Pali BJT2. 2. 6.
Sinhala BJT2. 2. 6.
Pali BJTදුතියසන්තකසුත්තං
Sinhala BJTදුතිය සන්තක සූත්‍රය
Pali BJT264. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච: කතමා නු ඛො ආනන්ද වෙදනා? කතමො වෙදනා සමුදයො? කතමො වෙදනානිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො? කො ආදීනවො? කිං නිස්සරණන්ති?
Sinhala BJT264. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ආනන්‍ද, වේදනාව කවරී ද? වේදනා සමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරී ද? වේදනාවේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා භගවන්නෙත්තිකා භගවම්පටිසරණා. සාධු වත භන්තෙ භගවන්තං යෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති. තෙනහානන්ද සුණොහි සාධුකං මනසිකරොහි භාසිස්සාමීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. භගවත්හු නේතෘ කොට ඇතියහ. භගවත්හු පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මැනවි. මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි. ආනන්‍ද, එසේ වී නම් අසව. මැනවින් මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේය වහන්සැ’යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJTතිස්සො ඉමා ආනන්ද වෙදනා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති ආනන්ද වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො ඵස්සනිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා සෙය්යථිදං: සම්මා දිට්ඨි -පෙ- සම්මාසමාධි. යං වෙදනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං වෙදනාය අස්සාදො, යා වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං වෙදනාය ආදීනවො, යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං ඉදං වෙදනාය නිස්සරණං.
Sinhala BJTආනන්‍ද, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි. ආනන්‍ද, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයයෙන් වෙදනාසමුදය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරීඅටඟිමඟ ම වෙදනානිරොදගාමිනී පටිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාදය යි. යම් වේදනාවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමෙක් ඡන්‍දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
Pali BJTඅථ ඛො පනානන්ද මයා අනුපුබ්බසඞ්ඛාරානං නිරොධො අක්ඛාතො, පඨමං ඣානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හොති -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්ති: ඛීණාසවස්ස භික්ඛුනො රාගො නිරුද්ධො හොති, දොසො නිරුද්ධො හොති, මොහො නිරුද්ධො හොති.
Sinhala BJTආනන්‍ද, වැලි දු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවාහු වෙති. රහත් මහණහුගේ රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.
Pali BJTඅථ ඛො පනානන්ද මයා අනුපුබ්බසඞ්ඛාරානං වූපසමො අක්ඛාතො, පඨමං ඣානං සමාපන්නස්ස වාචා වූපසන්තා හොති -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච වූපසන්තා හොන්ති: ඛීණාසවස්ස භික්ඛුනො රාගො වූපසන්තො හොති, දොසො වූපසන්තො හොති, මොහො වූපසන්තො හොති.
Sinhala BJTආනන්‍ද, යලිදු මා විසින් අනුපිළිවෙළින් වූ සංස්කාරයන්ගේ සන්හිඳීම පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ.
Pali BJTඅථ ඛො පනානන්ද, මයා අනුපුබ්බසඞ්ඛාරානං පස්සද්ධි අක්ඛාතා, පඨමං ඣානං සමාපන්නස්ස වාචා පටිප්පස්සද්ධා හොති -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච පටිප්පස්සද්ධා හොන්ති: ඛීණාසවස්ස භික්ඛුනො රාගො පටිප්පස්සද්ධො හොති, දොසො පටිප්පස්සද්ධො හොති, මොහො පටිප්පස්සද්ධො හොතීති.
Sinhala BJTආනන්‍ද, යළිදු මා විසින් අනුපිළිවෙළින් වූ සංස්කාරයන්ගේ පස්සද්ධිය පවසන ලදි. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ යි.
Pali BJT2. 2. 7.
Sinhala BJT2. 2. 7.
Pali BJTඅට්ඨකසුත්තං
Sinhala BJTඅට්ඨක සූත්‍රය
Pali BJT265. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: කතමා නු ඛො භන්තෙ වෙදනා? කතමො වෙදනා සමුදයො? කතමො වෙදනා නිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො? කො ආදීනවො? කිං නිස්සරණන්ති?
Sinhala BJT265. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ‘වේදනාව කවරී ද? වේදනාසමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරී ද? වේදනාවෙහි ආස්වාද කිමෙක් ද? ආදීනව කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
Pali BJTතිස්සො ඉමා භික්ඛවෙ වෙදනා: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති භික්ඛවෙ වෙදනා. ඵස්සසමුදයා වෙදනා සමුදයො ඵස්සනිරොධා වෙදනා නිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යං වෙදනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං වෙදනාය අස්සාදො. යා වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං වෙදනාය ආදීනවො. යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං වෙදනාය නිස්සරණං.
Sinhala BJTමහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයයෙන් වේදනාසමුදයය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමඟ ම වේදනානිරෝධගාමිනීපටිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්‍දරාගය දුරුලීමෙක් ඡන්‍දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
Pali BJTඅථ ඛො පන භික්ඛවෙ මයා අනුපුබ්බසඞ්ඛාරානං නිරොධො අක්ඛාතො: පඨමං ඣානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හොති -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො නිරුද්ධො හොති, දොසො නිරුද්ධො හොති, මොහො නිරුද්ධො හොති.
Sinhala BJTවැලිදු මහණෙනි, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වෙයි ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවා වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.
Pali BJTඅථ ඛො පන භික්ඛවෙ මයා අනුපුබ්බසඞ්ඛාරානං වූපසමො අක්ඛාතො. පඨමං ඣානං සමාපන්නස්ස වාචා වූපසන්තා හොති, -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච වූපසන්තා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො වූපසන්තො හොති, දොසො වූපසන්තො හොති, මොහො වූපසන්තො හොති.
Sinhala BJTවැලිදු මහණෙනි, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සන්හිඳීම පවසන ලද්දේ ය, පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ.
Pali BJTඡයිමා භික්ඛවෙ පස්සද්ධියො. පඨමං ඣානං සමාපන්නස්ස වාචා පටිප්පස්සද්ධා හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා පටිප්පස්සද්ධා හොන්ති. තතියං ඣානං සමාපන්නස්ස පීති පටිප්පස්සද්ධා හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා පටිප්පස්සද්ධා හොන්ති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච පටිප්පස්සද්ධා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො පටිප්පස්සද්ධො හොති, දොසො පටිප්පස්සද්ධො හොති, මොහො පටිප්පස්සද්ධො හොතීති.
Sinhala BJTමහණෙනි, මේ සන්හිඳුම් සයෙකි. ‘පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. දෙවන දැහැනට සමවන්නහුට විතක්කවිචාර සන්හුන්නේ වෙයි. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්හුන්නී වෙයි, සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්හුන්නේ වේ. සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වේ යි.
Pali BJT2. 2. 8.
Sinhala BJT2. 2. 8.
