Peṭakopadesa

Piṭaka Disclosure

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1341 segments

පෙන්වන කොටස් 1001-1100 න් 1341

15. එහි ‘පරික්ඛාර’ කවරෙ යැ: චිත්තයාගේ පූර්‍වහේතු සමුත්පාදය පිණිස මනසිකාරය ද තත්ප්‍රවණබව ද අසමාහිත භූමියෙහිදු විශේෂධර්‍මයන් අභාවිත බැවින් (චිත්ත සතතං ගච්ඡති?) ඉදින් සමාධියට සුඛය හේතු යැ, අවිප්පටිසාරය ප්‍රත්‍යය වෙයි. මේ හේතු යැ, මේ ප්‍රත්‍ය යි. ‘පරික්ඛාර’ හාර යි.
16. එහි ‘සමාරෝපනා’ කවරැ: ‘යස්සෙවං භාවිතං’ යනු: ඔහුට කාය යැ සීල යැ පඤ්ඤා යැ භාවිතචිත්ත යැ යන දහම්හු සමාරෝපණය කළයුත්තාහු යැ. (අනභිරතං ... න තස්ස?) සියලු අශෛක්‍ෂ වූ රහතුන්ගේ දස දහම්හු දක්වනලද්දාහු වෙත්.
අසේඛභාගිය සූත‍්‍රයෝ යි.
“ස්වාමීනි, එකැතින් යම් මහණක්හට කයෙහි කාගියාසී නො එළඹසිටියා ද, හේ මෙහි එක්තරා සබ්‍රම්සරකු ගටා ඇවත නො දෙසා චාරිකාවට නික්මයන්නේ යැ.”
ඒ ආයුෂ්මත් මෙහි විරුද්ධ වැ පිළින කෙරෙයි, (ද්වෙ පජානි පටිජානාති?) චිත්ත භාවනායෙහි දෘෂ්ටිප්‍රහාණය ද කායභාවනායෙහි දෘෂ්ටිප්‍රහාණය ද කායභාවනායෙහි තෘෂ්ණාප්‍රහාණය දැයි. පළමු කොට යම් උපමාවක් කෙරේ ද, එහි පොළොව අසුචියෙනුදු සුචියෙනුදු නො මැ පීඩිත වෙයි, ජුගුප්සා නො කෙරෙයි, ප්‍රීතිප්‍රමෝද්‍යය නො ලබයි, එසෙයින් ම හේ පෘථිවී සමවූ මහත් අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සිතින් යුක්ත වැ වෙසෙමි.
මෙසේ ඒ ආයුෂ්මත් (ශාරිපුත්‍රයන් වහන්සේ) කුමක් පිළින කෙරෙති යත්: කාය භාවනායෙන් සුඛින්‍ද්‍රියයාගේ ප්‍රහාණය පිළින කෙරෙති, චිත්තභාවනායෙන් සෝමනස්සින්‍ද්‍රියප්‍රහාණය පිළින කෙරෙති, කායික වේදනා රාගානුසය අනුව ගියවුන්ගේ සුඛින්‍ද්‍රිය ප්‍රතික්‍ෂේප කෙරෙති, යම් කායික සුඛවේදනාවක් ඇද්ද එය වේදනාස්කන්‍ධ නො මැ වෙයි. එහි මේ ප්‍රතිලාභ හේතුයෙන් සුව සොම්නස් උපදී. හේ එය ප්‍රතික්‍ෂේප කෙරෙයි. මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව නො මැ වෙයි. එහි සතර මහාභූතයන් කෙරෙහි රූපස්කන්‍ධයාගේ අනුශය ප්‍රතිඝප්‍රහාණය ප්‍රකාශ කෙරෙයි. කාමභවයෙහි රූපය ද (...?) එ ද අශෛක්‍ෂභූමියෙහි යැ.
කයෙහි කායානුපස්සනාව ඉහාත්මසුඛවිහරණය ද (බලෙන ච උස්සාහෙන ච සබ්බං මනසිකත්තානං පහානං?) මේදකථාලිකා - උපමායෙන් ද මණ්ඩනස්වභාව ඇති පුරුෂයාගේ උපමායෙන් ද යන මෙයින් මේ මාතෘපීතෘසම්භූත වූ කය ප්‍රත්‍යවේක්‍ෂා කිරීම වෙයි. හේ කයින් ද කායානුපස්සනායෙන් ද සිතින් චිත්තානුපස්සනායෙන් ද සත් සමාපත්තීන්ට සමවැද විසීමට පිළින කෙරෙයි.
ගෘහපතිපුත්‍රෝපමායෙහි යම්සේ ගෘහපතිපුත්‍රයක්හුගේ නානාවර්‍ණ ඇති වස්ත්‍රයෙන් පිරුණු පේළායෙක් වේ ද, හේ යම් යම් වස්ත්‍රයුගලයෙක් පෙරවරුයෙහි රිසි වේ නම් එය පෙරවරුයෙහි (නිබ්බාපේති?) හඳියි. මැදිදවල්හිදු සවස්හිදු එසේ මැය. එපරිද්දෙන් ඒ ආයුෂ්මත් සිත සුභාවිත හෙයින් යම්බඳු විහරණයෙකින් පෙරවරුයෙහි වාසය කරන්නට රිසිවේ නම් පෙරවරුයෙහි ඒ විහරණයෙන් වෙසෙයි, මධ්‍යහ්නයෙහිදු සවස්හිදු එපරිදි වෙසෙයි, (තෙන වෙස ... භාවිතචිත්තේන?) එහෙයින් ඒ ආයුෂ්මත් මේ අටවැදෑරුම් භාවනාව පිළින කෙරෙයි. සතර මහාභූතයන්හි කායභාවනාව ද, උපකචණ්ඩාල පුරුෂ මේදස් පිරූ සැළිය යන මෙහි චිත්තභාවනාව ද වෙයි. (ඉමාහි භාවනාහි ... පාරිපූරි මන්තෙහි?)
උපකචණ්ඩාලෝපමාව? කිසෙයින් ප්‍රතිකූලධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා ඇතිව වෙසෙයි යත්: කය පියෙවින් අප්‍රතිකූල යැ, කයෙහි උද්ධුමාතකසංඥාව ද සැකෙවින් නව සංඥාවෝ ද යන මේ ප්‍රතිකූල ධර්‍මයෝ තෙල ආයුෂ්මත් පිළිකුල් විසින් ජුගුප්සා නොකරනු යේ කායගතාසති භාවනානුයෝගයෙහි යෙදී වාස කෙරෙයි. ඔහුගේ සිත ජුගුප්සතායෙන් නො මැ ප්‍රතිකූල වෙයි.
කිසෙයින් අප්පටිකූල දහම්හි පටිකූල සංඥා ඇති වැ වෙසෙයි යත්: කය සියලු ලෝවැසියාට අප්‍රතිකූල යැ, ඒ ආයුෂ්මත් කයෙහි අශුභසංඥායෙන් යුතු යැ වාසය කෙරෙයි. මෙසේ අප්‍රතිකූලධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා වැ වාස කෙරෙයි.
කිසෙයින් ප්‍රතිකූලධර්‍මයන්හි ද අප්‍රතිකූල ධර්‍මයන්හි ද අප්‍රතිකූලසංඥා වැ වාස කෙරෙයි යත්: යම් හෙයකින් මේ ආයුෂ්මත් මුඩු කළ හිස ඇති වැ අතින් ගත් පාත්‍ර ඇති වැ කුලයන්හි පිඬු සිඟා හැසිරේ ද, එයින් හේ සුවර්‍ණදුර්‍වර්‍ණයෙන් අප්‍රතිකූල සංඥා ඇති වැ නිර්වේද සහගත වූ සිතින් ද කයින් ද යුක්ත වැ අප්‍රතිකූල සංඥා ඇති වෙයි, මෙසේ ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද දහම්හි අප්‍රතිකූල සංඥා ඇති වැ වාස කෙරෙයි.
