Petavatthu

Stories of Departed Spirits

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 1057

SegmentPali BJTSinhala BJT
Pali BJT276. පග්ගය්හ දක්ඛිණං බාහුං එත්ථ ගච්ඡථ භද්දං වො, එත්ථ දානං පදීයතෙ අසය්හස්ස නිවෙසනෙ.
Sinhala BJT276. “අසය්හ සිටුහුගේ මේ නිවසෙහි දන්දෙනු ලැබේ. මෙතැනට යවු, තොපට යහපතක් වේවා”යි මම දකුණ’ත දිගුකොට කීවෙමි.
Pali BJTSegment missing in this edition
Sinhala BJT(ඝතපණ්ඩිත:)
Pali BJT277. තෙන පාණි කාමදදො තෙන පාණි මධුස්සවො, තෙන මෙ බ්රහ්මචරියෙන පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති’ති.
Sinhala BJT277. ඒ පුණ්‍ය කර්‍ම හේතුයෙන් මාගේ අත කැමැති සම්පත් දෙන්නේ වෙයි. ඒ හේතුයෙන් මාගේ අත ඉෂ්ටවස්තු ගුරුවන්නේ වෙයි. මාගේ ඒ උතුම් හැසිරීම් හේතුයෙන් මා අත්හි පින්පල පහළ වේ.
Pali BJT278. න කිර ත්වං අදා දානං සකපාණිහි කස්සචි, පරස්ස දානං අනුමොදමානො පාණිං පග්ගය්හ පාවදි.
Sinhala BJT278. තෙපි වූ කලි සිය අතින් කිසිවකුට දනක් නුදුන්නාව. අනෙකකුගේ දානය අනුමෝදන් වෙමින් අත දිගු කොට කීවහු වනැ.
Pali BJTSegment missing in this edition
Sinhala BJT(කෙසව:)
Pali BJT279. තෙන පාණි කාමදදො තෙන පාණි මධුස්සවො, තෙන තෙ බ්රහ්මචරියෙන පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣති.
Sinhala BJT279. ඒ හේතුයෙන් තොපගේ අත කැමැති සම්පත් දෙන්නේ වෙයි. ඒ හේතුයෙන් තොප අත ඉෂ්ටවස්තු ප්‍රසව කරන්නේ වෙයි. තොපගේ ඒ බ්‍රහ්මචර්‍ය්‍යායෙන් අත්හි පුණ්‍ය ඵලය පහළ වෙයි.
Pali BJT280. යො සො දානමදා භන්තෙ පසන්නො සකපාණිහි, සො හිත්වා මානුසං දෙහං කින්නු සො දිසතං ගතො’ති
Sinhala BJT280. පින්වත. යම් අසය්හ නම් සිටුවරයෙක් පහන් සිතැතිව සියතින් දන් දුන්නේ ද, හේ මිනිස් සිරුර හැර පියා කවර දෙසකට ගියේ වේ ද?
Pali BJTSegment missing in this edition
Sinhala BJT(ඝතපණ්ඩිත:)
Pali BJT281. නාහං පජානාමි අසය්හසාහිනො අඞ්ගීරසස්ස ගතිං ආගතිං වා සුතඤ්ච මෙ වෙස්සවණස්ස සන්තිකෙ සක්කස්ස සහව්යතං ගතො අසය්හො’ති.
Sinhala BJT281. අන්‍යයන් විසින් ඉවසිය නොහැකි පරිත්‍යාගාදිය ඉවසන, සිරුරින් රැස් විහිදෙන අසය්හ සිටුහුගේ පරලොව ගමන හෝ යළි මෙලොවට ආගමනය මම නොදනිමි. වැළිත් අසය්හ සිටුතුමා ශක්‍රයාගේ සහභාවයට ගියේ යැ යි මා විසින් වෙසවුණු සමීපයෙහි දී අසන ලද.
Pali BJT282. අලමෙව කාතුං කල්යාණං දානං දාතුං යථාරහං, පාණිං කාමදදං දිස්වා කො පුඤ්ඤං න කරිස්සති.
Sinhala BJT282. කිසියම් පිනක් කරන්නට සුදුසු ම ය, ශක්ති පරිදි දනක් දෙන්නට සුදුසු ම ය. කැමති සම්පත් දෙන අත දැක (මා වැනි) කවරෙක් නම් පිනක් නො කරන්නේ ද?
Pali BJT283. සො හි නූන ඉතො ගන්ත්වා අනුප්පත්වාන ද්වාරකං, දානං පට්ඨාපයිස්සාමි යං මමස්ස සුඛාවහං.
Sinhala BJT283. ඒ මම මේ වලිකතරින් ඉවත් වැ ගොස් ද්වාරවතී නුවරට පැමිණ යම් පිනක් මට සැප ඵලවනුයේ වේ නම් ඒ දානමය පින පවත්වන්නෙමි.
Pali BJT284. දස්සාමන්නඤ්ච පානඤ්ච වත්ථසෙනාසනානි ච, පපඤ්ච උදපානඤ්ච දුග්ගෙ සඞ්කමනානි ච.
Sinhala BJT284. අහර හා පැන් ද පිළී සහ සෙනසුන් ද දෙමි. පැන්හල් හා ළිං ද දුර්‍ගයන්හි හේ දඬු ද පිහිටුවන්නෙමි.
