Pali BJT16. නන්දික්ඛයවග්ගො
Sinhala BJT16. නන්‍දික්ඛය වර්‍ගය
Pali BJT1. 16. 1.
Sinhala BJT1. 16. 1.
Pali BJTඅජ්ඣත්තනන්දික්ඛයඅනිච්චසුත්තං
Sinhala BJTඅජ්ඣත්තනන්‍දික්ඛය අනිච්ච සූත්‍රය
Pali BJT156. සාවත්ථියං–
Sinhala BJT156. සැවැත්නුවර–
Pali BJTඅනිච්චං යෙව භික්ඛවෙ භික්ඛු චක්ඛුං අනිච්චන්ති පස්සති. සාස්ස{1} හොති සම්මාදිට්ඨි. සම්මා පස්සං නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයො රාගක්ඛයා නන්දික්ඛයො නන්දිරාගක්ඛයා චිත්තං ‘සුවිමුත්තන්ති’ වුච්චති. අනිච්චං යෙව භික්ඛවෙ, භික්ඛු සොතං අනිච්චන්ති පස්සති -පෙ- ඝානං අනිච්චන්ති පස්සති -පෙ- ජිව්හං අනිච්චන්ති පස්සති අනිච්චන්ති පස්සති -පෙ- කායං අනිච්චන්ති පස්සති -පෙ- අනිච්චං යෙව භික්ඛවෙ භික්ඛු මනං අනිච්චන්ති පස්සති සාස්ස හොති සම්මාදිට්ඨි. සම්මා පස්සං නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයො රාගක්ඛයා නන්දික්ඛයො නන්දිරාගක්ඛයා චිත්තං සුවිමුත්තන්ති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, මහණ තෙමේ අනිත්‍යවූ ම ඇස අනිත්‍ය යැ යි දකී ද, ඒ ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. මොනොවට දක්නේ කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාගය ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ. මහණෙනි, මහණ තෙමේ අනිත්‍ය වූ ම ශ්‍රෝත්‍රය අනිත්‍ය යැ යි දකී ද ඝ්‍රාණය අනිත්‍ය යැ යි දකී ද දිව අනිත්‍ය යැ යි දකී ද කය අනිත්‍ය යැ යි දකී ද මහණෙනි, මහණ තෙමේ අනිත්‍ය වූ ම මනස අනිත්‍යයැ යි දකී ද ඒ ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. මොනොවට දක්නේ කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාගය ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ.
Pali BJT1. 16. 2.
Sinhala BJT1. 16 .2.
Pali BJTබහිද්ධානන්දික්ඛයඅනිච්චසුත්තං
Sinhala BJTබහිද්ධානන්‍දික්ඛය අනිච්ච සූත්‍රය
Pali BJT157. අනිච්චෙයෙව භික්ඛවෙ භික්ඛු රූපෙ අනිච්චාති පස්සති, සාස්ස හොති සම්මාදිට්ඨි. සම්මා පස්සං නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයො රාගක්ඛයා නන්දික්ඛයො නන්දිරාගක්ඛයා චිත්තං සුවිමුත්තන්ති වුච්චති. අනිච්චෙයෙව භික්ඛවෙ භික්ඛු සද්දෙ -පෙ- ගන්ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට්ඨබ්බෙ -පෙ- ධම්මෙ අනිච්චාති පස්සති, සාස්ස හොති සම්මාදිට්ඨි. සම්මා පස්සං නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයො, රාගක්ඛයා නන්දික්ඛයො, නන්දිරාගක්ඛයා චිත්තං සුවිමුත්තන්ති වුච්චතීති.
Sinhala BJT157. මහණෙනි, මහණ අනිස වූ ම රූපයන් අනිස යැ යි දකියි. ඒ ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. මැනැවින් දක්නේ කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාග දෙක ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ. මහණෙනි, මහණ අනිස වූ ම සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිසහ යි දකී නම් එය ඔහුගේ සම්මාදිට්ඨි වෙයි. මැනැවින් දක්නේ කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාග දෙක ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.
Pali BJT1. 16. 3.
Sinhala BJT1. 16. 3.
Pali BJTඅජ්ඣත්තනන්දික්ඛයයොනිසුත්තං
Sinhala BJTඅජ්ඣත්ත නන්‍දික්ඛයයෝනිසො සූත්‍රය
Pali BJT158. චක්ඛුං භික්ඛවෙ යොනිසො මනසි කරොථ, චක්ඛුඅනිච්චතඤ්ච යථාභූතං සමනුපස්සථ. චක්ඛුං භික්ඛවෙ භික්ඛු යොනිසො මනසිකරොන්තො චක්ඛුඅනිච්චතඤ්ච යථාභූතං සමනුපස්සන්තො චක්ඛුස්මිම්පි නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයො, රාගක්ඛයා නන්දික්ඛයො නන්දිරාගක්ඛයා චිත්තං සුවිමුත්තන්ති වුච්චති.
Sinhala BJT158. මහණෙනි, ඇස නුවණින් මෙනෙහි කරවු, ඇස්හි අනිස් බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ ඇස නුවණින් මෙනෙහි කරන්නේ ඇස්හි අනිස් බව ද තතු සේ නුවණින් දක්නේ ඇසෙහිත් කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වේ. නන්‍දිරාගය ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ.
