Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසුත්‍රාන්තපිටකයෙහි
Pali BJTපෙතවත්ථුපාළි
Sinhala BJTප්‍රේත වස්තු පාළි
Pali BJTනමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. උරගවග්ගො
Sinhala BJT1. උරගවර්‍ගය
Pali BJT1. 1.
Sinhala BJT1. 1.
Pali BJT1. ඛෙත්තූපමා අරහන්තො දායකා කස්සකූපමා, බීජූපමං දෙය්යධම්මං එත්තො නිබ්බත්තතෙ ඵලං
Sinhala BJT1. රහත්හු කෙත වැනියහ. දායකයෝ ගොවියන් වැන්නාහ. දේයධර්‍මය (දානවස්තුව) බිජුවට වැනි ය. මේ කරුණු තුන හේතු කොට ගෙන කුසල ඵලය උපදියි.
Pali BJT2. එතං බීජං කසී ඛෙත්තං පෙතානං දායකස්ස ච, තං පෙතා පරිභුඤ්ජන්ති දාතා පුඤ්ඤෙන වඩ්ඪති.
Sinhala BJT2. (යථෝක්ත දේයධර්‍ම සංඛ්‍යාත) බීජය ද, (එහි වැපිරීම් නැමැති) ගොවිකම ද රහත් නමැති කෙත ද, යන මේ කරුණු තුන පරලොව ගියවුන්ට ද, දායකයන්ට ද උපකාර පිණිස වේ. පරලොව ගිය අය දන් දීමෙන් ලද ඒ විපාකය විඳිත්. දායකයා පිනින් වැඩෙයි.
Pali BJT3. ඉධෙව කුසලං කත්වා පෙතෙ ච පටිපූජිය සග්ගඤ්ච කමතිට්ඨානං කම්මං කත්වාන භද්දක’න්ති.
Sinhala BJT3. (හෙ) මෙලොවැ මැ කුසල් කොට ප්‍රේතයන් ද පුදා (ප්‍රාප්තිදාන වශයෙන්) යහපත් කුසල් කොට දෙව්ලොවට පැමිණේ.
Pali BJTඛෙත්තූපමපෙතවත්ථු පඨමං.
Sinhala BJTඛෙත්තූපම ප්‍රේතවස්තු යි.
Pali BJT1. 2.
Sinhala BJT1. 2.
Pali BJT4. කායො තෙ සබ්බසොවණ්ණො සබ්බා ඔභාසතෙ දිසා, මුඛං තෙ සූකරස්සෙව කිං කම්මමකරි පූරෙති.
Sinhala BJT4. තාගේ මුළුසිරුර රන්වන් ය. සියලු දික් බබුළුවයි. තාගේ මුව හූරුමුව වැන්න. තෝ පෙර කිනම් පව්කමක් කෙළෙහි ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(නාරද තෙරණුවෝ මෙසේ පිළිවීසිති:)
Pali BJT5. කායෙන සඤ්ඤතො ආසිං වාචායාසිමසඤ්ඤතො,{1} තෙන මෙ තාදිසො වණ්ණො යථා පස්සසි නාරද.
Sinhala BJT5. මම කයින් සංවර වූයෙමි. වචනයෙන් අසංවර වූයෙමි. නාරදයෙනි, ඔබ දක්නා පරිදි ශරීරවර්‍ණයක් මට වූයේ එහෙයිනි.
Pali BJT6. තං ත්යාහං{2} නාරද බ්රූමි සාමං දිට්ඨමිදං තයා, මාකාසි මුඛසා පාපං මා ඛො සූකරමුඛො අහූ’ති.
Sinhala BJT6. නාරදයෙනි, ඔබ විසින් ම මේ සිරුර දක්නාලද, එහෙයින් මම ඔබට මෙය (අවවාද වශයෙන්) කියමි: මුවින් පවක් නො කරව. හූරුමුව ඇත්තෙක් නො වව.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රේතයා මෙසේ පිළිතුරු දෙයි)
Pali BJTසූකරමුඛපෙතවත්ථු දුතියං.
Sinhala BJTසූකරමුඛ ප්‍රේතවස්තු යි.
Pali BJT1. 3.
Sinhala BJT1. 3.
Pali BJT7. දිබ්බං සුභං ධාරෙසි වණ්ණධාතුං වෙහාසයං තිට්ඨසි අන්තලික්ඛෙ, මුඛඤ්ච තෙ කිමයො පූතිගන්ධං ඛාදන්ති කිං කම්මමකාසි පුබ්බෙති?.
