Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11401-11500 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT876-931. ධුවඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි ධුවගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT876-931. මහණෙනි, තොපට (ස්ථීර ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 494-549.
Sinhala BJT9. 2. 494-549.
Pali BJTඅපලොකිතසුත්තානි
Sinhala BJTඅපලෝකිත සූත්‍ර
Pali BJT932-987. අපලොකිතඤ්ච{2} වො භික්ඛවෙ දෙසිස්සාමි අපලොකිත ගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT932-987. මහණෙනි, තොපට (නොනැසෙන ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 550-605.
Sinhala BJT9. 2. 550-605.
Pali BJTඅනිදස්සනසුත්තානි
Sinhala BJTඅනිදස්සන සූත්‍ර
Pali BJT988-1043. අනිදස්සනඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අනිදස්සනගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT988-1043. මහණෙනි, තොපට (ඇසින් නොදැක්කහැකි ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 606-661.
Sinhala BJT9. 2. 606-661.
Pali BJTනිප්පපඤ්චසුත්තානි
Sinhala BJTනිප්පපඤ්ච සූත්‍ර
Pali BJT1044-1099. නිප්පපඤ්චඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි නිප්පපඤ්ච ගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1044-1099. මහණෙනි, තොපට (තෘෂ්ණාදි ප්‍රපඤ්ච රහිත ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 662-717.
Sinhala BJT9. 2. 662-717.
Pali BJTසන්තසුත්තානි
Sinhala BJTසන්ත සූත්‍ර
Pali BJT1100-1155. සන්තඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි සන්තගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1100-1155. මහණෙනි, තොපට (ශාන්ත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 718-773.
Sinhala BJT9. 2. 718-773.
Pali BJTඅමතසුත්තානි
Sinhala BJTඅමත සූත්‍ර
Pali BJT1156-1211. අමතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අමතගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1156-1211. මහණෙනි, තොපට (මරණ රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 774-829.
Sinhala BJT9. 2. 774-829.
Pali BJTපණීතසුත්තානි
Sinhala BJTපණීත සූත්‍ර
Pali BJT1212-1267. පණීතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි පණීතගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1212-1267. මහණෙනි, තොපට (උතුම් ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 830-885.
Sinhala BJT9. 2. 830-885.
Pali BJTසිවසුත්තානි
Sinhala BJTසිව සූත්‍ර
Pali BJT1268-1323. සිවඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි සිවගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1268-1323. මහණෙනි, තොපට (භය රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 886-941.
Sinhala BJT9. 2. 886-941.
Pali BJTඛෙමසුත්තානි
Sinhala BJTඛේම සූත්‍ර
Pali BJT1324-1379. ඛෙමඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි ඛෙමගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1324-1379. මහණෙනි, තොපට (උපද්‍රව රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 942-997.
Sinhala BJT9. 2. 942-997.
Pali BJTතණහක්ඛයසුත්තානි
Sinhala BJTතණ්හක්ඛය සූත්‍ර
Pali BJT1380-1435. තණහක්ඛයඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි තණ්හක්ඛයගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1380-1435. මහණෙනි, තොපට (තෘෂ්ණාක්‍ෂය ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 998-1053.
Sinhala BJT9. 2. 998-1053.
Pali BJTඅච්ඡරියසුත්තානි
Sinhala BJTඅච්ඡරිය සූත්‍ර
Pali BJT1436-1491. අච්ඡරියඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අච්ඡරියගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1436-1491. මහණෙනි, තොපට (ආශ‍්චර්‍ය්‍ය ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 1054-1109.
Sinhala BJT9. 2. 1054-1109.
Pali BJTඅබ්භූතසුත්තානි
Sinhala BJTඅබ්භූත සූත්‍ර
Pali BJT1492-1547. අබ්භූතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අබ්භූතගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1492-1547. මහණෙනි, තොපට (නොහටගත් ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 1110-1165.
Sinhala BJT9. 2. 1110-1165.
Pali BJTඅනීතිකසුත්තානි
Sinhala BJTඅනීතික සූත්‍ර
Pali BJT1548-1603. අනීතිකඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අනීතිකගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1548-1603. මහණෙනි, තොපට (නිදුක් ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 1166-1221.
