Petavatthu

Stories of Departed Spirits

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 1057

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT603. චීවරං පිණ්ඩපාතඤ්ච පච්චයං සයනාසනං අන්තං පානං ඛාදනීයං වත්ථසෙනාසනානි ච, දදාහි උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT603. සිවුරු ය, පිණ්ඩපාත ය, ගිලන්පසය, (ආවාසාදි) සෙනසුන් ය, ආහාරය, පානය, කෑයුතු දැය, වස්ත්‍ර හා මඤ්චපීඨාදී සෙනසුන් ය යන මෙය වෙසෙසින් පහන් සිතින් ඍජුප්‍රතිපන්න සඟනට දෙව.
Pali BJT604. භික්ඛූ පි සීලසම්පන්නෙ වීතරාගෙ බහුස්සුතෙ තප්පෙහි අන්නපානෙන සදා පුඤ්ඤං පවඩ්ඪති.
Sinhala BJT604. වීතරාගී බහුශ්‍රුත සීලසම්පන්න භික්‍ෂූන් ද ආහාරපානයෙන් තර්‍පණය කරව. (මේ පිළිවෙත) හැම දා පින් වඩනේ ය.
Pali BJT605. එවඤ්ච ධම්මානි සමාචරන්තො සක්කච්ච රත්තින්දිවමප්පමත්තො, මුච්චෙය්ය සො ත්වං නිරයා ච තම්හා කම්මං සියා අඤ්ඤත්ර වෙදනීයන්ති.
Sinhala BJT605. මෙසෙයින් දිවරෑ නොපමා වැ කුසල්දහම්හි හැසිරෙන තෝ නිරා දුකින් මිදෙන්නෙහි. පාපකර්‍මය (අපරාපර්‍ය්‍ය වශයෙන්) අන් තන්හි විඳිය යුතු වන්නේ ය.
Pali BJT606. අජ්ජෙ ව බුද්ධං සරණං උපෙමි ධම්මඤ්ච සඞ්ඝඤ්ච පසන්නචිත්තො, තථෙව සික්ඛාය පදානි පඤ්ච අඛණ්ඩඵුල්ලානි සමාදියාමි.
Sinhala BJT606. අද ම පහන්සිත් ඇතියෙම් බුදුන් සරණ කොට එළඹෙමි. ධර්‍මය ද සංඝයා ද (සරණ කොට එළඹෙමි.) එසෙයින් ම සිකපද පස නො කඩ කොට සපුරා සමාදන් වෙමි.
Pali BJT607. පාණාතිපාතා විරමාමි ඛිප්පං ලොකෙ අදින්නං පරිවජ්ජයාමි, අමජ්ජපො නො ච මුසා භණාමි සකෙන දාරෙන ව හොමි තුට්ඨො, ඉමඤ්ච අරියං අට්ඨඞ්ග වරෙනුපෙතං, සමාදියාමි කුසලං සුඛුද්රයං
Sinhala BJT607. මෙලොවැ වහා පණිවායෙන් වළකිමි, අයිනාදන දුරු කෙරෙමි. මත්පැන් නො බොන්නෙම් වෙමි. මුසවා නො ද බෙණෙමි, ස්වදාරසන්තෝෂයෙන් සතුටු වෙමි. මේ ආර්‍ය්‍ය වූ උතුම් අටඟින් යුත් සුඛ විපාක දෙන නිරවද්‍ය වූ ශීලය සමාදන් වෙමි.
Pali BJT608. චීවරං පිණ්ඩපාතඤ්ච පච්චයං සයනාසනං, අන්නං පානං ඛාදනීයං වත්ථසෙනාසනානි ච.
Sinhala BJT608. සිවුරුද, පිණ්ඩපාතය ද, සෙනසුන් ද, ආහාරපානද කෑයුතුදෑ ද වස්ත්‍ර … (ආවාසාදි) සෙනසුන් ද,
Pali BJT609. භික්ඛූ පි සීලසම්පන්නෙ වීතරාගෙ බහුස්සුතෙ, දදාමි න විකම්පාමි බුද්ධානං සාසනෙ රතො.
Sinhala BJT609. බුදුසසුන්හි ඇලුණු මම සිල්වත් වූ බොහෝ ඇසූ පිරූතැන් ඇති වීතරාගී වූ භික්‍ෂූන්ට දන් දෙමි. ඒ සිවුපසදන් කඩ නො කරමි.
Pali BJT610. එතාදිසො ලිච්ඡවි අම්බසක්ඛරො වෙසාලියං අඤ්ඤතරො උපාසකො, සද්ධො මුදුකාරකරො ච භික්ඛු සඞ්ඝඤ්ච සක්කච්ච තදා උපට්ඨහි.
Sinhala BJT610. මෙවැනි ඒ අම්බසක්ඛර නම් ලිච්ඡවිරජ එකලැ විසල්පුර සැදැහැවත් මොළොක් සිත් ඇති එක්තරා උවසුවෙක් වැ උපකාර කරන සුලු වූයේ බික්සඟනට සකසා උවටැන් කෙළේ ය.
Pali BJT611. සූලාවුතො ච අරොගො හුත්වා සෙරී සුඛී පබ්බජ්ජං උපාගමි, භික්ඛුඤ්ච ආගම්ම කප්පිනකුත්තමං උභොපි සාමඤ්ඤඵලානි අජ්ඣගුං.
Sinhala BJT611. හුලැ හිඳවූ මිනිසා ද නීරෝග වැ සුව පත් වැ තමා කැමැති පරිදි හැසිරෙන්නේ උතුම් කප්පිනක තෙරුන් කරා එළඹැ පැවිදිවූයේ ය. මෙසේ ඒ දෙදෙනා ම ශ්‍රාමණ්‍ය ඵලයනට හෙවත් මගපලයනට පැමිණියහ.
Pali BJT612. එතාදිසා සප්පුරිසාන සෙවනා මහප්ඵලා හොති සතං විජානතං, සූලාවුතො අග්ගඵලං අඵස්සයි ඵලං කනිට්ඨං පන අම්බසක්ඛරො’ති.
Sinhala BJT612. සත්පුරුෂයන්ගේ මෙවැනි ආශ්‍රය කරුණු දන්නා සත්පුරුෂයනට මහත් ඵල ඇති වෙයි. හුලැ හුන් මිනිසා රහත්ඵලය ලබාගති. අම්බසක්ඛර රජ වනාහි සෝවාන් විය.
Pali BJTඅම්බසක්ඛරපෙතවත්ථු පඨමං.
Sinhala BJTඅම්බසක්ඛර ප්‍රේතවස්තු යි.
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
Pali BJT613. සුණාථ{1} යක්ඛස්ස ච වාණිජාන ච සමාගමො යත්ථ තදා අහොසි, යථා කථං ඉතරීතරෙන චාපි සුභාසිතං තඤ්ච සුණාථ{1} සබ්බෙ.
Sinhala BJT613. එකලැ සේරිස්සක දෙව්පුතුන්ගේ ද වෙළෙඳුන්ගේ ද මරුකතර දී යම් එක්වීමෙක් වී ද එය අසවු. එතැන්හි දී ඔවුනොවුන් අතර ඇති වූ යම් කථාප්‍රවෘත්තියක් ඇති වී නම් ඒ ද තෙපි සියල්ලෝම අසවු.
Pali BJT614. යො සො අහු රාජා පායාසි නාමො භුම්මානං සහව්යගතො{2} යසස්සී, සො මොදමානොව සකෙ විමානෙ අමානුසො මානුසෙ අජ්ඣහාසීති.
Sinhala BJT614. සේතව්‍යා නුවර යම් ඒ පායාසි නම් රජෙක් වී ද, හේ මැරී බූමාටු දෙවියන්ගේ සහභාවයට ගියේ යසපිරිවර ඇති වැ උපනි. ඒ සේරිස්සක නම් දෙව්පුත් පිරිවර දෙවියන් සමග සතුටු වෙමින් තෙමේ නොමිනිස් වූයේ ම සිය විමානයෙහි සිට වෙළඳ මිනිසුන් දැක මෙසේ කී ය.
