Petavatthu

Stories of Departed Spirits

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 1057

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJT134. නග්ගා දුබ්බණ්ණරූපාසි කිසා ධමනි සන්ථතා, උප්ඵාසුලිකෙ කිසිකෙ කා නු ත්වං ඉධ තිට්ඨසි?.
Sinhala BJT134. තෝ නග්න යැ, විවරණ රූ ඇත්තීය, කෘශ ය, නහර ඉල්පුණු සිරුරු ඇත්තී ය. ඉල්පුණු ඉළ ඇටින් හා සිහින් සිරුරින් යුතු වැ මෙහි සිටින තෝ කවර යැ?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ඕ මෙසේ පිළිතුරු දෙයි)
Pali BJT135. අහං මත්තා තුවං තිස්සා සපත්ති තෙ පුරෙ අහුං, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතාති.
Sinhala BJT135. මම මත්තා ය, ඔබ තිස්සා යැ, පෙර මම ඔබ හා එක ම හිමියකු ඇති ව (සපත්නී ව) සිටියමු. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියෙමු.
Pali BJT136. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන පෙතලොකමිතො ගතා?.
Sinhala BJT136. කා විසි මුනි තිදොරින් තී කළ පව කුමක් ද? කිනම් පවක විපාකයෙන් මෙලොවින් ප්‍රේතලෝකයට ගියවු ද?
Pali BJT137. චණ්ඩී ච ඵරුසා චාසිං ඉස්සුකී මච්ඡරී සඨා,{1} තාහං දුරුත්තං වත්වාන පෙතලොකමිතො ගතා.
Sinhala BJT137. මම ක්‍රෝධ කරන, පරුෂ බස් තෙපලන, ඊර්‍ෂ්‍යා කරන, මසුරු සිත් ඇති, කෛරාටික ගති ඇත්තියක් වූමු. මම ඒ නපුරු වචන කථාකොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියමු.
Pali BJT138. සබ්බං{1} අහම්පි ජානාමි යථා ත්වං චණ්ඩිකා අහු, අඤ්ඤඤ්ච ඛො තං පුච්ඡාමි කෙනාසි පංසුකුණ්ඨිතා{2}.
Sinhala BJT138. යම්සේ තෝ කිපෙන්නියක් වූ ද, ඒ සියල්ල මමත් දනිමි. තිගෙන් අන් කරුණක් විචාරමි. කවර පව්කමෙකින් පසින් ගැවසුණු සිරුරු ඇති වූ ද?
Pali BJT139. සීසං නහාතා ත්වං ආසි සුචිවත්ථා අලඞ්කතා, අහඤ්ච ඛො තං අධිමත්තං සමලඞ්කතතරා තයා.
Sinhala BJT139. තෝ හිස් සෝදා නා පිරිසිදු වස්ත්‍ර හැඳ සැරසුණි යැ. මම ද තිට වඩා ඉතා වැඩියෙන් සැරසුණුමු.
Pali BJT140. තස්සා මෙ පෙක්ඛමානාය සාමිකෙන සමන්තයි, තතො මෙ ඉස්සා විපුලා කොධො මෙ සමජායථ.
Sinhala BJT140. ඒ මා බලා සිටිය දී ම තෝ ස්වාමියා සමග කථා කළහු යැ. ඒ හේතුයෙන් මාගේ ඊර්‍ෂ්‍යාව මහත් විය. මට ක්‍රෝධ උපන.
Pali BJT141. තතො පංසුං ගහෙත්වාන පංසුනා තං හි ඔකිරිං, තස්ස කම්මවිපාකෙන තෙනම්හි පංසුකුණ්ඨිතා.
Sinhala BJT141. එහෙයින් මම පස් ගෙන එයින් තිට දමාගැසූමු. ඒ පව්කම්හි විපාකය නිසා පසින් ගැවසුණු සිරුරු ඇති වූමු.
Pali BJT142. සබ්බං අහම්පි ජානාමි පංසුනා මං ත්වමොකිරි, අඤ්ඤඤ්ච ඛො තං පුච්ඡාමි කෙන ඛජ්ජසි කච්ඡුයා.
Sinhala BJT142. තෝ මට පසින් දමාගැසූ යැ. ඒ සියල්ල මම ද දනිමි. මම අනිකක් ද තීගෙන් විචාරමි. කුමක් නිසා කැසීම් රෝගයකින් පෙළෙවු ද?
Pali BJT143. භෙසජ්ජහාරි උභයො වනන්තං අගමිම්හසෙ, ත්වඤ්ච භෙසජ්ජමාහරි අහඤ්ච කපිකච්ඡුනො.
