Peṭakopadesa

Piṭaka Disclosure

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1341 segments

පෙන්වන කොටස් 601-700 න් 1341

‘චත්තාරි අරිය සච්චානි” යන සූත්‍රය නිර්දේශ කෙරෙයි. මේ නික්‍ෂේප ප්‍රඥප්තියෙන් සමුදය (ප්‍රභව) ප්‍රඥප්ති යැ. “මහණෙනි ඉදින් කවලීකාරාහාරයෙහි රාගය ඇද්ද (ගෙහ සිත සොම්නස වූ) නන්‍දිය ඇද්ද තෘෂ්ණා ඇද්ද එහි ප්‍රතිසන්‍ධිවිඥානය පිහිටියේ වෙයි ... (මෙහි) ප්‍රභව ප්‍රඥප්තිය පනවනසේක. කවලීකාරාහාරයෙහි රාගය නැද්ද ... මෙහි සමුද්ඝාතය පනවන සේක.
“ඔහුගේ සිත කාමාස්‍රවයෙන් ද මිදෙයි, භවාස්‍රවයෙනුදු සිත මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදේ” යි ප්‍රහාණ ප්‍රඥප්තිය පනවනසේක. “යමක්හු විසින් තෘෂ්ණාව පුරස්කෘත ද (ඔහුගේ) ප්‍රඥාව පිරිහෙයි” යන ගාථායෙන් මනාපප්‍රඥප්තිය පනවන සේක. මෙසේ වැළීත් “මනාපපඤ්ඤත්ති’යී බුදුහු එක් ධර්‍මයක් පනවන සේක. තණ්හාව දුක්ඛ සමුදයයි කොට සියලු තන්හි තෘෂ්ණාව සමුදය යි නො මැ දැක්වියැ යුත්තේ යැ. ඒ මෙසේ යැ: “උපන් කාමවිතර්‍කය නො ඉවසයි. දුරු කෙරෙයි, බැහැර කෙරෙයි” යනු පටික්ඛේපඤ්ඤත්ති යි.
මෙසේ කුශලවූත් අකුශලවූත් සියලු ධර්‍මයන්ගේ ද ඒ ධර්‍මයාගේ යම් ධර්‍මක්‍ෂේත්‍රයෙකුත් වේ ද ඒ ධර්‍මයත් එහි පවතී, එයින් අවශිෂ්ට වූ ධර්‍මයෝ ඊට අනුවර්‍තක වූවාහු වෙත්. ඒ ප්‍රඥප්තිය පරාධීනප්‍රඥප්තිය ද ස්වාධීනප්‍රඥප්ති දැයි ද්විවිධ වන්නී ය: “මහණෙනි සමාධිය වඩවු, මහණෙනි, සමාහිතවූ මහණ යථාභූත වැ දැනගනී, රූපය අනිත්‍ය යැයි යථාභූත වැ (ඇති සැටියෙන්) දැනගනී” මේ ස්වාධීන ප්‍රඥප්ති ද පරාධීන ප්‍රඥප්ති ද වෙයි. ඕ ප්‍රඥාවගේ ද ශීලයාගේ ද ප්‍රඥප්ති වේ.
ඒ මෙසේ යැ, සතර ධ්‍යානයන් වඩවු. (මෙහි සිට පඤ්ඤත්තිහාරය අවසානය දක්වා වාක්‍යය ව්‍යාකූලය ?) මේ පඤ්ඤ්ත්තිහාර යයි කියනු ලැබේ.
12. එහි ඕතරණහාරය කවරැ :
ධර්‍ම සයෙක අවතරණය කටයුතු යැ, කවර ධර්‍ම සයෙකැ යත් : ස්කන්‍ධ ධාතු ආයතන ඉන්‍ද්‍රිය සත්‍ය පටිච්චසමුප්පාද යන ධර්‍ම සයෙහි යැ. මේ ධර්‍මයන් සදෙනා අතුරෙන් එක්තරා ධර්‍ම යෙක්හි (යම් සූත්‍රාදියක්) නො දක්නා ලැබේ නම් එබඳු සූත්‍රයක් හෝ ගාථාවක් හෝ වෙය්‍යාකරණයක් හෝ නැත. ස්කන්‍ධ යැ ධාතු යැ ආයතන යැ ඉන්‍ද්‍රිය යැ සත්‍ය යැ පටිච්චසමුප්පාදය හෝ යම් දේශනාවක් ඇද්ද ඒ සියලු මෙතෙක් මැ යි. (?)
එහි පඤ්චස්කන්‍ධයන් අතුරෙන් වේදනාස්කන්‍ධය රාග දොස මෝහයන්ට පදට්ඨාන යැ. එහි තුන් වෙදනායෙකි, එහි සුඛවේදනාවට විචාර සහිත වූ සොම්නස වෙයි, දුක්ඛවේදනාවට සවිචාර වූ දොම්නස වෙයි, අදුක්ඛමසුඛවේදනාවට සවිචාර වූ උපේක්‍ෂා වෙයි.
යළි එහි යම් වේදයිතයෙක් ඇද්ද මේ දුඃඛසත්‍ය යැ, ස්කන්‍ධයන් කෙරෙහි සංස්කාර ස්කන්‍ධය වෙයි. එහි කය ප්‍රමත්ත වූවහු සමග පවතී (?) ඒ සංඛාරගතය ද දෙපරිද්දෙකින් හවඩ්ගොතරණ කර්‍මය වෙයි. සංස්කාරයෝ ද තිදෙනෙකි: පුඤ්ඤාහිසංඛාරයෝ ද අපුඤ්ඤාභිසංඛාරයෝ ද අනෙඤ්ජාභිසංඛාරයෝ දැයි. සියල්ල සරාගයාහට යැ, වීතරාගයා හට හේතු නොවේ. (දෝසස්ස ...?) අවීතරාග වූයේ සිතන්නේ ද කරන්නේ ද වෙයි. වීතරාග වැලිත් සිතන්නේ ද වෙයි. අභිසංඛරණය නො කෙරෙයි. යම්සේ උෂ්ණ වූ වජ්‍රය කාෂ්ටයෙකැ හෝ වෘක්‍ෂයෙකැ හෝ අන් තැනෙක හෝ වැටෙනුයේ බිඳිනේත් දවන්නේත් වේ ද, එසෙයින් සරාග වූයේ චේතනා සිතන්නේත්, කර්‍ම රැස් කරන්නේත් වෙයි. යම්සේ සිත වූ වජ්‍රය (කාෂ්ටාදිය) නො බිඳි ද නො ද දවාද, එසෙයින් වීතරාග වූයේ සිතිවිලි සිතයි. නො ද අභිසංස්කාර වේ යයි. එහි පඤ්චස්කන්‍ධයන් අතුරෙන් එක් ස්කන්‍ධයෙක් අනින්‍ද්‍රියශරීර යැ, සංඥාස්කන්‍ධ යි.
එහි ධාතුහු (?) අටළොස් ධාතූහු වෙති, එහි යම් රූපී වූ දස ධාතු කෙනෙක් වෙත් ද ඔවුන් දෙසනු ලබන කල්හි රූපස්කන්‍ධය දැක්වියැ යුතු යැ, එය දුඃඛාර්‍ය්‍යසත්‍යය වෙයි, මනෝධාතුව සත්වැනි කොට ඇති යම් ෂඩවිඥානකාය කෙනෙක් ඇද්ද එහි විඥානස්කන්‍ධය ද දුඃඛාර්‍ය්‍යසත්‍යය ද දැක්විය යුතු යැ, ධර්‍මධාතුව වැලිත් ධර්‍මයන්ගේ සමෝසරණයෙකි. යම් ධර්‍මයෙක් හේතුයෙන් ද නිෂ්‍යන්‍දයෙන් ද ඵලයෙන් ද කෘත්‍යයෙන් ද වෙවචනයෙන් ද යම් යම් ධර්‍මයෙකින් ලැබේ ද ඒ ඒ ධර්‍මයෙන් දැක්වියැ යුත්තේ යැ, ඉදින් කුශල හෝ අකුශල හෝ අව්‍යාකෘත හෝ අසංඛතධාතු හෝ යි. දොළොස් ආයතනයන් අතුරෙන් රූපී දසආයතනයෝ දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි දැක්වියැයුතු යැ. රූපස්කන්‍ධය ද මනායතනය ද විඥානස්කන්‍ධයෙන් දැක්වියැ යුතු යැ, එය දුඃඛාර්‍ය්‍යසත්‍යය වෙයි, ධම්මායතනය නානා ධර්‍මයන්ගේ සමෝසරණ යි.