Pali BJTදුතියඅට්ඨකසුත්තං
Sinhala BJTදුතිය අට්ඨක සූත්‍රය
Pali BJT266. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු -පෙ- එකමන්තං නිසින්නො ඛො තෙ භික්ඛූ භගවා එතදවොච: කතමා නු ඛො භික්ඛවෙ වෙදනා? කතමො වෙදනාසමුදයො? කතමො වෙදනානිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො? කො ආදීනවො? කිං නිස්සරණන්ති?
Sinhala BJT266. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස් ව හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: මහණෙනි, වේදනාව කවරී ද? වේදනා සමුදය කවරේ ද? වේදනා නිරෝධය කවරේ ද? වේදනා නිරෝධගාමිනීපටිපදාව කවරී ද? වේදනාවෙහි ආස්වාදය කිමෙක් ද? ආදීනවය කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා -පෙ- තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති භික්ඛවෙ වෙදනා. ඵස්සසමුදයා වෙදනා සමුදයො -පෙ- (යථා පුරිමසුත්තන්තං එවං විත්ථාරෙතබ්බං.)
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. ... මහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වෙදනාසමුදය වේ, ... (පළමු සුතුර යම් සේ නම් එසේ විස්තර කටයුතු යි.)
Pali BJT2. 2. 9.
Sinhala BJT2. 2. 9.
Pali BJTපඤ්චකඞ්ගසුත්තං
Sinhala BJTපඤ්චකඞ්ග සූත්‍රය
Pali BJT267. අථ ඛො පඤ්චකඞ්ගො{1} ථපති යෙනායස්මා උදායී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උදායිං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං එතදවොච: කති නු ඛො භන්තෙ උදායි වෙදනා වුත්තා භගවතාති?
Sinhala BJT267. එකල්හි පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කී ය: “වහන්ස, උදායි තෙරණුවනි, කෙතෙක් වේදනාවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු දැ?” යි.
Pali BJTතිස්සො ඛො ගහපති වෙදනා වුත්තා භගවතා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො ගහපති තිස්සො වෙදනා වුත්තා භගවතාති.
Sinhala BJTගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා ය, මැදහත්වේදනා යි. ගැහැවිය, මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
Pali BJTඑවං වුත්තෙ පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං එතදවොච: න ඛො භන්තෙ උදායි තිස්සො වෙදනා වුත්තා භගවතා. ද්වෙ භන්තෙවෙදනා වුත්තා භගවතා සුඛා වෙදනා, දුක්ඛා වෙදනා. යායං භන්තෙ අදුක්ඛමසුඛා වෙදනා, සන්තස්මිං එසා පණීතෙ සුඛෙ වුත්තා භගවතාති.
Sinhala BJTමෙසේ කී කල්හි පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කීය: “වහන්ස, උදායි තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නො වදාරන ලද, සුව වේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නොදුක් නොසුව වේදනාවෙක් වේ නම් මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සුවයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
Pali BJTදුතියම්පි ඛො ආයස්මා උදායී පඤ්චකඞ්ගං ථපතිං එතදවොච: න ඛො ගහපති ද්වෙ වෙදනා වුත්තා භගවතා. තිස්සො වෙදනා වුත්තා භගවතා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා තිස්සො වෙදනා වුත්තා භගවතාති.
Sinhala BJTදෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවාට මෙය කීහ: ‘ගැහැවිය භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නො වදාරන ලදි. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. සුව වේදනා ය දුක් වේදනා ය නොදුක් නො සුව වේදනා’යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැයි.
Pali BJTදුතියම්පි ඛො පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං එතදවොච: න ඛො භන්තෙ උදායි තිස්සො වෙදනා වුත්තා භගවතා. ද්වෙ වෙදනා වුත්තා භගවතා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා. යායං භන්තෙ අදුක්ඛමසුඛා වෙදනා සන්තස්මිං එසා පණීතෙ සුඛෙ වුත්තා භගවතාති.
Sinhala BJTදෙවන්වට දු පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුනට මෙය කීය: “වහන්ස, උදායී තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොම වදාරන ලදි, සුවවේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නොදුක් නොසුව වේදනාවක් වේ නම් මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සුවයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ”යි.
Pali BJTතතියම්පි ඛො ආයස්මා උදායී පඤ්චකඞ්ගං ථපති එතදවොච: න ඛො ගහපති ද්වෙ වෙදනා වුත්තා භගවතා. තිස්සො වෙදනා වුත්තා භගවතා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා තිස්සො වෙදනා වුත්තා භගවතාති.
Sinhala BJTතෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවාට මෙය කීහ: ගැහැවිය භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා දෙකක් නොම වදාරන ලදි. භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා ය මැදහත්වේදනා යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
Pali BJTතතියම්පි ඛො පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං එතදවොච: න ඛො භන්තෙ උදායි තිස්සො වෙදනා වුත්තා භගවතා. ද්වෙ වෙදනා වුත්තා භගවතා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා. යායං භන්තෙ අදුක්ඛමසුඛා වෙදනා, සන්තස්මිං එසා පණීතෙ සුඛෙ වුත්තා භගවතාති. නෙව ඛො අසක්ඛි ආයස්මා උදායී පඤ්චකඞ්ගං ථපතිං සඤ්ඤාපෙතුං, න පන අසක්ඛි පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං උදායිං සඤ්ඤාපෙතුං.
Sinhala BJTතෙවන වට දු පඤ්චකඞ්ගවඩුවා ආයුෂ්මත් උදායී තෙරුන්ට මෙය කීය: වහන්ස, උදායී තෙරණුවනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වේදනා තුනක් නොම වදාරන ලදි. සුවවේදනා ය දුක්වේදනා යි වේදනා දෙකක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, යම් මේ නො දුක් මැදහත් වේදනාවක් වේ නම් මෙය ශාන්ත වූ ප්‍රණීත වූ සුවයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි. ආයුෂ්මත් උදායී තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවනට හඟවන්නට නොම හැකි වූහ. පඤ්චකඞ්ගවඩුවා ද ආයුෂ්මත් උදායී තෙරුන්ට හඟවන්නට නො ද හැකි විය.
Pali BJTඅස්සොසි ඛො ආයස්මා ආනන්දො ආයස්මතො උදායිස්ස පඤ්චකඞ්ගෙන ථපතිනා සද්ධිං ඉමං කථාසල්ලාපං. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො යාවතකො ආයස්මතො උදායිස්ස පඤ්චකඞ්ගෙන ථපතිනා සද්ධිං අහොසි කථාසල්ලාපො තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවා සමඟ වූ ආයුෂ්මත් උදායි තෙරුන්ගේ මේ කථාසල්ලාපය ඇසූහ. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පඤ්චකඞ්ගවඩුවා සමඟ ආයුෂ්මත් උදායි තෙරුන්ගේ කථාසල්ලාපය යම්තාක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
Pali BJTසන්තං යෙව ඛො ආනන්ද පරියායං පඤ්චකඞ්ගො ථපති උදායිස්ස භික්ඛුනො නාබ්භනුමොදි, සන්තඤ්ච පනානන්ද, පරියායං උදායී භික්ඛු පඤ්චකඞ්ගස්ස ථපතිනො නාබ්භනුමොදි. ද්වෙපි මයා ආනන්ද, වෙදනා වුත්තා පරියායෙන. තිස්සොපි මයා වෙදනා වුත්තා පරියායෙන. පඤ්චපි මයා වෙදනා වුත්තා පරියායෙන. ඡපි මයා වෙදනා වුත්තා පරියායෙන. අට්ඨාරසාපි මයා වෙදනා වුත්තා පරියායෙන. ඡත්තිංසාපි මයා වෙදනා වුත්තා පරියායෙන. අට්ඨසතම්පි මයා වෙදනා වුත්තා පරියායෙන.
