Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10901-11000 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති “ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛාත ය ... විඥයන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය, ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති. අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන , දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහීති.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති යි.
Pali BJT6. 1. 18-25.
Sinhala BJT6. 1. 18-25.
Pali BJTනන්දන{1}සුත්තානි
Sinhala BJTනන්‍දන සූත්‍ර
Pali BJT365-372 අථ ඛො නන්දනො දෙවපුත්තො -පෙ- ඵොට්ඨබ්බෙහීති.
Sinhala BJT365-372 එකල්හි නන්‍දන දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
Pali BJT6. 1. 26-33.
Sinhala BJT6. 1. 26-33.
Pali BJTසුයාමසුත්තානි
Sinhala BJTසුයාම සූත්‍ර
Pali BJT373-380 අථ ඛො සුයාමො දෙවපුත්තො -පෙ- ඵොට්ඨබ්බෙහීති.
Sinhala BJT373-380 එකල්හි සුයාම දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
Pali BJT6. 1. 34-41.
Sinhala BJT6. 1. 34-41.
Pali BJTසන්තුසිතසුත්තානි
Sinhala BJTසන්තුසිත සූත්‍ර
Pali BJT381-388 අථ ඛො සන්තුසිතො දෙවපුත්තො -පෙ- ඵොට්ඨබ්බෙහීති.
Sinhala BJT381-388 එකල්හි සන්තුසිත දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
Pali BJT6. 1. 42-49.
Sinhala BJT6. 1. 42-49.
Pali BJTසුනිම්මිතසුත්තානි
Sinhala BJTසුනිම්මිත සූත්‍ර
Pali BJT389-396 අථ ඛො සුනිම්මිතො දෙවපුත්තො -පෙ- ඵොට්ඨබ්බෙහීති.
Sinhala BJT389-396 එකල්හි සුනිම්මිත දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
Pali BJT6. 1. 50-57.
Sinhala BJT6. 1. 50-57.
Pali BJTවසවත්තිසුත්තානි
Sinhala BJTවසවත්ති සූත්‍ර
Pali BJT397-404 අථ ඛො වසවත්තී දෙවපුත්තො -පෙ- ඵොට්ඨබ්බෙහීති.
Sinhala BJT397-404 එකල්හි වසවත්ති දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
Pali BJT(යථා සක්කසුත්තානි තථා ඉමෙ සුත්තන්තාපි විත්ථාරෙතබ්බා).
Sinhala BJT(සක්ක සූත්‍ර යම්සේ නම් මේ සූත්‍රාන්ත ද එසේ විස්තර කට යුතුයි.)
Pali BJTමොග්ගල්ලානවත්තො පඨමො.
Sinhala BJTපළමු මොග්ගල්ලාන වර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTසවිතක්කාවිතක්කඤ්ච සුඛෙන ච උපෙඛකො ආකාසානඤ්ච විඤ්ඤාණං ආකිඤ්චඤ්ඤා නෙවසඤ්ඤා ච අනිමිත්තො චෙති නව සක්කො ච නන්දනෙන ච සුයාමො ච සන්තුසිතො සුනිම්මිතො වසවත්තී අට්ඨ අට්ඨ භවන්තීති සත්තපඤ්ඤාය හොන්ති තෙ’ති.
Sinhala BJTසවිතක්ක, අවිතක්ක, සුඛ, උපෙක්ඛා, ආකාසානඤ්චායතන, විඤ්ඤාණ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන, අනිමිත්ත ය යි සූත්‍ර නවයෙක් ද සක්ක, නන්‍දන, සුයාම, සන්තුසිත, සුනිම්මිත, වසවත්ති යන සයෙහි සූත්‍ර අට අට බැගින් ද වෙති යි වර්‍ගයෙහි ඒ සූත්‍ර මුළුල්ල සත් පනසෙක් වේ යි.
Pali BJTමොග්ගල්ලාන සංයුත්තං නිට්ඨිතං.
Sinhala BJTමොග්ගල්ලාන සංයුත්තය නිමි.
Pali BJT7. චිත්තසංයුත්තං
Sinhala BJT7. චිත්ත සංයුත්තය
Pali BJT1. චිත්තවග්ගො
Sinhala BJT1. චිත්ත වර්‍ගය
Pali BJT7. 1. 1.
Sinhala BJT7. 1. 1.
Pali BJTසඤ්ඤොජනසුත්තං
Sinhala BJTසංයෝජන සූත්‍රය
Pali BJT405. එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ මච්ඡිකාසණ්ඩෙ විහරන්ති අම්බාටකවනෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලානං ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: සඤ්ඤොජනන්ති වා ආවුසො සඤ්ඤොජනියා ධම්මාති වා ඉමෙ ධම්මා නානත්ථා නානාව්යඤ්ජනා, උදාහු එකත්ථා ව්යඤ්ජනමෙව නානන්ති?
Sinhala BJT405. එක් කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු මච්ඡිකාසණ්ඩ වන ලැහැබෙහි අම්බාටක වනයෙහි වැඩ වෙසෙති. එකල්හි පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩල මාලයේ (රැස්වීම් හලෙ) හි රැස් ව වැඩහුන් ස්ථවිර භික්‍ෂූන් අතර මේ අතුරු කථාව පහළ විය: ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද? නැතහොත් එක ම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු දැ? යි.
Pali BJTතත්රෙකච්චෙහි ථෙරෙහි භික්ඛූහි එවං ව්යාකතං හොති: “සඤ්ඤොජනන්ති වා ආවුසො{1} සඤ්ඤොජනියා ධම්මාති වා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාව්යඤ්ජනා චා”ති. එකච්චෙහි ථෙරෙහි භික්ඛූහි එවං ව්යාකතං හොති: සඤ්ඤොජනන්ති වා ආවුසො සඤ්ඤොජනියා ධම්මාති වා ඉමෙ ධම්මා එකත්ථා ව්යඤ්ජනමෙව නාන”න්ති.
Sinhala BJTඑහි ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලද්දේ වෙයි. ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලද්දේ වෙයි.
Pali BJTතෙන ඛො පන සමයෙන චිත්තො ගහපති මිගපථකං අනුප්පත්තො හොති කෙනචිදෙව කරණීයෙන. අස්සොසි ඛො චිත්තො ගහපති සම්බහුලානං කිර ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: “සඤ්ඤොජනන්ති වා ආවුසො සඤ්ඤොජනියා ධම්මාති වා ඉමෙ ධම්මා නානත්ථා නානාව්යඤ්ජනා, උදාහු එකත්ථා ව්යඤ්ජනමෙව නානන්ති? තත්රෙකච්චෙහි ථෙරෙහි භික්ඛූහි එවං ව්යාකතං: සඤ්ඤොජනන්ති වා ආවුසො සඤ්ඤොජනියා ධම්මාති වා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාව්යඤ්ජනා චා”ති. එකච්චෙහි ථෙරෙහි භික්ඛූහි එවං ව්යාකතං: සඤ්ඤොජනන්ති වා ආවුසො සඤ්ඤොජනියා ධම්මාති වා ඉමෙ ධම්මා එකත්ථා ව්යඤ්ජනමෙව නානන්ති”. අථ ඛො චිත්තො ගහපති යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ථෙරෙ භික්ඛූ එතදවොච:
Sinhala BJTඑසමයෙහි චිත්ත ගැහැවි කිසියම් කටයුත්තක් නිමිති කොට මිගපථක ගමට පැමිණියේ වෙයි. චිත්ත ගැහැවි පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව වැඩහුන් ස්ථවිර භික්‍ෂූන් අතර “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙද්ද, නැතහොත් එක ම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි. මේ අතුරු කථාව පහළ වී ය” යි ද එහි ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇසුයේ ම ය. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස්ව හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ට මෙය කී ය:
Pali BJTසුතං මෙතං භන්තෙ සම්බහුලානං කිර ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: “සඤ්ඤොජනන්ති වා ආවුසො සඤ්ඤොජනියා ධම්මාති වා ඉමෙ ධම්මා නානත්ථා නානාව්යඤ්ජනා? උදාහු එකත්ථා ව්යඤ්ජනමෙව නානන්ති? එකච්චෙහි ථෙරෙහි භික්ඛූහි එවං ව්යාකතං: සඤ්ඤොජනන්ති වා ආවුසො සඤ්ඤොජනියා ධම්මාති වා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාව්යඤ්ජනා චාති. එකච්චෙහි ථෙරෙහි භික්ඛූහි එවං ව්යාකතං: සඤ්ඤොජනන්ති වා ආවුසො සඤ්ඤොජනියා ධම්මාති වා ඉමෙ ධම්මා එකත්ථා ව්යඤ්ජනමෙව නානන්ති”. එවං ගහපතීති.
Sinhala BJT“වහන්ස, පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව වැඩ හුන් ස්ථවිර භික්‍ෂූන් අතර “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද? නැතහොත් එක ම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි, මේ අතුරු කථාව පහළ වී ය” යි ද ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද මා විසින් මෙය අසන ලද්දේ” යි. ගැහැවිය, එසේ ය යි.
