Pali BJT189-191. චක්ඛුං භික්ඛවෙ දුක්ඛං අතීතං අනාගතං පච්චුප්පන්නං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා දුක්ඛා අතීතා අනාගතා පච්චුප්පන්නා, කායො -පෙ- මනො දුක්ඛො අතීතො අනාගතො{1} පච්චුප්පන්නො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT189-191. මහණෙනි, අයු අනා වත්මන් චක්‍ෂුස දුක් ය, ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... අයු අනා වත්මන් ජිහ්වාව අනාත්ම ය. අයු අනා වත්මන් කය ... මනස දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
Pali BJT1. 17. 25-27.
Sinhala BJT1. 17. 25-27.
Pali BJTඅතීතානත්ත, අනාතගානත්ත, පච්චුප්පන්නානත්තසුත්තානි
Sinhala BJTඅතීතානත්ත, අනාගතානත්ත, පච්චුප්පන්නානත්ත සූත්‍ර
Pali BJT192-194. චක්ඛුං භික්ඛවෙ, අනත්තා අතීතං අනාගතං පච්චුප්පන්නං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා අනත්තා අතීතා අනාගතා පච්චුප්පන්නා, කායො -පෙ- මනො අනත්තා අතීතො අනාගතො පච්චුප්පන්නො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT192-194. මහණෙනි, අයු අනා වත්මන් චක්‍ෂුස අනත් ය, ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... අයු අනා වත්මන් ජිහ්වාව අනාත්ම ය. මහණෙනි, අයු අනා වත්මන් කය ... මනස අනාත්ම ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යී දැනගනී.
Pali BJT1. 17. 28-30.
Sinhala BJT1. 17. 28-30.
Pali BJTබාහිරඅතීතානිච්ච, බාහිර අනාගතානිච්ච, බාහිරපච්චුප්පන්නානිච්චසුත්තානි
Sinhala BJTබාහිර අතීතානිච්ච, බාහිර අනාගතානිච්ච, බාහිර පච්චුපන්නානිච්ච සූත්‍ර
Pali BJT195-197. රූපා භික්ඛවෙ අනිච්චා අතීතා අනාගතා පච්චුප්පන්නා. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනිච්චා අතීතා අනාගතා පච්චුප්පන්නා. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ්බින්දති, සද්දෙසුපි නිබ්බින්දති, ගන්ධෙසුපි නිබ්බින්දති, රසෙසුපි නිබ්බින්දති, ඵොට්ඨබ්බෙසුපි නිබ්බින්දති,ධම්මෙසුපි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT195-197. මහණෙනි, අයු අනා වත්මන් රූප අනිත්‍යහ, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු අනිත්‍යහ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි, සදෙහිත් කලකිරෙයි, ගඳෙහිත් කලකිරෙයි, රසෙහිත් කලකිරෙයි, පහස්හිත් කලකිරෙයි, දහම්හිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ ය යි දැනීම වෙයි. ඉපැද්ම අවසන් විය, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ රහත් බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
Pali BJT1. 17. 31-33.
Sinhala BJT1. 17. 31-33.
Pali BJTබාහිරාතීත දුක්ඛ, බාහිරානාගත දුක්ඛ, බාහිර පච්චුප්පන්නදුක්ඛසුත්තානි
Sinhala BJTබාහිරාතීත දුක්ඛ, බාහිරානාගත දුක්ඛ, බාහිර පච්චුපන්න දුක්ඛ සූත්‍ර
Pali BJT198-200. රූපා භික්ඛවෙ, දුක්ඛා අතීතා අනාගතා පච්චුප්පන්නා. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා දුක්ඛා අතීතා අනාගතා පච්චුප්පන්නා. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT198-200. මහණෙනි, අයු අනා වත්මන් රූ දුක් ය, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
Pali BJT1. 17. 34-36.
Sinhala BJT1. 17. 34-36.
Pali BJTබාහිර අතීතානත්ත, බාහිර අනාගතානත්ත, බාහිරපච්චුප්පන්නානත්තසුත්තානි
Sinhala BJTබාහිර අතීතානත්ත, බාහිර අනාගතානත්ත, බාහිර පච්චුපන්නානත්ත සූත්‍ර
Pali BJT201-203. රූපා භික්ඛවෙ, අනත්තා අතීතා අනාගතා{2} පච්චුප්පන්නා. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනත්තා අතීතා අනාගතා පච්චුප්පන්නා. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT201-203. මහණෙනි, අයු අනා වත්මන් රූ අනත් ය, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනත් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
Pali BJT1. 17. 37.
Sinhala BJT1. 17. 37.
Pali BJTඅතීතයදනිච්චසුත්තං
Sinhala BJTඅතීත යදනිච්ච සූත්‍රය
Pali BJT204. සාවත්ථියං–
Sinhala BJT204. සැවැත්නුවර–
Pali BJTචක්ඛුං භික්ඛවෙ අනිච්චං අතීතං. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා, යදනත්තා, තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සොතං අනිච්චං -පෙ- ඝානං අනිච්චං -පෙ- ජිව්හා අනිච්චා -පෙ- කායො අනිච්චො -පෙ- මනො අනිච්චො අතීතො, යදනිච්චං තං දුක්ඛං. යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJTමහණෙනි, අතීත චක්‍ෂුස අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. ඉකුත් කන අනිස ය. ... නැහැය අනිස ය ... දිව අනිස ය ... කය අනිස ය ... සිත අනිස ය. යමක් අනිස නම් එය දුක් ය යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJT1. 17. 38.
