Pali BJT698. චූළාසීතිමහාකප්පුනො සතසහස්සානිපි හි යෙ බාලා යෙ ච පණ්ඩිතා, සංසාරං ඛෙපයිත්වාන දුක්ඛස්සන්තං කරිස්සරෙ.
Sinhala BJT698. යම් බාල කෙනෙක් වෙත් නම්, යම් පණ්ඩිත කෙනෙක් වෙත් නම් (ඔහු හැම දෙන) මහාකල්ප සුවාසූලක්‍ෂයක් ම සසර ගෙවා දුක් කෙළවර කරන්නාහ.
Pali BJT699. මිතානි සුඛදුක්ඛානි දොණෙහි පිටකෙහි ච, ජිනො සබ්බං පජානාති සම්මූළ්හා ඉතරා පජා.
Sinhala BJT699. සත්ත්‍වයන්ගේ සුවදුක් ද්‍රෝණයන්ගෙන් හෝ පැසින් (මනින ලද්දක් මෙන්, එකී කල් පිරිසිඳීමෙන්) පමණ කරන ලදී. මේ සියල්ල ජිනභූමියෙහි සිටියේ ම දනියි. සෙසු ප්‍රජා තොමෝ අතිශයින් මුළා වූවා වෙයි.
Pali BJT700. එවං දිට්ඨි පුරෙ ආසිං සම්මූළ්හො මොහපාරුතො, මිච්ඡාදිට්ඨි ච දුස්සීලො කදරියො පරිභාසකො.
Sinhala BJT700. මම පෙර මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් වීමි. අතිශයින් මුළා වූ මෝහයෙන් වැසුණු මිසදිටු වූ දුසිල් වූ තදමසුරු වූ මෙරමා පිරිහෙළන්නෙක් වීමි.
Pali BJT701. ඔරං මෙ ඡහි{2} මාසෙහි කාලකිරියා භවිස්සති, එකන්තං කටුකං ඝොරං නිරයං පපතිස්සහං.
Sinhala BJT701. (මහරජ) සමසෙකින් මොබ මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මම එකැතියෙන් කටුක වූ දරුණු නිරාහි වැටෙන්නෙමි.
Pali BJT702. චතුක්කණ්ණං චතුද්වාරං විභත්තං භාගසො මිතං, අයොපාකාර පරියන්තං අයසා පටිකුජ්ජිතං.
Sinhala BJT702. (ඒ නිරයේ) කොන් සතරෙක් ඇත. සිවුදොරක් ඇත. පමණ කොට කොටස් විසින් බෙදන ලද. ලොහො පවුරෙකින් වටකරන ලද. යපියනෙකින් වසන ලද.
Pali BJT703. තස්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා.
Sinhala BJT703. ඒ මහානිරයේ ලොහොමුවා බිම (වෙයි.) ඇවිළගත් ගින්නෙන් යුතු වෙයි. හැම කල්හි (ඒ ගින්න) හාත්පසැ යොදුන් සියයක් පැතිර සිටී.
Pali BJT704. වස්සසතසහස්සානි{1} ඝොසො සූයති තාවදෙ ලක්ඛො එසො මහාරාජ සතභාගවස්ස{2} කොටියො
Sinhala BJT704. හවුරුදු ලක්‍ෂයක් ඉක්මැ ගියකලැ එකෙණෙහි හඬෙක් ඇසෙයි. මහරජතුමනි, එහි ආයුප්‍රමාණය හවුරුදු කෙළ ලක්‍ෂයයක් වෙයි. මේ එහි ආයුකාලය යි.
Pali BJT705. කොටිසතසහස්සානි නිරයෙ පච්චරෙ ජනා, මිච්ඡාදිට්ඨි ච දුස්සීලා යෙ ච අරියූපවාදිනො.
Sinhala BJT705. යම් සත්ත්‍ව කෙනෙක් කෝටි ලක්‍ෂයක් හවුරුදු නිරයෙහි පැසෙත් නම් ඔහු මිසදිටුවෝ ද දුසිල්හු ද ආර්‍ය්‍යෝපවාද කොළෝ ද වෙති.
Pali BJT706. තත්ථාහං දීඝමද්ධානං දුක්ඛං වෙදිස්සං වෙදනං ඵලං පාපස්ස කම්මස්ස තස්මා සොචාමහං භුසං
Sinhala BJT706. මම ඒ මහානිරයෙහි බොහෝ කලක් මුළුල්ලෙහි දුක් වේදනා විඳින්නෙමි. පාපකර්‍මයාගේ මෙබඳු විපාකයෙක් ඇත. එහෙයින් මම බොහෝ සේ ශෝක කරමි.
Pali BJT707. තං සුණොහි මහාරාජ අරින්දම රට්ඨවඩ්ඪන, ධීතා මය්හං මහාරාජ උත්තරා භද්දමත්ථු තෙ.
Sinhala BJT707. සතුරන් දමනය කරන රට දියුණු කරන මහරජතුමනි, එය අසනුමැන. ඔබට යහපතක් වේවා මහරජ මාගේ උත්තරා නම් දුවක් ඇත.
Pali BJT708. කරොති භද්දකං කම්මං සීලෙසූපොසථෙ{3} රථා සඤ්ඤතා සංවිභාගී ච වදඤ්ඤූ වීතමච්ඡරා.
Sinhala BJT708. ඕ පින්කම් කරයි. නිති සිල්හි හා පෙහෙවස්හි ද නිරත වෙයි. කායවාක් සංවරයෙන් යුක්ත ය. දන් බෙදා දෙන්නී ය. මිහිරි තෙපුල් ඇත්තී ය, පහවූ මසුරුමල ඇත්තී ය.
Pali BJT709. අඛණ්ඩකාරී සික්ඛාය සණ්හා පරකුලෙසු ච, උපාසිකා සක්යමුනිනො සම්බුද්ධස්ස සිරීමතො,
Sinhala BJT709. ඕ ශික්‍ෂා කඩ නො කරන්නී ය. අන්කුලයන් කෙරෙහි මෘදු වෙයි. සිරිමත් ශාක්‍යමුනි වූ සම්බුදුන්ගේ උපාසිකාවකි.