Pali BJT285. කෙන තෙ අඞ්ගුලී කුණ්ඨා මුඛඤ්ච කුණ්ඩලීකතං, අක්ඛිනී ච පග්ඝරන්ති කිං පාපං පකතං තයා’ති.
Sinhala BJT285. කුමක් නිසා තොපගේ ඇඟිලි කුණුව වකුටු වී ද? මුහුණ කොඬොලක් මෙන් විකාර වූයේ ද? ඇසින් කබ වැහෙන්නේ ද? තොප විසින් කිනම් පවක් කරන ලද ද?
Pali BJT286. අඞ්ගීරසස්ස ගහපතිනො සද්ධස්ස ඝරමෙසිනො, තස්සාහං දානවිස්සග්ගෙ දානෙ අධිකතො අහුං.
Sinhala BJT286. සිරුරෙන් රැස් විහිදෙන, ගැහැවියෙක් වූ, සැදැහැති, ගිහිගෙයි වසන, ඒ අසය්හ සිටුහුගේ දන්දෙන තැන දන් දීමෙහි අධිකාරි වශයෙන් මම පත්කරන ලද වෙමි.
Pali BJT287. තත්ථ යාචනකෙ දිස්වා ආගතෙ භොජනත්ථිකෙ, එකමන්තං අපක්කම්ම අකාසිං කුණ්ඩලීමුඛං.
Sinhala BJT287. එහි අහර පිණිස පැමිණි යදියන් දැක මම එකත් පසෙකට ඉවත් වැ මුහුණ හැකිළවූයෙමි.
Pali BJT288. තෙන මෙ අඞ්ගුලී කුණ්ඨා මුඛඤ්ච කුණ්ඩලීකතං, අක්ඛිනී ච පග්ඝරන්ති තං පාපං පකතං මයා’ති.
Sinhala BJT288. එහෙයින් මාගේ ඇඟිලි වකුටු විය. මුහුණ ද හැකුළුණේ විය. ඇසින් කඳුළු වැගිරේ. ඒ පව මා විසින් කරන ලද.
Pali BJT289. ධම්මෙන තෙ කාපුරිස මුඛඤ්ච කුණ්ඩලීකතං, අක්ඛීනි ච පග්ඝරන්ති, යං ත්වං පරස්ස දානස්ස අකාසි කුණ්ඩලීමුඛන්ති.
Sinhala BJT289. නින්‍දිත පුරුෂය, තොපි යම් හෙයෙකින් මෙරමා ගේ දනට මුව හැකිළවීම් කළහු ද, එහෙයින් ධර්‍මය අනුව තොපගේ මුහුණ හැකිළිණි. ඇස් ද කඳුළු වගුරයි.
Pali BJTSegment missing in this edition
Sinhala BJT(කෙසව:)
Pali BJT290. කථං හි දානං දදමානො කරෙය්ය පරපත්තියං, අන්නං පානං ඛාදනීයං වත්ථසෙනාසනානි චා’ති.
Sinhala BJT290. ආහාර පාන ද කෑයුතු දෑ ද පිළී හා සෙනසුන් ද දෙන පුරුෂ කෙසෙයින් මෙරමා ලවා සිදු කටයුත්තක් කරන්නේ ද.
Pali BJT291. සො හි නූන ඉතො ගන්ත්වා අනුප්පත්වාන ද්වාරකං, දානං පට්ඨාපයිස්සාමි යං මමස්ස සුඛාවහං.
Sinhala BJT291. ඒ මම මෙයින් ගොස් ද්වාරවතී නුවරට පැමිණ මෙලොව පරලොව සැප උපදවන මහදන් පවත්වන්නෙමි.
Pali BJT292. දස්සාමනනඤ්ච පානඤ්ච වත්ථසෙනාසනානි ච, පපඤ්ච උදපානඤ්ච දුග්ගෙ සඞ්කමනානි චා’ති.
Sinhala BJT292. ආහාර පාන ද පිළී හා සෙනසුන් ද පැන්සල් සහ දිය පොකුණු ද දුර්‍ගමස්ථානයෙහි හේ දඬු පාලම් ද කරවා දෙන්නෙමි.
Pali BJT293. තතො හි සො නිවත්තිත්වා අනුප්පත්වාන ද්වාරකං, දානං පට්ඨාපයි අඞ්කුරො යං තුමස්ස සුඛාවහං.
Sinhala BJT293. ඒ අංකුර තෙමේ ඒ මරුකතරින් පෙරළා නික්මැ ද්වාරවතී නුවරට පැමිණ යම් දනක් තමහට සැප එළවා නම් ඒ මහදන් පැවැත්වී ය.
Pali BJT294. අදා අන්නඤ්ච පානඤ්ච වත්ථසෙනාසනානි ච, පපඤ්ච උදපානඤ්ච විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT294. පහන් සිතින් යුතු වැ අහර හා පැන් ද, පිළී සහ සෙනසුන් ද පැන්හල් සහ දියපොකුණු ද දුන්නේ ය.
Pali BJT295. කො ඡාතො කො ච තසිතො කො වත්ථං පරිවස්සති, කස්ස සන්තානි යොග්ගානි ඉතො යොජෙන්තු වාහනං.
Sinhala BJT295. කවරෙක් බඩසා ඇත්තේ ද කවරෙක් පවස් ඇත්තේ ද කවරෙක් පිළී වැළඳගන්නේ වේ ද කවරෙකු ගේ රියෙහි ගොන්නු විඩාවට පැමිණියාහු ද මේ වාහන සමූහයෙන් කැමැති වාහනයක් යොදා ගනිත්වා.
