Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10201-10300 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකින්නු ඛො ආවුසො සාරිපුත්ත චක්ඛු රූපානං සඤ්ඤොජනං රූපා චක්ඛුස්ස සඤ්ඤොජනං, සොතං සද්දානං සඤ්ඤොජනං සද්දා සොතස්ස සඤ්ඤොජනං, ඝානං ගන්ධානං සඤ්ඤොජනං ගන්ධා ඝානස්ස සඤ්ඤොජනං, ජිව්හා රසානං සඤ්ඤොජනං, රසා ජිව්හාය සඤ්ඤොජනං, කායො ඵොට්ඨබ්බානං සඤ්ඤොජනං ඵොට්ඨබ්බා කායස්ස සඤ්ඤොජනං, මනො ධම්මානං සඤ්ඤොජනං, ධම්මා මනස්ස සඤ්ඤොජනන්ති?
Sinhala BJTඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක් ද, ඇස රූනට සංයෝජන ද, රූ ඇසට සංයෝජන ද? කන සදනට සංයෝජන ද, සදහු කනට සංයෝජන ද? නැහැය ගඳනට සංයෝජන ද, ගඳහු නැහැයට සංයෝජන ද? දිව රසයනට සංයෝජන ද, රස දිවට සංයෝජන ද? කය පහස්නට සංයෝජනද, පහස්හු කයට සංයෝජන ද? සිත දහමුන්ට සංයෝජන ද, දහම් සිතට සංයෝජන දැ යි.
Pali BJTන ඛො ආවුසො කොට්ඨිත, චක්ඛු රූපානං සඤ්ඤොජනං, න රූපා චක්ඛුස්ස සඤ්ඤොජනං. යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං -පෙ- න ජිව්හා රසානං සඤ්ඤොජනං, න රසා ජිව්හාය සඤ්ඤොජනං. යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං -පෙ- න මනො ධම්මානං සඤ්ඤොජනං, න ධම්මා මනස්ස සඤ්ඤොජනං. යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං.
Sinhala BJTඇවැත්නි කොට්ඨිතයෙනි, ඇස රූනට සංයෝජන නො වේ. රූ ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ. රස දිවට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
Pali BJTසෙය්යථාපි ආවුසො කාළො ච බලිවද්දො{1} ඔදාතො ච බලිවද්දො එකෙන දාමෙන වා යොත්තෙන වා සංයුත්තා අස්සු. යො නු ඛො එවං වදෙය්ය: කාළො බලිවද්දො ඔදාතස්ස බලිවද්දස්ස සඤ්ඤොජනං, ඔදාතො බලිවද්දො කාළස්ස බලිවද්දස්ස සඤ්ඤොජනන්ති. සම්මා නු ඛො සො වදමානො වදෙය්යාති. නො හෙතං ආවුසො. න ඛො ආවුසො කාළො බලිවද්දො ඔදාතස්ස බලිවද්දස්ස සඤ්ඤොජනං, නපි ඔදාතො බලිවද්දො කාළස්ස බලිවද්දස්ස සඤ්ඤොජනං. යෙන ච ඛො තෙ එකෙන දාමෙන වා යොත්තෙන වා සංයුත්තා, තං තත්ථ සඤ්ඤොජනං.
Sinhala BJTඇවැත්නි, යම්සේ කළු ගොනෙකුත් සුදුගොනෙකුත් එක් දමෙකින් හෝ යොතෙකින් හෝ ඈඳන ලද්දාහු වෙත්ද, කළුගෝනා සුදුගොනාගේ බන්‍ධනය යි ද සුදුගොනා කළුගොනාගේ බන්‍ධනය යි ද යමෙක් මෙසේ කියන්නේ නම් ඒ කියන්නා මැනැවින් කියන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි කළුගෝනා සුදුගොනාගේ බන්‍ධන නො වේ. සුදුගොනා කළුගොනාගේ බන්‍ධන නො ද වේ. යම් එක් දමෙකින් හෝ යොතෙකින් හෝ ඔහු ඈඳන ලද්දාහු නම් එය එහි බන්‍ධන යි.
Pali BJTඑවමෙව ඛො ආවුසො න චක්ඛු රූපානං සඤ්ඤොජනං, න රූපා චක්ඛුස්ස සඤ්ඤොජනං. යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං -පෙ- න ජිව්හා රසානං සඤ්ඤොජනං -පෙ- න මනො ධම්මානං සඤ්ඤොජනං, න ධම්මා මනස්ස සඤ්ඤොජනං. යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං.
Sinhala BJTඇවැත්නි එසෙයින් ම ඇස රූපයනට සංයෝජන නො වේ. රූපය ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ. සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
Pali BJTචක්ඛුං වා ආවුසො රූපානං සඤ්ඤොජනං අභවිස්ස, රූපා වා චක්ඛුස්ස සඤ්ඤොජනං අභවිස්ස, න ඉදං බ්රහ්මචරියවාසො පඤ්ඤායෙථ සම්මා දුක්ඛක්ඛයාය, යස්මා ච ඛො ආවුසො න චක්ඛු රූපානං සඤ්ඤොජනං න රූපා චක්ඛුස්ස සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං, තස්මා බ්රහ්මචරියවාසො පඤ්ඤායති සම්මාදුක්ඛක්ඛයාය -පෙ-
Sinhala BJTඇවැත්නි ඇස හෝ රූපයනට සංයෝජන වී නම් රූපය හෝ ඇසට සංයෝජන වී නම් මැනැවින් දුක් ගෙවීම පිණිස මේ බඹසරවිසුම නො පැනෙන්නේ ය. ඇවැත්නි යම් හෙයකින් ඇස රූපයනට සංයෝජන නො වේ ද, රූපය ඇසට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, එහෙයින් මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසරවිසුම පැනේ ...
Pali BJTජිව්හා වා ආවුසො රසානං සඤ්ඤොජනං අභවිස්ස, රසා වා ජිව්හාය සඤ්ඤොජනං, න ඉදං බ්රහ්මචරියවාසො පඤ්ඤායෙථ සම්මා දුක්ඛක්ඛයාය, යස්මා ච ඛො ආවුසො න ජිව්හා රසානං සඤ්ඤොජනං න රසා ජිව්හාය සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං, තස්මා බ්රහ්මචරියවාසො පඤ්ඤායති සම්මා දුක්ඛක්ඛයාය -පෙ-
Sinhala BJTඇවැත්නි දිව හෝ රසයනට සංයෝජන වී නම් රස හෝ දිවට සංයෝජන වී නම් මැනැවින් දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනේ. යම් හෙයකින් දිව රසයනට සංයෝජන නො වේ ද, රස දිවට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, එහෙයින් මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර විසුම පැනෙයි. ...
Pali BJTමනො වා ආවුසො ධම්මානං සඤ්ඤොජනං අභවිස්ස, ධම්මා වා මනස්ස සඤ්ඤොජනං, නයිදං බ්රහ්මචරියවාසො පඤ්ඤායෙථ සම්මා දුක්ඛක්ඛයාය. යස්මා ච ඛො ආවුසො න මනො ධම්මානං සඤ්ඤොජනං, න ධම්මා මනස්ස සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං, තස්මා බ්රහ්මචරියවාසො පඤ්ඤායති සම්මා දුක්ඛක්ඛයාය.
Sinhala BJTඇවැත්නි සිත හෝ දහමුන්ට සංයෝජන වී නම් දහම් හෝ සිතට සංයෝජන වී නම් මැනැවින් දුක් ගෙවීම පිණිස මේ බඹසර විසුම නො පැනේ. ඇවැත්නි යම් හෙයෙකින් සිත දහමුන්ට සංයෝජන නො වේ ද, දහම් සිතට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, එහෙයින් මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසරවිසුම පැනේ.
Pali BJTතදමිනාපෙතං ආවුසො පරියායෙන වෙදිතබ්බං: යථා න චක්ඛු රූපානං සඤ්ඤොජනං, න රූපා චක්ඛුස්ස සඤ්ඤොජනං. යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං -පෙ- න ජිව්හා රසානං සඤ්ඤොජනං -පෙ- න මනො ධම්මානං සඤ්ඤොජනං, න ධම්මා මනස්ස සඤ්ඤොජනං. යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං.
Sinhala BJTඇවැත්නි යම්සේ ඇස රූපයනට සංයෝජන නො වේ ද, රූපය ඇසට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද ... දිව රසයනට සංයෝජන නො වේ ද ... සිත දහමුන්ට සංයෝජන නො වේ ද, දහම් සිතට සංයෝජන නො වේ ද එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, ඒ මෙය මෙනයෙනුදු දත යුතු යි.
Pali BJTසංවිජ්ජති ඛො ආවුසො භගවතො චක්ඛු, පස්සති භගවා චක්ඛුනා රූපං, ඡන්දරාගො භගවතො නත්ථි, සුවිමුත්තචිත්තො භගවා -පෙ- සංවිජ්ජති ඛො ආවුසො භගවතො ජිව්හා, සායති භගවා ජිව්හාය රසං, ඡන්දරාගො භගවතො නත්ථි. සුවිමුත්තචිත්තො භගවා -පෙ- සංවිජ්ජති ඛො ආවුසො භගවතො මනො. ජානාති භගවා මනසා ධම්මං. ඡන්දරාගො භගවතො නත්ථි. සුවිමුත්තචිත්තො භගවා.
Sinhala BJTඇවැත්නි භාග්‍යවතුන් වහන්සේට ඇස ඇත් ම ය. භාග්‍යවතුන් වහන්සේ ඇසින් රූ දකිති. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයෙක් නැත. භාග්‍යවතුන් වහන්සේ මැනැවින් මිදුණු සිත් ඇති සේක … ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේට දිව ඇත්ම ය. භාග්‍යවතුන් වහන්සේ දිවින් රස විඳිති. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයෙක් නැත. භාග්‍යවතුන් වහන්සේ මැනැවින් මිදුණු සිත් ඇති සේක ... ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේට සිත ඇත් ම ය. භාග්‍යවතුන් වහන්සේ සිතින් දහම් දනිති. භාග්‍යවතුන් වහන්සේට ඡන්‍දරාගයෙක් නැත. භාග්‍යවතුන් වහන්සේ මැනැවින් මිදුණු සිත් ඇති සේක.
Pali BJTඉමිනා ඛො එතං ආවුසො පරියායෙන වෙදිතබ්බං: යථා න චක්ඛු රූපානං සඤ්ඤොජනං, න රූපා චක්ඛුස්ස සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං -පෙ- න ජිව්හා රසානං සඤ්ඤොජනං න රසා ජිව්හාය සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං -පෙ- න මනො ධම්මානං සඤ්ඤොජනං, න ධම්මා මනස්ස සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනන්ති.
Sinhala BJTඇවැත්නි යම් සේ ඇස රූපයනට සංයෝජන නො වේ ද, රූපය ඇසට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද ... දිව රසයනට සංයෝජන නො වේ ද, රස දිවට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, ... සිත දහමුන්ට සංයෝජන නො වේ ද, දහම් සිතට සංයෝජන නො වේ ද, එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන වේ ද, ඒ මෙය මෙ නයෙනුදු දතයුතු යි.
Pali BJT1. 18. 6.
Sinhala BJT1. 18. 6.
Pali BJTකාමභූසුත්තං
Sinhala BJTකාමභූ සූත්‍රය
Pali BJT233. එකං සමයං ආයස්මා ච ආනන්දො ආයස්මා ච කාමභූ කොසම්බියං විහරන්ති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා කාමභූ සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා කාමභූ ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJT233. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ ද කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ සවස්වේලෙහි විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටුවූහ. සතුටු වියයුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ:
Pali BJTකින්නු ඛො ආවුසො ආනන්ද, චක්ඛු රූපානං සඤ්ඤොජනං, රූපා චක්ඛුස්ස සඤ්ඤොජනං -පෙ- ජිව්හා රසානං සඤ්ඤොජනං, රසා ජිව්හාය සඤ්ඤොජනං, -පෙ- මනො ධම්මානං, ධම්මා මනස්ස සඤ්ඤොජනන්ති.