Pali BJTසොතං භික්ඛවෙ යොනිසො මනසිකරොථ -පෙ- ඝානං භික්ඛවෙ යොනිසො මනසිකරොථ -පෙ- ජිව්හං භික්ඛවෙ යොනිසො මනසි කරොථ ජිව්හානිච්චතඤ්ච යථාභූතං සමනුපස්සථ. ජිව්හං භික්ඛවෙ භික්ඛු යොනිසො මනසිකරොන්තො ජිව්හානිච්චතඤ්ච යථාභූතං සමනුපස්සන්තො ජිව්හායපි නිබ්බින්දති -පෙ- චිත්තං සුවිමුත්තන්ති වුච්චති.
Sinhala BJTමහණෙනි, කන නුවණින් මෙනෙහි කරවු ... මහණෙනි, නැහැය නුවණින් මෙනෙහි කරවු ... මහණෙනි, දිව නුවණින් මෙනෙහි කරවු. දිව්හි අනිස්බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ දිව නුවණින් මෙනෙහි කරන්නේ දිව්හි අනිස් බවද තතු සේ නුවණින් දක්නේ දිව්හිත් කලකිරෙයි ... සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.
Pali BJTකායං භික්ඛවෙ යොනිසො මනසිකරොථ -පෙ- මනං භික්ඛවෙ යොනිසො මනසි කරොථ, මනානිච්චතඤ්ච යථාභූතං සමනුපස්සථ. මනං භික්ඛවෙ භික්ඛු යොනිසො මනසිකරොන්තො මනානිච්චතඤ්ච යථාභූතං සමනුපස්සන්තො මනස්මිම්පි නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයො රාගක්ඛයා නන්දික්ඛයො නන්දිරාගක්ඛයා චිත්තං සුවිමුත්තන්ති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, කය නුවණින් මෙනෙහි කරවු ... මහණෙනි, සිත නුවණින් මෙනෙහි කරවු ... සිත්හි අනිස බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ සිත නුවණින් මෙනෙහි කරන්නේ සිත්හි අනිස්බව ද තතු සේ නුවණින් දක්නේ සිතෙහිත් කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වේ. නන්‍දිරාග ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.
Pali BJT1. 16. 4.
Sinhala BJT1. 16. 4.
Pali BJTබහිද්ධා නන්දික්ඛයයොනිසුත්තං
Sinhala BJTබාහිර නන්‍දික්ඛයයෝනිසො සූත්‍රය
Pali BJT159. සාවත්ථියං–
Sinhala BJT159. සැවැත්නුවර–
Pali BJTරූපෙ භික්ඛවෙ යොනිසො මනසිකරොථ, රූපානිච්චතඤ්ච යථාභූතං සමනුපස්සථ. රූපෙ භික්ඛවෙ භික්ඛු යොනිසො මනසිකරොන්තො රූපානිච්චතඤ්ච යථාභූතං සමනුපස්සන්තො රූපෙසු නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයො, රාගක්ඛයා නන්දික්ඛයො, නන්දිරාගක්ඛයා චිත්තං සුවිමුත්තන්ති වුච්චති.
Sinhala BJTමහණෙනි, රූපය නුවණින් මෙනෙහි කරවු. රූපයෙහි අනිස්බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ රූපය නුවණින් මෙනෙහි කරන්නේ රූපයෙහි අනිස්බව ද තතු සේ නුවණින් දක්නේ රූපයෙහි කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වේ. නන්‍දිරාගය ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ ය යි කියනු ලැබේ.
Pali BJTසද්දෙ භික්ඛවෙ -පෙ- ගන්ධෙ භික්ඛවෙ -පෙ- රසෙ භික්ඛවෙ -පෙ- ඵොට්ඨබ්බෙ භික්ඛවෙ -පෙ- ධම්මෙ භික්ඛවෙ භික්ඛු යොනිසො මනසි කරොථ, ධම්මානිච්චතඤ්ච යථාභූතං සමනුපස්සථ. ධම්මෙ භික්ඛවෙ භික්ඛු යොනිසො මනසිකරොන්තො ධම්මානිච්චතඤ්ච යථාභූතං සමනුපස්සන්තො ධම්මෙසුපි නිබ්බින්දති. නන්දික්ඛයා රාගක්ඛයො, රාගක්ඛයා නන්දික්ඛයො, නන්දිරාගක්ඛයා චිත්තං සුවිමුත්තන්ති වුච්චතීති.
Sinhala BJTමහණෙනි, සද ... මහණෙනි, ගඳ ... මහණෙනි, රස ... මහණෙනි, පහස් ... මහණෙනි, දහම් නුවණින් මෙනෙහි කරවු. දහම්හි අනිස්බව ද තතු සේ නුවණින් දකිවු. මහණෙනි, මහණ දහම් නුවණින් මෙනෙහි කරන්නේ දහම්හි අනිස්බව ද තතු සේ නුවණින් දක්නේ දහම්හි කලකිරෙයි. නන්‍දිය ක්‍ෂය වීමෙන් රාගය ක්‍ෂය වෙයි. රාගය ක්‍ෂය වීමෙන් නන්‍දිය ක්‍ෂය වෙයි. නන්‍දිරාග දෙක ක්‍ෂය වීමෙන් සිත මැනැවින් මිදුණේ යැ යි කියනු ලැබේ.