Pali BJT615. වඞ්කෙ අරඤ්ඤෙ අමනුස්සට්ඨානෙ කන්තාරෙ අප්පොදකෙ අප්පභක්ඛෙ, සුදුග්ගමෙ වණ්ණුපථස්ස මජ්ඣෙ, වඞ්කං භයා නට්ඨමනා මනුස්සා.
Sinhala BJT615. සියදිවි ඇති වේ ද නැති වේ දැ යි උපන් භය ඇති, නටුවා වූ සිත් ඇති (මංමුළා වූ) මිනිසුනි, ජීවිතය ගැන සැක උපදවන, වනයක මෙන් නිතර යක්බුපිසසුන් හැසිරෙන, (මිනිසුන්ට අගෝචර වූ) සුවසේ යා නො හැකි, කනබොන දෑ කිසිත් නොමැති, අතිශයින් දුර්‍ගම වූ මේ මරුකතර මැද,
Pali BJT616. නයිධ ඵලා මූලමයා ච සන්ති උපාදානං නත්ථි කුතො ඉධ භක්ඛො, අඤ්ඤත්ර පංසූහි ච වාලුකාහි ච තත්තාහි උණ්හාහි ච දාරුණාහි ච.
Sinhala BJT616. මේ මරුකතරෙහි (අඹ දඹ තල් ඈ) ඵල ජාතියකුදු නැත. මුල්ජාතියකුදු නැත. දර ද නැත. රත් වූ උණු වූ හා දරුණු වූ පස් ද වැලි ද හැර අහරක් කොයින් ලැබේ ද?
Pali BJT617. උජ්ජඞ්ගලං තත්තමිවං කපාලං අනායසං පරලොකෙන තුල්යං, ලුද්දානමාවාසමිදං පුරාණං භූමිප්පදෙසො අභිසත්තරූපො.
Sinhala BJT617. රළු බොරළු සහිත නිරුදක බිම්පෙදෙසක් වූ රත්වූ යකබලක් වැනි වූ කිසි සැපතක් නැති නරකයක් වැනි වූ දිගුකලක පටන් දරුණු වූ පිසචාදීන්ට ආවාසයක් වූ මේ භූමිප්‍රදේශය (පුරාණ තවුසන් විසින්) ශාප දුන් තැනක් මෙනි.
Pali BJT618. අථ තුම්හෙ කෙන වණ්ණෙන කිමාසමානා ඉමං පදෙසං හි. අනුප්පවිට්ඨා සහසා සමෙච්ච ලොභා භයා අථවා සම්පමූළ්හා.
Sinhala BJT618. එහෙයින් තෙපි කුමන කරුණෙකින් මේ පෙදෙසට අවාහු ද? කිනම් වස්තුවක් සොයා අවාහු ද? යම්කිසි වස්තු ලෝභයෙකින් හෝ සතුරු බියෙකින් මෙහි ලාහෙලා එක් වැ ආවාහු ද? නො එසේ නම් මං මුළා වූහවූ ද?
Pali BJT619. මගධෙසු අඞ්ගෙසු ච සත්ථවාහා ආරොපයිත්වා පණියං පුථුත්තං, තෙ යාමසෙ සින්ධුසොවීරභූමිං ධනත්ථිකා උද්දයං පත්ථයානා
Sinhala BJT619. අපි අඟුමගද දෙරටවැසි ගැල් සාත්තුවෝ වම්හ. බොහෝ වෙළඳ බඩු ගැල්හි පටවා ගෙන වැඩිලාබ පතමින් සින්‍ධු හා සෝවීර රටවලට වෙළදාම පිණිස යන්නෙමු.
Pali BJT620. දිවා පිපාසං’නධි වාසයන්තා{1} යොග්ගානුකම්පඤ්ච සමෙක්ඛමානා, එතෙන වෙගෙන ආයාම සබ්බෙ රත්තිං මග්ගං පටිපන්නා විකාලෙ.
Sinhala BJT620. දිවාකල පවස නො ඉවසිය හැකි වූ අපි සියල්ලෝ ම රිය අදනා ගවයනට අනුකම්පා කරම්හ. දාවල එක්තැනෙක ලැගුම් ගෙන මේ වේගයෙන් ගමන් කරන්නමෝ රෑ නොකල්හි මහමඟට පිළිපන්නමෝ වම්හ.
Pali BJT621. තෙ දුප්පයාතා අපරද්ධමග්ගා අන්ධාකුලා විප්පනට්ඨා අරඤ්ඤෙ, සුදුග්ගමෙ වණ්ණුපථස්ස මජ්ඣෙ දිසං න ජානාම පමූළ්හචිත්තා.
Sinhala BJT621. ඒ නොමග ගියා වූ වැරදුණු මං ඇති (පැනැස නැති හෙයින්) අන්‍ධ වූ ඒ අපි (එහෙයින් මැ) ආකුල වූවෝ වම්හ. අතිශයින් දුර්‍ගම වූ වනයෙහි මේ මරුකතර මැද මුළා සිත් ඇතියමෝ යායුතු දිශාව නො දනුම්හ.
Pali BJT622. ඉදඤ්ච දිස්වාන අදිට්ඨපුබ්බං විමානසෙට්ඨඤ්ච තුවඤ්ච යක්ඛ, තදුත්තරිං ජීවිතමාසමානා දිස්වා පතීතා සුමනා උදග්ගාති.
Sinhala BJT622. යක්‍ෂය, (දිව්‍යපුත්‍රය) පෙර නුදුටුවිරූ මේ උතුම් විමන ද ඔබ ද දැක මින් මතුයෙහි ද අපි දිවි ලබනු කැමති වැ සිටුම්හ. ඔබ දැක ප්‍රීතියෙන් ඔදවැඩුණු සිත් ඇත්තෝ ද වම්හ.
Pali BJT623. පාරං සමුද්දස්ස ඉදඤ්ච වණ්ණුං වෙත්තාචරං සඞ්කුපථඤ්ච මග්ගං, නදියො පන පබ්බතානඤ්ච දුග්ගා පුථුද්දිසා ගච්ඡථ භොගහෙතු.
Sinhala BJT623. තෙපි (වස්තු සොයන්නෝ) මහමුහිදින් එතර ද මෙ වැනි මරු කතරවල ද වේවැල් අල්ලා යා යුතු මංවල ද කණු සිටුවා යා යුතු සංකුපථ නම් මංවලද ගංගා -පර්‍වත නිසා විෂම වූ භූමිවල ද ඒ වස්තු හේතුවෙන් නොයෙක් දිග ඇවිදිනාහු ය.
Pali BJT624. පක්ඛන්දියාන විජිතං පරෙසං වෙරජ්ජකෙ මානුසෙ පෙක්ඛමානා, යං වො සුතං වා අථවාපි දිට්ඨං අච්ඡෙරකං තං වො සුණොම තාතා.
Sinhala BJT624. එසේ අන් රටවලට පැමිණ එරට වැසි මිනිසුන් දක්මින් යන්නාහු ය. එබඳු වූ තොප විසින් දුටු හෝ ඇසූ යම් අසිරිමත් කරුණෙක් ඇත් නම් එය අපට කියවු. දරුවෙනි අපි එය අසම්හ.
Pali BJT625. ඉතොපි අච්ඡෙරතරං කුමාර න නො සුතං වා අථවාපි දිට්ඨං, අතීතමානුසක්කමෙව සබ්බං දිස්වාන තප්පාම අනොමවණ්ණං.