එහි ඉන්‍ද්‍රියයන් අතුරෙන් යම් ධර්‍ම කෙනෙක් ඉන්‍ද්‍රියයන්හි ලා දැක්විය යුත්තාහු ද අනින්‍ද්‍රියයන් අතුරෙන් යම් ධර්‍ම කෙනෙක් අනින්‍ද්‍රියයන්හි ලා දැක්වියැ යුත්තාහු ද (ඔහු) පරියාය වශයෙන් ද අවතරණය කටයුත්තාහු ය. යම් ධර්‍මධාතුවක් යම්සේ ද එපරිද්දෙන් ධර්‍මායතනය ද සෙවියැ යුතු යැ. එසේ මැ ය, යම් මැ ධර්‍මධාතුවක් ඇද්ද එය මැ අනූන වූ අනධික වූ ධර්‍මායතනය වේ.
එහි පටිච්චසමුප්පාදය ත්‍රිවිධ වූයේ නැත. චතුර්විධ වූයේ නැත, ද්විවිධ වූයේ නැත. එහි පටිච්චසමුප්පාදය හේතු යැ ඵල යැ නිෂ්‍යන්‍ද යයි ත්‍රිවිධ වෙයි. අවිච්ජා සංඛාර තණ්හා උපාදාන ද යන මේ හේතු යැ විඤ්ඤාණ යැ නාමරූප යැ ජට්ඨායතන යැ ඵස්ස යැ වේදනා ද යන මේ ප්‍රත්‍ය යැ, යම් භවයෙක් ඇද්ද මේ විපාක යැ, යම් ජාතියක් මරණයක් වේ ද මේ නිස්සන්‍ද යි.
කිසෙයින් චතුර්විධ වෙයි යත්: හේතු යැ ප්‍රත්‍ය යැ විපාක යැ නිෂ්‍යන්‍ද යැයි චතුර්විධ යි. අවිජ්ජා තණ්හා සංඛාර උපාදාන ද යන මේ හේතු යැ. විඤ්ඤාණය නාම රූපයට ප්‍රත්‍යය වෙයි, (විණ්ණාණයෙන්) නාමරූපය උපදී. එසේ උපන්නහුට ෂඩායතනය ද ඵස්සය ද වේදනා ද යන මේ ප්‍රත්‍යය වෙයි. යම් භවයෙක් ඇද්ද මේ විපාක යැ, යම් ජාතියක් යම් ජරාමරණයකුත් ඇද්ද මේ නිෂ්‍යන්‍ද යි.
කිසෙයින් පටිච්චසමුප්පාදය ද්විවිධ වෙයි යත්: අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන යන මේ සමුදය යැ, විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා භව ජාති මරණ ද යන මේ දුඃඛ යැ. යළි අවිද්‍යා නිරෝධයෙන් සංඛාරනිරෝධය වෙයි. (මෙසේ) තත්ප්‍රතිපක්‍ෂතායෙන් මේ සත්‍යයෝ දෙදෙන වෙති. එහෙයින් පටිච්චසමුප්පාදය යම් අයුරෙකින් වදාරන ලදද ඒ ඒ අයුරින් දැක්විය යුත්තේ යි.
එසෙයින් දෙවිසි ඉන්‍ද්‍රියයෝ, වෙති: (ද්වාදස ... එවං ඉත්‍ථි ? මෙ ද ව්‍යාකුල තැනෙකි.) එහි සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රියට අනුවර්‍තක වෙති. ඔහුට අධ්‍යාශය පරිපූර්‍ණ වූ ලෝභධර්‍මයෝ කුශලමූලයන් වර්ධනය කෙරෙති. ඉදින් ඔහුගේ මේ අධ්‍යාශය පිරීමට නොයේ නම්, ඔහුට දුක්ඛින්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද පවතී. දොස අකුසලමූලය ද වැඩෙයි. ඉදින් වැලිත් උපේක්‍ෂාව වඩා නම්, උපෙක්ඛින්‍ද්‍රියට අනුවර්‍තක වේ නම් අමෝහකුසලමූලය ද වඩයි. (ඉති සත්තඉන්‍ද්‍රියානි ... මෙ ද ශුද්ධවිය යුතු තැනෙකි.
එහි ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති. සද්ධින්‍ද්‍රිය පටන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දක්වා යි. මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා යැ, දසවැදෑරුම් පඤ්ඤින්‍ද්‍රියයන් අතුරෙන් (?) කාම රාගයට පදට්ඨාන යැ, මනින්‍ද්‍රිය භවරාගයට පදට්ඨාන යැ, පඤ්ඤින්‍ද්‍රියෝ (?) රූප රාගයට පදට්ඨාන යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රිය ද සත්ත්‍වප්‍රඥප්තියට පදට්ඨාන යැ, එහි යම් යම් ඉන්‍ද්‍රියයෙකින් යුක්ත වූයේ හෝ ගාථායෙන් අවතරණය කරන්නට හැකි වූයේ නම් ඒ ඒ ඉන්‍ද්‍රියයෙන් දැක්විය යුත්තේ යි. මෙසේ ස්කන්‍ධ ධාතු ආයතන සත්‍යය පටිච්චසමුප්පාදයන්හි අවතරණය කටයුත්තේ යි. මේ ඕතරණහාර යි.
13. එහි සෝධනහාර කවරැ :
ගාථා තුනක් එක් ආරම්භයෙකින් වදාරනු ලැබෙත්. එහි එක් ගාථාවක් වදාළ කල්හි සෙසු ගාථා නො වදාළ කල්හි (ගාථායෙහි) ඒ අර්‍ත්‍ථය නොදැක්වියැයුතු යැ, කරුණු කිම යත් : එතෙක් ඒ අර්‍ත්‍ථය නො වදාළ හෙයිනි. ඒ නො වදාළ අර්‍ත්‍ථය දක්වන්නට නො හැක්ක. ඒ කිසේ යැ : “අප්පමාදො අමතපදං” යන ගාථාව යැ, මේ එක ගාථාව නො දැක්විය යුත්තී යැ, කරුණු කිම ප්‍රත් : මේ ආරම්භයාගේ නො වදාරන ලද අර්‍ත්‍ථයෙක් ඇත:
15. “ප්‍රාඥ වූ පණ්ඩිතයෝ අප්‍රමාදයෙහි තෙල (ප්‍රමත්තයාහට සසර වටින් නිස්සරණයෙක් නැත, අප්‍රමත්තයාහට ඇත යන) විශේෂය වෙසෙසින් දැන අප්‍රමාදයෙන් සතුටු වෙති, ඔහු බුද්ධාදි ආර්‍ය්‍යයන්ට ගෝචර වූ සතර සීවටන් ආදි ධර්‍මයෙහි ඇලුණහු වෙති” යන–
මෙය අභාසිත යැ, මේ ගාථාව වදාළ කල්හි දු අර්‍ත්‍ථය නො දැක්වියැ යුතු යැ. කරුණු කිම යත් : එහි අවශිෂ්ටයෙක් ඇත: “තෙ ඣායිනෝ සාතතිකා නිච්චං දළ්හපරක්කමා” යන ගාථාව යැ. මෙසේ මේ ගාථාවෝ යම් විටෙක විමසල ලද්දාහු වෙත් ද එකල්හි අර්‍ත්‍ථය දැක්වියැ යුත්තේ යි.
මෙසේ නො ඇසූවිරූ සූත්‍රයන්හි හෝ වෙය්‍යාකරණයන්හි හෝ එක් උද්දේසයක් කියන ලද්දේ ය, (එහි) යම් විමංසාවක් තුලනාවක් ඇද්ද, මේ කිස ඇත. (?) මේ සූත්‍රය භාසිත යැ. ඒ සූත්‍රයාගේ වෙවචනය දක්වන ලද හෝ නො දක්වන ලද හෝ දැයි එහි යම් වීමසංසාවක් ඇද්ද, මේ සෝධනහාර යයි කියනු ලැබේ.
