Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11601-11700 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. 1. 1.
Sinhala BJT1. 1. 1.
Pali BJTඅවිජ්ජාසුත්තං
Sinhala BJTඅවිජ්ජා සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච: අවිජ්ජා භික්ඛවෙ, පුබ්බඞ්ගමා අකුසලානං ධම්මානං සමාපත්තියා අන්වදෙව{1} අහිරිකං අනොත්තප්පං. අවිජ්ජාගතස්ස භික්ඛවෙ අවිද්දසුනො මිච්ඡාදිට්ඨි පහොති. මිච්ඡාදිට්ඨිස්ස මිච්ඡාසඞ්කප්පො පහොති. මිච්ඡාසඞ්කප්පස්ස මිච්ඡාවාචා පහොති. මිච්ඡාවාචස්ස මිච්ඡාකම්මන්තො පහොති. මිච්ඡාකම්මන්තස්ස මිච්ඡාආජීවො පහොති. මිච්ඡාආජීවස්ස මිච්ඡාවායාමො පහොති. මිච්ඡාවායාමස්ස මිච්ඡාසති පහොති. මිච්ඡාසතිස්ස මිච්ඡාසමාධි පහොති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලද, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූසේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, පවට ලැජ්ජා නැතිකම හා බිය නැති කම සමගම උපදනා අවිද්‍යාව අකුසල් දහම් ඉපැද්මට පෙරටු වෙයි. අවිද්‍යාවෙන් යුත් අඥානයාහට මිථ්‍යාදෘෂ්ටිය උපදී. මිථ්‍යාදෘෂ්ටිය ඇත්තහුට මිථ්‍යාසඞ්කල්පය උපදී. මිථ්‍යාසඞ්කල්පය ඇත්තහුට මිථ්‍යාවචන උපදී. මිථ්‍යාවචන ඇත්තහුට මිථ්‍යාකර්‍මාන්ත වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇත්තහුට මිථ්‍යාආජීවය වෙයි. මිථ්‍යාආජීව ඇත්තහුට මිථ්‍යාව්‍යායාම වෙයි. මිථ්‍යාව්‍යායාම ඇත්තහුට මිථ්‍යාස්මෘති වෙයි. මිථ්‍යාස්මෘති ඇත්තහුට මිථ්‍යාසමාධි වේ.
Pali BJTවිජ්ජා ච ඛො භික්ඛවෙ පුබ්බඞ්ගමා කුසලානං ධම්මානං සමාපත්තියා අන්වදෙව හිරොත්තප්පං. විජ්ජාගතස්ස භික්ඛවෙ විද්දසුනො සම්මාදිට්ඨි පහොති. සම්මාදිට්ඨිස්ස සම්මාසඞ්කප්පො පහොති. සම්මාසඞ්කප්පස්ස සම්මාවාචා පහොති. සම්මාවාචස්ස සම්මාකම්මන්තො පහොති. සම්මාකම්මන්තස්ස සම්මාආජීවො පහොති. සම්මාආජීවස්ස සම්මාවායාමො පහොති. සම්මාවායාමස්ස සම්මාසති පහොති. සම්මාසතිස්ස සම්මාසමාධි පහොතීති.
Sinhala BJTමහණෙනි, හිරිඔතප් දෙක සමග ම උපදනා විද්‍යාව කුසල්දහම් ඉපැද්මට පෙරටු වෙයි. විද්‍යාවෙන් යුත් පණ්ඩිතයාහට සම්‍යග්දෘෂ්ටි උපදී. සම්‍යග්දෘෂ්ටි ඇත්තහුට සම්‍යක්සඞ්කල්ප උපදී. සම්‍යක්සඞ්කල්ප ඇත්තහුට සම්‍යග්වචන උපදී. සම්‍යග්වචන ඇත්තහුට සම්‍යක්කර්‍මාන්ත වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තහුට සම්‍යග්ආජීව වෙයි. සම්‍යක්ආජීව ඇත්තහුට සම්‍යග්ව්‍යායාම වෙයි. සම්‍යග්ව්‍යායාම ඇත්තහුට සම්‍යක්ස්මෘති වෙයි. සම්‍යක්ස්මෘති ඇත්තහුට සම්‍යක්සමාධි වේ.
Pali BJT1. 1. 2.
Sinhala BJT1. 1. 2.
Pali BJTඋපඩ්ඪසුත්තං
Sinhala BJTඋපඩ්ඪ සූත්‍රය
Pali BJT2. එවං මෙ සුතං, එකං සමයං භගවා සක්කෙසු{1} විහරති, නාගරකං{2} නාම සක්යානං නිගමො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: උපඩ්ඪමිදං භන්තෙ, බ්රහ්මචරියස්ස යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතාති. මා හෙවං ආනන්ද,{3} මා හෙවං ආනන්ද, සකලමෙව හිදං ආනන්ද, බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතා. කල්යාණමිත්තස්සෙතං ආනන්ද, භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති.
Sinhala BJT2. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වේ නාගරක නම් ශාක්‍යයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. වහන්ස, යම් කලණ මිතුරන් ඇති බවෙක්, කලණ යහළුවන් ඇති බවෙක්, කළණයන් කෙරෙහි නැමෙන සුළු බවෙක් වේ ද මෙය බඹසර පිළිබඳ සම අඩෙකැ යි. ආනන්‍දය, එසේ නො කිය, ආනන්‍දය, එසේ නො කිය, ආනන්‍දය යම් කලණ මිතුරන් ඇති බවෙක්, කලණ යහළුවන් ඇති බවෙක්, කළණයන් කෙරෙහි නැමෙනසුළු බවෙක් වේද, මෙය මුළුබඹසර යි. ආනන්‍දය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කළණයන් කෙරෙහි නැමෙන සුළු මහණ අරිඅටඟිමග වඩන්නේය. අරිඅටඟිමග බහුල කරන්නේ යන මෙය කැමති විය යුතුය.
Pali BJTකථඤ්චානන්ද, භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධානන්ද, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාසඞ්කප්පං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාවාචං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාකම්මන්තං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාආජීවං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාවායාමං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාසතිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො ආනන්ද, භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති.
Sinhala BJTආනන්‍දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩාද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ආනන්‍දය, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට, නිවනට නැමෙනසුලුකොට සම්‍යග්දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට නිවනට නැමෙනසුලුකොට සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්වචනය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක් කර්‍මාන්තය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්ආජීවය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්වය්‍යයාමය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක්ස්මෘතිය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක්මාධිය වඩයි. ආනන්‍දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ මෙසේ අරිඅටඟිමග වඩයි. අරිඅටඟිමග බහුල කෙරෙයි.