කිසෙයින් ප්‍රතිකූල ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා වැ වෙසෙයි යත්: අප්‍රතිකූල ධර්‍මයන්හි ස්ත්‍රිරූපයෙහි ශුභසංඥා ඇත්තහුට ද විනීලක විපුබ්බක අශුභයන්හි ජුගුප්සා ඇත්තහුට ද (අප්පටිකූල සංඥා වෙයි.) එහි ඒ ආයුෂ්මත් (ධාතුමනසිකාර වශයෙන්) අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.
කිසෙයින් ප්‍රතිකූලධර්‍මයන්හි (පටිකූල අප්පටිකූල යන) දෙක දුරුකොට සිහි නුවණ ඇති වැ උපේක්‍ෂක වැ වෙසෙයි යත්: ස්ත්‍රීරූපයෙහි ශුභසංඥා ඇතියේ අප්‍රතිකූල ධර්‍මයන්හි ද විනීලක විපුබ්බක කයෙහි ජුගුප්සා ඇතියේ ප්‍රතිකූල ධර්‍මයන්හි ද එ දෙක දුරුකොට “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ” යයි සලකා වෙසෙයි. මෙසේ (පටිකූල අප්පටිකූල යන) දෙක දුරැලා සිහි නුවණ ඇතියේ උපේක්‍ෂක වැ වෙසේ.
අන්‍යත් පරියායයෙක් වෙයි: ත්‍රෛධාතුක ලෝකසන්නිවාසයෙහි සියලු බාලපෘථග්ජනයනට අප්‍රතිකූලසංඥා වෙයි. එහිදු ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ ප්‍රතිකූලසංඥා ඇති වැ වාසයකරන සේක. මෙසේ අප්‍රතිකූලධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.
කිසෙයින් ප්‍රතිකූල ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා වැ වෙසෙයි යත්: සියලු ශෛක්‍ෂයෝ මේ ත්‍රෛධාතුක සර්‍වලෝකයෙහි ප්‍රතිකූලසංඥා ඇත්තාහුය. (තත්‍ථ කතමෝ ... උප්පාදෙය්‍ය?)
කිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි යත්: ත්‍රෛධාතුක ලෝකසන්නිවාසයෙහි යම්තාක් කාමලෝකභූමිය වේ ද, (එහි) රාගීන්ට ද වීතරාගීන්ට ද ප්‍රතිකූලසමතාව වෙයි. රූපාරූපාධාතුයෙහි අප්‍රතිකූලසමතා වෙයි. එහිදු ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙති. මෙසේ ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වු ද ධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.
කිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි යත්: (යංකිඤ්චි පරතෝ ... ජනස්ස අප්පටිකූලසඤ්ඤා?) එහි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කළාහු අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙති. මෙසේ ප්‍රතිකූල වු ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.
කිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි ඒ ප්‍රතිකූල අප්‍රතිකූල දෙක දුරුකොට සිහි නුවණ ඇති වැ උපේක්‍ෂක වැ වෙසෙයි යත්: යම් දුශ්චරිත ධර්‍ම කෙනෙක් වෙත් ද ඒ ධර්‍මයෝ ඔවුන්ට අප්‍රතිකූල වූවාහු දකී ද, එහි ලා ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ මෙසේ සලකති: ‘යම් ධර්‍ම කෙනෙක් දුශ්චරිත වෙත් ද, ඒ දහම්හු අනිෂ්ටවිපාකයෝ යැ, යම් සුචරිත ධර්‍ම කෙනෙක් වෙත් ද ඔහු ආචයගාමීහු’ යැයි. ඒ ශාරිපුත්‍රයන් වහන්සේ සුචරිතය ආචයගාමිනී කොට දුශ්චරිතය අනිෂ්ට විපාක කොට එ දෙක දුරුකොට උපේක්‍ෂක වැ වාසය කෙරෙත්.
ඉක්බිති ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. තෘෂ්ණාව ප්‍රතිකූල ධර්‍ම යැ, කරුණු කිම යත්: ඒ එසේ මැය, සත්‍වයෝ තෘෂ්ණා වශයෙන් ධර්‍ම දෙකෙකින් ඇලුණහුය. කවලීකාරාහාරයෙහි රසතෘෂ්ණාවෙන් ඇලුණහු යැ, ස්පර්‍ශාහාරයෙහි සුඛසංඥාවෙන් ඇලුණාහු යැ, එහි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ කවලීකාරාහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙති, ස්පර්‍ශයෙහි ද දුඃඛසංඥා ඇති වැ වෙසෙත්. මෙසේ ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥ වැ වෙසෙයි.
කිසෙයින් ප්‍රතිකූලධර්‍මයන්හි ද අප්‍රතිකූලධර්‍මයන්හි ද අප්‍රතිකූලසංඥී වැ වෙසෙයි යත්: තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණය අනුත්තර යැ, එතෙකුදුවත් බාල පුහුදුනන්ට ප්‍රතිකූල සංඥා ද (පහතසඤ්ඤා ච?) එහි ලා ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේට තුමූ මැ ප්‍රඥායෙන් දැක අප්‍රතිකූලසංඥා ද අව්‍යාපාදසංඥා ද වෙයි. මෙසේ ප්‍රතිකූල ධර්‍මයන්හිදු අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.
කිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වු ද ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා වැ වෙසෙයි යත්: (තතියෙ ච නිබ්බානෙ යසේන ච කිත්තියා ච අප්පටිකූලසඤ්ඤීනෝ?) එහි ලා ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතුයේ සම්‍යක්ප්‍රඥායෙන් දන්නාසේක් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ධර්‍මය එ දෙක දුරුකොට අප්‍රතිකූල සංඥා ඇති වැ වාසය කරනසේක.
කිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මය ඒ දෙක දුරුකොට සිහි නුවණ ඇතියේ උපේක්‍ෂක වැ වෙසෙයි යත්: අනුනය අප්‍රතිකූල ධර්‍මයෙකැයි ද ප්‍රතිඝය ප්‍රතිකූල ධර්‍මයෙකැයි ද යම් හෙයෙකින් දකී ද, එහි ලා ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ අනුනය ප්‍රතිඝ දෙක ප්‍රහීණ කළ හෙයින් සිහි නුවණ ඇති වැ උපේක්‍ෂක වූවාහු වාසය කෙරෙති. යම් සමනුපස්සනාවක් වේ ද මේ අනුත්තර වූ පඤ්චවිධ ඉන්‍ද්‍රියභාවනා යි. මේ සූත්‍රනිර්දේශ යි.
1. එහි දේසනාහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි කුමක් දේශිත ද: එහි ලා කියනු ලැබේ. මේ සූත්‍රයෙහි දිට්ඨධම්මසුඛවිහරණය දෙසනලද්දේ ය. එසේ මැ විමුක්ත චිත්තය ද ප්‍රත්‍යවේක්‍ෂාව ද අධිප්‍රඥාධර්‍මය ද දෙසනලද්දේ යි.
2. එහි විචය කවරෙ යැ: යම් කෙනෙක් කයෙහි කායානුදර්ශී වැ වෙසෙත් ද, ඔවුන්ගේ සිත අනුනය ප්‍රතිඝයෙන් යුක්තව නො පවතී, අනුනය ප්‍රතිඝ දෙකින් (අභිරමමානස්ස?) සිත සම්‍යග්ගත වන්නේනුයි තෙල භාවනා ඵල යි. මේ විචයහාර යි.
3. එහි යුත්තිහාර කවරෙ යැ: කායභාවනායෙන් ද චිත්තභාවනායෙන් ද කිසි සබ්‍රහ්මචාරී කෙනෙක් ඉක්මවා නො සිතන්නාහු යැ යන තෙල යුත්ති ඇත. මේ යුත්ති හාර යි.
4. එහි පදට්ඨානහාර කවරෙ යැ: කායභාවනාව පළමුවන සතිපට්ඨානයට පදට්ඨාන යැ, යම් පෘථිවිසම චිත්තතාවක් ඇද්ද ඕ අනිත්‍යානුදර්‍ශනාවට පදට්ඨාන යි.
