Petavatthu

Stories of Departed Spirits

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 1057

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT352. නානා රුක්ඛෙහි සඤ්ඡන්නා නානාගන්ධසමෙරිතා, නානාපදුමසඤ්ඡන්නා පුණ්ඩරීකසමොතතා.{5}
Sinhala BJT352. ඒ පොකුණ වටින් නොයෙක් රුක්වලින් ගැවසීගත්තේ ය. අවට නන්වැදෑරුම් සුවඳ සුළං හමන්නේ ය. නොයෙක් රතුපුල්වලින් වැසුණු දියතලා ඇත්තේ ය. හෙළපියුමින් ද මොනොවට වැසී පවතී.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අංකුර:)
Pali BJT353. සුරභී සම්පවායන්තී මනුඤ්ඤා මාලුතෙරිතා, හංසා කොඤ්චාභිරුදා චක්කවාකාභිකූජිතා.
Sinhala BJT353. මනහර සුළඟින් සෙලවුණු සුවඳ හමයි හංසයන් සහ කොස්ලිහිණියන් විසින් කරන ලද මනහර නාද ඇත්තේ ය. සක්වාලිහිණියන් විසින් කරන ලද ශබ්ද ඇත්තේ ය.
Pali BJT354. නානා දිජගණාකිණ්ණා නානාඝරගණායුතා, නානාඵලධරා රුක්ඛා නානාපුප්ඵධරා වනා
Sinhala BJT354. නොයෙක් පක්‍ෂිසමූහයාගෙන් ගැවසීගත්තේ ය. නානාවිධ වූ පක්‍ෂිනාද සමූහයෙන් යුක්ත ය. නොයෙක් ඵල දරනගස් අවට ඇත්තේ ය. නොයෙක් සුවඳින් යුත් මල්දරන වනයෝ ද ඇත.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(දෙවිඳු:)
Pali BJT355. න මනුස්සෙසු ඊදිසං නගරං යාදිසං ඉදං පාසාදා බහුකා තුය්හං සොවණ්ණරූපියාමයා
Sinhala BJT355-356-357-358. මේ නුවර යම්බඳු වී නම් මෙබඳු නුවරක් මිනිසුන් කෙරෙහි නැත. තිගේ රන්රිදීමුවා බොහෝ ප්‍රාසාදයෝ අවට සිවුදික්හි ඉතාම බබළමින් හොබවත්. තිට වත්පිළිවෙත් කරන යම් මේ පන්සියයක් දාසියෝ වෙත් ද, ඔහු සක්වළලුවලින්හා අඟුපලඳනාවෙන් සැරසුණාහු ය. රන්මුවා මුදුන්මල්කඩින් සැරසුණු කෙස් ඇත්තාහු ය. සියලු කම්සැපතින් සපිරුණු තෝ යම් යහනක විසීමට යවු නම් කෙසෙල්මුව සම් හා දික් ලොම් කොඳුපිළී අතුරා සරසන ලද එබඳු වූ රන්රිදී මුවා වූ අසුන් තිට බොහෝ වෙයි.
Pali BJT356. දද්දල්ලමානා ආභන්ති{1} සමන්තා චතුරො දිසා, පඤ්චදාසිසතා තුය්හං යා තෙමා{2} පරිචාරිකා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT357. තා කම්බුකෙයූරධරා{3} කඤ්චනාවෙළ{4} භූසිතා, පල්ලඞ්කා බහුකා තුය්හං සොවණ්ණරූපියාමයා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT358. කාදලිමිගසඤ්ඡන්නා සජ්ජා ගොනකසන්ථතා, යත්ථ ත්වං වාසූපගතා සබ්බකාමසමිද්ධිනී
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT359. සම්පත්තායඩ්ඪරත්තාය තතො උට්ඨාය ගච්ඡසි, උය්යානභූමිං ගන්ත්වාන පොක්ඛරඤ්ඤා සමන්තතො.
Sinhala BJT359-360. අඩරැය පැමිණිකල තෝ ඒ පලඟින් නැගිට උයන් බිමට යවු, එසේ ගොස් හාත්පසැ නිල් වූ ළාතණ ඇති මනහර වූ ඒ පොකුණු තෙරැ තෙපි සිටිවු. එයට පසු කන් මුඩු බල්ලෙක් තිගේ අඟපසඟ කාදමයි.
Pali BJT360. තස්සා තීරෙ තුවං ඨාසි හරිතෙ සද්දලෙ සුභෙ, තතො තෙ කණ්ණමුණ්ඩො සුනඛො අඞ්ගමඞ්ගානි ඛාදති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT361. යදා ච ඛායිතා ආසි අට්ඨිසඞ්ඛලිකා කතා, ඔගාහසි පොක්ඛරණිං හොති කායො යථා පුරෙ.
Sinhala BJT361. යම් කලෙකැ සුනඛයා විසින් කන ලද්දී ඇටසැකිල්ල පමණක් ඉතිරි කරන ලද්දී තෙපි පොකුණට බස්නවූ. අසිරියෙකි! ශරීරය පෙර මෙන් ඇති වෙයි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අංකුර:)
Pali BJT362. තතො ත්වං අඞ්ගපච්චඞ්ගී සුචාරුපියදස්සනා, වත්ථෙන පාරුපිත්වාන ආයාසි මම සන්තිකං.
