ඒ මුළා සිහි ඇත්තහුගේ සීලය හෝ ඒ මුළා සිහි ඇතිබව හේතු කොට ගෙන ඒ ඉන්‍ද්‍රිය හෝ ඒ කුශලමූලය හෝ කර්‍ම විපාක නොවේ. ඒ ත්‍රිකයාගේ මේ අර්‍ත්‍ථනිර්දේශ යැ: එහි ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා යන සතර ධර්‍මයෝ වෙති, එහි යම් ශ්‍රද්ධාවකුත් යම් ප්‍රඥාවකුත් ඇද්ද මේ මනෝසුචරිත යැ. යම් ශීලයක් ඇද්ද මේ කායික වාචසික සුචරිත යැ, යම් ත්‍යාගයෙක් ඇද්ද මේ චෛතසික වූ අලෝභ සංඛ්‍යාත සුචරිත යැ, මෙසේ චිත්තය ගත් කල්හි පඤ්චස්කන්‍ධයෝ ගන්නාලද්දාහු වෙති. මේ ධර්‍මයන්ගෙන් සුචරිතය ගන්නාලද වෙයි, මේ දුඃඛාර්‍ය්‍ය සත්‍යය ද මාර්‍ගයට පදට්ඨාන ද වේ.
2. එහි ‘විචයහාර’ කවරෙ යත්: යම් ශ්‍රද්ධාවකුත් ශීලයකුත් ඇද්ද, එයින් කුමක් කෙරෙයි යත්: ශ්‍රද්ධායෙන් භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙයි, මතැතක්හු සමග එක්වූයේ අශ්ව ගව ශුනකයන් සමග එක්වූයේ සියල්ල ශීලය හේතු කොටගෙන (නප්පටි පජ්ජති?) කයින් හෝ වචනයෙන් හෝ විශාරද වේ නුයි අවිප්‍රනීසාරී වේ (පඤ්ඤා යස්ස තස්සං මෝහස්ස?) අකුශලචිත්තය උපදී, මිථ්‍යාදෘෂ්ටිසහගත චිත්තය හෝ උපදී. මේ විචයහාර යි.
3. ධර්‍මවාදීහුගේ භද්‍ර වූ ගති වන්නීයැ යන තෙල යුක්ති ඇති.
4. එහි ‘පදට්ඨානහාර’ කවරෙ යැ: යම් සිතක් දීර්‍ඝරාත්‍රයෙහි ශ්‍රද්ධායෙන් ශීලයෙන් ත්‍යාගයෙන් ප්‍රඥායෙන් සමාධියෙන් පරිභාවිත ද ඒ සිත ප්‍රථමධ්‍යානයට පදට්ඨාන යැ, යම් ශ්‍රද්ධාවක් අනාවිල සංකල්ප වේ ද එය ද්විතීයධ්‍යානයට පදට්ඨාන යැ, තුන් අවෙත්‍යප්‍රසාදයෝ ද වෙති. යම් ශීලයක් ඇද්ද, එය ආර්‍ය්‍යකාන්ත යැ, එය ශීලස්කන්‍ධයට පදට්ඨාන යැ, යම් ප්‍රඥාවක් ඇද්ද එය ප්‍රඥාස්කන්‍ධයට පදට්ඨාන යැ, මේ ධර්‍මයෝ ද මේ චිත්තය ද ඒකෝදිභූත සමාධියට පදට්ඨාන යැ, ශ්‍රද්ධාව සද්ධින්‍ද්‍රියට පදට්ඨාන යැ, ත්‍යාගය සමාධින්‍ද්‍රියට පදට්ඨාන යැ, ප්‍රඥාව පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යැ, ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් විදර්‍ශනාවට පදට්ඨාන යැ, ශීලයත් ත්‍යාගයත් සමථයට පදට්ඨාන යැ, ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් අවිද්‍යාවිරාග ප්‍රඥාවිමුක්තියට පදට්ඨාන යැ, ශීලයත් ත්‍යාගයත් රාගවිරාග චේතෝවිමුක්තියට පදට්ඨාන යි.
5. ‘එහි ලක්ඛණහාර’ කවරෙ යැ: විඤ්ඤාණය කී කල්හි සද්ධා සති දෙකින් භාවිත වූ සියලු පඤ්චස්කන්‍ධයෝ කියනලද්දාහු වෙති, ශ්‍රද්ධාව කී කල්හි සද්ධාධනය ... යන සියලු සප්ත ධනයෝ කියන ලද්දාහු වෙති. ශීලස්කන්‍ධය කී කල්හි සමාධිස්කන්‍ධය ද ප්‍රඥාස්කන්‍ධය ද කියන ලද්දාහු වෙත්.
යම් සිතක් දීර්‍ඝරාත්‍රයෙහි පරිභාවිත ද පශ්චිම කාලයෙහි තදනුපරිවර්තී නො වන්නේය යන තෙල කරුණ නො වේ. එහි සංඥාව ද තදනුපරිවර්තිනී වෙයි. තත්ස්වභාව ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඔහුදු තදනුපරිවර්තීහු වෙත්. රූපසංඥාව රූපසඤ්චේතනානු දර්‍ශන මනසිකාර යැ. ෂඩායතනයන්ගේ විඤ්ඤාණකායයෙහි ද මෙසේ යි. මේ ‘ලක්ඛණහාර’ යි.
6. එහි ‘චතුබ්‍යුහ’ හාර කවරෙ යත්: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අධිප්‍රාය කවරෙ යත්: යම් කෙනෙක් භද්‍ර (සොඳුරු) වූ ගතිය ද භද්‍ර වූ අභිසම්පරාය (පරලොව) ද කැමැතිවන්නාහු නම් ඔහු ශ්‍රද්ධාව ශීලය ත්‍යාගය ප්‍රඥාව ද මෙනෙහි කරන්නාහු යැ, මේ අධිප්‍රාය යැ, (අදහස යැ.) යම් අන්‍ය සත්‍ව කෙනෙකුදු තථාගතයන් වහන්සේගේ සම්මුඛයට නො පැමිණියාහු ද ඔහු මේ ධර්‍මය අසා විපිළිසර රහිත වැ කලුරියකරන්නාහු යැ යනු භාග්‍යවතුන් වහන්සේගේ මේ අදහස යි.
7. එහි ‘ආවට්ටහාර’ කවරෙ යැ: මේ ද සතර ධර්‍ම කෙනෙක් වෙති, ශ්‍රද්ධාව ද ප්‍රඥාව ද යන දෙදෙන අශ්‍රද්ධාවත් අවිද්‍යාවත් නසති. ශීලය ද ත්‍යාගය ද යන දෙදෙන තෘෂ්ණාවත් ද්වේෂයත් නසති. ඔහුගේ (ලෝභ දෝස යන) මූලයෝ දෙදෙන ප්‍රහීණ වෙති. දුක නවතාලයි, අප්‍රහීණ භූමියෙහිදු (ද්විමූලානි පඤ්චක්ඛන්‍ධා?) සමථය ද විපස්සනාව ද ආර්‍ය්‍ය සත්‍යයෝ දෙදෙනෙක් වෙති. එය (ලෝභ දෝස යන) දෙමූලයන්ගේ ප්‍රහාණය වෙයි. මේ නිරෝධය ද මාර්‍ගය ද යන සත්‍යයෝ දෙදෙන වෙත්. (මේ විවරණය ව්‍යාකූලය?) මේ ආවත්තහාර යි.
8. එහි ‘විභක්ති’ කවර යැ: යම් සිතක් ශ්‍රද්ධායෙන් පරිභාවිත ද ... ඉදින් ඒ පුහුදුන්හුගේ ද භද්‍ර වූ ගතිය වන්නේ යැ යනු ඒකාන්ත නොවේ. ඔහුගේ කර්‍මය ඉහාත්මයෙහි මැ විපාක ඇතැයි කැමැති වන්නේය. අපරපරියාය භවයෙහි හෝ වන්නේ යැ, යම් අතීත කර්‍මයක් හෝ විපාක පිණිස එළඹැ සිටියේ ද, චේතනාවෝ එය ප්‍රත්‍යය කොට ඇත්තාහු යැ, යම් (නිර්දේශ කෙනෙක්) මහාකර්‍මවිභඞ්ගයෙහි ආවාහු ද, එකරුණෙන් ‘ධර්‍මචාරීහුගේ යම් භද්‍ර වූ ගති වෙයි,’ යන මේ විභාග කොට ප්‍රකාශ කළයුතු නිර්දේශයෙකි.
