Petavatthu

Stories of Departed Spirits

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 601-700 න් 1057

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT428. දත්වා අන්වාදිසි ථෙරො මාතු පිතු ච භාතුනො, ඉදං මෙ ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො.
Sinhala BJT428-429. එසේ දී තෙරහු එහි පින මවට ද පියාට ද සොහොවුරාට ද මෙසේ අනුමෝදන් කළහ: “මේ පින මාගේ නෑයනට වේවා එයින් නෑයෝ සුවපත් වෙත්වා”යි. පින් දීමට අනතුරුවැ ම නෑයනට වස්ත්‍ර උපන. ඉක්බිති පිරිසිදු වස්ත්‍රයෙන් සැරසුණු ප්‍රේතයා තෙරුනට තමා දැක්වී ය.
Pali BJT429. සමන්තරානුද්දිට්ඨෙ වත්ථානි උදපජ්ජිංසු{1}, තතො සුවත්ථවසනො ථෙරස්ස දස්සයීතු මං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT430. යාවතා නන්දරාජස්ස විජිතස්මිං පටිච්ඡදා, තතො බහුතරා භන්තෙ වත්ථානච්ඡාදනානි නො.
Sinhala BJT430. වහන්ස, නන්‍දරජහුගේ රටෙහි යම්තාක් වස්ත්‍රයෝ වෙත් ද, අප හඳනා පිළී එයටත් වඩා බොහෝ වේ.
Pali BJT431. කොසෙය්යකම්බලීයානි ඛොමකප්පාසිකානි ච, විපුලා ච මහග්ඝා ච තෙපාකාසෙව ලම්බරෙ.
Sinhala BJT431. කෝසෙය්‍යවස්ත්‍ර හා කම්බිලි ද කොමුපිළී හා කපුපිළී ද යන මහත් වූ ද මාහැඟි වූ ද ඒ වස්ත්‍රයෝ අහසෙහි ම එල්බෙති.
Pali BJT432. තෙ මයං පරිදහාම යං යං හි මනසො පියං, තථා භන්තෙ පරක්කම යථා ගෙහං{2} ලභාමසෙ.
Sinhala BJT432. යම් යම් වතක් (අපගේ) සිතට ප්‍රියවී නම් අපි ඒ වස්ත්‍ර ම හඳිම්හ. යම් හෙයකින් අපට ගෙයක් ලැබේ නම් එවැනි උත්සාහයක් කරන සේක්වා.
Pali BJT433. ථෙරො පණ්ණකුටිං කත්වා සඞ්ඝෙ චාතුද්දිසෙ අදා, දත්වා අන්වාදිසි ථෙරො මාතු පිතු ච භාතුනො.
Sinhala BJT433. තෙරහු කොළ සෙවිලිකළ කුටියක් කොට සිව්දිගින් වැඩි සඟනට දුන්හ. (එසේ) දන් දී (එහි පින) තෙරහු මවුට ද පියාට ද සොහොයුරාට ද මෙසේ අනුමෝදන් කළහ.
Pali BJT434. ඉදං මෙ ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො, සමනන්තරානුද්දිට්ඨෙ ඝරානි උදපජ්ජිසුං.
Sinhala BJT434. “මාගේ මේ පින නෑයනට වේවා, නෑයෝ සුවපත් වෙත්වා”යි පින් දීමට අනතුරුව ම ඔවුනට නිවෙස් උපන.
Pali BJT435. කූටාගාරනිවෙසනා විභත්තා භාගසො මිතා, න මනුස්සෙසු ඊදිසා යාදිසා නො ඝරා ඉධ.
Sinhala BJT435. මේ ප්‍රෙතලොකයෙහි අපට යම්බඳු ආයත චතුරස්‍රාදීන් විභාග කරන ලද, කොටස් විසින් පිරිසිඳුනා ලද, කූටාගාර වූ ද තදන්‍ය වූ ද නිවේසන සංඛ්‍යාත ගෘහයෝ ඇද්ද මෙබඳු ගෘහයෝ මිනිස් ලොවෙහි නැත.
Pali BJT436. අපි දිබ්බෙසු යාදිසා තාදිසා නො ඝරා ඉධ, දද්දල්ලමානා ආභන්ති සමන්තා චතුරො දිසා.
Sinhala BJT436. දෙව්ලෝහි යම්බඳු පහයෝ වෙත් නම්, මේ ප්‍රේත ලෝකයෙහි අපගේ එබඳු ගෘහයෝ ඉතා දිලිසෙමින් අවට සිව්දිගුන් බබුළුවත්.
Pali BJT437. තථා භන්තෙ පරක්කම යථා පානං{2} ලභාමසෙ, ථෙරො කරකං පූරෙත්වා සඞ්ඝෙ චාතුද්දිසෙ අදා.
Sinhala BJT437. වහන්ස, යම්සේ අපට පැන් ලැබේ නම් එබඳු උත්සාහයක් කරන්න. තෙරහු ඩබරාව පුරවා පැන් ගෙන සිවුදිගින් වැඩි සඟනට දුන්හ.
Pali BJT438. දත්වා අන්වාදිසි ථෙරො මාතු පිතු ච භාතුනො, ඉදං මෙ ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො.
Sinhala BJT438. තෙරහු දන් දී එහි පින් මව්පියනට ද සොහොයුරාට ද, මෙසේ දුන්හ. “මේ පින මාගේ නෑයනට වේවා. නෑයෝ සුවපත් වෙත්වා”යි.
Pali BJT439. සමනන්තරානුද්දිට්ඨෙ පානීයං උදපජ්ජථ,{3} ගම්භීරා චතුරස්සා ච පොක්ඛරඤ්ඤො සුනිම්මිතා.
Sinhala BJT439. පින් දෙනු සමග ම (ප්‍රේතයනට) පැන් උපන. ගම්භීර වූ, චතුරස්‍ර වූ පුෂ්කරණීහු ද මොනොවට මැවුණාහ.
Pali BJT440. සීතොදිකා සූපතිත්ථා සීතා අප්පටිගන්ධියා, පදුමුප්පලසඤ්ඡන්නා වාරිකිඤ්ජක්ඛපූරිතා.
