Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10701-10800 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3. 2. 11.
Sinhala BJT3. 2. 11.
Pali BJTපඤ්චසීලසුත්තං
Sinhala BJTපඤ්චසීල සූත්‍රය
Pali BJT305. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: පාණාතිපාතා පටිවිරතො ච හොති, අදින්නාදානා පටිවිරතො ච හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො ච හොති, මුසාවාදා පටිවිරතො ච හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJT305. මහණෙනි, මේ දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: පණිවායෙන් වැළකුණේ වෙයි. අයිනාදනින් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුත් මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
Pali BJTඅනුරුද්ධවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි අනුරුද්ධ වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඅනුරුද්ධො අක්කොධනො අනුපනාහී අනිස්සුකී අමච්ඡරී අනතිචාරී සීලවා ච බහුස්සුතො විරියං සති පඤ්චසීලො ච සුක්කපක්ඛෙ පකාසිතාති.
Sinhala BJTඅනුරුද්ධ, අක්කෝධන, අනුපනාහී, අනිස්සුකී, අමච්ඡරී, අනතිවාරී, සීලවන්ත, බහුස්සුත, ආරද්ධවීරිය, උපට්ඨීතසති, පඤ්චසීලය යි. ශුක්ලපක්‍ෂයෙහි සූත්‍ර එකොළොසෙක් පවසන ලදී.
Pali BJT3. බලවග්ගො
Sinhala BJT3. බල වර්‍ගය
Pali BJT3. 3. 1.
Sinhala BJT3. 3. 1.
Pali BJTසුද්ධසුත්තං
Sinhala BJTසුද්ධ සූත්‍රය
Pali BJT306. පඤ්චිමානි භික්ඛවෙ, මාතුගාමස්ස බලානි. කතමානි පඤ්ච: රූපබලං, භොගබලං, ඤාතිබලං, පුත්තබලං, සීලබලං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච මාතුගාමස්ස බලානීති.
Sinhala BJT306. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලයි. මහණෙනි, මේ මාගමගේ බල පස යි.
Pali BJT3. 3. 2.
Sinhala BJT3. 3. 2.
Pali BJTවිසාරදසුත්තං
Sinhala BJTවිසාරද සූත්‍රය
Pali BJT307. පඤ්චිමානි භික්ඛවෙ, මාතුගාමස්ස බලානි. කතමානි පඤ්ච: රූපබලං, භොගබලං, ඤාතිබලං, පුත්තබලං, සීලබලං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච මාතුගාමස්ස බලානි. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි බලෙහි සමන්නාගතො මාතුගාමො විසාරදො අගාරං අජ්ඣාවසතීති.
Sinhala BJT307. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබල යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම විසාරද ව ගෙහි වෙසේ යි.
Pali BJT3. 3. 3.
Sinhala BJT3. 3. 3.
Pali BJTපසය්හසුත්තං
Sinhala BJTපසය්හ සූත්‍රය
Pali BJT308. පඤ්චිමානි භික්ඛවෙ, මාතුගාමස්ස බලානි. කතමානි පඤ්ච: රූපබලං, භොගබලං, ඤාතිබලං, පුත්තබලං, සීලබලං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච මාතුගාමස්ස බලානි. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි බලෙහි සමන්නාගතො මාතුගාමො සාමිකං පසය්හ අගාරං අජ්ඣාවසතීති.
Sinhala BJT308. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබල යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම සැමියා මැඬ ගෙහි වෙසේ යි.
Pali BJT3. 3. 4.
Sinhala BJT3. 3. 4.
Pali BJTඅභිභුය්හසුත්තං
Sinhala BJTඅභිභුය්‍ය සූත්‍රය
Pali BJT309. පඤ්චිමානි භික්ඛවෙ, මාතුගාමස්ස බලානි. කතමානි පඤ්ච: රූපබලං, භොගබලං, ඤාතිබලං, පුත්තබලං, සීලබලං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච මාතුගාමස්ස බලානි. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි බලෙහි සමන්නාගතො මාතුගාමො සාමිකං අභිභුය්ය වත්තති.
Sinhala BJT309. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලය යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම සැමියා යටත් කොට ගෙන පවතියි.
Pali BJTඑකෙන ච ඛො භික්ඛවෙ බලෙන සමන්නාගතො පුරිසො මාතුගාමං අභිභුය්ය වත්තති. කතමෙන එකෙන: ඉස්සරියබලෙන, ඉස්සරියබලෙන අභිභූතං භික්ඛවෙ මාතුගාමං නෙව රූපබලං තායති, න භොගබලං{1} තායති. න ඤාතිබලං තායති. න පුත්තබලං තායති. න සීලබලං තායතීති.
Sinhala BJTමහණෙනි, එක්බලයකිනුදු යුතු පුරුෂ තෙමේ මාගම යටත් කොට ගෙන පවතියි. කවර එකෙකින්ද යත්: ඉසුරු බෙලෙනි. මහණෙනි, ඉසුරු බෙලෙන් මඬනා ලද මාගම රූපබලය නො ම රකී. භෝගබලය නො ම රකී. ඤාතිබලය නො ම රකී. පුත්‍රබලය නො ම රකී. සීල බලය නො ම රකී යි.
Pali BJT3. 3. 5.
Sinhala BJT3. 3. 5.
