Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTනාඤ්ඤත්ර බොජ්ඣඞ්ගා තපසා{3} නාඤ්ඤත්ර ඉන්ද්රියසංවරා,{4} නාඤ්ඤත්ර සබ්බනිස්සග්ගා{5} සොත්ථිං පස්සාමි පාණිනන්ති.{6}
Sinhala BJTබෝධ්‍යඞ්ග භාවනාව හැර තපෝගුණය හැර ඉන්‍ද්‍රියසංවරය හැර නිවන් හැර සත්ත්‍වයන්ට සුවයක් නො දකිමි.
Pali BJT2. 2. 8.
Sinhala BJT2. 2. 8.
Pali BJTකකුධසුත්තං.
Sinhala BJTකකුධ සූත්‍රය
Pali BJT99. සාවත්ථියං–
Sinhala BJT99. සැවැත්නුවර–
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා සාකෙතෙ විහරති අඤ්ජනවනෙ මිගදායෙ. අථ ඛො කකුධො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං අඤ්ජනවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො කකුධො දෙවපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි අඳුන්වන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති කකුධ දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු අඳුන්වනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි කකුධ දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.
Pali BJTනන්දසි සමණාති? කිං ලද්ධා ආවුසොති? තෙන හි සමණ සොචසීති? කිං ජීයිත්ථ ආවුසොති? තෙන හි සමණ නෙව නන්දසි නෙව{7} සොචසීති? එවමාවුසොති.
Sinhala BJTශ්‍රමණයන් වහන්ස, සතුටු වහු ද? ඇවැත්නි, කුමක් ලැබ ද? එසේ නම් ශ්‍රමණයන් වහන්ස, ශෝක කරහු ද? ඇවැත්නි, කුමක් දිරා ගියේ ද? ශ්‍රමණයන් වහන්ස, එසේ නම් නො ම සතුටු වහු ද? නො ම ශෝක කරහු ද? ඇවැත්නි, එසේ ය.
Pali BJTකච්චි ත්වං අනඝො{8} භික්ඛු කච්චි නන්දි{9} න විජ්ජති, කච්චි තං එකමාසීනං අරතී නාභිකීරතීති.
Sinhala BJTශ්‍රමණයන් වහන්ස, කිම, මුබවහන්සේ නිදුක් ද? කිම, ඇල්මෙක් නැද්ද? කිම, අරතිය හුදකලා ව හුන් මුබවහන්සේ නො මඩී ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅනීඝො{8} වෙ අහං යක්ඛ අථො නන්දි න විජ්ජති, අථො මං එකමාසීනං{10} අරතී නාභිකීරතීති.
Sinhala BJTයක්‍ෂය, ඒකාන්තයෙන් මම නිදුක් වෙමි. ඇල්මෙකුත් නැත. තව ද, අරතිය එකලා ව හුන් මා නො මඩියි.
Pali BJT[දෙවපුත්තො:]
Sinhala BJT[දෙව්පුත්:]
Pali BJTකථං ත්වං අනඝො{1} භික්ඛු කථං නන්දි න විජ්ජති, කථං තං එකමාසීනං අරතී නාභිකීරතීති.
Sinhala BJTශ්‍රමණයන් වහන්ස, මුබවහන්සේ කෙසේ නිදුක් සේක ද? ඇල්මෙක් කෙසේ නො වේ ද? අරතිය එකලා ව හුන් මුබවහන්සේ කෙසේ නො මඩී ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅඝජාතස්ස වෙ නන්දි නන්දිජාතස්ස වෙ අඝං, අනන්දි අනඝො{1} භික්ඛු එවං ජානාහි ආවුසොති.
Sinhala BJTහටගත් දුක් (වටදුක්) ඇත්තහුට ඒකාන්තයෙන් ඇල්ම වේ. හටගත් ඇල්ම ඇත්තහුට ඒකාන්තයෙන් දුක වේ. ඇවැත්නි, මහණ තෙමේ ඇලුම් නැත්තේ ය, දුක් නැත්තේ ය යි මෙසේ දනුව.