Pali BJT710. භික්ඛූ ච සීලසම්පන්නො ගාමං පිණ්ඩාය පාවිසි. ඔක්ඛිත්තචක්ඛූ සතිමා ගුත්තද්වාරො සුසංවුතො.
Sinhala BJT710. යට හෙළු ඇස් ඇති සිහියෙන් යුත් රක්නා ලද සදොර ඇති මනා සංවරයෙන් යුත් සිල්වත් භික්‍ෂුනමක් පිඬු පිණිස වැඩියේ ය.
Pali BJT711. සපදානං චරමානො අගමා තං නිවෙසනං, තමද්දස මහාරාජ උත්තරා භද්දමත්ථු තෙ.
Sinhala BJT711. හේ ගෙපිළිවෙළින් පිඬුවාහි හැසිරෙන්නේ ඒ ගෙට ගියේ ය. මහරජ, ඔබට යහපතක් වේවා, උත්තරා තොමෝ ඒ මහණ දුටුවා ය.
Pali BJT712. පූරං පානීයස්ස කරකං පූවෙ චිත්තෙ ච සා අදා, පිතා මෙ කාලකතො භන්තෙ තස්සෙතං උපකප්පතු,
Sinhala BJT712. ඕ පැන් පිරුණු බඳුනක් ද, මිහිරි කැවුම් ද දුන්නා ය. “වහන්ස, මාගේ පියා මළේ ය. ඔහුට මේ පින පැමිණේවා”යි (ද කී.)
Pali BJT713. සමනන්තරානුද්දිට්ඨෙ විපාකො උපපජ්ජථ, භුඤ්ජාමි කාමකාමීහං රාජා වෙස්සවණො යථා.
Sinhala BJT713. පින්දීමට අනතුරුව ම (එහි) විපාකය (මට) ලැබිණි. වෙසවුණු රජු පරිද්දෙන් කම්සැප කැමති මම සැප වළඳමි.
Pali BJT714. තං සුණොහි මහාරාජ අරින්දම රට්ඨවඩ්ඪන, සදෙවකස්ස ලොකස්ස බුද්ධො අග්ගො පවුච්චති, තං බුද්ධං සරණං ගච්ඡ සපුත්තදාරො අරින්දම.
Sinhala BJT714. සතුරන් දමනය කරන රටට වැඩ වඩන මහරජතුමනි, (එහෙයින්) මෙය අසන්න. සදේවකලෝකයාට බුදුහු අග්‍ර වෙතී කියනු ලැබේ. අරීන් දමනය කරන රජතුමනි, (තෙපි) ඒ බුදුහු සරණ යවු.
Pali BJT715. අට්ඨඞ්ගිකෙන මග්ගෙන ඵුසන්ති අමතං පදං, තං ධම්මං සරණං ගච්ඡ සපුත්තදාරො අරින්දම.
Sinhala BJT715. අරින්‍දම වූ රජතුමනි, අරී අටඟිමඟින් අමෘතපදය (නිවන) ස්පර්‍ශ කෙරෙති. අරින්‍දම වූ රජතුමනි, පුත්‍රදාරාවන් සහිත (තෙපි) ඒ (අෂ්ටාංගිකමාර්‍ග) ධර්‍මය සරණ යවු.
Pali BJT716. චත්තාරො මග්ගපටිපන්නා{4} චත්තාරො ච ඵලෙ ඨිතා. එස සඞ්ඝො උජුභූතො පඤ්ඤාසීලසමාහිතො, තං සඞ්ඝං සරණං ගච්ඡ සපුත්තදාරො අරින්දම.
Sinhala BJT716. මාර්‍ගප්‍රතිපන්න සිවුදෙන යැ ඵලයෙහි සිටි සිවුදෙන යැ යන මේ ආර්‍ය සංඝ තෙමේ ඍජු වූයේ ය. ප්‍රඥාශීල දෙකින් යුක්ත යැ. අරින්‍දම රජතුමනි, (තෙපි) පුත්‍රදාරාවන් සමග ඒ සංඝයා සරණ යවු.
Pali BJT717. පාණාතිපාතා විරමස්සු ඛිප්පං ලොකෙ අදින්නං පරිවජ්ජයස්සු, අමජ්ජපො මා ච මුසා අභාණි සකෙන දාරෙන ච හොහි තුට්ඨො.
Sinhala BJT717. වහා පරපණ නැසීමෙන් වළකින්න. ලෙව්හි අයිනාදන් දුරු කරන්න. මත්පැන් නො බොන්නෙක් වන්න. බොරු නො මැ කියන්න. සිය අඹුව හා සතුටු වන්න.
Pali BJT718. අත්ථකාමොසි මෙ යක්ඛ හිතකාමොසි දෙවතෙ, කරොමි තුය්හං වචනං ත්වංසි ආචරියො මම.
Sinhala BJT718. යක්‍ෂය, තෙපි මට වැඩ කැමැත්තහු, දේවතාවෙනි, තෙපි මට හිත කැමැතියහු, මම තොපගේ වචනය කරමි. තෙපි මාගේ ඇදුරුහු වවු.
Pali BJT719. උපෙමි බුද්ධං සරණං ධම්මඤ්චාපි අනුත්තරං, සඞ්ඝඤ්ච නරදෙවස්ස ගච්ඡාමි සරණං අහං.
Sinhala BJT719. මම බුදුන් සරණ යෙමි. අනුත්තර ධර්‍මය ද (සරණයෙමි) නරදේව වූ බුදුන්ගේ සංඝයා ද සරණ යෙමි.
Pali BJT720. පාණාතිපාතා විරමාමි ඛිප්පං ලොකෙ අදින්නං පරිවජ්ජයාමි, අමජ්ජපො නො ච මුසා භණාමි සකෙන දාරෙන ච හොමි තුට්ඨො.
Sinhala BJT720. වහා පණිවායෙන් වෙන් වෙමි. ලෙව්හි අයිනාදන් දුරු කරමි. මත්පැන් නො බොන්නෙක් වෙමි. බොරු ද නො කියමි. සිය අඹුව හා තුටු ද වෙමි.
