මේ විතර්‍ක විචාරයන්හි සිටියහුට කායික වූ ද චෛතසික වූ ද දෙවැදෑරුම් දුක නූපදී, කායික වූ ද චෛතසික වූ ද දෙවැදෑරුම් සුවය උපදී, මෙසේ විතර්‍කයෙන් උපන් චෛතසික සුඛය ප්‍රීතිය යි, කායික සුඛය කායික වු මැ සුඛය යි. එහි චිත්තයාගේ යම් ඒකාග්‍රතායෙක් වේ ද මේ සමාධි යි. මෙසේ ප්‍රථමධ්‍යානය පඤ්චාඞ්ගයෙකින් ප්‍රහීණ වූයේ පඤ්චාඞ්ගයෙකින් සමන්‍විත වූයේ වේ.
ඒ විතර්‍කවිචාරයන් ම නිරතුරු ආසේවනය හේතුකොටගෙන ඔහුගේ තත්ප්‍රවණ වූ මනස වෙයි. ඔහුට විතර්‍කවිචාරයෝ ඖදාරික ව වැටැහෙත්, යම් ප්‍රීතිය හා සුඛයකුත් නෛෂක්‍රම්‍යයකුත් ඖදාරික වේ ද, එතෙකුදුවත් ඔහුට විචාරය අරමුණුකොට සමාධියෙන් උපන් ප්‍රීතියත් රතියත් උපදී. ඒ ප්‍රීතිරති යන මොවුන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සිත පහදී විතක්ක විචාර යන යම් ධර්‍මයෝ දෙදෙනෙක් සිහිකළ යුත්තාහු ද, (පච්චුප්පන්නදරණිතබ්බං?) ඔවුන්ගේ සන්හිඳීමෙන් ඒකෝදිභාවයෙන් වූ සිතෙහි එකඟබව වෙයි. ඔහුට ඒකෝදිභාවය, හේතුකොට ප්‍රීතිය පිරීමට යෙයි. යම් ප්‍රීතියක් වේ ද එය සෝමනස්සින්‍ද්‍රිය යැ, යම් සුඛයෙක් වේ ද එය සුඛින්‍ද්‍රිය යැ, යම් සිතෙහි එකඟබවක් ඇද්ද මේ සමාධිය යි. ඒ දෙවැනි දැහැන සිව් අඟෙකින් සමන්‍වාගත වේ. හේ ප්‍රීතියගේ විරාගයෙන් (යාති ඕජහි ජල්ලසංගතං?)
ඒ දෙවැනි දැහැනෙහි සොම්නස් සහගත සිත උපාදානයෙකැයි ද හේ එය විමසනුයේ උපේක්‍ෂාව මැ මෙනෙහි කෙරෙයි. හේ ප්‍රීතියගේ විරාගයෙන් උපේක්‍ෂා ඇති වැ වාස කෙරෙයි, යම් පරිදි ප්‍රීතිය හේතුකොටගෙන සුවය එළවනලද ද ඒ සුවය කයින් විඳි සම්‍යක් ඥාන ඇති වැ වාස කෙරෙයි. යම් සතිසම්පජඤ්ඤයෙකින් උපේක්‍ෂාව පිරීමට යේ ද එයයි. මේ තුන්වැනි දැහැන සතර අඟෙකින් සමන්‍වාගත වේ.
එසේමැ කායික සුඛයාගේ ප්‍රහාණය පිණිස ප්‍රථමධ්‍යානයෙහි සෝමනස්සින්‍ද්‍රිය නිරුද්ධ වෙයි. ද්විතීයධ්‍යානයෙහි දුක්ඛින්‍ද්‍රිය නිරුද්ධ වෙයි. හේ සුඛයාගේ ද ප්‍රහාණයෙන්, දුක්ඛයාගේ ද ප්‍රහාණයෙන් පූර්‍වයෙහි තුන්වැනි දැහැනෙහි මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් නොසුව වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති සිව්වැනි දැහැන උපයා වාස කෙරෙයි.
එහි දුක්ඛින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය සුඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය ද යන සතර ඉන්‍ද්‍රියයන්ගෙන් උපේක්‍ෂාප්‍රසාදය වෙයි. ඔවුන්ගේ නිරෝධයෙන් උපේක්‍ෂා සම්ප්‍රජන්‍යය වෙයි. එහි සුඛින්‍ද්‍රියයෙන් ද සෝමනස්සින්‍ද්‍රියයෙන් ද අසතිය වෙයි. ඔවුන්ගේ නිරෝධයෙන් ස්මෘතිමත් වේ. දුක්ඛින්‍ද්‍රියයෙන් ද දෝමනස්සින්‍ද්‍රියයෙන් අසම්පජඤ්ඤ වෙයි. ඔවුන්ගේ නිරෝධයෙන් සම්‍යග්ඥානය වේ. මෙසේ (උපෙක්ඛාය ච සඤ්ඤා?) සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ චිත්තයාගේ ඒකාග්‍රතාව ද වේ. මේ සතරවැනි දැහැන යයි කියනු ලැබේ.
එහි යම් රාගචරිත ඇති පුද්ගලයෙක් වේ ද ඔහුට සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද වෙයි, යම් දෝසචරිත පුද්ගලයෙක් වේ ද ඔහුට දුක්ඛින්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. යම් මෝහචරිත පුද්ගලයෙක් වේ ද ඔහුට අසතිය ද අසම්පජඤ්ඤය ද වේ.
එහි රාගචරිත පුද්ගලයාට තෙවැනි දැහැනෙහි ද සිව්වැනි දැහැනෙහි ද අනුනය නිරුද්ධ වෙයි. දෝසචරිතයාට පළමුවැනි දැහැනෙහි ද දෙවැනි දැහැනෙහි ද ප්‍රතිඝය නිරුද්ධ වෙයි. මෝහචරිත පුද්ගලයාට පළමුවන දැහැනෙහි ද දෙවැනි දැහැනෙහි ද අසම්පජඤ්ඤය නිරුද්ධවෙයි. තෙවැනි දැහැනෙහි ද සිව්වැනි දැහැනෙහි ද අසතිය නිරුද්ධ වේ. මෙසෙයින් ඒ තුන් පුද්ගලයන්ට සතර ධ්‍යානයෝ ව්‍යවදානයට යන්නාහුය.
එහි රාගදෝසචරිත ඇති පුද්ගලයාට අසම්පජඤ්ඤය ද අනුනය ද පටිඝය ද වෙයි. එහෙයින් හානභාගිය ධ්‍යානය වේ. එහි රාග මෝහචරිත පුද්ගලයාට අනුනය බව ද ආදීනව කොට දක්වන ලද, එය ඔහුට හානභාගිය ධ්‍යාන වෙයි. එහි දෝසමෝහචරිත පුඟුල්හට ප්‍රතිඝය ද අසතිය ද අසම්පජඤ්ඤය ද ආදීනව කොට දක්වන ලදහ. එයින් ඔහුව හානභාගිය ධ්‍යානය වෙයි. එහි රාගදෝසමෝහ සමභාග චරිත ඇති පුඟුල්හට විශේෂභාගිය ධ්‍යානය වේ.
මේ සතර ධ්‍යානයෝ පුඟුලන් සත්දෙනකුන් කෙරෙහි ලා සතර සමාධීන්හි ද දැක්විය යුත්තාහ: ඡන්‍දසමාධියෙන් ප්‍රථමධ්‍යානය ද විරියසමාධියෙන් ද්විතීයධ්‍යානය ද චිත්තසමාධියෙන් තෘතීයධ්‍යානය ද විමංසා සමාධියෙන් චතුර්‍ත්‍ථධ්‍යානය ද, යලි අප්පණිහිත සමාධියෙන් ප්‍රථම ධ්‍යානය ද ශුන්‍යතායෙන් ද්විතීය ධ්‍යානය ද අනිමිත්ත සමාධියෙන් තෘතීයධ්‍යානය ද ආනාපාන සතියෙන් චතුර්‍ත්‍ථධ්‍යානය ද වෙයි. කාමවිතර්‍ක ව්‍යාපාදයන්ගේ ද සන්හිඳීමෙන් ප්‍රථමධ්‍යානය වෙයි, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ද්විතීයධ්‍යානය ද සුඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රියයන්ගේ සන්හිඳීමෙන් තෘතීයධ්‍යානය ද කායසංකාරයන්ගේ සන්හිඳීමෙන් චතුර්‍ත්‍ථ ධ්‍යානය ද වෙයි. යළි ත්‍යාගාධිෂ්ඨානයෙන් ප්‍රථමධ්‍යානය ද සත්‍යාධිෂ්ඨානයෙන් ද්විතීය ධ්‍යානය ද ප්‍රඥාධිෂ්ඨානයෙන් තෘතීය ධ්‍යානය ද උපේක්‍ෂාධිෂ්ඨානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානය ද වේ. මේ සතර ධ්‍යානයෝ සංකේෂපනිර්දේශයෙන් නිර්දේශ කරන ලද්දාහු යි.
ඒ ධ්‍යානයෙහි සමාධීන්‍ද්‍රිය පිරීමට යෙයි, සතරධ්‍යානයෝ අනුවර්‍තකයෝ යි. එහි යමෙක් ප්‍රථම ධ්‍යානය නිසා ආස්‍රවක්‍ෂයට පැමිණේ ද හේ සුඛපටිදායෙන් දන්‍ධාභිඥායෙන් දෝමනස්සින්‍ද්‍රියට ප්‍රතිපක්‍ෂභාවයෙන් ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. යමෙක් ද්විතීයධ්‍යානය නිසා ආස්‍රවක්‍ෂයට පැමිණේ ද හේ සුඛපටිපදායෙන් ක්‍ෂිප්‍රාභිඥායෙන් දුක්ඛින්‍ද්‍රියට ප්‍රතිපක්‍ෂ භාවයෙන් ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. යමෙක් තෘතීයධ්‍යානය නිසා ආස්‍රවක්‍ෂයට පැමිණේ ද හෙතෙම සුඛපටිපදායෙන් දන්‍ධාභිඥායෙන් සෝමනස්සින්‍ද්‍රියට ප්‍රතිපක්‍ෂ භාවයෙන් ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. යමෙක් චතුර්‍ත්‍ථ ධ්‍යානය නිසා ආස්‍රවක්‍ෂයට පැමිණේ ද හේ සුඛපටිපදායෙන් ක්‍ෂිප්‍රාභිඥායෙන් සුඛින්‍ද්‍රියට ප්‍රතිපක්‍ෂභාවයෙන් ආස්‍රවක්‍ෂයට ගියේ වේ.
