Pali BJTභගවා ඛො අනෙකපරියායෙන කාමෙසු මිච්ඡාචාරං ගරහති විගරහති, කාමෙසු මිච්ඡාචාරා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා කාමෙසු මිච්ඡාචිණ්ණං යාවතකං වා තාවතකං වා. යං ඛො පන මයා කාමෙසු මිච්ඡාචිණ්ණං යාවතකං වා තාවතකං වා තං න සුට්ඨු තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං න මෙ තං පාපකං කම්මං අකතං භවිස්සතීති. සො ඉති පටිසඞ්ඛාය තඤ්චෙව කාමෙසු මිච්ඡාචාරං පජහති, ආයතිඤ්ච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති; එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් කම්හි මිසහසරට ගරහත්. දැඩි සේ ගරහත්. කම්හි මිසහසරින් වැළකෙවු යි ද වදාරත්. ම විසින් යම් පමණ වූ හෝ කාමයන්හි වරදවා හැසිරෙන ලද්දේ ඇත් ම ය. ම විසින් යම් පමණ වූ හෝ කාමයන්හි වරදවා හැසිරෙන ලද්දෙක් වේ නම් එය නො යෙහෙකි. එය නො මැනවි. ඉදින් මම ඒ හේතු කොට ගෙන විපිළිසර ඇත්තෙම් වන්නෙම් නමුදු ම විසින් ඒ පව්කම් නො කරන ලද්දේ නො වන්නේ ය යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා ඒ කම්හි මිසහසරත් දුරු කෙරෙයි. මතු ද කම්හි මිසහසරින් වැළකුනේ වෙයි. මෙසේ මේ පව්කම ප්‍රහාණය වෙයි. මෙසේ මේ පව්කම ඉක්මවීම වෙයි.
Pali BJTභගවා ඛො අනෙකපරියායෙන මුසාවාදං ගරහති විගරහති, මුසාවාදා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා මුසා භණිතං යාවතකං වා තාවතකං වා. යං ඛො පන මයා මුසා භණිතං යාවතකං වා තාවතකං වා, තං න සුට්ඨු, තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං න මෙ තං පාපකං කම්මං අකතං භවිස්සතීති. සො ඉති පටිසඞ්ඛාය තඤ්චෙව මුසාවාදං පජහති, ආයතිඤ්ච මුසාවාදා පටිවිරතො හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් මුසවායට ගරහත්. දැඩි සේ ගරහත්. මුසවායෙන් වැළකෙවු යි ද වදාරත්. ම විසින් යම් පමණ වූ හෝ මුසා බණන ලද්දේ ඇත් ම ය. ම විසින් යම් පමණ වූ හෝ මුසා බණන ලද්දෙක් වේ නම් එය නො යෙහෙකි. එය නො මැනවි. ඉදින් මම ඒ හේතුවෙන් විපිළිසර ඇත්තෙම් වන්නෙම් නමුදු ම විසින් ඒ පව්කම නො කරන ලද්දේ නො වන්නේ ය යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා ඒ මුසවායත් දුරු කෙරෙයි. මතු ද මුසවායෙන් වැළකුනේ වෙයි. මෙසේ මේ පව්කම ප්‍රහාණය වෙයි. මෙසේ මේ පව්කම ඉක්මවීම වෙයි.
Pali BJTසො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති. කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති. පිසුණාවාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති. ඵරුසංවාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති. අභිජ්ඣං පහාය අනභිජ්ඣාලු හොති. ව්යාපාපදදොසං පහාය අබ්යාපන්නචිත්තො හොති. මිච්ඡාදිට්ඨිං පහාය සම්මාදිට්ඨිකො හොති.
Sinhala BJTහෙතෙමේ පණිවාය පහා පණිවායෙන් වැළකුනේ වෙයි. අයිනාදන පහා අයිනාදනින් වැළකුනේ වෙයි. කම්හි මිසහසර පහා කම්හි මිසහසරින් වැළකුනේ වෙයි. මුසවා පහා මුසවායෙන් වැළකුනේ වෙයි. පිසුනු වදන පහා පිසුනු වදනින් වැළකුනේ වෙයි. රළු වදන පහා රළු වදනින් වැළකුනේ වෙයි. හිස් තෙපුල පහා හිස් තෙපුලෙන් වැළකුනේ වෙයි. දැඩි ලොබ පහා දැඩි ලොබින් වැළකුනේ වෙයි. ව්‍යාපාද සිතුවිලි දෝස පහා අව්‍යාපාද සිත් ඇත්තේ වෙයි. මිස දිටු පහා සම් දිටු ගත්තේ වෙයි.
Pali BJTස ඛො සො ගාමණි අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං; ඉති උද්ධමධොතිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣො ඵරිත්වා විහරති. සෙය්යථාපි ගාමණි බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චතුද්දිසා විඤ්ඤාපෙය්ය, එවමෙව ඛො ගාමණි එවං භාවිතාය මෙත්තාය චෙතොවිමුත්තියා එවං බහුලීකතාය යං පමාණකතං කම්මං න තං තත්රාවසිස්සති, න තං තත්රාවතිට්ඨති.
Sinhala BJTගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය ව්‍යාපාද සිතුවිලි ඇත්තේ නො මුළා වූයේ මනා දැනුම් ඇත්තේ එළඹසිටි සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. එසේ දෙවැන්න ද එසේ තෙවැන්න ද එසේ සිවු වැන්න දැයි මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලන් තමා හා සම බැවින් සියලු සතුන්ගෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වෙර රහිත දුක් නැති මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙ යි. ගාමිණී, යම් සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන් ම සිවු දිග හඟවන්නේ ද, ගාමිණී, එසෙයි ම මෛත්‍රී සමාධිය මෙසේ වඩන ලද කල්හි මෙසේ බහුල කරන ලද කල්හි යම් කාමාවචර කර්‍මයෙක් වේ නම් එය එහි ඉතිරි නොවේ. එය එහි නො සිටී.
Pali BJTස ඛො සො ගාමණි අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධොතිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සෙය්යථාපි ගාමණි බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චතුද්දිසා විඤ්ඤාපෙය්ය, එවමෙව ඛො ගාමණි එවං භාවිතාය උපෙඛාය චෙතොවිමුත්තියා එවං බහුලීකතාය යං පමාණකතං කම්මං න තං තත්රාවසිස්සති, න තං තත්රාවතිට්ඨතීති. එවං වුත්තෙ අසිබන්ධකපුත්තො ගාමණි භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය වනස් සිතුවිලි ඇත්තේ නො මුළා වූයේ මනා දැනුම් ඇත්තේ එළඹසිටි සිහි ඇත්තේ කුළුණු සහගිය සිතින් … මුදු බැව් සහගිය සිතින් … මැදහත්බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. එසේ දෙවැන්න ද එසේ තෙවැන්න ද එසේ සිවු වැන්න දැයි මෙසේ උඩ යට සරස සියලු තන්හි සියල්ලන් තමා හා සම බැවින් සියලු සතුන්ගෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වෙර රහිත දුක් නැති මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙ යි. ගාමිණී, යම් සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන් ම සිවු දිග හඟවන්නේ ද, ගාමිණී, එසෙයි ම උපේක්‍ෂා සමාධිය මෙසේ වඩන ලද කල්හි මෙසේ බහුල කරන ලද කල්හි යම් කාමාවචර කර්‍මයෙක් වේ නම් එය එහි ඉතිරි නොවේ. එය එහි නො සිටී යි. මෙසේ වදාළ කල්හි අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය. වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. … අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවකු කොට මා දරන සේක්වා) යි.
Pali BJT8. 1. 9.
Sinhala BJT8. 1. 9.
Pali BJTකුලසුත්තං
Sinhala BJTකුල සූත්‍රය
Pali BJT423. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන නාලන්දා තදවසරි. තත්ර සුදං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ. තෙන ඛො පන සමයෙන නාලන්දා දුබ්භික්ඛා හොති ද්වීහිතිකා{1} සෙතට්ඨිකා{2} සලාකාවුත්තා. තෙන ඛො පන සමයෙන නිගණ්ඨො නාතපුත්තො නාලන්දායං පටිවසති මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං. අථ ඛො අසිබන්ධකපුත්තො ගාමණි නිගණ්ඨසාවකො යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අසිබන්ධකපුත්තං ගාමණිං නිගණ්ඨො නාතපුත්තො එතදවොච:
Sinhala BJT423. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන සමඟ කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙන සේක් නාලන්‍දාව වෙත වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි නාලන්‍දාවෙහි පාවාරික අඹ වනෙහි වැඩ වසන සේක. එසමයෙහි නාලන්‍දාව දුබික් වූවා (දිවි පැවැත්ම) ගැන සැක ඇත්තී (මළ මිනිසුන්ගේ) සුදු ඇට ඇත්තී නොහොත් (බොල් වීමෙන්) සුදු ඇට ඇත්තී ලහයෙන් පැවතුම් ඇත්තී වපුළ ගොයම පිදුරු පමණක් වූවා වෙයි. එකල්හි නිගණ්ඨනාතපුත්ත මහත් වූ නිගණ්ඨ පිරිස සමඟ නාලන්‍දාවෙහි වෙසෙයි. ඉක්බිති නිගණ්ඨ ශ්‍රාවක වූ අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ නිගණ්ඨනාතපුත්ත වෙත එළඹියේ ය. එළඹ නිගණ්ඨනාතපුත්ත වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්‍ධකපුත්ත ගාමිණීහට නිගණ්ඨනාතපුත්ත මෙය කීය:
Pali BJTඑහි ත්වං ගාමණි, සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙහි. එවන්තෙ කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති: “අසිබද්ධකපුත්තෙන ගාමණිනා සමණස්ස ගොතමස්ස එවං මහිද්ධිකස්ස එවං මහානුභාවස්ස වාදො ආරොපිතො”’ති. කථං පනාහං භන්තෙ සමණස්ස ගොතමස්ස එවං මහිද්ධිකස්ස එවං මහානුභාවස්ස වාදං ආරොපෙස්සාමීති. එහි ත්වං ගාමණි, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා සමණං ගොතමං එවං වදෙහි: නනු භන්තෙ භගවා අනෙකපරියායෙන කුලානං අනුද්දයං{3} වණ්ණෙති, අනුරක්ඛං වණ්ණෙති, අනුකම්පං වණ්ණෙතීති.
Sinhala BJTගාමිණී එවු, තෙපි මහණ ගොයුම්හට වාද නගවු. මෙසේ තොපට “මෙසේ මහත් ඉදුහ ඇති මෙසේ මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට අසිබන්‍ධකපුත්ත ගාමිණී විසින් වාද නගන ලදැ” යි කලණ කිතු ගොසෙක් පැන නගී යි. හිමියනි, මෙසේ මහත් ඉදුහ ඇති මෙසේ මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට කෙසේ මම වාද නගන්නෙම් දැ යි. ගාමිණී, එව තෙපි මහණ ගොයුම් වෙත එළඹෙව. එළඹ මහණ ගොයුම්හට මෙසේ කියව: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් කුලයන්ට දයාව වණත් නු, රැකවරණ වණත් නු, අනුකම්පාව වණත් නු යි.
Pali BJTසචෙ තෙ ගාමණි සමණො ගොතමො එවං ඵුට්ඨො එවං ව්යාකරොති: “එවං ගාමණි තථාගතො අනෙකපරියායෙන කුලානං අනුද්දයං වණ්ණෙති, අනුරක්ඛං වණ්ණෙති, අනුකම්පං වණ්ණෙතී”ති, තමෙනං ත්වං එවං වදෙය්යාසි: අථ කිඤ්චරහි භන්තෙ භගවා දුබ්භික්ඛෙ ද්වීහිතිකෙ සෙතට්ඨිකෙ සලාකාවුත්තෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං චාරිකං චරති? උච්ඡෙදාය භගවා කුලානං පටිපන්නො, අනයාය භගවා කුලානං පටිපන්නො, උපඝාතාය භගවා කුලානං පටිපන්නොති. ඉමං ඛො තෙ ගාමණි සමණො ගොතමො උභතො කොටිකං පඤ්හං පුට්ඨො නෙව සක්ඛීති{1} උග්ගිලිතුං නෙව සක්ඛීති ඔගිලිතුන්ති.
Sinhala BJTගාමිණී, මෙසේ පුළුවුස්නා ලද මහණ ගොයුම් තෙමේ ඉදින් තොපට “ගාමිණී එසේ ය. තථාගත තෙමේ නන් අයුරින් කුලයන්ට දයාව වණයි, රැකවරණ වණයි, අනුකම්පාව වණා” යැයි මෙසේ පවසා නම් ඒ මොහුට තෙපි මෙසේ කියන්නහු ය: වහන්ස, එසේ නම් කුමක් හෙයින් සැක පහළ කරන සුදු ඇට ඇති ලහයෙන් පැවතුම් ඇති දුබික් පවත්නා කල භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන සමඟ චාරිකාවෙහි හැසිරෙද් ද? භාග්‍යවතුන් වහන්සේ කුල නැසීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පිරිහෙළීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පෙළීම පිණිස පිළිපන්හ යි. ගාමිණී, තොප විසින් මේ දෙ කෙළවරක් ඇති පැන පුළුවුස්නා ලද මහණ ගොයුම් තෙමේ වමාරන්නට නො ම හැකි වන්නේ ය. ගිලින්නට නො ම හැකිවන්නේ යි.
Pali BJTඑවං භන්තෙති ඛො අසිබන්ධකපුත්තො ගාමණි නිගණ්ඨස්ස නාතපුත්තස්ස පටිස්සුත්වා උට්ඨායාසනා නිගණ්ඨං නාතපුත්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අසිබන්ධකපුත්තො ගාමණි භගවන්තං එතදවොච: “නනු භන්තෙ භගවා අනෙකපරියායෙන කුලානං අනුද්දයං වණ්ණෙති, අනුරක්ඛං වණ්ණෙති, අනුකම්පං වණ්ණෙතීති.” එවං ගාමණි තථාගතො අනෙකපරියායෙන කුලානං අනුද්දයං වණ්ණෙති, අනුරක්ඛං වණ්ණෙති, අනුකම්පං වණ්ණෙතීති. අථ කිඤ්චරහි භන්තෙ භගවා දුබ්භික්ඛෙ ද්වීහිතිකෙ සෙතට්ඨිකෙ සලාකාවුත්තෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං චාරිකං චරති? උච්ඡෙදාය භගවා කුලානං පටිපන්නො, අනයාය භගවා කුලානං පටිපන්නො, උපඝාතාය භගවා කුලානං පටිපන්නොති.
Sinhala BJTඑසේ ය හිමියනි යි අසිබන්‍ධකපුත්ත ගාමිණී නිගණ්ඨනාතපුත්තහට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගිට නිගණ්ඨනාතපුත්ත වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් අසිබන්‍ධක පුත්ත ගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරෙන් කුලයන්ට දයාව වණත් නු? රැකවරණ වණත් නු? අනුකම්පාව වණත් නු යි. ගාමිණී, එසේ ය. තථාගත තෙමේ නන් අයුරෙන් කුලයන්ට දයාව වණා, රැකවරණ වණා, අනුකම්පාව වණා යි. වහන්ස, එසේ නම් කුමක් හෙයින් භාග්‍යවතුන් වන්සේ සැක පහළ කරන සුදු ඇට ඇති ලහයෙන් පැවතුම් ඇති දුබික් පවත්නා කල්හි මහත් බික් සඟන සමඟ චාරිකාවෙහි හැසිරෙද් ද? භාග්‍යවතුන් වහන්සේ කුල නැසීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පිරිහෙළීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පෙළීම පිණිස පිළිපන්හ යි.