5. එහි ලක්ඛණහාර කවරෙ යැ: යමෙක් ආත්මානුදර්ශී වැ පඨවිසම සිතින් යුක්ත වැ වෙසේ ද, ගෘහී තෙම පඨවිසම සිතින් යුක්ත වැ වෙසෙයි, ‘පඨවීසමෙන’ යනු කවර අර්‍ත්‍ථ යැ: යම්සේ යම් කෙනෙක් ශෛලෝපමභාවයෙන් ක්‍රියායෙහි නොයෙදුණාහු ද, එසෙයින් මැ පඨවිසම වූයේ (අයං හිරියතාය?) මේ ලක්ඛණහාර යි.
6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ වෙය්‍යාකරණයෙහි ඒ ආයුෂ්මත්හුගේ අභිප්‍රාය කවරේ යැ: යම් රහත් කෙනෙක් ඉන්‍ද්‍රියභාවනාව කැමැති වෙත් ද, ඔහු පඨවීසම (චිත්තය) උපදවන්නාහු යැ යන මේ අභිප්‍රාය යි.
7. එහි ආවත්තහාර කවරෙ යැ: එහි ආවත්තහාරයට භූමි නැති.
8. එහි විභත්තිහාර කවරෙ යැ: යමෙක් කායානුදර්ශී වැ වෙසේ ද, හේ පඨවිසම චිත්තය ලබන්නේ යැ යනු ඒකාන්තයෙන් නැත. කරුණු කිම යත්: යම් කෙනෙක් ඛණ්ඩතාදි ඡන්නතාදි කර්‍ම කරන්නාහු වෙත් ද ඔහු පඨවීසම චිත්තය නො ලබති. සියලු කායගතාසතිය ශෛක්‍ෂභාවනායෙහි නිර්‍වාණඵලය වේ. මේ විභත්තිහාර යි.
9. එහි පරිවත්තනහාර කවරෙ යැ: යම් කෙනෙක් කායානුදර්ශී වැ වාසයකරන්නාහු ද, ඔවුන්ට මැ කායප්‍රත්‍යයෙන් විඝාතපරිදාහකර වූ ආස්‍රවයෝ උපදනාහුය. මේ පරිවත්තනහාර යි.
10. එහි ඕතරණහාර කවරෙ යැ: සත්‍වයන් කෙරෙහිදු පඤ්ච ස්කන්‍ධයෝ අවිතීර්‍ණ වූවාහු දෙවිසි ඉන්‍ද්‍රියයෝ වෙත්. එසේ මැ යම් මනින්‍ද්‍රියයෙක් ඇද්ද එය මනෝධාතු මනායතන ද වෙයි. යම් සමාධින්‍ද්‍රියයක් ඇද්ද එය ධම්මධාතු ධම්මායතන ද වේ. මේ ඕතරණහාර යි.
11. එහි සෝධනහාර කවරෙ යැ: මේ සතර ධර්‍ම කෙනෙක් සිතින් වැඩිය යුත්තාහු ද, ඔහු සියල්ලෝ වඩනලද්දාහු යමක් සිතින් (පහීනෙ පත්තබ්බතං?) සියලු තැන්හි මෙ ද සඳහා ආරම්භය වෙයි. ඒ අර්‍ත්‍ථය ශුද්ධ යැ. මේ සෝධනහාර යි.
12. එහි අධිට්ඨානහාර කවරෙ යැ: මේ සමාධිය ඒකත්තතා සංඛ්‍යාත සාමාන්‍යයෙන් පනවන ලද, ෂට්කායයෝ ඒකත්තතායෙන් පනවනලදහ. රූපී පඤ්චේන්‍ද්‍රියයෝ රූප කාය යැ, ෂඩ්වේදනාරාශිය වේදනාකාය යැ, ෂට්සංඥාරාශිය සංඥාකාය යැ, ෂට්චේතනාවෝ චේතනාකාය යැ, ෂඩ්විඥානයෝ විඥානකාය යැ, තෙල සියලු මැ ධර්‍මයෝ ධර්‍මකාය යි මැ ගිණීමට යෙත්. මේ අධිට්ඨානහාර යි.
13. පරික්ඛාර යනු: සමාපත්ති කෞශල්‍යයද වීථිකෞශල්‍යය ද හේතු යැ, ගෝචර කෞශල්‍යය ද කල්‍යතා (වශීභාවයෙහි) කෞශල්‍යය ද ප්‍රත්‍ය යැ. ව්‍යවදානකෞශල්‍යය හේතු යැ, කල්‍යතාකෞශල්‍යය ප්‍රත්‍යයැ, සුඛය හේතු යැ, නිදුක්බව ප්‍රත්‍ය යැ, මේ පරික්ඛාරහාර යි.
14. එහි සමාරෝපන කවරෙ යැ: යම්සේ පෘථිවිය පවිත්‍ර දැ බහාලන කල්හිදු අපවිත්‍ර දැ බහාලන කල්හිදු එබඳු මැ වේ ද, එසෙයින් කය මනවඩන පහසින් ද අමනාපික පහසින් ද එබඳු මැ වෙයි. පටිඝසම්ඵස්සයෙන් හෝ සුඛවේදනාවෙන් හෝ සිත එබඳු මැ වේ. උපමා සහිත වූ මේ සූත්‍රය උද්ඝටිතඥ පුද්ගලයාගේ විභාගයෙන් විභාග කරන ලදි. එහි සමාරෝපනයට අවකාශයෙක් නැති.
එහි සංකිලෙසභාගිය සූත්‍රය කවරෙ යැ: යම් හෙයකින් කුශලධර්‍මයන් හා විරුද්ධ නො වේද, නො වැඩේ ද, බුදුහු මේ ආදීනවය දෙසනසේක. “එහෙයින් පිළිසන් වූ ඇවත ප්‍රකට කරන්නේ යැ, මෙසේ ඒ ඇවැත් ඇතියහු කෙලෙස්වැසි අතිශයින් නො තෙමයි.” ඒ ආදීනව හෙයින් විවෘත කරන්නේ යයි හේ තුන් දහමකින් නො මඩනාලද වෙයි. අශුභසංඥාවෙන් රාගය විසින් නො මඩනා ලැබෙයි. මෛත්‍රිභාවනායෙන් ද්වේෂය විසින් නො මඩනාලැබෙයි, විදර්‍ශනායෙන් මෝහය විසින් නො මඩනා ලැබේ. මෙසේ හෙතෙම යම් යම් ධර්‍මයෙක් ප්‍රතිපක්‍ෂ වේ නම් ඒ ඒ ධර්‍මයෙහි පරිපූර්‍ණ වන්නේ ය. ඒ ධර්‍මයට යම් අකුශලධර්‍මයෙක් ප්‍රතිපක්‍ෂ වේ නම් (තෙන නාධිවාසීයති?)
අනෙකුදු පරියායයෙක් වෙයි: යම් මේ ධර්‍ම කෙනෙක් තමා විසින් නැඟීසිටීමට නො හැකි වෙත් ද, තෙල ධර්‍මයෝ දෙසනලදහ. “ඡන්නමතිවස්සති” යි. (තෙහි විතක්කං?) යමකු විසින් යලි දෙසනලද චිත්තය දක්වන්නට පිරිසිදු කරන්නට හැකි වේද, විවේකයට නැමුණු විවේකයට ප්‍රවණ වූ විවේකයට බරවූවහුගේ සිත කුශලධර්‍මයන්හි වැඩීමට මහත්බවට පැමිණෙයි. යම්සේ ජලයෙහි හටගත් උපුලක් හෝ කුමුදක් හෝ පියුමක් හෝ ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයා යම් රැයකට යම් දිනයකට පැමිණේ නම් (එකල්හි) ඒ පද්මයාගේ වැඩීමට කැමැති විය යුත්තී ද, පරිහානියෙක් නොවේ ද, එබඳු ව ඒ සිත නො මඩනාලැබෙයි.