Pali BJTඅඞ්ගසුත්තං
Sinhala BJTඅඞ්ග සූත්‍රය
Pali BJT310. පඤ්චිමානි භික්ඛවෙ, මාතුගාමස්ස බලානි. කතමානි පඤ්ච: රූපබලං, භොගබලං, ඤාතිබලං, පුත්තබලං, සීලබලං. රූපබලෙන ච භික්ඛවෙ, මාතුගාමො සමන්නාගතො හොති, න ච භොගබලෙන, එවං සො තෙන අඞ්ගෙන අපරිපූරො හොති. යතො ච ඛො භික්ඛවෙ, මාතුගාමො රූපබලෙන ච සමන්නාගතො හොති භොගබලෙන ච, එවං සො තෙන අඞ්ගෙන පරිපූරො හොති. රූපබලෙන ච භික්ඛවෙ, මාතුගාමො සමන්නාගතො හොති භොගබලෙන ච, න ච ඤාතිබලෙන, එවං සො තෙන අඞ්ගෙන අපරිපූරො හොති. යතො ච ඛො භික්ඛවෙ, මාතුගාමො රූපබලෙන ච සමන්නාගතො හොති, භොගබලෙන ච ඤාතිබලෙන ච, එවං සො තෙන අඞ්ගෙන පරිපූරො හොති.
Sinhala BJT310. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය භෝගබලය ඤාතිබලය පුත්‍රබලය සීලබලය යි. මහණෙනි, මාගම රූපබලයෙන් යුතු වූවා භෝගබලයෙන් නො ද යුතු වේද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් යුතු වූවා වේ ද මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් යුතු වූවා ඤාතිබලයෙන් නො ද යුතු වූවා වේද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් යුතු වූවා වේ ද මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි.
Pali BJTරූපබලෙන ච භික්ඛවෙ, මාතුගාමො සමන්නාගතො හොති, භොගබලෙන ච, ඤාතිබලෙන ච, න ච පුත්තබලෙන, එවං සො තෙන අඞ්ගෙන අපරිපූරො හොති. යතො ච ඛො භික්ඛවෙ, මාතුගාමො රූපබලෙන ච සමන්නාගතො හොති, භොගබලෙන ච, ඤාතිබලෙන ච, පුත්තබලෙන ච. එවං සො තෙන අඞ්ගෙන පරිපූරො හොති. රූපබලෙන ච භික්ඛවෙ, මාතුගාමො සමන්නාගතො හොති භොගබලෙන ච ඤාතිබලෙන ච පුත්තබලෙන ච, න ච සීලබලෙන. එවං සො තෙන අඞ්ගෙන අපරිපූරො හොති. යතො ච ඛො භික්ඛවෙ, මාතුගාමො රූපබලෙන ච සමන්නාගතො හොති භොගබලෙන ච ඤාතිබලෙන ච පුත්තබලෙන ච සීලබලෙන ච, එවං සො තෙන අඞ්ගෙන පරිපූරො හොති. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච මාතුගාමස්ස බලානීති.
Sinhala BJTමහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් යුතු වූවා පුත්‍රබලයෙන් නො ද යුතු වූවා වේ ද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් යුතු වූවා වේ ද මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේද, මෙසේ ඇය ඒ අඟින් නො පිරිපුන් වෙයි. මහණෙනි, යම් හෙයකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් සීලබලයෙනුත් යුතු වූවා වේ ද, මෙසේ ඇය ඒ අඟින් පිරිපුන් වෙයි. මහණෙනි, මේ පස මාගමගේ බල යි.
Pali BJT3. 3. 6.
Sinhala BJT3. 3. 6.
Pali BJTනාසිතබ්බසුත්තං
Sinhala BJTනාසිතබ්බ සූත්‍රය
Pali BJT311. පඤ්චිමානි භික්ඛවෙ, මාතුගාමස්ස බලානි. කතමානි පඤ්ච: රූපබලං භොගබලං ඤාතිබලං පුත්තබලං සීලබලං. රූප බලෙන ච භික්ඛවෙ, මාතුගාමො සමන්නාගතො හොති, න ච සීලබලෙන, නාසෙන්තෙව නං කුලෙ න වාසෙන්ති. රූපබලෙන ච භික්ඛවෙ, මාතුගාමො සමන්නාගතො හොති භොගබලෙන ච, න ච සීලබලෙන, නාසෙන්තෙව නං කුලෙ න වාසෙන්ති. රූපබලෙන ච භික්ඛවෙ, මාතුගාමො සමන්නාගතො හොති භොගබලෙන ච ඤාතිබලෙන ච, න ච සීලබලෙන, නාසෙන්තෙව නං කුලෙ න වාසෙන්ති. රූපබලෙන ච භික්ඛවෙ, මාතුගාමො සමන්නාගතො හොති භොගබලෙන ච ඤාතිබලෙන ච පුත්තබලෙන ච, න ච සීලබලෙන, නාසෙන්තෙව නං කුලෙ න වාසෙන්ති.
Sinhala BJT311. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය භෝගබලය ඤාතිබලය පුත්‍රබලය සීලබලය යි. මහණෙනි, මාගම රූපබලයෙන් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේ ද ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් ම ය. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් යුතු වූවා නො ද සීලබලයෙන් යුතු වූවා වේ ද, ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් මය. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේද, ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් ම ය. මහණෙනි, මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් යුතු වූවා සීලබලයෙන් නො ද යුතු වූවා වේ ද, ඇය නසත් ම ය. කුලයෙහි නො වස්වත් ම ය.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ, මාතුගාමො රූපබලෙන සමන්නාගතො හොති, භොගබලෙන ච ඤාතිබලෙන ච පුත්තබලෙන ච සීල බලෙන ච. වාසෙන්තෙව නං කුලෙ න නාසෙන්ති. සීලබලෙන ච භික්ඛවෙ, මාතුගාමො සමන්නාගතො හොති න ච රූපබලෙන, වාසෙන්තෙව නං කුලෙ න නාසෙන්ති. සීලබලෙන ච භික්ඛවෙ මාතුගාමො සමන්නාගතො හොති න ච භොග බලෙන, වාසෙන්තෙව න කුලෙ න නාසෙන්ති. සීලබලෙන ච භික්ඛවෙ මාතුගාමො සමන්නාගතො හොති න ච ඤාතිබලෙන වාසෙන්තෙව නං කුලෙ න නාසෙන්ති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් මාගම රූපබලයෙනුත් භෝගබලයෙනුත් ඤාතිබලයෙනුත් පුත්‍රබලයෙනුත් සීලබලයෙනුත් යුතු වූවා වේ ද ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය. මහණෙනි, මාගම සීලබලයෙන් යුතු වූවා රූපබලයෙන් නො ද යුතු වේ ද ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය. මහණෙනි, මාගම සීලබලයෙන් යුතු වූවා භෝගබලයෙන් නො ද යුතු වේ ද ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය. මහණෙනි, මාගම සීලබලයෙන් යුතු වූවා ඤාතිබලයෙන් නො ද යුතු වේ ද ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය.