Pali BJTසඤ්ඤොජනන්ති වා භන්තෙ සඤ්ඤොජනියා ධම්මාති වා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානා ව්යඤ්ජනා ච. තෙන හි භන්තෙ උපමං වො කරිස්සාමි. උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්යථාපි භන්තෙ කාළො ච බලිවද්දො ඔදාතො ච බලිවද්දො එකෙන දාමෙන වා යොත්තෙන වා සඤ්ඤුත්තා අස්සු. යො නු ඛො එවං වදෙය්ය: කාළො බලිවද්දො ඔදාතස්ස බලිවද්දස්ස සඤ්ඤොජනං, ඔදාතො ච{1} බලිවද්දො කාළස්ස බලිවද්දස්ස සඤ්ඤොජනන්ති සම්මා නු ඛො වදමානො වදෙය්යාති? නො හෙතං ගහපති,
Sinhala BJT“වහන්ස, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය” යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු වෙති. වහන්ස, එසේ වී නම් මුඹ වහන්සේට උපමාවක් කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති මිනිස්සු උපමාවෙන් ද දේශනාවේ අරුත දැන ගනිත්. වහන්ස, යම්සේ කළු ගොනෙකුත් සුදු ගොනෙකුත් එක් දමෙකින් හෝ එක් යොතෙකින් හෝ බඳනා ලද්දාහු වෙද්ද, කළු ගොන් සුදු ගොනුගේ බැඳුම ය. සුදු ගොන් කළු ගොනුගේ බැඳුම ය යි යමෙක් මෙසේ කියන්නේ නම් (ඒ) කියන්නා මැනවින් කියන්නේ දැ යි. ගැහැවි, මෙය නො වේ ම ය.
Pali BJTන ඛො ගහපති කාළො බලිවද්දො ඔදාතස්ස බලිවද්දස්ස සඤ්ඤොජනං, නපි ඔදාතො බලිවද්දො කාළස්ස බලාවද්දස්ස සඤ්ඤොජනං, යෙන ච ඛො තෙ එකෙන දාමෙන වා යොත්තෙන වා සඤ්ඤුත්තා තං තත්ථ සඤ්ඤොජනන්ති. එවමෙව ඛො භන්තෙ, න චක්ඛු රූපානං සඤ්ඤොජනං, න රූපා චක්ඛුස්ස සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං.
Sinhala BJTගැහැවි, කළු ගොන් සුදු ගොනුගේ බැඳුම නොවේ. සුදු ගොන් කළුගොනුගේ බැඳුම නො ද වේ. යම් එක් දමෙකින් හෝ යොතෙකින් හෝ ඔහු බඳනා ලද්දාහු වෙත් නම් එය එහි සංයෝජන යි. වහන්ස, එසෙයින් ම ඇස රූපයනට සංයෝජන නො වේ. රූපයෝ ඇසට සංයෝජන නො වෙති. එහි දෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
Pali BJTන සොතං සද්දානං සඤ්ඤොජනං, න සද්දා සොතස්ස සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං; න ඝානං ගන්ධානං සඤ්ඤොජනං, න ගන්ධා ඝානස්ස සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං. න ජිව්හා රසානං සඤ්ඤොජනං, න රසා ජිව්හාය සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං. න කායො ඵොට්ඨබ්බානං සඤ්ඤොජනං, න ඵොට්ඨබ්බා කායස්ස සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං. න මනො ධම්මානං සඤ්ඤොජනං, න ධම්මා මනස්ස සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං. ලාභා තෙ ගහපති සුලද්ධං තෙ ගහපති, යස්ස තෙ ගම්භීරෙ බුද්ධවචනෙ පඤ්ඤාචක්ඛු කමතීති.
Sinhala BJTකන සදට සංයෝජන නො වේ. සද කනට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. නැහැය ගඳට සංයෝජන නො වේ. ගඳ නැහැයට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. දිව රසට සංයෝජන නො වේ. රස දිවට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. කය පහසට සංයෝජන නො වේ. පහස කයට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍ද රාගයෙක් උපදී නම් එහි සංයෝජන යි. සිත දහමට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. ගැහැවි, යම් බඳු තොපගේ පැනැස ගැඹුරු බුදු වදනෙහි පවතී ද ඒ තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනා ලැබීමෙකි යි.
Pali BJT7. 1. 2.
Sinhala BJT7. 1. 2.
Pali BJTඉසිදත්තසුත්තං
Sinhala BJTඉසිදත්ත සූත්‍රය
Pali BJT406. එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ මච්ඡිකාසණ්ඩෙ විහරන්ති අම්බාටකවනෙ. අථ ඛො චිත්තො ගහපති යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ථෙරෙ භික්ඛූ එතදවොච: “අධිවාසෙන්තු මෙ භන්තෙ ථෙරා ස්වාතනාය භත්තන්ති”. අධිවාසෙසුං ච ඛො ථෙරා භික්ඛූ තුණ්හීභාවෙන. අථ ඛො චිත්තො ගහපති ථෙරානං භික්ඛූනං අධිවාසනං විදිත්වා උට්ඨායාසනා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT406. එක්කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩ වෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත් පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ට “වහන්ස, ස්ථවිර භික්‍ෂූහු සෙට පිණිස මාගේ බත ඉවසත්වා” යි මෙය කී ය. ස්ථවිර භික්‍ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට ස්ථවිර භික්‍ෂූන් වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJTඅථ ඛො ථෙරා භික්ඛූ තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන චිත්තස්ස ගහපතිනො නිවෙසනං තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිංසු. අථ ඛො චිත්තො ගහපති යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ආයස්මන්තං ථෙරං එතදවොච:
Sinhala BJTඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ඒ රැය ගෙවීමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ නිවස වෙත එළඹියහ. එළඹ පැන වූ අසුන්හි වැඩහුන්හ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කීය:
Pali BJTධාතුනානත්තං ධාතුනානත්තන්ති භන්තෙ ථෙර වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ ධාතුනානත්තං වුත්තං භගවතාති? එවං වුත්තෙ ආයස්මා ථෙරො තුණ්හී අහොසි. දුතියම්පි ඛො චිත්තො ගහපති ආයස්මන්තං ථෙරං එතදවොච: ධාතුනානත්තං ධාතුනානත්තන්ති භන්තෙ ථෙර වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ ධාතුනානත්තං වුත්තං භගවතාති? දුතියම්පි ඛො ආයස්මා ථෙරො තුණ්හී අහොසි. තතියම්පි ඛො චිත්තො ගහපති ආයස්මන්තං ථෙරං එතදවොච: ධාතුනානත්තං ධාතුනානත්තන්ති භන්තෙ ථෙර වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ ධාතුනානත්තං වුත්තං භගවතාති? තතියම්පි ඛො ආයස්මා ථෙරො තුණ්හී අහොසි.
Sinhala BJTවහන්ස, තෙරණුවනි, ධාතුනානාත්‍ව ය ධාතුනානාත්‍ව ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්‍වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ? යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. දෙවනවට දු චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කී ය: වහන්ස, තෙරණුවනි, ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්‍වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ? යි. දෙවනවට දු ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. තෙවනවට දු චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කී ය: වහන්ස, තෙරණුවනි, ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්‍වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ? යි. තෙවනවට දු ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා ඉසිදත්තො තස්මිං භික්ඛුසඞ්ඝෙ සබ්බනවකො හොති. අථ ඛො ආයස්මා ඉසිදත්තො ආයස්මන්තං ථෙරං එතදවොච: ව්යාකරොමහං භන්තෙ ථෙර චිත්තස්ස ගහපතිනො එතං පඤ්හන්ති? ව්යාකරොහි ත්වං ආවුසො ඉසිදත්ත චිත්තස්ස ගහපතිනො එතං පඤ්හන්ති.
Sinhala BJTඑසමයෙහි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ඒ බික්සඟන අතර සියල්ලන්ට නවක වෙති. ඉක්බිති ආයුෂ්මත් ඉසිදත්ත ආයුෂ්මත් තෙරුනට මෙය කී ය: වහන්ස, තෙරණුවනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය මම විසඳම් දැ? යි. ඇවැත්නි, ඉසිදත්තයෙනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය තෙපි විසඳව යි.
Pali BJTඑවං හි ත්වං ගහපති පුච්ඡසි: ධාතුනානත්තං ධාතුනානත්තන්ති භන්තෙ ථෙර වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ ධාතුනානත්තං වුත්තං භගවතාති? එවං භන්තෙ. ඉදං ඛො ගහපති ධාතුනානත්තං වුත්තං භගවතා: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු, ධම්මධාතු, මනොවිඤ්ඤාණධාතු. එත්තාවතා ඛො ගහපති ධාතුනානත්තං වුත්තං භගවතාති.
Sinhala BJTගැහැවි, තෙපි “වහන්ස තෙරණුවනි, ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙකින් ධාතුනානාත්‍වය වදාරන ලද්දේ දැ” යි මෙසේ විචාරවු දැ? යි. වහන්ස, එසේ ය. ගැහැවි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධාතුනානාත්‍වය වදාරන ලදි. චක්ඛුධාතු ය රූපධාතු ය චක්ඛුවිඤ්ඤාණධාතු ය, සොතධාතු ය සද්දධාතු ය සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය ගන්‍ධධාතු ය ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය රසධාතු ය ජිව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය ඵොට්ඨබ්බධාතු ය කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය ධම්මධාතු ය මනෝවිඤ්ඤාණධාතු ය යි. ගැහැවි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතුනානාත්‍වය මෙතෙකින් වදාරන ලද්දේ ය යි.