Sinhala BJT440. පහන් දිය ඇති, මනා තොට ඇති, සිහිල් වූ, සුවඳැති පියුමුපුලෙන් ගැවසීගත්, මල්රේණු යුත් දියෙන් පිරුණු පොකුණු ය.
Pali BJT441. තත්ථ නහාත්වා පිවිත්වා ච ථෙරස්ස පටිදස්සයුං, පහූතං පානීයං භන්තෙ පාදා දුක්ඛං ඵලන්ති නො.
Sinhala BJT441. එහි නහා පැන් බී තෙරුනට තමන් දැක්වූහ. (මෙසේ ද කීහ:) වහන්ස, බොහෝ වූ දිව පැන් ලැබිණ. අපගේ පාදයෝ දුකින් පැළෙත්.
Pali BJT442. ආහිණ්ඩමානා ඛඤ්ජාම සක්ඛරෙ කුසකණ්ටකෙ, තථා භන්තෙ පරක්කම යථා යානං ලභාමසෙ.
Sinhala BJT442. වහන්ස, කුසකටු ඇති බොරළුකැට පොළොවෙහි ඇවිදින අපි කොරගසමින් යම්හ. යම් සේ අපි යානයක් ලබමු නම් එබඳු උත්සාහයක් කරන්න.
Pali BJT443. ථොරො සිපාටිකං ලද්ධා සඞ්ඝෙ චාතුද්දිසෙ අදා, දත්වා අන්වාදිසි ථෙරො මාතු පිතු ච භාතුනො.
Sinhala BJT443. තෙරහු එක්පටවහන් සඟළක් ලැබ සිවුදිග සඟනට දුන්හ. එය දී එහි පින තෙරහු මවුට ද පියාට ද සොහොවුරාට ද මෙසේ අනුමෝදන් කළහ.
Pali BJT444. ඉදං මෙ ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො, සමනන්තරානුද්දිට්ඨෙ පෙතා රථෙනමාගමුං.
Sinhala BJT444. “මේ පින මගේ නෑයනට වේවා, නෑයෝ සුවපත් වෙත්වා”යි පින්දීම හා සමග ම ප්‍රෙතයෝ රියෙන් පැමිණියහ.
Pali BJT445. අනුකම්පිතම්හ භද්දන්තෙ භත්තෙනච්ඡාදනෙන ච, ඝරෙන පානදානෙන යානදානෙන චූභයං: මුනිං කාරුණිකං ලොකෙ භන්තෙ වන්දිතුමාගතා’ති.
Sinhala BJT445. වහන්ස, ඔබ වහන්සේට යහපතක් වේවා, බත් දීමෙන් හා පිළීදීමෙන් ද ගෙවල් දීමෙන් සහ පැන් දීමෙන් ද යාන දීමෙන් හා යටකී බත් ආදි සිවුපසය දීමෙන් ද (අපි) අනුකම්පා කරන ලද්දම්හ. වහන්ස, ලොවැ කුළුණැති භික්‍ෂුවරයකු වූ ඔබ වහන්සේ වඳින්නට ආම්හ.
Pali BJTසානුවාසී පෙතවත්ථු දුතියං.
Sinhala BJTසානුවාසී ප්‍රේතවස්තු යි.
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJT446. වෙළුරියත්ථම්භං රුචිරං පභස්සරං විමානමාරුය්හ අනෙකචිත්තං, තත්ථච්ඡසි දෙවි මහානුභාවෙ පථද්ධනී{1} පණ්ණරසෙව චන්දිමා{2}
Sinhala BJT446. මහත් අනුභාව ඇති දේවිය, වෙරළුමිණි මුවා ටැම් ඇති මනරම් වූ පැහැ විහිදෙන, නොයෙක් සිතියම් ඇති විමනට නැගී, ගුවන්තෙලෙහි පසළොස්වක්හි පුන් සඳ මෙන් ඒ විමනෙහි (තෝ) වෙසෙහි.
Pali BJT447. වණ්ණොපි තෙ කනකස්ස සන්නිහො උත්තත්තරූපො භුසදස්සනීයො, පල්ලඞ්කසෙට්ඨෙ අතුලෙ නිසින්නා එකා තුවං නත්ථි ච තුය්හ සාමිකො.
Sinhala BJT447. තිගේ සිරුරුපැහැය ද රන් බඳු වෙයි. උත්තප්ත ස්වර්‍ණයක් සෙයින් අතිශයින් දැකුම්කලු වෙයි. තෝ මහඟු පලඟෙක හුදෙකලාව හිඳිනෙහි ය. තිට සැමියෙක් නැත්තේ ද වෙයි.
Pali BJT448. ඉමා ච තෙ පොක්ඛරඤ්ඤො සමන්තා පහූතමාලා බහුපුණ්ඩරීකා, සුවණ්ණචුණ්ණෙහි සමන්තමොත්තා න තත්ථ පඞ්කො පණකො ච විජ්ජති.
Sinhala BJT448. තිගේ මේ පොකුණු හාත්පස බොහෝ මල් ඇත්තේ ය. බොහෝ හෙළපියුම් ඇත්තේ ය. රන්වැල්ලෙන් හාත්පස ගැවසී ගත්තේය. එහි මඩ හෝ දියසෙවෙල් නො පෙනේ.
Pali BJT449. හංසා චිමෙ දස්සනීයා මනොරමා උදකස්මිං අනුපරියන්ති සබ්බදා, සමය්ය වග්ගූපනදන්ති සබ්බෙ බින්දුස්සරා දුන්දුභිනංව ඝොසො.
Sinhala BJT449. දැකුම්කලු මනරම් මේ හංසයෝ ද හැමකල්හි දියෙහි ඔබ මොබ හැසිරෙත්. සියල්ලෝ ම එක් ව බින්‍දු ස්වරයෙන් යුතු ව මිහිඟුබෙර හඬක් මෙන් මිහිරි කොට නාද කෙරෙති.
