Peṭakopadesa

Piṭaka Disclosure

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 1379

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසොතාපත්තිඵලෙ ඨිතො උත්තරිං{5} විපස්සනං{6} භාවෙන්තො යුගනද්ධා වත්තමානා කාමරාගබ්යාපාදානං යෙභුය්යෙන පහානා අරියසාවකො හොති සකදාගාමී පරිනිට්ඨිතත්තා සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති, අයං තනුභූමි. සන්ධදාගාමිඵලං ච.
Sinhala BJTසෝවත් පෙලෙහි සිටියේ මතුයෙහි විදර්‍ශනා වඩනුයේ (ඒ සමථවිපස්සනා) යුගනද්ධ වැ පවත්නාහු කාමරාගව්‍යාපාදයන්ගේ බෙහෙවින් ප්‍රහාණය හේතු කොටගෙන සකෘදාගාමී ආර්‍ය්‍යශ්‍රාවක වෙයි. පරිනිෂ්පන්න බැවින් (?) එක් මැ වරක් මෙලොවට, අවුත් දුක් කෙළවර කෙරෙයි. මේ තනු භූමි යැ, සකදාගාමී ඵලය ද වේ.
Pali BJTසකදාගාමි{7} ඵලෙ ඨිතො විපස්සනං භාවෙන්තො කාමරාගබ්යාපාදෙ සානුසයෙ අනවසෙසං පජහති, කාමරගාබ්යාපාදෙසු අනවසෙසං පහීනෙසු පඤ්චොරම්භාගියානි සංයොජනානි පහීනානි භවන්ති: සක්කායදිට්ඨි සීලබ්බතපරාමාසො විචිකිච්ඡා කාමච්ඡන්දො බ්යාපාදො ච, ඉමෙසං පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානා අරියසාවකො හොති අනාගාමී, තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා, අයං වීතරාගභූමී, අනාගාමිඵලං ච.
Sinhala BJTසෙදගැමිපෙලෙහි සිටියේ විදසුන් වඩනුයේ අනුශය සහිත වූ කාමරාගව්‍යාපාදයන් අනවශේෂ කොට දුරු කෙරෙයි. කාමරාගව්‍යාදයන් අනවශේෂ ප්‍රහීණ කල්හි පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වූවාහු වෙති: සක්කායදිට්ඨි සීලබ්බතපරාමාස විචිකිච්ඡා කාමච්ඡන්‍ද හා ව්‍යාපාද යන මොහු යි. මේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් අනාගාමී ආර්‍ය්‍යශ්‍රාවක වෙයි. එහි පිරිනිවෙනුයේ එ බඹලොවින් (පිළිසඳ විසින්) නො එනසැහැවි ඇතියේ වෙයි. මේ විතරාගභූමි යැ, අනාගාමිඵලය ද වේ.
Pali BJTඅනාගාමිඵලෙ ඨිතො උත්තරිං{1} විපස්සනං{2} භාවෙන්තො පඤ්ච උද්ධම්භාගියානි සංයොජනානි පජහති: රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා ච.{3} ඉමෙසං පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානා අරියසාවකො අරහා භවති, ඛීණාසවො{4} වුසිතවා කතකරණීයො{5} ඔහිතභාරො අනුප්පත්තසදත්ථො{6} පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තො,{7} අයං කතාභූමි. අරහත්තඵලං ච.
Sinhala BJTඅනගැමිපෙලෙහි සිටියේ මත්තෙහි විදසුන් වඩනුයේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන් දුරු කෙරෙයි: රූපරාග අරූපරාග මාන උද්ධච්ච හා අවිජ්ජා ද යන මොහු යි. මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් අර්‍හත් ආර්‍ය්‍යශ්‍රාවක වෙයි. වුසූ මහබඹසර ඇතියේ සිවුමඟින් කළ කිස ඇතියේ බහාතැබූ ස්කන්‍ධාදි භාරය ඇතියේ පැමිණි ස්වාර්‍ත්‍ථ ඇතියේ ක්‍ෂය වූ භවසංයෝජන ඇතියේ මොනොවට දැන විමුක්ත වූයේ වේ. මේ කෘත භූමි යැ, අර්‍හත්‍වඵලය ද වේ.