Pali BJTතදමිනාපෙතං ආනන්ද, පරියායෙන වෙදිතබ්බං: යථා සකලමෙවහිදං බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතා{4}ති. මමං හි ආනන්ද, කල්යාණමිත්තං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති,
Sinhala BJTආනන්‍දය, යම් කලණ මිතුරන් ඇති බවෙක් කලණ යහළුවන් ඇතිබවෙක්, කලණයන් කෙරෙහි නැමෙනසුලු බවෙක් වේද, මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනු දු දතයුතු: ආනන්‍දය, කලණ මිත් වූ මා කරාම පැමිණ උපත ස්වභාව කොට ඇති සත්‍වයෝ උපතින් මිදෙත්, ජරාව ස්වභාව කොට ඇති සත්‍වයෝ ජරායෙන් මිදෙත්,
Pali BJTමරණධම්මා සත්තා මරණෙන පරිවුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති. ඉමිනා ඛො එතං ආනන්ද, පරියායෙන වෙදිතබ්බං. යථා: සකලමෙවහිදං බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතාති.
Sinhala BJTමරණය ස්වභාව කොට ඇති සත්‍වයෝ මරණයෙන් මිදෙත්, ශෝකය පරිදේවය දුක දොම්නස දැඩි ආයාසය යන මෙයින් මිදෙත්. ආනන්‍දය, යම් කලණ මිතුරන් ඇති බවෙක් කලණ යහළුවන් ඇති බවෙක්, කලණයන් කෙරෙහි නැමෙනසුලු බවෙක් වේද, මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනු දු දතයුතු යි.
Pali BJT1. 1. 3.
Sinhala BJT1. 1. 3.
Pali BJTසාරිපුත්තසුත්තං
Sinhala BJTසාරිපුත්ත සූත්‍රය
Pali BJT3. සාවත්ථියං:
Sinhala BJT3. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: සකලමෙවිදං භන්තෙ, බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතාති. සාධු, සාධු, සාරිපුත්ත, සකලමෙවිදං සාරිපුත්ත බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතා. කල්යාණමිත්තස්සෙතං සාරිපුත්ත, භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය ම මුළු බඹසර යි. ශාරිපුත්‍රය, මැනවි මැනවි. ශාරිපුත්‍රය, යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ නම් මෙය ම මුළු බඹසර යි. ශාරිපුත්‍රය, අරිඅටඟිමග වඩන්නේ ය. අරිඅටඟිමග බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණහු විසින් කැමති වියයුතු යි.
Pali BJTකථඤ්ච සාරිපුත්ත, භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ සාරිපුත්ත, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං සම්මාසඞ්කප්පං භාවෙති -පෙ- සම්මාවාචං භාවෙති -පෙ- සම්මාකම්මන්තං භාවෙති -පෙ- සම්මාආජීවං භාවෙති -පෙ- සම්මාවායාමං භාවෙති -පෙ- සම්මාසතිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො සාරිපුත්ත, භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති.
Sinhala BJTශාරිපුත්‍රය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩා ද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ශාරිපුත්‍රය, මෙසස්නෙහි මහණ විවේකනිශ්‍රිත කොට විරාගනිශ්‍රිත කොට නිරෝධනිශ්‍රිත කොට ව්‍යවසර්‍ගපරිනාම කොට සම්‍යග්දෘෂ්ටිය වඩයි. ... සම්‍යක්සඞ්කල්පය වඩයි ... සම්‍යග්වචනය වඩයි ... සම්‍යක්කර්‍මාන්තය වඩයි ... සම්‍යගාජීවය වඩයි ... සම්‍යග්ව්‍යායාමය වඩයි ... සම්‍යක්ස්මෘතිය වඩයි ... විවේකනිශ්‍රිත කොට නිරෝධනිශ්‍රිත කොට ව්‍යවසර්‍ගපරිනාම කොට සම්‍යක්සමාධිය වඩයි. ශාරිපුත්‍රය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණ මෙසේ අරිඅටඟිමග වඩන්නේ ය. අරිඅටඟිමග බහුල කරන්නේ ය.
Pali BJTතදමිනාපෙතං සාරිපුත්ත, පරියායෙන වෙදිතබ්බං: යථා සකලමෙවිදං බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතා. මමං හි සාරිපුත්ත, කල්යාණමිත්තං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති, ජරාධම්මා සත්තා ජරාය පරිමුච්චන්ති, මරණධම්මා සත්තා මරණෙන පරිමුච්චන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා සත්තා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසෙහි පරිමුච්චන්ති. ඉමිනා ඛො එතං සාරිපුත්ත, පරියායෙන වෙදිතබ්බං: යථා සකලමෙවිදං බ්රහ්මචරියං යදිදං කල්යාණමිත්තතා කල්යාණසහායතා කල්යාණසම්පවඞ්කතාති.
Sinhala BJTශාරිපුත්‍රය, යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ ද, මෙය යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනදු දතයුතු: එසේ මැ ය, ශාරිපුත්‍රය, කල්‍යාණමිත්‍ර වූ මා කරා පැමිණ ජාතිධර්‍මසත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත්. ජරාධර්‍මසත්ත්‍වයෝ ජරායෙන් මිදෙත්. මරණධර්‍මයසත්ත්‍වයෝ මරණයෙන් මිදෙත්. ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍යෙපායාසධර්‍ම සත්ත්‍වයෝ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍යෙපායාසයෙන් මිදෙත්. ශාරිපුත්‍රය, යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්‍වයෙක් කල්‍යාණසම්ප්‍රවඞ්කත්‍වයෙක් වේ ද මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනදු දතයුතු යි.
Pali BJT1. 1. 4.
Sinhala BJT1. 1. 4.