ප්‍රකීර්‍ණක නිර්දේශ යි.
7. 2.
හාරසම්පාතභූමි
යම් සතර ධ්‍යාන කෙනෙක් වෙත් ද ඒ ධ්‍යානයන්ගේ මේ අංගයෝ වෙති, ඒ අංගයන්ගේ සමූහය ධ්‍යානභූමි යැ, ඒ ධ්‍යානයාගේ විශේෂය කවරෙ යත්: මේ ධ්‍යානසම්භාරයෝ යැ, ඒ සම්භාරයන්ගෙන් ධ්‍යානයාගේ ඉපදීම වෙයි, ධ්‍යානයාගේ ඉපදීමට මේ කාරණයැ, එකරුණෙන් ධ්‍යානයාගේ වැඩීම වෙයි. වැඩීමෙන් මේ ආදීනව යැ එයින් මේ පරිහානිය වෙයි. කවරක්හුගේ පරිහානිය ද යත්: ඊට පැමිණි ධ්‍යායීහුගේ යැ, එය යථෝක්ත පරිදි ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මේ විශේෂය වෙයි, ඒ විශේෂයෙන් මේ ආස්වාදය වෙයි. ඒ කවරක්හුගේ අස්වාදය ද යත්: ආජානීය ධ්‍යායී (රහත්) හුගේ යැ, ඒ රහත්හුගේ හෝ ආර්‍ය්‍යධ්‍යායීහුගේ මේ සමර්‍ත්‍ථභාව කෞශල්‍යයෙහි සිටි ධ්‍යානය නො මැඩිය හැකි බවට යෙයි. මේ ධ්‍යානබලය යි. ධ්‍යානබලයෙහි සිටියහුගේ මේ ධ්‍යානාඞ්ගයෝ (කාම සංකල්පාදීන්) නොකැලඹුණු සංකල්ප ඇතියේ (පඨමෙඣානෙ … තදභියන්නීතාය ච?)
ප්‍රීතිය ද්විතීය ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග ධර්‍මතා වෙයි. එසේ පැවැතියහුට ප්‍රීති සහගත ධ්‍යානාඞ්ග ධර්‍මතා සුඛ සහිත බැවින් සිත පහදවන බැවින් ද ඒ ප්‍රසාදයෙන් පැතිරුණු බැවින් ද අධ්‍යාත්මයෙහි පැහැදීම ද්විතීය ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වෙයි, අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදනය ඇති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ද්විතීය ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වෙයි. චිත්තයාගේ එකඟබව තෘතීයධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වෙයි. උපේක්‍ෂායෙන් පහස්නාබව තෘතීයධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වෙයි. සුඛය ඒ තෘතියධ්‍යානයාගේ අංග වෙයි. චිත්තයාගේ ඒකෝදිභාවය සතරවැනි ධ්‍යානයෙහි ධ්‍යානාංග වෙයි. නොදුක් නොසුව වූ උපේක්‍ෂාව චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ධ්‍යානාංග වෙයි. (අභිනිසා භූමි) උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග යැ, ස්මෘතිපාරිශුද්ධිය ද නොයෙක් ධ්‍යානභූමීන්හි ධ්‍යානාඞ්ගයන් හා යෙදුණු ප්‍රීතිය ද චිත්තයාගේ ඒකෝදිභාවය දි චතුර්‍ත්‍ථ ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වේ.
එහි ධ්‍යානභූමි කවර යත්: සවිතර්‍ක වු සවිචාර වූ ප්‍රථමධ්‍යානයෙහි නීවරණ විවේකය අනුව ගිය ධ්‍යානභූමි වෙයි. අවිතර්‍ක අවිචාර වූ ද්විතීය ධ්‍යානයෙහි අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති ප්‍රීතිය අනුව ගිය ධ්‍යාන භූමි වෙයි. තෘතීය ධ්‍යානයෙහි සුඛසහගත වූ සප්‍රීතික වූ ධ්‍යාන භූමි වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි (සුඛදුක්ඛසහගතා?) අභිනීහාර සහගත වූ ධ්‍යාන භූමි වෙයි. (යළි) ප්‍රථම ධ්‍යානයෙහි අප්‍රමාණ සහගත සත්‍වයන් අරමුණු කොට ඇති ධ්‍යාන භූමි වෙයි. ද්විතීය ධ්‍යානයෙහි රූප සංඥීන් කෙරෙහි අභිභුමි ආයතන සහගත වූ ධ්‍යාන භූමි වෙයි. තෘතීය ධ්‍යානයෙහි විමෝක්‍ෂයන්හි විමෝක්‍ෂ සහගත වූ ධ්‍යාන භූමි වෙයි. අනුපස්සනා සහගත වූ කායසංඛාර ධර්‍මයෝ චතුර්‍ත්‍ථධ්‍යානයාගේ භූමි වේ.
එහි ධ්‍යාන විශේෂයෝ කවරහ: කාමච්ඡන්‍දනීවරණයෙන් වෙන්ව (පාපකෙහි?) ශේෂ නීවරණ සංඛ්‍යාත අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව චිත්ත චෛතසික සහගත බව ද කාම ධාතුව ඉක්මවන බව ද මේ ධ්‍යාන විශේෂ යැ, සප්‍රීතික ස්මෘති සහගත ධ්‍යාන භූමියෙහි අවිතර්‍ක වූ ද අවිචාර වූ ද ප්‍රීති සහගත සංඥා මනසිකාරයෝ පවත්නාහ. මේ ධ්‍යාන විශේෂ යැ, අවිතර්‍ක භූමියෙහි ස්මෘතිය අනුවැ ගිය උපේක්‍ෂා සහගත මනසිකාරයෝ පවත්නාහ. ඒ (තෘතීය ධ්‍යාන) භූමියට ද පැමිණ වෙසෙයි. මේ ධ්‍යාන විශේෂ යැ, ස්මෘති පාරිශුද්ධිය සහ ගිය සංඥාමනසිකාරයෝ පවත්නාහ. ඒ ධ්‍යාන භූමියට ද පැමිණ වෙසෙයි. මේ ධ්‍යාන විශේෂ යැ, විඤ්ඤාණඤ්චායතන සහගත භූමියෙහි ආකිඤ්චඤ්ඤායතන සහගත වූ සඤ්ඤාමනසිකාරයෝ පවත්නාහ. ඒ භූමියට ද එළඹැ වාසයකෙරෙයි. මේ ධ්‍යාන විශේෂ යි.
එහි ධ්‍යානසම්භාරයෝ කවරහ: කාමවිතර්‍කයන්ගේ දුරැලීමෙහි අධ්‍යාශය ඇති බැවින් නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය ධ්‍යානසම්භාරයෙක, ව්‍යාපාදවිතර්‍කය දුරැලීමෙහි අධ්‍යාශය ඇති බැවින් අව්‍යාපාද විතර්‍කය සම්භාරයෙක, විහිංසා විතර්‍කය දුරැලීමෙහි අධ්‍යාශය ඇති බැවින් අවිහිංසා විතර්‍කය සම්භාරයෙක, පරිශුද්ධවූ ආජීවය ඉන්‍ද්‍රියයන්හි පියු දොර ඇති බවට අල්පේච්ඡතාවට සම්භාර යැ, අකර්‍මවිහාරී බව සතර සමාපත්තීන්ට සම්භාර යැ, සමවත් සමවදනා බව මාර්‍ගසම්භාර යැ, ධ්‍යාන නිපදවන ලද බැවින් ධ්‍යානයාගේ සමුදාගමය ඵල සම්භාර යැ. මේ ධ්‍යාන සමුදාගම යි.
එහි උපනිසා (හේතු) කවර යත්: කලණමිතුරන් ඇති බව ධ්‍යානයට කාරණ වෙයි. කලණමිතුරන් කෙරෙහි නැමුණු බව ධ්‍යානයට කාරණ යැ, ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇතිබව ධ්‍යානයට කාරණ යැ, කුසල්දහම් හි අසන්තුට්ඨිතාව ධ්‍යානයට කාරණයැ, සද්ධර්‍ම ශ්‍රවණය ධ්‍යානයට කාරණ යැ, සංවේග දැනැවියැයුතු තැනැ සංවේග ඇතියහුගේ නුවණින් ප්‍රධන්වීර්‍ය්‍ය කිරීම ධ්‍යානයට කාරණ වේ. මේ ධ්‍යාන හේතුයි.
එහි භාවනා කවර යත්: මෛත්‍රිසේවනය අව්‍යාපාදවිතර්‍ක භාවනා යැ, කරුණාසේවනය අවිහිංසා විතර්‍ක භාවනා යැ, මුදිතා භාවනාව ප්‍රීති සුඛ සම්ප්‍රජන්‍යකාරී බව යැ, උපේක්‍ෂා භාවනාව (පස්සවතා ... අජ්ඣුපෙක්ඛා ච?) අශුභසංඥා භාවනාව (දුක්ඛා පටිපදා ... සුසමාරද්ධා?) මේ භාවනායි.
මෙසේ භාවනා කරනුවහුට මේ ආදීනවයැ: ප්‍රථමධ්‍යානයෙහි සංස්කාර සමන්‍වාගත වූ තෙල දහම අස්සුත යැ සාස්‍රව යැ ශීලය ආසන්න ප්‍රතිපක්‍ෂ වූයේ ද තෙල දහම (කාමෝපතිචාරො පතිවිචාරො?) සමාපත්තීන් අතුරෙනුදු සියල්ලට ඖදාරික යැ, තෙල දහම විතර්‍ක විචාර ඇත්තේ ද වෙයි. එහි සිත ආලෝලන කෙරෙයි. මෙහි කය ද වෙහෙසට පැමිණෙයි. මෙහි කය වෙහෙසට පත්කල්හි සිත ගැටෙයි, එහෙයින් අභිඥාවන්ගේ අභිනීහාරයට අසමර්‍ත්‍ථ වෙයි. ප්‍රථමධ්‍යානයෙහි මේ ආදීනවයෝ යි.
ද්විතීය ධ්‍යානයෙහි මේ ආදීනවයෝ වෙති: තෙල ද්විතීය ධ්‍යාන ධර්‍මය ප්‍රීතිඵරණයෙන් යුක්ත වූයේ ද (නසමුදාවාරස්සෙති ... රෝග දුක්ඛ තාය ච? මෙහිදු අරුත් නගා ගැනීම දුෂ්කර විය.) මේ ද්විතීය ධ්‍යානයෙහි ආදීනවයෝ යි.
