Petavatthu

Stories of Departed Spirits

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1057 න් 1057

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT786. අහු ආවාසිකො මය්හං ඉස්සුකී කුලමච්ඡරී, අජ්ඣාසිතො මය්හං ඝරෙ කදරියො පරිභාසකො.
Sinhala BJT786. ඊර්‍ෂ්‍යා කරනසුලු වූ කුලයන් කෙරෙහි මසුරු වූ තද මසුරෙක් වූ සිල්වත්නට පරිභව කරන මාගේ ගෙහි ඇලුම් කළ ආවාසික භික්‍ෂුනමක් මා කළ විහාරයෙහි විසී.
Pali BJT787. තස්සාහං වචනං සුත්වා භික්ඛවො පරිභාසිසං, තස්ස කම්මවිපාකෙන පෙතලොකමිතො ගතා.
Sinhala BJT787. මම ඒ භික්‍ෂුහුගේ බස් අසා සිල්වත් භික්‍ෂූන්හට නින්‍දා කළමු. ඒ කර්‍මයාගේ විපාකයෙන් මම මෙලොවින් චුත වැ ප්‍රේත ලෝකයට ගියමු.
Pali BJT788. අමිත්තො මිත්තවණ්ණෙන යො තෙ ආසි කුලූපකො, කායස්ස භෙදා දුප්පඤ්ඤො කින්නු පෙච්ච ගතිං ගතො.
Sinhala BJT788. තීගේ මිත්‍ර ස්වරූපයෙන් කුලුපග වූ යම් අමිත්‍රයෙක් වී ද, ඒ අඥාන තෙමේ කාබුන් මරණින් මතු පරලොවැ කිනම් ගතිය (උපත) කට පැමිණියේ ද?
Pali BJT789. තස්සෙවාහං පාපකම්මස්ස සීසෙ තිට්ඨාමි මත්ථකෙ, සො ච පරවිසයං පත්තො මමෙව පරිචාරකො.
Sinhala BJT789. කළ පව්කම් ඇති ඒ ශ්‍රමණ ප්‍රේතයාගේ හිස මතුයෙහි මම දැන් සිටිමි. හෙ ද ප්‍රේතලෝකයට පැමිණියේ මාගේ මෙහෙකරුවෙක් වී.
Pali BJT790. යං භද්දන්ත හදන්තඤ්ඤෙ එතං මෙ හොති භොජනං, අහං ච ඛො යං හදාමි එතං සො උපජීවතී’ති.
Sinhala BJT790. වහන්ස, සෙස්සෝ යම් වස්කිසක් කෙරෙත් නම් ඒ වස් (මල) මාගේ භෝජන වෙයි. මම් වනාහි යම් වස්කිසක් කරම් නම් ඒ වස් අනුභවයෙන් හේ ජීවත් වෙයි.
Pali BJTගූථඛාදකපෙතිවත්ථු නවමං.
Sinhala BJTගුථඛාදක ප්‍රේතීවස්තු යි.
Pali BJT4. 10.
Sinhala BJT4. 10.
Pali BJT791. නග්ගා දුබ්බණ්ණරූපාත්ථ කිසා ධමනිසන්ථතා{2}, උප්ඵාසුලිකා කිසිකා කෙ නු තුම්භෙත්ථ මාරිසා.
Sinhala BJT791. නිදුකාණෙනි, තෙපි නග්නහු යැ, කෘශ යැ, ඉල්පුණු නහර සහ උස් වැ නැඟුණු ඉල ඇට ඇත්තහු යැ දුර්වර්‍ණ වූ රූප ඇති ඉතා කෙට්ටු වූ තෙපි කවරහු ද?
Pali BJT792. මයං භද්දන්ත{3} පෙතාම්හා දුග්ගතා යමලොකිකා, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතා.
Sinhala BJT792. ස්වාමීනි, අපි යමලොවැ උපන් දුගී වූ ප්‍රෙතයෝ වෙමු. පව් කම් කොට මෙලොවින් චුත වැ ප්‍රේතලෝකයට ගියෝ වෙමු.