Pali BJTඉතො සො ගාමණි එකනවුතො කප්පො{2} යමහං අනුස්සරාමි, නාභිජානාමි කිඤ්චිකුලං පක්කභික්ඛාඅනුප්පදානමත්තෙන{3} උපහතපුබ්බං. අථ ඛො යානි තානි කුලානි අඩ්ඪානි මහද්ධනානි මහාභොගානි පහූතජාතරූපරජතානි පහූතවිත්තූපකරණානි පහූතධනධඤ්ඤානි, සබ්බානි තානි දානසම්භූතානි චෙව සච්චසම්භූතානි ච සඤ්ඤමසම්භූතානි ච{4}.
Sinhala BJTගාමිණී, මම යමක් සිහි කෙරෙම් නම් එය මෙයින් එකානූවන කප ය. (මේ දෑතුර) පැසුණු අහරක් දීම් පමණකින් නට විරූ කිසි කුලයක් නො දනිමි. යලි දු ආඪ්‍ය වූ මහත් ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ ප්‍රීත්‍යූපකරණ ඇති බොහෝ ධන ධාන්‍ය ඇති යම් ඒ කුලයෝ වෙත් නම් ඒ සියල්ලෝ දන් දීමෙන් හට ගත්තාහු ද සබවසින් හට ගත්තාහු ද ශීල සංයමයෙන් හටගත්තාහු ද වෙති.
Pali BJTඅට්ඨ ඛො ගාමණි හෙතූ අට්ඨ පච්චයා කුලානං උපඝාතාය. රාජතො වා කුලානි උපඝාතං ගච්ඡන්ති, චොරතො වා කුලානි උපඝාතං ගච්ඡන්ති, අග්ගිතො වා කුලානි උපඝාතං ගච්ඡන්ති, උදකතො වා කුලානි උපඝාතං ගච්ඡන්ති, නිහිතං වා නාධිගච්ඡන්ති,{5} දුප්පයුත්තා වා කම්මන්තං ජහන්ති,{6} කුලානං වා කුලඞ්ගාරො උප්පජ්ජති, යො තෙ භොගෙ විකිරති විධමති විද්ධංසෙති, අනිච්චතායෙව අට්ඨමීති. ඉමෙ ඛො ගාමණි අට්ඨ හෙතූ අට්ඨ පච්චයා කුලානං උපඝාතාය. ඉමෙසු ඛො ගාමිණි අට්ඨසු හෙතූසු අට්ඨසු පච්චයෙසු සන්තෙසු සංවිජ්ජමානෙසු යො මං එවං වදෙය්ය: “උච්ඡෙදාය භගවා කුලානං පටිපන්නො, අනයාය භගවා කුලානං පටිපන්නො, උපඝාතාය භගවා කුලානං පටිපන්නොති. තං ගාමණි වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙති.
Sinhala BJTගාමිණී, කුල නැසීම පිණිස හේතු අටෙකි. ප්‍රත්‍යය අටෙකි. රජුන්ගෙන් හෝ කුල නැසීමට යේ. සොරුන්ගෙන් හෝ කුල නැසීමට යේ. ගින්නෙන් හෝ කුල නැසීමට යේ. දියෙන් හෝ කුල නැසීමට යේ. තැන්පත් කරන ලද්ද හෝ නො ලබත්. වරදවා යොදන ලද සේවකයෝ හෝ කර්‍මාන්ත අත් හරිත්. යමෙක් ඒ භෝගයන් විසුරුවා ද පිඹ හරී ද වනසා දමා ද කුලයෙහි එබඳු කුල අඟුරෙක් හෝ උපදී. අනිස බවම අට වැන්න ය. ගාමිණී, කුල නැසීම පිණිස මේ හේතු අට ය. ප්‍රත්‍යය අට ය. ගාමිණී, මේ හේතු අට මේ ප්‍රත්‍ය අට ඇති කල්හි පවත්නා කල්හි යමෙක් “භාග්‍යවතුන් වහන්සේ කුල සිඳීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පිරිහෙළීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල නැසීම පිණිස පිළිපන්හ”යි මට මෙසේ කියන්නේ නම් ගාමිණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ දිට අත් නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ නම් එමෙන් නිරයෙහි වේ යී.
Pali BJTඑවං වුත්තෙ අසිබන්ධකපුත්තො ගාමණි භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: වහන්ස, ඉතා මැනවි. … භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්වා යි.
Pali BJT8. 1. 10.
Sinhala BJT8. 1. 10.
Pali BJTමණිචූළකසුත්තං
Sinhala BJTමණිචූළක සූත්‍රය
Pali BJT424. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජන්තෙපුරෙ රාජපරිසාය සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: “කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, පතිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජත”න්ති.
Sinhala BJT424. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි රජුගේ ඇතුළු නුවර රජ පිරිසෙහි එක්රැස් ව හිඳගත්තවුන් අතර මේ අතුරු කථාව පහළ විය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී පිළිගනිති යි.
Pali BJTතෙන ඛො පන සමයෙන මණිචූලකො ගාමණි තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො මණිචූළකො ගාමණි තං පරිසං එතදවොච: මා අය්යා එවං අවචුත්ථ. න කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, න පතිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා අපෙතජාතරූපරජතාති. අසක්ඛි ඛො මණිචූළකො ගාමණි තං පරිසං සඤ්ඤාපෙතුං. අථ ඛො මණිචූළකො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මණිචූළකො ගාමණි භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි මණිචූළක ගාමිණී තෙමේ ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඉක්බිති මණිචූළක ගාමිණී තෙමේ ඒ පිරිසට මෙය කීය: ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියනු මැනව. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී නො කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තැබූ රන් රුවන් ඇති ය හ. ඉවත් වූ රන්රිදී ඇති ය හ යි. මණිචූළක ගාමිණී තෙමේ ඒ පිරිස හඟවන්නට හැකි විය. එකල්හි මණිචූළක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් මණිචූළක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය:
Pali BJTඉධ භන්තෙ රාජන්තෙපුරෙ රාජපරිසාය සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, පතිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතන්ති. එවං වුත්තාහං භන්තෙ තං පරිසං එතදවොච: මා අය්යා එවං අවචුත්ථ. න කප්පති සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, නපතිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සක්යපුත්තියා අපෙතජාතරූපරජතාති. අසක්ඛිං ඛොහං තං භන්තෙ පරිසං සඤ්ඤාපෙතුං. කච්චාහං භන්තෙ එවං ව්යාකරමානො වුත්තවාදී චෙව භගවතො හොමි, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛාමි, ධම්මස්ස චානුධම්මං ව්යාකරොමි, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡතීති.
Sinhala BJTවහන්ස, මෙහි රජුගේ ඇතුළු පුර රජ පිරිසෙහි එක් රැස් ව හිඳ ගත්ත වුන් අතර මේ අතුරු කථාව පහළ විය: ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී පිළිගනිතියි. වහන්ස, මෙසේ කී කල්හි මම ඒ පිරිසට මෙය කීමි: ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියනු මැනවි. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී නො කැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තැබූ රන් රුවන් ඇතියහ. ඉවත් වූ රන් රිදී ඇතියහ යි. වහන්ස, මම ඒ පිරිස හඟවන්නට හැකි වීමි. වහන්ස කිම, මම මෙසේ පවසන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෙක් වෙම් ද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද චෝදනා කෙරෙම් ද? දහමට අනු දහමක් පවසන්නෙම් ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ දැ යි.
Pali BJTතග්ඝ ත්වං ගාමණි එවං ව්යාකරමානො වුත්තවාදී චෙව මෙ හොසි, න ච මං අභූතෙන අබ්භාචික්ඛසි, ධම්මස්ස චානුධම්මං ව්යාකරොසි, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡති. න හි කප්පති ගාමණි සමණානං සක්යපුත්තියානං ජාතරූපරජතං, න සාදියන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, න පතිගණ්හන්ති සමණා සක්යපුත්තියා ජාතරූපරජතං, නික්ඛිත්තමණිසුවණ්ණා සමණා සාක්යපුත්තියා අපෙතජාතරූපරජතා.
Sinhala BJTගාමිණී, ඒකාන්තයෙන් තෙපි මෙසේ පවසන්නාහු ම විසින් කියන ලද්දක් කියන්නෙක් ද වවු. මට බොරුවෙන් නො ද චෝදනා කරවු. දහමට ද අනු දමක් පවසවු. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ. ගාමිණී, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී නො ම කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තැබූ රන් රුවන් ඇතියහ. ඉවත් වූ රන්රිදී ඇතියහ.
Pali BJTයස්ස ඛො ගාමණි ජාතරූපරජතං කප්පති, පඤ්චපි තස්ස කාමගුණා කප්පන්ති. යස්ස පඤ්චකාමගුණා කප්පන්ති, එකංසෙනෙතං ගාමණි ධාරෙය්යාසි: අස්සමණධම්මො අසක්කියපුත්තියධම්මොති. අපිචාහං ගාමණි එවං වදාමි: තිණං තිණත්ථිකෙන පරියෙසිතබ්බං, දාරුං දාරුත්ථිකෙන පරියෙසිතබ්බං, සකටං සකටත්ථිකෙන පරියෙසිතබ්බං, පුරිසො පුරිසත්ථිකෙන පරියෙසිතබ්බො. නත්වෙවාහං ගාමණි කෙනචි පරියායෙන ජාතරූපරජතං සාදිතබ්බං පරියෙසිතබ්බන්ති වදාමීති.
Sinhala BJTගාමිණී, යමකුට රන්රිදී කැප වේ නම් ඔහුට පස් කම් ගුණ ම කැප වේ. යමකුට පස් කම් ගුණ කැප වේ නම් ඒකාන්තයෙන් අශ්‍රමණ ධර්‍ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්‍ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. ගාමිණී වැලි දු මම මෙසේ කියමි. තණ වලින් ප්‍රයෝජන ඇත්තහු විසින් තණ සෙවිය යුතු ය. දැව වලින් ප්‍රයෝජන ඇත්තහු විසින් දැව සෙවිය යුතු ය. ගැලින් ප්‍රයෝජන ඇත්තහු විසින් ගැල සෙවිය යුතු ය. පුරුෂයාගෙන් ප්‍රයෝජන ඇත්තහු විසින් පුරුෂයා සෙවිය යුතු ය. ගාමිණී, කිසි අයුරකින් රන්රිදී ඉවසිය යුතු ය, සෙවිය යයි මම නො ම කියමි.
Pali BJT8. 1. 11.
Sinhala BJT8. 1. 11.
Pali BJTභද්රකසුත්තං
Sinhala BJTභද්‍රක සූත්‍රය
Pali BJT425. එකං සමයං භගවා මල්ලෙසු{1} විහරති උරුවෙලකප්පං නාම මල්ලානං නිගමො. අථ ඛො භද්රකො{2} ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො භද්රකො ගාමණි භගවන්තං එතදවොච: සාධු මෙ භන්තෙ භගවා දුක්ඛස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච දෙසෙතූති. අහඤ්චෙ{3} තෙ ගාමණි අතීතං අද්ධානං ආරබ්භ දුක්ඛස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච දෙසෙය්යං: “එවං අහොසි අතීතමද්ධාන”න්ති, තත්ර තෙ සියා කඞ්ඛා සියා විමති. අහඤ්චෙ තෙ ගාමණි අනාගතමද්ධානං ආරබ්භ දුක්ඛස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච දෙසෙය්යං: “එවං භවිස්සති අනාගතමද්ධාන”න්ති, තත්රාපි තෙ සියා කඞ්ඛා සියා විමති. අපිචාහං ගාමණි ඉධෙව නිසින්නො එත්ථ ව තෙ නිසින්නස්ස දුක්ඛස්ස සමුදයඤ්ච අත්ථගමඤ්ච දෙසිස්සාමි. තං සුණොහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො භද්රකො ගාමණි භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT425. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙහි උරුවේලකප්ප නම් මල්ලයන්ගේ නියම් ගම්හි වැඩ වසන සේක. එකල්හි භද්‍රක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: “මැනවැ වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දේශනා කරන සේක්වා” යි. ගාමිණී ඉදින් මම තොපට ඉකුත් කල ඇරබ “ඉකුත් කල මෙසේ විය” යි දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙම් නම් එහි ලා තොපට සැකයෙක් වන්නේ ය, විමතියක් වන්නේ ය. ගාමිණී, ඉදින් මම තොපට මතු කල ඇරබ “මතු කල මෙසේ වන්නේ ය” යි දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙම් නම් එහි ලා ද තොපට සැකයෙක් වන්නේ ය, විමතියක් වන්නේ ය. ගාමිණී, වැලි දු මම මෙහි ම හුන්නෙම් මෙහි ම හුන් තොපට දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය වහන්සැ යි භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTතං කිම්මඤ්ඤසි ගාමණි අත්ථි තෙ උරුවෙලකප්පෙ මනුස්සා යෙසන්තෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති. අත්ථි මෙ භන්තෙ උරුවෙලකප්පෙ මනුස්සා යෙසං මෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති. අත්ථි පන තෙ ගාමණි උරුවෙලකප්පෙ මනුස්සා යෙසන්තෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා නූප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති. අත්ථි මෙ භන්තෙ උරුවෙලකප්පෙ මනුස්සා යෙසං මෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා නූප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති.
Sinhala BJTගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් කෙනෙකුන්ගේ නැසීම හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් උරුවේලකප්පයෙහි තොපට එබඳු මිනිස්සු ඇද්දැ යි. වහන්ස, යම් කෙනෙකුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් උරුවේලකප්පයෙහි මට එබඳු මිනිස්සු ඇතැ යි. ගාමිණී, යම් කෙනෙකුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් උරුවේලකප්පයෙහි තොපට එබඳු මිනිස්සු ඇද්දැ? යි. වහන්ස, යම් කෙනෙකුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් උරුවේලකප්පයෙහි මට මෙබඳු මිනිස්සු ඇතැ යි.
Pali BJTකොනු ඛො ගාමණි හෙතු කො පච්චයො යෙන තෙ එකච්චානං උරුවෙලකප්පියානං මනුස්සානං වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා? කො පන ගාමණී හෙතු කො පච්චයො යෙන තෙ එකච්චානං උරුවෙලකප්පියානං මනුස්සානං වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා නූප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති. යෙසං මෙ භන්තෙ උරුවෙලකප්පියානං මනුස්සානං වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා, අත්ථි මෙ තෙසු ඡන්දරාගො. යෙසං පන මෙ භන්තෙ උරුවෙලකප්පියානං මනුස්සානං වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා නූප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා, නත්ථි මෙ තෙසු ඡන්දරාගොති.
Sinhala BJTගාමිණී, යම් හෙයකින් තොපට උරුවේලකප්ප වැසි ඇතැම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ගාමිණී, යම් හෙයකින් තොපට උරුවේලකප්ප වැසි ඇතැම් මිනිස්සුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ යි. වහන්ස, උරුවේලකප්ප වැසි යම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් ඔවුන් කෙරෙහි මට ඡන්‍දරාගය ඇත. වහන්ස, උරුවේලකප්ප වැසි යම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් ඔවුන් කෙරෙහි මට ඡන්‍ද රාගය නැතැ යි.
Pali BJTඉමිනා ත්වං ගාමණි ධම්මෙන දිට්ඨෙන විදිතෙන අකාලිකෙන පත්තෙන පරියොගාළ්හෙන අතීතානාගතෙ නයං නෙහි, යං ඛො කිඤ්චි අතීතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති, සබ්බන්තං ඡන්දමූලකං ඡන්දනිදානං. ඡන්දො හි මූලං දුක්ඛස්ස. යං හි කිඤ්චි අනාගතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජිස්සති, සබ්බන්තං ඡන්දමූලකං ඡන්දනිදානං. ඡන්දො හි මූලං දුක්ඛස්සාති. අච්ඡරියං භන්තෙ අබ්භුතං භන්තෙ යාව සුභාසිතමිදං භන්තෙ භගවතා “යං කිඤ්චි {1}අතීතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති සබ්බන්තං ඡන්දමූලකං ඡන්දනිදානං, ඡන්දො හි මූලං දුක්ඛස්ස. යං කිඤ්චි අනාගතමද්ධානං දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජිස්සති සබ්බන්තං ඡන්දමූලකං ඡන්දනිදානං, ඡන්දො හි මූලං දුක්ඛස්සාති.{2}
Sinhala BJTගාමිණී, දුටු දත් අකාලික වූ පැමිණි බැසගත් මේ දහම් තෙපි අතීතානාගත දෙක්හි නය පමුණුවවු. ඉකුත් කල යම් කිසි දුකක් උපදනේ උපදී ද, ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුල් ය. මතු කල යම් කිසි දුකක් උපදනේ උපදින්නේ ද ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි. වහන්ස අසිරියෙකි. වහන්ස පුදුමයෙකි. වහන්ස ඉකුත් කල යම් කිසි දුකක් උපන්නේ උපදී නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුල් ය. මතු කල යම් කිසි දුකක් උපන්නේ උපදින්නේ නම් ඒ සියල්ල ආසාව මුල්කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතරම් මැනවින් වදාරන ලද්දේ ද?