Sinhala BJT143. අපි දෙදෙන ම බෙහෙත් ගෙනෙන්නමෝ වනයට ගියම්හ. තෝ බෙහෙත් ගෙන ආවහු යැ. මම වනාහි කසඹිලියා ගෙඩි ගෙන ආමු.
Pali BJT144. තස්සා ත්යාජානමානාය සෙය්යං ත්යාහං සමොකිරිං, තස්ස කම්මවිපාකෙන තෙන ඛජ්ජාමි කච්ඡුයා.
Sinhala BJT144. ඒ තී නො දන්නා කල මැ තිගේ ඇඳෙහි මම කසඹිලියා ගෙඩි විසිරුවා හළමු. ඒ පව්කම්හි විපාකයෙන් කැසීම් රෝගයෙන් පීඩිත වූමු.
Pali BJT145. සබ්බං අහම්පි ජානාමි සෙය්යං මෙ ත්වං සමොකිරි, අඤ්ඤඤ්ච ඛො තං පුච්ඡාමි කෙනාසි නග්ගියා තුවං.
Sinhala BJT145. තෝ මගේ ඇඳෙහි එය විසුළහු නම් ඒ සියල්ල මම දනිමි. අනික් කරුණක් ද තීගෙන් විචාරමි. කවර කරුණෙකින් තෝ නග්න වූවහු ද?
Pali BJT146. සහායානං සමයො ආසි ඤාතිනං සමිතී අහු, ත්වඤ්ච ආමන්තිතා ආසි සසාමිනී නො ච ඛො අහං.
Sinhala BJT146. (එකල) මිත්‍රයන්ගේ සමාගමයෙක් විය. නෑයන්ගේ රැස්වීමෙක් විය. සැමියා සහිත වූ තෝ ද කැඳවන ලදහු යැ. මම වනාහි නො කැඳවන ලදුමු.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(සැරියුත් තෙරහු ප්‍රේතියගෙන් මෙසේ විචාරති:)
Pali BJT147. තස්සා ත්යාජානමානාය දුස්සන්ත්යාහං අපානුදිං, තස්ස කම්මවිපාකෙන තෙනම්හි නග්ගියා අහං.
Sinhala BJT147. ඒ තී නො දන්නා කල ම (නො දැනුවත්ව ම) තීගේ වස්ත්‍රයක් මම සොරා ගතුමු. ඒ අකුශල කර්‍ම විපාකයෙන් මම නග්න වූමු.
Pali BJT148. සබ්බං{1} අහම්පි ජානාමි දුස්සං මෙ ත්වං අපානුදි, අඤ්ඤඤ්ච ඛො තං පුච්ඡාමි කෙනාසි ගූථගන්ධිනී.
Sinhala BJT148. තෝ මාගේ වස්ත්‍රයක් සොරාගතු නම් ඒ සියල්ල මම ද දනිමි. අනිකක් ද තීගෙන් විචාරමි. කුමක් හෙයින් (තෝ) අසූචි ගඳ ඇතියහු ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රේතිය පිළිතුරු දෙයි:)
Pali BJT149. තව ගන්ධඤ්ච මාලඤ්ච පච්චග්ඝඤ්ච විලෙපනං. ගූථකූපෙ අතාරෙසිං තං පාපං පකතං මයා: තස්ස කම්මවිපාකෙන තෙනම්හි ගූථගන්ධිනි.
Sinhala BJT149. තීගේ සුවඳවර්‍ග ද, මල්මාලාවක් ද, මාහැඟි විලෙවුන් ද අසූචිවළෙක දැමූමු. මා විසින් ඒ පව කරන ලද. ඒ පවුකම්හි විපාකයෙන් අසුචි ගඳැති සිරුරු ඇති වෙමි.
Pali BJT150. සබ්බං අහම්පි ජානාමි නං පාපං පකතං තයා, අඤ්ඤඤ්ච ඛො තං පුච්ඡාමි කෙනාසි දුග්ගතා තුවං.
Sinhala BJT150. තී විසින් කරන ලද ඒ සියලු පාපය මම ද දනිමි. අනිකක් ද තීගෙන් අසමි. කුමන කර්‍මයෙකින් තෝ දුගී වූහු ද?
Pali BJT151. උභින්නං සමකං ආසි යං ගෙහෙ විජ්ජතෙ ධනං, සන්තෙසු දෙය්යධම්මෙසු දීපං නාකාසිමත්තනො, තස්ස කම්මවිපාකෙන තෙනම්හි දුග්ගතා අහං.
Sinhala BJT151. ගෙහි යම් ධනයක් වේ ද, එය අප දෙදෙනාට සමාන විය. මෙසේ දානවස්තු ඇති කල්හිත්, තමහට පිහිට වූ පිනක් නො කළමු. ඒ කර්‍මවිපාකයෙන් මම දුගී වූමු.
