Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11501-11600 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යත්ර හි නාම සත්ථු{1} චෙව සාවිකාය ච අත්ථෙන අත්ථො ව්යඤ්ජනෙන ව්යඤ්ජනං සංසන්දිස්සති සමෙස්සති න විහායිස්සති{2} යදිදං අග්ගපදස්මිං. එකමිදාහං භන්තෙ සමයං ඛෙමං භික්ඛුනිං උපසඞ්කමිත්වා එතමත්ථං ආපුච්ඡිං. සා පි මෙ අය්යා එතෙහි පදෙහි එතෙහි ව්යඤ්ජනෙහි එතමත්ථං ව්යාකාසි සෙය්යථාපි භගවා. අච්ඡරියං භන්තෙ අබ්භුතං භන්තෙ, යත්ර හි නාම සත්ථු චෙව සාවිකාය ච අත්ථෙන අත්ථො ව්යඤ්ජනෙන ව්යඤ්ජනං සංසන්දිස්සති සමෙස්සති න විහායිස්සති යදිදං අග්ගපදස්මිං. හන්ද ච දානි මයං භන්තෙ ගච්ඡාම. බහුකිච්චා මයං බහුකරණීයාති. යස්සදානි ත්වං මහාරාජ කාලං මඤ්ඤසීති. අථ ඛො රාජා පසෙනදි කොසලො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමීති.
Sinhala BJTවහන්ස අසිරියෙකි, වහන්ස අද්භූත ය. යම්හෙයෙකින් දේශනායෙහි ලා ශාස්තෲන් වහන්සේගේ ද ශ්‍රාවිකාවගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳේ ද සමවේ ද විරුද්ධ නො වේ ද (එහෙයිනි). වහන්ස, එක්සමයක මම ඛේමා මෙහෙණ වෙත එළඹ මේ අරුත පිළිවිසීමි. ඒ ආර්‍ය්‍යාව ද භාග්‍යවතුන් වහන්සේ මෙන් මේ පදවලින් මේ ව්‍යඤ්ජනවලින් මේ අර්‍ත්‍ථය මට පැවසුවා ය. වහන්ස අසිරියෙකි, වහන්ස අද්භූත ය. යම් හෙයෙකින් දේශනායෙහි ලා ශාස්තෲන් වහන්සේගේ ද ශ්‍රාවිකාවගේත් අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳේ ද සම වේ ද විරුද්ධ නො වේ ද (එහෙයිනි). වහන්ස අපි දැන් යම්හ, අපි බොහෝ කිස ඇත්තමෝ බොහෝ කටයුතු ඇත්තමෝ වම්හ යි. මහරජ තෙපි දැන් ඒ සඳහා කල් දැන යි. එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJT10. 1. 2.
Sinhala BJT10. 1. 2.
Pali BJTඅනුරාධසුත්තං
Sinhala BJTඅනුරාධ සූත්‍රය
Pali BJT2277. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන ආයස්මා අනුරාධො භගවතො අවිදූරෙ අරඤ්ඤකුටිකායං විහරති. අථ ඛො සම්බහුලා අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා යෙනායස්මා අනුරාධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා අනුරාධෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ආයස්මන්තං අනුරාධං එතදවොචුං: යො සො ආවුසො අනුරාධ, තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො, තං තථාගතො ඉමෙසු චතූසු ඨානෙසු පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: “හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති.
Sinhala BJT2277. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි වනකිළියෙක වෙසෙති. එකල්හි බොහෝ වූ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරාධ තෙරුන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙය කීහ: ඇවැත්නි, අනුරාධයෙනි, උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ ශ්‍රේෂ්ඨ ප්‍රාප්තියට පැමිණි යම් ඒ සත්ත්‍වයෙක් වේ නම් තථාගත තෙමේ ඔහු පනවන්නේ “සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නොවේ යයි හෝ යන මේ සිවුකරුණෙහි ලා පනවා දැ” යි.
Pali BJTයො සො ආවුසො තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො, තං තථාගතො අඤ්ඤත්ර ඉමෙහි චතූහි ඨානෙහි පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: “හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණාති වා හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති. එවං වුත්තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ආයස්මන්තං අනුරාධං එතදවොචුං: යො{3} චායං භික්ඛු නවො භවිස්සති අචිරපබ්බජිතො, ථෙරො වා පන බාලො අව්යත්තොති. අථ තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ආයස්මන්තං අනුරාධං නවවාදෙන ච බාලවාදෙන ච අපසාදෙත්වා උට්ඨායාසනා පක්කමිංසු.
Sinhala BJTඇවැත්නි උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ ශ්‍රේෂ්ඨප්‍රාප්තියට පැමිණි යම් ඒ සත්ත්‍වයෙක් වේ නම් ඔහු පනවන තථාගතයන් වහන්සේ සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නොම වේ නොම නො වේ යයි හෝ” යන මේ සිවු කරුණෙන් වෙන්ව පනවන සේකැයි. මෙසේ කීකල් හි ඒ අන්තොටු පිරිවැජ්ජෝ ආයුෂ්මත් අනුරාධ තෙරණුවන්ට මෙය කීහ: මේ මහණ අලුත පැවිදි වූ නවකයෙක් වන. මහලු වූයේ ද බාලයෙක, අව්‍යත්තයෙකැ යි. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ නවකවාදයෙනුත් බාලවාදයෙනුත් ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට අවමන් කොට හුනස්නෙන් නැගී ගියහ.
Pali BJTඅථ ඛො ආයස්මතො අනුරාධස්ස අචිරපක්කන්තෙසු තෙසු අඤ්ඤතිත්ථියෙසු පරිබ්බාජකෙසු එතදහොසි: සචෙ ඛො මං තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා උත්තරිං පුච්ඡෙය්යුං, කථං ව්යාකරමානො නු ඛ්වාහං තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං වුත්තවාදී චෙව භගවතො අස්සං, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්යං, ධම්මස්ස චානුධම්මං ව්යාකරෙය්යං, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡෙය්යාති. අථ ඛො ආයස්මා අනුරාධො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා අනුරාධො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජන් ගිය නොබෝ වේලාවෙකින් ආයුෂ්මත් අනුරාධ තෙරුන්ට මෙබඳු සිතෙක් විය: ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතු මා පැන පුළුවුස්නාහු නම් මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට කෙසේ විසඳන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෙකු වන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද ගරහා කියන්නෙම් ද, දහමට ද අනුදහමක් පවසන්නෙම් ද කරුණු සහිත කිසිවාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නො ද පැමිණෙන්නේ දැ යි. ඉක්බිති ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ: එකත්පස් ව හුන් ආයුෂ්මත් අනුරාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහස්සේට මෙය සැලකළහ.
Pali BJTඉධාහං භන්තෙ, භගවතො අවිදූරෙ අරඤ්ඤකුටිකායං විහරාමි. අථ ඛො භන්තෙ සම්බහුලා අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මම සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො භන්තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා මං එතදවොචුං: යො සො ආවුසො අනුරාධ තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිප්පත්තො තං තථාගතො ඉමෙසු චතූසු ඨානෙසු පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: “හොති තථාගතො පරම්මරණාති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති. එවං වුත්තාහං භන්තෙ තෙ අඤ්ඤතිත්ථියෙ පරිබ්බාජකෙ එතදවොචුං: යො සො ආවුසො තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිප්පත්තො තං තථාගතො අඤ්ඤත්රිමෙහි චතූහි ඨානෙහි පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: “හොති තථාගතො පරම්මරණාති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති.
Sinhala BJTවහන්ස, මෙහි මම භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි වනකිළියක වෙසෙමි. වහන්ස, එකල්හි බොහෝ වූ අන්තොටු පිරිවැජ්ජෝ මා වෙත එළඹියහ. එළඹ මා සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. වහන්ස එකත්පස්ව හුන් අන්තොටු පිරිවැජ්ජෝ මට මෙය කීහ: ඇවැත්නි, අනුරාධයෙනි, උත්තම පුරුෂ වූ පරම පුරුෂ වූ ශ්‍රේෂ්ඨප්‍රාප්තියට පැමිණි යම් මේ සත්ත්‍වයෙක් වේ නම් ඔහු පනවන තථාගත තෙමේ “සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නොම වේ නොම නො වේ යයි” හෝ යන මේ සිවු කරුණෙහි ලා පනවා දැ යි. වහන්ස, එසේ කී කල්හි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මම මෙය කීයෙමි. ඇවැත්නි උත්තම පුරුෂ වූ පරමපුරුෂ වූ ශ්‍රේෂ්ඨ ප්‍රාප්තියට පැමිණි යම් මේ සත්ත්‍වයෙක් වේ නම් ඔහු පනවන තථාගතයන් වහන්සේ “සත්ත්‍වයා මරණින් මතු වේයයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වේ යයි ... නො ම නො වේ යයි” හෝ යන මේ සිවු කරුණෙන් වෙන්ව පනවති යි.
Pali BJTඑවං වුත්තෙ භන්තෙ තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා මං එතදවොචුං: යො චායං භික්ඛු නවො භවිස්සති අචිරපබ්බජිතො, ථෙරො වා පන බාලො අව්යත්තොති. අථ ඛො මං භන්තෙ තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා නවවාදෙන ච බාලවාදෙන ච අපසාදෙත්වා උට්ඨායාසනා පක්කමිංසු. තස්ස මය්හං භන්තෙ අචිරපක්කන්තෙසු තෙසු අඤ්ඤතිත්ථියෙසු පරිබ්බාජකෙසු එතදහොසි: සචෙ ඛො මං තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා උත්තරිං පුච්ඡෙය්යුං, කථං ව්යාකරමානො නු ඛ්වාහං තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං වුත්තවාදී චෙව භගවතො අස්සං, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්යං, ධම්මස්ස චානුධම්මං ව්යාකරෙය්යං, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡෙය්යාති.
