Petavatthu

Stories of Departed Spirits

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 1057

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT65. තතො සුද්ධා සුචිවසනා කාසිකුත්තමධාරිණී, හසන්තී විමානා නික්ඛමි දක්ඛිණාය ඉදං ඵලන්ති’.
Sinhala BJT65. ඉක්බිති පිරිසිදු සිරුරු ඇති, හැඳගත් පවිත්‍ර වස්ත්‍ර ඇති, කසීසළු වලටත් වඩා උතුම් වස්ත්‍ර දරමින් (ඕ) සිනාසෙමින් විමනින් නික්මුණු. මේ දානඵල යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය දුටු මහණ දෙවියාගෙන් මෙසේ පුළුවුසී)
Pali BJT66. සුචිත්තරූපං රුචිරං විමානං තෙ පභාසති, දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵල’න්ති.
Sinhala BJT66. තොපගේ විමානය සිතුවම් කළ රූ ඇතියේ සිත්කලු වූයේ බබළයි. දේවිය, අප විසින් විචාරන ලද තෙපි කියව, මේ කවර කර්‍මයක විපාකයෙක් ද?
Pali BJT67. භික්ඛුනො චරමානස්ස දොණිනිම්මජ්ජනං අහං, අදාසිං උජුභූතස්ස විප්පසන්නෙන චෙතසා
Sinhala BJT67. (ඕ මෙසේ කියයි) පිඬු පිණිස හැසිරෙන ඍජුගුණයුත් මහණක්හට මම පහන් සිතින් තෙල් මුසු මුරුවටක් දුනිමි.
Pali BJT68. තස්ස කම්මස්ස කුසලස්ස විපාකං දීඝමන්තරං, අනුභොමි විමානස්මිං තඤ්චෙදානි පරිත්තකං.
Sinhala BJT68. මේ විමනෙහි දී ඒ කුශල කර්‍මයෙහි විපාකය දිගු කලක් මුළුල්ලෙහි විඳිමි. ඒ පිනෙහි විපාකය ද දැන් අල්පාවශිෂ්ට ව ඇත.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(දෙවියා පිළිතුරු දෙයි)
Pali BJT69. උද්ධං චතූහි මාසෙහි කාලකිරියා භවිස්සති, එකන්තං කටුකං ඝොරං නිරයං පපතිස්සහං.
Sinhala BJT69. සිවුමසෙකින් මතුයෙහි මාගේ කාලක්‍රියා වෙයි. අනතුරුව මම ඒකාන්ත කටුක වූ දරුණු වූ අවීචිමහානිරයෙහි වටෙන්නෙමි.
Pali BJT70. චතුක්කණ්ණං චතුද්වාරං විභත්තං භාගසො මිතං, අයොපාකාරපරියන්තං අයසා පටිකුජ්ජිතං.
Sinhala BJT70. එහි කොන් සතරකි. දොර සතරෙකි, ඒ කොටස් වශයෙන් මොනොවට බෙදන ලද ය. පමණ කරන ලද ය. අයෝමය පවුරෙකින් වට කරන ලද ය. යපියෙනකින් වසන ලදී.
Pali BJT71. තස්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා.
Sinhala BJT71. ඒ අවීචිනිරයෙහි ජ්වලිත වූ තේජසින් යුක්ත වූ අයෝමයභූමිය හැම කල්හි හාත්පස සියක් යොදුන් පැතිරැ සිටියි.
Pali BJT72. තත්ථාහං දීඝමද්ධානං දුක්ඛං වෙදිස්සං වෙදනං, ඵලඤ්ච පාපකම්මස්ස තස්මා සොචාමහං භුස’න්ති.
Sinhala BJT72. මම ඒ මහානිරයෙහි දිගුකලක් දුක්වේදනා විඳිමි. පව්කම්හි ඵල ද විඳිමි. එහෙයින් මම බෙහෙවින් ශෝක කරමි යි.
Pali BJTඛල්ලාටියපෙතවත්ථු දසමං.
Sinhala BJTඛල්ලාටිය ප්‍රේතවස්තු යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රධාන වෙළෙඳා ප්‍රෙතියගෙන් මෙසේ විචාරයි.)
Pali BJT1. 11.
Sinhala BJT1. 11.
Pali BJT73. පුරතොව සෙතෙන පලෙති හත්ථිනා මජ්ඣෙ පන අස්සතරීරථෙන, පච්ඡා ච කඤ්ඤා සිවිකාය නිය්යති ඔභාසයන්ති දස සබ්බසො{1} දිසා.
Sinhala BJT73. පෙරටුව සුදු ඇත්වාහනයෙන් එක් දෙව්පුතෙක් යයි. යළි මධ්‍යයෙහි වෙළඹුන් යෙදූ රියෙන් අන් දෙවියෙක් යයි. පසුපස දිව්‍ය කන්‍යාවක් හාත්පස දසදිගුන් බබළවමින් සිවිකාවකින් ගෙන යනු ලබයි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය:)
Pali BJT74. තුම්හෙ පන මුග්ගරහත්ථපාණිනො රුදම්මුඛා භින්නපභින්නගත්තා, මනුස්සභූතා කිමකත්ථ පාපං යෙනඤ්ඤ මඤ්ඤස්ස පිවාථ ලොහිත’න්ති.