Sinhala BJT625. පින්වත් දෙව්කුමර, හැම අයුරින් මිනිස් ඉසුරු ඉක්මැ ගිය ඔබගේ මේ ඉසුරට වඩා අප විසින් ඇසූවිරූ හෝ දුටුවිරූ හෝ පුදුමයක් නොමැත. අපි ඔබගේ මේ උසස් වූ සිරුරු සැපත හා විමන්සැපත දැක පිණායම්හ.
Pali BJT626. වෙහාසයං පොක්ඛරඤ්ඤො සවන්ති පහූතමල්යා බහුපුණ්ඩරීකා, දුමාචිමෙ නිච්චඵලූපපන්නා අතීව ගන්ධා සුරභිං පවායන්ති.
Sinhala BJT626. බොහෝ වූ මලින් ගැවසුණු බොහෝ හෙළපියුම් ඇති පොකුණු අහසේ ගලා බසී. (විමන්වට) මේ රුක් ද නිතර පලබර වැ පවතී. ඉතා මනහර සුවඳ ද හමන්නේ ය.
Pali BJT627. වෙළුරියත්ථම්හා සතමුස්සිතාසෙ සිලාප්පවාළස්ස ච ආයතංසා, මසාරගල්ලා සහ ලොහිතඞ්කා ථම්භා ඉමෙ ජොතිරසාමයාසෙ.
Sinhala BJT627. (මේ පහයෙහි) වෛඩූර්‍ය්‍ය මසාරගල්ල ලෝහිතංක ශිලප්‍රවාලාදියෙන් අටැස් සොළසැස් දෙතිසැස් වූ ද සියගණන් ටැම් නැගුණාහු වෙති. මේ ටැම් රශ්මියෙන් බබලයි.
Pali BJT628. සහස්සත්ථම්භං අතුලානුභාවං තෙසූපරි සාධුමිදං විමානං, රතනන්තරං කඤ්චනවෙදිමිස්සං තපනීයපට්ටෙහි ච සාධු ඡන්නං.
Sinhala BJT628. ඒ ටැම් මතුයෙහි දහසක්ටැම් ඇති අසමාන වූ ආනුභාවයෙන් යුත් මනහර වූ මේ විමන පිහිටා ඇත. මෙය සත් රුවනින් මනහර යැ. රන්මුවා වේදිකායේන් යුක්ත යැ. මත්තෙහි බබළන රන්පටින් මොනොවට වසන ලද්දේ යැ.
Pali BJT629. ජම්බොනදුත්තත්තමිදං සුමට්ඨො පාසාදසොපානඵලුපපන්නො, දළ්හො ච වග්ගු සුමුඛො සුසංගතො{1} අතීව නිජ්ඣානඛමො මනුඤ්ඤො.
Sinhala BJT629. මේ (ඔබගේ) විමන ඔප්නැගූ දඹරනින් බබළන්නේ ය. (එහි ඒ ඒ පෙදෙස) මොනවට මට කළ ප්‍රාසාදවලින් හා හිණිපෙළින් ද පුවරුයෙන් ද යුක්ත යැ. (මේ පහය) ස්ථිර යැ. මනහර යැ. මනාමුඛ (ද්වාර) ඇත්තේ යැ. එකිනෙක ගැළපෙන අවයව ඇත්තේ යැ. අතිශයින් දර්‍ශනීය යැ. සිත්කලු යැ.
Pali BJT630. රතනන්තරස්මිං බහුඅන්නපානං පරිවාරිතො අච්ඡරාසංගණෙන, මුරජ්ජ{2} ආළම්බරතුරියඝුට්ඨො අභිවන්දිතොසි ථුතිවන්දනාය.
Sinhala BJT630. රුවන්මුවා මේ විමන තුළ ආහාරපාන බොහෝ වෙයි. අප්සරස් සමූහයා විසින් තෙපි පිරිවරන ලද්දහු යැ. නිතර වැයෙන මිහිඟුබෙර ඈ පසඟතුරු ගොසින් ඒකනින්නාද වෙයි. නොයෙක් දෙවියන් විසින් තුතිගී කියා නමස්කාර කරන ලදහු යැ.
Pali BJT631. සො මොදයි නාරිගණප්පබොධනො විමානපාසාදවරෙ මනොරමෙ, අචින්තියො සබ්බගුණූපපන්නො රාජා යථා වෙස්සවණො නළින්යා.
Sinhala BJT631. යම්සේ වෙසවුණු රජ නළිනී නම් පොකුණෙහි රමණය කෙරේ ද, එසේ මැ ඒ තෙපි ද නන්දෙවඟනන් විසින් පිරිවරන ලදු වැ ඔවුන් විසින් පුබුදුවමින් මනහර වූ උතුම් වූ මේ පහයෙහි නො සිතිය හැකි සියලු දෙව්සැපතින් යුතු වැ සතුටු වහු.
Pali BJT632. දෙවො නු ආසි උද වාසි යක්ඛො උදාහු දෙවින්දො මනුස්සභූතො, පුච්ඡන්ති තං වාණිජා සත්ථවාහා ආචික්ඛ කො නාම තුවංසි යක්ඛාති.
Sinhala BJT632. ඔබ දෙවියෙක් ද නො එසේ නම් යක්‍ෂයෙක් ද නොහොත් සක්දෙවිඳු ද එසේත් නො වේ නම් මනුෂ්‍යයෙක් දැ යි කියමින් ඒ සාර්‍ත්‍ථවාහ වෙළෙන්දෝ ‘යක්‍ෂය ඔබ කවරෙක් දැ යි අපට කියව’යි ඔහුගෙන් ප්‍රශ්න කරති.
Pali BJT633. සෙරිස්සකො නාම අහම්පි යක්ඛො කන්තාරියො වණ්ණුපථම්හි ගුත්තො, ඉමං පදෙසං අභිපාලයාමි වාචඞ්කරො වෙස්සවණස්ස රඤ්ඤො.
Sinhala BJT633. වෙළදුනි, මම වූ කලි මෙ මරුකතර බිම් පෙදෙසැ සැඟවී සිටින සේරිස්සක නම් දිව්‍ය පුත්‍රයෙක්මි. වෙසවුණු රජුගේ අවවාදය පිළිපදින මම මේ පෙදෙස පාලනය කරමි.
Pali BJT634. අධිච්ච ලද්ධං පරිණාමජං තෙ සයං කතං උදාහු දෙවෙහි දින්නං, පුච්ඡන්ති තං වාණිජා සත්ථවාහා කථං තයා ලද්ධමිදං මනුඤ්ඤන්ති.
Sinhala BJT634. පින්වත් දෙව්කුමර, තොපගේ මේ දෙව්ඉසුරු සැප ඉබේ පහළ වූවක් ද, නැතහොත් කිසි කෙනෙකුන් විසින් කලකට පමණක් දුන් දෙයක් ද, නො එසේ නම් තමන් විසින් මැ පහළ කර ගත් දෙයක් ද, එසේත් නැත් නම් දෙවියන් දෙන ලද ද. තොප විසින් මේ මනෝඥ සැපත කෙසේ ලද දැ යි සාර්‍ත්‍ථවාහ වෙළෙන්දෝ තොප විචාරත්.
Pali BJT635. නාධිච්ච ලද්ධං න පරිණාමජං මෙ න සයං කතං නපි දෙවෙහි දින්නං, සකෙහි කම්මෙහි අපාපකෙහි පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං මනුඤ්ඤන්ති.
Sinhala BJT635. මාගේ මේ ඉසුරු ඉබේ ලැබුණේ ද නොවේ. යම් කෙනකුන් විසින් දුන් දෙයක් ද නො වේ. මා විසින් උපදවන ලද්දක් ද නොවේ. දෙවියන් දෙන ලද්දකුත් නො වේ. පෙර මා කළ පින්බෙලෙන් මනහර වූ මේ පහය මට ලැබිණි.
Pali BJT636. කින්තෙ වතං කිං පන බ්රහ්මචරියං කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො, පුච්ඡන්ති තං වාණිජා සත්ථවාහා කථං තයා ලද්ධමිදං විමානන්ති.