Sinhala BJTවහන්ස මෙසේ කී කල්හි ඒ අන්තොටු පිරිවැජ්ජෝ මට මෙය කීහ. ‘මේ මහණ අලුත පැවිදි වූ නවකයෙක් වන. මහලු වූයේ නමුත් බාලයෙක, අව්‍යක්තයෙකැ’යි. වහන්ස ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ නවක වාදයෙනුත්, බාල වාදයෙනුත් මට අවමන් කොට හුනස්නෙන් නැඟී ගියහ. වහන්ස, ඒ අන්තොටු පිරිවැජ්ජන් ගිය නොබෝ වේලාවකින් මට මෙබඳු සිතෙක් විය: ඉඳින් ඒ අන්තොටු පිරිවැජ්ජෝ මතු මා පැන පුළුවුස්නාහු නම්, මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට කෙසේ විසඳන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක් කියන්නෙකුත් වන්නෙම් ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද ගරහා කියන්නෙම් ද, දහමට ද අනුදහමක් පවසන්නෙම් ද, කරුණු සහිත කිසි වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ දැ? යි.
Pali BJTතං කිම්මඤ්ඤසි අනුරාධ, රූපං නිච්චං වා අනිච්චං වාති. අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති. නො හෙතං භන්තෙ. වෙදනා නිච්චා වා අනිච්චා වාති -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති. අනිච්චං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං වා සුඛං වාති. දුක්ඛං භන්තෙ. යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති. නො හෙතං භන්තෙ.
Sinhala BJTඅනුරාධ, ඒ කිමැයි හඟිවු ද? රූප නිත්‍ය වේ ද, නොහොත් අනිත්‍ය වේ දැ යි. වහන්ස අනිත්‍ය ය. යමක් අනිත්‍ය වේ නම්, එය දුක් වේ ද, නොහොත් සුව වේ දැ යි. වහන්ස දුක් වෙයි. යමක් අනිත්‍ය වේ නම්, දුක් නම්, වෙනස් වන සුලු නම් තෙල ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම’ යයි දක්නට සුදුසු වේ දැ යි. වහන්ස, මෙය නොවේ ම ය. වේදනාව නිත්‍ය වේ ද, නොහොත් අනිත්‍ය වේ ද ... සංඥාව ... සංස්කාර … විඥානය නිත්‍ය වේ ද, නොහොත් අනිත්‍ය වේදැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම්, එය දුක් වේ ද, නොහොත් සුව වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වන සුලු නම් එය ‘මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය’ යි දක්නට සුදුසු වේ දැ යි. වහන්ස මෙය නොවේ ම ය.
Pali BJTතස්මාතිහ අනුරාධ, යං කිඤ්චිරූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං: “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා අතීතානාගතපච්චුප්පන්නා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා සබ්බං විඤ්ඤාණං: “නෙතං මම, නෙසො’හමස්මි, නමෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTඅනුරාධ, එහෙයින් මෙහි ලා අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයකුත් වේ ද ඒ සියලු රූපය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතු සේ මනා නුවණින් දැක්ක යුතු. අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ යම් කිසි වේදනාවක් වේ ද ... යම් කිසි සංඥාවක් වේ ද … යම් කිසි සංස්කාර කෙනෙක් වෙත් ද … අතීත වූ හෝ අනාගත වූ පච්චුපන්න වූ හෝ අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයෙකුත් වේ ද, ඒ සියලු විඥානය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු.
Pali BJTඑවං පස්සං අනුරාධ, සුතවා අරියසාවකො රූපස්මිම්පි නිබ්බින්දති. වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTඅනුරාධ, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ රූපයෙහිත් කලකිරෙයි, වේදනාවෙහිත් කලකිරෙයි, සංඥාවෙහිත් කලකිරෙයි, සංස්කාරයන්හිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරණ ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගනී.
Pali BJTතං කිංමඤ්ඤසි අනුරාධ, රූපං තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. වෙදනං තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. සඤ්ඤං තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. සඞ්ඛාරෙ තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. විඤ්ඤාණං තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. තං කිංමඤ්ඤසි අනුරාධ, රූපස්මිං තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. අඤ්ඤත්ර රූපා තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. වෙදනාය තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. අඤ්ඤත්ර වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- අඤ්ඤත්ර සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- අඤ්ඤත්ර සඞ්ඛාරෙහි -පෙ- විඤ්ඤාණස්මිං තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. අඤ්ඤත්ර විඤ්ඤාණා තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. තං කිංමඤ්ඤසි අනුරාධ, රූපං -පෙ- වෙදනං -පෙ- සඤ්ඤං{1} -පෙ- සඞ්ඛාරෙ. -පෙ- විඤ්ඤාණං තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ.
Sinhala BJTඅනුරාධ, ඒ කිමැ යි හඟිවු ද? රූපය සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. වේදනාව සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. සංඥාව සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. සංස්කාර සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. විඥානය සත්ත්‍වයා යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. අනුරාධ ඒ කිමැ යි හඟිවු ද? රූපයෙහි සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. රූපයෙන් වෙන් ව සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. වේදනාවෙහි සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. වේදනාවෙන් වෙන් ව ... සංඥාවෙහි ... සංඥාවෙන් වෙන් ව ... සංස්කාරයන් හි ... සංස්කාරයන්ගෙන් වෙන් ව ... විඥානයෙහි සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. විඥානයෙන් වෙන් ව සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. අනුරාධ, ඒ කිමැ යි හඟිවු ද? රූපය ... වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTතං කිං මඤ්ඤසි අනුරාධ, අයං සො අරූපී අවෙදනො අසඤ්ඤී අසඞ්ඛාරො අවිඤ්ඤාණො තථාගතොති සමනුපස්සසීති? නො හෙතං භන්තෙ. එත්ථ තෙ අනුරාධ, දිට්ඨෙව ධම්මෙ සච්චතො ථෙතතො{2} තථාගතෙ අනුපලබ්භියමානෙ{3} කල්ලන්නු තෙ තං ව්යාකරණාය:{4} “යො සො ආවුසො තථාගතො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො. තං තථාගතො අඤ්ඤත්රිමෙහි චතූහි ඨානෙහි පඤ්ඤාපයමානො පඤ්ඤාපෙති: හොති තථාගතො පරම්මරණාති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා”ති? නො හෙතං භන්තෙ: සාධු සාධු{5} අනුරාධ, පුබ්බෙ චාහං අනුරාධ, එතරහි ච දුක්ඛඤ්චෙව පඤ්ඤාපෙමි දුක්ඛස්ස ච නිරොධන්ති.
Sinhala BJTඅනුරාධ, ඒ කිමැ යි හඟිවු ද? මේ ඒ රූපය නැත්තෙක්, වේදනා නැත්තෙක්, සංඥා නැත්තෙක්, සංස්කාර නැත්තෙක්, විඥානය නැත්තෙක් සත්ත්‍වයා වේ යයි දකිවු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. අනුරාධ, මෙහි ලා තොපට දිටුදැමියෙහි ම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සත්ත්‍වයෙකු නොලැබෙන කල්හි “ඇවැත්නි, උත්තමපුරුෂ වූ, පරමපුරුෂ වූ ශ්‍රේෂ්ඨ ප්‍රාප්තියට පැමිණි යම් ඒ සත්ත්‍වයෙක් වේ නම් ඔහු පනවන තථාගතයන් වහන්සේ සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම වේ නො ම නො වේ යයි හෝ යන මේ සිවු කරුණෙන් වෙන් ව පනවති” යි එය තොප විසින් පැවසීමට සුදුසු දැ? යි. වහන්ස මෙය නො වේ ම ය. අනුරාධ, මැනවි, මැනවි. අනුරාධ, මම පෙරත්, දැනුත් දුකත්, දුක්ඛනිරෝධයත් පනවමි යි.
Pali BJT10. 1. 3.
Sinhala BJT10. 1. 3.
Pali BJTඋපගතසුත්තං
Sinhala BJTඋපගත සූත්‍රය
Pali BJT2278. එකං සමයං ආයස්මා සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා මහාකොට්ඨිතො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
Sinhala BJT2278. එක්කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත්, ආයුෂ්මත් කොට්ඨිත තෙරණුවෝත් බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගීසිටි සේක්, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ සැරියුත් තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩ හුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය වදාළහ:
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත, හොති තථාගතො පරම්මරණාති? අව්යාකතං ඛො එතං ආවුසො, භගවතා: “හොති තථාගතො පරම්මරණා”ති. කිං පනාවුසො, න හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො ආවුසො, අව්යාකතං භගවතා: “න හොති තථාගතො පරම්මරණා”ති. කින්නු ඛො ආවුසො, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො ආවුසො, අව්යාකතං භගවතා: “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති. කිං පනාවුසො, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො ආවුසො, අව්යාකතං භගවතා: නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති.
Sinhala BJTඇවැත්නි ශාරිපුත්‍රයෙනි, කිම “සත්ත්‍වයා මරණින් මතු වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු වේ ය”යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ඇවැත්නි, කිම “සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු නොවේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ඇවැත්නි, කිම “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ඇවැත්නි, කිම “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි. ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
Pali BJTකින්නු ඛො ආවුසො, හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො අව්යාකතං ඛො ආවුසො, එතං භගවතා: “හොති තථාගතො පරම්මරණා”ති වදෙසි -පෙ- කිං පනාවුසො, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො එතම්පි ඛො ආවුසො, අව්යාකතං භගවතා: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කො නු ඛො ආවුසො, හෙතු කො පච්චයො යෙන තං අව්යාකතං භගවතාති.
Sinhala BJTඇවැත්නි කිම, “සත්ත්‍වයා මරණින් මතු වේ දැ?”යි මෙසේ පුළුවුස්නා ලද්දාහු ඇවැත්නි, “සත්ත්‍වයා මරණින් මතු වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ”යි කියවු ... ඇවැත්නි, කිම? “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, ඇවැත්නි “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. ඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි.
Pali BJTහොති තථාගතො පරම්මරණාති ඛො ආවුසො, රූපගතමෙතං. න හොති තථාගතො පරම්මරණාති රූපගතමෙතං. හොති ච න ච හොති තථාගතො පරම්මරණාති රූපගතමෙතං. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති රූපගතමෙතං. හොති තථාගතො පරම්මරණාති ඛො ආවුසො, වෙදනාගතමෙතං. න හොති තථාගතො පරම්මරණාති වෙදනාගතමෙතං. හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වෙදනාගතමෙතං. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වෙදනාගතමෙතං.