Pali BJTඅත්ථි මෙ භන්තෙ චිරවාසී{1} නාම කුමාරො, බහි ආවසථෙ{2} පටිවසති. සො ඛ්වාහං භන්තෙ කාලස්සෙව වුට්ඨාය පුරිසං උය්යොජෙමි: “ගච්ඡ භණෙ චිරවාසිං කුමාරං ජානාහීති. යාවකීවඤ්ච භන්තෙ සො පුරිසො නාගච්ඡති තස්ස මෙ හොතෙව අඤ්ඤථත්තං; මා හෙව{3} චිරවාසිස්ස කුමාරස්ස කිඤ්චි ආබාධයිත්ථාති.{4} තං කිම්මඤ්ඤසි ගාමණි, චිරවාසිස්ස තෙ කුමාරස්ස වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති. චිරවාසිස්ස මෙ භන්තෙ කුමාරස්ස වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිම්පන මෙ නුප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති. ඉමිනාපි ඛො එතං ගාමණි පරියායෙන වෙදිතබ්බං “යං කිඤ්චි දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති, සබ්බන්තං ඡන්දමූලකං ඡන්දනිදානං. ඡන්දො හි මූලං දුක්ඛස්සා”ති.
Sinhala BJTවහන්ස, මට චිරවාසී නම් කුමරෙක් ඇත. නුවරින් බැහැර වෙසෙයි. වහන්ස, ඒ මම කලින් ම නැගිට “කොල යව, චිරවාසී කුමරු දනුව” යි පුරුෂයකු පිටත් කොට යවමි. වහන්ස, යම් තාක් ඒ පුරුෂ තෙමේ නො පැමිණේ ද (ඒ තාක්) චිරවාසී කුමරුට කිසි පීඩාවක් නො වේ වා යි ඒ මට අන් අයුරෙක් වේ මැ යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? චිරවාසී කුමරහුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු දැ යි. වහන්ස, කුමරහුගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මාගේ දිවියෙහි ද අන් අයුරෙක් වන්නේ ය. කිමෙක් දමට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනා හු දැ යි. ගාමිණී, යම් කිසි දුකක් උපදනේ උපදී නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි මෙය මේ නයෙනුදු දත යුත්තේ ය.
Pali BJTතං කිම්මඤ්ඤසි ගාමණි යදා තෙ චිරවාසිස්ස මාතා අදිට්ඨා ආසි අස්සුතා, අහොසි චිරවාසිස්ස මාතුයා ඡන්දො වා රාගො වා පෙමං වාති. නො හෙතං භන්තෙ. දස්සනං වා තෙ ගාමණි ආගම්ම සවනං වා තෙ ගාමණි ආගම්ම එවන්තෙ අහොසි: චිරවාසිස්ස මාතුයා ඡන්දො වා රාගො වා පෙමං වාති. එවං භන්තෙ. තං කිම්මඤ්ඤසි ගාමණි. චිරවාසිස්ස මාතුයා තෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති. චිරවාසිස්ස මාතුයා මෙ භන්තෙ වධෙන වා බන්ධෙන වා ජානියා වා ගරහාය වා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිම්පන මෙ නූප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති. ඉමිනාපි ඛො එතං ගාමණි පරියායෙන වෙදිතබ්බං යං කිඤ්චි දුක්ඛං උප්පජ්ජමානං උප්පජ්ජති සබ්බන්තං ඡන්දමූලකං ඡන්දනිදානං. ඡන්දො හි මූලං දුක්ඛස්සාති.
Sinhala BJTගාමිණී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙක තා විසින් චිරවාසිගේ මව නො දක්නා ලද්දී වූවා ද නො අසන ලද්දී වූවා ද (එකල්හි) චිරවාසී මව කෙරෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ වී දැ යි. වහන්ස, මෙය නොවේ ම ය. ගාමිණී, තාගේ දැකීමට පැමිණ හෝ ඇසීමට පැමිණ හෝ මෙසේ තොපට චිරවාසී මව කෙරෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ වී දැයි. වහන්ස, එසේ ය. ගාමිණී, ඒ කිමැයි හඟිහි ද? චිරවාසී මවගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු දැ යි. වහන්ස, චිරවාසි මවගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මාගේ දිවියෙහි දු අන් අයුරෙක් වන්නේ ය. කිමෙක් ද මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදින්නාහු දැ යි. ගාමිණී, යම් කිසි දුකෙක් උපදනේ උපදී නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි. මෙය මේ නයෙනුදු දත යුත්තේ ය.
Pali BJT8. 1. 12.
Sinhala BJT8. 1. 12.
Pali BJTරාසියසුත්තං
Sinhala BJTරාසිය සූත්‍රය
Pali BJT426. අථ ඛො රාසියො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාසියො ගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ සමණො ගොතමො සබ්බං තපං ගරහති, සබ්බං තපස්සිං ලූඛාජීවිං එකංසෙන උපවදති උපක්කොසතීති. යෙ තෙ භන්තෙ එවමාහංසු: සමණො ගොතමො සබ්බං තපං ගරහති, සබ්බං තපස්සිං ලූඛජීවිං එකංසෙන උපවදති උපක්කොසතීති. කච්චි තෙ භන්තෙ භගවතො වුත්තවාදිනො න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛන්ති, ධම්මස්ස චානුධම්මං ව්යාකරොන්ති, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡතීති.
Sinhala BJT426. එකල්හි රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. වහන්ස, ශ්‍රමණ ගෞතම සියලු තපස ගරහ යි. රූක්‍ෂජීවිකාව ඇති සියලු තපසුන්ට ඒකාන්තයෙන් දොස් කිය යි. අපහාස කෙරේ යි. ම විසින් මෙය අසන ලදි. වහන්ස, “ශ්‍රමණ ගෞතම සියලු තපස ගරහයි. රළු දිවි ඇති සියලු තපසුන්ට එකැතින් දොස් කියයි. අපහාස කෙරේ” යි යම් ඒ කෙනෙක් මෙසේ කීහු නම්, වහන්ස, කිම ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන සුලු ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නො කෙරෙද් ද? දහමට අනුකූල දහමක් ප්‍රකාශ කෙරෙද් ද? කිසියම් කරුණු සහිත වාදානුපාතයෙක් ගැරහිය යුතු බවට නො ම පැමිණේ දැ යි.
Pali BJTයෙ තෙ ගාමණි එවමාහංසු: සමණො ගොතමො සබ්බං තපං ගරහති, සබ්බං තපස්සිං ලූඛජීවිං එකංසෙන උපවදති, උපක්කොසතීති, න මෙ තෙ වුත්තවාදිනො, අබ්භාචික්ඛන්ති ච පන මං තෙ අසතා අභූතෙන{1}. ද්වෙ මෙ ගාමණි අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා: යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො. යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො. එතෙ තෙ ගාමණි උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. කතමා ච සා ගාමණි මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො සා ගාමණි මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
Sinhala BJTගාමිණී, ශ්‍රමණ ගෞතම සියලු තපස ගරහයි. රළු දිවි ඇති තපසුන්ට එකැතින් දොස් කියයි. අපහාස කෙරේ යි, යම් කෙනෙක් මෙසේ කීහු නම් ඔහු ම විසින් කියන ලද්දක් කියන සුලු නො වෙති. ඔහු අසත්‍යයෙන් අභූතයෙන් මට චෝදනා ද කෙරෙති. ගාමිණී, පැවිද්දහු විසින් නො සෙවිය යුතු මේ අන්ත දෙකෙකි: ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුන් හට අයත් අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ කාමයන්හි යම් මේ කම්සුවය අනුව යෙදීමකුත් වේ ද, දුක් වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ යම් මේ සිරුරට දුක් දීමෙහි යෙදීමකුත් වේ ද (යන මේ දෙකයි). ගාමිණී, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ වෙසෙසින් අවබෝධ කරන ලද මැදුම් පිළිවෙත ඇස ඇති කරන්නේ ය. නැණ ඇති කරන්නේ ය. වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. තථාගතයන් විසින් අවබෝධ කරන ලද ඇස ඇති කරන නැණ ඇති කරන ඒ කවර නම් මැදුම් පිළිවෙතක් කෙලෙස් සන්සිඳීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී ද, මේ අරි අටඟි මඟ මැ යි. එනම්: සම්මා දිට්ඨි … සම්මා සමාධි යි. ගාමිණී, තථාගතයන් විසින් අවබෝධ කරන ලද ඒ මේ මැදුම් පිළිවෙත ඇස ඇති කරන්නේ ය. නැණ ඇති කරන්නේ ය. සන් හිඳීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.
Pali BJTතයො ඛො මෙ ගාමණි කාමභොගිනො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො, ඉධ ගාමණි එකච්චො කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන න අත්තානං සුඛෙති න පීණෙති න සංවිභජති{2} න පුඤ්ඤානි කරොති. ඉධ පන ගාමණි එකච්චො කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති පීණෙති න සංවිභජති න පුඤ්ඤානි කරොති. ඉධ පන ගාමණි එකච්චො කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන. අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති.
Sinhala BJTගාමිණී, මේ කාමභෝගීහු තිදෙනෙක් ලොව ඇතියහ. විද්‍යාමානයහ. කවර තිදෙනෙක් ද යත්: ගාමිණී, මෙහි ඇතැම් කාමභෝගියෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් නො කෙරෙයි. නො පිණවයි. අනුන්ට නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් කෙරෙයි. පිණවයි. අනුන්ට නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් කෙරෙයි. පිණවයි. අනුන්ට බෙදයි. පින් ද කෙරෙයි.
Pali BJTඉධ පන ගාමණි එකච්චො කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි. ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි න අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. ඉධ පන ගාමණි එකච්චො කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි. ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි අත්තානං සුඛෙති පීණෙති න සංවිභජති න පුඤ්ඤානි කරොති. ඉධ පන ගාමණි එකච්චො කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි. ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි ච කරොති.
Sinhala BJTගාමිණී, මෙහි ඇතැම් මෙහි ඇතැම් කම්සැප විඳින්නෙක් දැහැමින් හා නො දැහැමින් ද සැහැසිකමින් හා නො සැහැසිකමින් ද භෝග සොයයි. දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සුවපත් නො කෙරෙයි. නො පිණවයි. නො බෙදයි. පින් නො කරයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයයි. දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයයි. දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. බෙදයි. පින් ද කෙරෙයි.
Pali BJTඉධ පන ගාමණි එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන න අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. ඉධ පන ගාමණි එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති න සංවිභජති න පුඤ්ඤානි කරොති. ඉධ පන ගාමණි එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති, සංවිභජති, පුඤ්ඤානි ච කරොති. තෙ ච භොගෙ ගථිතො{1} මුච්ඡිතො අජ්ඣාපන්නො අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. ඉධ පන ගාමණි එකච්චො කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන. ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි ච කරොති. තෙ ච භොගෙ අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති.
Sinhala BJTගාමිණී, මෙහි ඇතැම් කම් සැප විඳින්නෙක් දැහැමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයයි. දැහැමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් නො කෙරෙයි. නො පිණවයි. නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සැප විඳින්නෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සැප විඳින්නෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. බෙදයි. පින් ද කෙරෙයි. ඒ භෝග ද ඇලුනේ මුසපත් වූයේ ගැලුනේ දොස් නො දක්නාසුලු ව නික්ම යෑමේ නුවණ නැති ව වළඳයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සැප විඳින්නෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. බෙදයි. පින් ද කෙරෙයි. ඒ භෝග ද නො ඇලී නො මුසපත් ව නො ගැලී දොස් දක්නා සුලු ව නික්ම යෑමේ නුවණ ඇති ව වළඳයි.
Pali BJTතත්ර ගාමණි ය්වායං කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන න අත්තානං සුඛෙති පීණෙති න සංවිභජති න පුඤ්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී තීහි ඨානෙහි ගාරය්හො. කතමෙහි තීහි ඨානෙහි ගාරය්හො. අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. න අත්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. න සංවිභජති න පුඤ්ඤානි කරොතීති ඉමිනා තතියෙන ඨානෙන ගාරය්හො. අයං ගාමණි කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි ගාරය්හො.
Sinhala BJTගාමිණී, එහි යම් කම් සැප විඳින්නෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා ද නො දැහැමින් සැහැසි කමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කම් සැප විඳින්නා කරුණු තුනකින් ගැරහිය යුතු ය. කවර කරුණු තුනකින් ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වැනි කරුණින් ගැරහිය යුතු ය. තමා සුවපත් නො කෙරෙයි, නො පිනවයි. මේ දෙවැනි කරුණෙන් ද ගැරහිය යුතු ය. නො බෙදයි, පින් නො කෙරෙයි. මේ තෙවෙනි කරුණින් ද ගැරහිය යුතු ය. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ තෙ කරුණෙන් ගැරහිය යුතු වේ.
Pali BJTතත්ර ගාමණි ය්වායං කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති පීණෙති න සංවිභජති න පුඤ්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී ද්වීහි ඨානෙහි ගාරය්හො, එකෙන ඨානෙන පාසංසො. කතමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො? අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. න සංවිභජති න පුඤ්ඤානි කරොතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො: අත්තානං සුඛෙති පීණෙතීති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. අයං ගාමණි කාමභොගී ඉමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො, ඉමිනා එකෙන ඨානෙන පාසංසො.
Sinhala BJTගාමිණී, එහි යම් මේ කාමභෝගියෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් කෙරේ ද පිණවා ද නො බෙදා ද පින් නො කොරේ ද, ගාමිණී, මේ කාම භෝගී තෙමේ දෙ කරුණෙකින් ගැරහිය යුතු වේ. එක් කරුණෙකින් පැසසිය යුතු වේ. කවර දෙ කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොය යි. මේ පළමු වැනි කරුණින් ගැරහිය යුතු වේ. නො බෙදයි. පින් නො කෙරේ යි. මේ දෙවෙනි කරුණින් ගැරහිය යුතු වේ. කවර එක් කරුණෙකින් පැසසිය යුතු වේ ද යත්: තමා සැපවත් කෙරෙයි. පිණවා යි. මේ එක් කරුණෙන් පැසසිය යුතු වේ. ගාමිණී, මේ කාම භෝගී තෙමේ මේ දෙ කරුණෙන් ගැරහිය යුතු වේ. මේ එක් කරුණෙන් පැසසිය යුතු වේ.
Pali BJTතත්ර ගාමණි ය්වායං{1} කාමභොගී අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙන, අධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී එකෙන ඨානෙන ගාරය්හො, ද්වීහි ඨානෙහි පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය්හො: අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. කතමෙහි ද්වීහි ඨානෙහි පාසංසො: අත්තානං සුඛෙති පීණෙතීති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ්ඤානි කරොතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. අයං ගාමණි කාමභොගී ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො, ඉමෙහි ද්වීහි ඨානෙහි පාසංසො.