Pali BJT1. 16. 5.
Sinhala BJT1. 16. 5.
Pali BJTසමාධිසුත්තං
Sinhala BJTසමාධි සූත්‍රය
Pali BJT160. එකං සමයං භගවා රාජගහෙ විහරති ජීවකම්බවනෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති; භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං, භගවා එතදවොච: සමාධිං භික්ඛවෙ භාවෙථ. සමාහිතස්ස භික්ඛවෙ භික්ඛුනො යථාභූතං ඔක්ඛායති.{1} කිඤ්ච යථාභූතං ඔක්ඛායති:
Sinhala BJT160. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ජීවක අඹවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාහිත මහණහට තතු සේ වැටහෙයි. කිමෙක් තතු සේ වැටහේ ද යත්:
Pali BJTචක්ඛුං අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති, රූපා අනිච්චාති යථාභූතං ඔක්ඛායති, චක්ඛුවිඤ්ඤාණං අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති, චක්ඛුසම්ඵස්සො අනිච්චොති යථාභූතං ඔක්ඛායති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති; සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො අනිච්චොති යථාභූතං ඔක්ඛායති, ධම්මා අනිච්චාති යථාභූතං ඔක්ඛායති, මනොවිඤ්ඤාණං අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති, මනොසම්ඵස්සො අනිච්චොති යථාභූතං ඔක්ඛායති, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති. සමාධිං භික්ඛවෙ භාවෙථ. සමාහිතස්ස භික්ඛවෙ භික්ඛුනො යථාභූතං ඔක්ඛායතීති.
Sinhala BJTඇස අනිසැ යි තතු සේ වැටහෙයි. රූ අනිසහ යි තතු සේ වැටහෙයි. චක්‍ෂුර්විඥානය අනිසැ යි තතු සේ වැටහෙයි. ඇස්පහස අනිසැ යි තතු සේ වැටහේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී ද, හෙ ද අනිසැ යි තතු සේ වැටහේ. කන ... නැහැය ... දිව ... කය ... සිත අනිසැ යි තතු සේ වැටහේ. දහම් අනිසැ යි තතු සේ වැටහේ. මනෝවිඤ්ඤාණය අනිසැ යි තතු සේ වැටහේ . මනපහස අනිසැ යි තතු සේ වැටහේ. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද, අනිසැ යි තතු සේ වැටහේ. මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාහිත මහණහට තතු සේ වැටහේ යි.
Pali BJT1. 16. 6.
Sinhala BJT1. 16. 6.
Pali BJTපටිසල්ලානසුත්තං
Sinhala BJTපටිසල්ලාන සූත්‍රය
Pali BJT161. එකං සමයං භගවා රාජගහෙ විහරති ජීවකම්බවනෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති -පෙ- පටිසල්ලානෙ භික්ඛවෙ යොගමාපජ්ජථ පතිසල්ලීනස්ස භික්ඛවෙ භික්ඛුනො යථාභූතං ඔක්ඛායති{1} කිඤ්ච යථාභූතං ඔක්ඛායති:
Sinhala BJT161. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ජීවක අඹවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණහට තතු සේ පෙනෙයි. කිමෙක් තතු සේ පෙනේ ද යත්:
Pali BJTචක්ඛුං අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති, රූපා අනිච්චාති යථාභූතං ඔක්ඛායති, චක්ඛුවිඤ්ඤාණං අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති, චක්ඛුසම්ඵස්සො අනිච්චොති යථාභූතං ඔක්ඛායති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති.
Sinhala BJTඇස අනිසැ යි තතු සේ පෙනෙයි. රූප අනිසහ යි තතු සේ පෙනෙයි. චක්‍ෂුර්විඥානය අනිසැ යි තතු සේ පෙනෙයි. ඇස්පහස අනිසැ යි තතු සේ පෙනෙයි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි තතු සේ පෙනෙයි.
Pali BJTසොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො අනිච්චොති යථාභූතං ඔක්ඛායති, ධම්මා අනිච්චාති යථාභූතං ඔක්ඛායති. මනොවිඤ්ඤාණං අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති. මනොසම්ඵස්සො අනිච්චොති යථාභූතං ඔක්ඛායති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති යථාභූතං ඔක්ඛායති. පටිසල්ලානෙ භික්ඛවෙ, යොගමාපජ්ජථ. පටිසල්ලීනස්ස භික්ඛවෙ භික්ඛුනො යථාභූතං ඔක්ඛායතීති.
Sinhala BJTකන ... නැහැය ... දිව ... කය ... සිත අනිසැ යි තතුසේ පෙනේ. දහම් අනිසහ යි තතුසේ පෙනෙයි. මනෝවිඤ්ඤාණය අනිසැ යි තතුසේ පෙනෙයි. මනපහස අනිසැ යි තතුසේ පෙනෙයි. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී ද හෙ ද අනිසැ යි තතුසේ පෙනෙයි. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි විවේකයෙන් යුත් මහණහට තත්වූ පරිද්දෙන් පෙනේ යි.
Pali BJT1. 16. 7.
Sinhala BJT1. 16. 7.
