Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10401-10500 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසුඛසුත්තං
Sinhala BJTසුඛ සූත්‍රය
Pali BJT250. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො වෙදනාති.
Sinhala BJT250. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, වේදනා තුන යි.
Pali BJTසුඛං වා යදි වා දුක්ඛං අදුක්ඛමසුඛං සහ අජ්ඣත්තඤ්ච බහිද්ධා ච යං කිඤ්චි අත්ථි වෙදිතං එතං දුක්ඛන්ති ඤත්වාන, මොසධම්මං පලොකිතං{1} ඵුස්ස ඵුස්ස වයම්පස්සං{2} එවං තත්ථ විරජ්ජතීති.
Sinhala BJTසුව වූ ද ඉදින් දුක් වූ ද නොදුක්නොසුව වූ ද තමා කෙරෙහි වූ ද පිටත්හි වූ ද, යම්කිසි වේදනාවක් වේ නම්නැ සේන සුලු බිඳෙන සුලු මෙය දුක යයි දැන නුවණින් පැහැස පැහැස වැය දක්නේ මෙසේ එහි නො ඇලේ යි.
Pali BJT1. 20. 3.
Sinhala BJT1. 20. 3.
Pali BJTපහානසුත්තං
Sinhala BJTපහාන සූත්‍රය
Pali BJT250. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛාවෙදනා. සුඛාය භික්ඛවෙ වෙදනාය රාගානුසයො පහාතබ්බො, දුක්ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ්බො, අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පහාතබ්බො. යතො ඛො භික්ඛවෙ, භික්ඛුනො සුඛාය වෙදනාය රාගානුසයො පහීනො හොති, දුක්ඛාය වෙදනාය පටිඝානුසයො පහීනො හොති, අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො පහීනො හොති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු{3} පහීනරාගානුසයො{4} අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයී{5} සඤ්ඤොජනං සම්මාමානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.
Sinhala BJT250. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, සුවවේදනාවෙන් රගානුසයය පහකටයුතු ය. දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය. නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි. මහණෙනි, යම් කලෙක මහණහට සුවවේදනාවෙන් රාගනුසයය ප්‍රහීණ වූයේ වේ ද දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ වූයේ වේ ද නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ වූයේ වේ ද මහණෙනි, පහ වූ රාගානුසයය ඇති මේ මහණ තෘෂ්ණාව සිඳදැම්මේ ය. සංයෝජන මුලිනුපුටා හළේ ය. මැනවින් මනාවබෝධයෙන් දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ.
Pali BJTසුඛං වෙදියමානස්ස වෙදනං අප්පජානතො සො රාගානුසයො හොති අනිස්සරණදස්සිනො.
Sinhala BJTවේදනාව නොදන්නා (වේදනා) නිස්සරණය නොදක්නා සුව වේදනාව විඳින්නහුට රාගානුසය වේ.
Pali BJTදුක්ඛං වෙදියමානස්ස වෙදනං අප්පජානතො පටිඝානුසයො හොති අනිස්සරණදස්සිනො.
Sinhala BJTවේදනාව නොදන්නා (වේදනා) නිස්සරණය නොදක්නා දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.
Pali BJTඅදුක්ඛමසුඛං සන්තං භූරිපඤ්ඤෙන දෙසිතං තං චාපි අභිනන්දන්තො{1} නෙව දුක්ඛා පමුච්චති.
Sinhala BJTමහප්‍රාඥතථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ නොදුක් නොසුව වේදනාව ද පතන්නේ දුකෙන් නොමැ මිදෙයි.
Pali BJTයතො වා{2} භික්ඛු ආතාපී සම්පජඤ්ඤං න රිඤ්චති තතො සො වෙදනා සබ්බා පරිජානාති පණ්ඩිතො.
Sinhala BJTයම් හෙයකින් කෙලෙස් තවන වෙර ඇති මහණ මනා නුවණ නො හරී ද එහෙයින් ඒ පණ්ඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.
Pali BJTසො වෙදනා පරිඤ්ඤාය දිට්ඨෙ ධම්මෙ අනාසවො කායස්ස භෙදා ධම්මට්ඨො සඞ්ඛං නොපෙති{3} වෙදගූති.
Sinhala BJTහෙතෙමේ වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ කාබුන් (මරණින් මතු) පැනවීමකට නො පැමිණේ.
Pali BJT1. 20. 4.
Sinhala BJT1. 20. 4.
Pali BJTපාතාලසුත්තං
Sinhala BJTපාතාල සූත්‍රය
Pali BJT252. අස්සුතවා භික්ඛවෙ පුථුජ්ජනො එවං වාචං භාසති: ‘අත්ථි මහාසමුද්දෙ පාතාලො’ති. තං ඛො පනෙතං භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො අසන්තං අවිජ්ජමානං එවං වාචං භාසති: ‘අත්ථි මහාසමුද්දෙ පාතාලො’ති. සාරීරිකානං ඛො එතං භික්ඛවෙ දුක්ඛානං වෙදනානං අධිවචනං යදිදං පාතාලොති. අස්සුතවා භික්ඛවෙ පුථුජ්ජනො සාරීරිකාය දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං{4} කන්දති. සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො පාතාලෙ න පච්චුට්ඨාසි, ගාධඤ්ච නාජ්ඣගා. සුතවා භික්ඛවෙ අරියසාවකො සාරීරිකාය දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත්තාළිං{4} කන්දති, න සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, සුතවා අරියසාවකො පාතාලෙ පච්චුට්ඨාසි, ගාධඤ්ච අජ්ඣගාති.
Sinhala BJT252. මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ මහමුහුදෙහි පාතාලයෙක් ඇති යි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ නැති නො පෙනෙන (තැනක් ගැන) මහමුහුදෙහි පාතාලයෙක් ඇතැ යි මෙසේ මේ වචනය කියයි. මහණෙනි, පාතාල යන මෙය ශරීරයෙහි හටගන්නා දුක්වේදනාවන්ට නමෙකි. මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ ශරීරයෙහි හටගත් දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙහි. ක්ලාන්ත වෙයි. හඬයි ලෙහි පහරමින් හඬයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, මේ නූගත් පුහුදුන් තෙමේ පාතාලයෙහි නො පිහිටියේ ය. පිහිට ද නො ලැබුවේ යයි කියනු ලැබේ. මහණෙනි, උගත් අරීසවු තෙමේ ශරීරයෙහි හටගත් දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නොකෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො හඬයි. ලෙහි පහරමින් නො හඬයි. මුළාවට නො පැමිණෙයි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක පාතාලයෙහි පිහිටියේ ය. පිහිටි ද ලැබුයේ යි කියනු ලැබේ.
Pali BJTයො එතා නාධිවාසෙති උප්පන්නා වෙදනා දුඛා{5} සාරීරිකා පාණහරා යාහි ඵුට්ඨො පවෙධති.
Sinhala BJTයමෙක් යමකින් පහස්නා ලද්දේ සැලේ ද ශරීරයෙහි වූ දිවි තොර කරන ඒ උපන් දුක් වේදනා නො ඉවසා ද.
Pali BJTඅක්කන්දති පරොදති දුබ්බලො අප්පථාමකො න සො පාතාලෙ පච්චුට්ඨාසි අථො ගාධම්පි නාජ්ඣගා.
Sinhala BJTදුබල වූ නුවණ ඇති මඳ වූ ඥානශක්ති ඇති හෙතෙමේ හඬයි වැලපෙයි. පාතාලයෙහි නො පිහිටයි යළි පිහිටකුදු නො ලැබුයේ ය.
Pali BJTයො චෙතා අධිවාසෙති උප්පන්නා වෙදනා දුඛා{5} සාරීරිකා පාණහරා යාහි ඵුට්ඨො න වෙධති ස වෙ පාතාලෙ පච්චුට්ඨාසි අථො ගාධම්පි අජ්ඣගාති.
Sinhala BJTයමෙක් යමකින් පහස්නා ලද්දේ නො සැලේ ද, ශරීරයෙහි වූ දිවි තොර කරන ඒ උපන් දුක් වේදනා ඉවසා ද, හෙතෙමේ පාතාලයෙහි පිහිටයි. යළි පිහිට ද ලැබුයේ යි.
Pali BJT1. 20. 5.
Sinhala BJT1. 20. 5.
Pali BJTදට්ඨබ්බසුත්තං
Sinhala BJTදට්ඨබ්බ සූත්‍රය
Pali BJT253. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. සුඛා භික්ඛවෙ වෙදනා දුක්ඛතො දට්ඨබ්බා, දුක්ඛා වෙදනා සල්ලතො දට්ඨබ්බා, අදුක්ඛමසුඛා වෙදනා අනිච්චතො දට්ඨබ්බා.