Sinhala BJTගාමිණී, එහි යම් කාමභෝගියෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා ද නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද, බෙදා ද, පින් කෙරේ ද, ගාමිණී, මේ කාම භෝගී තෙමේ එක් කරුණකින් ගැරහිය යුතු වේ. දෙ කරුණෙකින් පැසසිය යුතු වේ. කවර එක් කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොය යි. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. කවර දෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: තමා සැපවත් කෙරේ, පිණවා යි. මේ පළමු වන කරුණින් පැසසිය යුතු වේ. බෙදයි, පින් කෙරෙ යි. මේ දෙ වන කරුණෙන් පැසසිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. මේ දෙ කරුණින් පැසසිය යුතු වේ.
Pali BJTතත්ර ගාමණි ය්වායං කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි, ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි න අත්තානං සුඛෙති න පීණෙති න සංවිභජති න පුඤ්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී එකෙන ඨානෙන පාසංසො, තීහි ඨානෙහි ගාරය්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො: ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. කතමෙහි තීහි ඨානෙහි ගාරය්හො: අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. න අත්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. න සංවිභජති න පුඤ්ඤානි කරොතීති ඉමිනා තතියෙන ඨානෙන ගාරය්හො. අයං ගාමණි කාමභොගී ඉමිනා එකෙන ඨානෙන පාසංසො, ඉමෙහි තීහි ඨානෙහි ගාරය්හො.
Sinhala BJTගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා ද දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් නො කෙරේ ද නො පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කාම භෝගී තෙමේ එක් කරුණෙකින් පැසසිය යුතු වේ. තෙ කරුණෙකින් ගැරහිය යුතු වේ. කවර එක් කරුණෙකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොය යි. මේ එක් කරුණෙන් පැසසිය යුතු වේ. කවර තෙ කරුණෙන් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොය යි. මේ පළමු කරුණින් ගැරහිය යුතු වේ. තමා සැපවත් නො කෙරෙයි. නො පිණවයි. මේ දෙවන කරුණෙන් ගැරහිය යුතු වේ. නො බෙද යි, පින් නො කෙරෙයි. මේ තෙ වන කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ එක්කරුණෙන් පැසසිය යුතු වේ. මේ තෙ කරුණෙන් ගැරහිය යුතු වේ.
Pali BJTතත්ර ගාමණි ය්වායං කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි, ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති න පුඤ්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී ද්වීහි ඨානෙහි පාසංසො, ද්වීහි ඨානෙහි ගාරය්හො. කතමෙහි ද්වීහි ඨානෙහි පාසංසො: ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. කතමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො: අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. න සංවිභජති න පුඤ්ඤානි කරොතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. අයං ගාමණි කාමභොගී ඉමෙහි ද්වීහි ඨානෙහි පාසංසො, ඉමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො.
Sinhala BJTගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා ද, දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ දෙ කරුණකින් පැසසිය යුතු වේ. දෙ කරුණකින් ගැරහිය යුතු වේ. කවර දෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වන කරුණෙන් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරෙයි, පිණවයි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. කවර දෙ කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වන කරුණින් ගැරහිය යුතු වේ. නො බෙදයි, පින් නො කෙරේ යි මේ දෙවන කරුණෙන් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ දෙ කරුණෙන් පැසසිය යුතු වේ. මේ දෙ කරුණෙන් ගැරහිය යුතු වේ.
Pali BJTතත්ර ගාමණි ය්වායං කාමභොගී ධම්මාධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනපි අසාහසෙනපි, ධම්මාධම්මෙන භොගෙ පරියෙසිත්වා සාහසෙනපි අසාහසෙනපි අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී තීහි ඨානෙහි පාසංසො, එකෙන ඨානෙන ගාරය්හො. කතමෙහි තීහි ඨානෙහි පාසංසො: ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ්ඤානි කරොතීති ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය්හො: අධම්මෙන භොගෙ පරියෙසති සාහසෙනාති ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. අයං ගාමණි කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි පාසංසො, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො.
Sinhala BJTගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා ද, දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසි කමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද බෙදා ද පින් කෙරේ ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ තෙ කරුණකින් පැසසිය යුතු වේ. එක් කරුණකින් ගැරහිය යුතු වේ. කවර තෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වන කරුණෙන් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරේ, පිණවයි. මේ දෙවන කරුණෙන් පැසසිය යුතු වේ. බෙදයි පින් කෙරෙයි. මේ තෙවන කරුණෙන් පැසසිය යුතු වේ. කවර එක් කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ තෙ කරුණින් පැසසිය යුතු වේ. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ.
Pali BJTතත්ර ගාමණි ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන න අත්තානං සුඛෙති පීණෙති න සංවිභජති න පුඤ්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී එකෙන ඨානෙන පාසංසො, ද්වීහි ඨානෙහි ගාරය්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො: ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. කතමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො: න අත්තානං සුඛෙති පීණෙතීති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. න සංවිභජති න පුඤ්ඤානි කරොතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. අයං ගාමණි කාමභොගී ඉමිනා එකෙන ඨානෙන පාසංසො, ඉමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො.
Sinhala BJTගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා ද, දැහැමින් නො සැහැසි කමින් භෝග සොයා තමා සැපවත් නො කෙරේ ද නො පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ එක් කරුණකින් පැසසිය යුතු වේ. දෙ කරුණකින් ගැරහිය යුතු වේ. කවර එක් කරුණකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසි කමින් භෝග සොයයි. මේ එක් කරුණින් පැසසිය යුතු වේ. කවර දෙ කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: තමා සැපවත් නො කෙරෙයි, නො පිණවයි. මේ පළමු වන කරුණින් ගැරහිය යුතු වේ. නො බෙදයි පින් නො කෙරෙයි. මේ දෙවන කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ එක් කරුණින් පැසසිය යුතු වේ. මේ දෙ කරුණින් ගැරහිය යුතු වේ.
Pali BJTතත්ර ගාමණි ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති, න සංවිභජති, න පුඤ්ඤානි කරොති. අයං ගාමණි කාමභොගී ද්වීහි ඨානෙහි පාසංසො, එකෙන ඨානෙන ගාරය්හො. කතමෙහි ද්වීහි ඨානෙහි පාසංසො: ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය්හො: න සංවිභජති න පුඤ්ඤානි කරොතීති ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. අයං ගාමණි කාමභොගී ඉමෙහි ද්වීහි ඨානෙහි පාසංසො, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො.
Sinhala BJTගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා ද, දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද නො බෙදා ද පින් නො කෙරේ ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ දෙ කරුණකින් පැසසිය යුතු වේ. එක් කරුණකින් ගැරහිය යුතු වේ. කවර දෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. මේ පළමුවන කරුණින් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරෙයි, පිණවයි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. කවර එක් කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: නො බෙදයි. පින් නො කෙරේ යි. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ දෙ කරුණින් පැසසිය යුතු වේ. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ.
Pali BJTතත්ර ගාමණි ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති, තෙ ච භොගෙ ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අනාදීනවදස්සාවී අනිස්සරණ පඤ්ඤො පරිභුඤ්ජති. අයං ගාමණි කාමභොගී තීහි ඨානෙහි පාසංසො, එකෙන ඨානෙන ගාරය්හො. කතමෙහි තීහි ඨානෙහි පාසංසො: ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ්ඤානි කරොතීති ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය්හො: තෙ ච භොගෙ ගථිතො මුච්ඡිතො අජ්ඣාපන්නො අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤො පරිභුඤ්ජතීති ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. අයං ගාමණි කාමභොගී ඉමෙහි තීහි ඨානෙහි පාසංසො, ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො.
Sinhala BJTගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා ද, දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද බෙදා ද පින් කෙරේ ද, ඒ භෝගත් ඇලුණේ මුසපත් වූයේ ගැලුණේ දොස් නො දක්නා සුලු වූයේ නික්ම යන නුවණ නැත්තේ වළඳා ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ තෙ කරුණෙකින් පැසසිය යුතු වේ. එක් කරුණෙකින් ගැරහිය යුතු වේ. කවර තෙකරුණෙකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසි කමින් භොග සොයයි. මේ පළමු වන කරුණින් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරෙයි. පිණවයි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. බෙදයි පින් කෙරෙයි. මේ තෙවන කරුණින් පැසසිය යුතු වේ. කවර එක් කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: ඒ භෝගත් ඇලී මුසපත් ව ගැලී දොස් නො දක්නා සුලු ව නික්ම යන නුවණ නැති ව වළඳ යි. මේ එක් කරුණෙන් ගැරහිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ තෙ කරුණෙන් පැසසිය යුතු වේ. මේ එක් කරුණෙන් ගැරහිය යුතු වේ.
Pali BJTතත්ර ගාමණි ය්වායං කාමභොගී ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙන, ධම්මෙන භොගෙ පරියෙසිත්වා අසාහසෙන අත්තානං සුඛෙති පීණෙති සංවිභජති පුඤ්ඤානි කරොති. තෙ ච භොගෙ අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණ පඤ්ඤො පරිභුඤ්ජති. අයං ගාමණි කාමභොගී චතූහි ඨානෙහි පාසංසො. කතමෙහි චතූහි ඨානෙහි පාසංසො: ධම්මෙන භොගෙ පරියෙසති අසාහසෙනාති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. අත්තානං සුඛෙති පීණෙතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. සංවිභජති පුඤ්ඤානි කරොතීති ඉමිනා තතියෙන ඨානෙන පාසංසො. තෙ ච භොගෙ අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජතීති ඉමිනා චතුත්ථෙන ඨානෙන පාසංසො. අයං ගාමණි කාමභොගී ඉමෙහි චතූහි ඨානෙහි පාසංසො.
Sinhala BJTගාමිණී, එහි යම් කාමභෝගියෙක් දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා ද, දැහැමින් නො සැහැසිකමින් භෝග සොයා තමා සැපවත් කෙරේ ද පිණවා ද බෙදා ද පින් කෙරේ ද, ඒ භෝගත් නො ඇලී නො මුසපත් ව නො ගැලී දොස් දක්නා සුලු ව නික්ම යන නුවණ ඇති ව වළඳා ද, ගාමිණී, මේ කාමභෝගී තෙමේ සිවු කරුණෙකින් පැසසිය යුතු වේ. කවර සිවු කරුණෙකින් පැසසිය යුතු වේ ද යත්: දැහැමින් නො සැහැසිකමින් භෝග සොයයි. මේ පළමු වන කරුණින් පැසසිය යුතු වේ. තමා සැපවත් කෙරෙ යි, පිණවා යි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. බෙදයි, පින් කෙරෙයි. මේ තෙවන කරුණින් පැසසියයුතු වේ. ඒ භෝගත් නො ඇලී නො මුසපත් ව නො ගැලී දොස් දක්නා සුලු ව නික්ම යන නුවණ ඇති ව වළඳ යි. මේ සිවු වන කරුණින් පැසසිය යුතු වේ. ගාමිණී, මේ කාමභෝගී තෙමේ මේ සිවු කරුණින් පැසසිය යුතු වේ.
Pali BJTතයොමෙ ගාමණි තපස්සිනො ලූඛජීවිනො{1} සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ තයො: ඉධ ගාමණි එකච්චො තපස්සී ලූඛජීවී සද්ධා{2} අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: “අප්පෙවනාම කුසලං ධම්මං අධිගච්ඡෙය්යං, අප්පෙවනාම උත්තරිමනුස්සධම්මා{3} අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරෙය්ය”න්ති. සො අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්ච ධම්මං නාධිගච්ඡති, උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොති.
Sinhala BJTගාමිණී, රළු දිවි ඇති මේ තවුසෝ තිදෙනෙක් ලොව ඇතියහ. දක්නා ලැබෙති. කවර තිදෙනෙක් ද යත්: ගාමිණී, මෙහි රළු දිවි ඇති ඇතැම් තවුසෙක් “කුසල් දහම් අවබෝධ කරන්නෙම් නම් මැනවි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් පසක් කරන්නෙම් නම් මැනවැ”යි, සැදැහැයෙන් ගිහි ගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙමේ තමා තවයි. හාත්පසින් තවයි. කුසල් දහමකුත් අවබෝධ නො කෙරෙයි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසකුත් නො පසක් කෙරෙයි.
Pali BJTඉධ පන ගාමණි එකච්චො තපස්සී ලූඛජීවී සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: “අප්පෙවනාම කුසලං ධම්මං අධිගච්ඡෙය්යං, අප්පෙවනාම උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරෙය්ය”න්ති. සො අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්ච ඛො ධම්මං අධිගච්ඡති, උත්තරිඤ්ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොති.
Sinhala BJTගාමිණී, මෙහි රළු දිවි ඇති ඇතැම් තවුසෙක් “කුසල් දහම් අවබෝධ කරන්නෙම් නම් මැනවි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් පසක් කරන්නෙම් නම් මැනවැ”යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. හේ තමා තවයි. හාත්පසින් තවයි. කුසල් දහමක් අවබෝධ කෙරෙයි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් නො පසක් කෙරෙයි.
Pali BJTඉධ පන ගාමණි එකච්චො තපස්සී ලූඛජීවී සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: “අප්පෙවනාම කුසලං ධම්මං අධිගච්ඡෙය්යං, අප්පෙවනාම උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරෙය්ය”න්ති. සො අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්ච ධම්මං අධිගච්ඡති, උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරොති.
Sinhala BJTගාමිණී, මෙහි රළු දිවි ඇති ඇතැම් තවුසෙක් “කුසල් දහම් අවබෝධ කරන්නෙම් නම් මැනවි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් පසක් කරන්නෙම් නම් මැනවැ”යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. හේ තමා තවයි. වෙසෙසින් තවයි. කුසල් දහමක් අවබෝධ කෙරෙයි. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් පසක් කෙරෙයි.
Pali BJTතත්ර ගාමණි ය්වායං තපස්සී ලූඛජීවී අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්ච ධම්මං නාධිගච්ඡති, උත්තරිඤ්ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොති. අයං ගාමණි තපස්සී ලූඛජීවී තීහි ඨානෙහි ගාරය්හො. කතමෙහි තීහි ඨානෙහි ගාරය්හො: අත්තානං ආතාපෙති පරිතාපෙතීති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. කුසලඤ්ච ධම්මං නාධිගච්ඡතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. උත්තරිඤ්ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොතීති ඉමිනා තතියෙන ඨානෙන ගාරය්හො. අයං ගාමණි තපස්සී ලූඛජීවී ඉමෙහි තීහි ඨානෙහි ගාරය්හො.
Sinhala BJTගාමිණී, එහි රළු දිවි ඇති යම් තවුසෙක් තමා තවා ද වෙසෙසින් තවා ද කුසල් දහමකුත් අවබෝධ නො කෙරේ ද මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් නො පසක් කෙරේ ද, ගාමිණී, රළු දිවි ඇති මේ තවුස් තෙමේ තෙකරුණෙකින් ගැරහිය යුතු වේ. කවර තෙ කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: තමා තවයි. වෙසෙසින් තවයි. මේ පළමු වන කරුණින් ගැරහිය යුතු වේ. කුසල් දහමකුත් අවබෝධ නො කෙරෙයි. මේ දෙවන කරුණින් ගැරහිය යුතු වේ. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් නො පසක් කෙරේ යි. මේ තෙවන කරුණින් ගැරහිය යුතු වේ. ගාමිණී, රළු දිවි ඇති තවුස් තෙමේ මේ තෙ කරුණින් ගැරහිය යුතු වේ.
Pali BJTතත්ර ගාමණි ය්වායං තපස්සී ලූඛජීවී අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලං හි ඛො ධම්මං අධිගච්ඡති, උත්තරිඤ්ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොති. අයං ගාමණි තපස්සී ලූඛජීවී ද්වීහි ඨානෙහි ගාරය්හො, එකෙන ඨානෙන පාසංසො. කතමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො: අත්තානං ආතාපෙති පරිතාපෙතීති ඉමිනා පඨමෙන ඨානෙන ගාරය්හො. උත්තරිඤ්ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං න සච්ඡිකරොතීති ඉමිනා දුතියෙන ඨානෙන ගාරය්හො. කතමෙන එකෙන ඨානෙන පාසංසො, කුසලං හි ඛො ධම්මං අධිගච්ඡතීති ඉමිනා එකෙන ඨානෙන පාසංසො. අයං ගාමණි තපස්සී ලූඛජීවී ඉමෙහි ද්වීහි ඨානෙහි ගාරය්හො, ඉමිනා එකෙන ඨානෙන පාසංසො.
