Pali BJT243. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන කාපිලවත්ථවානං{4} සක්යානං නවං සන්ථාගාරං අචිරකාරිතං හොති, අනජ්ඣාවුත්ථං සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙන. අථ ඛො කාපිලවත්ථවා සක්යා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො කාපිලවත්ථවා සක්යා භගවන්තං එතදවොචුං:
Sinhala BJT243. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත් නුවර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි කිඹුල්වත් නුවර වැසි ශාක්‍යයන් විසින් අභිනව සන්‍ථාගාරයක් අලුත කරවන ලද්දේ වෙයි. මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ මිනිස් වූ කිසිවකු විසින් හෝ නො වෙසෙන ලද්දේ ය. එකල්හි කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් කිඹුල්වත් පුර ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:
Pali BJTඉධ භන්තෙ කාපිලවත්ථවානං සක්යානං නවං සන්ථාගාරං අචිරකාරිතං හොති, අනජ්ඣාවුත්ථං සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙ, තං භන්තෙ භගවා පඨමං පරිභුඤ්ජතු. භගවතා පඨමං පරිභුත්තං පච්ඡා කාපිලවත්ථවා සක්යා පරිභුඤ්ජිස්සන්ති; තදස්ස කාපිලවත්ථවානං සක්යානං දීඝරත්තං හිතාය සුඛායාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTවහන්ස, මෙහි කිඹුල්වත්පුර ශාක්‍යයන් විසින් අභිනව සන්‍ථාගාරයක් අලුත කරවන ලද්දේ වෙයි. මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ මිනිස් වූ කිසිවකු විසින් හෝ නො වෙසෙන ලද්දේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එය පළමු කොට පරිභෝග කරන සේක්වා භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු කොට පරිභෝග කරන ලද්දේ පසු ව කිඹුල්වත්පුර ශාක්‍යයෝ පරිභෝග කරන්නාහ. එය කිඹුල්වත්පුර ශාක්‍යයන්ට දිගුකලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ යයි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූ සේක.
Pali BJTඅථ ඛො කාපිලවත්ථවා සක්යා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන නවං සන්ථාගාරං තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා සබ්බසන්ථරිං සන්ථාගාරං සන්ථරාපෙත්වා{1} ආසනානි පඤ්ඤාපෙත්වා උදකමණිකං පතිට්ඨාපෙත්වා තෙලප්පදීපං ආරොපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං: සබ්බසන්ථරිසන්ථතං භන්තෙ සන්ථාගාරං, ආසනානි පඤ්ඤත්තානි උදකමණිකො පතිට්ඨාපිතො, තෙලප්පදීපො ආරොපිතො යස්ස දානි භගවා කාලං මඤ්ඤතීති.{2}
Sinhala BJTඑකල්හි කිඹුල්වත්පුර ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට අලුත් සන්‍ථාගාරය වෙත එළඹියහ. එළඹ සන්‍ථාගාරය සියලු ඇතිරීම් අතුරවා අසුන් පනවා මහදියසැළියක් පිහිටුවා තෙල්පහන් නගා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, සන්‍ථාගාරය සියලු ඇතිරීම් අතුරන ලදී. අසුන් පනවන ලදී. මහදියසැළියක් තබවන ලද්දේ ය. තෙල්පහනත් දල්වන ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ දැන් යමකට කල් දන්නා සේක් නම් මැනවැ යි.
Pali BJTඅථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරං ආදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන නවං සන්ථාගාරං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා මජ්ඣිමථම්භං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි. භික්ඛුසඞ්ඝොපි ඛො පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පච්ඡිමං භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි භගවන්තඤ්ඤෙව පුරක්ඛත්වා. කාපිලවත්ථවාපි ඛො සක්යා පාදෙ පක්ඛාලෙත්වා සන්ථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡිමාභිමුඛා{3} නිසීදිංසු භගවන්තඤ්ඤෙව පුරක්ඛත්වා.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරව පාසිවුරු ගෙන බික්සඟන සමඟ අලුත් සන්‍ථාගාරය වෙත එළඹුණු සේක. එළඹ පා සෝදා සන්‍ථාගාරයට පිවිස මැඳුම් ටැඹ නිසා පෙරදිගට අභිමුඛ ව වැඩහුන් සේක. බික්සඟන ද පා සෝදා සන්‍ථාගාරයට පිවිස පැසුළුබිත නිසා පෙරදිගට අභිමුඛ ව භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට වැඩහුන්හ. කිඹුල්වත්පුර ශාක්‍යයෝ ද පා සෝදා සන්‍ථාගාරයට පිවිස පෙරදිග බිත නිසා පැසුළුදිගට අභිමුඛ ව භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හුන්හ.
Pali BJTඅථ ඛො භගවා කාපිලවත්ථවෙ සක්යෙ බහුදෙව රත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උය්යොජෙසි: ‘අභික්කන්තා ඛො ගොතමා{4} රත්ති යස්සදානි කාලං මඤ්ඤථා’ති. ‘එවම්භන්තෙ’ති ඛො කාපිලවත්ථවා සක්යා භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර ශාක්‍යයන් රෑබොහෝ වේලාවක් මුළුල්ලෙහි දැහැමිකථාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙදගන්වා සතුටු කරවා ‘ගෞතමයෙනි, රෑපෙරයම ඉක්ම ගියේ ය. යමකට දැන් කල් දනිවු නම් මැනවැ යි පිටත් කළ සේක. කිඹුල්වත්පුර ශාක්‍යයෝ එසේ ය වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියහ.
Pali BJTඅථ ඛො භගවා අචිරපක්කන්තෙසු කාපිලවත්ථෙවෙසු සක්යෙසු ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තෙසි: විගතථිනමිද්ධො ඛො මොග්ගල්ලාන, භික්ඛුසඞ්ඝො. පටිභාතු තං මොග්ගල්ලාන, භික්ඛූනං ධම්මී කථා. පිට්ඨි මෙ ආගිලායති{5} තමහං ආයමිස්සාමීති. එවම්භන්තෙති ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය, සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර ශාක්‍යයන් ගිය නොබෝ වේලාවකින් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ඇමතූ සේක. මොග්ගල්ලාන, බික්සඟන පහ වූ ථීනමිද්ධ ඇත්තේ ය. මොග්ගල්ලාන, භික්‍ෂූන්ට දැහැමි කතාවක් තොපට වැටහේවා. මාගේ පිට මඳක් රිදෙයි, එහෙයින් මම එය සන්සිඳුවාගන්නෙමි යි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුගුණු කොට පනවා පියෙහි පිය මදක් හයා තබා සිහි ඇති ව මනානුවණ ඇති ව නැගී සිටිමි යන හැඟීම මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කළ සේක.
Pali BJTතත්ර ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛූ ආමන්තෙසි ‘ආවුසො භික්ඛවො’ති. ආවුසො ති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
Sinhala BJTඑහිදී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඇවැත්නි, මහණෙනි යි භික්‍ෂූන් ඇමතූහ. ඇවැත්නි යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
Pali BJTඅවස්සුතපරියායඤ්ච වො ආවුසො දෙසිස්සාමි, අනවස්සුතපරියායඤ්ච. තං සුණාථ. කථඤ්චාවුසො අවස්සුතො හොති: ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ අධිමුච්චති, අප්පියරූපෙ රූපෙ බ්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTඇවැත්නි, කෙලෙස් වැගිරෙන්නහුගේ හේතුවත් කෙලෙස් නොවැගිරෙන්නහුගේ හේතුවත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. ඇවැත්නි, කෙසේ නම් කෙලෙස් වැගිරෙන්නේ වේ ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි ඇලෙයි ප්‍රියස්වරූප නො වූ රූපයෙහි කිපෙයි, නො එළඹ සිටි කාගියා සිහි ඇති ව වෙසෙයි. යම් තැනෙක ඔහුට උපන් ඒ ලාමක අකුසල්දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී.
Pali BJTසොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ අධිමුච්චති, අප්පිය රූපෙ ධම්මෙ බ්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති; අයං වුච්චතාවුසො භික්ඛු අවස්සුතො චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අවස්සුතො සොතවිඤ්ඤෙය්යෙසු සද්දෙසු, අවස්සුතො ඝානවිඤ්ඤෙය්යෙසු ගන්ධෙසු, අවස්සුතො ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු, අවස්සුතො කායවිඤ්ඤෙය්යෙසු ඵොට්ඨබ්බෙසු, අවස්සුතො මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු.
Sinhala BJTකනින් සද අසා … නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන ප්‍රියස්වරූප වූ දහම්හි ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේ මද සිත් ඇත්තේ වෙසෙයි. යම් තැනෙක ඔහුට උපන් ඒ ලාමක අකුසල්දහම්හු නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනියි. ඇවැත්නි, මේ මහණ ඇසින් දත යුතු රූපයෙහි කෙලෙස් වැගිරෙන්නේ කනින් දත යුතු සදෙහි කෙලෙස් වැගිරෙන්නේ නැහැයෙන් දත යුතු ගඳෙහි කෙලෙස් වැගිරෙන්නේ දිවෙන් දත යුතු රසයෙහි කෙලෙස් වැගිරෙන්නේ කයින් දත යුතු පහස්හි කෙලෙස් වැගිරෙන්නේ සිතින් දත යුතු දහම්හි කෙලෙස් වැගිරෙන්නේ යයි කියනු ලැබේ.
Pali BJTඑවං විහාරිං චාවුසො භික්ඛුං චක්ඛුතො චෙපි නං මාරො උපසඞ්කමති, ලභතෙව මාරො ඔතාරං ලභති මාරො ආරම්මණං; සොතතො චෙපි නං -පෙ- ඝානතො චෙපි නං -පෙ- ජිව්හාතො චෙපි නං -පෙ- කායතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ්කමති, ලභතෙව මාරො ඔතාරං ලභති මාරො ආරම්මණං.
Sinhala BJTඇවැත්නි, මෙසේ වසන ඒ මහණහු කරා ඉදින් ඇසිනු දු මරු එළඹෙන්නේ නම් මරු ඉඩක් ලබා ම ය, මරු අරමුණක් ලබා ම ය. ඉදින් කනිනුදු ඔහු වත … ඉදින් නැහැයෙනුදු ඔහු වෙත ... ඉදින් දිවෙනුදු ඔහු වෙත ... ඉදින් කයෙනුදු ඔහු වෙත … ඉදින් සිතෙනුදු ඔහු වෙත මාරු එළඹේ නම් මරු ඉඩක් ලබා ම ය, මරු අරමුණක් ලබා ම ය.
Pali BJTසෙය්යථාපි ආවුසො නළාගාරං වා තිණාගාරං වා සුක්ඛං කොලාපං තෙරොවස්සිකං පුරත්ථිමාය චෙපි නං දිසාය පුරිසො ආදිත්තාය තිණුක්කාය උපසඞ්කමෙය්ය; ලභෙථෙව අග්ගි ඔතාරං, ලභෙථ අග්ගි ආරම්මණං. පච්ඡිමාය චෙපි නං දිසාය පුරිසො ආදිත්තාය තිණුක්කාය උපසඞ්කමෙය්ය -පෙ- උත්තරාය චෙපි නං දිසාය -පෙ- දක්ඛිණාය චෙපි නං දිසාය -පෙ- හෙට්ඨතො චෙපි නං -පෙ- උපරිතො චෙපි නං -පෙ- යතො කුතො චෙපි නං පුරිසො, ආදිත්තාය තිණුක්කාය උපසඞ්කමෙය්ය; ලභෙථෙව අග්ගි ඔතාරං, ලභෙථ අග්ගි ආරම්මණං.
Sinhala BJTඇවැත්නි, යම්සේ වියලුණු තෙත රහිත බොහෝ වස් ගණන් ගත වූ බට ගෙයක් හෝ තණ ගෙයක් හෝ වේ ද, ඉදින් පුරුෂයෙක් ඇවිළගත් තණසුලකින් යුතු ව පෙරදිගිනුදු එය වෙත එළඹෙන්නේ නම්, ගින්න ඉඩක් ලබන්නේ ම ය. ගින්න අරමුණක් ලබන්නේ ම ය. ඉදින් පුරුෂයෙක් අවිළගත් තණසුලකින් යුතු ව පැසුළු දිගිනුදු එය වෙත එළඹෙන්නේ නම් ... ඉදින් උතුරු දිගිනුදු එය වෙත … ඉදින් දකුණු දිගිනුදු එය වෙත ... ඉදින් යටිනුදු එය වෙත ... ඉදින් උඩිනුදු එය වෙත ... ඉදින් පුරුෂයෙක් ඇවිළගත් තණසුලකින් යුතු ව යම් කොයිනුදු එය වෙත එළඹෙන්නේ නම් ගින්න ඉඩක් ලබන්නේ ම ය. ගින්න අරමුණක් ලබන්නේ ම ය.