Pali BJTකොට්ඨිතඅනිච්චසුත්තං
Sinhala BJTකොට්ඨිත අනිච්ච සූත්‍රය
Pali BJT162. අථ ඛො ආයස්මා මහාකොට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො භගවන්තං එතදවොච: සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
Sinhala BJT162. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේසනා කරන සේක්වා යි.
Pali BJTයං ඛො කොට්ඨිත අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො: කිඤ්ච කොට්ඨිත අනිච්චං, චක්ඛුං ඛො කොට්ඨිත අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රූපා අනිච්චා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුවිඤ්ඤාණං අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුසම්ඵස්සො අනිච්චො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො.
Sinhala BJTකොට්ඨිතයෙනි, යමෙක් අනිස වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිතයෙනි, කිමෙක් අනිස වේ ද යත්: කොට්ඨිතයෙනි, ඇස අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. රූප අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. චක්‍ෂුර්විඥානය අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
Pali BJTසොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා අනිච්චා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රසා අනිච්චා -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- ජිව්හාසම්ඵස්සො -පෙ- යම්පිදං ජිව්හා සම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො.
Sinhala BJTකන ... නැහැය ... දිව අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. රස අනිස ය ... ජිහ්වාවිඥානය ... ජිහ්වාසංස්පර්‍ශය ... දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
Pali BJTකායො -පෙ- මනො අනිච්චො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො; ධම්මා අනිච්චා -පෙ- මනොවිඤ්ඤාණං අනිච්චං -පෙ- මනොසම්ඵස්සො අනිච්චො -පෙ- යම්පිදං මනොසම්ඵස්ස පච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යං ඛො කොට්ඨිත, අනිච්චං, තත්ර තෙ ඡන්දො පහාතබ්බොති.
Sinhala BJTකය ... සිත අනිස ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. දහම් අනිස ය ... මනෝවිඤ්ඤාණය අනිස ය ... මනපහස අනිස ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස ය, එහිලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිතයෙනි, යමෙක් අනිස වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
Pali BJT1. 16. 8.
Sinhala BJT1. 16. 8.
Pali BJTකොට්ඨිත දුක්ඛ සුත්තං
Sinhala BJTකොට්ඨිතදුක්ඛ සූත්‍රය
Pali BJT163. සාවත්ථියං–
Sinhala BJT163. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො භගවන්තං එතදවොච: සාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු යමහං භගවතො ධම්මං සුත්වා -පෙ- විහරෙය්යන්ති. යං ඛො කොට්ඨිත දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. කිඤ්ච කොට්ඨිත, දුක්ඛං: චක්ඛුං ඛො කොට්ඨිත දුක්ඛං. තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රූපා දුක්ඛා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුවිඤ්ඤාණං දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුසම්ඵස්සො දුක්ඛො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො;
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ... වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්ව” යි. කොට්ඨිතයෙනි, යමෙක් දුක් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිත, කිමෙක් දුක් වේ ද යත්: කොට්ඨිතයෙනි, ඇස දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහ කටයුත්තේ ය. රූපයෝ දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. චක්‍ෂුර්විඥානය දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
Pali BJTසොතං දුක්ඛං -පෙ- ඝානං දුක්ඛං -පෙ- ජිව්හා දුක්ඛා -පෙ- කායො දුක්ඛො -පෙ- මනො දුක්ඛො, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ධම්මා දුක්ඛා -පෙ- මනොවිඤ්ඤාණං දුක්ඛං -පෙ- මනොසම්ඵස්සො දුක්ඛො -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යං ඛො කොට්ඨිත දුක්ඛං, තත්ර තෙ ඡන්දො පහාතබ්බොති.
Sinhala BJTකන දුක් ය ... නැහැය දුක් ය ... දිව දුක් ය ... කය දුක් ය ... සිත දුක් ය එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. දහම් දුක් ය ... මනෝවිඥානය දුක් ය ... මනපහස දුක් ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ ය. කොට්ඨිතයෙනි, යමෙක් දුක් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
Pali BJT1. 16. 9.
Sinhala BJT1. 16. 9.
Pali BJTකොට්ඨිතඅනත්තසුත්තං
Sinhala BJTකොට්ඨික අනත්ත සූත්‍රය
Pali BJT164. සාවත්ථියං–
Sinhala BJT164. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකොට්ඨිතො භගවන්තං එතදවොච: සාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු යමහං භගවතො ධම්මං සුත්වා -පෙ- විහරෙය්යන්ති. යො ඛො කොට්ඨිත අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. කො ච කොට්ඨිත අනත්තා: චක්ඛුං ඛො කොට්ඨිත අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. රූපා අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුවිඤ්ඤාණං අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. චක්ඛුසම්ඵස්සො අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යම්පිදං චක්ඛුසම්ඵස්ස පච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො.
Sinhala BJTඑකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ... වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්වා” යි. කොට්ඨිතයෙනි, යමෙක් අනත් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ ය. කොට්ඨිතයෙනි, කිමෙක් අනත් වෙ ද යත්: කොට්ඨිතයෙනි, ඇස අනත් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ ය. රූප අනත් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. චක්‍ෂුර්විඥානය අනත් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස අනත් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනත් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
Pali BJTසොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. ධම්මා අනත්තා -පෙ- මනොවිඤ්ඤාණං අනත්තා -පෙ- මනොසම්ඵස්සො අනත්තා -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බො. යො ඛො කොට්ඨිත අනත්තා, තත්ර තෙ ඡන්දො පහාතබ්බොති.
