Pali BJT7. 1. 8.
Sinhala BJT7. 1. 8.
Pali BJTනිගණ්ඨසුත්තං
Sinhala BJTනිගණ්ඨ සූත්‍රය
Pali BJT412. තෙන ඛො පන සමයෙන නිගණ්ඨො නාතපුත්තො{1} මච්ඡිකාසණ්ඩං අනුප්පත්තො හොති මහතියා නිගණ්ඨපරිසාය සද්ධිං. අස්සොසි ඛො චිත්තො ගහපති නිගණ්ඨො කිර නාතපුත්තො මච්ඡිකාසණ්ඩං අනුප්පත්තො මහතියා නිගණ්ඨපරිසාය සද්ධින්ති. අථ ඛො චිත්තො ගහපති සම්බහුලෙහි උපාසකෙහි සද්ධිං යෙන නිගණ්ඨො නාතපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා නිගණ්ඨෙන නාතපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චිත්තං ගහපතිං නිගණ්ඨො නාතපුත්තො එතදවොච: සද්දහසි ත්වං ගහපති සමණස්ස ගොතමස්ස අත්ථි අවිතක්කො අවිචාරො සමාධි, අත්ථි විතක්ක විචාරානං නිරොධොති.
Sinhala BJT412. එසමයෙහි නිගණ්ඨනාතපුත්ත තෙමේ මහත් නිගණ්ඨ පිරිසක් සමඟ මච්ඡිකාසණ්ඩයට පැමිණියේ වෙයි. නිගණ්ඨනාතපුත්ත තෙමේ මහත් නිගණ්ඨ පිරිසක් සමඟ මච්ඡිකාසණ්ඩයට පැමිණියේ ය යි චිත්ත ගැහැවි ඇසුයේ ය. එකල්හි චිත්ත ගැහැවි බොහෝ උවසුවන් සමඟ නිගණ්ඨනාතපුත්ත වෙත එළඹියේ ය. එළඹ නිගණ්ඨනාතපුත්ත සමඟ සතුටු විය. සතුටුවිය යුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවිහට නිගණ්ඨනාතපුත්ත මෙය කී ය: ගැහැවි, තෙපි අවිතර්‍ක අවිචාර සමාධියෙක් ඇත, විතර්‍ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇතැයි යන මහණ ගොයුම්ගේ වචනය අදහවු දැ? යි.
Pali BJTන ඛ්වාහං එත්ථ භන්තෙ භගවතො සද්ධාය ගච්ඡාමි: අත්ථි අවිතක්කො අවිචාරො සමාධි, අත්ථි විතක්කවිචාරානං නිරොධොති. එවං වුත්තෙ නිගණ්ඨො නාතපුත්තො උල්ලොකෙත්වා{1} එතදවොච: ඉදං භවන්තො පස්සන්තු යාවඋජුකො{2} චායං චිත්තො ගහපති, යාව අසඨො චායං චිත්තො ගහපති, යාව අමායාවී චායං චිත්තො ගහපති, වාතං වා සො ජාලෙන බාධෙතබ්බං මඤ්ඤෙය්ය යො විතක්කවිචාරෙ නිරොධෙතබ්බං මඤ්ඤෙය්ය, සකමුට්ඨිනා වා සො ගඞ්ගාය සොතං ආවාරෙතබ්බං මඤ්ඤෙය්යාති. යො විතක්කවිචාරෙ නිරොධෙතබ්බං මඤ්ඤෙය්යාති.
Sinhala BJTහිමියනි, අවිතර්‍ක අවිචාර සමාධියෙක් ඇත, විතර්‍ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇත යන මෙහිලා මම භාග්‍යවතුන් වහන්සේගේ විශ්වාසයට නො යමි යි. මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්ත තෙමේ සිය පිරිස හිස ඔසවා බලා මෙය කී ය: භවත්හු මෙය දකිත්වා මේ චිත්ත ගැහැවි කෙතෙක් ඍජු ද? මේ චිත්ත ගැහැවි කෙතෙක් අසට (නො කපටි) ද? මේ චිත්ත ගැහැවි කෙතෙක් රැවටිලි රහිත ද? යමෙක් විතර්‍ක විචාර නිරුද්ධ කටයුතු ය යි හඟනේ නම් හේ දැලින් සුළං බැඳිය යුතු ය යි හඟනේ ය. යමෙක් විතර්‍ක විචාර නිරුද්ධ කටයුතු ය යි හඟනේ නම් හේ සිය මිටින් ගඞ්ගානදී සැඩපහර වැළැක්විය යුතු ය යි හඟනේ යි.
Pali BJTතං කිම්මඤ්ඤසි භන්තෙ කතමං නු ඛො පණීතතරං ඤාණං වා සද්ධා වාති. සද්ධාය ඛො ගහපති ඤාණං යෙව පණීතතරං.
Sinhala BJTහිමියනි, ඒ කිමැ? යි හඟිවු ද? කුමක් වඩා ප්‍රණීත ද? නැණ හෝ සැදැහැ හෝ යි. ගැහැවි, සැදැහැයට වඩා නැණ ම ප්‍රණීත ය.
Pali BJTඅහං ඛො භන්තෙ යාවදෙව ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. අහං ඛො භන්තෙ යාවදෙව ආකඞ්ඛාමි විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. අහං ඛො භන්තෙ යාවදෙව ආකඞ්ඛාමි පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. අහං ඛො භන්තෙ යාවදෙව ආකඞ්ඛාමි සුඛස්ස ච පහානා දුක්ඛස්සච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි. න සො ඛ්වාහං භන්තෙ එවං ජානන්තො එවං පස්සන්තො කස්ස අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සද්ධාය ගමිස්සාමි. “අත්ථි අවිතක්කො අවිචාරො සමාධි අත්ථි විතක්කවිචාරානං නිරොධො”ති.
Sinhala BJTහිමියනි, මම යම්තාක් කැමැත්තෙම් නම් (ඒතාක්) කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමැත්තෙම් නම් ඒතාක් විතර්‍ක විචාර සන්හිඳීමෙන් ... දෙවැනි දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමැත්තෙම් නම් ඒතාක් ප්‍රීතියත් වැළැක්මෙන් ... තෙවන දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි,මම යම්තාක් කැමැත්තෙම් නම් ඒ තාක් සුවත් ප්‍රහීණ කිරීමෙන් දුකත් ප්‍රහීණ කිරීමෙන් කැලැම සොම්නසුත් දුරු කිරීමෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසිදු බව ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි, ඒ මම මෙසේ දන්නෙම් මෙසේ දක්නෙම් “අවිතර්‍ක අවිචාර සමාධියෙක් ඇත. විතර්‍ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇතැ” යි අන් කවර මහණකුගේ හෝ බමුණකුගේ හෝ ඇදහීමට යන්නෙම් ද?
Pali BJTඑවං වුත්තෙ නිගණ්ඨො නාතපුත්තො සකං පරිසං උල්ලොකෙත්වා එතදවොච: ඉදං භවන්තො පස්සන්තු: යාව අනුජ්ජුකො{3} චායං චිත්තො ගහපති, යාව සඨො චායං චිත්තො ගහපති, යාව මායාවී චායං චිත්තො ගහපතීති. ඉදානෙව{4} ඛො තෙ මයං භන්තෙ භාසිතං එවං ආජානාම: “ඉදං භවන්තො පස්සන්තු යාව උජුකො චායං චිත්තො ගහපති, යාව අසඨො චායං චිත්තො ගහපති, යාව අමායාවී චායං චිත්තො ගහපති. ඉදානෙව ච පන තෙ මයං භන්තෙ භාසිතං එවං ආජානාම: “ඉදං භවන්තො පස්සන්තු, යාව අනුජ්ජුකො චායං චිත්තො ගහපති, යාව සඨො චායං චිත්තො ගහපති, යාව මායාවී චායං චිත්තො ගහපතී”ති. සචෙ තෙ භන්තෙ පුරිමං සච්චං පච්ඡිමං තෙ මිච්ඡා. සචෙ පන තෙ භන්තෙ පච්ඡිමං සච්චං පුරිමං තෙ මිච්ඡා.
Sinhala BJTමෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්ත සිය පිරිස දෙස බලා මෙය කී ය: භවත්හු මෙය දකිත්වා, මේ චිත්ත ගැහැවි වඞ්කත් වේ ද, චිත්ත ගැහැවි කොතරම් සඨත්(කපටත්) වේ ද, මේ චිත්ත ගැහැවි කොතරම් රැවටිලි ඇත්තේත් වේ දැ යි. හිමියනි, “භවත්හු මෙය දකිත්වා, මේ චිත්ත ගැහැවි කොතෙක් ඍජුත් වේ ද, චිත්ත ගැහැවි කොතෙක් අසඨත් වේ ද, මේ චිත්ත ගැහැවි කොතෙක් රැවටිලි නැත්තේත් වේ දැ” යි. ඔබ විසින් දැන් ම කියන ලද්ද අපි මෙසේ දනිමු. හිමියනි, “භවත්හු මෙය දකිත්වා, මේ චිත්ත ගැහැවි කොතෙක් වඞ්කත් වේ ද, මේ චිත්ත ගැහැවි කොතෙක් සඨත් වේ ද, මේ චිත්ත ගැහැවි කොතෙක් රැවටිලි ඇත්තේත් වේ දැ” යි. ඔබ විසින් දැන්ම කියන ලද්ද අපි මෙසේ දනිමු. හිමියනි, ඉදින් ඔබ විසින් පළමු කියන ලද්ද සැබෑ නම් ඔබ විසින් පසුව කියන ලද්ද මුසාය. හිමියනි, ඉදින් ඔබ විසින් පසුව කියන ලද්ද සැබෑ නම් ඔබ විසින් පළමු කියන ලද්ද මුසා ය.
Pali BJTඉමෙ ඛො පන භන්තෙ දස සහධම්මිකා පඤ්හා ආගච්ඡන්ති. යදා නෙසං අත්ථං ආජානෙය්යාසි අථ මං පටිහරෙය්යාසි සද්ධිං නිගණ්ඨ පරිසාය. ‘එකො පඤ්හො එකො උද්දෙසො එකං වෙය්යාකරණං ද්වෙ පඤ්හා ද්වෙ උද්දෙසා ද්වෙ වෙය්යාකරණානි. තයො පඤ්හා තයො උද්දෙසා තීණි වෙය්යාකරණානි. චත්තාරො පඤ්හා චත්තාරො උද්දෙසා චත්තාරි වෙය්යාකරණානි. පඤ්ච පඤ්හා පඤ්ච උද්දෙසා පඤ්ච වෙය්යාකරණානි. ඡ පඤ්හා ඡ උද්දෙසා ඡ වෙය්යාකරණානි. සත්ත පඤ්හා සත්ත උද්දෙසා සත්ත වෙය්යාකරණානි . අට්ඨ පඤ්හා අට්ඨ උද්දෙසා අට්ඨ වෙය්යාකරණානි. නව පඤ්හා නව උද්දෙසා නව වෙය්යාකරණානි. දස පඤ්හා දස උද්දෙසා දස වෙය්යාකරණානී’ති. අථ ඛො චිත්තො ගහපති නිගණ්ඨං නාතපුත්තං ඉමෙ දස සහධම්මිකෙ පඤ්හෙ ආපුච්ඡිත්වා උට්ඨායාසනා පක්කාමීති.
Sinhala BJTහිමියනි, කරුණු සහිත මේ දශ පැනයක් එයි. යම් කලෙක එහි අරුත් දන්නෙහි නම් එකල්හි නිගණ්ඨ පිරිස සමඟ ම වෙත එන්නෙහි ය: එක් පැනයකි, එක් උදෙසුමෙකි, එක් විසඳුමෙකි. දෙ පැනයෙකි, දෙ උදෙසුමෙකි, දෙ විසඳුමෙකි. තුන් පැනයකි, තුන් උදෙසුමෙකි, තුන් විසඳුමෙකි. සිවු පැනයකි, සිවු උදෙසුමෙකි, සිවු විසඳුමෙකි. පස් පැනයකි, පස් උදෙසුමෙකි, පස් විසඳුමෙකි. ස පැනයකි, ස උදෙසුමෙකි, ස විසඳුමෙකි. සත් පැනයකි, සත් උදෙසුමෙකි, සත් විසඳුමෙකි. අට පැනයකි, අට උදෙසුමෙකි, අට විසඳුමෙකි. නව පැනයකි, නව උදෙසුමෙකි, නව විසඳුමෙකි. දස පැනයකි, දස උදෙසුමෙකි, දස විසඳුමෙකි. ඉක්බිති චිත්ත ගැහැවි නිගණ්ඨනාතපුත්‍රයන්ගෙන් කරුණු සහිත මේ දස පැනය පිළිවිස හුනස්නෙන් නැඟිට ගියේ ය.