Sinhala BJT1. 17. 38.
Pali BJTඅනාගතයදනිච්චසුත්තං
Sinhala BJTඅනාගත යදනිච්ච සූත්‍රය
Pali BJT205. චක්ඛුං භික්ඛවෙ අනිච්චං අනාගතං, යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සොතං අනිච්චං -පෙ- ඝානං අනිච්චං -පෙ- ජිව්හා අනිච්චා -පෙ- කායො අනිච්චො -පෙ- මනො අනිච්චො අනාගතො. යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං, තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJT205. මහණෙනි, අනා ඇස අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. අනා කන අනිස ය ... නැහැය අනිස ය ... දිව අනිස ය ... කය අනිස ය ... සිත අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං, භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJT1. 17. 39.
Sinhala BJT1. 17. 39.
Pali BJTපච්චුප්පන්නයදනිච්චසුත්තං
Sinhala BJTපච්චුප්පන්න යදනිච්ච සූත්‍රය
Pali BJT206. චක්ඛුං භික්ඛවෙ අනිච්චං පච්චුප්පන්නං, යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො අනිච්චො පච්චුප්පන්නො. යදනිච්චං තං දුක්ඛං. යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJT206. මහණෙනි, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුස අනිත්‍ය ය, යමක් අනිත්‍ය නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනාත්ම ය, යමක් අනාත්ම නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. වත්මන් කන ... නැහැය ... දිව ... කය ... සිත අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙ යි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJT1. 17. 40-42.
Sinhala BJT1. 17. 40-42.
Pali BJTඅතීත යං දුක්ඛ, අනාගත යං දුක්ඛ, පච්චුප්පන්න යං දුක්ඛසුත්තානි
Sinhala BJTඅතීත යංදුක්ඛ, අනාගත යංදුක්ඛ, පච්චුපන්න යංදුක්ඛ සූත්‍ර
Pali BJT207-209. චක්ඛුං භික්ඛවෙ දුක්ඛං අතීතං අනාගතං පච්චුප්පන්නං, යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං “නෙතං මම නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො දුක්ඛො අතීතො අනාගතො පච්චුප්පන්නො. යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං “නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJT207-209. මහණෙනි, ඉකුත් අනා වත්මන් ඇස දුක් ය. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. ඉකුත් අනා වත්මන් කන ... නැහැය ... දිව ... කය ... සිත දුක් ය. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJT1. 17. 43-45.
Sinhala BJT1. 17. 43-45.
Pali BJTඅතීත යදනත්ත, අනාගත යදනත්ත, පච්චුප්පන්න යදනත්තසුත්තානි
Sinhala BJTඅතීත යදනත්ත, අනාගත යදනත්ත, පච්චුප්පන්න යදනත්ත සූත්‍ර
Pali BJT210-212. චක්ඛුං භික්ඛවෙ අනත්තා අතීතං අනාගතං පච්චුප්පන්නං. යදනත්තා තං “නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො අනත්තා අතීතො අනාගතො පච්චුප්පන්නො. යදනත්තා තං “නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJT210-212. මහණෙනි, ඉකුත් අනා වත්මන් ඇස අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. කන ... නැහැය ... ඉකුත් අනා වත්මන් දිව ... කය ... සිත අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJT1. 17. 46-48.
Sinhala BJT1. 17. 46-48.
Pali BJTබාහිරාතීත යදනිච්ච, බාහිරානාගත යදනිච්ච, බාහිර පච්චුප්පන්න යදනිච්චසුත්තානි
Sinhala BJTබාහිරාතීත යදනිච්ච, බාහිරානාගත යදනිච්ච, බාහිරපච්චුප්පන්න යදනිච්ච සූත්‍ර
Pali BJT213-215. රූපා භික්ඛවෙ අනිච්චා අතීතා අනාගතා පච්චුප්පන්නා, යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා, යදනත්තා තං “නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනිච්චා අතීතා අනාගතා පච්චුප්පන්නා. යදනිච්චං තං දුක්ඛං. යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJT213-215. මහණෙනි, ඉකුත් අනා වත්මන් රූ අනිසහ, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. ඉකුත් අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිසහ, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJT1. 17. 49-51.
Sinhala BJT1. 17. 49-51.
Pali BJTබාහිරාතීත යංදුක්ඛ-බාහිරානාගත යංදුක්ඛ-බාහිරපච්චුප්පන්න යංදුක්ඛ සුත්තානි
Sinhala BJTබාහිරාතීත යංදුක්ඛ-බාහිරානාගත යංදුක්ඛ-බාහිරපච්චුප්පන්න යංදුක්ඛ සූත්‍ර
Pali BJT216-218. රූපා භික්ඛවෙ දුක්ඛා අතීතා, අනාගතා, පච්චුප්පන්නා. යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා දුක්ඛා අතීතා අනාගතා පච්චුප්පන්නා. යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJT216-218. මහණෙනි ඉකුත්, අනා, වත්මන් රූ දුක්හ. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. සද ... ගඳ ... රස ... පහස් ... ඉකුත්, අනා, වත්මන් දහම් දුක්හ. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසු පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 17. 52-54.