Sinhala BJT9. 2. 1166-1221.
Pali BJTඅනීතිකධම්මසුත්තානි
Sinhala BJTඅනීතිකධම්ම සූත්‍ර
Pali BJT1604-1659. අනීතිකධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අනීතිකධම්මගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1604-1659. මහණෙනි, තොපට (නිදුක් ස්වභාව ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 1222-1277.
Sinhala BJT9. 2. 1222-1277.
Pali BJTනිබ්බානසුත්තානි
Sinhala BJTනිබ්බාන සූත්‍ර
Pali BJT1660-1715. නිබ්බානඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි නිබ්බානගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1660-1715. මහණෙනි, තොපට (තෘෂ්ණා රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 1278-1333.
Sinhala BJT9. 2. 1278-1333.
Pali BJTඅබ්යාපජ්ඣසුත්තානි
Sinhala BJTආඛ්‍යපජ්ඣ සූත්‍ර
Pali BJT1716-1771. අබ්යාපජ්ඣඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අබ්යාපජ්ඣගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1716-1771. මහණෙනි, තොපට (දුක් රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 1334-1389.
Sinhala BJT9. 2. 1334-1389.
Pali BJTවිරාගසුත්තානි
Sinhala BJTවිරාග සූත්‍ර
Pali BJT1772-1827. විරාගඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි විරාගගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1772-1827. මහණෙනි, තොපට (විරාග ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 1390-1445.
Sinhala BJT9. 2. 1390-1445.
Pali BJTසුද්ධිසුත්තානි
Sinhala BJTසුද්ධි සූත්‍ර
Pali BJT1828-1883. සුද්ධිඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි සුද්ධිගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1828-1883. මහණෙනි, තොපට (පරමාර්‍ත්‍ථ ශුද්ධිය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 1446-1501.
Sinhala BJT9. 2. 1446-1501.
Pali BJTමුත්තිසුත්තානි
Sinhala BJTමුත්ති සූත්‍ර
Pali BJT1884-1939. මුත්තිඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි මුත්තිගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1884-1939. මහණෙනි, තොපට (භවත්‍රයෙන් මිදීම වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 1502-1557.
Sinhala BJT9. 2. 1502-1557.
Pali BJTඅනාලයසුත්තානි
Sinhala BJTඅනාලය සූත්‍ර
Pali BJT1940-1995. අනාලයඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අනාලයගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1940-1995. මහණෙනි, තොපට (කාමාලය රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 1558-1613.
Sinhala BJT9. 2. 1558-1613.
Pali BJTදීපසුත්තානි
Sinhala BJTදීප සූත්‍ර
Pali BJT1996-2051. දීපඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි දීපගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT1996-2051. මහණෙනි, තොපට (පිහිට වන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 1614-1669.
Sinhala BJT9. 2. 1614-1669.
Pali BJTලෙණසුත්තානි
Sinhala BJTලෙණ සූත්‍ර
Pali BJT2052-2107. ලෙණඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි ලෙණගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT2052-2107. මහණෙනි, තොපට (ලෙන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 1670-1725.
Sinhala BJT9. 2. 1679-1725.
Pali BJTතාණසුත්තානි
Sinhala BJTතාණ සූත්‍ර
Pali BJT2108-2163. තාණඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි තාණගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT2108-2163. මහණෙනි, තොපට (රැකවරණ ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 1726-1781.
Sinhala BJT9. 2. 1726-1781.
Pali BJTසරණසුත්තානි
Sinhala BJTසරණ සූත්‍ර
Pali BJT2164-2219. සරණඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි සරණගාමිඤ්ච මග්ගං -පෙ- අනුසාසනීති.
Sinhala BJT2164-2219. මහණෙනි, තොපට (බිය නසන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
Pali BJT9. 2. 1782-1837.
Sinhala BJT9. 2. 1782-1837.