9. එහි ‘පරිවත්තනා’ කවර යත්: ශ්‍රද්ධා රහිත බව ද දුශ්ශීල බව ද මසුරු බව ද දුෂ්ප්‍රාඥ බව ද (යන මේ) ප්‍රතිපක්‍ෂභාවයෙන් ප්‍රහීණ වූවාහු වෙත්. මේ ‘පරිවත්තනා’ යි.
10. එහි ‘වෙවචන’ කවරෙ යත්: යම් සිතක් දීර්‍ඝරාත්‍රයෙහි පරිභාවිත ද එය චිත්ත යැ නම යැ විඤ්ඤාණ යැ ... යම් ශ්‍රද්ධාවක් ඇද්ද එය සද්ධාබල යැ සද්ධින්‍ද්‍රිය යැ ... යම් සීලයක් ඇද්ද එය සුචරිත යැ සංයම යැ නියම යැ දම යැ ඛන්‍ධතා යැ, මොහු ඒ සීලයට වෙවචන යැ, යම් ත්‍යාගයෙක් ඇද්ද එය පටිනිස්සග්ග යැ අලෝභ යැ වොස්සග්ග යැ චාගාධිට්ඨාන යැ යනු වෙවචන යි. යම් ප්‍රඥාවක් ඇද්ද එය පඤ්ඤතා යැ පඤ්ඤප්පභා යැ පඤ්ඤින්‍ද්‍රිය යැ පඤ්ඤාබල යැ යනු වෙවචන යි.
11. එහි ‘පඤ්ඤත්ති’ කවර යැ: යම් සිතක් ඇද්ද එය විජපඤ්ඤත්තියෙන් පනවන ලද, පරිභාවනාව වාසනාපඤ්ඤත්තියෙන් පනවන ලද, ශ්‍රද්ධාව පසාදපඤ්ඤත්තියෙන් පනවන ලද, සීලය සුචරිතපඤ්ඤත්තියෙන් පනවන ලද, ත්‍යාගය පුණ්‍යක්‍රියාපඤ්ඤත්තියෙන් පනවන ලද, ප්‍රඥාව වීමංසාපඤ්ඤත්තියෙන් පනවන ලද, සද්ධා සීල චාග යන මේ තුන් ධර්‍මයෝ ප්‍රඥාවත්හුගේ පාරිශුද්ධියට යෙත්.
12. එහි ‘ඕතරණ’ හාර කවරෙ යැ: යම් චිත්තයක් ඇද්ද එය ස්කන්‍ධයන් කෙරෙහි ‘විඤ්ඤාණක්ඛන්‍ධ යැ, ධාතූන් කෙරෙහි මනෝවිඤ්ඤාණධාතු යැ, ආයතනයන් කෙරෙහි මනායතන යි. යම් සතර ධර්‍ම කෙනෙක් වෙත් ද ඔහු ස්කන්‍ධයන් කෙරෙහි සංස්කාර ස්කන්‍ධ පර්‍ය්‍යාපන්නයෝ යැ ... ධාතූන් කෙරෙහි ආයතනයන් කෙරෙහි (?)
13. එහි ‘සෝධන’ හාර කවරෙ යැ: මහානාම ශාක්‍යයා විසින් පුළුවුස්නාලදු වැ මේ භාග්‍යවතුන් වහන්සේගේ භාසිත වෙයි. ඒ සියල්ල (සියලු පූච්ඡීතය) නියුක්ත යි.
14. එහි ‘අධිට්ඨාන’ හාර කවරෙ යැ: මේ චිත්තය අපරිභාවිත වූ අකුශල චිත්තයන් හේතු කොට විශේෂතායෙන් පනවන ලද ‘පරිභාවිතං’ යී
යළි අන්‍යයන්ගේ ද පරිභාවිත වූ යම් සිතක් ඇද්ද එය නිසා පනවන ලද මේ සියලු මැ ශ්‍රද්ධාදි සතර ධර්‍මයෝ ඒකත්තතා (සාමාන්‍යභාව) යෙන් පනවන ලදහු යැ. ‘භද්දිකා ගති’ යි කාමභෝගීහුගේ ගති යයි. රූපධාතු අරූපධාතු නො මැ වෙයි. ‘මනුස්සා’ යනු සියලු මිනිස්ගතිය භද්‍ර වෙයි. එය මැ (කථාය පඤ්ඤත්තං ?) මේ ‘පඤ්ඤත්ති’ හාර යි.
15. එහි ‘පරික්ඛාරහාර’ කවරෙ යැ: චිත්තයට ඉන්‍ද්‍රියයෝ ආධිපතෙය්‍යප්‍රත්‍යතායෙන් ප්‍රත්‍ය වෙයි. මනසිකාරය හේතුප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. ශ්‍රද්ධාවට ලෞකික ප්‍රඥාව හේතුප්‍රත්‍යතායෙන් ප්‍රත්‍ය වෙයි. යෝනිසෝමනසිකාරය ද ප්‍රත්‍ය වෙයි. සීලයට පතිරූපදේසවාසය ප්‍රත්‍ය වෙයි. අත්තසම්මාපණිධානය ද හේතු වෙයි. ත්‍යාගයට අලෝභය හේතු යැ, අවිප්පටිසාරය ද හේතුප්‍රත්‍ය වෙයි. ප්‍රඥාවට පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි යෝනිසෝමනස්කාර ද හේතු ප්‍රත්‍යය වේ.
16. එහි ‘සමාරෝපන’ හාර කවරෙ යැ: “යං තං චිත්තං දීඝරත්තං පරිභාවිතං” යී චෛතසිකයෝ ද කියන ලදහු වෙත්. මෙහි සියලු (ශ්‍රද්ධාදි) ධර්‍මයෝ වඩනලද්දාහු තොපගේ ගතිය භද්‍ර වන්නීය. උපප්‍රාප්තික වූ පරලෝකය භද්‍ර වන්නේ යැ, මෙසේ මානුෂ්‍යක වූ යම් කිසි උපභෝග පරිභෝගයෝ වෙත් ද, ඒ සියල්ල භද්‍ර වූ ගති මැ වේ යයි. මේ ‘සමාරෝපන’ හාර යි.
7. 6.
“උද්ධං අධෝ සබ්බධි විප්පමුත්තො” යන ගාථාව යැ:
එහි ‘උද්ධ’ නම් කිමැ: මේ කාමධාතුයෙන් උඩ යම් අනාගාමී රූපාරූපධාතුයෙක් වේ ද මේ උද්ධ නමැ. ‘අධෝ’ නම් යමක් ඉක්මැ වූයේ අතීත වේ ද (බුදුහු) මේ උදාන පාළිය වදාළහ. එහි අතීතයෙන් පූර්‍වාන්තකල්පිකයන්ගේ ශාශ්වතදෘෂ්ටිය ද කිසි කෙනෙකුන්ගේ අපරාන්තදෘෂ්ටිය ද. (යං වුත්තකප්පිකානං?) මේ දෘෂ්ටීහු ද උච්ඡේද දෘෂ්ටිය ද ශාස්වත දෘෂ්ටිය ද වෙත්.
එහි මේ ශාශ්වත දෘෂ්ටි යැ: සක්කායදෘෂ්ටි වූ මේ පසළොස් පදයෝ ශාශ්වතදෘෂ්ටිය බෙජෙති: මාගේ ආත්මය රූපවත් යැ, මාගේ ආත්මයෙහි රූපය ඇත, රූපයෙහි මාගේ ආත්මය ඇතැයි (යදුච්චතෙ පඤ්ඤං පරිදහන්ති?) යම් උච්ඡේදදෘෂ්ටියක් ඇද්ද, එය පඤ්චපද කෙනෙක් උච්ඡේදය බෙජෙත්. ඔහු ‘ජීවයත් එය යැ, ශරීරයත් එය’ යි දකිත්. රූපය මාගේ යැ, මාගේ ආත්මය යි කියා යි. එබඳු උච්ඡේදයෙන් ද ශාශ්වතයෙන් ද යුක්තව සත්කායදෘෂ්ටිය චතුර්විධ යැ, මෙසේ පඤ්චස්කන්‍ධයෙහි විංශද්වස්තුක දෘෂ්ටියෙන් පසළොස් පද කෙනෙක් ශාශ්වතදෘෂ්ටියෙන් පූර්‍වාන්තය බෙජෙති. පස් පද කෙනෙක් උච්ඡේදදෘෂ්ටියෙන් අපරාන්තය බෙජෙත්.
