Pali BJTමට්ටකුණ්ඩලීපෙතවත්ථු පඤ්චමං.
Sinhala BJTමට්ටකුණ්ඩලී ප්‍රේතවස්තු යි.
Pali BJT2. 6.
Sinhala BJT2. 6.
Pali BJT207. උට්ඨෙහි කණ්හ කිං සෙසි කො අත්ථො සුපනෙන තෙ, යො ච තුය්හං සකො භාතා හදයං චක්ඛුඤ්ච දක්ඛිණං, තස්ස වාතා බලීයන්ති සසං ජප්පති කෙසව,
Sinhala BJT207. කෘෂ්ණ රජතුමනි, නැගිටින්න. කුමක් හෙයින් නිදවු ද? තොපගේ නිදීමෙහි කවර අර්‍ත්‍ථයෙක් ද? තොපගේ හෘදය (වැනි) වූ ද, දකුණැස (වැනි) වූ ද සිය සොහොවුරු වූ යම් ඝතපණ්ඩිතයෙක් වී ද ඔහුගේ (උමතු) වාතයෝ බලවත් වූහ. කෙසව රජතුමනි, තොප සොහොවුරු “සාවකු දෙව”යි නන්දොඩයි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තිස්සා:)
Pali BJT208. තස්ස තං වචනං සුත්වා රොහිණෙය්යස්ස කෙසවො තරමානරූපො උට්ඨාසි භාතුසොකෙන අට්ටිතො.
Sinhala BJT208. කේසව රජ රෝහිණෙය්‍ය ඇමතිගේ එබස් අසා සෝවුරු සොවින් පෙළුණේ වෙළෙවි සැහැවි ඇතියේ නැගිට්ටේය.
Pali BJT209. කින්නු උම්මත්තරූපොව කෙවලං ද්වාරකං ඉමං, සසො සසොති ලපසි කීදිසං සසමිච්ඡසි.
Sinhala BJT209. කිමෙක් ද? උමතු ගති ඇතියකු සේ මේ මුළු ද්වාරවතී නුවර (ඇවිදිමින්) “සාවෙක්”, “සාවෙක්”යි කියමින් නන්දොඩවු. තෙපි කෙබඳු සාවකු කැමැත්තහු ද?
Pali BJT210. සොවණ්ණමයං මණිමයං ලොහමයං අථ රූපියාමයං,{1} සඞ්ඛසිලාපවාළමයං කාරයිස්සාමි තෙ සසං.
Sinhala BJT210. රන්මුවා වූ ද, මිණිමුවා වූ ද, ලෝමුවා වූද, යළි රිදීමුවා වූ ද, සක්-සිලා-පබළුමුවා වූ ද සාවකු තොපට කරවන්නෙමි.
Pali BJT211. සන්ති අඤ්ඤෙපි සසකා අරඤ්ඤෙ වනගොචරා,{2} තෙපි තෙ ආනයිස්සාම කීදිසං සසමිච්ඡසි.
Sinhala BJT211. වනය ගොදුරුබිම් කොට වෙසෙන වෙනත් සාවෝ ද වල්හි ඇත්තාහ. තොපට ඔවුනුදු ගෙනෙමි. තෙපි කෙබඳු සාවකු කැමැතියහු ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(දෙව්දුව:)
Pali BJT212. නාහමෙතෙ සසෙ ඉච්ඡෙ යෙ සසා පඨවිනිස්සිතා{3} චන්දතො සසමිච්ඡාමි තං මෙ ආහර කෙසව.
Sinhala BJT212. කේසව, පොළොව ඇසුරු කරන යම් සාවෝ වෙත් නම් මම ඒ සාවුන් නො කැමැත්තෙමි. සඳමඬලින් සාවා කැමැත්තෙමි. මට ඒ සාවා ගෙන දෙව.
Pali BJT213. සො නූන මධුරං ඤාති ජීවිතං විජහිස්සසි, අපත්ථියං පත්ථයසි චන්දතො සසමිච්ඡසි.
Sinhala BJT213. මලණුවෙනි, ඒ තෙපි සඳින් සාවකු කැමැත්තහු නම් ඒකාන්තයෙන් නො පැතියයුත්තක් පතහු තෙපි මිහිරි දිවිය හරනහු ය.
Pali BJT214. එවඤ්චෙ කණ්හ ජානාසි යථඤ්ඤමනුසාසසි, කස්මා පුරෙ මතං පුත්තං අජ්ජාපි අනුසොචසි.
Sinhala BJT214. කෘෂ්ණය, තෙපි යම්සේ අන්‍යයක්හට අනුසාසනය කරවු ද ඒ අනුශාසනය එසේ ම දනිවු නම් කුමක් නිසා පෙර මළ පුතු වෙනුවෙන් අදත් ශෝක කරවු ද?