Sinhala BJT253. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, සුවවේදනාව දුක් විසින් දැක්ක යුතු ය. දුක්වේදනාව හුල් විසින් දැක්ක යුතු ය. නොදුක්නොසුව වේදනාව අනිස විසින් දැක්ක යුතු ය.
Pali BJTයතො ඛො භික්ඛවෙ භික්ඛුනො සුඛා වෙදනා දුක්ඛතො දිට්ඨා හොති, දුක්ඛා වෙදනා සල්ලතො දිට්ඨා හොති, අදුක්ඛමසුඛා වෙදනා අනිච්චතො දිට්ඨා හොති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු සම්මද්දසො අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයි සඤ්ඤොජනං, සම්මාමානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණහු විසින් සුවවේදනාව දුක් විසින් දක්නාලද වේ ද, දුක්වේදනාව හුල් විසින් දක්නා ලද වේ ද, නොදුක්නොසුව වේදනාව අනිස විසින් දක්නා ලද වේ ද, මහණෙනි, මැනවින් දක්නා මේ මහණ තෘෂ්ණාව සිඳලූයේ ය. සංයෝජන මුලිනුපුටා හළේ ය. මනා කොට මනාවබෝධය කිරීමෙන් දුක කෙළවර කෙළේ යයි කියනු ලැබේ.
Pali BJTයො සුඛං දුක්ඛතො අද්ද දුක්ඛමද්දක්ඛි සල්ලතො අදුක්ඛමසුඛං සන්තං අද්දක්ඛි නං අනිච්චතො.
Sinhala BJTයමෙක් සුවවේදනාව දුක් විසින් දිටි ද, දුක්වේදනවා හුල් විසින් දිටි ද, ශාන්ත වූ ඒ නොදුක්නොසුව වේදනාව අනිස විසින් දිටි ද.
Pali BJTස වෙ සම්මද්දසො භික්ඛු පරිජානාති වෙදනා සො වෙදනා පරිඤ්ඤාය දිට්ඨධම්මෙ අනාසවො කායස්ස භෙදා ධම්මට්ඨො සඞ්ඛං නොපෙති වෙදගූති.
Sinhala BJTමැනවින් දක්නා ඒ මහණ වේදනා පිරිසිඳ දනී. වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ කාබුන් මරණින් මතු පැනවීමට නො පැමිණේ යි.
Pali BJT1. 20. 6.
Sinhala BJT1. 20. 6.
Pali BJTසල්ලසුත්තං
Sinhala BJTසල්ල සූත්‍රය
Pali BJT254. අස්සුතවා භික්ඛවෙ පුථුජ්ජනො සුඛම්පි වෙදනං වෙදියති, දුක්ඛම්පි වෙදනං වෙදියති, අදුක්ඛමසුඛම්පි වෙදනං වෙදියති. සුතවා භික්ඛවෙ, අරියසාවකො සුඛම්පි වෙදනං වෙදියති, දුක්ඛම්පි වෙදනං වෙදියති, අදුක්ඛමසුඛම්පි වෙදනං වෙදියති. තත්ර භික්ඛවෙ කො විසෙසො, කො අධිප්පායො කිං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙනාති?
Sinhala BJT254. මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ සුවවේදනාවත් විඳියි. දුක්වේදනාවත් විඳියි. නොදුක්නොසුව වේදනාවත් විඳියි. මහණෙනි, ඇසු පිරූ තැන් ඇති අරීසවු ද සුවවේදනාවත් විඳියි. දුක්වේදනාවත් විඳියි. නොදුක්නොසුව වේදනාවත් විඳියි. මහණෙනි, එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා ඇසු පිරූ තැන් ඇති අරිසවුගේ වෙසෙස කිමෙක් ද? අදහස කවරේ ද? වෙනස කිමෙක්දැ? යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ ධම්මා භගවන්නෙත්තිකා භගවම්පටිසරණා, සාධු වත භන්තෙ භගවන්තං යෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො භගවතො සුත්වා භික්ඛු ධාරෙස්සන්තීති. තෙන හි භික්ඛවෙ සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං, භගවා එතදවොච:
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ, මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂුහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. ‘එසේ ය වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJTඅස්සුතවා භික්ඛවෙ පුථුජ්ජනො දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. සො ද්වෙ වෙදනා වෙදියති කායිකඤ්ච චෙතසිකඤ්ච. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසං සල්ලෙන විජ්ඣෙය්යුං තමෙනං දුතියෙන සල්ලෙන අනුවෙධං විජ්ඣෙය්යුං එවං හි සො භික්ඛවෙ, පුරිසො ද්වෙ සල්ලෙන වෙදනා වෙදියෙථ.
Sinhala BJTමහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙමේ කායික වේදනාව ද චේතසික වේදනාව ද යන වේදනා දෙකක් විඳී. මහණෙනි, යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද ඒ මොහු දෙවෙනි හුලකිනුදු සමීපයෙහි විදුනාහු ද, මහණෙනි, මෙසේ වනාහි ඒ පුරුෂ තෙමේ හුල කරණකොටගෙන වේදනා දෙකක් විඳී.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො සොචති. කිලමති. පරිදෙවති. උරත්තාළිං කන්දති. සම්මොහං ආපජ්ජති. සො ද්වෙ වෙදනා වෙදියති කායිකඤ්ච චෙතසිකඤ්ච. තස්සායෙව ඛො පන දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො පටිඝවා හොති. තමෙනං දුක්ඛාය වෙදනාය පටිඝවන්තං යො දුක්ඛාය වෙදනාය පටිඝානුසයො සො අනුසෙති. සො දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො කාමසුඛං අභිනන්දති. තං කිස්ස හෙතු, න භික්ඛවෙ පජානාති අස්සුතවා පුථුජ්ජනො අඤ්ඤත්ර කාමසුඛා දුක්ඛාය වෙදනාය නිස්සරණං, තස්ස කාමසුඛං අභිනන්දතො යො සුඛාය වෙදනාය රාගානුසයො සො අනුසෙති. සො තාසං වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. හෙතෙමේ කායික වේදනාව ද චේතසික වේදනාව ද යන වේදනා දෙකක් විඳියි. ඒ දුක් වේදනාවෙන් ම පහස්නා ලද්දේ ක්‍රෝධ ඇත්තේ වෙයි. දුක් වේදනාවෙන් වූ ක්‍රෝධ ඇති ඒ මොහුට දුක්වේදනා වෙන් යම් පටිඝානුසයයෙක් වේ නම් එය උපදී. හෙතෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ කම්සුව පිළිගනී. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ කම්සුවය හැර දුක්වේදනාවේ දුරුකිරීමක් නො දනී. කම්සුව පිළිගන්නා ඔහුට සුවවේදනාවෙන් වූ යම් රාගානුසයයෙක් වේ නම් එය උපදී. හෙතෙමේ ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්‍ථඞ්ගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනී.
Pali BJTතස්ස තාසං වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං අප්පජානතො යො අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො සො අනුසෙති. සො සුඛඤ්චෙ{1} වෙදනං වෙදියති, සඤ්ඤුත්තො නං වෙදයති. දුක්ඛඤ්චෙ වෙදනං වෙදියති, සඤ්ඤුත්තො නං වෙදියති. අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදියති, සඤ්ඤුත්තො නං වෙදියති. අයං වුච්චති භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො සඤ්ඤුත්තො ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි සඤ්ඤුත්තො දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTඒ වේදනාවන්ගේ සමුදයයත් අත්‍ථඞ්ගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දන්නා ඔහුට නොදුක්නොසුව වේදනාවෙන් වූ යම් අවිජ්ජානුසයයෙක් වේ නම් එය උපදී. හෙතෙමේ ඉදින් සුව වේදනාවක් විඳී නම් (කෙලෙසුන්ගෙන්) යුතුව එය විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් යුතු ව එය විඳී. ඉදින් නොදුක් නොසුව වේදනාවක් විඳී නම් සංයුක්ත ව එය විඳී. මහණෙනි, මේ නූගත් පුහුදුන් තෙමේ ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් යුතු වූයේ යයි කියනු ලැබේ සියලු දුකින් යුතු වූයේ යයි කියමි.
