Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9901-10000 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT140. චක්ඛුං භික්ඛවෙ අනිච්චං. යොපි හෙතු යොපි පච්චයො චක්ඛුස්ස උප්පාදාය, සොපි අනිච්චො. අනිච්චසම්භූතං භික්ඛවෙ චක්ඛුං කුතො නිච්චං භවිස්සති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා අනිච්චා. යොපි හෙතු යොපි පච්චයො ජිව්හාය උප්පාදාය සොපි අනිච්චො. අනිච්චසම්භූතා භික්ඛවෙ, ජිව්හා කුතො නිච්චා භවිස්සති. කායො -පෙ- මනො අනිච්චො. යොපි{1} හෙතු යොපි පච්චයො මනස්ස උප්පාදාය, සොපි අනිච්චො. අනිච්චසම්භූතො භික්ඛවෙ, මනො කුතො නිච්චො භවිස්සති{2}.
Sinhala BJT140. මහණෙනි, ඇස අනිත්‍ය ය. ඇස හටගැනීමට යමකුත් හේතු වේ නම් යමකුත් ප්‍රත්‍යය වේ නම් ඒද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් ඇස කවර හෙයින් නිත්‍ය වන්නේ ද? කන ... නැහැය ... දිව අනිත්‍ය ය. දිව හටගැන්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය හෙයින් හටගත් දිව කවර හෙයින් නිත්‍ය වන්නේ ද? කය ... සිත අනිත්‍ය ය. සිත හටගැන්මට යමකුත් හේතු වේ නම් යමකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් සිත කවර හෙයින් නිත්‍ය වන්නේ ද?
Pali BJTඑවං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, සොතස්මිම්පි -පෙ- ඝානස්මිම්පි -පෙ- ජිව්හායපි -පෙ- කායස්මිම්පි -පෙ- මනස්මිම්පි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා උගත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් ... නැහැයෙහිත් ... දිවෙහිත් ... කයෙහිත් ... සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කට යුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 14. 8.
Sinhala BJT1. 14. 8.
Pali BJTඅජ්ඣත්තදුක්ඛසුත්තං
Sinhala BJTඅජ්ඣත්ත දුක්ඛ සූත්‍රය
Pali BJT141. චක්ඛුං භික්ඛවෙ දුක්ඛං. යොපි හෙතු යොපි පච්චයො චක්ඛුස්ස උප්පාදාය සොපි දුක්ඛො. දුක්ඛසම්භූතං භික්ඛවෙ, චක්ඛුං කුතො සුඛං භවිස්සති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා දුක්ඛා. යොපි හෙතු යොපි පච්චයො ජිව්හාය උප්පාදාය සොපි දුක්ඛො. දුක්ඛසම්භූතා භික්ඛවෙ ජිව්හා කුතො සුඛා භවිස්සති. කායො -පෙ- මනො දුක්ඛො. යොපි හෙතු යොපි පච්චයො මනස්ස උප්පාදාය සොපි දුක්ඛො. දුක්ඛසම්භූතො භික්ඛවෙ මනො කුතො සුඛො භවිස්සති.
Sinhala BJT141. මහණෙනි, ඇස දුක් ය. ඇස ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි. දුක් හේතුවෙන් හටගත් ඇස කවර හෙයින් සුව වන්නේ ද? කන ... නැහැය ... දිව දුක් ය. දිවේ ඉපැද්මට යමකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි, දුක් හේතුවෙන් හටගත් දිව කවර හෙයින් සුව වන්නේ ද? කය ... සිත දුක් ය. සිතේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හේ ද දුක් ය. මහණෙනි, දුක් හෙයින් හටගත් සිත කවර හෙයින් සුව වන්නේ ද.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා උගත් අරීසවු තෙමේ ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 14. 9.
Sinhala BJT1. 14. 9.
Pali BJTඅජ්ඣත්තඅනත්තසුත්තං
Sinhala BJTඅජ්ඣත්ත අනත්ත සූත්‍රය
Pali BJT142. චක්ඛුං භික්ඛවෙ අනත්තා. යොපි හෙතු යොපි පච්චයො චක්ඛුස්ස උප්පාදාය සොපි අනත්තා. අනත්තසම්භූතං භික්ඛවෙ චක්ඛුං කුතො අත්තා භවිස්සති. සොතං අනත්තා -පෙ- ඝානං අනත්තා -පෙ- ජිව්හා අනත්තා. යොපි හෙතු යොපි පච්චයො ජිව්හාය උප්පාදාය, සොපි අනත්තා. අනත්තසම්භූතා භික්ඛවෙ ජිව්හා කුතො අත්තා භවිස්සති? කායො අනත්තා -පෙ- මනො අනත්තා. යොපි හෙතු යොපි පච්චයො මනස්ස උප්පාදාය සොපි අනත්තා. අනත්තසම්භූතො භික්ඛවෙ, මනො කුතො අත්තා භවිස්සති.
Sinhala BJT142. මහණෙනි, ඇස ආත්ම නො වේ. ඇසේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද ආත්ම නො වේ. මහණෙනි, ආත්ම නොවන හේතුවෙන් හටගත් ඇස කවර හෙයින් ආත්ම වන්නේ ද. කන ආත්ම නො වේ ... නැහැය ආත්ම නො වේ ... දිව ආත්ම නො වේ. දිවේ හටගැන්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද ආත්ම නො වේ. මහණෙනි, ආත්ම නොවන හේතුවෙන් හටගත් දිව කවර හෙයින් ආත්ම වන්නේ ද? කය අනත් ය ... සිත ආත්ම නො වේ. සිතේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද ආත්ම නො වේ. මහණෙනි, ආත්ම නොවන හේතුවෙන් හටගත් සිත කවර හෙයින් ආත්ම වන්නේ ද?
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 14. 10.
Sinhala BJT1. 14. 10.