Pali BJT215. යෙ න ලබ්භා මනුස්සෙන අමනුස්සෙන වා පන, ජාතො මෙ මා මරී පුත්තො කුතො ලබ්භා අලබ්භියං,
Sinhala BJT215. මිනිසකු විසින් හෝ දෙවියකු විසින් හෝ යමක් නො ලැබිය හැකි වේ නම්, මාගේ උපන් පුතා නො මැරේවා යන නො ලැබිය හැකි වූ එය කෙසේ ලැබිය හැකි ද?
Pali BJT216. න මන්තා මූලභෙසජ්ජා ඔසධෙහි ධනෙන වා, සක්කා ආනයිතුං කණ්හ යං පෙතමනුසොචසි.
Sinhala BJT216. කෘෂ්ණය, පරලොව ගිය යම් පුතකු අනුව ශෝක කරවු නම් ඒ පුතු ගෙන ඊමට මන්ත්‍රයෙකින් හෝ මුල් බෙහෙදෙකින් හෝ නන් වැදෑරුම් වූ ඔසුවලින් හෝ ධනයෙන් හෝ නො හැකි වේ.
Pali BJT217. මහද්ධනා මහාභොගා රට්ඨවන්තොපි ඛත්තියා, පහූතධනධඤ්ඤා යෙ තෙපි නො අජරාමරා.
Sinhala BJT217. මහත් ධන ඇති, මහත් සම්පත් ඇති, රට ඇති බොහෝ ධන ධාන්‍ය ඇති යම් රජවරු වෙත් නම් ඔහු ද අජරාමර නො වෙත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(නන්‍දසේන උපාසක මෙසේ විචාරයි:)
Pali BJT218. ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා චණ්ඩාලපුක්කුසා, එතෙ චඤ්ඤෙ ච ජාතියා තෙපි නො අජරාමරා.
Sinhala BJT218. ක්‍ෂත්‍රියයෝ ය බ්‍රාහ්මණයෝ ය වෛශ්‍යයෝ ය ශුද්‍රයෝ ය සැඩොල් පුප්සඬුවෝ ය යන මොහු ද මෙයින් අන්‍යයෝ වෙත් නම් ඔහු ද තම ජාතිය නිමිත්තෙන් අජරාමර නො වෙත්.
Pali BJT219. යෙ මන්තං පරිවත්තෙන්ති ඡළඞ්ගං බ්රහ්මචින්තිතං එතෙ චඤ්ඤෙ ච ජාතියා තෙපි නො අජරාමරා.
Sinhala BJT219. යම් කෙනෙක් බ්‍රහ්මයා විසින් (බමුණන්ට) කියන ලද සඅඟින් යුත් වේදය පිරිවහත් ද වේදඥානයෙන් යුත් මොහු ද අන්‍යයෝ ද යන සියල්ලෝ ම අජරාමර නො වෙත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රේතිය:)
Pali BJT220. ඉසයො වාපි යෙ සන්තා සඤ්ඤතත්තා තපස්සිනො, සරීරං තෙපි කාලෙන විජහන්ති තපස්සිනො.
Sinhala BJT220. කයවචන දෙකින් සන්සුන් වූ සංයතසිත් ඇති තපෝගුණ යුත් යම් මුනිවරයෝ වෙත් ද රාගාදි පව් තවන ඔහු ද සුදුසු කල්හි සිරුර හැර දමත්.
Pali BJT221. භාවිතත්තා අරහන්තො කතකිච්චා අනාසවා, නික්ඛිපන්ති ඉමං දෙහං පුඤ්ඤපාපපරික්ඛයා.
Sinhala BJT221. භාවිතසිත් ඇති කොට නිමවූ සිවුමග කිස ඇති ආස්‍රව රහිත මහරහත්හු පින්පව් ගෙවීමෙන් මේ සිරුර බහා තබති.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(නන්‍දසේන:)
Pali BJT222. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තංව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
Sinhala BJT222. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් මා හද ඇවිලගත් සියලු සෝ ගින්න තෙපි දිය ඉසින්නකු මෙන් නිවූවහු ය.
Pali BJT223. අබ්බූළ්හං වත මෙ සල්ලං සොකං හදයනිස්සිතං, යො මෙ සොකපරෙතස්ස පුත්තසොකං අපානුදි.
Sinhala BJT223. සොවින් පෙළුණු මාගේ පුත්‍රශෝකය යමෙක් දුරුකෙළේ ද ඒ තෙපි මා හද ඇසුරු කළ සෝ හුල උදුළහු ය.
Pali BJT224. ස්වාහං අබ්බූළ්හසල්ලොස්මි සීතිභූතොස්මි නිබ්බුතො, න සොචාමි න රොදාමි තව සුත්වාන භාතික{1}.