Pali BJTපරායණසුත්තානි
Sinhala BJTපරායණ සූත්‍ර
Pali BJT2220-2275. පරායණඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි පරායණගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ පරායණං: යො භික්ඛවෙ රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ පරායණං. කතමො ච භික්ඛවෙ පරායණගාමී මග්ගො: කායගතාසති. අයං වුච්චති භික්ඛවෙ පරායණගාමි මග්ගො.
Sinhala BJT2220-2275. මහණෙනි, තොපට (පිහිට වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ.
Pali BJTඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා පරායණං, දෙසිතො පරායණගාමීමග්ගො. යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන, අනුකම්පං උපාදාය. කතං වො තං මයා. එතානි භික්ඛවෙ රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJTමහණෙනි, මෙසේ මවිසින් තොපට නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් මවිසින් එය තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙලශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසු ව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJT(යථා අසඞ්ඛතං තථා විත්ථාරෙතබ්බං).
Sinhala BJT(අසඞ්ඛත වාරය යම් සේ නම් එසේ විස්තර කට යුතු යි)
Pali BJTදුතියඅසඞ්ඛතවග්ගො.
Sinhala BJTදෙවැනි දුතිය අසඞ්ඛත වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි වාරනාමාවලිය:
Pali BJTඅසඞ්ඛතං අන්තං අනාසවං සච්චඤ්ච පාරං නිපුණං සුදුද්දසං අජරත්තං ධුවං අපලොකිතං අනිදස්සනං නිප්පපඤ්ච සන්තං
Sinhala BJTඅසඞ‍්ඛත, අන්ත, අනාසව, සච්ච, පාර, නිපුණ, සුදුද්දස, අජර, ධුව, අපලෝකිත, අනිදස්සන, නිප්පපඤ්ච, සන්ත,
Pali BJTඅමතං පණීතඤ්ච සිවඤ්ච ඛෙමං තණ්හක්ඛයො අච්ඡරියඤ්ච අබ්භුතං අනීතිකං අනීතිකධම්මං නිබ්බානමෙතං සුගතෙන දෙසිතං
Sinhala BJTඅමත, පණීත, සිව, ඛේම, තණ්හක්ඛය, අච්ඡරිය අබ්භූත, අනීතික, අනීතික ධම්ම, නිබ්බාන
Pali BJTඅබ්යාපජ්ඣො විරාගො ච සුද්ධි මුත්ති අනාලයො දීපො ලෙණඤ්ච තාණඤ්ච සරණඤ්ච පරායණඤ්චාති.
Sinhala BJTඅබ්‍යාපජ‍්ඣ, විරාග, සුද්ධි, මුත්ති, අනාලය, දීප, ලෙණ, තාණ, සරණ, පරායණවාරය යි [වාර තෙතිසෙකි. එක් එක් වාරයෙහි සූත්‍ර සපනස බැගින් අසඞ්ඛත සංයුත්තයෙහි සූත්‍ර මුළුල්ල 1848 කි. අසඞ්ඛත සංයුත්ත දෙවෙනි වර්‍ගයෙහි පමණක් සූත්‍ර 1837 කි.]
Pali BJTඅසඞ්ඛතසංයුත්තං සමත්තං.
Sinhala BJTඅසඞ්ඛත සංයුත්තය නිමියේ ය.
Pali BJT10. අබ්යාකතසංයුත්තං
Sinhala BJT10. අබ්‍යාකත සංයුත්තය
Pali BJT1. අබ්යාකතවග්ගො
Sinhala BJT1. අබ්‍යාකත වර්‍ගය
Pali BJT10. 1. 1.
Sinhala BJT10. 1. 11.
Pali BJTඛෙමාසුත්තං
Sinhala BJTඛේමා සූත්‍රය
Pali BJT2276. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඛෙමා භික්ඛුනී කොසලෙසු චාරිකං චරමානා අන්තරා ච සාවත්ථිං{1} අන්තරා ච සාකෙතං තොරණවත්ථුස්මිං වාසං උපගතා හොති. අථ ඛො රාජා පසෙනදිකොසලො සාකෙතා සාවත්ථිං ගච්ඡන්තො අන්තරා ච සාකෙතං අන්තරා ච සාවත්ථිං තොරණවත්ථුස්මිං එකරත්තිවාසං උපගඤ්ඡි. අථ ඛො රාජා පසෙනදිකොසලො අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: එහි ත්වං අම්භො පුරිස, තොරණවත්ථුස්මිං තථාරූපං සමණං වා බ්රාහ්මණං වා ජාන, යමහං අජ්ජ පයිරුපාසෙය්යන්ති.