Sinhala BJTඇවැත්නි ආනන්‍දයෙනි, කිමෙක් ද ඇස රූපයනට සංයෝජන ද, රූපය ඇසට සංයෝජන ද, ... දිව රසයනට සංයෝජන ද, රස දිවට සංයෝජන ද, ... සිත දහමුන්ට සංයෝජන ද, දහම් සිතට සංයෝජන දැ යි.
Pali BJTන ඛො ආවුසො කාමභූ, චක්ඛු රූපානං සඤ්ඤොජනං, න රූපා චක්ඛුස්ස සඤ්ඤොජනං. යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං -පෙ- න ජිව්හා රසානං සඤ්ඤොජනං න රසා ජිව්හාය සඤ්ඤොජනං -පෙ- න මනො ධම්මානං සඤ්ඤොජනං, න ධම්මා මනස්ස සඤ්ඤොජනං. යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං.
Sinhala BJTඇවැත්නි කාමභූවෙනි, ඇස රූපයනට සංයෝජන නො වේ. රූපය ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ. රස දිවට සංයෝජන නො වේ ... සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
Pali BJTසෙය්යථාපි ආවුසො කාළො ච බලිවද්දො ඔදාතො ච බලිවද්දො එකෙන දාමෙන වා යොත්තෙන වා සංයුත්තා අස්සු. යො නු ඛො එවං වදෙය්ය: කාළො බලිවද්දො ඔදාතස්ස බලිවද්දස්ස සඤ්ඤොජනං, ඔදාතො බලිවද්දො කාළස්ස බලිවද්දස්ස සඤ්ඤොජනන්ති සම්මා නු ඛො සො වදමානො වදෙය්යාති. නොහෙතං ආවුසො. න ඛො ආවුසො කාළො බලිවද්දො ඔදාතස්ස බලිවද්දස්ස සඤ්ඤොජනං, නපි ඔදාතො බලිවද්දො කාළස්ස බලිවද්දස්ස සඤ්ඤොජනං. යෙන ච ඛො තෙ එකෙන දාමෙන වා යොත්තෙන වා සඤ්ඤුත්තා තං තත්ථ සඤ්ඤොජනං.
Sinhala BJTඇවැත්නි, කළුගෝනෙකුත් සුදුගොනෙකුත් එක්දමකින් හෝ යොතෙකින් හෝ යම්සේ ඈඳන ලද්දාහු වෙද්ද, කළුගෝනා සුදුගොනාගේ බැඳුම ය, සුදුගොනා කළුගොනාගේ බැඳුම යයි යමෙක් මෙසේ කියන්නේ නම් ඒ කියන්නා මැනැවින් කියන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි කළුගෝනා සුදුගොනාගේ බැඳුම නො වේ. සුදුගොන් කළුගොනුගේ බැඳුම නො ද වේ. යම් එක් දමකින් හෝ යොතකින් හෝ ඔහු ඈඳන ලද්දාහු නම් එය එහි බැඳුම යි.
Pali BJTඑවමෙව ඛො ආවුසො න චක්ඛු රූපානං සඤ්ඤොජනං, න රූපා චක්ඛුස්ස සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනං -පෙ- න ජිව්හා රසානං සඤ්ඤොජනං -පෙ- න මනො ධම්මානං සඤ්ඤොජනං, තං ධම්මා මනස්ස සඤ්ඤොජනං, යඤ්ච තත්ථ තදුභයං පටිච්ච උප්පජ්ජති ඡන්දරාගො තං තත්ථ සඤ්ඤොජනන්ති.
Sinhala BJTඇවැත්නි එසෙයින් ම ඇස රූපයන ට සංයෝජන නො වේ. රූ ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ … සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
Pali BJT1. 18. 7.
Sinhala BJT1. 18. 7.
Pali BJTඋදායීසුත්තං
Sinhala BJTඋදායී සූත්‍රය
Pali BJT234. එකං සමයං ආයස්මා ච ආනන්දො, ආයස්මා ච උදායී කොසම්බියං විහරන්ති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා උදායී සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උදායී ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJT234. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් උදායී තෙරණුවෝ ද කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ:
Pali BJTයථෙව නු ඛො{1} ආවුසො ආනන්ද, අයං කායො භගවතා අනෙකපරියායෙන අක්ඛාතො විවටො පකාසිතො, ඉතිපායං{2} කායො අනත්තාති. සක්කා එවමෙවං විඤ්ඤාණම්පිදං{3} ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤාපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං ඉතිපිදං විඤ්ඤාණං අනත්තාති.
Sinhala BJTඇවැත්නි ආනන්‍දයෙනි, “මෙ කරුණෙනිදු මේ කය අනත් ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය යම්සේ නන්අයුරින් වදාරන ලද ද, විතර කරන ලද ද, එපරිදෙන් ම මෙකරුණෙනුදු මේ විඥානය අනත් ය යි මේ විඥානය ද කියන්නට දෙසන්නට පනවන්නට පිහිටුවන්නට විතර කරන්නට බෙදන්නට පැහැදිලි කරන්නට හැක්කේ දැ” යි.
Pali BJTයථෙව ඛො ආවුසො උදායී අයං කායො භගවතා අනෙක පරියායෙන අක්ඛාතො විවටො පකාසිතො, ඉතිපායං කායො අනත්තාති, සක්කා එවමෙව විඤ්ඤාණම්පිදං ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤාපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං ඉතිපිදං විඤ්ඤාණං අනත්තාති.
Sinhala BJTඇවැත්නි උදායීනි, “මෙකරුණෙනුදු මේ කය අනත් යයි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය යම්සේ නන් අයුරින් වදාරන ලද ද, විතර කරන ලද ද, පවසන ලද ද, එපරිද්දෙන් ම මෙ කරුණෙනුදු මේ විනැණත් අනත් ය යි මේ විනැණ ද කියන්නට දෙසන්නට පනවන්නට පිහිටුවන්නට විතර කරන්නට බෙදන්නට පැහැදිලි කරන්නට හැක්කේ ය” යි.
Pali BJTචක්ඛුඤ්චාවුසො පටිච්ච රූපෙ චුප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති, එවමාවුසොති. යො චාවුසො හෙතු යො ච පච්චයො චක්ඛුවිඤ්ඤාණස්ස උප්පාදාය{1} සො ච හෙතු සො ච පච්චයො සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අපරිසෙසා{2} නිරුජ්ඣෙය්ය, අපි නු ඛො චක්ඛු විඤ්ඤාණං පඤ්ඤායෙථාති. නො හෙතං ආවුසො. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන භගවතා අක්ඛාතං විවටං පකාසිතං: ඉතිපිදං විඤ්ඤාණං අනත්තාති. -පෙ-
Sinhala BJTඇවැත්නි ඇසත් රූපයනුත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී දැ යි. ඇවැත්නි එසේ යයි. ඇවැත්නි චක්ඛුවිඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි චක්ඛුවිඤ්ඤාණයෙක් පැනෙන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ මැ යි. ඇවැත්නි “මේ නයෙනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ විඤ්ඤාණය අනාත්ම ය” යි මෙය වදාරන ලද්දේ ය. විවරණය කරන ලද්දේ ය. පවසන ලද්දේ ය ...
Pali BJTජිව්හඤ්චාවුසො පටිච්ච රසෙ චුප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණන්ති. එවමාවුසොති. යො චාවුසො හෙතු යො ච පච්චයො ජිව්හා විඤ්ඤාණස්ස උප්පාදාය, සො ච හෙතු සො ච පච්චයො සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අපරිසෙසා නිරුජ්ඣෙය්ය, අපිනු ඛො ජිව්හාවිඤ්ඤාණං පඤ්ඤායෙථාති. නො හෙතං ආවුසො. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන භගවතා අක්ඛාතං විවටං පකාසිතං ඉතිපිදං විඤ්ඤාණං අනත්තාති -පෙ-
Sinhala BJTඇවැත්නි දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී දැ යි. එසේ ය ඇවැත්නි යි. ඇවැත්නි ජිව්හාවිඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි ජිව්හාවිඤ්ඤාණයෙක් පැනෙන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි මේ නයෙනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ විඤ්ඤාණය අනාත්ම යයි මෙය වදාරන ලද්දේ ය. විවරණය කරන ලද්දේ ය. පවසන ලද්දේ ය ...
Pali BJTමනඤ්චාවුසො පටිච්ච ධම්මෙ චුප්පජ්ජති මනොවිඤ්ඤාණන්ති. එවමාවුසොති. යො චාවුසො හෙතු යො ච පච්චයො මනොවිඤ්ඤාණස්ස උප්පාදාය, සො ච හෙතු සො ච පච්චයො සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අපරිසෙසා නිරුජ්ඣෙය්ය. අපි නු ඛො මනොවිඤ්ඤාණං පඤ්ඤායෙථාති. නො හෙතං ආවුසො. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන භගවතා අක්ඛාතං විවටං පකාසිතං ඉතිපිදං විඤ්ඤාණං අනත්තාති.
Sinhala BJTඇවැත්නි “සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී දැ”යි. එසේ ය ඇවැත්නි යි. ඇවැත්නි මනෝවිඤ්ඤාණයාගේ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්‍රත්‍යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්‍රත්‍යයත් සියල්ලෙන් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වන්නේ නම් එකල්හි මනෝවිඤ්ඤාණයෙක් පැනෙන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි මේ නයෙනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ විඤ්ඤාණය අනාත්ම ය යි මෙය වදාරන ලද්දේ ය. විවරණය කරන ලද්දේ ය. පවසන ලද්දේ ය.
Pali BJTසෙය්යථාපි ආවුසො පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො තිණ්හං කුඨාරිං ආදාය වනං පවිසෙය්ය. සො තත්ථ පස්සෙය්ය මහන්තං කදලික්ඛන්ධං උජුකං නවං අකුක්කුකජාතං{3}. තමෙනං මූලෙ ඡින්දෙය්ය මූලෙ ඡෙත්වා අග්ගෙ ඡින්දෙය්ය අග්ගෙ ඡෙත්වා පත්තං වට්ටිං විනිබ්භුජෙය්ය{4}, සො තත්ථ ඵෙග්ගුම්පි නාධිගච්ඡෙය්ය, කුතො සාරං.
Sinhala BJTඇවැත්නි යම්සේ හර කැමති හර සොයන හර සෙවුම කරන පුරුෂයෙක් තියුණු කෙටේරියක් ගෙන වනයට පිවිසෙන්නේ ද, හේ එහි ඇද නැති අලුත් නොපීදුනු මහත් කෙසෙල් කඳක් දක්නේ ය. ඒ මෙය මුල සිඳින්නේ ය. මුල සිඳ අග සිඳින්නේ ය. අග සිඳ පත්වැටි ගලවන්නේ ය. හෙතෙමේ එහි එලය වත් නො ලබන්නේ ය. හර කොයින් ද?
Pali BJTඑවමෙව ඛො ආවුසො භික්ඛු ඡස්සු ඵස්සායතනෙසු නෙව අත්තානං නානත්තනියං සමනුපස්සති. සො එවං අසමනුපස්සන්තො න කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තඤ්ඤෙව පරිනිබ්බායති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTඇවැත්නි එසෙයින් ම මහණ ස්පර්‍ශායතන සයෙහි තමා නො ම දකී. තමා අයත් දැයක් නො ම දකී. හේ මෙසේ නො ම දක්නේ ලොව කිසිවක් නො ගනී. නො ගන්නේ නො තැතිගනී. නො තැතිගන්නේ තෙමේ ම පිරිනිවෙයි. ජාති ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී. මේ බැව් පිණිස අනෙකක් නැත යි දැනගනී යි.