Sinhala BJTඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය රූපමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය රූපමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය රූපමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය රූපමාත්‍රයෙකි. ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය වේදනාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය වේදනාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය වේදනාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය වේදනාමාත්‍රයෙකි.
Pali BJTහොති තථාගතො පරම්මරණාති ඛො ආවුසො සඤ්ඤාගතමෙතං. න හොති තථාගතො පරම්මරණාති සඤ්ඤාගතමෙතං. හොති ච න ච හොති තථාගතො පරම්මරණාති සඤ්ඤාගතමෙතං. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති සඤ්ඤාගතමෙතං. හොති තථාගතො පරම්මරණාති ඛො ආවුසො, සඞ්ඛාරගතමෙතං. න හොති තථාගතො පරම්මරණාති සඞ්ඛාරගතමෙතං. හොති ච න ච හොති තථාගතො පරම්මරණාති සඞ්ඛාරගතමෙතං. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති සඞ්ඛාරගතමෙතං. හොති තථාගතො පරම්මරණාති ඛො ආවුසො, විඤ්ඤාණගතමෙතං. න හොති තථාගතො පරම්මරණාති විඤ්ඤාණගතමෙතං. හොති ච න ච හොති තථාගතො පරම්මරණාති විඤ්ඤාණගතමෙතං. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති විඤ්ඤාණගතමෙතං.
Sinhala BJTඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය සංඥාමාත්‍රයෙකි. ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය සංස්කාරමාත්‍රයෙකි. ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු වේ යන මෙය විඥානමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යන මෙය විඥානමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යන මෙය විඥානමාත්‍රයෙකි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යන මෙය විඥානමාත්‍රයෙකි.
Pali BJTඅයං ඛො ආවුසො, හෙතු අයං පච්චයො යෙන තං අව්යාකතං භගවතාති.
Sinhala BJTඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය යි.
Pali BJT10. 1. 4.
Sinhala BJT10. 1. 4.
Pali BJTසමුදයසුත්තං
Sinhala BJTසමුදය සූත්‍රය
Pali BJT2279. එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ -පෙ- කො නු ඛො ආවුසො, හෙතු කො පච්චයො යෙන තං අව්යාකතං භගවතාති. රූපං ඛො ආවුසො, අජානතො අපස්සතො යථාභූතං, රූපසමුදයං අජානතො අපස්සතො යථාභූතං, රූපනිරොධං අජානතො අපස්සතො යථාභූතං, රූපනිරොධගාමිනිං පටිපදං අජානතො අපස්සතො යථාභූතං: හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති: න හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති.
Sinhala BJT2279. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති ... ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි. ඇවැත්නි, රූපය තතු සේ නො දන්නා නො දක්නා, රූප සමුදය තතු සේ නො දන්නා නො දක්නා, රූප නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා, රූප නිරෝධගාමිනීපටිපදාව තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
Pali BJTවෙදනං අජානතො අපස්සතො යථාභූතං, වෙදනා සමුදයං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අජානතො අපස්සතො යථාභූතං, විඤ්ඤාණසමුදයං අජානතො අපස්සතො යථාභූතං, විඤ්ඤාණනිරොධං අජානතො අපස්සතො යථාභූතං, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං අජානතො අපස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති, න හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති.
Sinhala BJTවේදනාව තතු සේ නො දන්නා නො දක්නා, වේදනා සමුදය ... සංඥාව ... සංස්කාර ... විඥානය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන සමුදය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන නිරෝධගාමිනීපටිපදාව තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
Pali BJTරූපඤ්ච ඛො ආවුසො, ජානතො පස්සතො යථාභූතං, රූපසමුදයං ජානතො පස්සතො යථාභූතං, රූපනිරොධං ජානතො පස්සතො යථාභූතං, රූපනිරොධගාමිනිං පටිපදං ජානතො පස්සතො යථාභූතං, හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති. වෙදනං ජානතො පස්සතො යථාභූතං, වෙදනා සමුදයං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං ජානතො පස්සතො යථාභූතං, විඤ්ඤාණසමුදයං ජානතො පස්සතො යථාභූතං, විඤ්ඤාණනිරොධං ජානතො පස්සතො යථාභූතං, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං ජානතො පස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති, න හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති. අයං ඛො ආවුසො, හෙතු අයං පච්චයො යෙන තං අව්යාකතං භගවතාති.
Sinhala BJTඇවැත්නි, රූපය තතු සේ දන්නා දක්නා, රූප සමුදය තතු සේ දන්නා දක්නා, රූප නිරෝධය තතු සේ දන්නා දක්නා, රූප නිරෝධගාමිනීපටිපදාව තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. වේදනාව තතු සේ දන්නා දක්නා, වේදනා සමුදය ... සංඥාව ... සංස්කාර ... විඥානය තතු සේ දන්නා දක්නා, විඥාන සමුදය තතු සේ දන්නා දක්නා, විඥාන නිරෝධය තතු සේ දන්නා දක්නා, විඥාන නිරෝධගාමිනීපටිපදාව තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. ඇවැත්නි යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු යැ. මේ ප්‍රත්‍යය යි.
Pali BJT10. 1. 5.
Sinhala BJT10. 1. 5.
Pali BJTපෙමසුත්තං
Sinhala BJTපෙම සූත්‍රය
Pali BJT2280. එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ -පෙ- කො නු ඛො ආවුසො, හෙතු කො පච්චයො යෙන තං අව්යාකතං භගවතාති? රූපෙ ඛො ආවුසො අවිගතරාගස්ස අවිගතච්ඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතපරිළාහස්ස අවිගතතණ්හස්ස: හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති.
Sinhala BJT2280. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති ... ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම්, එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි. ඇවැත්නි, රූපයෙහි නො පහ වූ රාග ඇති, නො පහ වූ ඡන්‍ද ඇති, නො පහ වූ ප්‍රේම ඇති, නො පහ වූ පවස් ඇති, නො පහ වූ පරිදාහ ඇති, නො පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යයි ද ලබ්ධි වේ.
Pali BJTවෙදනාය අවිගතරාගස්ස අවිගතච්ඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතපරිළාහස්ස අවිගතතණ්හස්ස -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ අවිගතරාගස්ස අවිගතච්ඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතපරිළාහස්ස අවිගතතණ්හස්ස හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති.
Sinhala BJTවේදනාවෙහි නො පහ වූ රාග ඇති, නො පහ වූ ඡන්‍ද ඇති, නො පහ වූ ප්‍රේම ඇති, නො පහ වූ පවස් ඇති, නො පහ වූ පරිදාහ ඇති, නො පහ වූ තෘෂ්ණා ඇති ... සංඥාවෙහි ... සංස්කාරයන්හි … විඥානයෙහි නො පහ වූ රාග ඇති, නො පහ වූ ඡන්‍ද ඇති, නො පහ වූ ප්‍රේම ඇති, නො පහ වූ පවස් ඇති, නො පහ වූ පරිදාහ ඇති, නො පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වේ.
Pali BJTරූපෙ ච ඛො ආවුසො විගතරාගස්ස විගතඡන්දස්ස විගතපෙමස්ස විගතපිපාසස්ස විගතපරිළාහස්ස විගතතණ්හස්ස හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ විගතරාගස්ස විගතච්ඡන්දස්ස විගතපෙමස්ස විගතපිපාසස්ස විගතපරිළාහස්ස විගතතණ්හස්ස හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති. අයං ඛො ආවුසො, හෙතු අයං පච්චයො යෙන තං අව්යාකතං භගවතාති.
Sinhala BJTඇවැත්නි, රූපයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පවස් ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නොම වේ නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්‍ද ඇති, පහ වූ ප්‍රේම ඇති, පහ වූ පවස් ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු ය, මේ ප්‍රත්‍යය යි.
Pali BJT10. 1. 6.
Sinhala BJT10. 1. 6.
Pali BJTආරාමසුත්තං
Sinhala BJTආරාම සූත්‍රය
Pali BJT2281. එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකොට්ඨිතො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා මහාකොට්ඨිකෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොච: කින්නු ඛො ආවුසො කොට්ඨිත, හොති තථාගතො පරම්මරණාති? -පෙ- කිංපනාවුසො, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො එතම්පි ඛො ආවුසො, අව්යාකතං භගවතා: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කො නු ඛො ආවුසො, හෙතු කො පච්චයො යෙන තං අව්යාකතං භගවතාති.
Sinhala BJT2281. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගීසිටි සේක් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට මෙය වදාළහ: ඇවැත්නි, කොට්ඨිතයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු වේ දැ? යි ... ඇවැත්නි, කිම සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ? යි. මෙසේ පුළුවුස්නා ලද්දාහු ඇවැත්නි, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි මෙය ද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැ යි කියවු. ඇවැත්නි යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද නම් එයට හේතු කිම, ප්‍රත්‍ය කිමැ? යි.
Pali BJTරූපාරාමස්ස ඛො ආවුසො, රූපරතස්ස රූපසම්මුදිතස්ස රූපනිරොධං අජානතො අපස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති; න හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති, නෙව හොති න නහොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති. වෙදනාරාමස්ස ඛො ආවුසො, වෙදනාරතස්ස වෙදනාසම්මුදිතස්ස වෙදනානිරොධං අජානතො අපස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති -පෙ- සඤ්ඤාරාමස්ස ඛො ආවුසො -පෙ- සඞ්ඛාරාරාමස්ස ඛො ආවුසො -පෙ- විඤ්ඤාණාරාමස්ස ඛො ආවුසො, විඤ්ඤාණරතස්ස විඤ්ඤාණසම්මුදිතස්ස විඤ්ඤාණනිරොධං අජානතො අපස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති.