Pali BJTබාහිරඅනිච්චසුත්තං
Sinhala BJTබාහිර අනිච්ච සූත්‍රය
Pali BJT143. රූපා භික්ඛවෙ අනිච්චා. යොපි හෙතු යොපි පච්චයො රූපානං උප්පාදාය සොපි අනිච්චො. අනිච්චසම්භූතා භික්ඛවෙ රූපා කුතො නිච්චා භවිස්සන්ති සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනිච්චා. යොපි හෙතු යොපි පච්චයො ධම්මානං උප්පාදාය සොපි අනිච්චො. අනිච්චසම්භූතා භික්ඛවෙ ධම්මා කුතො නිච්චා භවිස්සන්ති.
Sinhala BJT143. මහණෙනි, රූපය අනිත්‍ය ය. රූපයන්ගේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය දැයින් හටගත් රූපය කවර හෙයින් නිත්‍ය වන්නේ ද? සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිත්‍ය ය. දහම්හි ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනිත්‍ය ය. මහණෙනි, අනිත්‍ය දැයින් හටගත් දහම් කවර හෙයින් නිත්‍ය වන්නේ ද?
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො රූපෙසුපි නිබ්බින්දති, සද්දෙසුපි නිබ්බින්දති, ගන්ධෙසුපි නිබ්බින්දති, රසෙසුපි නිබ්බින්දති, ඵොට්ඨබ්බෙසුපි නිබ්බින්දති, ධම්මෙසුපි නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහිත් කලකිරෙයි. සදෙහිත් කලකිරෙයි. ගඳෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. පහස්හිත් කලකිරෙයි. දහම්හිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙ යි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 14. 11.
Sinhala BJT1. 14. 11.
Pali BJTබාහිරදුක්ඛසුත්තං
Sinhala BJTබාහිර දුක්ඛ සූත්‍රය
Pali BJT144. රූපා භික්ඛවෙ දුක්ඛා. යොපි හෙතු යොපි පච්චයො රූපානං උප්පාදාය සොපි දුක්ඛො. දුක්ඛසම්භූතා භික්ඛවෙ රූපා කුතො සුඛා භවිස්සන්ති සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා දුක්ඛා. යොපි හෙතු යොපි පච්චයො ධම්මානං උප්පාදාය සොපි දුක්ඛො. දුක්ඛසම්භූතා භික්ඛවෙ ධම්මා කුතො සුඛා භවිස්සන්ති.
Sinhala BJT144. මහණෙනි, රූපයෝ දුක්හ. රූපයන්ගේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි. දුක් හේතුවෙන් හටගත් රූප කවර හෙයින් සුව වන්නේ ද. සද ... ගඳ ... රස ... පහස් ... දහම් දුක් ය. දහම්හි ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද දුක් ය. මහණෙනි, දුකින් හටගත් දහම් කවර හෙයින් සැප වන්නේ ද.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJT1. 14. 12.
Sinhala BJT1. 14. 12.
Pali BJTබාහිරඅනත්තසුත්තං
Sinhala BJTබාහිර අනත්ත සූත්‍රය
Pali BJT145. රූපා භික්ඛවෙ අනත්තා. යොපි හෙතු යොපි පච්චයො රූපානං උප්පාදාය සොපි අනත්තා. අනත්තසම්භූතා භික්ඛවෙ රූපා කුතො අත්තා භවිස්සන්ති. සද්දා -පෙ- ගන්ධා -පෙ- රසා -පෙ- ඵොට්ඨබ්බා -පෙ- ධම්මා අනත්තා. යොපි හෙතු යොපි පච්චයො ධම්මානං උප්පාදාය සොපි අනත්තා. අනත්තසම්භූතා භික්ඛවෙ ධම්මා කුතො අත්තා භවිස්සන්ති.
Sinhala BJT145. මහණෙනි, රූපයෝ අනාත්මයහ. රූපයන්ගේ ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනාත්මය. මහණෙනි, අනාත්මදැයින් හටගත් රූපයෝ කොයින් ආත්ම වන්නෝ ද. සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනාත්මයහ. දහම්හි ඉපැද්මට යමෙකුත් හේතු වේ නම් යමෙකුත් ප්‍රත්‍යය වේ නම් හෙ ද අනාත්ම ය. මහණෙනි, අනාත්ම දැයින් හටගත් දහම් කොයින් ආත්ම වන්නේ ද.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
Pali BJTදෙවදහවග්ගො චුද්දසමො.
Sinhala BJTතුදුස්වැනි දේවදහවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTදෙවදහ ඛණො{1} සතය්හ ගය්හ{2} ද්වෙ හොන්ති පලාසීනා{3} හෙතුනා’පි තයො වුත්තා තෙ ඛො අජ්ඣත්ත බාහිරා{4}ති.
Sinhala BJTදේවදහ, ඛණ, සගය්හ, ගය්හ, යයි සතරෙක් ද, පලාස නමින් දෙකෙක් ද වෙත්, හේතු නමින් ද තුනෙක් කියන ලදි. ඔහු අජ්ඣත්ත බාහිර ය යි සයෙකි. මුළුල්ල දොළසෙකි.
Pali BJT15. නවපුරාණවග්ගො
Sinhala BJT15. නවපුරාණ වර්‍ගය
Pali BJT1. 15. 1.
Sinhala BJT1. 15. 1.
Pali BJTකම්මසුත්තං
Sinhala BJTකම්ම සූත්‍රය
Pali BJT146. නවපුරාණානි භික්ඛවෙ, කම්මානි දෙසිස්සාමි, කම්මනිරොධඤ්ච, කම්මනිරොධගාමිනිඤ්ච පටිපදං. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති.