Pali BJTඅථ ඛො චිත්තො ගහපති ආයස්මතො ඉසිදත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ථෙරෙ භික්ඛූ පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි, සම්පවාරෙසි. අථ ඛො ථෙරා භික්ඛූ භුත්තාවිනො ඔනීතපත්තපාණිනො උට්ඨායාසනා පක්කමිංසු. අථ ඛො ආයස්මා ථෙරො ආයස්මන්තං ඉසිදත්තං එතදවොච: සාධු ඛො තං{1} ආවුසො ඉසිදත්ත එසො පඤ්හො පටිභාසි{2}, නෙසො පඤ්හො මං පටිභාසි. තෙනහාවුසො{3} ඉසිදත්ත, යදා අඤ්ඤදාපි{4} එවරූපො පඤ්හො ආගච්ඡෙය්ය, තංයෙවෙත්ථ පටිභාසෙය්යාති.{5}
Sinhala BJTඉක්බිති චිත්ත ගැහැවි ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන්ගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව ස්ථවිර භික්‍ෂූන් ප්‍රණීත වූ කෑයුතු දැයින් ද සියතින් සැතැප්පී ය, මැනවින් පැවරී ය. ඉක්බිති ස්ථවිර භික්‍ෂූන් වැළඳුවාහු පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තාහු හුනස්නෙන් නැඟී වැඩියහ. එකල්හි ආයුෂ්මත් තෙරණුවෝ ආයුෂ්මත් ඉසිදත්තහට මෙය කීහ: ඇවැත්නි, ඉසිදත්තයෙනි, මේ ප්‍රශ්නය තොපට මැනවින් වැටහුණේ ය. මේ ප්‍රශ්නය මට නො වැටහුණේ ය. ඇවැත්නි, ඉසිදත්තයෙනි, එසේ වී නම් යම් අන් කලෙක්හි දු මෙබඳු ප්‍රශ්නයක් එන්නේ නම් එහි ලා තොපටම වැටහෙන්නේ ය යි.
Pali BJT7. 1. 3.
Sinhala BJT7. 1. 3.
Pali BJTදුතියඉසිදත්තසුත්තං
Sinhala BJTදුතිය ඉසිදත්ත සූත්‍රය
Pali BJT407. එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ මච්ඡිකාසණ්ඩෙ විහරන්ති අම්බාටකවනෙ. අථ ඛො චිත්තො ගහපති යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ථෙරෙ භික්ඛූ එතදවොච: අධිවාසෙන්තු මෙ භන්තෙ ථෙරා ස්වාතනාය භත්තන්ති. අධිවාසෙසුං ඛො ථෙරා භික්ඛූ තුණ්හීභාවෙන. අථ ඛො චිත්තො ගහපති ථෙරානං භික්ඛූනං අධිවාසනං විදිත්වා උට්ඨායාසනා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT407. එක් කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ට මෙය කී ය: වහන්ස, තෙරහු හෙට පිණිස වූ මාගේ බත ඉවසත්වා යි. ස්ථවිර භික්‍ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැඟී ස්ථවිර භික්‍ෂූන් වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJTඅථ ඛො ථෙරා භික්ඛූ තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන චිත්තස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිංසු. අථ ඛො චිත්තො ගහපති යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ආයස්මන්තං ථෙරං එතදවොච:
Sinhala BJTඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ නිවෙස්නට එළඹියහ. එළඹ පැනවූ අසුන්හි හුන්හ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කීය:
Pali BJTයා ඉමා භන්තෙ ථෙර අනෙකවිහිතා දිට්ඨියො ලොකෙ උප්පජ්ජන්ති: සස්සතො ලොකො’ති වා, අසස්සතො ලොකො’ති වා, අන්තවා ලොකො’ති වා, අනන්තවා ලොකො’ති වා, තං ජීවං තං සරීර’න්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති වා, හොති තථාගතො පරම්මරණා’ති වා, න හොති තථාගතො පරම්මරණා’ති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති වා. යානිචිමානි ද්වාසට්ඨිදිට්ඨිගතානි බ්රහ්මජාලෙ භණිතානි. ඉමා නු ඛො භන්තෙ දිට්ඨියො කිස්මිං සති හොන්ති කිස්මිං අසති න හොන්තීති?
Sinhala BJTවහන්ස තෙරණුවනි, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අන්ත රහිත ය යි හෝ එ ම ජීව ය එ ය ම ශරීර ය යි හෝ ජීවය අනිකෙක ශරීරය අනිකකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද, යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරන ලද්දාහු ද, වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙද්දැ?යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ථෙරො තුණ්හී අහොසි. දුතියම්පි ඛො චිත්තො ගහපති -පෙ- තතියම්පි ඛො චිත්තො ගහපති ආයස්මන්තං ථෙරං එතදවො ච: යා ඉමා භන්තෙ ථෙර අනෙකවිහිතා දිට්ඨියො ලොකෙ උප්පජ්ජන්ති. සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා, අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා. යානිචිමානි ද්වාසට්ඨිදිට්ඨිගතානි බ්රහ්මජාලෙ භණිතානි. ඉමා නු ඛො භන්තෙ, දිට්ඨියො කිස්මිං සති හොන්ති, කිස්මිං අසති න හොන්තීති? තතියම්පි ඛො ආයස්මා ථෙරො තුණ්හී අහොසි.
Sinhala BJTමෙසේ කී කල්හි ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. දෙවනුවට දු චිත්ත ගැහැවි තෙමේ … තෙවනුවට දු චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් තෙරුන්ට මෙය කී ය: වහන්ස තෙරණුවනි, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අන්ත රහිත ය යි හෝ එය ම ජීව ය එය ම ශරීර ය යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු නූපදිද් ද? යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරන ලද්දාහු ද, වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙද්දැ? යි. තෙවනුවට දු ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා ඉසිදත්තො තස්මිං භික්ඛුසඞ්ඝෙ සබ්බනවො හොති. අථ ඛො ආයස්මා ඉසිදත්තො ආයස්මන්තං ථෙරං එතදවොච: ව්යාකරොමහං භන්තෙ ථෙර චිත්තස්ස ගහපතිනො එතං පඤ්හන්ති? ව්යාකරොහි ත්වං ආවුසො ඉසිදත්ත චිත්තස්ස ගහපතිනො එතං පඤ්හන්ති. එවං ත්වං ගහපති පුච්ඡසි: යා ඉමා භන්තෙ ථෙර අනෙකවිහිතා දිට්ඨියො ලොකෙ උප්පජ්ජන්ති: සස්සතො ලොකොති වා -පෙ- ඉමා නු ඛො භන්තෙ දිට්ඨියො කිස්මිං සති හොන්ති කිස්මිං අසති න හොන්තීති? එවං භන්තෙ.
Sinhala BJTඑසමයෙහි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ඒ බික්සඟන කෙරෙහි සියල්ලන්ට නවක වෙති. එකල්හි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ආයුෂ්මත් තෙරුන්ට මෙය කීහ: වහන්ස තෙරණුවනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය මම විසඳම් දැ? යි. ඇවැත්නි ඉසිදත්තයෙනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය තෙපි විසඳව යි. ගැහැවි, තෙපි “වහන්ස තෙරණුවනි, ලෝකය ශාස්වත යයි හෝ … යම් මේ නන් වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද? වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙත් දැ?යි මෙසේ විචාරවු දැයි. වහන්ස එසේ ය.
Pali BJTයා ඉමා ගහපති අනෙකවිහිතා දිට්ඨියො ලොකෙ උප්පජ්ජන්ති: සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා, අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න නහොති තථාගතො පරම්මරණාති වා. යානිචිමානි ද්වාසට්ඨි දිට්ඨිගතානි බ්රහ්මජාලෙ භණිතානි. ඉමා ඛො ගහපති දිට්ඨියො සක්කායදිට්ඨියා සති හොන්ති සක්කායදිට්ඨියා අසති න හොන්තීති.
Sinhala BJTගැහැවිය, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් යයි හෝ ලෝකය අන්ත රහිතය යි හෝ එ ම ජීව ය එ ම ශරීර ය යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ යයි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද, යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරන ලද්දාහු ද, ගැහැවිය, මේ දිටුහු සක්කාය දිට්ඨිය ඇති කල්හි වෙත්, සක්කාය දිට්ඨිය නැති කල්හි නො වෙති යි.
Pali BJTකථම්පන භන්තෙ සක්කායදිට්ඨි හොතීති? ඉධ ගහපති අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං; වෙදනං අත්තතො සමනුපස්සති -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො ගහපති සක්කායදිට්ඨි හොතීති.
Sinhala BJTවහන්ස, සක්කාය දිට්ඨිය කෙසේ වේ දැ? යි. ගැහැවිය, මෙහි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුනු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්මය යි හෝ ආත්මය රූපවත් යයි හෝ ආත්මයෙහි රූපය පවතී යයි හෝ රූපයෙහි ආත්මය පවතී යයි හෝ දකී. වේදනාව ආත්ම යයි හෝ … දකී. සංඥාව … සංස්කාර … විඥානය ආත්ම යයි හෝ ආත්මය විඥානවත් යයි හෝ ආත්මයෙහි විඥානය පවතී යයි හෝ විඥානයෙහි ආත්මය පවතී යයි හෝ දකී. ගැහැවිය, මෙසේ සක්කායදිට්ඨිය වේ යි.
Pali BJTකථම්පන භන්තෙ සක්කායදිට්ඨි න හොතීති? ඉධ ගහපති සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං; න වෙදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො ගහපති, සක්කායදිට්ඨි න හොතීති.
Sinhala BJTවහන්ස, කෙසේ නම් සක්කායදිට්ඨිය නො වේ දැ? යි. ගැහැවිය, මෙහි ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණු සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි හික්මුනු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්මය යි හෝ නො දකී, ආත්මය රූපවත් යයි හෝ නො දකී, ආත්මයෙහි රූපය පවතී යයි හෝ නො දකී. රූපයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. වේදනාව … නො දකී, සංඥාව … නො දකී, සංස්කාර … නො දකී, විඥානය ආත්මය යි හෝ නො දකී, ආත්මය විඥානවත් යයි හෝ නො දකී, ආත්මයෙහි විඥානය පවතී යයි හෝ නො දකී, විඥානයෙහි ආත්මය පවතී යයි හෝ නො දකී. ගැහැවිය, මෙසේ සක්කායදිට්ඨිය නො වේ යි.
