Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10601-10700 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකතමා ච භික්ඛවෙ නිරාමිසා නිරාමිසතරා පීති: යා ඛො භික්ඛවෙ ඛීණාසවස්ස භික්ඛුනො රාගා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො දොසා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො මොහා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො උප්පජ්ජති පීති. අයං වුච්චති භික්ඛවෙ නිරාමිසා නිරාමිසතරා පීති.
Sinhala BJTමහණෙනි, නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතිය කවර යත්: මහණෙනි, රාගයෙන් මිදුණු සිත පස්විකන දෝසයෙන් මිදුණු සිත පස්විකන මෝහයෙන් මිදුණු සිත පස්විකන රහත් මහණහට යම් ප්‍රීතියක් උපදී ද, මහණෙනි, මේ නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතිය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සාමිසං සුඛං: පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්චකාමගුණා. යං ඛො භික්ඛවෙ ඉමෙ පඤ්චකාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, ඉදං වුච්චති භික්ඛවෙ සාමිසං සුඛං.
Sinhala BJTමහණෙනි, සාමිස සුවය කවරේ ද යත්: මහණෙනි, මේ කම්ගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපය. ... ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ ය. මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මහණෙනි, මේ සාමිස සුවය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ නිරාමිසං සුඛං: ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙඛකො ච විහරති සතො සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තං තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති භික්ඛවෙ නිරාමිසං සුඛං.
Sinhala BJTමහණෙනි, නිරාමිස සුවය කවරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව මැ අකුසල්දහමින් වෙන් ව මැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙයි. විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසෙයි. ප්‍රීතියත් දුරුකිරීමෙන් උපේක්‍ෂා ඇත්තේත් වෙසෙයි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳියි. උපේක්‍ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය. සුවවිහරණ ඇත්තේ ය යි. ආර්‍ය්‍යයෝ ඒ යමකට කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මේ නිරාමිස සුවය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ නිරාමිසා නිරාමිසතරං සුඛං: යං ඛො භික්ඛවෙ ඛීණාසවස්ස භික්ඛුනො රාගා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො දොසා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො මොහා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො උප්පජ්ජති සුඛං සොමනස්සං, ඉදං වුච්චති භික්ඛවෙ නිරාමිසානිරාමිසතරං සුඛං.
Sinhala BJTමහණෙනි, නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවය කවරේ ද යත්: මහණෙනි, රාගෙන් මිදුණු සිත පස්විකන දෝසයෙන් මිඳුණ සිත පස්විකන මෝහයෙන් මිඳුණ සිත පස්විකන රහත් මහණහුට යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම්, මහණෙනි, මෙය නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ සාමිසා උපෙඛා: පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්චකාමගුණා. යා ඛො භික්ඛවෙ ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති උපෙඛා, අයං වුච්චති භික්ඛවෙ සාමිසා උපෙඛා.
Sinhala BJTමහණෙනි, සාමිස උපේක්‍ෂාව කවර ද යත්: මහණෙනි, මේ කම්ගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වු කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු රූපය … ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වු කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය. මහණෙනි, මොහු පස්කම්ගුණයෝ ය. මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් උපේක්‍ෂාවක් උපදී නම්, මහණෙනි, මෙය සාමිස උපේක්‍ෂා ය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ නිරාමිසා උපෙඛා: ඉධ භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙඛාසතිපාරිසුද්ධිං චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ නිරාමිසා උපෙඛා.
Sinhala BJTමහණෙනි, නිරාමිස උපේක්‍ෂාව කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සුවයත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මේ නිරාමිස උපේක්‍ෂාව ය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ නිරාමිසා නිරාමිසතරා උපෙඛා: යා ඛො භික්ඛවෙ ඛීණාසවස්ස භික්ඛුනො රාගා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො දොසා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො මොහා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො උප්පජ්ජති උපෙඛා, අයං වුච්චති භික්ඛවෙ නිරාමිසා නිරාමිසතරා උපෙඛා.