Pali BJT1. 18. 8.
Sinhala BJT1. 18. 8.
Pali BJTආදිත්තපරියායසුත්තං
Sinhala BJTආදිත්තපරියාය සූත්‍රය
Pali BJT235. ආදිත්තපරියායං වො භික්ඛවෙ ධම්මපරියායං දෙසිස්සාමි. තං සුණාථ. කතමො ච භික්ඛවෙ ආදිත්තපරියායො ධම්මපරියායො? වරං භික්ඛවෙ තත්තාය අයොසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය චක්ඛුන්ද්රියං සම්පලිමට්ඨං, න ත්වෙව චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අනුබ්යඤ්ජනසො නිමිත්තග්ගාහො. නිමිත්තස්සාදගථිතං{1}වා භික්ඛවෙ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්ය අනුබ්යඤ්ජනස්සාදගථිතං වා, තස්මිං චෙ සමයෙ කාලං කරෙය්ය, ඨානමෙතං විජ්ජති යං ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං ගච්ඡෙය්ය නිරයං වා තිරච්ඡානයොනිං වා. ඉමං ඛ්වාහං භික්ඛවෙ ආදීනවං දිස්වා එවං වදාමි.
Sinhala BJT235. මහණෙනි තොපට ආදිත්තපරියාය නම් වූ දහම්නය දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි ආදිත්තපරියාය නම් වූ දහම්නය කවරේ ද යත්: මහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත රත් වූ අයශ්ශලාකායෙකින් චක්ඛුන්‍ද්‍රියය පිරිමදනා ලද්දේ මැනවි. ඇස්විනැණින් දතයුතු රූහි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො ම මැනවි. නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගතිදෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
Pali BJTවරං භික්ඛවෙ තිණ්හෙන අයොසඞ්කුනා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන සොතින්ද්රියං සම්පලිමට්ඨං, න ත්වෙව සොත විඤ්ඤෙය්යෙසු සද්දෙසු අනුබ්යඤ්ජනසො නිමිත්තග්ගාහො. නිමිත්තස්සාදගථිතං වා භික්ඛවෙ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්ය අනුබ්යඤ්ජනස්සාද ගථිතං වා. තස්මිං චෙ සමයෙ කාලං කරෙය්ය ඨානමෙතං විජ්ජති යං ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං ගච්ඡෙය්ය නිරයං වා තිරච්ඡානයොනිං වා. ඉමං ඛ්වාහං භික්ඛවෙ ආදීනවං දිස්වා එවං වදාමි.
Sinhala BJTමහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු යහුලකින් සෝතින්‍ද්‍රියය පිරිමදනා ලද්දේ මැනවි. කනින් දතයුතු ශබ්දයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිතිගැනීම නො ම මැනවි. මහණෙනි නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන්යෝනියත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
Pali BJTවරං භික්ඛවෙ තිණ්හෙන නිඛාදනෙන ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන ඝානින්ද්රියං සම්පලිමට්ඨං, න ත්වෙව ඝානවිඤ්ඤෙය්යෙසු ගන්ධෙසු අනුබ්යඤ්ජනසො නිමිත්තග්ගාහො. නිමිත්තස්සාදගථිතං වා භික්ඛවෙ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්ය අනුබ්යඤ්ජනස්සාදගථිතං වා. තස්මිං චෙ සමයෙ කාලං කරෙය්ය, ඨානමෙතං විජ්ජති යං ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං ගච්ඡෙය්ය නිරයං වා තිරච්ඡානයොනිං වා. ඉමං ඛ්වාහං භික්ඛවෙ ආදීනවං දිස්වා එවං වදාමි.
Sinhala BJTමහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු නියනෙකින් ඝානින්‍ද්‍රියය පහස්නා (නැහැය ගලවා දමන) ලද්දේ මැනවි. නැහැයෙන් දතයුතු ගන්‍ධයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො මැ මැනවි. මහණෙනි, නිමිත්තාස්වාදයෙන් බැඳුනා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන් යෝනියත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
Pali BJTවරං භික්ඛවෙ තිණ්හෙන ඛුරෙන ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන ජිව්හින්ද්රියං සම්පලිමට්ඨං, නත්වෙව ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු අනුබ්යඤ්ජනසො නිමිත්තග්ගාහො. නිමිත්තස්සාදගථිතං වා භික්ඛවෙ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්ය අනුබ්යඤ්ජනස්සාදගථිතං වා. තස්මිං චෙ සමයෙ කාලං කරෙය්ය ඨානමෙතං විජ්ජති යං ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං ගච්ඡෙය්ය නිරයං වා තිරච්ඡානයොනිං වා. ඉමං ඛ්වාහං භික්ඛවෙ ආදීනවං දිස්වා එවං වදාමි.
Sinhala BJTමහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු කරෙකින් ජිව්හින්‍ද්‍රිය පහස්නා (දිව කපන) ලද්දේ මැනවි. දිවින් දතයුතු රසයන්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො ම මැනවි. මහණෙනි, නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුණා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන්යෝනියත් යන ගතිදෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන යමක් වේ නම් මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
Pali BJTවරං භික්ඛවෙ තිණ්හාය සත්තියා ආදිත්තාය සම්පජ්ජලිතාය සජොති භූතාය කායින්ද්රියං සම්පලිමට්ඨං න ත්වෙව කායවිඤ්ඤෙය්යෙසු ඵොට්ඨබ්බෙසු අනුබ්යඤ්ජනසො නිමිත්තග්ගාහො. නිමිත්තස්සාදගථිතං වා භික්ඛවෙ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨෙය්ය අනුබ්යඤ්ජනස්සාදගථිතං වා, තස්මිං චෙ සමයෙ කාලං කරෙය්ය ඨානමෙතං විජ්ජති යං ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං ගච්ඡෙය්ය නිරයං වා තිරච්ඡානයොනිං වා. ඉමං ඛ්වාහං භික්ඛවෙ ආදීනවං දිස්වා එවං වදාමි.
Sinhala BJTමහණෙනි ඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු සැතෙකින් කායින්‍ද්‍රියය පහස්නා (කයසැසදමන) ලද්දේ මැනවි. කයින් දතයුතු පහස්හි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගැනීම නො ම මැනවි. මහණෙනි නිමිත්තාස්වාදයෙන් බැඳුණා වූ හෝ අනුව්‍යඤ්ජනාස්වාදයෙන් බැඳුනා වූ හෝ කර්‍මවිඥානය සිටුනේ සිටිනේ ය. ඉදින් එසමයෙහි කලුරිය කරන්නේ නම් නිරයත් තිරිසන්යෝනියත් යන ගති දෙකින් එක්තරා ගතියකට පැමිණෙන්නේ ය යන මේ කරුණ ඇත. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
Pali BJTවරං භික්ඛවෙ සොත්තං{1}, සොත්තං ඛො පනාහං භික්ඛවෙ වඤ්ඣං{2} ජීවිතානං වදාමි, අඵලං ජීවිතානං වදාමි, මොමූහං ජීවිතානං වදාමි. න ත්වෙව තථාරූපෙ විතක්කෙ විතක්කෙය්ය යථාරූපානං විතක්කානං වසංගතො සඞ්ඝං භින්දෙය්ය. ඉමං ඛ්වාහං භික්ඛවෙ ආදීනවං දිස්වා එවං වදාමි.
Sinhala BJTමහණෙනි නින්දට බැසගැනීම මැනවි. මහණෙනි නින්දට බැසගැනීම ජීවිතයන්ගේ වඳබව යයි මම කියමි. ජීවිතයන්ගේ විඵලබව යයි කියමි. ජීවිතයන්ගේ මුළාබව යයි කියමි. යම්බඳු විතර්‍කයන්ගේ වසයට පැමිණියේ සඞ්ඝයා බිඳින්නේ නම් එබඳු විතර්‍කයන් නො ම විතර්‍කණය කරන්නේ ය. මහණෙනි මේ දෝෂය දැක මම මෙසේ කියමි.
Pali BJTතත්ර භික්ඛවෙ සුතවා අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: තිට්ඨතු තාව තත්තාය අයොසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය චක්ඛුන්ද්රියං සම්පලිමට්ඨං. හන්දාහං ඉදමෙව මනසිකරොමි, ‘ඉති චක්ඛුං අනිච්චං, රූපා අනිච්චා, චක්ඛුවිඤ්ඤාණං අනිච්චං, චක්ඛු සම්ඵස්සො අනිච්චො, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං.’
Sinhala BJTමහණෙනි එහි ලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ නුවණින් සලකයි. ඇවිලාගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත රත් වූ යලාකයෙකින් ඇස පහස්නා ලැබීම තිබේවා. ඒකාන්තයෙන් මම මෙසේ ඇස අනිස ය. රූ අනිස ය. ඇස්විනැණ අනිස ය. ඇස්පහස අනිස ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි මෙය ම මෙනෙහි කරමි.
Pali BJTතිට්ඨතු තාව තිණ්හෙන අයොසඞ්කුනා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන සොතින්ද්රියං සම්පලිමට්ඨං. හන්දාහං ඉදමෙව මනසිකරොමි: ‘ඉති සොතං අනිච්චං සද්දා අනිච්චා. සොතවිඤ්ඤාණං අනිච්චං සොතසම්ඵස්සො අනිච්චො, යම්පිදං සොතසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං’.
Sinhala BJTඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු යහුලකින් කන පහස්නා ලැබීම තිබේවා. එකත්නෙන් මම මෙසේ ශ්‍රෝතය අනිත්‍ය ය, ශබ්දයෝ අනිත්‍යයහ, සෝතවිඤ්ඤාණය අනිත්‍ය ය, සෝතසම්ඵස්සය අනිත්‍ය ය, සෝතසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිත්‍ය යැ යි මෙය ම මෙනෙහි කරමි.
Pali BJTතිට්ඨතු තාව තිණ්හෙන නිඛාදනෙන ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන ඝානින්ද්රියං සම්පලිමට්ඨං. හන්දාහං ඉදමෙව මනසි කරොමි: ‘ඉති ඝානං අනිච්චං, ගන්ධා අනිච්චා, ඝානවිඤ්ඤාණං අනිච්චං ඝානසම්ඵස්සො අනිච්චො, යම්පිදං ඝානසම්ඵස්ස පච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං.’
Sinhala BJTඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු නියනෙකින් නැහැය පහස්නා ලැබීම තිබේ වා. එකත්නෙන් මම මෙසේ නැහැය අනිස ය. ගඳ අනිස ය. ඝාණවිඤ්ඤාණය අනිත්‍ය ය. ඝාණසම්පස්සය අනිත්‍ය ය, ඝානසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එද අනිසැයි මෙය ම මෙනෙහි කරමි.
Pali BJTතිට්ඨතු තාව තිණ්හෙන ඛුරෙන ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන ජිව්හින්ද්රියං සම්පලිමට්ඨං. හන්දාහං ඉදමෙව මනසිකරොමි: ‘ඉති ජිව්හා අනිච්චා රසා අනිච්චා ජිව්හාවිඤ්ඤාණං අනිච්චං ජිව්හාසම්ඵස්සො අනිච්චො, යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා අදුක්ඛමසුඛං වා දුක්ඛං වා තම්පි අනිච්චං.’