Sinhala BJT74. තෙපි වනාහි මුගුරුගත් අත් ඇති ව, හඬන මුහුණු ඇති ව, බිඳුණු වෙසෙසින් බිඳුණු සිරුරු ඇති ව යන්නවු ය. යම් පව්කමෙකින් උනුන් ගේ ලේ බොන්නවූ නම් (තෙපි) මිනිස් වූවාහු කවර පව්කමක් කළහු ද?
Pali BJT75. පුරතොව යො ගච්ඡති කුඤ්ජරෙන සෙතෙන නාගෙන චතුක්කමෙන, අම්හාක පුත්තො අහු ජෙට්ඨකො සො{2} දානානි දත්වාන සුඛී පමොදති.
Sinhala BJT75. යමෙක් ඉදිරියෙහි ම සිවුපා ඇති සුදු ඇත්වාහනයෙකින් යේ ද, හේ අපගේ දෙටු පුතා වීය. දන් දී සුවපත් වැ සතුටු වෙයි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(වෙළෙඳා)
Pali BJT76. යො සො මජ්ඣෙ අස්සතරී රථෙන චතුබ්භි යුත්තෙන සුවග්ගිතෙන, අම්හාක පුත්තො අහු මජ්ඣිමො සො අමච්ඡරී දානපතී විරොචති.
Sinhala BJT76. යම් දෙවියෙක් මධ්‍යයෙහි සොඳුරු ගමන් ඇති වෙළඹුන් සිවුදෙනකුන් යෙදූ අස්රියෙකින් ගමන් කෙරේ ද, හේ අපගේ මැදුම් පුතා විය. නොමසුරු දානපතියෙක් වූ හේ දැන් බබළයි.
Pali BJT77. යා සා ච පච්ඡා සිවිකා යනිය්යති නාරී සපඤ්ඤා මිගමන්දලොචනා, අම්හාක ධීතා අහු සා කනිට්ඨා භාගඩ්ඪභාගෙන සුඛී පමොදති.
Sinhala BJT77. මුවැත්තියක මෙන් මඳලස බැලුම් ඇති පැනවත් වූ යම් දෙවඟනක් හැමට ම පසු වැ සිවි ගෙයෙකින් ගෙනයනු ලබා ද, ඕ අපගේ කනිටු දියැණි වූ. තමා ලද කොටසින් අඩක් දී සුඛිත ව සතුටු වෙයි.
Pali BJT78. එතෙ ච දානානි අදංසු පුබ්බෙ පසන්නචිත්තා සමණබ්රාහ්මණානං, මයම්පන මච්ඡරිනො අහුම්හා පරිභාසකා සමණබ්රාහ්මණානං. එතෙ පදත්වා පරිචාරයන්ති මයඤ්ච සුස්සාම නළොව ඛිත්තො’ති.
Sinhala BJT78. තුලුහු පෙර පහන්සිත් ඇති වැ මහණ බමුණනට දන් දුන්හ. අපි වනාහි මහණබමුණනට පිරිහෙළා කථාකරන මසුරෝ වූම්හ. තුලුහු දන් දී දිවසිරින් ඉඳුරන් පිනවත්. අපි වැලිත් ආතපයෙහි ලූ බටගසක් මෙන් (සයින්) වියළෙම්හ.
Pali BJT79. කිං තුම්හාකං භොජනං කිං සයනං කථංසු{1} යාපෙථ සුපාපධම්මිනො, පහූතභොගෙසු අනප්පකෙසු සුඛං විරාධාය{2} දුඛජ්ජ පත්තා’ති.
Sinhala BJT79. තොපගේ ආහාරය කුමක් ද? තොපගේ ශයනය කෙබඳු ද? අතිශය පාපධර්‍ම ඇති තෙපි කෙසේ යැපෙහු ද? අනල්ප වූ මහත් භෝග ඇති කල්හි සැප වරදවා ගෙන අද දුකට පැමිණියහු ය.
Pali BJT80. අඤ්ඤමඤ්ඤං වධිත්වාන පිවාම පුබ්බලොහිතං බහුං පීත්වා න ධාතා හොම නච්ඡාදිම්භසෙ මයං.
Sinhala BJT80. අපි ඔවුනොවුනට හිංසා කොටගෙන ලෙහෙ සැරව පානය කරම්හ. බොහෝ පානය කොටත් තෘප්ත නො වම්හ. නොරුස්නමෝ වම්හ.
Pali BJT81. ඉච්චෙව වච්චා පරිදෙවයන්ති අදායකා පෙච්ච යමස්ස ඨායිනො, යෙ තෙ විදිත්වා{3} අධිගම්ම භොගෙ න භුඤ්ජරෙ නාපි කරොන්ති පුඤ්ඤං.