Sinhala BJTමහණෙනි, නිරාසාමිස උපේක්‍ෂාවට වඩා වැඩි වූ නිරාමිසතර උපේක්‍ෂාව කවර යත්: මහණෙනි, රාගයෙන් මිදුණු සිත පස්විකන දෝසයෙන් මිදුණු සිත පස්විකන මෝහයෙන් මිදුණු සිත පස්විකන රහත් මහණහට යම් උපේක්‍ෂාවක් උපදී ද, මහණෙනි, මේ නිරාමිස උපේක්‍ෂාවට වැඩි වූ නිරාමිසතර උපේක්‍ෂාව ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සාමිසො විමොක්ඛො: රූපපටිසඤඤුත්තො විමොක්ඛො සාමිසො විමොක්ඛො. කතමො ච භික්ඛවෙ නිරාමිසො විමොක්ඛො: අරූපපටිසඤ්ඤුත්තො විමොක්ඛො නිරාමිසො විමොක්ඛො. කතමො ච භික්ඛවෙ නිරාමිසා නිරාමිසතරො විමොක්ඛො{1}: යො ඛො භික්ඛවෙ ඛීණාසවස්ස භික්ඛුනො රාගා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො දොසා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො මොහා චිත්තං විමුත්තං පච්චවෙක්ඛතො උප්පජ්ජති විමොක්ඛො, අයං වුච්චති භික්ඛවෙ නිරාමිසා නිරාමිසතරො විමොක්ඛොති.
Sinhala BJTමහණෙනි, සාමිස විමෝක්‍ෂය කවරේ ද යත්: රූපයෙන් යුත් විමෝක්‍ෂය සාමිස විමෝක්‍ෂ යි. මහණෙනි, නිරාමිස විමෝක්‍ෂය කවරේ ද යත්: අරූපයෙන් යුත් විමෝක්‍ෂය නිරාමිස විමෝක්‍ෂ යි. මහණෙනි, නිරාමිස විමෝක්‍ෂයට වඩා වැඩි වූ නිරාමිසතර විමෝක්‍ෂය කවරේ ද යත්: මහණෙනි, රාගයෙන් මිදුණු සිත පස්කවින දෝසයෙන් මිදුණු සිත පස්කවින මෝහයෙන් මිදුණු සිත පස්කවින රහත් මහණ හට යම් විමෝක්‍ෂයෙක් උපදී ද, මහණෙනි, මේ නිරාමිස විමෝක්‍ෂයට වඩා වැඩි වූ නිරාමිසතර විමෝක්‍ෂ යි කියනු ලැබේ.
Pali BJTඅට්ඨසතපරියායවග්ගොතතියො.
Sinhala BJTතෙවැනි වූ අට්ඨසතපරියායවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTසීවකට්ඨසතං භික්ඛු පුබ්බෙඤාණඤ්ච භික්ඛුනා සමණබ්රාහ්මණා තීණි සුද්ධිකඤ්ච නිරාමිසන්ති.
Sinhala BJTසීවක අට්ඨසත භික්ඛු පුබ්බේඤාණ සම්බහුලභික්ඛු යන සූත්‍ර සය ද සමණබ්‍රාහ්මණ සූත්‍ර තුන ද ශුද්ධික නිරාමිස සූත්‍ර දෙක දැ යි එකොළොසෙකි.
Pali BJTවෙදනාසංයුත්තං නිට්ඨිතං.
Sinhala BJTවේදනා සංයුත්තය නිමි.
Pali BJT3. මාතුගාමසංයුත්තං
Sinhala BJT3. මාතුගාම සංයුත්තය
Pali BJT1. මාතුගාමවග්ගො
Sinhala BJT1. මාතුගාම වර්‍ගය
Pali BJT3. 1. 1.
Sinhala BJT3. 1. 1.
Pali BJTමාතුගාමසුත්තං
Sinhala BJTමාතුගාම සූත්‍රය
Pali BJT280. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො මාතුගාමො එකන්තඅමනාපො හොති පුරිසස්ස. කතමෙහි පඤ්චහි: න ච රූපවා හොති, න ච භොගවා හොති, න ච සීලවා හොති, අලසො ච හොති, පජඤ්චස්ස න ලභති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො මාතුගාමො එකන්තඅමනාපො හොති පුරිසස්ස.
