Petavatthu

Stories of Departed Spirits

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1037 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 201-300 න් 1037

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-pv:28.6
133. සැරියුත් තෙරුන්ගේ දානය නිසා සතුටු වෙමි. ස්වාමීනි කෙලෙසිනුත් බිය නැති මම ලෝකයෙහි කාරුණික වූ ඔබ වැඳීමට මෙහි පැමිණියා වෙමි.
kn-pv:28.7
ශාරිපුත්‍රස්ථවිරමාතෘ ප්‍රේතවස්තු යි.
kn-pv:28.8
2. 3.
kn-pv:28.9
(ප්‍රේතිය දුටු තිස්සාවෝ විචාරති:)
kn-pv:28.10
134. තෝ නග්න යැ, විවරණ රූ ඇත්තීය, කෘශ ය, නහර ඉල්පුණු සිරුරු ඇත්තී ය. ඉල්පුණු ඉළ ඇටින් හා සිහින් සිරුරින් යුතු වැ මෙහි සිටින තෝ කවර යැ?
kn-pv:28.11
(ප්‍රෙතිය පිළිවදන් දෙයි:)
kn-pv:28.12
135. මම මත්තා ය, ඔබ තිස්සා යැ, පෙර මම ඔබ හා එක ම හිමියකු ඇති ව (සපත්නී ව) සිටියමු. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියෙමු.
kn-pv:28.13
(තිස්සාවෝ පුළුවුස්නී:)
kn-pv:28.14
136. කා විසි මුනි තිදොරින් තී කළ පව කුමක් ද? කිනම් පවක විපාකයෙන් මෙලොවින් ප්‍රේතලෝකයට ගියවු ද?
kn-pv:28.15
(ප්‍රෙතිය:)
kn-pv:28.16
137. මම ක්‍රෝධ කරන, පරුෂ බස් තෙපලන, ඊර්‍ෂ්‍යා කරන, මසුරු සිත් ඇති, කෛරාටික ගති ඇත්තියක් වූමු. මම ඒ නපුරු වචන කථාකොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියමු.
kn-pv:30.1
(තිස්සාවෝ:)
kn-pv:30.2
138. යම්සේ තෝ කිපෙන්නියක් වූ ද, ඒ සියල්ල මමත් දනිමි. තිගෙන් අන් කරුණක් විචාරමි. කවර පව්කමෙකින් පසින් ගැවසුණු සිරුරු ඇති වූ ද?
kn-pv:30.3
(ප්‍රෙතිය:)
kn-pv:30.4
139. තෝ හිස් සෝදා නා පිරිසිදු වස්ත්‍ර හැඳ සැරසුණි යැ. මම ද තිට වඩා ඉතා වැඩියෙන් සැරසුණුමු.
kn-pv:30.5
140. ඒ මා බලා සිටිය දී ම තෝ ස්වාමියා සමග කථා කළහු යැ. ඒ හේතුයෙන් මාගේ ඊර්‍ෂ්‍යාව මහත් විය. මට ක්‍රෝධ උපන.
kn-pv:30.6
141. එහෙයින් මම පස් ගෙන එයින් තිට දමාගැසූමු. ඒ පව්කම්හි විපාකය නිසා පසින් ගැවසුණු සිරුරු ඇති වූමු.
kn-pv:30.7
(තිස්සාවෝ:)
kn-pv:30.8
142. තෝ මට පසින් දමාගැසූ යැ. ඒ සියල්ල මම ද දනිමි. මම අනිකක් ද තීගෙන් විචාරමි. කුමක් නිසා කැසීම් රෝගයකින් පෙළෙවු ද?
kn-pv:30.9
(ප්‍රෙතිය:)
kn-pv:30.10
143. අපි දෙදෙන ම බෙහෙත් ගෙනෙන්නමෝ වනයට ගියම්හ. තෝ බෙහෙත් ගෙන ආවහු යැ. මම වනාහි කසඹිලියා ගෙඩි ගෙන ආමු.
kn-pv:30.11
144. ඒ තී නො දන්නා කල මැ තිගේ ඇඳෙහි මම කසඹිලියා ගෙඩි විසිරුවා හළමු. ඒ පව්කම්හි විපාකයෙන් කැසීම් රෝගයෙන් පීඩිත වූමු.