Pali BJT450. දද්දල්ලමානා යසසා යසස්සිනී නාවාය ච ත්වං අවලම්බ තිට්ඨසි, ආළාරපම්හෙ හසිතෙ පියං වදෙ සබ්බඞ්ගකල්යාණි භුසං විරොචසි.
Sinhala BJT450. යශස්විනිය, තෝ දිව්‍යර්ධියෙන් අතිශයින් දිලියෙමින් රුවන් නැවක එල්බ සිටිනෙහි. වෙළුණු නිල් වූ දික් වූ බැම ඇති සිනහ මුසු මුව ඇති ප්‍රියවචන කියන මනරම් සියලු අඟපසඟ ඇති දෙවඟන, තෝ අතිශයින් බබළහි.
Pali BJT451. ඉදං විමානං විරජං සමෙ ඨිතං උය්යානවන්තං රතිනන්දිවඩ්ඪනං, ඉච්ඡාමහං නාරි අනොමදස්සනෙ තයා සහ නන්දනෙ ඉධ මොදිතුං.
Sinhala BJT451. මේ විමන ධූලි රහිත යැ, සමබිමැ පිහිටියේ යැ. ඇල්ම ද සතුට ද වඩන්නේ ය. ප්‍රියංකර උයනින් යුක්ත ය. අලාමක දැකුම් ඇති ස්ත්‍රිය, තී සමග මේ විමනෙහි හෝ සතුටු උපදවන උයනෙහි අභිරමණය කරන්නට කැමැත්තෙමි.
Pali BJT452. කරොහි කම්මං ඉධ වෙදනීයං චිත්තඤ්ච තෙ ඉධ නිහිතං භවතු, කත්වාන කම්මං ඉධ වෙදනීයං එවං ලච්ඡසි කාමකාමිනිං,
Sinhala BJT452. මේ දෙව්විමනෙහි සැපවිපාක විඳීමට සුදුසු වූ පින්කමක් කරව. තොපගේ සිත ද මෙහි එළවන ලද (නමනලද) වේවා. මෙසේ මෙහි සැපවිඳීමට සුදුසු කුශලකර්‍මයක් කොට “කම්සුව කැමැති මා ලබව”යි.
Pali BJT453. සාධූති සො තස්සා පටිස්සුණිත්වා අකාසි කම්මං තහිං වෙදනියං, කත්වාන කම්මං තහිං වෙදනියං උප්පජ්ජි සො මාණවො තස්සා සහව්යත’න්ති.
Sinhala BJT453. ඒ තරුණයා “මැනවැ”යි ඇයට පිළිවදන් දී එහි විපාක විඳීමට සුදුසු පින්කම් කෙළේ ය. එහි සැපවිඳීමට සුදුසු පින්කම් කොට හේ ඒ දෙවඟනගේ සහභාවයට පැමිණියේ යි.
Pali BJTරථකාරපෙතවත්ථු තතියං.
Sinhala BJTරථකාර ප්‍රේතවස්තු යි.
Pali BJTභාණවාරං දුතියං.
Sinhala BJTදෙවන බණවර යි.
Pali BJT3. 4.
Sinhala BJT3. 4.
Pali BJT454. භුසානි එකො සාලිං පුනාපරො අයඤ්ච නාරී සකමංසලොහිතං, තුවඤ්ච ගූථං අසුචිං අකන්තිකං පරිභූඤ්ජසි කිස්ස අයං විපාකො
Sinhala BJT454. “එකෙක් (ගිනිගත්) හැල්වී බොල් හිස විසුරුවා ගනී. යළි අනෙකා මුගුරෙකින් සියහිස බිඳගනී. මේ ස්ත්‍රිය ද සිය මස් ලේ අනුභව කරයි. තෝ ද අපිරිසිදු වූ පිළිකුල් කටයුතු වූ අශුචි අනුභව කරහි. මේ කවර පවක විපාකයක් වේ දැ”යි.
Pali BJT455. අයං පුරෙ මාතරං හිංසෙසි{1} අයං පන කූටවාණිජො, අයං මංසානි ඛාදිත්වා මුසාවාදෙන වඤ්චෙසි.{2}
Sinhala BJT455. මෙතෙම පෙර අත්බැව්හි දී මවට හිංසා කෙළේ ය. මේ (දෙවැන්නා) වූ කලී හොර වෙළෙඳෙකි. මෝ තොමෝ මස් කා මුසාවායෙන් වඤ්චා කළාය.
Pali BJT456. අහං මනුස්සෙසු මනුස්සභූතා අගාරිනී සබ්බකුලස්ස ඉස්සරා, සන්තෙසු පරිගුය්හාමි මා ච කිඤ්චි ඉතො අදං.
Sinhala BJT456. “මම මිනිස්ලොවැ මනුෂ්‍යස්ත්‍රියක් වැ සියලු කුලයට අධිපති වූ ගෘහණියක් වූමු. ඉල්වූ දේ ඇති කල්හිත් සැඟවූමු. මෙයින් කිසිවකුත් නුදුන්මු.
Pali BJT457. මුසාවාදෙන ඡාදෙමි නත්ථි එතං මම ගෙහෙ සචෙ සන්තං නිගුය්හාමි ගූථො මෙ හොතු භොජනං.
Sinhala BJT457. ඒ මාගේ ගෙයි නැතැ යි බොරුවෙන් සැඟවූමු. “ඉදින් මම ගෙහි ඇති දේ නැතැ යි සැඟවූමු නම් මාගේ අහර අශුචි වේවා”යි සපථ කළමු.
Pali BJT458. තස්ස කම්මස්ස විපාකෙන මුසාවාදස්ස චූභයං, සුගන්ධසාලිනො භත්තං ගූථං මෙ පරිවත්තති.
Sinhala BJT458. ඒ කර්‍මය සහ මෘෂාවාදය යන දෙක්හි ම විපාකයෙන් සුවඳහැල් සාලේ බත මට අශුචි බවට පෙරළෙයි.
Pali BJT459. අවඤ්ඣානි ච කම්මානි න හි කම්මං විනස්සති, දුග්ගන්ධං කිමිජං මීළහං භුඤ්ජාමි ච පිවාමි චා’ති.