14. එහි අධිට්ඨානහාර කවරැ:
ඒකත්තතා සංඛ්‍යාත සාමාන්‍යය ද වේමත්තතා සංඛ්‍යාත විශේෂය ද වෙයි. එහි කෘතප්‍රඥප්ති ද කෘත්‍යප්‍රඥප්ති ද වෙයි. (සා ඒකත්තතා ච ... ? මේද ව්‍යාකුල තැනෙකි.) ප්‍රකර්‍ෂයෙන් දැනගනී නුයි පඤ්ඤා නමු. එ ද අධිපතිභාවාර්‍ත්‍ථයෙන් “පඤ්ඤත්ති” නමු. (යං අනෝමත්තියට්ඨෙන?) පඤ්ඤත්ත නම් වේ ද, එය අවිද්‍යාවෙන් කම්පා නොවන අර්‍ත්‍ථයෙන් පඤ්ඤාබල නම් වෙයි. (තනුභූතා ගෝචරත්තවසා?) ඒ සතිය මැ රත්නත්‍රයෙහි පුන පුනා පැවැතීම් වශයෙන් අනුස්සති” නම් වේ. අවිපරීත ව සිහිකිරීම් වශයෙන් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති නම් වේ. සම්‍යග්දෘෂ්ටිධර්‍මයන් ප්‍රකාරයෙන් විමසීමෙන් ධම්මවිචය සබ්බොජ්ඣඞ්ග වෙයි. අභිනීහාර වශයෙන් අභිඤ්ඤා වේ යයි. (සඞ්ඛේපෙන මග්ගා කා?) වස්තූන්ගේ අවිකෝපනතායෙන් ඒකත්‍වය වේ. ඒ මෙසේ යැ: උෂ්ණය හා සංසෘෂ්ට වූයේ උණෙහාදක යැ, සීතය හා සංසෘෂ්ට වූයේ සීතොදක යැ, ක්‍ෂාරෝදක යැ ගුඩොදක යැ යන මේ ඒකත්තතා ද වේමත්තතා ද වෙයි.
යළි ධර්‍මයෙක් නානාධර්‍මයන් හා සංගත වූයේ ඒකත්තතායෙක් ඇත. ඒ මෙසේ යැ: රූපය චතුර්විධ කොට දැක්විය යුතු යැ, එද ‘රූප යනු ඒකත්තතා යැ, පඨවිධාතු ආපෝ–තේජෝ–වායෝධාතු යනු වේමත්තතා යි. සියලු සතර ධාතූහු මෙසේ යි. ‘රූපං’ යනු ඒකත්තතා යැ, පඨවි ධාතු ආපෝ–තොජො–වායෝධාතු වේමත්තතා යැ, ‘පඨවිධාතු’ යනු ලක්‍ෂණ විසින් ඒකත්තතා යැ, සංකීර්‍ණවස්තු විසින් වේමත්තතා යි. “යං කිඤ්චි කක්ඛළලක්ඛණං සබ්බං තං පඨවීධාතු” යනු ඒකත්තතා යැ, “කේසා ලෝමා නඛා දන්තා ජවි චම්මං” යනු වේමත්තතායි. සියලු සතර ධාතූහු මෙසේ යි. ‘රූපං’ යනු ඒකත්තතා යැ. ‘සද්දා ගන්‍ධා රසා ඵොට්ඨබ්බා’ යනු වේමත්තතා යි.
යළි වේමත්තතා ධර්‍මයෙක් ඇත: එය අන් නාමයක් ලබයි. ඒ මෙසේ යැ කායානු පස්සනායෙහි නව සංඥායෙකි : විනීලකසඤ්ඤා උද්ධුමාතකසඤ්ඤා ... මේ අශුභ සංඥා යැ, යම් ඒකත්තතාවක් ආලම්බන හෙයින් වෙමත්තා වේ ද,
එය මෙසේ සඤ්ඤා වේදනාවන්හි ආදීනව දක්නහුට (සා එවං ... චිත්තානුපස්සනා ?) මෙසේ යම් කිසි ඤාණූපචාරයෙක් ඇද්ද එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රඥාවට ගෝචර වෙයි. මේ වේමත්තතා යි. ඒ මෙසේ යැ: කාමරාග යැ භවරාග යැ දිට්ඨිරාග යැ යන මේ තණ්හාවට වේමත්තතා යි. මෙසේ ඒකත්තතා පිළිබඳ වූ ද වේමත්තතා පිළිබඳ වූ ද යම් ඥානයක් වීමංසනාවක් තුලනාවක් වේ දැ මේ අධිට්ඨානහාර නම් වේ.
15. එහි පරික්ඛාරහාරය කවරැ :
සහේතු සප්‍රත්‍යය වූ ව්‍යවදානය ද සංක්ලේශය ද වෙයි. ඒ වෝදාන සංකිලේස දෙක පිළිබඳ යම් පර්‍ය්‍යෙෂණයෙක් වේ ද, එය පරික්ඛාරහාර නම් වේ. මෙසේ සහේතුක වූ සියලු ධර්‍මයන්ගේ හේතුව සෙවියැ යුතු යැ, සප්‍රත්‍යයධර්‍මයන්ගේ ප්‍රත්‍යය සෙවියැයුත්තේ යි.
එහි හේතුහුගේ ද ප්‍රත්‍යයාගේ විශේෂය කවරැ : සමානභාවය හේතු යැ, එයින් අන්‍යභාවය ප්‍රත්‍යය හැ, පර (අන්‍ය) භාවයට හේතුව ද ප්‍රත්‍යය වෙයි, සභාව හේතුව කිසියම් පරභාවයකට ප්‍රත්‍යය වෙයි, නො කියන ලද්දේ හේතු යැ. කියන ලද්දේ ප්‍රත්‍ය යැ. ආධ්‍යාත්මික වූයේ හේතු යැ, බාහිර වූයේ ප්‍රත්‍ය යැ, සමානභාවය හේතු යැ, අන්‍යභාවය ප්‍රත්‍ය යැ. නිපද වනුයේ හේතු යැ, පරිග්‍රාහක වූයේ ප්‍රත්‍ය යැ. නේවාසික වූයේ හේතු යැ, ආගන්තුක වූයේ ප්‍රත්‍ය යැ, අසාධාරණ වූයේ හේතු යැ, සාධාරණ වූයේ ප්‍රත්‍ය යැ, එකලා වූයේ හේතු යැ, අපරාපර වූයේ ප්‍රත්‍යය යි.
හේතුහුගේ උපකරණය එළැවියැයුතු යැ, සමුදානය හේතු යි. එහි හේතුව ද්විවිධ යැ, ප්‍රත්‍යය ද්විවිධ යැ, සමනන්තරහේතුව ද පරම්පරාහෙතුව ද ද්විවිධ හේතු යි. එහි පරම්පර ප්‍රත්‍යය කවරෙ යත්: අවිද්‍යාව නාමරූපයට පරම්පරප්‍රත්‍යය වෙයි. විඤ්ඤාණය සමනන්තර ප්‍රත්‍යයභාවයෙන් ප්‍රත්‍යය වෙයි. ඉදින් ආදියෙහි අවිද්‍යානිරෝධය වේ නම් නාම රූපයාගේ නිරෝධයත් වෙයි. එහි සමන්තරප්‍රත්‍යය කවර කරුණෙකින් පරම්පර ප්‍රත්‍යයත් සමනන්තරප්‍රත්‍යයත් එළවන ලද ද (අයං පච්චයො ... සො තාහි පස්සිතබ්බො?)
පටිච්චසමුප්පාදය මෙසේ යැ: අවිද්‍යාව ප්‍රත්‍යයධර්‍මයෙකි. ඒ අවිද්‍යාප්‍රත්‍යයට වැලිත් කුමක් ප්‍රත්‍යය වේ ද: අයෝනිසෝමනසිකාරය යි. හේ කවරක්හට ප්‍රත්‍යය වේ ද, සංස්කාරයන්ට ප්‍රත්‍යය වෙයි. මෙසේ ප්‍රත්‍යය ද ප්‍රත්‍යයසමුත්පන්නය ද වෙයි, ඒ අවිද්‍යා ප්‍රත්‍යය හේතු කවරෙ යැ: අවිද්‍යාව මැ යි. ඒ එසේ මැ ය: (අවිද්‍යාවගේ) පූර්‍වකෙළවර නො පැනෙයි. එහි අවිද්‍යානුශය අවිජ්ජාපරියුට්ඨානයට හේතු යි. හේතුව පූර්‍ව වෙයි. ප්‍රත්‍යය පසුව වේ. ඒ අවිද්‍යාව ද සංස්කාරයන්ට සතර කාරණයෙකින් ප්‍රත්‍යය වෙයි: සහජාත ප්‍රත්‍යභාවයෙන් සමනන්තරප්‍රත්‍යතායෙන් අභිසන්‍දනප්‍රත්‍යතායෙන් පතිට්ඨාන ප්‍රත්‍යතායෙන් යන සතර කරුණෙනි.