Pali BJTසීලබලෙන ච භික්ඛවෙ මාතුගාමො සමන්නාගතො හොති න ච පුත්තබලෙන, වාසෙන්තෙව නං කුලෙ න නාසෙන්ති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච මාතුගාමස්ස බලානීති.
Sinhala BJTමහණෙනි, මාගම සීලබලයෙන් යුතු වූවා පුත්‍රබලයෙන් නො ද යුතු වේ ද, ඇය කුලයෙහි වස්වත් ම ය. නො නසත් ම ය. මහණෙනි, මේ මාගමගේ බල පස යි.
Pali BJT3. 3. 7.
Sinhala BJT3. 3. 7.
Pali BJTහෙතුසුත්තං
Sinhala BJTහේතු සූත්‍රය
Pali BJT312. පඤ්චිමානි භික්ඛවෙ, මාතුගාමස්ස බලානි. කතමානි පඤ්ච: රූපබලං, භොගබලං, ඤාතිබලං, පුත්තබලං, සීලබලං. න භික්ඛවෙ, මාතුගාමො රූපබලහෙතු වා භොගබලහෙතු වා ඤාතිබලහෙතු වා පුත්තබලහෙතු වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. සීලබලහෙතු ඛො භික්ඛවෙ මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච මාතුගාමස්ස බලානීති.
Sinhala BJT312. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය භෝගබලය ඤාතිබලය පුත්‍රබලය සීලබලය යි. මහණෙනි, මාගම රූපබලය හේතු කොට හෝ භෝගබලය හේතු කොට හෝ ඤාතිබලය හේතු කොට හෝ පුත්‍රබලය හේතුකොට හෝ කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සගලොවට නො පැමිණෙයි. මහණෙනි, මාගම සීලබලය හේතු කොට කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සගලොවට පැමිණෙයි. මහණෙනි, මේ මාගමගේ බල පස යි.
Pali BJT3. 3. 8.
Sinhala BJT3. 3. 8.
Pali BJTඨානසුත්තං
Sinhala BJTඨාන සූත්‍රය
Pali BJT313. පඤ්චිමානි භික්ඛවෙ ඨානානි දුල්ලභානි අකතපුඤ්ඤෙන මාතුගාමෙන. කතමානි පඤ්ච: පතිරූපෙකුලෙ ජායෙය්යන්ති ඉදං භික්ඛවෙ පඨමං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගච්ඡෙය්යන්ති ඉදං භික්ඛවෙ දුතියං ඨානං. දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසෙය්යන්ති ඉදං භික්ඛවෙ තතියං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසන්තී පුත්තවතී අස්සන්ති ඉදං භික්ඛවෙ චතුත්ථං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසන්තී පුත්තවතී සමානා සාමිකං අභිභුය්ය වත්තෙය්යන්ති. ඉදං භික්ඛවෙ, පඤ්චමං ඨානං දුල්ලභං අකතපුඤ්ඤෙන මාතුගාමෙන. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච ඨානානි දුල්ලභානි අකතපුඤ්ඤෙන මාතුගාමෙන.
Sinhala BJT313. මහණෙනි, නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ මේ කරුණු පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, “සුදුසු කුලයක උපදෙන්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ පළමුවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ දෙවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙන්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ තෙවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙමින් දරුවන් ඇත්තියක් වන්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ සිවුවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙමින් දරුවන් ඇත්තී ම සැමියා මැඬගෙන පවත්නෙමි” යි මෙය නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ පස්වන කරුණ යි. මහණෙනි, මේ නො කළ පින් ඇති මාගම විසින් දුලබ වූ කරුණු පස යි.
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ ඨානානි සුලභානි කතපුඤ්ඤෙන මාතුගාමෙන. කතමානි පඤ්ච: පතිරූපකුලෙ ජායෙය්යන්ති ඉදං භික්ඛවෙ පඨමං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගච්ඡෙය්යන්ති. ඉදං භික්ඛවෙ දුතියං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසෙය්යන්ති. ඉදං භික්ඛවෙ තතියං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසන්තී පුත්තවතී අස්සන්ති. ඉදං භික්ඛවෙ චතුත්ථං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. පතිරූපකුලෙ ජායිත්වා පතිරූපං කුලං ගන්ත්වා අසපත්ති අගාරං අජ්ඣාවසන්තී පුත්තවතී සමානා සාමිකං අභිභුය්ය වත්තෙය්යන්ති. ඉදං භික්ඛවෙ පඤ්චමං ඨානං සුලභං කතපුඤ්ඤෙන මාතුගාමෙන. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චඨානානි සුලභානි කතපුඤ්ඤෙන මාතුගාමෙනාති.