Pali BJT152. තදෙව මං ත්වං අවච පාපකම්මං නිසෙවසි න හි පාපෙහි කම්මෙහි සුලභා හොති සුග්ගති.
Sinhala BJT152. ඒ කාලයෙහි ම තෝ මට මෙසේ කීහු. තෝ පව්කම් ම කරහි. පව්කමින් සුගතිය සුලභ නො වේ ම ය.
Pali BJT153. වාමතො ත්වං මං පච්චෙසි අථොපි මං උසුය්යසි පස්ස පාපානං කම්මානං විපාකො හොති යාදිසො.
Sinhala BJT153. තෝ මා විරුද්ධකාරියක වශයෙන් සැලැකූහු. වැළිත් තෝ මට ඊර්‍ෂ්‍යා කළහු. පව්කම්වල යම්බඳු විපාකයක් වේ නම් එය බලව.
Pali BJT154. තෙ ඝරදාසියො ආසුං තානෙවාහරණානි මෙ, තෙ චඤ්ඤෙ පරිවාරෙන්තී න භොගා හොන්ති සස්සතා.
Sinhala BJT154. තීගේ ගෙයි දාසියෝ ද ඒ ආභරණයෝ ද වූහ. (තී විසින් පෙර පරිභෝග කරන ලද) ඔවුන් (දැන්) අන්‍යයෝ පරිභෝග කෙරෙත්. සම්පත් වූකලී ශාශ්වත නො ම වෙත්.
Pali BJT155. ඉදානි භූතස්ස පිතා ආපණා ගෙහමෙහීති, අප්පෙව තෙ දදෙ කිඤ්චි මා සු තාව ඉතො අගා.
Sinhala BJT155. දැන් භූත නම් වූ මපුතුගේ පියා (මා සැමියා) සල්පිළින් ගෙදර එයි. තිට කිසිවක් දෙන්නේ නම් මැනැවි. ඒ තාක් මෙතැනින් නො යව.
Pali BJT156. නග්ගා දුබ්බණ්ණරූපාම්හි කිසා ධමනිසන්ථතා, කොපීනමෙතං ඉත්ථීනං මා මං භූතපිතාද්දස,
Sinhala BJT156. මම නග්න වූ, දුර්වර්‍ණ වූ කෘශ වූ ඉල්පුණු නහර ඇති වෙමි. මෙය ස්ත්‍රීනට ලජ්ජාවට කරුණෙකි. භූතගේ පියා මා නො දකීවා.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මුගලන් තෙරහු මෙසේ විචාරති:)
Pali BJT157. හන්ද කිං තාහං දම්මි කිං වා ච තෙ කරොම්යහං, යෙන ත්වං සුඛිතා අස්ස සබ්බකාමසමිද්ධිනී.
Sinhala BJT157. එසේ වී නම් යමෙකින් තෝ සියලු කම්සැපතින් සමෘද්ධ වැ සුවපත් වෙහි ද එබඳු කුමක් මම තිට දෙම් ද? මම තිට කිනම් උපකාරයක් කරම් ද?
Pali BJT158. චත්තාරො භික්ඛු සඞ්ඝතො චත්තාරො පුන පුග්ගලා. අට්ඨ භික්ඛූ භොජයිත්වා මම දක්ඛිණමාදිස, තදාහං සුඛිතා හෙස්සං සබ්බකාමස්මිද්ධිනී.
Sinhala BJT158. භික්‍ෂු සංඝයා කෙරෙන් සංඝ වශයෙන් සිවුනමක් ද නැවත පුද්ගල වශයෙන් භික්‍ෂූහු සතරනමක් දැ යි මෙසේ භික්‍ෂූන් අටනමක් වළඳවා මට පින් දෙව. එකල මම සියලු කැමති සැපතින් සමෘද්ධ වැ සුවපත් වෙමි.
Pali BJT159. සාධූති සා පටිස්සුත්වා භොජයිත්වාට්ඨ භික්ඛවො, වත්ථෙහච්ඡාදයිත්වාන තස්සා දක්ඛිණමාදිසි.
Sinhala BJT159. ඕ (තිස්සා) තොමෝ යහපතැයි පිළිවදන් දි භික්‍ෂූන් අට නමක් වළඳවා වස්ත්‍ර වලින් හඳවා (පූජාකොට) ඈට පින් දුන.
Pali BJT160. සමනන්තරානුද්දිට්ඨෙ විපාකො උදපජ්ජථ, භොජනච්ඡාදනපානීයං දක්ඛිණායා ඉදං ඵලං
Sinhala BJT160. පින්පෙත් දීමෙන් අනතුරු ව ම (එහි) විපාකය උපන. දිව බොජුන් පිළී සහ පැන් ද උපන. මේ දක්‍ෂිණාවේ (පින්දීමේ) ඵලයි.