Pali BJT7. 1. 9.
Sinhala BJT7. 1. 9.
Pali BJTඅචෙලසුත්තං
Sinhala BJTඅචේල සූත්‍රය
Pali BJT413. තෙන ඛො පන සමයෙන අචෙලො කස්සපො මච්ඡිකාසණ්ඩං අනුප්පත්තො හොති, චිත්තස්ස ගහපතිනො පුරාණගිහීසහායකො. අස්සොසි ඛො චිත්තො ගහපති අචෙලො කිර කස්සපො මච්ඡිකාසණ්ඩං අනුප්පත්තො අම්හාකං පුරාණගිහීසහායොති. අථ ඛො චිත්තගහපති යෙන අචෙලො කස්සපො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා අචෙලෙන කස්සපෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති අචෙලං කස්සපං එතදවොච: කීව චිරං පබ්බජිතොසි{1} භන්තෙ කස්සපාති? තිංස මත්තානි ඛො මෙ ගහපති වස්සානි පබ්බජිතස්සාති. ඉමෙහි පන තෙ භන්තෙ තිංස මත්තෙහි වස්සෙහි අත්ථි කොචි උත්තරිමනුස්සධම්මා{2} අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති? ඉමෙහි ඛො මෙ ගහපති තිංස මත්තෙහි වස්සෙහි{3} නත්ථි කොචි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො, අඤ්ඤත්ර නග්ගෙය්යා ච මුණ්ඩෙය්යා ච පාවළනිප්ඵොටනාය{4} චාති.
Sinhala BJT413. එකල්හි චිත්ත ගැහැවිහුගේ පැරණි ගිහි යහළුවකු වූ අචේලකස්සප තෙමේ මච්ඡිකාසණ්ඩයට පැමිණියේ වෙයි. චිත්ත ගැහැවි අපගේ පැරණි ගිහි යහළුවකු වූ අචේලකස්සප මච්ඡිකාසණ්ඩයට පැමිණියේ ලැ යි ඇසී ය. ඉක්බිති චිත්තගැහැවි අචේලකස්සපයන් වෙත එළඹියේ ය. එළඹ අචේලකස්සපයන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්තගැහැවි අචේලකස්සපයනට “හිමියනි කස්සපයෙනි, පැවිදි ව කොතෙක් කල් ඇත්තහු දැ?” යි මෙය කී ය. “ගැහැවිය, පැවිදි වූ මට වස් තිසෙක් පමණ වේ” යි. “හිමියනි, මේ තිසක් පමණ වසින් ඔබ විසින් ලබන ලද මිනිස් දහමින් වැඩි අරිබව කිරීමෙහි සමත් නැණදසුන් වෙසෙසක් වූ කිසියම් පහසුවිහරණයෙක් ඇද්දැ?” යි. “ගැහැවි, මේ තිසක් පමණ වසින් මවිසින් මිනිස් දහමින් මතු ලබන ලද සෙලුබවත්, මුඩු බවත්, වැලි පිසීමට ගන්නා මොනරපිල් කලඹත් හැර අරීබව කිරීමෙහි සමත් නැණදසුන් වෙසෙසක් වූ කිසියම් පහසුවිහරණයෙක් නැතැ”යි.
Pali BJTඑවං වුත්තෙ චිත්තො ගහපති අචෙලං කස්සපං එතදවොච: අච්ඡරියං වත භො අබ්භුතං වත භො ධම්මස්ස ස්වාක්ඛාතතා යත්ර හි නාම තිංසමත්තෙහි වස්සෙහි න කොචි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො{5} භවිස්සති{6} ඵාසුවිහාරො අඤ්ඤත්ර නග්ගෙය්යා ච මුණ්ඩෙය්යා ච පාවළනිප්ඵොටනාය චාති.
Sinhala BJTමෙසේ කී කල්හි චිත්තගැහැවි අචේලකස්සපයනට මෙය කී ය: “යම් හෙයකින් තිසක් පමණ වසෙකින් සෙලුබවත්, මුඩුබවත්, වැලි පිසීමට ගන්නා මොනරපිල් කලඹත් හැර මිනිස් දහමින් මත්තෙහි වූ පහසුවිහරණ වූ අරීබව කිරීමෙහි සමත් කිසියම් නැණදසුන් වෙසෙසක් නො ලද්දේ වී නම්, පින්වත, දහම්හි ස්වාඛ්‍යාතබව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයෙකි”යි.
Pali BJTතුය්හං පන ගහපති කීව චිරං උපාසකත්තං උපගතස්සාති? මය්හම්පි ඛො භන්තෙ තිංස මත්තානි වස්සානි උපාසකත්තං උපගතස්සාති. ඉමෙහි ඛො පන තෙ ගහපති, තිංසමත්තෙහි වස්සෙහි අත්ථි කොචි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති? කිං හි නො සියා භන්තෙ. අහං හි භන්තෙ යාවදෙව ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. අහං හි භන්තෙ යාවදෙව ආකඞ්ඛාමි. විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. අහං හි භන්තෙ, යාවදෙව ආකඞ්ඛාමි පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. අහං හි භන්තෙ යාවදෙව ආකඞ්ඛාමි සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි. සචෙ ඛො පනාහං භන්තෙ භගවතො{1} පඨමතරං කාලං කරෙය්යං අනච්ඡරියං ඛො පනෙතං යං මං භගවා එවං ව්යාකරෙය්ය: නත්ථිතං සංයොජනං යෙන සංයොජනෙන සඤ්ඤුත්තො චිත්තො ගහපති පුන ඉමං ලොකං ආගච්ඡෙය්යාති.
Sinhala BJT“ගැහැවි, උවසු බවට පැමිණි තොපට කෙතෙක් කල් දැ?”යි. හිමියනි, උවසු බවට පැමිණි මට ද තිසෙක් පමණ වසැ යි.” “ගැහැවි, මේ තිසෙක් පමණ වසින් මිනිස්දහමින් වැඩි පහසුවිහරණ වූ අරී බව කිරීමෙහි සමත් කිසියම් නැණදසුන් වෙසෙසක් ලබන ලද දැ?” යි. “හිමියනි, කිම නො වන්නේ ද? හිමියනි, මම යම්තාක් කැමති වෙම් නම්, ඒ තාක් කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමු වන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමති වෙම් නම් ඒ තාක් විතර්‍ක විචාර සන්හිඳීමෙන් .... දෙවන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමති වෙම් නම් ඒ තාක් ප්‍රීතියත් වැළැක් වීමෙන් .... තෙවන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, මම යම් තාක් කැමති වෙම් නම් ඒ තාක් සුවත් පැහීමෙන් .... සිවුවන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට පළමුකොට කලුරිය කරන්නෙම් නම් ‘යම් සංයෝජනයකින් යෙදුනු චිත්ත ගැහැවි තෙමේ යලි මෙලොවට එන්නේ ද එබඳු සංයෝජනයෙක් නැතැ’ යි භාග්‍යවතුන් වහන්සේ මා ගැන යමක් මෙසේ වදාරන්නාහු නම් මේ පුදුමයෙක් නො වේ මැ” යි.
Pali BJTඑවං වුත්තෙ අචෙලො කස්සපො චිත්තං ගහපතිං එතදවොච: අච්ඡරියං වත භො අබ්භුතං වත භො ධම්මස්ස ස්වාක්ඛාතතා, යත්ර හි නාම ගිහී ඔදාතවසනා{2} එවරූපං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං අධිගමිස්සන්ති{3} ඵාසුවිහාරං. ලභෙය්යාහං ගහපති ඉමස්මිං ධම්මවිනයෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJTමෙසේ කී කල්හි අචේලකස්සප තෙමේ චිත්ත ගැහැවිහට මෙය කී ය: “යම් හෙයකින් සුදුවත් හැඳගත් ගිහියෝ මිනිස්දහමින් වැඩි පහසු විහරණ වූ අරීබව කිරීමෙහි සමත් මෙබඳු නැණදසුන් වෙසෙසක් ලැබුවාහු නම් පින්වත, දහම්හි ස්වාඛ්‍යාත බව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයෙකි. ගැහැවි, මම මෙසස්නෙහි පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි” යි.
Pali BJTඅථ ඛො චිත්තො ගහපති අචෙලං කස්සපං ආදාය යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ එතදවොච: අයං භන්තෙ අචෙලො කස්සපො අම්හාකං පුරාණගිහිසහායො. ඉමං ථෙරා පබ්බාජෙන්තු උපසම්පාදෙන්තු. අහමස්ස උස්සුක්කං කරිස්සාමි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති.
Sinhala BJTඉක්බිති චිත්ත ගැහැවි තෙමේ අචේලකස්සපන් රැගෙන ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන්ට මෙය කී ය: වහන්ස, මේ අචේලකස්සප තෙමේ අපගේ පැරණි ගිහි යහළුවෙකි. තෙරහු මොහු පැවිදි කෙරෙත්වා. උපසපන් කෙරෙත්වා. මම මොහුට සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිබඳ ව උත්සාහ කරන්නෙමි යි.
Pali BJTඅලත්ථ ඛො අචෙලො කස්සපො ඉමස්මිං ධම්මවිනයෙ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ච පනායස්මා කස්සපො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා කස්සපො අරහතං අහොසීති.
Sinhala BJTඅචේලකස්සප තෙමේ මෙසසුනෙහි පැවිද්ද ලදි. උපසපුව ලදී. උපසපන් වූ නො බෝකල් ඇති ආයුෂ්මත් කස්සප තෙමේ එකලාව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නේ නො බෝකලකින් ම කුලපුත්තු යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් නම් අනුතුරු වූ බඹසර කෙළවර වූ ඒ රහත් බව දිටුදැමියෙහි ම තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසී ය. ඉපැද්ම ගෙවුණි. බඹසර වැස නිමවන ලදී. රහත්බව පිණිස කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගත්තේ ය. ආයුෂ්මත් කස්සප තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූ හ යි.
Pali BJT7. 1. 10.
Sinhala BJT7. 1. 10.
Pali BJTගිලානසුත්තං
Sinhala BJTගිලාන සූත්‍රය
Pali BJT414. තෙන ඛො පන සමයෙන චිත්තො ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො සම්බහුලා ආරාමදෙවතා වනදෙවතා රුක්ඛදෙවතා ඔසධි තිණ වනස්පතීසු{1} අධිවත්ථා දෙවතා සඞ්ගම්ම සමාගම්ම චිත්තං ගහපතිං එතදවොචුං: පණිධෙහි ගහපති අනාගතමද්ධානං රාජා අස්සං චක්කවත්තීති. එවං වුත්තෙ චිත්තො ගහපති තා ආරාමදෙවතා වනදෙවතා රුක්ඛදෙවතා ඔසධී තිණ වනස්පතීසු අධිවත්ථා දෙවතා එතදවොච: ‘තම්පි අනිච්චං, තම්පි අද්ධුවං තම්පි පහාය ගමනීයන්ති’. එවං වුත්තෙ චිත්තස්ස ගහපතිනො මිත්තාමච්චා ඤාතිසාලොහිතා චිත්තං ගහපතිං එතදවොචුං: ‘සතිං අය්යපුත්ත උපට්ඨපෙහි මා විප්පලපී’ති{2}.