Sinhala BJTමහණෙනි, කළ පින් ඇති මාගම විසින් සුලබ වූ මේ කරුණු පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, “සුදුසු කුලයක උපදින්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ පළමු කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ දෙවන කරුණයි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙන්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ තෙවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙමින් දරුවන් ඇත්තියක් වන්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ සිවුවන කරුණ යි. මහණෙනි, “සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සපත්නියක නැති ගෙහි වෙසෙමින් දරුවන් ඇත්තී ම සැමියා මැඬගෙන පවත්නෙමි” යි මෙය කළ පින් ඇති මාගම විසින් සුලබ වූ පස්වන කරුණ යි. මහණෙනි, මේ කළ පින් ඇති මාගම විසින් සුලබ වූ කරුණු පස යි.
Pali BJT3. 3. 9.
Sinhala BJT3. 3. 9.
Pali BJTවිසාරදවාසසුත්තං
Sinhala BJTවිසාරදවාස සූත්‍රය
Pali BJT314. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො මාතුගාමො විසාරදො අගාරං අජ්ඣාවසති. කතමෙහි පඤ්චහි: පාණාතිපාතා පටිවිරතො ච හොති, අදින්නාදානා පටිවිරතො ච හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො ච හොති. මුසාවාදා පටිවිරතො ච හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො ච හොති: ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො විසාරදො අගාරං අජ්ඣාවසතීති.
Sinhala BJT314. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම විසාරද ව ගෙහි වෙසේ. කවර පසෙකින් ද යත්: පණිවායෙන් වැළකුණී වෙයි. අයිනාදනින් වැළකුණී වෙයි. කාමයෙහි වරදවා හැසුරුමෙන් වැළකුණී වෙයි. මුසවායින් වැළකුණී වෙයි. රහමෙර පානයෙන් වැළකුණී වෙයි. මහණෙනි, මේ දහම් පසෙන් යුත් මාගම විසාරද ව ගෙහි වෙසේ යි.
Pali BJT3. 3. 10.
Sinhala BJT3. 3. 10.
Pali BJTවඩ්ඪීසුත්තං
Sinhala BJTවඩ්ඪී සූත්‍රය
Pali BJT315. පඤ්චහි භික්ඛවෙ වඩ්ඪීහි වඩ්ඪමානා අරියසාවිකා අරියාය වඩ්ඪියා වඩ්ඪති. සාරාදායිනී ච හොති වරාදායිනී ච කායස්ස. කතමාහි{1} පඤ්චහි: සද්ධාය වඩ්ඪති, සීලෙන වඩ්ඪති, සුතෙන වඩ්ඪති, චාගෙන වඩ්ඪති, පඤ්ඤාය වඩ්ඪති. ඉමාහි{2} ඛො භික්ඛවෙ පඤ්චහි වඩ්ඪීහි වඩ්ඪමානා අරියසාවකා අරියාය වඩ්ඪියා වඩ්ඪති, සාරාදායිනී ච හොති, වරාදායිනී ච කායස්සාති.
Sinhala BJT315. මහණෙනි, වැඩුම් පසෙකින් වැඩෙන අරීසැවි තොමෝ අරීවැඩුමෙන් වැඩේ. කයෙහි හර ගන්නී ද උතුම් දෑ ගන්නී ද වෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැයෙන් වැඩේ. සීලයෙන් වැඩේ. ශ්‍රැතයෙන් වැඩේ. ත්‍යාගයෙන් වැඩේ. ප්‍රඥාවෙන් වැඩේ. මහණෙනි, මේ පස් වැඩුමෙන් වැඩෙන අරීසැවි තොමෝ අරීවැඩුමෙන් වැඩේ. කයෙහි හර ගන්නී ද උතුම් දෑ ගන්නී ද වෙයි.
Pali BJTසද්ධාය සීලෙන ච යාධ වඩ්ඪති පඤ්ඤාය චාගෙන සුතෙන චූභයං සා තාදිසී සීලවතී උපාසිකා ආදියති{3} සාරං ඉධෙව අත්තනොති.
Sinhala BJTමෙලෙව්හි යම් ස්ත්‍රියක් සැදැහැයෙනුත් සීලයෙනුත් ප්‍රඥාවෙනුත් ත්‍යාග-ශ්‍රැත දෙකිනුත් වැඩේ ද එබඳු සිල්වත් ඒ උවැසි තොමෝ මෙලෙව්හි ම තමාගේ හර ගනී යි.
Pali BJTබලවග්ගො තතියො.
Sinhala BJTතෙවෙනි බලවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTසුද්ධා විසාරදා පසය්හා අභිභුය්ය අඞ්ගෙන පඤ්චමං නාසයිතබ්බං හෙතුට්ඨානං විසාරදා වඩ්ඪිනා දසාති.
Sinhala BJTසුද්ධ, විසාරද, පසය්හ, අභිභුය්‍ය, පස්වන අඞ්ග, නසිතබ්බ, හේතු,ඨාන, විසාරදවාස, වඩ්ඪි සූත්‍ර ය යි ඔහු දශයෙකි.
Pali BJTමාතුගාමසංයුත්තං සමත්තං.
Sinhala BJTමාතුගාමසංයුත්තය නිමියේ යි.
Pali BJT4. ජම්බුඛාදකසංයුත්තං
Sinhala BJT4. ජම්බුඛාදක සංයුත්තය
Pali BJT4. 1. 1.
Sinhala BJT4. 1. 1.
Pali BJTනිබ්බානසුත්තං
Sinhala BJTනිබ්බාන සූත්‍රය
Pali BJT316. එකං සමයං ආයස්මා සාරිපුත්තො මගධෙසු විහරති නාලගාමකෙ.{1} අථ ඛො ජම්බුඛාදකො පරිබ්බාජකො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජම්බුඛාදකො පරිබ්බාජකො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: නිබ්බානං නිබ්බානන්ති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමන්නු ඛො ආවුසො නිබ්බානන්ති.