Pali BJTඅයං සොපාදිසෙසා නිබ්බානධාතු. තස්ස ආයුක්ඛයා ජීවිතින්ද්රියොපරොධා{8} ඉදං ච දුක්ඛං නිරුජ්ඣති, අඤ්ඤං ච දුක්ඛං න උප්පජ්ජති, යො ඉමස්ස දුක්ඛස්ස නිරොධො වූපසමො අඤ්ඤස්ස ච අපාතූභාවො, අයං අනුපාදිසෙසා නිබ්බානධාතු. ඉමා ද්වෙ නිබ්බානධාතුයො. ඉති සච්චානි වුත්තානි, සච්චාභිසමයො වුත්තො, කිලෙසවවත්ථානං වුත්තං, පහානං වුත්තං, භූමියො වුත්තා, ඵලානි වුත්තානි, නිබ්බානධාතුයො වුත්තා, එවමිමෙසු වුත්තෙසු සබ්බබොධි වුත්තා භවති. එත්ථ යොගො කරණීයො.
Sinhala BJTමේ සෝපාදිසේස නිබ්බානධාතු යැ. ඒ රහත්හුගේ ආයු ගෙවීමෙන් ජීවිතේන්‍ද්‍රිය සිඳීමෙන් මේ පඤ්චස්කන්‍ධදුඃඛය ද නිරුද්ධ වෙයි. අනිත් ස්කන්‍ධදුඃඛයකුදු නූපදී. මේ පඤ්චස්කන්‍ධදුඃඛයාගේ යම් නිරෝධයෙක් සන්හිඳීමෙක් වේ ද අනිත් දුකක්හුගේ ද පහළ නො වීමෙක් වේ ද මේ අනුපාදිසේස නිබ්බානධාතු යි. මේ දෙවැදෑරුම් නිර්‍වාණ ධාතු යි. මෙසේ සත්‍යයෝ කියන ලද්දාහු යැ සත්‍යප්‍රතිවේධය කියන ලද්දේ යැ, ක්ලේශ ව්‍යවස්ථානය කියන ලද, ප්‍රහාණය කියන ලද, භූමීහු කියන ලද්දාහ, ඵලයෝ කියන ලද්දාහ, නිර්‍වාණධාතු කියන ලද්දාහ. මෙසේ මේ ධර්‍මයන් කී කල්හි සියලු බෝධිය කියන ලද වේ. මෙහි යෝග කටයුත්තේ යි.
Pali BJT6-23. තත්ථ කතමායො නව අනුපුබ්බසමාපත්තියො: චත්තාරි ඣානානි චතස්සො ච අරූපසමාපත්තියො නිරොධසමාපත්ති ච.
Sinhala BJT6-23. එහි අනුපූර්‍වවිහාරසමාපත්තීහු කවරහ : සතර ධ්‍යානයෝ ද සතර අරූප සමාපත්තීහු ද නිරෝධසමාපත්තිය ද යන මොහු යි.
Pali BJTතත්ථ චත්තාරි ඣානානි කතමානි: “ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි”ති විත්ථාරෙන කාතබ්බානි. තත්ථ කතමා චතස්සො{9} ආරූපසමාපත්තියො: විරාගිනො වත වත්තබ්බා{10}, යාව නිරොධසමාපත්ති විත්ථාරෙන කාතබ්බං. ඉමායො නව අනුපුබ්බසමාපත්තියො.
Sinhala BJTඑහි සතර ධ්‍යානයෝ කවරහ : “මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්වැ මැ” යනු විස්තර කළයුත්තාහු යැ, එහි සතර අරූපසමාපත්තීහු කවරහ: විරාගීහු ගේ (අරූපසමාපත්ති) කියැයුත්තාහු යැ, නිරෝධසමාපත්තිය දක්වා විස්තර කළ යුත්තාහ. මොහු නව අනුපූර්‍වවිහාර සමාපත්තීහු යි.
Pali BJTතත්ථ කතමං පඨමං ඣානං පඤ්චඞ්ගවිප්පයුත්තං පඤ්චඞ්ගසමන්නාගතං, කතමෙහි පඤ්චහි අඞ්ගෙහි විප්පයුත්තං පඤ්චහි නීවරණෙහි, තත්ථ කතමානි පඤ්ච නීවරණානි: ‘කාමච්ඡන්දො’ති විත්ථාරො කාතබ්බො.
