Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10801-10900 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTදුක්කරසුත්තං
Sinhala BJTදුක්කර සූත්‍රය
Pali BJT331. කින්නු ඛො ආවුසො සාරිපුත්ත ඉමස්මිං ධම්මවිනයෙ දුක්කරන්ති. පබ්බජ්ජා ඛො ආවුසො ඉමස්මිං ධම්මවිනයෙ දුක්කරාති. පබ්බජිතෙන පනාවුසො කිං දුක්කරන්ති. පබ්බජිතෙන ඛො ආවුසො අභිරති දුක්කරාති. අභිරතෙන පන ආවුසො කිං දුක්කරන්ති. අභිරතෙන ඛො ආවුසො ධම්මානුධම්මපටිපත්ති දුක්කරාති. කීව චිරං පනාවුසො ධම්මානුධම්මපටිපන්නො භික්ඛු අරහං අස්සාති. න චිරං ආවුසොති.
Sinhala BJT331. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, මේ සස්නෙහි පැවිද්ද දුෂ්කර ය. ඇවැත්නි පැවිද්දා විසින් කුමක් දුෂ්කරදැ යි. ඇවැත්නි පැවිද්දා විසින් (පැවිද්දෙහි) ඇල්ම දුෂ්කරය. ඇවැත්නි (පැවිද්දෙහි) ඇලුනහු විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තිය දුෂ්කර ය. ඇවැත්නි ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණ කොපමණ කලකින් රහත් වන්නේ දැ යි. ඇවැත්නි නොබෝ කලකිනි යි.
Pali BJTජම්බුඛාදකසංයුත්තං සමත්තං.
Sinhala BJTජම්බුඛාදක සංයුත්තය නිමියේ යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTනිබ්බානං අරහත්තඤ්ච ධම්මවාදී කිමත්ථියං අස්සාසො පරමස්සාසො වෙදනා ආසවො තථා, අවිජ්ජා තණ්හා ඔඝොච උපාදානං භවොපිච දුක්ඛඤ්චෙව සක්කායො දුක්කරඤ්චෙති සොළස.
Sinhala BJTනිබ්බාන, අරහත්ත, ධම්මවාදි, කිමත්‍ථිය, අස්සාස, පරමස්සාස, වේදනා, ආසව, එසේම අවිජ්ජා, තණ්හා, ඕඝ, උපාදාන, භව, දුක්ඛ, සක්කාය, දුක්කර යයි සූත්‍ර සොළොසෙකි.
Pali BJT5. සාමණ්ඩකානි සංයුත්තං
Sinhala BJT5. සාමණ්ඩකානි සංයුත්තය
Pali BJT5. 1. 1.
Sinhala BJT5. 1. 1.
Pali BJTනිබ්බානසුත්තං
Sinhala BJTනිබ්බාන සූත්‍රය
Pali BJT332. එකං සමයං ආයස්මා සාරිපුත්තො වජ්ජීසු විහරති උක්කවෙලායං{1} ගඞ්ගාය නදියා තීරෙ. අථ ඛො සාමණ්ඩකානි{2} පරිබ්බාජකො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සාමණ්ඩකානි පරිබ්බාජකො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: නිබ්බානං නිබ්බානන්ති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමන්නු ඛො ආවුසො නිබ්බානන්ති. යො ඛො ආවුසො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො, ඉදං වුච්චති නිබ්බානන්ති.
Sinhala BJT332. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ වැදෑ දනව්වෙහි ගඞ්ගා ගං ඉවුරෙහි උක්කවේලා නුවර සමීපයෙහි වැඩ වසති. එකල්හි සාමණ්ඩකානි පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීය: ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, නිවන නිවන යි කියනු ලැබේ. ඇවැත්නි, නිවන කවරේ දැ යි. ඇවැත්නි, යම් රාගය ක්‍ෂය කිරීමෙක් දෝසය ක්‍ෂය කිරීමෙක් මෝහය ක්‍ෂය කිරීමෙක් වේ නම් මෙය නිවනැ යි කියනු ලැබේ.
Pali BJTඅත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියාය, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති. -පෙ-
Sinhala BJTඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මග කවරේ ද? පිළිවෙත කවරේ දැ? යි. ඇවැත්නි මේ නිවන පසක් කිරීමට මේ අරි අටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධි ය යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි. ...
Pali BJT(ජම්බුඛාදකවග්ගෙ විය විත්ථාරෙතබ්බං.)
Sinhala BJT(ජම්බුඛාදක වර්‍ගයෙහි මෙන් විස්තර කටයුතු යි)
Pali BJT5. 1. 16.
Sinhala BJT5. 1. 16.