Sinhala BJT316. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මගධ දනව්වෙහි නාලගම් හි වැඩවෙසෙති. එකල්හි ජම්බුඛාදක පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියේ ය. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ජම්බුඛාදක පිරිවැජි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීය: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නිවන නිවනැ යි කියනු ලැබේ. ඇවැත්නි, නිවන කවරේ දැ යි.
Pali BJTයො ඛො ආවුසො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො ඉදං වුච්චති නිබ්බානන්ති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියාය, සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත, අප්පමාදායාති.
Sinhala BJTඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක්, මෝහය දුරලීමෙක් වේ නම් මේ නිවනැ යි කියනු ලැබේ. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇද් ද, පිළිවෙතක් ඇද් දැයි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇත. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මේ අරිඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ නිවන පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි මේ නිවන පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
Pali BJT4. 1. 2.
Sinhala BJT4. 1. 2.
Pali BJTඅරහත්තසුත්තං
Sinhala BJTඅරහත්ත සූත්‍රය
Pali BJT317. අරහත්තං අරහත්තන්ති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමන්නු ඛො ආවුසො අරහත්තන්ති. යො ඛො ආවුසො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. ඉදං වුච්චති අරහත්තන්ති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියාය. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතස්ස අරහත්තස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
Sinhala BJT317. ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, රහත්බව, රහත්බවැ යි කියනු ලැබේ. ඇවැත්නි, රහත්බව කවරේ දැ යි. ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක් මෝහය දුරලීමෙක් වේ නම් මේ රහත් බවැ යි කියනු ලැබේ. ඇවැත්නි, මේ රහත්බව පසක්කිරීමට මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක්කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මග කවරේ ද, පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මේ අරී අටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මේ ඇති මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමාවිමට සුදුසු යි.
Pali BJT4. 1. 3.
Sinhala BJT4. 1. 3.
Pali BJTධම්මවාදීසුත්තං
Sinhala BJTධම්මවාදී සූත්‍රය
Pali BJT318. කො නු ඛො ආවුසො සාරිපුත්ත ලොකෙ ධම්මවාදිනො, කෙ ලොකෙ සුප්පටිපන්නා, කෙ ලොකෙ සුගතාති. යෙ ඛො ආවුසො රාගස්ස පහානාය{1} ධම්මං දෙසෙන්ති, දොසස්ස පහානාය ධම්මං දෙසෙන්ති, මොහස්ස පහානාය ධම්මං දෙසෙන්ති, තෙ ලොකෙ ධම්මවාදිනො. යෙ ඛො ආවුසො රාගස්ස පහානාය පටිපන්නා, දොසස්ස පහානාය පටිපන්නා, මොහස්ස පහානාය පටිපන්නා, තෙ ලොකෙ සුප්පටිපන්නා. යෙසං ඛො ආවුසො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො{2} ආයතිං අනුප්පාදධම්මො, දොසො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො, මොහො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො තෙ ලොකෙ සුගතාති.
Sinhala BJT318. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ලොව ධර්‍මවාදීහු කවරහු ද ලොව සුපටිපන්න කවරහු ද? ලොව සුගත කවරහු දැ යි. ඇවැත්නි, යම් කෙනෙක් රාග ප්‍රහාණය පිණිස දහම් දෙසත් ද, දෝස ප්‍රහාණය පිණිස දහම් දෙසත් ද, මෝහ ප්‍රහාණය පිණිස දහම් දෙසත් ද, ඔහු ලොව ධර්‍මවාදීහු ය. ඇවැත්නි, යම් කෙනෙක් රාග ප්‍රහාණය පිණිස පිළිපන්නාහු ද, දෝස ප්‍රහාණය පිණිස පිළිපන්නාහු ද, මෝහ ප්‍රහාණය පිණිස පිළිපන්නාහු ද, ඔහු ලොව සුපටිපන්නයෝ ය. ඇවැත්නි, යම් කෙනකුන්ගේ රාගය ප්‍රහීණ වී ද, උසුන්මුල් ඇත්තේ ද, මුදුන සුන් තල් රුකක් මෙන් කරන ලද්දේ ද, පුන පුනා නො වීම කරන ලද්දේ ද, මතු නූපදනා ස්වභාව ඇත්තේ ද; දෝසය ප්‍රහීණ වී ද, උසුන්මුල් ඇත්තේ ද, මුදුනසුන් තල් රුකක් මෙන් කරන ලද්දේ ද, පුන පුනා නො වීම කරන ලද්දේ ද, මතු නුපදීනා ස්වභාව ඇත්තේ ද; මෝහය ප්‍රහීණ ද, උසුන් මුල් ඇත්තේ ද, මුදුනසුන් තල්රුකක් මෙන් කරන ලද්දේ ද, පුන පුනා නො වීම කරන ලද්දේ ද, මතු නූපදනා ස්වභාව ඇත්තේ ද ඔහු ලොව සුගතයෝ යි.
Pali BJTඅත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානායාති. අත්ථි ඛො{3} ආවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානාය. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතස්ස රාගස්ස දොසස්ස මොහස්ස පහානාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත, අප්පමාදායාති.