Pali BJT296. කො ඡත්තිච්ඡති ගන්ධඤ්ච කො මාලං කො උපාහනං, ඉතිස්සු තත්ථ ඝොසෙන්ති කප්පකා සූදමාගධා: සදා සායඤ්ච පාතො ච අඞ්කුරස්ස නිවෙසනෙ’ති.
Sinhala BJT296. කවරෙක් කුඩ කැමැත්තේ ද කවරෙක් ගඳ - මල් කැමැත්තේ ද කවරෙක් වහන් කැමැත්තේ දෑ යි මෙසේ කියමින් ඒ අංකුරගේ නිවසෙහි කපුවෝ ද අරක්කැමියෝ ද සුවඳ දෙන්නෝ ද හැම දා උදයසවස ඝෝෂා කෙරෙති.
Pali BJT297. සුඛං සුපති අඞ්කුරො ඉති ජානාති මං ජනො, දුක්ඛං සුපාමි සින්ධක යං න පස්සාමි යාචකෙ.
Sinhala BJT297. අංකුර සැපසේ නිදති යි මහජන තෙමේ මා (ගැන) දනියි. සින්‍ධකය, යම් හෙයෙකින් මම යදියන් නො දක්නෙම් ද, එහෙයින් (මම) දුකසේ නිදමි.
Pali BJTSegment missing in this edition
Sinhala BJT(වෙළෙඳෝ ධනපාල ප්‍රේතයා දැක මෙසේ විචාරති:)
Pali BJT298. සුඛං සුපති අඞ්කුරො ඉති ජානාති මං ජනො, දුක්ඛං සුපාමි සින්ධක අප්පකෙසු වණිබ්බකෙ.
Sinhala BJT298. අංකුර සැපසේ නිදති යි ජන තෙමේ මා දනියි. ගුණ කියමින් යදිනවුන් (දන්සැලෙහි) මද වූකල්හි සින්‍ධකය මම දුකසේ නිදමි.
Pali BJT299. සක්කො චෙ තෙ වරං දජ්ජා තාවතිංසානමිස්සරො, කිස්ස සබ්බස්ස ලොකස්ස වරමානො වරං වරෙ’ති.
Sinhala BJT299. තව්තිසා වැසි දෙවියන්ට ද සියලු ලෝකයාට ද ප්‍රධාන වූ ශක්‍ර තෙමේ තොපට වරයක් දෙන්නේ නම් වර කැමැති වූ තෙපි කිනම් වරයක් අයදිනහු ද?
Pali BJTSegment missing in this edition
Sinhala BJT(ධනපාල ප්‍රේතයා:)
Pali BJT300. සක්කො චෙ මෙ වරං දජ්ජා තාවතිංසානමිස්සරො, කාලුට්ඨිතස්ස මෙ සතො සුරියස්සුග්ගමනං පති. දිබ්බා භක්ඛා පාතූභවෙය්යුං සීලවන්තො ච යාචකා,
Sinhala BJT300-301. ඉඳින් තව්තිසා වැසියනට ඉසුරුවූ සක්දෙවිඳු මට වරයක් දෙන්නේ නම් මෙබඳු වරයක් සක්දෙවිඳුගෙන් පතමි. එනම්: අලුයම නගී සිටි මට හිරු උදාවන වේලෙහි ම දිව්‍යමය ආහාරයෝ පහළ වෙත්වා. යදියෝ සිල්වත් වෙත්වා. දන්දෙන මාගේ දානවස්තුව නො ගෙවේවා. දන් දී මම පසුතැවිලි නො වෙම්වා. දන්දෙමින් සිත පහදවම්වා යනු යි.
Pali BJT301. දදතො මෙ න ඛීයෙථ දත්වා නානුතපෙය්යහං, දදං චිත්තං පසාදෙය්යං එවං සක්කං{1} වරං වරෙ’ති.
Sinhala BJTSegment missing in this edition
Pali BJTSegment missing in this edition
Sinhala BJT(වෙළෙඳෝ:)
Pali BJT302. න සබ්බවිත්තානි පරෙ පවෙච්ඡෙ දදෙය්ය දානඤ්ච ධනඤ්ච රක්ඛෙ, තස්මා හි දානා ධනමෙව සෙය්යො අතිප්පදානෙන කුලා න හොන්ති.
Sinhala BJT302. සියලු වස්තූපකරණයෙන් අන්හට නො දෙන්නේය. දන් ද දෙන්නේ ය, ධනය ද රක්නේ ය. එහෙයින් දන් දීමට වඩා ධනය ම උතුම් වෙයි. අධික දානයෙන් කුලයෝ නො පවතිත්.
Pali BJT303. අදානමතිදානඤ්ච නප්පසංසන්ති පණ්ඩිතා තස්මා හි දානා ධනමෙව සෙය්යො, සමෙන වත්තෙය්ය සධීරධම්මො’ති.
Sinhala BJT303. නුවණැත්තෝ අදානයත් අතිදානයත් නො පසසත්, එහෙයින් දානයට වඩා ධනය ම උතුම් වෙයි. දීම් නො දීම් දෙක්හි සම ලෙස පවත්නේ ය, එය වූ කලි නැණැතියන් ගිය මග යි.