Sinhala BJT414. එසමයෙහි චිත්ත ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. එකල්හි බොහෝ වූ අරම්වැසි දෙවියෝ ද වනවැසි දෙවියෝ ද රුක්දෙවියෝ ද ඔසධිතෘණ වනදෙටුරුක්හි අරක්ගත් දෙවියෝ ද එක්ව රැස්ව චිත්ත ගැහැවිහට “ගැහැවි, ‘මතු සක්විතිරජ වෙම් ව’ යි සිත පිහිටුව යි” කීහ. එසේ කී කල්හි චිත්ත ගැහැවි තෙමේ ඒ අරම්වැසි දෙවියන්ට වනවැසි දෙවියන්ට රුක්දෙවියන්ට ඕසධිතෘණවනදෙටුරුක්හි අරක්ගත් දෙවියන්ට “එ ද අනිස ය. එ ද නො තිර ය. එ ද හැර දමා යා යුතු ය”යි මෙය කීය. එසේ කී කල්හි චිත්ත ගැහැවිහුගේ මිතුඇමති නෑ සහලේ නෑයෝ චිත්ත ගැහැවිහට “හිමියනි, සිහි එළවා ගනු මැනවි, නහමක් නන්දොඩනු මැනවැ”යි කීහ.
Pali BJTකින්තාහං{3} වදාමි යං මං තුම්හෙ එවං වදෙථ: ‘සතිං අය්යපුත්ත උපට්ඨපෙහි මා විප්පලපී’ති. එවං ඛො ත්වං අය්යපුත්ත වදෙසි: “තම්පි අනිච්චං තම්පි අද්ධුවං තම්පි පහාය ගමනීය’න්ති. තථා හි පන මං ආරාමදෙවතා වනදෙවතා රුක්ඛදෙවතා ඔසධි තිණ වනස්පතීසු අධිවත්ථා දෙවතා එවමාහංසු: ‘පණිධෙහි ගහපති අනාගතමද්ධානං රාජා අස්සං චක්කවත්තී’ති. තාසාහං එවං වදාමි: තම්පි අනිච්චං තම්පි අද්ධුවං තම්පි පහාය ගමනීයන්ති. කින්තෙ{4} අය්යපුත්ත ආරාමදෙවතා වනදෙවතා රුක්ඛදෙවතා ඔසධී තිණ වනස්පතීසු අධිවත්ථා දෙවතා අත්ථවසං සම්පස්සමානා එවමාහංසු: පණිධෙහි ගහපති අනාගතමද්ධානං රාජා අස්සං චක්කවත්තීති.
Sinhala BJTමා කුමක් කී හෙයින් තෙපි මට “හිමියනි, සිහි එළවා ගනු මැනවි, නහමක් නන්දොඩනු මැනවැ”යි මෙසේ කියවු ද? “හිමියනි, තෙපි ‘එ ද අනිස ය. එ ද නො තිර ය. එ ද හැර දමා යා යුතු ය’යි මෙසේ කියවු. ඒ එසේ මැ යි. අරම්වැසි දෙවියෝත් වනවැසි දෙවියෝත් රුක්දෙවියෝත් ඕසධිතෘණවනදෙටුරුක්හි අරක්ගත් දෙවියෝත් මට “ගැහැවි, ‘මතු සක්විතිරජ වෙම් ව’ යි සිත පිහිටුව යි” මෙසේ කීහ. ඔවුන්ට මම “එ ද අනිස ය. එ ද නො තිර ය. එ ද හැර දමා යා යුතු ය”යි මෙසේ කියමි යි. හිමියනි, ඒ අරම්වැසි දෙවියෝ වනවැසි දෙවියෝ රුක්දෙවියෝ ඔසධිතෘණ වනදෙටුරුක්හි අරක්ගත් දෙවියෝ කුමන ප්‍රයෝජනයක් දක්නාහු ‘ගැහැවි, මතු සක්විතිරජ වෙම් ව යි සිත පිහිටුව’ යි මෙසේ කීහු දැ? යි.
Pali BJTතාසං ඛො ආරාමදෙවතානං වනදෙවතානං රුක්ඛදෙවතානං ඔසධී තිණ වනස්පතීසු අධිවත්ථානං දෙවතානං එවං හොති: අයං ඛො චිත්තො ගහපති සීලවා කල්යාණධම්මො. සචෙ පණිදහිස්සති අනාගතමද්ධානං රාජා අස්සං චක්කවත්තීති,{5} ඉජ්ඣිස්සති සීලවතො චෙතොපණිධි, විසුද්ධත්තා සීලස්ස, ධම්මිකො ධම්මරාජා ධම්මිකං බලිං{6} අනුප්පදස්සතීති{7}. ඉමං{8} ඛො ආරාමදෙවතා වනදෙවතා රුක්ඛදෙවතා ඔසධිතිණවනස්පතීසු අධිවත්ථා දෙවතා අත්ථවසං සම්පස්සමානා එවමාහංසු: ‘පණිධෙහි ගහපති අනාගතමද්ධානං රාජා අස්සං චක්කවත්තී’ති. තාසාහං එවං වදාමි: ‘තම්පි අනිච්චං තම්පි අද්ධුවං තම්පි පහාය ගමනීය’න්ති.
Sinhala BJTඒ අරම්වැසි දෙවියන්ට වනවැසි දෙවියන්ට රුක්දෙවියන්ට ඕසධිතෘණවනදෙටුරුක්හි අරක්ගත් දෙවියන්ට මෙබඳු සිතෙක් වෙයි. මේ චිත්ත ගැහැවි තෙමේ සිල්වත් ය. කලණ දහම් ඇත්තේ ය. ඉඳින් මතු සක්විති රජ වෙම්ව යි පතන්නේ නම් සිල්වත්හු ගේ පැතීම සමෘද්ධ වන්නේ ය. ශීලය පිරිසිදු බැවිනි. දැහැමි දහම්රජ තෙමේ දැහැමි බිලි දෙන්නේ යයි මේ ප්‍රයෝජනය දක්නා අරම්වැසි දෙවියෝ වනවැසි දෙවියෝ රුක්දෙවියෝ ඔසධිතෘණ වනදෙටුරුක්හි අරක්ගත් දෙවියෝ ‘ගැහැවි, මතු සක්විති රජ වෙම් ව යි සිත පිහිටුව යි’ මෙසේ කීහ. ඔවුන්ට මම ‘එ ද අනිස ය. එ ද නො තිර ය. එ ද හැරදමා යා යුතු ය’යි මෙසේ කියමි යි.
Pali BJTතෙන හි අය්යපුත්ත අම්හෙපි ඔවදෙහීති.{1} තස්මාතිහ වො එවං සික්ඛිතබ්බං: බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා භවිස්සාම, ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා භවිස්සාම: ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා භවිස්සාම: සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති. යං ඛො පන කිඤ්චි කුලෙ දෙය්යධම්මං සබ්බන්තං අප්පටිවිභත්තං භවිස්සති සීලවන්තෙහි කල්යාණධම්මෙහීති. එවං හි වො සික්ඛිතබ්බන්ති.
Sinhala BJTහිමියනි, එසේ නම් අපටත් ඔවදන් දෙනු මැනවැ යි. එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු යි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු රහත්හ, සම්මාසම්බුද්ධහ, විජ්ජාචරණ සම්පන්නහ, සුගතහ, ලෝකවිදූහ, අනුත්තරපුරිසදම්මසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෘහ, බුද්ධහ, භගවත්හ යි, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛාත ය, සන්‍දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තවුන් විසින් තමතමා කෙරෙහි ලා දත යුතු යයි මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමු. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුපටිපන්න ය, භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ උජුපටිපන්න ය, භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඤායපටිපන්න ය, භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිපටිපන්න ය, යම් මේ පුරිසයුග සතරෙක් වේ ද, එහි පුරිස පුග්ගලයෝ අටදෙනෙකි, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය, පාහුනෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජලිකරණීය ය, ලෝවැස්සාට උතුම් පින්කෙතැ යි, මෙසේ සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමු. ගෙහි යම් කිසි දියයුතු දැයක් වේ නම් ඒ සියල්ල කලණ දහම් ඇති සිල්වතුන් හා නො බෙදන ලද්දේ (සාධාරණ) වන්නේ යයි තොප විසින් මෙසේ හික්මිය යුතු යි.
Pali BJTඅථ ඛො චිත්තො ගහපති මිත්තාමච්චෙ ඤාතිසාලොහිතෙ බුද්ධෙ ච ධම්මෙ ච සඞ්ඝෙ ච පසාදෙ චාගෙ ච{2} සමාදපෙත්වා කාලමකාසීති.
Sinhala BJTඉක්බිති චිත්ත ගැහැවි තෙමේ මිතු ඇමැති නෑ සහලේනෑයන් බුදුන් කෙරෙහිත් දහම්හිත් සඞ්ඝයා කෙරෙහිත් පැහැදීමෙහි ද ත්‍යාග ගුණයෙහි ද සමාදන් කරවා කලුරිය කළේ යි.
Pali BJTචිත්තවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි චිත්තවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය :
Pali BJTසංයොජනං ද්වෙ ඉසිදත්තා මහකො කාමභූපි ච ගොදත්තො ච නිගණ්ඨො ච, අචෙලෙන ගිලානන්ති.
Sinhala BJTසංයෝජන සූත්‍රය, ඉසිදත්ත සූත්‍ර දෙක ය, මහක සූත්‍රය, කාමභූ සූත්‍ර දෙක ය, ගෝදත්ත, නිගණ්ඨ, අචේල, ගිලාන සූත්‍ර සතර යයි සූත්‍ර දශයෙකි.
Pali BJTවිත්තසංයුත්තං සමත්තං
Sinhala BJTචිත්ත සංයුත්තය නිමියේ යි.
Pali BJT8. ගාමණීසංයුත්තං
Sinhala BJT8. ගාමණී සංයුත්තය
Pali BJT1. ගාමණීවග්ගො
Sinhala BJT1. ගාමණී වර්‍ගය
Pali BJT8. 1. 1.
Sinhala BJT8. 1. 1.
Pali BJTචණ්ඩගාමණීසුත්තං
Sinhala BJTචණ්ඩගාමණී සූත්‍රය
Pali BJT415. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො චණ්ඩො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චණ්ඩො ගාමණි භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙන මිධෙකච්චො චණ්ඩො{1}තෙව සඞ්ඛං ගච්ඡති. කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙන මිධෙකච්චො සොරතො{2} තෙව සඞ්ඛං ගච්ඡතීති.
Sinhala BJT415. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි චණ්ඩගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේය. එකත්පස් ව හුන් චණ්ඩගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: “වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් සැඬ යයි ම ගණනට යේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍ය ද? වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් මොළොක් යයි ම ගණනට යේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍ය දැ?” යි.
Pali BJTඉධ ගාමණි එකච්චස්ස රාගො අප්පහීනො හොති. රාගස්ස අප්පහීනත්තා පරෙ කොපෙන්ති, පරෙහි කොපියමානො කොපං පාතුකරොති. සො චණ්ඩොතෙව සඞ්ඛං ගච්ඡති. දොසො අප්පහීනො හොති. දොසස්ස අප්පහීනත්තා පරෙ කොපෙන්ති, පරෙහි කොපියමානො කොපං පාතුකරොති. සො චණ්ඩොතෙව සඞ්ඛං ගච්ඡති. මොහො අප්පහීනො හොති. මොහස්ස අප්පහීනත්තා පරෙ කොපෙන්ති, පරෙහි කොපියමානො කොපං පාතුකරොති. සො චණ්ඩොතෙව සඞ්ඛං ගච්ඡති. අයං ඛො ගාමණි හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චො චණ්ඩොතෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJT“ගාමිණී, මෙහි එකකුගේ රාගය අප්‍රහීණ වූයේ වෙයි. රාගය අප්‍රහීණ බැවින් අන්හු කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය පහළ කෙරෙයි. හෙතෙමේ සැඬ යයි ම ගණනට යේ. දෝසය අප්‍රහීණ වූයේ වෙයි. දෝසය අප්‍රහීණ බැවින් අන්හු කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය පහළ කෙරෙයි. හෙතෙමේ සැඬ යයි ම ගණනට යේ. මෝහය අප්‍රහීණ වූයේ වෙයි. මෝහය අප්‍රහීණ බැවින් අන්හු කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය පහළ කෙරෙයි. හෙතෙමේ සැඬයි ම ගණනට යේ. ගාමිණී, යම් හෙයකින් මෙහි එකෙක් සැඬ යයි ම ගණනට යේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍ය යයි.