Sinhala BJT7. තෝ දෙව්සිරුරට බඳු යහපත් සිරුරුපැහැ ඇත්තෙහි, අහසෙහි සිටින්නෙහි, එහෙත් පණුවෝ දුගඳ හමන තාගේ මුඛය සිදුරු කොට කති. පෙරදෑයෙහි (තෝ) කවර කර්‍මයක් කෙළෙහි ද?
Pali BJT8. සමණො අහං පාපො{1} දුට්ඨවාචො තපස්සිරූපො මුඛසා අසඤ්ඤතො, ලද්ධා ච මෙ තපසා වණ්ණධාතු මුඛඤ්ච මෙ පෙසුනියෙන පූති.
Sinhala BJT8. මම පෙර දුෂ්ටවචනයෙන් යුත් වාග්ද්වාරයෙන් අසංවර වූ ශ්‍රමණවේශධාරී පවිටුමහණෙක් වීමි. බඹසර බෙලෙන් මාගේ ශරීර වර්‍ණය ලද. පිසුනුබසින් මා මුව දුගඳ විය.
Pali BJT9. තයිදං තයා නාරද සාමං දිට්ඨං අනුකම්පකා යෙ කුසලා වදෙය්යුං, මා පෙසුනං මා ච මුසා අභාණී යක්ඛො තුවං හොහිසි කාමකාමී’ති.
Sinhala BJT9. නාරදයෙනි, ඔබ තමන් විසින් ම මා සිරුර දක්නා ලද. කාරුණික නිපුණ වූ බුද්ධාදි උත්තමයෝ යමක් ප්‍රකාශ කළාහු නම් මම එය ම ඔබට කියමි. පිසුනුබස් නො කියන්න. මුසාවා ද නො බණින්න. එකල්හි ඔබ කැමති සැප විඳින දෙවි වන්නහු යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(නාරද තෙරණුවෝ මෙසේ විචාරති:)
Pali BJTපූතිමුඛපෙතවත්ථු තතියං.
Sinhala BJTපූතිමුඛ ප්‍රේතවස්තු යි.
Pali BJT1. 4.
Sinhala BJT1. 4.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රේතයා මෙසේ පිළිතුරු දෙයි)
Pali BJT10. යං කිඤ්චාරම්මණං කත්වා දජ්ජා දානං අමච්ඡරී, පුබ්බපෙතෙ ච ආරබ්භ අථවා වත්ථු දෙවතා.
Sinhala BJT10. නොමසුරු තැනැත්තේ යම්කිසිවක් අරමුණු කොට දන් දෙන්නේ ය. පෙර කලුරිය කළවුන් හෝ නැතහොත් ගෙවතු ආදියට අරක් ගත් දෙවියන් ඇරැබැ හෝ දන් දෙන්නේ ය.
Pali BJT11. චත්තාරො ච මහාරාජෙ ලොකපාලෙ යසස්සිනො, කුවෙරං ධතරට්ඨං ච විරූපක්ඛං විරූළ්හකං, තෙ චෙව පූජිතා හොන්ති දායකා ච අනිප්ඵලා.
Sinhala BJT11. වෛශ්‍රවණ ය, ධ්‍රතරාෂ්ට්‍ර ය, විරූපාක්‍ෂ ය, විරූඪය යන යශස්වී ලෝකපාලක සිවුවරම් දෙවියන් අරබයා හෝ දන් දෙයි. ඔවුහු ද පුදන ලද්දෝ වෙත්. දායකයෝ ද නිෂ්ඵල නො වන්නෝ වෙත්.
Pali BJT12. න හි රුණ්ණං ච සොකො වා යා චඤ්ඤා පරිදෙවනා, න තං පෙතස්ස අත්ථාය එවං තිට්ඨන්ති ඤාතයො.
Sinhala BJT12. මළවුන් සඳහා හැඬීමක් ශෝකයක් හෝ එයින් අන්‍ය වූ විලාප කීමක් හෝ නො කළයුතු ය. කලුරිය කළවුන්ට ඒ ඇඬීම් ආදිය ප්‍රයෝජනය පිණිස නො වෙයි. එහෙත් එසේ කරන මඳ නුවණැති නෑයෝ ද සිටිත්.
Pali BJT13. අයඤ්ච ඛො දක්ඛිණා දින්නා සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා, දීඝරත්තං හිතායස්ස ඨානසො උපකප්පතී’ති.
Sinhala BJT13. දායකයා විසින් දුන් මේ දානය සංඝයා කෙරෙහි මනාව පිහිටියේ ය. මේ ප්‍රේතයාහට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස (දානවිපාකය) එකෙණෙහි ම පැමිණේ.
Pali BJTපිට්ඨධීතලිකපෙතවත්ථු චතුත්ථං.
Sinhala BJTපිට්ඨධීතලික ප්‍රේතවස්තු යි.