Pali BJTSegment missing in this edition
Sinhala BJT(ධනපාල:)
Pali BJT304. අහො වතාරෙ අහමෙව දජ්ජං සන්තො හි මං සප්පුරිසා භජෙය්යුං, මෙඝොව නින්නානභිපූරයන්තො{1} සන්තප්පයෙ සබ්බවණිබ්බකානං.
Sinhala BJT304. (අංකුර:) භවත, සෝනකය, මම දන් දෙන්නෙම් ම යැ. සන්හුන් තිදොර ඇති සත්පුරුෂයෝ මා ඇසුරු කෙරෙත්වා. පහත්බිම් මනා ලෙස පුරවමින් වසින මහාමේඝයක් මෙන් සියලු යදිදනන්ගේ මන දොළ සන්තර්‍පණය කෙරෙම්වා.
Pali BJT305. යස්ස යාචනකෙ දිස්වා මුඛවණ්ණො පසීදති, දත්වා අත්තමනො හොති තං ඝරං වසතො සුඛං.
Sinhala BJT305. යදියන් දැක යමෙකුගේ මුඛවර්‍ණය පැහැපත් වේ ද, යමෙක් දන් දී සතුටු සිතැති වේ ද, ඒ ගෙය (එහි) වසන්නහුට සැප වේ.
Pali BJT306. යස්ස යාචනකෙ දිස්වා මුඛවණ්ණො පසීදති, දත්වා අත්තමනො හොති එසා යඤ්ඤස්ස{2} සම්පදා.
Sinhala BJT306. යදියන් දැක යමකුගේ මුඛවර්‍ණය පහදී ද, දන් දී යමෙක් තුටු සිත් ඇති වේ ද, මෝ දානය පිළිබඳ සම්පත්තියි.
Pali BJT307. පුබ්බෙව දානා සුමනො දදං චිත්තං පසාදයෙ, දත්වා චත්තමනො හොති එසා යඤ්ඤස්ස සම්පදා’ති.
Sinhala BJT307. දන් දීමෙන් පෙර ම සතුටු සිත් ඇත්තේ වේ ද, දන් දෙන විටත් සිත පහදවන්නේ වේ ද, දන් දී අවසන්හිත් සතුටු සිත් ඇත්තේ වේ ද, මෝ දානයාගේ සම්පත් වේ.
Pali BJT308. සට්ඨිවාහසහස්සානි අඞ්කුරස්ස නිවෙසනෙ, භොජනං දීයතෙ නිච්චං යඤ්ඤපෙක්ඛස්ස ජන්තුනො.
Sinhala BJT308. දන් දීමෙහි ම අදහස් ඇති අංකුර රජුගේ නිවෙසෙහි ගැල් සැටදහසක අහර නිතර සත්ත්‍වවර්‍ගයාට දෙනුලැබේ.
Pali BJT309. තිසහස්සානි සූදා හි ආමුත්තමණිකුණ්ඩලා, අඞ්කුරං උපජීවන්ති දානෙ යඤ්ඤස්ස ව්යාවටා.
Sinhala BJT309. මහායාග යැ යි නම් කරනු ලැබූ මේ දානයෙහි යෙදී සිටි නොයෙක් මිණිකොඬොල් පැළඳි තුන්දහසක් පමණ අරක්කැමියෝ අංකුර රජු නිසා ජීවත් වෙත්.
Pali BJT310. සට්ඨිපුරිසසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා, අඞ්කුරස්ස මහාදානෙ කට්ඨං ඵාලෙන්ති මාණවා.
Sinhala BJT310. පළන් මිණි කොඬොල් ඇති සැට දහසක් තරුණ පුරුෂයෝ ඒ අංකුර රජුගේ මහාදානයෙහි දර පළත්.
Pali BJT311. සොළසිත්ථිසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, අඞ්කුරස්ස මහාදානෙ විධා පිණ්ඩෙන්ති නාරියො.
Sinhala BJT311. අංකුර රජුගේ මහාදානයෙහි සව්ලකරින් සැරසුණු සොළොස් දහසක් අඟනෝ කුළුබඩු අඹරා පිඬු කරත්.
Pali BJT312. සොළසිත්ථිසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, අඞ්කුරස්ස මහාදානෙ දබ්බිගාහා උපට්ඨිතා.
Sinhala BJT312. අංකුර රජුගේ මහදනගැ සව්ලකරින් සැරසුණු සොළොස් දහසක් අඟනෝ හැඳිගත් අත් ඇතිව එළඹ සිටියෝ වෙත්.
Pali BJT313. බහුං බහුන්නං පාදාසි චිරං පාදාසි ඛත්තියො, සක්කච්චඤ්ච සහත්ථා ච චිත්තීකත්වා පුනප්පුනං.
Sinhala BJT313. ඒ රජ නන් දනහට බොහෝ කලක් බොහෝ දන් දුන්නේ ය. සකස් කොට ද සියතින් ද ගරුබුහුමන් පෙරදැරි කොට පුනපුනා දුන්නේය.
Pali BJT314. බහූ මාසෙ ච පක්ඛෙ ච උතුසංවච්ඡරානි ච, මහාදානං පවත්තෙසි අඞ්කුරො දීඝමන්තරං.