Sinhala BJT280. මහණෙනි, අඞ්ගපසෙකින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් අමනාපවේ. කවර පසෙකින් ද යත්: නො ද රූමත් වේ, නො ද ධනවත් වේ, නො ද සිල්වත් වෙයි, අලසත් වේ, ඔහුට දාව ප්‍රජාවත් නො ලබයි. මහණෙනි, මේ අඞ්ගපසින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් අමනාප වේ.
Pali BJTපඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො මාතුගාමො එකන්තමනාපො හොති පුරිසස්ස. කතමෙහි පඤ්චහි: රූපවා ච හොති, භොගවා ච හොති, සීලවා ච හොති, දක්ඛො ච හොති අනලසො, පජඤ්චස්ස ලභති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො මාතුගාමො එකන්තමනාපො හොති පුරිසස්සාති.
Sinhala BJTමහණෙනි, අඞ්ගපසෙකින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් මනාප වෙයි. කවර පසෙකින් ද යත්: රූමත් ද වෙයි, ධනවත් ද වෙයි, සිල්වත් ද වෙයි, අනලස් ව දක්‍ෂ ද වේ, ඔහුට දාව ප්‍රජාවත් ලබයි. මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මාගම පුරුෂයාට ඒකාන්තයෙන් මනාප වේ යි.
Pali BJT3. 1. 2.
Sinhala BJT3. 1. 2.
Pali BJTපුරිසසුත්තං
Sinhala BJTපුරිස සූත්‍රය
Pali BJT281. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො පුරිසො එකන්තාමනාපො හොති මාතුගාමස්ස. කතමෙහි පඤ්චහි: න ච රූපවා හොති, න ච භොගවා හොති, න ච සීලවා හොති, අලසො ච හොති, පජඤ්චස්ස න ලභති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො පුරිසො එකන්තාමනාපො හොති මාතුගාමස්ස.
Sinhala BJT281. මහණෙනි, අඞ්ගපසෙකින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් අමනාප වේ. කවර පසෙකින් ද යත්: නො ද රූමත් වෙයි, නො ද භෝගවත් වෙයි, නො ද සිල්වත් වෙයි, අලසත් වෙයි, ඔහුට (දාව) ප්‍රජාව නො ද ලැබෙයි. මහණෙනි, මේ අඞ්ග පසින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් අමනාප වේ.
Pali BJTපඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො පුරිසො එකන්තමනාපො හොති මාතුගාමස්ස. කතමෙහි පඤ්චහි: රූපවා ච හොති, භොගවා ච හොති, සීලවා ච හොති, දක්ඛො ච හොති අනලසො, පජඤ්චස්ස ලභති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො පුරිසො එකන්තමනාපො හොති මාතුගාමස්සාති.
Sinhala BJTමහණෙනි, අඞ්ගපසෙකින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් මනාප වේ. කවර පසෙකින් ද යත්: රූමත් ද වෙයි, භෝගවත් ද වෙයි, සිල්වත් ද වෙයි, අනලස් ව දක්‍ෂ ද වෙයි, ඔහුට (දාව) ප්‍රජාව ද ලැබෙයි. මහණෙනි, මේ පස්අඟින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් මනාප වේ යි.
Pali BJT3. 1. 3.
Sinhala BJT3. 1. 3.
Pali BJTආවෙණිකදුක්ඛසුත්තං
Sinhala BJTආවේණිකදුක්ඛ සූත්‍රය
Pali BJT282. පඤ්චිමානි භික්ඛවෙ, මාතුගාමස්ස ආවෙණිකානි දුක්ඛානි යානි මාතුගාමො පච්චනුභොති අඤ්ඤත්රෙව පුරිසෙහි. කතමානි පඤ්ච: ඉධ භික්ඛවෙ මාතුගාමො දහරොව සමානො පතිකුලං ගච්ඡති, ඤාතකෙහි විනා හොති. ඉදං භික්ඛවෙ, මාතුගාමස්ස පඨමං ආවෙණිකං දුක්ඛං, යං මාතුගාමො පච්චනුභොති අඤ්ඤත්රෙව පුරිසෙහි. පුන චපරං භික්ඛවෙ, මාතුගාමො උතුනී හොති. ඉදං භික්ඛවෙ මාතුගාමස්ස දුතියං ආවෙණිකං දුක්ඛං යං මාතුගාමො පච්චනුභොති අඤ්ඤත්රෙව පුරිසෙහි.