Sinhala BJT636. ඔබගේ ව්‍රත සමාදානය කිමෙක් ද, ඔබගේ බ්‍රහ්මචර්‍ය්‍යය හෝ කිමෙක් ද, මැනැවින් පුරුදු කළ කිනම් කර්‍මයක මේ විපාකයෙක් වේ ද, මේ විමන කෙසේ ලද දැ යි ඒ සාර්‍ත්‍ථවාහ වෙළෙන්දෝ තොප විචාරත්.
Pali BJT637. මමං{1} පායාසීති අහූ සමඤ්ඤා රජ්ජං යදා කාරියිං කොසලානං, නත්ථිකදිට්ඨි කදරියො පාපධම්මො උච්ඡෙදවාදී ච තදා අහොසිං.
Sinhala BJT637. මම පෙර ‘පායාසි’ යන නමින් යුත් රාජන්‍යයෙක් වීමි. යම් කලෙක මම කොසොල්රට රාජ්‍යය කෙළෙම් ද, එකලැ මම නාස්තික දෘෂ්ටියෙන් යුත් මසුරු වූ ලාමක ස්වභාව ඇති උච්ඡේදවාදියෙක් විමි.
Pali BJT638. සමණො ච ඛො ආසි කුමාරකස්සපො බහුස්සුතො චිත්තකථී උළාරො, සො මෙ තදා ධම්මකථං අකාසි{2} දිට්ඨිවිසූකානි විනොදයී මෙ.
Sinhala BJT638. එකලැ කුමාරකාශ්‍යප නම් ශ්‍රමණ කෙනෙක් වූහ. උන් වහන්සේ බොහෝ ඇසූ පිරූතැන් ඇති විසිතුරු ලෙස කථාකරන උසස් නැණවත් කෙනෙකි. උන් වහන්සේ එකලැ මට ධර්‍ම කථාවක් කළහ. මගේ සියලු මිසදුටු ද පහකළහ.
Pali BJT639. තාහං තස්ස ධම්මකථං සුණිත්වා උපාසකත්තං පටිවෙදයිස්සං, පාණාතිපාතා විරතො අහොසිං ලොකෙ අදින්නං පරිවජ්ජයිස්සං. අමජ්ජපො නො ච මුසා අභාණිං සකෙන දාරෙන ච අහොසිං{3} තුට්ඨො.
Sinhala BJT639. මම උන්වහන්සේගේ ඒ දහම් අසා උපාසකත්‍වය ප්‍රකාශ කෙළෙමි. පණිවායෙන් වෙන් වූයෙක් වීමි. ලොවැ නුදුන් දෙය ගැනීම දුරු කෙළෙමි. මත්පැන් නොබොන්නෙක් වීමි. බොරු නො කීයෙමි. සිය බිරිඳගෙන් පමණක් සතුටු වීමි.
Pali BJT640. තං මෙ වතං තං පන බ්රහ්මචරියං තස්ස සුචිණ්ණස්ස අයං විපාකො, තෙහෙව කම්මෙහි අපාපකෙහි පුඤ්ඤෙහි මෙ ලද්ධමිදං විමානන්ති.
Sinhala BJT640. මාගේ ව්‍රතසමාදානය එය වේ. මාගේ බ්‍රහ්මචර්‍ය්‍යය ද එය වේ. මැනැවින් පුරුදු කරන ලද ඒ කර්‍මයෙහි මේ විපාක යි. අලාමක වූ ඒ පුණ්‍යකර්‍ම හේතුකොට ගෙන මා විසින් මේ විමන ලද.
Pali BJT641. සච්චං කිරාහංසු නරා සපඤ්ඤා අනඤ්ඤථා වචනං පණ්ඩිතානං, යහිං යහිං ගච්ඡති පුඤ්ඤකම්මො තහිං තහිං මොදති කාමකාමී.
Sinhala BJT641. නුවණැති මිනිස්සු යම් සත්‍යක් කීහු නම්, ඒ පඬිවරුන්ගේ වචනය වෙනස් නො වේ. කළපින්කම් ඇත්තේ යම් යම් තැනෙකැ යේ නම් ඒ ඒ තන්හි කැමති සැප ලැබ සතුටු වෙයි.
Pali BJT642. යහිං යහිං සොකපරිද්දවො ච වධො ච බන්ධො ච පරික්කිලෙසො, තහිං තහිං ගච්ඡති පාපකම්මො න මුච්චති දුග්ගතියා කදාචීති.
Sinhala BJT642. යම් යම් තැනක ශෝක කිරීම් හා විලාපකීම් ද, වධ-බන්‍ධන හා විපත් ද වේ නම්, පව්කම් ඇතියේ ඒ ඒ තැනට ම යෙයි. හේ කිසිකලෙක දුගතියෙන් නො මිදේ.
Pali BJT643. සම්මූළ්හරූපො ච ජනො අහොසි අස්මිං මුහුත්තෙ කලලීකතොව, ජනස්සිමස්ස තුය්හඤ්ච කුමාර අප්පච්චයො කෙන නු ඛො අහොසි.
Sinhala BJT643. පින්වත් දෙව්කුමර, තොපගේ පිරිවරජනයා ද මේ මොහොතෙහි සොවින් මුළා වූ ස්වරූප ඇත්තේ ය. ඔවුන්ගේ සිත වඩදිය මෙන් කැලැබුණේය. මේ ජනයාගේත් තොපගේත් දොම්නස කවර කරුණෙකින් ඇති වී ද.
Pali BJT644. ඉමෙ සිරිසූපවනා ච තාතා දිබ්බා ගන්ධා සුරභිං{1} සම්පවන්ති, තෙ සම්පවායන්ති ඉමං විමානං දිවා ච රත්තො ච තමං නිහන්ත්වා{2}
Sinhala BJT644. මිතුරනි, මහරිඋපවයෙන් මේ දිව්‍ය සුගන්‍ධයෝ හාත්පස හමා යති. එසේ හමන ඒ සුගන්‍ධයෝ මේ විමන සුවඳ ගන්වමින් දිවා රෑ දෙක්හි අඳුරු දුරු කරමින් හමත්.
Pali BJT645. ඉමෙසං ච ඛො වස්සසතච්චයෙන සිපාටිකා ඵලති එකමෙකා, මානුස්සකං වස්සසතං අතීතං යදන්තෙ කායම්හි ඉධූපපන්නො.
Sinhala BJT645. අවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් මේ මහරිගස්වල එක එක මහරිගෙඩි පැසී ගිලිහී වැටේ. එයින් මිනිසුන් පිළිබඳ අවුරුදු සියයක් ඉක් මැ ගියේ යයි දැනේ. යම් දිනක මම උපන්නෙම් නම්,
Pali BJT646. දිස්වානහං වස්සසතානි පඤ්ච අස්මිං විමානෙ කත්වාන තාතා, ආයුක්ඛයා පුඤ්ඤක්ඛයා චවිස්සං තෙනෙව සොකෙන පමුච්ඡිතොස්මි,
Sinhala BJT646. එතැන් පටන් මම අවුරුදු පන්සියයක් මේ විමනෙහි සිට ආයු හා පින් ගෙවීමෙන් මින් ච්‍යුත වන්නෙමි යි දැක ඒ සොවින් මැ මුළාවට පත් විමි.
Pali BJT647. කථං නු සොචෙය්ය තථාවිධො සො ලද්ධං විමානං අතුලං චිරාය, යෙචාපි ඛො ඉත්තරමුපපන්නා තෙ නූන සොචෙය්යුං පරිත්තපුඤ්ඤා
Sinhala BJT647. එබඳු පින්වතෙක් අසමාන දෙව්විමනක් හා දීර්‍ඝ ආයුෂයක් ලැබ කෙසේ නම් ශෝක කරන්නේ ද? යමෙක් වනාහි මන්‍දායුෂ්ක වැ උපන්නාහු නම් මඳපිනැති ඔහු ඒකාන්තයෙන් ශෝක කරන්නාහු යැ.