Pali BJTබ්රාහ්මණසුත්තං
Sinhala BJTබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT4. සාවත්ථියං:
Sinhala BJT4. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො ආයස්මා ආනන්දො ජාණුස්සොණිං බ්රාහ්මණං සබ්බසෙතෙන වළභීරථෙන{1} සාවත්ථියං නිය්යායන්තං. සෙතා සුදං අස්සා යුත්තා හොන්ති. සෙතාලඞ්කාරා සෙතො රථො සෙතපරිවාරො සෙතා රස්මියො සෙතා පතොදලට්ඨි සෙතං ඡත්තං සෙතං උණ්හීසං සෙතානි වත්ථානි සෙතා උපාහනා සෙතාය සුදං වාලවිජනියා විජීය්යති.{2} තමෙනං ජනො දිස්වා එවමාහ: “බ්රහ්මං වත භො යානං බ්රහ්මයානරූපං{3} වත භො”ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ හැම සුදු වෙළඹුන් යෙදූ රියෙකින් සැවැත්නුවරින් නික්මෙන ජාණුස්සෝණි බමුණා දුටහ. (එ රියෙහි) සුදු පළඳනා ඇති සුදු වූ ම අශ්වයෝ යොදන ලද්දාහු වෙති. රිය සුදු ය, පරිවාරෝපකරණ ද සුදු ය. රැහැන් සුදු ය. කෙවිට සුදු ය. ඡත්‍රය සුදු ය. නළල්පට සුදු ය. වස්ත්‍ර සුදු ය. වාහන් සුදු ය. සුදු වූ ම වල්විදුනායෙකින් පවන් සලනු ලැබේ. තුලුන් දැක ජනයා මෙසේ කියයි: “පින්වත්නි, ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ යානයෙකි, පින්වත්නි, ඒකාන්තයෙන් බ්‍රහ්මයාගේ යානය වැනි යානයෙකැ”යි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො සාවත්ථියං පිණ්ඩාය පවිසිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසිං. අද්දසං ඛ්වාහං භන්තෙ ජාණුස්සොණිං බ්රාහ්මණං සබ්බසෙතෙන වළභීරථෙන සාවත්ථියා නිය්යායන්තං. සෙතා සුදං අස්සා යුත්තා හොන්ති. සෙතාලඞ්කාරා, සෙතො රථො, සෙතපරිවාරො, සෙතා රස්මියො, සෙතා පතොදලට්ඨි, සෙතං ඡත්තං, සෙතං උණ්හීසං, සෙතානි වත්ථානි, සෙතා උපාහනා, සෙතාය සුදං වාලවීජනියා විජිය්යති. තමෙනං ජනො දිස්වා එවමාහ: “බ්රහ්මං වත භො යානං බ්රහ්මයානරූපං{3} වත භො”ති. සක්කා නු ඛො භන්තෙ ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මයානං පඤ්ඤාපෙතුන්ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සැවැත්නුවර පිඬු පිණිස පිවිස පසුබතැ පිණ්ඩපාතයෙන් වැළැකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ, එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස මම හැම සුදු වෙළඹුන් යෙදූ රියෙකින් සැවැත්නුවරින් නික්මෙන ජාණුස්සෝණි බමුණා දිටිමි. සුදු වූ ම අශ්වයෝ යොදන ලද්දාහු වෙති. සුදු අබරණ ය, සුදු රිය ය, (ඇතිරිලි ඈ) සුදු පිරිවර ය, සුදු රැහැන් ය, සුදු කෙවිට ය, සුදු ඡත්‍ර ය, සුදු නළල්පට ය, සුදු වස්ත්‍ර ය, සුදු වහන් ය, සුදු වූ ම වල්විදුනායෙකින් පවන් සලනු ලැබේ. මොහු දැක ජනයා මෙසේ කියයි: “පින්වත්නි, ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ යානයෙකි, පින්වත්නි, ඒකාන්තයෙන් බ්‍රහ්මයානය වැනි යානයෙකැ”යි. වහන්ස, මෙ සස්නෙහි බ්‍රහ්මයානයක් පනවන්නට හැකි වේ දැ යි.
Pali BJTසක්කා ආනන්දාති භගවා අවොච. ඉමස්සෙව ඛො එතං ආනන්ද, අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං. බ්රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරො සඞ්ගාමවිජයො ඉතිපි. සම්මාදිට්ඨි ආනන්ද භාවිතා බහුලීකතා රාගවිනයපරියොසානා හොති. දොසවිනයපරියොසානා හොති. මොහවිනයපරියොසානා හොති. සම්මාසඞ්කප්පො ආනන්ද, භාවිතො බහුලීකතො රාගවිනයපරියොසානො හොති, දොසවිනයපරියොසානො හොති, මොහවිනයපරියොසානො හොති. සම්මාවාචා ආනන්ද, භාවිතා බහුලීකතා රාගවිනයපරියොසානා හොති, දොසවිනයපරියොසානා හොති, මොහවිනයපරියොසානා හොති. සම්මාකම්මන්තො ආනන්ද, භාවිතො බහුලීකතො රාගවිනයපරියොසානො හොති, දොසවිනයපරියොසානො හොති,
Sinhala BJT“හැකි ය ආනන්‍දය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ආනන්‍දය, බ්‍රහ්මයාන යනු ද ධම්මයාන යනු ද අනුත්තරසඞ්ගාමවිජය යනු ද මේ අරිඅටඟිමඟට ම තෙල නමෙකි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාදිට්ඨිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාසඞ්කප්පය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාවාචාව රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාකම්මන්තය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය,
Pali BJTමොහවිනයපරියොසානො හොති. සම්මාආජීවො ආනන්ද, භාවිතො බහුලීකතො රාගවිනයපරියොසානො හොති, දොසවිනයපරියොසානො හොති, මොහවිනයපරියොසානො හොති. සම්මාවායාමො ආනන්ද, භාවිතො බහුලීකතො රාගවිනයපරියොසානො හොති, දොසවිනයපරියොසානො හොති, මොහවිනයපරියොසානො හොති. සම්මාසති ආනන්ද, භාවිතා බහුලීකතා රාගවිනයපරියොසානා හොති, දොසවිනයපරියොසානා හොති, මොහවිනයපරියොසානා හොති. සම්මාසමාධි ආනන්ද භාවිතො බහුලීකතො රාගවිනයපරියොසානො හොති, දොසවිනයපරියොසානො හොති, මොහවිනයපරියොසානො හොති.
Sinhala BJTවඩන ලද බහුල කරන ලද සම්මාආජීවය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාවායාමය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාසතිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාසමාධිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි.
Pali BJTඉමිනා ඛො එතං ආනන්ද, පරියායෙන වෙදිතබ්බං යථා ඉමස්සෙතං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං බ්රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි, අනුත්තරො සඞ්ගාමවිජයො ඉතිපීති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJT“ආනන්‍දය, බ්‍රහ්මයාන යනු ද ධම්මයාන යනු ද අනුත්තරසඞ්ගාමවිජය යනු දැ යි යම් සේ මේ අරිඅටඟිමඟට තෙල නමෙක් වේ නම් එය මෙ නයින් දතයුතු ය” යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේක:
Pali BJT1. යස්ස සද්ධා ච පඤ්ඤා ච - ධම්මා යුත්තා සදා{1} ධුරං, හිරි ඊසා මනො යොත්තං - සති ආරක්ඛසාරථි.
Sinhala BJT1. යම් ආර්‍ය්‍යමාර්‍ගයානයෙක ශ්‍රද්ධාව ද ප්‍රඥාවද යන ධර්‍මයෝ හැම කල්හි ධුරයෙහි යෙදුණාහු ද, ලජ්ජාව රියහිස වේ ද, (විදර්‍ශනා හා මාර්‍ග) සිත යොත වේ ද, සිහිය ආරක්‍ෂක රියැදුරා වේ ද,
Pali BJT2. රථො සීලපරික්ඛාරො - ඣානක්ඛො චක්කවීරියො, උපෙඛා{2} ධුරසමාධි - අනිච්ඡා පරිවාරණං.
Sinhala BJT2. (ආර්‍ය) අෂ්ටාඞ්ගික මාර්‍ග නැමැති රථය ශීලය අලඞ්කාර කොට ඇත්තේ ද ධ්‍යානය අකුර කොට ඇත්තේ ද වීර්‍ය්‍යය චක්‍ර කොට ඇත්තේ ද, උපේක්‍ෂාව ධුර සමත්‍වය කොට ඇත්තේ ද, අලෝභය ආවරණය කොට ඇත්තේ ද,
Pali BJT3. අව්යාපාදො{3} අවිහිංසා - විවෙකො යස්ස ආවුධං, තිතික්ඛා වම්මසන්නාහො{4} - යොගක්ඛෙමාය වත්තති.