Sinhala BJTකන ... නැහැය ... දිව ... කය ... සිත අනත් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. දහම් අනත් ය ... මනෝවිඥානය අනත් ය ... මනපහස අනත් ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනත් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිතයෙනි, යමෙක් අනත් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ යි.
Pali BJT1. 16. 10.
Sinhala BJT1. 16. 10.
Pali BJTමිච්ඡාදිට්ඨිප්පහානසුත්තං
Sinhala BJTමිච්ඡාදිට්ඨිප්පහාන සූත්‍රය
Pali BJT165. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො සො භික්ඛු භගවන්තං එතදවොච: කථන්නු ඛො භන්තෙ ජානතො කථං පස්සතො මිච්ඡාදිට්ඨි පහීයතීති?
Sinhala BJT165. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ මිසදිටු ප්‍රහීණ වේ දැ යි.
Pali BJTචක්ඛුං ඛො භික්ඛු අනිච්චතො ජානතො පස්සතො මිච්ඡාදිට්ඨි පහීයති. රූපෙ අනිච්චතො ජානතො පස්සතො මිච්ඡාදිට්ඨි පහීයති. චක්ඛුවිඤ්ඤාණං අනිච්චතො ජානතො පස්සතො මිච්ඡාදිට්ඨි පහීයති. චක්ඛුසම්ඵස්සං අනිච්චතො ජානතො පස්සතො මිච්ඡාදිට්ඨි පහීයති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො මිච්ඡාදිට්ඨි පහීයති.
Sinhala BJTමනණ, ඇස අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. රූප අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. ඇස්පහස අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ.
Pali BJTසොතං අනිච්චතො -පෙ- ඝානං -පෙ- ජිව්හං -පෙ- කායං -පෙ- මනං අනිච්චතො ජානතො පස්සතො මිච්ඡාදිට්ඨි පහීයති. ධම්මෙ අනිච්චතො -පෙ- මනොවිඤ්ඤාණං -පෙ- මනොසම්ඵස්සං -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චතො ජානතො පස්සතො මිච්ඡාදිට්ඨි පහීයති. එවං ඛො භික්ඛු ජානතො එවං පස්සතො මිච්ඡාදිට්ඨි පහීයතීති.
Sinhala BJTකන අනිස විසින් ... නැහැය ... දිව ... කය ... සිත අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. දහම් අනිස විසින් ... මනෝවිඤ්ඤාණය ... මනපහස ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනිස විසින් දන්නහුගේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ. මහණ මෙසේ දක්නහුගේ මිසදිටුව ප්‍රහීණ වේ ය යි.
Pali BJT1. 16. 11.
Sinhala BJT1. 16. 11.
Pali BJTසක්කායදිට්ඨිප්පහානසුත්තං
Sinhala BJTසක්කායදිට්ඨිප්පහාන සූත්‍රය
Pali BJT166. සාවත්ථියං–
Sinhala BJT166. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: කථන්නු ඛො භන්තෙ ජානතො කථං පස්සතො සක්කායදිට්ඨි පහීයතීති?
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ දැ? යි.
Pali BJTචක්ඛුං ඛො භික්ඛු දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. රූපෙ දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. චක්ඛුවිඤ්ඤාණං දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. චක්ඛුසම්ඵස්සං දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති.
Sinhala BJTමහණ, ඇස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූ දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ.
Pali BJTසොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං -පෙ- කායං -පෙ- මනං දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. ධම්මෙ දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. මනොවිඤ්ඤාණං දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. මනොසම්ඵස්සං දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛතො ජානතො පස්සතො සක්කායදිට්ඨි පහීයති. එවං ඛො භික්ඛු ජානතො එවං පස්සතො සක්කායදිට්ඨි පහීයති.
Sinhala BJTකන ... නැහැය ... දිව ... කය ... සිත දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. දහම් දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මනෝවිඥානය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මනෝසම්ඵස්සය දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුක් විසින් දන්නහුගේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ. මහණ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ සත්කායදෘෂ්ටිය ප්‍රහීණ වේ යි.
Pali BJT1. 16. 12.
Sinhala BJT1. 16. 12.
Pali BJTඅත්තානුදිට්ඨිප්පහානසුත්තං
Sinhala BJTඅත්තානුදිට්ඨිප්පහාන සූත්‍රය
Pali BJT167. සාවත්ථියං–
Sinhala BJT167. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: කථන්නුඛො භන්තෙ ජානතො කථං පස්සතො අත්තානුදිට්ඨි පහීයතීති?
Sinhala BJTඑකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ දැ? යත්:
Pali BJTචක්ඛුං ඛො භික්ඛු අනත්තතො ජානතො පස්සතො අත්තානුදිට්ඨි පහීයති. රූපෙ අනත්තතො ජානතො පස්සතො අත්තානුදිට්ඨි පහීයති. චක්ඛුවිඤ්ඤාණං අනත්තතො ජානතො පස්සතො අත්තානුදිට්ඨි පහීයති. චක්ඛුසම්ඵස්සං අනත්තතො ජානතො පස්සතො අත්තානුදිට්ඨි පහීයති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි අනත්තතො ජානතො පස්සතො අත්තානුදිට්ඨි පහීයති.