Pali BJT[දෙවපුත්තො:]
Sinhala BJT[දෙව්පුත්:]
Pali BJTචිරස්සං වත පස්සාමි{2} බ්රාහ්මණං පරිනිබ්බුතං, අනන්දිං අනඝං භික්ඛුං තිණ්ණං ලොකෙ විසත්තිකන්ති.
Sinhala BJTලොව තෘෂ්ණාව තරණය කළ ඇලුම් නැති දුක් නැති පිරිනිවි බාහිතපාපී වූ මහණකු ඒකාන්තයෙන් කලෙකින් දකිමි.
Pali BJT2. 2. 9.
Sinhala BJT2. 2. 9.
Pali BJTඋත්තරසුත්තං.
Sinhala BJTඋත්තර සූත්‍රය
Pali BJT100. රාජගෙහ –
Sinhala BJT100. රජගහනුවර –
Pali BJTඑකමන්තං ඨිතො ඛො උත්තරො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි උත්තර දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTඋපනීයති ජීවිතමප්පමායු ජරූපනීතස්ස න සන්ති තාණා, එතං භයං මරණෙ පෙක්ඛමානො පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි.
Sinhala BJTජීවිතය (මරණය කරා) පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්‍ෂාස්ථානයක් නැත. මේ (ත්‍රිවිධ) බිය මරණයෙහි ලා දක්නේ සුව එළවන්නා වූ පින් කරන්නේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඋපනීයති ජීවිතමප්පමායු ජරූපනීතස්ස න සන්ති තාණා, එතං භයං මරණෙ පෙක්ඛමානො ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛොති.
Sinhala BJTජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් (මරණය කරා) පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්‍ෂාස්ථානයක් නැත. මේ (ත්‍රිවිධ) බිය මරණයෙහි ලා දක්නා වූ නිවණ පතන පුද්ගල තෙමේ ලෝකාමිෂය දුරු කරන්නේ ය.
Pali BJT2. 2. 10.
Sinhala BJT2. 2. 10.
Pali BJTඅනාථපිණ්ඩිකසුත්තං.
Sinhala BJTඅනාථපිණ්ඩික සූත්‍රය
Pali BJT101. සාවත්ථියං–
Sinhala BJT101. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො අනාථපිණ්ඩිකො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:
Pali BJTඉදං හි තං ජෙතවනං ඉසිසඞ්ඝනිසෙවිතං, ආවුත්ථං ධම්මරාජෙන පීතිසඤ්ජනනං මම.
Sinhala BJTභික්‍ෂුසමුහයා විසින් නිති සෙවුනාලද ධර්‍මරාජන්වූ බුදුරජාණන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද තෙල ප්‍රසිද්ධ ජේතවනය මට ප්‍රීති උපදවන්නේ ම ය.
Pali BJTකම්මං විජ්ජා ච ධම්මො ච සීලං ජීවිතමුත්තමං, එතෙන මච්චා සුජ්ඣන්ති න ගොත්තෙන ධනෙන වා.
Sinhala BJTකර්‍මය ද විද්‍යාව ද ධර්‍මය ද උතුම් සිල්වත් ජීවිතය ද (යන) මෙයින් සත්‍වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදු නො වෙත්.
Pali BJTතස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො, යොනිසො විචිනෙ ධම්මං එවං තත්ථ විසුජ්ඣති.
Sinhala BJTඑහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් සමාධිපාක්‍ෂිකධර්‍ම වඩන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගය හේතු කොට පිරිසිදු වෙයි.
Pali BJTසාරිපුත්තොව පඤ්ඤාය සීලෙන උපසමෙන{1} ච, යොපි පාරගතො{2} භික්ඛු එතාව පරමො සියාති.
Sinhala BJTප්‍රඥායෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් ද ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ). පරතෙරට (=නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම් එහි මේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම පරම වන්නාහ. (සැරියුත් තෙරණුවනට) වඩා උත්තරයෙක් නැත.)