Pali BJTදුක්කරසුත්තං
Sinhala BJTදුක්කර සූත්‍රය
Pali BJT347. කින්නු ඛො ආවුසො සාරිපුත්ත ඉමස්මිං ධම්මවිනයෙ දුක්කරන්ති? පබ්බජ්ජා ඛො ආවුසො ඉමස්මිං ධම්මවිනයෙ දුක්කරාති{3}. පබ්බජිතෙන පනාවුසො කිං දුක්කරන්ති? පබ්බජිතෙන ඛො ආවුසො අභිරති දුක්කරාති. අභිරතෙන පන ආවුසො කිං දුක්කරන්ති? අභිරතෙන ඛො ආවුසො ධම්මානුධම්මපටිපත්ති දුක්කරාති. කීවචිරං පනාවුසො ධම්මානුධම්මපටිපන්නො භික්ඛු අරහං අස්සාති? න චිරං ආවුසොති.
Sinhala BJT347. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මේ සස්නෙහි කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, මේ සස්නෙහි පැවිද්ද දුෂ්කර ය. ඇවැත්නි, පැවිද්දා විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, පැවිද්දා විසින් (පැවිද්දෙහි) ඇල්ම දුෂ්කර ය. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තිය දුෂ්කර ය. ඇවැත්නි, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න මහණ කොපමණ කලකින් රහත් වන්නේ දැ යි. ඇවැත්නි, නොබෝ කලකිනි යි.
Pali BJTසාමණ්ඩකානි සංයුත්තං සමත්තං.
Sinhala BJTසාමණ්ඩකානි සංයුත්තය නිමියේ යි.
Pali BJTපුරිමකසදිසමෙව උද්දානං
Sinhala BJTසූත්‍ර නාමාවලිය - පළමු වර්‍ගයෙහි මෙනි.
Pali BJT6. මොග්ගල්ලානසංයුත්තං
Sinhala BJT6. මොග්ගල්ලාන සංයුත්තය
Pali BJT6. 1. 1.
Sinhala BJT6. 1. 1.
Pali BJTසවිතක්කසුත්තං
Sinhala BJTසවිතක්ක සූත්‍රය
Pali BJT348. එකං සමයං ආයස්මා මහාමොග්ගල්ලානො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛූ ආමන්තෙසි “ආවුසො භික්ඛවො”ති. “ආවුසොති” ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාමොග්ගල්ලානො{1} එතදවොච: ඉධ මය්හං ආවුසො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘පඨමං ඣානං පඨමං ඣානන්’ති වුච්චති. කතමන්නු ඛො පඨමං ඣානන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති පඨමං ඣානන්ති. සො ඛ්වාහං ආවුසො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
Sinhala BJT348. එක්කලෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එහි දී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: ඇවැත්නි, මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට මෙබඳු චිත්ත විතර්‍කයෙක් පහළ විය: “පළමුවන දැහැන පළමුවන දැහැනැ” යි කියනු ලැබේ. පළමුවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ නම් මේ පළමුවන දැහැනැ යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට කාමය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
Pali BJTඅථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්රාහ්මණ, පඨමං ඣානං පමාදො, පඨමෙ ඣානෙ චිත්තං සණ්ඨපෙහි, පඨමෙ ඣානෙ චිත්තං එකොදිං{2} කරොහි, පඨමෙ ඣානෙ චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මාවදමානො වදෙය්ය: “සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තො”ති, මමන්තං සම්මාවදමානො වදෙය්ය, “සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තො”ති.
Sinhala BJTඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, පළමුවන දැහැන නහමක් වරදව. පළමුවන දැහැනෙහි සිත තබව. පළමුවන දැහැනෙහි සිත එකඟ කරව. පළමුවන දැහැනෙහි සිත පිහිටුව යි. මහණෙනි, ඒ මම පසුකාලයෙහි කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට එළඹ පසුවෙමි. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ යයි මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
Pali BJT6. 1. 2.
Sinhala BJT6. 1. 2.
Pali BJTඅවිතක්කසුත්තං
Sinhala BJTඅවිතක්ක සූත්‍රය
Pali BJT349. දුතියං ඣානං දුතියං ඣානන්ති වුච්චති. කතමං නු ඛො දුතියං ඣානන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ඉධ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති දුතියං ඣානන්ති. සො ඛ්වාහං ආවුසො විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො විතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
Sinhala BJT349. දෙවන දැහැනය දෙවන දැහැනය යි කියනු ලැබේ. දෙවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ විතර්‍කවිචාරයන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම් ඇති එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ නම් මෙය දෙවන දැහැනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම විතර්‍ක විචාර සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට විතර්‍කය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
Pali BJTඅථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්රාහ්මණ, දුතියං ඣානං පමාදො, දුතියෙ ඣානෙ චිත්තං සණ්ඨපෙහි, දුතියෙ ඣානෙ චිත්තං එකොදිං කරොහි, දුතියෙ ඣානෙ චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මා වදමානො වදෙය්ය: සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තොති, මමං තං සම්මා වදමානො වදෙය්ය සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තොති.