Pali BJT721. ඔපුණාමි මහාවාතෙ නදියා වා සීඝගාමියා, වමාමි පාපිකං දිට්ඨිං බුද්ධානං සාසනෙ රතො.
Sinhala BJT721. යම් හෙයෙකින් බුදුවරුන්ගේ ශාසනයෙහි මම අලුණෙම් ද, එහෙයින් මහාවාතය හමන කල්හි බොල් මෙන් ශීග්‍රගාමී සැඩපහර ඇති නදියක තණ රොඩු මෙන් පවිටු මිසදිටු පිඹ හරිමි. වමනය කෙරෙමි.
Pali BJT722. ඉදං වත්වාන සොරට්ඨො විරමිත්වා පාපදස්සනා, නමො භගවතො කත්වා පාමොක්ඛා{1} රථමාරුහී’ති.
Sinhala BJT722. සුරට්ඨ දේශාධිපති රජ තෙමේ මෙය කියා පාපදෘෂ්ටියෙන් වැළකැ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට පෙරදිගට අභිමුඛ වැ රියට නැඟ ගියේ යි.
Pali BJTනන්දක පෙතවත්ථු තතියං.
Sinhala BJTනන්‍දක පේතවස්තු යි.
Pali BJT4. 4.
Sinhala BJT4. 4.
Pali BJT723. උට්ඨෙහි රෙවතෙ සුපාපධම්මෙ අපාරුතං ද්වාරං{2} අදානසීලෙ, නෙස්සාම තං යත්ථ ථුනන්ති දුග්ගතා. සමප්පිතා නෙරයිකා දුඛෙන.
Sinhala BJT723. ඉතා පවිටුගති ඇති දන් නො දෙනසුලු වූ රේවතිය, යම් තැනක දුගතියට ගිය නිරිසත්හු දුකින් යුක්ත වූවාහු තතනත් ද, නො වැසූ දොර ඇති ඒ නිරයට තී ගෙන යන්නෙමු.
Pali BJT724. ඉච්චෙව වත්වාන යමස්ස දූතා{3} තෙ ද්වෙ යක්ඛා ලොහිතක්ඛා බ්රහන්තා, පච්චෙකබාහාසු ගහෙත්වාන රෙවතිං පක්කාමයුං දෙවගණස්ස සන්තිකෙ.
Sinhala BJT724. ලේවන් ඇස් ඇති මහත් වූ, යමයාගේ දුත වූ ඒ යකුන් දෙදෙන මෙසේ කියා රේවතිය වෙන වෙන ම අත් අල්ලාගෙන දෙව සමූහයාගේ සමීපයට පැමිණවූහ.
Pali BJT725. ආදිච්චවණ්ණං රුචිරං පභස්සරං ඛ්යම්හං සුභං කඤ්චනජාලඡන්නං, කස්සෙතමාකිණ්ණජනං විමානං සුරියස්ස රංසීරිව ජොතමානං.
Sinhala BJT725. හිරුමඬල මෙන් මනහර වූ පැහැ විහිදුවන රන්දැලින් වැසුණු පිරිසිදු සත්රුවනින් විසිතුරු වූ දෙවඟනන්ගෙන් ගැවසීගත් හිරුරැස් මෙන් බබලන මේ විමන කාගේ ද?
Pali BJT726. නාරීගණා චන්දනසාරලිත්තා උභතො විමානං උපසොභයන්ති, තං දිස්සති සුරියසමානවණ්ණං කො මොදති සග්ගප්පත්තො විමානෙ.
Sinhala BJT726. සඳුන්සුවඳ ගැල්වූ දෙවඟනෝ විමන ඇතුළත හා පිටත හොබවති. ඒ විමන හිරුමඬල මෙන් පැහැපත් ව පෙනේ. ඒ විමන්හි සගපත් කවර දෙවියෙක් දෙව්සැපතින් සතුටු වේ ද?
Pali BJT727. බාරාණසියං නන්දියො නාමුපාසකො{1} අමච්ඡරී දානපතී වදඤ්ඤූ, තස්සෙතමාකිණ්ණජනං විමානං සුරියස්ස රංසීරිව ජොතමානං.
Sinhala BJT727. බරණැස නොමසුරු වූ දානපති වූ ප්‍රතිග්‍රාහකයන්ගේ බස් දන්නා වූ නන්‍දිය නම් උපාසකයෙක් විය. දෙවඟනන්ගෙන් ගැවසුණු හිරුරැස් මෙන් බබළන තෙල විමන ඔහුගේ ය.
Pali BJT728. නාරීගණා චන්දනසාරලිත්තා උභතො විමානං උපසොභයන්ති, තං දිස්සති සුරියසමානවණ්ණං සො මොදති සග්ගප්පත්තො විමානෙ.
Sinhala BJT728. සාර වූ සඳුන් සුවඳින් අලෙව් දුන් දෙවඟන සමූහයා තෙල විමන ඇතුළත හා පිටත හොබවති. ඒ විමන හිරු හා සම පැහැ ඇති ව පෙනේ. ඒ නන්‍දිය සගපත් වැ ඒ විමන්හි දෙව්සැපතින් සතුටු වේ.
Pali BJT729. නන්දියස්සාහං භරියා අගාරිනී සබ්බකුලස්ස ඉස්සරා, භත්තුවිධානෙ රමිස්සාමි දානහං{2} න පත්ථයෙ නිරයං දස්සනාය.
Sinhala BJT729. මම නන්‍දියගේ බිරිඳ වෙමි. සියලු කුලධනයට හිමි ගෘහණියක් වීමි. දැන් මම මහිමියාගේ විමන්හි ඇලෙන්නෙමි. නිරය දක්නට පවා නො පතන්නෙමි.
Pali BJT730. එසො{3} තෙ නිරයො සුපාපධම්මෙ පුඤ්ඤං තයා අකතං ජීවලොකෙ, න හි මච්ඡරී රොසකො පාපධම්මො සග්ගූපගානං{4} ලභතී සහව්යතං.
Sinhala BJT730. ඉතා පව් ඇති තැනැත්තිය, තෙල නිරය තිට අයත් වෙයි. මිනිස් ලොව දී තී විසින් පින් නො කරන ලද. තදමසුරු; කිපෙනසුලු, පවිටු ගති ඇති තැනැත්තේ දෙව්ලොව උපනුන්ගේ සහබව නො මැ ලබයි.