Pali BJTඑවමෙව ඛො ආවුසො එවං විහාරිං භික්ඛුං චක්ඛුතො චෙපි නං මාරො උපසඞ්කමති; ලභතෙව මාරො ඔතාරං, ලභති මාරො ආරම්මණං. සොතතො චෙපි නං -පෙ- ඝානතො චෙපි නං -පෙ- ජිව්හාතො චෙපි නං -පෙ- කායතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ්කමති ලභතෙව මාරො ඔතාරං, ලභති මාරො ආරම්මණං. එවං විහාරිං චාවුසො භික්ඛුං රූපා අධිභංසු, න භික්ඛු රූපෙ අධිභොසි; සද්දා භික්ඛුං අධිභංසු, න භික්ඛු සද්දෙ අධිභොසි; ගන්ධා භික්ඛුං අධිභංසු, න භික්ඛුං ගන්ධෙ අධිභොසි; රසා භික්ඛුං අධිභංසු, න භික්ඛු රසෙ අධිභොසි; ඵොට්ඨබ්බා භික්ඛුං අධිභංසු, න භික්ඛු ඵොට්ඨබ්බෙ අධිභොසි; ධම්මා භික්ඛුං අධිභංසු, න භික්ඛු ධම්මෙ අධිභොසි;
Sinhala BJTඇවැත්නි, එසෙයින් ම මෙසේ වසන ඒ මහණහු වෙත ඉදින් ඇසිනුදු මරු එළඹේ නම් මරු ඉඩක් ලබා ම ය. මරු අරමුණක් ලබා ම ය. ඉදින් කනිදුනු ඔහු වෙත ... ඉදින් නැහැයෙනුදු ඔහු වෙත … ඉදින් දිවෙනුදු ඔහු වෙත … ඉදින් කයිනුදු ඔහු වෙත … ඉදින් සිතිනුදු ඔහු වෙත මරු එළඹේ නම් මරු ඉඩක් ලබා ම ය. මරු අරමුණක් ලබා ම ය. ඇවැත්නි, රූපයෝ මෙසේ වසන මහණ මැඩලූහ. මහණ රූ නො මැඩලී ය. සදහු මහණ මැඩලූහ. මහණ සද නො මැඩලූහ. ගඳහු මහණ මැඩලූහ. මහණ ගඳ නො මැඩලී ය. රසහු මහණ මැඩලූහ. මහණ රස නො මැඩලී ය. පහස්හු මහණ මැඩලූහ. මහණ පහස් නො මැඩලී ය. දහම්හු මහණ මැඩලූහ. මහණ දහම් නො මැඩලී ය.
Pali BJTඅයං වුච්චතාවුසො භික්ඛු රූපාධිභූතො{1} සද්දාධිභූතො ගන්ධාධිභූතො රසාධිභූතො ඵොට්ඨබ්බාධිභූතො ධම්මාධිභූතො, අධිභූතො අනධිභූ අධිභංසු නං පාපකා අකුසලා ධම්මා සඞ්කිලෙසිකා පොනොභවිකා{2} සදරා දුක්ඛවිපාකා ආයතිං{3} ජාති ජරාමරණියා. එවං ඛො ආවුසො අවස්සුතො හොති.
Sinhala BJTඇවැත්නි, මේ මහණ රුවින් මඩනා ලද්දේ සදින් මඩනා ලද්දේ ගඳින් මඩනා ලද්දේ රසින් මඩනා ලද්දේ පහසින් මඩනා ලද්දේ දහමින් මඩනා ලද්දේ යටපත් කරන ලද්දේ තෙමේ යටපත් නො කෙළේ ය යි කියනු ලැබේ. කෙලෙසුම් සහිත පුනර්‍භවය ඇතිකරන දැවිලි සහිත දුක් විපාක ඇති මතු ජාතිජරාමරණ උපදවන ලාමක අකුසල් දහම්හු ඔහු මැඩලූහ. ඇවැත්නි, මෙසේ කෙලෙස් වැගිරෙන්නේ වේ.
Pali BJTකථඤ්චාවුසො අනවස්සුතො හොති: ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ නාධිමුච්චති, අප්පියරූපෙ රූපෙ න ව්යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති;
Sinhala BJTඇවැත්නි, කෙසේ නම් කෙලෙස් නො වැගිරෙන්නේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි නො ඇලෙයි. නො අප්‍රිය ස්වරූප වූ රූපයෙහි නො කිපෙයි. එළඹසිටි කාගියාසිහි ඇත්තේ අප්‍රමාණ (මග) සිත් ඇත්තේ වෙසෙයි. ඔහුට උපන් අකුසල් දහම්හු යම් තැනක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ දනි.
Pali BJTසොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ නාධිමුච්චති, අප්පියරූපෙ ධම්මෙ න ව්යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණ චෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. අයං වුච්චතාවුසො භික්ඛු අනවස්සුතො චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු -පෙ- අනවස්සුතො ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු -පෙ- අනවස්සුතො මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු.
Sinhala BJTකනින් සද අසා ... නැහැයෙන් ගඳගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන ප්‍රිය ස්වරූප වූ දහම්හි නො ඇලෙයි. ප්‍රිය ස්වරූප නොවූ දහම්හි නො කිපෙයි, එළඹසිටි කාගියා සිහි ඇත්තේ අප්‍රමාණ සිත් ඇත්තේ වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ දනි. මහණෙනි, මේ මහණ ඇසින් දතයුතු රූපයෙහි කෙලෙස් නො වැගිරෙන්නේ … දිවෙන් දත යුතු රසෙහි කෙලෙස් නො වැගිරෙන්නේ ... සිතින් දතයුතු දහම්හි කෙලෙස් නො වැගිරෙන්නේ ය යි කියනු ලැබේ.
Pali BJTඑවං විහාරිං චාවුසො භික්ඛුං චක්ඛුතො චෙපි නං මාරො උපසඞ්කමති, නෙව ලභති මාරො ඔතාරං, න ලභති මාරො ආරම්මණං; සොතතො චෙපි නං -පෙ- ඝානතො චෙපි නං -පෙ- ජිව්හාතො චෙපි නං -පෙ- කායතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ්කමති, නෙව ලභති මාරො ඔතාරං, න ලභති මාරො ආරම්මණං.
Sinhala BJTඇවැත්නි, මෙසේ වසන ඒ මහණහු වෙත ඉදින් ඇසිනුදු මරු එළඹේ නම් මරු ඉඩක් නො ම ලබයි. මරු අරමුණක් නො ම ලබයි. ඉදින් කනිනුදු ඔහු වෙත ... ඉදින් නැහැයෙනුදු ඔහුවෙත ... ඉදින් දිවෙනුදු ඔහු වෙත ... ඉදින් කයෙනුදු ඔහු වෙත ... ඉදින් සිතිනුදු ඔහු වෙත මරු එළඹේ නම් මරු ඉඩක් නො ම ලබයි මරු අරමුණක් නො ම ලබයි.
Pali BJTසෙය්යථාපි ආවුසො, කූටාගාරකා වා කූටාගාරසාලා වා{1} බහලමත්තිකා අද්දාවලිම්පනා.{2} පුරත්ථිමාය චෙපි නං දිසාය පුරිසො ආදිත්තාය තිණුක්කාය උපසඞ්කමෙය්ය, නෙව ලභෙථ අග්ගි ඔතාරං න ලභෙථ අග්ගි ආරම්මණං; පච්ඡිමාය චෙපි නං දිසාය -පෙ- උත්තරාය චෙපි නං දිසාය -පෙ- දක්ඛිණාය චෙපි නං දිසාය -පෙ- හෙට්ඨතො චෙපි නං -පෙ- උපරිතො චෙපි නං -පෙ- යතො කුතො චෙපි නං පුරිසො ආදිත්තාය තිණුක්කාය උපසඞ්කමෙය්ය, නෙව ලභෙථ අග්ගි ඔතාරං, න ලභෙථ අග්ගි ආරම්මණං.
Sinhala BJTඇවැත්නි, යම්සේ ඝන මැටි ඇති තෙත් මැටියෙන් ආලේප කළ කුළුගෙයක් හෝ කුළුගේ හලක් හෝ වේ ද ඉදින් පුරුෂයෙක් ඇවිළගත් තණහුලකින් යුතු ව පෙරදිගිනුදු එය වෙත එළඹෙන්නේ නම් ගින්න ඉඩක් නො ම ලබන්නේ ය. ගින්න අරමුණක් නො ම ලබන්නේ ය, ඉදින් පැසුළු දිගිනුදු එය වෙත ... ඉදින් උතුරු දිගිනුදු එය වෙත ... ඉදින් දකුණු දිගිනුදු එය වෙත … ඉදින් යටිනුදු එය වෙත ... ඉදින් උඩිනුදු එය වෙත ... ඉදින් පුරුෂයෙක් ඇවිළගත් තණසුලකින් යුතු ව යම් කොයිනුදු එය වෙත එළඹෙන්නේ නම් ගින්න ඉඩක් නො ම ලබන්නේය, ගින්න අරමුණක් නො ම ලබන්නේ ය.
Pali BJTඑවමෙව ඛො ආවුසො, එවං විහාරිං භික්ඛුං චක්ඛුතො චෙපි නං මාරො උපසඞ්කමති, නෙව ලභති මාරො ඔතාරං, න ලභති මාරො ආරම්මණං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ්කමති නෙව ලභති මාරො ඔතාරං න ලභති මාරො ආරම්මණං. එවං විහාරී චාවුසො භික්ඛු රූපෙ අධිභොසි, න රූපා භික්ඛුං අධිභංසු; සද්දෙ භික්ඛු අධිභොසි, න සද්දා භික්ඛුං අධිභංසු; ගන්ධෙ භික්ඛු අධිභොසි, න ගන්ධා භික්ඛුං අධිභංසු; රසෙ භික්ඛු අධිභොසි, න රසා භික්ඛුං අධිභංසු; ඵොට්ඨබ්බෙ භික්ඛු අධිභොසි, න ඵොට්ඨබ්බා භික්ඛුං අධිභංසු; ධම්මෙ භික්ඛු අධිභොසි, න ධම්මා භික්ඛුං අධිභංසු;
Sinhala BJTඇවැත්නි, එසෙයින් ම මෙසේ වසන ඒ මහණහු වෙත ඉදින් ඇසිනුදු මරු එළඹේ නම් මරු ඉඩක් නො ම ලබයි. මරු අරමුණක් නො ම ලබයි … ඉදින් සිතිනුදු මරු එළඹේ නම් මරු ඉඩක් නො ම ලබයි. මරු අරමුණක් නො ම ලබයි. ඇවැත්නි, මෙසේ වසන ඒ මහණ රූ මැඩලී ය. රූහු මහණ නො මැඩලූහ. මහණ සද මැඩලී ය. සදහු මහණ නො මැඩලූහ. මහණ ගඳ මැඩලී ය. ගඳහු මහණ නො මැඩලූහ. මහණ රස මැඩලී ය. රසයෝ මහණ නො මැඩලූහ. මහණ පහස් මැඩලී ය. පහස්හු මහණ නොමැඩලූහ. මහණ දහම් මැඩලී ය. දහම්හු මහණ නො මැඩලූහ.
Pali BJTඅයං වුච්චතාවුසො භික්ඛු රූපාධිභූ සද්දාධිභූ ගන්ධාධිභූ රසාධිභූ ඵොට්ඨබ්බාධිභූ ධම්මාධිභූ; අධිභූ, අනධිභූතො අධිභොසි තෙ පාපකෙ අකුසලෙ ධම්මෙ සංකිලෙසිකෙ පොනොභවිකෙ සදරෙ දුක්ඛවිපාකෙ ආයතිං ජාතිජරාමරණිකෙ. එවං ඛො ආවුසො අනවස්සුතො හොතීති.
Sinhala BJTඇවැත්නි, මේ මහණ රූ මැඩලූයේ සද මැඩලූයේ ගඳ මැඩලූයේ රස මැඩලූයේ පහස් මැඩලූයේ දහම් මැඩලූයේ (සියල්ල) මැඩලූයේ නො මඩනා ලද්දේ කෙලෙසුන් සහිත පුනර්‍භවය ඇති කරන දැවිලි සහිත දුක්විපාක ඇති මතු ජාති ජරා මරණ උපදවන ඒ ලාමක අකුසල් දහම් මැඩලී ය යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ කෙලෙස් නො වැගිරෙන්නේ වේ යි.
Pali BJTඅථ ඛො භගවා වුට්ඨහිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තෙසි: සාධු සාධු මොග්ගල්ලාන, සාධු{3} ඛො ත්වං මොග්ගල්ලාන භික්ඛූනං අවස්සුතපරියායඤ්ච අනවස්සුතපරියායඤ්ච අභාසීති. ඉදමවොච ආයස්මා මහාමොග්ගල්ලානො. සමනුඤ්ඤො සත්ථා අහොසි. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දිංසූති.{4}
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් මහාමොග්ගල්ලාන, තෙරුන් ඇමතූ සේක. මොග්ගල්ලාන, මැනවි, මැනවි. මොග්ගල්ලාන, තෙපි මහණුන්ට කෙලෙස් වැගිරෙන්නහුගේ හේතුවත් කෙලෙස් නො වැගිරෙන්නහුගේ හේතුවත් කීහු මැනවි යි. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ. ශාස්තෲන් වහන්සේ අනුදත් සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුණුවන්ගේ දේශනාව පිළිගත්හ යි.
Pali BJT1. 19. 7.
Sinhala BJT1. 19. 7.
Pali BJTදුක්ඛධම්මසුත්තං
Sinhala BJTදුක්ඛධම්ම සූත්‍රය
Pali BJT244. යතො ඛො භික්ඛවෙ භික්ඛු සබ්බෙසං යෙව දුක්ඛධම්මානං සමුදයඤ්ච{5} අත්ථගමඤ්ච යථාභූතං පජානාති. තථා ඛො පනස්ස කාමා දිට්ඨා හොන්ති, යථාස්ස කාමෙ පස්සතො යො කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපරිළාහො සො නානුසෙති. තථා ඛො පනස්ස චාරො ච විහාරො ච අනුබුද්ධො හොති, යථා චරන්තං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා නානුස්සවන්ති.