kn-pv:30.12
(තිස්සාවෝ:)
kn-pv:30.13
145. තෝ මගේ ඇඳෙහි එය විසුළහු නම් ඒ සියල්ල මම දනිමි. අනික් කරුණක් ද තීගෙන් විචාරමි. කවර කරුණෙකින් තෝ නග්න වූවහු ද?
kn-pv:30.14
(ප්‍රෙතිය:)
kn-pv:30.15
146. (එකල) මිත්‍රයන්ගේ සමාගමයෙක් විය. නෑයන්ගේ රැස්වීමෙක් විය. සැමියා සහිත වූ තෝ ද කැඳවන ලදහු යැ. මම වනාහි නො කැඳවන ලදුමු.
kn-pv:30.16
147. ඒ තී නො දන්නා කල ම (නො දැනුවත්ව ම) තීගේ වස්ත්‍රයක් මම සොරා ගතුමු. ඒ අකුශල කර්‍ම විපාකයෙන් මම නග්න වූමු.
kn-pv:32.1
(තිස්සාවෝ:)
kn-pv:32.2
148. තෝ මාගේ වස්ත්‍රයක් සොරාගතු නම් ඒ සියල්ල මම ද දනිමි. අනිකක් ද තීගෙන් විචාරමි. කුමක් හෙයින් (තෝ) අසූචි ගඳ ඇතියහු ද?
kn-pv:32.3
(ප්‍රෙතිය:)
kn-pv:32.4
149. තීගේ සුවඳවර්‍ග ද, මල්මාලාවක් ද, මාහැඟි විලෙවුන් ද අසූචිවළෙක දැමූමු. මා විසින් ඒ පව කරන ලද. ඒ පවුකම්හි විපාකයෙන් අසුචි ගඳැති සිරුරු ඇති වෙමි.
kn-pv:32.5
(තිස්සාවෝ:)
kn-pv:32.6
150. තී විසින් කරන ලද ඒ සියලු පාපය මම ද දනිමි. අනිකක් ද තීගෙන් අසමි. කුමන කර්‍මයෙකින් තෝ දුගී වූහු ද?
kn-pv:32.7
(ප්‍රෙතිය:)
kn-pv:32.8
151. ගෙහි යම් ධනයක් වේ ද, එය අප දෙදෙනාට සමාන විය. මෙසේ දානවස්තු ඇති කල්හිත්, තමහට පිහිට වූ පිනක් නො කළමු. ඒ කර්‍මවිපාකයෙන් මම දුගී වූමු.
kn-pv:32.9
152. ඒ කාලයෙහි ම තෝ මට මෙසේ කීහු. තෝ පව්කම් ම කරහි. පව්කමින් සුගතිය සුලභ නො වේ ම ය.
kn-pv:32.10
(තිස්සා:)
kn-pv:32.11
153. තෝ මා විරුද්ධකාරියක වශයෙන් සැලැකූහු. වැළිත් තෝ මට ඊර්‍ෂ්‍යා කළහු. පව්කම්වල යම්බඳු විපාකයක් වේ නම් එය බලව.
kn-pv:32.12
154. තීගේ ගෙයි දාසියෝ ද ඒ ආභරණයෝ ද වූහ. (තී විසින් පෙර පරිභෝග කරන ලද) ඔවුන් (දැන්) අන්‍යයෝ පරිභෝග කෙරෙත්. සම්පත් වූකලී ශාශ්වත නො ම වෙත්.
kn-pv:32.13
155. දැන් භූත නම් වූ මපුතුගේ පියා (මා සැමියා) සල්පිළින් ගෙදර එයි. තිට කිසිවක් දෙන්නේ නම් මැනැවි. ඒ තාක් මෙතැනින් නො යව.
kn-pv:32.14
(ප්‍රෙතිය:)
kn-pv:32.15
156. මම නග්න වූ, දුර්වර්‍ණ වූ කෘශ වූ ඉල්පුණු නහර ඇති වෙමි. මෙය ස්ත්‍රීනට ලජ්ජාවට කරුණෙකි. භූතගේ පියා මා නො දකීවා.