Sinhala BJT459. කර්‍මයෝ වඳ නො වෙත් (විපාක දෙත්) ම ය. සහේතුක වැ රැස්කළ කර්‍මය විපාක නො දී නො වැනසේ දුගඳ වූ පණුවන් හටගත් අශුචි මම කමි. එසේ ම බොමි.
Pali BJTභුසපෙතවත්ථු චතුත්ථං.
Sinhala BJTභුස ප්‍රේතවස්තු යි.
Pali BJT3. 5.
Sinhala BJT3. 5.
Pali BJT460. අච්ඡෙරරූපං සුගතස්ස ඤාණං සත්ථා යථා පුග්ගලං බ්යාකාසි. උස්සන්නපුඤ්ඤාපි භවන්ති හෙකෙ පරිත්තපුඤ්ඤාපි භවන්ති හෙකෙ.
Sinhala BJT460. “සමහර පුඟුලෝ උත්සන්න කුසල ඇත්තෝ වෙත්. සමහරු සුළුපින් ඇත්තෝ වෙත්”යයි ශාස්තෲන් වහන්සේ යම්සේ පුද්ගලයකු ප්‍රකාශ කළ සේක් ද, සුගතයන් වහන්සේගේ ඒ නුවණ ආශ්චර්‍ය්‍ය ජනක ය.
Pali BJT461. අයං කුමාරො සීවථිකාය ඡඩ්ඩිතො අඞ්ගුට්ඨස්නෙහෙන යාපෙති රත්තිං, න යක්ඛභූතා න සිරිංසපා{1} වා විහෙඨයෙය්යුං කතපුඤ්ඤං කුමාරං.
Sinhala BJT461. සොහොනෙහි දැමූ මේ කුමරා ඇඟිල්ලෙන් වැගුරුණු කිරෙන් රාත්‍රියෙහි යැපෙයි. කළ පින් ඇති (මේ) කුමරු යක්‍ෂයෝ හෝ සර්‍පයෝ නො පෙළන්නාහ.
Pali BJT462. සුනඛාපිමස්ස පලිහිංසු පාදෙ ධඞ්කා සිගාලා පරිවත්තයන්ති, ගබ්භාසයං පක්ඛිගණා හරන්ති කාකා පන අක්ඛිමලං හරන්ති.
Sinhala BJT462. සුනඛයෝ ද මොහුගේ දෙපා දිවින් ලෙවූහ. කවුඩෝ ද සිවල්ලු ද මොහු ඔබමොබ පෙරළත්. පක්‍ෂිගණයා ගබ්මල ඉවත්කරති. කපුටෝ වනාහි ඇස්මල දුරු කෙරෙත්.
Pali BJT463. න යිමස්ස රක්ඛං විදහිංසු කෙචි න ඔසධං සාසපධූපනංවා, නක්ඛත්තයොගම්පි න අග්ගහෙසුං න සබ්බධඤ්ඤානිපි ආකිරිංසු.
Sinhala BJT463. කිසි මිනිස් කෙනෙක් මෙ කුමරහට රැකවරණ නො කළහ. බෙහෙත් හෝ අබදුම් දීම හෝ නො කළහ. ඔහු උපන් නකත් යෝග ද නො ගත්හ. (රකවරණය සඳහා) හැල් ආදී සියලු ධාන්‍ය ද නො විසුරූහ.
Pali BJT464. එතාදිසං උත්තමකිච්ඡපත්තං රත්තාභතං සීවථිකාය ඡඩ්ඩිතං, නොනීතපිණ්ඩං ව පවෙධමානං සසංසයං ජීවිතසාවසෙසං.
Sinhala BJT464-465. රාත්‍රියෙහි ගෙනයන ලදු ව සොහොනෙහි දැමූ අතිශයින් දුකට පත් වූ වෙඬරු පිඬක් වැනි වූ වෙව්ලන, ජිවත්වේ ද නො වේ දැයි සැක කටයුතු වූ ජීවිතය පමණක් ඉතිරි වූ මෙබඳු වූ ඒ කුමරා දෙවිමිනිසුන් විසින් පුදන ලද මහත්ප්‍රඥා ඇති බුදුහු දුටහ. ඔහු දැක ද “මේ කුමරා භොග සම්පත් වශයෙන් ද මෙනුවර උසස් කුලවතෙක් වන්නේ ය”යි පැවසූහ.
Pali BJT465. තමද්දසා දෙවමනුස්ස පූජිතො දිස්වා ච තං බ්යාකරි භූරිපඤ්ඤො, අයං කුමාරො නගරස්සිමස්ස අග්ගකුලීනො භවිස්සති භොගතො{2} ච.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT466. කිස්ස වතං කිං පන බ්රහ්මචරියං කිස්ස සුචිණ්ණස්ස අයං විපාකො, එතාදිසං ව්යසනං පාපුණිත්වා තං තාදිසං පච්චනුභොස්සතිද්ධිං.
Sinhala BJT466. මේ කුමරුගේ ව්‍රතසමාදානය කුමක් ද? බ්‍රහ්මචර්‍ය්‍යය හෝ කුමක් ද? මේ මොනොවට පුරුදු කළ කෙබඳු ව්‍රතයක විපාකයක් ද? මෙබඳු වූ විපතකට පැමිණ පෙරකී එබඳු දිව්‍යසම්පත් කෙසේ වළඳන්නේ ද?
Pali BJT467. බුද්ධපමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස{3} පූජං අකාසි ජනතා උළාරං, තත්රස්ස චිත්තස්සහු{4} අඤ්ඤථත්තං වාචං අභාසි ඵරුසං අසබ්භං.
Sinhala BJT467. ජනසමූහයා බුදුපාමොක් මහසඟනට මහත් පූජාවක් කළහ. එහි දී මොහුගේ සිතට විපිළිසරක් ඇති විය. මේ පුද්ගල බුදුපාමොක් සඟනට නො සැබි රළුවදන් කී ය.
Pali BJT468. සො තං විතක්කං පටිවිනොදයිත්වා.{5} පීතිං පසාදං පටිලද්ධා පච්ඡා, තථාගතං තෙතවනෙ වසන්තං යාගුයා උපට්ඨාසි සත්තරත්තං.