Pali BJTකුතො භන්තෙ අය්යො ඉසිදත්තො ආගච්ඡතීති? අවන්තියා ඛ්වාහං ගහපති ආගච්ඡාමීති. අත්ථි භන්තෙ අවන්තියා ඉසිදත්තො නාම කුලපුත්තො අම්හාකං අදිට්ඨසහායො පබ්බජිතො දිට්ඨො සො ආයස්මතාති? එවං ගහපතීති. කහං නු ඛො සො භන්තෙ ආයස්මා එතරහි විහරතීති? එවං වුත්තෙ ආයස්මා ඉසිදත්තො තුණ්හී අහොසි. අය්යො නො භන්තෙ ඉසිදත්තොති? එවං ගහපතීති. අභිරමතු භන්තෙ අය්යො ඉසිදත්තො මච්ඡිකාසණ්ඩෙ. රමණීයං අම්බාටකවනං. අහං අය්යස්ස ඉසිදත්තස්ස උස්සුක්කං කරිස්සාමි චීවර-පිණ්ඩපාත-සෙනාසන-ගිලානප්පච්චය-භෙසජ්ජපරික්ඛාරානන්ති. කල්යාණං වුච්චති ගහපතීති.
Sinhala BJTවහන්ස, ආර්‍ය්‍ය වූ ඉසිදත්ත තෙරණුවෝ කොහි සිට වඩිද්දැ? යි. ගැහැවිය, මම අවන්ති දනව්වෙන් එමි යි. වහන්ස, අපගේ නුදුටු යහළු වූ ඉසිදත්ත නම් පැවිදි කුලපුතෙක් අවන්ති දනව්වෙහි ඇත. ආයුෂ්මතුන් වහන්සේ විසින් හෙතෙමේ දක්නා ලද්දේ දැ? යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, ඒ ආයුෂ්මතුන් වහන්සේ දැන් කොහි වෙසෙත්දැ යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. වහන්ස, ආර්‍ය්‍යයෝ අපගේ ඉසිදත්තයෝ දැ? යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, ආර්‍ය්‍ය වූ ඉසිදත්ත තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වෙසෙන සේක්වා. අම්බාටක වනය සිත්කලු ය. මම ආර්‍ය්‍ය වූ ඉසිදත්ත තෙරණුවන්ට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර සැපයීමෙහි උත්සාහ කරන්නෙමි. ගැහැවිය, යහපතක් කියනු ලැබේ යි.
Pali BJTඅථ ඛො චිත්තො ගහපති ආයස්මතො ඉසිදත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ථෙරෙ භික්ඛූ පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො ථෙරා භික්ඛූ භුත්තාවිනො ඔනීතපත්තපාණිනො උට්ඨායාසනා පක්කමිංසු.
Sinhala BJTඉක්බිති චිත්ත ගැහැවි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවන්ගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව ස්ථවිර භික්‍ෂූන් ප්‍රණීත වූ කෑයුතු බිදිය යුතු දැයින් සියතින් සැතැප්පී ය. මැනවින් පැවරී ය. ඉක්බිති ආයුෂ්මත් ස්ථවිර භික්‍ෂූහු වැළඳුවාහු පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තාහු හුනස්නෙන් නැඟී වැඩියහ.
Pali BJTඅථ ඛො ආයස්මා ථෙරො ආයස්මන්තං ඉසිදත්තං එතදවොච: සාධු ඛො තං ආවුසො ඉසිදත්ත එසො පඤ්හො පටිභාසි. නෙසො පඤ්හො මං පටිභාසි. තෙනහාවුසො{1} ඉසිදත්ත යදා අඤ්ඤදාපි එවරූපො පඤ්හො ආගච්ඡෙය්ය, තං යෙවෙත්ථ පටිභාසෙය්යාති. අථ ඛො ආයස්මා ඉසිදත්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය මච්ඡිකාසණ්ඩම්හා පක්කාමි. යං මච්ඡිකාසණ්ඩම්හා පක්කාමි, තථා පක්කන්තොව අහොසි, න පුන පච්චාගඤ්ඡීති.
Sinhala BJTඉන්පසු ආයුෂ්මත් තෙරණුවෝ ආයුෂ්මත් ඉසිදත්තයනට මෙය කීහ: ඇවැත්නි ඉසිදත්තයෙනි, මේ පැනය තොපට මැනවින් වැටහුණේ ය. මේ පැනය මට නො වැටහුණේ ය. ඇවැත්නි ඉසිදත්තයෙනි, එහෙයින් යම් අන්කලෙකැදු මෙබඳු පැනයෙක් එන්නේ නම් එහි ලා තොපට ම වැටහේවා යයි. ඉක්බිති ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ සෙනසුන සකසා තබා පා සිවුරු ගෙන මච්ඡිකාසණ්ඩයෙන් නික්ම ගියාහ. යම් සේ මච්ඡිකාසණ්ඩයෙන් ගියාහු ද එසේ ගියාහු ම වූහ. යළි පෙරළා නො ආහ යි.
Pali BJT7. 1. 4.
Sinhala BJT7. 1. 4.
Pali BJTමහකසුත්තං
Sinhala BJTමහක සූත්‍රය
Pali BJT408. එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ මච්ඡිකාසණ්ඩෙ විහරති අම්බාටකවනෙ. අථ ඛො චිත්තො ගහපති යෙන ථෙරා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ථෙරෙ භික්ඛූ එතදවොච: අධිවාසෙන්තු මෙ භන්තෙ ථෙරා ස්වාතනාය ගොකුලෙ භත්තන්ති. අධිවාසෙසුං ඛො ථෙරා භික්ඛූ තුණ්හීභාවෙන. අථ ඛො චිත්තො ගහපති ථෙරානං භික්ඛූනං අධිවාසනං විදිත්වා උට්ඨායාසනා ථෙරෙ භික්ඛූ අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT408. එක්කලෙක බොහෝ වූ තෙර මහණහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ තෙර මහණුන් වෙත එළඹියේය. එළඹ තෙර මහණුන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි තෙර මහණුන්ට මෙය කීය: වහන්ස, තෙරහු සෙට දවස පිණිස වූ මාගේ ගෝකුලයෙහි බත ඉවසත්වා යි. තෙර මහණහු නිහඬබැවින් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි තෙර මහණුන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැඟී තෙර මහණහු වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJTඅථ ඛො ථෙරා භික්ඛූ තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන චිත්තස්ස ගහපතිනො ගොකුලං තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිංසු. අථ ඛො චිත්තො ගහපති ථෙරෙ භික්ඛූ පණීතෙන සප්පිපායාසෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො ථෙරා භික්ඛූ භුත්තාවිනො ඔනීතපත්තපාණිනො උට්ඨායාසනා පක්කමිංසු. චිත්තොපි ඛො ගහපති සෙසකං විස්සජ්ජෙථාති වත්වා ථෙරෙ භික්ඛූ පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි.
Sinhala BJTඉක්බිති තෙර මහණහු ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ ගෝකුලය වෙත එළඹියහ. එළඹ පැන වූ අසුන්හි හිඳගත්හ. එකල්හි චිත්ත ගැහැවි තෙර මහණුන් ප්‍රණීත වූ ගිතෙල්මුසු කිරිබතින් සියතින් සැතැප්පී ය. මැනවින් පැවරීය. ඉක්බිති තෙර මහණහු වැළඳුවාහු පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තාහු හුනස්නෙන් නැඟී වැඩියහ. චිත්ත ගැහැවි තෙමේ ද සෙස්ස බැහැර කරවයි කියා තෙර මහණුන් පසු පස අනු ගමන් කෙළේය.
Pali BJTතෙන ඛො පන සමයෙන උණ්හං හොති කුඨිතං{1}, තෙ ච ථෙරා භික්ඛූ පවෙලියමානෙන මඤ්ඤෙ කායෙන ගච්ඡන්ති යථා තං සුභොජනං භුත්තාවිනො. තෙන ඛො පන සමයෙන ආයස්මා මහකො තස්මිං භික්ඛුසඞ්ඝෙ සබ්බනවකො හොති. අථ ඛො ආයස්මා මහකො ආයස්මන්තං ථෙරං එතදවොච: සාධු ඛ්වස්ස භන්තෙ ථෙර{2} යං සීතකො වාතො වායෙය්ය, අබ්භසම්පිලාපො{3} ච අස්ස, දෙවො ච එකමෙකං ඵුසායෙය්යාති{4}. සාධු ඛ්වස්ස ආවුසො මහක යං සීතකො ච වාතො වායෙය්ය, අබ්භසම්පිලාපො ච අස්ස, දෙවො ච එකමෙකං ඵුසායෙය්යාති. අථ ඛො ආයස්මා මහකො තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි{5} යථා{6} සීතකො ච වාතො වායිත්ථ{7} අබ්භසම්පිලාපො ච අස්ස, දෙවො ච එකමෙකං ඵුසි.
Sinhala BJTඑසමයෙහි කැකෑරෙන උණුසුම වෙයි. ඒ තෙර මහණහු ද මිහිරි බොජුන් වැළඳූවන් සේ පැසෙන හැකිළෙන කයින් යුතු ව මෙන් යෙති. එකල්හි ආයුෂ්මත් මහක තෙරණුවෝ ඒ බික් සඟන අතර සියල්ලන්ට නවක වෙති. එකල ආයුෂ්මත් මහක තෙරණුවෝ ආයුෂ්මත් තෙරුන්ට මෙය කීහ: වහන්ස, තෙරණුවනි, “යම් හෙයකින් සිහිල් සුළඟ හමන්නේ නම් වලාකුළු පාවීමෙකුත් වන්නේ නම් වැස්සත් එක එක පොද හෙලන්නේ වී නම් යහපත් වන්නේ දැ?” යි. ඇවැත්නි, මහකයෙනි, යම් හෙයකින් සිහිල් සුළඟ හමන්නේ නම් වලාකුළු පාවීමෙකුත් වන්නේ නම් වැස්සත් එක එක පොද හෙලන්නේ වී නම් යහපතැ යි. එකල්හි ආයුෂ්මත් මහක තෙමේ යම් සේ සිහිල් සුළඟත් හැමී ද වලාකුළු පාවීමත් වී ද වැස්සත් එක එක පොද හෙළී ද එබඳු ඍද්ධියක් කෙළේ ය.