මෙහි අන්‍ය වූ ද යමෙක් සඨ නොවූයේ කූට නොවූයේ මායා රහිත වූයේ වේ ද ඍජු පුරුෂ වූ හෙතෙම ඇතිසැටියෙන් තමා ප්‍රකාශ කෙරෙයි. එහි යමෙක් (ඇවත) වසා නම් අකුශල ධර්‍මයෝ ඔහුගේ සිත වනසති. “විවටං නාතිවස්සති” යනු වැලි යමෙක් සඨ නොවේ ද, කූට නොවේ ද, මායා රහිත වේද, ඍජු පුරුෂ වූයේ යථාභූත වැ තමා ප්‍රකාශ කෙරේද, ඔහුගේ සිත අකුශලධර්‍මයන් විසින් නො මඩනා ලැබේ. මේ සූත්‍රාර්‍ත්‍ථ යි.
1. එහි දේශනා කවර යැ: මෙහි අධිවස්සනතායෙන් දශ අකුශලකර්‍මපථයෝ දෙසන ලද්දාහු ය, අනධිවස්සනතායෙන් දශ කුශලකර්‍මපථයෝ දෙසන ලද්දාහු ය, (ක්ලේශයන්ගේ) අධිවර්‍ෂණභාවයෙන් අකුශලයන්ගෙන් විශුද්ධ නොවේ. භාග්‍යවතුන් විසින් වදාරනලද මැය: “මහණෙනි, සිත කිලිටිවීමෙන් සත්‍වයෝ කෙලෙසෙන්නාහුය” යි.
2. එහි විචය කවරෙ යැ: මෙසේ යමකුගේ සිත (කෙලෙසුන් විසින්) නො මඩනා ලැබේ ද, (තස්ස බුජ්ඣිතස්ස ... සත්‍ථරි වා ගුණානුකම්පනතාය?) මේ විචය යි.
3. එහි යුත්ති කවර යැ: මෙසේ නො මඩනාලබන සිත කෙලෙසුන් කෙරෙන් නැඟීසිටී, නැඟීසිටියේ කුශලධර්‍මයන් හි පිහිටා යයි. මේ යුත්ති ඇත.
4. පදට්ඨාන යනු: “ඡන්නමතිවස්සති” යනු: ඇවැත් වැසීම අසංවරයන්ට පදට්ඨාන යැ, “විවටං නාතිවස්සති” යනු: නො වැසීම සංවරයන්ට පදට්ඨාන යැ, තස්මා ඡන්නං විවරෙථ විවටං නාතිවස්සති” යනු දේසනාවට පදට්ඨාන යි.
5. ලක්ඛණ යනු: “ඡන්නමතිවස්සති” යනු: විචිත්‍ර වූ ඡන්නයෙන් සමාන ලක්‍ෂණ වූ යම් කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ සියල්ලෝ මඩනාලැබෙත්. “තස්මා ඡන්නං විවරෙථ විවටං නාතිවස්සති” යනු: ඒ නො වැසීමෙන් සමාන ලක්‍ෂණ වූ යම් කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ සියලු ධර්‍මයෝ (කෙලෙසුන් විසින්) අතිශයින් නො තෙමා යයි. ලක්ඛණහාර යි.
6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: යම් කිසි කෙනෙකුගේ සිත අකුශලධර්‍මයෝ (අධිපටිදේසිතා?) ඔහු දහම් වූ පරිදි පිළියම් කරන්නාහුය යන මේ එහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය යි. මේ චතුබ්‍යුහහාර යි.
7. ‘ආවත්ත’ යනු: ඡන්න වූ යම් (සිතක්) ඇද්ද එය ද්විවිධ යැ, (කම්පමානං ... පස්සද්ධියං ච?) මානය ආස්‍රවයන් වඩයි. අශ්‍රද්ධායෙන් ප්‍රමාදයට යෙයි, ප්‍රමාදයෙන් අවනම්න වෙයි, උද්ගත මානනළ ඇති බවට යෙයි. භාග්‍යවතුන් විසින් තෙල වදාරන ලද මැය: “උද්ගත මානනළ ඇති ප්‍රමත්ත වූ ඔවුන්ට ආස්‍රවයෝ වැඩෙත්” යයි. ඒ ආස්‍රවයෝ සතර උපාදාන වෙති, ඔහු පඤ්ච උපාදානස්කන්‍ධයෝ වෙත්. මේ දුක්ඛ සමුදය යන සත්‍යයෝ යි. “තස්මා ඡන්නං විවරෙථ” යනු: යම් හෙයකින් ඒ ආස්‍රවයෝ වැඩෙත් ද, ඔවුන් ප්‍රහීණ හෙයින් ආස්‍රවයෝ ප්‍රහීණ වෙත්. එහි අප්‍රමාදය හේතු කොට අශ්‍රද්ධාව ප්‍රහීණ වෙයි. උද්ධච්ච කුක්කුච්චයන්ගේ ප්‍රහාණයෙන් ඖදාරික බව ප්‍රහීණ වෙයි, ඔහුට සමථය ද භාවනා ද යන ධර්‍මයෝ දෙදෙන පිරීමට යෙත්. ඒ ආස්‍රවයන්ගේ යම් ගෙවීමෙක් වේද මේ නිරෝධ යැ, මේ සතර සත්‍යයෝ යි. මේ ආවට්ටහාර යි.
8. එහි විභත්තිහාර කවරෙ යැ: “ඡන්නමතිවස්සති” යනු ඒකාන්ත නො වෙයි. කරුණු කිම යත්: (යස්ස අස්සා නිවත්තනා යථාපි සේඛානං?) භාග්‍යවතුන් විසින් වදාරන ලද:
ශෛක්‍ෂ පුද්ගල යම් හෙයකින් කයින් වචනයෙන් සිතින් හෝ අකුශලයක් කරන්නේ නමුදු ඒ පාපය සැඟවීමට හෝ අභව්‍ය වෙයි. දක්නාලද නිර්‍වාණපද ඇත්තහුගේ (පාපය සැඟවීමෙහි) අභව්‍යබව වේ යයි.
යම් හෙයකින් ඔවුන්ගේ නිවාරණ චිත්තය වේ ද, එතෙකුදුවත් (අප්පච්චයා සමායෙ ච?) ඔහු දැක්විය යුත්තාහු ය. මේ විභත්තිහාර යි.
9. එහි පරිවත්තනහාර කවරෙ යත්: “ඡන්නමතිවස්සති” යනු: යමකුගේ (යෙධම්මා?) සියලු අකුශලය අවිවෘත වේ ද, හේ කෙලෙස්වැස්සෙන් අතිශයින් තෙමනු ලැබෙයි. විවෘත කළ ඇවැත් ඇත්තහු අතිශයින් නො තෙමයි. (අවගුණං තං නාති වස්සති?) මේ පරිවත්තනහාර යි.
10. එහි වෙවචනහාර කවරෙ යැ: “ඡන්නං” යනු: ආවුත යැ නිවුත යැ පිහිත යැ පටිකුජ්ජිත යැ සඤ්ඡන්න යැ පරෝධ යැ (මේ වෙවචන යැ) “විවටං නාතිවස්සති” යනු: (යස්ස තෙ ... වන්තීකතාති?) මේ වෙවචනහාර යි.
11. එහි පඤ්ඤත්තිහාර කවරෙ යැ: “ඡන්නමතිවස්සති” යනු: කෙලෙස් කොටසින් පනවනලද, “විවටං නාතිවස්සති” යනු: (සධම්මකිච්චං යං?) ප්‍රතිපදා ප්‍රඥප්තියෙන් පනවන ලද, “තස්මා ඡන්නං විවරෙථ” යනු: අනුශාසනා ප්‍රඥප්තියෙන් පනවන ලද, “විවටං නාතිවස්සති” යනු: නික්‍ෂේපප්‍රඥප්තියෙන් පනවන ලදි. මේ ප්‍රඥප්තිහාර යි.