Sinhala BJTආනන්‍ද, පඤ්චකඞ්ගවඩුවා උදායි මහණහුගේ ඇත්තා වූ ම දහම්නය නො පිළිගත්තේ ය. ආනන්‍ද, උදායි මහණ ද පඤ්චකඞ්ගවඩුවාගේ ඇත්තා වූ ම දහම්නය නො පිළිගත්තේ ය. ආනන්‍ද, මා විසින් නය වශයෙන් වේදනා දෙකකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා තුනකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා පසකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා සයකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා අටළොසකුදු කියන ලදී. මා විසින් නය වශයෙන් වේදනා සතිසකුදු කියන ලදී. මා විසින් නයවශයෙන් වේදනා අටෝරාසියකුදු කියන ලදී.
Pali BJTඑවං පරියායදෙසිතො{1} ඛො ආනන්ද මයා ධම්මො. එවං පරියාය දෙසිතෙ ඛො ආනන්ද මයා ධම්මෙ යෙ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං, න සමනුමඤ්ඤිස්සන්ති, න සමනුජානිස්සන්ති, න සමනුමොදිස්සන්ති; නෙසං{2} එතං පාටිකඞ්ඛං භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරිස්සන්තීති.
Sinhala BJTආනන්‍ද, මෙසේ මා විසින් දහම් නය වශයෙන් දේශනා කරන ලදී. ආනන්‍ද, මෙසේ මා විසින් නය වශයෙන් දෙසන ලද දහම් ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාසිතය සුලපිතය එක්ව නො හඟනාහු නම් නො අනුදන්නාහු නම් නො පිළිගන්නාහු නම් ඔවුන් විසින් “හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන් මුවසැත්වලින් විදගනිමින් වෙසෙන්නාහ”යි මෙය කැමති විය යුතුයි.
Pali BJTඑවං පරියායදෙසිතො ඛො ආනන්ද, මයා ධම්මො. එවං පරියාය දෙසිතෙ ඛො ආනන්ද, මයා ධම්මෙ යෙ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං සමනුමඤ්ඤිස්සන්ති සමනුජානිස්සන්ති, සමනුමොදිස්සන්ති, නෙසං එතං පාටිකඞ්ඛං, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකී භූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරිස්සන්තීති.
Sinhala BJTආනන්‍ද, මෙසේ මා විසින් ධර්‍මය නය වශයෙන් දේශනා කරන ලදී. ආනන්‍ද, මෙසේ මා විසින් නය වශයෙන් දේශනා ලද දහම ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය සුලපිතය හඟනාහු නම් අනුදන්නාහු නම් පිළිගන්නාහු නම් ඔවුන් විසින් “සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු කිරි හා දිය මෙන් එක් වූවාහු ඔවුනොවුන් ප්‍රියඇසින් බලමින් වෙසෙන්නාහ”යි මෙය කැමති විය යුතු ය.
Pali BJTපඤ්චිමෙ ආනන්ද කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො ආනන්ද පඤ්ච කාමගුණා. යං ඛො ආනන්ද ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, ඉදං වුච්චති කාමසුඛං. යෙ ඛො ආනන්ද එවං වදෙය්යුං: එතං පරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තීති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරං චෙව පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍ද, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මන වඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපයෝ ය ... කනින් දතයුතු සදහු ය ... නැහැයෙන් දත යුතු ගඳහු ය ... දිවෙන් දතයුතු රස ය. ඉටු කැමති මන වඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය යි. ආනන්‍ද, මොහු පස්කම් ගුණයෝ ය. ආනන්‍ද, මේ පස්කම්ගුණ නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ කම්සුවය යි කියනු ලැබේ. ආනන්‍ද, යම් කෙනෙක් “පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති”යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත.
Pali BJTකතමඤ්චානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධානන්ද භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් ඒ සුවය කවරේ ද: ආනන්‍ද, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුසල් දහමින් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා ඉතා පිණී වූත් අනෙක් සුවය යි.
Pali BJTයෙ ඛො ආනන්ද, එවං වදෙය්යුං: “එතං පරමං සන්තං සුඛංසොමනස්සං පටිසංවෙදෙන්තී”ති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. කතමඤ්චානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධානන්ද භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයිනයත්; ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙ සස්නෙහි මහණ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟකම ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අනෙක් සුවය යි.
Pali BJTයෙ ඛො ආනන්ද එවං වදෙය්යුං: එතං පරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තීති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. කතමඤ්චානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධානන්ද, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්ඛන්ති, උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍ද, ‘යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති’යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ කියමන මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්; ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් ඒ අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙ සස්නෙහි මහණ ප්‍රීතියත් දුරු කිරීමෙන් උපේක්‍ෂා ඇත්තේත් වෙසෙයි. සිහි ඇත්තේත් මනාදැනුම් ඇත්තේත් කයින් සුවත් විඳියි. උපේක්‍ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය, සුවවිහරණ ඇත්තේ ය යි ආර්‍ය්‍යයෝ ඒ යමක් සඳහා කියත් නම් ඒ තුන්වන දැහැනට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා ප්‍රණීත වූත් අන් සුවය යි.
Pali BJTයෙ ඛො ආනන්ද එවං වදෙය්යුං: එතං පරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තීති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධානන්ද භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසති පාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්තසුවය වූ මේ සොම්නස විඳිතියි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙ සස්නෙහි මහණ සුවයත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන් දුරු කිරීමෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදුබැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය යි.
Pali BJTයෙ ඛො ආනන්ද එවං වදෙය්යුං: එතං පරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තීති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. කතමඤ්චානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධානන්ද භික්ඛු සබ්බසො රූප සඤ්ඤානං සමතික්කමා, පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද එතම්හා සුඛා -පෙ-
Sinhala BJTආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිතියි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ කියමන මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්ම වීමෙන් පටිඝසංඥාවන්ගේ අභාවයෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනයට එළඹ වෙසෙයි. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ...