Sinhala BJT224. ඒ මම උදුළ සෝහුල් ඇතියෙමි, සිහිල් වූයෙම් වෙමි, නිවුණෙම් වෙමි, සොහොවුර, තොපගේ වදන් අසා මම ශෝක නො කරමි, නො හඬමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(නන්‍දසේන:)
Pali BJT225. එවං කරොන්ති සප්පඤ්ඤා යෙ හොන්ති අනුකම්පකා, විනිවත්තයන්ති සොකම්හා ඝතො ජෙට්ඨංව භාතරං,
Sinhala BJT225. ඝතපණ්ඩිත යම්සේ දෙටුබෑයා පුත්‍රශෝකයෙන් මුදා ලූයේ ද, එසේ ම නැණවත් කුළුණැති යම් කෙනෙක් වෙත් නම් ඔහු ද මෙසේ කරත්.
Pali BJT226. යස්ස එතාදිසා හොන්ති අමච්චා පරිචාරකා, සුභාසිතෙන අන්වෙන්ති ඝතො ජෙට්ඨංව භාතරන්ති.
Sinhala BJT226. ඝතපණ්ඩිත යම්සේ දෙටුබෑයා සුභාෂිතයෙන් ශෝක රහිත බවට පැමිණවූයේ ද එසේ යමෙකුට මෙබඳු නැණවත් ඇමතියෝ ද සේවකයෝ ද වෙත් නම් ඔහු ද මෙබඳු වෙත්.
Pali BJTකණ්හපෙතවත්ථු ඡට්ඨං.
Sinhala BJTකෘෂ්ණ ප්‍රේතවස්තු යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රේතිය:)
Pali BJT2. 7.
Sinhala BJT2. 7.
Pali BJT227. නග්ගො දුබ්බණ්ණරූපොසි කිසො ධමනි සන්ථතො, උප්ඵාසුලිකො කිසිකො කො නු ත්වමසි මාරිස.
Sinhala BJT227. නිදුකාණෙනි, තෙපි නග්නවූ ය. විවර්‍ණ රූ ඇතියහු ය, කෘශ ය, නහර ඉල්පුණු සිරුරු ඇතියහු ය. ඉල්පුණු ඉළ ඇති කෘශ වූ තෙපි කවරහු ද?
Pali BJT228. අහං භදන්තෙ පෙතොම්හි දුග්ගතො යමලොකිකො, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතො
Sinhala BJT228. පින්වත්නි, මම ප්‍රේතලෝකයෙහි උපන් දුකට පත් ප්‍රේතයෙක්මි. පව්කම් කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියෙම් වෙමි.
Pali BJT229. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං කිස්ස කම්මවිපාකෙන පෙතලොකමිතො ගතො.
Sinhala BJT229.කාවිසිමුනි තිදොරින් තොප කිනම් පවක් කරන ලද ද? කවර කර්‍මයක විපාකයෙන් (තෙපි) මෙලොවින් ප්‍රේත ලෝකයට ගියවු ද?
Pali BJT230. නගරං අත්ථි දසන්නානං එරකච්ඡන්තිවිස්සුතං, තත්ථ සෙට්ඨි පුරෙ ආසිං ධනපාලොති මං විදුං.
Sinhala BJT230. දසන්න රටවැසියන්ගේ එරකච්ජ යි ප්‍රසිද්ධ නුවරෙක් ඇත. මම ඉකුත් අත්බැව්හි එහි සිටුවරයෙක් වීමි. මිනිස්සු මා “ධනපාල සිටු” යයි දත්හ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(නන්‍දසේන:)
Pali BJT231. අසීති සකටවාහානං හිරඤ්ඤස්ස අහොසි මෙ, පහූතං මෙ ජාතරූපං මුත්තා වෙළුරියා බහූ.
Sinhala BJT231-232. මට අමුරන් පිරූ ගැල්බර අසූවක් විය. එසේ ම මට රන් ද විය. මුතු ද වෙරළුමිණි ද බොහෝ විය. එපමණ මහත් ධනය ඇත්තාවූ ද මට දන්දීමට කැමැත්තක් නො වීය. “යදියෝ මා නො දකිත්වා”යි දොර වසා ගෙන අහර බුදිමි.
Pali BJT232. තාව මහද්ධනස්සාපි න මෙ දාතුං පියං අහු, පිදහිත්වා ද්වාරං භුඤ්ජාමි මා මං යාචනකාද්දසුං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT233. අස්සද්ධො මච්ඡරී චාසිං කදරියො පරිභාසකො, දදන්තානං කරොන්තානං වාරයිස්සං බහුජ්ජනං.
Sinhala BJT233. මම සැදැහැ නැති, මසුරුගති ඇති, තද මසුරෙක් ද මෙරමාහට පරිභව කරන්නෙක් ද වීමි. දන් දෙන්නවුන්, පින්කරන්නවුන් බොහෝ දෙන එයින් වළකාලීමි.
Pali BJT234. විපාකො නත්ථි දානස්ස සඤ්ඤමස්ස කුතො ඵලං, පොක්ඛරඤ්ඤොදපානා ආරාමානි ච රොපිතෙ.