Pali BJTඉදමවොච අනාථපිණ්ඩිකො දෙවපුත්තො. ඉදං වත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායී.{3}
Sinhala BJTඅනේපිඬු දෙව්පුත් තෙමේ මෙය කී ය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
Pali BJTඅථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි. ඉමං භික්ඛවෙ රත්තිං අඤ්ඤතරො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො භික්ඛවෙ සො දෙවපුත්තො මම සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මේ රාත්‍රියෙහි මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දේවපුත්‍රයෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මා වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි ඒ දෙව්පුත් තෙමේ මා සමීපයෙහි මේ ගාථා කී ය:
Pali BJT“ඉදං හි තං ජෙතවනං ඉසිසඞ්ඝනිසෙවිතං, ආවුත්ථං ධම්මරාජෙන පීතිසඤ්ජනනං මම.
Sinhala BJTභික්‍ෂුසමුහයා විසින් නිති සෙව්නා ලද ධර්‍මරාජන් වූ බුදුරජානන් වහන්සේ විසින් විසුම් ගන්නා ලද තෙල ප්‍රසිද්ධ ජේතවනය මට ප්‍රීති උපදවන්නේ ම ය.
Pali BJTකම්මං විජ්ජා ච ධම්මො ච සීලං ජීවිතමුත්තමං, එතෙන මච්චා සුජ්ඣන්ති න ගොත්තෙන ධනෙන වා.
Sinhala BJTකර්‍මය ද විද්‍යාව ද ධර්‍මය ද උතුම් සිල්වත් ජීවිතය ද (යන) මෙයින් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් පිරිසිදු නො වෙත්.
Pali BJTතස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො, යොනිසො විචිනෙ ධම්මං එවං තත්ථ විසුජ්ඣති.
Sinhala BJTඑහෙයින් ම නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ නුවණින් සමාධිපාක්‍ෂිකධර්‍ම වඩන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගය හේතු කොට පිරිසිදු වෙයි.
Pali BJTසාරිපුත්තොව පඤ්ඤාය සීලෙන උපසමෙන ච, යොපි පාරගතො{2} භික්ඛු එතාව පරමො සියාති.
Sinhala BJTප්‍රඥායෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් ද ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම (උතුම්හ). පරතෙරට (=නිවණට) පැමිණි යම් මහණෙක් වේ නම් එහි මේ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ම පරම වන්නාහ: (සැරියුත් තෙරණුවනට වඩා විශිෂ්ටයෙක් නැත.)
Pali BJTඉදමවොච භික්ඛවෙ සො දෙවපුත්තො. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTමහණෙනි, ඒ දෙව්පුත් තෙමේ මෙය කීය. මෙය කි යා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: සො හි නූන භන්තෙ අනාථපිණ්ඩිකො දෙවපුත්තො භවිස්සති. අනාථපිණ්ඩිකො ගහපති ආයස්මන්තෙ සාරිපුත්තෙ අභිප්පසන්නො අහොසීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථිවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, හෙ තෙමේ ඒකාන්තයෙන් අනාථපිණ්ඩික දෙව්පුත් වන්නේ ය. අනේපිඬු ගැහැවි තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කෙරෙහි බෙහෙවින් පැහැදුනේ වී ය යි මෙය සැළ කළේ ය.
Pali BJTසාධු සාධු ආනන්ද යාවතකං ඛො ආනන්ද තක්කාය පත්තබ්බං අනුප්පත්තං{4} තයා. අනාථපිණ්ඩිකො හි සො ආනන්ද දෙවපුත්තොති.
Sinhala BJTආනන්‍ද, මැනවි, මැනවි, ආනන්‍ද, යම්තාක් තර්‍කයෙන් දත යුතු නම් තොප විසින් (ඒතාක්) දන්නා ලදී. ආනන්‍ද, හෙ තෙමේ අනාථපිණ්ඩික දෙව්පුත් තෙමේ ම ය යි.
Pali BJTඅනාථපිණ්ඩිකවග්ගො දුතියො.
Sinhala BJTඅනාථපිණ්ඩිකවර්‍ගය දෙවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTචන්දිමසො ච වෙණ්හු ච දීඝලට්ඨි ච නන්දනො චන්දනො වසුදත්තො ච සුබ්රහ්මා කකුධෙන ච, උත්තරො නවමො වුත්තො දසමො අනාථපිණ්ඩිකොති.