Sinhala BJT1. 17. 52-54.
Pali BJTබාහිරාතීත යදනත්ත-බාහිරානාගත යදනත්ත-බාහිරපච්චුප්පන්න යදනත්ත සුත්තානි
Sinhala BJTබාහිරාතීත යදනත්ත-බාහිරානාගත යදන්ත-බාහිරපච්චුප්පන්න යදන්ත සූත්‍ර
Pali BJT219-221. රූපා භික්ඛවෙ අනත්තා අතීතා අනාගතා පච්චුප්පන්නා. යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි, න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනත්තා අතීතා අනාගතා පච්චුප්පන්නා. යදනත්තා තං “නෙතං මම, නෙසො’හමස්මි න මෙසො අත්තා”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJT219-221. මහණෙනි අයු, අනා, වත්මන් රූ අනත්හ. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. සද ... ගඳ ... රස ... පහස් ... අයු, අනා, වත්මන් දහම් අනත්හ. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 17. 55.
Sinhala BJT1. 17. 55.
Pali BJTඅජ්ඣත්තායතන අනිච්චසුත්තං
Sinhala BJTඅජ්ඣත්තායතන අනිච්ච සූත්‍රය
Pali BJT222. චක්ඛුං භික්ඛවෙ අනිච්චං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො අනිච්චො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT222. මහණෙනි, ඇස අනිස ය. කන ... නැහැය ... දිව ... කය ... සිත අනිස ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
Pali BJT1. 17. 56.
Sinhala BJT1. 17. 56.
Pali BJTඅජ්ඣත්තායතන දුක්ඛසුත්තං
Sinhala BJTඅජ්ඣත්තායතන දුක්ඛ සූත්‍රය
Pali BJT223. චක්ඛුං භික්ඛවෙ දුක්ඛං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො දුක්ඛො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT223. මහණෙනි, ඇස දුක් ය. කන ... නැහැය ... දිව ... කය ... සිත දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේබැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 17. 57.
Sinhala BJT1. 17. 57.
Pali BJTඅජ්ඣත්තායතන අනත්තසුත්තං
Sinhala BJTඅජ්ඣත්තායතන අනත්ත සූත්‍රය
Pali BJT224. චක්ඛුං භික්ඛවෙ අනත්තා, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො අනත්තා. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT224. මහණෙනි, ඇස අනත් ය. කන ... නැහැය ... දිව ... කය ... සිත අනත් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 17. 58.
Sinhala BJT1. 17. 58.
Pali BJTබාහිරායතන අනිච්චසුත්තං
Sinhala BJTබාහිරායතන අනිච්ච සූත්‍රය
Pali BJT225. රූපා භික්ඛවෙ අනිච්චා. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනිච්චා. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT225. මහණෙනි, රූ අනිස ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිස ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනී යි.
Pali BJT1. 17. 59.
Sinhala BJT1. 17. 59.
Pali BJTබාහිරායතන දුක්ඛසුත්තං
Sinhala BJTබාහිරායතන දුක්ඛ සූත්‍රය
Pali BJT226. රූපා භික්ඛවෙ දුක්ඛා. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා දුක්ඛා. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT226. මහණෙනි, රූපයෝ දුක් හ. සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු දුක්හ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 17. 60.
Sinhala BJT1. 17. 60.
Pali BJTබාහිරායතන අනත්තසුත්තං
Sinhala BJTබාහිරායතන අනත්ත සූත්‍රය
Pali BJT227. රූපා භික්ඛවෙ අනත්තා. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනත්තා. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT227. මහණෙනි, රූපයෝ අනත්හ. සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු අනත්හ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJTසට්ඨිපෙය්යාලො සමත්තො.
Sinhala BJTසට්ඨිපෙය්‍යාලයවර්‍ගයනිමියේ ය.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඡන්දෙනට්ඨාරස හොන්ති අතීතෙන ච ද්වෙ නව යදනිච්චාට්ඨාරස වුත්තා තයො අජ්ඣත්තබාහිරා පෙය්යාලො සට්ඨිකො වුත්තො බුද්ධෙනාදිච්චබන්ධුනාති.
Sinhala BJTඡන්‍දනමින් අටළොසෙක් වේ. අතීත නමින් ද නවක දෙකෙකි. (අට ළොසෙකි) යදනිච්ච නමින් අටළොසෙක් කියන ලදී. අජ්ඣත්ත බාහිර තික දෙකෙකි. මෙසේ ආදිච්චබන්‍ධු වූ සර්‍වඥයන් වහන්සේ විසින් සට්ඨිපෙය්‍යාලය වදාරන ලද්දේ ය යි.
Pali BJT18. සමුද්දවග්ගො
Sinhala BJT18. සමුද්ද වර්‍ගය
Pali BJT1. 18. 1.
Sinhala BJT1. 18. 1.