Sinhala BJT244. මහණෙනි, මහණ යම් කලෙක සියලු ම දුක්දහමුන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, යම් පරිද්දකින් කාමයන් දක්නා ඔහුට කාමයන්හි ආශාවෙක් කාමයන්හි සතුටු වීමෙක් කාමයන්හි මුසපත් වීමෙක් කාමයන්හි දැවිල්ලෙක් වේ නම් එය නො නැසී පවතී ද, එපරිද්දෙන් ඔහු විසින් කාමයෝ දක්නා ලද්දාහු වෙති. අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල්දහම්හු යම්පරිද්දකින් හැසිරෙන්නහු වෙසෙන්නහු අනුව වැගිරෙත් නම් එපරිද්දෙන් හැසිරීමත් විසීමත් ඔහු විසින් අවබෝධ කරන ලද්දේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සබ්බෙසංයෙව දුක්ඛධම්මානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති ඉති රූපං, ඉතිරූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථගමො; ඉති සඤ්ඤා -පෙ- ඉති සඤ්ඤාය අත්ථගමො ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථගමො; ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු සබ්බෙසංයෙව දුක්ඛධම්මානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ සියලු ම දුක් දහමුන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනි ද යත්: රූපය මෙසේ ය. රූපයේ හටගැන්ම මෙසේ ය රූපයේ අස්තඞ්ගමය මෙසේ ය. වේදනාව මෙසේ ය. වේදනාවේ හටගැන්ම මෙසේ ය. වේදනාවේ අස්තඞ්ගමය මෙසේ ය. සඤ්ඤාව මෙසේ ය. සඤ්ඤාවේ හටගැන්ම මෙසේ ය. සඤ්ඤාවේ අස්තඞ්ගමය මෙසේ ය. සඞ්ඛාර මෙසේ ය. සඞ්ඛාරයන්ගේ හටගැන්ම මෙසේ ය. සඞ්ඛාරයන්ගේ අස්තඞ්ගමය මෙසේ ය. විඤ්ඤාණය මෙසේ ය. විඤ්ඤාණයේ හටගැන්ම මෙසේ ය. විඤ්ඤාණයේ අස්තඞ්ගමය මෙසේ ය යි. මහණෙනි, මෙසේ මහණ සියලු ම දුක්දහමුන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛුනො කාමා දිට්ඨා හොන්ති යථාස්ස කාමෙ පස්සතො යො කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපරිළාහො සො නානුසෙති. සෙය්යථාපි භික්ඛවෙ අඞ්ගාරකාසු සාධිකපොරිසා පුණ්ණා අඞ්ගාරානං වීතච්චිකානං වීතධූමානං. අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො. තමෙනං ද්වෙ බලවන්තො පුරිසා නානාබාහාසු ගහෙත්වා තං අඞ්ගාරකාසුං උපකඩ්ඪෙය්යුං. සො ඉති චිති චෙව{1} කායං සන්නාමෙය්ය. තං කිස්ස හෙතු ඤාතං හි{2} භික්ඛවෙ තස්ස පුරිසස්ස හොති: ‘ඉමඤ්චාහං අඞ්ගාරකාසුං පපතිස්සාමි,{3} තතොනිදානං මරණං වා නිගච්ඡාමි{4} මරණමත්තං වා දුක්ඛ’න්ති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛුනො අඞ්ගාරකාසූපමා කාමා දිට්ඨා හොන්ති, යථාස්ස කාමෙ පස්සතො, යො කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපරිළාහො සො නානුසෙති.
Sinhala BJTමහණෙනි, යම් පරිද්දකින් කාමයන් දක්නා ඔහුට කාමයන්හි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමූර්ඡායෙක් කාමපරිදාහයෙක් වේ නම් එය නො නැසී පවතී ද (එපරිද්දෙන්) කෙසේ නම් මහණහු විසින් කාමයෝ දක්නා ලද්දාහු වෙත් ද යත්: මහණෙනි, යම් සේ පහ වූ ගිනිසිළු ඇති පහ වූ දුම් ඇති අඟුරුවලින් පිරුණු පුරිස් පමණින් වැඩි අඟුරු වළෙක් වේ ද, එකල්හි ජීවත්වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඒ මොහු වෙන් වෙන්ව අත්හි ගෙන ඒ අඟුරුවළ කරා අදනාහු ය. හෙතෙමේ මෙසේත් මෙසේත් කය නමන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ පුරුෂයා විසින් “මම මේ අඟුරුවළට වැටෙන්නෙම් නම් ඒ හේතු කොට ගෙන මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙමි යි දන්නා ලද්දේ ම වෙයි. (එහෙයිනි) මහණෙනි, එසෙයින් ම යම් පරිද්දකින් කාමයන් දක්නා වූ ඔහුට කාමයන්හි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමූර්ඡායෙක් කාමපරිදාහයෙක් වේ නම් එය නො සිඳී පවතී ද, (එපරිද්දෙන් ම) මහණහු විසින් අඟුරුවළ උපමා කොට ඇති කාමයෝ දක්නා ලද්දාහු වෙති.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛුනො චාරො ච විහාරො ච අනුබුද්ධො හොති, යථා චරන්තං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා නානුස්සවන්ති, සෙය්යථාපි භික්ඛවෙ පුරිසො බහුකණ්ටකං දායං පවිසෙය්ය; තස්සස්ස පුරතොපි{5} කණ්ටකො, පච්ඡතො පි කණ්ටකො, උත්තරතොපි කණ්ටකො, දක්ඛිණතොපි කණ්ටකො, හෙට්ඨතොපි කණ්ටකො, උපරිතොපි කණ්ටකො. සො සතො ව{6} අභික්කමෙය්ය සතො පටික්කමෙය්ය; මා මං කණ්ටකොති. එවං ඛො භික්ඛවෙ යං ලොකෙ පියරූපං සාතරූපං අයං වුච්චති අරියස්ස විනයෙ කණ්ටකො; තං කණ්ටකොති ඉති විදිත්වා සංවරො ච අසංවරො ච වෙදිතබ්බො.
Sinhala BJTමහණෙනි, අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු යම් පරිදකින් හැසිරෙන්නාහු වෙසෙන්නහු අනුව වැගිරෙත් නම් (එපරිද්දෙන්) මහණහු විසින් කෙසේ නම් හැසිරීමත් විසීමත් අවබෝධ කරන ලද්දේ වේ ද යත්: මහණෙනි, යම්සේ පුරුෂයෙක් බොහෝ කටු ඇති වනයකට පිවිසෙන්නේ ද, ඔහු ඉදිරියෙනු දු කටු වන්නේ ය. පිටිපසිනු දු කටු වන්නේ ය. උතුරෙනු දු කටු වන්නේ ය. දකුණෙනු දු කටු වන්නේ ය. යටිනු දු කටු වන්නේ ය. උඩිනු දු කටු වන්නේ ය. හෙතෙමේ කටු මා නහමක් පෙළාවා යි සිහි ඇත්තේ ම ඉදිරියට යන්නේ ය. සිහි ඇත්තේ ම පෙරළා එන්නේ ය. මහණෙනි, මෙසේ ලොව යමක් පියදෑ නම් මිහිරිදෑ නම් මෙය සස්නෙහි කටු යයි කියනු ලැබේ. එය කටු යයී මෙසේ දැන සංවරයත් අසංවරයත් දත යුත්තේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ අසංවරො හොති ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ අධිමුච්චති, අප්පියරූපෙ රූපෙ ව්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති; සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ-
Sinhala BJTමහණෙනි, කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි ඇලේ ප්‍රියස්වරූප නො වූ රූපයෙහි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මද සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී. කනින් සද අසා … නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විඳ … කයින් පහස පැහැස …
Pali BJTමනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ අධිමුච්චති, අප්පියරූපෙ ධම්මෙ ව්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති. එවං ඛො භික්ඛවෙ අසංවරො හොති.
Sinhala BJTසිතින් දහම් දැන ප්‍රිය ස්වරූප වූ දහම්හි ඇලෙයි. ප්‍රිය ස්වරූප නො වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කාගියාසිහි ඇත්තේත් මඳසිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී. මහණෙනි, මෙසේ අසංවර වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ සංවරො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ නාධිමුච්චති, අප්පියරූපෙ රූපෙ න ව්යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති; සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ නාධිමුච්චති, අප්පියරූපෙ ධම්මෙ න ව්යාපජ්ජති, උපට්ඨිතකායස්සති ච විහරති අප්පමාණ චෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති; එවං ඛො භික්ඛවෙ සංවරො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් සංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූහි නො ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ රූපයෙහි නො කිපෙයි. එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ දනී. කනින් සද අසා … නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විඳ … කයින් පහස් පැහැස … සිතින් දහම් දැන පියදෑ වූ දහම්හි නො ඇලෙයි. නො පිය වූ දහම්හි නො කිපෙයි. එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිහි ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ඒ ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතු සේ දනී. මහණෙනි මෙසේ සංවර වේ.
Pali BJTතස්ස චෙ භික්ඛවෙ, භික්ඛුනො එවං චරතො එවං විහරතො කදාචි කරහචි සතිසම්මොසා උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා, දන්ධො භික්ඛවෙ, සතුප්පාදො. අථ ඛො නං{1} ඛිප්පමෙව පජහති විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති.
Sinhala BJTමහණෙනි, මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණහට ඉදින් කිසියම් කලෙක සිහිමුළා වීමෙකින් සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු උපදිත් නම් මහණෙනි, සිහිය ඉපදීම ලස් ය. වැලි දු එය වහා ම දුරු කෙරෙයි. බැහැර කෙරෙයි. කෙළවර කෙරෙයි. නැවත නො හටගන්නාබවට පමුණුවයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො දිවසසන්තත්තෙ අයොකටාහෙ ද්වෙ වා තීණි වා උදකඵුසිතානි නිපාතෙය්ය. දන්ධො භික්ඛවෙ උදකඵුසිතානං නිපාතො, අථ ඛො නං ඛිප්පමෙව පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ, තස්ස චෙ භික්ඛුනො එවං චරතො එවං විහරතො කදාචි කරහචි සතිසම්මොසා උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා; දන්ධො භික්ඛවෙ, සතුප්පාදො. අථ ඛො නං ඛිප්පමෙව පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛුනො චාරො ච විහාරො ච අනුබුද්ධො හොති යථා චරන්තං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා නානුස්සවන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ පුරුෂයෙක් දහවල මුළුල්ලෙහි රත් වූ යකඩ කටාරමක දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හෙලන්නේ ද මහණෙනි, දියබිඳු වැටීම ලස් ය. වැලි දු එය වහා ම ගෙවීමට නැසීමට පැමිණෙන්නේ ය. මහණෙනි, එසෙයින් ම මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණහට ඉදින් කිසියම් කලෙක සිහිමුළාවෙකින් සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු උපදිත් නම් මහණෙනි, සිහිය ඉපදීම ලස් ය. වැලි දු එය වහා ම දුරු කෙරෙයි. බැහැර කෙරෙයි. කෙළවර කෙරෙයි. නැවත නො හටගන්නා බවට පමුණුවයි. මහණෙනි, අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල්දහම්හු යම් පරිද්දෙකින් හැසිරෙන්නහු වෙසෙන්නහු අනුව නො වැගිරෙත් නම් (එපරිද්දෙන්) මහණහු විසින් හැසිරීමත් විසීමත් මෙසේ අවබෝධ කරන ලද්දේ වෙයි.
Pali BJTතඤ්චෙ භික්ඛවෙ භික්ඛුං එවං චරන්තං එවං විහරන්තං රාජානො වා රාජමහාමත්තා වා මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා භොගෙහි අභිහට්ඨුං පවාරෙය්යුං: එහම්භො පුරිස, කින්තෙ ඉමෙ කාසාවා අනුදහන්ති?{2} කිං මුණ්ඩො කපාලමනුචරසි? එහි හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු, පුඤ්ඤානි ච කරොහීති. සො වත භික්ඛවෙ භික්ඛු එවං චරන්තො එවං විහරන්තො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණෙනි, මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණහු ඉදින් රජහු හෝ රාජමහාමාත්‍රයෝ හෝ මිතුරෝ හෝ ඇමතියෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ “එම්බල පුරුෂය, එව කුමක් හෙයින් මේ කහවත් තාගේ සිරුර දවද් ද? කුමක් හෙයින් මුඬුව කබලක් ගෙන හැසිරෙහි ද? එව ගිහිබවට පෙරළී සම්පත් ද අනුභව කර ව පින් ද කරව යි. සම්පත් එළවා පවරන්නාහු ද, මහණෙනි, මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණ සික පිළිකෙව් කොට ගිහිබවට පෙරළෙන්නේ ය යන මේ කරුණ නැත.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ගඞ්ගානදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. අථ මහාජනකායො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය: මයං ඉමං ගඞ්ගානදිං පච්ඡානින්නං කරිස්සාම පච්ඡාපොණං පච්ඡාපබ්භාරන්ති. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො මහාජනකායො ගඞ්ගානදිං පච්ඡානින්නං කරෙය්ය පච්ඡාපොණං පච්ඡාපබ්භාරන්ති? නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: ගඞ්ගානදී භන්තෙ පාචීන නින්නා පාචීන පොණා පාචීන පබ්භාරා, සා න සුකරා පච්ඡානින්නං කාතුං පච්ඡාපොණං පච්ඡාපබ්භාරං. යාවදෙව ච පන සො මහාජනකායො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සාති.
Sinhala BJTමහණෙනි, යම්සේ ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, එකල්හි මහාජනසමූහයක් “අපි මේ ගඞ්ගානදිය පැසුළුදිගට නැමුණක පැසුළුදිගට නැඹුරු වූවක පැසුළුදිගට බරවූවක කරන්නෙමු යි උදලු පැසි ගෙන එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? ඒ මහජන සමූහයා ගඞ්ගා නදිය පැළදිගට නැමුණක නැඹුරු වූවක පැළදිගට බර වූවක කරන්නේ දැ? යි. වහන්ස, මෙය නො වේ මැ යි. ඒ කවර හෙයින් ද: වහන්ස, ගඞ්ගානදිය පෙරදිගට නැමුණී ය. පෙරදිගට නැඹුරු වූවා ය. පෙරදිගට බර වූවා ය. එය පැළදිගට නැමුණක පැළදිගට නැඹුරු වූවක පැළදිගට බර වූවක කරන්නට සුකර නො වේ. හුදෙක් ඒ මහජන සමූහයා වෙහෙසට දුකට හිමි වන්නේ ය (එහෙයිනි යි).