12. එහි ඕතරණහාර කවරෙ යැ: “ඡන්නමතිවස්සති” යනු: රාග දෝස මෝහ යන තුන් ක්ලේශයෝ යැ, ඔවුන් වැසුණු කල්හි සංඛාරක්ඛන්‍ධ වෙයි, ... ඔහු ඛන්‍ධ ධාතු ආයතනයන්හි පළමු දක්වනලද පරිදි වෙත්. මේ ඕතරණහාර යි.
13. එහි සෝධනහාර කවරෙ යත්: යම් ආරම්භයෙකින් මේ සූත්‍රය වදාරත්ද, ඒ ආරම්භය දක්වන ලදී.
14. අධිට්ඨාන යනු: “ඡන්නමතිවස්සති” යනු: ඒකත්තතා (සාමාන්‍යයෙන්) පනවන ලද, කරුණු කිම යත්: “අතිවස්සති” යන මේ යම් හෙයකින් වැසුණු ඇවැත් ඇති මොහු කෙලෙස්වැසි අතිශයින් තෙමයි, මෙසේත් අතිශයින් තෙමා යයි මේ වේමත්තතායෙන් වදාරනලද ද එහෙයිනි. යම් ප්‍රඥප්තියක් සාධාරණ ලක්‍ෂණයෙන් පනවනු ලබා ද ඒ ඒ පැනැවීම් ඒකත්තපඤ්ඤත්ති වේ.
15. එහි පරික්ඛාර කවරෙ යත්: (යං ච තං අතිවස්සීයන්ති ... ඉමෙ දෙව පච්චයා? මෙහි වාක්‍යය මුළුල්ල ව්‍යාකූල යැ.)
16. එහි සමාරෝපන කවරෙ යත්: “ඡන්නමතිවස්සති” යනු: (වෙමති පස්සතීති ... අප්පසක්ඛයෙන සංඛාරා? මේ වාක්‍යය ද අතිශයින් ව්‍යාකූල යි.) සංඛාරප්‍රත්‍යයෙන් කර්‍මවිඥානය වෙයි. මේ සමාරෝපන යැ, යළි (තථා දේසනා?) ඔහුට මැ කුශලධර්‍මයෝ වැඩීමට නැඟීමට විපුලබවට පැමිණෙයි. ඔහුට සංඛාරනිරෝධයෙන් (කර්‍මවිඥානයාගේ නිරෝධය වෙයි.) මේ සමාරෝපන යි.
පුද්ගලයෝ සතර දෙනෙකි: (නීචකුලයෙහි ඉපදීම ආදි) අඳුරෙන් යුක්ත වූ (කාය දුශ්චරිතාදියෙන් යළි) නිරයඅඳුරට යන පුඟුලා යැ ... (යනාදි චතුක්කංගුත්තරයෙහි සූත්‍රය.) එහි ‘තම’ නම් කවරෙ යැ: යම් තමසෙක් අන්‍ධකාරයෙක් වේ ද එය යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද: “බිය එළවන ඒ අඳුරෙහි පුරුෂ ස්වකීය ස්වභාවය පවා නො දකී ද, එසෙයින් ම නො දැනීමෙන් තම සංඛ්‍යාත මොහඳුර ඇතියේ සවිපාක වූ ලාමක අකුශලකර්‍මය නො දකී? මෙබඳු ලක්‍ෂණ ඇති අවිජ්ජා මෝහ නම් වූ නො දැනීම ‘තම’ නම් වේ. යම් හෙයකින් සත්‍වයෝ යථාභූත වැ (ඇතිසැටියෙන්) නො දනිත්ද, එහෙයින් ‘තම’ යයි කියනු ලැබේ.
එය මංසචක්ඛු දිබ්බචක්ඛු පඤ්ඤචක්ඛු යන තුන් චක්‍ෂුන්ගේ අඳුර යැ, මෙහි මේ තුන් චක්‍ෂුන්ගේ නො දැනීම ‘තම’ යයි දක්වනු ලැබේ.
එහි අඤ්ඤාණ සංඛ්‍යාත අදර්‍ශනය කවරෙ යැ: (අථ නිස්සයෙ?) පූර්‍වාන්තයෙහි නොදැනීම යැ අපරාන්තයෙහි නො දැනීම යැ පූර්‍වාන්තාපරාන්තයෙහි නො දැනීම යැ, හේතුයෙහි නො දැනීම යැ ප්‍රත්‍යයෙහි නො දැනීම යැ යන යම් නො දැනීමෙක් ඇද්ද එයයි. ඒ නො දන්නහුගේ (සමාධිභූතස්ස?) තෙල ඵලය වෙයි: මේ සෙවියැ යුතු යැ, මේ නො මෙනෙහි කළයුතු යැයි යම් නො දැනීමක් ඇද්ද ඒ පුද්ගල ඒ නොදැනීම හේතුකොට තමසින් යුක්ත යයි දක්වනු ලැබේ. (සො තෙ නමෙන ... වුච්චති තමෝති?) හෙතෙම නො නසනලද සමුච්ඡේද නො කරනලද ඒ තමස හේතු කොට එය (නොදැනීම) පරම කොට ඇත්තේ එය පරායන කොට ඇත්තේ වෙයි. මේ පුද්ගල ‘තමෝතමපරායන’ යයි කියනු ලැබේ. (පරායනෝ යෙව ධම්මෝ මනසිකාතබ්බො?) යමෙක් තම සංඛ්‍යාත නො දැනීම දුරු කෙරේ ද දැනීමට සිත එළවා ද ඔහුට ඒ ධර්‍මයෝ දර්‍ශනය වටහත්. හෙතෙම ශ්‍රැතමය ප්‍රඥායෙන් දකී.
එහි ‘තමෝජෝතිපරායන’ පුද්ගල කවරෙ යත්: හෙතෙම ඒ ප්‍රඥාවශයෙන් පවතී. මෙසේ පවත්නාවූ ඔහුට (ස්වර්‍ග සංඛ්‍යාත අලෝකය) පරායන වෙයි. මේ පුද්ගල (අඳුරෙන් එලියට යන) තමෝජෝතිපරායන යයි කියනු ලැබේ.
එහි ජෝතිජෝතිපරායන (එළියෙන් එලියට යන) පුද්ගල කවරෙ යත්: එහි ලා කියනු ලැබේ. ජෝති නම්: ඒ තමසට ප්‍රතිපක්‍ෂවශයෙන් යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, යටත් පිරිසෙයින් ඥානාලෝකය යි. ඒ ඇසූ දහම් ඇති පුද්ගල ‘තමෝජෝතිපරායන’ යැ, එහි මේ පුද්ගල තමෝජෝතිපරායන යයි කියනු ලැබේ. හේ ඉදින් එබඳු කලණ මිතුරකු ලබා ද, යමෙක් ඔහු අකුශලයෙන් වළකා ද භාවිතකුශලතායෙහි යොදවා ද, එබඳු වූ කලණ මිතුරෙකි.