Sinhala BJT234-235. දීමේ විපාකයෙක් නැත. සිල්රැකීමේ ඵලයක් කොයින් වේ දැ යි කීයෙමි. පැන් පොකුණු හා ළිං ද උයන්වතු ද පැන් හල් ද දුර්‍ගයන්හි කළ ඒ දඬු ද වනසාලීමි. ඒ මම නොකළ පින් ඇතියෙම් කළ පව් ඇතියෙම් එතැනින් ච්‍යුත වූයෙමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(දෙව් දූ:)
Pali BJT235. පපායො ච විනාසෙසිං දුග්ගෙ සඞ්කමනානි ච, ස්වාහං අකතකල්යාණො කතපාපො තතො චුතො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT236. උපපන්නො පෙත්තිවිසයං ඛුප්පිපාසාසමප්පිතො, පඤ්ච පණ්ණාසවස්සානි යතො කාලකතො අහං.
Sinhala BJT236. ප්‍රේත ලෝකයට පැමිණියෙම් සාපිපාසා දෙකින් මඩනා ලද්දේ වෙමි. යම් දිනක මම කලුරිය කෙළෙම් ද (එදින පටන්) පස් පනස් වසක් මුළුල්ලෙහි, කෑ අහරක් ගැන හෝ පූ පැනක් ගැන නො දනිමි.
Pali BJT237. නාභිජානාමි භුත්තං වා පීතං වා පන පානීයං, යො සංයමො සො විනාසො යො විනාසො සො සංයමො.
Sinhala BJT237. අදාන සංඛ්‍යාත යම් සංයමයක් වී ද, එය විනාශය යි. (ප්‍රේත යෝනියෙහි ඉපදවීම් සංඛ්‍යාත) යම් විනාශයක් වී ද, එය (අදාන යයි කියනු ලබන) සංයමය යි.
Pali BJT238. පෙතා හි කිර ජානන්ති යො සංයමො සො විනාසො, අහං පුරෙ සංයමිස්සං නාදාසිං බහුකෙ ධනෙ.
Sinhala BJT238. (දේයධර්‍මාපරිත්‍යාග සංඛ්‍යාත) “යම් සංයමයෙක් වේ ද එය විනාශ ය”යි ප්‍රේතයෝ ම දනිත්. මම පෙර ධනය ඇති කල්හිත් දීමෙන් වැළකී සිටියෙමි. දන් නො දිනිමි.
Pali BJT239. සන්තෙසු දෙය්යධම්මෙසු දීපං නාකාසිමත්තනො, සොහං පච්ඡානුතප්පාමි අත්තකම්මඵලූපගො.
Sinhala BJT239. දානවස්තු ඇති කලැ ද තමහට පිහිටක් නො කෙළෙමි. ඒ මම තම පව්කම් පලයට පැමිණියෙම් (දැන්) පසුතැවිලි වෙමි.
Pali BJT240. උද්ධං චතූහි මාසෙහි කාලකිරියා භවිස්සති. එකන්තං කටුකං ඝොරං නිරයං පපතිස්සහං.
Sinhala BJT240. සිවුමසෙකින් මතුයෙහි (මාගේ) කාලක්‍රියාව වන්නේ ය. (එකලැ) මම එකැතියෙන් කැකුළු වූ දරුණු වූ මහානිරයට වැටෙමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අදින්නපුබ්බක:)
Pali BJT241. චතුක්කණ්ණං චතුද්වාරං විභත්තං භාගසො මිතං, අයොපාකාරපරියන්තං අයසා පටිකුජ්ජිතං.
Sinhala BJT241. (එහි) කොන් සතරෙක, දොරටු සතරෙක ප්‍රමාණ කරන ලදුව කොටස් වශයෙන් බෙදන ලද යපවුරෙකින් වට කරන ලද යපියනෙකින් වසන ලදී.
Pali BJT242. තස්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා. සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා.
Sinhala BJT242. ඒ නිරයේ අයෝමයභූමිය ගින්නෙන් දිලියෙයි. මහගිනි දැලින් යුතු වෙයි. ඒ (ගින්න) හාත්පසැ යොදුන් සියයක් තැන පැතිර හැම කල්හි සිටියි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මට්ටකුණ්ඩලී:)
Pali BJT243. තත්ථාහං දීඝමද්ධානං දුක්ඛං වෙදිස්සං වෙදනං, ඵලං පාපස්ස කම්මස්ස තස්මා සොචාමහං භුසං.
Sinhala BJT243. මම ඒ නිරයෙහි දිගු කලක් දුක් විඳිමි. මේ පව්කමැ ඵලයි. එයින් මම වැඩියක් ශෝක කරමි.
Pali BJT244. තං වො වදාමි භද්දං වො යාවන්තෙත්ථ සමාගතා, මාකත්ථ පාපකං කම්මං ආවි වා යදි වා රහො.