Sinhala BJT314. අංකුර තෙමේ බොහෝ මාසගණනක් මුළුල්ලෙහි ද බොහෝ පක්‍ෂ ගණනක් මුළුල්ලෙහි ද බොහෝ ඍතු මුළුල්ලෙහි ද බොහෝ අවුරුදු මුළුල්ලෙහි ද දිගුකලක් මහදන් දුන්නේ ය.
Pali BJT315. එවං දත්වා යජිත්වා ච අඞ්කුරො දීඝමන්තරං, සො හිත්වා මානුසං දෙහං තාවතිංසූපගො අහූ’ති.
Sinhala BJT315. මෙසේ අංකුර දිගුකලක් දන් දී මහායාග කොට මිනිස් සිරුර හැරපියා තව්තිසා දෙව්ලොවට ගියේ ය.
Pali BJT316. කටච්ඡුභික්ඛං දත්වාන අනුරුද්ධස්ස ඉන්දකො, සො හිත්වා මානුසං දෙහං තාවතිංසූපගො අහූ.
Sinhala BJT316. ඒ ඉන්‍දක තරුණයා අනුරුත් තෙරුන්හට සැන්දක් පමණ බත් දී මිනිසත් බව හැරපියා තව්තිසා දෙව්ලොවට ගියේ ය.
Pali BJT317. දසහි ඨානෙහි අඞ්කුරං ඉන්දකො අතිරොචති, රූපෙ සද්දෙ රසෙ ගන්ධෙ ඵොට්ඨබ්බෙ ච මනොරමෙ.
Sinhala BJT317-318. ඉන්‍දක දෙවිඳු අංකුර දෙව්පුතුට වඩා දස කරුණෙකින් අධික වැ බබළයි. මනහර වූ රූපයෙන් ද ශබ්දයෙන් ද රසයෙන් ද සුවඳින් ද පහසින් ද ආයුෂයෙන් ද පරිවාර සම්පත්තියෙන් ද සිරුරු පැහැයෙන් ද සැපයෙන් ද ඉසුරෙන් ද ඉන්‍දක අංකුර පසුබා බබළයි.
Pali BJT318. ආයුනා යසසා චෙව වණ්ණෙන ච සුඛෙන ච, ආධිපච්චෙන අඞ්කුරං ඉන්දකො අතිරොචතී’ති.
Sinhala BJTSegment missing in this edition
Pali BJT319. මහාදානං තයා දින්නං අඞ්කුරො දීඝමන්තරං, අතිදූරෙ නිසින්නොසි ආගච්ඡ මම සන්තිකෙ’ති.
Sinhala BJT319. අංකුරය, තොප විසින් දිගුකලක් මහදන් දෙන ලද. තෙපි දැන් ඉතා දුර සිටිනහු, මා වෙත එවු.
Pali BJT320. තාවතිංසෙ යදා බුද්ධො සිලායං පණ්ඩුකම්බලෙ, පාරිච්ඡත්තකමූලම්හී විහාසි පුරිසුත්තමො.
Sinhala BJT320. යම් කලෙක පුරුෂෝත්තම වූ බුදුහු තව්තිසා දෙව්ලොවැ පරසතුරුක්මුලැ පඬු ඇඹුල් සලස්නේහි වුසූහු ද,
Pali BJT321. දසසු ලොකධාතූසු සන්නිපතිත්වාන දෙවතා, පයිරුපාසන්ති සම්බුද්ධං වසන්තං නගමුද්ධනි.
Sinhala BJT321. දසදහසක් ලෝධාහි දෙවියෝ රැස් වැ මෙර මුදුනෙහි වසන සම්බුදුන් ඇසුරු කෙරෙත්.
Pali BJTSegment missing in this edition
Sinhala BJT(අජාසත් රජ ප්‍රේතයා දැක:)
Pali BJT322. න කොචි දෙවො වණ්ණෙන සම්බුද්ධං අතිරොචති, සබ්බෙ දෙවෙ අධිගය්හ සම්බුද්ධොව විරොචති.
Sinhala BJT322. කිසි දෙවිකෙනෙක් සිරුරු පැහැයෙන් බුදුනට වඩා නො බබළති. බුදුහු ම සියලු දෙවියන් අබිබවා බබළති.
Pali BJT323. යොජනානි දස ද්වෙ ච අඞ්කුරොයං තදා අහු, අවිදූරෙව බුද්ධස්ස ඉන්දකො අතිරොචති.
Sinhala BJT323. මේ අංකුර එකලැ දොළොස් යොදනක් පමණ දුරැ විය. ඉන්‍දක වූකලි බුදුන්හට නුදුරු තැන ම අධික වැ බබළයි.
Pali BJTSegment missing in this edition
Sinhala BJT(ප්‍රේතයා:)
Pali BJT324. ඔලොකෙත්වාන සම්බුද්ධො අඞ්කුරඤ්චාපි ඉන්දිකං, දක්ඛිණෙය්යං පභාවෙන්තො ඉදං වචනමබ්රුවී.
Sinhala BJT324-325. බුදුහු අංකුර ද ඉන්‍දක ද බලා දන් පිළිගැනීමට සුදුස්සා පැහැදිලි කෙරෙමින් මේ වචන කීහු: අංකුරය, තොප විසින් දිගුකලක් මහදන් දෙන ලද. තෙපි ඉතා දුරැ සිටිනහු. මා වෙත ඒවු.
Pali BJT325. මහාදානං තයා දින්නං අඞ්කුරො දීඝමන්තරං, අතිදූරෙ නිසින්නොසි ආගච්ඡ මම සන්තිකෙ.