Pali BJT161. තතො සුද්ධා සුචිවසනා කාසිකුත්තමධාරිණී, විචිත්තවත්ථාභරණා සපත්තිං උපසඞ්කමි.
Sinhala BJT161. ඉක්බිති ඕ විසිතුරු සුදු පිළි ඇති ව උතුම් කසී සළු දරමින් විචිත්‍ර වස්ත්‍රාභරණ ඇත්තී සපත්නිය වූ තිස්සාවන් වෙත එළැඹුණු.
Pali BJT162. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT162. දෙව්දුව, යම්බඳු තෙපි ඉතා මනහර ශරීරවර්‍ණයෙන් දහවත් තරුව මෙන් සියලු දසදිගුන් බබුළුවමින් සිටුහු.
Pali BJT163. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT163. කවර හේතුවකින් තොපගේ එවැනි ශරීරවර්‍ණයෙක් වී ද? කිනම් හේතුවකින් මෙහි තොපගේ සුචරිතඵල සමෘද්ධිය වී ද? මනවඩන යම්කිසි භෝග කෙනෙක් තොපට උපදිත් නම් ඒ කුමන හේතුවකින් ද?
Pali BJT164. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී?ති.
Sinhala BJT164. මහත් අනුභාව ඇති දෙව්දුව, තොප විචාරමි. මිනිස් වූ (කල) තෙපි කිනම් පිනක් කළහු ද? කවර පිනක හේතුවෙන් මෙසේ දිලියෙන අනුභාව ඇතියවු ද? තොපගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවා දැයි.
Pali BJT165. අහං මත්තා තුවං තිස්සා සපත්තී තෙ පුරෙ අහුං, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතා.
Sinhala BJT165. මම මත්තා නමු. තෙපි තිස්සා නම් වූවහු. පෙර මම තොපගේ සපත්නී වූමු. පව්කම් කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියා වෙමි.
Pali BJT166. තව දානෙන දින්නෙන මොදාමි අකුතො භයා, චිරං ජීවාහි භගිනි සහ සබ්බෙහි ඤාතිභි.
Sinhala BJT166. තොප දුන් දානයෙන් කිසිවකිනුත් බිය නැති වැ සතුටු වෙමි. නැගණියනි, සියලු නෑයන් සමග බොහෝ කලක් ජීවත්වෙව.
Pali BJT167. අසොකං විරජං ඨානං ආවාසං වසවත්තිනං, ඉධ ධම්මං චරිත්වාන දානං දත්වාන සොභනෙ. විනෙය්ය මච්ඡෙරමලං සමූලං, අනින්දිතා සග්ගමුපෙහි ඨානන්ති.
Sinhala BJT167. ශෝභන තැනැත්තියෙනි, මුල් සහිත මසුරු මල දුරුකොට මෙලොව දී ධර්‍මයෙහි හැසිර දන් දී ශෝක රහිත රජස් නැති දිව්‍යස්ථානය වූ තමා වසයෙහි පවත්නවුනට නිවාස වූ දෙව්ලොවට අගර්හිත වූවා පැමිණෙව.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රේතිය දුටු තිස්සාවෝ විචාරති:)
Pali BJTමත්තාපෙතවත්ථු තතියං.
Sinhala BJTතුන්වැනි මත්තා ප්‍රේතවස්තු යි.
Pali BJT2. 4.
Sinhala BJT2. 4.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය පිළිවදන් දෙයි:)
Pali BJT168 කාළී දුබ්බණ්ණරූපාසි ඵරුසා භීරුදස්සනා, පිඞ්ගලාසි කළාරාසි න තං මඤ්ඤාමි මානුසින්ති.
Sinhala BJT168. කළු වූ දුර්වර්‍ණ සිරුරු පැහැති කැකුළු සිරුරැති (තෙපි) බියකරු පෙනීම් ඇතියාව, පිඟුවන් ඇස් ඇතියාව, කළුදත් ඇතියාව, තොප මනුෂ්‍ය ස්ත්‍රියකැ යි නො හඟිමි.
Pali BJT169. අහං නන්දා නන්දසෙන{1} භරියා තෙ පුරෙ අහුං, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතාති.
Sinhala BJT169. නන්‍දසේන, මම පෙර ඔබගේ නන්‍දා නමැති බිරිඳ වීමි. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වෙමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තිස්සාවෝ පුළුවුස්නී:)
Pali BJT170. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන පෙතලොකමිතො ගතා.