Sinhala BJT244. එහෙයින් මම තොපට කියමි. තොපට යහපතක් වේවා. මෙහි යම්පමණ දෙනෙක් රැස්වූහු ද ඒ තෙපි ප්‍රකට ව හෝ නොහොත් රහසැ හෝ පව්කමක් නො කරවු.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අදින්නපුබ්බක:)
Pali BJT245. සචෙ තං පාපකං කම්මං කරිස්සථ කරොථ වා, න චො දුක්ඛා පමුත්ත්යත්ථි උප්පච්චාපි පලායතං.
Sinhala BJT245. ඉදින් තෙපි ඒ පව්කම් මතු කරන්නවු නම් හෝ දැන් කරවු නම් හෝ අහසට නැග පලායන්නා වූ ද ඒ තොපට දුකින් මිදීමෙක් නම් නැත.
Pali BJT246. මත්තෙය්යා හොථ පෙත්තෙය්යා කුලෙ ජෙට්ඨාපචායකා, සාමඤ්ඤා හොථ බ්රහ්මඤ්ඤා එවං සග්ගං ගමිස්සථා’ති.
Sinhala BJT246. මවට හිතවූවෝ පියාට හිතවූවෝ කුල දෙටුවන් පුදන්නෝ වවු. ශ්‍රමණයන් පුදන්නෝ බ්‍රාහ්මණයන් පුදන්නෝ වවු. මෙසේ කරන තෙපි සුගතියට යවයි.
Pali BJTධනපාලපෙතවත්ථු සත්තමං.
Sinhala BJTධනපාල ප්‍රේතවස්තු යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අදින්න පුබ්බක:)
Pali BJT2. 8.
Sinhala BJT2. 8.
Pali BJT247. නග්ගො කිසො පබ්බජිතොසි භන්තෙ, රත්තිං කුහිං ගච්ඡසි කිස්ස හෙතු{1}, ආචික්ඛ මෙ තං අපි සක්කුණෙමු සබ්බෙන චිත්තං පටිපාදයෙ තුවං.
Sinhala BJT247. වහන්ස, තෙපි නග්න වූ කෘශ වූ පැවිද්දෙක් වවු. කුමක් සඳහා මේ රෑ කොහි යවු ද? ඒ කරුණ මට කියවු. මට හැකි නම් තොපට හැමදෙයින් වස්තුව සපයමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මට්ටකුණ්ඩලී:)
Pali BJT248. බාරාණසීනගරං දූරඝුට්ඨං තත්ථාහං ගහපති අඩ්ඪකො දීනො, අදාතා ගෙධිතමනො ආමිසස්මිං දුස්සීල්යෙන යමවිසයම්හී පත්තො.
Sinhala BJT248. සියලුතන්හි පතළ බරණැස් නම් නුවරෙක් ඇත. එහි මම මහත් සම්පත් ඇති, පහත් සිත් ඇති, දන් නොදෙනසුලු කාමාමිෂයෙහි ගිජුසිත් ඇති ගැහැවියෙක් වීමි. දුසිල්බව නිසා ප්‍රේතලෝකයට පැමිණියෙමි.
Pali BJT249. සො සූචිකාය කිලමිතො තෙහි තෙනෙව ඤාතීසු යාමි ආමිසහෙතුං, අදානසීලා න ච සද්දහන්ති දානඵලං හොති පරම්හි ලොකෙ.
Sinhala BJT249. ඒ මම ඒ පව්කම් නිසා ඉදිකටුවලින් විදින්නාක් වැනි සාගින්නෙන් පෙළුණෙම් වෙමි. එහෙයින් ම අහරක් පතා නෑයන් වෙත යමි. දන් නො දෙන සුලු අය (මා මෙන්) පරලොවැදී දානයෙහි විපාකයෙක් ඇතැ යි නො අදහත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අදින්න පුබ්බක:)
Pali BJT250. ධීතා ච මය්හං ලපතෙ අභික්ඛණං දස්සාමි දානං පිතුනං පිතාමහානං, උපක්ඛටං පරිවිසයන්ති බ්රාහ්මණෙ යාම්යහං අන්ධකවින්දං භොත්තුන්ති.
Sinhala BJT250. මාගේ දියැණියෝ ද “මවුපියනට හා මුතුන් මීමුතුනට ද දන් දෙමි”යි නිතර කථා කරති. පිළියෙළ කරන ලද්ද බමුණන් වළඳවති.
Pali BJT251. තමවොච රාජා අනුභවියාන තම්පි එය්යාසි ඛිප්පං අහම්පි කරිස්සං පූජං, ආචික්ඛ මෙ තං යදි අත්ථි හෙතු සද්ධායිතං හෙතුවචො සුණොමි.
Sinhala BJT251. රජ තෙමේ ඒ ප්‍රේතයාට මෙසේ කීය. ඒ අහර ද වළඳා වහා එව. මම ද පූජාවක් කරමි. ඉඳින් යම් කරුණක් ඇත් නම්, ඇදහිය යුතු වූ ඒ සහේතුක වචනය මට කියව. මම එය අසමි.