Sinhala BJTඇවැත්නි, රූපයෙහි ඇලෙන, රූපයෙහි ඇලුණු, රූපයෙහි සතුටු වූ, රූප නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද සිත් වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි ද සිත් වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද සිත් වෙයි. ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද සිත් වේ. ඇවැත්නි, වේදනාවෙහි ඇලෙන, වේදනාවෙහි ඇලුණු, වේදනාවෙහි සතුටු වූ, වේදනා නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද වේ … ඇවැත්නි, සඤ්ඤායෙහි ඇලෙන ... ඇවැත්නි, සඞ්ඛාරයෙහි ඇලෙන ... ඇවැත්නි, විඤ්ඤාණයෙහි ඇලෙන, විඤ්ඤාණයෙහි ඇලුණු, විඤ්ඤාණයෙහි සතුටු වූ, විඤ්ඤාණනිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
Pali BJTන රූපාරාමස්ස ඛො ආවුසො, න රූපරතස්ස න රූපසම්මුදිතස්ස රූපනිරොධං ජානතො පස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති. න වෙදනාරාමස්ස ඛො ආවුසො, න වෙදනාරතස්ස න වෙදනාසම්මුදිතස්ස -පෙ- න සඤ්ඤාරාමස්ස ඛො ආවුසො -පෙ- න සඞ්ඛාරාරාමස්ස ඛො ආවුසො -පෙ- න විඤ්ඤාණාරාමස්ස ඛො ආවුසො, න විඤ්ඤාණරතස්ස න විඤ්ඤාණසම්මුදිතස්ස විඤ්ඤාණනිරොධං ජානතො පස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති. අයං ඛො ආවුසො, හෙතු අයං පච්චයො යෙන තං අව්යාකතං භගවතාති.
Sinhala BJTඇවැත්නි, රූපයෙහි නො ඇලෙන, රූපයෙහි නො ඇලුණු, රූපයෙහි සතුටු නො වූ, රූප නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, වේදනාවෙහි නො ඇලෙන, වේදනාවෙහි නො ඇලුණු, වේදනාවෙහි සතුටු නො වූ ... ඇවැත්නි, සඤ්ඤාවෙහි නො ඇලෙන ... ඇවැත්නි, සඞ්ඛාරයෙහි නො ඇලෙන ... ඇවැත්නි, විඤ්ඤාණයෙහි නො ඇලෙන, විඤ්ඤාණයෙහි නො ඇලුණු, විඤ්ඤාණයෙහි සතුටු නො වූ, විඤ්ඤාණ නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නොවේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නො වදාරණ ලද නම්, එයට මේ හේතු ය, මේ ප්‍රත්‍යය යි.
Pali BJTසියා පනාවුසො, අඤ්ඤොපි පරියායො යෙන තං අව්යාකතං භගවතාති? සියා ආවුසො. භවාරාමස්ස ඛො ආවුසො, භවරතස්ස භවසම්මුදිතස්ස භවනිරොධං අජානතො අපස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති.
Sinhala BJTඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම්, එයට අන් නයෙකුත් වන්නේ දැ? යි. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, භවයෙහි ඇලෙන, භවයෙහි ඇලුණු, භවයෙහි සතුටු වූ, භව නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
Pali BJTන භවාරාමස්ස ඛො ආවුසො, න භවරතස්ස න භවසම්මුදිතස්ස භවනිරොධං ජානතො පස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති. අයම්පි ඛො ආවුසො, පරියායො යෙන තං අව්යාකතං භගවතාති.
Sinhala BJTඇවැත්නි, භවයෙහි නො ඇලෙන, භවයෙහි නො ඇලුණු, භවයෙහි සතුටු නො වූ, භව නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද නම් එයට මේ ද කරුණෙකි යි.
Pali BJTසියා පනාවුසො අඤ්ඤොපි පරියායො යෙන තං අව්යාකතං භගවතාති? සියා ආවුසො. උපාදානාරාමස්ස ඛො ආවුසො, උපාදානරතස්ස උපාදානසම්මුදිතස්ස උපාදානනිරොධං අජානතො අපස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති.
Sinhala BJTඇවැත්නි, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම් එයට අන් කරුණෙකු දු වන්නේ දැ? යි. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, උපාදානයෙහි ඇලෙන, උපාදානයෙහි ඇලුණු, උපාදානයෙහි සතුටු වූ, උපාදාන නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
Pali BJTන උපාදානාරාමස්ස ඛො ආවුසො, න උපාදානරතස්ස න උපාදානසම්මුදිතස්ස උපාදානනිරොධං ජානතො පස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති. අයම්පි ඛො ආවුසො, පරියායො, යෙන තං අව්යාකතං භගවතාති.
Sinhala BJTඇවැත්නි, උපාදානයෙහි නො ඇලෙන, උපාදානයෙහි නො ඇලුණු, උපාදානයෙහි සතුටු නො වූ, උපාදාන නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද නම් එයට මේ ද කරුණෙකි යි.
Pali BJTසියා පනාවුසො, අඤ්ඤොපි පරියායො යෙන තං අව්යාකතං භගවතාති? සියා ආවුසො. තණ්හාරාමස්ස ඛො ආවුසො, තණ්හාරතස්ස තණ්හාසම්මුදිතස්ස තණ්හානිරොධං අජානතො අපස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස හොති.
Sinhala BJTඇවැත්නි, යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම්, එයට අන් කරුණෙකු දු වන්නේ දැ? යි. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, තණ්හාවෙහි ඇලෙන, තණ්හාවෙහි ඇලුණු, තණ්හාවෙහි සතුටු වූ, තණ්හා නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
Pali BJTන තණ්හාරාමස්ස ඛො ආවුසො, න තණ්හාරතස්ස න තණ්හාසම්මුදිතස්ස තණ්හානිරොධං ජානතො පස්සතො යථාභූතං හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපිස්ස න හොති. අයං ඛො ආවුසො, පරියායො යෙන තං අව්යාකතං භගවතාති.
Sinhala BJTඇවැත්නි, තණ්හාවෙහි නො ඇලෙන, තණ්හාවෙහි නො ඇලුණු, තණ්හාවෙහි සතුටු නො වූ, තණ්හා නිරෝධය තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්‍වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි … ඔහුට සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද නම් එයට මේ ද කරුණෙකි යි.
Pali BJTසියා පනාවුසො, අඤ්ඤොපි පරියායො යෙන තං අව්යාකතං භගවතාති. එත්ථදානි ආවුසො සාරිපුත්ත, ඉතො උත්තරිං කිං ඉච්ඡසි? තණ්හාසඞ්ඛයවිමුත්තස්ස ආවුසො, සාරිපුත්ත, භික්ඛුනො වට්ටං{1} නත්ථි පඤ්ඤාපනායාති.
Sinhala BJTඇවැත්නි, යම් හෙයෙකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරණ ලද නම්, එයට අන් කරුණෙකු දු වන්නේ දැ?යි. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මෙහි දැන් මෙයින් මතු කුමක් කැමති වවු ද? ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, තෘෂ්ණා ප්‍රහාණයෙන් මිදුණු මහණහට පැනවීම පිණිස සසරවටෙක් නැතැ යි.
Pali BJT10. 1. 7.
Sinhala BJT10. 1. 7.
Pali BJTආයතනසුත්තං
Sinhala BJTආයතන සූත්‍රය
Pali BJT2282. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාමොග්ගල්ලානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: කින්නු ඛො භො මොග්ගල්ලාන, සස්සතො ලොකොති? අව්යාකතං ඛො එතං වච්ඡ{2} භගවතා: “සස්සතො ලොකො”ති. කිං පන භො මොග්ගල්ලාන, අසස්සතො ලොකොති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා: “අසස්සතො ලොකො”ති. කින්නු ඛො භො මොග්ගල්ලාන, අන්තවා ලොකොති? අව්යාකතං ඛො එතං වච්ඡ, භගවතා: “අන්තවා ලොකො”ති. කිං පන භො මොග්ගල්ලාන, අනන්තවා ලොකොති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා “අනන්තවා ලොකො”ති.
Sinhala BJT2282. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කීය: භවත් මොග්ගල්ලානයෙනි කිම ලෝකය ශාශ්වත දැ?යි. වච්ඡයෙනි ‘ලෝකය ශාශ්වත ය’යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි කිම ලෝකය අශාශ්වත දැ?යි. වච්ඡයෙනි, ‘ලෝකය අශාශ්වත ය’යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ලෝකය අන්තවත් දැ? යි. වච්ඡයෙනි, ‘ලෝකය අන්තවත් ය’යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ලෝකය අනන්තවත් දැ?යි. වච්ඡයෙනි, ‘ලෝකය අනන්තවත් ය’යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
Pali BJTකින්නු ඛො භො මොග්ගල්ලාන, තං ජීවං තං සරීරන්ති? අව්යාකතං ඛො එතං වච්ඡ, භගවතා: “තං ජීවං තං සරීර”න්ති. කිං පන භො මොග්ගල්ලාන, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා: “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර”න්ති. කින්නු ඛො භො මොග්ගල්ලාන, හොති තථාගතො පරම්මරණාති? අව්යාකතං ඛො එතං{1} වච්ඡ භගවතා: “හොති තථාගතො පරම්මරණා”ති. කිං පන භො මොග්ගල්ලාන, න හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා: “න හොති තථාගතො පරම්මරණා”ති. කින්නු ඛො මොග්ගල්ලාන, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති? අව්යාකතං ඛො එතං වච්ඡ, භගවතා: “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති. කිං පන භො මොග්ගල්ලාන, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTභවත් මොග්ගල්ලානයෙනි, කිම ඒ ම ජීවය, ඒ ම ශරීරය දැ?යි. වච්ඡයෙනි, ‘ඒ ම ජීවය, ඒ ම ශරීරය’ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම ජීවය අනෙකක් ද? ශරීරය අනෙකක් දැ?යි. වච්ඡයෙනි, ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු වේ’ ය යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු නො වේ’ ය යන මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වෙයි’ යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් මොග්ගල්ලානයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වෙයි’ යන මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
Pali BJTකො නු ඛො භො මොග්ගල්ලාන, හෙතු කො පච්චයො යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා අන්තවා ලොකොති වා, අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති”වා?
Sinhala BJTභවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ලෝකය අන්තවත් යයි හෝ ලෝකය අනන්තවත් යයි හෝ ඒ ම ජීවය ය ඒ ම ශරීරය යයි හෝ ජීවය අනෙකක ශරීරය අනෙකකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නොවේ” යයි හෝ යම් හෙයකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ?යි.