Pali BJTසමුද්දසුත්තං
Sinhala BJTසමුද්ද සූත්‍රය
Pali BJT228. සමුද්දො සමුද්දොති භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො භාසති. නෙසො භික්ඛවෙ, අරියස්ස විනයෙ සමුද්දො. මහා එසො භික්ඛවෙ, උදකරාසි, මහාඋදකණ්ණවො. චක්ඛු භික්ඛවෙ, පුරිසස්ස සමුද්දො, තස්ස රූපමයො වෙගො. යො තං රූපමයං වෙගං සහති, අයං වුච්චති භික්ඛවෙ, අතරි චක්ඛු සමුද්දං සඌමිං{1} සාවට්ටං සගාහං සරක්ඛසං තිණ්ණො පාරගතො{2} ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
Sinhala BJT228. මහණෙනි අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මුහුද මුහුදැ යි කියයි. මහණෙනි, මෙය බුදුසස්නෙහි මුහුද නො වේ. මහණෙනි, මෙය මහ දියරැසෙකි, මහ දියකඳෙකි. මහණෙනි මිනිසාගේ ඇස මුහුදෙකි, එහි රූමුවා වේගය වේ. යමෙක් ඒ රූමුවා වේගය ඉවසා නම් මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත ඇස නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටියි.
Pali BJTසොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා භික්ඛවෙ, පුරිසස්ස සමුද්දො, තස්ස රසමයො වෙගො. යො තං රසමයං වෙගං සහති, අයං වුච්චති භික්ඛවෙ, අතරි ජිව්හාසමුද්දං සඌමිං සාවට්ටං සගාහං සරක්ඛසං තිණ්ණො පාරගතො{2} ථලෙ තිට්ඨති බ්රාහ්මණො. කායං -පෙ- මනො භික්ඛවෙ, පුරිසස්ස සමුද්දො, තස්ස ධම්මමයො වෙගො. යො තං ධම්මමයං වෙගං සහති, අයං වුච්චති භික්ඛවෙ, අතරි මනොසමුද්දං සඌමිං සාවට්ටං සගාහං සරක්ඛසං තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
Sinhala BJTකන ... නැහැය ... මහණෙනි මිනිසාගේ දිව මුහුදෙකි. එහි රසමුවා වේගය වේ. යමෙක් ඒ රසමුවා වේගය ඉවසා නම් මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත දිව නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටී. කය .... මහණෙනි මිනිසාගේ සිත මුහුදෙකි. එහි දහම්මුවා වේගය වේ. යමෙක් ඒ දහම්මුවා වේගය ඉවසා නම්, මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත සිත නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටියි.
Pali BJTයො ඉමං සමුද්දං සගාහං සරක්ඛසං සඌමිභයං{3} දුත්තරං අච්චතරි ස වෙදගූ වුසිතබ්රහ්මචරියො ලොකන්තගූ පාරගතොති වුච්චතීති.
Sinhala BJTයමෙක් සැඬමසුන් සහිත රකුසන් සහිත රළබිය සහිත තරණය කිරීමට අපහසු මේ මුහුද තරණය කෙළේ නම් හෙතෙමේ මගනැණින් නිවන් අවබෝධ කෙළේ වැස නිම වූ බඹසර ඇතියේ ලොව කෙළවරට ගියේ නිවන් නමැති පරතෙරට පැමිණියේ ය යි කියනු ලැබේ යි.
Pali BJT1. 18. 2.
Sinhala BJT1. 18. 2.
Pali BJTදුතියසමුද්දසුත්තං
Sinhala BJTදුතිය සමුද්ද සූත්‍රය
Pali BJT229. සමුද්දො සමුද්දොති භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො භාසති. නෙසො භික්ඛවෙ, අරියස්ස විනයෙ සමුද්දො. මහා එසො භික්ඛවෙ, උදකරාසි මහා උදකණ්ණවො. සන්ති භික්ඛවෙ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං වුච්චති භික්ඛවෙ, අරියස්ස විනයෙ සමුද්දො.
Sinhala BJT229. මහණෙනි අශ්‍රැතවත් පුහුදුන් තෙමේ මුහුද මුහුදැ යි කියා යි. මහණෙනි මෙය බුදුසස්නෙහි මුහුද නො වේ. මහණෙනි මේ මහ දියරැසකි. මහදියකඳෙකි. මහණෙනි, ඉටු කැමැති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. මහණෙනි මෙය බුදුසස්නෙහි මුහුදැ යි කියනු ලැබේ.
Pali BJTඑත්ථායං සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණ බ්රාහ්මණී පජා සදෙවමනුස්සා යෙභුය්යෙන සමුන්නා{1} තන්තා{2}කුලකජාතා ගුළාගුණ්ඨිකජාතා{3} මුඤ්ජබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තතීති.
Sinhala BJTමෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝ වැසියා මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව බොහෝ සෙයින් ගිලුණී අවුල් වූ හූවටක් වැනි වූවා කුරුලු කැදැල්ලක් වැනි වූවා මුදුතණ බබුස්තණ වැනි සැපයෙන් තොර නපුරු ගති ඇති විවස ව පතිතවන සසර නො ඉක්මවයි.
Pali BJTසන්ති භික්ඛවෙ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- සන්ති භික්ඛවෙ ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- සන්ති භික්ඛවෙ ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- සන්ති භික්ඛවෙ කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං වුච්චති භික්ඛවෙ, අරියස්ස විනයෙ සමුද්දො. එත්ථායං සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණ බ්රාහ්මණීපජා සදෙවමනුස්සා යෙභුය්යෙන සමුන්නා තන්තාකුලකජාතා ගුළාගුණ්ඨිකජාතා මුඤ්ජබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති.