Pali BJTඉධ පන ගාමණි එකච්චස්ස රාගො පහීනො හොති. රාගස්ස පහීනත්තා පරෙ න කොපෙන්ති, පරෙහි කොපියමානො කොපං න පාතුකරොති. සො සොරතොතෙව සඞ්ඛං ගච්ඡති. දොසො පහීනො හොති. දොසස්ස පහීනත්තා පරෙ න කොපෙන්ති, පරෙහි කොපියමානො කොපං න පාතුකරොති. සො සොරතොතෙව සඞ්ඛං ගච්ඡති. මොහො පහීනො හොති. මොහස්ස පහීනත්තා පරෙ න කොපෙන්ති, පරෙහි කොපියමානො කොපං න පාතුකරොති. සො සොරතොතෙව සඞ්ඛං ගච්ඡති. අයං ඛො ගාමණි හෙතු අයං පච්චයො යෙනමිධෙකච්චො සොරතොතෙව සඞ්ඛං ගච්ඡතීති.
Sinhala BJTගාමිණී, මෙහි එකකුගේ රාගය ප්‍රහීණ වූයේ වෙයි. රාගය ප්‍රහීණ බැවින් අන්හු නො කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය නො පහළ කෙරෙයි. හෙතෙමේ මොළොක් යයි ම ගණනට යේ. දෝසය ප්‍රහීණ වෙයි. දෝසය ප්‍රහීණ බැවින් අන්හු නො කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය නො පහළ කෙරෙයි. හෙතෙමේ මොළොක් යයි ම ගණනට යේ. මෝහය ප්‍රහීණ වෙයි. මෝහය ප්‍රහීණ බැවින් අන්හු නො කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේත් කෝපය නො පහළ කෙරෙයි. හෙතෙමේ මොළොක් යයි ම ගණනට යේ. ගාමිණී, යම් හෙයකින් මෙහි එකෙක් මොළොක් යයි ම ගණනට යේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍ය යයි.”
Pali BJTඑවං වුත්තෙ චණ්ඩො ගාමණි භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙල පජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි චණ්ඩගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: “වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. වහන්ස යම් සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වැසුණු දෙයක් හෝ වැසුම් හරින්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියා දෙන්නේ ද, ඇස් ඇත්තෝ රූ දකින්නාහ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් නයින් දහම් පවසන ලදී. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික් සඟනත් සරණ යෙමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්වා” යි.
Pali BJT8. 1. 2.
Sinhala BJT8. 1. 2.
Pali BJTතාලපුටසුත්තං
Sinhala BJTතාලපුට සූත්‍රය
Pali BJT416. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො තාලපුටො{1} නටගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො තාලපුටො නටගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ පුබ්බකානං ආචරියපාචරියානං නටානං භාසමානානං යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරම්මරණා පහාසානං දෙවානං සහව්යතං උපපජ්ජතීති. ඉධ භගවා කිමාහාති.
Sinhala BJT416. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි තාලපුට නම් නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්ස්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා සතුටු කරවා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදී. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
Pali BJTඅලං ගාමණි තිට්ඨතෙතං. මා මං එතං පුච්ඡී{2}ති. දුතියම්පි ඛො තාලපුටො නටගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං නටානං භාසමානානං යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරම්මරණා පහාසානං දෙවානං සහව්යතං උපපජ්ජතීති. ඉධ භගවා කිමාහාති. අලං ගාමණි තිට්ඨතෙතං. මා මං එතං පුච්ඡීති. තතියම්පි ඛො තාලපුටො නටගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ, පුබ්බකානං ආචරියපාචරියානං නටානං භාසමානානං යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරම්මරණා පහාසානං දෙවානං සහව්යතං උපපජ්ජතීති. ඉධ භගවා කිමාහාති.
Sinhala BJT“ගාමිණී, කම් නැත. මෙය තිබේ වා. මෙය නහමක් මා පුළුවුස්ව” යි. දෙවන වටදු තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා සතුටු කරවා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි. “ගාමිණී, කම් නැත මෙය තිබේ වා. මෙය නහමක් මා පුළුවුස්ව” යි. තෙවන වට දු තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
Pali BJTඅද්ධා ඛො ත්යාහං ගාමණි න ලභාමි{1} “අලං ගාමණි තිට්ඨතෙතං මා මං එතං පුච්ඡී”ති. අපිච ත්යාහං ව්යාකරිස්සාමි. පුබ්බෙ ඛො ගාමණි, සත්තා අවීතරාගා රාගබන්ධනබද්ධා,{2} තෙසං නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ යෙ ධම්මා රජනීයා තෙ උපසංහරති භිය්යො සරාගාය{3}. පුබ්බෙ ඛො ගාමණි සත්තා අවීතදොසා දොසබන්ධනබද්ධා. තෙසං නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ යෙ ධම්මා දොසනීයා තෙ උපසංහරති භිය්යො සදොසාය{3}. පුබ්බෙ ඛො ගාමණි, සත්තා අවීතමොහා මොහබන්ධනබද්ධා. තෙසං නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ යෙ ධම්මා මොහනීයා තෙ උපසංහරති භිය්යො සමොහාය{3}. සො අත්තනා මත්තො පමත්තො පරෙ මදෙත්වා පමාදෙත්වා කායස්ස භෙදා පරම්මරණා පහාසො නාම නිරයො තත්ථුප්පජ්ජති{4}.
Sinhala BJTගාමණී මම “ගාමණී, කම් නැත, මෙය තිබේවා. මෙය නහමක් මා පුළුවුස් ව” යි තොපගෙන් ඒකාන්තයෙන් නො ලබමි. යලිදු තොපට මම විසඳන්නෙමි. ගාමිණී, පෙර සත්ත්‍වයෝ නො පහ වූ රාග ඇතියහ. රාග බැඳුමෙන් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු ඇලුම් කටයුත්තාහු නම්, ඔවුන් බෙහෙවින් රාග සහිත වීම පිණිස එළවා දක්ව යි. ගාමිණී, පෙර සත්ත්‍වයෝ නො පහ වූ දෝස ඇතියහ. දෝස බැඳුමින් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු දෝසයට කරුණු වෙති නම් ඔවුන් බෙහෙවින් දෝස සහිත වීම පිණිස එළවා දක්වයි. ගාමිණී, පෙර සත්ත්‍වයෝ නො පහ වූ මෝහ ඇතියහ. මෝහ බැඳුමෙන් බැඳුණහ. ඔවුන්ට නළු තෙමේ රඟ මැද නැටුම් මැද යම් දහම්හු මෝහයට කරුණු වෙත් නම් ඔවුන් බෙහෙවින් මෝහ සහිත වීම පිණිස එළවා දක්වයි.
Pali BJTසචෙ ඛො පනස්ස එවං දිට්ඨි හොති “යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරම්මරණා පහාසානං දෙවානං සහව්යතං උපපජ්ජතී”ති, සාස්ස හොති මිච්ඡාදිට්ඨි. මිච්ඡා දිට්ඨිකස්ස ඛො පනාහං ගාමණි පුරිසපුග්ගලස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි නිරයං වා තිරච්ඡානයොනිං වාති.
Sinhala BJTහේ තෙමේ මත් වූයේ පමා වූයේ මෙරමා මත් කරවා පමා කරවා කාබුන් මරණින් මතු පහාස නම් නිරයෙක් වේ නම් එහි උප දී. ඉදින් ඔහුට “යම් ඒ නළුවෙක් රඟ මැද නැටුම් මැද සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද ඇලුම් කරවා ද හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස නම් දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය” යි මෙබඳු දිටෙක් වේ නම් ඒ ඔහුගේ මිසදිටු වේ. ගාමිණී, මිසදිටු ගත් පුරිස පුඟුල්හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා ගතියක් කියමි යි.
Pali BJTඑවං වුත්තෙ තාලපුටො නටගාමණි පරොදි, අස්සූනි පවත්තෙසි. “එතං ඛො ත්යාහං ගාමණි නාලත්ථං, අලං ගාමණි තිට්ඨතෙතං මා මං එතං පුච්ඡී”ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි තාලපුට නටගාමිණී තෙමේ හැඬී ය. කඳුලු හෙළී ය. ගාමිණී මම “ගාමිණී, කම් නැත මෙය තිබේවා, මෙය නහමක් මා පුළුවුස්ව” යි මෙය තොපගෙන් නො ලදිමි.
Pali BJTනාහං භන්තෙ එතං රොදාමි, යං මං භගවා එවමාහ, අපිචාහං භන්තෙ පුබ්බකෙහි ආචරියපාචරියෙහි නටෙහි දීඝරත්තං නිකතො වඤ්චිතො පරද්ධො{5}; “යො සො නටො රඞ්ගමජ්ඣෙ සමජ්ජමජ්ඣෙ සච්චාලිකෙන ජනං හාසෙති රමෙති, සො කායස්ස භෙදා පරම්මරණා පහාසානං දෙවානං සහව්යතං උප්පජ්ජතී”ති.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යමක් වදාළ සේක් නම් මේ ගැන මම නො හඬමි. වහන්ස, වැලිදු ‘යම් ඒ නළුවෙක් රඟ මැද නැටුම් මැද සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද ඇලුම් කරවා ද හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි පෙර විසූ ඇජර පැජර නළුවන් විසින් මම දිගුකලක් මුළුල්ලෙහි මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි.
Pali BJTඅභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භන්තෙ භගවතො සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති. අලත්ථ ඛො තාලපුටො නටගාමණි භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථුපසම්පදං. අචිරූපසම්පන්නො ච පනායස්මා තාලපුටො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො -පෙ- අඤ්ඤතරො ච පනායස්මා තාලපුටො අරහතං අහොසීති.
Sinhala BJTවහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. වහන්ස යම් සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වැසුණු දෙයක් හෝ වැසුම් හරින්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියා දෙන්නේ ද, ඇස් ඇත්තෝ රූ දකින්නාහ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් නයින් දහම් පවසන ලදි. වහන්ස, මේ මම භාග්‍යවතුන් වහන්සේත්, දහමත්, බික් සඟනත් සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ලඟ පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි යි. තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ ලඟ පැවිද්ද ලදි. උපසපුව ලදි. උපසපන් වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් තාලපුට තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු ... ආයුෂ්මත් තාලපුට තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ යි.
Pali BJT8. 1. 3.
Sinhala BJT8. 1. 3.
Pali BJTයොධාජීවසුත්තං
Sinhala BJTයෝධාජීව සූත්‍රය
Pali BJT417. අථ ඛො යොධාජීවො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො යොධාජීවො ගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ පුබ්බකානං ආචරියපාචරියානං යොධාජීවානං භාසමානානං යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතානං{1} දෙවානං සහව්යතං උපපජ්ජතීති. ඉධ භගවා කිමාහාති.
Sinhala BJT417. එකල්හි යෝධාජීව ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස්ව හුන් යෝධාජීව ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම් ඒ යෝධාජීවයෙක් (යුද්ධයෙන් ජීවත් වන්නෙක්) යුද්ධයෙහි උත්සාහ කෙරේ ද වෑයම් කෙරේ ද උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් කියද්දී මවිසින් අසන ලදි. මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
Pali BJTඅලං ගාමණි, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡීති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො යොධාජීවො ගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ පුබ්බකානං ආචරියපාචරියානං යොධාජීවානං භාසමානානං “යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතානං දෙවානං සහව්යතං උපපජ්ජතීති. ඉධ භගවා කිමාහාති.
Sinhala BJT“ගාමිණී කම්නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව” යි. දෙවනවට දු ... තෙවන වටදු ... යෝධාජීව ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් කියද්දී මවිසින් අසන ලදි. මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
Pali BJTඅද්ධා ඛො ත්යාහං ගාමණි න ලභාමි: අලං ගාමණි, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡීති. අපි ච ත්යාහං ව්යාකරිස්සාමි. යො සො ගාමණි යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තස්ස තං චිත්තං පුබ්බෙ හීනං{2} දුක්කටං දුප්පණිහිතං: “ඉමෙ සත්තා හඤ්ඤන්තු වා බජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහෙසුං ඉති වාති. තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතො නාම නිරයො තත්ථුප්පජ්ජති. සචෙ ඛො පනස්ස එවං දිට්ඨි හොති: “යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතානං දෙවානං සහව්යතං උපපජ්ජතී”ති, සාස්ස හොති මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිකස්ස ඛො පනාහං ගාමණි පුරිසපුග්ගලස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි නිරයං වා තිරච්ඡානයොනිං වාති.