Pali BJTකො පන භො මොග්ගල්ලාන, හෙතු කො පච්චයො යෙන සමණස්ස ගොතමස්ස එවං පුට්ඨස්ස න එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොතිපි, අසස්සතො ලොකොතිපි, අන්තවා ලොකොතිපි, අනන්තවා ලොකොතිපි, තං ජීවං තං සරීරන්තිපි, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්තිපි, හොති තථාගතො පරම්මරණාතිපි, න හොති තථාගතො පරම්මරණාතිපි, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපි, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපී”ති?
Sinhala BJTභවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද මහණගොයුම්හු “ලෝකය ශාශ්වත යයි දු, ලෝකය අශාශ්වත යයි දු, ලෝකය අන්තවත් යයි දු, ලෝකය අනන්තවත් යයි දු, ඒ ම ජීවය ය ඒ ම ශරීරය යයි දු, ජීවය අනෙකක ශරීරය අනෙකකැ යි දු, සත්ත්‍වයා මරණින් මතු වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ” යයි දු යම් හෙයෙකින් මෙසේ විසඳීමෙක් නො වේ නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ?යි.
Pali BJTඅඤ්ඤතිත්ථියා ඛො වච්ඡ, පරිබ්බාජකා චක්ඛුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සන්ති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සන්ති. කායං -පෙ- මනං: එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති සමනුපස්සන්ති. තස්මා අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති”වා.
Sinhala BJTවච්ඡයෙනි, අන්තොටු පිරිවැජියෝ ඇස ... “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කන ... නැහැය ... දිව “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කය ... සිත “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය” යි දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.
Pali BJTතථාගතො ච ඛො වච්ඡ, අරහං සම්මාසම්බුද්ධො චක්ඛුං: “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං: “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. කායං -පෙ- මනං: “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. තස්මා තථාගතස්ස එවං පුට්ඨස්ස න එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොතිපි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපී”ති.
Sinhala BJTවච්ඡයෙනි, අර්‍හත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වනාහි ඇස “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකිත්. කන ... නැහැය ... දිව “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකිත්. කය ... සිත “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන් වහන්සේගේ “ලෝකය ශාශ්වත ය යි දු ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි ද මෙසේ පැවසීම නො වෙයි.
Pali BJTඅථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච: කින්නු ඛො භො ගොතම, සස්සතො ලොකොති? අව්යාකතං ඛො එතං වච්ඡ, මයා: “සස්සතො ලොකො”ති -පෙ- කිං පන භො ගොතම, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං මයා: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTඉක්බිති වච්ඡගොත්ත පිරිවැජි තෙමේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: භවත් ගෞතමයෙනි, කිම ලෝකය ශාශ්වත දැ?යි. වච්ඡ, “ලෝකය ශාශ්වත ය” යි මෙය මා විසින් නො පවසන ලදි. භවත් ගෞතමයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නොම නො වේ දැ?යි. වච්ඡය, “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යි මේ ද මා විසින් නො පවසන ලදි.
Pali BJTකො නු ඛො භො ගොතම හෙතු කො පච්චයො යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං ව්යාකරණං හොති; “සස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති”වා? කො පන භො ගොතම, හෙතු කො පච්චයො යෙන භොතො ගොතමස්ස එවං පුට්ඨස්ස න එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොතිපි -පෙ- නෙව හොති තථාගතො පරම්මරණාතිපී”ති?
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ යම් හෙයකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි. භවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද භවත් ගොයුම්හුගේ “ලෝකය ශාශ්වත යයි දු ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු යම් හෙයෙකින් මෙසේ පැවසීමෙක් නො වේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි.
Pali BJTඅඤ්ඤතිත්ථියා ඛො වච්ඡ, පරිබ්බාජකා චක්ඛුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තාති” සමනුපස්සන්ති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තාති” සමනුපස්සන්ති. කායං -පෙ- මනං “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තාති” සමනුපස්සන්ති. තස්මා අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති”වා.
Sinhala BJTවච්ඡ, අන්තොටු පිරිවැජ්ජෝ ඇස … “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කන ... නැහැය ... දිව “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. කය ... සිත “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්මය”යි දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජියන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.
Pali BJTතථාගතො ච ඛො වච්ඡ, අරහං සම්මාසම්බුද්ධො චක්ඛුං: “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං -පෙ- කායං -පෙ- මනං: “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති සමනුපස්සති. තස්මා තථාගතස්ස එවං පුට්ඨස්ස එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොතිපි, අසස්සතො ලොකොතිපි, අන්තවා ලොකොතිපි, අනන්තවා ලොකොතිපි, තං ජීවං තං සරීරන්තිපි, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්තිපි, හොති තථාගතො පරම්මරණාතිපි, න හොති තථාගතො පරම්මරණාතිපි, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපි නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපී”ති.
Sinhala BJTවච්ඡ, අර්‍හත් සම්මා සම්බුද්ධ වූ තථාගත තෙමේ වනාහි ඇස “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකී. කන ... නැහැය … කය … සිත “මෙය මාගේ නො වේ, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ” යයි දකී. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන්ගේ “ලෝකය ශාශ්වත යයි දු, ලෝකය අශාශ්වත යයි දු, ලෝකය අන්තවත් යයි දු, ලෝකය අනන්තවත් යයි දු, ඒ ම ජීවය ය ඒ ම ශරීරය යයි දු, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි දු, සත්ත්‍වයා මරණින් මතු වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ යයි දු, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නොවේ” යයි දු මෙසේ පැවසීමක් නො වෙයි.
Pali BJTඅච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, යත්ර හි නාම සත්ථුස්ස ච අත්ථෙනත්ථො ව්යඤ්ජනෙන ව්යඤ්ජනං සංසන්දිස්සති සමෙස්සති න විහායිස්සති යදිදං අග්ගපදස්මිං. ඉදානාහං භො ගොතම, සමණං මහාමොග්ගල්ලානං උපසඞ්කමිත්වා එතමත්ථං ආපුච්ඡිං. සමණොපි මෙ මොග්ගල්ලානො එතෙහි පදෙහි එතෙහි ව්යඤ්ජනෙහි එතමත්ථං ව්යාකාසි, සෙය්යථාපි භවං ගොතමො. අච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, යත්ර හි නාම සත්ථුස්ස ච සාවකස්ස ච අත්ථෙනත්ථො ව්යඤ්ජනෙන ව්යඤ්ජනං සංසන්දිස්සති සමෙස්සති න විහායිස්සති, යදිදං අග්ගපදස්මින්ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, අරුමයෙකි. භවත් ගෞතමයෙනි, පුදුමයෙකි. යම් හෙයෙකින් දේශනායෙහි ලා ශාස්තෘහුගේ ද ශ්‍රාවකයාගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳෙන්නේ ද සම වන්නේ ද විරුද්ධ නො වන්නේ ද (එහෙයිනි). භවත් ගෞතමයෙනි, මම දැන් මුගලන් මහණහු වෙත එළඹ මේ අරුත පිළිවිසීමි. මුගලන් මහණ ද භවත් ගොයුම්හු මෙන් මේ අරුත මේ පද වලින් මේ ව්‍යඤ්ජන වලින් මට පැවසීය. භවත් ගෞතමයෙනි, අරුමයෙකි. භවත් ගෞතමයෙනි, පුදුමයෙකි. යම් හෙයකින් දේශනායෙහි ලා ශාස්තෘහුගේ ද ශ්‍රාවකයාගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳෙන්නේ ද සම වන්නේ ද විරුද්ධ නො වන්නේ ද (එහෙයිනි) යි.
Pali BJT10. 1. 8.
Sinhala BJT10. 1. 8.
Pali BJTඛන්ධසුත්තං
Sinhala BJTඛන්‍ධ සූත්‍රය
Pali BJT2283. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච: කින්නු ඛො භො ගොතම, සස්සතො ලොකොති? අව්යාකතං ඛො එතං වච්ඡ මයා: “සස්සතො ලොකො”ති -පෙ- කිම්පන භො ගොතම, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං මයා: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJT2283. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: භවත් ගෞතමයෙනි, කිම ලෝකය ශාශ්වත දැ?යි. වච්ඡ, “ලෝකය ශාශ්වත ය” යි මෙය මා විසින් නො පවසන ලදි ... භවත් ගෞතමයෙනි, කිම සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?යි. වච්ඡ, “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද මා විසින් නො පවසන ලදි.
Pali BJTකො නු ඛො භො ගොතම, හෙතු කො පච්චයො යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා?” කො පන භො ගොතම, හෙතු කො පච්චයො යෙන භොතො ගොතමස්ස එවං පුට්ඨස්ස න එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොතිපි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපී”ති?
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ .... සත්ත්‍වයා මරණින් මතු නො ම නො වේ, නො ම නො වේ” යයි හෝ යම් හෙයෙකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිමැ, ප්‍රත්‍යය කිමැ යි? භවත් ගෞතමයෙනි, මෙසේ පුළුවුස්නා ලද භවත් ගොයුම්හුගේ “ලෝකය ශාශ්වත ය යි දු ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු යම් හෙයකින් මෙසේ පැවසීමෙක් නො වේ නම්, එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? යි.
Pali BJTඅඤ්ඤතිත්ථියා ඛො වච්ඡ, පරිබ්බාජකා රූපං අත්තතො සමනුපස්සන්ති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං; වෙදනං අත්තතො සමනුපස්සන්ති, -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සන්ති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්මා අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා.
Sinhala BJTවච්ඡ, අන්තොටු පිරිවැජ්ජෝ රූපය ආත්ම ය යි හෝ ආත්මය රූප ඇත්තකැ යි හෝ ආත්මයෙහි රූපය පවතී ය යි හෝ රූපයෙහි ආත්මය පවතී යයි හෝ දකිත්. වේදනාව ආත්මය යි හෝ ... දකිත්. සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය යි හෝ ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි විඥානය පවතී යයි හෝ විඥානයෙහි ආත්මය පවතී යයි හෝ දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.
Pali BJTතථාගතො ච ඛො වච්ඡ, අරහං සම්මාසම්බුද්ධො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං අත්තතො සමනුපස්සති -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්මා තථාගතස්ස එවං පුට්ඨස්ස න එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොතිපි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපී”ති.