Sinhala BJT3. අව්‍යාපාද අවිහිංසා (ත්‍රිවිධ) විවේක යන පස යම් රථයයෙක ආවුධ වේ ද ඉවසීම පැළඳගත් යුද්ධ සැට්ටය වේ ද, නිවන පිණිස පවතී ද,
Pali BJT4. එතදත්තනි සම්භූතං - බ්රහ්මයානං අනුත්තරං, නිය්යන්ති ධීරා ලොකම්හා - අඤ්ඤදත්ථු ජයං ජයන්ති.
Sinhala BJT4. නිරුත්තර වූ මේ බ්‍රහ්මයානය හෙවත් ශ්‍රේෂ්ඨ යානය තමා කෙරෙහි හටගත්තේ නම් (ඒ) ප්‍රාඥයෝ ඒකාන්තයෙන් (රාගාදීන්) දිනමින් ලෝකයෙන් නික්මෙති යි.
Pali BJT1. 1. 5.
Sinhala BJT1. 1. 5.
Pali BJTකිමත්ථියසුත්තං
Sinhala BJTකිමත්‍ථිය සූත්‍රය
Pali BJT5. සාවත්ථියං:
Sinhala BJT5. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ නො භන්තෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අම්හෙ එවං පුච්ඡන්ති. කිමත්ථියං, ආවුසො, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතීති? එවං පුට්ඨා මයං භන්තෙ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරොම. දුක්ඛස්ස ඛො ආවුසො පරිඤ්ඤත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතීති. කච්චි මයං භන්තෙ එවං පුට්ඨා එවං ව්යාකරමානා වුත්තවාදිනො චෙව භගවතො හොම? න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛාම, ධම්මස්ස චානුධම්මං ව්යාකරොම, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතීති?
Sinhala BJTඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මෙහි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ අප පුළුවුසිත්: “ඇවැත්නි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ?” යි වහන්ස, මෙසේ පුළුවුස්නා ලද අපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසම්හ: “ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ” යි. වහන්ස, කිම? එසේ පුළුවුස්නා ලද අපි මෙසේ පවසන්නමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නමෝ වමු ද? “භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද චෝදනා කරමෝ ද? දහමට අනුදහමක් පවසමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ දැ?” යි.
Pali BJTතග්ඝ තුම්හෙ භික්ඛවෙ, එවං පුට්ඨා එවං ව්යාකරමානා වුත්තවාදිනො චෙව මෙ හොථ, න ච මං අභූතෙන අබ්භාචික්ඛථ, ධම්මස්ස චානුධම්මං ව්යාකරොථ, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡති. දුක්ඛස්ස හි භික්ඛවෙ, පරිඤ්ඤත්ථං මයි බ්රහ්මචරියං වුස්සති. සචෙ වො{1} භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං, අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස දුක්ඛස්ස පරිඤ්ඤායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: “අත්ථි ඛො ආවුසො, මග්ගො අත්ථි පටිපදා එතස්ස දුක්ඛස්ස පරිඤ්ඤායා”ති. කතමො ච භික්ඛවෙ, මග්ගො කතමා පටිපදා එතස්ස දුක්ඛස්ස පරිඤ්ඤාය: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා එතස්ස දුක්ඛස්ස පරිඤ්ඤායාති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
Sinhala BJTමහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ පවසන්නහු ඒකාන්තයෙන් මා විසින් කියන ලද්දක් කියන්නහු වවු. මට අභූතයෙන් නො ද චෝදනා කරවු. දහමට ද අනුදහමක් පවසවු. කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නොද පැමිණේ. “මහණෙනි, දුක පිරිසිඳ දැනගැනුම පිණිස මා කෙරෙහි බඹසර වෙසේ. “මහණෙනි, ඉදින් මේ දුක පිරිසිඳ දැනගනු පිණිස මඟෙක් ඇද්ද? පිළිවෙතක් ඇද්ද” යි අන්තොටු පිරිවැජියෝ මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු: “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස මඟෙක් ඇත, පිළිවෙතක් ඇතැ” යි. මහණෙනි, මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස මඟ කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමඟ ම ය. ඒ මෙසේ යි: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස මේ මග ය, මේ පිළිවෙතැ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මෙසේ විසඳන්නහු යි.
Pali BJT1. 1. 6.
Sinhala BJT1. 1. 6.
Pali BJTභික්ඛුසුත්තං
Sinhala BJTභික්‍ෂු සූත්‍රය
Pali BJT6. සාවත්ථියං:
Sinhala BJT6. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “බ්රහ්මචරියං බ්රහ්මචරිය”න්ති භන්තෙ, වුච්චති. කතමන්නු ඛො භන්තෙ, බ්රහ්මචරියං? කතමං බ්රහ්මචරියපරියොසානන්ති? අයමෙව ඛො භික්ඛු, අරියො අට්ඨඞ්ගිකො මග්ගො බ්රහ්මචරියං, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යො ඛො භික්ඛු, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො ඉමං බ්රහ්මචරියපරියොසානන්ති.
Sinhala BJTඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, ‘බ්‍රහ්මචරිය ය බ්‍රහ්මචරිය’ යි කියනු ලැබේ. වහන්ස, බ්‍රහ්මචරියය කවරේ ද, බ්‍රහ්මචරියෙහි කෙළවර කවරේ දැ?” යි. මහණ මේ අරිඅටඟිමඟ ම බ්‍රහ්මචරිය ය. ඒ මෙසේ යි: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණ, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ බ්‍රහ්මචර්‍ය්‍යායෙහි කෙළවර යි.
Pali BJT1. 1. 7.
Sinhala BJT1. 1. 7.
Pali BJTදුතිය භික්ඛුසුත්තං
Sinhala BJTදුතිය භික්‍ෂු සූත්‍රය
Pali BJT7. සාවත්ථියං:
Sinhala BJT7. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: රාගවිනයො දොසවිනයො මොහවිනයොති භන්තෙ, වුච්චති. කිස්ස නු ඛො එතං භන්තෙ, අධිවචනං රාගවිනයො දොසවිනයො මොහවිනයොති? නිබ්බානධාතුයා ඛො එතං භික්ඛු, අධිවචනං රාගවිනයො දොසවිනයො මොහවිනයොති. ආසවානං ඛයො තෙන වුච්චතීති. එවං වුත්තෙ සො භික්ඛු භගවන්තං එතදවොච: අමතං අමතන්ති භන්තෙ, වුච්චති. කතමන්නු ඛො භන්තෙ, අමතං, කතමො අමතගාමීමග්ගොති? යො සො භික්ඛු රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො ඉදං වුච්චති අමතං. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො අමතගාමීමග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධීති.