Pali BJTයෙ ඛො ආනන්ද එවං වදෙය්යුං: ‘එතං පරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තී’ති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථානන්ද එතම්හා සුඛා -පෙ- කතමඤ්චානන්ද, එතම්හා සුඛා අඤ්ඤං සුඛං -පෙ- ඉධානන්ද භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද එතම්හා සුඛා -පෙ-
Sinhala BJTආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිතියි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා … ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා … අන්සුවය කවරේ ද?: ආනන්‍ද, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තය යි විඤ්ඤාණඤ්චායතනයට එළඹ වෙසෙයි. ආනන්‍ද, මෙය වනාහි මේ සුවයට වඩා …
Pali BJTයෙ ඛො ආනන්ද එවං වදෙය්යුං: එතං පරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තීති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථානන්ද එතම්හා සුඛා -පෙ- කතමඤ්චානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං -පෙ- ඉධානන්ද භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද එතම්හා සුඛා -පෙ-
Sinhala BJTආනන්‍ද, ‘යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති’යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ කියමන මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා … ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා … අන් සුවය කවරේ ද: ආනන්‍ද, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට එළඹ වෙසෙයි. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ...
Pali BJTයෙ ඛො ආනන්ද එවං වදෙය්යුං: ‘එතං පරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තී’ති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච. කතමඤ්චානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධානන්ද භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍ද, යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්; ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් ඒ සුවය කවරේ ද: ආනන්‍ද, මේ මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන්සුවය යි.
Pali BJTයෙ ච ඛො ආනන්ද එවං වදෙය්යුං: ‘එතං පරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තී’ති ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: කතමඤ්චානන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධානන්ද භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො ආනන්ද එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTආනන්‍ද, යම් කෙනෙක් පරම ශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. ආනන්‍ද, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: ආනන්‍ද, මේ මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළඹ වෙසේ. ආනන්‍ද, මේ වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය යි.
Pali BJTඨානං ඛො පනෙතං ආනන්ද, විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සඤ්ඤාවෙදයිතනිරොධං සමණො ගොතමො ආහ, තඤ්ච සුඛස්මිං පඤ්ඤාපෙති. තයිදං කිංසු තයිදං කථංසූ”ති? එවංවාදිනො ආනන්ද අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: න ඛො ආවුසො භගවා සුඛං යෙව වෙදනං සන්ධාය සුඛස්මිං පඤ්ඤාපෙති. යත්ථ යත්ථාවුසො සුඛං උපලබ්භති, යං හි යං හි සුඛං තං තං තථාගතො සුඛස්මිං පඤ්ඤාපෙතී”ති.
Sinhala BJTආනන්‍ද, යම් හෙයකින් අන්තොටු පිරිවැජියෝ ‘මහණ ගොයුම් තෙමේ සඤ්ඤාවේදයිතනිරෝධයක් කියයි එ ද සුවය යි පනවයි. ඒ මෙය කිමෙක් ද? ඒ මෙය කෙසේ දැ’යි. මෙසේ කියන්නාහු නම් මේ කරුණ ඇත. ආනන්‍ද, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සුවවේදනාව ම සඳහා සුව යයි නො පනවති, ඇවැත්නි, යම් තැනක සුවය ලැබේ ද, යමක් යමක් සුව ද, එය එය තථාගතයන් වහන්සේ සුව ය යි පනවන සේකැ යි.
Pali BJT2. 2. 10.
Sinhala BJT2. 2. 10.
Pali BJTභික්ඛුසුත්තං
Sinhala BJTභික්ඛු සූත්‍රය
Pali BJT268. ද්වෙපි මයා{1} භික්ඛවෙ වෙදනා වුත්තා පරියායෙන, තිස්සොපි මයා වෙදනා වුත්තා පරියායෙන, පඤ්චපි මයා වෙදනා වුත්තා පරියායෙන, ඡපි{2} මයා වෙදනා වුත්තා පරියායෙන, අට්ඨාරසපි{3} මයා වෙදනා වුත්තා පරියායෙන, ඡත්තිංසාපි මයා වෙදනා වුත්තා පරියායෙන, අට්ඨසතම්පි මයා වෙදනා වුත්තා පරියායෙන.
Sinhala BJT268. මහණෙනි, මවිසින් නය වශයෙන් වේදනා දෙකකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා තුනකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා පසකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා සයකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා අටළොසකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා සතිසකුදු කියන ලදි. මා විසින් නය වශයෙන් වේදනා අටෝරාසියකුදු කියන ලදි.
Pali BJTඑවං පරියායදෙසිතො භික්ඛවෙ මයා ධම්මො. එවං පරියාය දෙසිතෙ ඛො පන භික්ඛවෙ මයා ධම්මෙ යෙ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං න සමනුමඤ්ඤිස්සන්ති, න සමනුජානිස්සන්ති, න සමනුමොදිස්සන්ති, නෙසං එතං පාටිකඞ්ඛං: ‘භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං{4} මුඛසත්තීහි විතුදන්තා විහරිස්සන්තී’ති.
Sinhala BJTමහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දහම දේශනා කරන ලදි. මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දේශනා කරන ලද දහම ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය සුලපිතය මැනවින් නො හඟනාහු නම් නො අනුදන්නාහු නම් නො පිළිගන්නාහු නම් ඔවුන් විසින් ‘හටගත් ඩබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු ඔවුනොවුන් මුව සැත්වලින් පෙළමින් වෙසෙන්නාහු ය යි මෙය කැමති වියයුතු යි.
Pali BJTඑවං පරියායදෙසිතො භික්ඛවෙ මයා ධම්මො. එවං පරියායදෙසිතෙ ඛො පන භික්ඛවෙ මයා ධම්මෙ යෙ අඤ්ඤමඤ්ඤස්ස සුභාසිතං සුලපිතං සමනුමඤ්ඤිස්සන්ති, සමනුජානිස්සන්ති, සමනුමොදිස්සන්ති: නෙසං එතං පාටිකඞ්ඛං: සමග්ගා සම්මොදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරිස්සන්තී’ති.
Sinhala BJTමහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දහම් දෙසන ලදි. මහණෙනි, මෙසේ මා විසින් නය වශයෙන් දෙසන ලද දහම ඇති කල්හි යම් කෙනෙක් ඔවුනොවුන්ගේ සුභාෂිතය සුලපිතය මැනවින් හඟනාහු නම් අනුදන්නාහු නම් පිළිගන්නාහු නම් ඔවුන් විසින් ‘සමඟ වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු කිරි හා දිය මෙන් එක් වූවාහු ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වෙසෙන්නාහ’යි මෙය කැමති වියයුතු යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච කාමගුණා.
Sinhala BJTමහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ය ... ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් යයි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ ය.