Pali BJTසුතවා ච ඛො භික්ඛවෙ අරියසාවකො දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති: සො එකං වෙදනං වෙදියති කායිකං, න චෙතසිකං. සෙය්යථාපි භික්ඛවෙ පුරිසං සල්ලෙන විජ්ඣෙය්යුං, තමෙනං දුතියෙන සල්ලෙන අනුවෙධං න විජ්ඣෙය්යුං;{2} එවං හි සො භික්ඛවෙ පුරිසො එකං{3} සල්ලෙන{3} වෙදනං වෙදියෙථ{4} එවමෙව ඛො භික්ඛවෙ සුතවා අරියසාවකො දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති; සො එකං වෙදනං වෙදියති කායිකං, න චෙතසිකං. තස්සායෙව ඛො පන දුක්ඛාය වෙදනාය පටිඝවා න හොති. තමෙනං දුක්ඛාය වෙදනාය අපටිඝවන්තං යො දුක්ඛාය වෙදනාය පටිඝානුසයො සො නානුසෙති; සො දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො කාමසුඛං නාභිනන්දති. තං කිස්ස හෙතු, පජානාති හි භික්ඛවෙ සුතවා අරියසාවකො අඤ්ඤත්ර කාමසුඛා දුක්ඛාය වෙදනාය නිස්සරණං.
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් අරීසවු තෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි. ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි. ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි. හේ කායික වූ එක් වේදනාවක් විඳියි. චේතසික වේදනාව නො විඳියි. මහණෙනි, යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද ඒ මොහු දෙවෙනි හුලකින් පළමු විදුම සමීපයෙහි නො විදුනාහු ද මහණෙනි, මෙසේ ඒ පුරුෂ තෙමේ එක් හුලකින් වූ වේදනාව විඳින්නේ ය. මහණෙනි, එසෙයින් ම උගත් අරීසවු දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො වැලපෙයි. ළෙහි පැහැර නො හඬයි මුළාවට නො පැමිණෙයි. හෙතෙමේ කායික වූ එක් වේදනාවක් විඳියි. චේතසික වේදනාව නො විඳියි. ඒ දුක් වේදනාවේ ම ක්‍රෝධ ඇත්තේ නො වෙයි. දුක්වේදනාවෙන් වූ ක්‍රෝධ නැති ඒ මොහුට දුක්වේදනාවෙහි වූ යම් පටිඝානුසයයෙක් වේ නම් එය නූපදී. හෙතෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම කම්සුව නො පිළිගනී. ඒ කවර හෙයින යත්: මහණෙනි, උගත් අරීසවු තෙමේ කම්සුවෙන් වෙන් ව දුක්වේදනාවේ නිස්සරණය දනී මැ යි, එහෙයිනි.
Pali BJTතස්ස කාමසුඛං අනභිනන්දතො යො සුඛාය වෙදනාය රාගානුසයො සො නානුසෙති. සො තාසං වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. තස්ස තාසං වෙදනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානතො, යො අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයො සො නානුසෙති. සො සුඛඤ්චෙ වෙදනං වෙදයති විසඤ්ඤුත්තො නං වෙදියති. දුක්ඛඤ්චෙ වෙදනං වෙදියති විසඤ්ඤුත්තො නං වෙදියති. අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදියති, විසඤ්ඤුත්තො නං වෙදියති. අයං වුච්චති භික්ඛවෙ, සුතවා අරියසාවකො විසඤ්ඤුත්තො ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, විසඤ්ඤුත්තො දුක්ඛස්මාති වදාමි. අයං ඛො භික්ඛවෙ විසෙසො, අයං අධිප්පායො, ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙනාති.
Sinhala BJTකම්සුව නො පිළිගන්නා ඔහුට සුවවේදනාවෙන් වූ යම් රාගානුසයයෙක් වේ නම් එය නූපදී. හෙ ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්‍ථගමයත් අස්සාදයත් අදීනවයත් නිස්සරණයත් තතුසේ දනී. ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්‍ථගමයත් අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දන්නා ඔහුට නොදුක්නොසුව වේදනාවෙන් වූ යම් අවිජ්ජානුසයෙක් වේ නම් එය නූපදී. හේ ඉදින් සුවවේදනාවක් විඳී නම් (කෙලෙසුන්ගෙන්) වෙන් ව එය විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් වෙන් ව විඳී. ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. මහණෙනි, මේ උගත් අරීසවු ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් වෙන් වූයේ යයි කියනු ලැබේ. සියලු දුකින් වෙන් වූයේ යයි කියනු ලැබේ. මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන්හු හා ඇසූ පිරූ තැන් ඇති අරීසවුහුගේ මේ වෙසෙසයි. මේ අදහස යි. මේ වෙනස යි.
Pali BJTන{1} වෙදනං වෙදියති සපඤ්ඤො{2} සුඛම්පි දුක්ඛම්පි බහුස්සුතොපි අයඤ්ච ධීරස්ස පුථුජ්ජනෙන මහා{3}විසෙසො කුසලස්ස හොති.
Sinhala BJTබොහෝ ඇසු පිරූ තැන් ඇත්තා වූ ද නුවණැත්තේ සුව වූත් දුක් වූත් වේදනාව (කෙලෙසුන්ගෙන්) යුතුව නො විඳියි. දක්‍ෂ වූ නුවණැත්තාගේ පුහුදුන්හු හා මහත් වෙසෙස මෙය වෙයි.
Pali BJTසඞ්ඛාතධම්මස්ස බහුස්සුතස්ස සම්පස්සතො ලොකමිමං පරඤ්ච ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං අනිට්ඨතො නො පටිඝාතමෙති.
Sinhala BJTදන්නා ලද දහම් ඇති බොහෝ අසු පිරූ තැන් ඇති මේ ලොවත් පරලොවත් මැනවින් දක්නා මොහුගේ සිත ඉටුදහම්හු නො මඩිත්. අනිටු දහමින් කිපීමට නො පැමිණෙයි.
Pali BJTතස්සානුරොධා අථවා විරොධා විධූපිතා{4} අත්ථගතා න සන්ති පදඤ්ච ඤත්වා විරජං අසොකං, සම්මා පජානාති භවස්ස පාරගූති.
Sinhala BJTරාගයෝ ද යළිත් ද්වේෂයෝ ද ඔහු එයින් නසන ලදහ. අස්තයට ගියහ. එහෙයින් ම නැතියහ. ඇලුම් රහිත සෝක රහිත නිවන් පදය දැන භවයේ කෙළවරට පැමිණියේ මැනවින් දනී යි.
Pali BJT1. 20. 7.
Sinhala BJT1. 20. 7.
Pali BJTගෙලඤ්ඤසුත්තං
Sinhala BJTගෙලඤ්ඤ සූත්‍රය
Pali BJT255. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන ගිලානසාලා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: සතො භික්ඛවෙ භික්ඛු සම්පජානො කාලං ආගමෙය්ය. අයං වො අම්හාකං අනුසාසනී.
Sinhala BJT255. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්කල පලසමවතින් නැගී සිටි සේක් ගිලන්හල වෙත එළඹිසේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මහණ තෙමේ සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ (ස්කන්‍ධපරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කරන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සතො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී -පෙ- චිත්තෙ චිත්තානුපස්සී -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; එවං ඛො භික්ඛවෙ භික්ඛු සතො හොති.
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ නම් සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ රූ කයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණ ඇති ව සිහි ඇති ව (කා) ලෙව්හි දැඩි ලෝබ හා දොම්නස් දුරු කොට වෙසේ ද, වේදනාවන්හි වේදනා අනුව බලමින් ... සිතෙහි සිත අනුව බලමින් ... දහම්හි දහම් අනු ව බලමින් කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණ ඇති ව සිහි ඇති ව (දහම්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ ද මහණෙනි, මහණ මෙසේ සිහි ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සම්පජානො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු සම්පජානො{1} හොති. සතො භික්ඛවෙ භික්ඛු සම්පජානො කාලං ආගමෙය්ය. අයං වො අම්හාකං අනුසාසනී.
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ නම් දැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ ඉදිරිගමන්හි හා ආපසු ගමන්හි මනා නුවණින් දැන කරනසුලු වේ ද ඉදිරිබැලීමෙහි අවට බැලීමෙහි මනානුවණින් කරනසුලු වේ ද (අත්පා) හැකිළීමෙහි හා දිගහැරීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, සඟළ හා පාසිවුරු දැරීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, බිදීමෙහි පීමෙහි කෑමෙහි හා රසවිඳීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, මලමූ කිසෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි හා නො බිණීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, මහණෙනි, මහණ මෙසේ මනානුවණ ඇත්තේ වේ. මහණෙනි, මහණ සිහි ඇත්තේ මනාදැනුම් ඇත්තේ කාලය අපේක්‍ෂා කරන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJTතස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති සුඛා වෙදනා; සො එවං පජානාති; උප්පන්නා ඛො ම්යායං{2} සුඛා වෙදනා. සා ච ඛො පටිච්ච නො අපටිච්ච. කිං පටිච්ච: ඉමමෙව කායං පටිච්ච. අයං ඛො පන කායො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. අනිච්චං ඛො පන සඞ්ඛතං පටිච්චසමුප්පන්නං කායං පටිච්ච උප්පන්නා සුඛා වෙදනා කුතො නිච්චා භවිස්සතී ති.