Sinhala BJTඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, ‘රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය’ යි කියනු ලැබේ. වහන්ස, රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය යි තෙල කුමකට නම් වේ දැ?” යි. “මහණ, රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය යි තෙල නිර්‍වාණ ධාතුවට මේ නම් ය. එයින් ආස්‍රවක්‍ෂය කියනු ලැබේ” යි. මෙසේ කී කල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, “අමත ය අමත ය” යි කියනු ලැබේ, වහන්ස, අමෘතය කවරේ ද, අමෘතගාමී මාර්‍ගය කවරේ දැ?යි. මහණ, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ “අමෘත ය”යි කියනු ලැබේ. මේ අරිඅටඟිමඟ ම “අමෘතගාමී මාර්‍ගය යි”. ඒ මෙසේ යි: “සම්‍යග්දෘෂ්ටි ය ... සම්‍යක්සමාධි” යි.
Pali BJT1. 1. 8.
Sinhala BJT1. 1. 8.
Pali BJTවිභඞ්ගසුත්තං
Sinhala BJTවිභඞ්ග සූත්‍රය
Pali BJT8. සාවත්ථියං:
Sinhala BJT8. සැවැත්නුවර:
Pali BJTඅරියං වො භික්ඛවෙ, අට්ඨඞ්ගිකං මග්ගං දෙසිස්සාමි, විභජිස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච: කතමො ච භික්ඛවෙ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. කතමා ච භික්ඛවෙ, සම්මාදිට්ඨි? යං ඛො භික්ඛවෙ, දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං. අයං වුච්චති භික්ඛවෙ, සම්මාදිට්ඨි.
Sinhala BJTමහණෙනි, අරිඅටඟිමඟ තොපට දේශනා කරන්නෙමි, බෙදා දක්වන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු, කියමි යි. ‘වහන්ස එසේ ය’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: මහණෙනි, අරිඅටඟි මඟ කවරේ ද, ඒ මෙසේයි: ‘සම්මාදිට්ඨිය ... සම්මාසමාධි’ යි. මහණෙනි, සම්මාදිට්ඨිය කවර යත්: මහණෙනි, දුකෙහි යම් දැනීමෙක්, දුක හටගැනීමෙහි යම් දැනීමෙක්, දුක වැළකීමෙහි යම් දැනීමෙක්, දුක වැළකීමට යන පිළිවෙතෙහි යම් දැනීමෙක් වේ නම් මහණෙනි මේ “සම්මාදිට්ඨි” යයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාසඞ්කප්පො: යො ඛො භික්ඛවෙ, නෙක්ඛම්මසඞ්කප්පො අව්යාපාදසංකප්පො අවිහිංසාසඞ්කප්පො, අයං වුච්චති භික්ඛවෙ, සම්මාසඞ්කප්පො.
Sinhala BJTමහණෙනි සම්මාසඞ්කප්පය කවරේ ද යත්: මහණෙනි යම් නෛෂ්ක්‍රම්‍ය සඞ්කල්පයක්, අව්‍යාපාදසඞ්කල්පයෙක්, අවිහිංසාසඞ්කල්පයෙක් වේ නම්, මහණෙනි, මේ ‘සම්මාසඞ්කප්ප’ යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාවාචා: යා ඛො භික්ඛවෙ, මුසාවාදා වෙරමණී පිසුනාය වාචාය වෙරමණී ඵරුසාය වාචාය වෙරමණී සම්ඵප්පලාපා වෙරමණී. අයං වුච්චති භික්ඛවෙ, සම්මාවාචා.
Sinhala BJTමහණෙනි, සම්මාවාචා කවර යත්: මහණෙනි, යම් මුසාවායෙන් වැළකීමෙක්, පිසුනු වදනින් වැළකීමෙක්, රළු වදනින් වැළකීමෙක්, හිස්වදනින් වැළකීමෙක් වේ නම්, මහණෙනි මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාකම්මන්තො: යා ඛො භික්ඛවෙ, පාණාතිපාතා වෙරමණී අදින්නාදානා වෙරමණී අබ්රහ්මචරියා වෙරමණී. අයං වුච්චති භික්ඛවෙ, සම්මාකම්මන්තො.
Sinhala BJTමහණෙනි, සම්මාකම්මන්තය කවරේ ද යත්: මහණෙනි, යම් පණිවායෙන් වැළකීමෙක්, අයිනාදනින් වැළකීමෙක්, අබ්‍රම්සරින් වැළකීමෙක් වේ නම්, මහණෙනි, මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාආජීවො: ඉධ භික්ඛවෙ, අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිතං කප්පෙති, අයං වුච්චති භික්ඛවෙ, සම්මාආජීවො.
Sinhala BJTමහණෙනි, සම්මාආජීවය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරිසවු තෙමේ වැරදි දිවිපෙවෙත හැර යහපත් දිවිපෙවෙතින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, මේ ‘සම්මාආජීව’ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාවායාමො: ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති භික්ඛවෙ, සම්මාවායාමො.
Sinhala BJTමහණෙනි, සම්මාවායාමය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ නූපන් පවිටු අකුසල් දහම් නො ඉපදීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. උපන් පවිටු අකුසල් දහම් පැහීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. නූපන් කුසල් දහම් ඉපදීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම පිණිස නො මුළාව පිණිස බොහෝබව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරිපුන්බව පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. මහණෙනි, මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාසති: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති භික්ඛවෙ, සම්මාසති.
Sinhala BJTමහණෙනි, සම්මාසතිය කවර යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව කාය ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසෙයි. වේදනාවන්හි වේදනා අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (විඳුම්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. සිත්හි සිත් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (සිත්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. දහම්හි දහම් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (දහම්) ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සම්මාසමාධි: ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙඛකො ච විහරති, සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ, සම්මාසමාධීති.
Sinhala BJTමහණෙනි, සම්මාසමාධිය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. විතර්‍ක විචාර සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ද්වීතිය ධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතිය ද වැළකීමෙන් උපේක්‍ෂා ද ඇති ව වෙසේ. සිහි ද ඇතිව මනාදැනුමුත් ඇතිව කයින් සුවත් විඳී, උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුව විහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමක් සඳහා කියත් නම් ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වෙසේ. සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පෙර ම සොම්නස්දොම්නසුන්ගේ පහ ව යෑමෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සම්මාසමාධි යි කියනු ලැබේ යි.
Pali BJT1. 1. 9.
Sinhala BJT1. 1. 9.