kn-pv:32.16
(තිස්සා:)
kn-pv:32.17
157. එසේ වී නම් යමෙකින් තෝ සියලු කම්සැපතින් සමෘද්ධ වැ සුවපත් වෙහි ද එබඳු කුමක් මම තිට දෙම් ද? මම තිට කිනම් උපකාරයක් කරම් ද?
kn-pv:34.1
(ප්‍රෙතිය:)
kn-pv:34.2
158. භික්‍ෂු සංඝයා කෙරෙන් සංඝ වශයෙන් සිවුනමක් ද නැවත පුද්ගල වශයෙන් භික්‍ෂූහු සතරනමක් දැ යි මෙසේ භික්‍ෂූන් අටනමක් වළඳවා මට පින් දෙව. එකල මම සියලු කැමති සැපතින් සමෘද්ධ වැ සුවපත් වෙමි.
kn-pv:34.3
159. ඕ (තිස්සා) තොමෝ යහපතැයි පිළිවදන් දි භික්‍ෂූන් අට නමක් වළඳවා වස්ත්‍ර වලින් හඳවා (පූජාකොට) ඈට පින් දුන.
kn-pv:34.4
160. පින්පෙත් දීමෙන් අනතුරු ව ම (එහි) විපාකය උපන. දිව බොජුන් පිළී සහ පැන් ද උපන. මේ දක්‍ෂිණාවේ (පින්දීමේ) ඵලයි.
kn-pv:34.5
161. ඉක්බිති ඕ විසිතුරු සුදු පිළි ඇති ව උතුම් කසී සළු දරමින් විචිත්‍ර වස්ත්‍රාභරණ ඇත්තී සපත්නිය වූ තිස්සාවන් වෙත එළැඹුණු.
kn-pv:34.6
(තිස්සා:)
kn-pv:34.7
162. දෙව්දුව, යම්බඳු තෙපි ඉතා මනහර ශරීරවර්‍ණයෙන් දහවත් තරුව මෙන් සියලු දසදිගුන් බබුළුවමින් සිටුහු.
kn-pv:34.8
163. කවර හේතුවකින් තොපගේ එවැනි ශරීරවර්‍ණයෙක් වී ද? කිනම් හේතුවකින් මෙහි තොපගේ සුචරිතඵල සමෘද්ධිය වී ද? මනවඩන යම්කිසි භෝග කෙනෙක් තොපට උපදිත් නම් ඒ කුමන හේතුවකින් ද?
kn-pv:34.9
164. මහත් අනුභාව ඇති දෙව්දුව, තොප විචාරමි. මිනිස් වූ (කල) තෙපි කිනම් පිනක් කළහු ද? කවර පිනක හේතුවෙන් මෙසේ දිලියෙන අනුභාව ඇතියවු ද? තොපගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවා දැයි.
kn-pv:34.10
(දෙව්දුව:)
kn-pv:34.11
165. මම මත්තා නමු. තෙපි තිස්සා නම් වූවහු. පෙර මම තොපගේ සපත්නී වූමු. පව්කම් කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියා වෙමි.
kn-pv:34.12
166. තොප දුන් දානයෙන් කිසිවකිනුත් බිය නැති වැ සතුටු වෙමි. නැගණියනි, සියලු නෑයන් සමග බොහෝ කලක් ජීවත්වෙව.
kn-pv:34.13
167. ශෝභන තැනැත්තියෙනි, මුල් සහිත මසුරු මල දුරුකොට මෙලොව දී ධර්‍මයෙහි හැසිර දන් දී ශෝක රහිත රජස් නැති දිව්‍යස්ථානය වූ තමා වසයෙහි පවත්නවුනට නිවාස වූ දෙව්ලොවට අගර්හිත වූවා පැමිණෙව.
kn-pv:34.14
තුන්වැනි මත්තා ප්‍රේතවස්තු යි.
kn-pv:36.1
2. 4.
kn-pv:36.2
(නන්‍දසේන උපාසක මෙසේ විචාරයි:)
kn-pv:36.3
168. කළු වූ දුර්වර්‍ණ සිරුරු පැහැති කැකුළු සිරුරැති (තෙපි) බියකරු පෙනීම් ඇතියාව, පිඟුවන් ඇස් ඇතියාව, කළුදත් ඇතියාව, තොප මනුෂ්‍ය ස්ත්‍රියකැ යි නො හඟිමි.