එහි ‘මේ මම් වෙමි’ දක්නේ රූපය ආත්මවශයෙන් දෘෂ්ටිසමනුපස්සනායෙන් දකී, හේ උච්ඡේදවාදී වෙයි. ආත්මය රූපවත් යයි ද ආත්මයෙහි රූපය ඇතැයි ද රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී, (හේ ශාශ්වතවාදී වෙයි.) මෙසේ උච්ඡේදදෘෂ්ටිය ද (අත්තතෝ පටිස්සරති සස්සතදිට්ඨි පුබ්බත්‍තතෝ ච පටිස්සරති?) ‘මේ මම් වෙමි’ (විප්පමුත්ත මහණ) නො දකී, ඔහුට දෘෂ්ටි-ආස්‍රවයෝ ප්‍රහාණයට යෙති. හේ කාලත්‍රයෙහි ද පූර්‍වාන්තයෙහි ද අපරාන්තයෙහි ද ඒ ඒ (නිද්දිට්ඨානෙන?) උඩ රූපාරූපධාතුයෙහි ද යට කාම ධාතුයෙහි ද සියලු ත්‍රෛධාතුක ලෝකයෙහි වීතරාග වූයේ ‘මම් වෙමි.’ මේ ද්වාරයෙන් මේ ප්‍රයෝගයෙන් මේ උපායෙන් නො දකී යයි. මේ දර්‍ශන භූමි ද සෝතාපත්ති ඵලය ද වෙයි. (ඒ ආර්‍ය්‍යප්‍රයෝගය අනභාවයට ගිය සංසාරයෙන් යුක්ත වූයේ?) “අපුනබ්භවාය” යනු යම් කිසි ආර්‍ය්‍ය ප්‍රයෝගයෙක්? පුනර්‍භව නොවනු පිණිස වේ ද, මෘදු වූ හෝ මධ්‍ය වූ හෝ අධිමාත්‍ර වූ හෝ පඤ්චේන්‍ද්‍රියයෝ සියලු පුනර්‍භව ප්‍රහාණය පිණිස පවත්නාහුය. ‘අහං’ යනු අවධිවශයෙන් දිට්ඨෝඝය කාමෝඝය භවෝඝය අවිජ්ජෝඝය ද වෙයි.
1. එහි දේසනාහාරයෙන් චතුස්සත්‍යයෝ (දැක්විය යුත්තාහ.) පඤ්චේන්‍ද්‍රියයන්ගෙන් ද සෝතාපත්තිඵලයෙන් ද මාර්‍ගසත්‍යය ද නිරෝධසත්‍යය ද යන සත්‍යයෝ දෙදෙන වෙති. සක්කායසමුදයෙන් දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද යන සත්‍යයෝ දෙදෙන වෙත්. මේ ‘දේසනාහාර’ යි.
2. එහි ‘විචයහාර’ කවරෙ යත්: ‘මේ මම් වෙමි’ නොදක්නේ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වු තුන් සංයෝජනයන් දුරු කෙරෙයි. මේ ‘විචය’ හාර යි.
3. එහි ‘යුත්ති’ කවර යත්: පුද්ගලයෝ ත්‍රිවිධ වෙත්: කිසිවෙක් උග්ඝටිතඤ්ඤු යැ කිසිවෙක් විපඤ්චිතඤ්ඤු යැ කිසිවෙක් නෙය්‍ය යැ. උද්ඝටිතඥ පුද්ගල තික්ඛින්‍ද්‍රිය ද වෙයි, විපඤ්චිතඥ පුද්ගල ඊට වඩා මුදින්‍ද්‍රිය යැ, නෙය්‍ය පුද්ගල ඊට වඩා මුදින්‍ද්‍රිය යි.
එහි උග්ඝටිතඤ්ඤු පුද්ගල තික්ඛින්‍ද්‍රියතායෙන් දර්‍ශනභූමියට පැමිණ සෝතාපත්ති ඵලයට පැමිණෙයි. ඒකබීජී වෙයි. මේ පළමුවන සෝතාපන්න යැ. විපඤ්චිතඤ්ඤු පුද්ගල මෘදු වූ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගෙන් දර්‍ශනභූමියට පැමිණ සෝතාපත්තිඵලයට පැමිණෙයි, කොලංකොල ද වෙයි. මේ දෙවැනි සෝතාපන්න යැ. එහි නෙය්‍ය පුද්ගල දර්‍ශනභූමියට පැමිණ සෝතාපත්තිඵලයට පැමිණෙයි. සත්තක්ඛත්තුපරම ද වෙයි. මේ තුන්වැනි සෝතාපන්න පුද්ගල යි.
එහි තෙල යුක්ති ඇත, මෘදු - මධ්‍යාධිමාත්‍ර වූ ඉන්‍ද්‍රියයන්ගෙන් මෘදු මධ්‍ය අධිමාත්‍ර වූ භූමිය පසක් කරන්නේ යැ, නොහොත් සත්කායදෘෂ්ටි ප්‍රහාණයෙන් දෘෂ්ටිගතයන් දුරු කරන්නේ යි. මේ ‘යුක්තිහාර’ යි.
4. එහි ‘පදට්ඨාන’ කවරෙ යැ: එහි, සත්කායදෘෂ්ටිය සියලු මිත්‍ථ්‍යාදෘෂ්ටියට පදට්ඨාන යැ, සත්කායදෘෂ්ටිය නාමරූපයට පදට්ඨාන යැ. නාමරූපය සක්කායදිට්ඨියට පදට්ඨාන යැ. රූපී පඤ්චේන්‍ද්‍රියයෝ රූපරාගයට පදට්ඨාන යැ, ෂඩායතනය අහඞ්කාරයට පදට්ඨානයි. (මේ පදට්ඨාන යි.)
5. එහි ‘ලක්ඛණහාර’ කවරෙ යැ: ශාශ්වත උච්ඡේද යන දෘෂ්ටි දෙක ප්‍රහීණ කල්හි එහි එක්සැටක් දෘෂ්ටිගතයෝ ප්‍රහාණයට යෙති. උඩ ද යට ද වීතරාග වූයේ සියලු රජනීය ධර්‍මයන්හි විගතරාග වෙයි. තද්ජනිත වූ පරභූමියෙහි මේ ප්‍රත්‍ය යයි ඇතිසැටියෙන් දකී, හේ සියලු ප්‍රතීත්‍යසමුත්පාදය ආමර්‍ෂණ කෙරෙයි. මේ ‘ලක්ඛණ’ හාර යි.
6. එහි ‘චතුබ්‍යුහ’ හාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් සත්‍ව කෙනෙක් යම් කරුණෙකින් අභිරමණය කරන්නාහු ද, ඔහු දෘෂ්ටිප්‍රහාණය පිණිස වෑයම් කරන්නාහු යැ, මේ මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි. මේ ‘චතුබ්‍යුහ’ හාර යි.
7. එහි ‘ආවට්ටහාර’ කවරෙ යැ: යම් මේ මෘදු වූ පඤ්චින්‍ද්‍රිය කෙනෙක් වෙත් ද, ඔහු ඕරම්භාගිය පඤ්චින්‍ද්‍රියයෝ යි. අභිධ්‍යාව හා ව්‍යාපාදය ද සියල්ලෙන් සියල්ල සමූහනය කෙරෙත්. භාවනාවශයෙන් ශෛක්‍ෂවිමුක්තිහුගේ ශ්‍රද්ධාබලය වේ. (උද්ධංභාගියානි දිට්ඨිවසේන බලං සද්ධා?) විරියින්‍ද්‍රිය ආරබ්ධ බැවින් ද සතින්‍ද්‍රිය මාර්‍ගයට හිත බැවින් ද අත්‍යන්තනිෂ්ඨාවට යෙති. එහි යම් ඉන්‍ද්‍රිය කෙනෙක් ඇද්ද මේ මාර්‍ග යැ, සංකිලේස ප්‍රහාණය නිරෝධ යැ, මතුයෙහි අනුත්පාදස්වභාව යන මේ දුක්ඛ යැ. (?) මේ ‘ආවට්ටහාර’ යි.