Sinhala BJT468. පසුව හේ ඒ විතර්‍ක සිතිවිල්ල දුරු කොට ප්‍රීතිය හා ප්‍රසාදය උපදවාගෙන දෙව්රමැ වසන බුදුනට සත්දිනක් උවැටැන් කෙළේ ය.
Pali BJT469. තස්ස වතං තං පන බ්රහ්මචරියං තස්ස සුචිණ්ණස්ස අයං විපාකො, එතාදිසං බ්යසනං පාපුණිත්වා තං තාදිසං පච්චනුභොස්සතිද්ධිං.
Sinhala BJT469. ඒ වනාහි මොහුගේ ව්‍රත සමාදානය ද බ්‍රහ්මචර්‍ය්‍යය ද විය. මෙබඳු විපතකට පැමිණත් එබඳු වූ ඒ දිවසැපත් නැවත වළඳන්නේ ය යන මෙය මොනොවට සිදු කරන ලද ඒ කර්‍මයාගේ විපාක යි.
Pali BJT470. ඨත්වාන සො වස්සසතං ඉධෙව සබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො, කායස්ස භෙදා අභිසම්පරායං සහව්යතං ගච්ඡති වාසවස්සා’ති.
Sinhala BJT470. ඒ කුමර මේ මනුලොව අවුරුදු සියයක් කල් සියලු කම් සැපතින් යුක්ත ව සිට කය බිඳීමෙන් හෙවත් මරණින් පසු පුනර්‍භවයෙහි දී සක් දෙවිඳුගේ (පුතකු වී) සහබවට යන්නේ ය.
Pali BJTකුමාරපෙතවත්ථු පඤ්චමං.
Sinhala BJTකුමාර ප්‍රේතවස්තු යි.
Pali BJT3. 6.
Sinhala BJT3. 6.
Pali BJT471. නග්ගා දුබ්බණ්ණරූපාසි කිසා ධමනිසන්ථතා, උප්ඵාසුලිකෙ කිසිකෙ කානු ත්වං ඉධ තිට්ඨසි?
Sinhala BJT471. තෝ නග්න යැ. දුර්වර්‍ණ රූප ඇතියාහු කෘශ වෙහි, ඉල්පුණු නහර ඇතියාහු, උස් වැ මතු වූ ඉළ ඇති කෘශ වූ මෙහි සිටින තෝ කවරහු ද?
Pali BJT472. අහං භදන්තෙ පෙතීම්හි දුග්ගතා යමලොකිකා, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතා.
Sinhala BJT472. ස්වාමීනි, මම යමලොවැ උපන් දුකට පත් ප්‍රෙතියක්මු. පව්කම් කොටැ මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වමු.
Pali BJT473. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන පෙතලොකං ඉතො ගතා.
Sinhala BJT473. එම්බල ප්‍රෙතිය, කය වචන සිත යන තිදොරින් තී විසින් කිනම් පවක් කරන ලද ද, කිනම් පව්කමක විවායෙන් මෙලොවින් ප්‍රේත ලෝකයට ගියහු ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(කෝලිය මහාමාත්‍ර:)
Pali BJT474. අනාවටෙසු තිත්ථෙසු විචිනිං අද්ධමාසකං, සන්තෙසු දෙය්යධම්මෙසු දීපං නාකාසිමත්තනො.
Sinhala BJT474. කිසිවකු විසින් අනාවෘත තීර්‍ත්‍ථයන්හි අඩමස්සක් පමණ සෙවීමි. (නොහොත්) කිසිවකු විසින් එළැඹීම නො වැළැක්වූ, පුණ්‍ය තීර්‍ත්‍ථ බඳු මහණ බමුණන් ඇති කල්හි, ඔවුනට කිසිවක් නොදී, අඩමස්සක් රැස් කෙළෙමි. දන්දීමට දේ ඇති කල්හිත් තමහට පිහිට වූ පිනක් නො කෙළෙමි.
Pali BJT475. නදිං උපෙමි තසිතා රිත්තකා පරිවත්තති, ඡායං උපෙමි උණ්හෙසු ආතපො පරිවත්තති.
Sinhala BJT475. ඒ මම පවසින් යුතු ව ගඟට එළැඹියෙම් නම් ගඟ දියෙන් හිස් ව (වාලුකමාත්‍ර බවට) පෙරළේ. උෂ්ණ කාලයන්හි සෙවණකට එළැඹියෙම් නම් අව්ව පෙරළා එයි.
Pali BJT476. අග්ගිවණ්ණො ච මෙ වාතො දහන්තො උපවායති: එතඤ්ච භන්තෙ අරහාමි අඤ්ඤඤ්ච පාපකං තතො.
Sinhala BJT476. සුළඟ ද ගිනි සෙයින් ම මා සිරුර දවමින් හමයි. වහන්ස, තෙල පිපාසාදි දුකට ද එයට වඩා දරුණු අනික් දුකකට ද මම නිස්සෙමි.
Pali BJT477. ගන්ත්වාන හත්ථිනීපුරං වජ්ජෙසි මය්හ මාතරං, ධීතා ච තෙ මයා දිට්ඨා දුග්ගතා යමලොකිකා.
Sinhala BJT477-478. හස්ථිනීපුරයට ගොස් මාගේ මවට මෙසේ කියව: “තීගේ දියැණියෝ පව්කම් කොට මෙලොවින් (චුත වැ) ප්‍රේතලෝකයට ගියාහු දුක්පත් ව යමලොව වසන්නාහු මා විසින් දක්නා ලදහ. එහි මා විසින් සුරක්‍ෂිත කොට තබනලද වස්තුව ඇති. එය මා විසින් කිසිවකුට නො කියන ලද ද වෙයි.”
Pali BJT478. පාපකම්මං කරිත්වාන පෙතලොකං ඉතො ගතා, අත්ථි ච මෙ එත්ථ නික්ඛිත්තං අනක්ඛාතඤ්ච නං මයා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT479. චත්තාරි සතසහස්සානි පල්ලඞ්කස්ස ච හෙට්ඨතො, තතො මෙ දානං දදතු{1} තස්සා ච හොතු ජිවිකා.