Sinhala BJT“ගාමිණී මම ‘ගාමිණී, කම්නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි. ඒකාන්තයෙන් මෙය තොපගෙන් නො ලබමි. එහෙත් මම තොපට විසඳන්නෙමි. ගාමිණී, යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි ‘මේ සත්ත්‍වයෝ නැසෙත්වා හෝ බැඳෙත්වා හෝ සිඳෙත්වා හෝ වැනසෙත්වා හෝ නොවෙත්වා’ හෝ යි උත්සාහ කෙරේ ද වෑයම් කෙරේ ද, ඔහුගේ ඒ සිත පළමු ම ලාමකය. නපුරු කොට කරන ලද්දේ ය. වරදවා පිහිටුවන ලද්දේ ය. (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත නම් නිරයෙක් වේ නම් එහි උපදී. ඉදින් ඔහුට ‘යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙබඳු දිටෙක් වේ නම් ඒ ඔහුගේ මිස දිටු වෙයි. ගාමිණී, මිසදිටු ගත් පුරිස පුඟුල් හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා එකක් කියමි.”
Pali BJTඑවං වුත්තෙ යොධාජීවො ගාමණි පරොදි, අස්සූනි පවත්තෙසි. “එතං ඛො ත්යාහං ගාමණි නාලත්ථං, අලං ගාමණි, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡී”ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි යෝධාජීව ගාමිණී තෙමේ හැඬීය. කඳුල් හෙලීය. ගාමිණී මම “ගාමිණී, කම් නැත. මෙය තිබ්වා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි මෙය තොපගෙන් නො ලදිමි” යි.
Pali BJTනාහං භන්තෙ එතං රොදාමි යං මං භගවා එවමාහ, අපිචාහං භන්තෙ පුබ්බකෙහි ආචරියපාචරියෙහි යොධාජීවෙහි දීඝරත්තං නිකතො වඤ්චිතො පරද්ධො, “යො සො යොධාජීවො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතානං දෙවානං සහව්යතං උපපජ්ජතී”ති.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යමක් වදාළ සේක් නම් මේ ගැන මම නො හඬමි. වහන්ස, වැලිදු ‘යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් විසින් දිගු කලක් මුළුල්ලෙහි මම මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි.
Pali BJTඅභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTවහන්ස ඉතා මැනවි, වහන්ස ඉතා මැනවි. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවෙකු කොට මා දරන සේක්වා යි.)”
Pali BJT8. 1. 4.
Sinhala BJT8. 1. 4.
Pali BJTහත්ථාරොහසුත්තං
Sinhala BJTහත්‍ථාරෝහ සූත්‍රය
Pali BJT418. අථ ඛො හත්ථාරොහො{1} ගාමණී යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJT418. එකල්හි හත්‍ථාරෝහගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවෙකු කොට මා දරන සේක්වා යි.)
Pali BJT8. 1. 5.
Sinhala BJT8. 1. 5.
Pali BJTඅස්සාරොහසුත්තං
Sinhala BJTඅස්සාරෝහ සූත්‍රය
Pali BJT419. අථ ඛො අස්සාරොහො{2} ගාමණී යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අස්සාරොහො ගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ පුබ්බකානං ආචරියපාචරියානං අස්සාරොහානං භාසමානානං: යො සො අස්සාරොහො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතානං දෙවානං සහව්යතං උපපජ්ජතීති. ඉධ භගවා කිමාහාති. අලං ගාමණි, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡීති.
Sinhala BJT419. එකල්හි අස්සාරෝහගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අස්සාරෝහ ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්, මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර අසරුවන් කියද්දී මවිසින් අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ” යි. ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි.
Pali BJTදුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො අස්සාරොහො ගාමණි භගවන්තං එතදවොච: සුතං මෙතං භන්තෙ පුබ්බකානං ආචරියපාචරියානං අස්සාරොහානං භාසමානානං, යො සො අස්සාරොහො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති, පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතානං දෙවානං සහව්යතං උපපජ්ජතීති. ඉධ භගවා කිමාහාති.
Sinhala BJTදෙවන වට දු ... තෙවන වට දු අස්සාරෝහ ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. “වහන්ස, ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්, මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර අසරුවන් කියද්දී මවිසින් අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ” යි.
Pali BJTඅද්ධා ඛො ත්යාහං ගාමණි න ලභාමි, “අලං ගාමණි, තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡී”ති. අපිච ත්යාහං ව්යාකරිස්සාමි. යො සො ගාමණි, අස්සාරොහො සඞ්ගාමෙ උස්සහති වායමති, තස්ස තං චිත්තං පුබ්බෙව{1} හීනං දුක්කටං දුප්පණිහිතං “ඉමෙ සත්තා හඤ්ඤන්තු වා බජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා අහෙසුං ඉති වාති. තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතො නාම නිරයො තත්ථුප්පජ්ජති. සචෙ ඛො පනස්ස එවං දිට්ඨිහොති, “යො සො අස්සාරොහො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති, පරියාපාදෙන්ති, සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතානං දෙවානං සහව්යතං උපපජ්ජතීති, සාස්ස හොති මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨිකස්ස ඛො පනාහං ගාමණි පුරිසපුග්ගලස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි නිරයං වා තිරච්ඡානයොනිං වාති.
Sinhala BJTගාමිණී, මම ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මෙය නහමක් මා පුළුවුස්ව’යි තොපගෙන් ඒකාන්තයෙන් නො ලබමි. එහෙත් තොපට මම විසඳන්නෙමි. ගාමිණී, යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි ‘මේ සත්ත්‍වයෝ නැසෙත්වා හෝ බැඳෙත්වා හෝ සිඳෙත්වා හෝ වැනසෙත්වා හෝ නො වෙත්වා’ හෝ යි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, ඔහුගේ ඒ සිත පළමු ම ලාමක ය. නපුරු කොට කරන ලද්දේ ය. වරදවා පිහිටුවන ලද්දේ ය. (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත නම් නිරයෙක් වේ නම් එහි උපදී. ඉදින් ඔහුට ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙබඳු දිටෙක් වේ නම් එය ඔහුගේ මිසදිට වේ. ගාමිණී, මිසදිටු ගත් පුරිස් පුඟුල් හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා ගතියක් මම කියමි.”
Pali BJTඑවං වුත්තෙ අස්සාරොහො ගාමණි පරොදි, අස්සූනි පවත්තෙසි. එතං ඛො ත්යාහං ගාමණි නාලත්ථං “අලං ගාමණි තිට්ඨතෙතං, මා මං එතං පුච්ඡී”ති. නාහං භන්තෙ එතං රොදාමි, යං මං භගවා එවමාහ. අපි චාහං භන්තෙ පුබ්බකෙහි ආචරියපාචරියෙහි අස්සාරොහෙහි දීඝරත්තං නිකතො වඤ්චිතො පරද්ධො “යො සො අස්සාරොහො සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති පරියාපාදෙන්ති. සො කායස්ස භෙදා පරම්මරණා සරඤ්ජිතානං දෙවානං සහව්යතං උපපජ්ජතීති. අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අස්සාරෝහ ගාමිණී තෙමේ හැඬීය. කඳුලු හෙලීය. “ගාමිණී, මම ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි මෙය තොපගෙන් නො ලදිමි යි.” “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යමක් වදාළ සේක් නම් ඒ ගැන මම නො හඬමි. වැලි දු වහන්ස, ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි පෙර විසූ ඇජර පැජර අසරුවන් විසින් දිගු කලක් මුළුල්ලෙහි මම මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි. වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවකු කොට මා දරන සේක්වා යි.)”
Pali BJT8. 1. 6.
Sinhala BJT8. 1. 6.
Pali BJTඅසිබද්ධකසුත්තං
Sinhala BJTඅසිබන්‍ධක සූත්‍රය
Pali BJT420. එකං සමයං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ ඛො අසිබන්ධකපුත්තො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අසිබන්ධකපුත්තො ගාමණි භගවන්තං එතදවොච: බ්රාහ්මණා භන්තෙ පච්ඡාභූමකා කාමණ්ඩලුකා සෙවාලමාලිකා උදකොරොහකා අග්ගිපරිචාරකා{2} තෙ මතං කාලකතං උය්යාපෙන්ති නාම සඤ්ඤාපෙන්ති නාම සග්ගං නාම ඔක්කාමෙන්ති.{3} භගවා පන භන්තෙ අරහං සම්මාසම්බුද්ධො පහොති තථා කාතුං යථා සබ්බො ලොකො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාති.
Sinhala BJT420. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දාව සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි අසිබන්‍ධකපුත්ත නම් ගාමණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්‍ධකපුත්ත ගාමණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, පච්ඡාභූමි වැසි කෙණ්ඩි දරන සෙවෙල් මාලා ඇති දියට බස්නා ගිනි පුදන ඒ බමුණෝ මළහු කලුරිය කළහු උඩට යවත්. හඳුන්වත්. දෙව්ලොවට යවත්. වහන්ස, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ යම්සේ සියලු ලෝකයා කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම්, එසේ කරන්නට පොහෝනාහු වෙත් දැ?”යි.
Pali BJTතෙන හි ගාමණි තංයෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං ව්යාකරෙය්යාසි. තං කිම්මඤ්ඤසි ගාමණි ඉධස්ස පුරිසො පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසවාචො{1} සම්ඵප්පලාපී අභිජ්ඣාලු ව්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨිකො. තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: “අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතූ”ති. තං කිම්මඤ්ඤසි ගාමණි, අපි නු සො පුරිසො මහතො ජනකායස්ස ආයාචනහෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකා අනුපරිසක්කනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාති. නො හෙතං භන්තෙ.
Sinhala BJT“ගාමණී, එසේ වී නම් මෙහි ලා තා ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය විසඳන්නහු ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මෙහි පරපණ නසන, නුදුන් දෑ ගන්නා, කාමයෙහි වරදවා හැසිරෙන, මුසවා බෙණෙන, පිසුනුබස් ඇති, රළු වදන් ඇති, හිස්බස් බෙණෙන, දැඩි ලෝබ ඇති, කිපුණු සිත් ඇති, මිසදිටු ගත් පුරුෂයෙක් වන්නේ ය. මහාජන සමූහයා ඒ මොහු වෙත එක් ව රැස් ව “මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේවා” යි යදින්නේ ය. පසසන්නේ ය. බැඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහත් ජනසමූහයාගේ යැදීම හේතු කොට ගෙන හෝ පැසසීම හේතු කොට ගෙන හෝ බඳැදිලි ව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
Pali BJTසෙය්යථාපි ගාමණි, පුරිසො මහතිං පුථුසිලං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපෙය්ය. තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: උම්මුජ්ජ භො පුථුසිලෙ උප්ලව භො පුථුසිලෙ, ථලමුප්ලව භො පුථුසිලෙති. තං කිම්මඤ්ඤසි ගාමණි, අපිනු සා පුථුසිලා මහතො ජනකායස්ස ආයාචනහෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකා අනුපරිසක්කනහෙතු වා උම්මුජ්ජෙය්ය වා උප්ලවෙය්ය වා ථලං වා උප්ලවෙය්යාති. නො හෙතං භන්තෙ.
Sinhala BJT“ගාමණී, යම් සේ පුරුෂයෙක් මහ ගලක් ගැඹුරු දියවිලෙක බහා ලන්නේ ද මහජන සමූහයා ඒ මෙය වෙත එක්ව රැස්ව ‘එම්බා මහගල, මතු වෙව. එම්බා මහගල, පා වෙව. එම්බා මහගල, ගොඩ නැගෙව’ යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහජන සමූහයා ගේ යැදීම හේතු කොට ගෙන හෝ පැසසීම හේතු කොටගෙන හෝ බඳැදිලි ව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ මහගල මතු වන්නේ හෝ පා වන්නේ හෝ ගොඩ නැගෙන්නේ හෝ වේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
Pali BJTඑවමෙව ඛො ගාමණි යො සො පුරිසො පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලු ව්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨිකො. කිඤ්චාපි තං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: “අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතූ”ති. අථ ඛො සො පුරිසො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය.