Sinhala BJTඇවිලගත් හාත්පසින් දිලිසෙන ගිනිදැල් සහිත තියුණු කරෙකින් දිව පහස්නා ලැබීම තිබේවා. එකත්නෙන් මම “මෙසේ දිව අනිස ය, රස අනිස ය, ජිව්හාවිඤ්ඤාණය අනිත්‍ය ය. ජිව්හාසම්ඵස්සය අනිත්‍ය ය, ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ”යි මෙය ම මෙනෙහි කරමි.
Pali BJTතිට්ඨතු තාව තිණ්හාය සත්තියා ආදිත්තාය සම්පජ්ජලිතාය සජොති භූතාය කායින්ද්රියං සම්පලිමට්ඨං, හන්දාහං ඉදමෙව මනසිකරොමි. “ඉති කායො අනිච්චො, ඵොට්ඨබ්බා අනිච්චා, කායවිඤ්ඤාණං අනිච්චං, කායසම්ඵස්සො අනිච්චො, යම්පිදං කායසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං.”
Sinhala BJTඇවිලගත් හාත්පසින් දිලියෙන ගිනිදැල් සහිත තියුණු සැතෙකින් කය පහස්නා ලැබීම තිබේවා. එකැත්නෙන් මම මෙසේ කය අනිස ය. පහස් අනිස ය කායවිඤ්ඤාණය අනිත්‍ය ය කායසම්ඵස්සය අනිත්‍ය ය. කායසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි මෙය ම මෙනෙහි කරමි.
Pali BJTතිට්ඨතු තාව සොත්තං, හන්දාහං ඉදමෙව මනසිකරොමි, “ඉති මනො අනිච්චො, ධම්මා අනිච්චා, මනො විඤ්ඤාණං අනිච්චං, මනොසම්ඵස්සො අනිච්චො, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං.”
Sinhala BJTනින්දට බැසගැන්ම තිබේවා. “එකැත්නෙන් මම මෙසේ මන අනිස ය, දහම් අනිස ය, මනෝවිඤ්ඤාණය අනිත්‍ය ය මනෝසම්ඵස්සය අනිත්‍ය ය මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි මෙය ම මෙනෙහි කරමි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති, -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. අයං ඛො භික්ඛවෙ ආදිත්තපරියායො ධම්මපරියායොති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහිත් කලකිරෙයි. චක්‍ෂූවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි … චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි. මහණෙනි මේ වනාහි ආදිත්තපරියාය නම් වූ දහම්නය යි.
Pali BJT1. 18. 9.
Sinhala BJT1. 18. 9.
Pali BJTහත්ථපාදූපමසුත්තං
Sinhala BJTහත්‍ථපාදූපම සූත්‍රය
Pali BJT236. හත්ථෙසු භික්ඛවෙ සති ආදානනික්ඛෙපනං පඤ්ඤායති. පාදෙසු සති අභික්කමපටික්කමො පඤ්ඤායති. පබ්බෙසු සති සම්මිඤ්ජන{1} පසාරණං පඤ්ඤායති. කුච්ඡිස්මිං සති ජිඝච්ඡා පිපාසා පඤ්ඤායති. එවමෙව ඛො භික්ඛවෙ චක්ඛුස්මිං සති චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං{2}. සොතස්මිං සති සොතසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. ඝානස්මිං සති ඝානසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. ජිව්හාය සති ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. කායස්මිං සති කායසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. මනස්මිං සති මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං.
Sinhala BJT236. මහණෙනි අත් ඇති කල්හි ගැනීම බහා තැබීම පැනෙයි. පා ඇති කල්හි ඉදිරි ගමන ආපසු ගමන පැනෙයි. පුරුක් ඇති කල්හි හැකිලීම දිග හැරීම පැනෙයි. කුස ඇති කල්හි සාපවස පැනෙයි. මහණෙනි එසෙයින් ම ඇස ඇති කල්හි ඇස්පහස නිසා තමා තුල සුවදුක් උපදී. කන ඇති කල්හි සෝපහස නිසා තමා තුල සුවදුක් උපදී. නැහැය ඇති කල්හි නැහැපහස නිසා තමා තුළ සුවදුක් උපදී. දිව ඇති කල්හි දිව්පහස නිසා තමා තුල සුවදුක් උපදී. කය ඇති කල්හි කාපහස නිසා තමාතුළ සුවදුක් උපදී. මන ඇති කල්හි මනපහස නිසා තමා තුල සුවදුක් උපදී.
Pali BJTහත්ථෙසු භික්ඛවෙ අසති ආදානනික්ඛෙපනං න පඤ්ඤායති, පාදෙසු අසති අභික්කමපටික්කමො න පඤ්ඤායති, පබ්බෙසු අසති සමිඤ්ජනපසාරණං න පඤ්ඤායති, කුච්ඡිස්මිං අසති ජිඝච්ඡා පිපාසා න පඤ්ඤායති. එවමෙව ඛො භික්ඛවෙ චක්ඛුස්මිං අසති චක්ඛුසම්ඵස්සපච්චයා නුප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. සොතස්මිං අසති -පෙ- ඝානස්මිං අසති -පෙ- ජිව්හාය අසති ජිව්හාසම්ඵස්සපච්චයා නුප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. කායස්මිං අසති -පෙ- මනස්මිං අසති මනො සම්ඵස්සපච්චයා නුප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛන්ති.
Sinhala BJTමහණෙනි, අත් නැති කල්හි ගැනීම බහා තැබීම නො පැනෙයි. පා නැති කල්හි ඉදිරි ගමන ආපසු ගමන නො පැනෙයි. පුරුක් නැති කල්හි හැකිලීම දිගහැරීම නො පැනෙයි. කුස නැති කල්හි සාපවස නො පැනෙයි. මහණෙනි, එසෙයින් ම ඇස නැති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කන නැති කල්හි … නැහැය නැති කල්හි ... දිව නැති කල්හි දිව් පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කය නැති කල්හි ... සිත නැති කල්හි … මනපහස නිසා තමා තුළ සුවදුක් නූපදී යි.
Pali BJT1. 18. 10.
Sinhala BJT1. 18. 10.
Pali BJTදුතියහත්ථපාදුපමසුත්තං
Sinhala BJTදුතිය හත්‍ථපාදූපම සූත්‍රය
Pali BJT237. හත්ථෙසු භික්ඛවෙ සති ආදානනික්ඛෙපනං හොති, පාදෙසු සති අභික්කමපටික්කමො හොති. පබ්බෙසු සති සම්මිඤ්ජනපසාරණං හොති. කුච්ඡිස්මිං සති ජිඝච්ඡා පිපාසා හොති. එවමෙව ඛො භික්ඛවෙ චක්ඛුස්මිං සති චක්ඛු සම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. සොතස්මිං -පෙ- ඝානස්මිං -පෙ- ජිව්හාය -පෙ- කායස්මිං -පෙ- මනස්මිං සති මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං.
Sinhala BJT237. මහණෙනි, අත් ඇති කල්හි ගැනීම බහා තැබීම වෙයි. පා ඇති කල්හි ඉදිරි ගමන ආපසුගමන වෙයි. පුරුක් ඇති කල්හි හැකිලීම දිගහැරීම වෙයි. කුස ඇති කල්හි සාපවස වෙයි. මහණෙනි, එසෙයින් ම ඇස ඇති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් උපදී. කන …නැහැය … දිව ... කය … සිත ඇති කල්හි මනපහස නිසා තමා තුළ සුවදුක් උපදී.
Pali BJTහත්ථෙසු භික්ඛවෙ අසති ආදානනික්ඛෙපනං න හොති, පාදෙසු අසති අභික්කමපටික්කමො න හොති. පබ්බෙසු අසති සම්මිඤ්ජන පසාරණං න හොති, කුච්ඡිස්මිං අසති ජිඝච්ඡා පිපාසා න හොති. එවමෙව ඛො භික්ඛවෙ චක්ඛුස්මිං අසති චක්ඛුසම්ඵස්සපච්චයා නූප්පජ්ජති අජ්ඣත්තං සුඛං දුක්ඛං. සොතස්මිං අසති -පෙ- ඝානස්මිං අසති -පෙ- ජිව්හාය අසති -පෙ- කායස්මිං අසති -පෙ- මනස්මිං අසති මනොසම්ඵස්සපච්චයා නූප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛන්ති.
Sinhala BJTමහණෙනි, අත් නැති කල්හි ගැනීම බහා තැබීම නො වෙයි. පා නැති කල්හි ඉදිරි ගමන ආපසු ගමන නො වෙයි. පර්‍ව (පුරුක්) නැති කල්හි හැකිලීම දිග හැරීම නො වෙයි. කුස නැති කල්හි සාපවස නො වෙයි. මහණෙනි, එසෙයින් ම ඇස නැති කල්හි ඇස්පහස නිසා තමා තුළ සුවදුක් නූපදී. කන නැති කල්හි … නැහැය නැති කල්හි ... දිව නැති කල්හි … කය නැති කල්හි ... සිත නැති කල්හි මනපහස නිසා තමා තුළ සුවදුක් නූපදී යි.
Pali BJTසමුද්දවග්ගො අට්ඨාරසමො{1}
Sinhala BJTඅටළොස්වැනි සමුද්ද වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය :
Pali BJTද්වෙ සමුද්දා බාළිසිකො ඛීරරුක්ඛෙන කොට්ඨිතො කාමභූ උදායී චෙව ආදිත්තෙන ච අට්ඨමං හත්ථපාදූපමා ද්වෙති වග්ගො තෙන පවුච්චති.
Sinhala BJTසමුද්ද සූත්‍ර දෙකෙකි. බාළිසික, ඛීරරුක්ඛොපම, කොට්ඨිත , කාමභූ, උදායී, ආදිත්ත යයි සයෙකි. හත්‍ථපාදූපම සූත්‍ර දෙකෙකැ යි. එයින් වර්‍ගය යි කියනු ලැබේ.
Pali BJT19. ආසිවිසවග්ගො
Sinhala BJT19. ආසීවිස වර්‍ගය
Pali BJT1. 19. 1.
Sinhala BJT1. 19. 1.
Pali BJTආසිවිසොපමසුත්තං
Sinhala BJTආසිවිසෝපම සූත්‍රය
Pali BJT238. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT238. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ චත්තාරො ආසිවිසා{1} උග්ගතෙජා ඝොරවිසා. අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො{2}, තමෙනං එවං වදෙය්යුං: “ඉමෙ තෙ අම්භො පුරිස, චත්තාරො ආසිවිසා උග්ගතෙජා ඝොරවිසා කාලෙනකාලං වුට්ඨාපෙතබ්බා, කාලෙන කාලං නහාපෙතබ්බා,{3} කාලෙන කාලං භොජෙතබ්බා, කාලෙන කාලං සංවෙසෙතබ්බා{4}; යදා ච ඛො තෙ අම්භො පුරිස, ඉමෙසං චතුන්නං ආසිවිසානං උග්ගතෙජානං ඝොරවිසානං අඤ්ඤතරො වා අඤ්ඤතරො වා කුප්පිස්සති: තතො ත්වං අම්භො පුරිස මරණං වා නිගච්ඡසි{5} මරණමත්තං වා දුක්ඛං: යන්තෙ අම්භො, පුරිස කරණීයං තං කරොහී”ති.
Sinhala BJTමහණෙනි, යම් සේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සර්‍පයෝ සිවුදෙනෙක් වෙද්ද, එකල්හි ජීවත්වනු කැමති නො මැරෙණු කැමති සුව කැමති දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති මේ සතර අසීවිසයෝ සිවුදෙන තා විසින් කලින් කල නැගීසිටුවිය යුතුහ. කලින් කල නැහැවිය යුතුහ. කලින් කල වැළඳවිය යුතුහ. කලින් කල හොවවිය යුතුහ. එම්බල පුරුෂය, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති මේ සූසපුන්ගෙන් එක්තරා එක්තරා එකෙක් හෝ කිපෙන්නේ නම් එම්බල පුරුෂය, ඒ හේතුවෙන් තෙපි මරණයට හෝ මරණය පමණ දුකකට හෝ පැමිණෙන්නහු ය. එම්බල පුරුෂය, තොප විසින් යමක් කට යුතු නම් එය කරවු යි.