kn-pv:36.4
(ප්‍රේතිය:)
kn-pv:36.5
169. නන්‍දසේන, මම පෙර ඔබගේ නන්‍දා නමැති බිරිඳ වීමි. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වෙමි.
kn-pv:36.6
(නන්‍දසේන:)
kn-pv:36.7
170. කා විසි මුනි තිදොරින් කිනම් පවක් තොප කරන ලද ද? කිනම් කර්‍මයක විපාකයෙන් තෙපි මෙලොවින් ප්‍රේතලෝකයට ගියහු ද?
kn-pv:36.8
171. මම් චණ්ඩ වැ පරුෂවචන ඇති වූමු. ඔබ කෙරෙහි ද ගරු සරු නො වූමු. ඒ මම නපුරු බස් බැණ මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වෙමි.
kn-pv:36.9
(නන්‍දසේන:)
kn-pv:36.10
172. එසේ නම් තොපට උතුරුසළුව දෙමි. මේ සළුව හැඳ ගනුව. මෙය හැඳ ගෙන එව. මම තොප ගෙදරට පමුණුවමි.
kn-pv:36.11
173. ගෙට ගිය තෙපි වස්ත්‍ර ද ආහාරපාන ද ලබන්නාව. තෙපි තිගේ පුත්‍රයන් ද බලන්නාව. යෙහෙළණියන් ද දක්නාව.
kn-pv:36.12
(ප්‍රේතිය:)
kn-pv:36.13
174-175. යුෂ්මත්හුගේ අතින් මා අතට දෙන ලද්ද මට නො පැමිණෙයි. සිල්වත් වූ වීතරාග වූ බහුශ්‍රුත වූ භික්‍ෂූන් ආහාරපානයෙන් තර්‍පණය කරව. (එහි) පින මට දෙව. එකල මම සියලු කම්සැපතින් සමෘද්ධ වූවා සුවපත් වෙමි.
kn-pv:36.15
176-177. හේ මැනැවැයි පිළිතුරු දී මහාදානයක් පැවැත් වී. ආහාර ද පානවර්‍ග ද කෑ යුතු දෑ ද වස්ත්‍රසේනාසන ද ඡත්‍ර ද සුවඳ ද මල් ද විවිධ උපාහන ද පුදා සිල්වත් වීතරාග බහුශ්‍රුත භික්‍ෂූන් ආහාරපානයෙන් සතප්වා (එහි) පින ඈට දුන්නේ ය.
kn-pv:36.17
178. පින් දීමට අනතුරුව (එහි) විපාකය ඇයට පහළ විය. භෝජන ද වස්ත්‍ර හා පියයුතු දෑ ද (උපන) දක්‍ෂිණායෙහි මේ ඵලයි.
kn-pv:36.18
179. ඉක්බිති ඕ විසිතුරු සුදුපිළී ඇති වැ උතුම් කසීසළු දරමින් විචිත්‍ර වස්ත්‍රාභරණ ඇත්තී හිමියා වෙත එළැඹියා ය.
kn-pv:38.1
(නන්‍දසේන:)
kn-pv:38.2
180. දෙව්දුව, යම්බඳු තෙපි ඉතා මනහර ශරීරවර්‍ණයෙන් දහවත් තරුව මෙන් සියලු දසදිගුන් බබුළුවමින් සිටුහු.
kn-pv:38.3
181. කුමකින් තොපගේ මෙවැනි සිරුරුපැහැයෙක් වී ද? කුමකින් තොපගේ මෙහි සමෘද්ධියක් වී ද? මනවඩන යම්කිසි භොග කෙනෙක් වෙත් නම් ඒ භෝගයෝ තොපට උපදිත්.
kn-pv:38.4
182. මහත් අනුභාව ඇති දෙව්දුව, තොප විචාරමි. මිනිස් වූ (කල) තෙපි කිනම් පිනක් කළවු ද? කවර පිනක හේතුවෙන් මෙසේ දිලියෙන අනුභාව ඇතියවු ද? තොපගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
kn-pv:38.5
(දෙව් දූ:)
kn-pv:38.6
183. නන්‍දසේන මම නන්‍දා වෙමි. පෙර ජාතියෙහි භවත්හුගේ බිරිඳ වූමු. පව්කම් කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියමු.