Sinhala BJTචන්‍දිමස, වෙණ්හු, දීඝලට්ඨි, නන්‍දන, චන්‍දන, වසුදත්ත, සුබ්‍රහ්ම, කකුධ සූත්‍රය, නවවන උත්තර සූත්‍රය, දසවන අනාථපිණ්ඩික සූත්‍රය යි කියන ලදී.
Pali BJT3. නානාතිත්ථියවග්ගො
Sinhala BJT3. නානාතිත්‍ථිය වර්‍ගය
Pali BJT2. 3. 1.
Sinhala BJT2. 3. 1.
Pali BJTසිවසුත්තං.
Sinhala BJTසිව සූත්‍රය
Pali BJT102. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT102. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො සිවො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සිවො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඑකල්හි මනා ඡවිවර්‍ණ ඇති සිව දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සිව දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය:
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය සෙය්යො හොති න පාපියො.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (සිටියහුට) අභිවෘද්ධියෙක් වෙයි. පිරිහීමෙක් නො වෙයි:
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය පඤ්ඤා ලබ්භති නාඤ්ඤතො.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරන්නේ ය. සත්පුරුෂයන් ගේ සද්ධර්‍මය දැන (සිටියහුට) ප්‍රඥාව ලැබෙයි. අනෙකෙකින් නො ලැබෙයි.
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය සොකමජ්ඣෙ න සොචති.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරන්නේ ය. සත්පුරුෂයන් ගේ සද්ධර්‍මය දැන (සිටියේ) ශෝක කාරණයන් මැද ශෝක නො කෙරේ.
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය ඤාතිමජ්ඣෙ විරොචති.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (සිටියේ) නෑයන් මැද වෙසෙසින් බබලයි.
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය සත්තා ගච්ඡන්ති සුග්ගතිං.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (සිටි) සත්ත්‍වයෝ සුගතියට යෙත්.
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය සත්තා තිට්ඨන්ති සාතතන්ති.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (ගත්) සත්‍වයෝ බොහෝ කල් සුවසේ සිටිත්.
Pali BJTඅථ ඛො භගවා සිවං දෙවපුත්තං ගාථාය පච්චභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිව දෙව්පුත්හට ගාථායෙකින් වදාළ සේක.
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය සබ්බදුක්ඛා පමුච්චතීති.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍ර සන්‍ථවය කරනේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (සිටියේ) සියලු දුකින් මිදෙයි.
Pali BJT2. 3. 2.
Sinhala BJT2. 3. 2.
Pali BJTඛෙමසුත්තං.
Sinhala BJTඛේම සූත්‍රය
Pali BJT103. සාවත්ථියං–
Sinhala BJT103. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො ඛෙමො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඛේම දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය.
Pali BJTචරන්ති බාලා දුම්මෙධා අමිත්තෙනෙව අත්තනා, කරොන්තා පාපකං කම්මං යං හොති කටුකප්ඵලං.
Sinhala BJTනුවණ නැති බාලයෝ යම් කර්‍මයක් නපුරු විපාක ඇත්තේ වේ නම් එබඳු අකුශලකර්‍ම කෙරෙමින් තමනට සතුරකු වැනි වූ පන්චස්කන්‍ධයෙන් යුක්ත ව හැසිරෙත්.
Pali BJTන තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති, යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙවති.
Sinhala BJTයම් කර්‍මයක් කොට තැවේද? යම් කර්‍මයක්හුගේ විපාකය කඳුළෙන් තෙත් මුහුණු ඇති ව හඬමින් සෙවුනේ ද, එබඳු අකුසලකර්‍ම කරණ ලද්දේ නො මැනවි.
Pali BJTතඤ්ච කම්මං කතං සාධු යං කත්වා නානුතප්පති, යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවති.
Sinhala BJTයම් කර්‍මයක් කොට නො තැවේද? යම් කර්‍මයක්හුගේ විපාකය පිණා ගියේ මනාසිතැතියේ සෙවුනේ ද, එබඳු කර්‍මය කරණ ලද්දේ මැනවි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපටිකච්චෙව{1} තං කයිරා යං ජඤ්ඤා හිතමත්තනො, න සාකටිකචින්තාය මන්තා ධීරො පරක්කමෙ.