එහි තෘතීයධ්‍යානයෙහි ආදීනවයෝ කවරහ: තත්‍රමජ්ඣත්තුපෙක්ඛා සුවයෙන් යුත් ඒ ධ්‍යානයෙහි සුවවිඳුනා පුද්ගලයන්ට ද එය නිත්‍ය යැ යන සංඥා ඇතියනට ද උපේක්‍ෂා සුඛය පරිවර්‍තන වන හෙයින් තෙල තෘතීයධ්‍යානධර්‍මය දුකට කාරණ වූ සුවය චිත්තයාගේ කැලඹුණු බව නිසා සුව දුක් පිණිස වෙයි. සුවදුක් අනුගත නිසා සිත අභිනීහාරක්‍ෂම නොවෙයි. මේ සියලු මැ ධර්‍මයෝ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු වූ තුන් ධ්‍යාන සමාපත්තීන්හි චතුර්විධ දුක්ඛතායෙන් අනුවිද්ධයනට (සාභයා?) දුක්ඛතා පිණිස ද පළිබෝධ දුක්ඛතා පිණිස ද අභිඥාදුඃඛතා පිණිස ද පවත්නාහුය. තුන්වැනි ධ්‍යානයෙහි මේ ආදීනවයෝ යි.
එහි චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ආදීනව කවරහ: (ආකිඤ්චඤ්ඤා ... සමාපත්තිකා?) තෙල චතුර්‍ත්‍ථධ්‍යාන භූමියෙහි ශක්ත වූ බාලපෘථග්ජනයනට නන්වැදෑරුම් දෘෂ්ටිගතයෝ උපදිත්, තෙල ධ්‍යානයෝ ඖදාරික වූ ද සූක්‍ෂම වූ ද රූපසංඥාවන්ගෙන් අනුවිද්ධයහ, හැම කල්හි (අනුදය ... සාධාරණ?) සියලු සතර මහාසම්භාරයෝ දුෂ්කර වූවාහු ද වෙති, උපන්නාවූ ද තෙල ධ්‍යානයෝ ඔහුනොවුන් නිසා උපදිත්. මෙහි උපන්නාවූ ද තෙල ධර්‍මයෝ රැස් නොවෙති, මොනොවට නොගත් නිමිත්ත ඇති තෙල දහම්හු පිරිහෙති, නිරුද්ධ වෙත්. තෙල දහම්හු නිරුද්ධ වූ අංගයනුදු (යළි) නොගනිත්. (එතෙසං ... ඉමෙහි ආදීනවෙහි?) මේ ධ්‍යානපරිහානිය යි.
නිරෝධසමාපත්තිය ප්‍රත්‍යවේක්‍ෂා නොකොට අවශේෂ සංඥා ඇත්තහුට ආකිඤ්චඤ්ඤායතන සහගත වූ සංඥා මනස්කාරයෝ පවත්නාහු නම් හේ නිරෝධ සමාපත්තියෙන් පිරිහෙයි. අසංඥායතනයට සමවන් ආනෙඤ්ජසංඥා ඇත්තහුට ආකිඤ්චඤ්ඤායතන සහගතවු මනසිකාරයෝ පවත්නාහු නම් (හේ) ඒ ආකිඤ්චඤ්ඤායතන භූමියත් නොදනී නම් හේ ඒ සමවතින් පිරිහෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සහගත වු සඤ්ඤාමනසිකාරයෝ පවත්නාහු නම් ඒ භූමියත් නොදනී නම් හේ ඒ සමවතින් පිරිහෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට රූප සංඥා සහගත වූ ... (ප්‍රථමධ්‍යානයෙහි කාම සංඥා සහගතා යනු දක්වා විස්තරයෙන් ප්‍රකාශ කළයුතු.)
හේ කවර හෙයින් පිරිහෙයි යත්: කලඞ්කධ්‍යාන ඇතියෙ කලඞ්ක ආලම්බනයක් ධ්‍යාන කෙරෙයි. (අරමුණ) අවටින් ධ්‍යාන කෙරෙයි. (අරමුණ) බිඳුමින් ධ්‍යාන කෙරෙයි. මොනොවට ධ්‍යාන නොකෙරෙයි. ආයූහන කෙරෙමින් ධ්‍යාන කෙරෙයි. අපරිචිත වැ අල්පමාත්‍රයක් ද ධ්‍යාන කෙරෙයි. ඉතා වෙලෙවි යැ ධ්‍යාන කෙරෙයි. අතිමාන කෙරෙමින් ධ්‍යාන කෙරෙයි. නොසන්හිඳුවන ලද කායසංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස) ඇති කල්හි ධ්‍යාන කෙරෙයි. පර්‍ය්‍යුත්‍ථානයාගේ නිස්සාරණය නො දන්මින් ධ්‍යාන කෙරෙයි. කාමරාගයට හේතු වූ ධර්‍මයන්ගේ උදය ධ්‍යානයාගේ ආස්වාද යැ යි ආස්වාද ප්‍රාප්තිය මෙනෙහි කෙරෙමින් නීවරණයන් විසින් මඩනාලද්දේ ධ්‍යාන කෙරෙයි. නිරුද්ධ ධ්‍යානාඞ්ගයෝ තෙල දහමුන්ගේ ධ්‍යාන වූවාහු සුඛ උපේක්‍ෂා උපරිම වූවාහු වෙති. කාමකර්‍මක්ලේශයන්ගේ ප්‍රහාණය ආස්වාද වෙයි. මෙසේ පුනර්‍ධ්‍යානාස්වාද තෙම මහා සම්බාධදයෙන් සම්පීඩිත වූ ලෝකසන්නිවාසයෙහි සම්බාධ රහිත අවකාශ ඇතියෙ යැ යි වෙන් වන්නෙම් නම් මේ ධ්‍යානප්‍රහාණ යි, යම් ධ්‍යානයෙක් ඇද්ද පරිරෝධ අපරිරෝධ ලෝකසනානිවාසයෙහි මෝ එසනියමිදං? ධ්‍යානයාගේ යම් ආස්වාදයෙක් ඇද්ද මේ වූ කලි අනවරාග්‍ර සංසාරයට පැමිණි සත්‍වයන්ගේ සංසාරප්‍රහාණය ආනිසංස කොට ඇතියෙ යැ, ආලම්බනකාය අඣානියඣානීහට (ධ්‍යානාර්‍හ නොවූ අරමුණ ධ්‍යාන කරන්නාට) “අඣානියඣායී” යැ යන සිත් වෙයි. අඣානියඣායී තෙම එ අරමුණ පරාමර්‍ශ නො කෙරෙමින් ධ්‍යාන කෙරෙයි. කලංකධ්‍යායීහු සම්බන්‍ධ යම් පද කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිපක්‍ෂයෙහි ලා අනුමිත වෙති.
එහි ධ්‍යාන කෞශල්‍යය කවරෙ යත්: සමාපත්තියෙහි කුශල බව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යාන විශේෂයෙහි කුශලබව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යානානන්තරික කෞශල්‍යය ධ්‍යාන කෞශල්‍ය යැ, සමවතින් නැඟී සිටීමේ කුශලබව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යාන ස්වභාවයෙහි කුශලබව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යානයෙහි ආදීනව දැනීමේ කුශලබව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යානයෙහි නිස්සරණ කෞශල්‍යය ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යාන ඵලයෙන් (ග්‍රහණ) කෞශල්‍යය වෙයි. ධ්‍යාන ඵලයෙන් පටිසංඛාන ඵලයෙහි නොපිරිහෙන ස්වභාව ද උපන් ධ්‍යානයෙහි වශී වූයේ ද විශේෂභාගී ධ්‍යානය ලබයි. (ඉදං පනස්සා ... සමඤ්ඤා බලො?)
2-3. එහි ධ්‍යාන පාරිමිතා (උත්කර්‍ෂයට පැමිණි චතුර්‍ත්‍ථ ධ්‍යාන භාවනාව) කවර යත්: (සුපාර මිතා මෙත්තා?) “කාමෙසු සත්තා කාමසංගසත්තා” යි යම් සූත්‍රයෙක දේශනා ව්‍යවහාරයෙන් දුක්ඛය ද සමුදය ද යන විචය හාරයෙන් දක්වන ලද්දාහු ය. යම් කෙනෙක් සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නොදක්නාහු ද ඔහු කාමාදි ඕඝය තරණය කරන්නාහුය යන තෙල කරුණ නොවේ. තරණය නොකරන්නාහ යන කරුණ ඇත. මේ යුක්ති ද විචය ද වෙයි.
4. මේ කුමකට පදට්ඨාන ද? කාමෙසු සත්තා යනු පඤ්චකාමගුණයෝ යැ, එය කාම තණ්හාවට පදට්ඨාන යැ. “සංයෝජනෙ වජ්ජමපස්සමානා” යනු අවිජ්ජාවට පදට්ඨාන යැ. “න හි ජාතු සංයෝජනසංගසත්තා ඕඝං තරෙය්‍යුං විපුලං මහන්තං” යනු උපාදානයට පදට්ඨාන යි.
5. ‘කාමෙසු සත්තා’ යනු කාමයෝ වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි දෙවැදෑරුම් වෙති: එහි ක්ලේශකාමයෝ කාමතණ්හා යැ, ලක්ඛණහාරයෙන් රූපතණ්හා භව තණ්හා (දෙක) කාමතණ්හාව හා යෙදුණාහු වෙති. “සංයෝජනෙ වජ්ජමපස්සමානා” යනු (සංයෝජනස්ස?) එහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද ඒ ඡන්‍දරාගයට කුමක් පදට්ඨාන වෙයි යත්: සුඛවේදනාව ද සුඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය යන ඉන්‍ද්‍රිය දෙක ද පදට්ඨාන වෙති. මෙසේ සුඛවේදනාව ගත් කල්හි තුන් වේදනාවෝ ම ගන්නා ලද්දාහු වෙති. වේදනා ස්කන්‍ධය ගත් කල්හි සියලු පඤ්චස්කන්‍ධයෝ ගන්නා ලද්දාහු වෙති. රූප - සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බා ගන්නා ලද්දාහු වස්තුකාමයන් ගත් කල්හි සියලු සවැදැරුම් බාහිර ආයතනයෝ ගන්නා ලද්දාහු වෙති. අජ්ඣත්තික බාහිර ආයතනයන්හි යමෙක් ඇලුණේ ද (?) මේ ලක්‍ෂණ හාර යයි කියනු ලැබේ.
6. එහි යමෙක් ඖදාරික ක්ලේසයෙහි බැසගෙන සිටියේ ද හේ සියලු ක්ලේශයන්හි (බැසගෙන සිටියේයි.) එයින් ඉතා සියුම් වූ ක්ලේශයන්හි, වීතරාග නො වූයේ වේ. එහි මාගේ යැ යනු බාහිර සංයෝජන යැ. ‘මම’ යැ යනු අධ්‍යාත්ම සංයෝජන යි.
එහි භාග්‍යවතුන් වහන්සේගේ අධිප්‍රාය කවරෙ යත් ; යම් කෙනෙක් ඕඝය තරණය කරනු කැමැති වෙත් ද ඔහු සංයෝජනීය ධර්‍මයන්හි ආදීනව නුවණින් දකිමින් වාස කරන්නාහු යැ යනු මේ මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අධිප්‍රාය යි. ‘කාමෙසු සත්තා’ යනු යම් වස්තුකාමයන්හි ඇලුණාහු ද යම් ක්ලේශකාමයකින් ඇලුණාහු ද යම් කෙනෙකුන්ගේ හේතුයෙන් ඇලුණාහු ද මේ චතුර්විධ ආකාරය (සබ්බේසං හාරභාගියො?)
එහි තුන් විපල්ලාසයෝ ද පදට්ඨානයෝ ද කවරහ යත්: චිත්තවිපල්ලාස දිට්ඨිවිපල්ලාස සඤ්ඤාවිපල්ලාස යයි තුන් විපල්ලාසයෝ වෙති. (ඔවුන්ට) තුන් අකුශල මූලයෝ පදට්ඨාන යැ, තුන් අකුශල මූලයෝ හීන ප්‍රණීතකාර්‍ය වූ කර්‍මයට පදට්ඨාන යැ, සතර උපාදානයන්ට ද දෝස අකුසල මූලය හීන ප්‍රණීත කාර්‍ය වූ කර්‍මයට පදට්ඨාන වූයේ දක්නා ලැබෙයි. ඒ මෙසේ යැ, මවට හෝ පියාට හෝ යළි අන්‍යතර ගුණවත් මහණක්හට හෝ අභය දෙයි, එහි අනෙකෙක් කයින් හෝ වචනයෙන් හෝ අයථායෙන් පිළිපදනේයැ එහි යමෙක් ප්‍රදෝෂය නිසා ඒ උදාර වූවනට රක්‍ෂා වරණ ගෝපනයෙන් පාලනය කරනුයේ වේ ද යමෙක් උදාරයනට අභය දේ ද ඔවුනට අභය දුන් කල්හි යමෙක් ඔවුන් කෙරෙහි අයථායෙන් පිළිපදනේ ද හේ ඔවුන් කෙරෙහි ව්‍යාපාද කරනුයේ දෝසජ වූ අකුශලකර්‍මය කෙරෙයි. (යො තත්‍ථ අසාධු ... නීවරණ වනාහි?) ඔහු සතර උපාදානයෝ වෙති.
ඒ සතර උපාදානයන්ගෙන් යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ උපාදාන සහිත වේ ද ඒ පඤ්ච ස්කන්‍ධයනට (දුක්ඛ?) ඒ උපාදානයෝ මැ සමුදය යි. මේ දුක්ඛය ද සමුදය ද වේ. එය මැ දේසනාහාර යි.
7. එහි යම් කෙනෙක් කාමයන්හි නො ඇලෙත් ද ඔහු ආදීනවානුපස්සනායෙහි යෙදෙති. මෙසේ ඔහුගේ කාමධාතුයෙන් නික්ම යනු කැමැති බව වේ. මේ නෛෂ්ක්‍රම්‍යච්ඡද යයි කියනු ලැබේ. (යො තත්‍ථ ... ධාවරා වා?) මේ අව්‍යාපදච්ඡන්‍ද යැ. කිසිවකුට හිංසා නො කෙරේ ද, මේ අවිහිංසාඡන්‍දය යි. මෙසේ නෛෂ්ක්‍රම්‍යයෙන් එළවන ලද නෙක්ඛම්මච්ඡන්‍ද අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යැ. මෙසේ නෛෂ්ක්‍රම්‍යයෙන් එළවන ලද නෙක්ඛම්මච්ඡන්‍ද අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යැ, මෙසේ නෛෂ්ක්‍රම්‍යයෙන් එළවන ලද නෙක්ඛම්මච්ඡන්‍දය අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යන තුන් ඡන්‍දයෝ වෙති. එහි නෙක්ඛම්මච්ඡන්‍දය අලෝභ යැ, අව්‍යාපාදච්ඡන්‍දය අදෝස යැ, අවිහිංසාඡන්‍දය අමෝහ යි, මේ තුන් කුශලමූලයෝ අෂ්ටසම්මත්තධර්‍මයන්හි සංග්‍රහ වෙති. එ මැ සතර උපාදානයන්ගේ නිරෝධය පිණිස පවත්නාහුය, ඉදින් යලි කෘෂ්ණ වූ හෝ ශුක්ල වූ හෝ කර්‍මයක් කරන්නේ නම්, ඒ කර්‍මයාගේ විපාක හානිය පිණිස පවත්නාහ. අකණ්හ අසුක්ක වූ මේ කර්‍මය කර්‍මක්‍ෂය පිණිස පවතී. එහි තුන් අකුසල මූලයන්ගේ යම් නිරෝධයෙක් ඇද්ද මේ නිරෝධ යැ, ඒ ධර්‍මය මැ එහි ප්‍රතිපදා වේ යැයි මේ (නිරෝධ මග්ග යන) සත්‍යයෝ දෙදෙනා වෙති. මේ (චතුස්සත්‍ය යෝ යි), ආවත්ත හාර යි.
8. “කාමෙසු සත්තා” යනු යම් ශෛක්‍ෂ කෙනෙක් වෙත් ද, ඔහු එක් මැ අයුරෙකින් ඇලුණාහු යැ, යම් පුහුදුන් කෙනෙක් වෙත් ද, ඔහු දෙ අයුරෙකින් ඇලුණාහු යැ, එහි මේ ප්‍රශ්නය බෙදා විසදියැ යුතු යයි කියැයුතු යැ, එකෙක් ඇත: ස්‍රෝතාපන්න පුද්ගල (කාමයන්) සේවනය කෙරෙයි, නොද අභිනිවේසයෙන් ඇලුණේ වෙයි, හේ වනාහි අපචය පිණිස වෑයම් කෙරෙයි, උපචය පිණිස නො වේ. ශෛක්‍ෂ වූ කලි කෙලෙස් විසින් කාමයන් යෙවුනේ යැ, පුහුදුන් පුද්ගල වැලිත් ක්ලේශයන් ඉපැදීම පිණිස කාමයන් සේවන කෙරෙයි. එහි කාමයන්හි ඇලුණවුන්ගේ චතුරෝඝ තරණය කරන්නේ යැ යන කරුණ විභාග කොට විසඳියැ යුත්තේ යි. විභත්තිහාර යි.
9. “පරිවත්තන” යනු යම් කෙනෙක් කාමයන්හි නො මැ ඇලෙත් ද, සංයෝජනයන් හා නො යෙදෙත් ද, ඔහු විපුල වූ මහත් වූ ඕඝය තරණය කරන්නාහු යැ, යන මේ සූත්‍රයාගේ ප්‍රතිපක්‍ෂ යි.
10. “වෙවචන” යනු ; යමෙක් කාමයන්හි ඇලුණේ ද, එහි යම් කාමගුණයෙකුත් වේ ද, එහි පිවිසියේ ඇලුණේ වෙයි. කාමයන්ට ආහාර වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, එහි පිවිසියේ ඇලුණේ වෙයි, එහි මේ කාමයන්ට වෙවචන යැ: ‘පාක යැ රජස් යැ ශල්‍ය යැ ගණ්ඩ යැ ඊති යැ උපද්‍රව’ යැයි යළි යම් අන්‍යත් වෙවන කෙනෙක් ඇද්ද ඔහු’යි. එහි පිවිසියේ යනු වෙවචන යි. ‘සත්ත යැ බන්‍ධ යැ මුච්ඡන යැ ගථිත යැ අජ්ඣෝසීත යැ කාමයෙහි අජ්ඣාපන්න යැ පරිමුත්ත යැ තබ්බහුල විහාරි යැයි, යළි යම් අන්‍යක් වෙවචින වෙත් ද ඔහු යි, මේ වෙවචන” නමි.
11. කාමෝපචාරපඤ්ඤත්තියෙන් ක්ලේශගෝචර ප්‍රඥප්තියෙන් පනවන ලද ‘චිත්ත’ යනු වෙවචන යැ, ‘සත්ත’ යැ ‘තබ්බහුලවිහාරී’ යනු ද යළි යම් අන්‍යත් වෙවචන වෙත් ද මොහු කාමෝපචාර පණ්ණත්තියෙන් ක්ලේසගෝචර පඤ්ඤත්තියෙන් වීජපඤ්ඤත්තියෙන් පනවන ලද්දාහු යැ, සංස්කාරයෝ සංයෝජන පඤ්ඤත්තියෙන් පනවන ලදහ, උපාදානය හේතුපඤ්ඤත්තියෙන් පනවන ලද, පුද්ගල පුග්ගල පඤ්ඤත්තියෙන් පනවන ලදි.
12. “ඕතරණ” යනු මේ දේශනායෙන් පටිච්චසමුප්පාදයෙ, දුක්ඛ සත්‍යය හා සමුදය සත්‍යය ද, යම් කෙලෙස් කෙනෙක් යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔහු ද, සංයෝජනයෝ ද, පඤ්චස්කන්‍ධයන් කෙරෙහි සංස්කාර ස්කන්‍ධය ද, ධර්‍මායතනයන් කෙරෙහි අකුශලධර්‍මායතනයෝ ද, ඉන්‍ද්‍රියයන් කෙරෙහි සුඛින්‍ද්‍රිය හා සෝමනස්සින්‍ද්‍රිය ද, දැක්විය යුත්තාහ. මේ ඉන්‍ද්‍රියෝ තරණ ය.
13. “සෝධන” යනු මෙතෙක් මෙ මැ දැනගනු කැමැති අර්‍ත්‍ථ සංඛ්‍යාත ආරම්භය ශුද්ධ යැ, සූත්‍රාර්‍ත්‍ථය දැක්වියැ යුතු.
14. “අධිට්ඨාන” යනු මේ ධර්‍මයෝ (සාමාන්‍යයෙන් දේසිත හෙයින්) එකත්තතායෙන් පනවන ලද්දාහු ඇත, විසේසදෙසින වූ වේමත්තතායෙන් පනවන ලද්දාහු ඇති, බාහිර කාමයෙහි යම් සංඥා කෙනෙක් ඇද්ද (?) ඔහු වේමත්තතායෙන් (වෙසෙසින්) පනවන ලදහ. පස්කම් ගුණයෙන් ශක්ත වූහ’යි පරියුට්ඨාන විපල්ලාසයෝ වේමත්තතායෙන් පනවන ලදහ. ඕඝං තරෙය්‍යුං විපුලං මහන්තං යි අවිද්‍යාව ඒකක්තතායෙන් පනවන ලදු.
15. “පරික්ඛාර” යනු ඒ ධර්‍මයට හේතු කවරෙ යැ ප්‍රත්‍යය කවරෙ යැ; ආරම්මණ ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි, අයෝනිසෝමනසිකාරය සන්නිශ්‍රය ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි, අවිද්‍යාව සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වෙයි. රාගානුසය හේතු ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. මේ හේතු යැ. මේ ප්‍රත්‍යය යි.
16. “සමාරෝපණපච්චය” යනු යම් සංඛාර කෙනෙක් “කාමෙසු සත්තා සුගතා සුරූපා” යි මේ කාමධාතුයෙහි ඡන්‍ද යැ රාග යැ, ඔහු අපුණ්‍යමය සංඛාරයෝ යැ, ඔහු කුමක් ප්‍රත්‍යය කොට ඇත්තාහු ද: අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. ඔහු කුමකට ප්‍රත්‍යය වෙත් ද: විඥ්ඥානයට ප්‍රත්‍යය වෙති. මෙසේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥ්ඥානය වෙයි. ... (ජරාමරණ දක්වා විස්තර කළ යුතු යැ.) මෙසේ තෙල කේවල වූ මහත් වූ දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ. (තෙල සූත්‍රය කාමච්ඡන්‍ද වශයෙන් කියන ලද, පඤ්චනීවරණික කොට සූත්‍රය විස්තර කළ යුතු).
7. 3.
1. එහි දේසනාහාර නම් කවරෙ යැ: යම් අභිධ්‍යාවක් යම් ව්‍යාපාදයෙක් යම් උද්ධච්චයෙක් වේ ද, මේ තණ්හා යැ, යම් ථීනමිද්ධයෙක් යම් කුක්කුච්චයෙක් යම් විචිකිච්ඡාවක් වේ ද මේ දිට්ඨි යැ. යළි නාමකායයාගේ යම් අකර්‍මණ්‍ය බවක් වේ ද, එය මිද්ධය වූයේ නමුදු ස්වභාවක්ලේශතායෙන් ක්ලේශයෙක් නො වේ. මෙසේ යම් චිත්තයාගේ හැකුළුණු බවකුත් යම් කාය අකර්‍මණ්‍ය බවකුත් වේ ද, මේ ප්‍රක්‍ෂේපක්ලේශයෙක, ස්වභාවක්ලේශයෙක් නො වේ. එහි ආත්මසංඥායෙන් අනුපචිත වූයේ ක්ලමථු යැ,
කුක්කුච්චයෙන් අනුපචිත වූයේ චිත්තයාගේ හැකිළීම වූ ථීන යැ. මෙසේ මේ පඤ්චනීවරණයෝ සතර නීවරණ වූවාහු ස්වභාව ක්ලේශයෝ යැ. ථීනමිද්ධය නීවරණයෙහි ලා ප්‍රක්‍ෂේපක්ලේශයෙකි. යම්සේ සතර ආස්‍රවයෝ ස්වභාවආස්‍රවතායෙන් ආස්‍රව වෙත් ද, එතෙකුදු වත් චිත්තයාගේ සාස්‍රවතායෙන් ආස්‍රව නොවූවාහු ස්වභාවතායෙන් ආස්‍රව වෙත් ද, (පකෙඛ?) ආස්‍රවභාවයෙන් ආස්‍රව වෙත්, එයින් කීහ: (සුත්තං තං ... සාසවා වා අනාසවා වා?)
2. එහි විචය කවරෙ යත්: අභිධ්‍යාව කාමතණ්හා යැ රූපතණ්හා යැ භවතණ්හා යි. යළි යම් කිසි අධ්‍යවසානයට ගිය සාස්‍රව වූ හටගත් අභිධ්‍යා ඇත්තකුගේ මෛත්‍රිය දැක යමෙක් අනර්‍ත්‍ථ කෙරේ ද, එහි යමෙක් ව්‍යාපාදය උපදවා ද, අනර්‍ත්‍ථ කළේය, කරන්නේ යයි. මෙසේ ආඝාතවස්තු විස්තර කළයුත්තාහු ය.
3. මෙසේ ව්‍යාපාදය දක්නා වූ ඔහුගේ ක්ලේශය යම් පරිදාහයෙක් කායක්ලමථුවක් අකර්‍මණ්‍යතායෙක් මිද්ධයක් වේ ද, චිත්තානුදර්ශී වූවහුගේ කෝපයෙන් දොස් පහළ කිරීමෙක් වේ ද, මේ ථීනමිද්ධ යැ, එහි අධිකරණයාගේ නොසන්හිඳීමෙක් වේ ද, මේ උද්ධච්ච යැ, යමක් කිමෙක කෙසේ ද? යන මේ කුක්කුච්ච යැ, යමක් මේ යම්සේ ද, එබඳු යයි යම් සන්තීරණයක් වේ ද මේ විචිකිච්ඡා යි.
4. එහි අවිද්‍යාව ද තෘෂ්ණාව ද ඇත, මේ පරියුට්ඨාන යැ, ආවරණ නීවරණ ඡදන උපක්ලේශ ද ඇත. මේ කාමච්ඡන්‍දය කාමරාග පරියුට්ඨානයට පදට්ඨාන යැ, ව්‍යාපාදය ව්‍යාපාදපරියුට්ඨානයට පදට්ඨාන යැ, ථීනමිද්ධය ථිනමිද්ධපරියුට්ඨානයට පදට්ඨාන යැ, උද්ධච්චකුක්කුච්චය අවිද්‍යා පරියුට්ඨානයට පදට්ඨාන යැ, විචිකිච්ඡාව විචිකිච්ඡාපරියුට්ඨානයට පදට්ඨාන යැ, කාමරාගපරියුට්ඨානය අනුසය සංයෝජන දෙකට පදට්ඨාන යැ, ව්‍යාපාදපරියුට්ඨානය ප්‍රතිඝසංයෝජනයට පදට්ඨාන යැ, ථිනමිද්ධ පරියුට්ඨානය මානසංයෝජනයට පදට්ඨාන යැ, අවිඡ්ජාපරියුට්ඨානය හා විචිකිච්ඡාපරියුට්ඨානය ද දිට්ඨිසංයෝජනයට පදට්ඨාන යි.
5. එහි ලක්ඛණහාර කවරේ යැ: කාමරාගපරියුට්ඨානය කී කල්හි සියලු පරියුට්ඨානයෝ කියනලද්දාහු වෙති. සංයෝජනයන් කී කල්හි සියලු සංයෝජනයෝ කියන ලද්දාහු වෙත්. මේ ‘ලක්ඛණහාර’ යි.
6. එහි චතුබ්‍යුහහාර කවරෙ යත්: යම් මේ පඤ්ච නීවරණ කෙනෙක් ධ්‍යානයට ප්‍රතිපක්‍ෂ ද හේ දුක්ඛසමුදය යැ, (එහි) යම් ඵලයක් ඇද්ද මේ දුක්ඛ යැ, එහි කාමච්ඡන්‍දයට නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය ප්‍රතිපක්‍ෂ යැ, ව්‍යාපාදයට අව්‍යාපාදවිතර්‍කය ප්‍රතිපක්‍ෂ යැ, (ඉතිරි) තුන් නීවරණයන්ට අවිහිංසාවිතර්‍කය ප්‍රතිපක්‍ෂ යි. මෙසේ මේ තුන් විතර්‍කයෝ යි. නෙක්ඛම්ම විතර්‍කය සමාධිස්කන්‍ධය බෙජෙයි. අව්‍යාපාද විතර්‍කය ශීලස්කන්‍ධය බෙජෙයි. අවිහිංසාවිතර්‍කය ප්‍රඥාස්කන්‍ධය බෙජෙයි. මේ තුන් ස්ක්නධයෝ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යි. එහි නීවරණප්‍රහාණය පිණිස පවතී. යම් නීවරණප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධ යි. මේ සතර ධර්‍මයෝ වෙත්, මේ චතුබ්‍යුහ හාර යි.
7. එහි ‘ආවත්තහාර’ කවරෙ යැ: පඤ්චනීවරණයෝ දස නීවරණ කෙනෙක් වෙති. අධ්‍යාත්ම වස්තුයෙහි යම් දැඩි ඇලීමෙක් වේ ද, එ ද නීවරණ යැ, බාහිර වස්තුයෙහි යම් දැඩි ඇලීමෙකුත් වේ ද, එ ද නීවරණ යි. විචිකිච්ඡාව දක්වා මෙසේ යැ, මේ දස නීවරණයෝ යි. යම් අධ්‍යාත්ම බාහිර ක්ලේශයෝ වෙත් ද මොහු අධ්‍යාත්ම සංයෝජන ද බහිද්ධාසංයෝජන දැයි සංයෝජනයෝ දෙදෙනෙක් වෙති. එහි ‘මම’ යැ යනු අධ්‍යාත්ම යැ, ‘මාගේ’ යැ යනු බාහිර සංයෝජන යි. සත්කායදෘෂ්ටිය ආධ්‍යාත්ම යැ, එක්සැටක් දෘෂ්ටීහු බාහිරයෝ යි. අධ්‍යාත්ම රූපයන්හි යම් ඡන්‍දරාගයෙක් අවිගත රාගයෙක් අවිගත ඡන්‍දයෙක් වේ ද එයයි. ‘විඤ්ඤාණය’ දක්වා මෙසේ යි. මේ අධ්‍යාත්ම තෘෂ්ණා යි. සවැදැරුම් බාහිර ආයතනයන්හි ද තුන් භවයන්හි ද යම් බැසගෙන සිටීමෙක් වේ ද, මේ බාහිර තෘෂ්ණා යි. සංයෝජනයෝ ද සංයෝජනිය ධර්‍මයෝ ද යන මොහු (සමුදය දුක්ඛ යන) සත්‍යයෝ දෙදෙන වෙති. එහි සංයෝජනිය ධර්‍මයන්හි යම් බලවත් විදර්‍ශනාවක් වේ ද මේ මාර්‍ග යැ. යම් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධ යි. මේ ආවත්තහාර යි.
8. එහි “විභත්තිහාර” කවරෙ යැ: (සංයෝජනන්ති ... අයං විභන්තිහාරො?)
9. “පරිවත්තන” යනු: පඤ්චනීවරණයෝ පඤ්චාඞ්ගිකධ්‍යානයෙන් ප්‍රහාණයට යෙති. මේ ඒ අංගයන්ට ප්‍රතිපක්‍ෂ නීවරණය අසුවල්හට ප්‍රහීණ යයි (න අඤ්ඤානුමිනිතබ්බං පරමත්‍ථමජ්ඣත්තං?) මේ පරිවත්තනහාර යි.
10. එහි ‘වෙවචනහාර’ කවරෙ යැ: කාමච්ඡන්‍ද යැ ඡන්‍දරාග යැ පෙම යැ නිකන්ති යැ යනු වෙවචන යි. නීවරණ යැ ඡදන යැ උපක්කිලේස යැ පරියුට්ඨාන යැ යනු වෙවචන යි.
11. “පඤ්ඤත්ති” යනු: අවිද්‍යාප්‍රත්‍යයෙන් (සංස්කාර) කෘත්‍යප්‍රඥප්තියෙන් පැනවීම යැ, ව්‍යාපාදය වික්‍ෂේපප්‍රඥප්තියෙන් පැනවීම යැ, ථීනමිද්ධය අසමුද්ඝාත ප්‍රඥප්තියෙන් පැනවීම යැ, මෙසේ සියලු මැ තෙල පඤ්ච නීවරණයෝ මේ සූත්‍රයෙහි වික්‍ෂේපප්‍රඥප්තියෙන් පැනවීම වේ.
12. එහි “ඕතරණහාර” කවරෙ යැ: මේ පඤ්ච නීවරණයෝ අවිද්‍යාව ද තෘෂ්ණාව ද (මුල් කොට ඇත්තාහ.) එහි අවිද්‍යාව මුල් කොට ඇත්තාහු නීවරණයෝ යැ, යම් තෘෂ්ණාවක් ඇද්ද මොහු සංස්කාරයෝ යැ, ඒ සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ, මේ ධර්‍මයෝ දෙදෙන පඤ්ච ස්කන්‍ධයන් කෙරෙහි සංස්කාරස්කන්‍ධයෙහි බැසගෙන සිටියාහුය, ආයතනයන් කෙරෙහි ධර්‍මායතන යැ, ධාතුන් කෙරෙහි ධර්‍මධාතු යැ, ඉන්‍ද්‍රියයන් කෙරෙහි සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද ඉත්‍ථින්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රිය ද යන මේ ධර්‍මයන්ට පදට්ඨාන යි.
13. එහි ‘සෝධනහාර’ කවරෙ යැ: මේ සූත්‍රය යමක් අරබයා වදාරන ලද ද, ඒ අර්‍ත්‍ථය මේ පස්පදයෙන් වදාරන ලදී.
14. එහි කාමච්ඡන්‍දය ද ව්‍යාපාදය ද විචිකිච්ඡාව ද සාමාන්‍යයෙන් (සමානභාවයෙන්) නො පනවන ලද ‘කාමා’ යනු එකත්තතායෙන් නො පනවන ලද, වැලි වේමත්තතා (විශේෂභාව) යෙන් පනවන ලදි. මේ ‘අධිට්ඨානහාර’ යි.
15. එහි “පරික්ඛාරහාර” කවරෙ යැ: කාමච්ඡන්‍දයට ශුභාලම්බනය ප්‍රත්‍යය කොට ඇති අයෝනිසෝමනසිකාරය ද ශුභනිමිත්ත ද හේතු යැ, ව්‍යාපාදයට අයෝනිසෝමනසිකාරය ද ආඝාතවස්තු ද ප්‍රත්‍ය යැ, පටිඝානුසය හේතු වෙයි. ථීනමිද්ධයට (කාය - චිත්තයන්ගේ) හැකිළිම ප්‍රත්‍ය යැ, ප්‍රවෘත්තියෙහි, ක්ලමථුව ද චලනය ද හේතුයි. උද්ධච්චකුක්කුච්චයට ඇලුම් කටයුතු ආලම්බනය ද (අස්සාදියාකින්‍ද්‍රියං?) නො පිරිපුන් නුවණ ද ප්‍රත්‍ය යැ, කාමසංඥාව ද දෘෂ්ටිඅනුශය ද හේතු යි. විචිකිච්ඡාවට නව මානයට ආලම්බන වූ මානානුස්සය ද (සෝව?) ප්‍රත්‍ය යැ, විචිකිච්ඡානුසය හේතු යි. මේ පඤ්ච ධර්‍මයෝ සහේතු සප්‍රත්‍යය වැ උපදනාහුයි.
16. එහි “සමාරෝපණහාර” කවරෙ යැ: මේ පඤ්ච නීවරණයෝ සතරදෙනෙක් ද මොහු ආස්‍රව ද ගණ්ඩ ද ශල්‍ය ද උපාදාන ද වෙත්. ඒ බාහිර ධර්‍මයන්හි මැ ‘සංකිලෙසභාගිය සූත්‍ර යැ’ යන ප්‍රඥප්තියට යෙයි. මේ සමාරෝපණහාර යි.
සංකිලෙසභාගිය සූත්‍රය දක්වනලදී.
7. 4.
“මනෝපුබ්බඞ්ගමා ධම්මා” යන ගාථාව මෙසේ යැ:
1. එහි “දේසනාහාරය” කවරෙ යැ: මේ සූත්‍රයෙහි අර්‍ත්‍ථ කවරැ: ඛන්‍ධවවත්‍ථානයෙන් විඥානස්කන්‍ධය දේශනා කෙරෙති. ධාතුවවත්‍ථානයෙන් මනෝවිඤ්ඤාණධාතු ද. ආයතනවවත්‍ථානයෙන් මනායතනය ද, ඉන්‍ද්‍රියවවත්‍ථානයෙන් මනින්‍ද්‍රිය ද දෙසන සේක. ඒ ගාථායෙහි පූර්‍වඞ්ගම ධර්‍මයෝ කවරහු ද: සැකෙවින් ධර්‍මයෝ සදෙනෙක් පූර්‍වඞ්ගම ධර්‍මයෝ යි. නිමිත්තරහිත වැ කුශලමූලයෝ ද අකුශලමූලයෝ ද වෙති. මේ සූත්‍රයෙහි කුශලමූලය දේශිත යි. එහි මනෝපුබ්බඞ්ගම ධර්‍මයෝ කවරහ: ඒ ධර්‍මයනට මනස පූර්‍වඞ්ගම යැ, යම්සේ බලසෙනඟට රජ පූර්‍වඞ්ගම ද, එසෙයින් මැ ධර්‍මයනට මනස පූර්‍වඞ්ගම යි.
එහි නෙක්ඛම්මච්ඡන්‍ද අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යන තෙවැදෑරුම් පූර්‍වඞ්ගමයන් අතුරෙන් අලෝභයට නෛෂ්ක්‍රම්‍යච්ඡන්‍දයෙන් පෙරදැරි වෙයි. අදෝසයට අව්‍යාපාදච්ඡන්‍දයෙන් පෙරදැරි වෙයි. අමෝහයට අවිහිංසාච්ඡන්‍දයෙන් පෙරදැරි වේ.
එහි “මනෝසෙට්ඨා” යනු: මේ දහම්හු මනසින් උත්කෘෂ්ටයහ, නොහොත් සිතින් නිර්මිතයහ, සිත මැ මේ දහමුන්ට ශ්‍රේෂ්ඨ නු යි සිත මැ මේ දහමුන්ට ජ්‍යේෂ්ඨ නු යි සිත මැ මේ දහමුන්ට අධිපතිබව කෙරේ නු යි ‘මනෝසෙට්ඨ’ නම් වෙති.
“මනෝජවා” යනු: යම් තැනෙක සිත යේ ද, මේ දහම්හු එහි යෙත් නු යි “මනෝජව” නම් වෙති. යම්සේ වාතය වහා යේ ද, වහා යන අන් කිසිවෙක් වේ ද, වාතජව යයි පක්‍ෂිගාමික යයි කියනු ලැබේ ද, එසෙයින් මැ මේ දහම්හු සිතින් උපදවනු ලබන්නාහු යෙති. එහි මේ දහම්හු යෙත් නු යි ‘මනෝජව’ නම් වෙත්.
ඔහු ත්‍රිවිධ වෙති: ඡන්‍දයෙන් උපදවනලද්දාහු ද අනාවිල සංකල්ප ඇත්තාහු ද වෙති. කායික සුචරිතය වාචසික සුචරිත යැයි සත්වැදෑරුම් ද වෙති. ඔහු දස කුශලකර්‍මපථයෝ වෙත්.
එහි “මනසා චෙ පසන්නෙන” යනු: මනඃකර්‍ම යැ, ‘භාසති වා’ යනු වාක්කර්‍ම යැ, “කරෝති වා” යනු කායකර්‍ම යි. මේ පදයන්ගෙන් මේ සූත්‍රයෙහි දස කුශලකර්‍ම පථයෝ පරම වූවාහු නමුදු සිල්වත් වූ හේ වට්ටයෙහි වෙයි, ලෝකනිර්‍ය්‍යාණය පිණිස නොවේ. වාසනාභාගියසූත්‍ර වෙයි. මේ දේසනාහාර යි.
2. එහි ‘විචයහාර’ කවරෙ යැ: “මනෝපුබ්බඞ්ගමා ධම්මා” යනු මේ සූත්‍රය අෂ්ටාඞ්ගසම්‍යක්ත්‍ව ඇති කුශලමූලයෝ ද වෙත්.
3. ‘යුත්ති’ යනු: දශ කුශලකර්‍මපථයන්ගේ යම් විපාකයෙක් ඇද්ද හේ සුඛවේදනීය වූයේ (අව්‍යාපාදස්සඞ්ගමානෝ?) ‘ඡායාව අනපායිනී’ යනු අනුව යෙයි. තෙල යුක්තිය ඇති.
4. “පදට්ඨාන” යනු: අටළොස්වැදෑරුම් මනෝපවිචාරයන්ට ආසන්න කාරණ වෙයි. ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යනු: සියලු කුශලපක්‍ෂයට මේ ධර්‍මයෝ පදට්ඨාන යැ, ‘මනසා චෙ පසන්නෙන’ යනු: චිත්තයාගේ යම් ප්‍රසාදයෙක් ඇද්ද මේ පැහැදීම සද්ධින්‍ද්‍රියට පදට්ඨාන යැ. ‘භාසති වා’ යනු: සම්‍යග්වචනයට පදට්ඨාන යැ. ‘කරෝති වා’ යනු: සම්‍යක්කර්‍මාන්තයට ද සම්‍යග්ව්‍යායාමයට ද පදට්ඨාන යි.