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ තඤ්චෙ{1} භික්ඛුං එවං චරන්තං එවං විහරන්තං රාජානො වා රාජමහාමත්තා වා මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා භොගෙහි අභිහට්ඨුං පවාරෙය්යුං: “එහම්භො පුරිස, කින්තෙ ඉමෙ කාසාවා අනුදහන්ති? කිං මුණ්ඩො කපාලමනුචරසි? එහි හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු, පුඤ්ඤානි ච කරොහී”ති. සො පන භික්ඛවෙ භික්ඛු එවං චරන්තො එවං විහරන්තො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතීති නෙතං ඨානං විජ්ජති, තං කිස්ස හෙතු: යං හි තං භික්ඛවෙ චිත්තං දීඝරත්තං විවෙකනින්නං විවෙකපොණං විවෙකපබ්භාරං. තථ{2} හීනායාවත්තිස්සතීති නෙතං ඨානං විජ්ජතීති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණහු ඉදින් රජහු හෝ රජ මහඇමතියෝ හෝ මිතුරෝ හෝ ඇමතියෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ ‘එම්බල පුරුෂය, එව කුමක් හෙයින් මේ කසාවත් තොපගේ සිරුර දවා ද? කුමක් හෙයින් මුඬු ව කබලක් ගෙන හැසිරෙහි ද? ඒවා ගිහිබවට පෙරළී සම්පත් ද අනුභව කරව පින් ද කරව’ යි සම්පත් එළවා පවරන්නාහු ද? මහණෙනි, මෙසේ හැසිරෙන මෙසේ වසන ඒ මහණ තෙමේ සික පිළිකෙව් කොට ගිහිබවට පෙරළෙන්නේ ය යන මේ කරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයකින් ඒ හිත දිගුකලක් මුළුල්ලෙහි විවේකයට නැමුණේ ය. විවේකයට නැඹුරු වූයේ ය. විවේකයට බර වූයේ ය, හෙ ද ගිහිබවට පෙරළෙන්නේ ය යන මේ කරුණ නැත යි.
Pali BJT1. 19. 8.
Sinhala BJT1. 19. 8.
Pali BJTකිංසුකොපමසුත්තං
Sinhala BJTකිංසුකෝපම සූත්‍රය
Pali BJT245. අථ{3} ඛො අඤ්ඤතරො භික්ඛු යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිත්තාවතා නු ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී”ති? යතො ඛො ආවුසො භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති.
Sinhala BJT245. එකල්හි එක්තරා මහණෙක් එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, මහණහුගේ දර්‍ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ දැ?”යි මෙය කී ය. ඇවැත්නි, යම් කලෙක මහණ ස්පර්‍ශායතන සයෙහි සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ යයි.
Pali BJTඅථ ඛො සො භික්ඛු අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හව්යාකරණෙන{4} යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිත්තාවතා නු ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී”ති? යතො ඛො ආවුසො භික්ඛු පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති.
Sinhala BJTඑකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, මහණහුගේ දර්‍ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ දැ?”යි මෙය කීය. ඇවැත්නි, මහණ යම් කලෙක පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ යයි.
Pali BJTඅථ ඛො සො භික්ඛු අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිත්තාවතා නු ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී”ති? යතො ඛො ආවුසො භික්ඛු චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති. එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති.
Sinhala BJTඑකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, මහණහුගේ දර්‍ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ දැ?” යි මෙය කී ය. ඇවැත්නි, යම් කලෙක මහණ සතර මහාභූතයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ යයි.
Pali BJTඅථ ඛො සො භික්ඛු අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිත්තාවතා නු ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී”ති? යතො ඛො ආවුසො භික්ඛු “යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති” යථාභූතං පජානාති, එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති.
Sinhala BJTඑකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ එක්තරා මහණකු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට “ඇවැත්නි, කෙතෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ දැ?” යි මෙය කී ය. ඇවැත්නි, යම් කලෙක මහණ යම් කිසිවක් හටගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසීම ස්වභාව කොට ඇත්තේ යයි තතුසේ දනී ද, ඇවැත්නි, එපමණෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ යයි.
Pali BJTඅථ ඛො සො භික්ඛු අසන්තුට්ඨො තස්ස භික්ඛුනො පඤ්හව්යාකරණෙන යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිත්තාවතා නු ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී”ති? එවං වුත්තෙ භන්තෙ සො භික්ඛු මං එතදවොච: යතො ඛො ආවුසො භික්ඛු ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති, එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති.
Sinhala BJTඑකල්හි ඒ මහණ ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙහි මම එක්තරා මහණකු වෙත එළඹුනෙමි. එළඹ ඒ මහණහට “ඇවැත්නි, කෙතෙකින් මණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ දැ?” යි මෙය කීමි. වහන්ස, මෙසේ කී කල්හි ඒ මහණ මට මෙය කීය: “ඇවැත්නි, යම් කලෙක මහණ ස්පර්‍ශායතන සයෙහි සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද ඇවැත්නි, මෙපමණෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ ය”යි.
Pali BJTඅථ ඛ්වාහං භන්තෙ, අසන්තුට්ඨො තස්ස භික්ඛුස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච: “කිත්තාවතා නු ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතී”ති? එවං වුත්තෙ භන්තෙ සො භික්ඛු මං එතදවොච: යතො ච ඛො ආවුසො භික්ඛු පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති -පෙ- චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති යථාභූතං පජානාති, එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති.
Sinhala BJTවහන්ස, එකල්හි මම ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයෙම් එක්තරා මහණකු වෙත එළඹුනෙමි. එළඹ ඒ මහණහට “ඇවැත්නි, කෙතෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ දැ”යි මෙය කීමි. වහන්ස, මෙසේ කී කල්හි ඒ මහණ මට මෙය කීය: “ඇවැත්නි, යම් කලෙක මහණ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද ... සතර මහාභූතයන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් තතුසේ දනී ද ... යම් කිසිවක් හටගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසීම ස්වභාව කොට ඇත්තේ ය” යි තතුසේ දනී ද, ඇවැත්නි, මෙපමණෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ යයි.
Pali BJTඅථ ඛ්වාහං භන්තෙ, අසන්තුට්ඨො තස්ස භික්ඛුනො පඤ්හව්යාකරණෙන යෙන භගවා තෙනුපසඞ්කමි. කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛුනො දස්සනං සුවිසුද්ධං හොතීති?
Sinhala BJTවහන්ස, එකල්හි මම ඒ මහණහුගේ පැන විසඳීමෙන් සතුටු නො වූයෙම් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෙමි. වහන්ස, කෙතෙකින් මහණහුගේ දර්‍ශනය සුවිශුද්ධ වේ දැ? යි.
Pali BJTසෙය්යථාපි භික්ඛු පුරිසස්ස කිංසුකො අදිට්ඨපුබ්බො අස්ස. සො යෙනඤ්ඤතරො පුරිසො කිංසුකස්ස දස්සාවී තෙනුපසඞ්කමෙය්ය. උපසඞ්කමිත්වා තං පුරිසං එවං වදෙය්ය: “කීදිසො භො පුරිස, කිංසුකො”ති. සො එවං වදෙය්ය “කාළකො ඛො අම්භො පුරිස, කිංසුකො, සෙය්යථාපි ඣාමඛාණූති? තෙන ඛො පන භික්ඛු, සමයෙන තාදිසො වස්ස කිංසුකො යථා තස්ස පුරිසස්ස දස්සනං.
Sinhala BJTමහණ, යම්සේ පුරුෂයකු විසින් කෑලගස නුදුටුවිරූ වන්නේ ද, හෙතෙමේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාට “පින්වත් පුරුෂය, කෑලගස කෙබඳු දැ?”යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ එම්බල පුරුෂය, “කෑලගස දාගිය කණුවක් මෙන් කළු ය”යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැකීම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය.
Pali BJTඅථ ඛො සො භික්ඛු පුරිසො අසන්තුට්ඨො තස්ස පුරිසස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො පුරිසො කිංසුකස්ස දස්සාවී තෙනුපසඞ්කමෙය්ය, උපසඞ්කමිත්වා තං පුරිසං එවං වදෙය්ය: “කීදිසො භො පුරිස, කිංසුකො”ති? සො එවං වදෙය්ය: “ලොහිතකො අම්භො පුරිස, කිංසුකො සෙය්යථාපි මංසපෙසී”ති. තෙන ඛො පන භික්ඛු සමයෙන තාදිසො වස්ස කිංසුකො යථා තස්ස පුරිසස්ස දස්සනං.
Sinhala BJTමහණ, එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ පුරුෂයාගේ පැන විසඳීමෙන් සතුටු නො වූයේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාට පින්වත් පුරුෂය ‘කෑලගස කෙබඳු දැ?’යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ එම්බල පුරුෂය, කෑලගස මස්වැදැල්ලක් මෙන් ලෙහෙවන්ය යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැකුම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය.
Pali BJTඅථ ඛො සො භික්ඛු පුරිසො අසන්තුට්ඨො තස්ස පුරිසස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො පුරිසො කිංසුකස්ස දස්සාවී තෙනුපසඞ්කමෙය්ය, උපසඞ්කමිත්වා තං පුරිසං එවං වදෙය්ය: කීදිසො භො පුරිස, කිංසුකොති? සො එවං වදෙය්ය: ඔචීරකජාතො{1} ඛො අම්භො පුරිස, කිංසුකො ආදින්නසිපාටිකො, සෙය්යථාපි සිරීසොති. තෙන ඛො පන භික්ඛු සමයෙන තාදිසොවස්ස කිංසුකො යථා තස්ස පුරිසස්ස දස්සනං.
Sinhala BJTමහණ, එකල්හි ඒ පුරුෂ තෙමේ එ පුරුෂයාගේ පැනවිසඳීමෙන් නො සතුටු වූයේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාට ‘පින්වත් පුරුෂය, කෑලගස කෙබඳු දැ?’යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ ‘එම්බල පුරුෂය, කෑලගස මහරි ගසක් මෙන් පැලුණු කරල් ඇත්තේ ගැලවුණු පොතු ඇත්තේ ය’යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැකුම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය.
Pali BJTඅථ ඛො සො භික්ඛු පුරිසො අසන්තුට්ඨො තස්ස පුරිසස්ස පඤ්හව්යාකරණෙන යෙනඤ්ඤතරො පුරිසො කිංසුකස්ස දස්සාවී තෙනුපසඞ්කමෙය්ය, උපසඞ්කමිත්වා තං පුරිසං එවං වදෙය්ය: කීදිසො භො පුරිස, කිංසුකොති? සො එවං වදෙය්ය බහලපත්තපලාසො ඛො අම්භො පුරිස, කිංසුකො සන්දච්ඡායො සෙය්යථාපි නිග්රොධොති. තෙන ඛො පන භික්ඛු සමයෙන තාදිසොවස්ස කිංසුකො යථා තස්ස පුරිසස්ස දස්සනං. එවමෙව ඛො භික්ඛු යථා යථා අධිමුත්තානං තෙසං සප්පුරිසානං දස්සනං සුවිසුද්ධං{2}, තථා තථා තෙහි තෙහි සප්පුරිසෙහි{3} බ්යාකතං.
Sinhala BJTමහණ, එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ පුරුෂයාගේ පැන විසඳීමෙන් නො සතුටු වූයේ කෑලගසක් දුටු එක්තරා පුරුෂයකු වෙත එළඹෙන්නේ ය. එළඹ ඒ පුරුෂයාහට පින්වත් පුරුෂය, කෑලගස කෙබඳු දැ? යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ ‘එම්බල පුරුෂය, කෑලගස නුගරුකක් මෙන් ගනසෙවණ ඇත්තේ ය’යි මෙසේ කියන්නේ ය. මහණ, ඒ පුරුෂයාගේ දැක්ම යම්බඳු නම් එසමයෙහි කෑලගස එබඳු ම වන්නේ ය. මහණ, එසෙයින් ම යම් යම් පරිදි අවබෝධ කරන ලද ඒ සත්පුරුෂයන්ගේ දැක්ම සුපිරිසිදු වී නම් ඒ ඒ සත්පුරුෂයන් විසින් ඒ ඒ පරිද්දෙන් පවසන ලද්දේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛු රඤ්ඤො පච්චන්තිමං නගරං දළ්හුද්දාපං{4} දළ්හ පාකාරතොරණං ඡද්වාරං. තත්රස්ස දොවාරිකො පණ්ඩිතො ව්යත්තො මෙධාවී අඤ්ඤාතානං නිවාරෙතා ඤාතානං පවෙසෙතා. පුරත්ථිමාය දිසාය ආගන්ත්වා සීඝං දූතයුගං තං දොවාරිකං එවං වදෙය්ය: “කහත්ථම්භො පුරිස, ඉමස්ස නගරස්ස නගරසාමී”ති?{5} සො එවං වදෙය්ය: එසො භන්තෙ මජ්ඣෙ සිංඝාටකෙ නිසින්නොති.
Sinhala BJTමහණ, යම්සේ රජකුගේ දැඩි පවුරුපදනම් ඇති දැඩි උපකාරිකා ඇති දැඩි පව්රුතොරන් ඇති සදොරක් ඇති පසල් නුවරෙක් වේ ද, එහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති නො හඳුනන්නවුන් වලක්වන හඳුනන්නවුන් පිවිසවන දොරටුපල්ලෙක් වන්නේ ය. ශීඝ්‍රගමන් ඇති දූත යුවළක් පෙරදිගින් අවුත් ඒ දොරටුපල්ලාට “එම්බල පුරුෂය, මේ නුවර නුවරහිමියා කොහි දැ?” යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ ස්වාමීනි, මෙතෙමේ මැද සිවුමංසලෙහි හුන්නේ යයි මෙසේ කියන්නේ ය.
Pali BJTඅථ ඛො තං සීඝං දූතයුගං නගරසාමිස්ස{5} යථාභූතං වචනං නිය්යාතෙත්වා යථාගතමග්ගං පටිපජ්ජෙය්ය. පච්ඡිමාය දිසාය ආගන්ත්වා සීඝං දූතයුගං -පෙ- උත්තරාය දිසාය ආගන්ත්වා සීඝං දූතයුගං -පෙ- දක්ඛිණාය දිසාය ආගන්ත්වා සීඝං දූතයුගං තං දොවාරිකං එවං වදෙය්ය: “කහත්ථම්භො පුරිස ඉමස්ස නගරස්ස නගරසාමීති? සො එවං වදෙය්ය: “එසො භන්තෙ මජ්ඣෙ සිංඝාටකෙ නිසින්නො”ති. අථ ඛො තං සීඝං දූතයුගං නගරසාමිස්ස{5} යථාභූතං වචනං නීය්යාතෙත්වා යථාගතමග්ගං පටිපජ්ජෙය්ය.