Sinhala BJT81. මෙපරිද්දෙන් ම නොදෙනසුලු මනුෂ්‍යයෝ පරලොව ප්‍රේතලෝකයෙහි සිටින්නාහ, වැලපෙත්. යම් මනුෂ්‍ය කෙනෙක් “භෝගයෙන් මතු සැපත් සැලසෙති”යි දැන භෝගයන් ලැබ අප මෙන් ම නොවළඳා සිටිත්, නො ද පින් කෙරෙත්.
Pali BJT82. තෙ ඛුප්පිපාසූපගතා පරත්ථ පෙතා චිරං ඣායරෙ ඩය්හමානා, කම්මානි කත්වාන දුඛුද්රයානි අනුභොන්ති දුක්ඛං කටුකප්ඵලානි.
Sinhala BJT82. ඒ ප්‍රේතයෝ දුක් එළවන කටුකඵල ඇති පව්කම් කොට පරලොව්හි සාපිපාසායෙන් මඩනා ලද්දාහු (දුකින්) දැවෙමින් බොහෝ කලක් තැවෙත්. දුක් අනුභව කෙරෙත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ඇය දුටු වෙළෙඳෝ මෙසේ පුළුවුත්හ).
Pali BJT83. ඉත්තරං හි ධනං ධඤ්ඤං ඉත්තරං ඉධ ජීවිතං, ඉත්තරං ඉත්තරතො ඤත්වා දීපං කයිරාථ පණ්ඩිතො.
Sinhala BJT83. ධන, ධාන්‍ය ක්‍ෂණික ය. මෙලොව ජීවිතය ද ක්‍ෂණික ය. වැඩිකල් නොපවතින දේ ක්‍ෂණික යි නුවණින් දැනැත් නුවණැත්තේ තමහට ප්‍රතිෂ්ඨාව කරන්නේ ය.
Pali BJT84. යෙ තෙ එවං පජානන්ති නරා ධම්මස්ස කොවිදා තෙ දානෙ නප්පමජ්ජන්ති සුත්වා අරහතං වචො’ති.
Sinhala BJT84. ධර්‍මයෙහි දක්‍ෂ වූ යම් මනුෂ්‍ය කෙනෙක් මේ මෙසේ දනිත් ද, ඔහු රහතුන්ගේ වචන අසා දන් දීමෙහි නො පමා වෙත්.
Pali BJTනාගපෙතවත්ථු එකාදසමං.
Sinhala BJTනාග ප්‍රේතවස්තු යි.
Pali BJT1. 12.
Sinhala BJT1. 12.
Pali BJT85. උරගොව තචං ජිණ්ණං හිත්වා ගච්ඡති සංතනුං, එවං සරීරෙ නිබ්භොගෙ පෙතෙ කාලකතෙ සති.
Sinhala BJT85. යම්සේ සර්‍පයා දිරූ සැව සියසිරුරින් හැර පියා යේ ද, එසේ ම ශරීරය නිෂ්ප්‍රයෝජන ව ආයුෂාදිය පහ වැ කලුරිය කළ කල්හි සත්ත්‍වයා සිය සිරුර හැරපියා යෙයි.
Pali BJT86. ඩය්හමානො න ජානාති ඤාතීනං පරිදෙවිතං තස්මා එතං න රොදාමි{4} ගතො සො තස්ස යා ගතී’ති.
Sinhala BJT86. දවනු ලබන සිරුර නෑයන්ගේ හැඬීම නො දනී. එහෙයින් මළ පුතු නිමිති කොට නො හඬමි. ඔහුගේ යම් ගමනෙක් වී ද, හේ ඒ ගමන ගියේ ය.
Pali BJT87. අනවහිතො{5} තතො ආග නානුඤ්ඤතො ඉතො ගතො, යථාගතො තථාගතො කා තත්ථ පරිදෙවනා.
Sinhala BJT87. හේ නො කැඳවන ලද්දේ පරලොවින් මෙහි ආයේ යැ. නො අනුදන්නා ලද්දේ මෙලොවින් ගියේ ය. යම්සේ ආයේ ද එසේ ගියේ ය. එහි ලා කවර හැඬීමෙක් ද?
Pali BJT88. ඩය්හමානො න ජානාති ඤාතීනං පරිදෙවිතං, තස්මා එතං න රොදාමි ගතො සො තස්ස යා ගතී’ති.
Sinhala BJT88. දැවෙන මළසිරුර නෑයන්ගේ විලාපය නො දනී. එහෙයින් තෙල පුතු ගැන නො හඬමි. ඔහුට කර්‍මානුරූප යම් ගතියක් වී ද, හේ ඒ ගමන ගියේ ය.
Pali BJT89. සචෙ රොදෙ කිසා අස්සං තත්ථ මෙ කිං ඵලං සියා, ඤාතිමිත්තසුහජ්ජානං භිය්යො නො අරතී සියා.