කිසෙයින් සහජාතප්‍රත්‍යතායෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වෙයි යත්: යම් සිතක් රාගයෙන් මඩනා ලද ද, එහි අවිජ්ජා පරියුට්ඨානය හේතු කොට ගෙන සියලු ප්‍රඥාගෝචරය නසයි. (තත්‍ථ සංඛාරා ... ?) මේ අවිද්‍යාව එක්ව උපන් ධර්‍මය සමග වෘද්ධියට වැඩීමට විපුල බවට පැමිණෙන්නී සතර කරුණෙකින් ප්‍රඥාව ප්‍රහීණ කෙරෙයි කවර සතරෙකින යත්; අනුශය යැ පරියුට්ඨාන යැ සංයෝජන යැ උපාදාන යැ යන සතරෙනි. එහි අනුසය පරියුට්ඨානය උපදවයි පරියුට්ඨාන වූවා සංයුක්ත වෙයි, සංයුක්ත වූවා උපාදානය කෙරෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. (එවං තේ ... සබ්බයුත්තං නික්ඛිපිතබ්බං? මේ වෘක්‍ය ප්‍රදේශය ද, ව්‍යාකුලය)
තථාගත බලයෝ දසදෙනෙකි, වෛසාරද්‍යයෝ සතර දෙනෙකි. (පුඤ්ඤනි අනඤ්ඤකතං?) අවිද්‍යාව සමන්තර ප්‍රත්‍යභාවයෙන් සංස්කාරයන්ට ප්‍රත්‍යය වෙයි, යම් සිතක් සමග උපන් අවිද්‍යාව ඒ සිතට සමන්තරව සිතක් උපන් නුයි ඒ සිතට සමන්තරව යම් සිතක් උපන්නුයි ඒ පශ්චිම චිත්තයට පූර්‍ව චිත්තය හේතු ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. එහෙයිනුත් අවිද්‍යාව, හේතු යි. ඒ සිතින් උපාදානව අවකාස නො කරන ලද ඥානය නූපදී. ඔහුගේ යම් අප්‍රමාද ධාතුවක් අභිධ්‍යායෙන් යුක්ත වූ ද, එහි අශුභයෙහි ශුභ යැ දුඃඛයෙහි සුඛ යැ යන විපර්‍ය්‍යාසයෝ උපදිත්. එහි රාගයෙන් රත් වූ, ද්වේෂයෙන් දුෂ්ට වූ සංස්කාරයෝ උපදිත්. මෝහයෙන් මූඪ වූවහුගේ චේතනාව රාගපරියුට්ඨානයෙන්, ව්‍යාපාදරියුට්ඨානයෙන්, අවිද්‍යා පරියුට්ඨානයෙන් දිට්ඨි විපල්ලාසය වස්තු නිර්දේශයෙහි ලා දැක්වියැ යුතු යැ. විපරීත සිත් ඇතියේ යමක් දැනගනී ද මේ චිත්ත විපල්ලාස යැ, යම් විපරීත සංඥාවක් ගනී ද මේ සඤ්ඤාවිපල්ලාස යැ, යම් විපරීත දෘෂ්ටියකට බැසගනී ද මේ දිට්ඨිවිපල්ලාස යි.
අටවැදෑරුම් මිච්ඡත්තයෝ තුන් අකුශලයන් වඩත්. අයෝනිසෝ මනසිකාරයෙහි උපන් විඤ්ඤාණය ද විද්‍යාව ද, කෙරෙත් (ද) ඉතිපුබ්බා පරන්තෙ ... සංඛාරා භවන්ති?) මෙසේ අවිද්‍යාව සතජාත ප්‍රත්‍යභාවයෙන් ද සමන්තර ප්‍රත්‍යභාවයෙන් ද සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ.
කී සෙයින්, අභිසන්‍දනාකාරයෙන් අවිද්‍යාව සංස්කාරයන්ව ප්‍රත්‍යය වෙයි යත්: ඒ අවිද්‍යාව, ඒ සංස්කාරයන් අභිසන්‍දනය කෙරෙයි, පැතිරැගෙන සිටී. යම් සේ උපුලක් හෝ පියුමක් හෝ උදකයෙහි වැඩෙනුයේ සිහිල් දියෙන් තෙත්වූයේ හාත් පසින් තෙත්වූයේ වෘද්ධියට වැඩීමට විපුල බවට පැමිණේ ද, එපරිද්දෙන් අභිසන්‍දනාර්‍ත්‍ථයෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වේ.
කී සෙයින් පතිට්ඨානාර්‍ත්‍ථයෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ ද යත්: ඒ සංස්කාරයෝ අවිද්‍යාව නිසා වෘද්ධියට වැඩීමට විපුල බවට පැමිණෙති. යම් පරිදි උපුලක් හෝ පියුමක් හෝ පඨවිය නිසා පඨවියෙහි පිහිටා වෘද්ධියට වැඩීමට විපුලබවට පැමිණේ ද, එපරිදි තෙල සංස්කාරයෝ අවිද්‍යාව නිසා අවිද්‍යාවෙහි පිහිටියාහු වෘද්ධියට වැඩීමට විපුලබවට පැමිණෙත්. මෙසේ පතිට්ඨානාර්‍ත්‍ථයෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ.
යළි රාගසහගත කර්‍මයාගේ විපාකයෙන් ප්‍රති සන්‍ධියෙහි ලා භවය උපදී. ඒ සියල්ල නොදැනීම් වශයෙන් කර්‍මයට පිවිසියේ වෙයි. (ඔහු) පුනර්‍භවය ඇති කරන සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේත් අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ ඇත. යළි (පඤ්චසු?) යම් ශෛක්‍ෂ පුද්ගල කෙනෙක් වෙත් ද යම් අසංගදී සමාපත්තියට සමවන්නා හු වෙත් ද, භවගත වූ යම් කෙනෙකුත් වෙත් ද, අන්තොගත වූ මැ සංසේදජ වූ යම් කෙනෙකුත් වෙත් ද, (යෙ ච වා පන අඤ්ඤාහි, කෝචි?) අනාගාමී වූවා හු චේතනා නො කෙරෙති ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙත්. ඔවුනට සංස්කාරයෝ කුමක් ප්‍රත්‍යය කොට ඇත්තා හු ද, (යළි රාගය හේතු කොට ගෙන – අත්‍ථා තෙසං ගතො භවති?)
මෙසේ මැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. (පුන සා?) උපාදානයෝ නො වෙති, සංස්කාරයෝ නො ද වෙත්. යළි ඔවුනට සත් අනුශයයෝ නො නසන ලද්දාහු අසමුච්ඡින්න වූවාහු ඇත, විඥානයාගේ පිහිටීමට එය අරමුණු වෙයි. විඥාන ප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි. මෙසේත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්.
නැවත ඒ අවිද්‍යාව ආචයගාමී වූ යම් කිසි කර්‍මයක් ඇද්ද ඒ සියල්ල අවිද්‍යා වශයෙන් රැස් කරනු ලැබෙයි. කෘෂ්ණා වශයෙන් ඇලෙයි, නො දැනීම් වශයෙන් එහි ආදීනව ද නො දනී, එය මැ ප්‍රතිසන්‍ධි විඥානයට බීජ වෙයි. ඒ අවිද්‍යාව මැ තෘෂ්ණාවට සෙනහ වෙයි. ඒ අවිද්‍යාව මැ සම්මෝහ වේ යයි. මෙසේත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ කියැයුත්තාහු යැ. මෙසේ මේ ආකාරයෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ.
එහි අවිද්‍යාව හේතු යැ, අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍ය වේ. එහි අවිච්ඡේදය වෙයි, මේ එහි තුන් වැනි බලය (නිවත්ති?) මේ පටිසන්‍ධි යැ, එහි පුනර්‍භවය වෙයි, අසමුද්ඝාතාර්‍ත්‍ථයෙන් නො සිඳී පැවැත්මෙක් වේ ද, මේ අනුශය යි, යම්සේ පතාකයක් හෝ සළුවක් හෝ (දේවජනා ... තණ්හාපහානං ගමඡන්ති ? – මුළු වාක්‍යයැම විපරීත ව ව්‍යාකූලව ඇත.)