Sinhala BJTගාමිණී, එහි රළු දිවි ඇති යම් තවුසෙක් තමා තවා ද වෙසෙසින් තවා ද කුසල් දහමත් අවබෝධ කෙරේ ද මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් නො පසක් කෙරේ ද, ගාමිණී, රළු දිවි ඇති මේ තවුස් තෙමේ දෙකරුණෙකින් ගැරහිය යුතු වේ. එක් කරුණකින් පැසසිය යුතු වේ. කවර දෙ කරුණෙකින් ගැරහිය යුතු වේ ද යත්: තමා තවයි. වෙසෙසින් තවයි. මේ පළමු වන කරුණින් ගැරහිය යුතු වේ. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසත් නො පසක් කෙරෙ යි. මේ දෙවන කරුණින් ගැරහිය යුතු වේ. කවර එක් කරුණකින් පැසසිය යුතු වේ ද යත්: කුසල් දහමක් අවබෝධ කෙරෙයි. මේ එක් කරුණින් පැසසිය යුතු වේ. ගාමිණී, රළු දිවි ඇති තවුස් තෙමේ මේ දෙ කරුණින් ගැරහිය යුතු වේ. මේ එක් කරුණින් පැසසිය යුතු වේ.
Pali BJTතත්ර ගාමණි ය්වායං තපස්සී ලූඛජීවී අත්තානං ආතාපෙති පරිතාපෙති, කුසලඤ්ච ධම්මං අධිගච්ඡති, උත්තරිඤ්ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරොති. අයං ගාමණි, තපස්සී ලූඛජීවී එකෙන ඨානෙන ගාරය්හො, ද්වීහි ඨානෙහි පාසංසො. කතමෙන එකෙන ඨානෙන ගාරය්හො: අත්තානං ආතාපෙති පරිතාපෙතීති ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො. කතමෙහි ද්වීහි ඨානෙහි පාසංසො: කුසලඤ්ච ධම්මං අධිගච්ඡතීති ඉමිනා පඨමෙන ඨානෙන පාසංසො. උත්තරිඤ්ච මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරොතීති ඉමිනා දුතියෙන ඨානෙන පාසංසො. අයං ගාමණි තපස්සී ලූඛජීවී ඉමිනා එකෙන ඨානෙන ගාරය්හො, ඉමෙහි ද්වීහි ඨානෙහි පාසංසො.
Sinhala BJTගාමිණී, එහි රළු දිවි ඇති යම් තවුසෙක් තමා තවා ද වෙසෙසින් තවා ද කුසල් දහමත් අවබෝධ කෙරේ ද මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් වෙසෙසක් පසක් කෙරේ ද, ගාමිණී, රළු දිවි ඇති මේ තවුස් තෙමේ එක් කරුණෙකින් ගැරහිය යුතු වේ. දෙ කරුණකින් පැසසිය යුතු වේ. කවර එක් කරුණකින් ගැරහිය යුතු වේ ද යත්: තමා තවයි. වෙසෙසින් තවයි. මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. කවර දෙ කරුණකින් පැසසිය යුතු වේ ද යත්: කුසල් දහමත් අවබෝධ කෙරෙයි. මේ පළමු වන කරුණින් පැසසිය යුතු වේ. මිනිස් දහමින් වැඩි අරී බැව් කිරීමෙහි සමත් නැණ දසුන් විසේසත් පසක් කෙරෙයි. මේ දෙවන කරුණින් පැසසිය යුතු වේ. ගාමිණී, රළු දිවි ඇති මේ තවුස් තෙමේ මේ එක් කරුණින් ගැරහිය යුතු වේ. මේ දෙ කරුණින් පැසසිය යුතු වේ.
Pali BJTතිස්සො ඉමා ගාමණි සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහි. කතමා තිස්සො:
Sinhala BJTගාමිණී, තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලවයි දැක්වීමට සුදුසු තමා සතන්හි එළවාලීමට සුදුසු නුවණැත්තවුන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු මේ නිජ්ජරා (කෙලෙස් දිරවීම්) තුනෙකි. කවර තුනක් ද යත්:
Pali BJTයං රත්තො රාගාධිකරණං අත්තව්යාබාධායපි චෙතෙති, පරව්යාබාධායපි චෙතෙති, උභයව්යාබාධායපි චෙතෙති. රාගෙ පහීනෙ නෙව අත්තව්යාබාධායපි චෙතෙති, න පරව්යාබාධායපි චෙතෙති, න උභයව්යාබාධායපි චෙතෙති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහි.
Sinhala BJTරාගයෙන් රත් වූයේ රාගය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. මෙරමා පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. රාගය ප්‍රහීණ කල්හි තමා පෙළීම පිණිසත් නො ම සිතයි මෙරමා පෙළීම පිණිසත් නො ම සිතයි. දෙපස ම පෙළීම පිණිසත් නො ම සිතයි යන යමක් ඇද්ද, (එය) තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලව යි කීමට සුදුසු තමා සතන්හි එළවාලීමට සුදුසු නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු නිජ්ජරාවෙකි.
Pali BJTයං දුට්ඨො දොසාධිකරණං අත්තව්යාබාධායපි චෙතෙති, පරව්යාබාධායපි චෙතෙති, උභයව්යාබාධායපි චෙතෙති. දොසෙ පහීනෙ නෙව අත්තව්යාබාධායපි චෙතෙති, න පරව්යාබාධායපි චෙතෙති, න උභයව්යාබාධායපි චෙතෙති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහි.
Sinhala BJTද්වේෂයෙන් දුෂ්ට වූයේ ද්වේෂය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. මෙරමා පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. ද්වේෂය ප්‍රහීණ කල්හි තමා පෙළීම පිණිසත් නො ම සිතයි මෙරමා පෙළීම පිණිසත් නො ම සිතයි. දෙපස ම පෙළීම පිණිසත් නො ම සිතයි යන යමක් ඇද්ද, (එය) තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලව යි කීමට සුදුසු තමා සතන්හි එළවාලීමට සුදුසු නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු නිජ්ජරාවෙකි.
Pali BJTයං මූළ්හො මොහාධිකරණං අත්තව්යාබාධායපි චෙතෙති, පරව්යාබාධායපි චෙතෙති, උභයව්යාබාධායපි චෙතෙති. මොහෙ පහීනෙ නෙව අත්තව්යාබාධායපි චෙතෙති, න පරව්යාබාධායපි චෙතෙති, න උභයව්යාබාධායපි චෙතෙති. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහි. ඉමා ඛො ගාමණි තිස්සො සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා ඔපනයිකා පච්චත්තං වෙදිතබ්බා විඤ්ඤූහීති.
Sinhala BJTමෝහයෙන් මුළා වූයේ මෝහය හේතු කොට ගෙන තමා පෙළීම පිණිසත් සිතයි. මෙරමා පෙළීම පිණිසත් සිතයි. දෙපසම පෙළීම පිණිසත් සිතයි. මෝහය ප්‍රහීණ කල්හි තමා පෙළීම පිණිසත් නො ම සිතයි. මෙරමා පෙළීම පිණිසත් නො ම සිතයි. දෙපස ම පෙළීම පිණිසත් නො ම සිතයි යන යමක් ඇද්ද, එය තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලව යි කීමට සුදුසු තමා සතන්හි එළවාලීමට සුදුසු නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු නිජ්ජරාවෙකි. ගාමිණී, මේ තමා විසින් දැක්ක යුතු කල් නො යවා විපාක දෙන එව බලවයි කීමට සුදුසු තමන් කෙරෙහි එළවාලීමට සුදුසු නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු නිජ්ජරා තුනයි.
Pali BJTඑවං වුත්තෙ රාසියො ගාමණි භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. … භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරන සේක් වා යි.
Pali BJT8. 1. 13.
Sinhala BJT8. 1. 13.
Pali BJTපාටලියසුත්තං
Sinhala BJTපාටලිය සූත්‍රය
Pali BJT427. එකං සමයං භගවා කොලියෙසු විහරති උත්තරකං{1} නාම කොලියානං නිගමො.{2} අථ ඛො පාටලියො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පාටලියො ගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ “සමණො ගොතමො මායං ජානාතී”ති. යෙ තෙ භන්තෙ එවමාහංසු: “සමණො ගොතමෙ මායං ජානාතී”ති, කච්චි තෙ භන්තෙ භගවතො වුත්තවාදිනො, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛන්ති, ධම්මස්ස චානුධම්මං ව්යාකරොන්ති, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡති, අනබ්භක්ඛාතුකාමා{3} හි මයං භන්තෙ භගවන්තන්ති.
Sinhala BJT427. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි උත්තරක නම් කෝලියයන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එකල්හි පාටලිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හුන්නේ ය. එකත් පස්ව හුන් පාටලිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: වහන්ස, මහණ ගොයුම්හු ‘මායා දනිති’යි මෙය මා විසින් අසන ලදි. වහන්ස, යම් කෙනෙක් මහණ ‘ගොයුම්හු මායා දනිති’ යි මෙසේ කියත් නම්, වහන්ස, කිම ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෝ ද, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නො ද කෙරෙත් ද, දහමට ද අනු දහමක් පවසත් ද, කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ ද? වහන්ස, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ අබිබවා නො කියනු කැමැත්තෝ වෙමු යි.
Pali BJTයෙ තෙ ගාමණි එවමාහංසු: “සමණො ගොතමො මායං ජානාතී”ති, වුත්තවාදිනො චෙව මෙ තෙ, න ච මං අභූතෙන අබ්භාචික්ඛන්ති, ධම්මස්ස චානුධම්මං ව්යාකරොන්ති, නච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡතීති, සච්චං යෙව කිර භො මයං තෙසං සමණබ්රාහ්මණානං න සද්දහාම: සමණො ගොතමො මායං ජානාතීති, සමණො ඛලු භො ගොතමො මායාවීති. යොනු ඛො ගාමණි එවං වදෙති; “අහං මායං ජානාමී”ති, සො එවං වදෙති, “අහං මායාවී”ති. තථෙව තං භගවා හොති, තථෙව තං සුගත හොතීති. තෙන හි ගාමණි, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි, යථා තෙ ඛමෙය්ය තථා නං ව්යාකරෙය්යාසි.
Sinhala BJTගාමිණී, යම් කෙනෙක් ‘මහණ ගොයුම්හු මායා දනිති’යි මෙසේ කියත් නම් ඔහු ම විසින් කියන ලද්දක් කියන්නෝත් වෙති. බොරුවෙන් මා අබිබවා නො ද කියති. දහමට ද අනු දහමක් පවසති. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ යි. පින්වත්නි, මහණ ගොයුම්හු මායා දනිති යි ඒ මහණ බමුණන්ගේ සැබෑ වූ ම තෙපුල අපි නො අදහමු. පින්වත්නි, මහණ ගොයුම්හු ඒකාන්තයෙන් මායා ඇති සේකැ යි. ගාමිණී, යමෙක් මම මායා දනිමි යි මෙසේ කියා නම් හෙතෙමේ මම මායා ඇත්තෙක් මි යි මෙසේ කිය යි. භාග්‍යවතුන් වහන්ස, එය එසේම වේ. සුගතයන් වහන්ස, එය එසේ ම වේ. ගාමිණී, එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය විසඳන්නහු ය.
Pali BJTතං කිම්මඤ්ඤසි ගාමණි, ජානාසි ත්වං ගාමණි, කොලියානං ලම්බචූළකෙ භටෙති. ජානාමහං භන්තෙ කොලියානං ලම්බචූළකෙ භටෙති. තං කිම්මඤ්ඤසි ගාමණි කිමත්ථියා කොලියානං ලම්බචූළකා භටාති. යෙ ච භන්තෙ කොලියානං චොරා තෙ ච පටිසෙධෙතුං, යානි ච කොලියානං දූතෙය්යානි තානි වහාතුං{4}, එතදත්ථාය{5} භන්තෙ කොලියානං ලම්බචූළකා භටාති. තං කිම්මඤ්ඤසි ගාමණි, ජානාසි ත්වං කොලියානං ලම්බචූළකෙ භටෙ සීලවන්තෙ වා තෙ දුස්සීලෙ වාති. ජානාමහං භන්තෙ කොලියානං ලම්බචූළකෙ භටෙ දුස්සීලෙ පාපධම්මෙ, යෙ ච ලොකෙ දුස්සීලා පාපධම්මා කොලියානං ලම්බචූළකා භටා තෙසං අඤ්ඤතරාති.
Sinhala BJTගාමිණී, ඒ කිමැ යි හඟිහු ද, ගාමිණී තෙපි කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දනිවු දැ යි. වහන්ස, මම කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දනිමි යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළහු කුමක් ප්‍රයෝජන කොට ඇත්තෝ දැ යි. වහන්ස, කෝලිය රජුන්ගේ යම් සොරු වෙත් නම් ඔවුන් වළක්වන්නටත් කෝලිය රජුන්ගේ යම් පණිවුඩ පනත් වේ නම් ඒවා ගෙන යෑමටත් ය. වහන්ස, කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළහු මේ ප්‍රයෝජනය පිණිස වෙති යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද, තෙපි කෝලිය රජුන්ගේ ඒ ලම්බචූළක සෙබළුන් සිල්වතුන් කොට හෝ දුසිලුන් කොට හෝ දනිවු දැ යි. වහන්ස, මම කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දුසිල් කොට පාප ස්වභාව ඇත්තාවුන් කොට දනිමි. ලොව යම් කෙනෙක් දුසිල්හු නම් පාප ස්වභාව ඇත්තාහු නම් කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයෝ ඔවුනතුරෙන් එක්තරා කෙනෙක් වෙති යි.
Pali BJTයො නු ඛො ගාමණි එවං වදෙය්ය: “පාටලියො ගාමණි ජානාති කොලියානං ලම්බචූළකෙ භටෙ දුස්සීලෙ පාපධම්මෙ, පාටලියොපි ගාමණි දුස්සීලො පාපධම්මො”ති, සම්මා නු ඛො සො වදමානො වදෙය්යාති. නො හෙතං භන්තෙ, අඤ්ඤෙ භන්තෙ කොලියානං ලම්බචූළකා භටා, අඤ්ඤො’හමස්මි. අඤ්ඤථාධම්මා කොලියානං ලම්බචූළකා භටා, අඤ්ඤථාධම්මො’හමස්මීති. ත්වං හි ගාමණි{1} ලච්ඡසි{2} “පාටලියො ගාමණි ජානාති කොලියානං ලම්බචූළකෙ භටෙ දුස්සීලෙ පාපධම්මෙ, න ච පාටලියො ගාමණි දුස්සීලො පාපධම්මො”ති, කස්මා{3} තථාගතො න ලච්ඡති “තථාගතො මායං ජානාති, න ච තථාගතො මායාවී”ති.
Sinhala BJTගාමණී, යමෙක් “පාටලිය ගාමිණී තෙමේ කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දුසිලුන් කොට පාප ස්වභාව ඇත්තවුන් කොට දනී. පාටලිය ගාමිණී තෙමේ ද දුසිලෙකි. පාප ස්වභාව ඇත්තෙකි” යි මෙසේ කියන්නේ නම් ඒ කියන්නා මැනවින් කියන්නේ දැයි. වහන්ස, මෙය නෙවේ ම ය. වහන්ස, කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයෝ අන්‍යයෝ ය. මම අනෙකෙක්මි. කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයෝ අන් ස්වභාව ඇතියහ. මම අන් ස්වභාව ඇත්තෙක්මි යි. ගාමිණී, තෙපි “පාටලිය ගාමිණී තෙමේ කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දුසිලුන් කොට පාප ස්වභාව ඇත්තවුන් කොට දනී. පාටලිය ගාමිණී තෙමේ දුසිලෙක් පාප ස්වභාව ඇත්තෙක් නො ද වේ” යි කියමන ලබන්නහු නම් කුමක් හෙයින් තථාගත තෙමේ “තථාගතයෝ මායා දනිති. තථාගතයෝ මායා ඇත්තෝ නො ද වෙති” යි කියමන නො ලබන්නේ දැ යි.