Pali BJT731. කින්නු ගූථඤ්ච මුත්තඤ්ච අසුචි පතිදිස්සති, දුග්ගන්ධං කිමිදං මීළහං කිමෙතං උපවායති,
Sinhala BJT731. කිමැ අපවිත්‍ර වූ මල ද මුත්‍ර ද පැනෙයි. මෙ දුගඳ කිමැ? තෙල හමන අසුචි ගඳ කිමැ යි.
Pali BJT732. එස සංසවකො නාම ගම්භීරො සතපොරිසො, යත්ථ වස්සසහස්සානි තුවං පච්චසි රෙවතෙ.
Sinhala BJT732. රේවතිය, යම්තැනක තෝ දහස්වසක් පැසෙන්නෙහි නම්, තෙලෙ බඹසියයක් පමණ ගැඹුරු වූ ඒ සංසවක නම් නිරය යි.
Pali BJT733. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කෙන සංසවකො ලද්ධො ගම්භීරො සතපොරිසො.
Sinhala BJT733. කයින් වචනයෙන් මනසින් මා කිනම් පවක් කරන ලද ද? කිනම් පවෙකින් බඹසියයක් පමණ ගැඹුරැති මේ සංසවක නිරය ලැබුණේ ද?
Pali BJT734. සමණෙ බ්රාහ්මණෙ චාපි අඤ්ඤෙ චාපි වණිබ්බකෙ, මුසාවාදෙන වඤ්චෙසි තං පාපං පකතං තයා.
Sinhala BJT734. තෝ මහණුන් ද බමුණන් ද අන් යදියන් ද මුසාවාදයෙන් රැවටුවහු ය. තී ඒ පව කරන ලද.
Pali BJT735. තෙන සංසවකො ලද්ධො ගම්භීරො සතපොරිසො, තත්ථ වස්සසහස්සානි තුවං පච්චසි රෙවතෙ.
Sinhala BJT735. ඒ පවින් බඹසියයක් ගැඹුරැති සංසව නරකය තිට ලැබුණි. එම්බල රේවතිය, තෝ එහි දහසක් හවුරුදු පැසෙහු ය.
Pali BJT736. හත්ථෙපි ඡින්දන්ති අථොපි පාදෙ කණ්ණෙපි ඡින්දන්ති අථොපි තාසං, අථොපි කාකොළගණා සමෙච්ච සංගම්ම ඛාදන්ති විඵන්දමානං.
Sinhala BJT736. යමපල්ලෝ තීගේ අත් ද යළි පා ද සිඳිති. කන් ද යළි නැහැය ද සිඳිත්. යළි දහස් ගණන් කවුඩෝ තී වෙත අවුත් වටකොට ගෙන තීගේ මස් සල්ව සල්වා කති.
Pali BJT737. සාධු ඛො මං පටිනෙථ කාහාමි කුසලං බහුං, දානෙන සමචරියාය සඤ්ඤමෙන දමෙන ච, යං කත්වා සුඛිතා හොන්ති න ච පච්ඡානුතප්පරෙ.
Sinhala BJT737. මා ආපසු (මනුලොවට) ගෙන යන්නහු නම් මැනවි. මම එහි දී බොහෝ පින් කරන්නෙමි. දානයෙන් ද දහම්හි හැසිරීමෙන් ද ශීලයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද (කල් ගෙවමි.) යමක් කොට සුවපත් වෙත් නම් පසුතැවිලි නො වෙත් නම් මම එබඳු පින් කරමි.
Pali BJT738. පුරෙ තුවං පමජ්ජිත්වා ඉදානි පරිදෙවසි, සයං කතානං කම්මානං විපාකං අනුභොස්සසි.
Sinhala BJT738. තෝ පෙර (කුසල් නො කොට) පමා වැ දැන් හඬන්නහු ය. තමා කළ අකුසල්හි විපාකය විඳින්නහු ය.
Pali BJT739. කො දෙවලොකතො මනුස්සලොකං ගන්ත්වාන පුට්ඨො මෙ එවං වදෙය්ය, නික්ඛිත්තදණ්ඩෙසු දදාථ දානං අච්ඡාදනං සයන{1} මථන්නපානං න හි මච්ඡරී රොසකො පාපධම්මො සග්ගූපගානං ලභති සහව්යතං.
Sinhala BJT739. දෙව්ලොවින් මිනිස් ලොවට ගිය, මා විසින් විචාරන ලද කවරෙක් මෙසේ කියා ද? බහාතැබූ දඬු ඇති සිල්වත්නට දන් දෙවු. පිළි ද සෙනසුන් ද යළි අහර පැන් ද දෙවු. තදමසුරු, කිපෙනසුලු පව්ගති ඇතියෙක් දෙව්ලොවට ගියවුන්ගේ සහවාසය නො ලබයි.
Pali BJT740. සාහං නූන ඉතො ගන්ත්වා යොනිං ලද්ධාන මානුසිං, වදඤ්ඤූ සීලසම්පන්නා කාහාමි කුසලං බහුං: දානෙන සමචරියාය සඤ්ඤමෙන දමෙන ච.
Sinhala BJT740. ඒ මම මෙයින් චුත වැ ගොස් මිනිසත් බව ලැබ, යදියන්ගේ වදන් දන්නා සිල් ඇතියක් ව දානයෙන් ද මනා පැවැත්මෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද යුතු වැ බොහෝ කුසල් කරන්නෙමි.
Pali BJT741. ආරාමානි ච රොපිස්සං දුග්ගෙ සඞ්කමනානි ච, පපඤ්ච උදපානඤ්ච විප්පසන්නෙන චෙතසා
Sinhala BJT741. පුෂ්පාරාම - ඵලාරාමයන් ද රෝපණය කරන්නෙමි. දුර්‍ග මාර්‍ගයෙහි ඒදඬු පාලම් තනන්නෙමි. පහන් සිතින් යුතුවැ ළිං සහ පැන් පොකුණු ද පැන්තාලි ද කරවන්නෙමි.
Pali BJT742. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමිං, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං.