Sinhala BJTමහණ, ඇස අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. රූපයන් අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්‍ෂුර්විඥානය අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ඛුසම්ඵස්සය අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ යම් මේ විඳුමෙක් වේදනායෙක් උපදී නම් එද අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ.
Pali BJTසොතං -පෙ- ඝානං -පෙ- ජිව්හං -පෙ- කායං -පෙ- මනං අනත්තතො ජානතො පස්සතො අත්තානුදිට්ඨි පහීයති. ධම්මෙ අනත්තතො -පෙ- මනොවිඤ්ඤාණං අනත්තතො -පෙ- මනොසම්ඵස්සො අනත්තතො -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තතො ජානතො පස්සතො අත්තානුදිට්ඨි පහීයති. එවං ඛො භික්ඛු ජානතො එවං පස්සතො අත්තානුදිට්ඨි පහීයතීති.
Sinhala BJTකන ... නැහැය ... දිව ... කය ... සිත අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. දහම් අනාත්ම විසින් ... මනෝවිඥානය අනාත්ම විසින් ... මනෝසම්ඵස්සය අනත් විසින් ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එද අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ. මහණ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්‍රහීණ වේ යි.
Pali BJTනන්දික්ඛයවග්ගො සොළසමො.
Sinhala BJTසොළොස්වැනි නන්‍දික්ඛය වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTනන්දික්ඛයෙන චත්තාරො - ජීවකම්බවනෙ දුවෙ කොට්ඨිතෙන තයො වුත්තා - මිච්ඡාසක්කාය අත්තනොති.
Sinhala BJTනන්‍දික්ඛය නමින් සතරෙක් ද, ජීවකම්බවනයෙහි දෙකෙක් ද, කොට්ඨිත නමින් තුනෙක් ද, මිච්ඡාදිට්ඨිප්පහාන, සක්කායදිට්ඨිප්පහාන, අත්තානුදිට්ඨිප්පහාන යි තුනෙක් දැ යි මෙසේ සූත්‍ර දොළොසෙක් වදාරන ලදි.
Pali BJT17. සට්ඨිපෙය්යාලො
Sinhala BJT17. සට්ඨිපෙය්‍යාල වර්‍ගය
Pali BJT1. 17. 1.
Sinhala BJT1. 17. 1.
Pali BJTඅනිච්චඡන්දසුත්තං
Sinhala BJTඅනිච්ච ඡන්‍ද සූත්‍රය
Pali BJT168. සාවත්ථියං–
Sinhala BJT168. සැවැත්නුවර–
Pali BJTයං භික්ඛවෙ අනිච්චං, තත්ර වො ඡන්දො පහාතබ්බො. කිඤ්ච භික්ඛවෙ අනිච්චං: චක්ඛුං භික්ඛවෙ අනිච්චං, තත්ර වො{1} ඡන්දො පහාතබ්බො. සොතං අනිච්චං -පෙ- ඝානං අනිච්චං -පෙ- ජිව්හා අනිච්චා -පෙ- කායො අනිච්චො -පෙ- මනො අනිච්චො, තත්ර වො ඡන්දො පහාතබ්බො. යං භික්ඛවෙ අනිච්චං, තත්ර වො ඡන්දො පහාතබ්බොති.
Sinhala BJTමහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි චක්‍ෂුස අනිත්‍ය ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය ... ඝ්‍රාණය අනිත්‍ය ය ... ජිහ්වා අනිත්‍ය ය ... කය අනිත්‍ය ය ... මනස අනිත්‍ය ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යි.
Pali BJT1. 17. 2.
Sinhala BJT1. 17. 2.
Pali BJTඅනිච්චරාගසුත්තං
Sinhala BJTඅනිච්චරාග සූත්‍රය
Pali BJT169. යං භික්ඛවෙ අනිච්චං, තත්ර වො රාගො පහාතබ්බො. කිඤ්ච භික්ඛවෙ අනිච්චං චක්ඛුං භික්ඛවෙ අනිච්චං, තත්ර වො රාගො පහාතබ්බො සොතං අනිච්චං -පෙ- ඝානං අනිච්චං -පෙ- ජිව්හා අනිච්චා -පෙ- කායො අනිච්චො -පෙ- මනො අනිච්චො, තත්ර වො රාගො පහාතබ්බො. යං භික්ඛවෙ අනිච්චං, තත්ර වො රාගො පහාතබ්බොති.
Sinhala BJT169. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ රාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි චක්‍ෂුස අනිත්‍ය ය. එහි ලා තොපගේ රාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය ... ඝ්‍රාණය අනිත්‍ය ය ... ජිහ්වාව අනිත්‍ය ය ... කය අනිත්‍ය ය ... මනස අනිත්‍ය ය. එහි ලා තොපගේ රාගය පහකට යුතු ය. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ රාගය පහකටයුතු යි.
Pali BJT1. 17. 3.
Sinhala BJT1. 17. 3.