Pali BJT1. 5.
Sinhala BJT1. 5.
Pali BJT14. තිරොකුඩ්ඪෙසු තිට්ඨන්ති සන්ධිසිඞ්ඝාටකෙසු ච, ද්වාරබාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං.
Sinhala BJT14. (ප්‍රේතයෝ) සිය මුල් ගෙවලට පැමිණ ගෘහප්‍රාකාර භිත්තීන්හි පිටත ද තුන්මං සතරමං සන්‍ධිවල ද ගෘහවල දොරබායෙහි ද සිටිති.
Pali BJT15. පහූතෙ අන්නපානම්හි ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ, න තෙසං කොචි සරති සන්තානං කම්මපච්චයා.
Sinhala BJT15. බොහෝ ආහාරපානවර්‍ග හා කෑ යුතු බිදියයුතු දේ දානය සඳහා පිළියෙළ කළ ද ඒ ප්‍රේතයන්ගේ අකුශල කර්‍ම හේතුවෙන් කිසිවෙක් ඔවුන් සිහි නො කරයි.
Pali BJT16. එවං දදන්ති ඤාතීනං යෙ හොන්ති අනුකම්පකා, සුචිං පණීතං කාලෙන කප්පියං පානභොජනං. ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො,
Sinhala BJT16. නෑයන් අතුරෙන් ඒ ප්‍රේතයනට අනුකම්පා කරන දූපුත් ආදී යම් නෑ කෙනෙක් වෙද්ද, ඔවුහු පිරිසිදු ව ප්‍රණීත වූ කැප වූ පැන් සහ බොජුන් සුදුසු කලැ පිරිනමත්. “මේ පින ඥාතිප්‍රේතයනට පැමිණේවා. ඒ ඥාති ප්‍රෙතයෝ සුවපත් වෙත්වා”යි පින් දෙත්.
Pali BJT17. තෙ ච තත්ථ සමාගන්ත්වා ඤාතිපෙතා සමාගතා. පහූතෙ අන්නපානම්හි සක්කච්චං අනුමොදරෙ,
Sinhala BJT17. ඒ ඥාතිප්‍රේතයෝ ද ඒ ඒ තැන් වලින් අවුත් රැස් වූවාහු වෙති. බොහෝ වූ ආහාරපාන දානවිෂයෙහි පිදූ කල්හි එහි පින් මෙසේ සකසා අනුමෝදන් වෙත්.
Pali BJT18. චීරං ජීවන්තු නො ඤාති යෙසං හෙතු ලභාමසෙ. අම්හාකඤ්ච කතා පූජා දායකා ච අනිප්ඵලා,
Sinhala BJT18. “යම් නෑයන් නිසා අපි මේ සම්පත් ලබමෝ නම් ඒ නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා.” අපට ද පූජා පවත්වන ලද. දායකයෝ ද යහපත් විපාක ඇත්තෝ වෙත්.
Pali BJT19. න හි තත්ථ කසී අත්ථි ගොරක්ඛෙත්ථ න විජ්ජති. වණිජ්ජා තාදිසී නත්ථි හිරඤ්ඤෙන කයාක්කයං, ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කාලකතා තහිං.
Sinhala BJT19. ඒ ප්‍රේතලෝකයෙහි ගොවිකමෙක් නැත. ගවයන් රැකීමෙක් ද නැත. (ඔවුනට සම්පත් ලැබෙන) එවැනි වෙළඳාමෙක් ද නැත. ගැනීම් විකිනීම් සංඛ්‍යාත මුදලින් කෙරෙන ගනු දෙනුවක් ද නැත. කලුරිය කළ ප්‍රේතයෝ මෙලොවින් දුන් පිනින් එහි යැපෙති.
Pali BJT20. උන්නමෙ උදකං වට්ඨං{1} යථා නින්නං පවත්තති, එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති.
Sinhala BJT20. උස්තැන වැටුණු වැසිදිය යම්සේ පහත් තැන කරා පැමිණේ ද එමෙන් ම මේ මිනිස්ලොවින් දුන් පින ඒ ප්‍රේතයන්ට පැමිණේ.
Pali BJT21. යථා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං, එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති.
Sinhala BJT21. යම්සේ පිරුණු මහානදීහු සාගරය පුරවත් ද, එසේ ම මෙයින් දෙනලද පින ප්‍රේතයනට පැමිණේ.
Pali BJT22. අදාසි මෙ අකාසි මෙ ඤාතිමිත්තා සඛා ච මෙ, පෙතානං දක්ඛිණං දජ්ජා පුබ්බෙ කතමනුස්සරං.
Sinhala BJT22. “මට මේ දෙය දුන්නේ ය, මාගේ මෙනම් කටයුත්ත කෙළේ ය, අසවල් අය මාගේ නෑයෝ ය, මිතුරෝ ය, යහළුවෝ” යි පෙර කළ උපකාරය සිහි කරමින් ප්‍රේතයනට පින් දෙන්නේ ය.
Pali BJT23. න හි රුණ්ණං ව සොකො වා යා චඤ්ඤා පරිදෙවනා, න තං පෙතානමත්ථාය එවං තිට්ඨන්ති ඤාතයො.
Sinhala BJT23. හැඬීම හෝ ශෝක කිරීම හෝ යම් අනික් විලාප කීමෙක් හෝ වේ ද, ඒ හැඞීම් ආදිය ප්‍රේතයනට හිත පිණිස නො වේ. (එහෙත්) එබඳු අවිඥ වූ නෑයෝ ද සිටිත්.
Pali BJT24. අයඤ්ච ඛො දක්ඛිණා දින්නා සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා, දීඝරත්තං හිතායස්ස ඨානසො උපකප්පති.
Sinhala BJT24. සංඝයා විෂයෙහි දෙන ලද මේ දක්‍ෂිණාව මැනැවින් පිහිටියා ය. බොහෝ කලක් මුළුල්ලෙහි ඒ ප්‍රේතයාට හිත පිණිස එකෙණෙහි ම එය පැමිණේ.
Pali BJT25. සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො පෙතාන පූජා ච කතා උළාරා, බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පක’න්ති.
Sinhala BJT25. මේ දක්වන ලද්දේ නෑයන් විසින් ඉටු කළයුතු ඒ ඥාතිධර්‍මය යි. ප්‍රේතයනට මහත් වූ පූජාවක් ද කරන ලද ඒ භික්‍ෂුනට බලය ද දෙන ලද තොප විසිනුදු මහත් පිනක් රැස් කරන ලදී.
Pali BJTතිරොකුඩ්ඩපෙතවත්ථු පඤ්චමං.
Sinhala BJTතිරොකුඩ්ඩ ප්‍රේතවස්තු යි.
Pali BJT1. 6.
Sinhala BJT1. 6.
Pali BJT26. නග්ගා දුබ්බණ්ණරූපාසි දුග්ගන්ධා පූති වායසි, මක්ඛිකා පරිකිණ්ණාව කා නු ත්වං ඉධ තිට්ඨසි’?ති.
Sinhala BJT26. තෝ නග්න යැ. විරූප වූ පිළිකුල්කටයුතු රූපයෙන් යුක්ත යැ. තීගේ දුගඳ සිරුරෙන් කුණු ගඳ හමයි. හාත්පස මැස්සන් ගෙන් ගැවසීගත් සිරුරු ඇතියා ව, මෙහි සිටින තෝ කවරහු ද?
Pali BJT27. අහං භදන්තෙ පෙතීම්හි දුග්ගතා යමලොකිකා, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතා.
Sinhala BJT27. වහන්ස, දුකට පැමිණියා වූ මම යමලෝකයෙහි උපන් ප්‍රේතියක් මි. පවුකම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියා වෙමි.
Pali BJT28. කාලෙන පඤ්ච පුත්තානි සායං පඤ්ච පුනාපරෙ, විජායිත්වාන ඛාදාමි තෙපි නා හොන්ති මෙ අලං.
Sinhala BJT28. උදයකාලයෙහි පුතුන් පස් දෙනකුන් ද නැවත සවස අනෙක් පස් දෙනකුන් ද වදා කමි. ඒ දසදරුවෝ පවා මට බඩසායට නො සෑහෙත්.
Pali BJT29. පරිඩය්හති ධූමායති ඛුදාය{1} හදයං මම, පානීයං න ලභෙ පාතුං පස්ස මං බ්යසනං ගත’න්ති.
Sinhala BJT29. මා හද සයින් දැවෙයි, දුමයි. බොන්නට පැන් නො ලැබේ. විපතට පැමිණි මා බලව.
Pali BJT30. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන පුත්තමංසානි ඛාදසී’ති.
Sinhala BJT30. කයින් ද වචනයෙන් ද සිතින් ද කවර පවක් කරන ලද ද? කවර කර්‍මයක විපාකයෙන් දරුමස් කන්නහු ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(සඟ තෙරහු පුළුවුස්ති:)
Pali BJT31. සපත්ති මෙ ගම්භිනී ආසි තස්සා පාපං අචෙතයිං, සාහං පදුට්ඨමනසා අකරිං ගබ්භපාතනං.
Sinhala BJT31. මාගේ සපත්නී (සැමියාගේ අනෙක් බිරිඳ) ගර්‍භනී වූවා ය. ඇය කෙරෙහි මම පාපකර්‍මයක් කිරීමට සිතුවමු. ඒ මම දූෂිත වූ සිතින් ඇයගේ ගැබ හෙළුමු.
Pali BJT32. තස්සා ද්වෙමාසිකො ගබ්භො ලොහිතඤ්ඤෙව පග්ඝරි, තදස්සා මාතා කුපිතා මය්හං ඤාතී සමානයි.
Sinhala BJT32. ඇයගේ දෙමස් වූ ගැබ ලෙය ම වී වැගුරුණේ ය. එකල ඇගේ මව මට කිපී නෑයන් රැස් කරවූ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය පිළිතුරු දෙයි.)
Pali BJT33. සපථඤ්ච මං කාරෙසි පරිභාසාපයී ච මං, සාහං ඝොරඤ්ච සපථං මුසාවාදං අභාසිසං: පුත්තමංසානි ඛාදාමි සචෙ තං පකතං මයා.
Sinhala BJT33. ඕ මා ලවා සපථ කරවූ ය. මා බියෙන් තැති ගැන්වූවා ය. ඒ මම ඉදින් මා ඒ ගර්‍භපාතනය කළා නම් මම පුත්‍රමාංස කන එකියක් මැ”යි දරුණු සපථ කොට බොරුබස් කීමි.
Pali BJT34. තස්ස කම්මස්ස විපාකෙන මුසාවාදස්ස චූභයං, පුත්තමංසානි ඛාදාමි පුබ්බලොහිතමක්ඛිතා’ති.
Sinhala BJT34. ඒ කර්‍මය සහ මුසාවාදය යන දෙක්හි ම විපාකයෙන් පූයාවෙන් සහ ලෙයින් වැකුණු සිරුරු ඇතිව දරුමස් කමි.
Pali BJTපඤ්චපුත්තඛාදකපෙතවත්ථු ඡට්ඨමං.
Sinhala BJTපඤ්චපුත්‍රඛාදක ප්‍රේතවස්තු යි.
Pali BJT1. 7.
Sinhala BJT1. 7.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තෙරහු යළි විචාරති.)
Pali BJT35. නග්ගා දුබ්බණ්ණරූපාසි දුග්ගන්ධා පූති වායසි, මක්ඛිකාපරිකිණ්ණාව කා නු ත්වං ඉධ තිට්ඨසී?’ති.
Sinhala BJT35. නග්න වෙහි පිළිකුල් කටයුතු රූපයෙන් යුක්ත වෙහි. තීගේ දුගඳ සිරුරින් කුණුගඳ හමයි. මැස්සන්ගෙන් ගැවසුණු සිරුරු ඇත්තව. මෙහි සිටින තෝ කවර?
Pali BJT36. අහං භදන්තෙ පෙතීම්හි දුග්ගතා යමලොකිකා, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතා.
Sinhala BJT36. වහන්ස, දුකට පත් මම යමලොව උපන් ප්‍රේතියක්මු. පව්කම් කොට මෙලොවින් ප්‍රේතලෝකයට ගියමු.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(තෙරහු යළි විචාරති.)
Pali BJT37. කාලෙන සත්ත පුත්තානි සායං සත්ත පුනාපරෙ, විජායිත්වාන ඛාදාමි තෙපි නා හොන්ති මෙ අලං.
Sinhala BJT37. උදයෙහි පුතුන් සත්දෙනකුන් ද නැවත සවස අනෙක් සත්දෙනකුන් ද වදා කමි. ඔවුහු ද මට නො සෑහෙත්.
Pali BJT38. පරිඩය්හති ධුමායති ඛුදාය හදයං මම, නිබ්බුතිං නාධිගච්ඡාමි අග්ගිදඩ්ඪෙව ආතපෙ’ති.
Sinhala BJT38. මා හද සයින් දැවෙයි, දුමයි. අව්වෙහි ගින්නෙන් දැවෙන්නක මෙන් නිවීමක් නො ලබමි.
Pali BJT39. නින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන පුත්තමංසානි ඛාදසී?ති.
Sinhala BJT39. (තෙරහු:) කය - වචනය - සිත යන තිදොරින් තී කළ දුෂ්ට කර්‍මය කුමක් ද? කිනම් කර්‍මයක විපාකයෙන් පුත්‍රමාංශ කන්නවු ද?
Pali BJT40. අහූ මය්හං දුවෙ පුත්තා උභො සම්පන්නයොබ්බනා, සාහං පුත්තබලුපෙතා සාමිකං අතිමඤ්ඤිසං.
Sinhala BJT40. (ප්‍රෙතිය:) පෙර මට පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. දෙදෙන ම පිරිපුන් යොවුන් වයස් ඇති වූහ. පුත්‍රබලයෙන් යුත් මම සැමියා අභිභවා (යටත් කොට) සිතුවෙමු.
Pali BJT41. තතො මෙ සාමිකො කුද්ධො සපත්තිං අඤ්ඤමානයී, සා ච ගබ්භං අලභිත්ථ තස්සා පාපං අචෙතයිං.
Sinhala BJT41. එහෙයින් සැමියා මට කිපී අන් සපත්නියක (දෙවන බිරිඳක) ගෙනාවේ ය. ඕ ද දරුගැබක් ලැබුවා. මම ඇයට පාපකර්‍මයක් (කිරීමට) සිතුවමු.
Pali BJT42. සාහං පදුට්ඨමනසා අකරිං ගබ්භපාතනං, තස්සා තෙමාසිකො ගබ්භො පූතිලොහිතකො පති.
Sinhala BJT42. ඒ මම දුෂ්ට සිතින් ඇගේ ගැබ හෙළුමු. ඇගේ තෙමස් වූ ගැබ කුණුලෙයක් ව වැටිණි.
Pali BJT43. තදස්සා මාතා කුපිතා මය්හං ඤාතී සමානයි, සපථඤ්ච මං කාරෙසි පරිභාසාපයී ච මං.
Sinhala BJT43. එකල ඇගේ මව මට කිපියා නෑයන් රැස්කරවූ ය. මා ලවා දිව්රීම ද කරවූ ය. මා බියෙන් තැති ගැන්වූ ය.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(සඟතෙරහු මෙසේ විචාරති:)
Pali BJT44. සාහං ඝොරඤ්ච සපථං මුසාවාදං අභාසිසං, පුත්තමංසානි ඛාදාමි සචෙ තං පකතං මයා.
Sinhala BJT44. ඒ මම “මා එය කළා නම් මම පුත්‍රමාංශ කනු වෙම්වා”යි මෙසේ දරුණු සපථ කොට මුසවා කීමු.
Pali BJT45. තස්ස කම්මස්ස විපාකෙන මුසාවාදස්ස චූභයං, පුත්තමංසානි ඛාදාමි පුබ්බලොහිතමක්ඛිතා’ති.
Sinhala BJT45. ඒ පාපකර්‍මයාගේ ද මුසාවාදයේ ද විපාකයෙන් පූයාවෙන් සහ ලෙයින් තැවරුණු සිරුරු ඇත්තී මෙසේ දරුමස් කමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ප්‍රෙතිය පිළිතුරු දෙයි.)
Pali BJTසත්තපුත්තඛාදකපෙතවත්ථු සත්තමං.
Sinhala BJTසත්තපුත්‍රඛාදක ප්‍රේතවස්තු යි.
Pali BJT1. 8.
Sinhala BJT1. 8.
Pali BJT46. කින්නු උම්මත්තරූපොව ලායිත්වා හරිතං තිණං. ඛාද ඛාදාති ලපසි ගතසත්තං ජරග්ගවං.
Sinhala BJT46. කීම උමතු ගති ඇත්තකු මෙන් නිල් තණ කපා ගෙනවුත් පණ ගිය මහලු ගොනකුට “කව කව”යි කියන්නෙහි ද?
Pali BJT47. න භි අන්නෙන පානෙන මතො ගොණො සමුට්ඨහෙ, ත්වංසි බාලො ච දුම්මෙධො යථා තඤ්ඤො ච දුම්මතී’ති.
Sinhala BJT47. මළ ගොනා ආහාරපානයෙන් නො ම නැගිටිනේ ය. යම්සේ අන් මෝඩයෙක් ප්‍රලාප කියයි ද එසේම තෝ ද නුවණ නැති මෝඩයෙක් වෙහි.
Pali BJT48. ඉමෙ පාදා ඉදං සීසං අයං කායො සවාලධී. නෙත්තා තථෙව තිට්ඨන්ති අයං ගොණො සමුට්ඨහෙ.
Sinhala BJT48. මේ පාදයෝ යැ, මේ හිස යැ, මේ වලග සහිත කය යැ, මේ නේත්‍රයෝ යැ. (මේ සියලු අංගයෝ) පෙර මෙන් එසේ ම පවතිත්. (එහෙයින්) මේ ගොනා නැගිටින්නේ ය.
Pali BJT49. නාය්යකස්ස හත්ථපාදා කායො සීසඤ්ච දිස්සති. රුදං මත්තිකථූපස්මිං න නු ත්වඤ්ඤෙව දුම්මතී’ති.
Sinhala BJT49. මුත්තණුවන්ගේ අත්පා ද කය ද හිස ද නො පෙනේ. (උන්ගේ ඇට බහා) මැටියෙන් කළ සෑයට හඬන තෙපි ම මෝඩ නොවන්නහු ද?
Pali BJT50. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තංව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
Sinhala BJT50. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් සෝගින්නෙන් ඇවිලෙන්නා වූ ම මාගේ සියලු චිත්තදාහය දිය ඉසින්නකු මෙන් නිවන්නේ ය.
Pali BJT51. අබ්බූළ්හං වත මෙ සල්ලං සොකං හදයනිස්සිතං, යො මෙ සොකපරෙතස්ස පිතුසොකං අපානුදි.
Sinhala BJT51. යම් කුමරෙක් සොවින් පෙළුණු මාගේ පිතෘශෝකය පහ කෙළේ ද, ඔහු විසින් මා හද ඇසුරු කළ සෝ හූල ඒකාන්තයෙන් උදුරන ලද.
Pali BJT52. ස්වාහං අබ්බූළ්හසල්ලොස්මි සීතිභූතොස්මි නිබ්බුතො, න සොචාමි න රොදාමි තව සුත්වාන මාණව.
Sinhala BJT52. ඒ මම උදුරා දැමූ සෝක නැමැති හුල් ඇත්තෙම් වෙමි. සිහිල් වූයෙම් වෙමි. නිවුණෙම් වෙමි. තරුණය, තොපගේ වචන අසා මම ශෝක නො කරමි, නො හඬමි.
Pali BJT53. එවං කරොන්ති සප්පඤ්ඤා යෙ හොන්ති අනුකම්මපකා, විනිවත්තයන්ති සොකම්හා සුජාතො පිතරං යථා’ති.
Sinhala BJT53. යම්සේ සුජාතකුමරා පියා සොවින් මුදාලූයේ ද එසේ ම නැණවත් අනුකම්පාකාරී යම් කෙනෙක් වෙත් නම් ඔවුහු ද මෙසේ කරත්, සොවින් මුදත්.
Pali BJTගොණපෙතවත්ථු අට්ඨමං.
Sinhala BJTගෝණ ප්‍රේතවස්තු යි.
Pali BJT1. 9.
Sinhala BJT1. 9.
Pali BJT54. ගූථඤ්ච මුත්තං රුහිරඤ්ච පුබ්බං පරිභුඤ්ජති කිස්ස අයං විපාකො, අයන්නු කිං කම්මමකාසි නාරී යා සබ්බදා ලොහිතපුබ්බභක්ඛා.
Sinhala BJT54 මේ ස්ත්‍රිය අශූචි සහ මූත්‍ර ද ලේ සහ සැරව ද අනුභව කරයි. මේ කිනම් කර්‍මයක විපාකයක් ද යම් ප්‍රෙතියක් හැම කල්හි ලේ හා සැරව අනුභව කරන්නී ද මේ ස්ත්‍රිය පෙර කිනම් කර්‍මයක් කළා ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මළ ගොනා වෙනුවෙන් හඬන පුතුට පියා මෙසේ කියයි.)
Pali BJT55. නවානි වත්ථානි සුභානි චෙව මුදූනි සුද්ධානි ච ලොමසානි. දින්නානි මිස්සා කිතකා භවන්ති අයන්නු කිං කම්මමකාසි නාරී’ති.
Sinhala BJT55. මැයට දුන් යහපත් වූ ද මොළොක් වූ ද පිරිසිදු වූ ද සුවපහස් ඇත්තා වූ ද අභිනව වස්ත්‍ර ලෝහවස්ත්‍ර සමාන ය, මේ ස්ත්‍රිය පෙර කවර කර්‍මයක් කළා ද?
Pali BJT56. භරියා මමෙසා අහූ භදන්තෙ අදායිකා මච්ඡරිණී කදරියා, සා මං දදන්තං සමණබ්රාහ්මණානං අක්කොසතී පරිභාසතී ච.
Sinhala BJT56. වහන්ස, මෝ මාගේ බිරිඳ වූ ය, ඕ නො දෙනසුලු ය, මසුරු ය. තද මසුරු වූ ය. මහණ බමුණනට දන්දෙන මට ඕ මෙසේ අක්‍රොශ කළා ය, පරිභව ද කළා ය.
Pali BJT57. ගූථඤ්ච මුත්තං රුහිරඤ්ච පුබ්බං පරිභුඤ්ජ ත්වං අසුචිං සබ්බකාලං, එතඤ්ච තෙ පරලොකස්මිං හොතු වත්ථා ච තෙ කිතකසමා භවන්තු, එතාදිසං දුච්චරිතං චරිත්වා ඉධාගතා චිරරත්තාය ඛාදති’ති.