Sinhala BJTඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, දෙවන දැහැන නහමක් වරදව. දෙවන දැහැනෙහි සිත තබව. දෙවන දැහැනෙහි සිත එකඟ කරව. දෙවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි මම විතර්‍ක විචාර සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය”යි ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
Pali BJT6. 1. 3.
Sinhala BJT6. 1. 3.
Pali BJTසුඛසුත්තං
Sinhala BJTසුඛ සූත්‍රය
Pali BJT350. තතියං ඣානං තතියං ඣානන්ති වුච්චති. කතමං නු ඛො තතියං ඣානන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ඉධ භික්ඛු පීතියා ච විරාගා උපෙඛකො විහරති, සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්ඛන්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති. තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති තතියං ඣානන්ති. සො ඛ්වාහං ආවුසො පීතියා ච විරාගා උපෙඛකො ච විහරාමි, සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙමි. යන්තං අරියා ආචික්ඛන්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො පීතිසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
Sinhala BJT350. තෙවන දැහැන තෙවන දැහැනය යි කියනු ලැබේ. තෙවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ ප්‍රීතියත් දුරු කිරීමෙන් උපේක්‍ෂා ඇත්තේ වෙසෙයි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳියි. උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ඒ යමෙකු සඳහා ආර්‍ය්‍යයෝ කියත් නම්, ඒ තෙවන දැහැනට එළඹ වෙසේ ද, මේ තෙවන දැහැනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම ප්‍රීතියත් දුරු කිරීමෙන් උපේක්‍ෂා ඇත්තේ වෙසෙමි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳිමි. උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමකු සඳහා කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ප්‍රීතිය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
Pali BJTඅථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්රාහ්මණ, තතියං ඣානං පමාදො, තතියෙ ඣානෙ චිත්තං සණ්ඨපෙහි, තතියෙ ඣානෙ චිත්තං එකොදිං කරොහි තතියෙ ඣානෙ චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන පීතියා ච විරාගා උපෙඛකො ච විහාසිං{1} සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙසිං{2}. යන්තං අරියා ආචික්ඛන්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මාවදමානො වදෙය්ය සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තොති. මමං තං සම්මා වදමානො වදෙය්ය සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තොති.
Sinhala BJTඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, තෙවන දැහැන නහමක් වරදව. තෙවන දැහැනෙහි සිත තබව. තෙවන දැහැනෙහි සිත එකඟ කරව. තෙවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි ප්‍රීතියත් දුරලීමෙන් උපේක්‍ෂා ඇත්තේත් විසුවෙමි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් වින්දෙමි. උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමකු සඳහා කියත් නම්, ඒ තෙවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය” යි ඒ යමකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
Pali BJT6. 1. 4.
Sinhala BJT6. 1. 4.
Pali BJTඋපෙඛාසුත්තං
Sinhala BJTඋපේඛා සූත්‍රය
Pali BJT351. චතුත්ථංඣානං චතුත්ථංඣානන්ති වුච්චති. කතමං නු ඛො චතුත්ථංඣානන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ඉධ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති චතුත්ථංඣානන්ති. සො ඛ්වාහං ආවුසො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො උපෙක්ඛාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
Sinhala BJT351. සිවුවන දැහැනය සිවුවන දැහැනය යි කියනු ලැබේ. සිවුවන දැහැන කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සුවත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසේ නම් මෙය සිවුවන දැහැන ය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සුවත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට උපේක්‍ෂාව සහගිය හැඟීම් හා මෙනෙහිකිරීම් පහළවෙත්.
Pali BJTඅථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්රාහ්මණ, චතුත්ථං ඣානං පමාදො, චතුත්ථෙ ඣානෙ චිත්තං සණ්ඨපෙහි, චතුත්ථෙ ඣානෙ චිත්තං එකොදිං{3} කරොහි, චතුත්ථෙ ඣානෙ චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මාවදමානො වදෙය්ය සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තොති. මමං තං සම්මා වදමානො වදෙය්ය සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තොති.
Sinhala BJTඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, සිවුවන දැහැන නහමක් වරදව. සිවුවන දැහැනෙහි සිත තබව. සිවුවන දැහැනෙහි සිත එකඟ කරව. සිවුවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සුවත් දුරුකිරීමෙන් දුකත් දුරුකිරීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය”යි ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
Pali BJT6. 1. 5.