Pali BJT793. කින්නු කායෙන වාචාය මනාසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන පෙතලොකමිතො ගතා.
Sinhala BJT793. කයින් වචනයෙන් සිතින් කිනම් පව්කමක් (තොප විසින්) කරන ලද ද? කිනම් කර්‍මවිපාකයෙකින් මෙලොවින් ප්‍රේතලෝකයට ගියහු ද?
Pali BJT794. ආනවටෙසු තිත්ථෙසු විචිනිම්භද්ධමාසකං, සන්තෙසු දෙය්යධම්මෙසු දීපං නාකම්හ අත්තනො.
Sinhala BJT794. (කිසිවකු විසින්) නො නවත්වන ලද ගං-තළා ඈ දිය නඟන තොටුපළවල (මිනිසුන්ට අමතක වැ ගිය දෑ ලැබීමේ ලෝභයෙන් පෙළුණු සිතින්) අඩමසක් පමණ කල් අහර සොයා ඇවිද්දෙමු. (නොහොත් කිසිවකු විසින් නො වැළැක්වූ මහණ බමුණන් එළැඹ සිටිකල්හි මසුරු මලින් යුතු වැ අඩමස්සක් පමණවත් කිසිවකුට නො දෙමින් ධන රැස් කළම්හ) දියයුතු දානවස්තුව ඇති කල්හිත් තමනට පරලොව දී පිහිටවන පිනක් නො කළම්හ.
Pali BJT795. නදිං උපෙම තසිතා රිත්තකා පරිවත්තති, ඡායං උපෙම උණ්හෙසු ආතපො පරිවත්තති.
Sinhala BJT795. පවසින් පෙළුණු අපි නදියකට පැමිණෙමු නම් ඒ නදී තොමෝ දියෙන් හිස් බවට පෙරළේ. උෂ්ණ කාලයන්හි සෙවණකට පැමිණෙමු නම් එතැනට අව්ව පෙරළේ.
Pali BJT796. අග්ගිවණ්ණො ච නො වාතො දහන්තො උපවායති, එතඤ්ච භන්තෙ{1} අරහාම අඤ්ඤඤ්ච පාපකං තතො.
Sinhala BJT796. ගිනිවත් වූ වාතය ද අප (සිරුරු) දවමින් හමයි. වහන්ස, මේ දුකට ද මෙයින් අන්‍ය වූ මෙයට වඩා දරුණු දුකකට ද (අපි) සුදුසු වම්හ.
Pali BJT797. අධි යොජනානි ගච්ඡාම ඡාතා ආහාරගෙධිනො, අලද්ධාව නිවත්තෙම අහො නො අප්පපුඤ්ඤතා.
Sinhala BJT797. (අපි) සාදුකින් පෙළෙන්නමෝ අහරෙහි ගිජු වැ නොයෙක් යොදුන් ගණන් අහර සොයා යම්හ. අහරක් නො ලබා මැ නවතිමු. අපගේ පින් නැති බව ආශ්චර්‍ය්‍ය යි.
Pali BJT798. ඡාතා පමුච්ඡිතා භන්තා භූමියං පටිසුම්භිතා, උත්තානා පතිකිරාම අවකුජ්ජා පතාමසෙ.
Sinhala BJT798. වෙසෙසින් පෙළුණු, මුසපත් වූ, අපි භ්‍රාන්ත වූවාහු බිම ඇදවැටෙන්නෙමු. උඩුකුරු වැ වැටුණාහු විසුරුණු අවයව ඇත්තෙමු. එහෙයින් යටිකුරු වැ වැටෙමු.
Pali BJT799. තෙ ච තත්ථෙව පතීතා{2} භූමියං පටිසුම්භිතා, උරං සීසඤ්ච ඝට්ටෙම අහො නො අප්පපුඤ්ඤතා.