Pali BJT252. තථාති වත්වා අගමාසි තත්ථ භුංඤ්ජිසු භත්තං න ච පන දක්ඛිණාරහා, පච්චාගමි රාජගහං පුනාපරං පාතුරහොසි පුරතො ජනාධිපස්ස
Sinhala BJT252. “එසේයැ”යි කියා (හේ) දන්දෙන තැනට ගියේය. බමුණෝ බත් වැළඳූහ. නැවත හේ දෙවන වර රජගහ නුවරට පෙරළා පැමිණියේ ය. රජු ඉදිරියෙහි පහළ විය.
Pali BJT253. දිස්වාන පෙතං පුනරෙව ආගතං රාජා අවොච අහම්පි කිං දදාමි, ආචික්ඛ මෙ තං යදි අත්ථි හෙතු යෙන තුවං චිරතරං පීණිතො සියාති.
Sinhala BJT253. රජ තෙමේ නැවත පැමිණි ඒ ප්‍රේතයා දැක “යම් හේතුවකින් තෙපි ඉතා දිගුකලක් තෘප්ත වවු ද. ඉදින් එබඳු හේතුවක් ඇත් නම් එය මට කියවු මම ද කිසිවක් දෙමි”යි කී ය.
Pali BJT254. බුද්ධඤ්ච සඞ්ඝං පරිවිසියාන රාජ අන්නෙන පානෙනපි චීවරෙන. තං දක්ඛිණං ආදිස මෙ හිතාය එවං අහං චිරතරං පීණිතො සියා.
Sinhala BJT254. රජතුමනි, බුදුන් ද සඟන ද ආහාරයෙන් හා පානයෙන් ද වළඳවා සිවුරින් පුදා ඒ පින මට හිත පිණිස දුන මැනවි. එසේ කළ කලැ මම චිරකලක් තෘප්ත වෙමි.
Pali BJT255. තතො ච රාජා නිපතිත්වා තාවදෙ දානං සහත්ථා අතුලං දදිත්වා සඞ්ඝෙ, ආරොචයී පකතිං තථාගතස්ස තස්ස ච පෙතස්ස දක්ඛිණං ආදිසිත්ථ.
Sinhala BJT255. එබසට අනතුරුව රජ තෙමේ එකෙණෙහි ම පහයෙන් නික්මැ මහත් දනක් සියතින් සඟනට දී ඒ සියලු පුවත බුදුන්ට කී ය. ඒ ප්‍රේතයාට ද පින් දුන්නේ ය.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මට්ටකුණ්ඩලී:)
Pali BJT256. සො පූජිතො අතිවිය සොභමානො පාතුරහොසි පුරතො ජනාධිපස්ස, යක්ඛොහමස්මි පරිමිද්ධිප්පත්තො න මය්හමිද්ධිසමසදිසා මනුස්සා.{1}
Sinhala BJT256. මෙසේ පුදන ලද ඒ ප්‍රේතයා දෙව්සිරින් අතිශයින් වොරජමින් රජු ඉදිරියෙහි පහළ විය. (මෙසේද කී ය:) මම පරමිසුරට පත් දෙවියෙක්මි මගේ ඉසුරට සම ඉසුරු ඇති මිනිස්සු නැත්තාහ.
Pali BJT257. පස්සානුභාවං අපරිමිතං මමෙදං තයානුද්දිට්ඨං අතුලං දදිත්වා සඞ්ඝෙ,{2} සන්තප්පිතො සතතං සදා බහූහි යාම්යහං සුඛිතො මනුස්සදෙවා’ති.
Sinhala BJT257. මාගේ මේ අපරිමිත අනුභාවය බලන්න. තොප විසින් සඟනට මහදන් දී මට පින් දෙන ලද. නරදේවය, හැම කල්හි බොහෝ දානවස්තුයෙන් නිතර තෘප්ත කරන ලද මම සුවපත් වූයෙම් යන්නෙමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අදින්නපුබ්බක:)
Pali BJTචුල්ලසෙට්ඨිපෙතවත්ථු අට්ඨමං.
Sinhala BJTචුල්ලසෙට්ඨි ප්‍රේතවස්තු යි.
Pali BJTභාණවාරං පඨමං.
Sinhala BJTපළමුවන බණවර නිමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මට්ටකුණ්ඩලී:)
Pali BJT2. 9.
Sinhala BJT2. 9.
Pali BJT258. යස්ස අත්ථාය ගච්ඡාම කම්බොජං ධනහාරාකා, අයං කාමදදො යක්ඛො ඉමං යක්ඛං නයාමසෙ.
Sinhala BJT258. වෙළෙඳාමෙන් ධනය රැස්කරන අපි යමක් සඳහා කාම්බෝජ රටට යන්නමෝ ද (ඒ කරුණ මෙහි දී ම සිදු වෙයි) මේ දෙවියා කැමති සම්පත් දෙන්නෙකි. (එහෙයින්) අපි මොහු ගෙන යමු.