Sinhala BJT6. 1. 5.
Pali BJTආකාසානඤ්චායතනසුත්තං
Sinhala BJTආකාසානඤ්චායතන සූත්‍රය
Pali BJT352. ආකාසානඤ්චායතනං ආකාසානඤ්චායතනන්ති වුච්චති. කතමං නු ඛො ආකාසානඤ්චායතනන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි. ඉධ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති ආකාසානඤ්චායතනන්ති. සො ඛ්වාහං ආවුසො සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො රූපසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
Sinhala BJT352. ආකාසානඤ්චායතනය ආකාසානඤ්චායතනය යි කියනු ලැබේ. ආකාසානඤ්චායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට එළඹ වෙසේ නම් මෙය ආකාසානඤ්චායතනය යි කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට රූ සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
Pali BJTඅථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසංකමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්රාහ්මණ, ආකාසානඤ්චායතනං පමාදො, ආකාසානඤ්චායතනෙ චිත්තං සණ්ඨපෙහි, ආකාසානඤ්චායතනෙ චිත්තං එකොදිං කරොහි, ආකාසානඤ්චායතනෙ චිත්තං සමාදහා ති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මා වදමානො වදෙය්ය -පෙ- මහාභිඤ්ඤතං පත්තොති.
Sinhala BJTඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, ආකාසානඤ්චායතනය නො වරදව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත මැනවින් තබව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත එකඟ කරව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
Pali BJT6. 1. 6.
Sinhala BJT6. 1. 6.
Pali BJTවිඤ්ඤාණඤ්චායතනසුත්තං
Sinhala BJTවිඤ්ඤාණඤ්චායතන සූත්‍රය
Pali BJT353. විඤ්ඤාණඤ්චායතනං විඤ්ඤාණඤ්චායතනන්ති වුච්චති. කතමං නු ඛො විඤ්ඤාණඤ්චායතනන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ඉධ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති විඤ්ඤාණඤ්චායතනන්ති. සො ඛ්වාහං ආවුසො සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
Sinhala BJT353. විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනය යි කියනු ලැබේ. විඤ්ඤාණඤ්චායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණඤ්චායතනට පැමිණ වෙසේ නම් මෙය විඤ්ඤාණඤ්චායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණ්ඤ්චායතනට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ආකාසානඤ්චායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
Pali BJTඅථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසංකමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්රාහ්මණ, විඤ්ඤාණඤ්චායතනං පමාදො, විඤ්ඤාණඤ්චායතනෙ චිත්තං සණ්ඨපෙහි, විඤ්ඤාණඤ්චායතනෙ චිත්තං එකොදිං කරොහි, විඤ්ඤාණඤ්චායතනෙ චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මාවදමානො වදෙය්ය -පෙ- මහාභිඤ්ඤතං පත්තොති.
Sinhala BJTඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, විඤ්ඤාණඤ්චායතනය නො වරදව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත මැනවින් තබව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත එකඟ කරව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණ්ඤ්චායතනට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
Pali BJT6. 1. 7.
Sinhala BJT6. 1. 7.
Pali BJTආකිඤ්චඤ්ඤායතනසුත්තං
Sinhala BJTආකිඤ්චඤ්ඤායතන සූත්‍රය
Pali BJT354. ආකිඤ්චඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනන්ති වුච්චති. කතමං නු ඛො ආකිඤ්චඤ්ඤායතනන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ඉධ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති ආකිඤ්චඤ්ඤායතනන්ති. සො ඛ්වාහං ආවුසො සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
Sinhala BJT354. ආකිඤ්චඤ්ඤායතනය ආකිඤ්චඤ්ඤායතනය යි කියනු ලැබේ. ආකිඤ්චඤ්ඤායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේ නම් මෙය ආකිඤ්චඤ්ඤායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට විඤ්ඤාණඤ්චායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
Pali BJTඅථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්රාහ්මණ, ආකිඤ්චඤ්ඤායතනෙ පමාදො, ආකිඤ්චඤ්ඤායතනෙ චිත්තං සණ්ඨපෙහි, ආකිඤ්චඤ්ඤායතනෙ චිත්තං එකොදිං කරොහි, ආකිඤ්චඤ්ඤායතනෙ චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මා වදමානො වදෙය්ය -පෙ- මහාභිඤ්ඤතං පත්තොති.
Sinhala BJTඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, ආකිඤ්චඤ්ඤායතනය නහමක් වරදව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත මැනවින් තබව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. ආකිඤ්චඤ්ඤායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
Pali BJT6. 1. 8.
Sinhala BJT6. 1. 8.