Sinhala BJT799. ඒ ගිය ගිය තැන ම වැටුණා වූ ද, නැගී සිටීමට නොහැකි වැ බිමැ වැටුණා වූ ද ඒ අපි ළයට ද හිසට ද ගසා ගනිමු. අපේ පින් නැති බව අඳෝම යි,
Pali BJT800. එතඤ්ච භන්තෙ අරහාම අඤ්ඤං ච පාපකං තතො, සන්තෙසු දෙය්යධම්මෙසු දීපං නාකම්හ අත්තනො.
Sinhala BJT800. වහන්ස, මේ දුකට ද මෙයට වඩා ලාමක වූ අනෙක් දුකකට ද අපි සුදුස්සම්හ. දේයධර්‍මය ඇති කල්හිත් තමහට පිහිට වන පිනක් නො කෙළෙමු.
Pali BJT801. තෙ හි නූන ඉතො ගන්ත්වා යොනිං ලද්ධාන මානුසිං, වදඤ්ඤූ සීලසම්පන්නා කාහාම කුසලං බහු’න්ති.
Sinhala BJT801. ඒ අපි මෙලොවින් ච්‍යුත වැ ගොස් මිනිස් ලොවැ උපතක් ලැබ යදියන්ගේ වදන් දන්නාසුලු වැ සීල සම්පන්න වැ ඒකාන්තයෙන් බොහෝ කුසල් කරන්නෙමු.
Pali BJTගණපෙතවත්ථු දසමං.
Sinhala BJTගණ ප්‍රේතවස්තු යි.
Pali BJT4. 11.
Sinhala BJT4. 11.
Pali BJT802. දිට්ඨා තයා නිරයා තිරච්ඡානයොනි පෙතා අසුරා අථවාපි මනුස්සා දෙවා{3} සයමද්දස{4} කම්මවිපාකමත්තනො නෙස්සාමි තං පාටලිපුත්තමක්ඛතං තත්ථ ගන්ත්වා කුසලං කරොහි ධම්මං.
Sinhala BJT802. තොප විසින් නිරිසත්හු ද තිරිසන්හු ද ප්‍රෙතයෝ ද, අසුරයෝ ද, එසේ ම මිනිස්හු ද දෙවියෝ ද දක්නා ලද්දාහු යැ. තෙපි තමන්ගේ පව්කම්හි විපාකය තුමූ ම දුටුවහු ය. මම තොප කිසිවකු විසින් නො දක්නා ලදු ව පැළලුප් නුවරට පමුණුවන්නෙමි. තෙපි එහි ගොස් පින් කම් කරවු.
Pali BJT803. අත්ථකාමොසි මෙ යක්ඛ හිතකාමොසි දෙවතෙ, කරොමි තුය්හං වචනං ත්වංසි ආචරියො මම.
Sinhala BJT803. යක්‍ෂය, තෙපි මට වැඩ කැමැත්තහු. දෙවියෙනි, හිත කැමැත්තහු ය. තොපගේ වචනය කෙරෙමි, තෙපි මට ආචාර්‍ය්‍ය වවු.
Pali BJT804. දිට්ඨා මයා නිරයා තිරච්ඡානයොනි පෙතා අසුරා අථවාපි මනුස්සා දෙවා සයමද්දස කම්මවිපාකමත්තනො කාහාමි පුඤ්ඤානි අනප්පකානී’ති.
Sinhala BJT804. මා විසින් නිරිසත්හු ද තිරිසන්හු ද ප්‍රෙතයෝ ද අසුරයෝ ද මනුෂ්‍යයෝ ද දෙවියෝ ද දක්නා ලදහ. තමාගේ කර්‍ම විපාකය මම් මැ දිටිමි. බොහෝ පින් කරන්නෙමි.
Pali BJTපාටලීපුත්තපෙතවත්ථු එකාදසමං.
Sinhala BJTපාටලිපුත්ත ප්‍රේතවස්තු යි.
Pali BJT4. 12.
Sinhala BJT4. 12.
Pali BJT805. අයඤ්ච තෙ පොක්ඛරණී සුරම්මා සමා සුප්පතිත්ථා මහොදිකා ච,{1} සුපුප්ඵිතා භමරගණානුකිණ්ණා කථං තයා ලද්ධා අයං මනුඤ්ඤා.