Sinhala BJT170. කා විසි මුනි තිදොරින් කිනම් පවක් තොප කරන ලද ද? කිනම් කර්‍මයක විපාකයෙන් තෙපි මෙලොවින් ප්‍රේතලෝකයට ගියහු ද?
Pali BJT171. චණ්ඩී ඵරුසවාචා ච තයි චාසිං අගාරවා,{2} තාහං දුරුත්තං වත්වාන පෙතලොකමිතො ගතා.
Sinhala BJT171. මම් චණ්ඩ වැ පරුෂවචන ඇති වූමු. ඔබ කෙරෙහි ද ගරු සරු නො වූමු. ඒ මම නපුරු බස් බැණ මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වෙමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය:)
Pali BJT172. හන්දුත්තරියං දදාමි තෙ ඉමං දුස්සං නිවාසය, ඉමං දුස්සං නිවාසෙත්වා එහි නෙස්සාමි තං ඝරං.
Sinhala BJT172. එසේ නම් තොපට උතුරුසළුව දෙමි. මේ සළුව හැඳ ගනුව. මෙය හැඳ ගෙන එව. මම තොප ගෙදරට පමුණුවමි.
Pali BJT173. වත්ථඤ්ච අන්නපානඤ්ච ලච්ඡසි ත්වං ඝරං ගතා, පුත්තෙ ච තෙ පස්සිස්සසි සුනිසායො ච දක්ඛසි.
Sinhala BJT173. ගෙට ගිය තෙපි වස්ත්‍ර ද ආහාරපාන ද ලබන්නාව. තෙපි තිගේ පුත්‍රයන් ද බලන්නාව. යෙහෙළණියන් ද දක්නාව.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තිස්සාවෝ:)
Pali BJT174. හත්ථෙන හත්ථෙ තෙ දින්නං න මය්හං උපකප්පති, භික්ඛූ ච සීලසම්පන්නෙ වීතරාගෙ බහුස්සුතෙ.
Sinhala BJT174-175. යුෂ්මත්හුගේ අතින් මා අතට දෙන ලද්ද මට නො පැමිණෙයි. සිල්වත් වූ වීතරාග වූ බහුශ්‍රුත වූ භික්‍ෂූන් ආහාරපානයෙන් තර්‍පණය කරව. (එහි) පින මට දෙව. එකල මම සියලු කම්සැපතින් සමෘද්ධ වූවා සුවපත් වෙමි.
Pali BJT175. තප්පෙහි අන්නපානෙන මම දක්ඛිණමාදිස, තදාහං සුඛිතා හෙස්සං සබ්බකාමසමිද්ධිනී.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය:)
Pali BJT176. සාධූති සො පටිස්සුත්වා දානං විපුලමාකිරි, අන්නං පානං ඛාදනීයං වත්ථසෙනාසනානි ච.
Sinhala BJT176-177. හේ මැනැවැයි පිළිතුරු දී මහාදානයක් පැවැත් වී. ආහාර ද පානවර්‍ග ද කෑ යුතු දෑ ද වස්ත්‍රසේනාසන ද ඡත්‍ර ද සුවඳ ද මල් ද විවිධ උපාහන ද පුදා සිල්වත් වීතරාග බහුශ්‍රුත භික්‍ෂූන් ආහාරපානයෙන් සතප්වා (එහි) පින ඈට දුන්නේ ය.
Pali BJT177. ඡත්තං ගන්ධඤ්ච මාලඤ්ච විවිධා ච උපාගතා, භික්ඛූ ච සීලසම්පන්නෙ වීතරාගෙ බහුස්සුතෙ: තප්පෙත්වා අන්නපානෙන තස්සා දක්ඛිණමාදිසි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT178. සමනන්තරානුද්දිට්ඨෙ විපාකො උදපජ්ජථ, භොජනච්ඡාදනපානීයං දක්ඛිණාය ඉදං ඵලං.
Sinhala BJT178. පින් දීමට අනතුරුව (එහි) විපාකය ඇයට පහළ විය. භෝජන ද වස්ත්‍ර හා පියයුතු දෑ ද (උපන) දක්‍ෂිණායෙහි මේ ඵලයි.
Pali BJT179. තතො සුද්ධා සුචිවසනා කාසිකුත්තමධාරිණී, විචිත්තවත්ථාභරණා සාමිකං උපසඞ්කමි.
Sinhala BJT179. ඉක්බිති ඕ විසිතුරු සුදුපිළී ඇති වැ උතුම් කසීසළු දරමින් විචිත්‍ර වස්ත්‍රාභරණ ඇත්තී හිමියා වෙත එළැඹියා ය.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තිස්සාවෝ:)
Pali BJT180. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT180. දෙව්දුව, යම්බඳු තෙපි ඉතා මනහර ශරීරවර්‍ණයෙන් දහවත් තරුව මෙන් සියලු දසදිගුන් බබුළුවමින් සිටුහු.