Sinhala BJT146. මහණෙනි, අලුත් කර්‍ම හා පැරණි කර්‍ම ද කර්‍මනිරෝධය ද කර්‍මනිරෝධගාමිනී ප්‍රතිපදාව ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ පුරාණං කම්මං{1}: චක්ඛුං භික්ඛවෙ පුරාණං කම්මං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං වෙදනීයං දට්ඨබ්බං. සොතං පුරාණං කම්මං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං වෙදනීයං දට්ඨබ්බං. ඝානං පුරාණං කම්මං අභිසඞ්ඛතං අභිසඤ්චෙතයිතං වෙදනීයං දට්ඨබ්බං. ජිව්හා පුරාණං කම්මං අභිසඞ්ඛතා අභිසඤ්චෙතයිතා වෙදනීයා දට්ඨබ්බා. කායො පුරාණං කම්මං අභිසඞ්ඛතො අභිසඤ්චෙතයිතො වෙදනීයො දට්ඨබ්බො. මනො පුරාණං කම්මං අභිසඞ්ඛතො අභිසඤ්චෙතයිතො වෙදනීයො දට්ඨබ්බො. ඉදං වුච්චති භික්ඛවෙ, පුරාණං කම්මං.
Sinhala BJTමහණෙනි, පැරණි කර්‍මය කවරේ ද යත්: මහණෙනි, ඇස ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. කන ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. නැහැය ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. දිව ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. කය ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. සිත ප්‍රත්‍යයන් විසින් එක් ව කරන ලද චේතනාව විසින් පිළියෙළ කරන ලද වේදනාවට වස්තු යයි දැක්ක යුතු පැරණි කර්‍මයෙකි. මහණෙනි, මේ පැරණි කර්‍ම යයි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ නවං කම්මං: යං ඛො භික්ඛවෙ එතරහි කම්මං කරොති කායෙන වාචාය මනසා, ඉදං වුච්චති භික්ඛවෙ, නවං කම්මං.
Sinhala BJTමහණෙනි, අලුත් කර්‍මය කවරේ ද යත්: දැන් කයින් වදනින් සිතින් යම් කර්‍මයක් කෙරේ නම් මහණෙනි, මේ අලුත් කර්‍ම යයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ කම්මනිරොධො: යො ඛො භික්ඛවෙ කායකම්මවචීකම්මමනොකම්මස්ස{2} නිරොධා විමුත්තිං ඵුසති, අයං වුච්චති භික්ඛවෙ, කම්මනිරොධො.
Sinhala BJTමහණෙනි, කර්‍මනිරෝධය කවරේ ද යත්: මහණෙනි, යමෙක් කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍මයන්ගේ නිරෝධයෙන් විමුක්තිය ස්පර්‍ශ කෙරේ නම් මහණෙනි, මේ කර්‍මනිරෝධ යයි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ කම්මනිරොධගාමිනී පටිපදා: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, කම්මනිරොධගාමිනී පටිපදා.
Sinhala BJTමහණෙනි, කර්‍ම නිරෝධගාමිනීප්‍රතිපදාව කවරයැ යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය මැ යි: එනම් සම්මාදිටිඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යි. මහණෙනි, මේ කර්‍මනිරෝධගාමිනීප්‍රතිපදාව යි කියනු ලැබේ.
Pali BJTඉති ඛො භික්ඛවෙ දෙසිතං වො මයා පුරාණං කම්මං දෙසිතං නවං කම්මං, දෙසිතො කම්මනිරොධො, දෙසිතා කම්මනිරොධගාමිනී පටිපදා. යං වො භික්ඛවෙ, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා.{2} එතානි භික්ඛවෙ රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJTමහණෙනි, මෙසේ මා විසින් තොපට පැරණිකර්‍මය දේශනා කරන ලදී. අලුත්කර්‍මය දේශනා කරන ලදී. කර්‍මනිරෝධය දේශනා කරන ලදි. කර්‍මනිරෝධගාමිනීප්‍රතිපදාව දේශනා කරන ලදී. මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් තොපට කටයුතු නම් මා විසින් එය තොපට කරන ලදී. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙල සුන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු, නහමක් පමාවවු. පසු ව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනාව යි.
Pali BJT1. 15. 2.
Sinhala BJT1. 15. 2.
Pali BJTසප්පායසුත්තං
Sinhala BJTසප්පාය සූත්‍රය
Pali BJT147. නිබ්බානසප්පායං වො භික්ඛවෙ පටිපදං දෙසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. කතමා ච සා භික්ඛවෙ, නිබ්බානසප්පායා පටිපදා:
Sinhala BJT147. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි, එය අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුං අනිච්චන්ති පස්සති, රූපා අනිච්චාති පස්සති, චක්ඛුවිඤ්ඤාණං අනිච්චන්ති පස්සති, චක්ඛුසම්ඵස්සො අනිච්චොති පස්සති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති පස්සති.
Sinhala BJTමහණෙනි, මෙහි මහණ ඇස අනිත්‍ය යි දකී. රූ අනිත්‍ය යි දකී. චක්‍ෂුර්විඥානය අනිත්‍ය යි දකී. ඇස්පහස අනිත්‍ය යි දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් ඒ ද අනිසැ යි දකී.
Pali BJTසොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා අනිච්චාති පස්සති, රසා අනිච්චාති පස්සති, ජිව්හාවිඤ්ඤාණං අනිච්චන්ති පස්සති, ජිව්හාසම්ඵස්සො අනිච්චොති පස්සති, යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති පස්සති.
Sinhala BJTකන ... නැහැය ... දිව අනිසැ යි දකී. රස අනිසැ යි දකී. ජිව්හාවිඤ්ඤාණය අනිසැයි දකී. දිවුපහස අනිසැ යි දකී. දිවුපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි දකී.
Pali BJTකායො -පෙ- මනො අනිච්චොති පස්සති, ධම්මා අනිච්චාති පස්සති, මනොවිඤ්ඤාණං අනිච්චන්ති පස්සති, මනොසම්ඵස්සො අනිච්චොති පස්සති, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති පස්සති. අයං ඛො සා භික්ඛවෙ නිබ්බානසප්පායා පටිපදාති.
Sinhala BJTකය ... සිත අනිසැ යි දකී. (අරමුණු) දහම් අනිසැ යි දකී. මනෝ විඤ්ඤාණය අනිසැ යි දකී. මනපහස අනිසැ යි දකී. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනිසැ යි දකී. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.