Pali BJTනෙවසඤ්ඤානාසඤ්ඤායතනසුත්තං
Sinhala BJTනේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්‍රය
Pali BJT355. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති වුච්චති. කතමං නු ඛො නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ඉධ භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති. සො ඛ්වාහං ආවුසො සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති.
Sinhala BJT355. නේවසඤ්ඤානාසඤ්ඤායතනය නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි කියනු ලැබේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේ නම් මෙය නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ආකිඤ්චඤ්ඤායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
Pali BJTඅථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච: මොග්ගල්ලාන, මොග්ගල්ලාන, මා බ්රාහ්මණ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පමාදො, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ චිත්තං සණ්ඨපෙහි, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ චිත්තං එකොදිං කරොහි, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො සම්මා වදමානො වදෙය්ය -පෙ- මහාභිඤ්ඤතං පත්තොති.
Sinhala BJTඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නහමක් වරදව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත මැනවින් තබව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසුකාලයෙහි සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
Pali BJT6. 1. 9.
Sinhala BJT6. 1. 9.
Pali BJTඅනිමිත්තසුත්තං
Sinhala BJTඅනිමිත්ත සූත්‍රය
Pali BJT356. අනිමිත්තො චෙතොසමාධි අනිමිත්තො චෙතොසමාධීති වුච්චති. කතමො නු ඛො අනිමිත්තො චෙතොසමාධීති. තස්ස මය්හං ආවුසො එතදහොසි: ‘ඉධ භික්ඛු සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති අනිමිත්තො චෙතොසමාධී’ති. සො ඛ්වාහං ආවුසො සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරාමි. තස්ස මය්හං ආවුසො ඉමිනා විහාරෙන විහරතො නිමිත්තානුසාරි{1} විඤ්ඤාණං හොති.
Sinhala BJT356. අනිමිත්ත චේතෝ සමාධිය අනිමිත්ත චේතෝ සමාධිය යි කියනු ලැබේ. අනිමිත්ත චේතෝ සමාධිය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය. මෙහි මහණ තෙමේ සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වෙසේ නම් මෙය අනිමිත්ත චේතෝ සමාධිය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මාගේ විඤ්ඤාණය නිමිති අනුව හැසිරෙනසුලු වෙයි.
Pali BJTඅථ ඛො මං ආවුසො භගවා ඉද්ධියා උපසඞ්කමිත්වා එතදවොච: මොග්ගල්ලාන මොග්ගල්ලාන, මා බ්රාහ්මණ, අනිමිත්තං චෙතොසමාධිං පමාදො, අනිමිත්තෙ චෙතොසමාධිස්මිං චිත්තං සණ්ඨපෙහි, අනිමිත්තෙ චෙතොසමාධිස්මිං චිත්තං එකොදිං කරොහි, අනිමිත්තෙ චෙතොසමාධිස්මිං චිත්තං සමාදහාති. සො ඛ්වාහං ආවුසො අපරෙන සමයෙන සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහාසිං. යං හි තං ආවුසො, සම්මා වදමානො වදෙය්ය සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තොති, මමං තං සම්මා වදමානො වදෙය්ය සත්ථාරානුග්ගහිතො සාවකො මහාභිඤ්ඤතං පත්තොති.
Sinhala BJTඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, අනිමිත්ත චේතෝ සමාධිය නහමක් වරදව. අනිමිත්ත චේතෝ සමාධියෙහි සිත මැනවින් තබව. අනිමිත්ත චේතෝ සමාධියෙහි සිත එකඟ කරව. අනිමිත්ත චේතෝ සමාධියෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය” යි ඒ යමෙකු සඳහා කියන්නේ නම් මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
Pali BJT6. 1. 10.
Sinhala BJT6. 1. 10.
Pali BJTසක්කසුත්තං
Sinhala BJTසක්ක සූත්‍රය
Pali BJT357. එකං සමයං ආයස්මා මහාමොග්ගල්ලානො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා මහා මොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි. අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චහි දෙවතාසතෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
Sinhala BJT357. එක්කලෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවත සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ හෝ දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද එසෙයින් ම දෙව්රම්හි අතුරුදන් වූවාහු තව්තිසා දෙවියන් අතර පහළ වූහ. එක්ලහි සක් දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්ව සිටි සක් දෙව් රජුට ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙය වදාළහ.