මෙසේත් සදහම් දෙසයි: ‘මේ දහම් කුසල් යැ මේ දහම් අකුසල් යැ මේ දහම් සාවද්‍ය යැ මේ දහම් අනවද්‍ය යැ මේ දහම් සෙවියැයුතු යැ මේ දහම් නො සෙවියැයුතු යැ මේ දහම් භජනය කළ යුතු යැ මේ දහම් භජනය නොකළයුතු යැ මේ දහම් උපදවා විසියැයුතු යැ මේ දහම් උපදවා නො විසියැයුතු යැ මේ දහම් මෙනෙහි කළයුතු යැ මේ දහම් නො මෙනෙහි කළයුතු යැ’ යි (පච්චතෙ සඤ්ඤාය යථා සඤ්ඤායති සතින්‍ද්‍රියානි?) හේ මෙසේ දැනගනී: ‘මේ දහම්හු කුශලයෝ යැ මේ දහම්හු අකුශලයෝ යැ මේ දහම්හු සාවද්‍යයෝ යැ මේ දහම්හු අනවද්‍යයෝ යැ මේ දහම්හු සේවිතව්‍යයෝ යැ මේ දහම්හු න සේවිතව්‍යයෝ යැ මේ දහම්හු වැඩියයුත්තාහු යැ මේ දහම්හු නො වැඩියැයුත්තාහු යැ මේ දහම්හු උපදවා විසිය යුත්තාහු යැ මේ දහම්හු උපදවා නො විසියැයුත්තාහු යැ මේ දහම්හු මෙනෙහි කළයුත්තාහු යැ මේ දහම්හු නො මෙනෙහි කළයුත්තාහු යැ’ යි. හේ ඒ දහම් අසනු කැමැති වෙයි. ඇසීමට කන නමයි, දැනගැනීමට සිත එළවයි. ඔහුට ඒ ධර්‍මයෝ දැනීම වටහත්. හේ ශ්‍රැතමයඥානයෙන් සමන්‍විත වූයේ, හේ ඒ ප්‍රත්‍යය වශයෙන් පවතී. මෙසේ පවත්නාවූ හෙතෙම එය පරම කොට ඇත්තේ එය පිහිට කොට ඇත්තේ වෙයි. මේ පුද්ගල තමෝජෝතිපරායන යයි කියනු ලැබේ.
එහි ජෝතිතමපරායන පුද්ගල කවරෙ යත්: ‘ජෝති’ නම්, යම් කරුණෙකින් ඒ තමසට මැ ප්‍රතිපක්‍ෂ වශයෙන් යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, යටත් පිරිසෙයින් ඥානාලෝකය වේ ද එයයි. ඒ ඇසූ දහම් ඇති පුද්ගල (පඤ්ඤායතෝ?) පණ්ඩිත යයි කියනු ලැබේ. හේ මෙසේ දැනගනී: මේ දහම් කුසල් යැ මේ දහම් අකුසල් යැ මේ දහම් සාවද්‍ය යැ මේ දහම් අනවද්‍ය යැ මේ දහම් සෙවියැයුතු යැ මේ දහම් නො සෙවියැයුතු යැ මේ දහම් වැඩියැයුතු යැ මේ දහම් නො වැඩියැයුතු යැ මේ දහම් උපදවා විසියැයුතු යැ මේ දහම් උපදවා නො විසියැයුතු යැ මේ දහම් මෙනෙහි කළ යුතු යැ මේ දහම් නො මෙනෙහි කළයුතු යැයි. මෙහි වැලිත් පාපමිත්‍රයන් සේවනය කරනුයේ පාපමිත්‍රයන්ගේ වසයට පැමිණියේ අකුශලධර්‍මයන් වඩයි. කුශලධර්‍මයන් දුරු කෙරෙයි. හේ ඒ ප්‍රමාදය හේතු කොටගෙන (පච්චයසඤ්ඤා?) මෙනෙහි නො කොට අසති අසම්පජඤ්ඤය ඇසුරු කෙරෙයි, (තයා?) ඊට ප්‍රතිපක්‍ෂ වූ යම් තමසෙක් වේ ද හේ ඒ තමස (අඳුර) වඩයි, හේ ඒ තමසින් මඩනාලදුයේ තමස පරායන කොට ඇත්තේ තමස පරම කොට ඇත්තේ ද වෙයි. මේ පුද්ගල ‘ජෝතිතමපරායන’ යයි කියනුලැබේ.
එහි ‘ජෝතිජෝතිපරායන’ පුද්ගල කවරෙ යැ: එහි ලා කියනු ලැබේ: මේ පුද්ගල කල්‍යාණමිත්‍රයකුගේ නිශ්‍රය ඇත්තේ වෙයි. (සක්කා සංයෝගී?) කුශලය සොයන්නා වූ හේ කලණමිතුරන් කරා එළැඹ පුළුවුස්සි, ප්‍රශ්න කෙරෙයි: කුසල් කිමැ? අකුසල් කිමැ? සාවද්‍යය කිමැ? අනවද්‍යය කිමැ? කුමක් සෙවියැයුතු යැ? කුමක් නො සෙවියැයුතු යැ? කුමක් වැඩියැයුතු යැ? කුමක් නො වැඩියැයුතු යැ? කුමක් උපදවා විසියැයුතු යැ? කුමක් උපදවා නො විසියැයුතු යැ? කුමක් මෙනෙහි කළයුතු යැ? කුමක් නො මෙනෙහි කළයුතු යැ? කිසෙයින් කෙලෙසීම වේ ද? කිසෙයින් පිරිසිදු වේ ද? කිසෙයින් (සසර) පැවැත්ම වේ ද? කිසෙයින් නැවැත්ම වේ ද? කිසෙයින් බැඳුණේ වේ ද? කිසෙයින් මිදීම වේ ද? කිසෙයින් සත්කායසමුදය වේ ද? කිසෙයින් සත්කාය නිරෝධය වේ දැ’යි.
හේ මෙහි දෙසන ලද්ද යම්සේ අවබෝධ කෙරේ ද එසේ මොනොවට පිළිපදනේ හේ මෙසේ දැනගනී: මේ දහම් කුසල් යැ මේ දහම් අකුසල් යැ ... මෙසේ සත්කායසමුදය වෙයි, මෙසේ සත්කායනිරෝධය වේ යයි. (විස්තරයෙන් ප්‍රකාශ කළ යුතු) හේ ඒ ධර්‍මයන් (අධිපාටිකඞ්ඛාති?) මෙබඳු ලක්‍ෂණ ඇති ඥානය මාර්‍ගඥානවිද්‍යාලෝකය වඩයි. ඒ පුද්ගල තත්පරම වූයේ තත්පරායන වූයේ වේ. මේ පුද්ගල ජෝතිජෝති පරායනයයි කියනු ලැබේ.
එහි තමෝතමපරායන පුද්ගල කවරෙ යැ: යමෙක් අකුශලධර්‍මය දක්වා ද ඒ අකුශලය වැඩීමෙන් අපායාදි හීනගතියෙහි උත්පත්තිය ලබයි. ඒ අකුශලය පරම කොට ඇත්තේ තත්පරායන වූයේ වෙයි. මේ පුද්ගල ‘තමෝතමපරායන’ යයි කියනුලැබේ.
එහි යම් පුඟුලෙක් ‘තමෝජෝතිපරායන’ වේ ද, හේ තමසින් අකුශලකර්‍මයාගේ විපාකය දක්වයි, (තමෙති?) හේ කල්‍යාණමිත්‍රයාගේ වශයෙන් අකුශලධර්‍මයන් දුරු කෙරෙයි. කුසල්දහම් වඩයි.
එහි යමෙක් ප්‍රණීතගතියෙහි උත්පත්තිය දක්වා ද එය පරම කොට ඇත්තේ වේ ද, එහෙයින් ‘තමෝජෝතිපරායන’ යයි කියනු ලැබේ.
යම් පුඟුලෙක් ජෝතිතමපරායන වූයේ කුශලකර්‍මයාගේ විපාකය දක්වා ද, (යම් ඇසක්?) පාපමිත්‍රසංසර්‍ගයෙන් පාපමිත්‍රසේවනයෙන් පාපමිත්‍රයන්ගේ වශයට පැමිණියේ අකුශලධර්‍මය වඩයි. එය වැඩීමෙන් හීනගතීන්හි උත්පත්තිය දක්වයි. එය පරම කොට ඇත්තේ වෙයි, එයින් ජෝතිතමපරායන යයි කියනු ලැබේ.
එහි යම් පුඟුලෙක් ජෝතිජෝතිපරායන වේ ද, හේ ජෝතිතභාවයෙන් එය පරම කොට ඇත්තේ ප්‍රණීත ගතීන්හි උපත දක්වයි. එයින් ජෝතිජෝතිපරායන යයි වදාළහ.