Sinhala BJTඑකල්හි ඒ ශීඝ්‍රදූත යුවල නුවරහිමියාට වූපරිදි වචනය පවරා දී ආ මගට පිළිපදනේ ය. ශීඝ්‍රදූතයුවළක් පැළදිගින් අවුත් ... ශීඝ්‍රදූතයුවළක් උතුරුදිගින් අවුත් … ශීඝ්‍රදූතයුවළක් දකුණුදිගින් අවුත් ඒ දොරටුපල්ලාට “එම්බා පුරුෂය, මෙනුවර නුවරහිමියා කොහි දැ?” යි මෙසේ කියන්නේ ය. හෙතෙමේ ස්වාමීනි , මේ තෙමේ මැද සිවුමංසලෙහි හුන්නේ යයි මෙසේ කියන්නේ ය. එකල්හි ඒ ශීඝ්‍රදූතයුවළ නුවරහිමියාට වූපරිදි වචනය පවරා දී ආ මගට පිළිපදනේ ය.
Pali BJTඋපමා ඛො ම්යායං භික්ඛු කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයඤ්චෙත්ථ අත්ථො: නගරන්ති ඛො භික්ඛු ඉමස්සෙතං චාතුමහාභූතිකස්ස කායස්ස අධිවචනං. මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විද්ධංසන ධම්මස්ස. ඡද්වාරන්ති ඛො භික්ඛු, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. දොවාරිකොති ඛො භික්ඛු සතියා එතං අධිවචනං. සීඝං දූතයුගන්ති ඛො භික්ඛු සමථවිපස්සනානෙතං අධිවචනං. නගරසාමීති ඛො භික්ඛු විඤ්ඤාණස්සෙතං අධිවචනං. මජ්ඣෙ සිඞ්ඝාටකොති ඛො භික්ඛු චතුන්නෙතං මහාභූතානං අධිවචනං: පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා. යථාභූතවචනන්ති ඛො භික්ඛු නිබ්බානස්සෙතං අධිවචනං. යථාගතමග්ගොති ඛො භික්ඛු අරියස්සෙතං අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං සෙය්යථිදං: සම්මාදිට්ඨියා -පෙ- සම්මාසමාධිස්සාති.
Sinhala BJTමහණ, අරුත ඇඟවීම පිණිස මා විසින් මේ උපමාවක් කරන ලදී. මේ මෙහි අරුත යි. මහණ, නුවරය යනු මවුපියන්ගෙන් හටගත් බතින් හා කොමුපිඬුයෙන් වැඩුණු අනිස වූ ඉලීම පිරිමැදීම බිදීම වැනසීම ස්වභාව කොට ඇති සතර මහාභූතමය වූ මේ සිරුරට තෙල නමෙකි. මහණ, සදොර ය යනු අධ්‍යාත්මික ෂඩායතනයට මේ නමෙකි. මහණ, දොරටුපල්ලා ය යනු සිහියට මේ නමෙකි . මහණ, ශීඝ්‍රදූත යුවළය යනු සමථවිදර්‍ශනාවන්ට මේ නමෙකි. මහණ, නුවරහිමියා යනු විඤ්ඤාණයට මේ නමෙකි. මහණ, මැද සිවුමංසලය යනු පඨවිධාතුවට ද ආපෝධාතුවට ද තේජෝධාතුවට ද වායොධාතුවට ද යන සතර මහාභුතයන්ට මේ නමෙකි. මහණ, වූපරිදි වචනය යනු නිවනට මේ නමෙකි. මහණ, ආ මග ය යනු අරීඅටඟිමගට එනම් සම්මාදිට්ඨියට ද … සම්මසමාධියට ද මේ නමෙකි යි.
Pali BJT1. 19. 9.
Sinhala BJT1. 19. 9.
Pali BJTවීණොපමසුත්තං
Sinhala BJTවීණොපම සූත්‍රය
Pali BJT246. යස්ස කස්ස චි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියා වා චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු උප්පජ්ජෙය්ය ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං{1} වා චෙතසො, තතො චිත්තං නිවාරයෙ,{2} සභයො චෙසො මග්ගො සප්පටිභයො ච සකණ්ටකො ච සගහනො ච උම්මග්ගො ච කුම්මග්ගො ච දුහිතිකො ච. අසප්පුරිසසෙවිතො චෙසො මග්ගො න චෙසො මග්ගො සප්පුරිසෙහි සෙවිතො. න ත්වං අරහසීති තතො චිත්තං නිවාරයෙ චක්ඛුවිඤ්ඤෙය්යෙහි රූපෙහි.
Sinhala BJT246. මහණෙනි, යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි සිතේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ දෝසයෙක් හෝ මෝහයෙක් හෝ පටිඝයෙක් හෝ උපදනේ නම් එයින් සිත වළක්වන්නේ ය. මේ මඟ බිය සහිත ද ප්‍රතිභය සහිත ද කටු සහිත ද ගහන සහිත ද නොමගෙක් ද නපුරු මඟෙක් ද දුක්පැවතුම් ඇත්තෙක් ද වෙයි. මේ මඟ අසත්පුරුෂයන් විසින් සෙවුනා ලද්දේ ය. මේ මඟ සත්පුරුෂයන් විසින් නො ද සෙවුනා ලද්දේ ය. තෙපි මෙයට නුසුදුස්සහු යයි ඒ ඇසින් දත යුතු රූපයන්ගෙන් සිත වළක්වන්නේ ය.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුස්ස වා භික්ඛුනියා වා සොතවිඤ්ඤෙය්යෙසු සද්දෙසු -පෙ- ඝානවිඤ්ඤෙය්යෙසු ගන්ධෙසු -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු -පෙ- කායවිඤ්ඤෙය්යෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු උප්පජ්ජෙය්ය ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වා චෙතසො, තතො චිත්තං නිවාරයෙ. සභයො චෙසො මග්ගො සප්පටිභයො ච සකණ්ටකො ච සගහනො ච උම්මග්ගො ච කුම්මග්ගො ච දුහිතිකො ච. අසප්පුරිසසෙවිතො චෙසො මග්ගො, න චෙසො මග්ගො සප්පුරිසෙහි සෙවිතො. න ත්වං එතං අරහසීති. තතො චිත්තං නිවාරයෙ මනො විඤ්ඤෙය්යෙහි ධම්මෙහි.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ කනින් දත යුතු සදෙහි ... නැහැයෙන් දත යුතු ගඳෙහි ... දිවින් දත යුතු රසෙහි ... කයින් දත යුතු පහස්හි ... සිතින් දත යුතු දහම්හි සිතේ ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ දෝසයෙක් හෝ මෝහයෙක් හෝ පටිඝයෙක් හෝ උපදනේ නම් එයින් සිත වළක්වන්නේ ය. මේ මඟ බිය සහිත ද පටිහය සහිත ද කටු සහිත ද ගහන සහිත ද නොමඟෙක් ද නපුරුමඟෙක් ද දුක් පැවතුම් ඇත්තෙක් ද වේ. මේ මඟ අසත්පුරුෂයන් විසින් නො ද සෙවුනා ලද්දේ ය. තෙපි මෙයට නුසුදුසු වහු යයි ඒ සිතින් දත යුතු දහමින් සිත වළහන්නේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ කිට්ඨං සම්පන්නං, කිට්ඨරක්ඛකො{1}ච පමත්තො ගොණො ච කිට්ඨාදො අදුං කිට්ඨං ඔතරිත්වා{2} යාවදත්ථං මදං ආපජ්ජෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො ඡසු ඵස්සායතනෙසු අසංවුතකාරී පඤ්චසු කාමගුණෙසු යාවදත්ථං මදං ආපජ්ජති. සෙය්යථාපි භික්ඛවෙ කිට්ඨං සම්පන්නං කිට්ඨරක්ඛකො ච අප්පමත්තො ගොණො ච කිට්ඨාදො අදුං කිට්ඨං ඔතරෙය්ය{3} තමෙනං කිට්ඨරක්ඛකො නාසාය සුග්ගහීතං ගණ්හෙය්ය. නාසාය සුග්ගහිතං ගහෙත්වා උපරිඝටායං සුනිග්ගහිතං නිග්ගණ්හෙය්ය. උපරිඝටායං සුනිග්ගහිතං නිග්ගහෙත්වා දණ්ඩෙන සුතාළිතං තාළෙය්ය. දණ්ඩෙන සුතාළිතං තාළෙත්වා ඔසජ්ජෙය්ය,{4}
Sinhala BJTමහණෙනි, යම්සේ සරු ගොයමෙක් වේ ද ගොයම රක්නාත් පමා වූයේ වේ ද, ගොයම් කන ගොණෙක් ඒ ගොයමට බැස ඇතිතාක් මදයට පැමිණෙන්නේ ය. මහණෙනි, එසෙයින් ම අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ ස්පර්‍ශායතන සයෙහි සංවර රහිත වූයේ පඤ්චකාමගුණයන් හි ඇතිතාක් මදයට පැමිණෙයි. මහණෙනි, යම්සේ සරුගොයමෙක් වේ ද, ගොයම රක්නාත් නො පමා වූයේ ද, ගොයම් කන ගොණෙක් ඒ ගොයමට බස්නේ ය. ගොයම රක්නා තෙල ගොනු නැහැයෙහි දැඩි කොට ගන්නේ ය. නැහැයෙහි දැඩිකොට ගෙන දෙ අං අතරෙහි දැඩිපෙළුම් කොට පෙළන්නේ ය. දෙ අං අතරෙහි දැඩිපෙළුම් කොට පෙළා දණ්ඩෙකින් දැඩිතැළුමෙන් තළන්නේ ය. දණ්ඩෙකින් දැඩිතැළුමෙන් තළා හැර දමන්නේ ය.
Pali BJTදුතියම්පි ඛො භික්ඛවෙ -පෙ- තතියම්පි ඛො භික්ඛවෙ ගොණො කිට්ඨාදො අදුං කිට්ඨං ඔතරෙය්ය. තමෙනං කිට්ඨරක්ඛකො නාසාය සුග්ගහිතං ගණ්හෙය්ය. නාසාය සුග්ගහිතං ගහෙත්වා උපරිඝටායං සුනිග්ගහිතං නිග්ගණ්හෙය්ය. උපරිඝටායං සුනිග්ගහිතං නිග්ගහෙත්වා දණ්ඩෙන සුතාළිතං තාළෙය්ය. දණ්ඩෙන සුතාළිතං තාළෙත්වා ඔස්සජෙය්ය. එවං හි සො භික්ඛවෙ ගොණො කිට්ඨාදො ගාමගතො වා අරඤ්ඤගතො වා ඨාන බහුලො අස්ස නිසජ්ජබහුලො, න තං කිට්ඨං පුන ඔතරෙය්ය. තමෙව පුරිමං දණ්ඩසම්ඵස්සං සමනුස්සරන්තො. එවමෙව ඛො භික්ඛවෙ යතො භික්ඛුනො ඡසු ඵස්සායතනෙසු චිත්තං උදුජ්ජිතං{5} හොති සුදුජ්ජිතං{6} අජ්ඣත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති, සමාධියති.
Sinhala BJTමහණෙනි, දෙවන වට දු ... මහණෙනි, තෙවනවට දු ගොයම් කන ගොණා ඒ ගොයමට බස්නේ ය. ගොයම රක්නා තෙල ගොනු නැහැයෙහි දැඩි කොට ගන්නේ ය. නැහැයෙහි දැඩි කොට ගෙන දෙඅං අතරෙහි දැඩි පෙළුම් කොට පෙළන්නේ ය. දෙඅං අතරෙහි දැඩිපෙළුම් කොට පෙළා දණ්ඩෙකින් දැඩිතැළුමෙන් තළන්නේ ය. දණ්ඩෙකින් දැඩිතැළුම් කොට තළා හැර දමන්නේ ය. මහණෙනි, මෙසේ ඒ ගොයම් කන ගොණා ගමකට ගියේ හෝ අරණකට ගියේ හෝ සිටුම් බහුල කොට ඇත්තේ හිඳුම් බහුල කොට ඇත්තේ වන්නේ ය. ඒ පළමු දඬුපහස ම සිහි කරනුයේ ඒ ගොයමට නැවත නො බස්නේ ය. මහණෙනි, එසෙයින් ම යම්කලෙක මහණහුගේ සිත ස්පර්‍ශායතන සයෙහි තර්‍ජනය කරන ලද්දේ දැඩිසේ තර්‍ජනය කරන ලද්දේ වේ ද, (එකල්හි) ඇතුළත සිටියි, හිඳියි, එකඟවෙයි, සමාධිගත වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා වීණාය සද්දො අස්සුතපුබ්බො අස්ස. සො වීණාසද්දං සුණෙය්ය. සො එවං වදෙය්ය: “අම්භො, කිස්ස{7}නුඛො එසො සද්දො එවං රජනීයො එවං කමනීයො එවං මදනීයො එවං මුච්ඡනීයො එවංබන්ධනීයො”ති? තමෙනං එවං වදෙය්යුං: “එසා ඛො භන්තෙ වීණා නාම යස්සා එසො සද්දො එවං රජනීයො එවං කමනීයො එවං මදනීයො එවං මුච්ඡනීයො එවං බන්ධනීයො”ති.
Sinhala BJTමහණෙනි, යම්සේ රජකු විසින් හෝ රාජමහාමාත්‍රයකු විසින් හෝ වීණාවෙහි හඬ නො ඇසූවිරූ වන්නේ ද හෙතෙමේ වීණාහඬක් අසන්නේ ය. හෙතෙමේ පින්වත්නි, මෙසේ ඇලුම් කට යුතු මෙසේ කැමති වියයුතු මෙසේ මදයට කරුණු වූ මෙසේ මුළාවට කරුණු වූ මෙසේ බැඳීමට කරුණු වූ මේ හඬ කුමක් දැ? යි මෙසේ කියන්නේ ය. ඒ මොහුට ස්වාමීනි, යමෙක වූ මේ හඬ මෙසේ ඇලුම් කටයුතු මෙසේ කැමති වියයුතු මෙසේ මදයට කරුණු මෙසේ මුළාවට කරුණු මෙසේ බැඳීමට කරුණු වේ නම් මෙය වීණා නමැ යි.