Sinhala BJTSegment missing in this edition
Pali BJT326. චොදිතො භාවිතත්තෙන අඞ්කුරො ඉදමබ්රුවි, කිං මය්හං තෙන දානෙන දක්ඛිණෙය්යෙන සුඤ්ඤතං.
Sinhala BJT326. භාවිත සිත් ඇති බුදුන් විසින් මෙහෙයුම් ලද අංකුර මේ වචනය කී ය: දක්‍ෂිණාර්‍හයන්ගෙන් හිස් වූ මාගේ දානයෙන් කවර ප්‍රයෝජන ද?
Pali BJT327. අයං සො ඉන්දකො යක්ඛො දජ්ජා දානං පරිත්තකං, අතිරොචති අම්හෙහි චන්දො තාරාගණෙ යථා.
Sinhala BJT327. ඒ මේ ඉන්‍දක දෙව්පිත් සුලු දනක් දී තරුගණ මැද සඳ මෙන් අප අබිබවා බබළයි.
Pali BJT328. උජ්ජඞ්ගලෙ යථා ඛෙත්තෙ බීජං බහුකම්පි{1} රොපිතං, න විපුලං ඵලං හොති නපි තොසෙති කස්සකං.
Sinhala BJT328. යම් සේ ඉතා තදබිම ඇති කෙතෙහි වපුළ බිජුවට බොහෝ වුව ද මහත්ඵල නො වේ ද, එය කස්සකයා නො ම සතුටු කෙරේ ද,
Pali BJT329. තථෙව දානං බහුකං දුස්සීලෙසු පතිට්ඨිතං, න විපුලං ඵලං හොති නපි තොසෙති දායකං.
Sinhala BJT329. එසේ ම දුශ්ශීලයන් කෙරෙහි පිහිටුවන ලද මහාදානය මහඟු ඵල දෙන්නේ නො වේ. එය කස්සකයා නො ම සතුටු කෙරේ.
Pali BJT330. යථාපි භද්දකෙ ඛෙත්තෙ බීජං අප්පම්පි රොපිතං, සම්මා ධාරං පවෙච්ඡන්තෙ ඵලං තොසෙති කස්සකං.
Sinhala BJT330. යම්සේ යහපත් කෙතෙකැ වපුළ බිජුවට අල්ප වුව ද වැසි දහර මොනොවට පවත්නා කලැ ඵලය (අස්වැන්න) ගොවියා සතුටු කෙරේ ද?
Pali BJTSegment missing in this edition
Sinhala BJT(ප්‍රේතයා:)
Pali BJT331. තථෙව සීලවන්තෙසු ගුණවන්තෙසු තාදිසු, අප්පකම්පි කතං කාරං පුඤ්ඤං හොති මහප්ඵල’න්ති.
Sinhala BJT331. එසේ ම ධ්‍යානාදි ගුණවත් තාදී (නොසෙල්වෙන) ලක්‍ෂණයෙන් යුත් සිල්වතුන් කෙරෙහි කරන ලද පුණ්‍යෝපකාරය ස්වල්ප වුව ද මහත් ඵල ඇත්තේ වෙයි.
Pali BJT332. විචෙය්ය දානං දාතබ්බං යත්ථ දින්නං මහප්ඵලං, විචෙය්ය දානං දත්වාන සග්ගං ගච්ඡන්ති දායකා.
Sinhala BJT332. යමකු විෂයෙහි දෙන දන මහත්ඵල වේ නම් එබඳු පින්කෙත නුවණින් පිරික්සා දියයුතු ය. දායකයෝ නුවණින් පිරික්සා දන් දී සුගතියට යෙති.
Pali BJT333. විචෙය්ය දානං සුගතප්පසත්ථං යෙ දක්ඛිණෙය්යා ඉධ ජීවලොකෙ, එතෙසු දින්නානි මහප්ඵලානි බීජානි වුත්තානි යථා සුඛෙත්තෙ’ති.
Sinhala BJT333. මේ මිනිස් ලොවැ දන් පිළිගැනීමට සුදුසු යම් පුද්ගලයෝ වෙත් ද ඔවුන් නුවණින් පිරික්සා දන් දීම බුදුන් විසින් පසස්නා ලද. යහපත් කෙතෙහි වපුළ බිජුවට යම්සේ ද, එසේ ම මේ දක්‍ෂිණාර්‍හයන් විෂයෙහි දුන් දන ද මහත්ඵල වේ.
Pali BJTඅඞ්කුරපෙතවත්ථු නවමං.
Sinhala BJTඅංකුර ප්‍රේතවස්තු යි.
Pali BJT2. 10.
Sinhala BJT2. 10.
Pali BJT334. දිවාවිහාරගතං භික්ඛුං ගඞ්ගාතීරෙ නිසින්නකං, තං පෙතී උපසඞ්කම්ම දුබ්බණ්ණා භීරුදස්සනා.
Sinhala BJT334.විවරණ වූ බියකරු දැකුම් ඇති ප්‍රෙති දිවාවිහරණයේ යෙදී ගංතෙර හුන් ඒ භික්‍ෂූහු වෙත එළඹියා.
Pali BJT335. කෙසා චස්සා අතිදීඝා යාව භූමාවලම්බරෙ, කෙසෙහි සා පටිච්ඡන්නා සමණං එතදබ්රවී.