Pali BJTමායං චාහං ගාමණි පජානාමි මායාය ච විපාකං, යථා පටිපන්නො ච මායාවී කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තඤ්ච පජානාමි. පාණාතිපාතං චාහං ගාමණි පජානාමි පාණාතිපාතස්ස ච විපාකං, යථා පටිපන්නො ච පාණාතිපාතී කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තඤ්ච පජානාමි. අදින්නාදානං චාහං ගාමණි පජානාමි අදින්නාදානස්ස ච විපාකං, යථාපටිපන්නො ච අදින්නාදායී කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තඤ්ච පජානාමි. කාමෙසු මිච්ඡාචාරං චාහං ගාමණි පජානාමි, කාමෙසු මිච්ඡාචාරස්ස ච විපාකං, යථාපටිපන්නො ච කාමෙසු මිච්ඡාචාරී කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තඤ්ච පජානාමි.
Sinhala BJTගාමිණී, මම මායාවත් මායාවේ විපාකත් දනිමි. මායා ඇත්තේ යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම පණිවායත් පණිවායෙහි විපාකත් දනිමි. පණිවායෙන් යුත් පුඟුල් තෙමේ යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම අයිනාදනත් අයිනාදනෙහි විපාකයත් දනිමි. අයිනාදනැති පුඟුල් තෙමේ යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම කම්හි මිසහසරත් කම්හි මිසහසරෙහි විපාකත් දනිමි. කම්හි මිසහසරැති පුඟුල් තෙමේ යම් සේ පිළිපන්නේ අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි.
Pali BJTමුසාවාදං චාහං ගාමණි පජානාමි මුසාවාදස්ස ච විපාකං, යථා පටිපන්නො ච මුසාවාදී කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තඤ්ච පජානාමි. පිසුනාවාචං චාහං ගාමණි පජානාමි පිසුනාවාචාය ච විපාකං, යථාපටිපන්නො ච පිසුනාවාචො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තඤ්ච පජානාමි. ඵරුසවාචං චාහං ගාමණි පජානාමි ඵරුසවාචාය ච විපාකං, යථාපටිපන්නො ච ඵරුසවාචො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තඤ්ච පජානාමි. සම්ඵප්පලාපං චාහං ගාමණි පජානාමි සම්ඵප්පලාපස්ස ච විපාකං, යථාපටිපන්නො ච සම්ඵප්පලාපී කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තඤ්ච පජානාමි.
Sinhala BJTගාමිණී, මම මුසවාත් මුසවාහි විපාකත් දනිමි. මුසවා ඇති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම පිසුනු වදනත් පිසුනු වදන්හි විපාකත් දනිමි. පිසුනු වදන් ඇත්තේ යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම රළු බසත් රළු බස්හි විපාකත් දනිමි. රළු බසැති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම හිස් බසත් හිස් බස්හි විපාකත් දනිමි. හිස් බසැති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි.
Pali BJTඅභිජ්ඣං චාහං ගාමණි පජානාමි අභිජ්ඣාය ච විපාකං, යථාපටිපන්නො ච අභිජ්ඣාලු කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තඤ්ච පජානාමි. ව්යාපාදපදොසඤ්චාහං ගාමණි පජානාමි ව්යාපාදපදොසස්ස ච විපාකං, යථාපටිපන්නො ච ව්යාපන්නචිත්තො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තඤ්ච පජානාමි. මිච්ඡාදිට්ඨිඤ්චාහං ගාමණි පජානාමි මිච්ඡාදිට්ඨියා ච විපාකං, යථාපටිපන්නො ච මිච්ඡාදිට්ඨිකො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තඤ්ච පජානාමි.
Sinhala BJTගාමිණී, මම දැඩි ලොබත් දැඩි ලොබෙහි විපාකත් දනිමි. දැඩි ලොබැති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම කිපුම් දොසත් කිපුම් දොස්හි විපාකත් දනිමි. කෝපයට පැමිණි සිතැති පුඟුල් යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම මිස දිටුත් මිස දිටුහි විපාකත් දනිමි. මිස දිටු පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි.
Pali BJTසන්ති හි ගාමණි එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: යො කොචි පාණමතිපාතෙති, සබ්බො සො දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදියති. යො කොචි අදින්නං ආදියති, සබ්බො සො දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදියති. යො කොචි කාමෙසු මිච්ඡා චරති සබ්බො සො දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදියති. යො කොචි මුසා භණති, සබ්බො සො දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදියතීති.
Sinhala BJTගාමිණී, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇතියහ. යම් කිසිවෙක් පරපණ නසා නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී. යම් කිසිවෙක් නුදුන් දෑ ගනී නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී. යම් කිසිවෙක් කාමයෙහි වරදවා හැසිරේ නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී. යම් කිසිවෙක් මුසා බෙණේ නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී.
Pali BJTදිස්සති ඛො පන ගාමණි ඉධෙකච්චො මාලී කුණ්ඩලී සුනහාතො{1} සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඉත්ථිකාමෙහි{2} රාජා මඤ්ඤෙ පරිචාරෙන්තො. තමෙනං එවමාහංසු: අම්භො අයං පුරිසො කිං අකාසි මාලී කුණ්ඩලී සුනහාතො සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙතීති? තමෙනං එවමාහංසු: අම්භො අයං පුරිසො රඤ්ඤො පච්චත්ථිකං පසය්හ ජීවිතා වොරොපෙසි{3} තස්ස රාජා අත්තමනො අභිහාරමදාසි. තෙනායං පුරිසො මාලී කුණ්ඩලී සුනහාතො සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙතීති.
Sinhala BJTගාමිණී, මාලා ඇති කොඬොල් ඇති මැනවින් ස්නානය කළ මොනවට සුවඳ විලවුන් ගැල් වූ සැදූ කෙස් රැවුල් ඇති ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවන එකෙක් මෙහි දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ මැනවින් ස්නාන කෙළේ මොනවට සුවඳ විලවුන් ගල්වන ලද්දේ සැදූ කෙස් රැවුල් ඇත්තේ ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි. (හෙතෙමේ පෙර) කුමක් කෙළේ දැ යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරුෂ තෙමේ රජුගේ සතුරකු මැඩ දිවියෙන් තොර කෙළේ ය. රජ ඔහුට සතුටු වූයේ පඬුරුත් දිනි. එහෙයින් මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ මැනවින් ස්නානය කළේ මොනවට සුවඳ විලවුන් ගල්වන ලද්දේ සැදූ කෙස් රැවුල් ඇත්තේ ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවා යි.
Pali BJTදිස්සති ඛො පන ගාමණි ඉධෙකච්චො දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා{4} දක්ඛිණතො නගරස්ස සීසං ඡිජ්ජමානො. තමෙනං එවමාහංසු: අම්භො අයං පුරිසො කිං අකාසි දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දතීති. තමෙනං එවමාහංසු: අම්භො, අයං පුරිසො රාජවෙරී ඉත්ථිං වා පුරිසං වා ජීවිතා වොරොපෙසි, තෙන නං රාජානො ගහෙත්වා එවරූපං කම්මකාරණං කාරෙන්තී{5}ති. තං කිම්මඤ්ඤසි ගාමණි අපි නු තෙ එවරූපං දිට්ඨං වා සුතංවාති. දිට්ඨඤ්ච නො භන්තෙ සුතඤ්ච සූයිස්සති චාති.
Sinhala BJTගාමිණී, මෙහි දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් හිස මුඩු කොට රළු හඬ ඇති බෙරයෙන් යුතුව වෙයින් වෙයට සිවු මංසලින් සිවු මංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු දිග හිස සිඳිනු ලබන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් හිස මුඩු කොට රළු හඬැති බෙරයෙන් යුතුව වෙයින් වෙයට සිවු මංසලින් සිවු මංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු දිග හිස සිඳී නම් මේ පුරිස් තෙමේ කුමක් කෙළේ දැ යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ රජුගේ සතුරෙකි. ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ දිවියෙන් තොර කෙළේ ය. එහෙයින් රජු ඔහු ගෙන මෙබඳු කම් කටොලු කරවති යි. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? තොප විසින් මෙබන්දෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේ දැ යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේ ද අසන ලද්දේ ද අසනු ලබන්නේ ද වේ යි.
Pali BJTතත්ර ගාමණි යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: “යො කොචි පාණමතිපාතෙති, සබ්බො සො දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදියතී”ති, සච්චං වා තෙ ආහංසු මුසා වාති. මුසා භන්තෙ. යෙ පන තෙ තුච්ඡං{6} මුසා විලපන්ති, සීලවන්තො වා තෙ දුස්සීලා වාති. දුස්සීලා භන්තෙ. යෙ පන තෙ දුස්සීලා පාපධම්මා මිච්ඡාපටිපන්නා වා තෙ සම්මාපටිපන්නා වාති. මිච්ඡාපටිපන්නා භන්තෙ. යෙ පන තෙ මිච්ඡාපටිපන්නා මිච්ඡාදිට්ඨිකා වා තෙ සම්මාදිට්ඨිකා වාති. මිච්ඡාදිට්ඨිකා භන්තෙ. යෙ පන තෙ මිච්ඡාදිට්ඨිකා කල්ලන්නු තෙසු පසීදිතුන්ති. නො හෙතං භන්තෙ.
Sinhala BJTගාමිණී, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් “යම් කිසිවෙක් පරපණ නසා නම් ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳී ය”යි මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් නම් ඔහු ඇත්ත හෝ මුසා හෝ කියත් දැ යි. වහන්ස, මුසා ය. යම් ඒ කෙනෙක් හිස් මුසා බෙණෙද් ද, ඔහු සිල්වත්හු හෝ දුසිල්හු හෝ වෙත් දැ යි. වහන්ස, දුසිල්හු වෙති. යම් ඒ කෙනෙක් දුසිල්හු නම් පාපස්වභාව ඇත්තාහු නම් ඔහු වරදවා පිළිපන්නාහු හෝ මැනවින් පිළිපන්නාහු හෝ වෙත් දැ යි. වහන්ස, වරදවා පිළිපන්නාහු වෙති. යම් ඒ කෙනෙක් වරදවා පිළිපන්නාහු නම් ඔහු මිස දිටු ඇත්තෝ හෝ සම් දිටු ඇත්තෝ හෝ වෙත් දැ යි. වහන්ස, මිස දිටු ඇත්තහ. යම් ඒ කෙනෙක් මිස දිටු ඇත්තාහු නම් ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසු දැයි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTදිස්සති ඛො පන ගාමණි, ඉධෙකච්චො මාලී කුණ්ඩලී -පෙ- ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙන්තො. තමෙනං එවමාහංසු: අම්භො, අයං පුරිසො කිං අකාසි මාලී කුණ්ඩලී -පෙ- ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙතීති? තමෙනං එවමාහංසු: අම්භො අයං පුරිසො රඤ්ඤො පච්චත්ථිකස්ස පසය්හ රතනං අහාසි{1} තස්ස රාජා අත්තමනො උපහාර{2}මදාසි. තෙනායං පුරිසො මාලී කුණ්ඩලී -පෙ- ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙතීති.
Sinhala BJTගාමිණී, මෙහි මාලා ඇති කොඬොල් ඇති … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි. (හේ) කුමක් කෙළේ දැ? යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ රජුගේ සතුරකුට අයත් රුවන් බලයෙන් පැහැර ගත්තේ ය. රජ ඔහුට සතුටු වූයේ පඬුරු දිනි. එහෙයින් මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි.
Pali BJTදිස්සති ඛො පන ගාමණි, ඉධෙකච්චො දළ්හාය රජ්ජුයා -පෙ- දක්ඛිණතො නගරස්ස සීසං ඡිජ්ජමානො. තමෙනං එවමාහංසු: අම්භො, අයං පුරිසො කිං අකාසි දළ්හාය රජ්ජුයා -පෙ- දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දතීති, තමෙනං එවමාහංසු: අම්භො, අයං පුරිසො ගාමා වා අරඤ්ඤා වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියි{3}. තෙන නං රාජානො ගහෙත්වා එවරූපං කම්මකාරණං කාරෙන්තීති. තං කිම්මඤ්ඤසි ගාමණි, අපි නු තෙ එවරූපං දිට්ඨං වා සුතං වාති? දිට්ඨඤ්ච නො භන්තෙ සුතඤ්ච සූයිස්සති චාති. තත්ර{4} ගාමණි, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො “යො කොචි අදින්නං ආදියති, සබ්බො සො දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදියතී”ති. සච්චං වා තෙ ආහංසු මුසා වාති? -පෙ- කල්ලන්නු තෙසු පසීදිතුන්ති? නොහෙතං භන්තෙ.
Sinhala BJTගාමිණී, මෙහි දැඩි රැහැනින් … නුවර දකුණු දිග හිස සිඳිනු ලබන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, දැඩි රැහැනින් … නුවර දකුණු දිග (යමකුගේ ) හිස සිඳී නම් මේ පුරිස් තෙමේ කුමක් කෙළේ දැ?යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ ගමින් හෝ අරණින් හෝ නුදුන් දෑ සොර සිතින් ගත්තේ ය. එහෙයින් රජහු ඔහු ගෙන මෙබඳු කම් කටොලු කරවති යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? තොප විසින් මෙබන්දෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හො දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් අසනු ලබන්නේත් වේ යි. ගාමිණී, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් “යම් කිසිවෙක් නුදුන් දෑ ගනී නම් ඒ සියලු දෙන දිටු දැමියෙහිම දුක් දොම්නස් විඳී” යි. මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් නම් ඔහු ඇත්ත හෝ මුසා හෝ කියත් දැ යි. … ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTදිස්සති ඛො පන ගාමණි, ඉධෙකච්චො මාලී කුණ්ඩලී -පෙ- ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙන්තො. තමෙනං එවමාහංසු: අම්භො, අයං පුරිසො කිං අකාසි මාලී කුණ්ඩලී -පෙ- ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙතීති. තමෙනං එවමාහංසු: අම්භො, අයං පුරිසො රඤ්ඤො පච්චත්ථිකස්ස දාරෙසු සඤ්චරිත්තං ආපජ්ජි. තස්ස රාජා අත්තමනො අභිහාරමදාසි. තෙනායං පුරිසො මාලී කුණ්ඩලී -පෙ- ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙතීති.
Sinhala BJTගාමිණී, මෙහි මාලා ඇති කොඬොල් ඇති … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි. (හේ) කුමක් කෙළේ දැ? යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ රජුගේ සතුරකුට අයත් අඹුවන් අතරෙහි හැසිරෙන බවට පැමිණියේ ය. රජ ඔහුට සතුටු වූයේ පඬුරු දිනි. එහෙයින් මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ … ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි.