Sinhala BJT742. පක්‍ෂය පිළිබඳ තුදුස්වක්දා ද පසළොස්වකදා ද අටවක්දා ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද අෂ්ටංගයෙන් යුක්ත වූ,
Pali BJT743. උපොසථං උපවසිස්සං සදා සීලෙසු සංවුතා, න ච දානෙ පමජ්ජිස්සං සාමං දිට්ඨමිදං මයං.
Sinhala BJT743. පෙහෙවස් සමාදන් වෙමි. පන්සිල්හි නිතර සංවෘත වූ මම දානයෙහි පමා නො වන්නෙමි. මේ නිරාදුක මවිසින් තමන් ම දක්නා ලද යැ.
Pali BJT744. ඉච්චෙවං විප්පලපන්තිං ඵන්දමානං තතො තතො, ඛිපිංසු නිරයෙ ඝොරෙ උද්ධපාදං අවංසිරං.
Sinhala BJT744. මෙසේ වැලපෙන ඔබැ මොබැ වැටෙමින් වෙවුලන රේවතිය යමපල්ලෝ අල්වාගෙන පා උඩුකුරු කොට හිස යටිකුරු කොට දරුණු වූ නිරයෙහි හෙළූහ.
Pali BJT745. අහං පුරෙ මච්ඡරිනී අහොසිං පරිභාසිකා සමණබ්රාහ්මණානං, විතථෙන ච සාමිකං වඤ්චයිත්වා පච්චාමහං නිරයෙ ඝොරරූපෙ’ති.
Sinhala BJT745. මම පෙර තදමසුරු තැනැත්තියක් වීමි. මහණ-බමුණනට අවමන් කරන්නියක් වීමි. බොරුවෙන් සැමියා රවටා දරුණු ස්වභාව ඇති තෙල සංසවක නිරයෙහි පැසෙමි.
Pali BJTරෙවතීපෙතීවත්ථු චතුත්ථං.
Sinhala BJTරේවතී ප්‍රේතවස්තු යි.
Pali BJT4. 5.
Sinhala BJT4. 5.
Pali BJT746. ඉදං මමං උච්ඡුවනං මහන්තං නිබ්බත්තති පුඤ්ඤඵලං අනප්පකං, තං දානි වෙ පරිභොගං න උපෙති{3} ආචික්ඛ භන්තෙ කිස්ස අයං විපාකො.
Sinhala BJT746. වහන්ස, අනල්ප කුසලවිපාකයක් වූ මේ මහත් උක්වනය මට පහළ වැ ඇත. එහෙත් දැන් එය මගේ පරිභෝගයට නො පැමිණේ. මේ කිනම් පවක විපාකයෙක් දැ යි කියනු මැන.
Pali BJT747. හඤ්ඤාමි ඛජ්ජාමි ච වායමාමි පරිසක්කාමි පරිභුඤ්ජිතුං කිඤ්චි. ස්වාහං ඡින්නථාමො කපණො ලාලපාමි කිස්ස කම්මස්ස අයං විපාකො.
Sinhala BJT747. ඒ මම යම්කිසි උක්ගසක් කෑමට වෑයම් කෙරෙම් ද, උත්සාහ දරම් ද එකල මම වෙහෙසට පැමිණෙමි. උක් පතින් කැපෙමි. ඒ මම සුන් වූ බල ඇතියෙම් බැගෑපත් වූයෙම් අතිශයින් වැලපෙමි. මේ කෙබඳු පවක විපාකයෙක් ද?
Pali BJT748. විඝාතො චාහං පරිපතාමි ඡමායං පරිවත්තාමි වාරිචරොව ඝම්මෙ, රුදතො ච මෙ අස්සුකා නිග්ගලන්ති ආචික්ඛ භන්තෙ කිස්ස අයං විපාකො.
Sinhala BJT748. තවද මම වෙහෙසට පැමිණියෙම් බිම වැටෙමි. අව්වෙන් රත් වූ පොළොවෙහි මසෙකු මෙන් පෙරළෙමි. හඬන්නා වූ මාගේ දෙනෙතින් කඳුළු ගලයි. වහන්ස, මේ කිනම් කර්‍මයක විපාකයෙක් දැ යි කියනු මැනවි.
Pali BJT749. ඡාතො කිලන්තො ච පිපාසිතො ච සන්තසිතො සාතසුඛං න වින්දෙ, පුච්ඡාමි තං එතමත්ථං භදන්ත කථන්නු උච්ඡුපරිභොගං ලභෙය්යං.
Sinhala BJT749. මම බඩසයින් පෙළුණෙම් ක්ලාන්ත වූයෙමි. පවස් ඇතියෙම් අධික පිපාසා ඇතියෙම් මිහිරි සුවයක් නො ලබමි. වහන්ස, කෙසේ උක්රස පරිහොගයක් ලබම් ද යන මේ කරුණ ඔබ විචාරමි.
Pali BJT750. පුරෙ තුවං කම්මමකාසි අත්තනා මනුස්සභූතො පුරිමාය ජාතියා, අහං ච තං එතමත්ථං වදාමි සුත්වාන ත්වං එතමත්ථං විජාන.
Sinhala BJT750. තෙපි පෙර ජාතියෙහි මිනිස් වැ ඉපිද තුමූ මැ පව් කමක් කළහු. මම තොපට මෙකරුණ කියමි. තෙපි මෙකරුණ අසා දැනගනිවු.
Pali BJT751. උච්ඡුං තුවං ඛාදමානො පයාතො පුරිසො ච තෙ පිට්ඨිතො අන්වගච්ඡි,{1} සො ච තං පච්චාසංසන්තො කථෙසි තස්ස තුවං න කිඤ්චි ආලපිත්ථ.
Sinhala BJT751. තෙපි උක්දණ්ඩක් කමින් ගියාහු යැ. තොප පසුපසින් එක් පුරුෂයෙක් ද තොප අනුව ගියේ ය. හෙ ද උක්රසය කැමති වෙමින් තොපට කතා කළේ ය. තෙපි ඔහුට කිසිවක් නො කීවහු ය.