Pali BJT648. අනුච්ඡවිං ඔවදියඤ්ච මෙ තං යං මං තුම්හෙ පෙය්යවාචං වදෙථ තුම්හෙ ච ඛො තාතා මයානුගුත්තා යෙනිච්ඡකං තෙන පලෙථ සොත්ථි,
Sinhala BJT648. තෙපි යම් ප්‍රියවචනයක් මට කීහු නම් ඒ කීම තොපට සුදුසු වූවක් මැ යැ. මට එය අවවාදයක් ද වෙයි. ඒ අනුව මම පිළිපදිමි. යහළුවනි, තෙපි වූ කලි මවිසින් රක්නා ලද්දහු ය. යම් මගෙකින් තෙපි යන්නට කැමැත්තහු නම් ඒ මඟින් සැපසේ යවු.
Pali BJT649. ගන්ත්වා මයං සින්ධුසොවීරභූමිං ධනත්ථිකා උද්දයං පත්ථයානා, යථා පයොගා පරිපුණ්ණචාගා කාහාම සෙරිස්සමහං උළාරං.
Sinhala BJT649. දෙව්කුමර, ධනාර්‍ත්‍ථ වූ අපි ධනවෘද්ධිය පතමින් සින්‍ධු-සෝවීර රටවලට ගොස් දැන් ඔබ කළ පිළින අනුව පිරිපුන් පරිත්‍යාග ඇතියමෝ මහත් වූ සේරිස්සක නම් පූජාවක් කරන්නෙමු.
Pali BJT650. මා චෙව සෙරිස්සමහං අකත්ථ සබ්බඤ්ච වො භවිස්සති යං වදෙථ, පාපානි කම්මානි විවජ්ජයාථ ධම්මානුයොගඤ්ච අධිට්ඨහාථ.
Sinhala BJT650. වෙළෙදුනි, සේරිස්සක නම් උත්සවපූජාවක් නො කරවු. තෙපි යමක් කියවු නම් ඒ සියල්ල ම සිදු වන්නේ ය. පව් කම් දුරු කරවු. දානාදි කුසල් දහම්හි යෙදීමට ඉටා ගනිවු.
Pali BJT651. උපාසකො අත්ථි ඉමම්හි සඞ්ඝෙ බහුස්සුතො සීලවතූපපන්නො, සද්ධො ච චාගී ච සුපෙසලො ච විචක්ඛණො සන්තුසිතො මතීමා.
Sinhala BJT651. මේ පිරිසෙහි උපාසකයෙක් ඇත. හේ බහුශ්‍රුත ය, ශීල-වෘතයෙන් යුක්ත ය, ශ්‍රද්ධාවත් ය, පරිත්‍යාගශීලී ය, සුපේශල ය, විචක්‍ෂණ ය, ලදදෙයින් තුටු වෙයි. කම්පල අදහන නුවණින් යුක්ත ය.
Pali BJT652. සඤ්ජානමානො න මුසා භණෙය්ය පරූපඝාතාය න චෙතයෙය්ය, වෙභූතිකං පිසුනං නො කරෙය්ය සණ්හඤ්ච වාචං සඛිලං භණෙය්ය.
Sinhala BJT652. හේ දැන දැන බොරු නො කියන්නේ ය, අනුන් වැනසීමට නො සිතන්නේ ය, සමගි වූවන් වෙන් කරන පිසිනු නො කියන්නේ ය, මොළොක් සිලිටි වදන් තෙපලන්නේ ය.
Pali BJT653. සගාරවො සප්පතිස්සො විනීතො අපාපකො අධිසීලෙ විසුද්ධො, සො මාතරං පිතරඤ්චාපි ජන්තු ධම්මෙන පොසෙති අරියවුත්ති.
Sinhala BJT653. ඒ උපාසක ගෞරව සහිත වූයේ සුවච වූයේ වීනිත වූයේ ආලමක වූයේ උපාසක අධිශීලයෙන් විශුද්ධ ය. අරී පැවතුම් ඇති හේ මව ද පියා ද දැහැමින් පෝෂණය කරයි.
Pali BJT654. මඤ්ඤෙ සො මාතාපිතුන්නං කාරණා භොගානි පරියෙසති න අත්තහෙතු. මාතාපිතුන්නඤ්ච යො අච්චයෙන නෙක්ඛම්මපොනො චරිස්සති බ්රහ්මචරියං.
Sinhala BJT654. “ඒ උපාසක තමා හේතු කොට නොව මාපියන් සඳහා ම වස්තු සොයති”යි සිතමි. හේ මාපියන් ඇවෑමෙන් නිවනට නැමුණු සිතැත්තේ සසුන් බඹසර හැසිරෙන්නේ ය.
Pali BJT655. උජූ අවඞ්කො අසඨො අමායො න ලෙසකප්පෙන ච වොහරෙය්ය, සො තාදිසො සුක්කතකම්මකාරී ධම්මෙ ඨිතො කින්ති ලභෙථ දුක්ඛං.
Sinhala BJT655. ඍජූ වූ අවංක වූ කපට නො වූ මායා රහිත ඒ උපාසක ලේශයෙකින් හෝ රැවටීම් වචනයක් නො කියන්නේ ය. එබඳු වූ කුශලධර්‍ම කරන සුලු හේ කෙසේ නම් දුක් ලබන්නේ ද?
Pali BJT656. තං කාරණා පාතුකතොම්හි අත්තනා.{1} තස්මා ධම්මං{2} පස්සථ වාණිජාසෙ, අඤ්ඤත්ර තෙනීහ භස්මීභවෙථ අන්ධාකුලා විප්පනට්ඨා අරඤ්ඤෙ. තං ඛිප්පමානෙන ලහුං පරෙන සුඛො භවෙ සප්පුරිසෙන සඞ්ගමො.
Sinhala BJT656. ඒ උපාසක නිසා ම තොප හමුවෙහි මම තෙමේ ම ප්‍රකට කරන ලද වෙමි. (යම් හෙයකින් මම ධර්‍මය ගරුකරමින් තොපත් රකිම් ද,) එහෙයින් වෙළෙඳුනි, තෙපි ද ධර්‍මය ම බලවු. ඉදින් තෙපි ඒ උපාසක නැති වැ මෙහි පැමිණියහු නම් මේ මරු කතර මං මුළා වැ පිළිසරණක් නැති වැ අලු වන්නහු ය. වැනසෙන්නහු ය, කිසිවකු විසින් යම් කිසිවක් නින්‍දාවශයෙන් කියද්දී හේ නො සැලී සිටී. එහෙයින් සත්පුරුෂයකු හා එක්වීම සැප වන්නේ ය.
Pali BJT657. කිං නාම සො කිඤ්ච කරොති කම්මං කිං නාමධෙය්යං කිං පන තස්ස ගොත්තං, මයම්පි නං දට්ඨූකාම්හ යක්ඛ යස්සානුකම්පාය ඉධාගතොසි ලාභා හි තස්ස යස්ස තුවං පිහෙසි.
Sinhala BJT657. දෙව් කුමර, යම් උවසුවකුට අනුකම්පායෙන් තෙපි මෙහි පැමිණියහු නම් අපි ද ඔහු දකිනු කැමැත්තෙමු. හේ කවරෙක් ද? කිනම් කර්‍මයක් කෙරේ ද? නම කුමක් ද? ඔහුගේ ගෝත්‍රය හෝ කිම? තෙපි යමකුට ප්‍රිය කරවූ නම් ඔහුට ලාභයෙක් මැ යැ.
Pali BJT658. යො කප්පකො සම්භවනාමධෙය්යො උපාසකො කොච්ඡඵලූපජීවී, ජානාථ නං තුම්හාකං පෙසියො සො මා ඛො නං භීළිත්ථ{3} සුපෙසලො සො.