Pali BJTඅථ ඛො සො භික්ඛවෙ පුරිසො භීතො චතුන්නං ආසිවිසානං උග්ගතෙජානං ඝොරවිසානං යෙන වා තෙන වා පලායෙථ. තමෙනං එවං වදෙය්යුං: ඉමෙ තෙ{6} අම්භො පුරිස, පඤ්චවධකා පච්චත්ථිකා පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධා{7} යත්ථෙව නං පස්සිස්සාම තත්ථෙව ජීවිතා වොරොපෙස්සාමාති; යන්තෙ අම්භො පුරිස කරණීයං තං කරොහීති. අථ ඛො සො භික්ඛවෙ පුරිසො භීතො චතුන්නං ආසිවිසානං උග්ගතෙජානං ඝොරවිසානං, භීතො පඤ්චන්නං වධකානං පච්චත්ථිකානං යෙන වා තෙන වා පලායෙථ.
Sinhala BJTමහණෙනි, එකල්හි ඒ පුරුෂ තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සූසපුන්ට බිය වූයේ යම් ඒ තැනකට හෝ පලා යන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, සතුරු වූ මේ වධකයෝ පස්දෙනෙක් ‘යම් තැනෙක දී ම ඔහු දක්නමෝ නම් එහිදී ම දිවියෙන් තොර කරන්නෙමු’යි තා පසුපස ලුහුබඳනාහ. එම්බල පුරුෂය, තා විසින් යමක් කට හැකි නම් එය කරව’ යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති ඒ සූසපුන්ට බිය වූයේ සතුරු වූ වධකයන් පස්දෙනාට බිය වූයේ යම් ඒ තැනෙක හෝ පලා යන්නේ ය.
Pali BJTතමෙනං එවං වදෙය්යුං: අයං තෙ අම්භො පුරිස ඡට්ඨො අන්තරචරො වධකො උක්ඛිත්තාසිකො පිට්ඨිතො පිට්ඨිතො අනුබද්ධො යත්ථෙව නං පස්සිස්සාමි තත්ථෙව සිරො පාතෙස්සාමීති{8} යන්තෙ අම්භො පුරිස කරණීයං තං කරොහීති. අථ ඛො සො භික්ඛවෙ පුරිසො භීතො චතුන්නං ආසිවිසානං උග්ගතෙජානං ඝොරවිසානං, භීතො පඤ්චන්නං වධකානං පච්චත්ථිකානං භීතො, ඡට්ඨස්ස අන්තරචරස්ස වධකස්ස උක්ඛිත්තාසිකස්ස යෙන වා තෙන වා පලායෙථ.
Sinhala BJTඒ මොහුට මෙසේ කියන්නාහු ය. එම්බල පුරුෂය, ඇතුළත හැසිරෙන මේ සවැනි වධකයෙක් ‘යම් තැනෙක දී ම ඔහු දක්නෙම් නම් එහිදී ම හිස සිඳ හෙළන්නේමි යි ඔසවා ගත් කඩුවක් ඇත්තේ තා පසුපස ලුහුබඳනේ ය. එම්බල පුරුෂය, තොප විසින් යමක් කට හැකි නම් එය කරව’යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශිර්විෂයන්ට බිය වූයේ සතුරු වූ පස් වධකයන්ට බිය වූයේ ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයාට බිය වූයේ යම් තැනෙක හෝ පලා යන්නේ ය.
Pali BJTසො පස්සෙය්ය සුඤ්ඤං ගාමං: යඤ්ඤදෙව ඝරං පවිසෙය්ය රිත්තකඤ්ඤෙව පවිසෙය්ය, තුච්ඡකඤ්ඤෙව පවිසෙය්ය, සුඤ්ඤකඤ්ඤෙව පවිසෙය්ය. යඤ්ඤදෙව භාජනං පරිමසෙය්ය, රිත්තකඤ්ඤෙව පරිමසෙය්ය තුච්ඡකඤ්ඤෙව පරිමසෙය්ය සුඤ්ඤකඤ්ඤෙව පරිමසෙය්ය. තමෙනං එවං වදෙය්යුං: ඉදානම්භො පුරිස, ඉමං සුඤ්ඤං ගාමං චොරා ගාමඝාතකා වධිස්සන්ති,{1} යන්තෙ අම්භො පුරිස, කරණීයං තං කරොහීති.
Sinhala BJTහෙතෙමේ හිස් ගමක් දක්නේ ය. යම් යම් ගෙයකට පිවිසෙන්නේ නම් කිසිවක් නැති ගෙයකට ම පිවිසෙන්නේ ය. හිස් ගෙයකට ම පිවිසෙන්නේ ය. ශුන්‍ය ගෙයකට ම පිවිසෙන්නේ ය. යම් යම් බඳුනක් (ආහාරපාන ඇතැයි) අල්ලන්නේ නම් කිසිවක් නැත්තක් ම අල්ලන්නේ ය. හිස් වූවක් ම අල්ලන්නේ ය. ශුන්‍ය වූවක් ම අල්ලන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: එම්බල පුරුෂය, ගම් පහරන හොරු දැන් මේ ගම නසන්නාහ. තා විසින් යමක් කළ හැකි නම් එය කරව යි.
Pali BJTඅථ ඛො සො භික්ඛවෙ පුරිසො භීතො චතුන්නං ආසිවිසානං උග්ගතෙජානං ඝොරවිසානං, භීතො පඤ්චන්නං වධකානං පච්චත්ථිකානං, භීතො ඡට්ඨස්ස අන්තරචරස්ස වධකස්ස උක්ඛිත්තාසිකස්ස, භීතො චොරානං ගාමඝාතකානං යෙන වා තෙන වා පලායෙථ. සො පස්සෙය්ය මහන්තං උදකණ්ණවං, ඔරිමංතීරං සාසඞ්කං සප්පටිභයං පාරිමංතීරං ඛෙමං අප්පටිභයං. නත්ථස්ස{2} නාවා සන්තාරණී උත්තරසෙතු වා අපරාපරං{3} ගමනාය.
Sinhala BJTමහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශිර්විෂයන්ට බිය වූයේ සතුරු වූ පස්වධකයන්ට බිය වූයේ ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයාට බිය වූයේ ගම්පහරන සොරුන්ට බිය වූයේ යම් ඒ තැනක හෝ පලා යන්නේ ය. හෙතෙමේ මහත් ජලාසයක් දක්නේ ය. මෙතෙර සැක සහිත ය. බිය සහිත ය. පරතෙර උවදුරු රහිත ය. බිය රහිත ය. එහි එතෙර මෙතෙර කරන නැවක් හෝ ඔබමොබ යෑමට හෙයක් හෝ නැත.
Pali BJTඅථ ඛො භික්ඛවෙ තස්ස පුරිසස්ස එවමස්ස: ‘අයං ඛො මහාඋදකණ්ණාවො, ඔරිමඤ්ච තීරං සාසඞ්කං සප්පටිභයං, පාරිමංතීරං ඛෙමං අප්පටිභයං, නත්ථි ච නාවා සන්තාරණී උත්තරසෙතු වා අපරාපරං ගමනාය. යන්නූනාහං තිණකට්ඨසාඛාපලාසං සංකඩ්ඪිත්වා කුල්ලං බන්ධිත්වා තං කුල්ලං නිස්සාය හත්ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්ථිනා පාරං ගච්ඡෙය්යන්ති.’ අථ ඛො සො භික්ඛවෙ පුරිසො තිණකට්ඨසාඛාපලාසං සංකඩ්ඪිත්වා කුල්ලං බන්ධිත්වා තං කුල්ලං නිස්සාය හත්ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්ථිනා පාරං ගච්ඡෙය්ය, තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
Sinhala BJTමහණෙනි, එකල්හි ඒ පුරිස්හට මෙබඳු සිතෙක් වන්නේ ය: ‘මෙය මහාජලාසයෙකි. මෙතෙර සැක සහිත ය. බිය සහිත ය. පරතෙර උවදුරු රහිත ය. බිය රහිත ය. එතෙර මෙතෙර කරන නැවක් හෝ ඔබමොබ යෑමට හෙයක් හෝ නැත. මම තණ දර අතු කොළ රැස් කොට පහුරක් බැඳ ඒ පහුර නිසා අතින් ද පයින් ද වෑයම් කරමින් සුවසේ පරතෙරට යන්නෙම් නම් මැනවැ’යි. මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ තණ දර අතු කොල රැස් කොට පහුරක් බැඳ ඒ පහුර නිසා අතින් ද පයින් ද වෑයම් කරමින් සුවසේ පරතෙරට යන්නේ ය. තරණය කළ පරතෙරට පැමිණි බමුණු තෙමේ (නිවන් නැමැති) ගොඩබිම සිටී.
Pali BJTඋපමා ඛො ම්යායං භික්ඛවෙ, කතා අත්ථස්ස විඤ්ඤාපනත්ථාය, අයඤ්චෙවෙත්ථ අත්ථො: චත්තාරො ආසිවිසා උග්ගතෙජා ඝොරවිසාති ඛො භික්ඛවෙ, චතුන්නෙතං{4} මහාභූතානං අධිවචනං, පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා.
Sinhala BJTමහණෙනි, මා විසින් අරුත් ඇඟවිම පිණිස මේ උපමාව කරන ලදී. මේ මෙහි අර්‍ත්‍ථ යයි: මහණෙනි, බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශීර්විෂයෝ යනු පඨවි ධාතුවට ද ආපෝ ධාතුවට ද තේජෝ ධාතුවට ද වායෝ ධාතුවට ද යන සතර මහාභූතයන්ට මේ නමෙකි.
Pali BJTපඤ්ච වධකා පච්චත්ථිකාති ඛො භික්ඛවෙ, පඤ්චන්නෙතං{5} උපාදානක්ඛන්ධානං අධිවචනං, සෙය්යථිදං – රූපුපාදානක්ඛන්ධස්ස, වෙදනූපාදානක්ඛන්ධස්ස, සඤ්ඤූපාදානක්ඛන්ධස්ස, සඞ්ඛාරූපාදානක්ඛන්ධස්ස, විඤ්ඤාණූපාදානක්ඛන්ධස්ස. ඡට්ඨො අන්තරචරො වධකො උක්ඛිත්තාසිකොති ඛො භික්ඛවෙ, නන්දිරාගස්සෙතං අධිවචනං. සුඤ්ඤො ගාමොති ඛො භික්ඛවෙ, ඡන්නෙතං{6} අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං.
Sinhala BJTමහණෙනි, ‘සතුරු වූ පස්වධකයෝ’ ය යනු උපාදානස්කන්‍ධ පසට එනම් රූපෝපාදානස්කන්‍ධයට ද වේදනෝපාදානස්කධයට ද සංඥෝපාදානස්කන්‍ධයට ද සංස්කාරෝපාදානස්කන්‍ධයට ද විඥානෝපාදානස්කන්‍ධයට ද මේ නමෙකි. මහණෙනි, ඇතුළත හැසිරෙන ඔසවා ගත් කඩු ඇති සවන වධකයා ය යනු නන්‍දිරාගයට මේ නමෙකි. මහණෙනි, ‘හිස්ගම’ය යනු ආධ්‍යාත්මික ෂඩායතනයට මේ නමෙකි.