8. එහි ‘විභක්ති’ හාර කවරෙ යැ: “මේ මම් වෙමි” යමෙක් (දිට්ඨි විසින්) දකී ද, හේ වූ කලි අධිමාත්‍ර වූ ලෞකික භූමියෙහි යැ, හේ ආර්‍ය්‍ය ප්‍රයෝගයෙන් සක්කායදිට්ඨිය නො හරී. අධිමාත්‍ර වූ තජ්ජනිත භූමියෙහි යම් ප්‍රහාණයෙක් කියනුලැබේ ද එය යි. (?) එහි පස් ආකාරයෙකින් තජ්ජනිත භූමියෙහි අධිමාත්‍ර බව ලබයි: ශීලයෙන් ව්‍රතයෙන් බහුශ්‍රුත බැවින් සමාධියෙන් නෛෂ්ක්‍රම්‍යසුඛයෙන් යන පස්අයුරෙනි. එහි නොපත් මාර්‍ගයෙහි ප්‍රාප්ත යැ යන සංඥා ඇතියේ අධිමානය ගනී. මේ වස්තුහුගේ උත්පත්තියෙහි මැ බුදුහු මේ සූත්‍රය වදාරති: “ව්‍රතමාත්‍රයෙන් සිල්වත් වේ” යයි. එහි යමෙක් අප්පත්තයෙහි පත්තසඤ්ඤී වේ ද, ඔහුගේ යම් සමාධියෙක් වේ ද ඒ සමාධිය සාමිස යැ යළි ඒ සමාධිය කාපුරුෂසේවිත යැ, ‘කාපුරිය’ යි පෘථග්ජනයෝ කියනු ලැබෙත්. ආර්‍ය්‍ය මාර්‍ගයට පැමිණ යම් ආමිසයක් (?) ලෞකික අනාර්‍ය්‍ය වේ ද, එහෙයින් සමාධිය අනාර්‍ය්‍ය කාපුරුෂසේවිත වෙයි, යළි යමෙක් ආර්‍ය්‍යාකාරයෙන් යථාභූත වැ නො දනී ද නො දකී ද, හේ අධිගමය දුරු කෙරෙයි. යමෙක් අකාපුරුෂසේවිත වූ නිරාමිස වූ ආර්‍ය්‍ය සමාධියෙන් නිර්‍ය්‍යාණය කෙරේද එහි ‘අකාපුරිස’ යි ආර්‍ය්‍ය පුද්ගලයෝ කියනු ලැබෙත්. ඒ ආර්‍ය්‍යයන් විසින් සෙවුනාලද යම් සමාධියෙක් වේ ද, ඒ සමාධිය ‘අකාපුරිස සේවිත’ නම් වේ. එහෙයින් තෙල ‘අයමහමස්මීති අනානුපස්සී තථාගතො’ යනු විභාග කොට ප්‍රකාශ කළයුතු යි. මේ ‘විභත්තිහාර’ යි.
9. එහි ‘පරිවත්තනහාර’ කවරෙ යැ: මේ දර්‍ශනභූමියෙන් ක්ලේශයෝ ප්‍රහීණ කළ යුත්තාහුය, (තෙහි?) ප්‍රහීණ කරනු ලැබෙත්. භාග්‍යවතුන් විසින් නොදක්වන ලද්දාහු නමුදු දැක්වියැයුත්තාහුය.
10. එහි ‘වෙවචන’ කවරැ: සත්කායදෘෂ්ටියට ආත්මදෘෂ්ටියට යම් මේ භූමියක් ඇද්ද, යම් ක්ලේශ කෙනෙක් ප්‍රහීණ කළ යුත්තාහු ද, ඔහු ප්‍රහීණ නොවෙත්. (?) (අනිද්දිට්ඨාපි භගවතා ... සා අකිරිය දිට්ඨි? ව්‍යාකුල තැනෙකි) මේ වෙවචන යි.
11. එහි ‘පඤ්ඤත්ති’ කවරැ: තණ්හාව සංයෝජනපඤ්ඤත්තියෙන් පනවන ලදු, මාර්‍ගය ප්‍රතිලාභපඤ්ඤත්තියෙන් පනවන ලද. ඉන්‍ද්‍රියයෝ ප්‍රතිලාභපඤ්ඤත්තියෙන් පනවන ලදහු යැ.
12. එහි ‘ඕතරණ’ කවරෙ යැ: සත්කායය දුඃඛසත්‍ය යැ, දර්‍ශනයෙන් ප්‍රහීණ කළ යුත්තේ යැ, සමුදය ද මාර්‍ගය ද ඉන්‍ද්‍රියයෝ ද ස්කන්‍ධ ධාතු ආයතනයන්හි ලා දක්වනලද්දාහු යි.
13. එහි ‘සෝධනහාර’ කවරෙ යැ: යම් කරුණක් අරබයා භාග්‍යවතුන් විසින් මේ සූත්‍රය වදාරන ලද ද, ඒ (දැනගනු කැමැති අර්‍ත්‍ථ සංඛ්‍යාත) ආරම්භය දක්වන ලදි.
15. එහි ‘පරික්ඛාර’ කවරෙ යැ: නාමරූපයට විඤ්ඤාණය හේතු ද ප්‍රත්‍යය ද වෙයි. (තණ්හා සංඛ්‍යාත) බීජය හේතු යැ, එහෙයින් අවිද්‍යාව ද සංස්කාරයෝ ද ප්‍රත්‍ය ය,. (නිවත්තනියො. ... පරභණ්ඩපච්චයො?) මෙසේ සම්මාදිට්ඨියට පරතෝඝෝසය ද යෝනිසෝමනස්කාර ද ප්‍රත්‍යය වෙයි. යම් ප්‍රඥාවක් උපදවා ද, තෙල ප්‍රඥාව සම්මා දිට්ඨියට හේතු යැ, එයින් සම්මාසංකල්ප උපදී. (යා සම්මා සමාධි?) මේ පරික්ඛාර යි.
16. එහි ‘සමාරෝපන’ කවරෙ යත්: ‘මේ මම් වෙමි’ දෘෂ්ටිවශයෙන් නො දක්නේ දුක්ඛ වශයෙන් රෝග වශයෙන් දකී. (පසළොස් පදයෝ දැක්විය යුත්තාහු ය.)
7. 7.
“ස්වාමීනි, (කුශල) ශීලයෝ කුමක් අර්‍ත්‍ථ කොට ඇත්තාහු ද? කුමක් අනුසස් කොට ඇත්තාහු ද? ආනන්‍දය, ශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට ඇත්තාහු යැ.” විමුක්තිය දක්වා විස්තර යි. (දසකඞ්ගුත්තරයෙහි සූත්‍රය)
එහි පුරුෂාර්‍ත්‍ථය ද වචනාර්‍ත්‍ථය දැයි අර්‍ත්‍ථය දෙවැදෑරුම් වෙයි.
එහි පුරුෂාර්‍ත්‍ථ කවරෙ යැ: යම් මේ පසුවැ නො තැවෙනබවක් ඇද්ද, මේ අවිප්පටිසාර යැ, මේ පුරුෂාර්‍ත්‍ථ යි. යම්සේ කිසිවෙක් (යමක්) වඩා ද, මේ අර්‍ත්‍ථය ආසේවන කෙරේ ද, හෙතෙම මෙසේ කියන්නේ යැ: ‘මෙහි ලා කිසිවක් මා අයත් වේ ද, ඒ සඳහා මේ ක්‍රියාව ආරම්භ කෙරෙමි යි, මේ පුරුෂාර්‍ත්‍ථ යි’.
එහි වචනාර්‍ත්‍ථ කවරෙ යැ: සීලයෝ නම්: කායික හෝ වාචසික හෝ සුචරිත යැ. ‘අවිප්පටිසාර’ යනු: එහි ශීලයාගේ ද ව්‍රතයාගේ ද භාසය (දීප්තිය?) මැ යැ, අනෙකක් නො වේ. සුකෘත කර්‍ම ඇති බව සුචරිත යැ, මේ අවිප්පටිසාර යි. මෙසේ ‘විමුත්ති’ යනු දක්වා එකෙකි පදයෙහි පුරුෂාර්‍ත්‍ථ ද වචනාර්‍ත්‍ථ දැයි අර්‍ත්‍ථයෝ දෙදෙනෙක් වෙති. මේ සූත්‍රයෙහි යම් සේ ද, එපරිද්දෙන් සියලු සූත්‍රයන්හි පරමාර්‍ත්‍ථ ද උත්තමාර්‍ත්‍ථ දැයි දෙ දෙ අර්‍ත්‍ථයෝ වෙත්.
(යං නිබ්බානසච්ජිකං ... වචනත්‍ථො? මුළු වාක්‍යයම ව්‍යාකුලය. විමසන්නේ මැනැවි.)