Sinhala BJT805. තොපගේ මේ පොකුණ ඉතා රමණීය යැ, සමතල යැ, මනා තොට ඇත්තේ යැ. බොහෝ දිය ඇත්තේ යැ. මොනවට පිපි මල් ඇත්තේ යැ. බමරකැලින් ගැවසී ගත්තේ ය. මේ මනහර පොකුණ තොප විසින් කෙසේ ලබන ලද ද?
Pali BJT806. ඉදඤ්ච තෙ අම්බවනං සුරම්මං සබ්බොතුකං ධාරයතෙ ඵලානි, සුපුප්ඵිතං භමරගණානුකිණ්ණං කථං තයා ලද්ධමිදං විමානං.
Sinhala BJT806. තොපගේ මේ අඹඋයන ද මනරම් වෙයි. හැම ඍතුයෙහි සුව එළවන්නේ යැ. පල දරයි. මොනවට පිපිමල් ඇත්තේ ය. බමර ගණයාගෙන් ගැවසුණේ ය. තොප විසින් මේ විමන කෙසේ ලබන ලද දැ යි.
Pali BJT807. අම්බපක්කොදකං යාගු සීතච්ඡායා මනොරමා, ධීතරා දින්නදානෙන තෙන මෙ ඉධ ලබ්භති.
Sinhala BJT807. මාගේ දුව විසින් දෙන ලද ඒ දානහේතුවෙන් ඉදුණු අඹ හා පැන් ද කැඳ සහ සිත්කලු සිහිල් සෙවණද මට ලැබේ.
Pali BJT808. සන්දිට්ඨිකං කම්මං එවං පස්සථ දානස්ස දමස්ස සංයමස්ස විපාකං, දාසී අහං අය්යකුලෙසු හුත්වා සුණිසා හොමි අගාරස්ස ච ඉස්සරා’ති.
Sinhala BJT808. දන්දීමෙහි ද ඉන්‍ද්‍රිය දමනයෙහි ද සීල සංවරයෙහි ද සාන්දෘෂ්ටික වූ කර්‍මයත් එහි විපාකත් මෙසේ බලවු. මම ස්වාමි කුලයෙහි දැස්සක් වැ පසු වැ ඔහුගේ යෙහෙලියක් ද වීමි. දැන් මම ගෙදර අධිපති වෙමි.
Pali BJTපොක්ඛරණීපෙතවත්ථු ද්වාදසමං.
Sinhala BJTපොක්ඛරණී ප්‍රේතවස්තු යි.
Pali BJT4. 13.
Sinhala BJT4. 13.
Pali BJT809. යං දදාති න තං හොති දෙථෙව දානං දත්වා උභයං තරති, උභයං තෙන දානෙන ගච්ඡති ජාගරථ මා පමජ්ජථා’ති.
Sinhala BJT809. දායකයා යම් දෙයක් දේ ද, පරලොවැ එය ම විපාකවශයෙන් ලැබෙන්නේ නො වේ. එයට වඩා බොහෝ සැප සම්පත් ලැබේ. එහෙයින් දන් දෙන්නේ ම මැනවි. දන් දී දෙලොවැ ම දුක ඉක්මවයි. දෙලොවැ ම සැපයට පැමිණෙයි. (එහෙයින්) දන් දීමෙහි උත්සුක වවු. පමා නො වවු.
Pali BJTඅම්බරුක්ඛපෙතවත්ථු තෙරසමං.
Sinhala BJTඅම්බරුක්ඛ ප්‍රේතවස්තු යි.
Pali BJT4. 14.
Sinhala BJT4. 14.
Pali BJT810. මයං භොගෙ සම්භරිම්හා සමෙන විසමෙන ච, තෙ අඤ්ඤෙ පරිභුඤ්ජන්ති මයං දුක්ඛස්ස භාගිනී’ති.
Sinhala BJT810. අපි දැහැමින් ද නොදැහැමින් ද වස්තු සම්පත් රැස් කෙළෙමු. එහෙත් ඒ වස්තුව දැන් අන්‍යයෝ පරිභෝග කෙරෙත්. අපි දුකට හිමි වූවෝ වෙමු.