Sinhala BJTයමක් තමහට හිතයයි දන්නේ නම් එය පළමු කොට ම කරන්නේ ය. නුවණැති ධෘතිසම්පන්න පුද්ගල තෙමේ සාකටිකචේතනායෙන් තැත් නො කරන්නේ ය.
Pali BJTයථා සාකටිකො පන්ථං{2} සමං හිත්වා මහාපථං, විසමං මග්ගමාරුය්හ අක්ඛච්ඡින්නොව ඣායති.
Sinhala BJTගැල්කරු තෙමේ යම්සේ සම මග වූ මහමග හැර විෂම මගට නැගී සුන් අකුරු ඇත්තේ බලවත් සිතිවිලි සිතා ද,
Pali BJTඑවං ධම්මා අපක්කම්ම අධම්මමනුවත්තිය, මන්දො මච්චුමුඛං පත්තො අක්ඛච්ඡින්නොව ඣායතීති.
Sinhala BJTමඳ නුවණැති පුද්ගල තෙමේ එපරිද්දෙන් දහමින් ඉවත් ව අධර්‍මයට බැස ගෙණ මරුමුවට පැමිණියේ සුන් අකුරු ඇත්තකු මෙන් සිතිවිලි සිතයි.
Pali BJT2. 3. 3.
Sinhala BJT2. 3. 3.
Pali BJTසෙරීසුත්තං
Sinhala BJTසේරී සූත්‍රය
Pali BJT104. සාවත්ථියං–
Sinhala BJT104. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො සෙරී දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි සේරී දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
Pali BJTඅන්නමෙවාභිනන්දන්ති උභයෙ දෙවමානුසා, අථ කො නාම සො යක්ඛො යං අන්නං නාභිනන්දතීති.
Sinhala BJTදෙව්මිනිස් දෙකොටස ආහාරය ම පතත්, යම්හෙයකින් ආහාරය නො පතා නම් ඒ කවර සත්ත්‍වයෙක් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයෙ නං දදන්ති සද්ධාය විප්පසන්නෙන චෙතසා, තමෙව අන්නං භජති අස්මිං ලොකෙ පරම්හි ච.
Sinhala BJTයම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙත් ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.
Pali BJTතස්මා විනෙය්ය මච්ඡෙරං දජ්ජා දානං මලාභිභූ, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.
Sinhala BJTඑහෙයින් මසුරුමල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්‍වයන්ට පරලොව පිහිට වේ.
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවසුභාසිතමිදං භන්තෙ, භගවතා:
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අත්භුතයෙකි. වහන්ස, මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් වදාරණ ලද්දේ ම ය:
Pali BJT“යෙ නං දදන්ති සද්ධාය විප්පසන්නෙන චෙතසා, තමෙව අන්නං භජති අස්මිං ලොකෙ පරම්හි ච.
Sinhala BJT“යම් කෙනෙක් පහන් සිතින් සැදැහැයෙන් ඒ ආහාරය දෙත් ද, මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය.
Pali BJTතස්මා විනෙය්ය මච්ඡෙරං දජ්ජා දානං මලාභිභූ, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.”
Sinhala BJTඑහෙයින් මසුරුමල මැඬලනසුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් සත්ත්‍වයන්ට පරලොව පිහිට වෙයි” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් වදාරණ ලද්දේ ම ය.
Pali BJTභූතපුබ්බාහං භන්තෙ සෙරි නාම රාජා අහොසිං දායකො දානපති දානස්ස වණ්ණවාදී. තස්ස මය්හං භන්තෙ චතුසු{1} ද්වාරෙසු දානං දීයිත්ථ සමණබ්රාහ්මණකපණද්ධික වණිබ්බකයාචකානං. අථ ඛො මං භන්තෙ ඉත්ථාගාරං උපසඞ්කමිත්වා එතදවොච: දෙවස්සෙව{2} ඛො දානං දීයති අම්හාකං දානං න දීයති. සාධු මයම්පි දෙවං නිස්සාය දානානි දදෙය්යාම පුඤ්ඤානි කරෙය්යාමාති.