Sinhala BJT362. ඉන් පසු පිරිපුන් අඟපසඟ ඇති මනරම් පියකරුදැකුම් ඇති තෙපි පිළියක් පෙරවගෙන මා ළඟට එන්නවු ය.
Pali BJT363. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන කණ්ණමුණ්ඩො ච සුනඛො. අඞ්ගමඞ්ගානි ඛාදති.
Sinhala BJT363. කයින් වචනයෙන් සිතින් කවර පාපයක් කරන ලද ද? කිනම් පවක විපාකයෙන් කන් මුඩු බල්ලෙක් තිගේ අඟපසඟ කා ද?
Pali BJT364. කිම්බිලායං ගහපති සද්ධො ආසි උපාසකො, තස්සාහං භරියා ආසිං දුස්සීලා අතිචාරිනී.
Sinhala BJT364. කිම්බිලා නුවර ගැහැවියෙක් සැදැහැවත් උවසුවෙක් විය. ඔහුට මම බිරිය වීමි. හිමියා ඉක්මැ පවත්නී දුසිල් වීමි.
Pali BJT365. සො මං අතිචරමානාය සාමිකො එතදබ්රවී, නෙතං ඡන්නං නප්පතිරූපං යං ත්වං අතිචරාසි මං.
Sinhala BJT365. මෙසේ හිමියා ඉක්මැ හැසිරෙන මට ඒ හිමි මෙබස් කී ය. යම් හෙයෙකින් තෝ මා ඉක්මැ හැසිරෙහි නම් එය යුතු නො වේ. සුදුසු නො වේ.
Pali BJT366. සාහං ඝොරඤ්ච සපථං මුසාවාදමභාසිසං, නාහන්තං අතිචරාමි කායෙන උද චෙතසා.
Sinhala BJT366. ඒ මම දරුණු ලෙස දිවුරා මෙසේ බොරු කීවෙමි. “මම කයින් හෝ සිතින් හෝ තොප ඉක්මවා නො හැසිරෙමි.”
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අංකුර:)
Pali BJT367. ස්වාහං තං අතිචරාමි කායෙන උද චෙතසා, අයං කණ්ණමුණ්ඩො{5} සුනඛො අඞ්ගමඞ්ගානි ඛාදතු.
Sinhala BJT367. ඉදින් මම කයින් හෝ සිතින් හෝ තොප ඉකුම්වා හැසිරෙම් නම් කන් මුඩු මේ බල්ලා මා අඟ පසඟ කා දමාවා.
Pali BJT368. තස්ස කම්මස්ස විපාකං මුසාවාදස්ස චූභයං, සත්තවස්සසතානි ච{1} අනුභූතං යතො හි මෙ, කණ්ණමුණ්ඩො ච සුනඛො අඞ්ගමඞ්ගානි ඛාදති.
Sinhala BJT368. ඒ දරුණු දිවිරීම් කර්‍මයාගේ ද මෘෂාවාද කර්‍මයාගේ ද විපාකය අවුරුදු හත්සියයක් මුළුල්ලෙහි විඳින ලද. ඒ පවින් ම මගේ අඟපසඟ කන්සුන් බල්ලා කාදමයි.
Pali BJT369. ත්වඤ්ච දෙව බහුකාරො අත්ථාය මෙ ඉධාගතො, සුමුත්තාහං කණ්ඩමුණ්ඩස්ස අසොකා අකුතොභයා.
Sinhala BJT369. රජතුමනි, තෙපි මට බොහෝ උපකාර වූවහු ය. මට හිත පිණිස මෙහි ආවහු ය. කන් මුඩු බලුගෙන් මම මිදුණි වෙමි. මම දැන් ශෝක නැත්තී බිය නැත්තී වෙමි.
Pali BJT370. තාහං දෙව නමස්සාමි යාචාමි පඤ්ජලීකතා, භුඤ්ජ අමානුසෙ කාමෙ රම දෙව මයා සහ.
Sinhala BJT370. දේවයිනි, මම තොප වඳිමි. බදැඳිලි ව තොපගෙන් මෙසේ යදිමි. “රජතුමනි, නොමිනිස් වූ පස්කම් සැප විඳින්න. මා හා රමණය කරන්න.”
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අංකුර වෙනත් ප්‍රේතයකු දැක මෙසේ විචාරයි:)
Pali BJT371. භුත්වා අමානුසෙ කාමෙ{2} රමිතොම්හි තයා සහ, තාහං සුභගෙ යාචාමි ඛිප්පං පටිනයාහි ම’න්ති.
Sinhala BJT371. සොඳුර, තී හා නොමිනිස් සැප විඳ රමණය කෙළෙම් වෙමි. දැන් මා මගේ නුවරට ම වහා පමුණුවා ලවයි මම තිගෙන් යදිමි.
Pali BJTකණ්ණමුණ්ඩපෙතවත්ථු ද්වාදසමං.
Sinhala BJTකර්‍ණමුණ්ඩ ප්‍රේතවස්තු යි.
Pali BJT2. 13.
Sinhala BJT2. 13.