Pali BJTඅථ ඛො චිත්තස්ස ගහපතිස්ස{8} එතදහොසි: යො ඛො ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ සබ්බනවකො භික්ඛු, තස්ස{9} එවරූපො ඉද්ධානුභාවොති. අථ ඛො ආයස්මා මහකො ආරාමං සම්පාපුණිත්වා ආයස්මන්තං ථෙරං එතදවොච: අලමෙත්තාවතා භන්තෙ ථෙරාති. අලමෙත්තාවතා ආවුසො මහක, කතමෙත්තාවතා ආවුසො මහක, පූජිතමෙත්තාවතා ආවුසො මහකාති. අථ ඛො ථෙරා භික්ඛූ යථාවිහාරං අගමංසු. ආයස්මාපි මහකො සකං විහාරං අගමාසි.
Sinhala BJTඑකල්හි චිත්ත ගැහැවිහට මෙබඳු සිතෙක් විය: “මේ බික් සඟන අතර සියල්ලන්ට නවක වූ යම් මහක කෙනෙක් වෙත් නම් මෙබඳු ඍද්ධ්‍යානුභාවය උන්වහන්‍සේගේ ය”යි. ඉක්බිති ආයුෂ්මත් මහක අරමට පැමිණ ආයුෂ්මත් තෙරණුවන්ට “වහන්ස, තෙරණුවනි, මෙතෙකින් පමණ දැ?” යි මෙය කීය. ඇවැත්නි මහකයෙනි, මෙතෙකින් පමණ ය. ඇවැත්නි මහකයෙනි, මෙතෙකින් කරන ලද්දේ ය. ඇවැත්නි මහකයෙනි, මෙතෙකින් පුදන ලද්දේ යයි. ඉන් පසු තෙර මහණහු සිය සිය වෙහෙරට ගියහ. ආයුෂ්මත් මහක ද සිය වෙහෙරට ගියේය.
Pali BJTඅථ ඛො චිත්තො ගහපති යෙනායස්මා මහකො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහකං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ආයස්මන්තං මහකං එතදවොච: සාධු මෙ භන්තෙ අය්යො මහකො උත්තරිමනුස්සධම්මා ඉද්ධිපාටිහාරියං දස්සෙතූති. තෙන හි ත්වං ගහපති ආලින්දෙ උත්තරාසඞ්ගං පඤ්ඤාපෙත්වා තිණකලාපං ඔකාසෙහීති. එවම්භන්තෙති ඛො චිත්තො ගහපති ආයස්මතො මහකස්ස පටිස්සුත්වා ආලින්දෙ උත්තරාසඞ්ගං පඤ්ඤාපෙත්වා තිණකලාපං ඔකාසෙසි.
Sinhala BJTඉක්බිති චිත්ත ගැහැවි ආයුෂ්මත් මහක වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහකයන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් මහකට මෙය කී ය: වහන්ස, “මහක ආර්‍ය්‍යයන් වහන්සේ මට උතුරු මිනිස් දමින් ඉදු පෙළහරක් දක්වන සේක්වා” යි. ගැහැවි, එසේ වී නම් තෙපි පිලෙහි උතුරු සළුව අතුරා තණ මිටියක් විසුරුව යි. වහන්ස, එසේ යයි චිත්ත ගැහැවි ආයුෂ්මත් මහකහට පිළිතුරු දී පිලෙහි උතුරු සළුව අතුරා තණ මිටියක් විසුරු වී ය.
Pali BJTඅථ ඛො ආයස්මා මහකො විහාරං පවිසිත්වා සූචිඝටිකං දත්වා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි, යථා තාලච්ඡිග්ගලෙන ච අග්ගලන්තරිකාය ච අච්චි නික්ඛමිත්වා තිණානි ඣාපෙසි, උත්තරාසඞ්ගං න ඣාපෙසි. අථ ඛො චිත්තො ගහපති උත්තරාසඞ්ගං පප්ඵොටෙත්වා සංවිග්ගො ලොමහට්ඨජාතො එකමන්තං අට්ඨාසි. අථ ඛො ආයස්මා මහකො විහාරා නික්ඛමිත්වා චිත්තං ගහපතිං එතදවොච: “අලමෙත්තාවතා, ගහපතී”ති. අලමෙත්තාවතා භන්තෙ මහක, කතමෙත්තාවතා භන්තෙ මහක, පූජිතමෙත්තාවතා භන්තෙ මහක, අභිරමතු භන්තෙ අය්යො මහකො මච්ඡිකාසණ්ඩෙ. රමණීයං අම්බාටකවනං. අහං අය්යස්ස මහකස්ස උස්සුක්කං කරිස්සාමි චීවර-පිණ්ඩපාත-සෙනාසන-ගිලානප්පච්චය-භෙසජ්ජපරික්ඛාරානන්ති. කල්යාණං වුච්චති ගහපතීති. අථ ඛො ආයස්මා මහකො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය මච්ඡිකාසණ්ඩම්හා පක්කාමි. යං මච්ඡිකාසණ්ඩම්හා පක්කාමි තථා පක්කන්තොව අහොසි. න පුන පච්චාගඤඡීති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහක වෙහෙරට පිවිස යතුරු අගුළ දමා යම් සේ කෙසි සිදුරෙන් ද අගුළ අතරින් ද ගිනිදලු නික්ම තණකොළ දැවී ද, උතුරු සළුව නො දැවී ද එබඳු ඍද්ධියක් කෙළේ ය. එකල්හි චිත්ත ගැහැවි උතුරු සළුව පොළා සංවේගයට පැමිණියේ හටගත් ලොමු දහගැනුම් ඇත්තේ එකත්පස්ව සිටියේ ය. එවිට ආයුෂ්මත් මහක වෙහෙරින් නික්ම චිත්ත ගැහැවි හට ගැහැවි, මෙතෙකින් පමණ දැ?යි මෙය කීය. වහන්ස මහකයෙනි, මෙතෙකින් පමණ ය. වහන්ස මහකයෙනි, මෙතෙකින් කරන ලද්දේ ය. වහන්ස මහකයෙනි, මෙතෙකින් පුදන ලද්දේ ය. වහන්ස මහක ආර්‍ය්‍යයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වෙසෙන සේක්වා, අම්බාටක වනය සිත්කලු ය, මම මහක ආර්‍ය්‍යයන් වහන්සේට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිබඳ ව උත්සාහ කරන්නෙමි යි. ගැහැවිය යහපතෙක් කියනු ලැබේ යි. එකල්හි ආයුෂ්මත් මහක සෙනසුන සකසා තබා පා සිවුරු ගෙන මච්ඡිකාසණ්ඩයෙන් නික්ම ගියේය. යම් සේ මච්ඡිකාසණ්ඩයෙන් ගියේ ද එසේ ගියේ ම විය. යළි පෙරළා නො ආයේ යි.
Pali BJT7. 1. 5.
Sinhala BJT7. 1. 5.
Pali BJTකාමභූසුත්තං
Sinhala BJTකාමභූ සූත්‍රය
Pali BJT409. එකං සමයං ආයස්මා කාමභූ මච්ඡිකාසණ්ඩෙ විහරති අම්බාටකවනෙ. අථ ඛො චිත්තො ගහපති යෙනායස්මා කාමභූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං කාමභුං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චිත්තං ගහපතිං ආයස්මා කාමභූ එතදවොච: වුත්තමිදං ගහපති:
Sinhala BJT409. එක්කලෙක ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් කාමභූ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් කාමභූ තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි හට ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මෙය වදාළහ: ගැහැවිය, මෙය වදාරන ලද්දේය:
Pali BJTනෙලඞ්ගො සෙතපච්ඡාදො එකාරො වත්තතී රථො අනීඝං පස්ස ආයන්තං{1} ඡින්නසොතං අබන්ධනන්ති.
Sinhala BJT“නිදොස් වූ සුදු වැස්මක් ඇති එක් දැවියක් ඇති රියක් තිබේ. දුක් නැති සුන් සැඩ පහර ඇති බැඳුම් රහිත එන්නහු බලව” යි.