Sinhala BJTමහණෙනි කනින් දතයුතු සද්ද ඇත ... මහණෙනි නැහැයෙන් දතයුතු ගඳ ඇත ... මහණෙනි දිවෙන් දත යුතු රස ඇත ... මහණෙනි කයින් දතයුතු පහස් ඇත ... මහණෙනි ඉටු කැමති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දත යුතු දහම් ඇත. මහණෙනි බුදුසස්නෙහි මේ මුහුදැ යි කියනු ලැබේ. මෙහි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝ වැසියා මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව බෙහෙවින් ගිලුණී අවුල් වූ හුවටක් වැනි වූවා කුරුලු කැදැල්ලක් වැනි වූවා මුදුතණ බබුස්තණ වැනි වූවා සැපයෙන් තොර නපුරු ගති ඇති විවස ව පතිතවන සසර නො ඉක්මව යි.
Pali BJTයස්ස රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා සො ඉමං සමුද්දං සගාහං සරක්ඛසං සඌමිභයං දුත්තරං{4} අච්චතරි.
Sinhala BJTයමෙකු විසින් රාගයත් දෝසයත් මෝහයත් දුරු කරන ලද්දාහු නම් හෙතෙමේ සැඬමසුන් සහිත රකුසන් සහිත රළබිය සහිත තරණය කිරීමට අපහසු මේ මුහුද මැනැවින් තරණය කෙළේ ය.
Pali BJTසඞ්ගාතිගො මච්චුජහො නිරූපධි පහාසි දුක්ඛං අපුනබ්භවාය අත්ථංගතො සො න පමාණමෙති{5} අමොහයී මච්චුරාජන්ති බ්රූමීති.
Sinhala BJTඇලුම් ඉක්ම වූ මරුන් දුරු කළ උපධි රහිත හෙතෙමේ නැවත නො ඉපැද්ම පිණිස දුක දුරු කෙළේ ය. අස්තයට ගියේ ප්‍රමාණත්වයට නො එයි. මරුරජ මුළා කෙළේ ය යි කියමි යි.
Pali BJT1. 18. 3.
Sinhala BJT1. 18. 3.
Pali BJTබාළිසිකොපමසුත්තං
Sinhala BJTබාලිසිකෝපම සූත්‍රය
Pali BJT230. සෙය්යථාපි භික්ඛවෙ, බාළිසිකො ආමිසගතං බළිසං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපෙය්ය. තමෙනං අඤ්ඤතරො ආමිසචක්ඛු මච්ඡො ගිලෙය්ය; එවං හි සො භික්ඛවෙ, මච්ඡො ගිලිතබළිසො{6} බාළිසිකස්ස අනයං ආපන්නො ව්යසනං ආපන්නො යථාකාමකරණීයො බාළිසිකස්ස. එවමෙව ඛො භික්ඛවෙ, ඡයිමෙ බළිසා ලොකස්මිං අනයාය සත්තානං, ව්යාබාධාය{7} පාණිනං. කතමෙ ඡ;
Sinhala BJT230. මහණෙනි යම් සේ බිලී වැද්දෙක් ඇම සහිත බිලිය ගැඹුරු දියවිලක බහාලන්නේ ද, ඒ මේ බිලිය ඇමට යොමු වූ ඇස් ඇති එක්තරා මසෙක් ගිලින්නේ ය. මහණෙනි මෙසේ ඒ මසු බිලී වැද්දාගේ ගිලි බිලිය ඇත්තේ දුකට පැමිණියේ විපතට පැමිණියේ බිලි වැද්දා විසින් කැමති පරිදි කළහැක්කෙක් වන්නේ ය. මහණෙනි එසෙයින් මැ ලොව සතුන්ට දුක් පිණිස ප්‍රාණීන්ට පීඩා පිණිස මේ බිලී සයෙක් වේ. කවර සයෙක් ද යත්;
Pali BJTසන්ති භික්ඛවෙ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු, අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ගිලිතබළිසො මාරස්ස අනයං ආපන්නො ව්යසනං ආපන්නො යථාකාමකරණීයො පාපිමතො. සන්ති භික්ඛවෙ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- සන්ති භික්ඛවෙ ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- සන්ති භික්ඛවෙ ජිව්හාවිඤ්ඤෙය්යා රසා
Sinhala BJTමහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය පතා ද, ගුණ කියා ද, ගැලී සිටී ද, මහණෙනි මේ මහණ තෙමේ මරුහුගේ ගිලි බිලිය ඇත්තේ ය යි කියනු ලැබේ. මහණෙනි කනින් දතයුතු සද්ද ඇත. ... මහණෙනි නැහැයෙන් දත යුතු ගඳ ඇත. … මහණෙනි දිවෙන් දත යුතු රස ඇත
Pali BJT-පෙ- සන්ති භික්ඛවෙ, කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු, අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ගිලිතබළිසො මාරස්ස අනයං ආපන්නො ව්යසනං ආපන්නො යථාකාමකරණීයො පාපිමතො.