Sinhala BJT2276. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි ඛේමා මෙහෙණ කොසොල් දනව්වෙහි සැරිසරන්නී සැවැත්නුවරටත්, සාකේතනුවරටත් අතර තොරණවත්‍ථුගම්හි විසීමට පැමිණියා වෙයි. එකල්හි පසේනදී කොසොල්රජ සාකේතයෙන් සැවැතට යන්නේ සාකේතයටත්, සැවතටත් අතර තොරණවත්‍ථුගම්හි එක්රැයක් විසීමට පැමිණියේ ය. එකල පසේනදී කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමතී ය. එම්බල පුරුෂය “එව මම අද යමකු ඇසුරු කරන්නෙම් නම් තෝ එබඳු මහණකු හෝ බමුණකු හෝ තොරණවත්‍ථුවෙහි දනුව”යි.
Pali BJTඑවං දෙවාති ඛො සො පුරිසො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිස්සුත්වා කෙවලකප්පං තොරණවත්ථුං{2} අන්වාහිණ්ඩන්තො{3} නාද්දස තථාරූපං සමණං වා බ්රාහ්මණං වා යං රාජා පසෙනදි කොසලො පයිරුපාසෙය්ය. අද්දසා ඛො සො පුරිසො ඛෙමං භික්ඛුනිං තොරණවත්ථුස්මිං වාසං උපගතං. දිස්වාන යෙන පසෙනදිකොසලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච: නත්ථි ඛො දෙව, තොරණවත්ථුස්මිං තථාරූපො සමණො වා බ්රාහ්මණො වා යං දෙවො පයිරුපාසෙය්ය. අත්ථි ච ඛො දෙව, ඛෙමා නාම භික්ඛුනී තස්ස භගවතො සාවිකා අරහතො සම්මාසම්බුද්ධස්ස. තස්සා ඛො පනය්යාය එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: “පණ්ඩිතා වියත්තා මෙධාවිනී බහුස්සුතා චිත්තකථා කල්යාණපටිභානා”ති. තං දෙවො පයිරුපාසතූති.
Sinhala BJTඑසේ ය දේවයන් වහන්සැ යි ඒ පුරිස් තෙමේ පසේනදී කොසොල් රජුට පිළිතුරු දී මුළු තොරණවත්‍ථුවෙහි ඇවිදින්නේ පසේනදි කොසොල් රජ යමකු ඇසුරු කරන්නේ නම් එබඳු මහණකු හෝ බමුණකු හෝ නො දැක්කේය. ඒ පුරිස් තෙමේ තොරණවත්‍ථුවෙහි වාසයට එළඹි ඛේමා මෙහෙණ දිටී. දැක පසේනදි කොසොල් රජු වෙත එළඹියේ ය. එළඹ පසේනදි කොසොල් රජහට මෙය සැලකෙළේ ය: “දේවයන් වහන්ස, දේවයන් වහන්සේ යමකු ඇසුරු කරන සේක් නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ තොරණවත්‍ථුවෙහි නැත. දේවයන් වහන්ස, ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකා වූ ඛේමා නම් මෙහෙණක් ඇත. ‘පණ්ඩිත ය ව්‍යක්ත ය නුවණැත්තීය බහුශ්‍රුත ය විසිතුරු කතා ඇත්තී ය. මැනවින් වැටහෙන නුවණ ඇත්තී ය’යි ඒ ආර්‍ය්‍යාවගේ මෙබඳු කලණ කිතුගොසෙක් පැන නැංගේ ය. දේවයන් වහන්සේ ඇය ඇසුරු කරන සේක්වා යි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදිකොසලො යෙන ඛෙමා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ඛෙමං භික්ඛුනිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදිකොසලො ඛෙමං භික්ඛුනිං එතදවොච: කින්නු ඛො අය්යෙ හොති තථාගතො පරම්මරණාති. අව්යාකතං එතං මහාරාජ භගවතා: “හොති තථාගතො පරම්මරණා”ති. කිම්පනය්යෙ න හොති තථාගතො පරම්මරණාති. එතම්පි ඛො මහාරාජ, අව්යාකතං භගවතා: “න හොති තථාගතො පරම්මරණා”ති. කින්නු ඛො අය්යෙ, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති. අව්යාකතං ඛො එතං මහාරාජ භගවතා: “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති. කිම්පනය්යෙ, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති. එතම්පි ඛො මහාරාජ, අව්යාකතං භගවතා: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති.