Pali BJTසාධු ඛො දෙවානමින්ද බුද්ධං සරණගමනං හොති. බුද්ධං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො දෙවානමින්ද ධම්මං සරණගමනං හොති. ධම්මං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො දෙවානමින්ද සඞ්ඝං සරණගමනං හොති. සඞ්ඝං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJTදේවානමින්‍ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, දහම් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ දහම් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන බුද්ධං සරණගමනං හොති. බුද්ධං සරණගමන හෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො මාරිස මොග්ගල්ලාන, ධම්මං සරණගමනං හොති. ධම්මං සරණගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො මාරිස මොග්ගල්ලාන සඞ්ඝං සරණගමනහෙතු ඛො මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
Pali BJT6. 1. 11.
Sinhala BJT6. 1. 11.
Pali BJTදුතියසක්කසූත්තං
Sinhala BJTදුතිය සක්ක සූත්‍රය
Pali BJT358. අථ ඛො සක්කො දෙවානමින්දො ඡහි දෙවතාසතෙහි සද්ධිං -පෙ- අථ ඛො සක්කො දෙවානමින්දො සත්තහි දෙවතාසතෙහි සද්ධිං -පෙ- අථ ඛො සක්කො දෙවානමින්දො අට්ඨහි දෙවතාසතෙහි සද්ධිං -පෙ- අථ ඛො සක්කො දෙවානමින්දො අසීතියා දෙවතාසහස්සෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච: සාධු ඛො දෙවානමින්ද බුද්ධං සරණගමනං හොති. බුද්ධං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො දෙවානමින්ද ධම්මං සරණගමනං හොති -පෙ- සාධු ඛො දෙවානමින්ද සඞ්ඝං සරණගමනං හොති. සඞ්ඝං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJT358. ඉක්බිති සක් දෙව් රජ සසියයක් දෙවියන් සමග ... සක් දෙව් රජ සත්සියයක් දෙවියන් සමග ... සක් දෙව් රජ අටසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්ව සිටි සක් දෙව් රජුට ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙය වදාළහ: දේවානමින්‍ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, දහම් සරණ යෑම මැනවි ... දේවානමින්‍ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන බුද්ධං සරණගමනං හොති. බුද්ධං සරණගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො මාරිස මොග්ගල්ලාන ධම්මසරණගමනං හොති -පෙ- සාධු ඛො මාරිස මොග්ගල්ලාන සඞ්ඝං සරණගමනං හොති. සඞ්ඝං සරණගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි ... නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
Pali BJT6. 1. 12.
Sinhala BJT6. 1. 12.
Pali BJTතතියසක්කසුත්තං
Sinhala BJTතතිය සක්ක සූත්‍රය
Pali BJT359. අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චහි දෙවතාසතෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච: සාධු ඛො දෙවානමින්ද බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJT359. ඉක්බිති සක්දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: දේවානමින්‍ද, බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු අර්‍හත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝක විදූහ, අනුත්තර පුරිසදම්මසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. දේවානමින්‍ද, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.
Pali BJTසාධු ඛො දෙවානමින්ද ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති, ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTදේවානමින්‍ද, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය, සාංදෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. දේවානමින්‍ද, මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.
Pali BJTසාධු ඛො දෙවානමින්ද සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති. ‘සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTදේවානමින්‍ද, සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඍජුප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඤායප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිප්‍රතිපන්න ය, යම් මේ පුරුෂ යුගල සතරෙක් වේ නම් (එහි) පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්‍යහ ය, පාහුනෙය්‍යහ ය, දක්‍ෂිණාර්‍හ ය, අඤ්ජලිකරණීයහ ය, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ය යි. දේවානමින්‍ද, මෙසේ සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.
Pali BJTසාධු ඛො දෙවානමින්ද අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJTදේවානමින්‍ද, නො කඩ වූ නො සිදුරු වූ නො කැලැල් වූ නො කබර වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද, තෘෂ්ණා දෘෂ්ටීන් නො පහස්නා ලද සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත (ආර්‍ය්‍යයන් විසින් කැමති වන ලද) ශීලයෙන් යුතු වීම මැනවි. දේවානමින්‍ද, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති, ‘ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො මාරිස මොග්ගල්ලාන, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති, ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො මාරිස මොග්ගල්ලාන සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති, ‘සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො මාරිස මොග්ගල්ලාන, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය ... නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යයන් විසින් කැමති වන ලද ශීලයෙන් යුතු වීම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
Pali BJT6. 1. 13.
Sinhala BJT6. 1. 13.