kn-pv:38.7
184. භාවත්හු විසින් දෙන ලද දානයෙන් කිසිවකිනුත් බිය නැති ව සතුටු වෙමි. ගෘහපතිය, (භවත්) සියලු නෑයන් සමග දිගු කලක් ජීවත් වව.
kn-pv:38.8
185. ගෘහපතියෙනි, ලෝබ දෝස මුල් සහිත මසුරුමල දුරු කොට මෙලොව දී දහම්හි හැසිර දන් දී ශෝක රහිත රජස් නැති දිව්‍යස්ථානය වූ සියවසයෙහි පවත්වනුවනට නිවාස වූ දෙව්ලොවට අගර්හිත වූයේ පැමිණෙව.
kn-pv:38.9
නන්‍දා ප්‍රේතවස්තු යි.
kn-pv:38.10
2. 5.
kn-pv:38.11
(අදින්නපුබ්බක:)
kn-pv:38.12
186. අබරණින් සැරසුණු මට වූ කොඬොල් ඇති මල්දම් දරන රත්සඳුනෙන් අලෙවු දුන් සිරුරැති තෙපි දෙඅත් හිස බැඳගෙන හඬවු මේ වනමැද කුමක් හෙයින් තෝ දුක්ඛිත වවු ද?
kn-pv:38.13
(මට්ටකුණ්ඩලී:)
kn-pv:38.14
187. රන්මුවා පැහැසර රියමැදිරියක් මට උපන. ඒ රියමැදිරියට සක්යුවළක් නො ලබමි. ඒ දුකින් මම දිවි හරනෙමි.
kn-pv:38.15
(අදින්නපුබ්බක:)
kn-pv:38.16
188. සොඳුරු තරුණය, මට කියව, මම තට රන්මුවා වූ හෝ මිණිමුවා වූ හෝ ලෝහිතඞ්කමාණික්‍යමය වූ හෝ වැළිත් රිදීමුවා වූ හෝ සක්යුවළක් ලබා දෙමි.
kn-pv:40.1
189. ඒ තරුණයා ඔහුට මෙසේ කී: මේ අහස්හි සඳහිරු දෙදෙන පෙනෙති. මගේ රන්මුවා රිය ඒ සක්යුවළින් හොබනේ වෙයි.
kn-pv:40.2
(අදින්න පුබ්බක:)
kn-pv:40.3
190. තරුණය, යම්බඳු තෙපි නො පැතිය යුත්තක් පතනහු ද, ඒ තෝ බාලයෙක් ම වවු තොප මැරෙති යි සිතමි. තෙපි සඳහිරු දෙදෙන නො ම ලබනහු.
kn-pv:40.4
(මට්ටකුණ්ඩලී:)
kn-pv:40.5
191. (බමුණ, මේ සඳහිරු දෙදෙනාගේ) ගමනාගමනය ද පැහැ සටහන් හා ගමනවීථි දෙක ද පෙනේ. කලුරිය කළ පරලොව ගිය තැනැත්තේ වූ කලි නො පෙනේ. මෙ තැන හඬන අප දෙදෙනා අතුරෙන් කවරෙක් බාලතර වේ ද?
kn-pv:40.6
(අදින්න පුබ්බක:)
kn-pv:40.7
192. තරුණය, තෙපි සැබවක් ම කියවු සඳට අඬන දරුවකු මෙන් මියැ පරලොව ගියහු පතමින් අඬන මම මැ, හඬන අප දෙදෙනා අතුරෙන් වඩා බාල බැව් ඇත්තෙමි.
kn-pv:40.8
193. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් මා හද ඇවිල ගත් සියලු සෝ ගින්න තෙපි දිය ඉසින්නකු මෙන් නිවූවහු ය.
kn-pv:40.9
194. යමෙක් සොවින් මැඩුණු මාගේ පුත්‍ර ශෝකය දුරු කෙළේ ද, ඒ තෙපි මා හද ඇසුරු කළ සෝ හුල උදුළහු.
kn-pv:40.10
195. ඒ මම උදුළ සෝහුල් ඇතියෙමි, සිහිල් වූයෙම්, නිවුණෙම් වෙමි. තරුණය, තොප බස් අසා මම ශෝක නො කරමි, නො හඬමි.