Sinhala BJT335. ඇගේ කෙස් වැටිය ද ඉතා දිග ය. බිම දක්වා එල්බෙයි. කෙහෙයෙන් පිළිසන් වූ ඕ මහණහට මේ වචනය කීවා.
Pali BJT336. පඤ්චපණ්ණාසවස්සානි යතො කාලකතා අහං, නාභිජානාමි භුත්තං වා පීතං වා පන පානීයං: දෙහි ත්වං පානීයං භන්තෙ තසිතා පානීයාය මෙ’ති.
Sinhala BJT336. වහන්ස, මම යම්දවසක කලුරිය කළා වෙම් නම් එතැන් සිට පස්පනස් වසරක් මුළුල්ලෙහි අනුභව කළ අහරක් හෝ පූ පැනක් නො දනිමි. පවසින් පෙළුණෙමි. පැන් පිණිස (ඇවිදිනා) මට තෙපි පැනක් දෙවු.
Pali BJTSegment missing in this edition
Sinhala BJT(වෙළඳ බමුණා අංකුර වෙළෙඳහට මෙසේ කියයි:)
Pali BJT337. අයං සීතොදිකා ගඞ්ගා හිමවන්නතො සන්දති, පිව එත්තො ගහෙත්වාන කිං මං යාචසි ජානීයං.
Sinhala BJT337. සිහිල් දිය ඇති මේ ගඟ හිමවත් පව්වෙන් ගලා බසී. මේ ගඟින් දිය ගෙන පානය කරව, කුමක් හෙයින් මා (ගෙන්) පැන් යදිහි ද?
Pali BJT338. සචාහං භන්තෙ ගඞ්ගාය සයං ගණ්හාමි පානීයං, ලොහිතං මෙ පරිවත්තති තස්මා යාචාමි පානීයං.
Sinhala BJT338. වහන්ස, ඉඳින් මම ගඟෙහි පැන් තොමෝ ම ගන්නෙම් නම් එය මට ලෙයට පෙරළෙයි. එහෙයින් (තොප) පැන් යදිමි.
Pali BJT339. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන ගඞ්ගා තෙ හොති ලොහිතන්ති.
Sinhala BJT339. කයින් වචනයෙන් සිතින් කිනම් පවක් කරන ලද ද? කිනම් පව්කමක විපාකයෙන් ගඟ (දිය) තිට ලේ වෙයි ද?
Pali BJT340. පුත්තො මෙ උත්තරො නාම සද්ධො ආසි උපාසකො, සො මය්හං අකාමාය සමණානං පවෙච්ඡති.
Sinhala BJT340-341. මාගේ උත්තර නම් පුත් සැදැහැවත් උපාසකයෙක් විය. හේ මාගේ නො කැමැත්තෙන් මහණුන්හට සිවුරු ද පිණ්ඩපාතය ද සෙනසුන් සහ ගිලන් පස ද දෙයි. මසුරුකමින් පෙළුණු මම ඔහුට මෙසේ පරිභව කෙරෙමි:
Pali BJTSegment missing in this edition
Sinhala BJT(බමුණා:)
Pali BJT341. චීවරං පිණ්ඩපාතඤ්ච පච්චයං සයනාසනං, තමහං පරිභාසාමි මච්ඡෙරෙන උපද්දුතා.
Sinhala BJTSegment missing in this edition
Pali BJT342. යං ත්වං මය්හං අකාමාය සමණානං පවෙච්ඡසි, චීවරං පිණ්ඩපාතඤ්ච පච්චයං සයනාසනං.
Sinhala BJT342. යම් හෙයෙකින් තෙපි මාගේ නො කැමැත්තෙන් මහණුන්හට සිවුරු පිණ්ඩපාත ප්‍රත්‍යය සෙනසුන් දෙවු ද?
Pali BJTSegment missing in this edition
Sinhala BJT(අංකුර:)
Pali BJT343. එතං තෙ පරලොකස්මිං ලොහිතං හොතු උත්තරං තස්ස කම්ම විපාකෙන ගඞ්ගා මෙ හොති ලොහිත’න්ති.
Sinhala BJT343. “උත්තරය, මේ සියල්ල ම තොපට පරලොව දී ලේ වේවා” යනුයි. ඒ පව්කම්හි විපාකයෙන් ගඟ දිය මට ලේ වෙයි.
Pali BJTඋත්තරමාතුපෙතවත්ථු දසමං.
Sinhala BJTඋත්තරමාතෘ ප්‍රේතවස්තු යි.
Pali BJTSegment missing in this edition
Sinhala BJT(බමුණා:)
Pali BJT2. 11.
Sinhala BJT2. 11.
Pali BJT344. අහං පුරෙ පබ්බජිතස්ස භික්ඛුනො සුත්තං අදාසිං උපගම්ම යාචිතා, තස්ස විපාකො විපුලඵලූපලබ්භති බහූ ච මෙ උපපජ්ජරෙ වත්ථකොටියො.
Sinhala BJT344. පෙර මා වෙත අවුත් (නූල්) ඉල්ලූ පැවිදි වූ කෙලෙසුන් සුන් (එක් පසේ බුදුවරයකුට) මම නූල් දිනිමි. ඒ දන්හි මහත් ඵලය දැන් ලැබේ. බොහෝ වූ වස්ත්‍ර යුගළයෝ මට උපදිති.
