Pali BJT9. අසඞ්ඛතසංයුත්තං
Sinhala BJT9. අසඞ්ඛත සංයුත්තය
Pali BJT1. අසංඛතවග්ගො
Sinhala BJT1. අසඞ්ඛත වර්‍ගය
Pali BJT9. 1. 1.
Sinhala BJT9. 1. 1.
Pali BJTකායගතාසතිසුත්තං
Sinhala BJTකායගතාසති සූත්‍රය
Pali BJT428. අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ අසඞ්ඛතං: යො භික්ඛවෙ රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතං. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො: කායගතාසති. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො.
Sinhala BJT428. මහණෙනි, තොපට අසඞ්ඛතය (නිවන) ද, අසඞ්ඛත (නිවන්) මඟ ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අසඞ්ඛතය කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මෙය අසඞ්ඛත යි කියනු ලැබේ. මහණෙනි, අසඞ්ඛත මඟ කවරේ ද යත්: කායගතාසති යි. මහණෙනි, මේ අසඞ්ඛත මඟ යි කියනු ලැබේ.
Pali BJTඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං දෙසිතො අසඞ්ඛතගාමී මග්ගො. යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා එතානි භික්ඛවෙ රුක්ඛමූලානි එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං ඛො අම්හාකං අනුසාසනී.
Sinhala BJTමහණෙනි, මෙසේ තොපට මා විසින් අසඞ්ඛතය දෙසන ලදි. අසඞ්ඛත මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම්, එය මවිසින් තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල්, ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJT9. 1. 2.
Sinhala BJT9. 1. 2.
Pali BJTසමථවිපස්සනාසුත්තං
Sinhala BJTසමථවිපස්සනා සූත්‍රය
Pali BJT429. අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ අසඞ්ඛතං: යො භික්ඛවෙ රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතං. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො: සමථො ච විපස්සනා ච. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො. ඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං -පෙ- අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJT429. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ ද මහණෙනි, මේ නිවන ය යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: සමථය ද විදර්‍ශනාව ද යන දෙක යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ තොපට මා විසින් නිවන දෙසන ලදි. ... මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJT9. 1. 3.
Sinhala BJT9. 1. 3.
Pali BJTසවිතක්කසවිචාරසුත්තං
Sinhala BJTසවිතක්කසවිචාර සූත්‍රය
Pali BJT430. අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ අසඞ්ඛතං: යො භික්ඛවෙ රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො ඉදං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතං. කතමොච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො සවිතක්කො{1} සවිචාරො සමාධි, අවිතක්කො{2} විචාරමත්තො සමාධි, අවිතක්කො අවිචාරො සමාධි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT430. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මෙය නිවන යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සවිතර්‍කසවිචාරසමාධි ය, අවිතර්‍කවිචාරමාත්‍රසමාධිය, අවිතර්‍කඅවිචාරසමාධි යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ ... අනුශාසනා යි.
Pali BJT9. 1. 4.
Sinhala BJT9. 1. 4.
Pali BJTසුඤ්ඤතසමාධිසුත්තං
Sinhala BJTසුඤ්ඤතසමාධි සූත්‍රය
Pali BJT431. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: සුඤ්ඤතො සමාධි අනිමිත්තො සමාධි අප්පණිහිතො සමාධි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT431. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සුඤ්ඤතසමාධි ය, අනිමිත්තසමාධි ය, අප්පණිහිතසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
Pali BJT9. 1. 5.
Sinhala BJT9. 1. 5.
Pali BJTසතිපට්ඨානසුත්තං
Sinhala BJTසතිපට්ඨාන සූත්‍රය
Pali BJT432. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: චත්තාරො සතිපට්ඨානා. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT432. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සතර සීවටන්හු ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
Pali BJT9. 1. 6.
Sinhala BJT9. 1. 6.
Pali BJTසම්මප්පධානසුත්තං
Sinhala BJTසම්මප්පධාන සූත්‍රය
Pali BJT433. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: චත්තාරො සම්මප්පධානා. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT433. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සතර සම්මප්පධානයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
Pali BJT9. 1. 7.
Sinhala BJT9. 1. 7.
Pali BJTඉද්ධිපාදසුත්තං
Sinhala BJTඉද්ධිපාද සූත්‍රය
Pali BJT434. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: චත්තාරො ඉද්ධිපාදා. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT434. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සතර ඉද්ධිපාදයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
Pali BJT9. 1. 8.
Sinhala BJT9. 1. 8.