Sinhala BJT89. ඉදින් මම හඬනෙම් නම් කෘශ වෙමි. ඒ හැඬීමෙහි මට කවර ඵලයක් වේ ද, අපගේ ඥාති මිත්‍රසුහෘදයනට බෙහෙවින් නො ඇල්ම වන්නේ ය.
Pali BJT90. ඩය්හමානො න ජානාති ඤාතීනං පරිදෙවිතං තස්මා එතං න රොදාමි ගතො සො තස්ස යා ගතී’ති.
Sinhala BJT90. දැවෙන සිරුර නෑයන්ගේ හැඬීම නො දනි. එහෙයින් මම මොහු ගැන නො හඬමි. ඔහුගේ කර්‍මය පරිදි යම් ගතියක් වී නම් හේ ඒ ගමන ගියේ ය.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තෙරණුවෝ ප්‍රෙතයන් ගෙන් මෙසේ පිළිවිසිති.)
Pali BJT91. යථාපි දාරකො චන්දං ගච්ඡන්තමනුරොදති, එවං සම්පදමෙවෙතං යො පෙතමනුසොචති.
Sinhala BJT91. යම්සේ බාල දරුවෙක් අහස්හි ගමන් කරන සඳට අඬා ද යමෙක් මළහු සඳහා ශෝක කෙරේ නම් ඒ කරුණ මෙබඳු ම ය.
Pali BJT92. ඩය්හමානො න ජානාති ඤාතීනං පරිදෙවිතං, තස්මා එතං න රොදාමි ගතො සො තස්ස යා ගතී’ති.
Sinhala BJT92. දැවෙන්නේ නෑයන්ගේ හැඬීම නො දනී. එහෙයින් මම මොහුට නො හඬමි. ඔහුට කම් වූ පරිදි යම් ගතියෙක් වී නම් හේ ඒ ගමන ගියේය.
Pali BJT93. යථාපි බ්රහ්මෙ උදකුම්භො භින්නො අප්පටිසන්ධියො, එවං සම්පදමෙවෙතං යො පෙතමනුසොචති.
Sinhala BJT93. පින්වත් බමුණ, යම්සේ බිඳුණු දිය කළය නැවත සන්‍ධි කළ නො හැකි වේ ද, යමෙක් මළහු සඳහා ශෝක කෙරේ නම් ඒ කරුණත් මෙබඳු ම යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතයෝ පිළිතුරු දෙති.)
Pali BJT94. ඩය්හමානො න ජානාති ඤාතිනං පරිදෙවිතං, තස්මා එතං න රොදාමි ගතො සො තස්ස යා ගතී’ති.
Sinhala BJT94. දැවෙන්නේ නෑයන්ගේ විලාපය නො දනී. එහෙයින් මම මොහුට නො හඬමි. ඔහුට කම් වූ පරිදි යම් ගතියෙක් වී නම් හේ ඒ ගමන ගියේ ය.
Pali BJTඋරගපෙතවත්ථු ද්වාදසමං.
Sinhala BJTඋරග ප්‍රේතවස්තු යි.
Pali BJTඋරගවග්ගො පඨමො නිට්ඨිතො.
Sinhala BJTඋරගවර්‍ගය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඛෙත්තඤ්ච සූකරං පූති පිට්ඨඤ්චාපි තිරොකුඩ්ඩං, පඤ්චාපි සත්තපුත්තඤ්ච ගොණඤ්ච පෙසකාරකං, තථා ඛල්ලාටියං නාගං උරගඤ්චෙව ද්වාදසාති.
Sinhala BJTඛෙත්තූපම ප්‍රේතවස්තු යැ, සූකරමුඛ ප්‍රේතවස්තු යැ, පූතිමුඛ ප්‍රේතවස්තු යැ, පිට්ඨධීතලික ප්‍රේතවස්තු යැ, තිරොකුඩ්ඩ ප්‍රේතවස්තු යැ, පඤ්චපුත්තඛාදක ප්‍රේතවස්තු යැ, සත්තපුත්තඛාදක ප්‍රේතවස්තු යැ, ගෝණ ප්‍රේතවස්තු යැ, මහාපෙසකාර ප්‍රේතවස්තු යැ, ඛල්ලාටිය ප්‍රේතවස්තු යැ, නාග ප්‍රේතවස්තු යැ, උරග ප්‍රේතවස්තු යැ යි උරගවර්‍ගයෙහි ප්‍රේතවස්තු දොළසෙකි.
Pali BJT2. උබ්බරීවග්ගො
Sinhala BJT2. උබ්බරී වර්‍ගය
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රේතයෝ පිළිතුරු දෙති:)
Pali BJT2. 1.
Sinhala BJT2. 1.
Pali BJT95. නග්ගා දුබ්බණ්ණරූපාසි කිසා ධමනිසන්ථතා, උප්ඵාසුලිකෙ කිසිකෙ කා නු ත්වං ඉධ තිට්ඨසී’?ති.