Pali BJTයං ඛො භික්ඛවෙ ඉමෙ පඤ්චකාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, ඉදං වුච්චති කාමසුඛං. යෙ ඛො භික්ඛවෙ එවං වදෙය්යුං: එතං පරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තීති, ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථි භික්ඛවෙ එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: කතමඤ්ච භික්ඛවෙ එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං ඛො භික්ඛවෙ එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTමහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම්, මේ කම්සුවය යි කියනු ලැබේ. මහණෙනි, ‘යම් කෙනෙක් පරමශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති’ යි මෙසේ කියන්නාහු නම්, ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල් දහමින් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මෙය වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණි වූත් අන් සුවය යි.
Pali BJTයො ඛො භික්ඛවෙ එවං වදෙය්යුං: ‘එතං පරමං සන්තං සුඛං සොමනස්සං පටිසංවෙදෙන්තී’ති. ඉදං නෙසාහං නානුජානාමි. තං කිස්ස හෙතු: අත්ථි භික්ඛවෙ එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: කතමඤ්ච භික්ඛවෙ එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච: ඉධ භික්ඛවෙ භික්ඛු -පෙ- සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, ඉදං ඛො භික්ඛවෙ එතම්හා සුඛා අඤ්ඤං සුඛං අභික්කන්තතරඤ්ච පණීතතරඤ්ච.
Sinhala BJTමහණෙනි, යම් කෙනෙක් පරම ශාන්ත සුවය වූ මේ සොම්නස විඳිති යි මෙසේ කියන්නාහු නම් ඔවුන්ගේ මේ වචනය මම නො අනුදනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවයෙක් ඇත. මහණෙනි, මේ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය කවරේ ද: මහණෙනි, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙය වනාහි ඒ සුවයට වඩා ඉතා කැමති වූත් ඉතා පිණී වූත් අන් සුවය යි.
Pali BJTඨානං ඛො පනෙතං භික්ඛවෙ විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: “සඤ්ඤාවෙදයිතනිරොධං සමණො ගොතමො ආහ, තඤ්ච සුඛස්මිං පඤ්ඤාපෙති. තයිදං කිංසු, තයිදං කථංසූ”ති? එවං වාදිනො භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: “න ඛො ආවුසො භගවා සුඛං යෙව වෙදනං සන්ධාය සුඛස්මිං පඤ්ඤාපෙති. යත්ථ යත්ථාවුසො සුඛං උපලබ්භති, යං හි යං හි සුඛං තං තං තථාගතො සුඛස්මිං පඤ්ඤාපෙතී”ති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් අන්තොටු පිරිවැජියෝ “මහණ ගොයුම්හු සඤ්ඤාවේදයිතනිරෝධයක් කියති, එය සුව ය යි ද පනවයි. ඒ කිමෙක් ද? ඒ කෙසේ දැ?” යි. මෙසේ කියන්නාහු නම්, මේ කරුණ ඇත. මහණෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සුවවේදනාව සඳහා සුවය යි නො පනවන සේක. ඇවැත්නි, යම් යම් තැනෙක සුවය ලැබේ ද, යමක් යමක් සුව ද, එය එය තථාගතයන් වහන්සේ සුවය යි පනවන සේකැ යි.
Pali BJTරහොගතවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි රහොගතවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTරහොගතං ද්වෙ ච ආකාසා අගාරං ද්වෙ ච සන්තකා අට්ඨකෙන ච ද්වෙ වුත්තා පඤ්චකඞ්ගොථ භික්ඛුනා.
Sinhala BJTරහෝගත සූත්‍ර ය, ආකාශසූත්‍ර දෙක ය, අගාරසූත්‍ර ය, සන්තකසූත්‍ර දෙක ය, අට්ඨක සූත්‍ර දෙක ය, පඤ්චකඞ්ගසූත්‍ර ය, භික්ඛුසූත්‍ර ය යි සූත්‍ර දශයෙකි.
Pali BJT3. අට්ඨසතපරියායවග්ගො
Sinhala BJT3. අට්ඨසතපරියාය වර්‍ගය
Pali BJT2. 3. 1.
Sinhala BJT2. 3. 1.
Pali BJTමොළියසීවකසුත්තං
Sinhala BJTමොළියසීවක සූත්‍රය
Pali BJT269. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො මොළියසීවකො{1} පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මොළියසීවකො පරිබ්බාජකො භගවන්තං එතදවොච: සන්ති හි භො ගොතම, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: “යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදියති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බන්තං පුබ්බෙකතහෙතූ”ති. ඉධ භවං ගොතමො කිමාහාති?
Sinhala BJT269. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මොළියසීවක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සටුතු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මොළියසීවක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. භවත් ගෞතමයෙනි, “මේ පුරිස් පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් කිසි වේදනාවක් විඳි නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොටගෙන ය” යි මෙබඳු වාද ඇති මෙබඳු දුටු ඇති ඇතැම් මහණ බමුණෝ ඇත් ම ය. මෙහි ලා භවත් ගෞතමයන් වහන්සේ කුමක් කියන සේක් දැ? යි.
Pali BJTපිත්තසමුට්ඨානානිපි ඛො සීවක ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති. සාමම්පි ඛො එතං සීවක වෙදිතබ්බං, යථා පිත්තසමුට්ඨානානිපි ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්තීති, ලොකස්සපි ඛො එතං{2} සීවක සච්චසම්මතං. යථා පිත්තසමුට්ඨානානිපි ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති. තත්ර සීවක යෙ තෙ සමණබ්රාහ්මණා එවං වාදිනො එවංදිට්ඨිනො: “යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදියති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බන්තං පුබ්බෙකතහෙතූ”ති. යඤ්ච සාමං ඤාතං තඤ්ච අතිධාවන්ති, යඤ්ච ලොකෙ සච්චසම්මතං තඤ්ච අතිධාවන්ති. තස්මා නෙසං සමණබ්රාහ්මණානං මිච්ඡාති වදාමි.
Sinhala BJTසීවක, මෙහි පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ උපදිත්, සීවක, පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ යම්සේ මෙහි උපදිත් නම් මෙය තමා විසිනුදු දතයුතු ය. සීවක, පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ යම්සේ මෙහි උපදිත් නම් මෙය ලෝවැසියන් විසිනුදු සැබෑ ය යි සම්මත ය. සීවක, එහි ලා යම් ඒ මහණ බමුණු කෙනෙක් “මේ පුරිස්පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ මැදහත් වූ හෝ යම් කිසි වේදනාවක් විඳී නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොටගෙන ය”යි මෙබඳු වාද ඇත්තාහු නම් මෙබඳු දිටු ඇත්තාහු නම් (ඔහු) යමකුත් තමා විසින් දන්නා ලද්දේ නම් එයත් ඉක්ම යෙති. යමකුත් ලොව සැබෑ ය යි සම්මත නම් එයත් ඉක්ම යෙති. එහෙයින් ඒ මහණ බමුණන්ගේ (බස) මුසා ය යි කියමි.