Sinhala BJTවච්ඡ, අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගත වනාහි රූපය ආත්මය යි නො දකී. ආත්මය රූප ඇත්තකැ යි හෝ නො දකී. ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකී. රූපයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. වේදනාව ආත්මය යි නො දකී ... සංඥාව … නො දකී ... සංස්කාර … නො දකී. විඥානය ආත්මය යි නො දකී. ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකී. ආත්මයෙහි විඥානය පවතී ය යි හෝ නො දකී. විඥානයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකී. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන්ගේ “ලෝකය ශාශ්වත යයි දු ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු මෙසේ පැවසීමක් නො වේ.
Pali BJTඅථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො උට්ඨායාසනා යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාමොග්ගල්ලානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: කින්නු ඛො භො මොග්ගල්ලාන, සස්සතො ලොකොති? අව්යාකතං ඛො එතං වච්ඡ, භගවතා, “සස්සතො ලොකො”ති -පෙ- කිං පන භො මොග්ගල්ලාන, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති? එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTඉක්බිති වච්ඡගොත්ත පිරිවැජි තෙමේ හුනස්නෙන් නැඟිට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස්ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට මෙය කී ය: භවත් මොග්ගල්ලානයෙනි, කිම ලෝකය ශාශ්වත දැ? යි. වච්ඡයෙනි, ‘ලෝකය ශාශ්වත ය’ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි ... භවත් මොග්ගල්ලානයෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?යි. වච්ඡයෙනි, ‘සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ’ යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
Pali BJTකො නු ඛො භො මොග්ගල්ලාන, හෙතු කො පච්චයො යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති”වා? කො පන භො මොග්ගල්ලාන, හෙතු කො පච්චයො යෙන සමණස්ස ගොතමස්ස එවං පුට්ඨස්ස න එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොතිපි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපී”ති?
Sinhala BJTභවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත ය” යි හෝ ... “සත්ත්‍වයා මරණින් මතු නො ම නො වේ, නො ම නො වේ” යයි හෝ යම් හෙයෙකින් මෙසේ විසඳීමක් වේ නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිම? භවත් මොග්ගල්ලානයෙනි, මෙසේ පුළුවුස්නා ලද භවත් ගොයුම්හුගේ “ලෝකය ශාශ්වතයයි” දු ... “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි දු යම් හෙයකින් මෙසේ පැවසීමෙක් නො වේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ? යි.
Pali BJTඅඤ්ඤතිත්ථියා ඛො වච්ඡ, පරිබ්බාජකා රූපං අත්තතො සමනුපස්සන්ති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සන්ති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්මා අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං පුට්ඨානං එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා.”
Sinhala BJTවච්ඡයෙනි, අන්තොටු පිරිවැජ්ජෝ “රූපය ආත්ම ය යි හෝ ආත්මය රූප ඇත්තකැ යි හෝ ආත්මයෙහි රූපය පවතී ය යි හෝ රූපයෙහි ආත්මය පවතී” යයි හෝ දකිත්. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය ආත්මය යි හෝ ආත්මය විඥානය ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි විඥානය පවතී යයි හෝ විඥානයෙහි ආත්මය පවතී යයි හෝ දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජන්ගේ “ලෝකය ශාශ්වත යයි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි හෝ මෙසේ විසඳීම වෙයි.
Pali BJTතථාගතො ච ඛො වච්ඡ, අරහං සම්මාසම්බුද්ධො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. තස්මා තථාගතස්ස එවං ඵුට්ඨස්ස න එවං ව්යාකරණං හොති: “සස්සතො ලොකොතිපි, අසස්සතො ලොකොතිපි, අන්තවා ලොකොතිපි, අනන්තවා ලොකොතිපි, තං ජීවං තං සරීරන්තිපි, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්තිපි, හොති තථාගතො පරම්මරණාතිපි, න හොති තථාගතො පරම්මරණාතිපි, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපි, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපී”ති.
Sinhala BJTවච්ඡයෙනි, අර්‍හත් සම්මාසම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වූ කලී රූපය ආත්මය යි නො දකිත්. ආත්මය රූප ඇත්තකැ යි හෝ නො දකිත්. ආත්මයෙහි රූපය පවතී ය යි හෝ නො දකිත්. රූපයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකිත්. වේදනාව ... නො දකිත්. සංඥාව … නො දකිත්. සංස්කාර.... නො දකිත්. විඥානය ආත්මය යි නො දකිත්. ආත්මය විඥාන ඇත්තෙකැ යි හෝ නො දකිත්. ආත්මයෙහි විඥානය පවතී ය යි හෝ නො දකිත්. විඥානයෙහි ආත්මය පවතී ය යි හෝ නො දකිත්. එහෙයින් මෙසේ පුළුවුස්නා ලද තථාගතයන් වහන්සේගේ “ලෝකය ශාශ්වත ය යි දු ලෝකය ආශාශ්වත යයි දු ලෝකය අන්තවත් යයි දු ලෝකය අනන්තවත් යයි දු ඒ ම ජීවය යි දු ඒ ම ශරීරය යි දු ජීවය අනෙකක ශරීරය අනෙකකැ යි දු සත්ත්‍වයා මරණින් මතු වේ යයි දු සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි දු සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යයි දු සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යි දු මෙසේ වැදෑරීමක් නො වේ.
Pali BJTඅච්ඡරියං භො මොග්ගල්ලාන, අබ්භුතං භො මොග්ගල්ලාන, යත්ර හි නාම සත්ථු ච සාවකස්ස ච අත්ථෙනත්ථො ව්යඤ්ජනෙන ව්යඤ්ජනං සංසන්දිස්සති සමෙස්සති න විහායිස්සති යදිදං අග්ගපදස්මිං. ඉදානාහං භො මොග්ගල්ලාන, සමණං ගොතමං උපසඞ්කමිත්වා එතමත්ථං ආපුච්ඡිං. සමණොපි මෙ ගොතමො එතෙහි පදෙහි එතෙහි ව්යඤ්ජනෙහි එතමත්ථං ව්යාකාසි, සෙය්යථාපි භවං මොග්ගල්ලානො. අච්ඡරියං භො මොග්ගල්ලාන, අබ්භුතං භො මොග්ගල්ලාන, යත්ර හි නාම සත්ථු ච සාවකස්ස ච අත්ථෙනත්ථො ව්යඤ්ජනෙන ව්යඤ්ජනං සංසන්දිස්සති සමෙස්සති න විහායිස්සති යදිදං අග්ගපදස්මින්ති.
Sinhala BJTභවත් මොග්ගල්ලානයෙනි, අරුමයෙකි. භවත් මොග්ගල්ලානයෙනි, පුදුමයෙකි, යම් හෙයකින් යම් මේ දේශනායෙහි ලා ශාස්තෘහුගේ ද, ශ්‍රාවකයාගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳෙන්නේ ද සම වන්නේ ද විරුද්ධ නො වන්නේ ද (එහෙයිනි). භවත් මොග්ගල්ලානයෙනි, මම දැන් මහණගොයුම්හු වෙත එළඹ මේ අරුත පිළිවිසීමි. මහණ ගොයුම්හු ද භවත් මුගලන්හු මෙන් මේ පදවලින් ම, මේ ව්‍යඤ්ජනවලින් ම මේ අරුත මට පැවසූහ. භවත් මොග්ගල්ලානයෙනි, අරුමයෙකි. භවත් මොග්ගල්ලානයෙනි, පුදුමයෙකි, යම් හෙයෙකින් යම් මේ දේශනායෙහි ලා ශාස්තෘහුගේ ද ශ්‍රාවකයාගේ ද අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථය ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සැසඳෙන්නේ ද සම වන්නේ ද විරුද්ධ නො වන්නේ ද (එහෙයිනි) යි.
Pali BJT10. 1. 9.
Sinhala BJT10. 1. 9.
Pali BJTකුතූහලසාලාසුත්තං
Sinhala BJTකුතූහලශාලා සූත්‍රය
Pali BJT2284. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච: පුරිමානි භො ගොතම දිවසානි පුරිමතරානි සම්බහුලානං නානාතිත්ථිය{1} සමණබ්රාහ්මණානපරිබ්බාජකානං කුතූහලසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි.
Sinhala BJT2284. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය: භවත් ගෞතමයෙනි, පළමු ඉතා පළමු දවස්හි කුතූහල ශාලාවෙහි එක් රැස්ව හුන් බොහෝ වූ නන්තොටු මහණ බමුණු පිරිවැජ්ජයන් අතර මේ අතුරු කථාව පහළ විය.
Pali BJTඅයං ඛො පූරණො{2} කස්සපො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සි තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස. සොපි සාවකං අබ්භතීතං කාලකතං උප්පත්තීසු{3} ව්යාකරොති: අසු අමුත්ර උප්පන්නො{4} අසු අමුත්ර උප්පන්නොති. යො{5} පිස්ස සාවකො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො, තම්පි සාවකං අබ්භතීතං කාලකතං උප්පත්තීසු ව්යාකරොති: අසු අමුත්ර උප්පන්නො, අසු අමුත්ර උප්පන්නොති.
Sinhala BJTමේ පූරණකස්සප තෙමේ සමූහයා ඇත්තේ ද ගණයා ඇත්තේ ද ගණයාට ඇදුරු වූයේ ද ප්‍රසිද්ධ වූයේ ද යසස් ඇත්තේ ද ලබ්ධි පහළ කරන්නේ ද බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත ද වෙයි. හෙතෙමේ ද “අසෝ පුඟුලා අසෝ තැන්හි උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි ඉකුත් වූ කලුරිය කළ සව්වා උපත්හි ලා පවසයි. උත්තමපුරිස වූ පරමපුරිස වූ උතුම්පියට පැමිණි ඔහුගේ යම් සව්වෙකුත් වේ ද, ඉකුත් කලුරිය කළ ඒ සව්වා ද “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ”යි උපත්හි ලා පවසයි.