Pali BJTඅනිච්ච ඡන්දරාගසුත්තං
Sinhala BJTඅනිච්ච ඡන්‍දරාග සූත්‍රය
Pali BJT170. යං භික්ඛවෙ අනිච්චං, තත්ර වො ඡන්දරාගො පහාතබ්බො. කිඤ්ච භික්ඛවෙ අනිච්චං: චක්ඛුං භික්ඛවෙ අනිච්චං, තත්ර වො ඡන්දරාගො පහාතබ්බො. සොතං අනිච්චං -පෙ- ඝානං අනිච්චං -පෙ- ජිව්හා අනිච්චා -පෙ- කායො අනිච්චො -පෙ- මනො අනිච්චො, තත්ර වො ඡන්දරාගො පහාතබ්බො. යං භික්ඛවෙ අනිච්චං, තත්ර වො ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJT170. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි චක්‍ෂුස අනිත්‍ය ය එහි ලා තොපගේ ඡන්‍දරාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය ... ඝ්‍රාණය අනිත්‍ය ය ... ජිහ්වාව අනිත්‍ය ය ... කය අනිත්‍ය ය ... මනස අනිත්‍ය ය. එහි ලා තොපගේ ඡන්‍දරාගය පහ කටයුතු ය. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT1. 17. 4-6.
Sinhala BJT1. 17. 4-6.
Pali BJTදුක්ඛඡන්ද-දුක්ඛරාග-දුක්ඛඡන්දරාගසුත්තානි
Sinhala BJTදුක්ඛ ඡන්‍ද දුක්ඛරාග දුක්ඛඡන්‍දරාග සූත්‍ර
Pali BJT171-173. යං භික්ඛවෙ දුක්ඛං, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කිඤ්ච භික්ඛවෙ දුක්ඛං: චක්ඛුං භික්ඛවෙ දුක්ඛං තත්ර වො ඡන්දො පහාතබ්බො රාගො පහාතබ්බො ඡන්දරාගො පහාතබ්බො. සොතං දුක්ඛං -පෙ- ඝානං දුක්ඛං -පෙ- ජිව්හා දුක්ඛා -පෙ- කායො දුක්ඛො -පෙ- මනො දුක්ඛො, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යං භික්ඛවෙ දුක්ඛං තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJT171-173 මහණෙනි යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් දුක් ද යත්: මහණෙනි චක්‍ෂුස දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය දුක් ය ... ඝ්‍රාණය දුක් ය ... ජිව්හාව දුක් ය ... කය දුක් ය ... මනස දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකට යුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT1. 17. 7-9.
Sinhala BJT1. 17. 7-9.
Pali BJTඅනත්තඡන්ද, අනත්තරාග, අනත්තඡන්දරාගසුත්තානි
Sinhala BJTඅනත්තඡන්‍ද, අනත්තරාග, අනත්ත ඡන්‍දරාග සූත්‍ර
Pali BJT174-176. යො භික්ඛවෙ අනත්තා, තත්ර වො ඡන්දො පහාතබ්බො. රාගො පහාතබ්බො-ඡන්දරාගො පහාතබ්බො. කො ච භික්ඛවෙ අනත්තා: චක්ඛුං භික්ඛවෙ අනත්තා, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො අනත්තා, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො භික්ඛවෙ අනත්තා, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJT174-176 මහණෙනි, යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් අනත් ද යත්: මහණෙනි චක්‍ෂුස අනාත්ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජිහ්වාව ... කය ... මනස අනාත්ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT1. 17. 10-12.
Sinhala BJT1. 17. 10-12.
Pali BJTබාහිරානිච්චඡන්ද, බාහිරානිච්චරාග, බාහිරානිච්ච ඡන්දරාගසුත්තානි
Sinhala BJTබාහිර අනිච්චඡන්‍ද, බාහිර අනිච්චරාග, බාහිර අනිච්චඡන්‍දරාග සූත්‍ර
Pali BJT177-179. යං භික්ඛවෙ අනිච්චං, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කිඤ්ච භික්ඛවෙ අනිච්චං: රූපා භික්ඛවෙ අනිච්චා, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනිච්චා, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යං භික්ඛවෙ අනිච්චං තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJT177-179. මහණෙනි, යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි, රූපයෝ අනිත්‍යය හ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... දහම්හු අනිත්‍යයහ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT1. 17. 13-15.
Sinhala BJT1. 17. 13-15.
Pali BJTබාහිර දුක්ඛඡන්ද, බාහිර දුක්ඛරාග, බාහිරදුක්ඛ ඡන්දරාගසුත්තානි
Sinhala BJTබාහිර දුක්ඛඡන්ද, බාහිර දුක්ඛරාග, බාහිරදුක්ඛඡන්‍දරාග සූත්‍ර
Pali BJT180-182. යං භික්ඛවෙ දුක්ඛං, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කිඤ්ච භික්ඛවෙ දුක්ඛං: රූපා භික්ඛවෙ දුක්ඛා, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා දුක්ඛා, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යං භික්ඛවෙ දුක්ඛං, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJT180-182. මහණෙනි, යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් දුක් ද යත්: මහණෙනි රූපයෝ දුක් හ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... දහම්හු දුක්හ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
Pali BJT1. 17. 16-18.
Sinhala BJT1. 17. 16-18.
Pali BJTබාහිරානත්තඡන්ද - බාහිරානත්තරාග - බාහිරානත්ත ඡන්දරාගසුත්තානි.