Pali BJT372. අහු රාජා බ්රහ්මදත්තො පඤ්චාලානං රථෙසභො, අහොරත්තානමච්චයා රාජා කාලඞ්කරී තදා.{3}
Sinhala BJT372. පඤ්චාල රට වැසියනට ඉසුරු වූ බඹදත් නම් රජෙක් විය. ඒ රජ තෙමේ බොහෝ කලක් ඇවෑමෙන් කලුරිය කෙළේ ය.
Pali BJT373. තස්ස ආළාහනං ගන්ත්වා භරියා{4} කන්දති උබ්බරී, බ්රහ්මදත්තං අපස්සන්තී බ්රහ්මදත්තාති කන්දති.
Sinhala BJT373. එකල ඒ රජුගේ උබ්බරී නම් බිසවු රජු දැවූ තැනට ගොස් හඬයි. බඹදත් රජු නො දක්නා ඕ “බඹදත් කොහි දැ”යි (කියමින්) හඬයි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අංකුර:)
Pali BJT374. ඉසී{5}ච තත්ථ ආගඤ්ඡි සම්පන්නචරණො මුනි: සො ච තත්ථ අපුච්ඡිත්ථ යෙ තත්ථ සුසමාගතා.
Sinhala BJT374. සරණ දහමින් හෙබි මුනිවරයකු වූ තවුසෙක් එතැනට පැමිණියේ ය. එතැන යම් මිනිස්සු රැස්වූවාහු ද, ඔවුන්ගෙන් ඒ තවුසා එහි දී මෙසේ විචාළේ ය.
Pali BJT375. කස්ස චිදං ආළාහනං නානාගන්ධසමෙරිතං, කස්සායං කන්දති භරියා ඉතො දූරගතං පතිං.
Sinhala BJT375-376. නොයෙක් සුවඳ වහනය වන මේ සොහොන කවරකු ගේ ද? මේ බිරිඳ කවරකුට හඬා ද? (මිනිස්සු මෙසේ කියති:) මේ මිනිස් ලොවින් දුර වූ පරලොවට ගිය සිය හිමියා වන බඹදත් රජු නො දක්නී “බඹදත් බඹදත්”යි මෝ හඬා යයි එහි රැස්වූ යම් කෙනෙක් වූහු නම් ඔවුහු එහි දී පැවසූහ.
Pali BJT376. බ්රහ්මදත්තං අපස්සන්තී බ්රහ්මදත්තාති කන්දති, තෙ ච තත්ථ වියාකංසු යෙ තත්ථ සුසමාගතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT377. බ්රහ්මදත්තස්ස භද්දන්තෙ බ්රහ්මදත්තස්ස මාරිස, තස්ස ඉදං ආළාහනං නානාගන්ධසමෙරිතං.
Sinhala BJT377. නිදුකාණන් වහන්ස, බඹදත් රජුට යහපතක් ම වේවා. මේ නොයෙක් සුවඳ හමන සොහොන ඒ බඹදත් රජුගේ වෙයි.
Pali BJT378. තස්සායං කන්දති භරියා ඉතො දූරගතං පතිං, බ්රහ්මදත්තං අපස්සන්තී බ්රහ්මදත්තාති කන්දති.
Sinhala BJT378. ඒ රජුගේ මේ බිරිඳ ඔහු ගැන හඬයි. මේ මිනිස් ලොවින් දුර වූ පරලොවට ගිය සිය හිමි බඹදත් රජ නො දක්නී “බඹදත් බඹදත්”යි වැලපෙයි.
Pali BJT379. ඡළාසීති සහස්සානි බ්රහ්මදත්තසනාමකා,{6} ඉමස්මිං ආළාහනෙ දඩ්ඪා තෙසං කං අනුසොචසි.
Sinhala BJT379. බඹදත් යන නම් ඇති සයාසූදහසක් දෙනා මේ සොහොනෙහි දවන ලදහ. ඔවුනතුරෙන් කවරකු සඳහා තෙපි හඬවු ද?
Pali BJT380. යො රාජා චූළනීපුත්තො පඤ්චාලානං රථෙසභො, තං භන්තෙ අනුසොචාමි භත්තාරං සබ්බකාමදං.
Sinhala BJT380. වහන්ස, චූලනී රජුගේ පුත් වූ පඤ්චාල රටට ඉසුරු වූ යම් රජෙක් වී ද, සියලු කැමති දෑ දෙන ඒ හිමියා සඳහා මම සෝක කරමි.
Pali BJT381. සබ්බෙවහෙසුං රාජානො බ්රහ්මදත්තසනාමකා, සබ්බෙව චූළනීපුත්තා පඤ්චාලානං රථෙසභා.
Sinhala BJT381. සියලු ම රජවරු බඹදත් යන නම් ඇත්තෝ වූහ. සියල්ලෝ ම චුලනීපුත්‍රයෝ වූහ. සියල්ලෝ ම පඤ්චාල රටෙහි අධිපතියෝ වූහ.
Pali BJT382. සබ්බෙසං අනුපුබ්බෙන මහෙසිත්තමකාරයි, කස්මා පුරිමකෙ හිත්වා පච්ඡිමං අනුසොචසි.