Sinhala BJT95. තෝ නග්න වෙහි, දුර්වර්‍ණ වූ, කෘශ වූ, ඉල්පුණු නහරින් යුත් සිරුරු ඇත්තෙහි යැ. ඉල්පුණු ඉළ ඇටින් සහ සිහින් සිරුරින් යුතු ව මෙහි සිටින තෝ කවරක් වෙහි?
Pali BJT96. අහං භදන්තෙ පෙතීම්හි දුග්ගතා යමලොකිකා, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතා’ති.
Sinhala BJT96. ස්වාමීනි මම දුකට පත්, යමලොව උපන් ප්‍රේතියක්මු. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වෙමි.
Pali BJT97. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන පෙතලොකමිතො ගතා?’ති.
Sinhala BJT97. කය, වචන, සිත යන තිදොරින් තී විසින් කුමන පවක් කරන ලද ද? කිනම් කර්‍මයක විපාකයෙන් හෝ මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වෙහි ද?
Pali BJT98. අනුකම්පකා මය්හං නාහෙසුං භන්තෙ පිතා ච මාතා අථවාපි ඤාතකා, යෙ මං නියොජෙය්යුං දදාහි දානං පසන්නචිත්තා සමණබ්රාහ්මණානං.
Sinhala BJT98. ස්වාමීනි යම් කෙනෙක් පහන්සිතින් යුතු ව මහණබමුණනට “දන් දෙව”යි කියා මා මෙහෙයවත් නම් එබඳු වූ මට හිතැති පියෙක් හෝ මවක් හෝ අනෙක් නෑ කෙනෙක් හෝ මට නො වූහ.
Pali BJT99. ඉතො අහං වස්ස සතානි පඤ්ච යං එවරූපා විචරාමි නග්ගා, ඛුදාය තණ්හාය ච ඛජ්ජමානා පාපස්ස කම්මස්ස ඵලං මමෙදං.
Sinhala BJT99. එසේ පින් නො කළ හෙයින් මෙබඳු වූ ප්‍රෙතියක් වැ එතැන් පටන් නග්න වැ සාපිපාසායෙන් පෙළෙමින් අවුරුදු පන්සියයක් හැසිරෙමි. මාගේ පාපකර්‍මයෙහි මේ විපාකය වෙයි.
Pali BJT100. වන්දාමි තං අය්ය පසන්නචිත්තා අනුකම්ප මං ධීර{1} මහානුභාව, දත්වා ච මෙ ආදිස්ස යං හි කිඤ්චි මොචෙහි මං දුග්ගතියා භදන්තෙති.
Sinhala BJT100. ආර්‍ය්‍යයන් වහන්ස, මම පහන්සිත් ඇති වැ ඔබ වඳිමි. මහත් අනුභාව ඇති ධීරයන් වහන්ස, මට අනුකම්පා කරන සේක්වා. යම් කිසිවක් දන් දී එහි පින් මට දෙන සේක්වා, වහන්ස, මා මේ දුගතියෙන් මුදන සේක්වා.
Pali BJT101. සාධූති සො පටිස්සුත්වා සාරිපුත්තොනුකම්පකො, භික්ඛූනං ආලොපං දත්වා පාණිමත්තඤ්ච චෙලකං: ථාලකස්ස ච පානීයං තස්සා දක්ඛිණමාදිසි.
Sinhala BJT101. කාරුණික වූ ඒ සැරියුත් තෙරහු ‘මැනවැ’යි කියා ඇයට පිළිවදන් දී බත්පිඬක් ද රියනක පමණ පිළීකඩක් ද, එක පැන්තලියක් ද මහණක්හට දන්දී ඇයට ප්‍රාප්තිදානය කළහ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(බමුණා මළපුතු වෙනුවෙන් ශෝක නො කිරීමේ හේතු දක්වයි:)
Pali BJT102. සමනන්තරානුද්දිට්ඨෙ විපාකො උදපජ්ජථ,{2} භොජනච්ඡාදනපානීයං දක්ඛිණාය ඉදං ඵලං.
Sinhala BJT102. ඒ පින්දීමට අනතුරු ව ම ඒ දානයෙහි විපාක උපන. එනම්: පිණිබොජුන් ද මනහරපිළී ද නන්වැදෑරුම් පානවර්‍ග ද ලැබිණි. මේ ප්‍රාප්තිදානයෙහි විපාක යි.
Pali BJT103. තතො සුද්ධා සුචිවසනා කාසිකුත්තමධාරිණී, විචිත්තවත්ථාභරණා සාරිපුත්තමුපසඞ්කමී’ති.
Sinhala BJT103. ඉක්බිති ස්නානයෙන් පිරිසිදු සිරුරු ඇති හන් සුදුපිළී ඇති කසීසළුවලට ද වඩා උතුම් වස්ත්‍ර ධරන විසිතුරු වස්ත්‍රාභරණ ඇති ඕ තොමෝ සැරියුත්තෙරුන් කරා එළැඹියා ය.