Pali BJT1. 15. 3.
Sinhala BJT1. 15. 3.
Pali BJTදුතියසප්පායසුත්තං
Sinhala BJTදුතිය සප්පාය සූත්‍රය
Pali BJT148. නිබ්බානසප්පායං වො භික්ඛවෙ පටිපදං දෙසිස්සාමි. තං සුණාථ සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. කතමා ච සා භික්ඛවෙ, නිබ්බානසප්පායා පටිපදා:
Sinhala BJT148. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුං දුක්ඛන්ති පස්සති, රූපා දුක්ඛන්ති පස්සති, චක්ඛුවිඤ්ඤාණං දුක්ඛන්ති පස්සති, චක්ඛුසම්ඵස්සො දුක්ඛොති පස්සති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛන්ති පස්සති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ඇස දුකැ යි දකී. රූ දුකැ යි දකී. චක්‍ෂුර්විඥානය දුකැ යි දකී. ඇස්පහස දුකැ යි දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුකැ යි දකී.
Pali BJTසොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා දුක්ඛාති පස්සති, රසා දුක්ඛාති පස්සති, ජිව්හා විඤ්ඤාණං දුක්ඛන්ති පස්සති, ජිව්හාසම්ඵස්සො දුක්ඛොති පස්සති, යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛන්ති පස්සති.
Sinhala BJTකන ... නැහැය ... දිව දුකැ යි දකී, රස දුකැ යි දකී, ජිව්හාවිඤ්ඤාණය දුකැ යි දකී, දිව්පහස දුකැ යි දකී, දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුකැ යි දකී.
Pali BJTකායො -පෙ- මනො දුක්ඛොති පස්සති, ධම්මා දුක්ඛාති පස්සති, මනොවිඤ්ඤාණං දුක්ඛන්ති පස්සති, මනොසම්ඵස්සො දුක්ඛොති පස්සති, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති. වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛන්ති පස්සති. අයං ඛො සා භික්ඛවෙ නිබ්බානසප්පායා පටිපදාති.
Sinhala BJTකය ... සිත දුකැ යි දකී. දහම් දුකැ යි දකී. මනවිණැ දුකැ යි දකී, මනපහස දුකැ යි දකී, මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුකැ යි දකී. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.
Pali BJT1. 15. 4.
Sinhala BJT1. 15. 4.
Pali BJTතතියසප්පායසුත්තං
Sinhala BJTතතිය සප්පාය සූත්‍රය
Pali BJT149. නිබ්බානසප්පායං වො භික්ඛවෙ පටිපදං දෙසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ භාසිස්සාමීති. කතමා ච සා භික්ඛවෙ, නිබ්බානසප්පායා පටිපදා:
Sinhala BJT149. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි, එය අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුං අනත්තාති පස්සති, රූපා අනත්තාති පස්සති, චක්ඛුවිඤ්ඤාණං අනත්තාති පස්සති, චක්ඛුසම්ඵස්සො අනත්තාති පස්සති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තාති පස්සති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ඇස අනාත්මය යයි දකී. රූ අනත් යයි දකී. ඇස්විනැණ අනත් යයි දකී. ඇස්පහස අනත් යයි දකී. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනත් යයි දකී.
Pali BJTසොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා අනත්තාති පස්සති, රසා අනත්තාති පස්සති, ජිව්හාවිඤ්ඤාණං අනත්තාති පස්සති, ජිව්හාසම්ඵස්සො අනත්තාති පස්සති, යම්පිදං ජිව්හාසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තාති පස්සති.
Sinhala BJTකන ... නැහැය ... දිව අනත් යයි දකී. රස අනත් යයි දකී. දිව්විනැණ අනත් යයි දකී. දිව්පහස අනත් යි දකී. දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද අනත් යයි දකී.
Pali BJTකායො -පෙ- මනො අනත්තාති පස්සති, ධම්මා අනත්තාති පස්සති, මනොවිඤ්ඤාණං අනත්තාති පස්සති, මනොසම්ඵස්සො අනත්තාති පස්සති, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනත්තාති පස්සති. අයං ඛො සා භික්ඛවෙ නිබ්බානසප්පායා පටිපදාති.
Sinhala BJTකය ... සිත අනත් යයි දකී. දහම් අනත් යයි දකී. මනවිණැන අනත්ය යි දකී. මනපහස අනත් යයි දකී. මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද අනත් යයි දකී. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.
Pali BJT1. 15. 5.
Sinhala BJT1. 15. 5.
Pali BJTචතුත්ථසප්පායසුත්තං
Sinhala BJTචතුත්‍ථ සප්පාය සූත්‍රය
Pali BJT150. නිබ්බානසප්පායං වො භික්ඛවෙ, පටිපදං දෙසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. කතමා ච සා භික්ඛවෙ, නිබ්බානසප්පායා පටිපදා:
Sinhala BJT150. මහණෙනි, නිවනට පිටිවහල් වූ පිළිවෙත තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. මහණෙනි, නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත කවර යැ යත්:
Pali BJTතං කිම්මඤ්ඤථ භික්ඛවෙ, චක්ඛුං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTමහණෙනි, ඒ කිමැ යි හඟි වු ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ යැ. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය. මේ මම වෙමි. මේ මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ”? යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTරූපා නිච්චා වා අනිච්චා වාති? අනිච්චා භන්තෙ -පෙ- චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ -පෙ- චක්ඛුසම්ඵස්සො නිච්චො වා අනිච්චො වාති? අනිච්චො භන්තෙ -පෙ- යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ, යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ, යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං “එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTරූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ? වහන්ස, අනිත්‍ය ය ... ඇස්විනැණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ? වහන්ස, අනිත්‍ය ය ... ඇස්පහස නිත්‍ය හෝ අනිත්‍ය හෝ යි. වහන්ස, අනිත්‍ය ය. ... ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ. වහන්ස, අනිත්‍ය ය; යමක් අනිත්‍ය නම් හේ දුක් හෝ සුව හෝ යැ? වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස්වනසුලු නම් එය “මෙය මාගේ ය. මේ මම වෙමි” මේ මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTසොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො නිච්චො වා අනිච්චො වාති? අනිච්චො භන්තෙ. -පෙ- ධම්මා -පෙ- මනොවිඤ්ඤාණං -පෙ- මනොසම්ඵස්සො -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි නිච්චං වා අනිච්චං වාති? අනිච්චං භන්තෙ. යම්පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති? දුක්ඛං භන්තෙ, යම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලන්නු තං සමනුපස්සිතුං: “එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා”ති? නො හෙතං භන්තෙ.