එහි යම් අර්‍ත්‍ථයක් ශ්‍රාවක කැමැති වේ ද, ඔහුගේ යම් ප්‍රතිලාභයෙක් වේ ද, මේ පුරුෂාර්‍ත්‍ථ යැ, බුදුහු යම් යම් දහමක් දෙසන සේක් ද, ඒ ඒ ධර්‍මයාගේ යම් අර්‍ත්‍ථවිඥප්තියක් ඇද්ද, මේ අර්‍ත්‍ථ යැ.
එහි ශීලයන්ගේ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ ද ආනිසංස ද වෙයි. තෙල ආනිසංසය ද දුගතියට නොයෙයි යන යමක් ඇද්ද එය යි. භාග්‍යවතුන් විසින් එය මෙසේ වදාරන ලද:
දාන සීලාදි කුශල ධර්‍මය පරිචිත කල්හි තෙල අනුසස් වෙයි:
ධර්‍මචාරී පුද්ගල නිරයාදි දුගතියට නො යේ යයි. මේ අර්‍ත්‍ථ යි.
යම් හෙයකින් පුරුෂ භාවනාභූමියෙහි සිල් අරබයා සීලයෙන් යුක්ත වූයේ වේ ද, ශීල ස්කන්‍ධ යම්සේ ද එපරිදි විමුක්තිය දක්වා (විස්තර යි.)
එහි යම් අවිප්පටිසාරයෙන් අනුසය වශයෙන් දක්වන ලද ද. ඒ සීලය ද (අවිප්පටිසාර) විසින් දක්වන ලදි. මේ ශීලස්කන්‍ධ යි. පාමොජ්ජ පීති පස්සද්ධි යනු ද සමාධීන්‍ද්‍රියයෙන් (සංගෘහීත යැ.) මේ සමාධිස්කන්‍ධ යි. යම් හෙයෙකින් සමාහිත වූයේ තත්‍වාකාරයෙන් දැනගනී ද, මේ ප්‍රඥාස්කන්‍ධ යි. සීල සමාධි පඤ්ඤා යන මේ තුන් ස්කන්‍ධයෝ යි.
එපරිද්දෙන් යම් විරියිඉන්‍ද්‍රියයක් ඇද්ද (එයින්) සිල් පුරයි. එ කරුණෙන් හේ සිල් පුරයි: නූපන් අකුශලයාගේ නො ඉපැදීම පිණිස වෑයම් කරයි, උපන් අකුශලයාගේ ප්‍රහාණය පිණිස ද නූපන් කුශලයාගේ ඉපැදීම පිණිස ද උපන් කුශලයාගේ බහුලභාවය පිණිස ද වෑයම් කරයි. මෙසේ විරියින්‍ද්‍රිය දක්වන ලදි. එහි යම් සමාධිස්කන්‍ධයෙක් ඇද්ද මේ සමාධින්‍ද්‍රිය යි. ප්‍රඥාස්කන්‍ධය පඤ්ඤින්‍ද්‍රිය යි. එය සතර සම්‍යක්ප්‍රධානයෙහි ලා දතයුතු. එසේ ම යමෙක් නූපන් අකුශලයාගේ නො ඉපැදීම පිණිස වෑයම් කෙරේ ද, මේ පළමුවන සම්මප්පධාන යැ, උපන් අකුශලයාගේ ... මේ දෙවැන්න යැ. සතර සම්‍යක්ප්‍රධානයෝ සතර ධ්‍යානයන්හි දැක්කයුත්තාහු යැ. එසේ මැ ශීලස්කන්‍ධයෙන් නෙක්ඛම්මධාතුව ද ආදිය වේ.
නෙක්ඛම්මවිතක්ක යැ අව්‍යාපාදවිතක්ක යැ අවිහිංසාවිතක්කය දැයි සාධාරණ වූ තුන් විතර්‍කයෝ වෙති. (යා පියායමානස්ස ... ඉදං දුක්ඛං?) එහි යම් අවික්‍ෂේපයෙක් වේ ද මේ සමාධි යැ, මේ පඤ්චාංගික ප්‍රථමධ්‍යාන යි.
යම් චෛතසික පස්සද්ධියක් ඇද්ද, සවිතර්‍ක වූ සවිචාර වූ (විරෝධානං?) පරිදාහ වූ යම් ක්ලේශයෙකුත් ඇද්ද, එය ප්‍රථම ධ්‍යානයෙහි නිරුද්ධ යැ. එහි යම් කිලේසපස්සද්ධියකුත් ඇද්ද විතක්ක විචාරයන්ගේ යම් පස්සද්ධියකුත් ඇද්ද, තෙල දහම් දෙක මැ පස්සද්ධිවේ. (?) එහි කායයාගේ ද චිත්තයාගේ ද යම් සුවයෙක් සුඛාකාරයෙක් ඇද්ද, මේ ප්‍රීතිසුඛ ඇත්තහුගේ පස්සද්ධි වෙයි. චිත්තයාගේ යම් ඒකෝදිභාවයෙක් ඇද්ද ඒ ඒකෝදිභාවය හේතු කොට චිත්තයාගේ අධ්‍යාත්මයෙහි යම් සම්ප්‍රසාදයෙක් වේද, මේ සතරවැනි ධ්‍යානාඞ්ග යැ, මෙසේ අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ද චිත්තයාගේ ඒකෝදිභාවය ද ප්‍රීතිය ද සුඛය ද යන මේ දෙවැනි ධ්‍යානය සතර අංගයෙක් ඇත්තේ යැ.
යමෙක් සැහැල්ලු වූ කය ඇතියේ සුව විඳී ද, ඒ අධිමාත්‍ර වූ සුඛයෙන් පැතිරැ යම් චෛතසික සුඛයක් විඳී ද, ඒ ප්‍රීතිවිරාගය යි. මේ මෙසේ ඒ ප්‍රිතිවිරාගතායෙන් උපේක්‍ෂාව ලබයි. හේ ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂාව ලබයි. කායික සුවය ද විඳී, සම්‍යක් ප්‍රඥායෙන් ස්මෘතිය ද ලබයි. (සචෙ සති ඒකග්ගතා?) මේ පඤ්චාඞ්ගික වූ තෘතීය ධ්‍යාන යි.
යම් හෙයෙකින් සුව ඇතියහුගේ සිත සමාධියට යේ ද, මේ ඒකාග්‍රතායෙන් (පරාවිධානෝ විධානාභාගියා?) ප්‍රථම ධ්‍යානයෙහි චිත්තෛකාග්‍රතා ඇත, චක්‍ෂුස්හුගේ වේදනා නො වේ. සියල්ල පිරීමට යෙයි. (?) චතුර්‍ත්‍ථධ්‍යානයෙහි යම්සේ ද, එපරිද්දෙන් යම් උපේක්‍ෂාවෙක් ඇද්ද, එය යටපත් කෙරෙමින් සතිසම්පජඤ්ඤය ද චිත්තෙකග්ගතාව ද වේ. මේ චතුර්‍ත්‍ථ ධ්‍යාන යි.
යම්සේ සමාධි දැක්විය යුත්තේ ද, එසෙයින් පඤ්ඤින්‍ද්‍රිය දැක්වියැ යුතු. එය සතර ආර්‍ය්‍ය සත්‍යයෙහි ලා දැක්ක යුතු. සමාහිත වූයේ යම් දහමක් යථාභූත වැ දැනගනී ද, ඒ පජානනය සිව්වැදැරුම් වෙයි: අශුභ වශයෙන් දුඃඛ වශයෙන් අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දැයි කියායි. යම් ආලම්බනයෙක් ඇද්ද, එය දුඃඛාර්‍ය්‍ය සත්‍ය යැ, යමක් දැන ගනිමින් නිර්වේදයට පැමිණේ ද විමුක්ත වේ ද, මේ මාර්‍ගසත්‍ය යැ, යම් කාමාස්‍රවයාගේ ප්‍රහාණයෙක් භවාසව - දිට්ඨාසව - අවිජ්ජාසවයාගේ ප්‍රහාණයෙක් ඇද්ද, මේ නිරෝධ යැ, අප්‍රහීණභුමියෙහි ආස්‍රවයෝ සමුදය සත්‍ය යැ. මේ සතර ආර්‍ය්‍ය සත්‍යයෝ යි. යම්සේ පඤ්ඤින්‍ද්‍රිය දැක්කයුතු ද, යම් සේ මේ (පුද්ගල) සමාහිත වූයේ යථාභූත වැ දැනගනී ද, මේ දර්‍ශනභූමි ද සෝතාපත්තිඵලය ද වේ. යථාභූතව විදසුන් නැණින් දැනගන්නේ නිර්වේදයට පැමිණෙයි යන මෙය තුනී වූ කාමරාගව්‍යාපාදය ද සකදාගාමිඵලය ද වෙයි. නිර්වේදයට විරාගයට පැමිණෙයි යන මෙය ප්‍රථමධ්‍යාන භාවනාභූමි ද රාගවිරාගචේතෝ විමුක්ති ද අනාගාමිඵල ද වෙයි. යමක් ‘විමුක්ති’ යි කියනු ලැබේ ද, මේ අවිජ්ජා විරාග පඤ්ඤාවිමුක්ති ද රහත් ඵල ද වේ.
මේ අවිප්පටිසාරයෝ ද විරියින්‍ද්‍රිය ද සතර සම්‍යක්ප්‍රධානයෝ ද, අවිප්පටිසාරයෝ යි. එ ද මතුයෙහි සමාධිය දක්වා වෙයි. (ඉමෙ අවිප්පටිසාරා ච ... එසො සුත්තනිද්දේසො? මෙහි දක්වන විස්තරය බෙහෙවින් ආකූලව ඇත. විමසන්නේ මැනැවි.)
මේ අප්පටිසාරයෝ ද විරිය ඉන්‍ද්‍රිය ද, සතර සම්ප්‍රදානයෝද, අප්පටිසාරයෝම වෙති. එය මත්තෙහි සමාධිය දක්වා වේ. මෙසේ ඒ ධ්‍යාන සතරද සමාධි ඉන්‍ද්‍රිය ද සන්සිඳුනා වූ යමක් වේ ද එයද යථා පරිද්දෙන් දැන ගන්නේ ය. මේ සතර සතිපට්ඨානයෝ ශීලය සම්පූර්‍ණ කිරීමේ සිට පරිත්‍යාගයෙන් යුක්ත වූවන්ට ද, තියුණු අවබෝධයෙන් යුක්ත වූවන්ට ද නිමිති වූ නොකැලැල් සිත් ඇත්තේමය. මේ සතින්‍ද්‍රියයෙහි සතර සතිපට්ඨාන යයි. මේ ධර්‍ම දේශනාවෙත්, යමක් වනාහි ත්‍රිවිධ ස්ථානයන්හි ඉන්‍ද්‍රිය කෙලෙස් ප්‍රහාණයෙන් ශෛක්‍ෂ ශීලය වඩාද මෙය සද්ධා ඉන්‍ද්‍රිය වේ. සෝතාපත්ති අංග සතරෙහි ඵලයෝය. සමාධි ඉන්‍ද්‍රිය සියලු සූත්‍රයන්හිත් නිර්දේශ කර දක්වන ලද්දේ වෙයි. යම් ධ්‍යානයක් ලබන්නේ වීර්‍ය්‍යයෙන් ගන්නා ලද ඤාණයම ශ්‍රැතමය ප්‍රඥාව වේ. පූර්‍වාපර නිමිති නමැති ආලෝකයෙන් යම් සමාධියක් කැමති පරිදි ලබන්නේ ද එය ලාමක නොවන ගති ඇත්තේය. මෙය චින්තාමය ප්‍රඥාව හෙවත් සිතීමෙන් ඇති කරගන්නා වූ නුවණය. එසේ සන්සිඳුනු සිතින් යමක් ඇති පරිද්දෙන් දැන ගන්නේ ද මෙය භාවනාමය ප්‍රඥාවයි. මෙය සූත්‍රවල දක්වා ඇති ආකාරයයි. {*}
මේ සූත්‍ර ධර්‍මය තියුණු අවබෝධ ඇති, අවබෝධ කර ගැනීමෙහි සමත් ඇත්තන් විසින්ම අවබෝධ කරගත යුතුයි. යම් අංගයන්ගෙන් යුක්ත වූ එය අවබෝධ කර ගන්නහු ද එහි කොටස් අවබෝධ කර ගන්නහු ද එය බෝධි අංග නම් වේ. එසේ මුල සිට සීලය දක්වා සිතිවිල්ල කළ යුතුය. ආදියේ පටන් සීල චේතනා පුහුණු නො කරන්නේ නම් කෙසේ සිල් පිරෙන්නේද. {*}
නූපන්නා වූ අකුසලයන්ගේ නො ඉපදීම පිණිසද, උපන්නා වූ අකුසලයන්ගේ ප්‍රහාණය පිණිසද, නූපන්නා වූ කුසලයන්ගේ ඉපදීම පිණිස ද, උපන්නා වූ කුසලයන්ගේ වැඩි දියුණුව පිණිසද, මේ වීර්‍ය්‍යය ය අවබෝධ කරගන්නාගේ අංගයෝ වෙති. මේ වීර්‍ය්‍යය බෝධි අංගයයි. මෙම වීර්‍ය්‍යයෙන් විපිළිසරට පත් නොවීම ද ප්‍රමුදිත බවද මුල සිටම පවත්නේමය. {*}
විපිළිසරට පත් නොවීමෙන් හා ප්‍රමුදිත බවින් යුක්තවේ ද එය ප්‍රීති සම්බෝධි අංගයයි. යම් ප්‍රීති සහගත වූ මනසකින් සන්සුන් වේ ද නිවියේ ද මේ පස්සද්ධි බෝධි අංගයයි. ඔහු විසින් ශාරීරික සුවය එළවන ලද්දේ ද සැපවත් වූ සන්සුන් වූ සතකින් යුත්ත වේ ද එය සමාධි බෝධි අංගයයි. සමාහිත වූ සිතක් ඇති තැනැත්තේ එය යථා පරිදි දැන ගනී ද මේ ධම්මවිචය බෝධ්‍යංගයයි. සීලයේ පටන් බෝධි අංග පහක් දක්වා ගැළපෙන නිමිති ග්‍රහණය කරන්නන්ගේ ද ප්‍රීතියෙන් යුත්ත වන්නන්ගේ ද විශේෂතාවයන්ගෙන් නො ඉලිප්පෙන ස්වභාවයක් වේ ද, නොමගට නොයමක් වේ ද, මෙය සති බෝධි අංගයයි. යමක් ඇති පරිද්දෙන් දැනගනු ලබන්නේ ද දැඩි වීර්‍ය්‍යයෙන් ක්‍රියාත්මක කරන්නේ ද, උද්ධච්ච භූමිය සඳහා ප්‍රාර්‍ත්‍ථනා කරන ලද්දේද එම ප්‍රාර්‍ත්‍ථනා වෙන කෝසජ්ජ භූමිය ගර්‍හා කරන ලද්දේද වේ. චක්ඛු සම්පස්සජයෙන් යමක් අවබෝධ කර ගනී ද එය උපේක්‍ෂාවයි. එයින් එම උපේක්‍ෂාව නම් වූ බෝධි අංගයෙහි කොටසක් ලෙස ගෙන උපෙක්ඛා බෝධි අංගයයි කියන ලදි. මෙය සූත්‍ර නිර්දේශයයි. {*}
1. එහි ‘දේසනා’ කවරැ: මේ සූත්‍රයෙහි සතර ආර්‍ය්‍යසත්‍යයෝ දෙසන ලද්දාහු යැ.
2. එහි ‘විචය’ කවරෙ යැ: ‘සිල්වත්හට අවිප්පටිසාරය වෙයි, විමුක්තිය යනු දක්වා විස්තර යැ. මේ පුච්ඡායෙහි (මිනි කිමත්‍ථස්ස මීති?) පුච්ඡා පද දෙකෙකි, විසඳුම් පද දෙකෙකි. දෙපදයෙකින් දතයුතු දෙකෙකි, දෙපදයෙකින් විසඳුම් වෙති. කුමක් පුළුවුසී යැ යත්: කර්‍මයාගේ නිර්බාධ වූ කායභූමිය විචාරයි. ඒ එසේ මැ යැ. අශෛක්‍ෂ ධර්‍මයෙහි ප්‍රතිෂ්ඨාව ද උපයයි.
3. එහි ‘යුක්ති’ කවර: සිල්වත්හට අවිප්පටිසාරය වෙයි, කිම නිච්ඡන්‍ද වූවහුට විරාගය ඇද්ද, තෙල යුත්ති යැ.