5. “ලක්ඛණ” යනු: මෙසේ ‘පුබ්බඞ්ගමා ධම්මා’ යනු මොහු වේදනාපූර්‍වඞ්ගම වූවාහු ද වෙති. මොහු සංඥාපූර්‍වඞ්ගම වූවාහු ද වෙති. මොහු සංස්කාරපූර්‍වඞ්ගම වූවාහු ද වෙත්. තෙල දහමුන්ට යම් කිසි ධර්‍ම කෙනෙක් සහජාත වූවාහු ද ඒ සියල්ලෝ පූර්‍වඞ්ගම වෙත්. ‘තතො නං සුඛමන්වෙති’ යනු: සොම්නස ද ඔහු අනුව යෙයි, යම් සුව එළවන සෙවණැල්ලක් ඇද්ද (එමෙන්) සුවය ඔහු අනුව යෙයි.
6. එහි ‘චතුබ්‍යුහහාරය’ කවරෙ යැ: ‘මනෝපුබ්බඞ්ගමා’ යන මෙය ඒකාධිවචන නො වෙයි. කරුණු කිම යත්: මොහු සියලු මැ ෂඩ්විඥානකායයෝ වෙති. මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: යම් කෙනෙක් සුව කැමැත්තාහු වෙත් ද, ඔහු සිත පහදවා ගනිති, යන මේ මෙමැ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය යි. අර්‍ත්‍ථ පළමු මැ දක්වන ලද්දේ යි.
7. යම් කුශලමූල කෙනෙක් වෙත් ද, ඔහු අෂ්ට ආනිශංසමාත්‍ර වූවාහු හේතු යැ, මේ අෂ්ටාඞ්ගික මාර්‍ග යි. (දස ඨානානි ... කුසලමූල පහීයති?) මේ අප්‍රහීණභූමියෙහි සමුදය යැ, ඔවුන්ගේ යම් ප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධ යැ, මේ සතර සත්‍යයෝ යි. මේ ආවත්තහාර යි.
8. විභත්ති යනු:
වේදනාදි චෛතසිකධර්‍මයෝ සිත පෙරටුකොට ඇත්තාහ, සිත ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ, සිත පසුපස යන්නාහ. ඉදින් පහන් සිතින් යුක්ත වැ කියා නම් හෝ කෙරේ නම් හෝ ඒ හේතුයෙන් තමා නොහැර යන සෙවණැල්ලක් සෙයින් කායික චෛතසික විපාක සුඛය ඒ පුද්ගලයා කැටිව යේ යයි.
එය ඒකාන්තයෙන් මහණකුට හෝ බමුණකුට හෝ නො වෙයි, ඒ මිසදිටු ඇත්තහුට හෝ ස්වකීය ශාස්ත්‍රයෙහි සිත පහදවා නම්, යළි ඒ පහන් සිතින් යුතුව කියා නම් පවසා නම් ඔහු කරා සුවය නො එයි. සෙවණැල්ලක් මෙන් අනුව යන්නී නො වෙයි, දුක ම ඔහු අනුව යෙයි. යම්සේ මහත් වූ චක්‍රය විය අනුව යේ ද එමෙනි. මේ විභාග කොට ප්‍රකාශ කළයුතු යැ. ඉදින් පහන් සිතින් යුතුවැ කළ කායකර්‍මය වාක්කර්‍මය සම්‍යග්ගත කල්හි සුඛවේදනීය යි ද මිත්‍ථ්‍යාගත කල්හි දුඃඛවේදනීය යි ද පැවැසියැ යුතු වේ. ‘විභත්තිහාර’ යි.
9. එහි පරිවත්තනහාර කවරෙයැ: “මනෝපුබ්බඞ්ගමා ධම්මා” යි ප්‍රදුෂ්ට වූ සිතින් යුක්තව යමක් කියා හෝ කෙරෙයි හෝ විපාක දුක ඔහු අනුව යනු වෙයි. තෙල දෙ සුත මැ වදාරනලදහු යැ. යළි මෙය මැ ප්‍රතිපක්‍ෂ වෙයි, ...
10. “වෙවචන” යනු: ‘මන චිත්ත විඤ්ඤාණ මනින්‍ද්‍රිය මනෝවිඤ්ඤාණධාතු’ යන මේ යි.
11. පඤ්ඤත්ති යනු: ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යි මේ මනස කිසි ප්‍රඥප්තියෙකින් පනවල ලද, ‘ධම්මා’ යනු කුශලකර්‍මපථප්‍රඥප්තියෙන් පනවල ලද, ‘මනෝසෙට්ඨා’ යනු විශිෂ්ටප්‍රඥප්තියෙන් පනවනලද, ‘මනෝජවා’ යනු සමග යන ප්‍රඥප්තියෙන් පනවන ලද, ‘චිත්තං’ යනු නෛෂ්ක්‍රම්‍යප්‍රඥප්තියෙන් පනවනලද, ‘මනසා චෙ පසන්නෙන’ යනු සිද්ධින්‍ද්‍රියප්‍රඥප්තියෙන් පනවල ලද, ‘මනසා චෙ පසන්නෙන’ යනු අනාවිල සංකල්ප ඇති ද්විතීයධ්‍යානප්‍රඥප්තියෙන් පනවල ලද, ‘මනසා චෙ පසන්නෙන’ යනු ශ්‍රද්ධා නැතියනට ප්‍රතිපක්‍ෂභාව ප්‍රඥප්තියෙක් පනවන ලද, ‘භාසති වා’ යනු සම්‍යග්වචනප්‍රඥප්තියෙන් පනවල ලද, ‘කරෝතිවා’ යනු සම්‍යක්කර්‍මාන්තප්‍රඥප්තියෙන් පනවනලද, ‘තතො නං සුඛමන්වෙති’ යනු ධ්‍යානයෙහි (සිත) පිහිටුවීම යැ, ඉන්‍ද්‍රියයන් කෙරෙහි මනින්‍ද්‍රිය යැ, පටිච්චසමුප්පාදයෙහි විඥාන යි.
12. “ඕතරණ” යනු: ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යනු මෛත්‍රිය ද මෘදුත්‍වය ද වෙයි, ධ්‍යානයන් කෙරෙහි ද්විතීයධ්‍යානය හා තෘතීයධ්‍යානය ද වෙයි. ස්කන්‍ධයන් කෙරෙහි සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි. ධාතුන් කෙරෙහි ධර්‍මධාතු යැ. ආයතනයන් කෙරෙහි ධර්‍මායතන යැ.
ඉන්‍ද්‍රියයන් කෙරෙහි සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද පදට්ඨාන යි. ප්‍රතීත්‍යසමුත්පන්න වූ මේ ධර්‍මයන්ට ස්පර්‍ශප්‍රත්‍යයෙන් සුඛවේදනීය වූ ස්පර්‍ශය සුඛවේදනාව දනවයි. මනෝපවිචාරයන් කෙරෙහි සොම්නස්සහගත විචාරය වෙයි. සතිස් ප්‍රථම පදයන් කෙරෙහි සොම්නස් සහගත නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළ සපදයෝ වෙත් යයි. මේ ‘ඕතරණ’ හාර යි.
13. එහි ‘සෝධනහාර’ කවරෙ යත්: යම් අර්‍ත්‍ථයක් අරභයා මේ සූත්‍රය දෙසන ලද ද, ඒ අර්‍ත්‍ථය දක්වන ලද, සූත්‍රය තෙල කරුණ සඳහා යි. මේ ‘සෝධන’ හාර යි.
14. එහි ‘අධිට්ඨානහාර’ කවරෙ යත්: “මනෝපුබ්බඞ්ගමා ධම්මා” යනු වේමත්ත පඤ්ඤත්ති යැ, ඒකත්‍වප්‍රඥප්ති නො වෙයි. “ධම්මා” යනු ඒකත්තතා යැ, වේමත්ත පඤ්ඤත්ති නො වෙයි, ‘මනසා චෙ පසන්නෙන’ යනු ඒ ප්‍රසාදය අව්‍යාපාදවිෂ්කම්භණයෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදය ද ඔකප්පන වශයෙන් බාහිරප්‍රසාදය දැයි දෙවැදෑරුම් වෙයි. ඒ අධ්‍යාත්මප්‍රසාදය සමුද්ඝාතප්‍රසාදය ද විෂ්කම්භණප්‍රසාදය දැයි දෙවැදෑරුම් වෙයි. (බ්‍යාපාද පරියුට්ඨානං ... විඝාතෙන?) “තතො නං සුඛමන්වෙති” යනු සුඛය කායික චෛතසික වෙයි. අප්‍රියයන්ගේ විප්‍රයෝගය ද ප්‍රියයන්ගේ සම්ප්‍රයෝගය ද නෛෂ්ක්‍රම්‍යසුඛය ද පෘථග්ජනසුඛය ද ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය ද චෛතසිකසුඛ යැ, සැහැල්ලු වූ කය ඇතියේ යම් සුවයක් විඳි ද ඒ ද කායිකසුඛ යැ, බෝධ්‍යඞ්ගයෝ චෛතසිකසුඛ යැ, සැහැල්ලු වූ කය ඇතියේ යම් සුවයක් විඳී ද ඒ සුවය ද ප්‍රඥප්තියෙන් සුඛයට පදට්ඨාන වූ යථෝක්ත වූ ඒ සුඛය කුශලධර්‍මයන් විසින් අපරාමෘෂ්ට යැ. ‘අන්වෙති’ යනු අර්‍පණාව දක්නා ලැබෙයි. මෙය පාත්‍රවූයේ නො ද අනුව යෙයි. මේ සූත්‍රය පහන් සිත් ඇති යමෙක් වේ ද හේ හේතු වශයෙන් ද, දුක්ඛවේදනීය වූ යමෙක් වේ ද හේ විපාක වශයෙන් දැයි දෙ ආකාරයෙකින් අධිෂ්ඨාතව්‍ය යි.