Pali BJTසූකසුත්තං
Sinhala BJTසූක සූත්‍රය
Pali BJT9. සාවත්ථියං:
Sinhala BJT9. සැවැත්නුවර:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සාලිසූකං වා යවසූකං වා මිච්ඡාපණිහිතං හත්ථෙන වා පාදෙන වා අක්කන්තං හත්ථං වා පාදං වා භෙච්ඡති{1} ලොහිතං වා උප්පාදෙස්සතීති නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු: මිච්ඡාපණිහිතත්තා භික්ඛවෙ, සූකස්ස. එවමෙව ඛො භික්ඛවෙ, සො වත භික්ඛු මිච්ඡාපණිහිතාය දිට්ඨියා මිච්ඡාපණිහිතාය මග්ගභාවනාය අවිජ්ජං හෙච්ඡති{1} විජ්ජං උප්පාදෙස්සති නිබ්බානං සච්ඡිකරිස්සතීති. නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු: මිච්ඡාපණිහිතත්තා භික්ඛවෙ, දිට්ඨියා.
Sinhala BJTමහණෙනි, යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ වරදවා තබන ලද්දේ ද (එය) අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා වරදවා තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ තෙමේ වරදවා පිහිටුවන ලද දෘෂ්ටියෙන් වරදවා පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය තමා වරදවා පිහිටුවන ලද බැවිනි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සාලිසූකං වා යවසූකං වා සම්මාපණිහිතං, හත්ථෙන වා පාදෙන වා අක්කන්තං හත්ථං වා පාදං වා හෙච්ඡති{1} ලොහිතං වා උප්පාදෙස්සතීති ඨානමෙතං විජ්ජති. තං කිස්ස හෙතු. සම්මාපණිහිතත්තා භික්ඛවෙ, සූකස්ස. එවමෙව ඛො භික්ඛවෙ, සො වත භික්ඛු සම්මාපණිහිතාය දිට්ඨියා සම්මාපණිහිතාය මග්ගභාවනාය අවිජ්ජං හෙච්ඡති විජ්ජං උප්පාදෙස්සති නිබ්බානං සච්ඡිකරිස්සතීති. ඨානමෙතං විජ්ජති. තං කිස්ස හෙතු. සම්මාපණිහිතත්තා භික්ඛවෙ, දිට්ඨියා.
Sinhala BJTමහණෙනි, යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ මැනවින් තබන ලද්දේ ද (එය) අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා මැනවින් තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය තමා මැනවින් පිහිටුවන ලද බැවිනි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු සම්මාපණිහිතාය දිට්ඨියා සම්මාපණිහිතාය මග්ගභාවනාය අවිජ්ජං භින්දති විජ්ජං උප්පාදෙති{1} නිබ්බානං සච්ඡිකරොති{2} ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවඤ්චෙ සො{3} භික්ඛවෙ, භික්ඛු සම්මාපණිහිතාය දිට්ඨියා සම්මාපණිහිතාය මග්ගභාවනාය අවිජ්ජං භින්දති විජ්ජං උප්පාදෙති නිබ්බානං සච්ඡිකරොතීති.
Sinhala BJTමහණෙනි, මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් මහණ තෙමේ කෙසේ නම් අවිද්‍යාව බිඳී ද, විද්‍යාව උපදවා ද නිවන පසක් කෙරේ ද, මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත කොට විරාගනිස්සිත කොට නිරෝධනිස්සිත කොට වොස්සග්ගපරිණාමි කොට සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත කොට විරාගනිස්සිත කොට නිරෝධනිස්සිත කොට වොස්සග්ගපරිණාමි කොට සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේත් මේ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳියි, විද්‍යාව උපදවයි, නිවන පසක් කෙරේ යි.
Pali BJT1. 1. 10.
Sinhala BJT1. 1. 10.
Pali BJTනන්දියසුත්තං
Sinhala BJTනන්‍දිය සූත්‍රය
Pali BJT10. සාවත්ථියං:
Sinhala BJT10. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො නන්දියො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිස්සින්නො ඛො නන්දියො පරිබ්බාජකො භගවන්තං එතදවොච: කති නු ඛො භො ගොතම, ධම්මා භාවිතා බහුලීකතා නිබ්බානගමා{4} හොන්ති නිබ්බානපරායණා නිබ්බානපරියොසානාති? අට්ඨ{5} ඛො නන්දිය, ධම්මා භාවිතා බහුලීකතා නිබ්බානගමා හොති නිබ්බානපරායණා නිබ්බානපරියොසානා. කතමෙ අට්ඨ, සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙ ඛො නන්දිය, අට්ඨ ධම්මා භාවිතා බහුලීකතා නිබ්බානගමා හොන්ති නිබ්බානපරායණා නිබ්බානපරියොසානාති.
Sinhala BJTඑකල්හි නන්‍දිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් නන්‍දිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: භවත් ගෞතමයෙනි, කෙතෙක් දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙද්දැ? යි. නන්‍දිය, අට දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. නන්‍දිය, මේ අට දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති යි.
Pali BJTඑවං වුත්තෙ නන්දියො පරිබ්බාජකො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං වා ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මං පකාසිතො. එසාහං භන්තෙ, භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි නන්‍දිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් දහම් පවසන ලද්දේ ය. වහන්ස, මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම්‍ කොට සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්ව යි.
Pali BJTඅවිජ්ජාවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි අවිජ්ජාවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඅවිජ්ජා ච උපඩ්ඪං ච සාරිපුත්තො ච බ්රාහ්මණො, කිමත්ථියො ච ද්වෙ භික්ඛූ විභඞ්ගො සූකනන්දියාති.
Sinhala BJTඅවිජ්ජා සූත‍්‍රය ද උපඩ්ඪ සූත්‍රය ද සාරිපුත්ත සූත්‍රය ද බ්‍රාහ්මණ සූත්‍රය ද කිමත්‍ථිය සූත්‍රය ද භික්ඛු සූත්‍ර දෙක ද විභඞ්ග සූත්‍රය ද සූකනන්‍දිය සූත්‍ර දෙක දැ යි දශ සූත්‍ර කෙනෙකි.
Pali BJT2. විහාරවග්ගො
Sinhala BJT2. විහාර වර්‍ගය
Pali BJT1. 2. 1.
Sinhala BJT1. 2. 1.