Pali BJTසො එවං වදෙය්ය: “ගච්ඡථ මෙ භො තං වීණං ආහරථා”ති. තස්ස තං වීණං ආහරෙය්යුං. තමෙනං එවං වදෙය්යුං: “අයං ඛො සා භන්තෙ, වීණා යස්සා එසො සද්දො එවං රජනීයො එවං කමනීයො එවං මදනීයො එවං මුච්ඡනීයො එවං බන්ධනීයො”ති. සො එවං වදෙය්ය: “අලං මෙ භො තාය වීණාය, තමෙව මෙ සද්දං ආහරථා”ති.
Sinhala BJTහෙතෙමේ පින්වත්නි, යවු ඒ වීණාව මට ගෙනෙවු යයි මෙසේ කියන්නේ ය. ඔහුට ඒ වීණාව ගෙන එන්නාහු ය. ඒ මොහුට ස්වාමීනි, මෙසේ ඇලුම් කටයුතු මෙසේ කැමති විය යුතු මෙසේ මදයට කරුණු වූ මෙසේ මුළාවට කරුණු වූ මෙසේ බැඳීමට කරුණු වූ මේ හඬ යමක නම් මේ ඒ වීණාව යයි මෙසේ කියන්නාහු ය.
Pali BJTතමෙනං එවං වදෙය්යුං: “අයං ඛො භන්තෙ වීණා නාම අනෙකසම්භාරා මහාසම්භාරා. අනෙකෙහි සම්භාරෙහි සමාරද්ධා වදති{1} සෙය්යථිදං? දොණිඤ්ච පටිච්ච චම්මඤ්ච{2} පටිච්ච දණ්ඩඤ්ච පටිච්ච උපවෙණඤ්ච{3} පටිච්ච තන්තියො ච පටිච්ච කොණඤ්ච පටිච්ච පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච එවායං භන්තෙ වීණා නාම අනෙකසම්භාරා මහාසම්භාරා. අනෙකෙහි සම්භාරෙහි සමාරද්ධා වදතීති.
Sinhala BJTහෙතෙමේ භවත්නි, ඒ වීණාවෙන් මට කම් නැත ඒ හඬ ම මට ගෙන එවු යයි මෙසේ කියන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: ස්වාමීනි, මේ වීණාව නම් නොයෙක් උපකරණ ඇත්තකි. බොහෝ උපකරණ ඇත්තකි. නොයෙක් උපකරණවලින් අරඹන ලද්දේ හඬ නගයි. එනම්: දෙණත් නිසා සමත් නිසා දණ්ඩත් නිසා උපවීණයත් නිසා තතුත් නිසා කඩිප්පුත් නිසා පුරුෂයාගේ ඊට සුදුසු වෑයමත් නිසා ය. ස්වාමීනි, මෙසේ මේ වීණාව නම් නොයෙක් උපකරණ ඇත්තකි.
Pali BJTසො තං වීණං දසධා වා සතධා{4} වා ඵාලෙය්ය, දසධා වා සතධා වා තං ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්ය. සකලිකං සකලිකං කරිත්වා අග්ගිනා ඩහෙය්ය, අග්ගිනා ඩහෙත්වා මසිං කරෙය්ය. මසිං කරිත්වා මහාවාතෙ වා ඔපුනෙය්ය, නදියා වා සීඝසොතාය පවාහෙය්ය.
Sinhala BJTබොහෝ උපකරණ ඇත්තකි. නොයෙක් උපකරණවලින් අරඹන ලද්දේ හඬ නඟා යි. හෙතෙමේ ඒ වීණාව දසකඩක් කොට හෝ සියක් කඩක් කොට හෝ පළන්නේ ය. දසකඩක් කොට හෝ සියක් කඩක් කොට හෝ එය පළා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුළඟෙහි හෝ පිඹ හරින්නේ ය. සැඩදියපහර ඇති ගඟක හෝ පාකොට හරින්නේ ය.
Pali BJTසො එවං වදෙය්ය: අසතී{5} කිරායං භො වීණා නාම, යථෙවං යං කිඤ්චි වීණා නාම, එත්ථ ච පනායං ජනො අතිවෙලං පමත්තො පලාළිතො{6}ති. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු රූපං සමන්නෙසති යාවතා රූපස්ස ගති. වෙදනං සමන්නෙසති යාවතා වෙදනාය ගති, සඤ්ඤං සමන්නෙසති යාවතා සඤ්ඤාය ගති, සඞ්ඛාරෙ සමන්නෙසති යාවතා සඞ්ඛාරානං ගති, විඤ්ඤාණං සමන්නෙසති යාවතා විඤ්ඤාණස්ස ගති. තස්ස රූපං සමන්නෙසතො යාවතා රූපස්ස ගති. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං සමන්නෙසතො යාවතා විඤ්ඤාණස්ස ගති. යම්පිස්ස තං හොති අහන්ති වා මමන්ති වා අස්මීති වා තම්පි තස්ස න හොතීති.
Sinhala BJTහෙතෙමේ මෙසේ කියන්නේ ය. පින්වත්නි, මේ වීණාව නම් ලාමක ය. වීණා නම් වෙනත් යම් කිසිවකුත් වේ නම් එයත් මෙබඳු ය. මෙහිදු මේ ජන තෙමේ වේලාව ඉක්මවා පමා වූයේ ඇලුනේ යයි. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ රූපයේ ගති යම්තාක් ද ඒ තාක් රූපය සොයයි. වේදනාවේ ගති යම්තාක් ද ඒතාක් වේදනාව සොයයි. සංඥාවේ ගති යම්තාක් ද ඒතාක් සංඥාව සොයයි. සංස්කාරයන්ගේ ගති යම්තාක් ද ඒතාක් සංස්කාර සොයයි. විඥානයාගේ ගති යම්තාක් ද ඒ තාක් විඥානය සොයයි. රූපයේ ගති ඇති තාක් රූපය සොයන ඔහුට වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානයේ ගති ඇති තාක් විඥානය සොයන ඔහුට “මම ය”යි හෝ “මාගේ ය”යි හෝ “වෙමි”යි හෝ ඒ යමකුත් වේ නම් එය ද ඔහුට නො වේ යි.
Pali BJT1. 19. 10.
Sinhala BJT1. 19. 10.
Pali BJTඡප්පාණකසුත්තං
Sinhala BJTඡප්පාණක සූත්‍රය
Pali BJT247. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො අරුගත්තො පක්කගත්තො සරවනං පවිසෙය්ය. තස්ස කුසකණ්ටකා චෙව පාදෙ විජ්ඣෙය්යුං, සරපත්තානි ච ගත්තානි විලිඛෙය්යුං{7} එවං හි සො භික්ඛවෙ පුරිසො භිය්යො සොමත්තාය තතො නිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදියෙථ. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො භික්ඛු ගාමගතො වා අරඤ්ඤගතො වා ලභති වත්තාරං: අයඤ්ච සො{8} ආයස්මා එවංකාරී එවංසමාචාරො අසුචි ගාමකණ්ටකොති. තං කණ්ටකොති ඉති විදිත්වා සංවරො ච අසංවරො ච වෙදිතබ්බො.
Sinhala BJT247. මහණෙනි, යම්සේ වණසහිත සිරුරු ඇති පැස වූ සිරුරු ඇති පුරුෂයෙක් කටුවනයකට පිවිසෙන්නේ ද කුසකටු දා ඔහුගේ පා විදුනේ ය. කටු සහිත පත් ද සිරුරු සූරන්නේ ය. මහණෙනි, මෙසේ ඒ පුරුෂ තෙමේ ඒ හේතු කොට ගෙන දුක් දොම්නස් විඳුනේ ය. මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ගමකට ගියේ හෝ අරණකට ගියේ හෝ “ඒ මේ ආයුෂ්මත් තෙමේත් මෙසේ කරන්නේ මෙබඳු හැසුරුම් ඇත්තේ අපිරිසිදු ගම්කටුවකැ”යි නුගුණ කියන්නකු ලබයි. ඔහු කටුවකැ යි මෙසේ දැන සංවරය ද අසංවරය ද දත යුත්තේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ අසංවරො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ අධිමුච්චති, අප්පියරූපෙ රූපෙ ව්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො. තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් අසංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ රූපයෙහි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මඳ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී.
Pali BJTසොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ අධිමුච්චති, අප්පියරූපෙ ධම්මෙ ව්යාපජ්ජති, අනුපට්ඨිතකායසති ච විහරති පරිත්තචෙතසො තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTකනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන පියදෑ වූ දහම්හි ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ දහම්හි කිපෙයි. නො එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් මඳ සිත් ඇත්තේත් වෙසෙයි, ඔහුට උපන් ලාමක අකුසල්දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ නො දනී.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො ඡප්පාණකෙ ගහෙත්වා නානාවිසයෙ නානාගොචරෙ දළ්හාය රජ්ජුයා බන්ධෙය්ය: අහිං ගහෙත්වා දළ්හාය රජ්ජුයා බන්ධෙය්ය. සුංසුමාරං ගහෙත්වා දළ්හාය රජ්ජුයා බන්ධෙය්ය. පක්ඛිං ගහෙත්වා දළ්හාය රජ්ජුයා බන්ධෙය්ය. කුක්කුරං ගහෙත්වා දළ්හාය රජ්ජුයා බන්ධෙය්ය. සිගාලං ගහෙත්වා දළ්හාය රජ්ජුයා බන්ධෙය්ය. මක්කටං ගහෙත්වා දළ්හාය රජ්ජුයා බන්ධෙය්ය; දළ්හාය රජ්ජුයා බන්ධිත්වා මජ්ඣෙ ගණ්ඨිං කරිත්වා ඔස්සජ්ජෙය්ය. අථ ඛො තෙ භික්ඛවෙ ඡප්පාණකා නානා විසයා නානා ගොචරා සකං සකං ගොචරවිසයං ආවිඤ්ඡෙය්යුං,
Sinhala BJTමහණෙනි, යම්සේ පුරුෂයෙක් වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා සතුන් සදෙනකුන් ගෙන දැඩි රැහැනකින් බඳනේ ද; නයකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. කිඹුලකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. පක්‍ෂියකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. ශුනකයකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. සිවලකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. වඳුරකු ගෙන දැඩි රැහැනකින් බඳනේ ය. දැඩි රැහැනකින් බැඳ මැද ගැටයක් කොට අත්හරනේ ය. මහණෙනි, එකල්හි වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා ඒ සත්තු සදෙන සිය සිය ගොදුරුබිම් හා වෙසෙන තැන් කරා අදනාහ.
Pali BJTඅහි ආවිඤ්ඡෙය්ය වම්මිකං පවෙක්ඛාමීති, සුංසුමාරො ආවිඤ්ඡෙය්ය උදකං පවෙක්ඛාමීති, පක්ඛී ආවිඤ්ඡෙය්ය ආකාසං ඩෙස්සාමීති, කුක්කුරො ආවිඤ්ඡෙය්ය ගාමං පවෙක්ඛාමීති, සිගාලො ආවිඤ්ඡෙය්ය සීවථිකං පවෙක්ඛාමීති, මක්කටො ආවිඤ්ඡෙය්ය වනං පවෙක්ඛාමීති. යදා ඛො තෙ භික්ඛවෙ ඡප්පාණකා ඣත්තා අස්සු කිලන්තා, අථ යො නෙසං පාණකො{1} බලවතරො අස්ස, තස්ස තෙ අනුප්පවත්තෙය්යුං, අනුවිධායෙය්යුං,{2} වසං ගච්ඡෙය්යුං.
Sinhala BJTතුඹසට පිවිසෙන්නෙමි යි නයා අදනේ ය. දියට පිවිසෙන්නෙමි යි කිඹුලා අදනේ ය. අහසට නගින්නෙමි යි පක්‍ෂියා අදනේ ය. ගමට පිවිසෙන්නෙමි යි ශුනකයා අදනේ ය. සොහොනට පිවිසෙන්නෙමි යි සිවලා අදනේ ය. වනයට පිවිසෙන්නෙමි යි වඳුරා අදනේ ය. මහණෙනි, යම් කලෙක ඒ සත්තු සදෙන වෙහෙසට පත් වූවෝ ක්ලාන්ත වූවෝ වන්නාහු ද, එකල්හි ඔවුනතුරෙන් යමෙක් ඉතා බලවත් වන්නේ නම් ඔහු ඔහුට අනුව පවත්නාහු ය. අනුව යන්නාහු ය. වයසට පැමිණෙන්නාහු ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ යස්ස කස්සචි භික්ඛුනො කායගතාසති අභාවිතා අබහුලීකතා, තං චක්ඛු ආවිඤ්ඡති මනාපිකෙසු රූපෙසු, අමනාපිකස්ස රූපා පටික්කූලා හොන්ති, සොතං ආවිඤ්ජති මනාපිකෙසු සද්දෙසු, අමනාපිකස්ස සද්දා පටික්කූලා හොන්ති, ඝානං ආවිඤ්ජති මනාපිකෙසු ගන්ධෙසු අමනාපිකස්ස ගන්ධා පටික්කූලා හොන්ති, ජිව්හා ආවිඤ්ජති මනාපිකෙසු රසෙසු අමනාපිකස්ස රසා පටික්කූලා හොන්ති, කායො ආවිඤ්ජති මනාපිකෙසු ඵොට්ඨබ්බෙසු, අමනාපිකස්ස ඵොට්ඨබ්බා පටික්කූලා හොන්ති, මනො ආවිඤ්ඡති මනාපිකෙසු ධම්මෙසු, අමනාපිකස්ස ධම්මා පටික්කූලා හොන්ති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම්කිසි මහණකු විසින් කාගියාසිහිය නො වඩනා ලද නම් පුනපුනා නොවඩනා ලද නම් ඇස ඔහු මනවඩනා රූහි අදියි. නො මනවඩනා රූ ඔහුට පිළිකුල් වේ. කන මනවඩනා සදෙහි අදී. නො මනවඩනා සද ඔහුට පිළිකුල් වේ. නැහැය මනවඩනා ගඳෙහි අදී. නො මනවඩනා ගඳ ඔහුට පිළිකුල් වේ. දිව මනවඩනා රසෙහි අදී. නො මනවඩනා රස ඔහුට පිළිකුල් වේ. කය මනවඩනා පහස්හි අදී. නො මනවඩනා පහස් ඔහුට පිළිකුල් වේ. සිත මනවඩනා දහම්හි අදියි. නො මනවඩනා දහම් ඔහුට පිළිකුල් වේ. මහණෙනි, මෙසේ අසංවර වේ.