Pali BJTSegment missing in this edition
Sinhala BJT(අංකුර:)
Pali BJT345. පුප්ඵාභිකිණ්ණං රමිතං විමානං අනෙකචිත්තං නරනාරිසෙවිතං, සාහං භුඤ්ජාමි ච පාරුපාමි ච පහූතචිත්තා{1} න ච තාව ඛීයති.
Sinhala BJT345. මලින් ගැවසුණු මනහර, නොයෙක් චිත්‍ර ඇති, නරනාරීන් විසින් සෙවුනා ලද දෙව්විමන ඒ මම පරිභෝග කරමි. කැමැති පිළියක් පොරොවාගනිමි. බොහෝ සම්පත් ඇත්තී වෙමි. ඒ ධනය ද නො පිරිහෙයි.
Pali BJT346. තස්සෙව කම්මස්ස විපාකමන්වයා සුඛඤ්ච සාතඤ්ච ඉධූපලබ්භති, සාහං ගන්ත්වා පුනරෙව මානුසං කාහාමි පුඤ්ඤානි නයය්යපුත්ත මං.
Sinhala BJT346. ඒ සූත්‍රදානමය පිනෙහි හේතුවෙන් සුබ විපාක වූ මේ මිහිරි සුවය මේ විමනෙහි දී ලැබේ. නැවතත් මිනිස් ලොවට ගොස් ඒ මම පින් කරන්නෙමි. ස්වාමිපුත්‍රය, මා එහි පමුණුවන්න.
Pali BJT347. සත්ත තුවං වස්සසතා ඉධාගතා ජිණ්ණා ච වුද්ධා ච තහිං භවිස්සසි, සබ්බෙව තෙ කාලකතා ච ඤාතකා කිං තත්ථ ගන්ත්වාන ඉතො කරිස්සසි.
Sinhala BJT347. තෙපි සත්සියවසෙකින් මතුයෙහි මෙහි ආවවු ය. (කර්‍මානුභාවයෙන් තරුණ ලෙසින් මෙතෙක් කල් සිටි තොප මිනිස් ලොවට ගියහොත්) ජරායෙන් දැදුරු වැ එහි දී මහලු වන්නවු ය. තොපගේ සියලු ම නෑයෝ ද කලුරිය කළහ. මෙතැනින් එහි ගොස් තෙපි කුමක් කරන්න වු ද?
Pali BJT348. සත්තෙව වස්සානි ඉධාගතාය මෙ දිබ්බඤ්ච සුඛඤ්ච සමප්පිතාය, සාහං ගන්ත්වා පුනරෙව මානුසං කාහාමි පුඤ්ඤානි නයය්යපුත්ත මන්ති.
Sinhala BJT348. ස්වාමිපුත්‍රය, මෙහි පැමිණි දෙව් සැපත් වැළඳූ මට සත්වසක් ඉක්මියේ යයි හඟිමි. ඒ මම නැවතත් මිනිස් ලොවට ගොස් පින් කරන්නෙමි. මා (මිනිස් ලොවට) පමුණුවන්න.
Pali BJT349. සො තං ගහෙත්වාන පසය්හ බාහායං පච්චානයිත්වාන ථෙරිං සුදුබ්බලං, වදෙසි අඤ්ඤම්පි ජනං ඉධාගතං කරොථ පුඤ්ඤානි සුඛූපලබ්භති.
Sinhala BJT349. ඒ විමාන ප්‍රේත තෙමේ මහලු වූ ඉතා දුබල වූ ඒ ස්ත්‍රිය අතින් අල්වාගෙන බලාත්කාරයෙන් මෙන් ගමට පමුණුවා මෙසේ කී ය; “පින් කරවු සුව ලැබේ”යී මෙතැන පැමිණි අනෙක් ජනයාට ද කියව.
Pali BJTSegment missing in this edition
Sinhala BJT(යක්‍ෂයා:)
Pali BJT350. දිට්ඨා මහා අකතෙන සාධුනා පෙතා විහඤ්ඤන්ති තථෙව මානුසා, කම්මඤ්ච කත්වා සුඛවෙදනීයං දෙවා මනුස්සා ච{2} සුඛෙ ඨිතා{3} පජාති.
Sinhala BJT350. රැස් නො කළ කුශලකර්‍මයන් හේතුකොට ගෙන, ප්‍රෙතයෝ ද එසේම මනුෂ්‍යයෝ ද වෙහෙසෙත්. සුව විපාක දෙන පින්කම් කොට සැපතෙහි පිහිටි දෙවි වූත් මනුෂ්‍ය වූත් ප්‍රජා තොමෝ මා විසින් දක්නා ලදු.
Pali BJTසුත්තපෙතවත්ථු එකාදසමං.
Sinhala BJTසුත්ත ප්‍රේතවස්තු යි.
Pali BJT2. 12.
Sinhala BJT2. 12.
Pali BJTSegment missing in this edition
Sinhala BJT(දෙවිඳු:)
Pali BJT351. සොවණ්ණ සොපානඵලකා සොවණ්ණ{4} වාලුකසන්ථතා තත්ථ සොගන්ධියා වග්ගූ සුචිගන්ධා මනොරමා.
Sinhala BJT351. ඒ පොකුණෙහි රනින් කළ හිණිපෙති හා පෝරු ද ඇත්තේ ය. රන්මුවා වැල්ලෙන් යුක්ත ය. මනහර වූ සුවඳැති සිත්කලු වූ හෙල්මැලි අත.