Sinhala BJTඑකල්හි පසේනදී කොසොල් රජ ඛේමා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ඛේමා මෙහෙණ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් පසේනදි කොසොල්රජ ඛේමා මෙහෙණහට මෙය කී ය: ආර්‍ය්‍යාවෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු වෙයි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ආර්‍ය්‍යාවෙනි කිමෙක් ද, සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු නො වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ආර්‍ය්‍යාවෙනි කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වේ දැ යි.මහරජ සත්ත්‍වයා මරණින් මතු වෙයි, නො ද වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි. ආර්‍ය්‍යාවෙනි කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ දැ යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු නොම වෙයි, නො ම නො වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදි.
Pali BJTකින්නු ඛො අය්යෙ, හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨා සමානා අව්යාකතං ඛො එතං මහාරාජ භගවතා: “හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කිම්පනය්යෙ න හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨා සමානා එතම්පි ඛො මහාරාජ අව්යාකතං භගවතා: “න හොති තථාගතො පරම්මරණාති” වදෙසි. කින්නු ඛො අය්යෙ, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨා සමානා අව්යාකතං ඛො එතං මහාරාජ භගවතා: “හොති ච න ච හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කිම්පනය්යෙ නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨා සමානා එතම්පි ඛො මහාරාජ අව්යාකතං භගවතා: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කො නු ඛො අය්යෙ, හෙතු කො පච්චයො යෙන තං{1} අව්යාකතං භගවතාති.
Sinhala BJTආර්‍ය්‍යාවෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දී සත්ත්‍වයා මරණින් මතු වෙයි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියහි, ආර්‍ය්‍යාවෙනි කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දී මහරජ සත්ත්‍වයා මරණින් මතු නො වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැයි කියහි, ආර්‍ය්‍යාවෙනි, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ ද යි මෙසේ පුළුවුස්නා ලද්දී මහරජ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැ යි කියහි. ආර්‍ය්‍යාවෙනි, කිමෙක් ද? සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දී මහරජ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වෙයි යන මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලදැ යි කියහි. ආර්‍ය්‍යාවෙනි යම්හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්‍රත්‍යය කිමැ?යි.
Pali BJTතෙන හි මහාරාජ තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි.{2} යථා තෙ ඛමෙය්ය, තථා නං ව්යාකරෙය්යාසි.
Sinhala BJTමහරජ එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහෙන්නේ නම් එසේ එය විසඳන්නහු ය.
Pali BJTතං කිම්මඤ්ඤසි මහාරාජ, අත්ථි තෙ කොචි ගණකො වා මුද්දිකො වා සඞ්ඛායකො වා යො පහොති ගඞ්ගාය වාලිකං{3} ගණෙතුං: “එත්තකා වාලිකා ඉති වා එත්තකානි{4} වාලිකාසතානි ඉති වා එත්තකානි වාලිකාසහස්සානි ඉති වා එත්තකානි වාලිකාසතසහස්සානි ඉති වා”ති. නො හෙතං අය්යෙ. අත්ථි පන තෙ කොචි ගණකො වා මුද්දිකො වා සඞ්ඛායකො වා යො පහොති මහාසමුද්දෙ උදකං මිණිතුං: “එත්තකානි උදකාළ්හකානීති{5} වා එත්තකානි උදකාළ්හකසතානීති වා එත්තකානි උදකාළ්හක සහස්සානීති වා එත්තකානි උදකාළ්හක සතසහස්සානීති වා”ති. නොහෙතං අය්යෙ. තං කිස්ස හෙතු? මහාය්යෙ,{6} සමුද්දො ගම්භීරො අප්පමෙය්යො අප්පරියොගාහොති.