Pali BJTඉමස්ස නු ඛො ගහපති සංඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති? කින්නු ඛො එතං භන්තෙ භගවතා භාසිතන්ති? එවං ගහපතීති. තෙන හි භන්තෙ මුහුත්තං ආගමෙහි යාවස්ස අත්ථං පෙක්ඛාමීති. අථ ඛො චිත්තො ගහපති මුහුත්තං තුණ්හී හුත්වා ආයස්මන්තං කාමභුං එතදවොච:
Sinhala BJTගැහැවිය, සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් කෙසේ දත යුතු දැ?යි. වහන්ස, කිමෙක් ද? මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ?යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, එසේ වී නම් යම් තාක් මෙහි අරුත පිරික්‍ෂා බලම් ද, ඒ තාක් මොහොතක් පොරොත්තු වනු මැනවැ යි. ඉක්බිති චිත්ත ගැහැවි මොහොතක් නිහඬ ව ආයුෂ්මත් කාමභූ තෙරණුවන්ට මෙය කීය:
Pali BJTනෙලඞ්ගන්ති ඛො භන්තෙ සීලානමෙතං අධිවචනං. සෙතපච්ඡාදොති ඛො භන්තෙ විමුත්තියා එතං අධිවචනං. එකාරොති ඛො භන්තෙ සතියා එතං අධිවචනං. වත්තතීති ඛො භන්තෙ අභික්කමපටික්කමස්සෙතං අධිවචනං. රථොති ඛො භන්තෙ ඉමස්සෙතං චාතුමහාභූතිකස්ස කායස්ස අධිවචනං මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විද්ධංසන ධම්මස්ස. රාගො ඛො භන්තෙ නීඝො දොසො නීඝො මොහො නීඝො. තෙ ඛීණාසවස්ස භික්ඛුනො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා ඛීණාසවො භික්ඛු අනීඝොති වුච්චති. ආයන්තන්ති{1} ඛො භන්තෙ අරහතො එතං අධිවචනං. සොතොති ඛො භන්තෙ තණ්හාය එතං අධිවචනං. සා ඛීණාසවස්ස භික්ඛුනො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා ඛීණාසවො භික්ඛු ඡින්නසොතොති වුච්චති. රාගො ඛො භන්තෙ බන්ධනං, දොසො බන්ධනං, මොහො බන්ධනං. තෙ ඛීණාසවස්ස භික්ඛුනො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තස්මා ඛීණාසවො භික්ඛු අබන්ධනොති වුච්චති. ඉති ඛො භන්තෙ යන්තං වුත්තං භගවතා:
Sinhala BJTවහන්ස, “නෙලඞ්ග” යනු සීලයට මේ නමෙකි. වහන්ස, “සේතපච්ඡාද” යනු විමුක්තියට මේ නමෙකි. වහන්ස, “ඒකාර” යනු සිහියට මේ නමෙකි. වහන්ස, “වත්තති” යනු ඉදිරි ගමනට හා පසුගමනට මේ නමෙකි. වහන්ස, “රථ” යනු මව්පියන්ගෙන් උපන් බත් කොමු පිඬු වලින් වැඩුනු නිතර ඉලීම් පිරිමැදීම් කෙරෙතු දු බිඳෙන වැනසෙන ස්වභාව ඇති සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයට මේ නමෙකි. වහන්ස, රාගය නීඝයෙකි, දෝසය නීඝයෙකි, මෝහය නීඝයෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ. උසුන් මුල් ඇතියහ. හිස් සුන් තල් ගසක් මෙන් කරන ලදහ. නැවත නො හටගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. එහෙයින් රහත් මහණහු අනීඝ යයි කියනු ලැබෙත්. වහන්ස, “ආයන්ත” යනු රහතුන් වහන්සේට මේ නමෙකි. වහන්ස, “සෝත” යනු තෘෂ්ණාවට මේ නමෙකි. රහත් මහණුන් වහන්සේ විසින් එය ප්‍රහීණ ය. උසුන් මුල් ඇතියේ ය. හිස් සුන් තල් ගසක් මෙන් කරන ලද්දේ ය. යළි නොහට ගන්නා බව කරන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. එහෙයින් රහත් මහණහු “ඡින්න සෝතය” යි කියනු ලැබෙත්. වහන්ස, රාගය බැඳුමෙකි. දෝසය බැඳුමෙකි. මෝහය බැඳුමෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ. උසුන් මුල් ඇතියහ. හිස් සුන් තල් ගසක් මෙන් කරන ලදහ. යළි නො හට ගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. එහෙයින් රහත් මහණහු “අබන්‍ධනය” යි කියනු ලැබෙති යි. වහන්ස මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ යමක් වදාරන ලද්දේ ද:
Pali BJT“නෙලඞ්ගො සෙතපච්ඡාදො එකාරො වත්තතී රථො අනීඝං පස්ස ආයන්තං{1} ඡින්නසොතං අබන්ධන”න්ති.
Sinhala BJT“නිදොස් වූ සුදු වැස්මක් ඇති එක් දැවියක් ඇති රියක් තිබේ. දුක් නැති සුන් සැඩ පහර ඇති බැඳුම් රහිත එන්නහු බලව” යි.
Pali BJTඉමස්ස ඛ්වාහං භන්තෙ{2} භගවතා සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති. ලාභා තෙ ගහපති, සුලද්ධන්තෙ ගහපති, යස්ස තෙ ගම්භීරෙ බුද්ධවචනෙ පඤ්ඤාචක්ඛු කමතීති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වයන්සේ විසින් සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් මම මෙසේ දනිමි යි. ගැහැවිය, යම් බඳු තොපගේ පැනැස ගැඹුරු බුදු වදනෙහි පවතී ද, ගැහැවිය, ඒ තොපට ඒකාන්තයෙන් ලාභයෙකි. තොපට මනා ලැබීමෙකි යි.
Pali BJT7. 1. 6.
Sinhala BJT7. 1. 6.
Pali BJTදුතියකාමභූසුත්තං
Sinhala BJTදුතිය කාමභූ සූත්‍රය
Pali BJT410. එකං සමයං ආයස්මා කාමභූ මච්ඡිකාසණ්ඩෙ විහරති අම්බාටකවනෙ. අථ ඛො චිත්තො ගහපති යෙනායස්මා කාමභූ -පෙ- එකමන්තං නිසින්නො ඛො චිත්තො ගහපති ආයස්මන්තං කාමභුං එතදවොච: කති නු ඛො භන්තෙ සඞ්ඛාරාති. තයො ඛො ගහපති සඞ්ඛාරා කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරොති. සාධු භන්තෙති ඛො චිත්තො ගහපති ආයස්මතො කාමභුස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං කාමභුං උත්තරිං පඤ්හං ආපුච්ඡි. කතමො පන භන්තෙ කායසඞ්ඛාරො? කතමො වචීසඞ්ඛාරො? කතමො චිත්තසඞ්ඛාරොති? අස්සාසපස්සාසා ඛො ගහපති කායසඞ්ඛාරො, විතක්කවිචාරා වචීසඞ්ඛාරො, සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරොති. සාධු භන්තෙති ඛො චිත්තො ගහපති -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි:
Sinhala BJT410. එක්කලෙක ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් කාමභූ තෙරුන් වෙත … එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරුන්ට මෙය කී ය: වහන්ස, “සඞ්ඛාර කෙතෙක් දැ?” යි. ගැහැවිය, සඞ්ඛාර තුනෙකි. කාය සඞ්ඛාර ය, වචී සඞ්ඛාර ය, චිත්ත සඞ්ඛාර යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරුණුවන්ගේ වචනය පිළිගෙන අනුමෝදන් ව ආයුෂ්මත් කාමභූ තෙරුන් මතු දැක්වෙන පැනය පුළුවුත. වහන්ස, කාය සඞ්ඛාර කවරේ ද? වචී සඞ්ඛාර කවරේ ද? චිත්ත සඞ්ඛාර කවරේ ද? යි. ගැහැවි, ආස්වාස, ප්‍රස්වාස කාය සඞ්ඛාර ය. විතර්‍ක, විචාර වචී සඞ්ඛාර ය. සංඥාත්, වේදනාත් චිත්ත සඞ්ඛාර යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මතු දැක්වෙන පැනය පුළුවුත.
Pali BJTකස්මා පන භන්තෙ අස්සාසපස්සාසා කායසඞ්ඛාරො? කස්මා විතක්කවිචාරා වචීසඞ්ඛාරො? කස්මා සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරොති? අස්සාසපස්සාසා ඛො ගහපති කායිකා. එතෙ ධම්මා කායපටිබද්ධා, තස්මා අස්සාසපස්සාසා කායසඞ්ඛාරො. පුබ්බෙ ඛො ගහපති විතක්කෙත්වා විචාරෙත්වා පච්ඡා වාචං භින්දති, තස්මා විතක්කවිචාරා වචීසඞ්ඛාරො. සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා. එතෙ ධම්මා චිත්තපටිබද්ධා, තස්මා සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරොති. සාධු භන්තෙති ඛො චිත්තො ගහපති -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි:
Sinhala BJTවහන්ස, කුමක් හෙයින් ආස්වාස ප්‍රස්වාස කාය සඞ්ඛාර වේ ද? කුමක් හෙයින් විතර්‍ක විචාර වචී සඞ්ඛාර වේ ද? කුමක් හෙයින් සංඥාත් වේදනාත් චිත්ත සඞ්ඛාර වේ දැ? යි. ගැහැවිය, ආස්වාස ප්‍රස්වාස කායික ය. මේ දහම්හු කය පිළිබඳහ. එහෙයින් ආස්වාස ප්‍රස්වාස කාය සඞ්ඛාර වේ. ගැහැවි, පළමු තර්‍කණය කොට විචාරණය කොට පසුව වාග් භේදය කරයි. එහෙයින් විතර්‍ක විචාර වචී සඞ්ඛාර වේ. සංඥාත් වේදනාත් චෛතසිකයහ. මේ දහම්හු සිත පිළිබඳහ. එහෙයින් සංඥාත් වේදනාත් චිත්ත සඞ්ඛාර වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි ද පැනයක් පුළුවුත.
Pali BJTකථං පන භන්තෙ සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති හොතීති? න ඛො ගහපති සඤ්ඤාවෙදයිත නිරොධං සමාපජ්ජන්තස්ස භික්ඛුනො එවං හොති: “අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජිස්සන්ති වා අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජාමීති වා අහං සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො’ති වා{1} ති, අථ ඛ්වස්ස පුබ්බෙව තථා චිත්තං භාවිතං හොති යංතං තථත්තාය උපනෙතීති. සාධු භන්තෙති ඛො චිත්තො ගහපති -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි:
Sinhala BJTවහන්ස, කෙසේ නම් සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය වේ දැ?යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට සමවදනා මහණහුට මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට සමවදින්නෙමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවනිමි යි හෝ මෙබඳු සිතෙක් නො වේ. වැලිදු යම් සිතක් ඔහු ඒ බැව් පිණිස පමුණුවා නම් එසේ පළමු ම ඔහුගේ සිත වඩන ලද්දේ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.