Sinhala BJT282. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුක් අනුභව කෙරේ නම් මාගමට උරුම වූ (එබඳු) මේ දුක් පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙහි මාගම තුරුණු වූවා ම සැමිකුලයට යෙයි. නෑයන්ගෙන් වෙන් වෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ පළමුවන දුක යි. මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම ඔසප් ඇත්තී වෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ දෙවෙනි දුක යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ මාතුගාමො ගබ්භිනී හොති. ඉදං භික්ඛවෙ මාතුගාමස්ස තතියං ආවෙණිකං දුක්ඛං, යං මාතුගාමො පච්චනුභොති, අඤ්ඤත්රෙව පුරිසෙහි. පුන චපරං භික්ඛවෙ මාතුගාමො විජායති. ඉදං භික්ඛවෙ මාතුගාමස්ස චතුත්ථං ආවෙණිකං දුක්ඛං, යං මාතුගාමො පච්චනුභොති, අඤ්ඤත්රෙව පුරිසෙහි. පුන චපරං භික්ඛවෙ මාතුගාමො පුරිසස්ස පාරිචරියං උපෙති. ඉදං භික්ඛවෙ මාතුගාමස්ස පඤ්චමං ආවෙණිකං දුක්ඛං, යං මාතුගාමො පච්චනුභොති, අඤ්ඤත්රෙව පුරිසෙහි. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච මාතුගාමස්ස ආවෙණිකානි දුක්ඛානි, යානි මාතුගාමො පච්චනුභොති අඤ්ඤත්රෙව පුරිසෙහීති.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම ගැබිනි වෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ තෙවන දුක යි. මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම (දරුවන්) වදයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ සිවුවන දුක යි. මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම පුරුෂයාගේ පරිචරියාවට එළඹෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ පස්වන දුක යි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුක් විඳී නම් මාගමට උරුම වූ දුක් පස මොහු යි.
Pali BJT3. 1. 4.
Sinhala BJT3. 1. 4.
Pali BJTතීහිධම්මෙහිසුත්තං
Sinhala BJTතීහි ධම්මේහි සූත්‍රය
Pali BJT283. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො යෙභුය්යෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. කතමෙහි තීහි: ඉධ භික්ඛවෙ මාතුගාමො පුබ්බණ්හසමයං මච්ඡෙරමලපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති. මජ්ඣන්තිකං සමයං ඉස්සා පරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති. සායන්හසමයං කාමරාගපරියුට්ඨිතෙන චෙතසා අගාරං අජ්ඣාවසති. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො යෙභුය්යෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
Sinhala BJT283. මහණෙනි, දහම් තුනකින් යුත් මාගම බෙහෙවින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර තුනකින් ද යත්: මහණෙනි, මෙහි මාගම පෙරවරු මසුරුමල නැග සිටි සිතින් යුතු ව ගෙහි වෙසෙයි, මද්දහන තරහ නැගි සිතින් යුතු ව ගෙහි වෙසෙයි, සවස කාම රාගය නැගි සිතින් යුතු ව ගෙහි වෙසෙයි. මහණෙනි, මේ තුන් දහමින් යුත් මාගම බෙහෙවින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට පැමිණේ යි.
Pali BJT3. 1. 5.
Sinhala BJT3. 1. 5.
Pali BJTඅනුරුද්ධසුත්තං{*}
Sinhala BJTඅනුරුද්ධ සූත්‍රය
Pali BJT284. අථ ඛො ආයස්මා අනුරුද්ධො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා අනුරුද්ධො භගවන්තං එතදවොච:
Sinhala BJT284. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:
Pali BJTඉධාහං භන්තෙ මාතුගාමං පස්සාමි දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තං{1}. කතීහි නු ඛො භන්තෙ ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති?
Sinhala BJTවහන්ස, මෙහි මම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙන මාගමක මිනිසැස ඉක්මවා පැවති පිරිසිදු දිවැසින් දකිමි. වහන්ස, කෙතෙක් දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ දැ?යි.