Sinhala BJT382. සියලු ම රජුන්ට තෙපි පිළිවෙළින් අගමෙහෙසි බව කළවු ය. කුමක් හෙයින් පළමු රජුන් හැර පසු ව ඇති වූ රජු සඳහා ශෝක කරවු ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අංකුර සින්‍ධකට කියයි)
Pali BJT383. ආතුමෙ ඉත්ථිභූතාය දීඝරත්තාය මාරිස, යස්සා මෙ ඉත්ථිභූතාය සංසාරෙ බහූ භාසසි.
Sinhala BJT383. නිදුකාණන් වහන්ස, තමා ස්ත්‍රියක වූ කල්හි දිගුකලක් මුළුල්ලෙහි ස්ත්‍රියක් ම වේ ද? යම්බඳු වූ ස්ත්‍රීභාවයට පැමිණි මට සසර බොහෝ ජාති වී යයි තෙපි කියන්නහු ද?
Pali BJT384. අහූ ඉත්ථි අහූ පුරිසො පසුයොනිම්පි ආගමා, එවමෙතං අතීතානං පරියන්තො න දිස්සති.
Sinhala BJT384. තෙපි ස්ත්‍රියක් ද වූවහු. පුරුෂයෙක් ද වූවහු. තිරිසන් අත් බවට ද පැමිණියහු. මෙසේ ඉකුත් අත්බව් හි කෙළවරක් නො පෙනෙයි.
Pali BJT385. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තංව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
Sinhala BJT385. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් මා හද ඇවිළගත් සියලු සෝගින්න තෙපි දිය ඉසින්නකු මෙන් නිවූවහු ය.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(සින්‍ධක:)
Pali BJT386. අබ්බූළ්හං වත මෙ සල්ලං සොකං හදයනිස්සිතං, යො මෙ සොකපරෙතාය පතිසොකං අපානුදි.
Sinhala BJT386. යම් තවුසෙක් මා හද ඇසුරු කළ සෝහුල ඒකාන්තයෙන් උදුරා දැමී ද සොවින් පෙළුණු මාගේ හිමි පිළිබඳ සෝදුක පහ කෙළේ ද.
Pali BJT387. සාහං අබ්බූළ්හසල්ලොස්මි සීතිභූතොස්මි නිබ්බුතා, න සොචාමි න රොදාමි තව සුත්වා මහාමුනි.
Sinhala BJT387. මහාමුනීන් වහන්ස, ඒ මම උපුළ සෝහුල් ඇතියෙම් සිහිල් වූවා වෙමි, නිවුණා වෙමි. තොපගේ ඔවදන් අසා මම දැන් ශෝක නො කරමි, නො හඬමි.
Pali BJT388. තස්ස තං වචනං සුත්වා සමණස්ස සුභාසිතං, පත්තචීවරමාදාය පබ්බජි අනගාරියං.
Sinhala BJT388. ඒ තවුසාගේ මැනැවින් දෙසූ ඒ වදන් අසා ඕ පා සිවුරු ගෙන අනගාරික වූ සස්නෙහි පැවිදිවූවා ය.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(නීති ශාස්ත්‍රයෙහි නිපුණ සෝණක:)
Pali BJT389. සා ච පබ්බජිතා සන්තා අගාරස්මානගාරියං, මෙත්තං චිත්තං අභාවෙසි බ්රහ්මලොකූපපත්තියා.
Sinhala BJT389. ඕ මෙසේ ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාත සස්නෙහි පැවිදි වූවා බඹලොව ඉපදීම පිණිස මෙත්සිත වැඩුවා ය.
Pali BJT390. ගාමා ගාමං විචරන්ති නිගමෙ රාජධානියො, උරුවෙලා නාම සො ගාමො යත්ථ කාලමකුබ්බථ.
Sinhala BJT390. ගමින් ගමට යෙමින් නියම්ගමක් පාසා ද රාජධානියක් පාසා ද සරිසරන්නී උරුවෙල් නම් වූ ඒ ගම යම් තැනෙක් හි ද එහි දී කලුරිය කළා ය.
Pali BJT391. මෙත්තචිත්තං ආභාවෙත්වා බ්රහ්මලොකූපපත්තියා, ඉත්ථිචිත්තං විරාජෙත්වා බ්රහ්මලොකූපගා අහූ’ති.
Sinhala BJT391. ඕ බඹලොව ඉපදීම සඳහා මෙත්සිත් වඩා ස්ත්‍රීභාවයෙහි සිත දුරු කොට බඹලොවට පැමිණියා වූය.
Pali BJTඋබ්බරීපෙතවත්ථු තෙරසමං.
Sinhala BJTඋබ්බරී ප්‍රේතවස්තු යි.
Pali BJTඋබ්බරීවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි උබ්බරී වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපණ්ඩුමාතා ච පිතා ච නන්දා කුණ්ඩලීනෙඝටො. ද්වෙ සෙට්ඨි තුණ්ණවායො ච: විහාරසුත්ත සොපාණ උබ්බරී’ති.