Pali BJTසෙම්හසමුට්ඨානානිපි ඛො සීවක -පෙ- වාතසමුට්ඨානානිපි ඛො සීවක -පෙ- සන්නිපාතිකානිපි{3} ඛො සීවක -පෙ- උතුපරිණාමජානිපි ඛො සීවක -පෙ- විසමපරිහාරජානිපි ඛො සීවක -පෙ- ඔපක්කමිකානිපි ඛො සීවක -පෙ- කම්මවිපාකජානිපි ඛො සීවක ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති. සාමම්පි ඛො එතං සීවක වෙදිතබ්බං. යථා කම්මවිපාකජානිපි ඛො සීවක ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති, ලොකස්සපි ඛො එතං සීවක සච්චසම්මතං යථා කම්මවිපාකජානිපි ඉධෙකච්චානි වෙදයිතානි උප්පජ්ජන්ති, තනු සීවක යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: “යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදියති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බෙකතහෙතූ”ති. යඤ්ච සාමං ඤාතං තඤ්ච අතිධාවන්ති, යඤ්ච ලොකෙ සච්චසම්මතං තඤ්ච අතිධාවන්ති. තස්මා නෙසං සමණබ්රාහ්මණානං මිච්ඡාති වදාමීති.
Sinhala BJTසීවක, සෙමින් හටගන්නා වූ ද … සීවක, වාතයෙන් හටගන්නා වූ ද … සීවක, සන්නිපාතයෙන් හටගන්නා වූ ද ... සීවක, ඍතුවිපර්‍ය්‍යාසයෙන් හටගන්නා වූ ද … සීවක, විෂමපරිහරණයෙන් හටගන්නා වූ … සීවක, උපක්‍රමයෙන් හටගන්නා වූ ද … සීවක, කර්‍මවිපාකයෙන් හටගන්නා වූ ද, ඇතැම් වේදනාවෝ මෙහි උපදිත්. සීවක, කර්‍මවිපාකයෙන් හටගන්නා වූ ඇතැම් වේදනාවෝ යම් සේ මෙහි උපදිත් නම් මෙය තමා විසිනුදු දතයුතු යි. සීවක, කර්‍මවිපාකයෙන් හටගන්නා වූ ඇතැම් වේදනාවෝ යම් සේ මෙහි උපදිත්නම් එය ලෝවැසියන් විසිනුදු සැබෑ ය යි සම්මත ය. සීවක, එහි ලා යම් ඒ මහණ බමුණු කෙනෙක් “මේ පුරිස් පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් කිසි වේදනාවක් විඳී නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොට ගෙන ය”යි මෙබඳු වාද ඇත්තාහු නම් මෙබඳු දිටු ඇත්තාහු නම් (ඔහු) යමකුත් තමා විසින් දන්නා ලද්දේ නම් එයත් ඉක්ම යෙති. යමකුත් ලොව සැබෑ යයි සම්මත නම් එයත් ඉක්ම යෙති, එහෙයින් ඒ මහණ බමුණන්ගේ මුසා ය යි කියමි යි.
Pali BJTඑවං වුත්තෙ මොළියසීවකො පරිබ්බාජකො භගවන්තං එතදවොච: “අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත”න්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි මොළිය සීවක පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. “භවත් ගෞතමයෙනි, ඉතා මැනවි … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වා”යි.
Pali BJTපිත්තං සෙම්හඤ්ච වාතො ච සන්නිපාතා උතූනි ච විසමං ඔපක්කමිකො ච කම්මවිපාකෙන අට්ඨමීති.
Sinhala BJTපිත ද සෙම ද වාතය ද සන්නිපාතය ද ඍතු ද විෂම පරිහරණය ද උපක්‍රමය ද කර්‍මවිපාකයෙන් අටවැන්න ද වේ යි.
Pali BJT2. 3. 2.
Sinhala BJT2. 3. 2.
Pali BJTඅට්ඨසතපරියායසුත්තං
Sinhala BJTඅට්ඨසතපරියාය සූත්‍රය
Pali BJT270. අට්ඨසතපරියායං වො භික්ඛවෙ ධම්මපරියායං දෙසිස්සාමි. තං සුණාථ. කතමො ච භික්ඛවෙ අට්ඨසතපරියායො ධම්මපරියායො: ද්වෙපි{1} මයා භික්ඛවෙ වෙදනා වුත්තා පරියායෙන, තිස්සොපි මයා වෙදනා වුත්තා පරියායෙන, පඤ්චපි මයා වෙදනා වුත්තා පරියායෙන, ඡපි මයා වෙදනා වුත්තා පරියායෙන, අට්ඨාරසාපි මයා වෙදනා වුත්තා පරියායෙන, ඡත්තිංසාපි මයා වෙදනා වුත්තා පරියායෙන, අට්ඨසතම්පි මයා වෙදනා වුත්තා පරියායෙන.
Sinhala BJT270. මහණෙනි, අට්ඨසතපරියාය නම් වූ දහම්නය තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මහණෙනි, අට්ඨසතපරියාය නම් වූ දහම්නය කවරේ ද යත්: මහණෙනි, මා විසින් නය වශයෙන් වේදනා දෙකෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා තුනෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා පසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා සයෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා අටළොසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා සතිසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා අටෝරාසියෙකුදු කියන ලදී.
Pali BJTකතමා ච භික්ඛවෙ ද්වෙ වෙදනා: කායිකා ච චෙතසිකා ච, ඉමා වුච්චන්ති භික්ඛවෙ ද්වෙ වෙදනා. කතමා ච භික්ඛවෙ තිස්සො වෙදනා: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා, ඉමා වුච්චන්ති භික්ඛවෙ තිස්සො වෙදනා. කතමා ච භික්ඛවෙ පඤ්ච වෙදනා: සුඛින්ද්රියං දුක්ඛින්ද්රියං සොමනස්සින්ද්රියං දොමනස්සින්ද්රියං උපෙක්ඛින්ද්රියං, ඉමා වුච්චන්ති භික්ඛවෙ පඤ්ච වෙදනා. කතමා ච භික්ඛවෙ ඡ වෙදනා: චක්ඛුසම්ඵස්සජා වෙදනා සොත -පෙ- ඝාන -පෙ- ජිව්හා -පෙ- කාය -පෙ- මනොසම්ඵස්සජා වෙදනා, ඉමා වුච්චන්ති භික්ඛවෙ ඡ වෙදනා.
Sinhala BJTමහණෙනි, වේදනා දෙක කවරේ ද යත්: කායික වේදනාව ද චේතසික වේදනාව දැ යි. මහණෙනි, මොහු වේදනා දෙක යයි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා තුන කවරේ ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා ය යි. මහණෙනි, මොහු වේදනා තුන යයි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා පස කවරේද යත්: සුඛින්‍ද්‍රිය ය, දුක්ඛින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, දෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි, මහණෙනි, මොහු වේදනා පස යයි කියනු කියනු ලැබෙත්. මහණෙනි, වේදනා සය කවරේ ද යත්: චක්ඛුසම්ඵස්සයෙන් හටගත් හටගත් වේදනා ය, සෝත … ඝාන … ජිව්හා … කාය … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනා යි. මහණෙනි, මොහු වේදනා සය යයි කියනු ලැබෙත්.