ජෝතිතමපරායන වීමෙන් දසඅකුශල ධර්‍මයන්ගේ උදය දක්වයි, තම පුද්ගලයාගෙන් අකුශලකර්‍මයන්ගේ විපාකය දක්වයි, අකුශලධර්‍මයන්ගේ විපාකය නො දක්වයි. තමසින් අටවැදෑරුම් මිච්ඡත්තයන් දක්වයි, ආලෝකයෙන් අටවැදෑරුම් සම්මතයන් දක්වයි, ජෝතිතමපරායනයෙන් දස අකුශලකර්‍මපථයන් දක්වයි. ආලෝකයෙන් ප්‍රණීත බව දක්වයි, තම ජෝතිපරායනයෙන් අතපනීය ධර්‍මය දක්වයි, ජෝතිතමපරායනයෙන් තපනීය ධර්‍මය දක්වයි, මේ සූත්‍රාර්‍ත්‍ථ යි.
1. එහි දේසනාහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි කුමක් දෙසන ලද ද, එහි ලා කියනු ලැබේ: මේ සූත්‍රයෙහි කුශලාකුශල ධර්‍මයෝ දේශිතයහ, කුශලාකුශලධර්‍මයන්ගේ විපාකය ද දේශිත යැ. හීනප්‍රණීත සත්‍වයන්ගේ ගතිනානාත්‍වය ද දෙසන ලදී. මේ දේසනාහාර යි.
2-3. එහි විචයහාර කවරෙ යැ: යමෙක් අකුශලකර්‍මයාගේ විපාකය විඳී ද, එහි සිටියේ අකුශලධර්‍මයන් උපදවයි යන විචය යෙදෙයි. යමෙක් කුශලකර්‍මයාගේ විපාකය විඳී ද, එහි සිටියේ කුශලධර්‍මයන් උපදවයි යන විචය යෙදෙයි. මේ විචය ද යුත්ති ද වේ.
4. එහි පදට්ඨානහාර කවරෙ යැ: යම් ජෝතිපුද්ගලයෙක් වේ ද, හේ ප්‍රත්‍යවේක්‍ෂාවට පදට්ඨාන යැ, යම් තමපුද්ගලයෙක් වේ ද හේ (තමාදින්නං?) අනුපස්සනාවට පදට්ඨාන යයි දක්වයි. ජෝතිපරායන වූ තමසින් අප්‍රමාදයට පදට්ඨාන දක්වයි, තමස අවිද්‍යාවට ද දෘෂ්ටියට ද පදට්ඨාන දක්වයි. තමපරායන වූ ජෝති (ආලෝක) යෙන් ප්‍රමාදයට ද දෘෂ්ටියට ද පදට්ඨාන දක්වයි. මේ පදට්ඨානහාර යි.
5. එහි ලක්ඛණහාර කවරෙ යැ: තමපරායන වූ තමසින් ‘තමෝ’ යි අවිද්‍යාව දැක්වූ කල්හි සියලු කෙලශ ධර්‍මයෝ දක්වනලද්දාහු වෙති, ජෝතිපරායන වූ තමසින් ‘ජෝති’ යි විද්‍යාව නිර්දිෂ්ට කල්හි සියලු බෝධිපාක්‍ෂික ධර්‍මයෝ දක්වනලද්දාහු වෙති, ජෝතිතම පරායනයෙන් ප්‍රමාදය දක්වනලද වෙයි, තමෝජෝතිපරායනයෙන් අප්‍රමාදය නිර්දිෂ්ට වේ. මේ ලක්ඛණහාර යි.
6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: නීචකුලීන වූ යම් යම් සත්‍ව කෙනෙක් ඇද්ද ඔහු මේ ධර්‍මය අසා කුශල ධර්‍මයන් සමාදන්වගෙන පවත්නාහු යැ, යම් සත්‍ව කෙනෙක් උච්චකුලීන වෙත් ද, ඔහු මේ ධර්‍මදේශනාව අසා අධිකප්‍රමාණයෙන් කුශලධර්‍මයන් සමාදන් වැ පවත්නාහු යයි. මේ චතුබ්‍යුහහාර යි. (භූමියං උපදෙසො?)
7. එහි ආවත්තහාර කවරෙ යැ: අවිද්‍යායෙහි පටන් යම් තෘෂ්ණාවක් ඇද්ද, මේ සමුදය යැ. යම් තමෝතමපරායනයෙක් ඇද්ද, මේ දුක්ඛ යැ. මේ දුක්ඛය ද සමුදය ද යන සත්‍ය දෙක යැ. යම් සූත්‍රයෙකින් ධර්‍මයෙකින් ජෝති (ආලෝකය) පනවනු ලැබෙ ද ඒ ධර්‍මය පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යැ, ඒ අමෝහය හේතු කොට ත්‍රිවිධ කුශලමූලයෝ පිරීමට යෙත්. එය ස්වර්‍ගයට පදට්ඨාන යි.
8-9. එහි විභත්ති කවරැ: තමෝතමපරායනෝ (යනු) ඒකාන්තයෙන් නොවේ. කරුණු කිම යත්: තම (අඳුරු වූ) භවය ද ඇත, අපරාපරිය වේදනීය කුශලයක් හේතුකොට ජෝති පුද්ගලයකු සමග (සහෝපත්ති භාවෙ?) ජෝති භවයෙක් ද ඇත. අපරාපරියවේදනීය අකුශලයක් හේතු කොට තම පුද්ගලයකු සමග (සහෝපත්ති භාවෙ?)
10. එහි වෙවචන කවරෙ යැ: යම් තමසෙක් වේ ද හේ මෙසේ ආත්මවධය පිණිස පිළිපන්නේ වෙයි. හේ අශ්‍රද්ධායෙන් යුත් බාල අදක්‍ෂ වූයේ අව්‍යක්ත වූයේ ආදීනව නො දක්නේ වෙයි. යමෙක් ජෝති වූයේ ද හේ ආත්මහිතයට පිළිපන්නේ පණ්ඩිත වූයේ දක්‍ෂ වූයේ ව්‍යක්ත වූයේ ආදීනව දක්නාසුලු වේ. මේ වෙවචන යි.
11. එහි පඤ්ඤත්ති කවරැ: යම් පුඟුලෙක් විපාකප්‍රඥප්තියෙන් ජෝති වූ හේ කුශලධර්‍මයන්ට පැමිණීමෙන් කුශලධර්‍මයන්ගේ විපාකප්‍රත්‍යයෙන් ද පනවනු ලැබේ යයි.
12. ඕතරණ යනු: අවිද්‍යාප්‍රත්‍යයෙන් යම් සංස්කාර කෙනෙක් ඇද්ද, යම් ජරාමරණයකුත් යම් අවිද්‍යාවකුත් ඇද්ද, එය පදට්ඨාන යැ, නිර්දේශයෙන් (?) විද්‍යොත්පාදය අවිද්‍යා නිරෝධය වෙයි. ජරාමරණනිරෝධය දක්වා (කියැයුතු යැ.) මේ ධර්‍මයෝ දෙදෙන සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්නයෝ යැ, ධර්‍මධාතු ද ධර්‍මායතන ද පදට්ඨාන යි. (නිද්දේසේන ධාතුසු?)
13. එහි සෝධන කවරෙ යැ: දේසිත වූ මේ සූත්‍රයාගේ ආරම්භය (ශුද්ධ යැ.)
14. ‘අධිට්ඨාන’ යනු: භාග්‍යවතුන් වහන්සේ ‘තමෝ’ යී වදාරති. එක් පුද්ගලයකු නො දෙසනසේක. සත්‍වයන්ගේ ගතිය යම්තාක් වේ ද, එහි යම් කෙනෙක් දුශ්චරිත ධර්‍මයෙන් යුක්ත වූවාහු ද බහුලාධිවචනයෙන් තමස දක්වයි, යම් ජෝතියෙක් වේ ද (එය) සියලු සත්‍වයන් කෙරෙහි කුශලධර්‍මයන්ගේ ඉපදීම යැ, ඒ සියල්ල ජෝති යයි පවසයි. (අයමෙකතාපච්චයො?) සතර මහාභූත ඇති? පුද්ගලයන්ගේ යෝනිසෝමනසිකාර පඤ්ඤත්ති යැ.