Pali BJTචතුත්ථසක්කසුත්තං
Sinhala BJTචතුත්‍ථ සක්ක සූත්‍රය
Pali BJT360. අථ ඛො සක්කො දෙවානමින්දො ඡහි දෙවතාසතෙහි සද්ධිං -පෙ- අථ ඛො සක්කො දෙවානමින්දො සත්තහි දෙවතාසතෙහි සද්ධිං -පෙ- අථ ඛො සක්කො දෙවානමින්දො අට්ඨහි දෙවතාසතෙහි සද්ධිං -පෙ- අථ ඛො සක්කො දෙවානමින්දො අසීතියා දෙවතාසහස්සෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
Sinhala BJT360. ඉක්බිති සක් දෙව් රජ සසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ සත්සියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අටසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
Pali BJTසාධු ඛො දෙවානමින්ද බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති, ‘ඉතිපි සො භගවා -පෙ- සත්ථාදෙවමනුස්සානං බුද්ධො භගවා’ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො දෙවානමින්ද ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති, ‘ස්වාක්ඛාතො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො දෙවානමින්ද සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති, ‘සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො දෙවානමින්ද අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJTදේවානමින්‍ද, බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. දේවානමින්‍ද, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය ... නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. දේවානමින්‍ද, මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.දේවානමින්‍ද, සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. දේවානමින්‍ද, මෙසේ සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. දේවානමින්‍ද, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො මාරිස මොග්ගල්ලාන ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති. “ස්වාක්ඛාතො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො මාරිස මොග්ගල්ලාන සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති, “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො මාරිස මොග්ගල්ලාන අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය ... නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
Pali BJT6. 1. 14.
Sinhala BJT6. 1. 14.
Pali BJTපඤ්චමසක්කසුත්තං
Sinhala BJTපංචම සක්ක සූත්‍රය
Pali BJT361. අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චහි දෙවතාසතෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච: සාධු ඛො දෙවානමින්ද බුද්ධං සරණගමනං හොති. බුද්ධං සරණගමනහෙතු ඛො දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති: දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJT361. ඉක්බිති සක් දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. ... එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: දේවානමින්‍ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙත්.
Pali BJTසාධු ඛො දෙවානමින්ද ධම්මං සරණගමනං හොති. ධම්මං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති: දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJTදේවානමින්‍ද, දහම් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ දහම් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සග ලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙත්.
Pali BJTසාධු ඛො දෙවානමින්ද සඞ්ඝං සරණගමනං හොති. සඞ්ඝං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති: දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJTදේවානමින්‍ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙත්.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන බුද්ධං සරණගමනං හොති. බුද්ධං සරණගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති: දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි. සාධු ඛො මාරිස මොග්ගල්ලාන ධම්මං සරණගමනං හොති -පෙ- සාධු ඛො මාරිස මොග්ගල්ලාන සඞ්ඝං සරණගමනං හොති. සඞ්ඝං සරණගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති: දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහීති.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි. ... නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙතියි.
Pali BJT6. 1. 15.
Sinhala BJT6. 1. 15.
Pali BJTඡට්ඨසක්කසුත්තං
Sinhala BJTඡට්ඨ සක්ක සූත්‍රය
Pali BJT362. අථ ඛො සක්කො දෙවානමින්දො ඡහි දෙවතාසතෙහි සද්ධිං -පෙ- අථ ඛො සක්කො දෙවානමින්දො සත්තහි දෙවතාසතෙහි සද්ධිං -පෙ- අථ ඛො සක්කො දෙවානමින්දො අට්ඨහි දෙවතාසතෙහි සද්ධිං -පෙ- අථ ඛො සක්කො දෙවානමින්දො අසීතියා දෙවතාසහස්සෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
Sinhala BJT362. ඉක්බිති සක් දෙව් රජ සසියයක් දෙවියන් සමග … ඉක්බිති සක් දෙව් රජ සත්සියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අටසියයක් දෙවියන් සමග … ඉක්බිති සක් දෙව් රජ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
Pali BJTසාධු ඛො දෙවානමින්ද බුද්ධං සරණගමනං හොති. බුද්ධං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති: දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි. සාධු ඛො දෙවානමින්ද ධම්මං සරණගමනං හොති -පෙ- සාධු ඛො දෙවානමින්ද සඞ්ඝං සරණගමනං හොති. සඞ්ඝං සරණගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJTදේවානමින්‍ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්. දේවානමින්‍ද, දහම් සරණ යෑම මැනවි ... දේවානමින්‍ද, සඟ සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ සඟ සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සග ලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය අධිපති භාවයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් අන් දෙවියන් යටපත් කෙරෙති යි.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන බුද්ධං සරණගමනං හොති -පෙ- සාධු ඛො මාරිස මොග්ගල්ලාන ධම්මං සරණගමනං හොති -පෙ- සාධු ඛො මාරිස මොග්ගල්ලාන සඞ්ඝං සරණගමනං හොති. සඞ්ඝං සරණගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති. දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. ... නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි. ... නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟ සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟ සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙතියි.