Pali BJTදිස්සති ඛො පන ගාමණි, ඉධෙකච්චො දළ්හාය රජ්ජුයා -පෙ- දක්ඛිණතො නගරස්ස සීසං ඡිජ්ජමානො. තමෙනං එවමාහංසු: අම්භො, අයං පුරිසො කිං අකාසි දළ්හාය රජ්ජුයා -පෙ- දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දතීති? තමෙනං එවමාහංසු: අම්භො, අයං පුරිසො කුලිත්ථීසු කුලකුමාරීසු චාරිත්තං ආපජ්ජි, තෙන නං රාජානො ගහෙත්වා එවරූපං කම්මකාරණං කාරෙන්තීති. තං කිම්මඤ්ඤසි ගාමණි, අපිනු තෙ එවරූපං දිට්ඨං වා සුතං වාති? දිට්ඨඤ්ච නො භන්තෙ සුතඤ්ච සූයිස්සති චාති. තත්ර ගාමණි, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො “යො කොචි කාමෙසු මිච්ඡා චරති, සබ්බො සො දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදියතී”ති. සච්චං වා තෙ ආහංසු මුසා වාති -පෙ- කල්ලන්නු තෙසු පසීදිතුන්ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTගාමිණී, මෙහි දැඩි රැහැනින් … නුවර දකුණු දිග හිස සිඳිනු ලබන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, දැඩි රැහැනින් … නුවර දකුණුපස (යමකුගේ ) හිස සිඳී නම් මේ පුරිස් තෙමේ කුමක් කෙළේ දැ?යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, මේ පුරිස් තෙමේ කුල ස්ත්‍රීන් කෙරෙහි කුල කුමාරීන් කෙරෙහි වරදවා පිළිපන්නේ ය. එහෙයින් රජහු ඔහු ගෙන මෙබඳු කම් කටොලු කරවති යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? තොප විසින් මෙබන්දෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හො දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් අසනු ලබන්නේත් වේ ය යි. ගාමිණී, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් “යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරේ නම් ඒ සියලු දෙන දිටු දැමියෙහිම දුක් දොම්නස් විඳී” යි. මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත් නම් ඔහු ඇත්ත හෝ මුසා හෝ කියත් දැ යි. … ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTදිස්සති ඛො පන ගාමණි, ඉධෙකච්චො මාලී කුණ්ඩලී සුනහාතො සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙන්තො. තමෙනං එවමාහංසු: අම්භො, අයං පුරිසො කිං අකාසි මාලී කුණ්ඩලී සුනහාතො සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙතීති. තමෙනං එවමාහංසු: අම්භො, අයං පුරිසො රාජානං මුසාවාදෙන හාසෙසි{1}. තස්ස රාජා අත්තමනො අභිහාරමදාසි. තෙනායං පුරිසො මාලී කුණ්ඩලී සුනහාතො සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඉත්ථිකාමෙහි රාජා මඤ්ඤෙ පරිචාරෙතීති.
Sinhala BJTගාමිණී, මෙහි මාලා ඇති කොඬොල් ඇති, මැනවින් නෑ සුවඳ විලවුන් ගැල්වුණු සැදූ කෙස් රැවුල් ඇති ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවන එකෙක් මෙහි දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත්නි, මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ මැනවින් නෑයේ මොනවට සුවඳ විලවුන් ගැල්වුණේ සැදූ කෙස් රැවුල් ඇත්තේ ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවයි. (හේ) කුමක් කෙළේ දැ? යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, මේ පුරිස් තෙමේ බොරුවෙන් රජු සිනාසෙවී ය. රජ තෙමේ සතුටු ව ඔහුට පඬුරු දිනි. එහෙයින් මේ පුරිස් තෙමේ මාලා ඇත්තේ කොඬොල් ඇත්තේ මැනවින් නෑයේ මොනවට සුවඳ විලවුන් ගැල්වුණේ සැදූ කෙස් රැවුල් ඇත්තේ ස්ත්‍රීන් සහිත කාමයෙන් රජකු මෙන් ඉඳුරන් පිණවා යි.
Pali BJTදිස්සති ඛො පන ගාමණි, ඉධෙකච්චො දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස සීසං ඡිජ්ජමානො. තමෙනං එවමාහංසු: අම්භො, අයං පුරිසො කිං අකාසි දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛාමෙත්වා දක්ඛිණතො නගරස්ස සීසං ඡින්දතීති. තමෙනං එවමාහංසු: අම්භො අයං පුරිසො ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා මුසාවාදෙන අත්ථං භඤ්ජි, තෙන තං රාජානො ගහෙත්වා එවරූපං කම්මකාරණං කාරෙන්තීති. තං කිම්මඤ්ඤසි ගාමණි, අපිනු තෙ එවරූපං දිට්ඨං වා සුතං වාති? දිට්ඨඤ්ච නො භන්තෙ, සුතඤ්ච සූයිස්සති චාති. තත්ර ගාමණි, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො “යො කොචි මුසා භණති, සබ්බො සො දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදියතී”ති. සච්චං වා තෙ ආහංසු මුසා වාති? මුසා භන්තෙ. යෙ පන තෙ තුච්ඡං මුසා විලපන්ති සීලවන්තො වා තෙ දුස්සීලා වාති? දුස්සීලා භන්තෙ. යෙ පන තෙ දුස්සීලා පාපධම්මා, මිච්ඡාපටිපන්නා වා තෙ සම්මාපටිපන්නා වාති? මිච්ඡාපටිපන්නා භන්තෙ. යෙ පන තෙ මිච්ඡාපටිපන්නා මිච්ඡාදිට්ඨිකා වා තෙ සම්මාදිට්ඨිකා වාති? මිච්ඡාදිට්ඨිකා භන්තෙ. යෙ පන තෙ මිච්ඡාදිට්ඨිකා, කල්ලන්නු තෙසු පසීදිතුන්ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTගාමිණී, මෙහි දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් මුඩු කොට රළු හඬ ඇති බෙරයෙන් යුතු වැ වෙයින් වෙයට සිවු මංසලින් සිවු මංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු දිග හිස සිඳිනු ලබන එකෙක් දක්නා ලැබේ. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් මුඩු කොට රළු හඬ ඇති බෙරයෙන් යුතු වැ වෙයින් වෙයට සිවු මංසලින් සිවු මංසලට පමුණුවා දකුණු දොරින් නික්මවා නුවර දකුණු දිග (යමෙකුගේ) හිස සිඳී නම් මේ පුරිස් තෙමේ කුමක් කෙළේ දැ? යි. ඒ මොහුට මෙසේ කියත්: පින්වත, මේ පුරිස් තෙමේ ගැහැවියකුට හෝ ගැහැවි පුතකුට හෝ බොරුවෙන් අර්‍ත්‍ථහානි කළේ ය. එහෙයින් රජු ඔහු ගෙන මෙබඳු කම් කටොලු කරවති යි. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? තොප විසින් මෙබන්දෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේ දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් අසනු ලබන්නේත් වේ යයි. ගාමිණී, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් “යම් කිසිවෙක් මුසා බෙණේ ද, ඒ සියලු දෙන දිටු දැමියෙහි ම දුක් දොම්නස් විඳිති”යි මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වෙත් නම් ඔහු ඇත්ත හෝ මුසා හෝ කියත් දැ? යි. වහන්ස, මුසා ය. යම් ඒ කෙනෙක් හිස් මුසා බෙණෙත් නම් ඔහු සිල්වත්හු හෝ දුසිල්හු දැ? යි. වහන්ස, දුසිල්හු ය. යම් ඒ කෙනෙක් දුසිල්හු නම් පාපස්වභාව ඇත්තාහු නම් ඔහු වරදවා පිළිපන්නාහු හෝ මැනවින් පිළිපන්නාහු හෝ දැ? යි. වහන්ස, වරදවා පිළිපන්නාහු ය. යම් ඒ කෙනෙක් වරදවා පිළිපන්නාහු නම් ඔහු මිස දිටු ඇත්තෝ හෝ සම් දිටු ඇත්තෝ හෝ දැ? යි. වහන්ස, මිස දිටු ඇත්තහ. යම් ඒ කෙනෙක් මිස දිටු ඇත්තෝ නම් ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසු දැයි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTඅච්ඡරියං භන්තෙ අබ්භුතං භන්තෙ, අත්ථි මෙ භන්තෙ ආවසථාගාරං. තත්ථ මඤ්චකානි අත්ථි, ආසනානි අත්ථි, උදකමණිකො අත්ථි, තෙලප්පදීපො අත්ථි, තත්ථ යො සමණො වා බ්රාහ්මණො වා වාසං උපෙති, තෙනාහං යථාසත්ති යථාබලං සංවිභජාමි.{2} භූතපුබ්බං භන්තෙ, චත්තාරො සත්ථාරො නානාදිට්ඨිකා නානාඛන්තිකා නානාරුචිකා තස්මිං ආවසථාගාරෙ වාසං උපගච්ඡිංසු. එකො සත්ථා එවංවාදී එවංදිට්ඨි: නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො. නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති.
Sinhala BJTවහන්ස, අසිරියෙකි. පුදුමයෙකි. වහන්ස, මට ආවාස ගෙයක් ඇත. එහි ඇඳන් ඇත. අසුන් ඇත. මහ දිය සැළක් ඇත. තෙල් පහනක් ඇත. එහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ වාසයට එළඹේ නම් ඔහු සමඟ මම හැකි පමණින් බල පමණින් බෙදා ගනිමි. වහන්ස, පෙර වූවක් කියමි. නොයෙක් දිටු ඇති නොයෙක් මත ඇති නොයෙක් රුචි ඇති ශාස්තෘහු සිවු දෙනෙක් එහි විසුමට එළඹියහ. එක් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ ය. මෙබඳු දෘෂ්ටි ඇත්තේ ය: දෙන ලද්දෙහි විපාක නැත, පුදන ලද්දෙහි විපාක නැත, සත්කාරයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවෙක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්තු නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව නැතැ යි.
Pali BJTඑකො සත්ථා එවංවාදී එවංදිට්ඨි: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති.
Sinhala BJTඑක් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ ය: දෙන ලද්දෙහි විපාක ඇත, පුදන ලද්දෙහි විපාක ඇත, සත්කාරයෙහි විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්හි ඵලවිපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්තු ඇත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව ඇතැ යි.
Pali BJTඑකො සත්ථා එවංවාදී එවංදිට්ඨි: කරතො{1} කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො නත්ථි තතොනිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො නත්ථි තතොනිදානං පුඤ්ඤං, නත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සඤ්ඤමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමොති.
Sinhala BJTඑක් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ ය: කරන්නාට කරවන්නාට සිඳින්නාට සිඳුවන්නාට පිසන්නාට පිසවන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට කම්පිත කරන්නාට කම්පිත කරවන්නාට පරපණ නසන්නාට නුදුන් දෑ ගන්නාට ගෙවල් බිඳින්නාට ගම් පැහැර ගන්නාට එක් ගෙයක් පැහැර ගන්නාට මං පහරන්නාට පරඹුන් කරා යන්නාට මුසා බණන්නාට කිරීමෙන් පවෙක් නොකෙරේ. ඉදිනුදු කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතු කොටගෙන පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත, ඉදිනුදු නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ ද ඒ හේතුවෙන් පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත. ඉදිනුදු දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ ද, ඒ හේතුවෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැත, දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැතැ යි.
Pali BJTඑකො සත්ථා එවංවාදී එවංදිට්ඨි: කරතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරතො කරීයති පාපං. ඛුරපරියන්තෙනපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, අත්ථි තතොනිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය{2} තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො අත්ථි තතොනිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො අත්ථි තතොනිදානං පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සඤ්ඤමෙන සච්චවජ්ජෙන අත්ථි පුඤ්ඤං අත්ථි පුඤ්ඤස්ස ආගමොති.
Sinhala BJTඑක් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ, මෙබඳු දෘෂ්ටි ඇත්තේ ය: කරන්නාට කරවන්නාට සිඳින්නාට සිඳුවන්නාට පිසන්නාට පිසවන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට කම්පිත කරන්නාට කම්පිත කරවන්නාට පරපණ නසන්නාට නුදුන් දෑ ගන්නාට ගෙවල් බිඳින්නාට ගම් පැහැර ගන්නාට එක් ගෙයක් පැහැර ගන්නාට මං පහරන්නාට පරඹුන් කරා යන්නාට මුසා බණන්නාට කිරීමෙන් පවෙක් කෙරේ, කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතු කොටගෙන පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත, ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ ද ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ ද, ඒ හේතුවෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇත, දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇතැ යි.
Pali BJTතස්ස මය්හං භන්තෙ අහුදෙව කඞ්ඛා අහුදෙව විචිකිච්ඡා: කො සු නාම ඉමෙසං භවතං සමණබ්රාහ්මණානං සච්චං ආහ, කො මුසාති.
Sinhala BJTවහන්ස, ඒ මට මේ භවත් මහණ බමුණන්ගෙන් කවරෙක් නම් ඇත්ත කියා ද? කවරෙක් බොරු කියා දැ? යි සැකයෙක් වූයේ ම ය. විචිකිච්ඡායෙක් වූයේ මැ යි.
Pali BJTඅලං හි තෙ ගාමණි, කඞ්ඛිතුං, අලං විචිකිච්ඡිතුං. කඞ්ඛනීයෙ ච පන තෙ ඨානෙ විචිකිච්ඡා උප්පන්නාති. එවං පසන්නොහං{3} භන්තෙ භගවති. පහොති මෙ භගවා තථා ධම්මං දෙසෙතුං යථාහං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යන්ති.
Sinhala BJTගාමිණී, තොප විසින් සැක කරන්නට නිසි ය, විචිකිච්ඡා කරන්නට නිසිය. සැක කටයුතු තන්හි තොපට විචිකිච්ඡා උපනැ යි. වහන්ස, යම් සේ මම මේ සැකය දුරු කරන්නෙම් නම් එසේ මට දහම් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ පොහෝනා සේකැ යි. මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහන්මි යි.
Pali BJTඅත්ථි ගාමණි, ධම්මසමාධි. තත්ර චෙ ත්වං චිත්තසමාධිං පටිලභෙය්යාසි. එවං ත්වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යාසි. කතමො ච ගාමණි, ධම්මසමාධි: ඉධ ගාමණි, අරියසාවකො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, පිසුනං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති, ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති, සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති, අභිජ්ඣං පහාය අනභිජ්ඣාලූ හොති, ව්යාපාදපදොසං පහාය අව්යාපන්නචිත්තො හොති, මිච්ඡාදිට්ඨිං පහාය සම්මාදිට්ඨිකො හොති.
Sinhala BJTගාමිණී, ධම්ම සමාධියෙක් ඇත. ඉදින් තෙපි එහි ලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු. ගාමිණී, ධම්ම සමාධිය කවරේ ද යත්: ගාමිණී, මෙහි අරිසවු තෙමේ පණිවා පහා පණිවායෙන් වැළකුණේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇත්තේ දයාවට පැමිණියේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේ වෙසෙයි. අයිනාදන් පහා අයිනාදනින් වැළකුණේ වෙයි. කාමයෙහි මිසහසර පහා කාමයෙහි මිසහසරින් වැළකුණේ වෙයි. මුසවා පහා මුසවායෙන් වැළකුණේ වෙයි. පිසුනු බස පහා පිසුනු බසින් වැළකුණේ වෙයි. රළු වදන පහා රළු වදනින් වැළකුණේ වෙයි. හිස් වදන පහා හිස් වදනින් වැළකුණේ වෙයි. දැඩි ලොබ පහා දැඩි ලොබ නැත්තේ වෙයි. කිපුම් දෝස පහා නොකිපුණු සිත් ඇත්තේ වෙයි. මිසදිටු පහා සම්දිටු ඇත්තේ වෙයි.
Pali BJTස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො{1} මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන{2} ඵරිත්වා විහරති. සො ඉති පටිසංචික්ඛති: යො’යං සත්ථා එවංවාදී එවංදිට්ඨි: “නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති. සචෙ තස්ස භොතො සත්ථුනො සච්චං වචනං අපණ්ණකතාය මය්හං, යො’හං න කිඤ්චි ව්යාබාධෙමි තසං වා ථාවරං වා, උභයමෙත්ථ කටග්ගාහො: යඤ්චම්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති. තස්ස පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම්මසමාධි. තත්ර චෙ ත්වං චිත්තසමාධිං පටිලභෙය්යාසි, එවං ත්වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යාසි.