4. එහි ‘පදට්ඨාන’ කවරෙ යැ: වීර්‍ය්‍යය විරියින්‍ද්‍රියට පදට්ඨාන යැ, සමාධිය සමාධින්‍ද්‍රියට පදට්ඨාන යැ, ප්‍රඥාව පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යැ, වීර්‍ය්‍යය අදෝසයට පදට්ඨාන යැ, සමාධිය අලෝභයට පදට්ඨාන යැ, ප්‍රඥාව අමෝහයට පදට්ඨාන යැ, විරියින්‍ද්‍රිය සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන තුන් මාර්‍ගාඞ්ගයන්ට පදට්ඨාන යැ, සමාධින්‍ද්‍රිය සම්මාසංකප්ප සම්මාවායාම සම්මාසමාධි යන තුන් මාර්‍ගාඞ්ගයන්ට පදට්ඨාන යැ, පඤ්ඤින්‍ද්‍රිය සම්මාසති සම්මාදිට්ඨි යන දෙ මාර්‍ගාඞ්ගයන්ට පදට්ඨාන යි.
5. එහි ‘ලක්ඛණ’ කවරෙ යැ: ශීලස්කන්‍ධය කී කල්හි සියලු තුන් ස්කන්‍ධයෝ කියන ලද්දාහු වෙති. ශීලය කී කල්හි ශේෂ ධර්‍මයන්ට ශීලය හේතු ද ප්‍රත්‍යය ද වෙයි. (එහෙයින්) ඒ සියලු ධර්‍මයෝ කියන ලද්දාහු වෙත්. එක් බෝධිපාක්‍ෂික ධර්‍මයක් කී කල්හි සියලු මාර්‍ගඥාන බෝධියට යන ධර්‍මයෝ කියන ලද්දාහු වෙත්.
6. එහි ‘චතුබ්‍යුහ’ හාරය කවරෙ යත්: මේ සූත්‍රයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් අවිප්පටිසාරයෙහි ඡන්‍දය ඇත්තාහු ද, ඔහු සිල් පුරන්නාහු වෙති, ප්‍රාමෝද්‍යයෙහි ඡන්‍දය ඇත්තාහු අවිප්‍රතිසාරය පුරන්නාහු වෙත්. මේ මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යැ ... මේ චතුබ්‍යුහ හාර යි.
7. එහි ‘ආවට්ට’ හාර කවරෙ යැ: මේ සූත්‍රය නිබ්බේධභාගිය යැ, යම් නිර්වේදයෙක් වේ ද මේ නිරෝධ යැ, යමක් හේතු කොට නිර්වේදයට යේ ද, ඒ මාර්‍ග යැ, යමක් නිරුද්ධ වේ ද ඒ දුඃඛ යැ, යමක් නිර්‍වෙදගාමී මාර්‍ගයෙන් ප්‍රහීණ වේ ද, හේ සමුදය යැ, මේ ආවට්ටහාර යි.
8. එහි ‘විභත්ති’ කවර යත්: “සීලවතෝ අවිප්පටිසාරො” යනු විභාග කොට ප්‍රකාශ කළයුතු යැ, (දෘෂ්ටි විසින්) පරාමර්‍ශ කරන්නහුට අවිප්පටිසාරයෙන් නැත, යම්තාක් කයින් හෝ වචනයෙන් හෝ ද්වේෂසහගත අකුශලය අරඹා ද, එතෙකුදු වත් ඔහුට මේ සිත වෙයි. ‘තෙල සුකෘත යැ තෙල සුචරිත යැයි’ ඔහුගේ ඒ අවිප්පටිසාරයෙන් ප්‍රාමෝද්‍යය නො ද උපදී, විමුක්ති දක්වා විස්තර යි. ඒ සිල්වත්හට අවිප්පටිසාරය වෙයි යනු විභාග කොට පැවැසියැ යුතු. මේ ‘විභත්තිහාර’ යි.
9. එහි ‘පරිවත්තහාර’ කවරෙ යැ: මේ සත්වැදෑරුම් උපනිශ්‍රය සම්පත්තීන්ගෙන් එකොළොස් කරුණක් දුරුකෙරෙති, මේ ‘පරිවත්තන’ හාර යි.
10. එහි ‘වෙවචන’ කවරෙ යත්: මේ ආර්‍ය්‍යධර්‍ම වූ බල - බොජඞ්ග - විමොක්ඛ - සමාධි - සමාපත්තීන්ට මේ වෙවචනයෝ යි.
11. එහි ‘පඤ්ඤත්ති’ කවර යත්: “සීලවතෝ අවිප්පටිසාරො” යි ශීලස්කන්‍ධය නෙක්ඛම්මපඤ්ඤත්තියෙන් පනවන ලද, (නිස්සජ්ජපඤ්ඤත්ති ච?) මෙසේ දස අඞ්ගයෝ දෙ දෙ අඞ්ගයෙකින් පනවන ලදහ.
12. එහි ‘ඕතරණ’ කවරෙ යත්: මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ, පඤ්ච ධර්‍මයන්හි අවතීර්‍ණ යැ, යම්සේ මෙය පළමු නිර්දේශ කරන ලද ද එපරිදි ඉන්‍ද්‍රියාදියෙහි ද ඛන්‍ධ - ධාතු - ආයතනයන් ද දැක්වියැ යුත්තාහ.
13. එහි ‘සෝධනහාර’ කවරෙ යැ: “සීලවතෝ අවිප්පටිසාරො” යී තව (දැනගනු රිසි අර්‍ත්‍ථය නො නිමියෙන්) ආරම්භය ශුද්ධ නො වෙයි, “අවිප්පටිසාරිනෝ පාමොජ්ජං” යී තව ආරම්භය ශුද්ධ නො වෙයි. යම් එකොළොස් පදයෝ දෙසන ලද්දාහු ද එකල්හි දැනගනු රිසි අර්‍ත්‍ථ සංඛ්‍යාත ආරම්භය ශුද්ධ වේ. මේ ‘සෝධන’ හාර යි.
14. එහි ‘අධිට්ඨාන’ හාර කවරෙ යැ: සීලය වේමත්තතායෙන් පනවන ලද, මෙසේ දසපදයන්ගේ පඤ්ඤත්ති දතයුතු.
15. සියල්ල ශීලස්කන්‍ධයාගේ අනුසස් යැ, (තෙ ච?) ඔවුනට පතිරූපදේසවාසය ප්‍රත්‍ය යැ, ආත්මසම්‍යක්ප්‍රණීධානය හේතු යැ. සමාධිස්කන්‍ධයට සුඛය හේතු යැ, පස්සද්ධිය ප්‍රත්‍ය යැ. යම් හෙයෙකින් ධ්‍යානසහජාත වූ කාරණය මැ ධ්‍යානාඞ්ග වේ ද එහෙයිනි. අන් පරියායෙක් වෙයි: කාමයන්හි ආදීනව දක්නා බව සමාධියට ප්‍රත්‍යය වේ. නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්දක්නා බව හේතු යි.
16. එහි ‘සමාරෝපණ’ කවරෙ යත්: යම් වීරියින්‍ද්‍රියයෙක් ඇද්ද, හේ සීල ස්කන්‍ධ යැ, යම් සීලයක් ඇද්ද එය සතර සම්‍යක් ප්‍රධානයෝ යැ, යම් ධම්මානුධම්මපටිපත්තියක් ඇද්ද, ඒ පාතිමොක්ඛසංවර යි.
7. 8.
“යස්ස සෙලූපමං චිත්තං” යන (උදාන) ගාථාව.
“සෙලූපමං” යි උපමා යැ, යම්සේ ශෛල පර්‍වතයෙක් වාතයෙන් නො සැලේ ද, උණුසුමින් නො තැවේ ද, සීතයෙන් නො හැකිළේ ද, අතිශයින් නො සැලේ ද, යම් සේ නොයෙක් අචේතනයෝ උණුසුමින් මැලවෙත් ද සීතයෙන් හැකිළෙත් ද, ශෛලපර්‍වතය එසේ නො වේ. යම්සේ ශෛලය (වාතාදි) විරුද්ධ හේතුන් විසින් නො මැඩලියැහේ ද, එසෙයින් ඒ (සෙලූපම) සිත සියලු කෙලෙසුන් විසින් නො සැලේ යන මේ අමෝහ යැ, “විරත්තං රජනීයෙසු” යන මේ අලෝභ යැ, “කෝපනෙය්‍යෙ න කුප්පති” යන මේ අදෝස යි.