Sinhala BJTමහරජ ඒ කිමැ යි හඟිවු ද? යමෙක් “වැලි මෙතෙකැ යි හෝ වැලි මෙතෙක් සියයකැ යි හෝ වැලි මෙතෙක් දහසකැ යි හෝ වැලි මෙතෙක් සියදහසකැ” යි හෝ ගංගා නදියෙහි වැලි ගණින්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ යි. ආර්‍ය්‍යාවෙනි මෙය නො වේ ම ය. යමෙක් “දිය ලාස් මෙතෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියයකැ යි හෝ දිය ලාස් මෙතෙක් දහසකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියදහසකැ”යි හෝ මහමුහුදෙහි දිය මනින්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා තබන්නෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ යි. ආර්‍ය්‍යාවෙනි මෙය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: ආර්‍ය්‍යාවෙනි මුහුද මහත් ය. ගැඹුරු ය. නො පමණ ය. නො බැසගත හැක්කේ යි.
Pali BJTඑවමෙව ඛො මහාරාජ, යෙන රූපෙන තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, තං රූපං තථාගතස්ස පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. රූපසඞ්ඛය{7}විමුත්තො ඛො මහාරාජ තථාගතො ගම්භීරො අප්පමෙය්යො අප්පරියොගාහො, සෙය්යථාපි මහාසමුද්දො. හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති, න හොති තථාගතො පරම්මරණාති පි න උපෙති, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති. නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති.
Sinhala BJTමහරජ එසෙයින් ම පනවන්නෙක් යම් රූපයෙකින් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ රූපය තථාගතයන් වහන්සේට ප්‍රහීණ ය. උසුන් මුල් ඇත්තේ ය. හිස් සුන් තල්රුකක් මෙන් කරන ලද්දේ ය. නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. මහරජ, තථාගතයන් වහන්සේ රූ පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නොපමණයහ, නොබැසගත හැකියහ, මහසමුදුර මෙනි, සත්ත්‍වයා මරණින් මතු වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යයි පැනවීමට ද නො පැමිණෙති.
Pali BJTයාය වෙදනාය තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, සා වෙදනා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. වෙදනාසඞ්ඛයවිමුත්තො ඛො මහාරාජා තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාහො සෙය්යථාපි මහාසමුද්දො. හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති, න හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති. යාය සඤ්ඤාය තථාගතං -පෙ-
Sinhala BJTපනවන්නෙක් යම් වේදනාවකින් සත්ත්‍වයා පනවන්නේ නම්, ඒ වේදනාව තථාගතයන් වහන්සේට ප්‍රහීණ ය, උසුන් මුල් ඇත්තී ය, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දී ය, නැවත නො හටගන්නා බව කරන ලද්දී ය, මතු නූපදනා ස්වභාව ඇත්තී ය. මහරජ තථාගතයන් වහන්සේ විඳුම් පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නො පමණයහ, නො බැසගත හැක්කහ, මහසමුදුර මෙනි, සත්ත්‍වයා මරණින් මතුවේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි පැනවීමට ද නො පැමිණෙති. යම් සංඥාවකින් සත්ත්‍වයා ....
Pali BJTයෙහි සඞ්ඛාරෙහි තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, තෙ සඞ්ඛාරා තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. සඞ්ඛාරසඞ්ඛයවිමුත්තො ඛො මහාරාජ තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාහො සෙය්යථාපි මහාසමුද්දො. හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති, න හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති.
Sinhala BJTපනවන්නෙක් යම් සංස්කාර කෙනකුන්ගෙන් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ සංස්කාරයෝ තථාගතයන් වහන්සේට ප්‍රහීණ ය, උසුන් මුල් ඇතියහ, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ, නැවත නොහට ගන්නා බව කරන ලදහ, මතු නූපදනා ස්වභාව ඇතියහ. මහරජ තථාගතයන් වහන්සේ සංස්කාර පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නොපමණයහ, නොබැස ගත හැක්කහ, මහසමුදුර මෙනි. සත්ත්‍වයා මරණින් මතු වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යි පැනවීමට ද නො පැමිණෙති.