Sinhala BJTබාහිරානත්තඡන්‍ද - බාහිරානන්තරාග - බාහිරානන්තඡන්‍දරාග සූත්‍ර
Pali BJT183-185. යො භික්ඛවෙ අනත්තා, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. කො ච භික්ඛවෙ අනත්තා: රූපා භික්ඛවෙ අනත්තා, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනත්තා, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො. යො භික්ඛවෙ අනත්තා, තත්ර වො ඡන්දො පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බොති.
Sinhala BJT183-185. මහණෙනි යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය දුරු කටයුතු ය, රාගය දුරු කටයුතු ය, ඡන්‍දරාගය දුරු කටයුතු ය. මහණෙනි කිමෙක් අනාත්ම ද යත්: මහණෙනි රූපයෝ අනාත්මහ, එහි ලා තොපගේ ඡන්‍දය දුරු කටයුතු ය, රාගය දුරුකට යුතු ය, ඡන්‍දරාගය දුරු කටයුතු ය. ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... දහම්හු අනාත්මහ, එහි ලා තොපගේ ඡන්‍දය දුරු කටයුතු ය, රාගය දුරු කටයුතු ය, ඡන්‍දරාගය දුරු කටයුතු ය. මහණෙනි යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය දුරු කට යුතු ය, රාගය දුරු කටයුතු ය, ඡන්‍දරාගය දුරු කටයුතු යි.
Pali BJT1. 17. 19.
Sinhala BJT1. 17. 19.
Pali BJTඅතීතානිච්චසුත්තං
Sinhala BJTඅතීතානිච්ච සූත්‍රය
Pali BJT186. චක්ඛුං භික්ඛවෙ අනිච්චං අතීතං, සොතං අනිච්චං අතීතං, ඝානං අනිච්චං අතීතං, ජිව්හා අනිච්චා අතීතා, කායො අනිච්චො අතීතො, මනො අනිච්චො අතීතො. එවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි නිබ්බින්දති, ඝානස්මිම්පි නිබ්බින්දති, ජිව්හායපි නිබ්බින්දති, කායස්මිම්පි නිබ්බින්දති, මනස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT186. මහණෙනි අතීත වූ චක්‍ෂුස අනිත්‍ය ය, අතීත වූ ශ්‍රෝත්‍රය අනිත්‍ය ය, අතීත වූ ඝ්‍රාණය අනිත්‍ය ය, අතීත වූ ජිහ්වාව අනිත්‍ය ය, අතීත වූ කය අනිත්‍ය ය, අතීත වූ මනස අනිත්‍ය ය. මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු (ආර්‍ය්‍යශ්‍රාවක) චක්‍ෂුස කෙරෙහිත් කලකිරෙයි, ශ්‍රෝත්‍රය කෙරෙහිත් කලකිරෙයි, ඝ්‍රාණය කෙරෙහිත් කලකිරෙයි, ජිහ්වාව කෙරෙහිත් කලකිරෙයි, කයෙහිත් කලකිරෙයි, මනස කෙරෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇලුම් හෙයින් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ ය යි දැනීම වෙයි. ඉපැද්ම අවසන් විය, බඹසර වැස නිමැවිණ, කටයුතු කරන ලදි, මේ රහත්බව පිණිස කටයුතු අනෙකක් නැතැයි දැනගනී.
Pali BJT1. 17. 20.
Sinhala BJT1. 17. 20.
Pali BJTඅනාගතානිච්චසුත්තං
Sinhala BJTඅනාගතානිච්ච සූත්‍රය
Pali BJT187. චක්ඛුං භික්ඛවෙ අනිච්චං අනාගතං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා අනිච්චා අනාගතා, කායො -පෙ- මනො අනිච්චො අනාගතො. එවං පස්සං භික්ඛවෙ සුතවා, අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT187. මහණෙනි, අනාගත චක්‍ෂුස අනිත්‍ය ය, අනාගත ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජිහ්වාව අනිත්‍ය ය, අනාගත කය ... මනස අනිත්‍ය ය මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහි කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
Pali BJT1. 17. 21.
Sinhala BJT1. 17. 21.
Pali BJTපච්චුප්පන්නානිච්චසුත්තං
Sinhala BJTපච්චුප්පන්නානිච්ච සූත්‍රය
Pali BJT188. චක්ඛුං භික්ඛවෙ අනිච්චං පච්චුප්පන්නං, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා අනිච්චා පච්චුප්පන්නා, කායො -පෙ- මනො අනිච්චො පච්චුප්පන්නො. එවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT188. මහණෙනි වර්‍තමාන චක්‍ෂුස අනිත්‍ය ය, වර්‍තමාන ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජිහ්වාව අනිත්‍ය ය, වර්‍තමාන කය ... සිත අනිත්‍ය ය. මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුස කෙරෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
Pali BJT1. 17. 22-24.
Sinhala BJT1. 17. 22-24.
Pali BJTඅතීත දුක්ඛ, අනාගත දුක්ඛ, පච්චුප්පන්න දුක්ඛසුත්තානි
Sinhala BJTඅතීත දුක්ඛ, අනාගත දුක්ඛ, පච්චුපන්න දුක්ඛ සූත්‍ර