Sinhala BJTපඬුවන් සංසාර මොචක ප්‍රේතියගේ වස්තුව ද, සැරියුත් තෙරුන්ගේ මාතෘ ප්‍රේත වස්තුව ද, භූතගේ පියා අයත් බිරිඳක වූ මත්තා නම් ප්‍රේතියගේ වස්තුව ද, නන්දා ප්‍රේතියගේ වස්තුව ද, මට්ටකුණ්ඩටලී ප්‍රේත වස්තුව ද, ඝතපණ්ඩිත පුවත ඇතුළත් කණ්හ ප්‍රේත වස්තුව ද, ධනපාල - චූලසෙට්ඨි දෙදෙනාගේ ප්‍රේත වස්තු දෙක ද, කලින් තුනාකම් කළ අංකුර ප්‍රේත වස්තුව ද, දිවාවිහාරගත භික්ෂුහට හමු වූ උත්තර මාතෘ ප්‍රේතියගේ වස්තුව ද, සුත්ත ප්‍රේත වස්තුව ද, මනා හිණිපෙති ඇති විල අසල හුන් කර්ණමුණ්ඩ ප්‍රේතියගේ වස්තුව හා උබ්බරී ප්‍රේත වස්තුව ද යන තෙළෙස උබ්බරී වර්ගයෙහි ඇතුළත් වේ.
Pali BJT3. චූළවග්ගො
Sinhala BJT3. චූළ වර්‍ගය
Pali BJT3. 1.
Sinhala BJT3. 1.
Pali BJT392. අභිජ්ජමානෙ වාරිම්හි ගඞ්ගාය ඉධ ගච්ඡසි, නග්ගො පුබ්බද්ධපෙතොව මාලාධාරී{1} අලඞ්කතො. කුහිං ගමිස්සසි පෙත කත්ථ වාසො භවිස්සතී’ති.
Sinhala BJT392. ප්‍රේතය, තෝ මෙහි ගංගානදියෙහි නො බිඳෙන ජලයෙහි යෙහි. නග්න වූ තෝ ශරීරයෙහි පූර්‍වාර්ධයෙන් ප්‍රේත නො වන්නකු හෙවත් දෙවියකු මෙන් වෙහි. මල්මාලා දරමින් ලකළ හිස් ඇත්තෙහි. තෝ කොහි යෙහි ද? තාගේ වාසය කොහි ද?
Pali BJT393. චුන්දත්ථිකං{2} ගමිස්සාමි පෙතො සො ඉති භාසති අන්තරෙ වාසභගාමං බාරාණසියා{3} ච සන්තිකෙ.
Sinhala BJT393. ඒ ප්‍රේතයා මෙසේ කියයි: වාසභ ගමට ද බරණැසට ද අතරෙහි වූ බරණැස අසල චුන්‍දත්‍ථික නම් ගමට යන්නෙමි.
Pali BJT394. තඤ්ච දිස්වා මහාමත්තො කොලියො ඉති විස්සුතො, සත්තුං භත්තඤ්ච පෙතස්ස පීතකඤ්ච යුගං අදා.
Sinhala BJT394. කෝලිය යි ප්‍රසිද්ධ ඒ මහාමාත්‍රයා ඔහු දැක අත්සුණු ද, බත් ද රන්වන් පිළීසඟලක් ද ප්‍රේතයා උදෙසා දුන්නේ ය.
Pali BJT395. නාවාය තිට්ඨමානාය කප්පකස්ස අදාපයී, කප්පකස්ස පදින්නම්හි ඨානෙ පෙතස්සුදිස්සථ.{4}
Sinhala BJT395. නැව නවතා තිබෙන කල්හි නැහැවි උවසුවකුහට හේ ඒවා දුන්නේ ය. කරනැවෑමියාට දුන් කල්හි එකෙණෙහි ම ප්‍රේත ශරීරයෙහි ද හඳනා පොරෝනා වස්ත්‍ර පහළ විය.
Pali BJT396. තතො සුවත්ථවසනො මාලාධාරී අලඞ්කතො, ඨානෙ ඨිතස්ස පෙතස්ස දක්ඛිණා උපකප්පථ, තස්මා දජ්ජෙථ පෙතානං අනුකම්පාය පුනප්පුනං.
Sinhala BJT396. ඉක්බිති ඒ ප්‍රේතයා මොනවට හැඳගත් පිළී ඇතියේ මල්දම් දරනුයේ අලංකෘත විය. දක්‍ෂිණාර්‍හ ස්ථානයෙහි සිටි මේ දක්‍ෂිණාව යම් හෙයෙකින් ඒ ප්‍රේතයාට ලැබුණේ ද එහෙයින් ප්‍රෙතයන් කෙරෙහි අනුකම්පායෙන් පුන පුනා පින්පෙත් දියයුතු ය.
Pali BJT397. සාතුන්න වසනා එකෙ අඤ්ඤෙ කෙසනිවාසනා. පෙතා භත්තාය ගච්ඡන්ති පක්කමන්ති දිසොදිසං.
Sinhala BJT397. සමහර ප්‍රෙතයෝ සුන්බුන් වැරහැලි ඇඳ සිටියහ. සමහරු කෙස්වලින් විළි වසා සිටියහ. ප්‍රෙතයෝ බත් සඳහා යති. එක් දිගෙකින් අනික් දිගකට යෙත්.
Pali BJT398. දූරෙ එකෙ පධාවිත්වා අලද්ධා විනිවත්තරෙ, ඡාතා පමුච්ඡිතා භන්තා භූමියං පටිසුම්භිතා.
Sinhala BJT398. ඇතැම්හු අහර සඳහා දුවැ ගොස් කිසි අහරක් හෝ පැනක් නො ලැබැ ම නවතිත්. ඔහු බඩසා ඇතියාහු මුසපත් වූවාහු භ්‍රාන්ත වැ බිමැ වියළී වැද හෙති.