Pali BJTකතමා ච භික්ඛවෙ අට්ඨාරස වෙදනා: ඡ සොමනස්සූපවිචාරා ඡ දොමනස්සූපවිචාරා ඡ උපෙක්ඛූපවිචාරා, ඉමා වුච්චන්ති භික්ඛවෙ අට්ඨාරස වෙදනා. කතමා ච භික්ඛවෙ ඡත්තිංස{2} වෙදනා: ඡ ගෙහසිතානි සොමනස්සානි ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි ඡ ගෙහසිතානි දොමනස්සානි ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි ඡ ගෙහසිතා උපෙක්ඛා ඡ නෙක්ඛම්මසිතා උපෙක්ඛා, ඉමා වුච්චන්ති භික්ඛවෙ ඡත්තිංස වෙදනා. කතමා ච භික්ඛවෙ අට්ඨසත{3} වෙදනා: අතීතා ඡත්තිංස වෙදනා, අනාගතා ඡත්තිංස වෙදනා, පච්චුප්පන්නා ඡත්තිංස වෙදනා, ඉමා වුච්චන්ති භික්ඛවෙ අට්ඨසතවෙදනා. අයං භික්ඛවෙ අට්ඨසතපරියායො ධම්මපරියායොති.
Sinhala BJTමහණෙනි, වේදනා අටළොස කවරේ ද යත්: සොම්නස සමග හැසිරෙන සයය, දොම්නස සමග හැසිරෙන සයය, මැදහත් බව සමග හැසිරෙන සය යි. මහණෙනි, මොහු වේදනා අටළොස යි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා සතිස කවරේ ද යත්: පස්කම් ගුණ ඇසුරු කළසොම්නස් සය ය, නෙක්ඛම්මය ඇසුරු කළ සොම්නස් සය ය, පස්කම් ගුණ අසුරුකළ දොම්නස් සය ය. නෙක්ඛම්මය ඇසුරුකළ දොම්නස් සය ය. පස්කම්ගුණ ඇසුරුකළ උපේක්‍ෂා සය යි. නෙක්ඛම්මය ඇසුරුකළ උපේක්‍ෂා සය යි. මහණෙනි, මොහු වේදනා සතිසැ යි කියනු ලැබෙත්. මහණෙනි වේදනා එක්සියඅට කවරේ ද යත්: අතීත සතිස් වේදනා ය, අනාගත සතිස් වේදනා ය, පච්චුප්පන්න සතිස් වේදනා යි. මහණෙනි, මොහු වේදනා එක්සිය අට යයි කියනු ලැබෙත්. මහණෙනි, මේ අට්ඨසතපරියාය නම් වූ දහම් නය යි.
Pali BJT2. 3. 3.
Sinhala BJT2. 3. 3.
Pali BJTභික්ඛුසුත්තං
Sinhala BJTභික්ඛු සූත්‍රය
Pali BJT271. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: කතමා නු ඛො භන්තෙ වෙදනා? කතමො වෙදනාසමුදයො? කතමා වෙදනාසමුදයගාමිනී පටිපදා? කතමො වෙදනානිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො? කො ආදීනවො? කිං නිස්සරණන්ති?
Sinhala BJT271. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය … එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය: වහන්ස, වේදනාවෝ කවරහු ද? වේදනා සමුදය කවරේ ද? වේදනා සමුදයගාමිනිපටිපදාව කවර ද? වේදනා නිරෝධය කවරේ ද? වේදනානිරෝධගමිනි පටිපදාවකවර ද? වේදනාවේ අස්සාදය කවරේ ද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක් දැ? යි.
Pali BJTතිස්සො ඉමා භික්ඛු වෙදනා. සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති භික්ඛු වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො. තණ්හා වෙදනාසමුදයගාමිනී පටිපදා. ඵස්සනිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යං වෙදනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං වෙදනාය අස්සාදො. යා වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා අයං වෙදනාය ආදීනවො. යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං වෙදනාය නිස්සරණන්ති.
Sinhala BJTමහණ, මේ වේදනා තුනෙකි. සුව වේදනා ය, දුක්වේදනා ය, මැදහත් වේදනා යි. මහණ, මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනා සමුදය වේ. තණ්හාව වේදනාසමුදයගාමිනිපටිපදාව යි. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමග ම වේදනානිරෝධගාමිනීපටිපදාව යි. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිස නම් දුක් නම් වෙනස්වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනායෙහි යම් ඡන්‍දරාගය දුරැ කිරීමෙක් ඡන්‍දරාගය ප්‍රහාණයෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
Pali BJT2. 3. 4.
Sinhala BJT2. 3. 4.
Pali BJTපුබ්බෙසුත්තං
Sinhala BJTපුබ්බේ සූත්‍රය
Pali BJT272. පුබ්බෙව මෙ භික්ඛවෙ සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: කතමා නු ඛො වෙදනා, කතමො වෙදනාසමුදයො, කතමා වෙදනාසමුදයගාමිනී පටිපදා, කතමො වෙදනානිරොධො, කතමා වෙදනානිරොධගාමිනී පටිපදා, කො වෙදනාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණන්ති.
Sinhala BJT272. මහණෙනි, සම්බෝධියෙන් පෙර ම චතුස්සත්‍යාවබෝධය නො කළ බෝසත් වූ මැ මට මේ සිත විය. වේදනා කවරහු ද, වේදනා සමුදය කවරේ ද, වේදනාසමුදයගමිනී පටිපදාව කවර ද? වේදනානිරෝධය කවරේද, වේදනානිරෝධගාමිනී පටිපදාව කවර ද, වේදනාවේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: තිස්සො ඉමා වෙදනා, සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො. තණ්හා වෙදනාසමුදයගාමිනී පටිපදා -පෙ- යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං. ඉදං වෙදනාය නිස්සරණන්ති.
Sinhala BJTමහණෙනි, ඒ මට මේ සිත විය: මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා යි. මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනාසමුදය වේ. තණ්හාව වේදනාසමුදයගමිනී පටිපදාව යි … වේදනායෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමේක් ඡන්‍දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනායෙහි නිස්සරණ යි.
Pali BJT2. 3. 5.
Sinhala BJT2. 3. 5.
Pali BJTඤාණසුත්තං
Sinhala BJTඤාණ සූත්‍රය
Pali BJT273. ඉමා වෙදනාති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. අයං වෙදනාසමුදයොති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. අයං වෙදනා{1}සමුදයගාමිනී පටිපදාති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, අයං වෙදනා නිරොධොති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, අයං වෙදනානිරොධගාමිනී පටිපදාති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු -පෙ- අයං වෙදනාය අස්සාදොති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු -පෙ- අයං වෙදනාය ආදීනවොති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු -පෙ- ඉදං වෙදනාය නිස්සරණන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලොකො උදපාදීති.