Pali BJTවිහාරසුත්තං
Sinhala BJTවිහාර සූත්‍රය
Pali BJT11. සාවත්ථියං:
Sinhala BJT11. සැවැත්නුවර:
Pali BJTඉච්ඡාමහං භික්ඛවෙ, අඩ්ඪමාසං{1} පතිසල්ලියිතුං{2}. නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනාති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නාස්සුධ කොචි භගවන්තං උපසඞ්කමති, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන. අථ ඛො භගවා තස්ස අඩ්ඪමාසස්ස අච්චයෙන පටිසල්ලානා වුට්ඨිතො භික්ඛූ ආමන්තෙසි. යෙන ස්වාහං භික්ඛවෙ, විහාරෙන පඨමාභිසම්බුද්ධො විහරාමි, තස්ස පදෙසෙන විහාසිං. සො එවං පජානාමි. මිච්ඡාදිට්ඨිපච්චයාපි වෙදයිතං, සම්මාදිට්ඨිපච්චයාපි වෙදයිතං, මිච්ඡාසඞකප්පපච්චයාපි වෙදයිතං, සම්මාසඞකප්පපච්චයාපි වෙදයිතං, මිච්ඡාවාචාපච්චයාපි වෙදයිතං, සම්මාවාචාපච්චයාපි වෙදයිතං, මිච්ඡාකම්මන්තපච්චයාපි වෙදයිතං, සම්මාකම්මන්තපච්චයාපි වෙදයිතං, මිච්ඡාආජීවපච්චයාපි වෙදයිතං, සම්මාආජීවපච්චයාපි වෙදයිතං, මිච්ඡාවායාමපච්චයාපි වෙදයිතං, සම්මාවායාමපච්චයාපි වෙදයිතං, මිච්ඡාසතිපච්චයාපි වෙදයිතං, සම්මාසතිපච්චයාපි වෙදයිතං, මිච්ඡාසමාධිපච්චයාපි වෙදයිතං, සම්මාසමාධිපච්චයාපි වෙදයිතං. ඡන්දපච්චයාපි වෙදයිතං, විතක්කපච්චයාපි වෙදයිතං, සඤ්ඤාපච්චයාපි වෙදයිතං.
Sinhala BJTමහණෙනි, මම අඩවසක් එකලා වැ වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවෙකු භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවේකසුවයෙන් නැගී සිටි සේක් භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, මම බුදු වැ පළමු කොට යම් විහරණයෙකින් විසුයෙම් නම් එහි පෙදෙසකින් යුතු ව විසුවෙමි. මම මෙසේ දනිමි; “මිච්ඡාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාසඞ්කප්පහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාසඞ්කප්පහේතුවෙන් ද වේදනාව වෙයි. මිච්ඡාවාචාහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාවාචාහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාකම්මන්තහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාකම්මන්තහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාආජීවහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාආජීව හේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාවායාමහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාවායාමහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාසතිහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාසතිහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාසමාධි හේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාසමාධිහේතුවෙන් ද වේදනාව වෙයි, ඡන්‍දහේතුවෙන් ද වේදනාව වෙයි, විතක්කහේතුවෙන් ද වේදනාව වෙයි, සඤ්ඤාහේතුවෙන් ද වේදනාව වෙයි.
Pali BJTඡන්දො ච අවුපසන්තො හොති, විතක්කා ච{3} අවුපසන්තා හොන්ති, සඤ්ඤා ච අවුපසන්තා හොන්ති{4}, තප්පච්චයාපි වෙදයිතං, (ඡන්දො ච වූපසන්තො හොති, විතක්කා ච අවුපසන්තා හොන්ති, සඤ්ඤා ච අවුපසන්තා හොන්ති, තප්පච්චයාපි වෙදයිතං, ඡන්දො ච වූපසන්තො හොති, විතක්කා ච වූපසන්තා හොන්ති, සඤ්ඤා ච අවුපසන්තා හොන්ති, තප්පච්චයාපි වෙදයිතං{5}.) ඡන්දො ච වූපසන්තො හොති, විතක්කා ච වූපසන්තා හොන්ති, සඤ්ඤා ච වූපසන්තා හොන්ති, තප්පච්චයාපි වෙදයිතං, අප්පත්තස්ස පත්තියා අත්ථි වායාමො,{6} තස්මිම්පි ඨානෙ අනුප්පත්තෙ තප්පච්චයාපි වෙදයිතන්ති.
Sinhala BJTඡන්‍දයත් නො සන්හුන්නේ වෙයි. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දය සන්හුන්නේ වේ. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝ නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. නො පැමිණි (රහත්බවට) පැමිණීමට වෑයමෙක් ඇත. එකරුණ ද පැමිණි කල්හි ඒ හේතුවේනුද වේදනාව වේ ය යි.
Pali BJT1. 2. 2.
Sinhala BJT1. 2. 2.
Pali BJTදුතියවිහාරසුත්තං
Sinhala BJTදෙවන විහාර සූත්‍රය
Pali BJT12. සාවත්ථියං:
Sinhala BJT12. සැවැත්නුවර:
Pali BJTඉච්ඡාමහං භික්ඛවෙ, තෙමාසං පතිසල්ලියිතුං. නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා’ති. “එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නාස්සුධ කොචි භගවන්තං උපසඞ්කමති අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන. අථ ඛො භගවා තස්ස තෙමාසස්ස අච්චයෙන පටිසල්ලානා වුට්ඨිතො භික්ඛූ ආමන්තෙසි: යෙන ස්වාහං භික්ඛවෙ, විහාරෙන පඨමාභිසම්බුද්ධො විහරාමි, තස්ස පදෙසෙන{1} විහාසිං. සො එවං පජානාමි, මිච්ඡාදිට්ඨිපච්චයාපි වෙදයිතං, මිච්ඡාදිට්ඨිවූපසමපච්චයාපි වෙදයිතං, සම්මාදිට්ඨිපච්චයාපි වෙදයිතං, සම්මාදිට්ඨිවූපසමපච්චයාපි වෙදයිතං, (සබ්බං විත්ථාරෙතබ්බං) -පෙ- මිච්ඡාසමාධිපච්චයාපි වෙදයිතං, මිච්ඡාසමාධිවූපසමපච්චයාපි වෙදයිතං, සම්මාසමාධිපච්චයාපි වෙදයිතං, සම්මාසමාධිවූපසමපච්චයාපි වෙදයිතං, ඡන්දපච්චයාපි වෙදයිතං, ඡන්දවූපසමපච්චයාපි වෙදයිතං, විතක්කපච්චයාපි වෙදයිතං, විතක්කවූපසමපච්චයාපි වෙදයිතං, සඤ්ඤාපච්චයාපි වෙදයිතං, සඤ්ඤාවූපසමපච්චයාපි වෙදයිතං.
Sinhala BJTමහණෙනි, මම තෙමසක් එකලා වැ වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි යි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. (ඉක්බිති) පිණ්ඩපාතය රැගෙන එන එක් මහණෙකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස ඇවෑමෙන් විවේකයෙන් නැගී සිටිසේක් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මම බුදු ව පළමු කොට යම් විහරණයෙකින් විසුවෙම් නම් එහි පෙදෙසකින් යුතු ව විසුවෙමි. මම මෙසේ දනිමි. මිච්ඡාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාදිට්ඨි වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. සම්මාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි. සම්මාදිට්ඨි වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. (සියල්ල විතර කට යුතුයි) … මිච්ඡාසමාධිහේතුවෙන් ද වේදනාව වෙයි. මිච්ඡාසමාධි වූපසම හේතුවෙන්ද වේදනාව වෙයි. සම්මාසමාධි හේතුවෙන්ද වේදනාව වෙයි. සම්මාසමාධි වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. ඡන්‍ද හේතුවෙනුදු වේදනාව වෙයි, ඡන්‍ද වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. විතක්ක හේතුවෙන් ද වේදනාව වෙයි. විතක්ක වූපසම හේතුවෙන් ද වේදනාව වෙයි. සඤ්ඤාහේතුවෙන් ද වේදනාව වෙයි. සඤ්ඤාවූපසම හේතුවෙනුදු වේදනාව වෙයි.