Pali BJT104. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT104. දෙව්දුව, යම්බඳු තෝ මනහර වූ ශරීරවර්‍ණයෙන් දවහත් තරුව මෙන් දසදිගුන් බබුළුවමින් මෙහි සිටිහි ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(බැමිණි ද මළපුතු වෙනුවෙන් නො හඬන කරුණ කියයි:)
Pali BJT105. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා?.
Sinhala BJT105. කවර හේතුවකින් තීගේ එවැනි වර්‍ණයෙක් වී ද? කිනම් හේතුවකින් තීගේ මෙහි සුචරිත ඵල සමෘද්ධියක් වී ද? මනවඩන යම්කිසි භෝග කෙනෙක් තිට උපදිත් නම් ඒ කුමන හේතුවකින් ද?
Pali BJT106. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’?ති
Sinhala BJT106. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූ (කල) තෝ කිනම් පිනක් කළවු ද? කවර පිනක හේතුවෙන් මෙසේ දිලියෙන අනුභාව ඇත්තී වෙහි ද? තිගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJT107. උප්පණ්ඩුකිං කිසං ඡාතං නග්ගං ආපතිතච්ඡවිං{1} මුනි කාරුණිකො ලොකෙ තං මමද්දක්ඛි දුක්ඛිතං.
Sinhala BJT107. ලොවැ කුළුණුගුණයුත් සැරියුත්තෙරහු පඬුවන් වූ කෘශ වූ බඩසයින් පෙළුණු, නග්න වූ, සුන්බුන්සිරුරුසිවි ඇති, දුගතියැ උපන් මා දුටහ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මළහුගේ නැගෙණියෝ ද මෙසේ කියති:)
Pali BJT108. භික්ඛූනං ආලොපං දත්වා පාණිමත්තඤ්ච චොළකං, ථාලකස්සච පානීයං මම දක්ඛිණමාදිසි.
Sinhala BJT108. පිඬක් පමණ අහර ද, රියනක් පමණ පිළී ද, තලියක් පමණ පැන් ද මහණුන්ට දන් දී (ඒ තෙරහු) එහි පින මට දුන්හ.
Pali BJT109. ආලොපස්ස ඵලං පස්ස භත්තං වස්සසතං දස, භුඤ්ජාමි කාමකාමිනී අනෙකරසබ්යඤ්ජනං
Sinhala BJT109. බත්පිඬුයෙහි විපාකය බලව, අනුන් විසින් පවා කැමති විය යුතු වූ කම්සැපතින් යුතු වැ දහසක් හවුරුදු මුළුල්ලෙහි නොයෙක් රසමසවුළෙන් යුත් බත් වළඳමි.
Pali BJT110. පාණිමත්තස්ස චොලස්ස විපාකං පස්ස යාදිසං, යාවතා නන්දරාජස්ස විජිතස්මිං පටීච්ඡදා.
Sinhala BJT110. රියනක් පමණ පිළීයෙහි යම්බඳු විපාකයෙක් වී නම් එ ද බලනු මැන. නන්‍දරජුගේ විජිතයෙහි යම් පමණ පිළී වේ නම්,
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ඔහුගේ බිරිඳ ද මෙසේ කියයි:)
Pali BJT111. තතො බහුතරා භන්තෙ වත්ථානච්ඡාදනානි මෙ, කොසෙය්යකම්බලීයානි ඛොමකප්පාසිකානි ච,
Sinhala BJT111. වහන්ස,මට කෝසෙය්‍යවස්ත්‍ර හා කම්බිලි ද, කොමුපිළී හා කපුපිළී ද යන හඳනා පොරෝනා පිළී එයට වඩා බොහෝ අධික ය.
Pali BJT112. විපුලා ච මහග්ඝා ච තෙපාකාසෙව ලම්බරෙ, සාහං තං පරිදහාමි යං යං හි මනසො පියං,
Sinhala BJT112. මහත් වූ ද මාහැඟි වූ ද ඒ පිළී අහසෙහි ම එල්බෙයි. ඒ මම යම් යම් පිළී මගේ සිතට ප්‍රිය නම් එය ම හැඳ පෙරෙවැ ගනිමි.
Pali BJT113. ථාලකස්ස ච පානීයං විපාකං පස්ස යාදිසං, ගම්භීරා චතුරස්සා ච පොක්ඛරඤ්ඤො සුනිම්මිතා.
Sinhala BJT113. පැන්තලියෙහි යම්බඳු විපාකයෙක් වී නම් එ ද බලව. ගැඹුරු සතරැස් පොකුණු (එනිසා) මැවිණි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(දාසිය ද මෙසේ කියයි:)
Pali BJT114. සාතොදකා{2} සුප්පතිත්ථා සීතා අප්පටිගන්ධියා, පදුමුප්පලසඤ්ඡන්නා වාරිකිඤ්ජක්ඛපූරිතා.
Sinhala BJT114. එය පහන්දියෙන් හා වැල්ලෙන් ගැවසීගත්තේ ය. යහපත් තොටින් හා සිහිල්දියෙන් යුක්ත යැ. සුවඳැති රත්පියුමින් හා හෙළ පියුමින් ගැවසී පවතී. මල් රේණුයෙන් යුත් දියෙන් පිරුණේය.
