලද ද, මැනවින් දුක් ගෙවීමට යන මේ අරිඅටඟිමඟ ඔවුන් විසින් අරඹන ලද්දේ යි.
Pali BJT1. 4. 4.
Sinhala BJT1. 4. 4.
Pali BJTපාරඞ්ගමසුත්තං
Sinhala BJTපාරඞ්ගම සූත්‍රය
Pali BJT34. සාවත්ථියං:
Sinhala BJT34. සැවැත්නුවර:
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා අපාරා පාරඞ්ගමනාය සංවත්තන්ති. කතමෙ අට්ඨ: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ ධම්මා භාවිතා බහුලීකතා අපාරා පාරඞ්ගමනාය සංවත්තන්තීති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, මේ අට දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට (-සසරින් නිවනට) යෑම පිණිස පවතිත්. කවර අටෙකැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ අටදහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතරට යෑම පිණිස පවතිත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේකි:
Pali BJT1. අප්පකා තෙ මනුස්සෙසු යෙ ජනා පාරගාමිනො, අථායං ඉතරා පජා තීරමෙවානුධාවති.
Sinhala BJT1. යම් ජන කෙනෙක් පරතෙරට යනසුලු වෙද්ද, මිනිසුන් අතර ඔහු අල්පයහ. වැලි මේ තදන්‍ය ප්‍රජාව මෙතෙර ම (සසරෙහි ම) ධාවන කෙරෙයි.
Pali BJT2. යෙ ච ඛො සම්මදක්ඛාතෙ ධම්මෙ ධම්මානුවත්තිනො, තෙ ජනා පාරමෙස්සන්ති මච්චුධෙය්යං සුදුත්තරං.
Sinhala BJT2. යම් කෙනෙකුත් මොනවට වදහළ දහම්හි දහම් අනුව පවතින සුලු වෙද්ද, ඒ ජනයෝ සුදුස්තර වූ මාරධෙයය (සසර) හැර පරතෙරට යන්නාහ.
Pali BJT3. කණ්හං ධම්මං විප්පහාය සුක්කං භාවෙථ පණ්ඩිතො, ඔකා අනොකං ආගම්ම විවෙකෙ යත්ථ දූරමං. 4. තත්රාභිරතිමිච්ඡෙය්ය හිත්වා කාමෙ අකිඤ්චනො, පරියොදපෙය්ය අත්තානං චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.
Sinhala BJT3-4. පණ්ඩිත තෙමේ අකුසල්දහම් දුරු කොට කුසල්දහම් වඩනේ ය. නිවන ඇරබ සසරින් කාමයන් අත්හැර පලිබෝධ නැති ව යම් විවේකයක දුකසේ ඇලිය යුතු වේ නම් එහි ඇලීම කැමති වන්නේ ය. පණ්ඩිත තෙමේ කෙලෙසුන් කෙරෙන් සිත පිරිසිදු කරන්නේ යි.
Pali BJT5. යෙසං සම්බොධිඅඞ්ගෙසු සම්මා චිත්තං සුභාවිතං, ආදානපටිනිස්සග්ගෙ අනුපාදාය යෙ රතා ඛීණාසවා ජුතිමන්තො තෙ ලොකෙ පරිනිබ්බුතාති.
Sinhala BJT5. යම් කෙනකුන්ගේ සිත බෝධ්‍යඞ්ගයන්හි මැනවින් වඩන ලද ද, යම් කෙනෙක් උපාදාන රහිත ව නිවනෙහි ඇලුණාහු ද, ලෙව්හි බැබළීම් ඇති ඒ රහත්හු පිරිනිවියාහු යි.
Pali BJT1. 4. 5.
Sinhala BJT1. 4. 5.
Pali BJTසාමඤ්ඤසුත්තං
Sinhala BJTසාමඤ්ඤ සූත්‍රය
Pali BJT35. සාමඤ්ඤඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි සාමඤ්ඤඵලානි ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, සාමඤ්ඤං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, සාමඤ්ඤං. කතමානි ච භික්ඛවෙ, සාමඤ්ඤඵලානි: සොතාපත්තිඵලං සකදාගාමිඵලං අනාගාමිඵලං අරහත්තඵලං{1} ඉමානි වුච්චන්ති භික්ඛවෙ, සාමඤ්ඤඵලානීති.