Pali BJTපඤ්චහි ඛො අනුරුද්ධ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: අස්සද්ධො ච හොති, අහිරිකො ච හොති, අනොත්තප්පී ච හොති, කොධනො ච හොති, දුප්පඤ්ඤො ච හොති. ඉමෙහි ඛො අනුරුද්ධ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
Sinhala BJTඅනුරුද්ධ, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, කිපෙනසුලු වෙයි, නුවණ රහිත වෙයි. අනුරුද්ධ, මේ දහම් පසින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
Pali BJT3. 1. 6.
Sinhala BJT3. 1. 6.
Pali BJTකොධනසුත්තං
Sinhala BJTකොධන සූත්‍රය
Pali BJT285. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: අස්සද්ධො ච හොති, අහිරිකො ච හොති, අනොත්තාපී ච හොති, කොධනො ච හොති, දුප්පඤ්ඤො ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
Sinhala BJT285. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, කිපෙනසුලු වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
Pali BJT3. 1. 7.
Sinhala BJT3. 1. 7.
Pali BJTඋපනාහීසුත්තං
Sinhala BJTඋපනාහී සූත්‍රය
Pali BJT286. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: අස්සද්ධො ච හොති, අහිරිකො ච හොති, අනොත්තාපී ච හොති, උපනාහී ච හොති, දුප්පඤ්ඤො ච හොති; ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJT286. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, බද්ධවෛර සහිත වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
Pali BJT3. 1. 8.
Sinhala BJT3. 1. 8.
Pali BJTඉස්සුකීසුත්තං
Sinhala BJTඉස්සුකී සූත්‍රය
Pali BJT287. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: අස්සද්ධො ච හොති, අහිරිකො ච හොති, අනොත්තාපී ච හොති, ඉස්සුකී ච හොති, දුප්පඤ්ඤො ච හොති; ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
Sinhala BJT287. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, ඊෂ්‍යර්‍ා සහිත වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
Pali BJT3. 1. 9.
Sinhala BJT3. 1. 9.
Pali BJTමච්ඡරීසුත්තං
Sinhala BJTමච්ඡරී සූත්‍රය
Pali BJT288. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: අස්සද්ධො ච හොති, අහිරිකො ච හොති, අනොත්තාපී ච හොති, මච්ඡරී ච හොති, දුප්පඤ්ඤො ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
Sinhala BJT288. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, මසුරු වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
Pali BJT3. 1. 10.
Sinhala BJT3. 1. 10.
Pali BJTඅතිචාරීසුත්තං
Sinhala BJTඅතිචාරී සූත්‍රය
Pali BJT289. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: අස්සද්ධො ච හොති, අහිරිකො ච හොති, අනොත්තාපී ච හොති, අතිචාරී ච හොති, දුප්පඤ්ඤො ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
Sinhala BJT289. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, (සැමියා) ඉක්මවා හැසිරෙනසුලු වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ දහම් පසින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.
Pali BJT3. 1. 11.
Sinhala BJT3. 1. 11.
Pali BJTදුස්සීලසුත්තං
Sinhala BJTදුස්සීල සූත්‍රය
Pali BJT290. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති. කතමෙහි පඤ්චහි: අස්සද්ධො ච හොති, අහිරිකො ච හොති, අනොත්තාපී ච හොති, දුස්සීලො ච හොති, දුප්පඤ්ඤො ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
Sinhala BJT290. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, දුසිල් වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
Pali BJT3. 1. 12.
Sinhala BJT3. 1. 12.
Pali BJTඅප්පස්සුතසුත්තං
Sinhala BJTඅප්පස්සුත සූත්‍රය
Pali BJT291. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති. කතමෙහි පඤ්චහි: අස්සද්ධො ච හොති, අහිරිකො ච හොති, අනොත්තාපී ච හොති, අප්පස්සුතො ච හොති, දුප්පඤ්ඤො ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
Sinhala BJT291. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, ඇසූ පිරූ තැන් රහිත වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
Pali BJT3. 1. 13.
Sinhala BJT3. 1. 13.
Pali BJTකුසීතසුත්තං
Sinhala BJTකුසීත සූත්‍රය
Pali BJT292. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති. කතමෙහි පඤ්චහි: අස්සද්ධො ච හොති, අහිරිකො ච හොති, අනොත්තාපී ච හොති, කුසීතො ච හොති, දුප්පඤ්ඤො ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
Sinhala BJT292. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, මැලි වෙයි, නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
Pali BJT3. 1. 14.
Sinhala BJT3. 1. 14.