Pali BJT181. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT181. කුමකින් තොපගේ මෙවැනි සිරුරුපැහැයෙක් වී ද? කුමකින් තොපගේ මෙහි සමෘද්ධියක් වී ද? මනවඩන යම්කිසි භොග කෙනෙක් වෙත් නම් ඒ භෝගයෝ තොපට උපදිත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය:)
Pali BJT182. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT182. මහත් අනුභාව ඇති දෙව්දුව, තොප විචාරමි. මිනිස් වූ (කල) තෙපි කිනම් පිනක් කළවු ද? කවර පිනක හේතුවෙන් මෙසේ දිලියෙන අනුභාව ඇතියවු ද? තොපගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJT183. අහං නන්දා නන්දසෙන{1} භරියා තෙ පුරෙ අහුං, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතා.
Sinhala BJT183. නන්‍දසේන මම නන්‍දා වෙමි. පෙර ජාතියෙහි භවත්හුගේ බිරිඳ වූමු. පව්කම් කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියමු.
Pali BJT184. තව දින්නෙන දානෙන මොදාමි අකුතො භයා, චිරං ජීවාහි{2} ගහපති සහ සබ්බෙහි ඤාතිභි.
Sinhala BJT184. භාවත්හු විසින් දෙන ලද දානයෙන් කිසිවකිනුත් බිය නැති ව සතුටු වෙමි. ගෘහපතිය, (භවත්) සියලු නෑයන් සමග දිගු කලක් ජීවත් වව.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තිස්සාවෝ:)
Pali BJT185. අසොකං විරජං ඨානං ආවාසං වසවත්තිනං, ඉධ ධම්මං චරිත්වාන දානං දත්වාන ගහපති. විනෙය්ය මච්ඡෙරමලං සමූලං, අනින්දිතො සග්ගමුපෙහි ඨාන’න්ති
Sinhala BJT185. ගෘහපතියෙනි, ලෝබ දෝස මුල් සහිත මසුරුමල දුරු කොට මෙලොව දී දහම්හි හැසිර දන් දී ශෝක රහිත රජස් නැති දිව්‍යස්ථානය වූ සියවසයෙහි පවත්වනුවනට නිවාස වූ දෙව්ලොවට අගර්හිත වූයේ පැමිණෙව.
Pali BJTනන්දාපෙතවත්ථු චතුත්ථං.
Sinhala BJTනන්‍දා ප්‍රේතවස්තු යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය:)
Pali BJT2. 5.
Sinhala BJT2. 5.
Pali BJT186. අලඞ්කතො මට්ටකුණ්ඩලී මාලාධාරී{3} හරිචන්දනුස්සදො, බාහා පග්ගය්හ කන්දසි වනමජ්ඣෙ කිං දුක්ඛිතො තුවන්ති?
Sinhala BJT186. අබරණින් සැරසුණු මට වූ කොඬොල් ඇති මල්දම් දරන රත්සඳුනෙන් අලෙවු දුන් සිරුරැති තෙපි දෙඅත් හිස බැඳගෙන හඬවු මේ වනමැද කුමක් හෙයින් තෝ දුක්ඛිත වවු ද?
Pali BJT187. සොවණ්ණමයො පභස්සරො උප්පන්නො රථපඤ්ජරො මම, තස්ස චක්කයුගං න වින්දාමි තෙන දුක්ඛෙන ජහිස්සං{4} ජීවිතන්ති.
Sinhala BJT187. රන්මුවා පැහැසර රියමැදිරියක් මට උපන. ඒ රියමැදිරියට සක්යුවළක් නො ලබමි. ඒ දුකින් මම දිවි හරනෙමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තිස්සාවෝ:)
Pali BJT188. සොවණ්ණමයං මණිමයං ලොහිතඞ්කමයං අථ රූපියාමයං, ආචික්ඛ මෙ භද්දමාණව චක්කයුගං පටිලාභයාමි තෙති.
Sinhala BJT188. සොඳුරු තරුණය, මට කියව, මම තට රන්මුවා වූ හෝ මිණිමුවා වූ හෝ ලෝහිතඞ්කමාණික්‍යමය වූ හෝ වැළිත් රිදීමුවා වූ හෝ සක්යුවළක් ලබා දෙමි.
Pali BJT189. සො මාණවො තස්ස පාවදි චන්දසුරියා උභයෙත්ථ දිස්සරෙ, සොවණ්ණමයො රථො මම තෙන චක්කයුගෙන සොභතීති.