Pali BJTඑවං ඛො භික්ඛවෙ අසංවරො හොති. කථඤ්ච භික්ඛවෙ සංවරො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා පියරූපෙ රූපෙ නාධිමුච්චති, අප්පියරූපෙ රූපෙ න ව්යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති, යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් සංවර වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ ඇසින් රූ දැක ප්‍රියස්වරූප වූ රූපයෙහි නො ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ රූපයෙහි නො කිපෙයි. එළඹසිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඳාවත් තතුසේ දනී.
Pali BJTසොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හා රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය පියරූපෙ ධම්මෙ නාධිමුච්චති, අප්පියරූපෙ ධම්මෙ න ව්යාපජ්ජති, උපට්ඨිතකායසති ච විහරති අප්පමාණචෙතසො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්ස තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTකනින් සද අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ … කයින් පහස් පැහැස සිතින් දහම් දැන ප්‍රියස්වරූප වූ දහම්හි නො ඇලෙයි. ප්‍රියස්වරූප නො වූ දහම්හි නො කිපෙයි. එළඹ සිටි කාගියා සිහි ඇත්තේත් නො පමණ සිත් ඇත්තේත් වෙසෙයි. ඔහුට උපන් ලාමක අකුසල් දහම්හු යම් තැනෙක නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් තතුසේ දනී.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො ඡප්පාණකෙ ගහෙත්වා නානා විසයෙ නානා ගොචරෙ දළ්හාය රජ්ජුයා බන්ධෙය්ය. අහිං ගහෙත්වා දළ්හාය රජ්ජුයා බන්ධෙය්ය. සුසුමාරං ගහෙත්වා -පෙ- පක්ඛිං ගහෙත්වා -පෙ- කුක්කුරං ගහෙත්වා -පෙ- සිගාලං ගහෙත්වා -පෙ- මක්කටං ගහෙත්වා දළ්හාය රජ්ජුයා බන්ධෙය්ය. දළ්හාය රජ්ජුයා බන්ධිත්වා දළ්හෙ ඛීලෙ වා ථම්භෙ වා උපනිබන්ධෙය්ය.
Sinhala BJTමහණෙනි, යම්සේ පුරුෂයෙක් වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා සතුන් සදෙනකුන් ගෙන දැඩි රැහැනින් බඳනේ ද, නයකු ගෙන දැඩි රැහැනින් බඳනේ ය. කිඹුලකු ගෙන ... පක්‍ෂියකු ගෙන ... ශුනකයකු ගෙන… සිවලකු ගෙන … වඳුරකු ගෙන දැඩි රැහැනින් බඳනේ ය. දැඩිරැහැනින් බැඳ දැඩි හුලක හෝ ටැඹෙක හෝ බැඳ තබන්නේ ය.
Pali BJTඅථ ඛො තෙ භික්ඛවෙ ඡප්පාණකා නානා විසයා නානා ගොචරා සකං සකං ගොචරවිසයං ආවිඤ්ඡෙය්යුං; අහි ආවිඤ්ඡෙය්ය වම්මිකං පවෙක්ඛාමීති, සුංසුමාරො ආවිඤ්ඡෙය්ය උදකං පවෙක්ඛාමීති, පක්ඛී ආවිඤ්ඡෙය්ය ආකාසං ඩෙස්සාමීති, කුක්කුරො ආවිඤ්ඡෙය්ය ගාමං පවෙක්ඛාමීති, සිගාලො ආවිඤ්ඡෙය්ය සීවථිකං පවෙක්ඛාමීති, මක්කටො ආවිඤ්ඡෙය්ය වනං පවෙක්ඛාමීති. යදා ඛො තෙ භික්ඛවෙ ඡප්පාණකා ඣත්තා අස්සු කිලන්තා, අථ තමෙව ඛීලං වා ථම්භං වා උපතිට්ඨෙය්යුං, උපනිසීදෙය්යුං, උපනිපජ්ජෙය්යුං, වසං ගච්ඡෙය්යුං.
Sinhala BJTමහණෙනි, එකල්හි වෙනස් වෙනස් තැන්හි වෙසෙන වෙනස් වෙනස් ගොදුරු ගන්නා ඒ සතුන් සදෙන සිය සිය ගොදුරුබිම් හා වෙසෙන තැන් කරා අදනාහු ය. තුඹසට පිවිසෙන්නෙමි යි නයා අදනේ ය. දියට පිවිසෙන්නෙමි යි කිඹුලා අදනේ ය. අහසට නගින්නෙමි යි පක්‍ෂියා අදනේ ය. ගමට පිවිසෙන්නෙමි යි ශුනකයා අදනේ ය, සොහොනට පිවිසෙන්නෙමි යි සිවලා අදනේ ය. වනයට පිවිසෙන්නෙමි යි වඳුරා අදනේ ය. මහණෙනි, යම් කලෙක ඒ සත්තු සදෙන වෙහෙසට පත් වූවෝ ක්ලාන්ත වූවෝ වන්නාහු ද එකල්හි ඒ උල ම හෝ ටැඹ ම වෙත සිටිනාහ, හිඳිනාහ, භෝනාහ, වයසට යන්නාහ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ යස්ස කස්සචි භික්ඛුනො කායගතාසති භාවිතා බහුලීකතා, තං චක්ඛු නාවිඤ්ඡති මනාපිකෙසු රූපෙසු, අමනාපිකස්ස රූපානි නප්පටික්කූලානි හොන්ති; සොතං නාවිඤ්ජති -පෙ- ඝානං නාවිඤ්ජති -පෙ- ජිව්හා නාවිඤ්ජති -පෙ- කායො නාවිඤ්ජති -පෙ- මනො නාවිඤ්ජති මනාපිකෙසු ධම්මෙසු, අමනාපිස්ස ධම්මා නප්පටිකූලා හොන්ති. එවං ඛො භික්ඛවෙ සංවරො හොති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම්කිසි මහණකු විසින් කාගියා සිහිය වඩන ලද්දේ පුනපුනා වඩන ලද්දේ වේ නම් ඇස ඔහු මනවඩන රූහි නො අදී. නො මනවඩනා රූ ඔහුට පිළිකුල් නො වේ. කන නො අදී ... නැහැය නො අදී ... දිව නො අදී … කය නො අදී … සිත මනවඩනා දහම්හි නො අදී. නො මනවඩනා දහම් ඔහුට පිළිකුල් නො වේ. මහණෙනි, මෙසේ සංවර වේ.
Pali BJTදළ්හෙ ඛීලෙ වා ථම්භෙ වා. ති ඛො භික්ඛවෙ කායගතා සතියා එතං අධිවචනං. තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: “කායගතා නො සති භාවිතා භවිස්සති බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා”ති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, දැඩි හුලෙහි හෝ ටැඹෙහි හෝ යනු කාගියා සිහියට මේ නමෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මෙසේ හික්මිය යුතු යි: “අප විසින් කාගියා සිහිය වඩන ලද්දේ පුනපුනා වඩන ලද්දේ යානාවක් මෙන් කරන ලද්දේ වාස්තුවක් මෙන් කරන ලද්දේ එළඹසිටියක් කරන ලද්දේ පුරුදු කරන ලද්දේ මැනවින් අරඹන ලද්දේ වන්නේ ය”යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
Pali BJT1. 19. 11.
Sinhala BJT1. 19. 11.
Pali BJTයවකලාපීසුත්තං
Sinhala BJTයවකලාපී සූත්‍රය
Pali BJT248. සෙය්යථාපි භික්ඛවෙ යවකලාපී චාතුම්මහාපථෙ නික්ඛිත්තා අස්ස. අථ ඡ පුරිසා ආගච්ඡෙය්යුං ව්යාභඞ්ගිහත්ථා. නෙ තෙ යවකලාපිං ඡහි ව්යාභඞ්ගීහි හනෙය්යුං. එවං හි සා භික්ඛවෙ යවකලාපී සුහතා අස්ස ඡහි ව්යාභඞ්ගීහි හඤ්ඤමානා. අථ සත්තමො පුරිසො ආගච්ඡෙය්ය ව්යාභඞ්ගිහත්ථො. සො තං යවකලාපිං සත්තමාය ව්යාභඞ්ගියා හනෙය්ය. එවං හි සා භික්ඛවෙ යවකලාපී සුහතතරා අස්ස සත්තමාය ව්යාභඞ්ගියා හඤ්ඤමානා.
Sinhala BJT248. මහණෙනි, යම්සේ යවමිටියක් සිවුමංසලක දමන ලද්දේ වන්නේ ද එකල්හි පුරුෂයෝ සදෙනෙක් කත්ලී ගත් අත් ඇති ව පැමිණෙන්නාහ. ඔහු ඒ යවමිටිය කත්ලී සයෙන් තළන්නාහ. මහණෙනි, මෙසේ ඒ යවමිටිය කත්ලී සයෙන් තළනු ලබන්නේ මැනවින් තළන ලද්දේ වන්නේ ය. එකල්හි කත්ලීයක් ගත් අත් ඇති සත්වන පුරුෂයෙක් එන්නේ ය. හෙතෙමේ ඒ යවමිටිය සත්වන කත්ලීයෙන් තළන්නේ ය. මහණෙනි, මෙසේ ඒ යවමිටිය සත්වන කත්ලීයෙන් තළනු ලබන්නේ අතිශයින් ම මැනවින් තළන ලද්දේ වන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො චක්ඛුස්මිං හඤ්ඤති මනාපාමනාපෙහි රූපෙහි, සොතස්මිං හඤ්ඤති මනාපාමනාපෙහි සද්දෙහි, ඝානස්මිං හඤ්ඤති මනාපාමනාපෙහි ගන්ධෙහි, ජිව්හාය හඤ්ඤති මනාපාමනාපෙහි රසෙහි, කායස්මිං හඤ්ඤති මනාපාමනාපෙහි ඵොට්ඨබ්බෙහි, මනස්මිං හඤ්ඤති මනාපාමනාපෙහි ධම්මෙහි.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මනවඩන නො වඩන රූ විසින් ඇසෙහි පෙළේ. මනවඩන නො වඩන සද විසින් කනෙහි පෙළේ. මනවඩන නො වඩන ගඳ විසින් නැහැයෙහි පෙළේ. මනවඩන නො වඩන රස විසින් දිවෙහි පෙළේ. මනවඩන නො වඩන පහස් විසින් කයෙහි පෙළේ. මනවඩන නො වඩන දහම් විසින් සිතෙහි පෙළේ.
Pali BJTසචෙ සො භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො ආයතිං පුනබ්භවාය චෙතෙති එවං හි සො භික්ඛවෙ මොඝපුරිසො සුහතතරො හොති, සෙය්යථාපි භික්ඛවෙ සා යවකලාපී සත්තමාය ව්යාභඞ්ගියා හඤ්ඤමානා.
Sinhala BJTමහණෙනි, ඉදින් ඒ අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මතු පුනර්‍භවය පිණිස සිතා නම් මහණෙනි, මෙසේ ඒ හිස් පුරුෂ තෙමේ අතිශයින් ම මැනවින් පෙළන ලද්දේ වේ. මහණෙනි, ඒ යවමිටිය සත්වන කත්ලීයෙන් තළනු ලබන්නේ යම්සේ නම් එමෙනි.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. අථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො අසුරෙ ආමන්තෙසි: “සචෙ මාරිසා, දෙවාසුරසඞ්ගාමෙ සමුපබ්බූළ්හෙ, අසුරා ජිනෙය්යුං දෙවා පරාජිනෙය්යුං, යෙන නං{1} සක්කං දෙවානමින්දං කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බන්ධිත්වා මම සන්තිකෙ ආනෙය්යාථ අසුරපුරන්ති”. සක්කොපි ඛො භික්ඛවෙ දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි: “සචෙ මාරිසා දෙවාසුරසඞ්ගාමෙ සමුපබ්බූළ්හෙ දෙවා ජිනෙය්යුං අසුරා පරාජිනෙය්යුං, යෙන නං වෙපචිත්තිං{2} අසුරින්දං කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බන්ධිත්වා මම සන්තිකෙ ආනෙය්යාථ සුධම්ම දෙවසභන්ති”{3}. තස්මිං ඛො පන භික්ඛවෙ සඞ්ගාමෙ දෙවා ජිනිංසු අසුරා පරාජිනිංසු. අථ ඛො භික්ඛවෙ දෙවා තාවතිංසා වෙපචිත්තිං අසුරින්දං කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බන්ධිත්වා සක්කස්ස දෙවානමින්දස්ස සන්තිකෙ ආනෙසුං සුධම්මදෙවසභං. තත්ර සුදං භික්ඛවෙ, වෙපචිත්ති අසුරින්දො කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බද්ධො{4} හොති. යදා ඛො භික්ඛවෙ, වෙපචිත්තිස්ස අසුරින්දස්ස එවං හොති; “ධම්මිකා ඛො දෙවා අධම්මිකා අසුරා, ඉධෙවදානාහං{5} දෙවපුරං{6} ගච්ඡාමී”ති. අථ කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි මුත්තං අත්තානං සමනුපස්සති, දිබ්බෙහි පඤ්චකාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයෙක් එළඹසිටියේ විය: මහණෙනි, එකල්හි වේපචිත්ති අසුර රජ අසුරයන් ඇමතී ය: “නිදුකාණෙනි, දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් එළඹ සිටි කල්හි ඉදින් අසුරයෝ දිනන්නාහු නම් දෙවියෝ පරදින්නාහු නම් ඒ සක්දෙව් රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බැඳ අසුරපුරයෙහි මා වෙත ගෙන එන්නහු ය”යි. මහණෙනි, සක්දෙව්රජ ද තව්තිසා දෙවියන් ඇමතී ය: “නිදුකාණෙනි, දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් එළඹ සිටි කල්හි ඉදින් දෙවියෝ දිනන්නාහු නම් අසුරයෝ පරදින්නාහු නම් ඒ වේපචිත්ති අසුර රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බැඳ සුදම්දෙව්සෙබෙහි මා වෙත ගෙන එන්නහු ය” යි. මහණෙනි, ඒ යුද්ධයෙහි දී දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනහ. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුර රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බැඳ සුදම් දෙව්සෙබෙහි සක්දෙව් රජු වෙත ගෙන ආහ. මහණෙනි, එහි වේපචිත්ති අසුර රජ ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බඳනා ලද්දේ වෙයි. මහණෙනි, යම්කලෙක වේපචිත්ති අසුර රජහට “දෙවියෝ දැහැමියහ. අසුරයෝ නො දැහැමියහ. මම දැන් මෙහි දී ම දෙව්පුරයට යෙමි”යි මෙබඳු සිතෙක් වේ ද, එකල්හි ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් මිදුණු තමා දකී. දෙව්මුවා වූ පස්කම් ගුණයෙන් පිණාගියේ යුතු වූයේ ඉඳුරන් පිණවයි.