Sinhala BJT... මහණෙනි කයින් දත යුතු පහස් ඇත. … මහණෙනි ඉටු කැමති මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ එය පතා ද ගුණ කියා ද ගැලී සිටී ද, මහණෙනි මේ මහණ මරුගේ ගිලි බිලිය ඇත්තේ දුකට පැමිණියේ විපතට පැමිණියේ මරහු විසින් කැමති පරිදි කළහැක්කේ ය යි කියනු ලැබේ.
Pali BJTසන්ති ච භික්ඛවෙ{1} චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු න ගිලිතබළිසො මාරස්ස, අභෙදි බළිසං; න අනයං ආපන්නො න ව්යසනං ආපන්නො, න යථාකාමකරණීයො පාපිමතො.
Sinhala BJTමහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූ ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද ගුණ නො කියා ද ගැලී නො සිටී ද, මහණෙනි මේ මහණ තෙමේ මරුහුගේ නොගිලි බිලිය ඇත්තේ බිලිය බින්දේ ය. දුකට නො පැමිණියේ විපතට නො පැමිණියේ මරහු විසින් කැමති පරිදි නොකට හැක්කේ ය යි කියනු ලැබේ.
Pali BJTසන්ති භික්ඛවෙ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- සන්ති භික්ඛවෙ ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- සන්ති භික්ඛවෙ ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- සන්ති භික්ඛවෙ, කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- සන්ති භික්ඛවෙ මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු න ගිලිතබළිසො මාරස්ස, අභෙදි බළිසං, න අනයං ආපන්නො, න ව්යසනං ආපන්නො, න යථාකාමකරණීයො පාපිමතොති.
Sinhala BJTමහණෙනි කනින් දතයුතු සද්ද ඇත. ... මහණෙනි නැහැයෙන් දතයුතු ගඳ ඇත. … මහණෙනි, දිවෙන් දතයුතු රස ඇත ... මහණෙනි කයින් දතයුතු පහස් ඇත. ... මහණෙනි ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු සිතින් දතයුතු දහම් ඇත. ඉදින් මහණ තෙමේ එය නො පතා ද, ගුණ නො කියා ද, ගැලී නො සිටී ද, මහණෙනි මේ මහණ මරුගේ නො ගිලි බිලිය ඇත්තේ බිලිය බින්දේ ය. දුකට නො පැමිණියේ විපතට නො පැමිණියේ මරහු විසින් කැමති පරිදි නොකළ හැක්කේ ය යි කියනු ලැබේ යි.
Pali BJT1. 18. 4.
Sinhala BJT1. 18. 4.
Pali BJTඛීරරුක්ඛොපමසුත්තං
Sinhala BJTඛීරරුක්ඛොපම සූත්‍රය
Pali BJT231. යස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු යො රාගො සො අත්ථි, යො දොසො සො අත්ථි, යො මොහො සො අත්ථි, යො රාගො සො අප්පහීනො, යො දොසො සො අප්පහීනො, යො මොහො සො අප්පහීනො; තස්ස පරිත්තා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති, පරියාදියන්තෙවාස්ස චිත්තං, කො පන වාදො අධිමත්තානං. තං කිස්ස හෙතු? යො භික්ඛවෙ, රාගො සො අත්ථි, යො දොසො සො අත්ථි, යො මොහො සො අත්ථි; යො රාගො සො අප්පහීනො, යො දොසො සො අප්පහීනො, යො මොහො සො අප්පහීනො; -පෙ-
Sinhala BJT231. මහණෙනි යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය පහ නොවූයේ ද, යම් දෝසයෙක් වේ නම් එය පහ නොවූයේ ද, යම් මෝහයෙක් වේ නම් එය පහ නොවූයේ ද, ඉදින් මද (අනිටු) වූ ද ඇසින් දතයුතු රූ ඔහුගේ ඇස් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී ම ය. ඉතා මහත් (ඉටු) රූ ගැන කවර කථා ද, ඒ කවර හෙයින යත්: මහණෙනි යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණය. යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ වේ.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු යො රාගො සො අත්ථි, යො දොසො සො අත්ථි, යො මොහො සො අත්ථි; යො රාගො සො අප්පහීනො, යො දොසො සො අප්පහීනො, යො මොහො සො අප්පහීනො; තස්ස පරිත්තා චෙපි මනො විඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති පරියාදියන්තෙවාස්ස චිත්තං, කො පන වාදො අධිමත්තානං. තං කිස්ස හෙතු? යො භික්ඛවෙ, රාගො සො අත්ථි, යො දොසො සො අත්ථි, යො මොහො සො අත්ථි; යො රාගො සො අප්පහීනො, යො දොසො සො අප්පහීනො, යො මොහො සො අප්පහීනො.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වේ නම් එය ඇද් ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද් ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද් ද, යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ද,යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ද, ඉඳින් මඳ වූ ද සිතින් දත යුතු දහම් ඔහුගේ සිත හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනීම ය. ඉතා මහත් දහම් ගැන කවර කථා ද? ඒ කවර හෙයින යත්: මහණෙනි යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණය. යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණය, යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ඛීරරුක්ඛො, අස්සත්ථො වා නිග්රොධො වා පිලක්ඛො{1} වා උදුම්බරො වා දහරො තරුණො කොමාරකො. තමෙනං පුරිසො තිණ්හාය කුඨාරියා යතො යතො{2} ආභින්දෙය්ය,{3} ආගච්ඡෙය්ය ඛීරන්ති. එවම්භන්තෙ. තං කිස්ස හෙතු: යං හි භන්තෙ ඛීරං තං අත්ථිති. එවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි භික්ඛුස්ස වා භික්ඛුනියා වා චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු යො රාගො සො අත්ථි, යො දොසො සො අත්ථි, යො මොහො සො අත්ථි; යො රාගො සො අප්පහීනො, යො දොසො සො අප්පහීනො, යො මොහො සො අප්පහීනො; තස්ස පරිත්තා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති, පරියාදියන්තෙවාස්ස චිත්තං. කො පන වාදො අධිමත්තානං තං කිස්ස හෙතු: යො රාගො සො අත්ථි, යො දොසො සො අත්ථි, යො මොහො සො අත්ථි, යො රාගො සො අප්පහීනො, යො දොසො සො අප්පහීනො, යො මොහො සො අප්පහීනො -පෙ-