Pali BJTයෙන විඤ්ඤාණෙන තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, තං විඤ්ඤාණං තථාගතස්ස පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. විඤ්ඤාණසඞ්ඛයවිමුත්තො ඛො මහාරාජ තථාගතො ගම්භීරො අප්පමෙය්යො අප්පරියොගාහො සෙය්යථාපි මහාසමුද්දො. හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති, න හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති, හොති ච න ච හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපි න උපෙතීති.
Sinhala BJTපනවන්නෙක් යම් විඥානයෙකින් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ විඥානය තථාගතයන් වහන්සේට ප්‍රහීණ ය, උසුන් මුල් ඇත්තේ ය, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ ය, නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය, මතු නූපදනා ස්වභාව ඇත්තේ ය, මහරජ තථාගතයන් වහන්සේ විඥාන පැනවීමෙන් මිදුණහ, ගැඹුරුවහ, නොපමණයහ, නොබැස ගත හැක්කහ, මහසමුදුර මෙනි. සත්ත්‍වයා මරණින් මතු වේ යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො වේ යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ යි පැනවීමට ද නො පැමිණෙති, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි පැනවීමට ද නො පැමිණෙති යි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදිකොසලො ඛෙමාය භික්ඛුනියා භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ඛෙමං භික්ඛුනිං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො රාජා පසෙනදිකොසලො අපරෙන සමයෙන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදිකොසලො භගවන්තං එතදවොච: කින්නු ඛො භන්තෙ හොති තථාගතො පරම්මරණාති. අව්යාකතං ඛො එතං මහාරාජ මයා: “හොති තථාගතො පරම්මරණාති.” කිම්පන භන්තෙ න හොති තථාගතො පරම්මරණාති. තම්පි ඛො මහාරාජ අව්යාකතං මයා: “න හොති තථාගතො පරම්මරණා”ති. -පෙ-
Sinhala BJTඉක්බිති පසේනදි කොසොල් රජ ඛේමා මෙහෙණගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී ඛේමා මෙහෙණ වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි පසේනදි කොසොල් රජ පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ” යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු වේ” යි මෙය මවිසින් නො පවසන ලදි. වහන්ස කිමෙක් ද, සත්ත්‍වයා මරණින් මතු නො වේ දැ යි. මහරජ සත්ත්‍වයා මරණින් මතු නො වේය යි ද මා විසින් නො පවසන ලදි ...
Pali BJTකින්නු ඛො භන්තෙ හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො අව්යාකතං ඛො එතං මහාරාජ මයා: “හොති තථාගතො පරම්මරණා”ති වදෙසි -පෙ- කිම්පන භන්තෙ නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති ඉති පුට්ඨො සමානො තම්පි ඛො මහාරාජ අව්යාකතං මයා: “නෙව හොති න න හොති තථාගතො පරම්මරණා”ති වදෙසි. කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙන තං අව්යාකතං භගවතාති.
Sinhala BJTවහන්ස, කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දාහු මහරජ සත්ත්‍වයා මරණින් මතු වේ යයි මෙය මවිසින් නො පවසන ලදැ යි වදාරවු ... වහන්ස කිමෙක් ද සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දාහු මහරජ, සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේය යි එ ද මවිසින් නොපවසන ලදැ යි වදාරවු. වහන්ස, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම ප්‍රත්‍යය කිමැ යි.