Sinhala BJTඇවැත්නි, මේ රාගය, දෝසය, මෝහය ප්‍රහාණයට මගෙක් ඇත්ද, පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ රාගය, දෝසය මෝහය ප්‍රහාණයට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ රාගය දෝසය මෝහය ප්‍රහාණයට මග කවරේ ද පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ රාගය, දෝසය, මෝහය ප්‍රහාණයට මේ අරී අටගඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධි ය යි. ඇවැත්නි, මේ රාගය දෝසය මෝහය ප්‍රහාණයට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ රාගය දෝසය මෝහය ප්‍රහාණයට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
Pali BJT4. 1. 4.
Sinhala BJT4. 1. 4.
Pali BJTකිමත්ථියසුත්තං
Sinhala BJTකිමත්‍ථිය සූත්‍රය
Pali BJT319. කිමත්ථියං ආවුසො සාරිපුත්ත, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතීති. දුක්ඛස්ස ඛො ආවුසො, පරිඤ්ඤත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතීති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස දුක්ඛස්ස පරිඤ්ඤායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස දුක්ඛස්ස පරිඤ්ඤායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතස්ස දුක්ඛස්ස පරිඤ්ඤායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස දුක්ඛස්ස පරිඤ්ඤාය, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතස්ස දුක්ඛස්ස පරිඤ්ඤායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතස්ස දුක්ඛස්ස පරිඤ්ඤාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
Sinhala BJT319. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ යි. ඇවැත්නි දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත් දැයි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මේ අරී අටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
Pali BJT4. 1. 5.
Sinhala BJT4. 1. 5.
Pali BJTඅස්සාසසුත්තං
Sinhala BJTඅස්සාස සූත්‍රය
Pali BJT320. අස්සාසප්පත්තො අස්සාසප්පත්තොති ආවුසො සාරිපුත්ත වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො සාරිපුත්ත අස්සාසප්පත්තො හොතීති. යතො ඛො ආවුසො භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො ආවුසො අස්සාසප්පත්තො හොතීති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායාති.
Sinhala BJT320. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අස්වැසුමට පැමිණියේ අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්‍ශායතන සයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දකී ද, ඇවැත්නි, මෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්ද දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.
Pali BJTකතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියාය. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතස්ස අස්සාසස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත, අප්පමාදායාති.
Sinhala BJTඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ අරී අටඟි මග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
Pali BJT4. 1. 6.
Sinhala BJT4. 1. 6.
Pali BJTපරමස්සාසසුත්තං
Sinhala BJTපරමස්සාස සූත්‍රය
Pali BJT321. පරමස්සාසප්පත්තො පරමස්සාසප්පත්තොති ආවුසො සාරිපුත්ත, වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො සාරිපුත්ත, පරමස්සාසප්පත්තො හොතීති. යතො ඛො ආවුසො භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො හොති, එත්තාවතා ඛො ආවුසො පරමස්සාසප්පත්තො හොතීති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස පරමස්සාසස්ස සච්ඡිකිරියායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස පරමස්සාසස්ස සච්ඡිකිරියායාති.
Sinhala BJT321. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, උතුම් අස්වැසුමට පැමිණියේ උතුම් අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් උතුම් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්‍ශායතන සයෙහි සමුදයයත්, අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දැන උපාදාන රහිත ව මිදුනේ වේ ද, ඇවැත්නි, මෙතෙකින් උතුම් අස්වැසුමට පැමිණියේ වෙයි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත පිළිවෙතෙක් ඇතැ යි.
Pali BJTකතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතස්ස පරමස්සාසස්ස සච්ඡිකිරියායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස පරමස්සාසස්ස සච්ඡිකිරියාය. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතස්ස පරමස්සාසස්ස සච්ඡිකිරියායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතස්ස පරමස්සාසස්ස සච්ඡිකිරියාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
Sinhala BJTඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මේ අරිඅටඟිමග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
Pali BJT4. 1. 7.
Sinhala BJT4. 1. 7.
Pali BJTවෙදනාසුත්තං
Sinhala BJTවේදනා සූත්‍රය
Pali BJT322. වෙදනා වෙදනාති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමා නු ඛො ආවුසො වෙදනාති. තිස්සො ඉමා ආවුසො වෙදනා. සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො ආවුසො තිස්සො වෙදනාති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතාසං{1} වෙදනානං පරිඤ්ඤායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතාසං වෙදනානං පරිඤ්ඤායාති.
Sinhala BJT322. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, වේදනා වේදනා වේදනා යි කියනු ලැබේ. ඇවැත්නි, වේදනා කවරහු දැ යි. ඇවැත්නි, මේ වේදනා තුනෙකි, සුව වේදනා ය, දුක වේදනා ය, මැදහත් වේදනා ය යි. ඇවැත්නි, මේ වේදනා තුන යි. ඇවැත්නි, මේ වේදනා තුන පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇද් ද පිළිවෙතෙක් ඇද් දැ යි. ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.
Pali BJTකතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතාසං වෙදනානං පරිඤ්ඤායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතාසං වෙදනානං පරිඤ්ඤාය. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතාසං වෙදනානං පරිඤ්ඤායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතාසං වෙදනානං පරිඤ්ඤාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
Sinhala BJTඇවැත්නි මේ වේදනා, පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මේ අරිඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, වේදනා පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
Pali BJT4. 1. 8.
Sinhala BJT4. 1. 8.