Sinhala BJT“ගාමණී, එසෙයින් ම යම් ඒ පුරුෂයෙක් පරපණ නසන්නේ, නුදුන් දෑ ගන්නේ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ, මුසවා බෙණෙන්නේ, පිසුනුබස් ඇත්තේ, රළු බස් ඇත්තේ, හිස් බස් බෙණෙන්නේ, දැඩි ලෝබ ඇත්තේ, කිපුණු සිත් ඇත්තේ, මිසදිටු ගත්තේ වේ ද, හුදෙක් මහජන සමූහයා ඔහු වෙත එක් ව රැස් ව “මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේවා” යි යදින්නේ ද, පසසන්නේ ද, බඳැදිලි ව පැදකුණු කරන්නේ ද, එහෙත් ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙන්නේ” ය.
Pali BJTතං කිම්මඤ්ඤසි ගාමණි, ඉධස්ස පුරිසො පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුනාවාචා පටිවිරතො ඵරුසා වාචා පටිවිරතො සම්ඵප්පලාපා පටිවිරතො අනභිජ්ඣාලු අව්යාපන්නචිත්තො සම්මාදිට්ඨිකො. තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: “අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතූ”ති. තං කිම්මඤ්ඤසි ගාමණි, අපිනු සො පුරිසො මහතො ජනකායස්ස ආයාචනහෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකා අනුපරිස්සක්කනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්යාති. නො හෙතං භන්තෙ.
Sinhala BJT“ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මෙහි පණිවායෙන් වෙන් වූ, අයිනාදනින් වෙන් වූ, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණු, මුසවායෙන් වැළකුණු, පිසුණු බසින් වෙන් වූ, රළු වදනින් වෙන් වූ, හිස් බස් බිණීමෙන් වැළකුණු, දැඩි ලෝබ නැති, නො කිපුණු සිත් ඇති, සමිදිටු ගත් පුරුෂයෙක් වන්නේ ය. මහජන සමූහයා ඒ මොහු වෙත එක් ව රැස් ව “මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත වූ නිරයට පැමිණේව” යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහත් ජනසමූහයා ගේ යැදුම හේතු කොට ගෙන හෝ පැසසුම හේතු කොට ගෙන හෝ බදැඳිලි ව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත වූ නිරයට පැමිණෙන්නේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
Pali BJTසෙය්යථාපි ගාමණි පුරිසො සප්පිකුම්භං වා තෙලකුම්භං වා ගම්භීරං උදකරහදං ඔගාහෙත්වා භින්දෙය්ය. තත්ර යාස්ස{1} සක්ඛරා වා කඨලා වා සා අධොගාමී{2} අස්ස, යඤ්ච ඛ්වාස්ස තත්ර සප්පි{3} වා තෙලං වා තං උද්ධගාමි{4} අස්ස. තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: ඔසීද භො සප්පි තෙල, සංසීද භො සප්පි තෙල අධොගච්ඡ භො සප්පි තෙලාති. තං කිම්මඤ්ඤසි ගාමණි, අපිනු තං සප්පි තෙලං මහා ජනකායස්ස ආයාචනහෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකා අනුපරිසක්කනහෙතු වා ඔසීදෙය්ය වා සංසීදෙය්ය වා අධො වා ගච්ඡෙය්යාති. නො හෙතං භන්තෙ.
Sinhala BJT“ගාමණී, යම් සේ පුරුෂයෙක් ගිතෙල් කුඹක් හෝ තලතෙල් කුඹක් හෝ ගැඹුරු දියවිලක ගිල්වා බිඳින්නේ ද එහි යම් කැට හෝ කැබිලිති හෝ වන්නේ නම් එය කිඳෙනසුලු වන්නේ ය. එහි යම් ගිතෙල් හෝ තලතෙල් හෝ වන්නේ නම් එය උඩ ඉල්පෙනසුලු වන්නේ ය. මහජන සමූහයා ඒ මෙය වෙත එක් ව රැස් ව ‘භවත් ගිතෙල, තලතෙල, කිඳෙව. භවත් ගිතෙල, තලතෙල, ගිලෙව. භවත් ගිතෙල, තලතෙල යට යව’ යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහජන සමූහයා ගේ යැදුම හේතු කොට ගෙන හෝ පැසසුම හේතු කොට ගෙන හෝ බඳැදිලිව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ ගිතෙල තලතෙල කිඳෙන්නේ හෝ ගිලෙන්නේ හෝ යට යන්නේ හෝ වේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
Pali BJTඑවමෙව ඛො ගාමණි, යො සො පුරිසො පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුනාවාචා{5} පටිවිරතො ඵරුසා වාචා{6} පටිවිරතො සම්ඵප්පලාපා පටිවිරතො අනභිජ්ඣාලූ අව්යාපන්නචිත්තො සම්මාදිට්ඨිකො, කිඤ්චාපි තං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: “අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතූ”ති, අථඛො සො පුරිසො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාති.
Sinhala BJT“ගාමණී, එසෙයින් ම යම් ඒ පුරුෂයෙක් පණිවායෙන් වෙන් වූයේ, අයිනාදනින් වෙන් වූයේ, කාමයෙහි වරදවා හැසුරුමෙන් වැළකුනේ, මුසවායෙන් වෙන් වූයේ, පිසුනු බසින් වැළකුනේ, රළු වදනින් වැළකුනේ, හිස් බස් බිණීමෙන් වැළකුනේ, දැඩි ලොබ නැත්තේ, නො කිපුණු සිත් ඇත්තේ, සමිදිටු ගත්තේ වේ ද; හුදෙක් බහුජන සමූහයා එක් ව රැස් ව ‘මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත වූ නිරයට පැමිණේවා’යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. එහෙත් ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙන්නේ”යි.
Pali BJTඑවං වුත්තෙ අසිබන්ධකපුත්තො ගාමණි භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අසිබන්‍ධකපුත්ත ගාමණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: “වහන්ස, ඉතා මැනවි. වහන්ස, ඉතා මැනවි. ... අද පටන් දිවිහිම් කොට සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්වා”යි.
Pali BJT8. 1. 7.
Sinhala BJT8. 1. 7.
Pali BJTඛෙත්තූපමසුත්තං
Sinhala BJTඛෙත්තූපම සූත්‍රය
Pali BJT421. එකං සමයං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ ඛො අසිබන්ධකපුත්තො ගාමණි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අසිබන්ධකපුත්තො ගාමණි භගවන්තං එතදවොච: නනු භන්තෙ භගවා සබ්බපාණභූතහිතානුකම්පී{7} විහරතීති. එවං ගාමණි තථාගතො සබ්බපාණභූතහිතානුකම්පී විහරතීති. අථ කිඤ්චරහි භන්තෙ භගවා එකච්චානං සක්කච්චං ධම්මං දෙසෙති, එකච්චානං නො තථා සක්කච්චං ධම්මං දෙසෙතීති. තෙන හි ගාමණි, තං යෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං ව්යාකරෙය්යාසි.
Sinhala BJT421. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දාව සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්‍ධක පුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැල කෙළේ ය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වැඩ වෙසෙන සේක් නො වෙද්දැ යි. ගාමිණී, එසේ ය. තථාගත තෙමේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වෙසේ ය යි. වහන්ස, එසේ නම් කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ ඇතැමුන් ට සකසා දහම් දෙසන සේක් ද, ඇතැමුන් ට එසේ සකසා දහම් නො දෙසන සේක් දැ යි. ගාමිණී, එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය විසඳන්නහු.
Pali BJTතං කිම්මඤ්ඤසි ගාමණි කස්සකස්ස ගහපතිනො තීණි ඛෙත්තානි: එකං ඛෙත්තං අග්ගං, එකං ඛෙත්තං මජ්ඣිමං, එකං ඛෙත්තං හීනං ජඞ්ගලං ඌසරං{1} පාපභූමි. තං කිම්මඤ්ඤසි ගාමණි අසු කස්සකො ගහපති බීජානි පතිට්ඨාපෙතුකාමො කත්ථ පඨමං පතිට්ඨාපෙය්ය, යං වා අදුං ඛෙත්තං අග්ගං යං වා අදුං ඛෙත්තං මජ්ඣිමං යං වා අදුං ඛෙත්තං හීනං ජඞ්ගලං ඌසරං පාපභූමින්ති. අසු භන්තෙ කස්සකො ගහපති බීජානි පතිට්ඨාපෙතුකාමො යං අදුං ඛෙත්තං අග්ගං තත්ථ පතිට්ඨාපෙය්ය. තත්ථ පතිට්ඨාපෙත්වා යං අදුං ඛෙත්තං මජ්ඣිමං තත්ථ පතිට්ඨාපෙය්ය. තත්ථ පතිට්ඨාපෙත්වා යං අදුං ඛෙත්තං හීනං ජඞ්ගලං ඌසරං පාපභූමි තත්ථ පතිට්ඨාපෙය්යපි, නොපි පතිට්ඨාපෙය්ය. තං කිස්ස හෙතු? අන්තමසො ගොභත්තම්පි භවිස්සතීති.
Sinhala BJTගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? මෙහි ගොවි ගැහැවියකුට කෙත් තුනෙක් වේ. එක් කෙතක් අග ය. එක් කෙතක් මැඳුම් ය. එක් කෙතක් නිසරු ය. තද ය. කර මැටි සහිත ය. මුඩු බිමෙකි. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? ඒ ගොවි ගැහැවි තෙමේ බිජු වපුරනු කැමැත්තේ කොතැන්හි පළමු කොට වපුරන්නේ ද, යම් ඒ අග කෙත ද, යම් ඒ මැදුම් කෙත ද, යම් ඒ නිසරු ද කරමැටි සහිත මුඩු බිම දැ යි. වහන්ස, ඒ ගොවි ගැහැවි තෙමේ බිජු වපුරනු කැමැත්තේ යම් ඒ අග කෙතක් වේ ද, එහි වපුරන්නේ ය. එහි වපුරා යම් ඒ මැදුම් කෙතක් වේ ද, එහි වපුරන්නේ ය. එහි වපුරා යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිමක් වේ ද, එහි වපුරන්නේ හෝ නො ද වපුරන්නේ හෝ වෙයි. ඒ කවර හෙයින යත්: යටත් පිරිසෙයින් ගෙරින්ට අහර පිණිස වත් වන්නේ ය යි කියා යි.
Pali BJTසෙය්යථාපි ගාමණි යං අදුං ඛෙත්තං අග්ගං, එවමෙව මය්හං භික්ඛුභික්ඛුනියො. තෙසාහං ධම්මං දෙසෙමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙමි. තං කිස්ස හෙතු? එතෙ හි ගාමණි, මංදීපා මංලෙණා මංතාණා මංසරණා විහරන්ති.
Sinhala BJTගාමිණී, යම් සේ යම් ඒ කෙත අග ද, මට මහණ මෙහෙණහු එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදෙක් පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි.)
Pali BJTසෙය්යථාපි ගාමණි, යං අදුං ඛෙත්තං මජ්ඣිමං, එවමෙව මය්හං උපාසකඋපාසිකායො. තෙසම්පහං{2} ධම්මං දෙසෙමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං, සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙමි. තං කිස්ස හෙතු? එතෙ හි ගාමණි මංදීපා මංලෙණා මංතාණා මංසරණා විහරන්ති.
Sinhala BJTගාමිණී, යම් ඒ මැදුම් කෙත යම් සේ ද, මට උවසු උවැසියෝ එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු වනාහි මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි.)
Pali BJTසෙය්යථාපි ගාමණි, යං අදුං ඛෙත්තං හීනං ජඞ්ගලං ඌසරං පාපභූමි. එවමෙව මය්හං අඤ්ඤතිත්ථියා සමණබ්රාහ්මණා පරිබ්බාජකා. තෙසම්පහං ධම්මං දෙසෙමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙමි. තං කිස්ස හෙතු? අප්පෙවනාම එකපදම්පි ආජානෙය්යුං, තං නෙසං අස්ස දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJTගාමිණී, යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිම වූ කෙත යම් සේ ද, මට අන්තොටු මහණ බමුණු පිරිවැජියෝ එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: එක් පදයකුදු දැන ගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය කියා යි.