Pali BJTඡන්දො ච අවුපසන්තො හොති, විතක්කා ච අවුපසන්තා හොන්ති, සඤ්ඤා ච අවුපසන්තා හොන්ති, තප්පච්චයාපි වෙදයිතං, ඡන්දො ච වූපසන්තො හොති, විතක්කා ච අවුපසන්තා හොන්ති, සඤ්ඤා ච අවුපසන්තා හොන්ති, ඡන්දො ච වූපසන්තො හොති, විතක්කා ච වූපසන්තා හොන්ති, තප්පච්චයාපි වෙදයිතං. සඤ්ඤා ච අවුපසන්තා හොන්ති, තප්පච්චයාපි වෙදයිතං. ඡන්දො ච වූපසන්තො හොති, විතක්කා ච වූපසන්තා හොන්ති, සඤ්ඤා ච වූපසන්තා හොන්ති, තප්පච්චයාපි වෙදයිතං. අප්පත්තස්ස පත්තියා අත්ථි වායාමං, තස්මිම්පි ඨානෙ අනුප්පත්තෙ තප්පච්චයාපි වෙදයිතන්ති.
Sinhala BJTඡන්‍දයත් නො සන්හුන්නේ වෙයි. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දය සන්හුන්නේ වේ. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝ නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්‍දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන් ද වේදනාව වේ. නො පැමිණි (අර්‍හත්‍වයට) පැමිණීම පිණිස වෑයමෙක් ඇත. එකරුණ ද පැමිණි කල්හි ඒ හේතුවේනුද වේදනාව වේ යි.
Pali BJT1. 2. 3.
Sinhala BJT1. 2. 3.
Pali BJTසෙඛසුත්තං
Sinhala BJTසේඛ සූත්‍රය
Pali BJT13. සාවත්ථියං:
Sinhala BJT13. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “සෙඛො සෙඛො”ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, සෙඛො හොතීති? ඉධ භික්ඛු, සෙඛාය සම්මාදිට්ඨියා සමන්නාගතො හොති. සෙඛෙන සම්මාසඞ්කප්පෙන සමන්නාගතො හොති. සෙඛාය සම්මාවාචාය සමන්නාගතො හොති. සෙඛෙන සම්මාකම්මන්තෙන සමන්නාගතො හොති. සෙඛෙන සම්මාආජීවෙන සමන්නාගතො හොති. සෙඛෙන සම්මාවායාමෙන සමන්නාගතො හොති. සෙඛාය සම්මාසතියා සමන්නාගතො හොති. සෙඛෙන සම්මාසමාධිනා සමන්නාගතො හොති. එත්තාවතා ඛො, භික්ඛු, සෙඛො හොතීති.
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. වහන්ස, “සේඛය, සේඛ යයි කියනු ලැබේ” යි වහන්ස, කෙතෙකින් සේඛ වේ දෝ?” යි මෙසස්නෙහි මහණ සේඛ වූ සම්මාදිට්ඨීයෙන් යුතු වූයේ වේද සේඛ වූ සම්මාසඞ්කප්පයෙන් යුතු වූයේ වේද සේඛ වූ සම්මාවාචායෙන් යුතු වූයේ වේ ද සේඛ වූ සම්මාකම්මන්තයෙන් යුතු වූයේ වේ ද, සේඛ වූ සම්මා ආජීවයෙන් යුතු වූයේ වේද සේඛ වූ සම්මාවායාමයෙන් යුතු වූයේ වේ ද සේඛ වූ සම්මාසතියෙන් යුතු වූයේ වේ ද සේඛ වූ සම්මාසමාධියෙන් යුතු වූයේ වේ ද, මෙතෙකින් මහණ සේඛ වේ යි.
Pali BJT1. 2. 4.
Sinhala BJT1. 2. 4.
Pali BJTඋප්පාදසුත්තං
Sinhala BJTඋප්පාද සූත්‍රය
Pali BJT14. සාවත්ථියං:
Sinhala BJT14. සැවැත්නුවර:
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස. කතමෙ අට්ඨ: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ ධම්මා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්සාති.
Sinhala BJTමහණෙනි, මේ අටදහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්‍හත් සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ පහළවීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: එනම් සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය ... යි මහණෙනි, මේ අට දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්‍හත් සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ පහළවීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිති යි.
Pali BJT1. 2. 5.
Sinhala BJT1. 2. 5.
Pali BJTදුතියඋප්පාදසුත්තං
Sinhala BJTදෙවන උප්පාද සූත්‍රය
Pali BJT15. සාවත්ථියං:
Sinhala BJT15. සැවැත්නුවර:
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ අට්ඨ: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ ධම්මා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJTමහණෙනි, මේ අට දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු බුදුසසුනෙන් අන්තැනෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක් ද යත්: එනම් සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මහණෙනි, මේ අට දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තැනෙක නූපන්නාහු නූපදිති යි.
Pali BJT1. 2. 6.
Sinhala BJT1. 2. 6.
Pali BJTපරිසුද්ධසුත්තං
Sinhala BJTපරිසුද්ධ සූත්‍රය
Pali BJT16. සාවත්ථියං:
Sinhala BJT16. සැවැත්නුවර:
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, ධම්මා පරිසුද්ධා පරියොදාතා අනඞ්ගණා විගතූපක්කිලෙසා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස. කතමෙ අට්ඨ: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨධම්මා පරිසුද්ධා පරියොදාතා අනඞ්ගණා විගතූපක්කිලෙසා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්සාති.
Sinhala BJTපරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම් කෙනෙක් තථාගත අර්‍හත් සම්මා සම්බුදු රාජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මහණෙනි, පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම්හු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිති යි.
Pali BJT1. 2. 7.
Sinhala BJT1. 2. 7.
Pali BJTදුතියපරිසුද්ධසුත්තං
Sinhala BJTදෙවන පරිසුද්ධ සූත්‍රය
Pali BJT17. සාවත්ථියං:
Sinhala BJT17. සැවැත්නුවර:
Pali BJTඅට්ඨිමෙ භික්ඛවෙ, ධම්මා පරිසුද්ධා පරියොදාතා අනඞ්ගණා විගතූපක්කිලෙසා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ අට්ඨ: සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ ධම්මා පරිසුද්ධා පරියොදාතා අනඞ්ගණා විගතූපක්කිලෙසා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJTමහණෙනි, පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම කෙනෙක් බුදුසන්නෙන් අන්තැනෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම්හු බුදුසසුනෙන් අන් තැනෙක නූපන්නාහු නූපදිති යි.
Pali BJT1. 2. 8.
Sinhala BJT1. 2. 8.
Pali BJTකුක්කුටාරාමසුත්තං
Sinhala BJTකුක්කුටාරාම සූත්‍රය