Sinhala BJT479. පලඟ යට සාරලක්‍ෂයක් ධනය ඇත. ඒ වස්තුවෙන් මා උදෙසා දන් දේවා. මගේ මවගේ ද ජීවිකාව වේවා.
Pali BJT480. දානං දත්වා ච මෙ මාතා දක්ඛිණං අනුදිස්සතු{2} තදාහං සුඛිතා හෙස්සං සබ්බකාමසමිද්ධිනී.
Sinhala BJT480. මගේ මව දන් දී එහි පින් මට පමුණුවාවා. එකල මම සියලු කම්සැපතින් සමෘද්ධ ව සුවපත් වන්නෙමි.
Pali BJT481. සාධූති සො පටිස්සුත්වා ගන්ත්වාන හත්ථිනිං පුරං අවොච තස්සා මාතරං, ධීතා ච තෙ මයා දිට්ඨා දුග්ගතා යමලොකිකා.
Sinhala BJT481. හේ “මැනැවැ”යි පිළිවදන් දී හස්ථිනීපුරයට ගොස් ඇයගේ මවට මෙසේ කී ය. යමලොව ඉපිද දුකට පත් වූ තොපගේ දූ මා විසින් දක්නා ලදු.
Pali BJT482. පාපකම්මං කරිත්වාන පෙතලොකං ඉතො ගතා, සා මං තත්ථ සමාදපෙසි වජ්ජෙසි මය්හ මාතරං.
Sinhala BJT482. පව් කම් කොට මෙලොවින් සැව ප්‍රේත ලෝකයට ගියා වූ ඕ තොමෝ “මාගේ මවට කියව”යි, එකරුණෙහි මා සමාදන් කරවූ ය.
Pali BJT483. ධීතා ච තෙ මයා දිට්ඨා දුග්ගතා යමලොකිකා, පාපකම්මං කරිත්වාන පෙතලොකං ඉතො ගතා.
Sinhala BJT483. දුකට පත්වූ, යමලොව උපන්; තොපගේ දූ මා විසින් දක්නා ලදු. ඕ (තොමෝ) පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියා ය.
Pali BJT484. අත්ථි ච මෙ එත්ථ නික්ඛිත්තං අනක්ඛාතඤ්ච තං මයා, චත්තාරි සතසහස්සානි පල්ලඞ්කස්ස ච හෙට්ඨතො: තතො මෙ දානං දදතු තස්සා ච හොතු ජීවිකා.
Sinhala BJT484. “මා මෙහි තැන්පත් කළ ධනය අත. එය මවිසින් කිසිවකුට ද නො කියන ලද පලඟ යට සාරලක්‍ෂයක් වස්තුව ඇත. එයින් මා උදෙසා දන් දේවා. මෑණියන්ගේ ජීවිකාව ද වේවා.”
Pali BJT485. දානං දත්වාන මෙ මාතා දක්ඛිණං අනුදිස්සතු,{3} තදාහං සුඛිතා හෙස්සං සබ්බකාමසමිද්ධිනී.
Sinhala BJT485. මගේ මව දන් දී එහි පින මට අනුමෝදන් කෙරේවා. එකල මම සියලු කම්සැපතින් දියුණු වැ සුවපත් වන්නෙමි.
Pali BJT486. තතො හි සා දානමදා දත්වා ච තස්සා දක්ඛිණනමාදිසි, පෙතී ච සුඛිතා ආසි සරීරං චාරුදස්සන’න්ති.
Sinhala BJT486. ඉක්බිති ඇගේ මව දන් දුන්නා ය. දන් දී එහි පින ඒ ප්‍රේතියට අනුමෝදන් කළා ය. ඒ ප්‍රෙතිය ද සුවපත් වූවා ය. ඇගේ සිරුර දැකුම්කලු විය.
Pali BJTසෙරිණීපෙතවත්ථු ඡට්ඨං.
Sinhala BJTසෙරණි ප්‍රේතවස්තු යි.
Pali BJT3. 7.
Sinhala BJT3. 7.
Pali BJT487. නරනාරිපුරක්ඛතො යුවා රජනීයෙහි කාමගුණෙහි සොභසි, දිවසං අනුභොසි කාරණං කිමකාසි පුරිමාය ජාතියා.
Sinhala BJT487. දෙව්පුත් දෙව්දූන් විසින් පිරිවරන ලද තරුණ වූ තෙපි සිත්කලු වූ පස්කම් සැපතින් යුතු වැ (රාත්‍රියෙහි) බබළන්නහු ය. එහෙත් දවල් කාලයෙහි නොයෙක් කම්කටොලු විඳින්නහු ය. තෙපි පෙරදෑහි කිනම් පවක් කළහු ද?
Pali BJT488. අහං රාජගහෙ රම්මෙ රමණීයෙ ගිරිබ්බජෙ, මිගලුද්දො පුරෙ ආසිං ලොහිතපාණී දාරුණො.
Sinhala BJT488. මම අතීතජාතියෙහි රම්‍ය වූ සිත් පිනවන ගිරිවුජ නම් වූ රජගහ නුවර ලෙයින් තෙත් අත් ඇති දරුණු වූ මුවවැද්දෙක් වීමි.
Pali BJT489. අවිරොධකරෙසු පාණීසු පුථුසත්තෙසු පදුට්ඨමානසො, විචරිං අතිදාරුණො තදා{4} පරහිංසාය රතො අසඤ්ඤතො.
Sinhala BJT489. එකල ඉතා දරුණු වූ පරහිංසාවෙහි ඇලුණු නො දැමුණු මම කිසිවකුට හිංසාවක් නැති ප්‍රාණීසංක්‍යාත වූ බොහෝ සාමුව ආදී සතුන් කෙරෙහි දුෂ්ට සිතින් යුක්ත වැ හැසුරුණෙමි.
Pali BJT490. තස්ස මෙ සහායො සුහදො{5} සද්ධො ආසි උපාසකො, සොපි මං අනුකම්පන්නො නිවාරෙසි පුනප්පුනං.