එහි අවිද්‍යාවගේ අසමුද්ඝාතය ද අනුශය ද චිත්තයට පරිබෝධ වෙයි. මේ පරියුට්ඨාන යි. යථාභූතව – ඇති සැටි) විඥානයාගේ අප්‍රතිවේධයෙක් වේ ද මේ අවිද්‍යාස්‍රව යි. අවිද්‍යාව විඥානයට බීජ වෙයි. යමක් බීජ වේ ද ඒ හේතුව නොසිඳී පවතී. නො සිඳී පවත්නේ ප්‍රතිසන්‍ධානය කෙරෙයි. ප්‍රතිසන්‍ධානය කරනුයේ සමුද්ඝාතයට නො යෙයි. සමුද්ඝාතයට නො පැමිණියේ සිත හාත්පසින් බැඳ ගනී. හාත්පසින් බැඳුණු සිත් ඇතියේ යථාභූත ව නො දනී.
මෙසේ විඥානයාගේ සාස්‍රවාර්‍ත්‍ථය අවිද්‍යාර්‍ත්‍ථ යැ, හේතු අර්‍ත්‍ථය අවිච්ඡේදාර්‍ත්‍ථය යැ. අනිවත්ති (නොනවත්නා) අර්‍ත්‍ථය ඵලාර්‍ත්‍ථ යැ, ප්‍රතිසන්‍ධි අර්‍ත්‍ථය පුනර්‍භවාර්‍ත්‍ථ යැ, අසමුද්ඝාතාර්‍ත්‍ථය අනුශයාර්‍ත්‍ථ යැ, සම්පරිබෝධාර්‍ත්‍ථය පරියුට්ඨානාර්‍ත්‍ථ යැ, අසම්ප්‍රතිවේධාර්‍ත්‍ථය අවිද්‍යාර්‍ත්‍ථ යි. මෙතෙක් අවිද්‍යාවගේ කේෂ්ත්‍ර ය දක්වන ලද්දේ වේ. මේ පරික්ඛාරහාරය යි කියනු ලැබේ.
16. එහි සමාරෝපන භාර කවරෙ යැ:
ඒ ධර්‍මය උද්ඝාටනය කළ කල්හි විද්‍යමාන වූ මැ විස්තරය කියැයුතු ය, ඒ විස්තාර විධිය දත යුත්තේ යැ. මේ සමාරෝපන හාර නම් වේ.
එහි නාමනිර්දේශය උපඝටක වෙයි, වස්තු නිර්‍දෙශය වේවචන යැ. වස්තු වූයේ විස්තරය යි. ඒ කෙසේ යැ යත්: යම් මහණෙක් නිවෘත්තියෙන් ප්‍රහාතව්‍ය වේ ද, මේ උපඝටනා යැ.
එහි සමාරෝපන කවරෙ යැ: රූපරාගය හෝ (කිඤ්චි න වත්තබ්බං ... අවසිට්ඨං පරෝපති : මේ කොටස ද අර්‍ත්‍ථයක්, නගාගත නො හැකි පරිදි ව්‍යාකූලව ඇත ?)
“අනිස්සිතස්ස චලිතං නත්‍ථි” යනු ඔහුට මෙසේ දෘෂ්ටියගේ ද, තෘෂ්ණාවගේ ප්‍රහාණය වෙයි, එහි දෘෂ්ටි අවිද්‍යාවන්ගේ නිරෝධය පිණිස (?) යථාභූතවිඥානය රාගයට කාරණ වූ ධර්‍මයන් කෙරෙහි වඳුරකුට බඳු උපමා ඇතියෙන් ඒ ඒ ධර්‍මයට පැමිණ අන් දහමකට (අරමුණකට) දිවෙයි, වැලි ඔහුට රාගය ඉපදීමට කාරණ වූ පරිත්ත ධර්‍මයන්හි ද ඡන්‍දරාගයෙක් නැත, එහෙයින් චලනය කොහි යැ, අධිමාත්‍ර වූ සත්‍වයන් කෙරෙහි (?) සිත පිහිටුවයි, ඒ අප්‍රතිෂ්ඨාන වූ විඥානය අනාහාර වැ නිරුද්ධ වෙයි. විඥානයාගේ නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි. ජරාමරණ නිරෝධය දක්වා (විස්තරයි) මේ සමාරෝපණ යි.
එහි රාගවශයෙන් විඥානයාගේ චලිතය (සැලීම) වෙයි. හේ පරිග්‍රහයයි (දැඩි කොට ගැනීම යැ) ඒ තෘෂ්ණා වශයෙන් සැලීම නැති කල්හි පරික්ලේශෝපචාර වූ යම් ත්‍රිවිධාග්නියෙක් ඇද්ද හේ සන්හිඳුණේ වේ. එයින් වදාළ හ: “චලිතෙ අසති පස්සද්ධි හොති” යි. එහි මේ සමාරෝපණා යැ. සන්හුන් කය ඇතියේ කායික සුවය විඳියි. සුඛිත වූවහුගේ සිත සමාධියට පැමිණෙයි (සිත) කෙලෙසුන් කෙරෙන් මිදිණැයි ඥාන දර්‍ශනය (ප්‍රත්‍යවේක්‍ෂාඥානය) වෙයි යනු දක්වා විස්තර යි.
හේ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අර්‍හත්ඵල විමුක්තියට පැමිණෙයි, විමුක්ත සිත් ඇති ඔහුට පටිසන්‍ධි විසින් ආගමනය ද චුති විසින් ගමන ය ද (ආගති ගති) නැති කල්හි මෙලොවැ නො මැ වෙයි, පරලොවැ නො වෙයි, උභය ලෝකයෙහි මැ නො වෙයි, මෙය මැ වට්ට දුක්ඛයාගේ අන්තය වේ යයි අනුපාදිසේස නිබ්බාන ධාතු වේ. මේ ඒ සූත්‍රයාගේ මාධ්‍යයෙහි සමාරෝපිතය පටිච්ච සමුප්පාදයෙහි ද විමුක්තියෙහි ද, යෝගය වෙයි. තෙල සැකෙවින් වදාරන ලද ඒ සූත්‍රයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් නො ද විභාග කරන ලදැයි. මේ සමාරෝපන හාරයයී කියනු ලැබේ.
සංකි ලෙස භාගිය සූත්‍රයෙන් සංකිලෙසභාගිය සූත්‍රයෙක් නො ද සමාරෝපන කටයුතු යැ. යම් ධර්‍ම කෙනෙක් සමාරෝපනය කළ යුත්තා හු ද (ඔවුන් හැර) අන්‍යධර්‍මයෝ සමාරෝපන නො කටයුත්තාහ. වාසනාභාගිය නිබ්බේධභාගිය සූත්‍රයෙහි ද මෙසේයි.
මේ සමාරෝපන හාර යි.
මොහු සොළස හාරයෝ යි.
ජම්බූවනවාසී සුවීර වූ මහාකච්චායන තෙරණුවන්ගේ පෙටකෝපදේසයෙහි හාරවිභඞ්ග නම් වූ පඤ්චම භූමිය සමාප්තයි.
6. ෂෂ්ඨ භූමි - සුත්තත්‍ථසමුච්චය
6-1. භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය තුන්පරිද්දෙකින් සංග්‍රහයට යෙයි: ස්කන්‍ධ–ධාතු ආයතනයන්හි යැ.
එහි පඤ්චස්කන්‍ධයෝ නම් : රූපස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධය දක්වා ඇති පස ද රූපායතනයෝ දසයෙකි. : ඇස ද රූපයෝ ද – කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද යන මේ රූපස්කන්‍ධ යි.
එහි සවැදෑරුම් වේදනාකාය වේදනාස්කන්‍ධය යැ : චක්ඛු සම්ඵස්සජ වේදනා යැ – මනෝසම්ඵස්සජවේදනාව දක්වා ඇති මේ සැවැදෑරුම් වේදනා වේදනාස්කන්‍ධ යි.
එහි, සැවැදෑරුම් සංඥාකාය සංඥාස්කන්‍ධ යැ, රූපසංඥාව (ආදිකොට) ධර්‍මසංඥා දක්වා ඇති මේ ෂට්සංඥාකාය සංඥාස්කන්‍ධ යි.