Pali BJTඅයම්පි ඛො මක්ඛලි ගොසාලො -පෙ- අයම්පි ඛො නිගණ්ඨො නාතපුත්තො{1} -පෙ- අයම්පි ඛො සඤ්ජයො බෙල්ලට්ඨිපුත්තො{2} -පෙ- අයම්පි ඛො පකුධො කච්චායනො{3} -පෙ- අයම්පි ඛො අජිතො කෙසකම්බලො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස. සොපි සාවකං අබ්භතීතං කාලකතං උපපත්තීසු ව්යාකරොති: අසු අමුත්ර උපපන්නො, අසු අමුත්ර උපපන්නොති. යොපිස්ස සාවකො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො, තම්පි සාවකං අබ්භතීතං කාලකතං උපපත්තීසු ව්යාකරොති: අසු අමුත්ර උපපන්නො අසු අමුත්ර උපපන්නොති.
Sinhala BJTමේ මක්ඛලී ගෝසාල තෙමේත් ... මේ නිගණ්ඨනාතපුත්ත තෙමේත් ... මේ සඤ්ජයබෙල්ලට්ඨිපුත්ත තෙමේත් ... මේ පකුධකච්චායන තෙමේත් ... මේ අජිතකේසකම්බල තෙමේත් සමූහයා ඇත්තේ ද ගණයා ඇත්තේ ද ගණයාට ඇදුරු වූයේ ද ප්‍රසිද්ධ වූයේ ද යසස් ඇත්තේ ද ලබ්ධි පහළ කරන්නේ ද බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත ද වෙයි. හේ ද “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි ඉකුත් වූ කලුරිය කළ සව්වා උපත්හි ලා පවසයි. උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ උතුම්පියට පැමිණි ඔහුගේ යම් සව්වෙකුත් වේ නම් ඉකුත් කලුරිය කළ ඒ සව්වා ද “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි උපත්හි ලා පවසයි.
Pali BJTඅයම්පි ඛො සමණො ගොතමො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස. සො’පි සාවකං අබ්භතීතං කාලකතං උපපත්තීසු ව්යාකරොති: අසු අමුත්ර උපපන්නො, අසු අමුත්ර උපපන්නොති. යො පිස්ස සාවකො උත්තමපුරිසො පරමපුරිසො පරමපත්තිපත්තො, තම්පි සාවකං අබ්භතීතං කාලකතං උපපත්තීසු න ව්යාකරොති: අසු අමුත්ර උපපන්නො, අසු අමුත්ර උපපන්නොති. අපි ච ඛො නං එවං ව්යාකරොති: “අච්ඡෙච්ඡි තණ්හං, විවත්තයි{4} සඤ්ඤොජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සා”ති. තස්ස මය්හං භො ගොතම අහුදෙව කඞ්ඛා අහු විචිකිච්ඡා කථන්නාම{5} සමණස්ස ගොතමස්ස ධම්මො අභිඤ්ඤෙය්යො.
Sinhala BJTමේ මහණ ගොයුම් තෙමේත් සමූහයා ඇත්තේ ද ගණයා ඇත්තේ ද ගණයාට ඇදුරු වූයේ ද ප්‍රසිද්ධ වූයේ ද යසස් ඇත්තේ ද ලබ්ධි පහළ කරන්නේ ද බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත ද වෙයි. හේ ද “අසෝ පුඟුලා අසෝ තැන්හි උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි ඉකුත් වූ කලුරිය කළ සව්වා උපත්හි ලා පවසයි. උතුම් පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් පියට පැමිණි ඔහුගේ යම් සව්වෙකුත් වේ නම් ඉකුත් කලුරිය කළ ඒ සව්වා “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි උපත්හි ලා නො පවසයි. වැලි දු “තෘෂ්ණාව සිඳලූයේ ය. සංයෝජන මුලුසුන් කෙළේ ය. මැනවින් මානය දුර ලීමෙන් දුක් කෙළෙවර කළේ” ය යි ඔහු ගැන මෙසේ පවසයි. භවත් ගෞතමයෙනි, ඒ මට කෙසේ නම් මහණගොයුම්හුගේ දහම දතයුතු දැ යි, සැකයෙක් වූයේ ම ය. විමතියෙක් වූයේ ම ය.
Pali BJTඅලං හි තෙ වච්ඡ, කඞ්ඛිතුං අලං විචිකිච්ඡිතුං. කඞ්ඛනීයෙ ච පන තෙ ඨානෙ විචිකිච්ඡා උප්පන්නා. ස උපාදානස්ස ඛො’හං වච්ඡ උපපත්තිං පඤ්ඤාපෙමි නො අනුපාදානස්ස; සෙය්යථාපි වච්ඡ, අග්ගි සඋපාදානො ජලති, නො අනුපාදානො; එවමෙව ඛො’හං වච්ඡ සඋපාදානස්ස උපපත්තිං පඤ්ඤාපෙමි, නො අනුපාදානස්සාති. යස්මිං පන භො ගොතම සමයෙ අච්චි වාතෙන ඛිත්තා දූරම්පි ගච්ඡති, ඉමස්ස{6} පන භවං ගොතමො කිං උපාදානස්මිං පඤ්ඤාපෙතීති. යස්මිං වච්ඡ සමයෙ අච්චි වාතෙන ඛිත්තා දූරම්පි ගච්ඡති, තමහං වාතූපාදානං වදාමි.{7} වාතොහිස්ස වච්ඡ තස්මිං සමයෙ උපාදානං හොතීති.
Sinhala BJTවච්ඡ, තා විසින් සැක කරන්නට සුදුසු ම ය. විචිකිච්ඡා කරන්නට සුදුසු ම ය. තොපට සැක කටයුතු තන්හි විචිකිච්ඡාව උපන. වච්ඡ, මම උපාදාන ඇත්තහුගේ උපත පනවමි. උපාදාන රහිත වූවහුගේ (උපත) නො පනවමි. වච්ඡ, යම් සේ ගින්න දර සහිත වූයේ දිලේ ද, දර රහිත වූයේ නො දිලේ ද, වච්ඡ, එසෙයින් ම මම උපාදාන සහිත වූවහුගේ උපත පනවමි. උපාදාන රහිතයාගේ (උපත) නො පනවමි යි. භවත් ගෞතමයෙනි, යම් කලෙක ගිනිසිල සුළඟින් මෙහෙයන ලදු ව දුරටත් යේ ද භවත් ගෞතම තෙමේ මෙයට කිමෙක් උපාදාන ය යි පනවා දැ? යි. වච්ඡ, යම් කලෙක ගිනිසිල සුළඟින් මෙහෙයන ලදු ව දුරටත් යේ ද, එයට මම වාතූපාදාන යයි කියමි. වච්ඡ, එසමයෙහි සුළඟ එයට උපාදාන වේ යි.
Pali BJTයස්මිඤ්ච පන භො ගොතම, සමයෙ ඉමඤ්ච කායං නික්ඛිපති, සත්තො ච අඤ්ඤතරං කායං අනුප්පන්නො{8} හොති, ඉමස්ස පන භවං ගොතමො කිං උපාදානස්මිං පඤ්ඤාපෙති? යස්මිං ඛො වච්ඡ සමයෙ ඉමඤ්ච කායං නික්ඛිපති, සත්තො ච අඤ්ඤතරං කායං අනුප්පන්නො හොති, තමහං තණ්හූපාදානං වදාමි. තණ්හාහිස්ස වච්ඡ, තස්මිං සමයෙ උපාදානං හොතීති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, යම් කලෙක මේ කයත් බහා තබා ද, සත්ත්‍වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, භවත් ගෞතම තෙමේ මොහුට කිමෙක් උපාදාන යයි පනවා දැ? යි. වච්ඡ, යම් කලෙක මේ කයත් බහා තබාද, සත්ත්‍වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, එයට මම තණ්හූපාදාන යයි කියමි. වච්ඡ, එසමයෙහි ඔහුට තණ්හාව උපාදාන වේ යි.
Pali BJT10. 1. 10.
Sinhala BJT10. 1. 10.
Pali BJTඅත්ථත්තසුත්තං
Sinhala BJTඅත්‍ථත්ත සූත්‍රය
Pali BJT2285. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො භගවන්තං එතදවොච: කින්නු ඛො භො ගොතම, අත්ථත්තාති. එවං වුත්තෙ භගවා තුණ්හී අහොසි. කිං පන භො ගොතම, නත්ථත්තාති. දුතියම්පි ඛො භගවා තුණ්හී අහොසි. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො උට්ඨායාසනා පක්කාමි. අථ ඛො ආයස්මා ආනන්දො අචිරපක්කන්තෙ වච්ඡගොත්තෙ පරිබ්බාජකෙ භගවන්තං එතදවොච: කින්නු ඛො භන්තෙ භගවා වච්ඡගොත්තස්ස පරිබ්බාජකස්ස පඤ්හං පුට්ඨො න ව්යාකාසීති.
Sinhala BJT2285. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: භවත් ගෞතමයෙනි, කිමෙක් ද, ආත්මය ඇද්දැ? යි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද ආත්මය නැද්දැ? යි. දෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ හුනස්නෙන් නැගී ගියේ ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ වච්ඡගොත්ත පිරිවැජ්ජා ගිය නො බෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, පුළුවුස්නා ලද්දාහු වච්ඡගොත්ත පිරිවැජ්ජාගේ පැන කුමක් හෙයින් නො විසදූසේක් දැ? යි .
Pali BJTඅහඤ්ච ආනන්ද, වච්ඡගොත්තස්ස පරිබ්බාජකස්ස අත්ථත්තාති පුට්ඨො සමානො අත්ථත්තාති ව්යාකරෙය්යං, යෙ තෙ ආනන්ද, සමණබ්රාහ්මණා සස්සතවාදා, තෙසමෙතං ලද්ධි අභවිස්ස. අහඤ්ච ආනන්ද, වච්ඡගොත්තස්ස පරිබ්බාජකස්ස නත්ථත්තාති පුට්ඨො සමානො නත්ථත්තාති ව්යාකරෙය්යං, යෙ තෙ ආනන්ද, සමණබ්රාහ්මණා උච්ඡෙදවාදා, තෙසමෙතං ලද්ධි අභවිස්ස. අහඤ්ච ආනන්ද, වච්ඡගොත්තස්ස පරිබ්බාජකස්ස අත්ථත්තාති පුට්ඨො සමානො අත්ථත්තාති ව්යාකරෙය්යං, අපිනු මෙතං ආනන්ද, අනුලොමං අභවිස්ස ඤාණස්ස උප්පාදාය. සබ්බෙ ධම්මා{1} අනත්තාති. නො හෙතං භන්තෙ. අහඤ්ච ආනන්ද{2} වච්ඡගොත්තස්ස පරිබ්බාජකස්ස නත්ථත්තාති පුට්ඨො සමානො නත්ථත්තාති ව්යාකරෙය්යං, සම්මූළ්හස්ස ආනන්ද, වච්ඡගොත්තස්ස පරිබ්බාජකස්ස භිය්යො සම්මොහාය අභවිස්ස: අහුවා මෙ නූන පුබ්බෙ අත්තා, සො එතරහි නත්ථීති.