Sinhala BJTමහණෙනි, ඉදින් මෙසේ සිහි ඇති ව මනාදැනුම් ඇති ව නො පමාව කෙලෙස් තවන වෙර ඇති ව කා දිවි දෙක්හි ආශා රහිත ව වෙසෙන මහණහට සුවවේදනාවක් උපදී ද හෙතෙමේ “මට මේ සුවවේදනාවක් උපන. එ ද නිසා ය, නොනිසා නො වේ. කුමක් නිසා ද යත්: මේ කය ම නිසා ය. මේ කය වනාහි අනිස ය. හේතූන් විසින් කරන ලද්දේ ය. ප්‍රත්‍යය නිසා උපන්නේ ය. අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ කය නිසා උපන් සුව වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ”යි මෙසේ දනියි.
Pali BJTසො කායෙ ච සුඛාය ච වෙදනාය අනිච්චානුපස්සී විහරති වයානුපස්සී විහරති විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. තස්ස කායෙ ච සුඛාය ච වෙදනාය අනිච්චානුපස්සිනො විහරතො වයානුපස්සිනො විහරතො පටිනිස්සග්ගානුපස්සිනො විහරතො, යො කායෙ ච සුඛාය ච වෙදනාය රාගානුසයො, සො පහීයති.
Sinhala BJTහෙතෙමේ කයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනු ව බලන සුලු ව වෙසේ. වැය අනු ව බලනසුලු ව වෙසේ. විරාගය අනු ව බලනසුලු ව වෙසේ. නිරෝධය අනු ව බලනසුලු ව වෙසේ පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසේ. කයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනු ව බලන සුලු ව වෙසෙන වැය අනු ව බලනසුලු ව වෙසෙන විරාගය අනු ව බලනසුලු ව වෙසෙන නිරෝධය අනු ව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනු ව බලනසුලු ව වෙසෙන ඔහුගේ කයෙහිත් සුවවේදනාවෙහිත් යම් රාගානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
Pali BJTතස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති දුක්ඛා වෙදනා. සො එවං පජානාති: උප්පන්නා ඛො ම්යායං{2} දුක්ඛා වෙදනා. සා ච ඛො පටිච්ච, නො අපටිච්ච. කිං පටිච්ච, ඉමමෙව කායං පටිච්ච. අයං ඛො පන කායො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. අනිච්චං ඛො පන සඞ්ඛතං පටිච්චසමුප්පන්නං කායං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා කුතො නිච්චා භවිස්සතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ සිහි ඇති ව මනා දැනුම් ඇති ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහට ඉදින් දුක්වේදනාවක් උපදී නම් හෙතෙමේ මෙසේ දනී: “මට මේ දුක්වේදනාවක් උපන. හෙ ද නිසා ය. නොනිසා නො වේ. කුමක් නිසා ද යත්: මේ කය ම නිසා ය. මේ කය වනාහි අනිත්‍ය ය. සඞ්ඛත ය. පටිච්චසමුප්පන්න ය. අනිත්‍ය වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ කය නිසා උපන් දුක්වේදනාව කොයින් නිත්‍ය වන්නී දැ”යි.
Pali BJTසො කායෙ ච දුක්ඛාය ච වෙදනාය අනිච්චානුපස්සී විහරති, වයානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. තස්ස කායෙ ච දුක්ඛාය ච වෙදනාය අනිච්චානුපස්සිනො විහරතො වයානුපස්සිනො විහරෙතො විරාගානුපස්සිනො විහරතො නිරොධානුපස්සිනො විහරතො පටිනිස්සග්ගානුපස්සිනො විහරතො, යො කායෙ ච දුක්ඛාය ච වෙදනාය පටිඝානුසයො, සො පහීයති.
Sinhala BJTහෙතෙමේ කයෙහිත් දුක්වේදනාවෙහිත් අනිස අනුව බලන සුලු ව වෙසේ. වැය අනු ව බලනසුලු ව වෙසේ. විරාගය අනු ව බලනසුලු ව වෙසේ. නිරෝධය අනුව බලනසුලු ව වෙසේ. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසේ. කයෙහිත් දුක්වේදනා වෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනු ව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුගේ කයෙහිත් දුක්වේදනාවෙහිත් යම් පටිඝානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
Pali BJTතස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා, සො එවං පජානාති: උප්පන්නා ඛො ම්යායං අදුක්ඛමසුඛා වෙදනා. සා ච ඛො පටිච්ච, නො අප්පටිච්ච. කිං පටිච්ච, ඉමමෙව කායං පටිච්ච. අයං ඛො පන කායො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. අනිච්චං ඛො පන සඞ්ඛතං පටිච්චසමුප්පන්නං කායං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වෙදනා කුතො නිච්චා භවිස්සතී. සො කායෙ ච අදුක්ඛමසුඛාය ච වෙදනාය අනිච්චානුපස්සී විහරති, වයානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. තස්ස කායෙ ච අදුක්ඛමසුඛාය ච වෙදනාය අනිච්චානුපස්සිනො විහරතො වයානුපස්සිනො විහරතො විරාගානුපස්සිනො විහරතො නිරොධානුපස්සිනො විහරතො පටිනිස්සග්ගානු පස්සිනො විහරතො යො කායෙ ච අදුක්ඛමසුඛාය ච වෙදනාය අවිජ්ජානුසයො සො පහීයති.
Sinhala BJTමහණෙනි, මෙසේ සිහි ඇති ව මනානුවණ ඇති ව නො පමා වූ කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහට ඉදින් නොදුක්නොසුව වේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී: “මට මේ නොදුක්නොසුව වේදනාවක් උපන. හෙ ද නිසා ය. නොනිසා නො වේ. කුමක් නිසා ද, මේ කය ම නිසා ය. මේ කය අනිත්‍ය ය. සඞ්ඛත ය. පටිච්චසමුප්පන්න ය. අනිත්‍ය වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ කය නිසා උපන් නොදුක්නොසුව වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ, යි. හේ කයෙහිත් නොදුක්නොසුව වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙයි. වැය අනුව බලනසුලු ව වෙසෙයි. විරාගය අනුව බලනසුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලනසුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. කයෙහිත් නොදුක්නොසුව වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනුව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුට කයෙහිත් නොදුක්නොසුව වේදනාවෙහිත් යම් අවිද්‍යානුස්යයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
Pali BJTසො සුඛඤ්චෙ වෙදනං වෙදියති, සා අනිච්චාති පජානාති, අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති; දුක්ඛඤ්චෙ වෙදනං වෙදියති, සා අනිච්චාති පජානාති, අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති; අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදියති, සා අනිච්චාති පජානාති, අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති; සො සුඛඤ්චෙ වෙදනං වෙදියති, විසඤ්ඤුත්තො නං වෙදියති; දුක්ඛඤ්චෙ වෙදනං වෙදියති, විසඤ්ඤුත්තො නං වෙදියති; අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදියති, විසඤ්ඤුත්තො නං වෙදියති; සො කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති, ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති; කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාති.
Sinhala BJTහෙ ඉදින් සුවවේදනාවක් විඳී නම් එය අනිස යයි දැනගනී. නො බැසගන්නා ලදැ යි දැනගනී. නො පිළිගන්නා ලදැ යි දැනගනී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් එය අනිසැ යි දැනගනී. නොබැසගන්නා ලදැ යි දැනගනි. නො පිළිගන්නා ලදැ යි දැනගනී. ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් එය අනිසැ යි දැනගනී. නො බැසගන්නා ලදැ යි දැනගනී. නො පිළිගන්නා ලදැ යි දැනගනී. හෙතෙමේ ඉදින් සුව වේදනාවක් විඳී නම් කෙලෙසුන්ගෙන් වෙන් ව එය විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. හේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමෙන් මතු මෙහි ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු සිහිල් වන්නාහ යි දැනගනී.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්ය,{1} තස්සෙව තෙලස්ස ච වට්ටියා ච පරියාදානා අනාහාරො නිබ්බායෙය්ය; එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං{2} වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාතී’ති.