Sinhala BJT490. ඒ මට යහපත් සිත් ඇති සැදැහැවත් උවසුවෙක් යහළු ව සිටියේ ය. හේ මට අනුකම්පා කෙරෙමින් පුන පුනා මා පවින් වැළැක්වී ය.
Pali BJT491. මාකාසි පාපකං කම්මං මා තාත දුග්ගතිං අගා, සචෙ ඉච්ඡසි පෙච්ච සුඛං විරම පාණවධා අසංයමා.
Sinhala BJT491. දරුව, පව්කම් නො කරව, දුගතියට නො යව, පරලොවෙහි දී සුව කැමැත්තෙහි නම් දුශ්ශීල්‍ය වූ ප්‍රාණවධයෙන් වෙන් වෙව.
Pali BJT492. තස්සාහං වචනං සුත්වා සුඛකාමිස්ස හිතානුකම්පිනො, නාකාසිං සකලානුසාසනිං චිරපාපාභිරතො අබුද්ධිමා.
Sinhala BJT492. බොහෝ කල් පවෙහි ඇලුණු බුද්ධි නැති මම සුව කැමැති හිතානුකම්පා ඇති ඔහුගේ වචනය අසා ඒ සියලු අනුශාසනය නො කෙළෙමි.
Pali BJT493. සො මං පුන භූරිසුමෙධසො අනුකම්පාය සංයමෙ නිවෙසයී, සචෙ දිවා හනසි පාණිනො අථ තෙ රත්තිං භවතු සඤ්ඤමො.
Sinhala BJT493. පුළුල් නුවණ ඇති ඒ උවසු තෙම යලිත් අනුකම්පායෙන් මා සුචරිතයෙහි පිහිටුවීය. “ඉදින් තෙපි දහවල්හි සතුන් මරන්නහු නම් වැළි රාත්‍රියෙහි තොපගේ සංවරය වේ වා”යි.
Pali BJT494. ස්වාහං දිවා හනිත්ව{1} පාණිනො විරතො රත්තිමහොසිං සඤ්ඤතො, රත්තාහං පරිවාරෙමි දිවා ඛජ්ජාමි දුග්ගතො.
Sinhala BJT494. ඒ මම දහවල්හි සතුන් නසා රැයෙහි පණිවායෙන් වෙන් ව සංයත වීමි. එහෙයින් මම රැයෙහි දිවසැප විඳිමි. දහවල්හි දුකට පත් වැ දුකින් පෙළෙමි.
Pali BJT495. තස්ස කම්මස්ස කුසලස්ස අනුභොමි රත්තිං අමානුසිං, දිවා පටිහතාව කුක්කුරා උපධාවන්ති සමන්තා ඛාදිතුං.
Sinhala BJT495. ඒ කුශලකර්‍මයෙහි විපාකයෙන් රාත්‍රියෙහි දිවසැප වළඳමි. දහවල්හි සුනඛයෝ බද්ධ වෛර ඇත්තවුන් මෙන් මා සපා කෑමට හාත්පසින් දිවැ එත්.
Pali BJT496. යෙ ච තෙ සත්තානුයොගිනො ධුවං පයුත්තා සුගතස්ස සාසනෙ, මඤ්ඤාමි තෙ අමතමෙව කෙවලං අධිගච්ඡන්ති පදං අසඞ්ඛත’න්ති.
Sinhala BJT496. යම් පුරුෂ කෙනෙක් බුදු සස්නෙහි ස්ථිරවශයෙන් අධිශීලාදියෙහි යෙදී නිරතුරු භාවනාදියෙහි යුක්ත වෙත් ද, ඔහු හුදෙක් අසංස්කෘත පද නම් වූ නිවනට පැමිණෙති මම සිතමි.
Pali BJTමිගලුද්දකපෙතවත්ථු සත්තමං.
Sinhala BJTමිගලුද්දක ප්‍රේතවස්තු යි.
Pali BJT3. 8.
Sinhala BJT3. 8.
Pali BJT497. කූටාගාරෙ ච පාසාදෙ පල්ලඞ්කෙ ගොණකත්ථකෙ, පඤ්චඞ්ගිකෙන තුරියෙන රමසි සුප්පවාදිතෙ,
Sinhala BJT497. දෙව්මුවා කුළුගෙහි හා පහයෙහි දික්ලොම් ඇති කොඳු පලස් අතුළ පලඟෙහි පසඟතුරුයෙන් මැනැවින් වැයෙද්දී තෝ රමණය කෙරෙහි.
Pali BJT498. තතො රත්යා ව්යවසානෙ සුරියස්සුග්ගමනම්පති, අපවිද්ධො සුසානස්මිං බහුදුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT498. ඉන්පසු රැය අවසන්හි හිරු උදා වූ කල්හි සොහොනෙහි දමන ලදුවැ බොහෝ දුකට පැමිණෙහි .
Pali BJT499. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන ඉදං දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT499. කා විසි මුනි තිදොරින් තා විසින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විවායෙන් (තෝ) මේ දුකට පැමිණියෙහි ද?
Pali BJT500. අහං රාජගහෙ රම්මෙ රමණීයෙ ගිරිබ්බජෙ, මිගලුද්දො පුරෙ ආසිං ලුද්දො චාසිමසඤ්ඤතො.
Sinhala BJT500. මම පෙරදෑයෙහි රම්‍ය වූ සිත්කලු වූ ගිරිව්‍රජ නම් වූ රජගහ නුවර දරුණු වූ අසංවර ඇති මුවවැද්දෙක් වීමි.
Pali BJT501. තස්ස මෙ සහායො සුහදො සද්ධො ආසි උපාසකො, තස්ස කුලූපගො භික්ඛු ආසි ගොතමසාවකො.
Sinhala BJT501. ඒ මට හිතවත් වූ සැදැහැති උවසුවෙක් මිතුරු විය. ගෞතම ශ්‍රාවක වූ භික්‍ෂුනමක් ඒ උවසුවාගේ කුලුපගයෙක් වීය.
Pali BJT502. සොපි මං අනුකම්පන්නො නිවාරෙසි පුනප්පුනං, මාකාසි පාපකං කම්මං මා තාත දුග්ගතිං අගා.