Sinhala BJTකන ... නැහැය ... දිව ... කය ... සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ? වහන්ස, අනිත්‍යය ... දහම් ... මනවිනැණ ... මනපහස ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ යැ? වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ යැ? වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම යයි දක්නට සුදුසු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ සුතවා අරියසාවකො චක්ඛුස්මිම්පි නිබ්බින්දති, රූපෙසුපි නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙපි නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙපි නිබ්බින්දති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති -පෙ- යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාති.{1} අයං ඛො සා භික්ඛවෙ නිබ්බානසප්පායා පටිපදාති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහි කලකිරෙයි. ඇස්විනැණෙහිත් කලකිරෙයි. ඇස්පහසෙහිත් කලකිරෙයි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි. මහණෙනි, මේ නිවනට පිටිවහල් වූ ඒ පිළිවෙත යි.
Pali BJT1. 15. 6.
Sinhala BJT1. 15. 6.
Pali BJTඅන්තෙවාසිකසුත්තං
Sinhala BJTඅන්තේවාසික සූත්‍රය
Pali BJT151. අනන්තෙවාසිකමිදං භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති අනාචරියකං. සාන්තෙවාසිකො{2} භික්ඛවෙ, භික්ඛු සාචරියකො දුක්ඛං න ඵාසු විහරති. අනන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු අනාචරියකො සුඛං ඵාසුං විහරති.
Sinhala BJT151. මහණෙනි, අත වැස්සන් නැති ඇදුරන් නැති හෙවත් ඇතුළත කෙලෙස් නැති කෙලෙසුන් විසින් ශික්‍ෂණ නැති මහණ මේ බඹසර වෙසෙයි. මහණෙනි, අතැවැසි කෙලෙසුන් සහිත ඇදුරු කෙලෙසුන් සහිත මහණ නො පහසුව දුකසේ වෙසෙයි. මහණෙනි, අන්තේවාසික අනාචරියක මහණ සුවසේ පහසු ලෙස වෙසෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරති: ඉධ භික්ඛවෙ භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා. ත්යාස්ස අන්තො වසන්ති, අන්තස්ස වසන්ති පාපකා අකුසලා ධම්මාති. තස්මා සාන්තෙවාසිකොති වුච්චති. තෙ නං සමුදාචරන්ති, සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති. තස්මා සාචරියකොති වුච්චති.
Sinhala BJTමහණෙනි, සාන්තේවාසික සාචරියක මහණ කෙසේ නම් දුකසේ නො පහසු ලෙස වෙසේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට ඇසින් රූපයක් දැකීමෙන් සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල් දහම්හු උපදිද් ද, ඔහු ඔහුගේ ඇතුළත වෙසෙත්. ලාමක අකුසල් දහම්හු ඔහුගේ ඇතුළත වෙසෙත් යන මෙකරුණෙන් සාන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්‍ෂණ කෙරෙති. ලාමක අකුසල් දහම්හු ඔහු ශික්‍ෂණ කෙරෙති යි මෙකරුණින් හේ සාචරියක යයි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ භික්ඛුනො ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ භික්ඛුනො ජිව්හාය රසං සායිත්වා උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සංඤ්ඤොජනියා. -පෙ- පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ-
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් ද කියමි. කනින් සද අසා මහණහට ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: නැහැයෙන් ගඳ ගෙන මහණහට ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: දිවෙන් රස විඳ මහණහට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිතවූ ලාමක අකුසල් දහම්හු උපදිද්ද ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: කයින් පහස පැහැස්මෙන් මහණහට …
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛුනො මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා. ත්යාස්ස අන්තො වසන්ති, අන්තස්ස වසන්ති පාපකා අකුසලා ධම්මාති. තස්මා සාන්තෙවාසිකොති වුච්චති. තෙ නං සමුදාචරන්ති, සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති. තස්මා සාචරියකොති වුච්චති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සාන්තෙවාසිකො සාචරියකො දුක්ඛං න ඵාසු විහරති.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් ද කියමි: සිතින් දහම් දැන මහණහට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු උපදිද් ද ඒ අකුසල්හු ඔහුගේ ඇතුළත වෙසෙත්. ලාමක අකුසල්දහම්හු ඔහුගේ ඇතුළත වෙසෙත්නු යි මෙකරුණින් සාන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්‍ෂණය කෙරෙති. ලාමක අකුසල්දහම්හු ඔහු ශික්‍ෂණය කෙරෙත් නු යි මෙකරුණින් සාචරියක යයි කියනු ලැබේ. මහණෙනි, මෙසේ සාන්තේවාසික සාචරියක මහණ දුකසේ නො පහසු ලෙස වෙසෙ යි.
Pali BJTකථං ච භික්ඛවෙ, භික්ඛු අනන්තෙවාසිකො අනාචරියකො සුඛං ඵාසු විහරති: ඉධ භික්ඛවෙ, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා නූප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා. ත්යාස්ස න අන්තො වසන්ති, නාස්ස අන්තො වසන්ති පාපකා අකුසලා ධම්මාති තස්මා අනන්තෙවාසිකොති වුච්චති. තෙ න නං{1} සමුදාචරන්ති. න සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති. තස්මා අනාචරියකොති වුච්චති.