Pali BJTසෙය්යථාපි ගාමණි, පුරිසස්ස තයො උදකමණිකා, එකො උදකමණිකො අච්ඡිද්දො අහාරී{3} අපරිහාරී, එකො උදකමණිකො අච්ඡිද්දො හාරී පරිහාරී, එකො උදකමණිකො ඡිද්දො හාරී පරිහාරී. තං කිම්මඤ්ඤසි ගාමණි අසු පුරිසො උදකං නික්ඛිපිතුකාමො කත්ථ පඨමං නික්ඛිපෙය්ය යො වා සො උදකමණිකො අච්ඡිද්දො අහාරී පරිහාරී, යො වා සො උදකමණිකො අච්ඡිද්දො හාරී පරිහාරී, යො වා සො උදකමණිකො ඡිද්දො හාරී පරිහාරීති.
Sinhala BJTගාමිණී, යම් සේ පුරුෂයකුට මහ දිය බඳුන් තුනෙක් වේ ද, එක් දියබඳුනෙක් සිදුරු රහිත ය. නො වැගිරෙන්නේ ය. නො සිඳෙන්නේ ය. එක් දිය බඳුනෙක් සිදුරු රහිත ය. වැගිරෙන්නේ ය. සිඳෙන්නේ ය. එක් දිය බඳුනෙක් සිදුරු සහිත ය. වැගිරෙන්නේ ය. සිඳෙන්නේ ය. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? ඒ පුරිස් තෙමේ දිය බහාලනු කැමැත්තේ යම් ඒ සිදුරු රහිත නො වැගිරෙන නො සිඳෙන බඳුනෙක් වේ ද, යම් ඒ සිදුරු රහිත වැගිරෙන සිඳෙන බඳුනෙක් වේ ද, යම් ඒ සිදුරු සහිත වැගිරෙන සිඳෙන බඳුනෙක් වේ ද (මෙයින්) කොහි පළමු කොට බහා ලන්නේ දැ යි.
Pali BJTඅසු භන්තෙ පුරිසො උදකං නික්ඛිපිතුකාමො යො සො උදකමණිකො අච්ඡිද්දො අහාරී අපරිහාරී තත්ථ නික්ඛිපෙය්ය, තත්ථ නික්ඛිපිත්වා යො සො උදකමණිකො අච්ඡිද්දො හාරී පරිහාරී තත්ථ නික්ඛිපෙය්ය, තත්ථ නික්ඛිපිත්වා යො සො උදකමණිකො ඡිද්දො හාරී පරිහාරී තත්ථ නික්ඛිපෙය්යාපි නොපි නික්ඛිපෙය්ය. තං කිස්ස හෙතු? අන්තමසො භණ්ඩධොවනම්පි{1} භවිස්සතීති.
Sinhala BJTවහන්ස, ඒ පුරිස් තෙමේ දිය බහාලනු කැමැත්තේ යම් ඒ සිදුරු රහිත නො වැගිරෙන නො සිඳෙන බඳුනෙක් වේ නම් එහි බහා ලන්නේ ය. එහි බහා තබා සිදුරු රහිත වැගිරෙන සිඳෙන යම් ඒ දියබඳුනෙක් වේ නම් එහි බහා ලන්නේය. එහි බහා තබා සිදුරු සහිත වැගිරෙන සිඳෙන යම් ඒ දිය බඳුනෙක් වේ නම් එහි බහා ලන්නේ හෝ නො ද බහා ලන්නේ හෝ වෙයි. ඒ කවර හෙයින යත්: යටත් පිරිසෙයින් බඩු සේදීම් පමණකු දු වන්නේ ය කියා යි.
Pali BJTසෙය්යථාපි ගාමිණි යො සො උදකමණිකො අච්ඡිද්දො අහාරී අපරිහාරී, එවමෙව මය්හං භික්ඛුභික්ඛුනියො. තෙසාහං ධම්මං දෙසෙමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙමි. තං කිස්ස හෙතු? එතෙ හි ගාමණි මංදීපා මංලෙණා මංතාණා මංසරණා විහරන්ති.
Sinhala BJTගාමිණී, සිදුරු රහිත නො වැගිරෙන නො සිඳෙන යම් ඒ දිය බඳුන යම් සේ ද, මහණ මෙහෙණහු මට එබඳු ම වෙති. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු වනාහි මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි.)
Pali BJTසෙය්යථාපි ගාමණි යො සො උදකමණිකො අච්ඡිද්දො හාරී පරිහාරී, එවමෙව මය්හං උපාසකඋපාසිකායො. තෙසම්පහං ධම්මං දෙසෙමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙමි. තං කිස්ස හෙතු? එතෙ හි ගාමණි මංදීපා මංලෙණා මංතාණා මංසරණා විහරන්ති.
Sinhala BJTගාමිණී, සිදුරු රහිත වැගිරෙන සිඳෙන යම් ඒ දිය බඳුන යම් සේ ද, උවසු උවැසියෝ මට එබඳු ම වෙති. ඔවුන්ට ද මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු වනාහි මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි)
Pali BJTසෙය්යථාපි ගාමණි යො සො උදකමණිකො ඡිද්දො හාරී පරිහාරී, එවමෙව මය්හං අඤ්ඤතිත්ථියා සමණබ්රාහ්මණපරිබ්බාජකා. තෙසම්පහං ධම්මං දෙසෙමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙමි. තං කිස්ස හෙතු? අප්පෙවනාම එකපදම්පි ආජානෙය්යුං, තං නෙසං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJTගාමිණී, සිදුරු සහිත වැගිරෙන සිඳෙන යම් ඒ දිය බඳුන යම් සේ ද, අන්තොටු මහණ බමුණු පිරිවැජියෝ මට එබඳු ම වෙති. ඔවුන්ට ද මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජනසහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: එක් පදයකුදු දැන ගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය කියා යි.
Pali BJTඑවං වුත්තෙ අසිබන්ධකපුත්තො ගාමණි භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ අභික්කන්තං භන්තෙ -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අසිබන්‍ධක පුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. ... අද පටන් දිවි හිමි කොට සරණ ගිය (උවසුවකු කොට මා දරන සේක්වා යි.)
Pali BJT8. 1. 8.
Sinhala BJT8. 1. 8.
Pali BJTසඞ්ඛධමසුත්තං
Sinhala BJTසඞ්ඛධම සූත්‍රය
Pali BJT422. එකං සමයං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ ඛො අසිබන්ධකපුත්තො ගාමණි නිගණ්ඨසාවකො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නං ඛො අසිබන්ධකපුත්තං ගාමණිං භගවා එතදවොච: කථන්නුඛො ගාමණි, නිගණ්ඨො නාතපුත්තො සාවකානං ධම්මං දෙසෙතීති.
Sinhala BJT422. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දාව සමීපයෙහි පාවාරික අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි නිගණ්ඨ ශ්‍රාවක වූ අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් අසිබන්‍ධක පුත්ත ගාමිණීහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ගාමිණී, නිගණ්ඨනාථපුත්ත කෙසේ නම් සව්වන්ට දහම් දෙසා දැ යි.
Pali BJTඑවං ඛො භන්තෙ නිගණ්ඨො නාතපුත්තො සාවකානං ධම්මං දෙසෙති: යො කොචි පාණමතිපාතෙති{1} සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි අදින්නමාදියති සබ්බො සො ආපායිකො නෙරයිකො. යො කොචි කාමෙසු මිච්ඡා චරති සබ්බො සො ආපායිකො නෙරයිකො. යො කොචි මුසා භණති සබ්බො සො ආපායිකො නෙරයිකො. යං බහුලං යං බහුලං විහරති තෙන තෙන නීය්යතීති.{2} එවං ඛො භන්තෙ නිගණ්ඨො නාතපුත්තො සාවකානං ධම්මං දෙසෙතීති.
Sinhala BJTවහන්ස, නිගණ්ඨනාථපුත්‍රයෝ සව්වන්ට මෙසේ දහම් දෙසති: “යම් කිසි කෙනෙක් පරපණ නසත් ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් නුදුන් දෑ ගන්නෝ ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙද් ද ඒ සියලු දෙන අපායට යන්නෝය. නිරයට යන්නෝ ය. යම්කිසි කෙනෙක් මුසවා බෙණෙද් ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් (නිරයට) පමුණු වනු ලැබේ ය යි. වහන්ස, නිගණ්ඨනාථ පුත්‍රයෝ සව්වන්ට මෙසේ දහම් දෙසති යි.
Pali BJTයං බහුලං යං බහුලඤ්ච ගාමණි විහරති තෙන තෙන නීය්යතීති එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති යථා නිගණ්ඨස්ස නාතපුත්තස්ස වචනං. තං කිම්මඤ්ඤසි ගාමණි යො සො පුරිසො පාණාතිපාතී, රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, කතමො බහුතරො සමයො යං වා සො පාණං අතිපාතෙති යං වා සො පාණං නාතිපාතෙතීති.
Sinhala BJTගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාථ පුත්තගේ වචන පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් පර පණ නසා ද රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) හේ යම් කලෙක හෝ පරපණ නසා ද, හේ යම් කලෙක හෝ පරපණ නො නසා ද එයින් කවර කලෙක් ඉතා වැඩි දැ යි.
Pali BJTයො සො භන්තෙ පුරිසො පාණාතිපාතී, රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය අප්පතරො සො සමයො යං සො පාණං අතිපාතෙති. අථ ඛො සො ව බහුතරො සමයො යං සො පාණං නාතිපාතෙතීති. යං බහුලං යං බහුලඤ්ච ගාමණි විහරති තෙන තෙන නීය්යතීති එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති යථා නිගණ්ඨස්ස නාතපුත්තස්ස වචනං.
Sinhala BJTවහන්ස, යම් ඒ පුරුෂයෙක් පරපණ නසා ද, රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) හේ යම් කලෙක පරපණ නසා නම් ඒ කාලය ඉතා මඳ ය. වැලි දු හේ යම් කලෙක පරපණ නො නසා නම් ඒ කාලය ම ඉතා වැඩි ය යි. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණුවනු ලැබේ යයි. මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
Pali BJTතං කිම්මඤ්ඤසි ගාමණි, යො සො පුරිසො අදින්නාදායී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය කතමො බහුතරො සමයො යං වා සො අදින්නං ආදියති යං වා සො අදින්නං නාදියතීති. යො සො භන්තෙ පුරිසො අදින්නාදායී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය, අප්පතරො සො සමයො යං සො අදින්නං ආදියති, අථ ඛො සොව බහුතරො සමයො යං සො අදින්නං නාදියතීති. යං බහුලං යං බහුලඤ්ච ගාමණි විහරති තෙන තෙන නීය්යතීති, එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති යථා නිගණ්ඨස්ස නාතපුත්තස්ස වචනං.
Sinhala BJTගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් නුදුන් දෑ ගන්නේ නම් රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) යම් කලෙක හේ නුදුන් දෑ ගනී ද යම් කලෙක හේ නුදුන් දෑ නො ගනී ද එයින් කවර කලෙක් ඉතා වැඩිදැ යි. වහන්ස, යම් පුරුෂයෙක් නුදුන් දෑ ගන්නේ නම් රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) යම් කලෙක හේ නුදුන් දෑ ගනී ද ඒ කාලය ඉතා මඳ ය. යලිදු යම් කලෙක හේ නුදුන් දෑ නො ගනී ද ඒ කාලය ම ඉතා වැඩි ය යි. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
Pali BJTතං කිම්මඤ්ඤසි ගාමණි යො සො පුරිසො කාමෙසු මිච්ඡාචාරී, රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය කතමො බහුතරො සමයො යං වා සො කාමෙසු මිච්ඡා චරති, යං වා සො කාමෙසු මිච්ඡා න චරතීති. යො සො භන්තෙ පුරිසො කාමෙසු මිච්ඡාචාරී, රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය අප්පතරො සො සමයො යං සො කාමෙසු මිච්ඡා චරති, අථ ඛො සොව බහුතරො සමයො යං සො කාමෙසු මිච්ඡා න චරති. යං බහුලං යං බහුලඤ්ච ගාමණි විහරති තෙන තෙන නීය්යතීති, එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති යථා නිගණ්ඨස්ස නාතපුත්තස්ස වචනං.