Pali BJT259. ඉමං යක්ඛං ගහෙත්වාන සාධුකෙන පසය්හ වා, යානං ආරොපයිත්වාන ඛිප්පං ගච්ඡාම ද්වාරකන්ති.
Sinhala BJT259. කැමැත්තෙන් හෝ බලාත්කාරයෙන් හෝ මේ දෙවියා අල්වා යානයක නංවාගෙන වහා ද්වාරවතී නගරයට යමු.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අදින්නපුබ්බක:)
Pali BJT260. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්ය සයෙය්ය වා, න තස්ස සාඛං භඤ්ජෙය්ය මිත්තදුබ්භො හි පාපකො.
Sinhala BJT260. යම් ගසක සෙවණෙහි (යමෙක්) හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ ද (හේ) ඒ ගසේ අත්තක් නො බිඳින්නේ ය. මිත්‍රද්‍රෝහය ලාමක ය.
Pali BJT261. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්ය සයෙය්ය වා, ඛන්ධම්පි තස්ස ඡින්දෙය්ය අත්ථො චෙ තාදිසො සියා’ති.
Sinhala BJT261. (යමෙක්) යම් ගස් සෙවණෙකැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ ද, ඉදින් ඔහුට එබඳු වැඩෙක් වේ නම් හේ ඒ ගසේ කඳ ද සිඳින්නේය.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මට්ටකුණ්ඩලී:)
Pali BJT262. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්ය සයෙය්යවා, න තස්ස පත්තං භින්දෙය්ය මිත්තදුබ්භො හි පාපකො’ති.
Sinhala BJT262. (යමෙක්) යම් ගස් සෙවණෙකැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ නම් හේ ඒ ගසේ කොළයකුදු නො බිඳින්නේය. මිත්‍රද්‍රෝහය ලාමක ය.
Pali BJT263. යස්ස රුක්ඛස්ස ඡායාය නිසීදෙය්ය සයෙය්ය වා, සමූලම්පි තං අබ්බූහෙය්ය අත්ථො චෙ තාදිසො සියා’ති.
Sinhala BJT263. (යමෙක්) යම් ගස් සෙවණෙකැ හිඳින්නේ හෝ නිදන්නේ හෝ වේ නම් ඉදින් ඔහුට එබඳු වැඩෙක් වේ නම් හේ ඒ ගස සහමුලින් ම උදුරන්නේ ය.
Pali BJT264. යස්සෙකරත්තිම්පි ඝරෙ වසෙය්ය යත්ථන්නපානං පුරිසො ලභෙථ, න තස්ස පාපං මනසාපි චින්තයෙ කතඤ්ඤුතා සප්පුරිසෙහි වණ්ණිතා.
Sinhala BJT264. (යමෙක්) යම් පුද්ගලයකුගේ ගෙයි එක් රැයක් හෝ වෙසේ ද, යමකු සමීපයෙහි යම් පුරුෂයෙක් ආහාරපාන හෝ (යම්කිසි බොදුනක් හෝ) ලබන්නේ ද ඒ පුද්ගලයාට නපුරක් සිතිනුදු නො සිතන්නේ ය. කෘතඥභාවය වනාහි බුද්ධාදි උතුමන් විසින් වර්ණිත ද එහෙයිනි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අදින්නපුබ්බක:)
Pali BJT265. යස්සෙකරත්තිම්පි ඝරෙ වසෙය්ය අන්නෙන පානෙන උපට්ඨිතො සියා, න තස්ස පාපං මනසාපි චින්තයෙ{1} අදූබ්භපාණී දහතෙ මිත්තදුබ්භිං.
Sinhala BJT265. (යමෙක්) එකරැයක් හෝ යමකුගේ ගෙහි වසන්නේ වේ ද, ආහාරයෙන් පානයෙන් උපස්ථාන හෝ කරන ලද වේ ද හේ ඔහුට සිතින් හෝ නපුරක් නො සිතන්නේය. අහිංසක අත් ඇත්තේ ඒ මිත්‍රද්‍රෝහී පුද්ගලයා වනසයි.
Pali BJT266. යො පුබ්බෙ කතකල්යාණො පච්ඡා පාපෙන හිංසති, අල්ලපාණිහතො පොසො න සො භද්රානි පස්සතී’ති
Sinhala BJT266. යමෙක් (යම් පුද්ගලයකු විසින්) පෙර කරන ලද උපකාර ඇත්තේ පසු කලෙක ඒ උපකාර කළහු නපුරු ක්‍රියාවකින් පෙළා නම් (අල්ලපාණි) උපකාරකයා නසනලද ඒ පුරුෂ තෙමේ යහපත නො දකී.
Pali BJT267. යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස, තමෙව බාලං පච්චෙති පාපං සුඛුමො රජො පටිවාතංව ඛිත්තො’ති.