Sinhala BJTමහණෙනි, යම්සේ තෙලත් වැටියත් නිසා තෙල්පහනක් දැල් වෙන්නේ ද, ඒ තෙලත් වැටියත් කෙළවර වීමෙන් ම ප්‍රත්‍යය නැති ව නිවෙන්නේ ද, මහණෙනි, එසෙයින් ම මහණ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමෙන් මතු මෙහි ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දහු සිහිල් වන්නාහ යි දැනගනී යි.
Pali BJT1. 20. 8.
Sinhala BJT1. 20. 8.
Pali BJTදුතිය ගෙලඤ්ඤසුත්තං
Sinhala BJTදුතිය ගෙලඤ්ඤ සූත්‍රය
Pali BJT256. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා{1} වුට්ඨිතො යෙන ගිලානසාලා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: සතො භික්ඛවෙ භික්ඛු සම්පජානො කාලං ආගමෙය්ය. අයං වො අම්හාකං අනුසාසනී.
Sinhala BJT256. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්කල පලසමවතින් නැගී සිටි සේක් ගිලන්හල වෙත එළඹි සේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මහණ සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ (පරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කරන්නේ ය. මහණෙනි, මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සතො හොති; ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො භික්ඛවෙ භික්ඛු සතො හොති.
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ නම් සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෙව්හි අභිජ්ඣාව හා දෝමනස්සය දුරු කොට වෙසෙයි. වේදනාවන්හි ... සිතෙහි … දහම්හි දහම් අනු ව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි අභිජ්ඣාව හා දෝමනස්සය දුරු කොට වෙසේ. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සම්පජානො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති: එවං ඛො භික්ඛවෙ භික්ඛු සම්පජානො හොති. සතො භික්ඛවෙ භික්ඛු සම්පජානො කාලං ආගමෙය්ය. අයං වො අම්හාකං අනුසාසනී.
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ නම් මනාදැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඉදිරි ගමන්හි පෙරළා ගමන්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. ඉදිරි බැලුම්හි අවට බැලුම්හි මානාදැනුම් ඇති ව කරනසුලු වෙයි. අත් පා හැකිළුම්හි දිගහැරීම්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. සඟළ පාසිවුරු දැරුම්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. කෑමෙහි පීමෙහි කඩා කෑමෙහි රස විඳීමෙහි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. මලමූ කිසෙහි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. ගමන්හි සිටුම්හි හිඳුම්හි නිදීම්හි නිදිවැරුම්හි කියුම්හි නිහඬබැව්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. මහණෙනි, මෙසේ මහණ මනාදැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇත්තේ මනාදැනුම් ඇත්තේ කාලය අපේක්‍ෂා කරන්නේ ය. මේ අපගේ අනුශාසනා යි.
Pali BJTතස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති සුඛා වෙදනා. සො එවං පජානාති. උප්පන්නා ඛො ම්යායං සුඛා වෙදනා සා ච ඛො පටිච්ච, නො අප්පටිච්ච. කිං පටිච්ච, ඉමමෙව ඵස්සං පටිච්ච. අයං ඛො පන ඵස්සො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො. අනිච්චං ඛො පන සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛා වෙදනා කුතො නිච්චා භවිස්සතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ සිහි ඇති ව මනාදැනුම් ඇති ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහුට ඉදින් සුවවේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී. මට මේ සුවවේදනාවක් උපන. එ ද නිසා ය. නො නිසා නො වේ. කුමක් නිසා ද, මේ ස්පර්‍ශය ම නිසා ය. මේ ස්පර්‍ශය අනිස ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ස්පර්‍ශය නිසා උපන් සුවවේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ?යි.
Pali BJTසො ඵස්සෙ ච සුඛාය ච වෙදනාය අනිච්චානුපස්සී විහරති, වයානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති; තස්ස ඵස්සෙ ච සුඛාය ච වෙදනාය අනිච්චානුපස්සිනො විහරතො, වයානුපස්සිනො විහරතො, විරාගානුපස්සිනො විහරතො, නිරොධානුපස්සිනො විහරතො, පටිනිස්සග්ගානුපස්සිනො විහරතො යො ඵස්සෙ ච සුඛාය ච වෙදනාය රාගානුසයො, සො පහීයති.
Sinhala BJTහේ ස්පර්‍ශයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙයි. වැය අනුව බලනසුලු ව වෙසෙයි. විරාගය අනුව බලන සුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලන සුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. ස්පර්‍ශයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනුව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුට ස්පර්‍ශ යෙහිත් සුවවේදනාවෙහිත් යම් රගානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වෙයි.
Pali BJTතස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති දුක්ඛා වෙදනා, සො එවං පජානාති: උප්පන්නා ඛො ම්යායං දුක්ඛා වෙදනා, සා ච ඛො පටිච්ච, නො අපටිච්ච. කිං පටිච්ච, ඉමමෙව ඵස්සං පටිච්ච, අයං ඛො පන ඵස්සො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො, අනිච්චං ඛො පන සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා කුතො නිච්චා භවිස්සතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ සිහි ඇති ව මනාදැනුම් ඇති ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහුට ඉදින් දුක්වේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී. මට මේ දුක්වේදනාවක් උපන. එ ද නිසා ය, නොනිසා නො වෙයි. කුමක් නිසා ද, මේ ස්පර්‍ශයම නිසා ය. මේ ස්පර්‍ශය අනිස ය. සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ස්පර්‍ශය නිසා උපන් දුක්වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ’ යි.
Pali BJTසො ඵස්සෙ ච දුක්ඛාය ච වෙදනාය අනිච්චානුපස්සී විහරති, වයානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති: තස්ස ඵස්සෙ ච දුක්ඛාය ච වෙදනාය අනිච්චානුපස්සිනො විහරතො වයානුපස්සිනො විහරතො විරාගානුපස්සිනො විහරතො නිරොධානුපස්සිනො විහරතො පටිනිස්සග්ගයානුපස්සිනො විහරතො යො ඵස්සෙ ච දුක්ඛාය ච වෙදනාය පටිඝානුසයො සො පහීයති.
Sinhala BJTහෙතෙමේ ස්පර්‍ශයෙහිත් දුක්වේදනාවෙහිත් අනිස අනුව බලන සුලු ව වෙසෙයි. වැය අනු ව බලනසුලු ව වෙසෙයි. විරාගය අනු ව බලනසුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලනසුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. ස්පර්‍ශයෙහිත් දුක් වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනු ව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඒ මහණහුට ස්පර්‍ශයෙහිත් දුක්වේදනාවෙහිත් යම් පටිඝානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
Pali BJTතස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො එවං සතස්ස සම්පජානස්ස අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා, සො එවං පජානාති: උප්පන්නා ඛො ම්යායං අදුක්ඛමසුඛා වෙදනා: සා ච ඛො පටිච්ච, නො අපටිච්ච. කිඤ්ච පටිච්ච, ඉමමෙව ඵස්සං පටිච්ච අයං ඛො පන ඵස්සො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො, අනිච්චං ඛො පන සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වෙදනා කුතො නිච්චා භවිස්සතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ සිහි ඇති ව මනානුවණ ඇති ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහට ඉදින් නොදුක්නොසුව වේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී: මට මේ නොදුක්නොසුව වේදනාවක් උපන. එ ද නිසා ය. නොනිසා නො වෙයි. කුමක් නිසා ද, මේ ස්පර්‍ශය ම නිසා ය. මේ ස්පර්‍ශය අනිස ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ස්පර්‍ශය නිසා උපන් මැදහත් වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ’ යි.
Pali BJTසො ඵස්සෙ ච අදුක්ඛමසුඛාය ච වෙදනාය අනිච්චානුපස්සී විහරති, වයානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති: තස්ස ඵස්සෙ ච අදුක්ඛමසුඛාය ච වෙදනාය අනිච්චානුපස්සිනො විහරතො වයානුපස්සිනො විහරතො විරාගානුපස්සිනො විහරතො නිරොධානුපස්සිනො විහරතො පටිනිස්සග්ගානුපස්සිනො විහරතො යො ඵස්සෙ ච අදුක්ඛමසුඛාය ච වෙදනාය අවිජ්ජානුසයො සො පහීයති.