Pali BJTචක්ඛුතො චෙපි නං භික්ඛවෙ පණ්ඩිතො ව්යත්තො මෙධාවී උපපරික්ඛති, රිත්තකඤ්ඤෙව ඛායති, තුච්ඡකඤ්ඤෙව ඛායති, සුඤ්ඤකඤ්ඤෙව ඛායති. සොතතො චෙපි නං භික්ඛවෙ -පෙ- ඝානතො චෙපි නං භික්ඛවෙ -පෙ- ජිව්හාතො චෙපි නං භික්ඛවෙ -පෙ- කායතො චෙපි නං භික්ඛවෙ -පෙ- මනතො චෙපි නං භික්ඛවෙ පණ්ඩිතො ව්යත්තො මෙධාවී උපපරික්ඛති; රිත්තකඤ්ඤෙව ඛායති, තුච්ඡකඤ්ඤෙව ඛායති, සුඤ්ඤකඤ්ඤෙව ඛායති.
Sinhala BJTමහණෙනි, ව්‍යක්ත වූ නුවණැති පණ්ඩිත තෙමේ ඉදින් ඇසිනුත් එය පිරික්සා නම් කිසිවක් නැත්තක් ව ම වැටහේ. සිස් වූවක් ව ම වැටහේ. ශුන්‍ය වූවක් ව ම වැටහේ. මහණෙනි, ඉදින් කනිනුත් එය … මහණෙනි, ඉදින් නැහැයෙනුත් එය ... මහණෙනි, ඉදින් දිවෙනුත් එය ... මහණෙනි, ඉදින් කයෙනුත් එය ... මහණෙනි, ව්‍යක්ත වූ නුවණැති පණ්ඩිත තෙමේ ඉදින් සිතිනුත් එය පිරික්සා නම් කිසිත් නැත්තක් ව ම වැටහේ. සිස් වූවක් ව ම වැටහේ. ශුන්‍ය වූවක් ව ම වැටහේ,
Pali BJTචොරා ගාමඝාතකාති ඛො භික්ඛවෙ, ඡන්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං. චක්ඛු භික්ඛවෙ හඤ්ඤති මනාපාමනාපෙසු රූපෙසු, සොතං හඤ්ඤති මනාපාමනාපෙසු සද්දෙසු, ඝානං හඤ්ඤති මනාපාමනාපෙසු ගන්ධෙසු, ජිව්හා හඤ්ඤති මනාපාමනාපෙසු රසෙසු, කායො හඤ්ඤති මනාපාමනාපෙසු ඵොට්ඨබ්බෙසු. මනො හඤ්ඤති මනාපාමනාපෙසු ධම්මෙසු.
Sinhala BJTමහණෙනි, ‘ගම් පහරන සොරු’ය යනු බාහිර ෂඩායතනයන්ට මේ නමෙකි. මහණෙනි, ඇස ඉටුඅනිටු රූහි ගැටෙයි, කන ඉටු අනිටු සදෙහි ගැටෙයි. නැහැය ඉටු අනිටු ගඳෙහි ගැටෙයි, දිව ඉටු අනිටු රසෙහි ගැටෙයි. කය ඉටු අනිටු පහස්හි ගැටෙයි. සිත ඉටු අනිටු දහම් හි ගැටේ.
Pali BJTමහාඋදකණ්ණවොති ඛො භික්ඛවෙ, චතුන්නෙතං ඔඝානං අධිවචනං: කාමොඝස්ස, භවොඝස්ස, දිට්ඨොඝස්ස, අවිජ්ජොඝස්ස. ඔරිමං තීරං සාසඞ්කං සප්පටිභයන්ති ඛො භික්ඛවෙ සක්කායස්සෙතං අධිවචනං. පාරිමං තීරං ඛෙමං අප්පටිභයන්ති ඛො භික්ඛවෙ, නිබ්බානස්සෙතං අධිවචනං. කුල්ලන්ති ඛො භික්ඛවෙ, අරියස්සෙතං අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං, සෙය්යථිදං: සම්මාදිට්ඨියා සම්මාසඞ්කප්පස්ස සම්මාවාචාය සම්මාකම්මන්තස්ස, සම්මාආජීවස්ස, සම්මාවායාමස්ස, සම්මාසතියා, සම්මාසමාධිස්ස. හත්ථෙහි ච පාදෙහි ච වායමමානොති ඛො භික්ඛවෙ විරියාරම්භස්සෙතං අධිවචනං. තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණොති ඛො භික්ඛවෙ, අරහතො එතං අධිවචනන්ති.
Sinhala BJTමහණෙනි, ‘මහාජලාසය’ ය යනු කාමෝඝයට ද භවොඝයට ද දිට්ඨොඝයට ද අවිජ්ජෝඝයට ද යන චතුරොඝයට මේ නමෙකි. මහණෙනි, ‘සැක සහිත බිය සහිත මෙතෙර’ය යනු සක්කාය (ත්‍රෛභූමක පඤ්චස්කන්‍ධ) යට මේ නමෙකි. මහණෙනි, ‘උවදුරු රහිත බිය රහිත පරතෙරය’ යනු නිවනට මේ නමෙකි. මහණෙනි, ‘පහුරය’ යනු අරිඅටඟිමඟට එනම් - සම්මාදිට්ඨියට ද සම්මාසඞ්කප්පයට ද සම්මාවාචාවට ද සම්මාකම්මන්තයට ද සම්මාආජීවයට ද සම්මාවායාමයට ද සම්මාසතියට ද සම්මාසමාධියට ද මේ නමෙකි. මහණෙනි, ‘අතින් ද පයින් ද වෑයම් කරන්නේ ය’ යනු විරියාරම්භයට මේ නමෙකි. මහණෙනි, තරණය කළ පරතෙරට පැමිණි බමුණු තෙමේ ගොඩබිම සිටී’ යනු රහතුන් වහන්සේට මේ නමෙකි යි.
Pali BJT1. 19. 2.
Sinhala BJT1. 19. 2.
Pali BJTරථූපමසුත්තං
Sinhala BJTරථූපම සූත්‍රය
Pali BJT239. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛසොමනස්සබහුලො විහරති, යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයාය. කතමෙහි තීහි: ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති, භොජනෙ මත්තඤ්ඤූ, ජාගරියං අනුයුත්තො.
Sinhala BJT239. මහණෙනි, දහම් තුනකින් සමන්‍විත වූ මහණ දිටුදැමියෙහි ම සුවසොම්නස් බහුල ව වෙසෙයි, කෙලෙසුන් නැසීම පිණිස කරුණු ද ඔහුට පිරිපුන් වෙයි. කවරතුනකින් ද යත්: ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ බොදුනෙහි පමණ දන්නේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති;
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිති වශයෙන් නො ගන්නේ අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වෙයි. යම් හේතුවකින් චක්ඛුන්‍ද්‍රියය සංවෘත නො කොට වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු ද, එහි සංවරය පිණිස පිළිපදියි. ඇස රකියි. ඇසෙහි සංවරයට පැමිණෙයි.
Pali BJTසොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති.
Sinhala BJTකනින් සද අසා ... නැහැයෙන් ඟඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන නිමිති විසින් නො ගන්නේ අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් හේතුවකින් මනින්‍ද්‍රියය සංවෘත නො කොට වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු ද එහි සංවරය පිණිස පිළිපදියි. සිත රකියි. සිතෙහි සංවරයට පැමිණෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සුභූමියං චාතුම්මහාපථෙ ආජඤ්ඤරථො යුත්තො අස්ස{1} ඔධස්තපතොදො:{2} තමෙනං දක්ඛො යොග්ගාචරියො අස්සදම්මසාරථි අභිරූහිත්වා වාමෙන හත්ථෙන රස්මියො ගහෙත්වා, දක්ඛිණෙන හත්ථෙන පතොදං ගහෙත්වා, යෙනිච්ඡකං යදිච්ඡකං සාරෙය්යපි පච්චාසාරෙය්යපි. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං ආරක්ඛාය සික්ඛති. සඤ්ඤමාය සික්ඛති, දමාය සික්ඛති, උපසමාය සික්ඛති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
Sinhala BJTමහණෙනි, යම්සේ මනාබිමෙක සිවුමංසලක සරසට ලූ කෙවිටි ඇති අජානීය අසුන් යෙදූ රථයක් තබන ලද්දේ වේ ද, අසුන් හික්මවීමෙහි සමත් දක්‍ෂ රියැදුරෙක් ඒ මේ රියට නැගී වමතින් රැහැන් ගෙන දකුණතින් කෙවිට ගෙන යම් කැමති දිගකින් යම් කැමති දිගකට හසුරුවන්නෙත් පෙරළා හසුරුවන්නෙත් වෙයි. මහණෙනි, එසෙයින් ම මහණ මේ සයිඳුරන් රැකීම පිණිස හික්මෙයි. සංයමය පිණිස හික්මෙයි. දමනය පිණිස හික්මෙයි. උපසමය පිණිස හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ ඉඳුරන්හි වසන ලද දොර ඇත්තේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛායොනිසො ආහාරං ආහාරෙති: ‘නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’ති. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො වණං{3} ආලිම්පෙය්ය. යාවදෙව රොපනත්ථාය{4} සෙය්යථා වා පන අක්ඛං අබ්භඤ්ජෙය්ය යාවදෙව භාරස්ස නිත්ථරණත්ථාය; එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛායොනිසො ආහාරං ආහාරෙති. නෙව දවාය න මදාය න මණ්ඩනාය, න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ භෝජනයෙහි පමණ දන්නේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා අහර වළඳයි. (කෙසේ ද යත්:) කෙළි පිණිස නො වෙයි. මද පිණිස නො වෙයි. අඟපසඟ වඩනු පිණිස නො වෙයි. සැරසුම් පිණිස නො වෙයි. මේ කයෙහි පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. සාගිනි වේදනා වැළැක්ම පිණිස ම ය. බඹසරට අනුග්‍රහ පිණිස ම ය. මෙසේ පැරණි වේදනාව ද නසමි. අලුත් වේදනා ද නූපදවන්නෙමි. මාගේ ඉරියවු පැවැත්ම ද නිවරද බව ද පහසු විහරණය ද වන්නේ යයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මස් වැඩීම පිණිස ම වණයක බෙහෙත් ගල්වන්නේ ද යම්සේ හෝ බර ගෙන යනු පිණිස ම අකුරෙහි තෙල් ගල්වන්නේ ද මහණෙනි, එසෙයින් ම මහණ නුවණින් සලකා අහර වළඳයි. (කෙසේ ද යත්:) කෙළි පිණිස නො වෙයි. මඳ පිණිස නො වෙයි. අඟපසඟ වඩනු පිණිස නො වෙයි. සැරසුම පිණිස නො වෙයි. මේ කයෙහි පැවැත්ම පිණිසම ය. යැපීම පිණිස ම ය. වේදනා නැසීම පිණිස ම ය. බඹසරට අනුග්‍රහ පිණිස ම ය. මෙසේ පැරැණි වේදනාත් නසමි. අලුත් වේදනාත් නූපදවන්නෙමි. මාගේ ඉරියවු පැවැත්ම ද නිවරදබව ද පහසු විහරණය ද වන්නේ යයි. මහණෙනි, මෙසේ මහණ භෝජනයෙහි පමණ දන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති,
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ නිදි වැරීමෙහි යෙදුනේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ දහවල මුළුල්ලෙහි සක්මනින් ද හිඳීමෙන් ද නීවරණදහමුන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJTරත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා. රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛසොමනස්සබහුලො විහරති: යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයායාති.