Pali BJT399. කෙචි තත්ථ පපතිත්වා භූමියං පටිසුම්භිතා, පුබ්බෙ අකතකල්යාණා අග්ගිදඩ්ඪාව ආතපෙ.
Sinhala BJT399. සමහරු ඒ ගියතන්හි ප්‍රතිමුඛ කොට මෙහෙයන ලද්දවුන් මෙන් බිම වැටුණාහු වෙත්. ඔහු පෙර අත්බව්හි කුසල් නො කළාහු අව්වෙහි ලූ ගින්නෙන් දැවුණවුන් මෙන් බඩසයින් මහාදුක් විඳිත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(බුදුහු:)
Pali BJT400. මයං පුබ්බෙ පාපධම්මා ඝරණී කුලමාතරො, සන්තෙසු දෙය්යධම්මෙසු දීපං නාකම්හ අත්තනො.
Sinhala BJT400. “අපි පෙර ඊර්‍ෂ්‍යාදි ලාමක ස්වභාවය ඇති ගෘහණියන් වැ කුලමවුවරු වීමු. එසේ වූ අපි දේයධර්‍මයන් ඇති කල්හි තමන්හට ප්‍රතිෂ්ඨාවක් නො කළම්හ.”
Pali BJT401. පහූතං අන්තපානම්පි අපිස්සු අවකිරීයති, සම්මග්ගතෙ පබ්බජිතෙ න ච කිඤ්චි අදම්හසෙ
Sinhala BJT401. බොහෝ වූ ආහාරපාන ද සඟවනු ලැබීය. සුපිළිපන් පැවිද්දන්ට ද කිසි දෙයක් නුදුනුම්හ.
Pali BJT402. අකම්මකාමා අලසා සාදුකාමා මහග්ඝසා, ආලොපපිණ්ඩදාතාරො පටිග්ගහෙ පරිභාසිම්හසෙ.
Sinhala BJT402. අපි කුසල් දහම් නො කටැටිවන්නමෝ අලසවූවමෝ මිහිරිදැය කැමැත්තමෝ බොහෝ අනුභව කරන්නමෝ බත් පිඬෙක් පමණ දෙන්නමෝ ප්‍රතිග්‍රාහකයනට අවමන් කෙළෙමු.
Pali BJT403. තෙ ඝරා තා ච දාසියො තානෙවාභරණානි නො, තෙ අඤ්ඤෙ පරිචාරෙන්ති මයං දුක්ඛස්ස භාගිනො.
Sinhala BJT403. අපගේ ඒ ගෙවල් ද ඒ දාසීහු ද ඒ ආභරණ ද දැන් අපට නැත. ඒ ගෘහාදිය අන්හු පරිභෝග කෙරෙත්. අපි දුකට හිමි වූම්හ.
Pali BJT404. වෙණී වා අවඤ්ඤා හොන්ති රථකාරී ච දුබ්භිකා, චණ්ඩාලී කපණා හොන්ති නහාපිකා{1} ච පුනප්පුනං.
Sinhala BJT404. නින්දනීය වූ නළකරු වැ හෝ සොම්මර වැ හෝ උපදිත්. මිත්‍රද්‍රෝහී හෝ වෙත්. චණ්ඩාල කුල ඇති වැ හෝ ඉතා දිළිඳු වැ උපදිත්. නැහැවි වැ හෝ යළි යළි උපදිත්.
Pali BJT405. යානි යානි නිහීනානි කුලානි කපණානි ච, තෙසු තෙසෙව ව ජායන්ති එසා මච්ඡරිනො ගති.
Sinhala BJT405. ඉතා දිළිඳු යම් යම් පහත් කුලයෝ වෙත් නම් ඒ ඒ කුලයන්හි මැ උපදිත්. මේ මසුරුසිතැතියහුගේ ස්වභාවයයි.
Pali BJT406. පුබ්බෙව{2} කතකල්යාණා දායකා වීතමච්ඡරා, සග්ගං තෙ පරිපූරෙන්ති ඔභාසෙන්ති ච නන්දනං.
Sinhala BJT406. පූර්‍වයෙහි වූකලි කළ කුසල් ඇති දුරුකළ මසුරු මල ඇති දායකයෝ වෙත් නම් ඔහු ස්වර්‍ග ලෝකය පුරවති. නඳුනුයන ද බබුළුවත්.
Pali BJT407. වෙජයන්තෙ ච පාසාදෙ රමිත්වා කාමකාමිනො. උච්චාකුලෙසු ජායන්ති සභොගෙසු තතො චුතා.
Sinhala BJT407. විජයොත් පහයෙහි රමණය කොට කැමැති පරිදි කම් සැප විඳින ඔහූ ඉන් සැවැ මහසැපත් ඇති උසස් කුලයන්හි උපදිත්.
Pali BJT408. කූටාගාරෙ ච පාසාදෙ පල්ලඞ්කෙ ගොණකත්ථතෙ, වීජිතඞ්ගා{3} මොරහත්ථෙහි කුලෙ ජාතා යසස්සිනො.