Sinhala BJTපෙර වූවක් කියමි. වහන්ස, මම දායක වූ දානපති වූ දීමෙහි ගුණ කියන සේරී නම් රජෙක් වීමි. වහන්ස, ඒ මගේ (නුවර) සිටු දොරටුවෙහු මහණ බමුණු දුගී මගී වර්‍ණබබ්බක යාචකයන්ට දන් දෙනු ලැබී ය. වහන්ස, එකල්හි අන්තඃපුරය මාවෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් ම දෙනු ලැබේ. අපගේ දන් නොදෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම් පින් කරන්නමෝ නම් මැනව”යි මෙය කී ය.
Pali BJTතස්ස මය්හං භන්තෙ එතදහොසි: අහං ඛොස්මි දායකො දානපති දානස්ස වණ්ණවාදී. දානං දස්සාමාති වදනත්තානං{3} කින්ති වදෙය්යන්ති. සො ඛ්වාහං භන්තෙ පඨමං ද්වාරං ඉත්ථාගාරස්ස අදාසිං. තත්ථ ඉත්ථාගාරස්ස දානං දීයිත්ථ, මම දානං පටික්කමි.
Sinhala BJTවහන්ස, ඒ මට “මම වනාහි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි. දන් දෙන්නෙමු යි කියනවුනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම පළමු වන දොරටුව අන්තඃපුරයට දිනිමි. එහි අතොවුරන්ගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.
Pali BJTඅථ ඛො මං භන්තෙ ඛත්තියා අනුයුත්තා{4} උපසඞ්කමිත්වා මං එතදවොචුං: දෙවස්ස ඛො දානං දීයති, ඉත්ථාගාරස්ස දානං දීයති, අම්හාකං දානං න දීයති. සාධු මයම්පි දෙවං නිස්සාය දානානි දදෙය්යාම, පුඤ්ඤානි කරෙය්යාමාති.
Sinhala BJTවහන්ස, ඉක්බිති සහකාර ක්‍ෂත්‍රියයෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනූ ලැබේ. අන්තඃපුරයාගේ දන් දෙනු ලැබේ. අපගේ දන් නො දෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම් පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය මට කීහ.
Pali BJTතස්ස මය්හං භන්තෙ එතදහොසි: අහං ඛොස්මි දායකො දානපති දානස්ස වණ්ණවාදී. දානං දස්සාමාති වදන්තානං{3} කින්ති වදෙය්යන්ති. සො ඛ්වාහං භන්තෙ, දුතියං ද්වාරං{6} ඛත්තියානං අනුයුත්තානං{7} අදාසිං. තත්ථ ඛත්තියානං අනුයුත්තානං දානං දීයිත්ථ. මම දානං පටික්කමි.
Sinhala BJTවහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනවුනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම දෙවන දොරටුව සහකාර ක්‍ෂත්‍රියයන්ට දිනිමි. එහි සහකාර ක්‍ෂත්‍රියයන්ගේ දන්දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.
Pali BJTඅථ ඛො මං භන්තෙ බලකායො උපසඞ්කමිත්වා එතදවොච: දෙවස්ස ඛො දානං දීයති. ඉත්ථාගාරස්ස දානං දීයති. ඛත්තියානං අනුයුත්තානං{7} දානං දීයති. අම්හාකං දානං න දීයති. සාධු මයම්පි දෙවං නිස්සාය දානානි දදෙය්යාම, පුඤ්ඤානි කරෙය්යාමාති.
Sinhala BJTවහන්ස, ඉක්බිති බලසෙනඟ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනු ලැබේ. අන්තඃපුරයාගේ දන් දෙනු ලැබේ. සහකාර ක්‍ෂත්‍රියයන්ගේ දන් දෙනු ලැබේ. අපගේ දන් නො දෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ, පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය කීහ.
Pali BJTතස්ස මය්හං භන්තෙ එතදහොසි: අහං ඛොස්මි දායකො දානපති දානස්ස වණ්ණවාදී. දානං දස්සාමාති වදන්තානං{3} කින්ති වදෙය්යන්ති. සො ඛ්වාහං භන්තෙ තතියං ද්වාරං බලකායස්ස අදාසිං. තත්ථ බලකායස්ස දානං දීයිත්ථ. මම දානං පටික්කමි.