15. එහි පරික්ඛාර කවරෙ යැ: අකුශලයට පාපමිත්‍රයන් ඇති බව ප්‍රත්‍ය යැ, අයෝනිසෝමනසිකාරය හේතු යි. කුශලයට කල්‍යාණමිත්‍රයන් ඇති බව ප්‍රත්‍ය යැ, යෝනිසෝමනස්කාර හේතු යි.
16. එහි සමාරෝපනා කවරැ: “මෙලොවැ කිසිවෙක් නීචකුලයෙහි උපන්නේ වේ” යයි නීචකුලයෙහි උපන්නේ රූප සද්ද ගන්‍ධ රස ඵස්සයන්හි ද හේ සියලු මානුසික උපභෝග පරිභෝගයෙහි ද සමෘද්ධ නො වූයේ වෙයි. ජෝති පුද්ගල ප්‍රණීත කුලයන්හි උපන්නේ සියලු මානුසික උපභෝග පරිභෝගයෙහි සමෘද්ධ වූයේ යයි.
එහි සංකිලෙසභාගිය වූ ද නිබ්බේධභාගිය වූ ද සූත්‍රය කවරෙ යැ: “න තං දළ්හං බන්‍ධනමාහු ධීරා” යන (කෝසලසංයුක්තයෙහි) ගාථාව යැ. කවර කරුණෙකින් ඒ බන්‍ධනය දැඩි වේ ද: සතර කරුණෙකිනි, අධිපති බැවින් මුදන්නට හැකි යැ, ධනයෙන් හෝ අන්ලෙසකින් හෝ අයැදීමෙන් හෝ ගැතිබැවින් හෝ මුදන්නට හැකි යැ, මේ රාගය යම් මිණිකොඬොල්හි දූ දරුවන් කෙරෙහි දු දාරාවන් කෙරෙහි දු යම් අපේක්‍ෂාවක් ඇද්ද, මේ ඔහුගේ චෛතසික බන්‍ධනය වෙයි. එය අධිපතිබැවින් හෝ ධනයෙන් හෝ අනෙකෙකින් හෝ යැදීමෙන් හෝ ගැතිවීමෙන් හෝ මුදන්නට නො හැක්ක, එහි කිසි ඇපයෙක් නො ද ඇති. යම් මේ බන්‍ධනයක් රාගානුසයෙන් ද ෂඩ්බාහිර ආයතනයන්හි ද බැඳේ නම් මේ බැඳුමෙන් රූපතණ්හාව රූපයන් හි බඳියි, ධර්‍මයන්හි ධර්‍මතෘෂ්ණාව දක්වා (විස්තර කළයුතු.) යමෙක් මෙලොවැ බැඳුණේ පරලොවත් බැඳුණේ පමුණුවනු ලැබේ ද, හේ බැඳුණේ උපදියි, බැඳුණේ මියැයෙයි, බැඳුණේ මෙලොවින් පරාලොවට යයි. මේ බන්‍ධනය ද ආර්‍ය්‍ය ධර්‍මයෙන් හැර මුදන්නට නො හැක්ක. මරණභවය ද උපප්‍රාප්ති භවය ද භයවශයෙන් දැන ඡන්‍දරාගය දුරුකෙරෙයි. හේ මේ ඡන්‍දරාගය හැරපියා මේ ලෝකය ද මෙයින් මත්තෙහි දෙවැනි ලෝකය ද ඉක්මවයි.
එහි බන්‍ධනයෙන් සංස්කාරයන්ගේ යම් ප්‍රහාණයක් ඇද්ද, මෙය (කායික චෛතසික) උභයස්ථානයෙහි , වීර්‍ය්‍ය යයි කියනු ලැබේ. (ගන්‍ධපරිවාතො සුමුනි?) නො තැවැරෙයි. එසේ මැ පරිග්‍රහවස්තුන්හිදු අඹුදරුවන් කෙරෙහිදු උපුළ ශල්‍ය ඇත්තේ යයි
ඒතෘෂ්ණාවගේ මැ ප්‍රහාණය දක්වයි. මේ තෘෂ්ණාමූලයාගේ (පහානා වරෙ?) අප්‍රමත්ත වූයේ යයි (කාමෝ පමාද වත්තති?) ප්‍රහාණය පිණිස නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණේ අප්‍රමාදවිහාරී වෙයි. ඒ ප්‍රමාදයාගේ ආශයප්‍රහාණයෙන් මෙලොව ද පරලොව ද ආශංසනය නො කෙරෙයි. මෙලොව ඇසිරිකළ ප්‍රියරූප මධුරරූප නො කැමැති වෙයි. පරලොව ඇසිරිකළ ප්‍රියරූප සාතරූප ද නො කැමැති වෙයි. එයින් කියනු ලැබේ: “නාසිංසතෙ ලෝකමිමං පරං ච” යි.
ඒ ආකාඞ්ක්‍ෂාවගේ යම් ප්‍රහාණයෙක් ඇද්ද, එය මුනිහු විසින් අෂ්ටකවර්‍ගයෙහි ‘ඡේදනං’ යී දක්වනලදි. අෂ්ටකවර්‍ගයෙහි ඒ විරෝධය වෙයි. මේ (කොසලසංයුත්තයෙහි) “නාසිංසනං” යි අන් පරිද්දෙකින් එයි. එසෙයින් මේ තෘෂ්ණාව ඊට පරිග්‍රහ වූ වස්තුකාමය එක් ගාථායෙහි මේ සියලු කාමයෝ දක්වනලදහ. බුදුහු එයින් වදාරති:
වස්තුකාම ක්ලේශකාමයෙහි අපේක්‍ෂා නැත්තාහු තෙල බන්‍ධනය සිඳපියා කම්සුව හැරපියා ගිහිගෙන් නික්මැ යෙත් යයි.
මේ ගාථායෙහි දෙපරිද්දෙකින් නිර්දේශ වෙයි: සංසන්‍දන නිර්‍දෙශය ද සමය නිර්‍දෙශය දැයි, යම්සේ මේ ගාථාව සංකිලේසභාගියත් නිබ්බෙධභාගියත් වේ ද, එසෙයින් ඒ ගාථායෙහි සංකිලෙසභාගිය වූ ද නිබ්බේධභාගිය වූ ද විසඳුම වෙයි. මේ ගාථාව යම්සේ ද සියලු ගාථාවන්හිදු වෙය්‍යාකරණයන්හිදු මෙසේ යි. සූත්‍රය නිර්දිෂ්ට යි.
1. එහි දේසනා කවරැ: මේ සූත්‍රය කවර අදහසකින් දෙසනලද ද යත්: යම් රාගචරිත සත්‍ව කෙනෙක් වෙද්ද ඔහු කාමයන් දුරුකරන්නාහයි මේ එහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.
2. එහි විචය කවරෙ යැ: යමක්හු විසින් දසවස්තුක ක්ලේශයෝ උත්තීර්‍ණ වූවාහු මුදනලද්දාහු දන්නාලද්දාහු වෙත් ද, කවර දසවිධ වූවාහු ද යත්: ක්ලේශකාමයෝ ද ඕරම්භාගිය උද්ධම්භාගිය සංයෝජනයෝ ද දසවස්තුක ආයතනයෝ ද යන මොහු යි. මේ විචය යි.
3. එහි යුත්ති කවරැ: යම් කෙනෙක් ක්ලේශකාමයෙන් වස්තුකාමයෙහි ඇලුණා හු ද, ඔහු දැඩි බැඳුමෙන් බැඳුණාහු වෙත්. තෙල යුත්ති ඇත.
4. එහි පදට්ඨාන කවරෙ යැ: මිණිකොඬොල්හි ඇලුණේ මමංකාරයට පදට්ඨාන යැ, ‘අපෙක්ඛා’ යනු අතීත වස්තුක වූ රාග ඇත්තහුට පදට්ඨාන යැ, ‘එතම්පි ජෙත්‍වා’ යනු භාවනාවට පදට්ඨාන යි.