එහි ප්‍රඥාව අමෝහකුසලමූල යැ, අලෝභය අලෝභකුසලමූලය මැය, අදෝසය අදෝසකුසලමූල මැයි. මේ තුන් කුසල මූලයන්ගෙන් ශෛක්‍ෂභූමියෙහි සිටියේ අශෛක්‍ෂමාර්‍ගය උපදවයි. සේඛභූමිය ඉක්මවා ධර්‍මයන් උපදවයි. ඒ සම්මා විමුත්තිය ද යම් විමුක්තිරසඥානදර්‍ශනයෙක් වී නම් එ ද යන මේ දසය අශෛක්‍ෂ වූ රහතුන්ගේ ධර්‍මයෝ යි.
එහි අෂ්ටාඞ්ගික මාර්‍ගයෙන් සීලභාවනා කායභාවනා චිත්තභාවනා පඤ්ඤාභාවනා ද යන සිව්වැදෑරුම් භාවනා ද ලැබෙයි. එහි සම්‍යක් කර්‍මාන්තයෙන් ද සම්‍යගාජීවයෙන් ද කය භාවිත වෙයි, සම්‍යක්වචනයෙන් ද සම්‍යග්ව්‍යායාමයෙන් ද සීලය භාවිත යැ, සම්‍යක් සංකල්පයෙන් ද සම්‍යක්සමාධියෙන් ද චිත්තය භාවිත යැ, සම්මාදිට්ඨයෙන් ද සම්මාසතියෙන් ද ප්‍රඥාව භාවිත යි. මේ චතුර්විධ භාවනායෙන් චිත්තය ප්‍රඥාව ද යන ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්, චිත්තභාවනායෙන් සමථය ද පඤ්ඤාභාවනායෙන් විදර්‍ශනා ද වෙයි.
එහි ප්‍රඥාව අවිද්‍යාප්‍රහාණයෙන් සිත උපක්ලේශයන්ගෙන් වෙන්කරනලද නුයි ප්‍රඥා භාවනායෙන් චිත්තභාවනාව මැ පරිපූරණය කෙරෙයි. මෙසේ යමක්හුගේ සිත මොනවට වඩනලද ද, කුමක් හෙයින් ඔහු කරා දුක පැමිණේ දැ’ යි, තවද ඒ ආයුෂ්මත්හට අව්‍යාපාද ධාතුව අවිමුක්ත යැ, හේ තෙල සමවතට නො සමවත් නමුදු ඔහුට (සඞ්ඛාපහාරං දෙති?) නුවණින් දැන විතර්කිත වූ සිරුර ඇති කල්හි දුක් වේදනා නො වේ. මේ සූත්‍රාර්‍ත්‍ථ යි.
1. එහි දේසනා කවරැ: මේ සූත්‍රයෙහි දශ අශෛක්‍ෂ වූ අර්‍හත්‍වධර්‍මයෝ ද, අප්‍රමාණ වූ සමාධිභාවනා ද වදාරන ලද්දාහු යැ.
2. එහි ‘විචය’ කවරෙ යත්: ශෛලෝපමා බව ඇති යම් යම් ධර්‍ම කෙනෙක් වින්ද යුතු වූ සුවදුක් දෙකට පැමිණියාහු ද ඒ සියලු දහම්හු රූප නැත්තකු මෙන් දක්නවුන්ට කයින් වෙන්ව ගිය වේදනාහේතුව නො පවත්නා හෙයින් (?) දුක නො විඳී.
3. එහි ‘යුත්ති’ කවරැ: යමක්හු විසින් මෙසේ සිත භාවිත ද කුමක් හෙයින් ඔහු කරා දුක පැමිණේ දැයි.
4. චිත්තභාවනා නිරෝධ භාවනා ආනන්තරික සමාධි භාවනා ද යන තුන් භාවනාවන්හි චිත්තය දුක නො ඉවසයි. මෙසේ “යසේසවං භාවිතං චිත්තං” යනු සමාධි ඵලයට පදට්ඨාන යි.
පළමු දැක්වූ පරිදි සිත් භාවිත වූවාහු පඤ්ඤා සීල කාය චිත්ත යන මේ වඩන ලද වෙයි. (සීලම්පි සුභාවිතං ... නාගච්ඡන්ති?)
5. එහි ලක්ඛණ කවරෙ යැ: යස්සෙවං භාවිතං චිත්තං යනු, __[missing trans?]__
6. එහි ‘චතුබ්‍යුහ’ හාර කවරෙ යැ: මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් දුකින් පීඩිත වන්නාහු ද ඔහු මෙබඳු සමවතින් යුක්ත වැ වාස කරන්නාහ, යන මේ මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ අදහස යි. යම් කෙනෙක් නො පහන් වූවාහු ද ඔහු ප්‍රසන්නයො වන්නාහ, ප්‍රසන්න වූවන්ගේ ද ප්‍රීතිප්‍රාමෝද්‍යය වන්නේය. මේ මෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.
7. ‘ආවට්ටො’ යනු: (මෙහි) ආවට්ටහාරයට භූමි නැති.
8. “විභත්ති” යනු: “යස්සෙවං භාවිතං චිත්තං කුතො නං දුක්ඛමෙස්සති” යනු: දුක්ඛහේතු නිද්දේස යැ, පටිපක්ඛනිද්දේසය දැයි නිර්‍දෙශය දෙවැදෑරුම් යැ. ඒ දුක්ඛ හේතු කවරෙ යැ, යම් හේතුයෙකින් දුක පැමිණේ ද, ප්‍රතිපක්‍ෂ නිර්දේශ ද වෙයි. කුමක් හෙයින් මෙබඳු පුඟුල්හට දුක නො එන්නේ දැයි දක්වනලදි.
9. “පරිවත්තන” යනු: “කුතො නං දුක්ඛමෙස්සති” යනු: යම් චෛතසික සුඛයක් අනුපාදිසේස වී ද මෙය නැත, සෝපාදිසේස වූ මේ සුවය ඇත, යළි මෙසේ කීහු: ඒ ඇසිල්ලෙහි ඒ මොහොතෙහි ඒ දෙක මැ අවේදයිත යැ, සෝපාදිසේස යි. අනුපාදිසේස වූ යම් සුවයකුත් ඇද්ද, යම් සුවයකුත් එකෙණෙහි ඒ මොහොතෙහි අනුපාදිසේස සෝපාදිසේස වූ අවේදයිත වූ සුවයට පැමිණියහුගේ සුවය අනාවත්තික යැ, යන මේ මෙහි විසේස යි. මේ පරිවත්තනා යි.
10. එහි ‘වෙවචන’ කවරෙ යැ: මෙසේ යමක්හුගේ භාවිත චිත්තය වේ ද එය භාවිත යැ සුභාවිත යැ අනුට්ඨිත යැ වත්‍ථුකත යැ සුසමාරද්ධ යැ, ‘චිත්තං’ යනු: මන යැ විඤ්ඤාණ යැ මනින්‍ද්‍රිය යැ මනෝවිඤ්ඤාධාතු යැ යනු වෙවචන යි.
11. එහි ‘පඤ්ඤත්ති’ කවරැ: චිත්ත යැ මනෝසංඛාරයෝ යැ යන මොහු ව්‍යුපශම ප්‍රඥප්තියෙන් පනවනලදහ, සමාධිය අසේඛපඤ්ඤත්තියෙන් පනවනලද, දුක්ඛය උච්ඡින්නපඤ්ඤත්තියෙන් පනවන ලදි.
12. එහි ඕතරණ කවරෙ යැ: චිත්තය නිර්දිෂ්ට කල්හි පඤ්චස්කන්‍ධයෝ දක්වන ලද්දාහු වෙති, මේ ස්කන්‍ධයන්හි අවතරණ යැ, මනෝවිඤ්ඤාණධාතුව දක්වන ලද කල්හි අටළොස් ධාතූහු දක්වන ලද්දාහු වෙති. මේ ධාතුන් කෙරෙහි අවතරණ යැ, මනායතනය නිර්දිෂ්ට කල්හි සියලු ආයතනයෝ දක්වන ලද්දාහු වෙති. එහි මනායතනය නාමරූපයට පදට්ඨාන යැ, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි. එපරිද්දෙන් පටිච්චසමුප්පාදයෙහි පදට්ඨාන වෙයි. මේ ඕතරණ හාර යි.
13. එහි ‘සෝධන’ කවරෙ යැ: ආරම්භය සුද්ධ මැ යි.
14. එහි ‘අධිට්ඨාන’ කවරෙ යැ: ෂඩින්‍ද්‍රියය භාවනාඒකත්තතායෙහි පඤ්ඤත්ති යැ. (ජට්ඨිතෙන?) එය එකත්තතායෙන් පනවන ලද.