Sinhala BJT35. මහණෙනි, මහණුවම් ද මහණුවම්හි ඵල ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මහණුවම කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කවරෙ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ මහණුවමැ යි කියනු ලැබේ. මහණෙනි, මහණුවම්හි ඵල කවරෙ යත්: සෝතාපත්තිඵලය සකදාගාමිඵලය අනාගාමීඵලය අරහත්තඵල යි. මහණෙනි, මොහු මහණුවම්හි ඵල යැ යි කියනු ලැබේ යි.
Pali BJT1. 4. 6.
Sinhala BJT1. 4. 6.
Pali BJTදුතිය සාමඤ්ඤසුත්තං
Sinhala BJTදෙවන සාමඤ්ඤ සූත්‍රය
Pali BJT36. සාමඤ්ඤඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි සාමඤ්ඤත්ථඤ්ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, සාමඤ්ඤං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, සාමඤ්ඤං. කතමො ච භික්ඛවෙ, සාමඤ්ඤත්ථො: යො ඛො භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. අයං වුච්චති භික්ඛවෙ, සාමඤ්ඤත්ථොති.
Sinhala BJT36. මහණෙනි, ශ්‍රමණධර්‍මයත් ශ්‍රමණධර්‍මයෙහි ඵලත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්‍රමණධර්‍මය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි ඒ කවරැ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්‍රමණධර්‍මය යි කියනු ලැබේ. මහණෙනි, ශ්‍රමණධර්‍මයෙහි ඵල කවරෙ යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි මේ ශ්‍රමණධර්‍මයෙහි ඵලැ යි කියනු ලැබේ යි.
Pali BJT1. 4. 7.
Sinhala BJT1. 4. 7.
Pali BJTබ්රහ්මඤ්ඤසුත්තං
Sinhala BJTබ්‍රහ්මඤ්ඤ සූත්‍රය
Pali BJT37. බ්රහ්මඤ්ඤඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි, බ්රහ්මඤ්ඤඵලානි ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, බ්රහ්මඤ්ඤං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, බ්රහ්මඤ්ඤං. කතමානි ච භික්ඛවෙ, බ්රහ්මඤ්ඤඵලානි: සොතාපත්තිඵලං සකදාගාමිඵලං අනාගාමිඵලං අරහත්තඵලං. ඉමානි වුච්චන්ති භික්ඛවෙ, බ්රහ්මඤ්ඤඵලානීති.
Sinhala BJT37. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වයත් ශ්‍රේෂ්ඨත්‍වයෙහි ඵලත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්‍රේෂ්ඨත්‍වය යි කියනු ලැබේ. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වයෙහි ඵල කවරෙ යත්: සෝතාපත්තිඵලය සකදාගාමිඵලය අනාගාමීඵලය අරහත්තඵල යි. මහණෙනි, මොහු ශ්‍රේෂ්ඨත්‍වයෙහි ඵල යැ යි කියනු ලැබේ යි.
Pali BJT1. 4. 8.
Sinhala BJT1. 4. 8.
Pali BJTදුතිය බ්රහ්මඤ්ඤසුත්තං
Sinhala BJTදෙවන බ්‍රහ්මඤ්ඤ සූත්‍රය
Pali BJT38. බ්රහ්මඤ්ඤඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි බ්රහ්මඤ්ඤත්ථඤ්ච. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, බ්රහ්මඤ්ඤං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, බ්රහ්මඤ්ඤං. කතමො ච භික්ඛවෙ, බ්රහ්මඤ්ඤත්ථො: යො ඛො භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, අයං වුච්චති භික්ඛවෙ, බ්රහ්මඤ්ඤත්ථොති.
Sinhala BJT38. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වයත් ශ්‍රේෂ්ඨත්‍වයෙහි ප්‍රයෝජනත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්‍රේෂ්ඨත්‍වය යැ යි කියනු ලැබේ. මහණෙනි, ශ්‍රේෂ්ඨත්‍වයෙහි ප්‍රයෝජන කවරෙ යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මේ ශ්‍රේෂ්ඨත්‍වයෙහි ප්‍රයෝජනැ යි කියනු ලැබේ යි.