Pali BJTසඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජන්තස්ස පන භන්තෙ භික්ඛුනො කතමෙ ධම්මා පඨමං නිරුජ්ඣන්ති යදි වා කායසඞ්ඛාරො යදි වා වචීසඞ්ඛාරො යදි වා චිත්තසඞ්ඛාරො? ති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජන්තස්ස ඛො ගහපති භික්ඛුනො වචීසඞ්ඛාරො පඨමං නිරුජ්ඣති, තතො කායසඞ්ඛාරො, තතො චිත්තසඞ්ඛාරොති. සාධු භන්තෙති ඛො චිත්තො ගහපති -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි:
Sinhala BJTවහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදනා මහණුන් වහන්සේගේ කවර දහම්හු පළමු නිරුද්ධ වෙද්ද? ඉදින් කායසඞ්ඛාර හෝ ඉදින් වචීසඞ්ඛාර හෝ ඉදින් චිත්තසඞ්ඛාර හෝ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදනා මහණහුගේ වචීසඞ්ඛාර පළමු නිරුද්ධ වේ. ඉන් පසු කායසඞ්ඛාර ද ඉන් පසු චිත්තසඞ්ඛාර ද නිරුද්ධ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.
Pali BJTයොයං භන්තෙ මතො කාලකතො, යොචායං භික්ඛු සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො, ඉමෙසං කිං නානාකරණන්ති? ය්වායං ගහපති මතො කාලකතො, තස්ස කායසඞ්ඛාරො නිරුද්ධො පටිප්පස්සද්ධො, වචීසඞ්ඛාරො නිරුද්ධො පටිප්පස්සද්ධො චිත්තසඞ්ඛාරො නිරුද්ධො පටිප්පස්සද්ධො, ආයු පරික්ඛීණං උස්මා වූපසන්තා, ඉන්ද්රියානි විපරිභින්නානි{2}. යො ච ඛ්වායං ගහපති භික්ඛු සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො, තස්සපි කායසඞ්ඛාරො නිරුද්ධො පටිප්පස්සද්ධො, වචීසඞ්ඛාරො නිරුද්ධො පටිප්පස්සද්ධො, චිත්තසඞ්ඛාරො නිරුද්ධො පටිප්පස්සද්ධො, ආයු අපරික්ඛීණං, උස්මා අවුපසන්තා, ඉන්ද්රියානි විප්පසන්නානි. ය්වායං ගහපති, මතො කාලකතො, යොචායං භික්ඛු සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො, ඉදං නෙසං නානාකරණන්ති. සාධු භන්තෙති ඛො චිත්තො ගහපති -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි:
Sinhala BJTවහන්ස, මේ යමෙක් මළේ ද කලුරිය කෙළේ ද යම් මේ මහණ කෙනෙකුත් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්හු ද මොවුන්ගේ වෙනස කිමෙක් දැ?යි. ගැහැවි, මේ යමෙක් මළේ ද කලුරිය කෙළේ ද ඔහුගේ කායසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. වචීසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. චිත්තසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. ආයු පිරිහුණේ උණුසුම සන්හිනි, ඉඳුරෝ නටහ. ගැහැවි, යම් මහණෙකුත් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවනි ද ඔහුගේත් කායසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. වචීසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. චිත්තසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. ආයු නො පිරිහින, උණුසුම නො සන්හිනි, ඉඳුරෝ වෙසෙසින් පහන් හ. ගැහැවි, මේ යමෙක් මළේ ද කලුරිය කෙළේ ද යම් මේ මහණෙකුත් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවනි ද මේ ඔවුන්ගේ වෙනස යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි තෙමේ … මතු පැන පිළිවිසී ය.
Pali BJTකථං පන භන්තෙ සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨානං හොතීති. න ඛො ගහපති සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහන්තස්ස භික්ඛුනො එවං හොති: “අහං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහිස්සන්ති වා අහං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහාමීති වා අහං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතො වා” ති. අථ ඛ්වස්ස පුබ්බෙව තථා චිත්තං භාවිතං හොති යං තං තථත්තාය උපනෙතීති. සාධු භන්තෙති ඛො චිත්තො ගහපති -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි:
Sinhala BJTවහන්ස, කෙසේ නම් සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටීම වේ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටින මහණහුට මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටින්නෙමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටිමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටියෙමි යි හෝ මෙබඳු සිතෙක් නො වෙයි. වැලිදු යම් සිතක් ඒ බව පිණිස ඔහු පමුණුවා නම් එසේ ඔහුගේ සිත පළමු මැ වඩන ලද්දේ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි ද පැනයක් පුළුවුත.
Pali BJTසඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහන්තස්ස පන භන්තෙ භික්ඛුනො කතමෙ ධම්මා පඨමං උප්පජ්ජන්ති, යදි වා කායසඞ්ඛාරො යදි වා වචීසඞ්ඛාරො යදි වා චිත්තසඞ්ඛාරොති? සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහන්තස්ස ඛො ගහපති, භික්ඛුනො චිත්තසඞ්ඛාරො පඨමං උප්පජ්ජති, තතො කායසඞ්ඛාරො, තතො වචීසඞ්ඛාරොති. සාධු භන්තෙති ඛො චිත්තො ගහපති -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි:
Sinhala BJTවහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටුනා මහණුන් වහන්සේගේ කවර දහම්හු පළමු උපදිද් ද? ඉදින් කායසඞ්ඛාර හෝ ඉදින් වචීසඞ්ඛාර හෝ ඉදින් චිත්තසඞ්ඛාර හෝ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටුනා මහණහුට චිත්තසඞ්ඛාර පළමු උපදී. ඉන්පසු කායසඞ්ඛාර ද ඉන්පසු වචීසඞ්ඛාර ද උපදි යි. මැනව වහන්සැ යි චිත්තගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.
Pali BJTසඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතං පන භන්තෙ භික්ඛුං කති ඵස්සා ඵුසන්තීති? සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතං ඛො ගහපති භික්ඛුං තයො ඵස්සා ඵුසන්ති සුඤ්ඤතො ඵස්සො අනිමිත්තො ඵස්සො අප්පණිහිතො ඵස්සොති. සාධු භන්තෙති ඛො චිත්තො ගහපති -පෙ- උත්තරිං පඤ්හං ආපුච්ඡි:
Sinhala BJTවහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටුනා මහණුන් වහන්සේ කෙතෙක් පහස්හු පුසිද්දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටි මහණහු සුඤ්ඤතඵස්ස ය අනිමිත්තඵස්ස ය අප්පණිහිතඵස්ස ය යන තුන් පහස්හු පුසිති යි. මැනව වහන්සැ යි චිත්තගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.
Pali BJTසඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතස්ස පන භන්තෙ භික්ඛුනො කිං නින්නං චිත්තං හොති කිං පොනං කිං පබ්භාරන්ති? සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතස්ස ඛො ගහපති භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරන්ති. සාධු භන්තෙති ඛො චිත්තො ගහපති ආයස්මතො කාමභුස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං කාමභුං උත්තරිං පඤ්හං ආපුච්ඡි:
Sinhala BJTවහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටි මහණුන් වහන්සේගේ සිත කුමකට නැමුණේ කුමකට නැඹුරු වූයේ කුමකට බර වූයේ වේ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටි මහණහුගේ සිත විවේකයට (නිවනට) නැමුණේ විවේකයට නැඹුරු වූයේ විවේකයට බර වූයේ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරණුවන්ගේ වදන පිළිගෙන අනුමෝදන් ව ආයුෂ්මත් කාමභූ තෙරණුවන් මත්තෙහි පැනයක් පුළුවුත.
Pali BJTසඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා පන භන්තෙ කති ධම්මා බහුකාරාති. අද්ධා ඛො ත්වං ගහපති යං පඨමං පුච්ඡිතබ්බං තං පච්ඡා පුච්ඡසි. අපි ච ත්යාහං ව්යාකරිස්සාමි. සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා ඛො ගහපති ද්වෙ ධම්මා බහූපකාරා සමථො ච විපස්සනා චාති.
Sinhala BJTවහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට කොතෙක් දහම්හු බොහෝ උපකාර ඇත්තේ දැ? යි. ගැහැවි, තෙපි ඒකාන්තයෙන් යමක් පළමු පිළිවිසිය යුතු නම් එය පසුව පුළුවුත්හු. එහෙත් තොපට මම විසඳන්නෙමි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට සමථය ද විපස්සනාව ද යන දෙදහම්හු බොහෝ උපකාර ඇත්තේ යි.
Pali BJT7. 1. 7.
Sinhala BJT7. 1. 7.
Pali BJTගොදත්තසුත්තං
Sinhala BJTගෝදත්ත සූත්‍රය
Pali BJT411. එකං සමයං ආයස්මා ගොදත්තො මච්ඡිකාසණ්ඩෙ විහරති අම්බාටකවනෙ. අථ ඛො චිත්තො ගහපති යෙනායස්මා ගොදත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං ගොදත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චිත්තං ගහපතිං ආයස්මා ගොදත්තො එතදවොච:
Sinhala BJT411. එක්කලෙක ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවන් වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවිහට ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවෝ මෙය වදාළහ:
Pali BJTයා චායං ගහපති අප්පමාණා චෙතොවිමුත්ති, යා ච ආකිඤ්චඤ්ඤා චෙතොවිමුත්ති යා ච සුඤ්ඤතා චෙතොවිමුත්ති යා ච අනිමිත්තා චෙතොවිමුත්ති. ඉමෙ ධම්මා නානත්ථා{1} නානා ව්යඤ්ජනා? උදාහු එකත්ථා{2} ව්යඤ්ජනමෙව නානන්ති?