Sinhala BJTගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් කාමයෙහි වරදවා හැසිරෙන සුලු නම් රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) යම් කලෙක හේ කාමයෙහි වරදවා හැසිරේ ද යම් කලෙක හේ කාමයෙහි වරදවා නො හැසිරේ ද එයින් කවර කලෙක් ඉතා වැඩිදැ යි. වහන්ස, යම් පුරුෂයෙක් කාමයෙහි වරදවා හැසිරෙන සුලු ද රැය හෝ දවාල හෝ කල් නො කල් අතුරෙහි යම් කලෙක හෙතෙමේ කාමයෙහි වරදවා හැසිරේ නම් ඒ කාලය ඉතා මඳ ය. යලිදු යම් කලෙක හෙතෙම් කාමයෙහි වරදවා නො හැසිරේ නම් ඒ කාලය ම ඉතා වැඩි ය. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
Pali BJTතං කිම්මඤ්ඤසි ගාමණි, යො සො පුරිසො මුසාවාදී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය කතමො බහුතරො සමයො යං වා සො මුසා භණති යං වා සො මුසා න භණතීති. යො සො භන්තෙ පුරිසො මුසාවාදී රත්තියා වා දිවසස්ස වා සමයාසමයං උපාදාය අප්පතරො සො සමයො යං සො මුසා භණති, අථ ඛො සොව බහුතරො සමයො යං සො මුසා න භණතීති. යං බහුලං යං බහුලඤ්ච ගාමණි විහරති තෙන තෙන නීය්යතීති එවං සන්තෙ න කොචි ආපායිකො නෙරයිකො භවිස්සති යථා නිගණ්ඨස්ස නාතපුත්තස්ස වචනං.
Sinhala BJTගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් මුසවා බෙණෙන සුලු නම් රැය හෝ දවාල හෝ කල් නො කල් අතුරෙහි යම් කලෙක හේ මුසවා බෙණේ ද යම් කලෙක හෙතෙමේ මුසවා නො බෙණේ ද එයින් කවර කලෙක් ඉතා වැඩි දැ යි. වහන්ස, යම් පුරුෂයෙක් මුසවා බණන සුලු නම් රැය හෝ දවාල හෝ කල් නො කල් අතුරෙහි යම් කලෙක හෙතෙමේ මුසවා බෙණේ නම් ඒ කාලය ඉතා මඳ ය. වැලි දු හේ යම් කලෙක මුසවා නො බෙණේ නම් ඒ කාලය ම ඉතා බොහෝ ය. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
Pali BJTඉධ ගාමණි එකච්චො සත්ථා එවංවාදී හොති එවං දිට්ඨි: යො කොචි පාණමතිපාතෙති සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි අදින්නං ආදියති සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි කාමෙසු මිච්ඡා චරති සබ්බො සො ආපායිකො නෙරයිකො, යො කොචි මුසා භණති සබ්බො සො ආපායිකො නෙරයිකොති. තස්මිං ඛො පන ගාමණි සත්ථරි සාවකො අභිප්පසන්නො හොති. තස්ස එවං හොති මය්හං ඛො සත්ථා එවං වාදී එවං දිට්ඨි: “යො කොචි පාණමතිපාතෙති සබ්බො සො ආපායිකො නෙරයිකොති. අත්ථි ඛො පන මයා පාණො අතිපාතිතො{1} අහම්පි ආපායිකො නෙරයිකොති දිට්ඨිං පටිලභති. තං ගාමණි වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා{2} යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTගාමිණී, මෙහි ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: යම් කිසි කෙනෙක් පරපණ නසද්ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම්කිසි කෙනෙක් නුදුන් දෑ ගනිද්ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙද්ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් මුසවා බෙණෙද්ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. ගාමිණී, ඒ ශාස්තෘවරයා කෙරෙහි ශ්‍රාවක තෙමේ ඉතා පැහැදුනේ වේ නම් ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මාගේ ශාස්තෘ තෙමේ යම්කිසි කෙනෙක් පරපණ නසත් නම් ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය” යි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. මවිසින් පරපණ නසන ලද්දේ ඇත. මම ද අපායට යන්නෙම් නිරයට යන්නෙම් වෙමියි දිට පිළිලබයි. ගාමිණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ දිට නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ නම්, එමෙන් නිරයෙහි වේ.
Pali BJTමය්හං ඛො සත්ථා එවං වාදී එවං දිට්ඨි: “යො කොචි අදින්නං ආදියති සබ්බො සො ආපායිකො නෙරයිකො”ති. අත්ථි ඛො පන මයා අදින්නං ආදින්නං, අහම්පම්හි ආපායිකො නෙරයිකොති දිට්ඨිං පටිලභති. තං ගාමණි වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමාගේ ශාස්තෘ තෙමේ ‘යම් කිසි කෙනෙක් නුදුන් දෑ ගනිද් ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය, නිරයට යන්නෝ ය’යි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙ යි. මවිසින් නුදුන් දෑ ගන්නා ලද්දේ ඇත. මම ද අපායට යන්නෙම් නිරයට යන්නෙම් වෙමි යි දිට පිළිලබයි. ගාමණී, ඒ වචනය අත් නොහැර ඒ සිත අත් නොහැර ඒ දිට නො බැහැර කොට ගෙනෙන ලද්දක් යම් සේ බහා තබන ලද්දේ නම්, එමෙන් නිරයෙහි වේ.
Pali BJTමය්හං ඛො සත්ථා එවං වාදී එවං දිට්ඨි: “යො කොචි කාමෙසු මිච්ඡා චරති, සබ්බො සො ආපායිකො නෙරයිකො”ති. අත්ථි ඛො පන මයා කාමෙසු මිච්ඡාචිණ්ණං,{1} අහම්පම්හි ආපායිකො නෙරයිකොති දිට්ඨිං පටිලභති. තං ගාමණි වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමාගේ ශාස්තෘ තෙමේ ‘යම් කිසි කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙත් නම් ඒ සියලු දෙන අපායට යන්නෝ ය, නිරයට යන්නෝ ය’ යි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙ යි. මවිසින් කාමයෙහි වරදවා හැසිරෙන ලද්දේ ඇත. මම ද අපායට යන්නෙම් නිරයට යන්නෙම් වෙමි යි දිට පිළිලබයි. ගාමණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ සිත නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ ද එමෙන් නිරයෙහි වේ.
Pali BJTමය්හං ඛො සත්ථා එවංවාදී එවංදිට්ඨි: “යො කොචි මුසා භණති සබ්බො සො ආපායිකො නෙරයිකො”ති. අත්ථි ඛො පන මයා මුසා භණිතං. අහම්පම්හි ආපායිකො නෙරයිකොති දිට්ඨිං පටිලභති. තං ගාමණි වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමාගේ ශාස්තෘ තෙමේ ‘යම් කිසි කෙනෙක් මුසවා බෙණෙත් නම්, ඒ සියලු දෙන අපායට යන්නෝ නිරයට යන්නෝ ය’ යි මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. මවිසින් මුසවා බණන ලද්දේ ඇත. මම ද අපායට යන්නෙම් නිරයට යන්නෙම් වෙමි යි දිට පිළිලබයි. ගාමණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ දිට නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ ද එමෙන් නිරයෙහි වේ.
Pali BJTඉධ පන ගාමණි තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො අනෙකපරියායෙන පාණාතිපාතං ගරහති විගරහති පාණාතිපාතාවිරමථාති චාහ. අදින්නාදානං ගරහති විගරහති අදින්නාදානා විරමථාති චාහ. කාමෙසු මිච්ඡාචාරං ගරහති විගරහති කාමෙසු මිච්ඡාචාරා විරමථාති චාහ. මුසාවාදං ගරහති විගරහති මුසාවාදා විරමථාති චාහ.
Sinhala BJTගාමණී, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදූ වූ අනුත්තර පුරිසදම්මසාරථී වූ දෙවිමිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි උපදිත්. උන් වහන්සේ නන් අයුරෙන් පණිවායට ගරහත්. දැඩි සේ ගරහත්. ‘පණිවායෙන් වළකිවු’ ය යි ද කියත්. අයිනාදනට ගරහත්. දැඩි සේ ගරහත් ‘අයිනාදනින් වළකිවු’ ය යි ද කියත්. කාමයෙහි වරදවා හැසිරීමට ගරත්. දැඩි සේ ගරහත්. ‘කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිවු’ ය යි ද කියත්. මුසවායට ගරත්. වෙසෙසින් ගරහත්. ‘මුසවායෙන් වළකිවු’ ය යි ද කියත්.
Pali BJTතස්මිං ඛො පන ගාමණි සත්ථරි සාවකො අභිප්පසන්නො හොති. සො ඉති පටිසංචික්ඛති: භගවා ඛො අනෙකපරියායෙන පාණාතිපාතං ගරහති විගරහති පාණාතිපාතා විරමථාති චාහ: අත්ථි ඛො පන මයා පාණො අතිපාතිතො යාවතකො වා තාවතකො වා: යො ඛො පන මයා පාණො අතිපාතිතො යාවතකො වා තාවතකො වා, තං න සුට්ඨු තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං න මෙ තං පාපකං{2} කම්මං අකතං භවිස්සතීති. සො ඉති පටිසඞ්ඛාය තං චෙව පාණාතිපාතං පජහති. ආයතිඤ්ච පාණාතිපාතා පටිවිරතො හොති: එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
Sinhala BJTගාමණී, ඒ ශාස්තෘවරයා කෙරෙහි ශ්‍රාවක තෙමේ වෙසෙසින් පහන් වේ නම්, හේ මෙසේ නුවණින් සලකයි. ‘භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් පණිවායට ගරහත්. දැඩි සේ ගරහත්. ‘පණිවායෙන් වළකිවු’ ය යි ද වදාරත්. මවිසින් යම් පමණ වූ හෝ පරපණෙක් නසන ලද්දේ ඇත්ම ය. මා විසින් යම් පමණ වූ හෝ පරපණෙක් නසන ලද ද එය යහපත් නො වේ. එය නො මැනවි. ඉදින් මම ඒ හේතුවෙන් විපිළිසර ඇත්තෙම් වන්නෙම් නමුදු මවිසින් ඒ ලාමක කර්‍මය නො කරන ලද්දේ නො වන්නේ ය’ යි හෙතෙමේ මෙසේ නුවණින් සලකා ඒ පණිවායත් දුරු කෙරෙයි. මතු ද පණිවායෙන් වැළකුනේ වෙයි. මෙසේ මේ පව්කම ප්‍රහාණය වෙයි. මෙසේ මේ පව්කම ඉක්මවීම වෙයි.
Pali BJTභගවා ඛො අනෙකපරියායෙන අදින්නාදානං ගරහති විගරහති අදින්නාදානා විරමථාති චාහ. අත්ථි ඛො පන මයා අදින්නං ආදින්නං යාවතකං වා තාවතකං වා: යං ඛො පන මයා අදින්නං ආදින්නං යාවතකං වා තාවතකං වා, තං න සුට්ඨු තං න සාධු. අහඤ්චෙව ඛො පන තප්පච්චයා විප්පටිසාරී අස්සං න මෙ තං පාපකං කම්මං අකතං භවිස්සතීති. සො ඉතිපටිසඞ්ඛාය තඤ්චෙව අදින්නාදානං පජහති. ආයතිඤ්ච අදින්නාදානා පටිවිරතො හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස පහානං හොති. එවමෙතස්ස පාපස්ස කම්මස්ස සමතික්කමො හොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අයිනාදනට ගරහත්. දැඩි සේ ගරහත්. අයිනාදනින් වැළකෙවු යි ද වදාරත්. ම විසින් යම් පමණ වූ නුදුන් දැයෙක් ගන්නා ලද්දේ ඇත් ම ය. ම විසින් යම් පමණ වූ නුදුන් දැයක් ගන්නා ලද නම් එය නො යෙහෙකි. එය නො මැනවි. ඉදින් මම ඒ හේතු කොට ගෙන විපිළිසර වන්නෙම් නමුදු ම විසින් ඒ පවිටු කර්‍මය නො කරන ලද්දේ නො වන්නේ ය යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා ඒ අයිනාදනත් දුරු කෙරෙයි. මතු ද අයිනාදනින් වැළකුනේ වෙයි. මෙසේ මේ පව්කම ප්‍රහාණය වෙයි. මෙසේ මේ පව්කම ඉක්මවීම වෙයි.