Pali BJTමුට්ඨස්සතිසුත්තං
Sinhala BJTමුට්ඨස්සති සූත්‍රය
Pali BJT293. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති. කතමෙහි පඤ්චහි: අස්සද්ධො ච හොති, අහිරිකො ච හොති, අනොත්තාපී ච හොති, මුට්ඨස්සති ච හොති, දුප්පඤ්ඤො ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
Sinhala BJT293. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාතවූ නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි. ලජ්ජා රහිත වෙයි. බිය රහිත වෙයි. මුළාසිහි ඇති වෙයි. නුවණ රහිත වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ යි.
Pali BJT3. 1. 15.
Sinhala BJT3. 1. 15.
Pali BJTපඤ්චවෙරසුත්තං
Sinhala BJTපඤ්චවේර සූත්‍රය
Pali BJT294. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති. කතමෙහි පඤ්චහි: පාණාතිපාතී ච හොති, අදින්නාදායී ච හොති, කාමෙසුමිච්ඡාචාරී ච හොති, මුසාවාදී ච හොති, සුරාමෙරයමජ්ජප්පමාදට්ඨායී ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.
Sinhala BJT294. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාතවූ නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: පණිවායෙන් යුක්ත වෙයි. අයිනාදනින් යුක්ත වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නී වෙයි. මුසා බණන්නී වෙයි. රහමෙර පානය කරන්නී වෙයි. මහණෙනි, මේ පස් දහමෙන් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාතවූ නිරයට පැමිණේ යි.
Pali BJTමාතුගාමවග්ගො පඨමො
Sinhala BJTපළමුවැනි මාතුගාමවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTමාතුගාමො පුරිසො ච ආවෙණිකො තීහි ධම්මෙහි කොධනො උපනාහී ච ඉස්සුකී මච්ඡරෙන ච, අතිචාරී ච අනුරුද්ධො දුස්සීලො වාප්පස්සුතො කුසීතො මුට්ඨස්සතිචෙති පඤ්චවෙරං පඤ්චදසාති.
Sinhala BJTමාතුගාම, පුරිස, ආවේණික, තීහිධම්මේහි, කොධන, උපනාහී, ඉස්සුකී, මච්ඡරී, අතිචාරී, අනුරුද්ධ, දුස්සීල, අප්පස්සුත, කුසීත, මුට්ඨස්සති, පඤ්චවේර ය යි සූත්‍ර පසළොසකි.
Pali BJT2. අනුරුද්ධවග්ගො
Sinhala BJT2. අනුරුද්ධ වර්‍ගය
Pali BJT3. 2. 1.
Sinhala BJT3. 2. 1.
Pali BJTඅනුරුද්ධසුත්තං{*}
Sinhala BJTඅනුරුද්ධ සූත්‍රය
Pali BJT295. අථ ඛො ආයස්මා අනුරුද්ධො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා අනුරුද්ධො භගවන්තං එතදවොච:
Sinhala BJT295. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළ හ.
Pali BJTඉධාහං භන්තෙ මාතුගාමං පස්සාමි දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තං. කතීහි නු ඛො භන්තෙ ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJTවහන්ස, මෙහි මම කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සග ලොවට පැමිණෙන මාගමක මිනිසැස ඉක්මවා පැවැති පිරිසිදු දිවැසින් දකිමි. වහන්ස කෙතෙක් දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සගලොවට පැමිණේ දැ යි.
Pali BJTපඤ්චහි ඛො අනුරුද්ධ ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: සද්ධො ච හොති, හිරිමා ච හොති, ඔත්තාපී ච හොති, අක්කොධනො ච හොති, පඤ්ඤවා ච හොති. ඉමෙහි ඛො අනුරුද්ධ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJTඅනුරුද්ධ, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු යහපත් ගති ඇති සගලොවට පැමිණෙ යි. කවර පසකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. නො කිපෙනසුලු වෙයි. නුවණැති වෙයි. අනුරුද්ධ, මේ පස් දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු යහපත් ගති ඇති සගලොවට පැමිණේ යි.
Pali BJT3. 2. 2.
Sinhala BJT3. 2. 2.