Sinhala BJTගැහැවි, යම් මේ අප්පමාණ චේතෝවිමුක්තියෙකුත් යම් ආකිඤ්චඤ්ඤ චේතෝවිමුක්තියෙකුත් යම් සුඤ්ඤත චේතෝවිමුක්තියෙකුත් වේ නම් මේ දහම්හු නොයෙක් නොයෙක් අර්‍ත්‍ථ ඇත්තාහුත් නොයෙක් නොයෙක් ව්‍යඤ්ජන ඇත්තාහුත් වෙත් ද? නැතහොත් එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි.
Pali BJTඅත්ථි භන්තෙ පරියායො යං පරියායං ආගම්ම ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාව්යඤ්ජනා ච. අත්ථි පන භන්තෙ පරියායො යං පරියායං ආගම්ම ඉමෙ ධම්මා එකත්ථා ව්යඤ්ජනමෙව නානන්ති.
Sinhala BJTවහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු නානා අර්‍ත්‍ථ ඇත්තාහුත් නානා ව්‍යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් එබඳු නයෙක් ඇත. වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් නම් එබඳු නයකුත් ඇත.
Pali BJTකතමො ච භන්තෙ පරියායො යං පරියායං ආගම්ම ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාව්යඤ්ජනා ච:
Sinhala BJTවහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු නානා අර්‍ත්‍ථ ඇත්තාහුත් නානා ව්‍යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් ඒ නය කවරේ ද යත්:
Pali BJTඉධ භන්තෙ භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං,{1} ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන{2} ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. අයං වුච්චති, භන්තෙ, අප්පමාණා චෙතොවිමුත්ති.
Sinhala BJTවහන්ස, මෙහි මහණුන් වහන්සේ මෛත්‍රීසහගත සිතින් එක් දිගක් පැතිරගෙන වෙසෙති. දෙවන දිග ද එසේ ය. තෙවන දිග ද එසේ ය. සිවුවන දිග ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මභාවයෙන් සියල්ලෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය අපමණ වූ නිදොස් වූ නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙති. කුළුණු සහගිය සිතින් … මුදිතා සහගත සිතින් …මැදහත් බැවු සහගිය සිතින් එක් දිගක් පැතිරගෙන වෙසෙති. දෙවන දිග ද එසේ ය. තෙවන දිග ද එසේ ය. සිවුවන දිග ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මභාවයෙන් සියල්ලෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය අපමණ වූ නිදොස් වූ නිදුක් වූ මැදහත් වූ උපේක්‍ෂා සහගිය සිතින් පතුරුවා වෙසෙති. වහන්ස, මේ අප්පමාණ චේතෝවිමුක්තිය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භන්තෙ, ආකිඤ්චඤ්ඤාචෙතොවිමුත්ති:
Sinhala BJTවහන්ස, ආකිඤ්චඤ්ඤ චේතෝවිමුක්තිය කවර යත්:
Pali BJTඉධ භන්තෙ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම, නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භන්තෙ ආකිඤ්චඤ්ඤාචෙතොවිමුත්ති.
Sinhala BJTවහන්ස, මේ මහණුන් වහන්සේ සර්‍ව ප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙති. වහන්ස, මේ ආකිඤ්චඤ්ඤ චේතෝවිමුක්තිය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භන්තෙ සුඤ්ඤතාචෙතොවිමුත්ති:
Sinhala BJTවහන්ස, සුඤ්ඤත චේතෝවිමුක්තිය කවර යත්:
Pali BJTඉධ භන්තෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසංචික්ඛති සුඤ්ඤමිදං අත්තෙන වා අත්තනියෙන වා, අයං වුච්චති භන්තෙ සුඤ්ඤතාචෙතොවිමුත්ති.
Sinhala BJTවහන්ස, මෙහි මහණුන් වහන්සේ අරණකට ගියාහු හෝ රුක් මුලකට ගියාහු හෝ හිස් ගෙයකට ගියාහු හෝ මෙය තමාගෙන් හෝ තමා සතු දැයකින් හිස් යයි මෙසේ නුවණින් සලකා බලති. වහන්ස, මේ සුඤ්ඤත චේතෝවිමුක්තිය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භන්තෙ අනිමිත්තා චෙතොවිමුත්ති:
Sinhala BJTවහන්ස, අනිමිත්ත චේතෝවිමුක්තිය කවර යත්:
Pali BJTඉධ භන්තෙ භික්ඛු සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතො සමාධිං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භන්තෙ අනිමිත්තාචෙතොවිමුත්ති. අයං ඛො භන්තෙ පරියායො යං පරියායං ආගම්ම ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාව්යඤ්ජනා ච.
Sinhala BJTවහන්ස, මෙහි මහණුන් වහන්සේ සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් නිමිති රහිත චේතෝ සමාධියට පැමිණ වෙසෙති. වහන්ස, මේ අනිමිත්ත චේතෝවිමුක්තිය යි කියනු ලැබේ. වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු නානා අර්‍ත්‍ථ ඇත්තාහුත් නානා ව්‍යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් මේ ඒ නය යි.
Pali BJTකතමො ච භන්තෙ පරියායො යං පරියායං ආගම්ම ඉමෙ ධම්මා එකත්ථා ව්යඤ්ජනමෙව නානං:
Sinhala BJTවහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් නම් ඒ නය කවරේ ද යත්:
Pali BJTරාගො ඛො භන්තෙ පමාණකරණො දොසො පමාණකරණො මොහො පමාණකරණො. තෙ ඛීණාසවස්ස භික්ඛුනො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. යාවතා ඛො භන්තෙ අප්පමාණා චෙතොවිමුත්තියො අකුප්පා තාසං චෙතොවිමුත්ති අග්ගමක්ඛායති. සා ඛො පනාකුප්පා චෙතොවිමුත්ති සුඤ්ඤා රාගෙන සුඤ්ඤා දොසෙන සුඤ්ඤා මොහෙන. රාගො ඛො භන්තෙ කිඤ්චනං දොසො කිඤ්චනං මොහො කිඤ්චනං. තෙ ඛීණාසවස්ස භික්ඛුනො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. යාවතා ඛො භන්තෙ ආකිඤ්චඤ්ඤා චෙතොවිමුත්තියො අකුප්පා තාසං චෙතොවිමුත්ති අග්ගමක්ඛායති; සා ඛො පනාකුප්පා චෙතොවිමුත්ති සුඤ්ඤා රාගෙන සුඤ්ඤා දොසෙන සුඤ්ඤා මොහෙන.
Sinhala BJTවහන්ස, රාගය පමණ කරන්නෙකි, ද්වේෂය පමණ කරන්නෙකි, මෝහය පමණ කරන්නෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ, උසුන්මුල්හ, හිස්සුන් තල් ගසක් මෙන් කරන ලදහ, යළි නො හටගන්නා බව කරන ලදහ, මතු නූපදනා ස්වභාව ඇතියහ. වහන්ස, යම්තාක් අප්පමාණ චේතෝවිමුක්තීහු වෙත් නම් (රාගාදීන්) අකෝප්‍ය වූ චේතෝවිමුක්තිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. ඒ අකෝප්‍ය වූ චේතෝවිමුක්තිය රාගයෙන් හිස් ය, ද්වේෂයෙන් හිස් ය, මෝහයෙන් හිස් ය. වහන්ස, රාගය පළිබෝධයකි, ද්වේෂය පළිබෝධයකි, මෝහය පළිබෝධයකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ, උසුන්මුල්හ, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ, යලි නො හටගන්නා බව කරන ලදහ, මතු නූපදනා ස්වභාව ඇතියහ. වහන්ස, යම්තාක් ආකිඤ්චඤ්ඤ චේතෝවිමුත්තීහු වෙත් නම් අකෝප්‍ය චේතෝවිමුක්තිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. ඒ අකෝප්‍ය චේතෝවිමුක්තිය රාගයෙන් හිස් ය, ද්වේෂයෙන් හිස් ය, මෝහයෙන් හිස් ය.
Pali BJTරාගො ඛො භන්තෙ නිමිත්තකරණො දොසො නිමිත්තකරණො මොහො නිමිත්තකරණො. තෙ ඛීණාසවස්ස භික්ඛුනො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. යාවතා ඛො භන්තෙ අනිමිත්තා චෙතොවිමුත්තියො අකුප්පා තාසං චෙතොවිමුත්ති අග්ගමක්ඛායති; සා ඛො පනාකුප්පා චෙතොවිමුත්ති සුඤ්ඤා රාගෙන සුඤ්ඤා දොසෙන සුඤ්ඤා මොහෙන. අයං ඛො භන්තෙ පරියායො යං පරියායං ආගම්ම ඉමෙ ධම්මා එකත්ථා ව්යඤ්ජනමෙව නානන්ති. ලාභා තෙ ගහපති සුලද්ධන්තෙ ගහපති යස්ස තෙ ගම්භීරෙ බුද්ධවචනෙ පඤ්ඤාචක්ඛු කමතීති.
Sinhala BJTවහන්ස, රාගය නිමිති කරන්නෙකි, ද්වේෂය නිමිති කරන්නෙකි, මෝහය නිමිති කරන්නෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්‍රහීණයහ, උසුන්මුල්හ, හිස්සුන් තල්ගසක් මෙන් කරන ලදහ, නැවත නො හටගන්නා බව කරන ලදහ, මතු නූපදනා ස්වභාව ඇතියහ. වහන්ස, යම්තාක් අනිමිත්ත චේතෝවිමුත්තීහු වෙත් නම් අකෝප්‍ය චේතෝවිමුක්තිය ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ. ඒ අකෝප්‍ය වූ චේතෝවිමුක්තිය රාගයෙන් හිස් ය, ද්වේෂයෙන් හිස් ය, මෝහයෙන් හිස් ය. වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් නම් මේ ඒ නය යි. ගැහැවිය, යම්බඳු තොපගේ පැනැස ගැඹුරු බුදු වදනෙහි පවතී නම්, ගැහැවි, ඒ තොපට ලාභයෙකි. තොපට මනා ලැබීමෙකි යි.