Sinhala BJTවහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනුවනට කුමක් කියන්නෙම් දැ”යී මේ අදහස විය. වහන්ස, ඒ මම තෙවන දොරටුව බලසෙනඟට දිනිමි. එහි බලසෙන්හුගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.
Pali BJTඅථ ඛො මං භන්තෙ, බ්රාහ්මණගහපතිකා උපසඞ්කමිත්වා එතදවොචුං: දෙවස්ස ඛො දානං දීයති. ඉත්ථාගාරස්ස දානං දීයති. ඛත්තියානං අනුයුත්තානං{7} දානං දීයති. බලකායස්ස දානං දීයති. අම්හාකං දානං න දීයති. සාධු මයම්පි දෙවං නිස්සාය දානානි දදෙය්යාම. පුඤ්ඤානි කරෙය්යාමාති.
Sinhala BJTවහන්ස, ඉක්බිති බමුණු ගැහැවියෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දන් දෙනු ලැබේ. අන්තඃපුරයාගේ දන් දෙනු ලැබේ. සහකාර ක්‍ෂත්‍රියයන්ගේ දන් දෙනු ලැබේ. බලසෙන්හුගේ දන් දෙනු ලැබේ.. අපගේ දන් නොදෙනු ලැබේ. අපි දු දේවයන් වහන්සේ නිසා දන් දෙන්නමෝ නම්, පින් කරන්නමෝ නම් මැනවැ”යි මෙය කීහ.
Pali BJTතස්ස මය්හං භන්තෙ එතදහොසි: අහං ඛොස්මි දායකො දානපති දානස්ස වණ්ණවාදී. දානං දස්සාමාති වදන්තානං{3} කින්ති වදෙය්යන්ති. සො ඛ්වාහං භන්තෙ චතුත්ථං ද්වාරං බ්රාහ්මණගහපතිකානං අදාසිං. තත්ථ බ්රාහ්මණගහපතිකානං දානං දීයිත්ථ, මම දානං පටික්කමි.
Sinhala BJTවහන්ස, ඒ මට “මම වූ කලි දානපති වූ දීමෙහි ගුණ කියන දායකයෙක්මි, දන් දෙන්නෙමු යි කියනවුනට කුමක් කියන්නෙම් දැ”යි මේ අදහස විය. වහන්ස, ඒ මම සිව්වන දොරටුව බමුණු ගැහැවියන්ට දිනිමි. එහි බමුණු ගැහැවියන්ගේ දන් දෙනු ලැබී ය. මගේ දානය වැළකුණේ ය.
Pali BJTඅථ ඛො මං භන්තෙ පුරිසා උපසඞ්කමිත්වා එතදවොචුං: න ඛො දානි දෙවස්ස කොචි දානං දීයතීති.
Sinhala BJTවහන්ස, ඉක්බිති රාජපුරුෂයෝ මා වෙත එළඹ “දේවයන් වහන්සේගේ දානයක් දන් කිසි තැනෙක නොදෙනු ලැබේ ය” යි මෙය කීහ.
Pali BJTඑවං වුත්තො{1}හං භන්තෙ තෙ පුරිසෙ එතදවොචං: තෙන හි භණෙ යො බාහිරෙසු ජනපදෙසු ආයො සඤ්ජායති, තතො උපඩ්ඪං අන්තෙපුරෙ{2} පවෙසෙථ, උපඩ්ඪං තත්ථෙව දානං දෙථ සමණබ්රාහ්මණකපණද්ධික වණිබ්බකයාචකානන්ති.
Sinhala BJTවහන්ස, මෙසේ මම කියනලදුයෙම් ඒ පුරුෂයන්ට “සගයෙනි, එසේ නම් පිටත දනවුවල යම් අයෙක් උපදී ද? එහෙයින් අඩක් ඇතොවුර කෙරෙහි යවවු. අඩකින් එහි ම මහණ බමුණු දුගී මගී වර්‍ණබබ්බක යාචකයන්ට දන් දෙව් ය” යි මෙය කීයෙමි.