එහි සවැදෑරුම් චෙතනාකාය සංස්කාරස්කන්‍ධ යැ: රූප සඤ්චේතනා (ආදි කොට) ධර්‍මසඤ්චේතනා දක්වා මොහු සදෙන චෙතනාකාය යැ, මේ සංස්කාරස්කන්‍ධ යි.
එහි සවැදෑරුම් විඥානකාය විඥානස්කන්‍ධ යැ, චක්ඛුවිඤ්ඤාණය (ආදි කොට) මනෝ විඤ්ඤාණය දක්වා මොහු සදෙන විඥානකාය යැ. මේ විඥානස්කන්‍ධ යි.
ඒ පඤ්චස්කන්‍ධයන්ගේ, පරිඤ්ඤා කවර යැ: අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යැ යන මොහු යි. මේ ස්කන්‍ධයන්ගේ තෙල අනිත්‍යාදි වශයෙන් දැනීම ‘පරිඤ්ඤා’ නම් වී.
එහි ස්කන්‍ධාර්‍ත්‍ථය කවරෙ යත්: සමූහභාවය ස්කන්‍ධාර්‍ත්‍ථ යැ පුඤ්ජභාවය ස්කන්‍ධාර්‍ත්‍ථ යැ රාශිභාවය ස්කන්‍ධාර්‍ත්‍ථ යැ. ඒ මෙසේ යැ: ද්‍රව්‍යස්කන්‍ධ යැ වනස්කන්‍ධ යැ දාරුස්කන්‍ධ යැ අග්නිස්කන්‍ධය යැ උදකස්කන්‍ධ යැ වායුස්කන්‍ධ යැ යනු මෙනි. මෙසේ ස්කන්‍ධයන්හි සියල්ල සංග්‍රහ වූ ස්කන්‍ධාර්‍ත්‍ථය මෙසේ දතයුතු.
6-2. එහි අටළොස් ධාතු කෙනෙක් වෙති: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු යැ ... මනෝධාතු ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු යැ යන මොහු අටළොස් ධාතූහු යි. ඔවුන්ගේ අනිත්‍යාදි වශයෙන් දැනීම අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යැ යන මොහු යි. මේ තෙල ධාතූන්ගේ පරිඤ්ඤා නම් වී.
එහි ධාතු අර්‍ත්‍ථය කවරෙ යත්: කියනු ලැබේ. අවයවාර්‍ත්‍ථය ධාතුඅර්‍ත්‍ථ යි. අවයව නම්: චක්‍ෂුහුගේ ප්‍රසාදය වූ චක්‍ෂුර්ධාතු යැ. චක්‍ෂුරාදි පඤ්ඤධාතූන්හි (අවයව) මෙසෙයින් දතයුතු. යළි රාගයාගේ ව්‍යවච්ඡේදාර්‍ත්‍ථය ධාතුඅර්‍ත්‍ථ යි. එසේ මැයැ පිරිසිඳුනා ලද්දී චක්ඛුධාතු යැ, පඤ්චධාතූන්හි මැ එපරිදි වෙයි. යළි ... ප්‍රකෘති අර්‍ත්‍ථයෙන් ධාතු අර්‍ත්‍ථය කියනු ලැබේ. ඒ මෙසේ යැ: පියවින් මේ පුරුෂ පිත ප්‍රකෘති කොට ඇත්තේ යැ. සෙම්හික යැ වාතිය යැ සන්නිපාතික යැ යනු යි. මෙබඳු පියවි ඇතියේ චක්ඛුධාතු යැ. (චක්ඛු–රූපාදි) දසධාතුන්ගේ සියලු ඉන්‍ද්‍රියයන්හි ද ... විසභාගාර්‍ත්‍ථය ධාතු අර්‍ත්‍ථ යි.”
6-3. එහි ද්වාදශ–ආයතනයෝ කවරහ: ආධ්‍යාත්මික ආයතන සයෙක, බාහිරායතන සයෙකි. චක්‍ෂුරායතනය (ආදිකොට) මනායතනය දක්වා ආධ්‍යාත්මික යැ. රූපායතනය (ආදි කොට) ධර්‍මායතනය දක්වා බාහිර යි. තුලුහු ද්වාදශා ආයතනයෝ යි.
මොවුන්ගේ පරිඥා කවර යැ: අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යි. මෝ තුලුන්ගේ පරිඥා යි. තවද ඤාතපරිඤ්ඤා ද පහානපරිඤ්ඤා දැයි පරිඥා ද්විවිධ යැ: එහි ඤාත පරිඤ්ඤා නම් : අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යි. මෝ ඥාත පරිඥා යි. පහාන පරිඤ්ඤා වැලිත් ඡන්‍දරාගප්‍රහාණ යැ. මෝ ප්‍රහාණපරිඥා යි.
එහි ආයතනාර්‍ත්‍ථය කවරෙ යත්: කියනු ලැබෙයි. ආකරාර්‍ත්‍ථය (උත්පත්තිස්ථාන භාවය) ආයතනාර්‍ත්‍ථ යැ, සුවර්‍ණාකර රත්නාකර යම්සේ ද එමෙනි” යම්සේ ඒ දෙවැදෑරුම් ආකාරයන්ගෙන් ඒ ඒ වස්තු (?) උපදිත් ද එපරිද්දෙන් මේ ආයතනයන්ගෙන් චිත්ත චේතසික දහම්හු ද කර්‍මක්ලේශයෝ ද දුඃඛධර්‍මයෝ ද උපදිත්.
යළි කියයි, ආයදානාර්‍ත්‍ථය ආයතනාර්‍ත්‍ථ යැ. යම්සේ රජුට අය දීමෙන් (රාජ්‍යයෙහි) අය උපදී ද එපරිද්දෙන් ආයදානාර්‍ත්‍ථය ආයතනාර්‍ත්‍ථ යි.
6-4. ආර්‍ය්‍යසත්‍ය සතරෙකි : දුඃඛ යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ගය දැයි කියා යි. ඒ මෙසේ යැ: සැකෙවින් ස්කන්‍ධශරීරය ද දුඃඛසත්‍ය යැ, සැකෙවින් අවිද්‍යාව ද තෘෂ්ණාව ද සමුදයසත්‍ය යැ, සැකෙවින් විද්‍යා ද විමුක්ති ද නිරෝධසත්‍ය යැ, සැකෙවින් ශමථය ද විදර්‍ශනා ද මාර්‍ගසත්‍යය යි.
6-5. එහි සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මයෝ කවරහ යත්: සතර සතිපට්ඨාන (ආදි කොට) ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්‍ගය දක්වා ඇති තෙල දහම්හු සත්තිස් බෝපැකිදහම්හු යි. යම් දහම් කෙනෙක් අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ භාග්‍යවත් බුදුවරයන්ගේ ද පසේබුදුවරයන්ගේ ද ශ්‍රාවකයන්ගේ ද නිර්‍වාණය පිණිස පවත්නාහු ද ඔහු යි. ඒ මාර්‍ගය සතර සතිපට්ඨානයෝ යැ, කවර සතරදෙනෙක යත්: “මෙසස්නෙහි මහණ (ආශ්වාසප්‍රශ්වාසාදි) කයෙහි කය අනුව බලමින් වාස කෙරෙයි ... සතර සම්‍යක් ප්‍රධාන යැ, සතර ඍද්ධිපාද යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්චබලයෝ යැ” (යනාදිය). එහි ඉන්‍ද්‍රියාර්‍ත්‍ථ කවරෙ යැ: ඉන්‍ද්‍රාර්‍ත්‍ථය ඉන්‍ද්‍රියාර්‍ත්‍ථ යැ, අධිපතිභාවාර්‍ත්‍ථය ඉන්‍ද්‍රියාර්‍ත්‍ථ යැ, ප්‍රසාදාර්‍ත්‍ථය ඉන්‍ද්‍රියාර්‍ත්‍ථ යැ (අසාධාරණං ...) ස්ථාම – ශක්ති අර්‍ත්‍ථය බලාර්‍ත්‍ථ යැ, උපාදායාර්‍ත්‍ථය බලාර්‍ත්‍ථ යැ, උපස්තම්භාර්‍ත්‍ථය බලාර්‍ත්‍ථ යි.
එහි සප්තබෝධ්‍යංගයෝ කවරහ: සති සම්බෝධ්‍යඞ්ගය (පටන්) උපෙක්ඛාසම් බෝධ්‍යඞ්ගය දක්වා ඇත්තාහු යි. එහි අෂ්ටාඞ්ගික මාර්‍ගය කවරෙ යැ: සම්මාදිට්ඨිය, (පටන්) සම්මාසමාධිය දක්වා ඇත්තාහු යි.