Sinhala BJTමහණෙනි, අනන්තේවාසික අනාචරියක මහණ කෙසේ නම් සුවසේ පහසු ලෙස වෙසේ ද යත්: මහණෙනි, මෙහි ඇසින් රූ දැක ඔහුට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු නූපදීද්ද, ඒ කෙලෙස්හු ඔහු අතැවැසි නො වෙත්, ලාමක අකුසල්දහම්හු ඔහු අතැවැසි නො වෙත් නු යි එහෙයින් අනන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු ශික්‍ෂණ නො කෙරෙති. ලාමක අකුසල්දහම්හු ඔහු ශික්‍ෂණ නො කෙරෙත් නු යි මෙසේ අනාචරියක යයි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ, භික්ඛුනො මනසා ධම්මං විඤ්ඤාය නූප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා සරසඞ්කප්පා සඤ්ඤොජනියා. ත්යාස්ස න අන්තො වසන්ති, නාස්ස අන්තො වසන්ති පාපකා අකුසලා ධම්මාති. තස්මා අනන්තෙවාසිකොති වුච්චති. තෙ න නං සමුදාචරන්ති, න සමුදාචරන්ති නං පාපකා අකුසලා ධම්මාති. තස්මා අනාචරියකොති වුච්චති.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් ද කියමි: කනින් සද අසා මහණහට ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පහස් පැහැසැ ... මහණෙනි, නැවත අනෙකක් ද (කියමි:) සිතින් දහම් දැන මහණහට සරසඞ්කප්ප නම් වූ සංයෝජනයන්ට හිත වූ ලාමක අකුසල්දහම්හු නූපදිද් ද ඒ අකුසල්හු ඔහු අතැවැසි නො වෙත්. ලාමක අකුසල්දහම්හු ඔහු අතැවැසි නො වෙත් නු යි මෙසේ අනන්තේවාසික යයි කියනු ලැබේ. ඒ කෙලෙස්හු ඔහු නො මඩිත් ලාමක අකුසල්දහම්හු ඔහු නො මඩිත් නු යි. එසේ අනාචරියක යයි කියනු ලැබේ.
Pali BJTඑවං ඛො භික්ඛවෙ, භික්ඛු අනන්තෙවාසිකො අනාචරියකො සුඛං ඵාසු විහරති. අනන්තෙවාසිකමිදං භික්ඛවෙ, බ්රහ්මචරියං වුස්සති අනාචරියකං. සාන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු සාචරියකො දුක්ඛං න ඵාසු විහරති. අනන්තෙවාසිකො භික්ඛවෙ, භික්ඛු අනාචරියකො සුඛං ඵාසු විහරතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ අනන්තේවාසික අනාචරියක මහණ සුවසේ පහසු ලෙස වෙසෙයි. මහණෙනි, අනන්තේවාසික අනාචරියකවැ මේ බඹසර වෙසේ. මහණෙනි, සාන්තේවාසික සාචරියක මහණ දුකසේ නො පහසු ලෙස වෙසේ. මහණෙනි, අනන්තේවාසික අනාචරියක මහණ සුවසේ පහසු ලෙස වෙසේ යි.
Pali BJT1. 15. 7.
Sinhala BJT1. 15. 7.
Pali BJTකිමත්ථියසුත්තං
Sinhala BJTකිමත්‍ථිය සූත්‍රය
Pali BJT152. සචෙ වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “කිමත්ථියං ආවුසො, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතී”ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: දුක්ඛස්ස ඛො ආවුසො පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සතීති. සචෙ පන වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: කතමං පන තං ආවුසො දුක්ඛං යස්ස පරිඤ්ඤාය සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතීති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ:
Sinhala BJT152. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වසනු ලැබේ දැ?” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට “ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසනු ලැබේ ය”යි මෙසේ පවසවු. මහණෙනි, ඉදින් ඒ අන්තොටුපිරිවැජ්ජෝ ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ නම් ඒ දුක කවරේ දැ? යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මෙසේ හෙළිකරවු.
Pali BJTචක්ඛුං ඛො ආවුසො දුක්ඛං, තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති. රූපා දුක්ඛා, තෙසං පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති. චක්ඛුවිඤ්ඤාණං දුක්ඛං, තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති. චක්ඛුසම්ඵස්සො දුක්ඛො, තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති. යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි දුක්ඛං, තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති.
Sinhala BJTඇවැත්නි, ඇස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසේ. රූ දුක් ය. ඔවුන් පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසේ. ඇස්විනැණ දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසෙයි. ඇස්පහස දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැසෙයි. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසෙයි.
Pali BJTසොතං දුක්ඛං -පෙ- ඝානං දුක්ඛං -පෙ- ජිව්හා දුක්ඛා -පෙ- කායො දුක්ඛො -පෙ- මනො දුක්ඛො, තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති -පෙ- යම්පිදං මනොසම්ඵස්ස පච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි දුක්ඛං, තස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති. ඉදං ඛො ආවුසො දුක්ඛං, යස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සතීති. එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථාති.
Sinhala BJTකන දුක් ය. ... නැහැය දුක් ය. ... දිව දුක් ය. ... කය දුක් ය ... සිත දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භගවත්හු කෙරෙහි බඹසර වෙසෙයි. ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙද දුක් ය. එය පිරිසිඳ දැනීම පිණිස භගවත්හු කෙරෙහි බඹසර වෙසෙයි. ඇවැත්නි, යමක් පිරිසිඳ දැනීම පිණිස භගවත්හු කෙරෙහි බඹසර වැසේ නම් මේ ඒ දුක යයි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මෙසේ පවසවු යි.
Pali BJT1. 15. 8.
Sinhala BJT1. 15. 8.
Pali BJTඅත්ථිනුඛොපරියායසුත්තං
Sinhala BJTඅත්‍ථිනුඛොපරියාය සූත්‍රය
Pali BJT153. සාවත්ථියං–
Sinhala BJT153. සැවැත්නුවර–
Pali BJTඅත්ථි නු ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම භික්ඛු අඤ්ඤත්රෙව සද්ධාය, අඤ්ඤත්ර{1} රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අඤ්ඤං ව්යාකරෙය්ය: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති?