Sinhala BJT408. මෙසේ උසස් කුලයන්හි උපන්නාහු කුළුගෙහි ද, පහයෙහි ද දික්ලොම් ඇති කොඳු පලස් අතුළ පලඟෙහි ද මොනරපිළින් යුත් වල්විදුනා වෙන් පවන් සලනුලබන සිරුරින් යුතු ව යසපිරිවරින් රමණය කරත්.
Pali BJT409. අඞ්කතො අඞ්කං ගච්ඡන්ති මාලාධාරී අලඞ්කතා, ධාතියො උපතිට්ඨන්ති සායං පාතං සුඛෙසිනො.
Sinhala BJT409. ඔහූ මල්මාලා දරන්නාහු අලංකෘත වූවෝ ඇකයෙන් ඇකයට යත්. සැප පතන්නා වූ කිරිමවුවරු උදේ සවස ඔවුනට උවැටන් කරත්.
Pali BJT410. නයිදං අකතපුඤ්ඤානං කතපුඤ්ඤානමෙවිදං, අසොකං නන්දනං රම්මං තිදසානං මහාවනං.
Sinhala BJT410. ශෝකරහිත වූ රම්‍ය වූ දෙවියන්ගේ මහවනය වූ මේ නඳුනුයන, පින් නො කළවුනට නො වේ. මෙය පින්කළවුනට ම ලැබිය හැකි ය.
Pali BJT411. සුඛං අකතපුඤ්ඤානං ඉධ නත්ථි පරත්ථ ච, සුඛඤ්ච කතපුඤ්ඤානං ඉධ චෙව පරත්ථ ච,
Sinhala BJT411. පින් නොකළවුන්ට මෙලොව ද පරලොව ද සැපයක් නැත. පින් කළවුන්ට මෙලොවත් පරලොවත් සැප ම ලැබේ.
Pali BJT412. තෙසං සහව්යකාමානං කත්තබ්බං කුසලං බහුං, කතපුඤ්ඤා හි මොදන්ති සග්ගෙ භොගසමඞ්ගිනො’ති.
Sinhala BJT412. ඒ දෙවියන් හා සහභාවය කැමැතියන් විසින් බොහෝ කුසල් කළයුතුයි. කළ පින් ඇතියාහු කම්සැපතින් යුතු වැ ස්වර්‍ගයෙහි සතුටු වෙති.
Pali BJTඅභිජ්ජමානපෙතවත්ථු පඨමං.
Sinhala BJTඅභිජ්ජමාන ප්‍රේතවස්තු යි.
Pali BJT3. 2.
Sinhala BJT3. 2.
Pali BJT413. කුණ්ඩිනගරියො{4} ථෙරො සානුවාසී නිවාසිනො, පොට්ඨපාදොති නාමෙන සමණො භාවිතින්ද්රියො.
Sinhala BJT413. කුණ්ඩි නගරයෙහි උපන් සානුවාසී පව්වෙහි වෙසෙන නමින් පොට්ඨපාද නම් වූ මහණ වැඩු සද්ධාදි ඉන්‍ද්‍රිය ඇති (රහත්) ශ්‍රමණ කෙනෙකි.
Pali BJT414. තස්ස මාතා පිතා භාතා දුග්ගතා යමලොකිකා, පාපකම්මං කරිත්වාන පෙතලොකං ඉතො ගතා.
Sinhala BJT414. උන්වහන්සේගේ මව ද පියා ද සොහොවුරා ද අගතියට ගියාහු යමලොව උපන්නාහු වෙත්. ඔහු පව්කම් කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියාහු වෙත්.
Pali BJT415. තෙ දුග්ගතා සූචිකට්ටා කිලන්තා නග්ගිනො කිසා, උත්තසන්තා මහාතාසා න දස්සෙන්ති කුරූරිනො.
Sinhala BJT415. දුගතියට ගිය, හිදිකටුවැනි රළු වස්ත්‍රාදියෙන් පෙළුණු, ක්ලාන්ත වූ ගත හා සිතැති, නග්න වූ කෘශ සිරුරු ඇති බියෙන් තැති ගන්නා වූ හටගත් මහත් බිය ඇති, දරුණු පව් කළ ඒ ප්‍රෙතයෝ සිය සිරුරු නො දක්වත්.
Pali BJT416. තස්ස භාතා විතරිත්වා නග්ගො එකපථෙකකො, චතුකුණ්ඩිකො භවිත්වාන ථෙරස්ස දස්සයී තුමං.
Sinhala BJT416. උන්වහන්සේගේ සොහොවුරු තෙමේ බිය දුරු කොට නග්න වැ එකපදික මාර්‍ගයෙහි හුදෙකලා වැ චතුකුණ්ඩික වැ (දෙදණ දෙඅත යන සිවු අඟින් යන්නෙක් වැ) තෙරුන්ට තමා දැක්වී.
Pali BJT417. ථෙරො චාමනසී කත්වා තුණ්හීභූතො අපක්කමි, සො ච විඤ්ඤාපයී ථෙරං භාතා පෙතගතො අහං.
Sinhala BJT417. තෙරහු ද ඒ නො මෙනෙහි කොට මෙන් තුෂ්ණිම්භූත ව වැඩියහ. ඒ ප්‍රේතයා ද “මම ඔබ වහන්සේගේ සොහොයුරා වෙමි”යි තෙරුනට තමා දැන්වීය.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(භික්‍ෂු:)
Pali BJT418. මාතා පිතා ච තෙ භන්තෙ දුග්ගතා යමලොකිකා, පාපකම්මං කරිත්වාන පෙතලොකං ඉතො ගතා.