Sinhala BJTමහණෙනි, යම් සේ ළපටි තරුණ කුඩා ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ කිරිගසෙක් වේ ද, පුරුෂයෙක් ඒ මේ ගස තියුණු කෙටේරියකින් යම් යම් තැනකින් සිඳින්නේ නම් කිරි වැගිරෙන්නේ වේ දැ යි. වහන්ස එසේ ය. ඒ කවර හෙයින් ද? වහන්ස යම් කිරක් වේ නම් එය ඇතැ යි. මහණෙනි එසෙයින් ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ද ඉඳින් මඳ වූ ද ඇසින් දත යුතු රූ ඔහුගේ ඇස් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී මැ යි. ඉතා මහත් රූ ගැන කවර කතා ද? ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ය ...
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා ජිව්හා විඤ්ඤෙය්යෙසු රසෙසු යො රාගො සො අත්ථි -පෙ- යස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා මනො විඤ්ඤෙය්යෙසු ධම්මෙසු යො රාගො සො අත්ථි, යො දොසො සො අත්ථි, යො මොහො සො අත්ථි; යො රාගො සො අප්පහීනො, යො දොසො සො අප්පහීනො, යො මොහො සො අප්පහීනො, තස්ස පරිත්තා චෙපි මනො විඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති, පරියාදියන්තෙවාස්සචිත්තං. කො පන වාදො අධිමත්තානං. තං කිස්ස හෙතු: යො රාගො සො අත්ථි, යො දොසො සො අත්ථි, යො මොහො සො අත්ථි; යො රාගො සො අප්පහීනො, යො දොසො සො අප්පහීනො, යො මොහො සො අප්පහීනො.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ දිවින් දතයුතු රසයන්හි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, ... මහණෙනි, යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වේ නම් එය ඇද්ද, යම් දෝසයෙක් වේ නම් එය ඇද්ද, යම් මෝහයෙක් වේ නම් එය ඇද්ද, යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ද, යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ද, ඉඳින් මඳ වූ ද සිතින් දත යුතු දහම් ඔහුගේ සිත්හමුවට පැමිණේ නම් ඔහුගේ සිත හාත්පසින් මැඩගනී මැ යි. ඉතාමහත් දහම් ගැන කවර කථා ද? ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වේ නම් එය ඇත. යම් දෝසයෙක් වේ නම් එය ඇත. යම් මෝහයෙක් වේ නම් එය ඇත. යම් රාගයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් දෝසයෙක් වේ නම් එය අප්‍රහීණ ය. යම් මෝහයෙක් වේ නම් එය අප්‍රහීණ ය.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා චක්ඛු විඤ්ඤෙය්යෙසු රූපෙසු යො රාගො සො නත්ථි, යො දොසො සො නත්ථි, යො මොහො සො නත්ථි; යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො, තස්ස අධිමත්තා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති, කො පන වාදො පරිත්තානං. තං කිස්ස හෙතු: යො භික්ඛවෙ, රාගො සො නත්ථි, යො දොසො සො නත්ථි, යො මොහො සො නත්ථි; යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො -පෙ-
Sinhala BJTමහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දත යුතු රූහි යම් රාගයෙක් වී නම් එය නැද්ද, යම් දෝසයෙක් වී නම් එය නැද්ද, යම් මෝහයෙක් වී නම් එය නැද්ද, යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ද, ඉදින් ඉතාමහත් වූ ද ඇසින් දතයුතු රූ ඔහුගේ ඇස් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත නො ම හාත්පසින් මැඩගනී. මඳ රූ ගැන කවර කථා ද. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් රාගයෙක් වී නම් එය නැත. යම් දෝසයෙක් වී නම් එය නැත. යම් මෝහයෙක් වී නම් එය නැත. යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ය … මහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ දිවින් දතයුතු රසයන්හි ...
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා ජිව්හා විඤ්ඤෙය්යෙසු රසෙසු -පෙ- යස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු යො රාගො සො නත්ථි, යො දොසො සො නත්ථි, යො මොහො සො නත්ථි, යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො; තස්ස අධිමත්තා චෙපි මනොවිඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති නෙවස්ස චිත්තං පරියාදියන්ති, කො පන වාදො පරිත්තානං. තං කිස්ස හෙතු: යො භික්ඛවෙ රාගො සො නත්ථි, යො දොසො සො නත්ථි, යො මොහො සො නත්ථි, යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො.