Sinhala BJTරෑ පෙරයම සක්මනින් හා හිඳීමෙන් ද නීවරණදහමුන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදියම දකුණු පයෙහි වම් පය මදක් මෑත් කොට තබා සිහි ඇති ව මනා නුවණැති ව (මෙතෙක් කලෙකින්) නැගිටිමි යන හැඟීම මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කෙරෙයි. රෑ පැසුලුයම නැගිට සක්මනින් හා හිඳීමෙන් ද නීවරණදහමුන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. මහණෙනි, මහණ මෙසේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, මේ තුන්දහමුන්ගෙන් යුත් මහණ දිටුදැමියෙහි ම සුවසොම්නස් බහුල කොට ඇත්තේ වෙසෙයි. කෙලෙසුන් නැසීම පිණිස කරුණු ද පිරිපුන් වූයේ වේ යි.
Pali BJT1. 19. 3.
Sinhala BJT1. 19. 3.
Pali BJTකුම්මොපමසුත්තං
Sinhala BJTකුම්මොපම සූත්‍රය
Pali BJT240. භූතපුබ්බං භික්ඛවෙ, කුම්මො කච්ඡපො සායන්හසමයං අනු නදීතීරෙ ගොචරපසුතො අහොසි; සිගාලොපි ඛො භික්ඛවෙ සායන්හසමයං අනුනදීතීරෙ ගොචරපසුතො හොති. අද්දසා ඛො භික්ඛවෙ කුම්මො කච්ඡපො සිගාලං දූරතොව ගොචරපසුතං. දිස්වාන සොණ්ඩි පඤ්චමානි අඞ්ගානි සකෙ කපාලෙ සමොදහිත්වා අප්පොස්සුක්කො තුණ්හී භූතො සංකසායති{1}. සිගාලොපි ඛො භික්ඛවෙ අද්දස කුම්මං කච්ඡපා දූරතොව,{2} දිස්වාන යෙන කුම්මො කච්ඡපො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා කුම්මං කච්ඡපං පච්චුපට්ඨිතො අහොසි; යදායං කුම්මො කච්ඡපො සොණ්ඩිපඤ්චමානං අඞ්ගානං අඤ්ඤතරං වා අඤ්ඤතරං වා අඞ්ගං අභිනින්නාමෙස්සති, තත්ථෙව නං ගහෙත්වා උද්දාලිත්වා ඛාදිස්සාමීති. යදා ඛො භික්ඛවෙ කුම්මො කච්ඡපො සොණ්ඩිපඤ්චමානං අඞ්ගානං අඤ්ඤතරං වා අඤ්ඤතරං වා අඞ්ගං න අභිනින්නාමෙසි, අථ සිගාලො කුම්මම්හා නිබ්බිජ්ජ පක්කමි. ඔතාරං අලභමානො.
Sinhala BJT240. මහණෙනි, පෙර වූවක් කියමි: ඉදිබුවෙක් සවස් වේලෙහි ගංඉවුර අසබඩ ගොදුරු සෙවීමෙහි යෙදුනේ විය. මහණෙනි, සිවලෙක් ද සවස් වේලෙහි ගංඉවුර අසබඩ ගොදුරු සෙවීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, ඉදිබුවා ගොදුරු සෙවීමෙහි යෙදුණු සිවලා දුර දී ම දුටුයේ ය. දැක හිස පස්වැනි කොට ඇති අවයව සිය කබලෙහි බහා ගෙන නිරුත්සුකව නිහඬව හිඳී. මහණෙනි, සිවලා ද ඉදිබුවා දුර දී ම දුටු යේ ය. දැක ඉදිබුවා වෙත එළඹියේ ය. එළඹ “යම් කලෙක මේ ඉදිබුවා හිසපස්වැනි කොට ඇති අවයවයන්ගෙන් එක්තරා හෝ එක්තරා හෝ අවයව යක් පිටතට නිකුත් කරන්නේ නම් එහි ම එය ඩැහැ ගෙන කඩා කන්නෙමි” යි ඉදිබුවාට ළං ව සිටියේ ය. මහණෙනි, යම් කලෙක ඉදිබුවා හිසපස්වැනි කොට ඇති අවයවයන්ගෙන් එක්තරා හෝ එක්තරා අවයවයක් පිටතට නිකුත් නො කෙළේ ද එකල්හි සිවලා ඉඩක් නො ලබනුයේ ඉදිබුවාගෙන් ඉවත් ව ගියේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ තුම්හෙපි මාරො පාපිමා සතතං සමිතං පච්චුපට්ඨිතො; ‘අප්පෙවනාමාහං ඉමෙසං චක්ඛුතො වා ඔතාරං ලභෙය්යං, සොතතොවා ඔතාරං ලභෙය්යං, ඝානතොවා ඔතාරං ලභෙය්යං, ජිව්හාතො වා ඔතාරං ලභෙය්යං, කායතොවා ඔතාරං ලභෙය්යං, මනතො වා ඔතාරං ලභෙය්ය”න්ති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම තොප වෙත ද පවිටු මරු තෙමේ “මම මොවුන්ගේ ඇසින් හෝ ඉඩක් ලබන්නේ නම් කනින් හෝ ඉඩක් ලබන්නෙම් නම් නැහැයෙන් හෝ ඉඩක් ලබන්නෙම් නම් දිවෙන් හෝ ඉඩක් ලබන්නෙම් නම් කයින් හෝ ඉඩක් ලබන්නෙම් නම් සිතින් හෝ ඉඩක් ලබන්නෙම් නම් මැනවැ යි නිතර එළඹ සිටියේ වෙයි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, ඉන්ද්රියෙසු ගුත්තද්වාරා විහරථ. චක්ඛුනා රූපං දිස්වා මා නිමිත්තග්ගාහිනො අහුවත්ථ, මානුබ්යඤ්ජනග්ගාහිනො. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජථ, රක්ඛථ චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජථ.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා ඉඳුරන්හි වැසූ දොර ඇති ව වසවු. ඇසින් රූ දැක නිමිති විසින් ගන්නෝ නොවවු. අනුව්‍යඤ්ජන විසින් ගන්නෝ නොවවු. යමක් හේතු කොට ගෙන චක්ඛුන්‍ද්‍රිය සංවෘත නො කොට වෙසෙන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. චක්ඛුන්‍ද්‍රිය රකිවු. චක්ඛුන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙවු.
Pali BJTසොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහිනො අහුවත්ථ, මානුබ්යඤ්ජනග්ගාහිනො. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජථ, රක්ඛථ මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජථ. යතො ඛො තුම්හෙ භික්ඛවෙ, ඉන්ද්රියෙසු ගුත්තද්වාරා විහරිස්සථ, අථ තුම්හෙහිපි මාරො පාපිමා නිබ්බිජ්ජ පක්කමිස්සති, ඔතාරං අලභමානො කුම්මම්හාව සිගාලොති.
Sinhala BJTකනින් සද අසා ... නැහැයින් ඟඳ ගෙන ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන නිමිති විසින් ගන්නෝ නොවවු. අනුව්‍යඤ්ජන විසින් ගන්නෝ නොවවු. යමක් හේතුකොට ගෙන මනින්‍ද්‍රියය සංවෘත නො කොට වසන මොහු අභිජ්ඣා දෝමනස්ස යන ලාමක අකුසල් දහම්හු අනුබඳනාහු නම් එහි සංවරය පිණිස පිළිපදිවු. මනින්‍ද්‍රියය රකිවු. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙවු. මහණෙනි, යම් කලෙක තෙපි ඉඳුරන්හි වැසූ දොර ඇති ව වසන්නහු නම් එකල්හි පවිටු මරු තෙමේ ඉඩක් නො ලබනුයේ කලකිරී ඉදිබුවා කෙරෙන් සිවලා මෙන් තොප කෙරෙනුදු ඉවත් ව යන්නේ ය.
Pali BJTකුම්මොව අඞ්ගානි සකෙ කපාලෙ සමොදහං භික්ඛු මනො විතක්කෙ අනිස්සිතො අඤ්ඤමහෙඨයානො පරිනිබ්බුතො න උපවදෙය්ය කඤ්චීති.
Sinhala BJTසිය කබලෙහි අවයව බහා ගන්නා ඉදිබුවා මෙන් මහණ සිතිවිලි බහා තබන්නේ (තෘෂ්ණා දෘෂ්ටීන් විසින්) නොඇසුරුකරන ලදුයේ මෙරමා නො පෙළනුයේ පිරිනිවියේ කිසිවකුට උපවාද නො කරන්නේ යයි.
Pali BJT1. 19. 4.
Sinhala BJT1. 19. 4.
Pali BJTදාරුක්ඛන්ධොපමසුත්තං
Sinhala BJTදාරුක්ඛන්‍ධොපම සූත්‍රය
Pali BJT241. එකං සමයං භගවා අයොජ්කධායං{1} විහරති ගඞ්ගාය නදියා තීරෙ. අද්දසා ඛො භගවා මහන්තං දාරුක්ඛන්ධං ගඞ්ගාය නදියා සොතෙන වුය්හමානං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි, පස්සථ නො තුම්හෙ භික්ඛවෙ අමුං මහන්තං දාරුක්ඛන්ධං ගඞ්ගාය නදියා සොතෙන වුය්හමානන්ති? එවම්භන්තෙ.
Sinhala BJT241. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ අයෝධ්‍යා නුවර සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගසා ගෙන යන මහත් දරකඳක් දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගෙන යනු ලබන තෙල මහදරකඳ දකිවු දැ? යි. වහන්ස, එසේ ය.
Pali BJTසචෙ සො භික්ඛවෙ දාරුක්ඛන්ධො න ඔරිමං තීරං උපගච්ඡති, න පාරිමං තීරං උපගච්ඡති, න මජ්ඣෙ සංසීදිස්සති, න ථලෙ උස්සීදිස්සති, න මනුස්සග්ගාහො භවිස්සති, න අමනුස්සග්ගාහො භවිස්සති, න ආවට්ටග්ගාහො භවිස්සති, න අන්තොපූති භවිස්සති: එවං හි සො භික්ඛවෙ දාරුක්ඛන්ධො සමුද්දනින්නො භවිස්සති, සමුද්දපොණො සමුද්දපබ්භාරො. තං කිස්ස හෙතු, සමුද්දනින්නො භික්ඛවෙ, ගඞ්ගාය නදියා සොතො, සමුද්දපොණො, සමුද්දපබ්භාරො.
Sinhala BJTමහණෙනි, ඉදින් දරකඳ මෙතෙරට නො පැමිණේ නම් එතෙරට නො පැමිණේ නම් මැද නො කිඳා නම් ගොඩට නො ගැසෙන්නේ නම් මිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ නම් නොමිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ නම් සුළියකට හසුවීමෙක් නො වන්නේ නම් ඇතුළත කුණුවූයේ (ගඟ තුළ ම දිරාගියේ) නො වන්නේ නම් මහණෙනි, මෙසේ ඒ දරකඳ මුහුදට නැමුණේ මුහුදට නැඹුරු වූයේ මුහුදට බර වූයේ වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ගඞ්ගා නදියෙහි සැඩපහර මුහුදට නැමුනේ ය. මුහුදට නැඹුරු වූයේ ය. මුහුදට බර වූයේ ය. (එහෙයිනි)
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, සචෙ තුම්හෙපි න ඔරිමං තීරං උපගච්ඡථ{2} න පාරිමං තීරං උපගච්ඡථ, න මජ්ඣෙ සංසීදිස්සථ, න ථලෙ උස්සීදිස්සථ, න මනුස්සග්ගාහා හෙස්සථ{3}, න අමනුස්සග්ගාහා හෙස්සථ, න ආවට්ටග්ගාහා හෙස්සථ, න අන්තොපූති භවිස්සථ. එවං තුම්හෙ භික්ඛවෙ, නිබ්බානනින්නා භවිස්සථ, නිබ්බානපොණා නිබ්බානපබ්භාරා. තං කිස්ස හෙතු: නිබ්බානනින්නා භික්ඛවෙ, සම්මාදිට්ඨි, නිබ්බානපොණා, නිබ්බානපබ්භාරාති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම තෙපි දු ඉදින් මෙතෙරට නො පැමිණෙවු නම් පරතෙරට නො පැමිණෙවු නම් මැද නො කිඳෙන්නහු නම් ගොඩට නො ගැසෙන්නහු නම් මිනිසුන් විසින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් නොමිනිසුන් විසින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් සුළියකින් ගන්නා ලද්දෝ නො වන්නහු නම් ඇතුළත කුණු වූවෝ නො වන්නහු නම් මහණෙනි, මෙසේ තෙපි නිවනට නැමුණාහු නිවනට නැඹුරු වූවාහු නිවනට බර වූවාහු වන්නහු ය ඒ කවර හෙයින යත්: මහණෙනි, සම්මාදිට්ඨිය නිවනට නැමුණේ ය. නිවනට නැඹුරු වූයේ ය. නිවනට බර වූයේ ය. (එහෙයිනි) යි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: කින්නු ඛො භන්තෙ, ඔරිමංතීරං? කිං පාරිමංතීරං? කො මජ්ඣෙ සංසාදො{1}? කො ථලෙ උස්සාදො? කො මනුස්සග්ගාහො? කො අමනුස්සග්ගාහො? කො ආවට්ටග්ගාහො? කො අන්තොපූතිභාවොති?