Sinhala BJTහෙතෙමේ ස්පර්‍ශයෙහිත් මැදහත් වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙයි. වැය අනුව බලනසුලු ව වෙසෙයි. විරාගය අනුව බලනසුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලනසුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. ස්පර්‍ශයෙහිත් මැදහත් වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනුව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුට ස්පර්‍ශයෙහිත් මැදහත් වේදනාවෙහිත් යම් අවිජ්ජානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
Pali BJTසො සුඛඤ්චෙ වෙදනං වෙදියති: සා අනිච්චාති පජානාති, අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති, දුක්ඛඤ්චෙ වෙදනං වෙදියති -පෙ- අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදියති; සා අනිච්චාති පජානාති අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති, සො සුඛඤ්චෙ වෙදනං වෙදියති විසඤ්ඤුත්තො නං වෙදියති දුක්ඛඤ්චෙ වෙදනං වෙදියති -පෙ- අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදියති විසඤ්ඤුත්තො නං වෙදියති. සො කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාති.
Sinhala BJTඉදින් හේ සුවවේදනාවක් විඳී නම් එය අනිසැ යි දැනගනී. නො බැසගන්නා ලදැ යි දැනගනී. නො පිළිගන්නා ලදැ යි දැනගනී. ඉදින් දුක්වේදනාවක් විඳී නම් ... ඉදින් මැදහත් වේදනාවක් විඳී නම් එය අනිසැ යි දැනගනී. නො බැසගන්නා ලදැ යි දැනගනී. නො පිළිගන්නා ලදැ යි දැනගනී. ඉදින් හෙ සුවවේදනාවක් විඳී නම් (කෙලෙසුන්ගෙන්) වෙන් ව එය විඳී. ඉදින් දුක් වේදනාවක් විඳී නම් ... ඉදින් මැදහත් වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. හෙතෙමේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමෙන් මතු මෙහි ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු සිහිල් වන්නාහ යි දැනගනී.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්ය තස්සෙව තෙලස්ස ච වට්ටියා ච පරියාදානා අනාහාරො නිබ්බායෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාතීති.
Sinhala BJTමහණෙනි, යම්සේ තෙලත් වැටියත් නිසා තෙල්පහනක් දැල්වෙන්නේ ද, ඒ තෙලත් වැටියත් කෙළවර වීමෙන් ම ප්‍රත්‍යය රහිත ව නිවෙන්නේ ද, මහණෙනි, එසෙහින්ම කය කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳුනේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දැනගනී. කය බිඳීමෙන් දිවි කෙළවර වීමෙන් මතු මෙහි ම සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දහු සිහිල් වන්නාහ යි දැනගනී යි.
Pali BJT1. 20. 9.
Sinhala BJT1. 20. 9.
Pali BJTඅනිච්චසුත්තං
Sinhala BJTඅනිච්ච සූත්‍රය
Pali BJT257. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්ච සමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. කතමා තිස්සො: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා ඉමා ඛො භික්ඛවෙ තිස්සො වෙදනා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා.
Sinhala BJT257. මහණෙනි, අනිච්ච වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ඛයධම්ම වූ වයධම්ම වූ විරාගධම්ම වූ නිරෝධධම්ම වූ මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනාව ය දුක් වේදනාව ය නොදුක්නොසුව වේදනාව යයි. මහණෙනි, මේ වේදනා තුන අනිච්ච ය. සඞ්ඛත ය. පටිච්චසමුප්පන්න ය. ඛයධම්ම ය. වයධම්ම ය. විරාගධම්ම ය. නිරෝධධම්ම යි.
Pali BJT1. 20. 10.
Sinhala BJT1. 20. 10.
Pali BJTඵස්සමූලකසුත්තං
Sinhala BJTඵස්සමූලක සූත්‍රය
Pali BJT258. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා ඵස්සජා ඵස්සමූලකා ඵස්සනිදානා ඵස්සපච්චයා. කතමා තිස්සො: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. සුඛවෙදනියං භික්ඛවෙ ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. තස්සෙව සුඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං, සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මති;
Sinhala BJT258. මහණෙනි, ස්පර්‍ශයෙන් හටගත් ස්පර්‍ශය මුල් කොට ඇති ස්පර්‍ශය නිදාන කොට ඇති ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇති මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනාව ය දුක්වේදනාව ය නොදුක්නොසුව වේදනාව යි. මහණෙනි, සුවවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා සුවවේදනාව උපදී. සුව වේදනාවට කරුණු වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද සුවවේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ සුව වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ.
Pali BJTදුක්ඛවෙදනියං භික්ඛවෙ ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. තස්සෙව දුක්ඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං දුක්ඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මති. අදුක්ඛමසුඛවෙදනියං භික්ඛවෙ ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. තස්සෙව අදුක්ඛමසුඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං අදුක්ඛමසුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මති.
Sinhala BJTමහණෙනි, දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. දුක්වේදනාවට කරුණු වූ ඒ පහස්හි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද, දුක්වේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ දුක්වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ. මහණෙනි, මැදහත් වේදනාවට කරුණු වූ පහස නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට කරුණු වූ ඒ පහස්හි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද මැදහත් වේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ මැදහත් වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ද්වින්නං කට්ඨානං සඞ්ඝට්ටනසමොධානා උස්මා ජායති තෙජො අභිනිබ්බත්තති. තෙසං යෙව කට්ඨානං නානාභාවා විනික්ඛෙපා යා තජ්ජා උස්මා සා නිරුජ්ඣති, සා වූපසම්මති.{1} එවමෙව ඛො භික්ඛවෙ ඉමා තිස්සො වෙදනා ඵස්සජා ඵස්සමූලකා ඵස්සනිදානා ඵස්සපච්චයා තජ්ජං තජ්ජං ඵස්සං පටිච්ච තජ්ජා තජ්ජා වෙදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස ඵස්සස්ස නිරොධා තජ්ජා තජ්ජා වෙදනා නිරුජ්ඣන්තීති.{2}
Sinhala BJTමහණෙනි, යම්සේ දඬු දෙකක ගැටීමෙන් එකතුවීමෙන් උණුසුම උපදී ද, ගින්න හටගනී ද. ඒ දඬු දෙකෙහි ම වෙන් වීමෙන් ඈත් වීමෙන් එයින් හටගත් යම් උණුසුමක් වේ නම් එය නිරුද්ධ වේ ද, එය සන්හිඳේ ද, මහණෙනි, එසෙයින් ම මේ වේදනා තුන ඵස්සයෙන් හටගත්තේ ය. ඵස්සය මුල් කොට ඇත්තේ ය. ඵස්සය නිදාන කොට ඇත්තේ ය. ඵස්සය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. එයින් එයින් හටගත් ඵස්සය එයින් එයින් හටගත් වේදනාව උපදී. එයින් එයින් හටගත් ඵස්සය නිරෝධයෙන් එයින් එයින් හටගත් වේදනා නිරුද්ධ වේ යි.
Pali BJTසගාථාවග්ගො පඨමො .
Sinhala BJTපළමුවැනි සගාථවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTසමාධි සුඛ පහානෙන පාතාලං දට්ඨබ්බෙන ච සල්ලෙන ව ගෙලඤ්ඤෙහි අනිච්ච ඵස්සමූලකාති.
Sinhala BJTසමාධි, සුඛ, පහාන, පාතාල, දට්ඨබ්බ, සල්ල යන සූත්‍ර සයය. ගෙලඤ්ඤසූත්‍ර දෙකය අනිච්චපස්සමූලක සූත්‍ර දෙක යයි සූත්‍ර දශයෙකි.
Pali BJT2. රහොගතවග්ගො
Sinhala BJT2. රහෝගත වර්‍ගය
Pali BJT2. 2. 1.
Sinhala BJT2. 2. 1.
Pali BJTරහොගතසුත්තං
Sinhala BJTරහෝගත සූත්‍රය
Pali BJT259. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: තිස්සො වෙදනා වුත්තා භගවතා. සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා තිස්සො වෙදනා වුත්තා භගවතා. වුත්තං ඛො පනෙතං භගවතා: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. කින්නු ඛො එතං භගවතා සන්ධාය භාසිතං; යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති.
Sinhala BJT259. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, “මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද, සුවවේදනාවය, දුක්වේදනාවය, මැදහත්වේදනාවය” යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. “යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ”යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ’යි යන මෙය කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි.