Sinhala BJTගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇතියේ පහ ව ගිය කිපුම් ඇතියේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සම භාවයෙන් සියලු සතුන් යුත් ලොව දුක් නැති මෙත් සහගිය සිතින් පතුරුවා වෙසේ. හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෘවරයෙක් “දෙන ලද්දෙහි විපාක නැත, පුදන ලද්දෙහි විපාක නැත, සත්කාරයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවෙක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්තු නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව නැතැ” යි. මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් යම් බඳු මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළම් ද (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යි යන යමෙක් ඇද්ද, කාබුන් මරණින් මතු සුගති සඟ ලොවට පැමිණෙන්නෙමි යි යන යමකුත් ඇද්ද මෙහිලා දෙකම ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ නාම කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු.
Pali BJTස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො{1} මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති.
Sinhala BJTගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙයි.
Pali BJTසො ඉති පටිසංචික්ඛති: යො’යං සත්ථා එවංවාදී එවංදිට්ඨි: “අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති. සචෙ තස්ස භොතො සත්ථුනො{1} සච්චං වචනං, අපණ්ණකතාය මය්හං, සො’හං{2} න කිඤ්චි ව්යාබාධෙමි තසං වා ථාවරං වා, උභයමෙත්ථකටග්ගාහො: යඤ්චම්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති. තස්ස පාමොජ්ජං{3} ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම්මසමාධි. තත්ර චෙ ත්වං චිත්තසමාධිං පටිලභෙය්යාසි, එවං ත්වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යාසි.
Sinhala BJTහේ මෙසේ නුවණින් සලකා බලයි. “යම් මේ ශාස්තෘවරයෙක් දෙන ලද්දෙහි විපාක ඇත, පුදන ලද්දෙහි විපාක ඇත, සත්කාරයෙහි විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්තු ඇත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව ඇතැ” යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැතිගන්නා වූ හෝ නො තැතිගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධබව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද මෙහි ලා දෙක ම ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු.
Pali BJTස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො ඉති පටිසංචික්ඛති: යො’යං සත්ථා එවංවාදී එවංදිට්ඨි: “කරතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො, පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරතො න කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො: දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො; උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො නත්ථි තතො නිදානං පුඤ්ඤං, නත්ථි තතො නිදානං පුඤ්ඤස්ස ආගමො; දානෙන දමෙන සඤ්ඤමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමො”ති. සචෙ තස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අපණ්ණකතාය මය්හං, සො’හං න කිඤ්චි ව්යාබාධෙමි තසං වා ථාවරං වා. උභයමෙත්ථ කටග්ගාහො: යඤ්චම්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති. තස්ස පාමොජ්ජං{3} ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම්මසමාධි තත්ර චෙ ත්වං චිත්තසමාධිං පටිලභෙය්යාසි, එවං ත්වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යාසි.
Sinhala BJTගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි. “යම් මේ ශාස්තෘවරයෙක් කරන්නාට කරවන්නාට සිඳින්නාට සිඳුවන්නාට පිසන්නාට පිසවන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට සලන්නාට සලවන්නාට පරපණ නසන්නාට නුදුන් දෑ ගන්නාට ගෙවල් බිඳින්නාට ගම් පැහැර ගන්නාට එක් ගෙයක් පැහැර ගන්නාහට මං පහරන්නාට පරඹුන් කරා යන්නාට මුසා බණන්නාට කිරීමෙන් පවෙක් නො කෙරෙයි. ඉදින් කර වැනි කෙළවර ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතු කොටගෙන පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පවෙක් නැත. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැත, දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැතැ” යි. මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද මෙහි ලා දෙක ම ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු.
Pali BJTස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො ඉති පටිසංචික්ඛති: යො’යං සත්ථා එවංවාදී එවංදිට්ඨි: “කරතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරතො කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, අත්ථි තතො නිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො, අත්ථි තතො නිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො, අත්ථි තතො නිදානං පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සඤ්ඤමෙන සච්චවජ්ජෙන අත්ථි පුඤ්ඤං අත්ථි පුඤ්ඤස්ස ආගමො”ති. සචෙ තස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අපණ්ණකතාය මය්හං; සො’හං න කිඤ්චි ව්යාබාධෙමි තසං වා ථාවරං වා, උභයමෙත්ථ කටග්ගාහො, යඤ්චම්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති. තස්ස පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම්මසමාධි. තත්ර චෙ ත්වං චිත්තසමාධිං පටිලභෙය්යාසි, එවං ත්වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යාසි.
Sinhala BJTගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියල්ලෙන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නොපමණ වූ වෙර නැති නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි: “යම් මේ ශාස්තෘවරයෙක් කරන්නාට කරවන්නාට සිඳින්නාට සිඳුවන්නාට පිසන්නාට පිසවන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරවන්නාට සලන්නාට සලවන්නාට පරපණ නසන්නාට නුදුන් දෑ ගන්නාට ගෙවල් බිඳින්නාට ගම් පැහැර ගන්නාට එක් ගෙයක් පැහැර ගන්නාට මං පහරන්නාට පරඹුන් වෙත යන්නාට මුසා බණන්නාට කිරීමෙන් පවෙක් නො කෙරෙයි. ඉදිනුදු කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදිනුදු නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ නම් ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදිනුදු දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ නම් ඒ හේතුවෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇත. දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇතැ” යි. මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැතිගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. ඒ පිළිවෙත මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද, කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද දෙක ම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු.
Pali BJTස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති -පෙ- මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති -පෙ-
Sinhala BJTගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලොබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ කුළුණු සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. … මුදුබැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි.
Pali BJTස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො ඉති පටිසංචික්ඛති: යො’යං සත්ථා එවංවාදී එවංදිට්ඨි: “නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො,
Sinhala BJTගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මැදහත්බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මැදහත් බැව් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි. යම් මේ ශාස්තෘවරයෙක් “දෙන ලද්දෙහි විපාක නැත, පුදන ලද්දෙහි විපාක නැත, සත්කාරයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත,
Pali BJTනත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යො ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති. සචෙ තස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අපණ්ණකතාය මය්හං, සො’හං න කිඤ්චි ව්යාබාධෙමි තසං වා ථාවරං වා. උභයමෙත්ථ කටග්ගාහො: යඤ්චම්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති. තස්ස පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම්මසමාධි. තත්ර චෙ ත්වං චිත්තසමාධිං පටිලභෙය්යාසි, එවං ත්වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යාසි.
Sinhala BJTමවෙක් නැත, පියෙක් නැත, ඕපපාතික සත්තු නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ නැතැ” යි, මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් යම් බඳු මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේද, කාබුන් මරණින් මතු සුගති සඟ ලොවට පැමිණෙන්නෙමි යි යන යමකුත් වේ ද දෙකම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් එහිලා තෙපි චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු ය.
Pali BJTස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො ඉති පටිසංචික්ඛති: ය්වා’යං{1} සත්ථා එවංවාදී එවංදිට්ඨි: “අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති. සචෙ තස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අපණ්ණකතාය මය්හං, සො’හං න කිඤ්චි ව්යාබාධෙමි තසං වා ථාවරං වා. උභයමෙත්ථ කටග්ගාහො: යඤ්චම්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති. තස්ස පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම්මසමාධි. තත්ර චෙ ත්වං චිත්තසමාධිං පටිලභෙය්යාසි. එවං ත්වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යාසි.
Sinhala BJTගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මැදහත්බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මැදහත් බැව් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි: “යම් ඒ ශාස්තෘවරයෙක් දෙන ලද්දෙහි විපාක ඇත, පුදන ලද්දෙහි විපාක ඇත, සත්කාරයෙහි විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්තු ඇත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසත් නම් මැනවින් ගිය මැනවින් පිළිපන් එබඳු මහණ බමුණෝ ලොව ඇතැ” යි මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැතිගන්නා වූ හෝ නො තැතිගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද දෙක ම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු ය.
Pali BJTස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො ඉති පටිසංචික්ඛති: ය්වා’යං සත්ථා එවංවාදී එවංදිට්ඨි: “කරතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො, සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරතො න කරීයති පාපං. ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො, නත්ථි තතො නිදානං පාපං, නත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය දදන්තො දාපෙන්තො යජන්තො යාජෙන්තො, නත්ථි තතො නිදානං පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සඤ්ඤමෙන සච්චවජ්ජෙන නත්ථි පුඤ්ඤං නත්ථි පුඤ්ඤස්ස ආගමො”ති. සචෙ තස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අපණ්ණකතාය මය්හං, සො’හං න කිඤ්චි ව්යාබාධෙමි තසං වා ථාවරං වා, උභයමෙත්ථ කටග්ගාහො: යඤ්චම්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති. තස්ස පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම්මසමාධි. තත්ර චෙ ත්වං චිත්තසමාධිං පටිලභෙය්යාසි, එවං ත්වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යාසි.
Sinhala BJTගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය කිපුම් ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මැදහත් බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මැදහත් බැව් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි: “යම් මේ ශාස්තෘවරයෙක් කරන්නහුට කරවන්නහුට සිඳින්නහුට සිඳුවන්නහුට පිසන්නහුට පිසවන්නහුට ශෝක කරවන්නහුට ක්ලාන්ත කරවන්නහුට සලන්නහුට සලවන්නහුට පරපණ නසන්නහුට නුදුන් දෑ ගන්නහුට ගෙවල් බිඳින්නහුට ගම් පැහැර ගන්නහුට එක් ගෙයක් පැහැර ගන්නහුට මං පහරන්නහුට පරඹුන් වෙත යන්නහුට මුසා බණන්නහුට කිරීමෙන් පවෙක් නො කෙරේ. ඉදින් කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නමුදු ඒ හේතුවෙන් පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත. ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගං ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පවෙක් නැත, පවෙහි ඊමෙක් නැත. ඉදින් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගං ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැත. දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් නැත, පිනෙහි ඊමෙක් නැතැ” යි, මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද දෙක ම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්සිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය දුරු කරන්නහු ය.
Pali BJTස ඛො සො ගාමණි, අරියසාවකො එවං විගතාභිජ්ඣො විගතව්යාපාදො අසම්මූළ්හො සම්පජානො පතිස්සතො උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො ඉති පටිසංචික්ඛති:
Sinhala BJTගාමිණී, ඒ මේ අරිසවු තෙමේ මෙසේ පහ ව ගිය දැඩි ලෝබ ඇත්තේ පහ ව ගිය ව්‍යාපාද ඇත්තේ නුමුළා වූයේ මනා දැනුම් ඇත්තේ සිහි ඇත්තේ මැදහත් බැව් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙයි. දෙවැන්න ද එසේ ය, තෙවැන්න ද එසේ ය, සිවු වැන්න ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සියල්ලන් තමා හා සමභාවයෙන් සියලු සතුන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති නිදුක් වූ මැදහත් බැව් සහගිය සිතින් පතුරුවා වෙසෙයි. හේ මෙසේ නුවණින් සලකා බලයි:
Pali BJTය්වා’යං සත්ථා එවංවාදී එවංදිට්ඨි: “කරතො කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පාචයතො සොචයතො කිලමයතො ඵන්දතො ඵන්දාපයතො පාණමතිපාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරතො කරීයති පාපං, ඛුරපරියන්තෙන චෙපි චක්කෙන යො ඉමිස්සා පඨවියා පාණෙ එකමංසඛලං එකමංසපුඤ්ජං කරෙය්ය, අත්ථි තතොනිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. දක්ඛිණඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය හනන්තො ඝාතෙන්තො ඡින්දන්තො ඡෙදාපෙන්තො පචන්තො පාචෙන්තො, අත්ථි තතොනිදානං පාපං, අත්ථි පාපස්ස ආගමො. උත්තරඤ්චෙපි ගඞ්ගාය තීරං ගච්ඡෙය්ය. දදන්තො දාපෙන්තො, යජන්තො යාජෙන්තො, අත්ථි තතො නිදානං පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමො. දානෙන දමෙන සඤ්ඤමෙන සච්චවචනෙන අත්ථි පුඤ්ඤං, අත්ථි පුඤ්ඤස්ස ආගමො”ති. සචෙ තස්ස භොතො සත්ථුනො සච්චං වචනං, අපණ්ණකතාය මය්හං, සො’හං න කිඤ්චි ව්යාබාධෙමි තසං වා ථාවරං වා, උභයමෙත්ථ කටග්ගාහො: යඤ්චම්හි කායෙන සංවුතො වාචාය සංවුතො මනසා සංවුතො, යඤ්ච කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සාමීති. තස්ස පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. අයං ඛො සො ගාමණි, ධම්මසමාධි. තත්ර චෙ ත්වං චිත්තසමාධිං පටිලභෙය්යාසි, එවං ත්වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යාසි.
Sinhala BJT“යම් මේ ශාස්තෘවරයෙක් කරන්නහුට කරවන්නහුට සිඳින්නහුට සිඳුවන්නහුට පිසන්නහුට පිසවන්නහුට ශෝක කරවන්නහුට ක්ලාන්ත කරවන්නහුට සලන්නහුට සලවන්නහුට පරපණ නසන්නහුට නුදුන් දෑ ගන්නහුට ගෙවල් බිඳින්නහුට ගම් පැහැර ගන්නහුට එක් ගෙයක් පැහැර ගන්නහුට මං පහරන්නහුට පරඹුන් වෙත යන්නහුට මුසා බණන්නහුට කිරීමෙන් පවෙක් කෙරේ. ඉදිනුදු කර වැනි නිම් වළලු ඇති සකෙකින් යමෙක් මේ පොළොවෙහි සතුන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේ නම් ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදිනුදු නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පිසමින් පිසවමින් දකුණු ගංතෙරට යන්නේ නම් ඒ හේතුවෙන් පවෙක් ඇත, පවෙහි ඊමෙක් ඇත. ඉදිනුදු දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් උතුරු ගංතෙරට යන්නේ නම් ඒ හේතුවෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇත. දීමෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනෙක් ඇත, පිනෙහි ඊමෙක් ඇතැ” යි. මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද, ඉදින් ඒ භවත් ශාස්තෘහුගේ වදන ඇත්ත නම් ඒ මම තැති ගන්නා වූ හෝ නො තැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. (ඒ පිළිවෙත) මාගේ නිරපරාධ බව පිණිස වේ. කයින් සංවෘත වූයෙම් වචනයෙන් සංවෘත වූයෙම් සිතින් සංවෘත වූයෙම් වෙමි යන යමෙක් වේ ද කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නෙමි යන යමෙකුත් වේ ද දෙක ම මෙහි ලා ජය ගැනීම වේ. ඔහුට ප්‍රමෝදය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. ගාමිණී, මේ ඒ ධම්ම සමාධිය යි. ඉදින් තෙපි එහිලා චිත්ත සමාධිය පිළිලබන්නහු නම් මෙසේ තෙපි මේ සැකය පහන්නහු යි.
Pali BJTඑවං වුත්තෙ පාටලියො ගාමණි භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි පාටලිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, ඉතා මැනවි. වහන්ස, ඉතා මැනවි … අද පටන් මා දිවි හිමියෙන් සරණ ගිය (උවසුවකු කොට දරණ සේක්වා) යි.
Pali BJTගාමණිවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි ගාමිණී වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTචණ්ඩො තාලො යොධාජීවො හත්ථස්සාසි ච ඛෙත්තකා, සඞ්ඛ කුලමණිභද්දකා ච රාසිය පාටලියෙන තෙරසාති.
Sinhala BJTචණ්ඩ, තාලපුට, යෝධාජීව, හත්‍ථාරෝහ, අසසාරෝහ, අසිබන්‍ධක, ඛෙත්තූපම, සඞ්ඛධම, කුල, මණිචූළක, භද්දක,රාසිය, පාටලිය සූත්‍රය යි තෙළෙසකි.
Pali BJTගාමණිසංයුත්තං සමත්තං
Sinhala BJTගාමිණී සංයුත්තය නිමි.