Pali BJT752. සො ච තං අභණන්තං අයාචි දෙහය්ය උච්ඡුන්ති ච තං අවොච, තස්ස තුවං පිට්ඨිතො උච්ඡුං අදාසි තස්සෙතං කම්මස්ස අයං විපාකො.
Sinhala BJT752. හෙ ද නොබණන තොප යැදී ය. “ආර්‍ය්‍යය, උක් දණ්ඩක් දෙව” යි තොපට කී ය. තෙපි පිටුපසින් ඔහුට උක් දණ්ඩක් දුන්නහු යැ. ඒ කර්‍මයාගේ මේ විපාකය වෙයි.
Pali BJT753. ඉඞ්ඝ තුවං පිට්ඨිතො ගණ්හ උච්ඡුං ගහෙත්වාන ඛාදස්සු යාවදත්ථං, තෙනෙව ත්වං අත්තමනො භවිස්සසි හට්ඨො චුදග්ගො ච පමොදිතො ච.
Sinhala BJT753. එසේ නම් තෙපි පිටුපසින් උක්දඬු ගනිවු. රැගෙන ඇති තාක් කව. එයින් ම තෙපි සතුටු වන්නහු ය. පහටු වන්නහු ය. ඔදවැඩි සිත් ඇති වන්නහු ය. ප්‍රමුදිත ද වන්නහු ය.
Pali BJT754. ගන්ත්වාන සො පිට්ඨිතො අග්ගහෙසි ගහෙත්වාන තං ඛාදි යාවදත්ථං, තෙනෙව සො අත්තමනො අහොසී හට්ඨො චුදග්ගො ච පමොදිතො චා’ති.
Sinhala BJT754. ඒ ප්‍රේතයා ද උක්කෙතට ගොස් පිටුපසින් උක්දඬු ගත්තේ ය. රැගෙන එය ඇති තාක් කෑවේ ය. එයින් ම හෙ සතුටු වූයේ ද පහටු වූයේ ද ඔදවැඩි සිතැත්තේ ද ප්‍රමුදිත වූයේ ද විය.
Pali BJTඋච්ඡුපෙතවත්ථු පඤ්චමං.
Sinhala BJTඋච්ඡු ප්‍රේතවස්තු යි.
Pali BJT4. 6.
Sinhala BJT4. 6.
Pali BJT755. සාවත්ථි නාම නගරං හිමවන්තස්ස පස්සතො, තත්ථ ආසුං ද්වෙ කුමාරා රාජපුත්තාති මෙ සුතං.
Sinhala BJT755. හිමවතැ එක් පසෙකැ සැවැත් නම් නුවරෙක් ඇත. එහි රජපුත් වූ කුමරුවෝ දෙදෙනෙක් වූහ යි මවිසින් අසන ලද.
Pali BJT756. පමත්තා{2} රජනීයෙසු කාමස්සාදාභිනන්දිනො, පච්චුප්පන්නෙ සුඛෙ ගිද්ධා න තෙ පස්සිංසු නාගතං.
Sinhala BJT756. සිත් ඇලවියයුතු වූ කම්සැපෙහි ප්‍රමත්ත වූ කාමාස්වාදයෙන් සතුටු වනසුලු වූ වත්මන් සුවයෙහි ම ගිජු වූ ඔහු දෙදෙන අනාගත සුවයක් නො බැලූහ.
Pali BJT757. තෙ චුතා ච මනුස්සත්තා පරලොකං ඉතො ගතා. තෙධ ඝොසෙන්ත්යදිස්සන්තා පුබ්බෙ දුක්කටමත්තනො.
Sinhala BJT757. ඔහු මේ මිනිසත් බැවින් චුත වැ පරලොවැ ප්‍රේතලෝකයට ගියහ. ඔහු තමන්ගේ පෙර අත්බැව්හි දුෂ්කෘතය (පාපකර්‍මය) දැක නොපෙනෙන සිරුරින් යුතුව මෙ නුවර සමීපයෙහි සිට මෙසේ කෑගසත්:
Pali BJT758. බහූසු වත සන්තෙසු දෙය්යධම්මෙ උපට්ඨිතෙ, නාසක්ඛිම්හා ච අත්තානං පරිත්තං කාතුං සුඛාවහං.
Sinhala BJT758. “බොහෝ දක්‍ෂිණාර්‍හයන් ඇති කල්හි දු දානවස්තු එළඹ සිටි කල්හි දු තමනට සැප එළවන පිනක් කරන්නට ඒකාන්තයෙන් නොහැකි වූම්හ.
Pali BJT759. කිං තතො පාපකං අස්ස යං නො රාජකුලා චුතා. උප්පන්නා{1} පෙත්තිවිසයං ඛුප්පිපාසාසමප්පිතා.
Sinhala BJT759. “අපි යම් පව්කමෙකින් රාජකුලයෙන් චුත වැ ප්‍රෙතලොකයෙහි උපන්නමෝ සා පිපාසායෙන් මඩනා ලදුමෝ නම් එයට වඩා ලාමක වූ අන් කුමක් ඇත්තේ ද?
Pali BJT760. සාමිනො ඉධ හුත්වාන හොන්ති අස්සාමිනො තහිං, චරන්ති{2} ඛුප්පිපාසාය මනුස්සා උන්නතොනතා.
Sinhala BJT760. මේ මනුලොව දී පෙර යම් තැනක ස්වාමී වැ සිටියාහු ද? ඒ ප්‍රේත ලෝකයෙහි දී අස්වාමීහු වෙති. උසස්වැ සිටි ඒ මිනිස්සු පහත් වූවාහු සාපිපාසායෙන් යුතු වැ හැසිරෙත්.
Pali BJT761. එතමාදීනවං ඤත්වා ඉස්සරමදසම්භවං පහාය ඉස්සරමදං භවෙ සග්ගගතො නරො: කායස්ස භෙදා සප්පඤ්ඤො සග්ගං සො උපපජ්ජති’ති.
Sinhala BJT761. මිනිස් තෙමේ ඉසුරුමදයෙන් හටගත් මේ ආදීනවය දැන ඉසුරු මදය දුරු කොට (කුසලයෙහි ඇලුණේ) ස්වර්‍ග ගත වෙයි. නුවණැති (ඒ) පුරුෂ කාබුන් මරණින් මතු දෙව් ලොවට පැමිණේ.