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, මෙතෙර කිමෙක් ද? එතෙර කිමෙක් ද? මැද කිඳීම කිමෙක් ද? ගොඩට ගැසීම කිමෙක් ද? මිනිසුන්ගේ ගැනීම කිමෙක් ද? නොමිනිසුන්ගේ ගැනීම කිමෙක් ද? සුළියක ගැනීම කිමෙක් ද? ඇතුළත කුණුවීම කිමෙක් දැ? යි.
Pali BJTඔරිමංතීරන්ති ඛො භික්ඛු, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. පාරිමංතීරන්ති ඛො භික්ඛු, ඡන්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං. මජ්ඣෙ සංසාදොති ඛො භික්ඛු, නන්දීරාගස්සෙතං අධිවචනං. ථලෙ උස්සාදොති ඛො භික්ඛු, අස්මිමානස්සෙතං අධිවචනං. කතමො ච භික්ඛු, මනුස්සග්ගාහො: ඉධ භික්ඛු, ගිහීහි සංසට්ඨො විහරති, සහනන්දී, සහසොකී, සුඛිතෙසු සුඛිතො, දුක්ඛිතෙසු දුක්ඛිතො, උප්පන්නෙසු කිච්ච කරණීයෙසු අත්තනා වොයොගං ආපජ්ජති. අයං වුච්චති භික්ඛු, මනුස්සග්ගාහො. කතමො ච භික්ඛු, අමනුස්සග්ගාහො: ඉධ භික්ඛු, එකච්චො අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති: ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති. අයං වුච්චති භික්ඛු, අමනුස්සග්ගාහො. ආවට්ටග්ගාහොති ඛො භික්ඛු, පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. කතමො ච භික්ඛු, අන්තොපූතිභාවො: ඉධ භික්ඛු, එකච්චො දුස්සීලො හොති පාපධම්මො. අසුචි සඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරිපටිඤ්ඤො අන්තොපූති අවස්සුතො කසම්බුජාතො.{2} අයං වුච්චති භික්ඛු, අන්තොපූතිභාවොති.
Sinhala BJTමහණ, ‘මෙතෙර’ යනු අධ්‍යාත්මික ෂඩායතනයට මේ නමෙකි, මහණ; ‘පරතෙර’ ය යනු බාහිර ෂඩායතනයට මේ නමෙකි. මහණ, ‘මැද කිඳීම’ යනු නන්‍දිරාගයට මේ නමෙකි. මහණ, ‘ගොඩට ගැසීම’ යනු අස්මිමානයට මේ නමෙකි. මහණ, මිනිසුන්ගේ ගැනීම කවරේ ද යත්: මෙහි මහණ ගිහියන් හා මිශ්‍ර වූයේ සමග සතුටු වන්නේ සමග ශෝක කරන්නේ සුවපත් වූවන් අතර සුවපත් වූයේ දුකට පැමිණියන් අතර දුකට පැමිණියේ වෙසෙයි. වැඩ කටයුතු උපන් කල්හි තමා එහි යෙදිය යුතුබවට පැමිණෙයි. මහණ, මේ මිනිසුන්ගේ ගැනීම යයි කියනු ලැබේ. මහණ, නො මිනිසුන්ගේ ගැනීම කවරේ ද යත්: මහණ මෙහි ඇතැමෙක් “මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වන්නෙමි” යි එක්තරා දේවනිකායක් පතා බඹසර කෙරෙයි. මහණ, මේ නොමිනිසුන්ගේ ගැනීම යයි කියනු ලැබේ. මහණ, සුළියක ගැනීම යනු පස්කම්ගුණයන්ට මේ නමෙකි. මහණ, ඇතුළත කුණුවීම කවරේ ද යත්: මහණ මෙසස්නෙහි ඇතැමෙක් දුසිල් වූයේ ලාමක ස්වභාව ඇත්තේ අපවිත්‍ර වූයේ සැකයෙන් සිහිකට යුතු හැසුරුම් ඇත්තේ සැඟවුණු ක්‍රියා ඇත්තේ නො මහණෙක් ව මහණෙක්මි යි පිළින ඇත්තේ බඹසර නැති ව බඹසර කරමියි පිළින ඇත්තේ ඇතුළත කුණු වූයේ වැගිරෙන කෙලෙස් ඇත්තේ හටගත් කෙලෙස් කසට ඇත්තේ වෙයි. මහණ, මේ ඇතුළත කුණුවීම යයි කියනු ලැබේ.
Pali BJTතෙන ඛො පන සමයෙන නන්දො ගොපාලකො භගවතො අවිදූරෙ ඨිතො හොති. අථ ඛො නන්දො ගොපාලකො භගවන්තං එතදවොච: අහං ඛො භන්තෙ, න ඔරිමංතීරං උපගච්ඡාමි, න පාරිමංතීරං උපගච්ඡාමි, න මජ්ඣෙ සංසීදිස්සාමි, න ථලෙ උස්සීදිස්සාමි, න මනුස්සග්ගාහො ගහිස්සති{3}, න අමනුස්සග්ගාහො ගහිස්සති, න ආවට්ටග්ගාහො ගහිස්සති, න අන්තොපූති භවිස්සාමි. ලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJTඑසමයෙහි නන්‍ද නම් ගොපලු තෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරේ සිටියේ වෙයි. එකල්හි නන්‍ද ගොපලු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, මම මෙතෙරට නො පැමිණෙමි. එතෙරට නො පැමිණෙමි. මැද නො කිඳෙන්නෙමි. ගොඩට නො ගැසෙන්නෙමි. මිනිසුන්ගේ ගැනීමෙක් නොවන්නේ ය. නොමිනිසුන්ගේ ගැනීමෙක් නො වන්නේ ය. සුළියක ගැනීමෙක් නො වන්නේ ය. ඇතුළත කුණු වූයෙම් නො වන්නෙමි, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි”යි.
Pali BJTතෙන හි ත්වං නන්ද, සාමිකානං ගාවො නීය්යාදෙහීති{4} ගමිස්සන්ති භන්තෙ, ගාවො වච්ඡගිද්ධිනියොති. නිය්යාදෙහෙව ත්වං නන්ද, සාමිකානං ගාවොති. අථ ඛො නන්දො ගොපාලකො සාමිකානං ගාවො නිය්යාදෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: නිය්යාදිතා භන්තෙ, සාමිකානං ගාවො. ලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJTනන්‍ද, එසේ වී නම් තෙපි හිමියන්ට ගෙරින් පාවාදෙවු යි. වහන්ස, වසුපැටවුන් කෙරෙහි ගිජු වූ දෙන්නු (තුමූ ම) යන්නාහ යි. නන්‍ද, තෙපි ම හිමියන්ට ගෙරින් පාවා දෙවු යි. එකල්හි නන්‍ද ගොපලු තෙමේ හිමියන්ට ගෙරින් පාවා දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, හිමියන්ට ගෙරිහු පාවා දෙන ලදහ. වහන්ස භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි යි.
Pali BJTඅලත්ථ ඛො නන්දො ගොපාලකො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථූපසම්පදං; අචිරූපසම්පන්නො ච පනායස්මා නන්දො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි, ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති අබ්භඤ්ඤාසි, අඤ්ඤතරො ච පනායස්මා නන්දො අරහතං අහොසීති.
Sinhala BJTනන්‍ද ගොපලු තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලද්දේ ය. උපසපුව ලද්දේ ය. උපසපන් වූ නොබෝකල් ඇති ආයුෂ්මත් නන්‍ද තෙමේ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයේ නො පමාව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නේ නොබෝකලකින් ම යමක් පිණිස කුලපුත්තු මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් නම් අනුත්තර වූ මගබඹසර කෙළවර වූ ඒ රහත් ඵලය දිටුදැමියෙහි ම තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ විසී ය. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලද, කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගත්තේ ය. නන්‍ද ආයුෂ්මත්හු රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.
Pali BJT1. 19. 5.
Sinhala BJT1. 19. 5.
Pali BJTදුතිය දාරුක්ඛන්ධොපමසුත්තං.
Sinhala BJTදුතිය දාරුක්ඛන්‍ධොපම සූත්‍රය
Pali BJT242. එවං මෙ සුතං එකං සමයං භගවා කිම්බිලායං{1} විහරති ගඞ්ගාය නදියා තීරෙ. අද්දසා ඛො භගවා මහන්තං දාරුක්ඛන්ධං ගඞ්ගාය නදියා සොතෙන වුය්හමානං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, අමුං මහන්තං දාරුක්ඛන්ධං ගඞ්ගාය නදියා සොතෙන වුය්හමානන්ති? එවං භන්තෙ. -පෙ- (විත්ථාරෙතබ්බං)
Sinhala BJT242. මා විසින් මෙසේ අසන ලදි. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලාව සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගානදියෙහි සැඩපහරින් ගසා ගෙන යන මහත් දරකඳක් දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි ගඞ්ගා නදියෙහි සැඩපහරින් ගසා ගෙන යන තෙල මහදරකඳ දකිවු දැ? යි. වහන්ස, එසේ ය ... (විතර කට යුතු යි)
Pali BJTඑවං වුත්තෙ ආයස්මා කිම්බිලො{2} භගවන්තං එතදවොච: කින්නු ඛො භන්තෙ, ඔරිමංතීරං? -පෙ- (විත්ථාරෙතබ්බං) කතමො ච කිම්බිල, අන්තොපූතිභාවො: ඉධ කිම්බිල භික්ඛු අඤ්ඤතරං සඞ්කිලිට්ඨං ආපත්තිං ආපන්නො හොති යථාරූපාය ආපත්තියා වුට්ඨානං{3} පඤ්ඤායති. අයං වුච්චති කිම්බිල, අන්තොපූතිභාවොති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මෙතෙර කිමෙක් ද? ... (විතර කට යුතු යි) කිම්බිල ඇතුළත කුණු වීම කවරේ ද යත්: කිම්බිල, මෙසස්නෙහි මහණ යම් බඳු ඇවතකින් නැඟී සිටීමෙක් පැනේ නම් (එබඳු) එක්තරා සකිලිටි ඇවැතකට පැමිණියේ වෙයි. කිම්බිල, මේ ඇතුළත කුණුවීම යයි කියනු ලැබේ යි.
Pali BJT1. 19. 6.
Sinhala BJT1. 19. 6.
Pali BJTඅවස්සුතපරියායසුත්තං
Sinhala BJTඅවස්සුතපරියාය සූත්‍රය