Sinhala BJT658. සම්භව යන නමක් ඇති පණාව හා කතුර නිසා ජීවත් වන කරනැවෑමියෙක් වූ යම් උපාසකයෙක් වේ ද, හේ තොපට වතාවත් කරන්නෙකැ යි ඔහු දනිවු. හේ සුපේශලයෙකි. එහෙයින් ඔහුට අවමන් නො කරවු.
Pali BJT659. ජානාමසෙ යං ත්වං වදෙසි යක්ඛ න ඛො නං ජානාම ස ඊදිසොති. මයම්පි නං පූජයිස්සාම යක්ඛ සුත්වාන තුය්හං වචනං උළාරං.
Sinhala BJT659. දෙව්කුමර, තෙපි යමකු (ගැන) කියහු නම්, අපි ඔහු දනිමු. (එහෙත්) “හේ මෙබන්දෙකැ යි” අපි ඔහු නො දත්තෙමු. දෙවිය, තොපගේ උදාර වූ වචන අසා අපි දු ඔහුට බුහුමන් කරන්නෙමු.
Pali BJT660. යෙ කෙචිමස්මිං සත්ථෙ මනුස්සා දහරා මහන්තා අථවාපි මජ්ඣිමා සබ්බෙව තෙ ආලම්බන්තූ{1} විමානං පස්සන්තු පුඤ්ඤාන ඵලං කදරියා.
Sinhala BJT660. මේ ගැල් සමූහයෙහි ළදරු වූ ද මහලු වූ ද මධ්‍යම වූ ද යම් මිනිස් කෙනෙක් වෙත් ද, ඔහු හැමදෙන ම මේ විමනට නගිත්වා. තද මසුරෝ පිනෙහි විපාක දකිත්වා.
Pali BJT661. තෙ තත්ථ සබ්බෙව අහං පුරෙති තං කප්පකං තත්ථ පුරක්ඛිපිත්වා, සබ්බෙව තෙ ආලම්බිංසු විමානං මසක්කසාරං විය වාසවස්ස.
Sinhala BJT661. එහි දී ඒ සියලු ම වෙළෙන්දෝ “මම පළමු කොට” “මම පළමු කොට”යී ඒ කපුවා පෙරටු කොට ශ්‍රකයාගේ තව්තිසා භවනට මෙන් (ඔහු හැම දෙන) දෙව්විමනට නැංගාහ.
Pali BJT662. තෙ තත්ථ සබ්බෙව අහං පුරෙති උපාසකත්තං පටිවෙදයිංසු, පාණාතිපාතා විරතා අහෙසුං ලොකෙ අදින්නං පරිවජ්ජයිංසු. අමජ්ජපා නො ච මුසා භණිංසු සකෙන දාරෙන ච අහෙසුං තුට්ඨා.
Sinhala BJT662. එහි දී ඒ සියලු ම වෙළෙන්දෝ “මම පළමු කොට” “මම පළමු කොට”යි උපාසක බව දන්වා සිටියහ. ඔහු පණිවායෙන් දුරු වූහ. ලොවැ නුදුන් දෙය දුරු කළහ. මත්පැන් නො පූහ. බොරු නො කීහ. සිය බිරිඳගෙන් ම තුටු වූහ.
Pali BJT663. තෙ තත්ථ සබ්බෙව අහං පුරෙති උපාසකත්තං පටිවෙදයිත්වා, පක්කාමි සත්ථො අනුමොදමානො යක්ඛිද්ධියා අනුමතො පුනප්පුනං.
Sinhala BJT663. ඒ සියලුදෙන ම එහි දී “මම පළමු කොට” “මම පළමු කොට”යී උපාසක බව නිවේදනය කොට දෙවියාගේ අනුභාවයෙන් අනුමත වූ වෙළෙඳ පිරිස නැවත නැවත සතුටු වෙමින් ගියෝ ය.
Pali BJT664. ගන්ත්වාන තෙ සින්ධුසොවීරභූමිං{2} ධනත්ථිකා උද්රයං පත්ථයානා, යථාපයොගා පරිපුණ්ණලාභා පච්චාගමුං පාටලිපුත්තමක්ඛතං.
Sinhala BJT664. ධනාර්‍ත්‍ථ වූ ඔවුහු ධනවෘද්ධිය පතන්නාහු සින්‍ධු - සොවීර දේශයට ගොස් අදහස් පරිදි කළ වෙළදාම් ඇතියාහු පිරිපුන් ලාභ ඇතියාහු නිරුපද්‍රිත වැ පැළලුප් නුවරට පෙරළා ආවාහුය.
Pali BJT665. ගන්ත්වාන තෙ සඞ්ඝරං සොත්ථිමන්තො පුත්තෙහි දාරෙහි සමඞ්ගිභූතා, ආනන්ද චිත්තා සුමනා පතීතා අකංසු සෙරිස්සමහං උළාරං.
Sinhala BJT665. ඔහු සුවසේ සියගෙවලට ගොස් අඹුදරුවන් සමග එක් වූවාහු සතුටු සිත් ඇති වැ සේරිස්සක නම් වූ මහත් පූජාවක් කළහ.
Pali BJT666. සෙරිස්සකං තෙ පරිවෙණං මාපයිංසු එතාදිසා සප්පුරිසාන සෙවනා, මහත්ථිකා ධම්මගුණාන සෙවනා, එකස්ස අත්ථාය උපාසකස්ස සබ්බෙව සත්තා සුඛිතා අහෙසු’න්ති.
Sinhala BJT666. ඔවුහු සේරිස්සක නම් පිරිවෙනක් (ආවාසයක්) ද කළාහු ය. සත්පුරුෂයන්ගේ සේවනය මෙබඳු වෙයි. දැහැමි ගුණයන් සේවනය ද මහත්ඵලදායක වෙයි. එක උපාසකයෙකු නිසා සියලු සත්ත්‍වයෝ සුවපත් වූහ යි.
Pali BJTසෙරිස්සකපෙතවත්ථු දුතියං.
Sinhala BJTසේරිස්සක ප්‍රේතවස්තු යි.
Pali BJTභාණවාරං තතියං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4. 3.
Sinhala BJT4. 3.
Pali BJT667. රාජා පිඞ්ගලකො නාම සුරට්ඨානං අධිපති අහු, මොරියානමුපට්ඨානං ගන්ත්වා සුරට්ඨං පුනරාගමා.
Sinhala BJT667. සුරට්ඨ ජනපදයට අධිපති වූ පිංගලක නම් රජෙක් විය. හේ මෞර්ය රාජයන්හට උවටැන් කිරීමට ගොස් යළි සුරට්ඨ දේශයට ආයේ ය.
Pali BJT668. උණ්හෙ මජ්ඣන්තිකෙ කාලෙ රාජා පඞ්කං උපාගමි, අද්දස මග්ගං රමණීයං පෙතානං වණ්ණනාපථං,{1}
Sinhala BJT668. රජ තෙමේ උණුසුම් වූ මද්දහන් වේලෙහි මටසිලුටු භූමියකට පැමිණියේ ය. හේ ප්‍රේතයා විසින් මවන ලද සිත්කලු වූ මටසිලුටු මාර්‍ගය දුටුවේ ය.
Pali BJT669. සාරථිං ආමන්තයී රාජා අයං මග්ගො රමණීයො, ඛෙමො සොවත්ථිකො සිවො ඉමිනා සාරථි යාහි{2} සුරට්ඨානං සන්තිකෙ ඉතො.
Sinhala BJT669. රජ රියැදුරු අමතා මෙසේ කීය: “රියැදුර, මේ මඟ සිත්කලු ය. නිර්‍භය ය. සුව එළවන්නේ ය. උවදුරු රහිත ය, මේ මඟින් යව. මේ මඟින් (යන අපි) සුරට්ඨජනපදය සමීපයෙහි ම වෙමු.