Sinhala BJTමහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වී නම් එය නැද්ද, යම් දෝසයෙක් වී නම් එය නැද්ද, යම් මෝහයෙක් වී නම් එය නැද්ද, යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ද, ඉදින් ඉතා මහත් වූ ද සිතින් දතයුතු දහම් ඔහුගේ සිත්හමුවට පැමිණේ නම් ඔහුගේ සිත නො ම හාත්පසින් මැඩගනී. මඳ දහම් ගැන කවර කථා ද. ඒ කවර හෙයින යත්: මහණෙනි යම් රාගයෙක් වී නම් එය නැත. යම් දෝසයෙක් වී නම් එය නැත. යම් මෝහයෙක් වී නම් එය නැත. යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ඛීරරුක්ඛො අස්සත්ථො වා නිග්රොධො වා පිලක්ඛො වා උදුම්බරො වා සුක්ඛො කොලාපො ථෙරොවස්සිකො. තමෙනං පුරිසො තිණ්හාය කුඨාරියා යතො යතො ආභින්දෙය්ය ආගච්ඡෙය්ය ඛීරන්ති. නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: යං හි භන්තෙ ඛීරං තං නත්ථීති. එවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි භික්ඛුස්ස වා භික්ඛුනියා වා චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු යො රාගො සො නත්ථි, යො දොසො සො නත්ථි, යො මොහො සො නත්ථි: යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො; තස්ස අධිමත්තා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති, කො පන වාදො පරිත්තානං. තං කිස්ස හෙතු: යො රාගො සො නත්ථි, යො දොසො සො නත්ථි, යො මොහො සො නත්ථි, යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො -පෙ-
Sinhala BJTමහණෙනි, යම් සේ වියලුණු කොළ හැලුණු බොහෝ වස් ගණනක් ඉක්මුණු ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ කිරිරුකෙක් වේ ද, පුරුෂයෙක් ඒ මේ රුක තියුණු කෙටේරියකින් යම් යම් තැනෙකින් සිඳින්නේ නම් කිරිවැගිරෙන්නේ දැ යි. වහන්ස, මෙය නො වේ ම ය. ඒ කවර හෙයින් ද? වහන්ස, යම් කිරෙක් වී නම් එය නැතැ යි. මහණෙනි එසෙයින් ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ ඇසින් දතයුතු රූහි යම් රාගයෙක් වී නම් එය නැද්ද, යම් දෝසයෙක් වී නම් එය නැද්ද, යම් මෝහයෙක් වී නම් එය නැද්ද, යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ද, ඉදින් ඉතාමහත් වූ ද ඇසින් දත යුතු රූ ඔහුගේ ඇස්හමුවට පැමිණේ නම් ඔහුගේ සිත නො ම හාත්පසින් මැඩගනී. මඳ රූ ගැන කවර කථා ද. ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වී නම් එය නැත. යම් දෝසයෙක් වී නම් එය නැත. යම් මෝහයෙක් වී නම් එය නැත. යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ය ...
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා ජිව්හා විඤ්ඤෙය්යෙසු රසෙසු -පෙ- යස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා මනො විඤ්ඤෙය්යෙසු ධම්මෙසු යො රාගො සො නත්ථි, යො දොසො සො නත්ථි, යො මොහො සො නත්ථි, යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනො, තස්ස අධිමත්තා චෙපි මනොවිඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති, කො පන වාදො පරිත්තානං. තං කිස්ස හෙතු: යො රාගො සො නත්ථි, යො දොසො සො නත්ථි, යො මොහො සො නත්ථි, යො රාගො සො පහීනො, යො දොසො සො පහීනො, යො මොහො සො පහීනොති.
Sinhala BJTමහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ දිවින් දතයුතු රසයන්හි ... මහණෙනි යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ සිතින් දතයුතු දහම්හි යම් රාගයෙක් වී නම් එය නැද්ද, යම් දෝසයෙක් වී නම් එය නැද්ද, යම් මෝහයෙක් වී නම් එය නැද්ද, යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ද, යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ද, ඉදින් ඉතාමහත් වූ ද සිතින් දතයුතු දහම් ඔහුගේ සිත් හමුවට පැමිණේ නම් ඔහුගේ සිත නො ම හාත්පසින් මැඩගනී. මඳදහම් ගැන කවර කථා ද. ඒ කවර හෙයින යත්: යම් රාගයෙක් වී නම් එය නැත. යම් දෝසයෙක් වී නම් එය නැත. යම් මෝහයෙක් වී නම් එය නැත. යම් රාගයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් දෝසයෙක් වී නම් එය ප්‍රහීණ ය. යම් මෝහයෙක් වී නම් එය ප්‍රහීණ ය යි.
Pali BJT1. 18. 5.
Sinhala BJT1. 18. 5.
Pali BJTකොට්ඨිතසුත්තං
Sinhala BJTකොට්ඨිත සූත්‍රය
Pali BJT232. එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාකොට්ඨිතො බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ආයස්මා මහාකොට්ඨිතො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
Sinhala BJT232. එක්කලෙක ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටි සේක් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වුහ. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස්ව වැඩහුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: