Petavatthu

Stories of Departed Spirits

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-25 · 948 segments

පෙන්වන කොටස් 1-100 න් 948

සුත්තන්තපිටකෙ
පෙතවත්ථුපාළි
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
1. උරගවග්ගො
1. ඛෙත්තූපමා අරහන්තො දායකා කස්සකූපමා, බීජූපමං දෙය්යධම්මං එත්තො නිබ්බත්තතෙ ඵලං
2. එතං බීජං කසී ඛෙත්තං පෙතානං දායකස්ස ච, තං පෙතා පරිභුඤ්ජන්ති දාතා පුඤ්ඤෙන වඩ්ඪති.
3. ඉධෙව කුසලං කත්වා පෙතෙ ච පටිපූජිය සග්ගඤ්ච කමතිට්ඨානං කම්මං කත්වාන භද්දක’න්ති.
ඛෙත්තූපමපෙතවත්ථු පඨමං.
4. කායො තෙ සබ්බසොවණ්ණො සබ්බා ඔභාසතෙ දිසා, මුඛං තෙ සූකරස්සෙව කිං කම්මමකරි පූරෙති.
5. කායෙන සඤ්ඤතො ආසිං වාචායාසිමසඤ්ඤතො,{1} තෙන මෙ තාදිසො වණ්ණො යථා පස්සසි නාරද.
6. තං ත්යාහං{2} නාරද බ්රූමි සාමං දිට්ඨමිදං තයා, මාකාසි මුඛසා පාපං මා ඛො සූකරමුඛො අහූ’ති.
සූකරමුඛපෙතවත්ථු දුතියං.
7. දිබ්බං සුභං ධාරෙසි වණ්ණධාතුං වෙහාසයං තිට්ඨසි අන්තලික්ඛෙ, මුඛඤ්ච තෙ කිමයො පූතිගන්ධං ඛාදන්ති කිං කම්මමකාසි පුබ්බෙති?.
8. සමණො අහං පාපො{1} දුට්ඨවාචො තපස්සිරූපො මුඛසා අසඤ්ඤතො, ලද්ධා ච මෙ තපසා වණ්ණධාතු මුඛඤ්ච මෙ පෙසුනියෙන පූති.
9. තයිදං තයා නාරද සාමං දිට්ඨං අනුකම්පකා යෙ කුසලා වදෙය්යුං, මා පෙසුනං මා ච මුසා අභාණී යක්ඛො තුවං හොහිසි කාමකාමී’ති.
පූතිමුඛපෙතවත්ථු තතියං.
10. යං කිඤ්චාරම්මණං කත්වා දජ්ජා දානං අමච්ඡරී, පුබ්බපෙතෙ ච ආරබ්භ අථවා වත්ථු දෙවතා.
11. චත්තාරො ච මහාරාජෙ ලොකපාලෙ යසස්සිනො, කුවෙරං ධතරට්ඨං ච විරූපක්ඛං විරූළ්හකං, තෙ චෙව පූජිතා හොන්ති දායකා ච අනිප්ඵලා.
12. න හි රුණ්ණං ච සොකො වා යා චඤ්ඤා පරිදෙවනා, න තං පෙතස්ස අත්ථාය එවං තිට්ඨන්ති ඤාතයො.
13. අයඤ්ච ඛො දක්ඛිණා දින්නා සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා, දීඝරත්තං හිතායස්ස ඨානසො උපකප්පතී’ති.
පිට්ඨධීතලිකපෙතවත්ථු චතුත්ථං.
14. තිරොකුඩ්ඪෙසු තිට්ඨන්ති සන්ධිසිඞ්ඝාටකෙසු ච, ද්වාරබාහාසු තිට්ඨන්ති ආගන්ත්වාන සකං ඝරං.
15. පහූතෙ අන්නපානම්හි ඛජ්ජභොජ්ජෙ උපට්ඨිතෙ, න තෙසං කොචි සරති සන්තානං කම්මපච්චයා.
16. එවං දදන්ති ඤාතීනං යෙ හොන්ති අනුකම්පකා, සුචිං පණීතං කාලෙන කප්පියං පානභොජනං. ඉදං වො ඤාතීනං හොතු සුඛිතා හොන්තු ඤාතයො,
17. තෙ ච තත්ථ සමාගන්ත්වා ඤාතිපෙතා සමාගතා. පහූතෙ අන්නපානම්හි සක්කච්චං අනුමොදරෙ,
18. චීරං ජීවන්තු නො ඤාති යෙසං හෙතු ලභාමසෙ. අම්හාකඤ්ච කතා පූජා දායකා ච අනිප්ඵලා,
19. න හි තත්ථ කසී අත්ථි ගොරක්ඛෙත්ථ න විජ්ජති. වණිජ්ජා තාදිසී නත්ථි හිරඤ්ඤෙන කයාක්කයං, ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කාලකතා තහිං.
20. උන්නමෙ උදකං වට්ඨං{1} යථා නින්නං පවත්තති, එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති.
21. යථා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං, එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති.
22. අදාසි මෙ අකාසි මෙ ඤාතිමිත්තා සඛා ච මෙ, පෙතානං දක්ඛිණං දජ්ජා පුබ්බෙ කතමනුස්සරං.
23. න හි රුණ්ණං ව සොකො වා යා චඤ්ඤා පරිදෙවනා, න තං පෙතානමත්ථාය එවං තිට්ඨන්ති ඤාතයො.
24. අයඤ්ච ඛො දක්ඛිණා දින්නා සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා, දීඝරත්තං හිතායස්ස ඨානසො උපකප්පති.
25. සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො පෙතාන පූජා ච කතා උළාරා, බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පක’න්ති.
තිරොකුඩ්ඩපෙතවත්ථු පඤ්චමං.
26. නග්ගා දුබ්බණ්ණරූපාසි දුග්ගන්ධා පූති වායසි, මක්ඛිකා පරිකිණ්ණාව කා නු ත්වං ඉධ තිට්ඨසි’?ති.
27. අහං භදන්තෙ පෙතීම්හි දුග්ගතා යමලොකිකා, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතා.
28. කාලෙන පඤ්ච පුත්තානි සායං පඤ්ච පුනාපරෙ, විජායිත්වාන ඛාදාමි තෙපි නා හොන්ති මෙ අලං.
29. පරිඩය්හති ධූමායති ඛුදාය{1} හදයං මම, පානීයං න ලභෙ පාතුං පස්ස මං බ්යසනං ගත’න්ති.
30. කින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන පුත්තමංසානි ඛාදසී’ති.
31. සපත්ති මෙ ගම්භිනී ආසි තස්සා පාපං අචෙතයිං, සාහං පදුට්ඨමනසා අකරිං ගබ්භපාතනං.
32. තස්සා ද්වෙමාසිකො ගබ්භො ලොහිතඤ්ඤෙව පග්ඝරි, තදස්සා මාතා කුපිතා මය්හං ඤාතී සමානයි.
33. සපථඤ්ච මං කාරෙසි පරිභාසාපයී ච මං, සාහං ඝොරඤ්ච සපථං මුසාවාදං අභාසිසං: පුත්තමංසානි ඛාදාමි සචෙ තං පකතං මයා.
34. තස්ස කම්මස්ස විපාකෙන මුසාවාදස්ස චූභයං, පුත්තමංසානි ඛාදාමි පුබ්බලොහිතමක්ඛිතා’ති.
පඤ්චපුත්තඛාදකපෙතවත්ථු ඡට්ඨමං.
35. නග්ගා දුබ්බණ්ණරූපාසි දුග්ගන්ධා පූති වායසි, මක්ඛිකාපරිකිණ්ණාව කා නු ත්වං ඉධ තිට්ඨසී?’ති.
36. අහං භදන්තෙ පෙතීම්හි දුග්ගතා යමලොකිකා, පාපකම්මං කරිත්වාන පෙතලොකමිතො ගතා.
37. කාලෙන සත්ත පුත්තානි සායං සත්ත පුනාපරෙ, විජායිත්වාන ඛාදාමි තෙපි නා හොන්ති මෙ අලං.
38. පරිඩය්හති ධුමායති ඛුදාය හදයං මම, නිබ්බුතිං නාධිගච්ඡාමි අග්ගිදඩ්ඪෙව ආතපෙ’ති.
39. නින්නු කායෙන වාචාය මනසා දුක්කටං කතං, කිස්ස කම්මවිපාකෙන පුත්තමංසානි ඛාදසී?ති.
40. අහූ මය්හං දුවෙ පුත්තා උභො සම්පන්නයොබ්බනා, සාහං පුත්තබලුපෙතා සාමිකං අතිමඤ්ඤිසං.
41. තතො මෙ සාමිකො කුද්ධො සපත්තිං අඤ්ඤමානයී, සා ච ගබ්භං අලභිත්ථ තස්සා පාපං අචෙතයිං.
42. සාහං පදුට්ඨමනසා අකරිං ගබ්භපාතනං, තස්සා තෙමාසිකො ගබ්භො පූතිලොහිතකො පති.
43. තදස්සා මාතා කුපිතා මය්හං ඤාතී සමානයි, සපථඤ්ච මං කාරෙසි පරිභාසාපයී ච මං.
44. සාහං ඝොරඤ්ච සපථං මුසාවාදං අභාසිසං, පුත්තමංසානි ඛාදාමි සචෙ තං පකතං මයා.
45. තස්ස කම්මස්ස විපාකෙන මුසාවාදස්ස චූභයං, පුත්තමංසානි ඛාදාමි පුබ්බලොහිතමක්ඛිතා’ති.
සත්තපුත්තඛාදකපෙතවත්ථු සත්තමං.
46. කින්නු උම්මත්තරූපොව ලායිත්වා හරිතං තිණං. ඛාද ඛාදාති ලපසි ගතසත්තං ජරග්ගවං.
47. න භි අන්නෙන පානෙන මතො ගොණො සමුට්ඨහෙ, ත්වංසි බාලො ච දුම්මෙධො යථා තඤ්ඤො ච දුම්මතී’ති.
48. ඉමෙ පාදා ඉදං සීසං අයං කායො සවාලධී. නෙත්තා තථෙව තිට්ඨන්ති අයං ගොණො සමුට්ඨහෙ.
49. නාය්යකස්ස හත්ථපාදා කායො සීසඤ්ච දිස්සති. රුදං මත්තිකථූපස්මිං න නු ත්වඤ්ඤෙව දුම්මතී’ති.
50. ආදිත්තං වත මං සන්තං ඝතසිත්තංව පාවකං, වාරිනා විය ඔසිඤ්චං සබ්බං නිබ්බාපයෙ දරං.
51. අබ්බූළ්හං වත මෙ සල්ලං සොකං හදයනිස්සිතං, යො මෙ සොකපරෙතස්ස පිතුසොකං අපානුදි.
52. ස්වාහං අබ්බූළ්හසල්ලොස්මි සීතිභූතොස්මි නිබ්බුතො, න සොචාමි න රොදාමි තව සුත්වාන මාණව.
53. එවං කරොන්ති සප්පඤ්ඤා යෙ හොන්ති අනුකම්මපකා, විනිවත්තයන්ති සොකම්හා සුජාතො පිතරං යථා’ති.
ගොණපෙතවත්ථු අට්ඨමං.
54. ගූථඤ්ච මුත්තං රුහිරඤ්ච පුබ්බං පරිභුඤ්ජති කිස්ස අයං විපාකො, අයන්නු කිං කම්මමකාසි නාරී යා සබ්බදා ලොහිතපුබ්බභක්ඛා.
55. නවානි වත්ථානි සුභානි චෙව මුදූනි සුද්ධානි ච ලොමසානි. දින්නානි මිස්සා කිතකා භවන්ති අයන්නු කිං කම්මමකාසි නාරී’ති.
56. භරියා මමෙසා අහූ භදන්තෙ අදායිකා මච්ඡරිණී කදරියා, සා මං දදන්තං සමණබ්රාහ්මණානං අක්කොසතී පරිභාසතී ච.
57. ගූථඤ්ච මුත්තං රුහිරඤ්ච පුබ්බං පරිභුඤ්ජ ත්වං අසුචිං සබ්බකාලං, එතඤ්ච තෙ පරලොකස්මිං හොතු වත්ථා ච තෙ කිතකසමා භවන්තු, එතාදිසං දුච්චරිතං චරිත්වා ඉධාගතා චිරරත්තාය ඛාදති’ති.
මහාපෙසකාරපෙතවත්ථු නවමං.
58. කා නු අන්තොවිමානස්මිං තිට්ඨන්ති නූපනික්ඛමි, උපනික්ඛමස්සු භද්දෙ ත්වං පස්සාම තං මහිද්ධික’න්ති.
59. අට්ටියාමි හරායාමි නග්ගා නික්ඛමිතුං බහි, කෙසෙහම්හි පටිච්ඡන්නා පුඤ්ඤං මෙ අප්පකං කත’න්ති.
60. හන්දුත්තරීයං දදාමි තෙ ඉමං දුස්සං නිවාසය ඉමං දුස්සං නිවාසෙත්වා බහි නික්ඛම සොභනෙ: උපනික්ඛමස්සු භද්දෙ ත්වං පස්සාම තං බහිට්ඨිත’න්ති.
61. හත්ථෙන හත්ථෙ තෙ දින්නං න මය්හං උපකප්පති, එසෙත්ථුපාසකො සද්ධො සම්මා සම්බුද්ධසාවකො.
62. එතං අච්ඡාදයිත්වාන මම දක්ඛිණමාදිස, අථාහං සුඛිතා හෙස්සං සබ්බකාමසමිද්ධිනී’ති.
63. තං ච තෙ නහාපයිත්වාන විලිම්පිත්වාන{1} වාණිජා, වත්ථෙභච්ඡාදයිත්වාන තස්සා දක්ඛිණමාදිසුං.
64. සමන්තරා නුද්දිට්ඨෙ විපාකො උදපජ්ජථ, භොජනච්ඡාදනපානීයං දක්ඛිණාය ඉදං ඵලං.
65. තතො සුද්ධා සුචිවසනා කාසිකුත්තමධාරිණී, හසන්තී විමානා නික්ඛමි දක්ඛිණාය ඉදං ඵලන්ති’.
66. සුචිත්තරූපං රුචිරං විමානං තෙ පභාසති, දෙවතෙ පුච්ඡිතාචික්ඛ කිස්ස කම්මස්සිදං ඵල’න්ති.
67. භික්ඛුනො චරමානස්ස දොණිනිම්මජ්ජනං අහං, අදාසිං උජුභූතස්ස විප්පසන්නෙන චෙතසා
68. තස්ස කම්මස්ස කුසලස්ස විපාකං දීඝමන්තරං, අනුභොමි විමානස්මිං තඤ්චෙදානි පරිත්තකං.
69. උද්ධං චතූහි මාසෙහි කාලකිරියා භවිස්සති, එකන්තං කටුකං ඝොරං නිරයං පපතිස්සහං.
70. චතුක්කණ්ණං චතුද්වාරං විභත්තං භාගසො මිතං, අයොපාකාරපරියන්තං අයසා පටිකුජ්ජිතං.
71. තස්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා.
72. තත්ථාහං දීඝමද්ධානං දුක්ඛං වෙදිස්සං වෙදනං, ඵලඤ්ච පාපකම්මස්ස තස්මා සොචාමහං භුස’න්ති.
ඛල්ලාටියපෙතවත්ථු දසමං.
73. පුරතොව සෙතෙන පලෙති හත්ථිනා මජ්ඣෙ පන අස්සතරීරථෙන, පච්ඡා ච කඤ්ඤා සිවිකාය නිය්යති ඔභාසයන්ති දස සබ්බසො{1} දිසා.
74. තුම්හෙ පන මුග්ගරහත්ථපාණිනො රුදම්මුඛා භින්නපභින්නගත්තා, මනුස්සභූතා කිමකත්ථ පාපං යෙනඤ්ඤ මඤ්ඤස්ස පිවාථ ලොහිත’න්ති.
75. පුරතොව යො ගච්ඡති කුඤ්ජරෙන සෙතෙන නාගෙන චතුක්කමෙන, අම්හාක පුත්තො අහු ජෙට්ඨකො සො{2} දානානි දත්වාන සුඛී පමොදති.