Pali BJTආසවසුත්තං
Sinhala BJTආසව සූත්‍රය
Pali BJT323. ආසවො ආසවොති ආවුසො සාරිපුත්ත, වුච්චති. කතමො නු ඛො ආවුසො ආසවොති. තයො මෙ ආවුසො ආසවා. කාමාසවො භවාසවො අවිජ්ජාසවො. ඉමෙ ඛො ආවුසො තයො ආසවාති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතෙසං ආසවානං පහානායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතෙසං ආසවානං පහානායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතෙසං ආසවානං පහානායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතෙසං ආසවානං පහානාය, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතෙසං ආසවානං පහානායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතෙසං ආසවානං පහානාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
Sinhala BJT323. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ආස්‍රව ආස්‍රවැ යි කියනු ලැබේ. ඇවැත්නි, ආස්‍රව කවරේදැ යි. ඇවැත්නි මේ ආස්‍රව තුනෙකි. කාමාස්‍රව ය භවාස්‍රව ය අවිද්‍යාස්‍රව ය යි. ඇවැත්නි මේ ආස්‍රව තුන යි. ඇවැත්නි මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇද්ද යි. ඇවැත්නි, මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මේ අරිඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨි ය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ ආස්‍රවයන් ප්‍රහාණය පිණිස මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි ආස්‍රවයන් ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
Pali BJT4. 1. 9.
Sinhala BJT4. 1. 9.
Pali BJTඅවිජ්ජාසුත්තං
Sinhala BJTඅවිජ්ජා සූත්‍රය
Pali BJT324. අවිජ්ජා අවිජ්ජාති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමා නු ඛො ආවුසො අවිජ්ජාති. යං ඛො ආවුසො දුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, අයං වුච්චතාවුසො අවිජ්ජාති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා, එතිස්සා අවිජ්ජාය පහානායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතිස්සා අවිජ්ජාය පහානායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතිස්සා අවිජ්ජාය පහානායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතිස්සා අවිජ්ජාය පහානාය. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතිස්සා අවිජ්ජාය පහානායාති. භද්දකො ආවුසො මග්ගො, භද්දිකා පටිපදා එතිස්සා අවිජ්ජාය පහානාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
Sinhala BJT324. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අවිද්‍යා අවිද්‍යා යි කියනු ලැබේ. ඇවැත්නි අවිද්‍යාව කවර දැයි. ඇවැත්නි, දුක්ඛයෙහි යම් නො දැනීමෙක්, දුක්ඛසමුදයෙහි නො දැනීමෙක්, දුක්ඛනිරෝධයෙහි නො දැනීමෙක්, දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි නො දැනීමෙක් වේ නම්, ඇවැත්නි, මේ අවිද්‍යාව යයි කියනු ලැබේ. ඇවැත්නි, මේ අවිද්‍යා ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ අවිද්‍යාව ප්‍රහාණය පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ අවිද්‍යාව ප්‍රහාණය පිණිස මග කවරේද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අවිද්‍යාව ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අවිද්‍යාව ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමාවීමට සුදුසු යි.
Pali BJT4. 1. 10.
Sinhala BJT4. 1. 10.
Pali BJTතණ්හාසුත්තං
Sinhala BJTතණ්හා සූත්‍රය
Pali BJT325. තණ්හා තණ්හාති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමා නු ඛො ආවුසො තණ්හාති. තිස්සො ඉමා ආවුසො තණ්හා: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. ඉමා ඛො ආවුසො තිස්සො තණ්හාති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතාසං තණ්හානං පහානායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතාසං තණ්හානං පහානායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතාසං තණ්හානං පහානායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතාසං තණ්හානං පහානාය. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතාසං තණ්හානං පහානායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතාසං තණ්හානං පහානාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
Sinhala BJT325. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, තණ්හා තණ්හා යි කියනු ලැබේ. ඇවැත්නි තණ්හාව කවර යි. ඇවැත්නි මේ තණ්හා තුනෙකි. කාමතණ්හා ය, භවතණ්හා ය, විභව තණ්හා ය යි. ඇවැත්නි, මේ තණ්හා තුන යි. ඇවැත්නි මේ තණ්හා ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ ද යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ තණ්හා ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
Pali BJT4. 1. 11.
Sinhala BJT4. 1. 11.
Pali BJTඔඝසුත්තං
Sinhala BJTඕඝ සූත්‍රය
Pali BJT326. ඔඝො ඔඝොති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමො නු ඛො ආවුසො ඔඝොති. චත්තාරොමෙ ආවුසො ඔඝා: කාමොඝො භවොඝො දිට්ඨොඝො අවිජ්ජොඝො. ඉමෙ ඛො ආවුසො චත්තාරො ඔඝාති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතෙසං ඔඝානං පහානායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතෙසං ඔඝානං පහානායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතෙසං ඔඝානං පහානායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතෙසං ඔඝානං පහානාය. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතෙසං ඔඝානං පහානායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතෙසං ඔඝානං පහානාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
Sinhala BJT326. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ඕඝ යැ යි ඕඝ යැ යි කියනු ලැබේ. ඇවැත්නි, ඕඝය කවරේ දැ යි. ඇවැත්නි, ඕඝ සතරෙකි, කාමෝඝ ය භවොඝ ය දිට්ඨොඝ ය අවිජ්ජොඝ ය යි. ඇවැත්නි, මේ ඕඝ සතර යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මගෙක් ඇද් ද, පිළිවෙතෙක් ඇද් දැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
Pali BJT4. 1. 12.
Sinhala BJT4. 1. 12.
Pali BJTඋපාදානසුත්තං
Sinhala BJTඋපාදාන සූත්‍රය
Pali BJT327. උපාදානං උපාදානන්ති පනාවුසො සාරිපුත්ත වුච්චති. කතමන්නු ඛො ආවුසො උපාදානන්ති. චත්තාරිමානි ආවුසො උපාදානානි: කාමුපාදානං දිට්ඨුපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං. ඉමානි ඛො ආවුසො චත්තාරි උපාදානානීති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතෙසං උපාදානානං පහානායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතෙසං උපාදානානං පහානායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතෙසං උපාදානානං පහානායාති. අයමෙව ඛො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතෙසං උපාදානානං පහානාය, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතෙසං උපාදානානං පහානායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතෙසං උපාදානානං පහානාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
Sinhala BJT327. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, උපාදාන උපාදානැ යි කියනු ලැබේ. ඇවැත්නි, උපාදාන කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදාන සතරෙකි, කාමූපාදාන ය, දිට්ඨූපාදාන ය, සීලබ්බතූපාදනය, අත්තවාදූපාදාන ය යි. ඇවැත්නි, මේ උපාදාන සතර යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමාවීමට සුදුසු යි.