Sinhala BJT267. යමෙක් තමාට ද්වේෂ නො කරන ලද (රාගාදී) කෙලෙස් නැති පිරිසිදු සිත් ඇති මිනිසකුට ද්වේෂ කරයි ද ඒ පාප කර්‍මය (තෙමේ) උඩු සුළඟට දමනලද සියුම් රජස් මෙන් ඒ නුවණ නැති ඔහු වෙත ම (විපාක වශයෙන්) ආපසු එයි.
Pali BJT268. නාහං දෙවෙන වා මනුස්සෙන වා ඉස්සරියෙන වාහං න සුප්පසය්හො, යක්ඛොහමස්මි පරමිද්ධිපත්තො දූරඞ්ගමො වණ්ණබලූපපන්නො’ති.
Sinhala BJT268. මම දෙවියකු විසින් හෝ මිනිසකු විසින් හෝ නො මැඩලිය හෙමි. ආධිපත්‍යයෙකින් හෝ නො මැඩලිය හෙමි. මම උතුම් ඍද්ධියට පැමිණි වහා ඉතා දුරයනු සමත් රූසපුවෙන් ද, සිරුරු බෙලෙන් ද යුතු යක්‍ෂයෙම් වෙමි.
Pali BJT269. පාණි තෙ සබ්බසොවණ්ණො පඤ්චධාරො මධුස්සවො, නානා රසා පග්ඝරන්ති මඤ්ඤෙහං තං පුරින්දදන්ති.
Sinhala BJT269. තොපගේ දකුණත හැමලෙසින් රන්වනැ. මිහිරිරස වැහෙන ධාරාපසක් ඇත්තේ ය. ඉන් නොයෙක් රස වැගිරෙයි. තොප සක් දෙවිඳු යයි මම සිතමි.
Pali BJT270. නම්හි දෙවො න ගන්ධබ්බො නපි සක්කො පුරින්දදො පෙතං මං අඞ්කුර ජානාහි භෙරුවම්හා ඉධාගතන්ති.
Sinhala BJT270. මම ප්‍රසිද්ධ දෙවියෙක් ද නො වෙමි. ගඳඹෙක් ද පුරඳුරු නම් වූ සක්දෙවිඳු ද නො වෙමි. පින්වත් අංකුරය, “භේරුව නුවරින් මැරී අවුත් මෙහි උපන් ප්‍රේතයෙක්මි”යි මා දනුව.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ඇමති:)
Pali BJT271. කිංසීලො කිංසමාචාරො භෙරුවස්මිං පුරෙ තුවං, කෙන තෙ බ්රහ්මචරියෙන පුඤ්ඤං පාණිම්හි ඉජ්ඣතී’ති
Sinhala BJT271. පෙර භේරුව නුවර දී තෙපි කෙබඳු සිල් ඇති වූහු ද? කෙබඳු දානසීලාදි කුසල පැවතුම් ඇති වූහු ද? කෙබඳු ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යාවකින් තොපගේ අත්හි පින්පලය නිපයේ ද?
Pali BJT272. තුන්නවායො පුරෙ ආසිං භෙරුවස්මිං තදා අහං, සුකිච්ඡවුත්ති කපණො න මෙ විජ්ජති දාතවෙ.
Sinhala BJT272. පෙර මම් භේරුව නුවර සන්නාලියෙක් වීමි. ඉතා දුකසේ දිවිපැවැතුම් ඇති බැගෑපත් කෙනෙක් වීමි. දන්දීම සඳහා මට කිසිවක් නැති විය.
Pali BJT273. ආවෙසනඤ්ච{1} මෙ ආසි අසය්හස්ස උපන්තිකෙ, සද්ධස්ස දානපතිනො කතපුඤ්ඤස්ස ලජ්ජිනො.
Sinhala BJT273. සැදැහැති දන්පතියකු වූ කළපින් ඇති පවට පිළිකුල් කරන අසය්හ සිටුහුගේ ගේ සමීපයෙහි මාගේ ගෙය ද විය.
Pali BJT274. තත්ථ යාචනකා යන්ති නානාගොත්තා වණිබ්බකා, තෙ ච මං තත්ථ පුච්ඡන්ති අසය්හස්ස නිවෙසනං.
Sinhala BJT274. නොයෙක් කුලවල උපන් සිඟන්නෝ ද ගුණ කියා ඉල්ලන්නෝ ද එතැනට පැමිණෙත්. ඔහු එහි දී අසය්හ සිටුහුගේ ගෙය මාගෙන් විචාරත්.
Pali BJT275. කත්ථ ගච්ඡාම භද්දං වො කත්ථ දානං පදීයතෙ, තෙසාහං පුට්ඨො වක්ඛාමි අසය්හස්ස නිවෙසනං.
Sinhala BJT275. තොපට යහපතක් වේවා. කොතැන්හි දන් දෙනු ලැබේ ද? අපි දන් ලැබීමට කොහි යමු ද? මෙසේ (ඔවුන් විසින්) විචාරන ලද මම අසය්හ සිටුහුගේ ගෙය ඔවුනට කියමි.