15. “පරික්ඛාර” යනු: භාග්‍යවත්හු පන්සියක් භික්‍ෂුසංඝයා සමග රජගහනුවරට පිවිසෙන සේක. එහි මිනිස් පුඟුලෙක් භාග්‍යවතුන් වළඳවයි, ඔහුට ප්‍රසාදය උපන, කුසල්මුල් ඇති පූර්‍වයෝගාවචර වූ ද හෙතෙම අන්‍යයනට ද කියයි. මේ වදන් පවසයි: ‘යම් කෙනකුන්ගේ නිවෙස්නට බුදුහු පිවිසෙත් ද, ඔවුනට ලාභෙයෙක, අපට ද ඉදින් (දේයධර්‍මයෙක්) වී නම් ඇපිදු භාග්‍යවතුන් වහන්සේගේ සම්ප්‍රසාදය ලබන්නම්හ’ යි. භාග්‍යවත්හු යම් තැනෙක ද එ තැන්හි ඇඳිලිබැඳ, ‘භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා’යි අව්‍යාපාද සිත් ඇතියේ එක්පසෙක සිටියේය. ඊට අනතුරුව බුදුහු මේ සූත්‍රය වදාළහ: ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යි. සියලු සූත්‍රය (දැක්වියයුතු). එහි යමක් පරහට කියා ද, මෙය වාක්කර්‍ම යැ, යම් ඇඳිලි බැඳීමෙක් ඇද්ද මේ කායකර්‍ම යැ, යම් මනස්ප්‍රසාදයෙක් ඇද්ද මේ මනඃකර්‍ම යැ, එහි යමක් මෙරමාහට පවසා ද ‘බුදුහු යම් කෙනකුන්ගේ නිවෙස්නට වඩිතී, ගුණ කියා ද, සියල්ල ඔහුගේ අලෝභකුශලමූල යැ, භාග්‍යවතුන් කෙරෙහි යම් මෙත්සිතක් ඇද්ද එය ඔහුගේ අදෝසකුසලමූල යැ, ඇඳිලිබැඳීම යැ යන යමක් ඇද්ද මානයත් නිග්‍රහ කෙරේ ද එහි දී ඔහුට අමෝහකුසලමූලය පහළ වෙයි.
යම් උදාර ප්‍රඥාවක් උපදවා ද මේ ඔහුගේ දිට්ඨිවිපල්ලාසය ප්‍රහීණවීම යැ, එසේ මැ යම් සංවරයෙක් වේ ද, මේ ඔහුගේ සඤ්ඤාවිපල්ලාසය ප්‍රහීණවීම යැ, චිත්තයාගේ යම් පැහැදීමක් ඇද්ද මේ ඔහුගේ චිත්තවිපල්ලාසය ප්‍රහීණවීම යැයි. අකුශලවිපර්‍ය්‍යාසයන්ගේ විෂ්කම්භණය ප්‍රහාණයට ප්‍රත්‍යය වේ.
තුන් කුශලමූලයෝ වෙති, යම් අනාවිල චිත්තසංකල්පයෙක් වේ ද එය ඔහුගේ මනසිකාර යයි කියනු ලැබේ. ක්ලේශයන්ගේ (ක්ලෙසෙහි?) යම් විෂ්කම්භණයක් වේ ද, මෙසේ විපල්ලාසයෝ ද ආලම්බනසප්‍රත්‍යයතායෙන් ප්‍රත්‍යය වෙයි. කුසලමූලයෝ ද සන්නිශ්‍රයතායෙන් ප්‍රත්‍යය වෙයි, ඒ මනසිකාරය ද මේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් උපන් වෙයි. එහි ශාස්තෲන් වහන්සේ අරමුණු කොට යම් සිතක් පවතී ද, මේ බුද්ධානුස්මෘති යැ, යම් භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කෙරේ ද, මේ ඔහුගේ ධර්‍මානුස්මෘති යැ, එහි සතිසම්පජඤ්ඤය හේතු යැ, මේ ප්‍රත්‍යය ද වෙයි, වචනය ප්‍රඥාවට හේතු යැ, විතර්‍ක විචාරයෝ ප්‍රත්‍ය යැ, කායසංස්කාරයෝ කර්‍මයාගේ අභිසංස්කාර නම, හේතු හෝ යි.
16. එහි ‘සමාරෝපන’ හාරය කවරෙ යැ: පහන්වූ සිත මැ හේතු කොටගෙන මෙහි විද්‍යමානවූ මැ ප්‍රසාදය වෙයි. තවද චිත්තයාගේ ව්‍යවදානයෙන් සත්‍වයෝ විමුක්ත වෙත්නුයි සත්‍වයෝ පහන් සිතින් සිත පෙරදැරි කොට ඇත්තාහු වෙති. (චේතනාජි තත්‍ථ ... එවං පඤ්චන්නම්පි පසාදො? මේ වාක්‍ය ප්‍රදේශය අතිශයින් ව්‍යාකූලව ඇත.)
“තනෝ නං සුඛමන්වෙති” යි බුදුහු කවරකු දක්වනසේක් ද යත්: (අත්තසච්චං?) ඒ කර්‍මයාගේ විපාකය නො මැ අනුව යෙයි, ඔහුගේ උපාය අනුව යෙයි? යම් කලෙක සිනාසීම් හේතුයෙන් සොම්නස උපදී ද එකල අවිප්‍රතිසාරය ද ඔහු අනුව යෙයි. මේ ‘සමාරොපනහාර’ යි.
7. 5.
මහානාම සූත්‍රය
(වහන්ස) මෙසමයෙහි මම් ස්මෘති රහිතයෙම් සම්‍යග්ඥාන නැතියෙම් කලුරිය කෙරෙම් නම් මාගේ ගති කවරක් වෙයි ද පරලොව කුමක් වේ දැ’ යි. ‘මහානාමය, නහමක් බියපත් ව, මහානාමය, නහමක් බියපත් ව, තොපගේ මරණය අලාමක වන්නේ යැ. කාලක්‍රියාව අලාමක වන්නී යැ. මහානාමය, යම් කිසිවක්හුගේ චිත්තය දීර්‍ඝරාත්‍රයෙහි ශ්‍රද්ධායෙන් පරිභාවිත (වඩන ලද) ද ශීලයෙන් පරිභාවිත ද ශ්‍රැතයෙන් පරිභාවිත දැ’ යි (විස්තරයෙන් දැක්වියැ යුතු.)
1. ත්‍යාගයෙන් ද ප්‍රඥායෙන් ද කුමක් දක්වා ද යත්: යම් ශ්‍රද්ධාවක් ඇද්ද ඕ චිත්තයාගේ ප්‍රසාදය යැ. යම් අනාවිලසංකල්පනායෙක් ඇද්ද ඕ ශ්‍රද්ධා යැ කරුණු කිම යත්: අනාවිලලක්‍ෂණ ඇති බැවිනි. එසේ මැය ශ්‍රද්ධාව අනාවිලලක්‍ෂණ ඇත්තී යැ අන්‍යයෝ මෙසේ කීහු: ගුණපාරිශුද්ධිය නිෂ්ඨා කොට දැනීම ලක්‍ෂණ වන්නී යැයි නොහොත් අන්‍යයෝ ශ්‍රද්ධාව වචන පිළිගැනීම ලක්‍ෂණ කොට ඇත්තී යයි කියත්.
අන්‍යත් පාර්‍ය්‍යායයෙකි : ඉදින් තමා මෙසේ අවකල්පන කෙරේ ද ‘මම් කිසිවක් නො දනිමි. තෙල මම් එහි (අනුඤ්ඤත්තා අනඤ්ඤථා?) මේ ශ්‍රද්ධා වේ යයි. අනිත් පරියායකුදු වෙයි: එක් සැටක් දෘෂ්ටිගතයන්ගේ ආදීනව නුවණින් දැකීමෙන් අනිත්‍ය යැ දුඃඛ යැ අනාත්ම යැයි මොනවට දක්නා ලද වෙයි. යම්සේ ගැඹුරු කූපයෙක ජලය ඇසින් දකී ද නො ද කයින් අවබෝධ කෙරේ ද එපරිද්දෙන් ඔහුට ආර්‍ය්‍ය ...
නො ද ප්‍රත්‍යක්‍ෂ කරන ලද වෙයි. මේ ශ්‍රද්ධා යයි කියනු ලැබේ. එ ද ලෞකික ශ්‍රද්ධා යි. අනිත් පර්‍ය්‍යායයෙක් වෙයි: (මෙ ද ආකූල තැනෙකි.)
ඒ සෝතාපත්ති භූමියෙහි මැ මෘදු වූ ප්‍රඥාව පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. ඒ භූමියෙහි මැ ස්කන්‍ධයන්ගෙන් අනත්‍ථික බව වෙයි, මේ ත්‍යාගය යැ, එහෙයින් ශ්‍රද්ධාව ත්‍යාගාධිෂ්ඨානයෙන් දැක්වියැ යුත්තී යැ. (යතිකෙන භිය්‍යො මනෙන?) ඒ ඔහුගේ විපරීත දෘෂ්ටි ඇති බව අශ්‍රද්ධා යැ. (සා නයනඋපධීසු?) රැස්කරනලද සමාදන් කොට ගන්නා ලද වෙයි. එහි සද්ධින්‍ද්‍රියය යමෙක් කාමය දුරලා ද මෙසේ විද්‍යමාන පාපය දුරලීමෙන් ත්‍යාගාධිෂ්ඨාන නො වෙයි. පඤ්ඤින්‍ද්‍රියයෙන් පඤ්ඤාධිට්ඨාන වෙයි. සීලයෙන් උප සමාධිට්ඨාන වෙයි, ශ්‍රද්ධා ශීල ත්‍යාග ප්‍රඥා යන මේ සතර ධර්‍මයෝ ශීලය පරිභාවන කෙරෙත්.
එහි ශ්‍රද්ධායෙන් චතුරෝඝය තරණය කෙරෙයි. යම් සීලයක් ඇද්ද මේ අප්‍රමාද යැ. යම් ත්‍යාගයෙක් ඇද්ද මේ ප්‍රඥාවගේ කර්‍ම යැ, යම් ප්‍රඥාවක් ඇද්ද මේ පඤ්ඤින්‍ද්‍රිය යැ, එහි යම් පඤ්ඤින්‍ද්‍රියයෙක් ඇද්ද එය තුන් අවෙත්‍යප්‍රසාදයන් හි වෙයි, යම් ශීලයක් ඇද්ද එය සද්ධින්‍ද්‍රියයෙහි වෙයි. යම් ත්‍යාගයෙක් ඇද්ද හේ සතර ධ්‍යානයන්හි වෙයි, යම් ප්‍රඥාවක් ඇද්ද ඒ සත්‍යයන්හි වේ. ස්මෘතිය සර්‍වත්‍රගාමිනී වේ. ඒ ශෛක්‍ෂයාගේ ගතිය භද්‍ර (සොඳුරු) වන්නීය. අභිසම්පරාය (පරලොව) භද්‍ර වන්නේ යි.