Pali BJT4. 1. 13.
Sinhala BJT4. 1. 13.
Pali BJTභවසුත්තං
Sinhala BJTභව සූත්‍රය
Pali BJT328. භවො භවොති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමො නු ඛො ආවුසො භවොති, තයොමෙ ආවුසො භවා. කාමභවො රූපභවො අරූපභවො. ඉමෙ ඛො ආවුසො තයො භවාති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතෙසං භවානං පරිඤ්ඤායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතෙසං භවානං පරිඤ්ඤායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතෙසං භවානං පරිඤ්ඤායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතෙසං භවානං පරිඤ්ඤාය. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතෙසං භවානං පරිඤ්ඤායාති. භද්දකො පනාවුසො මග්ගො, භද්දිකා පටිපදා එතෙසං භවානං පරිඤ්ඤාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
Sinhala BJT328. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, භව භවැ යි කියනු ලැබේ. ඇවැත්නි, භව කවරේ දැ යි. ඇවැත්නි භව තුනෙකි. කාමභව ය, රූපභව ය, අරූපභව ය යි. ඇවැත්නි, මේ භව තුන යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මේ මගම යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
Pali BJT4. 1. 14.
Sinhala BJT4. 1. 14.
Pali BJTදුක්ඛසුත්තං
Sinhala BJTදුක්ඛ සූත්‍රය
Pali BJT329. දුක්ඛං දුක්ඛන්ති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමං නු ඛො ආවුසො දුක්ඛන්ති. තිස්සො ඉමා ආවුසො දුක්ඛතා. දුක්ඛදුක්ඛතා සඞ්ඛාරදුක්ඛතා විපරිණාමදුක්ඛතා. ඉමා ඛො ආවුසො තිස්සො දුක්ඛතාති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතාසං දුක්ඛතානං පරිඤ්ඤායාති. අත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතාසං දුක්ඛතානං පරිඤ්ඤායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතාසං දුක්ඛතානං පරිඤ්ඤායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතාසං දුක්ඛතානං පරිඤ්ඤාය, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතාසං දුක්ඛතානං පරිඤ්ඤායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතාසං දුක්ඛතානං පරිඤ්ඤාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
Sinhala BJT329. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, දුක දුකැ යි කියනු ලැබේ. ඇවැත්නි දුඛ කවරේ දැ යි. ඇවැත්නි, මේ දුක්බැව් තුනෙකි. දුක්ඛදුක්බව ය, සඞ්ඛාරදුක්බව ය, විපරිණාමදුක්බව ය යි. ඇවැත්නි, මේ දුක් බැව් තුන යි. ඇවැත්නි, මේ දුක් බැව් පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මේ මඟ යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
Pali BJT4. 1. 15.
Sinhala BJT4. 1. 15.
Pali BJTසක්කායසුත්තං
Sinhala BJTසක්කාය සූත්‍රය
Pali BJT330. සක්කායො සක්කායොති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමො නු ඛො ආවුසො සක්කායොති. පඤ්චිමෙ ආවුසො උපාදානක්ඛන්ධා සක්කායො වුත්තො භගවතා. සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො වෙදනුපාදානක්ඛන්ධො සඤ්ඤුපාදානක්ඛන්ධො සඞ්ඛාරූපාදානක්ඛන්ධො විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ඛො ආවුසො පඤ්චුපාදානක්ඛන්ධා සක්කායො වුත්තො භගවතාති. අත්ථි පනාවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස සක්කායස්ස පරිඤ්ඤායාති.
Sinhala BJT330. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, සත්කාය සත්කාය යි කියනු ලැබේ. ඇවැත්නි, සත්කාය කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදානස්කන්‍ධ පස සත්කාය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. එනම්: රූපූපාදානස්කන්‍ධය, වේදනූපාදානස්කන්‍ධය, සඤ්ඤූපාදානස්කන්‍ධය, සඞ්ඛාරූපාදානස්කන්‍ධය, විඤ්ඤාණූපාදානස්කන්‍ධය යි. ඇවැත්නි, මේ උපාදානස්කන්‍ධ පස සත්කාය ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්දැ යි.
Pali BJTඅත්ථි ඛො ආවුසො මග්ගො අත්ථි පටිපදා එතස්ස සක්කායස්ස පරිඤ්ඤායාති. කතමො පනාවුසො මග්ගො කතමා පටිපදා එතස්ස සක්කායස්ස පරිඤ්ඤායාති. අයමෙව ඛො ආවුසො අරියො අට්ඨඞ්ගිකො මග්ගො එතස්ස සක්කායස්ස පරිඤ්ඤාය, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං ඛො ආවුසො මග්ගො අයං පටිපදා එතස්ස සක්කායස්ස පරිඤ්ඤායාති. භද්දකො ආවුසො මග්ගො භද්දිකා පටිපදා එතස්ස සක්කායස්ස පරිඤ්ඤාය. අලඤ්ච පනාවුසො සාරිපුත්ත අප්පමාදායාති.
Sinhala BJTඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මග කවරේද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මේ මඟ යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
Pali BJT4. 1. 16.
Sinhala BJT4. 1. 16.