Sinhala BJT189. ඒ තරුණයා ඔහුට මෙසේ කී: මේ අහස්හි සඳහිරු දෙදෙන පෙනෙති. මගේ රන්මුවා රිය ඒ සක්යුවළින් හොබනේ වෙයි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය:)
Pali BJT190. බාලො ඛො ත්වමසි මාණව යො ත්වං පත්ථයසෙ අපත්ථියං, මඤ්ඤාමි තුවං මරිස්සසි න හි ත්වං ලච්ඡසි චන්දසුරියෙති.
Sinhala BJT190. තරුණය, යම්බඳු තෙපි නො පැතිය යුත්තක් පතනහු ද, ඒ තෝ බාලයෙක් ම වවු තොප මැරෙති යි සිතමි. තෙපි සඳහිරු දෙදෙන නො ම ලබනහු.
Pali BJT191. ගමනාගමනම්පි දිස්සති වණ්ණධාතු උභයෙත්ථ වීථියො, පෙතො පන කාලකතො න දිස්සති කොනිධ කන්දතං බාල්යතරොති.
Sinhala BJT191. (බමුණ, මේ සඳහිරු දෙදෙනාගේ) ගමනාගමනය ද පැහැ සටහන් හා ගමනවීථි දෙක ද පෙනේ. කලුරිය කළ පරලොව ගිය තැනැත්තේ වූ කලි නො පෙනේ. මෙ තැන හඬන අප දෙදෙනා අතුරෙන් කවරෙක් බාලතර වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තිස්සාවෝ:)
Pali BJT192. සච්චං ඛො වදෙසි මාණව අහමෙව කන්දතං බාල්යතරො චන්දං විය දාරකො රුදං පෙතං කාලකතාභිපත්ථයං.
Sinhala BJT192. තරුණය, තෙපි සැබවක් ම කියවු සඳට අඬන දරුවකු මෙන් මියැ පරලොව ගියහු පතමින් අඬන මම මැ, හඬන අප දෙදෙනා අතුරෙන් වඩා බාල බැව් ඇත්තෙමි.
Pali BJT193. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තංව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
Sinhala BJT193. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් මා හද ඇවිල ගත් සියලු සෝ ගින්න තෙපි දිය ඉසින්නකු මෙන් නිවූවහු ය.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය:)
Pali BJT194. අබ්බහී වත මෙ සල්ලං සොකං හදයනිස්සිතං, යො මෙ සොකපරෙතස්ස පුත්තසොකං අපානුදි.
Sinhala BJT194. යමෙක් සොවින් මැඩුණු මාගේ පුත්‍ර ශෝකය දුරු කෙළේ ද, ඒ තෙපි මා හද ඇසුරු කළ සෝ හුල උදුළහු.
Pali BJT195. ස්වාහං අබ්බූළ්හසල්ලොස්මි සීතිභූතොස්මි නිබ්බුතො, න සොචාමි න රොදාමි තව සුත්වාන මාණව.
Sinhala BJT195. ඒ මම උදුළ සෝහුල් ඇතියෙමි, සිහිල් වූයෙම්, නිවුණෙම් වෙමි. තරුණය, තොප බස් අසා මම ශෝක නො කරමි, නො හඬමි.
Pali BJT196. දෙවතානුසි ගන්ධබ්බො ආදු සක්කො පුරින්දදො, කො වා ත්වං කස්ස වා පුත්තො කථං ජානෙමු තං මයං
Sinhala BJT196. තෙපි දෙවියෙක් වහු ද, ගඳඹෙක් වහු ද? නැතහොත් පුරින්‍ද ද නම් වූ සක්දෙව් වහු ද? තෙපි කවරහු ද? කාගේ හෝ පුතෙක් වහු ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තිස්සා:)
Pali BJT197. යඤ්ච කන්දසි යඤ්ච රොදසි පුත්තං ආළාහනෙ සයං දහිත්වා, ස්වාහං කුසලං කරිත්වා කම්මං තිදාසානං සහව්යතං පත්තො.
Sinhala BJT197. තෙපි පුතු සොහොනෙහි දවා යම් පුතකු ඇරබ තෙමේ ම සොවිහූද, යමකු ඇරබ හඬවු ද, ඒ මම කුසල කර්‍මයක් කොට දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.
Pali BJT198. අප්පං වා බහුං වා නාද්දසාම{1} දානං දදන්තස්ස සකෙ අගාරෙ, උපොසථකම්මං වා තාදිසං කෙන කම්මෙන ගාතොසි දෙවලොකන්ති.
Sinhala BJT198. සිය ගෙහි දී (දන්) දෙන (තොපගේ) ස්වල්ප වූ හෝ බොහෝ වූ හූ දනක් හෝ එබඳු පොහෝකමක් හෝ මම නො දිටිමි. කවර කර්‍මයෙකින් තෙපි දෙව්ලොව ගියහු ද?