Pali BJTසාධු සාධු භික්ඛු, තිස්සො ඉමා භික්ඛු වෙදනා වුත්තා මයා. සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා, ඉමා තිස්සො වෙදනා වුත්තා මයා. වුත්තං ඛො පනෙතං භික්ඛු මයා යං කිඤ්චි වෙදයිතං තං{1} දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව අනිච්චතං සන්ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව{2} ඛයධම්මතං සන්ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව{2} වයධම්මතං සන්ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව විරාගධම්මතං සන්ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව නිරොධධම්මතං සන්ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති. තං ඛො පනෙතං භික්ඛු මයා සඞ්ඛාරානඤ්ඤෙව විපරිනාමධම්මතං සන්ධාය භාසිතං: යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති.
Sinhala BJTමහණ, මැනව, මැනව මහණ, මේ වේදනා තුනක් මවිසින් දෙසන ලදි. සුවවේදනාය, දුක්වේදනාය, මැදහත්වේදනාය යි. මේ වේදනා තුන මා විසින් දෙසන ලදී. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි මෙ ද මා විසින් දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම අනිස බව සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ක්‍ෂය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ව්‍යය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විරාගස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම නිරෝධස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විපරිණාමස්වභාවය සඳහා දෙසන ලදි.
Pali BJTඅථ ඛො පන භික්ඛු මයා අනුපුබ්බ{3}සඞ්ඛාරානං නිරොධො අක්ඛාතො. පඨමං ඣානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා නිරුද්ධා හොන්ති. තතියං ඣානං සමාපන්නස්ස පීති නිරුද්ධා හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා නිරුද්ධා හොන්ති. ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා නිරුද්ධා හොති. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති. ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුද්ධා හොති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො නිරුද්ධො හොති, දොසො නිරුද්ධො හොති, මොහො නිරුද්ධො හොති.
Sinhala BJTඑතෙකුදුවත් මහණ, මා විසින් සංස්කාරයන්ගේ අනුපූර්‍ව නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. දෙවන දැහැනට සමවන්නහුට විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙති. තුන් වන දැහැනට සමවන්නහුට ප්‍රීතිය නිරුද්ධ වූවා වෙයි. සිවුවන දැහැනට සමවන්නහුටආශ්වාසප්‍රශ්වාසයෝ නිරුද්ධ වූවාහු වෙති. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා නිරුද්ධ වූවා වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවා වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.
Pali BJTඅථ ඛො පන භික්ඛු මයා අනුපුබ්බසඞ්ඛාරානං වූපසමො අක්ඛාතො. පඨමං ඣානං සමාපන්නස්ස වාචා වූපසන්තා හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා වූපසන්තා හොන්ති, තතියං ඣානං සමාපන්නස්ස පීති වූපසන්තා හොති, චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා වූපසන්තා හොන්ති, ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා වූපසන්තා හොති, විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා වූපසන්තා හොති, ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා වූපසන්තා හොති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා වූපසන්තා හොති, සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච වූපසන්තා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො වූපසන්තො හොති, දොසො වූපසන්තො හොති, මොහො වූපසන්තො හොති.
Sinhala BJTවැලිදු මහණ, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සංහිඳීම පවසන ලද්දේ වේ. පළමුවන දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වේ. දෙවන දැහැනට සමවන්නහුට විතර්‍කවිචාර සන්සිඳුනේ වේ. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වේ. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්සිඳුනේ වේ. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා සන්සිඳුනේ වේ. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතනසංඥා සන්හිඳුනේ වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥා සන්සිඳුනේ වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥා සන්සිඳුනේ වේ. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්සිඳුනාහු වෙත්. රහත් මහණහුට රාගය සන්සිඳුනේ වේ. දෝසය සන්හිඳුනේ වේ. මෝහය සන්හිඳුනේ වේ.
Pali BJTඡයිමා භික්ඛු පස්සද්ධියො: පඨමං ඣානං සමාපන්නස්ස වාචා පටිප්පස්සද්ධා හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා පටිප්පස්සද්ධා හොන්ති. තතියං ඣානං සමාපන්නස්ස පීති පටිප්පස්සද්ධා හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා පටිප්පස්සද්ධා හොන්ති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච පටිප්පස්සද්ධා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො පටිප්පස්සද්ධො හොති, දොසො පටිප්පස්සද්ධො හොති, මොහො පටිප්පස්සද්ධො හොතීති.
Sinhala BJTමහණ, මේ සන්හිඳුම් සයෙකි. පළමුදැහැනට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. දෙවනදැහැනට සමවන්නහුට විතර්‍කවිචාර සන්සිඳුනේ වේ. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්සිඳුනේ වේ. සඤ්ඤා වේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වේ. දෝසය සන්හුන්නේ වේ. මෝහය සන්හුන්නේ වේ යි.
Pali BJT2. 2. 2.
Sinhala BJT2. 2. 2.
Pali BJTආකාසසුත්තං
Sinhala BJTආකාස සූත්‍රය
Pali BJT260. සෙය්යථාපි භික්ඛවෙ, ආකාසෙ විවිධා වාතා වායන්ති: පුරත්ථිමාපි වාතා වායන්ති, පච්ඡිමාපි වාතා වායන්ති, උත්තරාපි වාතා වායන්ති, දක්ඛිණාපි වාතා වායන්ති, සරජාපි වාතා වායන්ති, අරජාපි වාතා වායන්ති, සීතාපි වාතා වායන්ති, උණ්හාපි වාතා වායන්ති, පරිත්තාපි වාතා වායන්ති, අධිමත්තාපි වාතා වායන්ති. එවමෙව ඛො භික්ඛවෙ, ඉමස්මිං කායස්මිං විවිධා වෙදනා උප්පජ්ජන්ති: සුඛාපි වෙදනා උප්පජ්ජති, දුක්ඛාපි වෙදනා උප්පජ්ජති, අදුක්ඛමසුඛාපි වෙදනා උප්පජ්ජතී”ති.
Sinhala BJT260. මහණෙනි, යම්සේ අහසෙහි නන්වැදෑරුම් සුළං හමා ද, පෙරදිග සුළං ද හමයි. පැළදිග සුළං ද හමයි. උතුරුදිග සුළං ද හමයි. දකුණුදිග සුළං ද හමයි. දූලි සහිත සුළං ද හමයි. දූලි රහිත සුළං ද හමයි. සිහිල් සුළං ද හමයි. උණුසුම් සුළං ද හමයි. මඳ සුළං ද හමයි. අධික සුළං ද හමයි. මහණෙනි, එසෙයින් ම මේ සිරුරෙහි නන්වැදෑරුම් වේදනා උපදිත්. සුව වේදනාත් උපදිත්. දුක්වේදනා උපදිත්. මැදහත් වේදනා උපදිත්.
Pali BJTයථාපි වාතා ආකාසෙ වායන්ති විවිධා පුථු පුරත්ථිමා පච්ඡිමා චාපි උත්තරා අථ දක්ඛිණා.
Sinhala BJTයම්සේ අහසෙහි නන්වැදෑරුම් වූ බොහෝ සුළං හමා ද පෙරදිගින් හමන්නා වූ ද පැළදිගින් හමන්නා වූ ද උතුරුදිගින් හමන්නා වූ ද යළි දකුණු දිගින් හමන්නා වූ ද,
Pali BJTසරජා අරජා වාපි සීතා උණ්හා ච එකදා අධිමත්තා පරිත්තා ච පුථූ වායන්ති මාලුතා
Sinhala BJTදූලි සහිත වූ ද දූලි රහිත වූ ද සිසිල් වූ ද උණුසුම් වූ ද ඇතැම් දිනෙක අධික වූ ද මද වූ ද බොහෝ සුළං හමයි.
Pali BJTතථෙවිමස්මිං කායස්මිං සමුප්පජ්ජන්ති{1} වෙදනා සුඛදුක්ඛසමුප්පත්ති අදුක්ඛමසුඛා ච යා.
Sinhala BJTඑසෙයින් ම කයෙහි සුවදුක් උපදවන්නා වූ ද මැදහත් වූ ද යම් වේදනාවක් වේ නම් ඒ වේදනාවෝ උපදිත්.
Pali BJTයතො ච භික්ඛු ආතාපී සම්පජඤ්ඤං න රිඤ්චති{2} තතො සො{3} වෙදනා සබ්බා පරිජානාති පණ්ඩිතො.
Sinhala BJTමහණ, යම් කලෙක කෙලෙස් තවන වෙර ඇත්තේ මනා දැනීම නො හරී ද, එකල්හි පණ්ඩිත වූ හෙතෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.
Pali BJTසො වෙදනා පරිඤ්ඤාය දිට්ඨෙධම්මෙ අනාසවො කායස්ස භෙදා ධම්මට්ඨො සඞ්ඛ්යංනොපෙති{4} වෙදගූති.