Pali BJTතෙන හි මහාරාජ තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං ව්යාකරෙය්යාසි. තං කිම්මඤ්ඤසි මහාරාජ අත්ථි තෙ කොචි ගණකො වා මුද්දිකො වා සඞ්ඛායකො වා යො පහොති ගඞ්ගාය වාලිකං ගණෙතුං “එත්තකා වාලිකාති වා -පෙ- එත්තකානි වාලිකා සතසහස්සානීති වා”ති. නො හෙතං භන්තෙ. අත්ථි පන තෙ කොචි ගණකො වා මුද්දිකො වා සඞ්ඛායකො වා යො පහොති මහාසමුද්දෙ උදකං පමෙතුං “එත්තකානි උදකාළ්හකානීති වා -පෙ- එත්තකානි උදකාළ්හකසතසහස්සානීති වා”ති. නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: මහා භන්තෙ, සමුද්දො ගම්භීරො අප්පමෙය්යො අප්පරියොගාහොති.
Sinhala BJTමහරජ එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහෙන්නේ නම් එසේ එය විසඳන්නහු ය. මහරජ ඒ කිමැ යි හඟිහි ද? යමෙක් ගංගානදියෙහි වැලි මෙතෙකැ යි හෝ ... වැලි මෙතෙක් සියදහසෙකැ යි හෝ ගණින්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා ගණනායෙහි කුශලයෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ යි. වහන්ස මෙය නො වේ ම ය. යමෙක් මහ මුහුදෙහි දිය ලහසු මෙතෙකැ යි හෝ … දිය ලහසු මෙතෙක් සියදහසකැ යි හෝ දිය පමණ කරන්නට පොහෝනේ නම් එබඳු කිසි ගණන් කරන්නෙක් හෝ මුද්‍රා ගණකයෙක් හෝ පිඬුගණන් දක්වන්නෙක් හෝ තොපට ඇද්දැ? යි. වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස මුහුද විශාල ය, ගැඹුරු ය, නොපමණ ය. නො බැස ගත හැක්කේ යි.
Pali BJTඑවමෙව ඛො මහාරාජ, යෙන රූපෙන තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, තං රූපං තථාගතස්ස පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. රූපසඞ්ඛයවිමුත්තො ඛො මහාරාජ තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාහො සෙය්යථාපි මහාසමුද්දො. හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති.
Sinhala BJT“මහරජ එසෙයින් ම පනවන්නෙක් යම් රුවෙකින් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ රුව තථාගතයන්ට ප්‍රහීණ ය, උසුන්මුල් ඇත්තේ ය, හිස්සුන් තල් ගසක් මෙන් කරන ලද්දේ ය, නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය, මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. මහරජ තථාගත රූ පැනවීමෙන් මිදුණේ ය, ගැඹුරු ය, නොපමණ ය, නොබැසගත හැක්කේ ය, මහමුහුද මෙනි, සත්ත්‍වයා මරණින් මතු වේය යි පැනවීමට ද නො පැමිණෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේය යි පැනවීමට ද නො පැමිණේ යි.
Pali BJTයාය වෙදනාය -පෙ- යාය සඤ්ඤාය -පෙ- යෙහි සඞ්ඛාරෙහි -පෙ- යෙන විඤ්ඤාණෙන තථාගතං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, තං විඤ්ඤාණං තථාගතස්ස පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං. විඤ්ඤාණසඞ්ඛයවිමුත්තො ඛො මහාරාජ තථාගතො ගම්භීරො අප්පමෙය්යො දුප්පරියොගාහො සෙය්යථාපි සමුද්දො. හොති තථාගතො පරම්මරණාතිපි න උපෙති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණාපි න උපෙතීති.
Sinhala BJTයම් වේදනාවකින් ... යම් සංඥාවකින් ... යම් සංස්කාර කෙනකුන්ගෙන් ... පනවන්නෙක් යම් විඥානයෙකින් සත්ත්‍වයා පනවන්නේ නම් ඒ විඥානය තථාගතයන්ට ප්‍රහීණ ය, උසුන්මුල් ඇත්තේ ය, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ ය, නැවත නොහටගන්නා බව කරන ලද්දේ ය, මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. මහරජ, තථාගත තෙමේ විඥාන පැනවීමෙන් මිදුණේ ය, ගැඹුරු ය, නො පමණ ය, නොබැස ගත හැක්කේ ය, මහමුහුද මෙනි, සත්ත්‍වයා මරණින් මතු වේය යි පැනවීමට ද නො පැමිණෙයි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේය යි පැනවීමට ද නො පැමිණේ යි.