Sinhala BJT57. මේ දානය තොපට පරලොව දී අශූචි ද, මුත්‍ර ද, රුධිර ද, පූයා ද වේවා, මේ වස්ත්‍ර තොපට ලෝහවස්ත්‍ර වේවා, තෙපි සැමදා ම අශූචි අනුභව කරව, මෙබඳු වූ වාග්දුශ්චරිත කොට මේ ප්‍රේතලෝකයට පැමිණ අශූචි ආදිය කයි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(පුතා මෙසේ කියයි:)
Pali BJTමහාපෙසකාරපෙතවත්ථු නවමං.
Sinhala BJTමහාපෙසකාර ප්‍රේතවස්තු යි.
Pali BJT1. 10.
Sinhala BJT1. 10.
Pali BJT58. කා නු අන්තොවිමානස්මිං තිට්ඨන්ති නූපනික්ඛමි, උපනික්ඛමස්සු භද්දෙ ත්වං පස්සාම තං මහිද්ධික’න්ති.
Sinhala BJT58. විමන තුළ සිටින්නී කවර ස්ත්‍රියක් ද, කවර ස්ත්‍රියක් විමනින් නො නික්මෙයි ද, සොඳුර තෝ එලියට එව, මහත් ඍද්ධි ඇති තී දැකියැටියම්හ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(එවිට පියා මෙසේ කියයි)
Pali BJT59. අට්ටියාමි හරායාමි නග්ගා නික්ඛමිතුං බහි, කෙසෙහම්හි පටිච්ඡන්නා පුඤ්ඤං මෙ අප්පකං කත’න්ති.
Sinhala BJT59. නග්න ව පිටතට එන්ට දුක් වෙමි. ලජ්ජිත වෙමි. හිසකෙස් වලින් වැසුණු සිරුරු ඇති වෙමි. මා විසින් සුළු පිනක් කරන ලද.
Pali BJT60. හන්දුත්තරීයං දදාමි තෙ ඉමං දුස්සං නිවාසය ඉමං දුස්සං නිවාසෙත්වා බහි නික්ඛම සොභනෙ: උපනික්ඛමස්සු භද්දෙ ත්වං පස්සාම තං බහිට්ඨිත’න්ති.
Sinhala BJT60. මනා යැ, එසේ නම් තිට මගේ උතුරු සළුව දෙමි. මේ සළුව හැඳ ගනුව, සොඳුර මේ සළුව හැඳගෙන පිටතට එව, සොඳුර, පිටත සිටි තී දකිනු කැමැති වෙමි. එහෙයින් තෝ පිටතට නික්මෙව.
Pali BJT61. හත්ථෙන හත්ථෙ තෙ දින්නං න මය්හං උපකප්පති, එසෙත්ථුපාසකො සද්ධො සම්මා සම්බුද්ධසාවකො.
Sinhala BJT61. (ඔබ) අතින් (මා) අතට දුන් දෙය මට පරිභෝගයට නුසුදුසු ය. සම්මා සම්බුද්ධශ්‍රාවක වූ මේ සැදැහැවත් උපාසක තෙමේ මෙහි ඇත.
Pali BJT62. එතං අච්ඡාදයිත්වාන මම දක්ඛිණමාදිස, අථාහං සුඛිතා හෙස්සං සබ්බකාමසමිද්ධිනී’ති.
Sinhala BJT62. (මට දෙන වස්ත්‍රයෙන්) මේ උපාසකයා හඳවා (එයින් ලද) පින මට දෙව. එකල මම හැම සැපතින් සමෘද්ධ ව සුවපත් වෙමි.
Pali BJT63. තං ච තෙ නහාපයිත්වාන විලිම්පිත්වාන{1} වාණිජා, වත්ථෙභච්ඡාදයිත්වාන තස්සා දක්ඛිණමාදිසුං.
Sinhala BJT63. ඒ වෙළෙඳෝ ඒ උවසුවා නහවා සුවඳ ගල්වා වස්ත්‍ර යුගළයෙකින් හඳවා ඒ ප්‍රේතියට එහි පින් (දක්‍ෂිණාව) දුන්හ.
Pali BJT64. සමන්තරා නුද්දිට්ඨෙ විපාකො උදපජ්ජථ, භොජනච්ඡාදනපානීයං දක්ඛිණාය ඉදං ඵලං.
Sinhala BJT64. ඇයට පින් දෙනු අනතුරු ව ම එහි විපාකය උපන. දිව්‍යමය ආහාරපාන වස්ත්‍ර ද උපන. මේ දානඵල වෙයි.