Pali BJTභොගසංහරණපෙතවත්ථු චුද්දසමං.
Sinhala BJTභෝගසංහරණ ප්‍රේතවස්තු යි.
Pali BJT4. 15.
Sinhala BJT4. 15.
Pali BJT811. සට්ඨිවස්සසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, නිරයෙ පච්චමානානං කදා අන්තො භවිස්සති.
Sinhala BJT811. ලොහොකුඹු නිරයෙහි පැසෙන අපට හැම අයුරින් සැට දහසක් අවුරුදු පිරුණේ ය. කවදා මෙදුක කෙළවර වන්නේ ද?
Pali BJT812. නත්ථි අන්තො කුතො අන්තො න අන්තො පතිදිස්සති, තථා හි පකතං පාපං මම තුය්හං{2} ච මාරිස.
Sinhala BJT812. නිදුකාණෙනි, මාගේ ද තොපගේ ද දුක් විඳීමෙහි කෙළවරක් නැත. අවසානයක් කොයින් ද? අවසානයක් නො පෙනේ. ඒ එසේ මැ යි. මා විසින් ද තොප විසින් ද දරුණු පව්කමක් කරන ලදී.
Pali BJT813. දුජ්ජීවිතං අජීවිම්හ යෙ සන්තෙ න දදම්හසෙ, සන්තෙසු දෙය්යධම්මෙසු දීපං නාකම්හ අත්තනො.
Sinhala BJT813. යම්බඳු වූ අපි දානවස්තු ඇති කල්හිත් නුදුන්මෝ ද, ඒ අපි නින්‍දිත ජීවිතයක් ගත කෙළෙමු. දානවස්තු ඇති කල්හිත් තමාට පිහිටක් නො කෙළෙමු.
Pali BJT814. සො හි{1} නූන ඉතො ගන්ත්වා යොනිං ලද්ධාන මානුසිං, වදඤ්ඤූ සීලසම්පන්නො කාහාමි කුසලං බහු’න්ති.
Sinhala BJT814. ඒ මම් වනාහි මෙයින් සැවැ මේ නිරයෙන් ගොස් මිනිසත් බවක් ලබා ගෙන යදිවදන් දන්නෙම් ශීලයෙන් යුක්ත වූයෙම් බොහෝ කුසල් කරන්නෙමි.
Pali BJTසෙට්ඨිපුත්තපෙතවත්ථු පණ්ණරසමං.
Sinhala BJTසෙට්ඨිපුත්ත ප්‍රේතවස්තු යි.
Pali BJT4. 16.
Sinhala BJT4. 16.
Pali BJT815. කින්නු උම්මත්තරූපො ච මිගො භන්තො ව ධාවසි, නිස්සංසයං පාපකම්මන්තො කින්නු සද්දායසෙ තුවං.
Sinhala BJT815. උමතුගති ඇත්තකු මෙන්ද භ්‍රාන්ත වූ මුවකු මෙන් ද ඔබ මොබ දුවන්නෙහි නිසැකව ම පව්කමකි. කුමක් හෙයින් මහහඬ නඟමින් හැසිරෙහි ද?
Pali BJT816. අහං භද්දන්ත පෙතොම්හි දුග්ගතො යමලොකිකො, පාපකම්මං කරිත්වාන පෙතලොකං ඉතො ගතො.
Sinhala BJT816. ස්වාමිනී, මම යමලොව උපන් දුකටපත් ප්‍රේතයෙක්මි. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියෙමි.
Pali BJT817. සට්ඨිකූටසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, සීසෙ මය්හං නිපතන්ති තෙ භින්දන්ති ච{2} මත්ථකං.
Sinhala BJT817. නොඅඩු වූ සැටදහසක් යකුළු හැමපසින් ම මාගේ හිසෙහි හෙයි. ඒ යකුළු මාගේ හිස් මුදුන බිඳී.