Pali BJT670. තෙන පායාසි සොරට්ඨො සෙනාය චතුරඞ්ගිනියා. උබ්බීග්ගරූපො පුරිසො සොරට්ඨං එතදබ්රවී.
Sinhala BJT670. සුරට්ඨ දේශාධිපති රජ තෙමේ සිවුරඟ සෙනග සමග ඒ මඟින් ගියේ ය. තැතිගත් ස්වභාව ඇති එක් පුරුෂයෙක් සුරට්ඨ රජුට මෙය කී ය:
Pali BJT671. කුම්මග්ගං පටිපන්නම්හා භිංසනං ලොම්හංසනං පුරතො පදිස්සති මග්ගො පච්ඡතො ච න දිස්සති.
Sinhala BJT671. බිය ජනක වූ ලොමුදහ ගන්වන්නා වූ නපුරු මඟකට අපි පිළිපන්නම්හ. ඉදිරියෙහි මාර්‍ගය පෙනෙයි. එහෙත් පසුපස මාර්‍ගය නො පෙනෙයි.
Pali BJT672. කුම්මග්ගං පටිපන්නම්හා යමපුරිසාන සන්තිකෙ, අමානුසො වායති ගන්ධො ඝොසො සූයති දාරුණො.
Sinhala BJT672. ප්‍රේතයන්ගේ සමීපයෙහි වූ නපුරු මඟට බැසගත්තෙමු. ප්‍රේතයන්ගේ සිරුරුගඳ හමයි. ඉතා දරුණු (විලාප) ශබ්ද ඇසේ.
Pali BJT673. සංවිග්ගො රාජා සොරට්ඨො සාරථිං එතදබ්රවි, කුම්මග්ගං පටිපන්නම්හා භිංසනං ලොමහංසනං, පුරතො ච දිස්සති මග්ගො පච්ඡතො ච න දිස්සති.
Sinhala BJT673. සංවේගයට පැමිණි සුරට්ඨ රජ රියැදුරාට මෙසේ කී ය: (අපි) බියකරු වූ ලොමුදහ ගන්වන නපුරු මඟකට බැස ගත්තම්හ. ඉදිරියෙහි මඟ පෙනේ. එහෙත් පසුපස මඟ නො පෙනේ.
Pali BJT674. කුම්මග්ගං පටිපන්නම්හා යමපුරිසාන සන්තිකෙ, අමානුසො වායති ගන්ධො ඝොසො සූයති දාරුණො.
Sinhala BJT674. අපි ප්‍රේතයන්ගේ සමීපයෙහි වූ නපුරු මඟකට බැස ගතිමු. ප්‍රෙතයන් පිළිබඳ දුගඳ හමයි. දරුණු හඬ ද ඇසේ.
Pali BJT675. හත්ථික්ඛන්ධඤ්ච ආරුය්හ ඔලොකෙන්තො චතුද්දිසං,{3} අද්දස නිග්රොධං රමණීයං{4} පාදපං ඡායාසම්පන්නං නීලබ්භවණ්ණසදිසං මෙඝවණ්ණසිරීනිභං.
Sinhala BJT675. ඇතුපිට නැඟ සිවුදිග බලන හේ සිත්කලු සෙවණින් යුත් පැහැයෙන් නිල්වලාකුළක් බඳු වූ මේඝවර්‍ණ සටහන් ව හැඟෙන නුග රුකක් දිටි.
Pali BJT676. සාරථිං ආමන්තයී රාජා කිං එසො දිස්සති බ්රහා, නීලබ්භවණ්ණසදිසො මෙඝවණ්ණ සිරීනිභො.
Sinhala BJT676. රජ තෙමේ රියැදුරු ඇමතීය: “මහත් වූ නිල්වලාකුළක් සමාන මේඝවර්‍ණ සටහන් ඇති තෙල කිමෙක් පෙනේ. දැ යි?
Pali BJT677. නිග්රොධො සො මහාරාජ පාදපො ඡායාසම්පන්නො, නීලබ්භවණ්ණසදිසො මෙඝවණ්ණසිරීනිභො,
Sinhala BJT677. මහරජතුමනි, මනහර සෙවණින් යුතු නිල්වලා සමාන පැහැ ඇති මෙවන් සිරියෙන් හොබනා ඒ ගස නුගරුකෙකි.
Pali BJT678. තෙන පායාසි සොරට්ඨො යෙන සො දිස්සති බ්රහා, නීලබ්භවණ්ණසදිසො මෙඝවණ්ණසිරීනිභො.
Sinhala BJT678. යම් තැනෙක පැහැයෙන් නිල්වලාකුළක් බඳු මේඝවර්‍ණ සටහන් ඇති මහත් වූ ඒ ගස දක්නා ලැබේ ද, සුරට්ඨ රජ තෙමේ එතන්හි ගියේ ය.
Pali BJT679. හත්ථික්ඛන්ධතො ඔරුය්හ රාජා රුක්ඛං උපාගමි, නිසීදි රුක්ඛමූලංස්මි සාමච්චො සපරිජ්ජනො.
Sinhala BJT679. රජ තෙමේ ඇත්කඳින් බැස ගස වෙත එළැඹියේ ය. ඇමතියන් සහිත වූ පිරිවර ජනයා සහිත වූ (හේ) රුක්මුලැ හුන්නේ ය.
Pali BJT680. පූරං පානීයකරකං පූවෙ චිත්තෙ ච අද්දස, පුරිසො ච දෙවවණ්ණී සබ්බාභරණභූසිතො උපසඞ්කමිත්වා රාජානං සොරට්ඨං එතදබ්රුවි:
Sinhala BJT680. පිරුණු පැන්බඳුනක් ද මිහිරි වූ කැවුම් ද (රජ) දුටුවේ ය. දෙවියකු බඳු සියලු අබරණින් සැරැසුණු පුරුෂයෙක් සුරට්ඨ රජු වෙත එළඹ මෙය කී ය:
Pali BJT681. ස්වාගතං තෙ මහාරාජ අථො තෙ අදුරාගතං, පිවතු දෙවො පානීයං පූවෙ ඛාද අරින්දම.
Sinhala BJT681. මහරජ, ඔබට ස්වාගත යි. (මේ යහපත් පැමිණීමෙකි.) නපුරු පැමිණීමෙක් නො වේ. රජ තෙමේ පැන් පානය කෙරේවා, සතුරන් දමනය කරන රජතුමනි, කැවුම් බුදිනු මැන.
Pali BJT682. පිවිත්වා රාජා පානීයං සාමච්චො සපරිජ්ජනො, පූවෙ ඛාදිත්වා ච පීත්වා ච සොරට්ඨො එතදබ්රවී:
Sinhala BJT682. ඇමතියන් සහිත වූ පරිජනයා සහිත සුරට්ඨ රජ තෙමේ පැන් බී කැවුම් කා යළි පැන් බී මෙය කී ය:
Pali BJT683. දෙවතා නුසි ගන්ධබ්බො ආදු{1} සක්කො පුරින්දදො, අජානන්තා තං පුච්ඡාම කථං ජානෙමු තං මයං.
Sinhala BJT683. (තෙපි) දෙවියෙක් හෝ වවු ද, ගඳඹෙක් හෝ වවු ද නොහොත් පුරින්‍දද නම් වූ ශක්‍ර හෝ වවු ද? තොප නොහඳුනන අපි තොප විචාරමු. අපි තොප කෙසේ දැනගනිමු ද?
Pali BJT684. නම්හි දෙවො න ගන්ධබ්බො නපි{2} සක්කො පුරින්දදො, පෙතො අහං මහාරාජ සුරට්ඨා ඉධමාගතො.