Pali BJT199. ආබාධිකොහං දුක්ඛිතො බාළ්හගිලානො{1} ආතුරරූපොම්හි සකෙ නිවෙසනෙ, බුද්ධං විගතරජං විතිණ්ණකඞ්ඛං අද්දක්ඛිං සුගතං අනොමපඤ්ඤං.
Sinhala BJT199. (බමුණ:) මම සිය නිවෙස්හි පෙළිම් ඇතියෙම් දුක්ඛිත වූ යෙම් දැඩිගිලන් ඇතියෙම් ආතුර ස්වභාව ඇතියෙම් වීමි. ඒ මම පහවූ රාගාදි රජස් ඇති දුරු කළ සැක ඇති, සෝභන ගමන් ඇති, අලාමක නුවණ ඇති බුදුන් දුටුයෙමි.
Pali BJT200. ස්වාහං මුදිතමනො පසන්නචිත්තො අඤ්ජලිං අකරිං තථාගතස්ස, තාහං කුසලං කරිත්වා කම්මං තිදසානං සහව්යතං පත්තො.
Sinhala BJT200. ඒ මම සතුටුසිත් ඇතියෙම් පහන් සිත් ඇතියෙම් තථාගතයන් වහන්සේට ඇඳිලි බැඳ වැන්දෙමි. මම ඒ පින්කම කොට දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය:)
Pali BJT201. අච්ඡරියං වත අබ්භුතං අඤ්ජලිකම්මස්ස අයමීදිසො විපාකො, අහම්පි මුදිතමනො පසන්නචිත්තො අජ්ජෙව බුද්ධං සරණං වජාමි.
Sinhala BJT201. ආශ්චර්‍ය්‍යයෙකි, පුදුමයෙකි, එකැතියෙන් ම අඤ්ජලිකර්‍මයේ මෙ බඳු විපාකයෙයැ. මමත් ප්‍රමුදිත සිතැති ව ප්‍රසන්න සිතැති ව අද ම බුදුන් සරණ යෙමි.
Pali BJT202. අජ්ජෙව බුද්ධං සරණං වජාහි ධම්මඤ්ච සඞ්ඝඤ්ච පසන්නචිත්තො, තථෙව සික්ඛාය පදානි පඤ්ච අඛණ්ඩඵුල්ලානි සමාදියස්සු.
Sinhala BJT202. පහන් සිතැති ව අද ම බුදුන් ද ධර්‍මය ද සංඝයා ද සරණ යව. එසේ ම ශික්‍ෂා පද පස ද නො කඩකොට සපුරා සමාදන් වෙව.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තිස්සා:)
Pali BJT203. පාණාතිපාතා විරමස්සු ඛිප්පං ලොකෙ අදින්නං පරිවජ්ජයස්සු, අමජ්ජපො මා ච මුසා භණාහි සකෙන දාරෙන ච හොහි තුට්ඨො.
Sinhala BJT203. වහා පණිවායෙන් වෙන් වෙව. ලොවැ නුදුන්දෙය (ගැන්ම) දුරු කරව. මත්පැන් නො බොව, බොරු නො කියව, සිය අඹුවගෙන් ම තුටු වෙව.
Pali BJT204. අත්ථකාමොසි මෙ යක්ඛ හිතකාමොසි දෙවතෙ, කරොමි තුය්හං වචනං ත්වංසි ආචරියො මම.
Sinhala BJT204. යක්‍ෂය, තෙපි මට වැඩ කැමැත්තහු, දෙවිය, තෙපි මට හිත කැමැතියහු. මම තාගේ වචනය පිළිපදිමි. තෙපි මාගේ ඇදුරු වවු.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය:)
Pali BJT205. උපෙමි සරණං බුද්ධං ධම්මඤ්චාපි අනුත්තරං, සඞ්ඝඤ්ච නරදෙවස්ස ගච්ඡාමි සරණං අහං.
Sinhala BJT205. මම අනුත්තර වූ බුදුන් ද ධර්‍මය ද සරණයෙමි. මම නර දෙවිහුගේ සංඝයා ද සරණ යෙමි.
Pali BJT206. පාණාතිපාතා විරමාමි ඛිප්පං ලොකෙ අදින්නං පරිවජ්ජයාමි අමජ්ජපො නො ච මුසා භණාමි සකෙන දාරෙන ච හොමි තුට්ඨොති.
Sinhala BJT206. පණිවායෙන් වහා වෙන් වෙමි. ලොවැ නුදුන්දැය (ගැනීම) දුරු කරමි. මද්‍යපයෙක් නො වෙමි. බොරු ද නො කියමි. සිය බිරියගෙන් ම තුටු වෙමි.