Pali BJT6. 1. 16.
Sinhala BJT6. 1. 16.
Pali BJTසත්තමසක්කසුත්තං
Sinhala BJTසත්තම සක්ක සූත්‍රය
Pali BJT363. අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චහි දෙවතාසතෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
Sinhala BJT363. ඉක්බිති සක්දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
Pali BJTසාධු ඛො දෙවානමින්ද බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති, දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි. සාධු ඛො දෙවානමින්ද ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති -පෙ- සාධු ඛො දෙවානමින්ද සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති -පෙ-
Sinhala BJTදේවානමින්‍ද, බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. දේවානමින්‍ද, මෙසේ බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්. දේවානමින්‍ද, දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. … දේවානමින්‍ද, සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි.
Pali BJTසාධු ඛො දෙවානමින්ද අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති. දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහීති.
Sinhala BJTදේවානමින්‍ද, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. දේවානමින්‍ද, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති යි.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති, “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණෙන් සෙසු දෙවියන් යටපත් කෙරෙති.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති “ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය ... නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- ලොකස්සා”ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණෙන් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති, අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහීති.
Sinhala BJTනිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, නො කඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සග ලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති යි.
Pali BJT6. 1. 17.
Sinhala BJT6. 1. 17.
Pali BJTඅට්ඨම සක්කසුත්තං
Sinhala BJTඅට්ඨම සක්ක සූත්‍රය
Pali BJT364. අථ ඛො සක්කො දෙවානමින්දො ඡහි දෙවතාසතෙහි සද්ධිං -පෙ- අථ ඛො සක්කො දෙවානමින්දො සත්තහි දෙවතාසතෙහි සද්ධිං -පෙ- අථ ඛො සක්කො දෙවානමින්දො අට්ඨහි දෙවතාසතෙහි සද්ධිං -පෙ- අථ ඛො සක්කො දෙවානමින්දො අසීතියා දෙවතාසහස්සෙහි සද්ධිං යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො සක්කං දෙවානමින්දං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
Sinhala BJT364. ඉක්බිති සක් දෙව් රජ සසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ සත්සියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අටසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
Pali BJTසාධු ඛො දෙවානමින්ද, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති: තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJTදේවානමින්‍ද, බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු අර්‍හත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝක විදූහ, අනුත්තර පුරිසදම්මසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. දේවානමින්‍ද, මෙසේ බුදුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති.
Pali BJTසාධු ඛො දෙවානමින්ද, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
Sinhala BJTදේවානමින්‍ද, දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඕපනයික ය, නුවණැත්තන් විසින් තමතමා කෙරෙහි ලා දත යුත්තේ ය යි. දේවානමින්‍ද, මෙසේ දහම්හි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සග ලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති.
Pali BJTසාධු ඛො දෙවානමින්ද සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො දෙවානමින්ද එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති දිබ්බෙන ආයුනා -පෙ- දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි. සාධු ඛො දෙවානමින්ද, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො, දෙවානමින්ද, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. තෙ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති: දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහීති.
Sinhala BJTදේවානමින්‍ද, සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම මැනවි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඍජුප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඤායප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිප්‍රතිපන්න ය, යම් මේ පුරුෂ යුග සතරෙක් වේ නම් (එහි) පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ආහුනෙය්‍යහ ය, පාහුනෙය්‍යහ ය, දක්‍ෂිණාර්‍හ ය, අඤ්ජලිකරණීයහ ය, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය යි. දේවානමින්‍ද, මෙසේ සඟුන් කෙරෙහි නො සැලෙන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද ... දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙත්.දේවානමින්‍ද, නො කඩ වූ නො සිදුරු වූ නො කැලැල් වූ නො කබර වූ නිදහස් වූ නුවණැත්තන් විසින් පසස්නා ලද, තෘෂ්ණා දෘෂ්ටීන් නො පහස්නා ලද සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම මැනවි. දේවානමින්‍ද, මෙසේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. ඔහු දිව්‍යමය ආයුෂයෙන් ද දිව්‍යමය වර්‍ණයෙන් ද දිව්‍යමය සුවයෙන් ද දිව්‍යමය යසසින් ද දිව්‍යමය ආධිපත්‍යයෙන් ද දිව්‍යමය රූපයෙන් ද දිව්‍යමය ශබ්දයෙන් ද දිව්‍යමය ගන්‍ධයෙන් ද දිව්‍යමය රසයෙන් ද දිව්‍යමය ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද යන දශ කරුණින් සෙසු දෙවියන් යටපත් කෙරෙති යි.