Pali BJTඅක්කොධනසුත්තං
Sinhala BJTඅක්කෝධන සූත්‍රය
Pali BJT296. පඤ්චහි ඛො අනුරුද්ධ ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: සද්ධො ච හොති, හිරිමා ච හොති, ඔත්තාපී ච හොති, අක්කොධනො ච හොති, පඤ්ඤවා ච හොති. ඉමෙහි ඛො අනුරුද්ධ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJT296. මහණෙනි දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. නො කිපෙනසුලු වෙයි. නුවණැති වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
Pali BJT3. 2. 3.
Sinhala BJT3. 2. 3.
Pali BJTඅනුපනාහීසුත්තං
Sinhala BJTඅනුපනාහී සූත්‍රය
Pali BJT297. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: සද්ධො ච හොති, හිරිමා ච හොති, ඔත්තාපී ච හොති, අනුපනාහී ච හොති, පඤ්ඤවා ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJT297. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. බැඳි වෙර නැති වෙයි. නුවණැති වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
Pali BJT3. 2. 4.
Sinhala BJT3. 2. 4.
Pali BJTඅනිස්සුකීසුත්තං
Sinhala BJTඅනිස්සුකී සූත්‍රය
Pali BJT298. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: සද්ධො ච හොති, හිරිමා ච හොති, ඔත්තාපී ච හොති, අනිස්සුකී ච හොති, පඤ්ඤවා ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJT298. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඊර්‍ෂ්‍යා රහිත වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
Pali BJT3. 2. 5.
Sinhala BJT3. 2. 5.
Pali BJTඅමච්ඡරීසුත්තං
Sinhala BJTආමච්ඡරී සූත්‍රය
Pali BJT299. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: සද්ධො ච හොති, හිරිමා ච හොති, ඔත්තාපී ච හොති, අමච්ඡරී ච හොති, පඤ්ඤවා ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJT299. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. නො මසුරු වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
Pali BJT3. 2. 6.
Sinhala BJT3. 2. 6.
Pali BJTඅනතිචාරීසුත්තං
Sinhala BJTඅනතිචාරී සූත්‍රය
Pali BJT300. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: සද්ධො ච හොති, හිරිමා ච හොති, ඔත්තාපී ච හොති, අනතිචාරී ච හොති, පඤ්ඤවා ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJT300. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. (සැමියා) ඉක්ම නො හැසිරෙන්නී වෙයි. පැනවත් වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
Pali BJT3. 2. 7.
Sinhala BJT3. 2. 7.
Pali BJTසීලවන්තසුත්තං
Sinhala BJTසීලවන්ත සූත්‍රය
Pali BJT301. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: සද්ධො ච හොති, හිරිමා ච හොති, ඔත්තාපී ච හොති, සීලවා ච හොති, පඤ්ඤවා ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJT301. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. සිල්වත් වෙයි. පැනවත් වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
Pali BJT3. 2. 8.
Sinhala BJT3. 2. 8.
Pali BJTබහුස්සුතසුත්තං
Sinhala BJTබහුස්සුත සූත්‍රය
Pali BJT302. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: සද්ධො ච හොති, හිරිමා ච හොති, ඔත්තාපී ච හොති, බහුස්සුතො ච හොති, පඤ්ඤවා ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJT302. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. බොහෝ ඇසු පිරූ තැන් ඇති වෙයි, පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
Pali BJT3. 2. 9.
Sinhala BJT3. 2. 9.
Pali BJTආරද්ධවිරියසුත්තං
Sinhala BJTආරද්ධවීරිය සූත්‍රය
Pali BJT303. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: සද්ධො ච හොති, හිරිමා ච හොති, ඔත්තාපී ච හොති, ආරද්ධවිරියො ච හොති, පඤ්ඤවා ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJT303. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹු වෙර ඇති වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
Pali BJT3. 2. 10.
Sinhala BJT3. 2. 10.
Pali BJTඋපට්ඨිතසතිසුත්තං
Sinhala BJTඋපට්ඨිතස්සති සූත්‍රය
Pali BJT304. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. කතමෙහි පඤ්චහි: සද්ධො ච හොති, හිරිමා ච හොති, ඔත්තාපී ච හොති, උපට්ඨිතසති ච හොති, පඤ්ඤවා ච හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
Sinhala BJT304. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. එළඹ සිටි සිහි ඇති වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.