Pali BJTඉන්ද්රියසුත්තං
Sinhala BJTඉන්‍ද්‍රිය සූත්‍රය
Pali BJT435. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: පඤ්චින්ද්රියානි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT435. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: පඤ්ච ඉන්‍ද්‍රියෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
Pali BJT9. 1. 9.
Sinhala BJT9. 1. 9.
Pali BJTබලසුත්තං
Sinhala BJTබල සූත්‍රය
Pali BJT436. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: පඤ්ච බලානි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT436. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: පඤ්ච බලයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
Pali BJT9. 1. 10.
Sinhala BJT9. 1. 10.
Pali BJTබොජ්ඣඞ්ගසුත්තං
Sinhala BJTබොජ්ඣඞ්ග සූත්‍රය
Pali BJT437. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: සත්ත බොජ්ඣඞ්ගා. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT437. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සත්ත බොජ්ඣඞ්ගයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
Pali BJT9. 1. 11.
Sinhala BJT9. 1. 11.
Pali BJTමග්ගඞ්ගසුත්තං
Sinhala BJTමග්ගඞ්ග සූත්‍රය
Pali BJT438. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: අරියො අට්ඨඞ්ගිකො මග්ගො. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො. ඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං, දෙසිතො අසඞ්ඛතගාමීමග්ගො. යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛවෙ රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ. මා පමාදත්ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJT438. ... මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: අරිඅටඟිමඟ යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මා විසින් තොපට නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන් කෙරෙහි හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම්, මා විසින් එය තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල්, ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJTඅසඞ්ඛතවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි අසඞ්ඛත වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTකායසමථ{1} සවිතක්කො සුඤ්ඤතො සතිපට්ඨානා, සම්මප්පධානඤ්ච ඉද්ධිපාද ඉන්ද්රියබලබොජ්ඣඞ්ගමග්ගාති.
Sinhala BJTකායගතාසති, සමථ විපස්සනා, සවිතක්කසවිචාර, සුඤ්ඤතසමාධි, සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, මග්ගඞ්ග යි සූත්‍ර එකොළොසෙකි.
Pali BJT2. දුතිය අසඞ්ඛත වග්ගො
Sinhala BJT2. දුතිය අසඞ්ඛත වර්‍ගය
Pali BJT9. 2. 1.
Sinhala BJT9. 2. 1.
Pali BJTඅසඞ්ඛතසුත්තං
Sinhala BJTඅසඞ්ඛත සූත්‍රය
Pali BJT439. අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ අසඞ්ඛතං: යො භික්ඛවෙ රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතං. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: සමථො. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො.
Sinhala BJT439. මහණෙනි, තොපට නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: සමථය යි. මහණෙනි, මේ නිවන්මගැ යි කියනු ලැබේ.
Pali BJTඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං, දෙසිතො අසඞ්ඛතගාමීමග්ගො. යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන, අනුකම්පං උපාදාය. කතං වො තං මයා. එතානි භික්ඛවෙ රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJTමහණෙනි, මෙසේ තොපට මා විසින් නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් එය තොපට මා විසින් කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු, නහමක් පමා වවු, පසු ව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJT9. 2. 2.
Sinhala BJT9. 2. 2.
Pali BJTවිපස්සනාසුත්තං
Sinhala BJTවිපස්සනා සූත්‍රය
Pali BJT440. අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ අසඞ්ඛතං: යො භික්ඛවෙ රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතං. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො: විපස්සනා. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො. ඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා අසඞ්ඛතං -පෙ- අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJT440. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: විපස්සනා යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මා විසින් තොපට නිවන දෙසන ලදි ... මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJT9. 2. 3.
Sinhala BJT9. 2. 3.
Pali BJTසවිතක්කසවිචාරසුත්තං
Sinhala BJTසවිතක්කසවිචාර සූත්‍රය
Pali BJT441. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො: සවිතක්කො සවිචාරො සමාධි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමීමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT441. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සවිතක්කසවිචාර සමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 4.
Sinhala BJT9. 2. 4.
Pali BJTඅවිතක්කඅවිචාරමත්තසුත්තං
Sinhala BJTඅවිතක්කවිචාරමත්ත සූත්‍රය
Pali BJT442. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: අවිතක්කො විචාරමත්තො සමාධි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT442. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අවිතක්කවිචාරමත්ත සමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 5.
Sinhala BJT9. 2. 5.
Pali BJTඅවිතක්කඅවිචාරසුත්තං
Sinhala BJTඅවිතක්කඅවිචාර සූත්‍රය
Pali BJT443. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමී මග්ගො: අවිතක්කො අවිචාරො සමාධි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT443. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අවිතක්කඅවිචාර සමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 6.