Pali BJT818. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන ඉදං දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT818. කයින් වචනයෙන් සිතින් තා විසින් කිනම් පවක් කරන ලද ද? කිනම් කර්‍මවිපාකයෙකින් මේ දුකට පැමිණියෙහි ද?
Pali BJT819. සට්ඨිකූටසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, සීසෙ තුය්හං නිපතන්ති තෙ භින්දන්ති ච මත්ථකං.
Sinhala BJT819. පිරිපුන් සැටදහසක් යකුළු හැමපසින්ම තාගේ හිසෙහි හෙයි. ඒ යකුළු තාගේ මස්තකය බිඳියි.
Pali BJT820. අථද්දසාසිං සම්බුද්ධං සුනෙත්තං භාවිතින්ද්රියං, නිසින්නං රුක්ඛමූලස්මිං ඣායන්තමකුතොභයං.
Sinhala BJT820. වැඩූ ඉඳුරන් ඇති රුක්මුල වැඩහුන්, භාවනා කරන කිසි ලෙසෙකිනුත් බියක් නැති සුනෙත්‍ර නම් පසේබුදුන් දිටිමි.
Pali BJT821. සාලිත්තකප්පහාරෙන භින්දිස්සං තස්ස මත්ථකං, තස්ස කම්මවිපාකෙන ඉදං දුක්ඛං නිගච්ඡිසං.
Sinhala BJT821. මම අතකුරු ගැසීමෙන් උන්වහන්සේගේ හිස පැළුවෙමි. ඒ පව්කම්හි විපාකයෙන් මේ දුකට පැමිණියෙමි.
Pali BJT822. සට්ඨිකූටසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, සීසෙ මය්හං නිපතන්ති තෙ භින්දන්ති ච මත්ථකං.
Sinhala BJT822. පිරිපුන් සැටදහසක් යකුළු මාගේ හිසෙහි හැම පසින් ම හෙයි. ඒ යකුළු මාගේ හිස්මුදුන බිඳී.
Pali BJT823. ධම්මෙන තෙ කාපුරිසා- සට්ඨිකූටසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, සීසෙ තුය්හං නිපතන්ති තෙ භින්දන්ති ච මත්ථක’න්ති.
Sinhala BJT823. නින්‍දිත පුරුෂය තාගේ හිසෙහි නොඅඩු වූ සැටදහසක් යකුළු හැම පසින්ම හේ ද එසේ ම ඒ යකුළු තාගේ හිස බිඳී ද, එය තාගේ කර්‍මයට අනුරූප ලෙස සිදුවන්නෙකි.
Pali BJTසට්ඨිකූටසහස්සපෙතවත්ථු සොළසමං.
Sinhala BJTසට්ඨිකූටසහස්ස ප්‍රේතවස්තු යි.
Pali BJTමහාවග්ගො චතුත්ථො.
Sinhala BJTසතර වැනි මහාවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅම්බසක්ඛරො සෙරිස්සකො පිඞ්ගලො රෙවතී උච්ඡුඛාදකා ද්වෙ කුමාරා ද්වෙ ගූථඛාදකා ගණපාටලි පොක්ඛරඤ්ච අම්බරුක්ඛ- භොගසංහාරා සෙට්ඨිපුත්ත සට්ඨිකූටා ඉති සොළසවත්ථූනි තෙන පවුච්චතී’ති.
Sinhala BJTඅම්බසක්ඛර යැ සේරිස්සක යැ පිඞ්ගල යැ රේවතී යැ උච්ඡුඛාදක යැ කුමාර වස්තු දෙක යැ ගුථඛාදක වස්තු දෙක යැ ගණප්‍රේත යැ පාටලීපුත්ත යැ පොක්ඛරණී යැ අම්බරුක්ඛ යැ භෝගසංහරණ යැ සෙට්ඨිපුත්ත යැ සට්ඨිකූට යැ යි ප්‍රේතවස්තු සොළසෙකි.
Pali BJTපෙතවත්ථු පාළි සමත්තා.
Sinhala BJTප්‍රේතවස්තුපාළි නිමි.