Pali BJT115. සාහං රමාමි කීළාමි මොදාමි අකුතොභයා, මුනිං කාරුණිකං ලොකෙ භන්තෙ වන්දිතුමාගතා’ති.
Sinhala BJT115. ඕ මම කිසිවකිනුත් බිය නැත්තී රමණය කරමි, ක්‍රීඩා කරමි, සතුටු වෙමි. ලොවැ කුළුණැති මුනිවරයකු වූ ඔබ වැඳීමට මෙහි ආමි.
Pali BJTසංසාරමොචකපෙතවත්ථු පඨමං.
Sinhala BJTසංසාරමොචක ප්‍රේතවස්තු යි.
Pali BJT2. 2.
Sinhala BJT2. 2.
Pali BJT116. නග්ගා දුබ්බණ්ණරූපාසි කිසා ධමනිසන්ථතා, උප්ඵාසුලිකෙ කිසිකෙ කා නු ත්වං ඉධ තිට්ඨසී’ති.
Sinhala BJT116. තෝ නග්න යැ. දුර්වර්‍ණ වූ, කෘශ වූ, ඉල්පුණු නහරින් යුත් සිරුරු ඇතියාව, ඉල්පුණු ඉළ ඇටින් හා සිරුරින් යුතු ව මෙහි සිටින තෝ කවරක් වෙහි ද?
Pali BJT117. අහං තෙ සකියා මාතා පුබ්බෙ අඤ්ඤාසු ජාතිසු, උප්පන්නා පෙත්තිවිසයං ඛුප්පිපාසසම්පපිතා.
Sinhala BJT117-119. මම මින් පෙර ජාතිවල (අනෙක් පස්වන ජාතියෙහි) ඔබගේ (ස්වකීය) වැදූ මව වීමි. ප්‍රේතලෝකයෙහි උපන් මම බඩසයින් පෙළුණා වෙමි. වමනයෙන් හා කිවිසීමෙන් හටගත් මල ද, කෙළසොටු හා සෙම ද, දවන මළසිරුරුවල වුරුණුතෙල හා වැදූස්ත්‍රන්ගේ ලේ ද, වණ ඇත්තවුන්ගේ, නාසය … හිස කැපූවන්ගේ යම් ලෙයක් වේ නම් එය ද ස්ත්‍රී … පුරුෂ ශරීර ආශ්‍රිත දේ ද, සාගින්නෙන් මඩනා ලද මම අනුභව කරමි.
Pali BJT118. ඡඩ්ඩිතං ඛිපිතං ඛෙළං සිඞ්ඝාණිකං සිලෙසුමං, වසඤ්ච ඩය්හමානානං විජාතානඤ්ච ලොහිතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT119. වණිතානඤ්ච යං ඝානසීසච්ඡින්නාන ලොහිතං ඛුදාපරෙතා භුඤ්ජාමි ඉත්ථිපුරිසනිස්සිතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT120. පුබ්බලොහිතභක්ඛාස්මි{1} පසූනං මානුසාන ච, අලෙනා අනගාරා ච නීලමඤ්ච පරායනා.
Sinhala BJT120. සිවුපාවුන්ගේ ද මිනිසුන්ගේ ද පූයා හා ලේ අනුභව කරන්නී පිහිටක් නැති ව වාසස්ථානයක් නැති ව සොහොන්යහන ම පිහිට කොට වෙසෙමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(සැරියුත් තෙරහු සංසාර මෝචක ප්‍රේතියගෙන් මෙසේ පුළුවුස්ති:)
Pali BJT121. දෙහි පුත්තක මෙ දානං දත්වාන උද්දිසාහි{2} මෙ, අප්පෙව නාම මුඤ්චෙය්යං පුබ්බලොහිතභොජනා.
Sinhala BJT121. පුතණුවනි, මා සඳහා දනක් දුන මැනවි, දන් දී මට පින් දුන මැනවි. ලේ සැරව බිදීමෙන් මිදෙන්නෙම් නම් ඉතා යෙහෙක.
Pali BJT122. මාතුයා වචනං සුත්වා උපතිස්සොනුකම්පකො, ආමන්තයී මොග්ගල්ලානං අනුරුද්ධඤ්ච කප්පිනං.
Sinhala BJT122. කාරුණික වූ උපතිස් තෙරහු මවගේ වචන අසා මොග්ගල්ලාන අනුරුද්ධ … කප්පින යන තෙරවරුන් ඇමතූහ. (නිමන්ත්‍රණය කළහ)
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය මෙසේ කියයි:)
Pali BJT123. චතස්සො කුටියො කත්වා සඞ්ඝෙ චාතුද්දිසෙ අදා, කුටියො අන්නපානඤ්ච මාතු දක්ඛිණමාදිසි.
Sinhala BJT123. සිවුකිළියක් කොට සිවුදිගින් වඩනා සඟනට ඒ කිළි ද ආහාර පාන ද දුන්හ. මවට දක්‍ෂිණාව (පින්) දුන්හ.