Pali BJTකුමාරපෙතවත්ථු ඡට්ඨං.
Sinhala BJTකුමාර ප්‍රේතවස්තු යි.
Pali BJT4. 7.
Sinhala BJT4. 7.
Pali BJT762. පුබ්බෙ කතානං කම්මානං විපාකො මථයෙ මනං, රූපෙ සද්දෙ රසෙ ගන්ධෙ ඵොට්ඨබ්බෙ ච මනොරමෙ.
Sinhala BJT762. පෙර දැයෙහි කළ පාපකර්‍මයාගේ විපාකය (අන්‍ධබාලයන්ගේ) සිත මනරම් වූ රූප … රස … ගන්‍ධ … ස්ප්‍රෂ්ටව්‍ය හේතුයෙන් මැඩලයි.
Pali BJT763. නච්චං ගීතං රතිං ඛිඩ්ඩං අනුභුත්වා අනප්පකං, උය්යානෙ පරිචරිත්වාන{3} පවිසන්තො ගිරිබ්බජං.
Sinhala BJT763. බොහෝ වූ නැටුම් ගැයුම් කම්රති හා ක්‍රීඩා විඳ උයන්හි අභිරමණය කොටැ රජගහ නුවරට පිවිසෙන (රජපුත් තෙමේ)
Pali BJT764. ඉසිං සුනෙත්ත{4} මද්දක්ඛි අත්තදන්තං සමාහිතං අප්පිච්ඡං හිරිසම්පන්නං උඤ්ඡෙ පත්තගතෙ රතං.
Sinhala BJT764. දැමුණු සිත් ඇති (අර්‍හත් ඵල සමාධියෙන්) සමාහිත වූ අපිස් වූ හිරි (ලජ්ජා) යෙන් යුත් පාත්‍රගත පිඬුවායෙන් (පමණක්) සතුටු වූ සුනෙත් නම් (පසේබුදු) මහර්ෂීහු දිටී.
Pali BJT765. හත්ථික්ඛන්ධතො ඔරුය්හ ලද්ධා{5} භන්තෙති ච බ්රුවි, තස්ස පත්තං ගහෙත්වාන උච්චං පග්ගය්හ ඛත්තියො.
Sinhala BJT765. (ඒ රජපුත්) ඇතුපිටින් බැස වහන්ස, (පිණ්ඩපාතය) ලද දැ යි විචාළේ ය. ඒ රජපුත් උන්වහන්සේගේ පාත්‍රය ගෙන ඔසවා,
Pali BJT766. ථණ්ඩිලෙ පත්තං භින්දිත්වා හසමානො අපක්කමි, රඤ්ඤො කිතවස්සහං පුත්තො කිං මං භික්ඛු කරිස්සසි.
Sinhala BJT766. තද බිම් පෙදෙසක පාත්‍රය ගටා බිඳ සිනා සෙමින් මඳක් ඉවත් විය. (කුළුණු සිතින් බලන පසේබුදුනට මෙසේ කී). “මහණ මම කිතව රජුගේ පුත් වෙමි. මට කුමක් කරන්නෙහි දැ?”යි.
Pali BJT767. තස්ස කම්මස්ස ඵරුසස්ස විපාකො කටුකො අහු, යං රාජපුත්තො වෙදෙසි නිරයම්හි සමප්පිතො.
Sinhala BJT767. දරුණු වූ ඒ පාපකර්‍මයාගේ විපාකය කටුක විය. නිරයෙහි උපන් රාජපුත්‍ර යම් විපාකයක් වින්දේ ද, (එය මෙසේ ය:)
Pali BJT768. ඡළෙව චතුරාසීති වස්සානි නහුතානි ච, භුසං දුක්ඛං නිගච්ඡිත්ථො නිරයෙ කතකිබ්බිසො.
Sinhala BJT768. කළපව් ඇති (හේ) සයෙන් ගුණ කළ සුවාසූදහස් වූ නහුත ගණන් හවුරුදු මුළුල්ලෙහි නිරයෙහි බොහෝ දුකට පැමිණියේ ය.
Pali BJT769. උත්තානොපි ච පච්චිත්ථ නිකුජ්ජො වාමදක්ඛිණො, උද්ධංපාදො ඨිතො චෙව චිරං බාලො අපච්චථ
Sinhala BJT769. (ඒ) බාලතෙමේ උඩුකුරුව ද යටිකුරුවද සිට වමැලයෙන් ද දකුණැලයෙන් ද සිට උඩුකුරුපා ඇතිව ද (කෙළින්) සිට ද බොහෝ කලක් පැසිණි.
Pali BJT770. බහූනි වස්සසහස්සානි පූගානි නහුතානි ච, භුසං දුක්ඛං නිගච්ඡිත්ථො නිරයෙ කතකිබ්බිසො.
Sinhala BJT770. කළපව් ඇති හේ නොයෙක් අවුරුදු දහස් ගණන් ද, හවුරුදු සමූහයන් ද, නහූතගණන් ද මුළුල්ලෙහි ඒ නිරයෙහි අතිශය දුඃඛයට පැමිණියේ ය.
Pali BJT771. එතාදිසං ඛො කටුකං අප්පදුට්ඨප්පදොසිනං. පච්චන්ති පාපකම්මන්තා ඉසිමාසජ්ජ සුබ්බතං.
Sinhala BJT771. කිපෙන්නවුන් කෙරෙහි නො කිපෙන මනා පැවතුම් ඇති මුනිවරයකුට ගැහැට කොට පව්කම් කරන්නෝ මෙබඳු කටුක දුක් (විඳිමින්) පැසෙත්.
Pali BJT772. සො තත්ථ බහුවස්සානි වෙදයිත්වා බහුං දුඛං, ඛුප්පිපාසාහතො නාම පෙතො ආසි තතො චුතො.
Sinhala BJT772. ඒ රජපුත් ඒ නිරයෙහි බොහෝ හවුරුදු ගණන් බොහෝ දුක් විඳ එයින් ච්‍යුත වූයේ සාපිපාසා දෙකින් මඩනා ලද ප්‍රේතයෙක් විය.