Pali BJTසො ඛ්වාහං භන්තෙ එවං දීඝරත්තං කතානං පුඤ්ඤානං එවං දීඝරත්තං කතානං කුසලානං{3} පරියන්තං නාධිගච්ඡාමි, එත්තකං පුඤ්ඤන්ති වා එත්තකො පුඤ්ඤවිපාකොති වා එත්තකං සග්ගෙ ඨාතබ්බන්ති වාති. අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවසුභාසිතමිදං භන්තෙ භගවතා:{4}
Sinhala BJTවහන්ස, ඒ මම මෙසේ දිගුකලක් මුළුල්ලෙහි කළ පින්කම්වල මෙසේ දිගුකලක් කළ කුසල්වල පින මෙතෙකැයි කියා හෝ පුණ්‍යවිපාකය මෙතෙකැයි කියා හෝ මෙපමණ කලක් සගෙහි සිටියයුතු යයි කියා හෝ කෙළවරක් නො දනිමි. වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි! වහන්ස, අද්භූතයෙකි!! වහන්ස,
Pali BJT“යෙ නං දදන්ති සද්ධාය විප්පසන්නෙන චෙතසා, තමෙව අන්නං භජති අස්මිං ලොකෙ පරම්හි ච.
Sinhala BJT“යම් කෙනෙක් සැදැහැයෙන් පහන්සිතින් ඒ ආහාරය දෙද් ද? මෙලෙව්හි ද පරලෙව්හි ද ආහාරය ඔහු ම සෙවුනේ ය. එහෙයින් මසුරු මල මැඩලන සුලු වූයේ මසුරුකම දුරු කොට දන් දෙන්නේය. පින් සත්ත්‍වයන්ට පරලොව පිහිට වෙයි” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනැවින් වදාරණ ලද්දේ ම ය.
Pali BJTතස්මා විනෙය්ය මච්ඡෙරං දජ්ජා දානං මලාභිභූ, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2. 3. 4.
Sinhala BJT2. 3. 4.
Pali BJTඝටීකාරසුත්තං.
Sinhala BJTඝටීකාර සූත්‍රය
Pali BJT105. සාවත්ථියං–
Sinhala BJT105. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතො ඛො ඝටීකාරො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඝටීකාර දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
Pali BJTඅවිහං උපපන්නාසෙ විමුත්තා සත්ත භික්ඛවො, රාගදොසපරික්ඛීණා තිණ්ණා ලොකෙ විසත්තිකන්ති.
Sinhala BJTභික්‍ෂුහු සත්නමක් අවිහ බඹලොවට පැමිණියාහු මිදුනාහු රාගදේවෂයන් ක්‍ෂය කළාහු (පඤ්චස්කන්‍ධ) ලෝකයෙහි තෘෂ්ණාව ක්‍ෂය කළාහු ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTකෙ ච තෙ අතරුං සඞ්ඝං මච්චුධෙය්යං සුදුත්තරං, කෙ හිත්වා මානුසං දෙහං දිබ්බං යොගං උපච්චගුන්ති.
Sinhala BJTතරණය කිරීමට ඉතා දුෂ්කර වූ මච්චුධෙය්‍ය නම් සංසාරයත් (චතුර්විධ) සඞ්ගයනුත් කවුරු කවුරු තරණය කළාහු ද? කිනම් කෙනෙක් මනුෂ්‍යදේහ (සඞ්ඛ්‍යාත ඕරම්භාගිය සංයෝජයන පස) දුරු කොට දිව්‍යයෝග (සඞ්ඛ්‍යාත උද්ධම්භාගිය සංයෝජයන පස) ඉක්ම ගියාහු ද?
Pali BJT[දෙවපුත්තො:]
Sinhala BJT[දෙව්පුත්:]
Pali BJTඋපකො පලගණ්ඩො{5} ච පුක්කුසාති ච තෙ තයො, භද්දියො භද්දදෙවො ච බාහුදන්තී ච පිඞ්ගියො{6}, තෙ හිත්වා මානුසං දෙහං දිබ්බං යොගං උපච්චගුන්ති.
Sinhala BJTඋපක, පලගණ්ඬ, පුක්කුසාති යන තිදෙන ද, භද්දිය, භද්‍දදේව, බාහුදනති, පිඬගිය යන (සිවුදෙන ද) ඔහු මනුෂ්‍යදේහය හැර දිව්‍යයොගය ඉක්ම ගියාහු ය.