Sinhala BJT9. 2. 6.
Pali BJTසුඤ්ඤතසමාධිසුත්තං
Sinhala BJTසුඤ්ඤතසමාධි සූත්‍රය
Pali BJT444. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: සුඤ්ඤතො සමාධි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT444. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සුඤ්ඤතසමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 7.
Sinhala BJT9. 2. 7.
Pali BJTඅනිමිත්තසමාධිසුත්තං
Sinhala BJTඅනිමිත්තසමාධි සූත්‍රය
Pali BJT445. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: අනිමිත්තො සමාධි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT445. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අනිමිත්තසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 8.
Sinhala BJT9. 2. 8.
Pali BJTඅප්පණිහිතසමාධිසුත්තං
Sinhala BJTඅප්පණිහිතසමාධි සූත්‍රය
Pali BJT446. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: අප්පණිහිතො සමාධි. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT446. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අප්පණිහිතසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 9.
Sinhala BJT9. 2. 9.
Pali BJTකායානුපස්සනාසුත්තං
Sinhala BJTකායානුපස්සනා සූත්‍රය
Pali BJT447. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT447. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇතිව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ ... අනුසාසනා යි.
Pali BJT9. 2. 10.
Sinhala BJT9. 2. 10.
Pali BJTවෙදනානුපස්සනාසුත්තං
Sinhala BJTවේදනානුපස්සනා සූත්‍රය
Pali BJT448. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT448. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ වේදනායෙහි වේදනා අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වේදනා ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 11.
Sinhala BJT9. 2. 11.
Pali BJTචිත්තානුපස්සනාසුත්තං
Sinhala BJTචිත්තානුපස්සනා සූත්‍රය
Pali BJT449. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT449. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිත්හි සිත අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 12.
Sinhala BJT9. 2. 12.
Pali BJTධම්මානුපස්සනාසුත්තං
Sinhala BJTධම්මානුපස්සනා සූත්‍රය
Pali BJT450. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT450. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි, මහණෙනි, මේ නිවන්මඟැයි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 13.
Sinhala BJT9. 2. 13.
Pali BJTපඨමසම්මප්පධානසුත්තං
Sinhala BJTපඨමසම්මප්පධාන සූත්‍රය
Pali BJT451. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT451. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදවීම පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි, සිත දැඩි කොට ගනී, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 14.
Sinhala BJT9. 2. 14.
Pali BJTදුතියසම්මප්පධානසුත්තං
Sinhala BJTදුතිය සම්මප්පධාන සූත්‍රය
Pali BJT452. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT452. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණය පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි, සිත තර කොට ගනී, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 15.
Sinhala BJT9. 2. 15.
Pali BJTතතියසම්මප්පධානසුත්තං
Sinhala BJTතතිය සම්මප්පධාන සූත්‍රය
Pali BJT453. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT453. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි. ... මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 16.
Sinhala BJT9. 2. 16.
Pali BJTචතුත්ථසම්මප්පධානසුත්තං
Sinhala BJTචතුත්‍ථ සම්මප්පධාන සූත්‍රය
Pali BJT454. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති -පෙ- අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT454. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම පිණිස නුමුළා බව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස භාවනාවෙහි පිරීම පිණිස ඡන්‍දය දනවයි. ... මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 17.
Sinhala BJT9. 2. 17.
Pali BJTඡන්දිද්ධිපාදසුත්තං
Sinhala BJTඡන්‍දිද්ධිපාද සූත්‍රය
Pali BJT455. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT455. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.
Pali BJT9. 2. 18.
Sinhala BJT9. 2. 18.
Pali BJTවිරියිද්ධිපාදසුත්තං
Sinhala BJTවිරියද්ධිපාද සූත්‍රය
Pali BJT456. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT456. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ වීර්‍ය්‍යය ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.
Pali BJT9. 2. 19.
Sinhala BJT9. 2. 19.
Pali BJTචිත්තිද්ධිපාදසුත්තං
Sinhala BJTචිත්තිද්ධිපාද සූත්‍රය
Pali BJT457. කතමො ච භික්ඛවෙ අසඞ්ඛතගාමිමග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. අයං වුච්චති භික්ඛවෙ අසඞ්ඛතගාමි මග්ගො -පෙ- අනුසාසනීති.
Sinhala BJT457. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිත ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
Pali BJT9. 2. 20.
Sinhala BJT9. 2. 20.
Pali BJTවීමංසිද්ධිපාදසුත්තං
Sinhala BJTවිමංසිද්ධිපාද සූත්‍රය