එහි අෂ්ඨඞ්ගිකමග්ග යනු: ශීලස්කන්‍ධය ද සමාධිස්කන්‍ධය ද ප්‍රඥාස්කන්‍ධය ද යන ස්කන්‍ධ යි. එහි යම් සම්‍යග්වචනයෙක් යම් සම්‍යක්කර්‍මාන්තයෙක් යම් සම්‍යගාජීවයෙක් ඇද්ද මේ ශීලස්කන්‍ධ යැ, යම් සම්‍යග්ස්මෘතියක් යම් සම්‍යග්ව්‍යායාමයෙක් යම් සම්‍යක්සමාධියෙක් ඇද්ද මේ සමාධිස්කන්‍ධ යැ, යම් සම්‍යක්සංකල්පයෙක් යම් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද මේ ප්‍රඥාස්කන්‍ධ යි. මෙසේ ස්කන්‍ධය ත්‍රිවිධ ශික්‍ෂා වෙති. මෙසේ තුන් අයුරෙන් දසපද කෙනෙක් වෙති ...
6-6. එහි, යෝගාවචර ශීලස්කන්‍ධයෙහි සිටියේ ද්වේෂ අකුශලය නූපදවයි. ද්වේෂානුශය සමුද්ඝාතනය කෙරෙයි. ද්වෙෂශල්‍යය උදුරයි, දුඃඛවේදනාව පරිඥානය කෙරෙයි, කාමධාතුව ඉක්මවයි.
සමාධිස්කන්‍ධයෙහි සිටියේ ලෝභ අකුශලය නූපදවයි, රාගානුශය සමූහනය කෙරෙයි. ලෝභශල්‍යය උදුරයි. සුඛවේදනාව දැනගනී, රූපධාතුව ඉක්මවයි.
ප්‍රඥාස්කන්‍ධයෙහි සිටියේ මෝහ අකුශලය නූපදවයි, අවිද්‍යානුශය සමූහනය කෙරෙයි, මෝහශල්‍යය ද දෘෂ්ටිශල්‍යය ද උදුරයි, අදුක්ඛමසුඛවේදනාව පරිජානනය කෙරෙයි, අරූපධාතුව ඉක්මවයි.
මෙසේ ත්‍රිවිධ ස්කන්‍ධයෙන් තුන් අකුශලමූලයන් උපාදානය නො කෙරෙයි, චතුර්විධ ශල්‍යයන් උදුරයි, තුන් වේදනා පරිජානනය කෙරෙයි, ත්‍රෛධාතුක භවය ඉක්මවයි.
6-7. එහි අවිද්‍යා කවර යත්: චතුරාර්‍ය්‍යසත්‍යය විෂයෙහි යම් නොදැනීමක් ඇද්ද යනාදිය විස්තරයෙන් දැක්වියයුතු. (යථාසො ?) ...
එහි විඤාණ කවරෙ යැ: සවැදෑරුම් කායයෝ යැ, වේදනා සඤ්ඤා චේතනා ඵස්ස මනසිකාර යන මේ නාම යැ, එහි රූප කවරෙ යැ : සතර මහාභූතරූප යැ, සතර මහාභූතයන් නිසා පවත්නා රූපයාගේ ප්‍රඥප්ති යැ යන පළමු කී නාමය ද මේ රූපය දැ යි එදෙක ‘නාමරූප’ යයි කියනු ලැබේ.
එහි ෂඩායතනය යනු: ෂඩ් ආධ්‍යාත්මික ආයතනයෝ යැ, ඇස ආධ්‍යාත්මික ආයතනයෙකැ, (ආදි කොට) මනආධ්‍යාත්මික ආයතනය දක්වා යි.
ඵස්ස යනු : චක්ඛුසම්ඵස්ස පටන් මනෝසම්ඵස්ස දක්වා සැවැදෑරුම් ඵස්සකාය ‘ඵස්ස’ නම් වේ.
වේදනා යනු : ෂඩ්වේදනාකායයෝ යැ, මේ වේදනා යි.
තණ්හා යනු : ෂට්තෘෂ්ණාකායයෝ යැ, මේ තෘෂ්ණා යි.
උපාදාන යනු : කාමූපාදාන යැ දිට්ඨි–උපාදාන යැ සීලබ්බතූපාදාන යැ අත්තවාද–උපාදාන යැ යන සතර උපාදානයෝ යැ. මේ උපාදාන යි.
භව යනු : කාමභාව යැ රූපභව යැ අරූපභව යැ යන තුන් භවයෝ යි.
එහි ජාති කවරැ : ස්කන්‍ධයන්ගේ ධාතූන්ගේ ආයතනයන්ගේ යම් පළමු උපතක් ඉපදීමක් මොනොවට ඉපදීමක් අවක්‍රාන්තියක් වෙසෙසින් ඉපදීමෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ඇද්ද මේ ජාති නමු.
එහි ජරා කවරැ : ජරානම්, යම් ඒ (දත් ආදිය) කැඩුණු බවෙක් පැසුණු බවෙක් සම රැලිවැටුණු බවක් සතර මහාභූතයන්ගේ විවර්‍ණබවෙක් බිඳීමෙක් යම් දිරීමෙක් හීමෙක් පිරිහීමෙක් ආයුෂයාගේ හීමෙක් පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන්ගේ මිහිකිරීමෙක් උපනාහායෙක් පරිපාකයෙක් වේ ද මේ ජරා නමු.
එහි මරණ කවරෙ යත් : මරණය නම්, ඒ ඒ සත්‍ව නිකායෙහි ඒ ඒ සත්‍වයන්ගේ ච්‍යුත වීමක් ච්‍යුත වන බවක් මරණයක් කාලක්‍රියාවක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් රූපකය බහාතැබීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද මේ මරණ යැ. මෙසේ පළමු කී ජරාව ද මේ මරණය ද යන දෙක ජරාමරණ නම් වේ.
6-8. එහි ගනඅඳුරක් බඳු අවිද්‍යාව යථාභූත ව නො දැනීම ලක්‍ෂණ කොට ඇත්තී ය, සංස්කාරයන්ට ආසන්නකාරණ වෙයි. සංස්කාරයෝ කර්‍මායූහන සංඛ්‍යාත අභිසංස්කරණය ලක්‍ෂණ කොට ඇත්තාහු ය. උපචය (ඉපදීම්) සංඛ්‍යාත පුනර්‍භවය හටගැනීම වැටහීම කොට ඇත්තාහුය. ඔහු කර්‍මවිඥානයට පදට්ඨාන යි. විඥානය රූපාදි වස්තුහුගේ විඥප්ති සහිතබව ලක්‍ෂණ කොට ඇත්තේ ය, එය නාමරූපයට පදට්ඨාන යි. නාමරූපය වේදනාදි නොයෙක් ධර්‍මයන්ගේ සන්නිශ්‍රය ලක්‍ෂණ කොට ඇත්තේ ය, එය ෂඩායතනයට පදට්ඨාන යි. ෂඩායතනය චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන් නිශ්චය කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. එය ස්පර්‍ශයට පදට්ඨාන යි. ඵස්සය චක්ඛු–රූපාදීන්ගේ එක්වීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ ඵස්සය වේදනාවට පදට්ඨාන යි. වේදනාව චක්ඛුසම්ඵස්සාදිය විඳීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ වේදනාව තණ්හාවට පදට්ඨාන යි. තෘෂ්ණාව රූපාදි අරමුණෙහි බැසැගෙන සිටීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ තණ්හාව උපාදානයට පදට්ඨාන යි. උපාදානය දැඩි ව ගැනීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය භවයට පදට්ඨාන යි. භවය නානාගතියෙහි පමුණුවාලීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, හේ ජාතියට පදට්ඨාන යි. ජාතිය ස්කන්‍ධයන්ගේ පහළවීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, මේ ජරාවට පදට්ඨාන යි. ජරාව (ඉන්‍ද්‍රියපරිපාකයට) පැමිණීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඕ මරණයට පදට්ඨාන යි. මරණය ආයු ගෙවීමෙන් ජීවිතේන්‍ද්‍රිය සිඳීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය දුකට පදට්ඨාන යි. දුක කය පෙළීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය දොම්නසට පදට්ඨාන යි. දොම්නස සිත පෙළීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ශෝකයට පදට්ඨාන යි. ශෝකය ශෝක කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, හේ පරිදේව (වැලැපීමට) පදට්ඨාන යි. පරිදේවය වචන නිකුත්කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ පරිදේවය උපායාසයට පදට්ඨාන යි. යම් ආයාස කෙනෙක් වෙත් ද ඔහු උපායාසයෝ යි.
6-9. නව පද කෙනෙක් වෙති, යම් තැනෙක සියලු අකුශලපක්‍ෂය සංග්‍රහයට එක්වීමට යේ ද ඒ කවර නව පදකෙනෙක් යත් : මූලක්ලේශයෝ දෙදෙනෙක, අකුශලමූලයෝ තිදෙනෙක, විපල්ලාසයෝ සතර දෙනෙකි.
එහි අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන දෙදෙන මූලක්ලේශයෝ යැ. ලෝභය ද්වේෂය මෝහය ද යන තිදෙන අකුශල මූලයෝ යැ. අනිත්‍යයෙහි නිත්‍යයැ යන සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ද දුඃඛයෙහි සුඛ යැ යන සංඥා–චිත්ත–දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ද අනාත්මයෙහි ආත්ම යැ යන සංඥා–චිත්ත–දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ද අශුභයෙහි ශුභ යැ යන සඤ්ඤා විපල්ලාස චිත්තවිපල්ලාස දිට්ඨවිපල්ලාසය ද යන මොහු සතර විපල්ලාසයෝ යි.
6-10. එහි අවිද්‍යා නම් : චතුරාර්‍ය්‍යසත්‍යයෙහි යථාභූත වැ නො දැනීම යැ. මෝ අවිද්‍යා යි. භවතෘෂ්ණා නම් : භවයන්හි යම් රාගයෙක් දැඩි වූ රාගයෙක් ඊප්සාවක් මුසපත්වීමෙක් ප්‍රාර්‍ත්‍ථනාවක් ඇලීමෙක් බැසැගෙන සිටීමෙක් නො හැරීමෙක් වේ ද මේ භවතෘෂ්ණා යි.
එහි ලෝභඅකුශලමූලය කවරැ : ලෝභ නම් : ඒ ඒ පර (මෙරමා අයත්) වස්තූන්හි පරද්‍රව්‍යයන්හි පරස්ථානයන්හි පරසම්පත්ති මෙරමා අයත්වූයෙහි යම් ලෝභයෙක් ලෝභාකාරයෙක් ඉච්ඡායෙක් මූර්ඡායෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් නන්‍දියෙක් බැසැගෙන සිටීමෙක් නො හැරීමෙක් වේ ද, මේ ලෝභඅකුශලමූල යැ, තෙල කවරක්හුගේ මූලයැ යත් : කාය කර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම වූ ලෝභයෙන් උපන් අකුශලයාගේ ද සම්ප්‍රයුක්ත වූ චිත්ත චෛතසිකධර්‍මයන්ගේ ද මූල යි.
එහි ද්වේෂ අකුශලමූලය කවරැ : සත්ත්‍වයන් කෙරෙහි යම් ආඝාතයෙක් නොඉවසීමෙක් නොසතුටෙක් ව්‍යාපාදයෙක් ප්‍රදෝෂයෙක් අනර්‍ත්‍ථ කැමැතිබවෙක් චිත්තයාගේ ප්‍රතිඝාතයෙක් වේ ද මේ ද්වේෂඅකුශල මූල යැ. තෙල කවරක්හුගේ මූල යැ යත්: කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම වූ ද්වේෂයෙන් උපන් අකුශලයාගේ ද සම්ප්‍රයුක්ත වූ චිත්තචෛත ධර්‍මයන්ගේ ද මූල යි.
එහි මෝහඅකුශලමූලය කවරැ : චතුරාර්‍ය්‍යසත්‍යයෙහි යම් නොදැනිමෙක් නොදැන්මෙක් අනවබෝධයෙක් නො විමසා ගැනීමෙක් අප්‍රතිවේධයෙක් මෝහයෙක් මුළාවන අයුරෙක් සම්මොහයෙක් සම්මෝහාකාරයෙක් අවිද්‍යාවක් තමසෙක් අන්‍ධකාරයෙක් ආවරණයෙක් නීවරණයෙක් වැසීමෙක් හාත්පසින් වැසීමෙක් කුශලධර්‍මයන් බැහැර කොට යෑමෙක් වේ ද මේ මෝහ අකුශලමූල යැ. තෙල කවරක්හුගේ මූල යැ යත්: කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම වූ මෝහයෙන් උපන් අකුශලයාගේ ද තත්සම්ප්‍රයුක්ත වූ චිත්තචෛතසික ධර්‍මයන්ගේ ද මූල යි.
6-11. එහි විපර්‍ය්‍යාසයෝ දතයුත්තාහ, විපර්‍ය්‍යාසයන්ගේ වස්තු දතයුතු යැ, යමක් විපර්‍ය්‍යාස වන්නේ ද එය දතයුතු යි.
එහි එක් විපර්‍ය්‍යාසයෙක් වෙයි, තුන් විපර්‍ය්‍යාස කෙනෙක් ද වෙති, විපර්‍ය්‍යාස වස්තු සතරක් වෙත්.
එක විපර්‍ය්‍යාසය කවරෙ යත්: ප්‍රතිපක්‍ෂ වූ යමක් හේතු කොටගෙන අනිත්‍යයෙහි නිත්‍ය යැ දුකෙහි සුව යැ අනාත්මයෙහි ආත්ම යැ අශුභයෙහි ශුභ යැ යි විපර්‍ය්‍යස්ත ව ගනී ද මේ එක විපල්ලාස යැ.
සතර විපර්‍ය්‍යාසවස්තු කවරහ : කාය වේදනා චිත්ත ධම්ම යන මේ සතර විපල්ලාස වස්තූහු වෙත්.
තුන් විපර්‍ය්‍යාසයෝ කවරහ : සඤ්ඤා චිත්ත දිට්ඨි ද යන මොහු තුන් විපර්‍ය්‍යාසයෝ යි.
එහි මනවඩන වස්තුයෙහි ඉන්‍ද්‍රියාර්‍ත්‍ථයෙහි පැහැසටහනෙහි හෝ නිමිත්ත පිළිබඳව යම් දැඩිව ගැනීමෙක් වේ ද මේ සංඥාවිපර්‍ය්‍යාස යැ. එහි විපර්‍ය්‍යස්ත සිත් ඇත්තහුගේ වස්තු ඇති කල්හි යම් විඥප්තියක් වේ ද මේ චිත්තවිපර්‍ය්‍යාස යැ, එහි විපරීත සිත් ඇත්තහු ගේ ඒ රූපයෙහි ලා අශුභයෙහි ශුභ යැයි යම් ඉවසීමෙක් රුචියක් උපේක්‍ෂණයක් නිශ්චයෙක් දෘෂ්ටියක් නිදර්‍ශනයෙක් සන්තීරණයෙක් වේ ද මේ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි.
එහි වස්තුභේදයෙන් කයෙහි දොළොස් විපර්‍ය්‍යාස කෙනෙක් වෙති: කයෙහි තුනෙක, වේදනායෙහි තුනෙක, චිත්තයෙහි තුනෙක ධර්‍මයෙහි තුනෙකි. සංඥාවිපර්‍ය්‍යාසයෝ සතරදෙනෙක, චිත්තවිපර්‍ය්‍යාසයෝ සතරදෙනෙක, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ සතරදෙනෙකි. ආයතනයන්ගේ උපචය වශයෙන් චක්‍ෂුර්විඥානසංඥායෙන් යුක්ත වූවහුට රූපවිෂයෙහි දොළොස් විපර්‍ය්‍යාස කෙනෙක් වෙති. (යාව) මනෝවිඥානසංඥාසමඞ්ගීහට ධර්‍මවිෂයෙහි දොළොස් විපර්‍ය්‍යාස කෙනෙක් වෙති. ෂඩ් ද්වාදශකයෝ සතර විපර්‍ය්‍යාසයෝ වෙත්. ආලම්බන නානාත්‍වයෙන් වැලිත් අපරිමිත සංඛ්‍යා ඇති සත්ත්‍වයන්ගේ හීනෝත්කෘෂ්ට මධ්‍යමතායෙන් අපරිමිත සංඛ්‍යා ඇති විපර්‍ය්‍යාසයෝ වෙත්.