Sinhala BJT684. මහරජ, දෙවියෙක් නො ම වෙමි ගඳඹෙක් ද නො වෙමි. පුරින්‍දද නම් වූ ශක්‍ර ද නො වෙමි. මම සුරට්ඨ දේශයෙන් මෙහි පැමිණි ප්‍රේතයෙක්මි.
Pali BJT685. කිං සීලො කිං සමාචාරො සුරට්ඨස්මිං පුරෙ තුවං, කෙන තෙ බ්රහ්මචරියෙන අනුභාවො{3} අයං තව?
Sinhala BJT685. පෙර අත්බැව්හි තෙපි සුරට්ඨ දේශයෙහි දී කෙබඳු සිල්වතෙක් කෙබඳු යහපත් පැවතුම් ඇතියෙක් වූහු ද? තොපගේ කවර උතුම් හැසිරීමෙකින් තොපගේ මෙ අනුභාවය වී ද?
Pali BJT686. තං සුණොහි මහාරාජ අරින්දම රට්ඨවඩ්ඪන. අමච්චා පාරිසජ්ජා ච බ්රාහ්මණො ච පුරොහිතො.
Sinhala BJT686. සතුරන් දමනය කරන, රට දියුණු කරන මහරජතුමනි, එය අසනු මැනවි. ඇමතියෝ ද, පිරිසෙහි වූවෝ ද පෙරෙවි බමුණා ද මෙය අසත්වා.
Pali BJT687. සුරට්ඨස්මා අහං දෙව පුරිසො පාපචෙතසො මිච්ඡාදිට්ඨි ච දුස්සීලො කදරියො පරිභාසකො
Sinhala BJT687. දේවයන් වහන්ස, සුරට්ඨදේශයෙන් ආ මම පව්සිත් ඇති, මිසදිටු වූ දුශ්ශීල වූ මසුරු වූ මහණ බමුණනට නින්‍දා කරන පුරුෂයෙක් වීමි.
Pali BJT688. දදන්තානං කරොන්තානං වාරයිස්සං බහුජ්ජනං, අඤ්ඤෙසං දදමානානං අන්තරායකරො අහං.
Sinhala BJT688. මම දන් දෙන්නන්හට ද උපකාර කරන්නන්ට ද අන්තරාය කරන්නෙක් ව මෙරමාහට දන් දෙන බොහෝ ජනයා (දානමය පිනින්) වැළැක්වීමි.
Pali BJT689. විපාකො නත්ථි දානස්ස සංයමස්ස කුතො ඵලං, නත්ථි ආචරියො නාම අදන්තං කො දමෙස්සති.
Sinhala BJT689. දානයේ විපාකයෙක් නැත. සීලයේ විපාකයෙක් කොයින් ද? ආචාරසමචාරයෙහි හික්මවන ආචාර්‍ය්‍යයෙක් නැත. කවරෙක් දමනය නො වූ පුද්ගලයකු දමනය කරන්නේ ද? (නැත)
Pali BJT690. සමතුල්යානි භූතානි කුතො ජෙට්ඨාපචායිකො, නත්ථි බලං විරියං වා කුතො උට්ඨානපොරිසං.
Sinhala BJT690. සත්‍වයෝ ඔවුනොවුන් හා සමසමයහ. එහෙයින් කුල දෙටු වන් පිදීමේ පිනක් කොයින් ලැබේ ද? බලයක් හෝ වීර්‍ය්‍යයක් හෝ නැත. උට්ඨානවීර්‍ය්‍ය සංඛ්‍යාත පුරුෂ ධෛර්‍ය්‍යක් කොයින් ද?
Pali BJT691. නත්ථි දාන ඵලං නාම න විසොධෙති වෙරිනං, ලද්ධෙය්යං ලභතෙ මච්චො නියතිපරිණාමජා.
Sinhala BJT691. දානයෙහි විපාකයෙක් නම් නැත. වෛරවශයෙන් පව්කම් කළ පුද්ගලයා දානාදි පින් කිරීමෙන් පිරිසිදු නො වේ. සත්‍ව තෙමේ ලැබිය යුතු යම් සැපක් හෝ දුකක් ලබන්නේ ද එය (කර්‍ම කළ හෙයින් නොව) ඔහුගේ නියතියේ පරිණාමයෙන් වූවක් වශයෙන් ලබයි.
Pali BJT692. නත්ථි මාතා පිතා භාතා ලොකො නත්ථි ඉතො පරං, නත්ථි දින්නං නත්ථි හුතං සුනිහිතම්පි න විජ්ජති.
Sinhala BJT692. මව (කෙරෙහි) ද පියා (කෙරෙහි) ද සහෝදරයා (කෙරෙහි) ද (මනා පිළිවෙතින් හෝ නො මනා පිළිවෙතින් විපාකයෙක් නැත. (මෙලොව සිටින්නහුට) පරලොවක් නැත. (පරලොව සිටින්නහුට) මෙලොවක් නැත. මහාදාන විපාකයෙක් ද නැත. අත්‍ථිසත්කාර ඵලයෙක් ද නැත. අනුගාමික නිධාන නම් වූ මහණ බමුණනට දෙන දාන ඵල යෙක් ද නැත.
Pali BJT693. යොපි හනෙය්ය පුරිසං පරස්ස ඡින්දතෙ සිරං, න කොචි කිඤ්චි හනති සත්තන්නං විවරමන්තරෙ
Sinhala BJT693. යමෙක් පුරුෂයකු නසන්නේ ද මෙරමාගේ හිස සිඳින්නේ ද හේ කිසිවකු නො නසයි. (පෘතුවි ආදී) සප්තකායයන්ගේ සිදුරු අතර අවිය ඇතුළුවනු විනා සත්‍වයා නො මැරෙයි.
Pali BJT694. අච්ඡෙජ්ජභෙජ්ජො ජීවො අට්ඨංසො ගුළපරිමණ්ඩලො, යොජනානං සතං පඤ්ච කො ජීවං ඡෙත්තුමරහති.
Sinhala BJT694. සත්ත්‍වජීවය තෙමේ සිඳිය හැක්කක් හෝ බිඳිය හැක්කක් නො වේ. ඒ ජීවය අටැස් ද පන්දුවක් මෙන් පිරිමඩුලු ද (වටද) වේ. පන්සිය යොදුනක් උස් වෙයි. කවරෙක් ඒ (නිත්‍ය) ජීවය සිඳින්නට සුදුසු ද? සිඳිය හැකි කිසිවෙක් නැත.
Pali BJT695. යථා සුත්තගුළෙ ඛිත්තෙ නිබ්බෙඨෙන්තං පලායති, එවමෙවම්පි සො ජීවො නිබ්බෙඨෙන්තො පලායති.
Sinhala BJT695. යම්සේ වෙළීමෙන් කළ නූල්පන්දුවක් දැමූ කල්හි එය වෙළුම් ලිහෙමින් ගමන් කෙරේ ද, එපරිද්දෙන් ම ඒ ජීවය තෙමේ (ආත්මභාව නැමැති නූල් පන්දුව) වෙළුම් හරිමින් ගමන් කෙරේ.
Pali BJT696. යථා ගාමතො නික්ඛම්ම අඤ්ඤං ගාමං පවිසති, එවමෙවම්පි සො ජීවො අඤ්ඤං කායං පවිසති.
Sinhala BJT696. යම්සේ යමෙක් (තමා) වසන ගමින් නික්ම අන්ගමකට පිවිසේ ද, එසේ ම ඒ ජීවය තෙමේ අන් සිරුරකට පිවිසේ.
Pali BJT697. යථා ගෙහතො නික්ඛම්ම අඤ්ඤං ගෙහං පවිසති, එවමෙවම්පි සො ජීවො අඤ්ඤං බොන්දිං{1} පවිසති.
Sinhala BJT697. යම්සේ යමෙක් තම ගෙයින් නික්මැ අන් ගෙයකට පිවිසේ ද, එපරිද්දෙන් ම ඒ ජීවය අන් සිරුරකට පිවිසේ.