Sinhala BJTමහණෙනි, මහණ තෙමේ යම් කරුණකට පැමිණ ඇදහීමෙන් තොර ව ම රුචියෙන් තොර ව ම ඇසීමෙන් තොර ව ම අයුරු සැලකීමෙන් තොර ව ම ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කරන්නේ නම් එබඳු කරුණෙක් ඇද්දැ?යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා භගවන්නෙත්තිකා භගවම්පටිසරණා. සාධු වත භන්තෙ, භගවන්තං යෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති. තෙන හි භික්ඛවෙ සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. අයැදිමි, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු, මැනවින් මෙනෙහි කරවු, කියන්නෙමි යි. එසේ ය වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTඅත්ථි භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම භික්ඛු අඤ්ඤත්රෙව සද්ධාය -පෙ- අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අඤ්ඤං ව්යාකරෙය්ය: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. කතමො ච භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම භික්ඛු අඤ්ඤත්රෙව සද්ධාය -පෙ- අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අඤ්ඤං ව්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති:
Sinhala BJTමහණෙනි, මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී. මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කරන්නේ නම් එබඳු කරුණෙක් ඇත. මහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි රහත්බව පළ කෙරේ නම් එබඳු කරුණ කවරේ ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා සන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං, අත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති, අසන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං, නත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති: යන්තං භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා සන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං, අත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති, අසන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං, නත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති: අපි නු මෙ භික්ඛවෙ, ධම්මා සද්ධාය වා වෙදිතබ්බා, රුචියා වා වෙදිතබ්බා, අනුස්සවෙන වා වෙදිතබ්බා, ආකාරපරිවිතක්කෙන වා වෙදිතබ්බා, දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා වා වෙදිතබ්බා? නො හෙතං භන්තෙ, නනු මෙ භික්ඛවෙ, ධම්මා පඤ්ඤාය දිස්වා වෙදිතබ්බාති? එවම්භන්තෙ.
Sinhala BJTමහණෙනි, මෙහි මහණ තෙමේ ඇසින් රූ දැක තමා තුළ ඇති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී ද, තමා තුළ නැති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී ද; මහණෙනි, මහණ තෙමේ ඇසින් රූ දැක තමා තුළ ඇත්තාවූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී යන ඒ යමක් වේ නම් මහණෙනි, මේ දහම්හු ඇදහීමෙන් හෝ දතයුත්තාහු ද රිසියෙන් හෝ දතයුත්තාහු ද ඇසීමෙන් හෝ දතයුත්තාහු ද, අයුරු සැලකීමෙන් හෝ දතයුත්තාහු ද, ලබ්ධි විසින් ගැනුමෙන් හෝ දතයුත්තාහු දැ?යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, මේ දහම්හු නුවණින් දැක දත යුත්තාහු නො වෙද්දැ?යි. වහන්ස, එසේය.
Pali BJTඅයං{1} ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම භික්ඛු අඤ්ඤත්රෙව සද්ධාය -පෙ- අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අඤ්ඤං ව්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
Sinhala BJTමහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම ... ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි රහත්බව පළ කෙරේ නම් මේ ඒ කරුණ යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා සන්තං වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- පුන චපරං භික්ඛවෙ, භික්ඛු මනසා ධම්මං විඤ්ඤාය සන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං අත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති, අසන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං, නත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති. යන්තං භික්ඛවෙ, භික්ඛු මනසා ධ්මමං විඤ්ඤාය සන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං අත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති. අසන්තං වා අජ්ඣත්තං රාගදොසමොහං නත්ථි මෙ අජ්ඣත්තං රාගදොසමොහොති පජානාති. අපි නු ඛො මෙ{2} භික්ඛවෙ, ධම්මා සද්ධාය වා වෙදිතබ්බා -පෙ- දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා වා වෙදිතබ්බාති? නොහෙතං භන්තෙ. නනු මෙ භික්ඛවෙ, ධම්මා පඤ්ඤාය දිස්වා වෙදිතබ්බාති? එවම්භන්තෙ.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් ද කියමි: මහණ තෙමේ කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවෙන් රස විඳ ... කයින් පැහැසිය පැහැස ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: මහණ තෙමේ සිතින් දහම් දැන තමා තුළ ඇති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී ද, තමා තුළ නැති රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී ද, මහණෙනි, මහණ තෙමේ සිතින් දහම් දැන තමා තුළ ඇත්තා වූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ ඇතැ යි දැනගනී. තමා තුළ නැත්තා වූ හෝ රාග දෝස මෝහ මා තුළ රාග දෝස මෝහ නැතැ යි දැනගනී යන ඒ යමක් වේ නම් මහණෙනි, මේ දහම්හු ඇදහීමෙන් හෝ දත යුත්තාහු ද ... ලබ්ධි විසින් ගැනීමෙන් හෝ දත යුත්තාහු දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, මේ දහම්හු නුවණින් දැක දත යුත්තාහු නො වෙද්දැ?යි. වහන්ස, එසේ ය.
Pali BJTඅයම්පි ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම භික්ඛු අඤ්ඤත්රෙව සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා අඤ්ඤං ව්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
Sinhala BJTමහණෙනි, යම් කරුණකට පැමිණ මහණ තෙමේ ඇදහීමෙන් තොර ව ම රිසියෙන් තොර ව ම ඇසීමෙන් තොර ව ම අයුරු සැලකීමෙන් තොර ව ම ලබ්ධි විසින් ගැනීමෙන් තොර ව ම “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී” යි. රහත්බව පළ කෙරේ නම් මෙ ද ඒ කරුණ යි.
Pali BJT1. 15. 9.
Sinhala BJT1. 15. 9.