Pali BJT773. එතමාදීනවං දිස්වා{1} ඉස්සරමදසම්භවං, පහාය ඉස්සරමදං නිවාතමනුවත්තයෙ.
Sinhala BJT773. යමෙක් ඉසුරුමදයෙන් හටගත් මේ ආදීනවය දැක ඉසුරු මදය හැර නිහතමානී වැ දිවි පවත්වා ද,
Pali BJT774. දිට්ඨෙව ධම්මෙ පාසංසො යො බුද්ධෙසු සගාරවො, කායස්ස භෙදා සප්පඤ්ඤො සග්ගං සො උපපජ්ජති’ති.
Sinhala BJT774. බුදුවරුන් කෙරෙහි ගෞරව සහිත වේ ද, ඒ පැනැති මිනිස් තෙමේ මේ අත්බැව්හි ම පැසසියයුතු වෙයි. කාබුන් මරණින් මතු දෙව්ලොවට පැමිණෙයි.
Pali BJTරාජපුත්තපෙතවත්ථු සත්තමං.
Sinhala BJTරාජපුත්‍ර ප්‍රේතවස්තු යි.
Pali BJT4. 8.
Sinhala BJT4. 8.
Pali BJT775. ගූථකූපතො උග්ගන්ත්වා කො නු දීනො හි තිට්ඨසි,{2} නිස්සංසයං පාපකම්මන්තො කින්නු සද්දහසෙ තුවං,
Sinhala BJT775. අශුචි වළෙන් උඩට නැඟී බැගෑපත් වැ සිටුනා තෙපි කවරහු ද? පව්කම් ඇති තෙපි කවරහු දැ යි මම් කෙසේ නිසැක ව අදහම් ද?
Pali BJT776. අහං භද්දන්ත පෙතොම්හි දුග්ගතො යමලොකිකො, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතො.
Sinhala BJT776. ස්වාමීනි, මම පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගිය යමලොවට අයත් දුගී ප්‍රේතයෙක්මි.
Pali BJT777. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන ඉදං දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT777. කයින් වචනයෙන් මනසින් තොප කිනම් පවක් කරන ලද ද? කවර පව්කමක විපාකයෙන් (තෙපි) මේ දුකට පැමිණියහු ද?
Pali BJT778. අහු ආවාසිකො මය්හං ඉස්සුකී කුලමච්ඡරී, අජ්ඣාසිතො{3} මය්හං ඝරෙ කදරියො පරිභාසකො.
Sinhala BJT778. ඊර්‍ෂ්‍යා කරනසුලු වූ, කුලයන් කෙරෙහි මසුරු වූ, තද මසුරෙක් වූ සිල්වත්නට පරිභව කරන මාගේ ගෙහි ඇලුම් කළ, ආවාසික භික්‍ෂු නමක් මා කළ විහාරයෙහි විසී ය.
Pali BJT779. තස්සාහං වචනං සුත්වා භික්ඛවො පරිභාසිසං, තස්ස කම්මවිපාකෙන පෙතලොකමිතො ගතො.
Sinhala BJT779. ඒ භික්‍ෂූහුගේ කීම් අසා මම සිල්වත් භික්‍ෂූන්ට නින්‍දා කෙළෙමි. ඒ කර්‍මයාගේ විපාකයෙන් මම මෙලොවින් ච්‍යුත ව ප්‍රේතලෝකයට ගියෙමි.
Pali BJT780. අමිත්තො මිත්තවණ්ණෙන යො තෙ ආසි කුලූපකො, කායස්ස භෙදා දුප්පඤ්ඤො කින්නු පෙච්ච ගතිං ගතො.
Sinhala BJT780. තොපගේ මිත්‍රස්වරූපයෙන් කුලුපග වූ යම් අමිත්‍රයෙක් වී ද ඒ අඥාන තෙමේ කාබුන් මරණින් මතු පරලොවැ කිනම් ගතිය (උපත) කට පැමිණියේ ද?
Pali BJT781. තස්සෙවාහං පාපකම්මස්ස සීසෙ තිට්ඨාමි මත්ථකෙ, සො ච පරවිසයං පත්තො මමෙව පරිචාරකො.
Sinhala BJT781. කළ පව්කම් ඇති ඒ ශ්‍රමණ ප්‍රේතයාගේ හිස මුදුනෙහි මම දැන් සිටිමි. හෙ ද ප්‍රේතලෝකයට පැමිණියේ මාගේ මෙහෙ කරුවෙක් විය.
Pali BJT782. යං භද්දන්ත{4} හදන්තඤ්ඤෙ එතං මෙ හොති භොජනං, අහං ච ඛො යං හදාමි එතං සො උපජීවතී’ති.
Sinhala BJT782. වහන්ස, සෙස්සෝ යම් වස්කිසක් කෙරෙත් නම් ඒ වස් (මල) මගේ භෝජන වෙයි. මම් වනාහි යම් වස් කිසක් කෙරෙම් නම් ඒ වස් අනුභවයෙන් හේ ජීවත් වෙයි.
Pali BJTගූථඛාදකපෙතවත්ථු අට්ඨමං.
Sinhala BJTගුථඛාදක ප්‍රේතවස්තු යි.
Pali BJT4. 9.
Sinhala BJT4. 9.
Pali BJT783. ගූථකූපතො උග්ගන්ත්වා කා නු දීනා හි තිට්ඨසි, නිස්සංසයං පාපකම්මන්තා{1} කින්නු සද්දහසෙ තුවං.
Sinhala BJT783. අශූචිවළෙන් නැඟී බැගෑපත් වැ සිටුනා තෝ කවරහු ද? පව්කම් ඇති තී කවරක් දැ යි මම් කෙසේ නිසැක වැ අදහම් ද?
Pali BJT784. අහං භද්දන්ත පෙතීම්හි දුග්ගතා යමලොකිකා, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතා.
Sinhala BJT784. ස්වාමීනි, මම පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගිය යමලොවට අයත් ප්‍රේතියක්මු,
Pali BJT785. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන ඉදං දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT785. කයින් වචනයෙන් මනසින් තී කිනම් පවක් කරන ලද ද? කවර පව්කමක විපාකයෙන් තෝ මේ දුකට පැමිණියහු ද?