Sinhala BJTආනන්‍ද, මමත් ‘ආත්මය ඇද්දැ?’ යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය ඇතැ’යි වච්ඡගොත්ත පිරිවැජියාට පැවසූයෙම් නම්, ආනන්‍ද යම් ඒ මහණ බමුණු කෙනෙක් ශාශ්වත වාද ඇත්තාහු ද මෙය ඔවුන්ගේ ලබ්ධිය වූයේ ය. ආනන්‍ද, මමත් ‘ආත්මය නැද්දැ?’යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය නැතැ’යි වච්ඡගොත්ත පිරිවැජ්ජාට පැවසූයෙම් නම්, ආනන්‍ද, යම් ඒ මහණ බමුණු කෙනෙක් උච්ඡේදවාද ඇත්තාහු ද මෙය ඔවුන්ගේ ලබ්ධිය වූයේ ය. ආනන්‍ද, මමත් ‘ආත්මය ඇද්දැ?’ යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය ඇතැ’යි වච්ඡගොත්ත පිරිවැජියාට පැවසූයෙම් නම්, ආනන්‍ද, සියලු ධම්යෝ අනාත්මයහ යි විවසුන් නැණ ඉපදීම පිණිස මෙය මට සුදුසු වූයේ දැ? යි. වහන්ස, මෙය නොවේ ම ය. ආනන්‍ද, මමත් ‘ආත්මය නැද්දැ?’යි පුළුවුස්නා ලද්දෙම්, ‘ආත්මය නැතැ’යි වච්ඡගොත්ත පිරිවැජ්ජාට පැවසූයෙම් නම්, මුළා වූ වච්ඡගොත්ත පිරිවැජ්ජාට ‘පෙර මට ඒකාන්තයෙන් ආත්මය වූයේ ය, එය දැන් නැතැ’යි බෙහෙවින් මුළා වීම පිණිස වූයේ යි.
Pali BJT10. 1. 11.
Sinhala BJT10. 1. 11.
Pali BJTසභියසුත්තං
Sinhala BJTසභිය සූත්‍රය
Pali BJT2286. එකං සමයං ආයස්මා සභියො කච්චානො ඤාතිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. අථ ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො යෙනායස්මා සභියො කච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සභියෙන කච්චානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වච්ඡගොත්තො පරිබ්බාජකො ආයස්මන්තං සභියං කච්චානං එතදවොච:
Sinhala BJT2286. එක් කලෙක ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවෝ ඤාතිකා ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි වැඩවෙසෙති. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ ආයුෂ්මත් සභිය කච්චාන තෙරණුවන්ට මෙය කී ය:
Pali BJTකින්නු ඛො භො කච්චාන හොති තථාගතො පරම්මරණාති. අව්යාකතං ඛො එතං වච්ඡ, භගවතා “හොති තථාගතො පරම්මරණා”ති. කිං පන භො කච්චාන න හොති තථාගතො පරම්මරණාති. එතම්පි ඛො වච්ඡ අව්යාකතං භගවතා “න හොති තථාගතො පරම්මරණා”ති. කින්නු ඛො භො කච්චාන හොති ච න ච හොති තථාගතො පරම්මරණාති. අව්යාකතං ඛො එතං වච්ඡ භගවතා “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති. කිං පන භො කච්චාන නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති එතම්පි ඛො වච්ඡ අව්යාකතං භගවතා “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTභවත් කච්චානයෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ?යි. වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ?” යි. වච්ඡයෙනි, “සත්‍වයා මරණින් මතු නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ දැ?” යි. වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ?”යි. වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
Pali BJTකින්නු ඛො භො කච්චාන, හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො අව්යාකතං ඛො එතං වච්ඡ භගවතා “හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කිං පන භො කච්චාන, න හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො එතම්පි ඛො වච්ඡ, අව්යාකතං භගවතා “න හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කින්නු ඛො භො කච්චාන, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො අව්යාකතං ඛො එතං වච්ඡ භගවතා “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කිං පන භො කච්චාන, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො එතම්පි ඛො වච්ඡ අව්යාකතං භගවතා: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කො නු ඛො භො කච්චාන හෙතු කො පච්චයො යෙන තං අව්යාකතං සමණෙන ගොතමෙනාති.
Sinhala BJTභවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු වේ” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු නො වේ” යයි මේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු වේ, නො ද වේ” යයි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, කිමෙක් ද “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ” යි මෙසේ පුළුවුස්නා ලද්දාහු, වච්ඡයෙනි, “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ” යයි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියවු. භවත් කච්චානයෙනි, යම් හෙයකින් එය මහණ ගොයුම්හු විසින් නො වදාරන ලද නම් එයට හේතු කිම, ප්‍රත්‍යය කිමැ? යි.
Pali BJTයො ච ආවුසො,{1} හෙතු යො ච පච්චයො පඤ්ඤාපනාය: රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවසඤ්ඤීනාසඤ්ඤීති වා, සො ච හෙතු සො ච පච්චයො සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අපරිසෙසං නිරුජ්ඣෙය්ය. කෙන නං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, “රූපීති වා අරූපීති වා සඤ්ඤීති වා අසඤ්ඤීති වා නෙවසඤ්ඤීති නාසඤ්ඤීති වා”ති.
Sinhala BJTඇවැත්නි, “රූප ඇත්තේ” යි හෝ “රූප නැත්තේ” යි හෝ “සංඥා ඇත්තේ” යි හෝ “සංඥා නැත්තේ” යි හෝ “නො ම සංඥා ඇත්තේ නො ම සංඥා නැත්තේ” යි හෝ පැනවීමට යමෙකුත් හේතු ද යමෙකුත් ප්‍රත්‍යය ද ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරෙන් සියල්ල ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ නම් පනවන්නෙක් “රූප ඇත්තේ” යි හෝ “රූප නැත්තේ” යි හෝ “සංඥා ඇත්තේ” යි හෝ “සංඥා නැත්තේ” යි හෝ “නො ම සංඥා ඇත්තේ නො ම සංඥා නැත්තේ” යි හෝ කවර හේතුවකින් ඔහු පනවන්නේ ද? (නො පනවන්නේ මැයි.)
Pali BJTකීවචිරං පබ්බජිතො’සි භො කච්චානාති න චිරං ආවුසො, තීණි වස්සානීති. යස්සපස්ස ආවුසො, එතමෙත්තකෙන එත්තකමෙව තම්පස්ස බහු. කො පන වාදො එව{1} අභික්කන්තෙති.
Sinhala BJTභවත් කච්චානයෙනි, පැවිදි වූ ඔබට කෙතෙක් කල් දැ යි? ඇවැත්නි, වැඩි කලෙක් නැත. තෙවසෙකැ යි. ඇවැත්නි, මෙතෙක් (සුළු) කලෙකින් යමෙකුගේ දේශනාව මෙය වන්නේ නම් මෙපමණක් වූ ම ඒ ද ලොකු දේශනාවක් වන්නේ ය. ඉතා මනාප දේශනායෙහි ලා කතාවෙක් ම නැතැ”යි.
Pali BJTඅව්යාකතවග්ගො පඨමො.
Sinhala BJTපළමු වැනි අබ්‍යාකත වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTඛෙමා අනුරාධොපගතං සමුදය පෙම ආරාමං, ආයතන ඛන්ධං කුතුහලසාලා අත්ථත්තො සභියෙන චාති.
Sinhala BJTඛේමා, අනුරාධ, උපගත, සමුදය, පේම, ආරාම, ආයතන, ඛන්‍ධ, කුතූහලසාලා, අත්‍ථත්ත, සභිය සූත්‍ර යයි එකොළොසෙකි.
Pali BJTඅබ්යාකතසංයුත්තං සමත්තං.
Sinhala BJTඅබ්‍යාකත සංයුත්තය නිමි.
Pali BJTසළායතනවග්ගෙ සංයුත්ත උද්දානං:
Sinhala BJTසළායතන වර්‍ගයෙහි සංයුත්ත නාමාවලිය:
Pali BJTසළායතන වෙදනා මාතුගාමො ජම්බුඛාදකො සාමණ්ඩො මොග්ගල්ලානො චිත්තො ගාමණී සඞ්ඛතං අබ්යාකතන්ති
Sinhala BJTසළායතන, වේදනා, මාතුගාම, ජම්බුඛාදක, සාමණ්ඩ, මොග්ගල්ලාන, චිත්ත, ගාමණී, අසඞ්ඛත, අබ්‍යාකත සංයුත්ත යයි සංයුත්ත දසයෙකි.
Pali BJTදසබලසෙලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨඞ්ග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.
Sinhala BJTදසබල සෙලින් හටගත් නිවන් මහසමුදුර කෙළවර කොට ඇති අටැඟිමඟ සිලිල ඇති බුදුවදන් ගඟ දිගු කලක් මුළුල්ලෙහි ගලා බසීවා යි.
Pali BJTසළායතනවග්ගො නිට්ඨිතො.
Sinhala BJTසළායතන වර්‍ගය නිමි.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසුත්‍රාන්තපිටකයෙහි
Pali BJTසංයුත්තනිකායො
Sinhala BJTසංයුත්තනිකාය
Pali BJTපඤ්චමො භාගො
Sinhala BJTපඤ්චම භාගය
Pali BJTමහාවග්ගො
Sinhala BJTමහා වර්‍ගය
Pali BJT1. මග්ගසංයුත්තං
Sinhala BJT1. මග්ග සංයුත්තය
Pali BJT1. අවිජ්ජාවග්ගො
Sinhala BJT1. අවිජ්ජා වර්‍ගය