Sinhala BJT273. මහණෙනි, මොහු වේදනාවෝ ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය. විදු පහල විය. පැන පහළ විය. නැණ පහළ විය. එළිය පහළ විය. මහණෙනි, මේ වේදනා සමුදය ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය … එළිය පහළ විය. මහණෙනි, මේ වේදනාසමුදයගමිනී පටිපදාව ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය. ... එළිය පහළ විය. මහණෙනි, මේ වේදනානිරෝධ ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය. ... එළිය පහළ විය. මහණෙනි, මේ වේදනානිරෝධගාමිනී පටිපදාව ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ... මහණෙනි, මේ වේදනාවේ ආස්වාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට … මහණෙනි, මේ වේදනාවේ ආදීනවය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ... මහණෙනි, මේ වේදනාවේ නිස්සරණ ය යි පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී ය යි.
Pali BJT2. 3. 6.
Sinhala BJT2. 3. 6.
Pali BJTසම්බහුලභික්ඛුසුත්තං
Sinhala BJTසම්බහුලභික්ඛු සූත්‍රය
Pali BJT274. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු -පෙ- එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: කතමා නු ඛො භන්තෙ වෙදනා? කතමො වෙදනාසමුදයො? කතමා වෙදනාසමුදයගාමිනීපටිපදා? කතමො වෙදනානිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො? කො ආදීනවො? කිං නිස්සරණන්ති?
Sinhala BJT274. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, වේදනාවෝ කවරහු ද? වේදනාසමුදය කවරේ ද? වේදනාසමුදයගාමිනී පටිපදාව කවර ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවර ද? වේදනාවේ අස්වාදය කිමෙක් ද? ආදිනාවය කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
Pali BJTතිස්සො ඉමා භික්ඛවෙ වෙදනා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති භික්ඛවෙ වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො. තණ්හා වෙදනාසමුදයගාමිනී පටිපදා. ඵස්සනිරොධා වෙදනානිරොධො. -පෙ- යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං. ඉදං වෙදනාය නිස්සරණන්ති.
Sinhala BJTමහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත් වේදනා යි. මහණෙනි, මොහු වේදනා යි කියනු ලැබෙත්, ඵස්සසමුදයයෙන් වේදනා සමුදය ය වේ. තණ්හාව වේදනාසමුදයගාමිනී පටිපදාව යි. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ ... වේදනාවෙහි යම් ඡන්‍දරාගය දුරලීමෙක් යම් ඡන්‍දරාගය ප්‍රහාණයෙක් වේ නම් මෙය වේදනාවේ නිස්සරණ යි.
Pali BJT2. 3. 7.
Sinhala BJT2. 3. 7.
Pali BJTසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTසමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT275. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා ඉමාසං තිස්සන්නං වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති -පෙ- පජානන්ති -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJT275. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් මේ තුන් වේදනාවන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනිත් ද ... දනිත් ද, ... තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ වෙසෙති යි.
Pali BJT2. 3. 8.
Sinhala BJT2. 3. 8.
Pali BJTදුතිය සමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTදුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT276. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා ඉමාසං තිස්සන්නං වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති -පෙ- පජානන්ති -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJT276. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ තුන් වේදනාවන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නොදනිත් ද ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් යයි.
Pali BJT2. 3. 9.
Sinhala BJT2. 3. 9.
Pali BJTතතිය සමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTතතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT277. යෙ හි කොචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා වෙදනං නප්පජානන්ති, වෙදනාසමුදයං නප්පජානන්ති, වෙදනානිරොධං නප්පජානන්ති, වෙදනානිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති, -පෙ- පජානන්ති, -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJT277. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ වේදනාව නො දනිත් ද, වේදනා සමුදය නො දනිත් ද, වේදනා නිරෝධය නො දනිත් ද, වේදනා නිරෝධගාමිනී පටිපදාව නො දනිත් ද, ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් යයි.
Pali BJT2. 3. 10.
Sinhala BJT2. 3. 10.
Pali BJTසුද්ධිකවෙදනාසුත්තං
Sinhala BJTසුද්ධිකවේදනා සූත්‍රය
Pali BJT278. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික්ඛවෙ තිස්සො වෙදනාති.
Sinhala BJT278. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක් නොසුව වේදනා යි. මහණෙනි, මොහු තුන් වේදනාවෝ යි.
Pali BJT2. 3. 11.
Sinhala BJT2. 3. 11.
Pali BJTනිරාමිසසුත්තං
Sinhala BJTනිරාමිස සූත්‍රය
Pali BJT279. අත්ථි භික්ඛවෙ සාමිසා පීති, අත්ථි නිරාමිසා පීති, අත්ථි නිරාමිසා නිරාමිසතරා පීති. අත්ථි සාමිසං සුඛං, අත්ථි නිරාමිසං සුඛං, අත්ථි නිරාමිසා නිරාමිසතරං සුඛං. අත්ථි සාමිසා උපෙඛා, අත්ථි නිරාමිසා උපෙඛා, අත්ථි නිරාමිසා නිරාමිසතරා උපෙඛා. අත්ථි සාමිසො විමොක්ඛො, අත්ථි නිරාමිසො විමොක්ඛො, අත්ථි නිරාමිසා නිරාමිසතරො විමොක්ඛො.
Sinhala BJT279. මහණෙනි, සාමිස ප්‍රීතියක් ඇත, නිරාමිස ප්‍රීතියක් ඇත, නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතියක් ඇත. සාමිස සුවයෙක් ඇත, නිරාමිස සුවයෙක් ඇත, නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවයෙක් ඇත. සාමිස උපේක්‍ෂාවක් ඇත, නිරාමිස උපේක්‍ෂාවක් ඇත, නිරාමිස උපේක්‍ෂාවට වඩා වැඩි වූ නිරාමිසතර උපේක්‍ෂාවක් ඇත. සාමිස විමෝක්‍ෂයෙක් ඇත, නිරාමිස විමෝක්‍ෂයෙක් ඇත, නිරාමිස විමෝක්‍ෂයට වඩා වැඩි වූ නිරාමිසතර විමෝක්‍ෂයෙක් ඇත.
Pali BJTකතමා ච භික්ඛවෙ{1} සාමිසා පීති: පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්චකාමගුණා. යා ඛො භික්ඛවෙ ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති පීති, අයං වුච්චති භික්ඛවෙ සාමිසා පීති.
Sinhala BJTමහණෙනි, සාමිසප්‍රීතිය කවර යත්: මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමැති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතුයුතු රූපය ... ඉටු කැමති මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය. මහණෙනි, මොහු පස්කම්ගුණයෝ ය. මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් ප්‍රීතියක් උපදී නම්, මහණෙනි, මේ සාමිස ප්‍රීතිය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ නිරාමිසා පීති: ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ නිරාමිසා පීති.
Sinhala BJTමහණෙනි, නිරාමිස ප්‍රීතිය කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ නිරාමිස ප්‍රීතිය යි කියනු ලැබේ.