Pali BJTඉන්ද්රියසම්පන්නසුත්තං
Sinhala BJTඉන්‍ද්‍රියසම්පන්න සූත්‍රය
Pali BJT154. සාවත්ථියං–
Sinhala BJT154. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ඉන්ද්රියසම්පන්නො, ඉන්ද්රියසම්පන්නොති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, ඉන්ද්රියසම්පන්නො හොතීති?
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, ඉන්‍ද්‍රියසම්පන්න ය, ඉන්‍ද්‍රියසම්පන්න ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්න වේ දැ? යි.
Pali BJTචක්ඛුන්ද්රියෙ චෙ භික්ඛු, උදයබ්බයානුපස්සී{1} විහරන්තො චක්ඛුන්ද්රියෙ නිබ්බින්දති -පෙ- සොතින්ද්රියෙ -පෙ- ඝානින්ද්රයෙ -පෙ- ජිව්හින්ද්රියෙ -පෙ- කායින්ද්රියෙ -පෙ- මනින්ද්රියෙ චෙ භික්ඛු උදයව්යයානුපස්සී විහරන්තො මනින්ද්රියෙ නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. එත්තාවතා ඛො භික්ඛු ඉන්ද්රියසම්පන්නො හොතීති.
Sinhala BJTමහණ, ඉදින් චක්ඛුන්‍ද්‍රියයෙහි උදයව්‍යය අනුව දකිමින් වෙසෙන්නේ චක්ඛුන්‍ද්‍රියයෙහි කලකිරේ ද ... සෝතින්‍ද්‍රියයෙහි ... ඝානින්‍ද්‍රියයෙහි ... ජිව්හින්‍ද්‍රියයෙහි ... කායින්‍ද්‍රියයෙහි ... මහණ, ඉදින් මනින්‍ද්‍රියයෙහි උදයව්‍යය අනුව දකිමින් වෙසෙන්නේ මනින්‍ද්‍රියයෙහි කලකිරේ ද, කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී. මහණ, මෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්න වේ යි.
Pali BJT1. 15. 10.
Sinhala BJT1. 15. 10.
Pali BJTධම්මකථිකසුත්තං
Sinhala BJTධම්මකථික සූත්‍රය
Pali BJT155. සාවත්ථියං–
Sinhala BJT155. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ධම්මකථිකො ධම්මකථිකොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, ධම්මකථිකො හොතීති?
Sinhala BJTඑකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, ධම්මකථික ය, ධම්මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ධම්මකථික වේ දැ? යි.
Pali BJTචක්ඛුස්ස චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, ධම්මකථිකො භික්ඛූති අලං වචනාය; චක්ඛුස්ස චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, ධම්මානුධම්මපටිපන්නො භික්ඛූති අලං වචනාය; චක්ඛුස්ස චෙ භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූති අලං වචනාය;
Sinhala BJTමහණ, ඉදින් ඇසෙහි නිර්වේදය පිණිස විරාගය පිණිස, නිරෝධය පිණිස දහම් දෙසන්නේ නම් මහණ තෙමේ ධම්මකථික ය”යි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් ඇසෙහි නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් මහණ තෙමේ දහමට අනුලොම් පිළිවෙතෙහි පිළිපන්නේ යයි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් ඇසෙහි නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් මහණ තෙමේ දිටුදැමියෙහි නිවනට පැමිණියේ යයි කියන්නට සුදුසු ය.
Pali BJTසොතස්ස -පෙ- ඝානස්ස -පෙ- ජිව්හාය -පෙ- කායස්ස -පෙ- මනස්ස චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, ධම්මකථිකො භික්ඛූති අලං වචනාය; මනස්ස චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, ධම්මානුධම්මප්පටිපන්නො භික්ඛූති අලං වචනාය; මනස්ස චෙ භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදාවිමුත්තො හොති, දිට්ඨධම්මනිබ්බානප්පත්තො භික්ඛූති අලංවචනායාති.
Sinhala BJTකනෙහි ... නැහැයෙහි ... දිවෙහි ... කයෙහි ... මහණ, ඉදින් සිතෙහි නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස දහම් දෙසන්නේ නම් මහණ තෙමේ ධම්මකථික ය යි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් සිතෙහි නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් මහණ තෙමේ දහමට අනුලොම් පිළිවෙතෙහි පිළිපන්නේ යයි කියන්නට සුදුසු ය. මහණ, ඉදින් සිතෙහි නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් මහණ තෙමේ දිටුදැමියෙහි නිවන් පැමිණියේ යයි කියන්නට සුදුසු යයි.
Pali BJTනවපුරාණවග්ගො පඤ්චදසමො.
Sinhala BJTපසළොස් වැනි නවපුරාණ වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTකම්මං චත්තාරි සප්පායා අනන්තෙවාසිකිමත්ථියා අත්ථි නු ඛො පරියායො ඉන්ද්රියකථිකෙන චාති
Sinhala BJTකම්ම සූත්‍රය, සප්පාය සූත්‍ර සතර ය, අනන්තෙවාසි කිමත්‍ථිය සූත්‍ර දෙක ය, අතථිනුඛොපරියාය සූත්‍රය, ඉන්‍ද්‍රියසම්පන්න ධම්මකථික සූත්‍ර දෙක ය යි සූත්‍ර දශයෙකි.
Pali BJTතත්ර වග්ගුද්දාන:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTයොගක්ඛෙමඤ්ච ලොකඤ්ච ගහපති දෙවදහෙන ච නවපුරාණෙන පඤ්ඤාසං තතියං තෙන වුච්චතීති.
Sinhala BJTයෝගක්ඛේම, ලෝක වර්‍ග දෙකෙන් ද, ගහපති, දේවදහ වර්‍ග දෙකෙන් ද, ඒ නවපුරාණ වර්‍ගයෙන් ද තෙවන පඤ්ඤාසකය කියනු ලැබේ යි.
Pali BJTතතියො පණ්ණාසකො
Sinhala BJTතෙවන පඤ්ඤාසකය නිමි.