Pali BJT124. සමනන්තරානුද්දිට්ඨෙ විපාකො උදපජ්ජථ, භොජනං පානීයං වත්ථං දක්ඛිණාය ඉදං ඵලං.
Sinhala BJT124. පින්දීමට අනතුරු ව මැ එහි විපාකය උපන. දිව්‍යමය ආහාරපාන හා වස්ත්‍ර පහළ විය. මේ දක්‍ෂිණායෙහි ඵලය යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තෙරහු විචාරති:)
Pali BJT125. තතො සුද්ධා සුචිවසනා කාසිකුත්තමධාරිණී, විචිත්තවත්ථාභරණා කොලිතං උපසඞ්කමි.
Sinhala BJT125. ඉක්බිති ඕ විසිතුරු සුදුපිළි ඇති වැ උතුම් කසීසළු දරමින් විචිත්‍ර වස්ත්‍රාභරණ ඇත්තී කෝලිත තෙරුන් වෙත එළැඹියා ය.
Pali BJT126. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT126.දෙව්දුව, යම්බඳු තෝ ඉතා මනහර ශරීරවර්‍ණයෙන් දහවත් තරුව මෙන් සියලු දසදිගුන් බබුළුවමින් සිටිහි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රේතිය පිළිතුරු දෙයි:)
Pali BJT127. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT127. කවර හේතුවකින් තීගේ එවැනි ශරීරවර්‍ණයෙක් වී ද? කිනම් හේතුවකින් තීගේ මෙහි සුචරිතඵල සමෘද්ධියක් වී ද? මනවඩන යම්කිසි භොග කෙනෙක් වෙත් නම් ඒ භෝගයෝ තිට උපදිත්.
Pali BJT128. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං: කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසති.
Sinhala BJT128. මහත් අනුභාව ඇති දෙව්දුව, තීගෙන් විචාරමි. මිනිස් වූ (කල) තෝ කිනම් පිනක් කළහු ද? කවර පිනක හේතුවෙන් මෙසේ දිලිසෙන අනුභාව ඇත්තී වෙහි ද? තිගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJT129. සාරිපුත්තස්සහං මාතා පුබ්බෙ අඤ්ඤාසු ජාතිසු, උප්පන්නා පෙත්තිවිසයං ඛුප්පිපාසසමප්පිතා.
Sinhala BJT129. මම මින් පෙර අනෙක් පස්වන ජාතියෙහි සැරියුත් තෙරුන්ගේ මව වීමි. ප්‍රේතලෝකයෙහි උපන් මම බඩසයින් පෙළුණි වෙමි.
Pali BJT130. ඡඩ්ඩිතං ඛිපිතං ඛෙළං සිඞ්ඝාණිකං සිලෙසුමං, වසඤ්ච ඩය්හමානානං විජාතානඤ්ච ලොහිතං.
Sinhala BJT130. වමනයෙන් හා කිවිසීමෙන් හටගත් මල ද, කෙළ - සොටු හා සෙම ද, දවන මළසිරුරුවල වුරුණුතෙල හා වැදූ ස්ත්‍රීන්ගේ ලෙය ද
Pali BJT131. වණිතානඤ්ච යං ඝානසීසච්ඡින්නාන ලොහිතං, ඛුදාපරෙතා භුඤ්ජාමි ඉත්ථිපුරිසනිස්සිතං.
Sinhala BJT131. වණ ඇත්තවුන්ගේ, කැපූ නාස හා හිස් ඇත්තවුන්ගේ යම් ලෙයෙක් වී නම් එය ද, ස්ත්‍රී පුරුෂ ශරීර ආශ්‍රිත දෙය ද, සාගින්නෙන් මඩනා ලද මම අනුභව කරමි.
Pali BJT132. පුබ්බලොහිතභක්ඛාස්මි පසූනං මානුසාන ච, අලෙනා අනගාරා ච නීලමඤ්ච පරායනා.
Sinhala BJT132. සිවුපාවුන්ගේ ද, මිනිසුන්ගේ ද පූයා හා ලේ අනුභව කරන්නී පිළිසරණක් නැති වැ වාසස්ථානයක් නැති වැ සොහොන් යහන ම පිහිට කොට වෙසෙමි.
Pali BJT133. සාරිපුත්තස්ස දානෙන මොදාමි අකුතොභයා, මුනිං කාරුණිකං ලොකෙ භන්තෙ වන්දිතුමාගතා’ති.
Sinhala BJT133. සැරියුත් තෙරුන්ගේ දානය නිසා සතුටු වෙමි. ස්වාමීනි කෙලෙසිනුත් බිය නැති මම ලෝකයෙහි කාරුණික වූ ඔබ වැඳීමට මෙහි පැමිණියා වෙමි.
Pali BJTසාරිපුත්තත්ථෙරස්ස මාතුපෙතවත්ථු දුතියං.
Sinhala BJTශාරිපුත්‍රස්ථවිරමාතෘ ප්‍රේතවස්තු යි.