Sinhala BJT418. වහන්ස, ඔබ වහන්සේගේ මව ද පියා ද දුකට පත්වූවාහු යමලොවට ගියාහු ය. ඔහු පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියාහු ය.
Pali BJT419. තෙ දුග්ගතා සූචිකට්ටා කිලන්තා නග්ගිනො කිසා, උත්තසන්තා{1} මහාතාසා{2} න දස්සෙන්ති කුරූරිනො.
Sinhala BJT419. දුගතියට ගිය, හිදිකටු වැනි රළු වස්ත්‍රාදියෙන් පෙළුණු, ක්ලාන්ත වූ ගත හා සිතැති, නග්න වූ, කෘශ ශරීර ඇති බියෙන් තැතිගන්නා වූ හටගත් මහත් බිය ඇති, දරුණු පව් කළ ඒ ප්‍රෙතයෝ සිය සිරුරු නො දක්වත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රේතී:)
Pali BJT420. අනුකම්පස්සු කාරුණිකො දත්වා අන්වාදිසාහි නො, තව දින්නෙන දානෙන යාපෙස්සන්ති කුරූරිනො.
Sinhala BJT420. කාරුණික වූ ඔබ වහන්සේ අනුකම්පා කරන සේක්වා. දන් දී අපට පින් පමුණුවන සේක්වා, ක්‍රෑරකර්‍ම ඇති ඔහු ඔබ වහන්සේ දුන් දනින් යැපෙන්නාහු ය.
Pali BJT421. ථෙරො චරිත්වා පිණ්ඩාය භික්ඛු අඤ්ඤෙ ව ද්වාදස, එකජ්ඣං සන්නිපතිංසු භත්තවිස්සග්ගකාරණා.
Sinhala BJT421. තෙරහු ද අනෙක් භික්‍ෂූහු දොළොස් නමක් ද පිඬු පිණිස හැසිර බත්කිස සඳහා එක් තැනකට රැස්වූහ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(භික්‍ෂු:)
Pali BJT422. ථෙරො සබ්බෙව තෙ ආහ යථා ලද්ධං දදාථ මෙ, සඞ්ඝභත්තං කරිස්සාමි අනුකම්පාය ඤාතිනං.
Sinhala BJT422. සානුවාසී තෙරහු අන් තෙරුනට මෙසේ කීහ: ඔබ වහන්සේ ලැබූ යම් දැයක් වේ නම් එය මට දෙන්න. නෑයන්ට අනුකම්පා පිණිස සඟබතක් කරන්නෙමි.
Pali BJT423. නිය්යාතයිංසු ථෙරස්ස ථෙරො සඞ්ඝං නිමන්තයී, දත්වා අන්වාදිසි ථෙරො මාතු පිතු ච භාතුනො.
Sinhala BJT423. (උන්වහන්සේ ද තමන් ලද දැය) තෙරුන්ට පවරා දුන්හ. තෙරහු සංඝයා නිමන්ත්‍රණය කළහ. දන් දී මවට ද පියාට ද සොහොවුරාට ද මෙසේ පින්පෙත් දුන්හ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රේතී:)
Pali BJT424. ඉදං මෙ ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො, සමනන්තරානුද්දිට්ඨෙ භොජනං උදපජ්ජථ.
Sinhala BJT424-425. “මේ පින මාගේ නෑයනට වේවා, (ඒ පිනෙන්) නෑයෝ සුවපත් වෙත්වා”යි පින් දීමට අනතුරුව ම නෑයනට පිරිසිදු වූ, ප්‍රණීත වූ, මිහිරි වූ නොයෙක් රසමසවුළෙන් යුත් දිව බොජුන් පහළ විය. ඉක්බිති ඔබගේ සොහොවුරා වර්‍ණවත් වැ බලවත් වැ සුවපත් වැ තමා දැක්වී ය.
Pali BJT425. සුචිං පණීතං සම්පන්නං අනෙකරසබ්යඤ්ජනං, තතො උද්දිසයී භාතා වණ්ණවා බලවා සුඛී.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT426. පහූතං භොජනං භන්තෙ පස්ස නග්ගාම්භසෙ මයං, තථා භන්තෙ පරක්කම යථා වත්ථං ලභාමසෙ.
Sinhala BJT426. “වහන්ස, බලන සේක්වා බොහෝ දිවබොජුන් ලදුම්හ. එහෙත් අපි නග්න වම්හ. වහන්ස, අපි වස්ත්‍ර ලබමෝ නම් එබඳු උත්සාහයක් කරනසේක්වා.”
Pali BJT427. ථෙරො සඞ්කාරකූටම්හා උච්චිනිත්වානනන්තකෙ, පිලොතිකං පටං කත්වා සඞ්ඝෙ චාතුද්දිසෙ අදා.
Sinhala BJT427. තෙරහු කසළගොඩින් ඉවත ලූ රෙදි කැබලි අවුළාගෙන රෙදි කැබලිවලින් සිව්රක් කොට සිව්දිගින් වැඩි සඟනට දුන්හ.