Sinhala BJTහේ වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ දහම්හි පිහිටියේ නිවනට පැමිණියේ කාබුන් මරණින් මතු (සත්ත්‍ව) සඞ්ඛ්‍යාවට නො පැමිණේ යි.
Pali BJT2. 2. 3.
Sinhala BJT2. 2. 3.
Pali BJTදුතිය ආකාසසුත්තං
Sinhala BJTදුතිය ආකාස සූත්‍රය
Pali BJT261. සෙය්යථාපි භික්ඛවෙ ආකාසෙ විවිධා වාතා වායන්ති: පුරත්ථිමාපි වාතා වායන්ති -පෙ- අධිමත්තාපි වාතා වායන්ති. එවමෙව ඛො භික්ඛවෙ, ඉමස්මිං කායස්මිං විවිධා වෙදනා උප්පජ්ජන්ති, සුඛාපි වෙදනා උප්පජ්ජන්ති,{1} දුක්ඛාපි වෙදනා උප්පජ්ජන්ති,{1} අදුක්ඛමසුඛාපි වෙදනා උප්පජ්ජන්තී”ති.
Sinhala BJT261. මහණෙනි, යම්සේ අහසෙහි නන්වැදෑරුම් හුළං හමා ද, පෙරදිග හුළං ද හමයි. ... අධික හුළං ද හමයි. මහණෙනි, එසෙයින් ම මේ සිරුරෙහි නන්වැදෑරුම් වේදනා උපදිත්. සුවවේදනාත් උපදිත්. දුක්වේදනාත් උපදිත්. මැදහත්වේදනාත් උපදිත් යි.
Pali BJT2. 2. 4.
Sinhala BJT2. 2. 4.
Pali BJTඅගාරසුත්තං
Sinhala BJTඅගාර සූත්‍රය
Pali BJT262. සෙය්යථාපි භික්ඛවෙ ආගන්තුකාගාරං. තත්ථ පුරත්ථිමායපි දිසාය ආගන්ත්වා වාසං කප්පෙන්ති, පච්ඡිමාය පි දිසාය ආගන්ත්වා වාසං කප්පෙන්ති, උත්තරායපි දිසාය ආගන්ත්වා වාසං කප්පෙන්ති, දක්ඛිණායපි දිසාය ආගන්ත්වා වාසං කප්පෙන්ති. ඛත්තියාපි ආගන්ත්වා වාසං කප්පෙන්ති, බ්රාහ්මණාපි ආගන්ත්වා වාසං කප්පෙන්ති, වෙස්සාපි ආගන්ත්වා වාසං කප්පෙන්ති, සුද්දාපි ආගන්ත්වා වාසං කප්පෙන්ති.
Sinhala BJT262. මහණෙනි, යම්සේ ආගන්තුක ගෙයක් වේ ද, එහි පෙරදිගින් ද අවුත් වාසය කෙරෙති. පැළදිගින් ද අවුත් වාසය කෙරෙති. උතුරුදිගින් ද අවුත් වාසය කෙරෙති. දකුණුදිගින් ද අවුත් වාසය කෙරෙති. ක්‍ෂත්‍රියයෝත් අවුත් වාසය කෙරෙති. බ්‍රාහ්මණයෝත් අවුත් වාසය කෙරෙති. වෛශ්‍යයෝත් අවුත් වාසය කෙරෙති. ශුද්‍රයෝත් අවුත් වාසය කෙරෙති.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉමස්මිං කායස්මිං විවිධා වෙදනා උප්පජ්ජන්ති: සුඛාපි වෙදනා උප්පජ්ජන්ති, දුක්ඛාපි වෙදනා උප්පජ්ජන්ති, අදුක්ඛමසුඛාපි වෙදනා උප්පජ්ජන්ති. සාමිසාපි සුඛා වෙදනා උප්පජ්ජන්ති, නිරාමිසාපි සුඛා වෙදනා උප්පජ්ජන්ති, සාමිසාපි දුක්ඛා වෙදනා උප්පජ්ජන්ති, නිරාමිසාපි දුක්ඛා වෙදනා උප්පජ්ජන්ති, සාමිසාපි අදුක්ඛමසුඛා වෙදනා උප්පජ්ජන්ති. නිරාමිසාපි අදුක්ඛමසුඛා වෙදනා උප්පජ්ජතීති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම මේ කයෙහි විවිධ වේදනාවෝ උපදිති: සුවවේදනාත් උපදිති. දුක්වේදනාත් උපදිති. මැදහත් වේදනාත් උපදිති. සාමිස සැපවේදනාත් උපදිති. නිරාමිස සුවවේදනාත් උපදිති. සාමිස දුක්වේදනාත් උපදිති. නිරාමිස දුක්වේදනාත් උපදිති. සාමිස මැදහත්වේදනාත් උපදිති. නිරාමිස මැදහත්වේදනාත් උපදිති යි.
Pali BJT2. 2. 5.
Sinhala BJT2. 2. 5.
Pali BJTසන්තකසුත්තං
Sinhala BJTසන්තක සූත්‍රය
Pali BJT263. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: කතමා නු ඛො භන්තෙ වෙදනා? කතමො වෙදනා{2}සමුදයො? කතමො වෙදනානිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා? කො වෙදනාය අස්සාදො? කො{3} ආදීනවො? කිං{4} නිස්සරණන්ති?
Sinhala BJT263. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, වේදනාව කවරක් ද? වේදනාසමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරේ ද? වේදනාවෙහි ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
Pali BJTතිස්සො ඉමා ආනන්ද, වෙදනා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා වුච්චන්ති ආනන්ද, වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො ඵස්සනිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. යං වෙදනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං වෙදනාය අස්සාදො. යා වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං වෙදනාය ආදීනවො. යො වෙදනාය ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං වෙදනාය නිස්සරණං.
Sinhala BJTආනන්‍ද, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. ආනන්‍ද, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනාසමුදයය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමඟ ම වේදනානිරෝධගාමිනී පටිපදාව යි. එනම් - සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමෙක් ඡන්‍දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
Pali BJTඅථ ඛො පනානන්ද, මයා අනුපුබ්බසඞ්ඛාරානං නිරොධො අක්ඛාතො. පඨමං ඣානං සමාපන්නස්ස වාචා නිරුද්ධා හොති -පෙ- සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො නිරුද්ධො හොති, දොසො නිරුද්ධො හොති, මොහො නිරුද්ධො හොති. අථ ඛො පනානන්ද, මයා අනුපුබ්බසඞ්ඛාරානං වූපසමො අක්ඛාතො. පඨමං ඣානං සමාපන්න්යස වාචා වූපසන්තා හොති -පෙ- සඤ්ඤා වෙදයිතනිරොධං සමාපන්න්යස සඤ්ඤා ච වෙදනා ච වූපසන්තා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො වූපසන්තො හොති, දොසො වූපසන්තො හොති, මොහො වූපසන්තො හොති.
Sinhala BJTආනන්‍ද, වැලිදු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවාහු වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි. ආනන්‍ද, යලිදු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සන්හිඳීම පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වෙයි.
Pali BJTඅථ ඛො පනානන්ද, මයා අනුපුබ්බසඞ්ඛාරානං පස්සද්ධි{1} අක්ඛාතා. පඨමං ඣානං සමාපන්නස්ස වාචා පටිප්පස්සද්ධා හොති, දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා පටිප්පස්සද්ධා හොන්ති, තතියං ඣානං සමාපන්නස්ස පීති පටිප්පස්සද්ධා හොති, චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා පටිප්පස්සද්ධා හොන්ති, ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා පටිප්පස්සද්ධා හොති, විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා පටිප්පස්සද්ධා හොති. ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා පටිප්පස්සද්ධා හොති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා පටිප්පස්සද්ධා හොති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච පටිප්පස්සද්ධා හොන්ති. ඛීණාසවස්ස භික්ඛුනො රාගො පටිප්පස්සද්ධො හොති, දොසො පටිප්පස්සද්ධො හොති, මොහො පටිප්පස්සද්ධො හොතීති.
Sinhala BJTආනන්‍ද, වැලිදු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ පස්සද්ධිය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. දෙවන දැහැනට සමවන්නහුට විතර්‍කවිචාර සන්හුන්නේ වෙයි. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්හුන්නේ වෙයි. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්හුන්නේ වෙයි. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා සන්හුන්නී වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතනසංඥා සන්හුන්නී වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥා සන්හුන්නී වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥා සන්හුන්නී වේ. සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වේ. දෝසය සන්හුන්නේ වේ. මෝහය සන්හුන්නේ වේ යි.