Pali BJTයදා ච ඛො භික්ඛවෙ වෙපචිත්තිස්ස අසුරින්දස්ස එවං හොති: ධම්මිකා ඛො අසුරා, අධම්මිකා දෙවා, තත්ථෙව දානාහං අසුරපුරං ගමිස්සාමීති, අථ කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බද්ධං{1} අත්තානං සමනුපස්සති; දිබ්බෙහි ච පඤ්චකාමගුණෙහි පරිහායති. එවං සුඛුමං ඛො භික්ඛවෙ වෙපචිත්තිබන්ධනං. තතො සුඛුමතරං මාරබන්ධනං. මඤ්ඤමානො භික්ඛවෙ, බද්ධො{2} මාරස්ස, අමඤ්ඤමානො මුත්තො පාපිමතො.
Sinhala BJTමහණෙනි, යම්කලෙක වේපචිත්ති අසුර රජහට “අසුරයෝ දැහැමියහ, දෙවියෝ නො දැහැමියහ, දැන් මම එහි ම අසුරපුරයට යන්නෙමි”යි මෙබඳු සිතෙක් වේ ද එකල්හි ගෙලපස්වන කොට ඇති බැඳුමෙන් බඳනා ලද තමා දකී. දෙව්මුවා පස්කම් ගුණෙන් පිරිහෙයි. මහණෙනි, වේපචිත්ති බැඳුම් මෙසේ සියුම් ය. මරබැඳුම එයින් අතිශයින් සියුම් ය. මහණෙනි, (තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන්) හඟනේ මරු විසින් බඳනා ලද්දේ ය. නො හඟනේ මරුගෙන් මිදුණේ ය.
Pali BJTඅස්මීති භික්ඛවෙ මඤ්ඤිතමෙතං, අයමහමස්මීති මඤ්ඤිතමෙතං, භවිස්සන්ති මඤ්ඤිතමෙතං, න භවිස්සන්ති මඤ්ඤිතමෙතං, රූපී භවිස්සන්ති මඤ්ඤිතමෙතං, අරූපී භවිස්සන්ති මඤ්ඤිතමෙතං, සඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමෙතං, අසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමෙතං, නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමෙතං; මඤ්ඤිතං භික්ඛවෙ රොගො, මඤ්ඤිතං ගණ්ඩො, මඤ්ඤිතං සල්ලං. තස්මාතිහ භික්ඛවෙ අමඤ්ඤමානෙන චෙතසා විහරිස්සාමාති, එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJTමහණෙනි, ‘වෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘මේ මම වෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘වන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘නොවන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’යි යන මෙය මඤ්ඤනාවෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යි යන යන මෙය මඤ්ඤනාවෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යි යන යන මෙය මඤ්ඤනාවෙකි. ‘නො ම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යි යන මෙය මඤ්ඤනාවෙකි. මහණෙනි, මඤ්ඤනාව රෝගයෙකි. මඤ්ඤනාව ගඩෙකි. මඤ්ඤනාව හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මඤ්ඤනා රහිත සිතින් යුතු ව වෙසෙන්නෙමු යි මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු යි.
Pali BJTඅස්මීති භික්ඛවෙ ඉඤ්ජිතමෙතං, අයමහමස්මීති ඉඤ්ජිතමෙතං, භවිස්සන්ති ඉඤ්ජිතමෙතං, න භවිස්සන්ති ඉඤ්ජිතමෙතං, රූපී භවිස්සන්ති ඉඤ්ජිතමෙතං, අරූපී භවිස්සන්ති ඉඤ්ජිතමෙතං, සඤ්ඤී භවිස්සන්ති ඉඤ්ජිතමෙතං, අසඤ්ඤී භවිස්සන්ති ඉඤ්ජිතමෙතං, නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති ඉඤ්ජිතමෙතං. ඉඤ්ජිතං භික්ඛවෙ රොගො, ඉඤ්ජිතං ගණ්ඩො, ඉඤ්ජිතං සල්ලං. තස්මාතිහ භික්ඛවෙ අනිඤ්ජමානෙන චෙතසා විහරිස්සාමාති, එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJTමහණෙනි, ‘වෙමි’ යි යන මෙය ඉඤ්ජිත (කම්පන) යෙකි. ‘මේ මම වෙමි’යි යන මෙය ඉඤ්ජිතයෙකි. ‘වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘නො වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘රූප ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘රූප නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. නො මැ සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය ඉඤ්ජිතයෙකි. මහණෙනි, ඉඤ්ජිතය රෝගයෙකි. ඉඤ්ජිතය ගඩෙකි. ඉඤ්ජිතය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා ඉඤ්ජිතය රහිත සිතින් යුතු ව වෙසෙන්නෙමු යි, මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.
Pali BJTඅස්මීති භික්ඛවෙ ඵන්දිතමෙතං, අයමහමස්මීති ඵන්දිතමෙතං, භවිස්සන්ති ඵන්දිතමෙතං, න භවිස්සන්ති ඵන්දිතමෙතං, රූපී භවිස්සන්ති ඵන්දිතමෙතං, අරූපී භවිස්සන්ති ඵන්දිතමෙතං, සඤ්ඤී භවිස්සන්ති ඵන්දිතමෙතං, අසඤ්ඤී භවිස්සන්ති ඵන්දිතමෙතං, නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති ඵන්දිතමෙතං; ඵන්දිතං භික්ඛවෙ රොගො, ඵන්දිතං ගණ්ඩො, ඵන්දිතං සල්ලං. තස්මාතිහ භික්ඛවෙ අඵන්දමානෙන චෙතසා විහරිස්සාමාති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJTමහණෙනි, ‘වෙමි’ යි යන මෙය ඵන්‍දිතයෙ (සැලීමෙ) කි. ‘මේ මම වෙමි’යි යන මෙය ඵන්‍දිතයෙකි. ‘වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘නො වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘රූ ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘රූ නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. ‘නො ම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය ඵන්‍දිතයෙකි. මහණෙනි, ඵන්‍දිතය ලෙඩකි. ඵන්‍දිතය ගඩෙකි. ඵන්‍දිතය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා නො සැලෙන සිතින් යුතු ව වෙසෙන්නෙමු යි මහණෙනි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතු යි.
Pali BJTඅස්මීති{1} භික්ඛවෙ පපඤ්චිතමෙතං, අයමහමස්මීති පපඤ්චිතමෙතං භවිස්සන්ති පපඤ්චිතමෙතං න භවිස්සන්ති පපඤ්චිතමෙතං, රූපී භවිස්සන්ති පපඤ්චිතමෙතං, අරූපී භවිස්සන්ති පපඤ්චිතමෙතං, සඤ්ඤී භවිස්සන්ති පපඤ්චිතමෙතං, අසඤ්ඤී භවිස්සන්ති පපඤ්චිතමෙතං, නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති පපඤ්චිතමෙතං, පපඤ්චිතං භික්ඛවෙ රොගො, පපඤ්චිතං ගණ්ඩො, පපඤ්චිතං සල්ලං. තස්මාතිහ භික්ඛවෙ නිප්පපඤ්චාරාමෙන චෙතසා විහරිස්සාමාති, එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJTමහණෙනි, ‘වෙමි’ යි යන මෙය පපඤ්චිතයෙ (පමාවෙ) කි. ‘මේ මම වෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. “නො වන්නෙමි” යන මෙය පපඤ්චිතයෙකි. ‘රූ ඇත්තෙක් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘රූ නැත්තෙක් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. ‘නො මැ සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය පපඤ්චිතයෙකි. මහණෙනි, පපඤ්චිතය ලෙඩකි. පපඤ්චිතය ගඩෙකි. පපඤ්චිතය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා නො පමාවෙහි ඇලුණු සිතින් යුතු ව වසන්නෙමු යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
Pali BJTඅස්මීති{1} භික්ඛවෙ මානගතමෙතං, අයමහමස්මීති මානගතමෙතං, භවිස්සන්ති මානගතමෙතං, න භවිස්සන්ති මානගතමෙතං, රූපී භවිස්සන්ති මානගතමෙතං, අරූපී භවිස්සන්ති මානගතමෙතං, සඤ්ඤී භවිස්සන්ති මානගතමෙතං, අසඤ්ඤී භවිස්සන්ති මානගතමෙතං, නෙවසඤ්ඤී නාසඤ්ඤී භවිස්සන්ති මානගතමෙතං. මානගතමෙතං භික්ඛවෙ රොගො, මානගතමෙතං ගණ්ඩො, මානගතමෙතං සල්ලං. තස්මාතිහ භික්ඛවෙ, නිහතමානෙන චෙතසා විහරිස්සාමාති, එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, ‘වෙමි’යි යන මෙය මානයෙකි. ‘මේ මම වෙමි’ යන මෙය මානයකි. ‘වන්නෙමි’ යි යන මෙය මානයෙකි. ‘නොවන්නෙමි’ යන මෙය මානයෙකි. ‘රූ ඇත්තෙක් වන්නෙමි’ යන මෙය මානයකි. ‘රූ නැත්තෙක් වන්නෙමි’යි යන මෙය මානයකි. ‘සංඥා ඇත්තෙක් වන්නෙමි’ යන මෙය මානයකි. ‘සංඥා නැත්තෙක් වන්නෙමි’ යන මෙය මානයකි. ‘නො ම සංඥා ඇත්තෙකුත් සංඥා නැත්තෙකුත් වන්නෙමි’ යන මෙය මානයකි. මහණෙනි, මේ මානය ලෙඩකි. තෙල මානය ගඩෙකි. මේ මානය හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා පහ වූ මාන ඇති සිතින් යුතු ව වසන්නෙමු යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
Pali BJTආසීවිසවග්ගො එකූනවීසතිමො.
Sinhala BJTආසිවිස වර්‍ගය නවවැනියි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTආසීවිසො රථො කුම්මො ද්වෙ දාරුක්ඛන්ධෙන අවස්සුතා දුක්ඛධම්මා කිංසුකා වීණා ඡප්පාණකා{2} යවකලාපෙන චාති.
Sinhala BJTඅසිවිසෝපම ය, රථුපමය, කුම්මොපමය, දාරුක්ඛන්‍ධොපම සූත්‍ර දෙක ය, අවස්සුතපරියාය ය, දුක්ඛධම්ම ය, කිංසුකෝපම ය, වීණොපම ය, ඡප්පාණක ය යවකලාපී සූත්‍රය ද යන මෙයින් වර්‍ගය වේ.
Pali BJTචතුත්ථො පණ්ණාසකො.
Sinhala BJTසිවුවැනි පණ්ණාසකය නිමියේය.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTනන්දික්ඛයා සට්ඨිනයා සමුද්දො උරගෙන ච චතුත්ථපණ්ණාසකා එතෙ නිපාතෙසු පකාසිතාති.
Sinhala BJTනන්‍දික්ඛය ය, සට්ඨිනය ය, සමුද්දය, අසිවිස වර්‍ගයෙන් දැ යි මොහු නිපාතයන්හි චතුත්‍ථපණ්ණාසකයෙහි වර්‍ගයෝ යයි ප්‍රකාශ කරන ලදහ.
Pali BJT2. වෙදනාසංයුත්තං
Sinhala BJT2. වේදනා සංයුත්තය
Pali BJT1. සගාථාවග්ගො
Sinhala BJT1. සගාථා වර්‍ගය
Pali BJT1. 20. 1.
Sinhala BJT1. 20. 1.
Pali BJTසමාධිසුත්තං
Sinhala BJTසමාධි සූත්‍රය
Pali BJT249. තිස්සො ඉමා භික්ඛවෙ වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික්ඛවෙ තිස්සො වෙදනාති.
Sinhala BJT249. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, මේ වේදනා තුන යි.
Pali BJTසමාහිතො සම්පජානො සතො බුද්ධස්ස සාවකො වෙදනා ච පජානාති වෙදනානඤ්ච සම්භවං. යත්ථ චෙතා නිරුජ්ඣන්ති මග්ගඤ්ච ඛයගාමිනං වෙදනානං ඛයා භික්ඛු නිච්ඡාතො පරිනිබ්බුතොති.
Sinhala BJTසමාධිගත වූ මනා නුවණැති බුද්ධශ්‍රාවක තෙමේ වේදනාවත් දනී. වේදනාවන්ගේ සමුදයයත් දනී. මේ වේදනාවෝ යම් තැනෙක නිරුද්ධ වෙත් ද ඒ නිවනත් ඒ වේදනා නැසීමට යන මගත් (දනී) මහණ තෙමේ වේදනාවන් ක්‍ෂය වීමෙන් තුෂ්ණා නැත්තේ පිරිනිවියේ යි.
Pali BJT1. 20. 2.
Sinhala BJT1. 20. 2.