Sinhala BJT502. ඒ භික්‍ෂුනම ද මට අනුකම්පා කරන්නේ දරුව පව්කම් නො කරව, දුගතියට නො යවයි පුනපුනා මා පවින් වැළකී ය.
Pali BJT503. සචෙ ඉච්ඡසි පෙච්ච සුඛං විරම පාණවධා අසංයමා. තස්සාහං වචනං සුත්වා සුඛකාමස්ස හිතානුකම්පිනො.
Sinhala BJT503. “ඉදින් පරලොවැ සැප කැමැත්තෙහි නම් අසංයම වූ ප්‍රාණවධයෙන් වෙන් වෙව.” මාගේ සැපය කැමැති වූ මට හිතවත් වැ අනුකම්පා කරන ඒ භික්‍ෂුහුගේ වහනය අසා.
Pali BJT504. නාකාසිං සකලානුසාසනිං චිරපාපාභිරතො අබුද්ධිමා, සො මං පුන භූරිසුමෙධසො අනුකම්පාය සංයමෙ නිවෙසයී.
Sinhala BJT504. බොහෝ කලක් පව්කම්හි ඇලුණු අනුවණ වූ මම ඒ භික්‍ෂූහුගේ සියලු ම අනුශාසනය නො කෙළෙමි. පුළුල් නුවණ ඇති ඒ භික්‍ෂු මට අනුකම්පායෙන් යළිත් මා සංවරයෙහි පිහිටුවී ය.
Pali BJT505. සචෙ දිවා හනසි පාණිනො අථ තෙ රත්තිං භවතු සංයමො. ස්වාහං දිවා හනිත්ව පාණිනො විරතො රත්තිමහොසිං සංයතො.
Sinhala BJT505. “ඉදින් දහවල්හි සතුන් නසන්නෙහි නම් ඉක්බිති රාත්‍රියෙහි තාගේ සංවරය වේවා,” ඒ මම දහවල් සතුන් නසා රාත්‍රියෙහි පවින් වැළැකුණෙම් සංවර වීමි.
Pali BJT506. රත්තාහං පරිචාරෙමි දිවා ඛජ්ජාමි දුග්ගතො, තස්ස කම්මස්ස කුසලස්ස අනුභොමි රත්තිං අමානුසිං: දිවා පටිහතාව කුක්කුරා උපධාවන්ති සමන්තා ඛාදිතුං.
Sinhala BJT506. රැයෙහි මම සැප විඳිමි. දහවල්හි දුකට පත් වැ ජරදුක් විඳිමි. ඒ කුශලකර්‍මයාගේ විපාකය නිසා රැයෙහි දෙව් සැප විඳිමි. දහවල්හි බද්ධ වෛර ඇත්තවුන් මෙන් සුනඛයෝ මා කෑමට හාත්පසින් දිවැ එත්.
Pali BJT507. යෙ ච තෙ සතතානුයොගිනො ධුවයුත්තා සුගතස්ස සාසනෙ, මඤ්ඤාමි තෙ අමතමෙව කෙවලං අධිගච්ඡන්ති පදං අසඞ්ඛත’න්ති.
Sinhala BJT507. යම් කෙනෙක් වනාහි බුදුසස්නෙහි අධිශීලාදියෙහි නිතර දැඩි සේ යෙදෙත් ද ඔහු හුදෙක් ලොවි සැප හා මුසු නොවූ අසංස්කෘත පද නම් වූ නිවනට පැමිණෙත් යයි සිතමි.
Pali BJTදුතිය මිගලුද්දකපෙතවත්ථු අට්ඨමං.
Sinhala BJTදෙවැනි මිගලුද්දක ප්‍රේතවස්තු යි.
Pali BJT3. 9.
Sinhala BJT3. 9.
Pali BJT508. මාලී කිරිටී කෙයූරි ගත්තා තෙ චන්දනුස්සදා, පසන්නමුඛවණ්ණොසි සුරියවණ්ණොව සොභසි.
Sinhala BJT508. තෙපි දිවමල් දරන හිස්වෙළුමින් යුත්, අඟුපලඳනා ඇතියහු ශරීරාවයවයෝ ගැල්වූ සඳුන් විලෙවුන් ඇත්තාහු ය. තෙපි ප්‍රසන්න වූ මුඛවර්‍ණ ඇතියවු. ලහිරු මෙන් පැහැයෙන් බබළන්නහු ය.
Pali BJT509. අමානුසා පාරිසජ්ජා යෙ තෙමෙ පරිචාරකා, දසකඤ්ඤාසහස්සානි යා තෙමා පරිචාරකා.
Sinhala BJT509. (තොපගේ) යම් මේ උපස්ථායක කෙනෙක් වෙත් ද, ඔවුහු දිව්‍යපර්ෂද්හි වූවෝ වෙති. තොපගේ යම් මේ උපස්ථායිකා කෙනෙක් වෙත් ද ඔවුහු දිව්‍ය කන්‍යාවෝ දසදහසෙකි.
Pali BJT510. තා කම්බුකෙයූර ධරා කඤ්චනාවෙලභූසිතා, මහානුභාවොසි තුවං ලොමහංසනරූපවා: පිට්ඨිමංසානි අත්තනො සාමං උක්කඩ්ඪ ඛාදසි.
Sinhala BJT510. ඔවුහු සක්වළලු හා අඟුපලඳනා දරති. රන්මුවා මුදුන් මල් කඩින් සැරසුණෝ වෙත්. තෙපි ලොමුදහ ගන්වන පියවි ඇතියහු, මහත් අනුභාව ඇතියවු. ඒ තෙපි තමාගේ පිටුමස් තෙමේ ම කඩා කන්නහු ය.
Pali BJT511. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන පිට්ඨිමංසානි අත්තනො සාමං උක්කඩ්ඪ ඛාදසි.
Sinhala BJT511. “තා විසින් කයින් වචනයෙන් මනසින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විපාකයෙන් තමාගේ පිටුමස් තෙමේ ම කඩා ගෙන කන්නෙහි දෑ”යි.