Sinhala BJTඑහි ප්‍රථමධ්‍යාන කවරෙ යැ: පස්අඟෙකින් වෙන් වූයේ පස්අඟෙකින් සමන්‍විත වූයේ යැ, කවර පස්අඟෙකින් විප්‍රයුක්ත ද යත් : පඤ්ච නීවරණයන්ගෙනි, එහි පඤ්ච නීවරණයෝ කවරහ: කාමච්ඡන්‍දය යනාදිය විස්තර කටයුතු.
Pali BJTතත්ථ කතමො කාමච්ඡන්දො: යො පඤ්චසු කාමගුණෙසු ඡන්දරාගො පෙමං නිකන්ති අජ්ඣොසානං ඉච්ඡා මුච්ඡා පත්ථනා අපරිච්චාගො අනුසයො පරියුට්ඨානං, අයං කාමච්ඡන්දො නීවරණං.{11}
Sinhala BJTඑහි කාමච්ඡන්‍ද කවරෙ යත් : පස්කම්ගුණයෙහි මේ ඡන්‍දරාගයෙක් ප්‍රේමයෙක් නිකාන්තියක් බැසැගෙන සිටීමෙක් ආසාවක් මුසපත්වීමෙක් පැතුමෙක් නො හැරීමෙක් අනුශයයෙක් පරියුට්ඨානයෙක් ඇද්ද මේ කාමච්ඡන්‍ද තෙමෙ නීවරණ යැ.
Pali BJTතත්ථ කතමො ව්යාපාදො: යො සත්තෙසු සඞ්ඛාරෙසු ච ආඝාතො -පෙ- යථා දොසෙ තථා විත්ථාරො{12} අයං ව්යාපාදො නීවරණං{13}.
Sinhala BJTඑහි ව්‍යාපාද කවරෙ යැ: සත්‍වයන් කෙරෙහි ද සංස්කාරයන් කෙරෙහි ද යම් ආඝාතයෙක් වේ ද. ... දෝසයෙහි මෙන් විස්තර යි මේ ව්‍යාපාද තෙමේ නීවරණ යැ.
Pali BJTතත්ථ කතමං මිද්ධං: යා කායස්ස{1} ජඩතා{2} කායස්ස{1} ගරුත්තං. කායස්ස අකම්මනියතා{3} කායස්ස{1} නික්ඛෙපො නිද්දායනා පචලායිකතා{4} පචලායනා පචලායනං, ඉදං මිද්ධං. තත්ථ කතමං ථීනං{5}: යා චිත්තස්ස{6} ථීනතා{7} ජඩතා චිත්තස්ස ගරුත්තං චිත්තස්ස අපස්සද්ධි{8}, ඉදං ථීනං. ඉති ඉදං ච ථීනං පුරිමකං ච මිද්ධං තදුභයං ථීනමිද්ධනීවරණන්ති වුච්චති.
Sinhala BJTඑහි මිද්ධ කවරෙ යැ: කයෙහි යම් තෙමරිබවක් ගුරුබවක් කර්‍මක්‍ෂම නොවන බවක් නික්‍ෂේපයෙක් නිදීමක් සලබවක් සැලීමක් සැලෙන අයුරක් වේ ද මේ මිද්ධ යැ. එහි ථීන කවරෙ යත් : චිත්තයාගේ යම් තදබවක් තෙමරියක් ගුරුබවක් බරබවක් වේ ද මේ ථීන යැ. මේ ථීනය ද පළමු කී මිද්ධය ද ඒ දෙක ථීනමිද්ධනීවරණ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං උද්ධච්චං: යො අවුපසමො{9} චිත්තස්ස, ඉදං උද්ධච්චං. තත්ථ කතමං කුක්කුච්චං: යො චෙතසො විලෙඛො අලඤ්චනා විලඤ්චනා හදයලෙඛො විප්පටිසාරො, ඉදං කුක්කුච්චං. ඉති ඉදං ච කුක්කුච්චං පුරිමකං ච උද්ධච්චං, තදුභයං උද්ධච්චකුක්කුච්චනීවරණන්ති වුච්චති.
Sinhala BJTඑහි උද්ධච්ච කවරෙ යැ: චිත්තයාගේ යම් නො සන්හිඳීමෙක් වේ ද මේ උද්ධච්ච යැ. එහි කුක්කුච්ච කවරෙ යැ : චිත්තයාගේ යම් හිරිනැසීමෙක් පැකිලීමෙක් වෙසෙසින් පැකිලීමෙක් සිත බිඳීමෙක් විපිළිසරෙක් වේ ද මේ කුක්කුච්ච යැ. මෙසේ මේ කුකුස ද පළමු කී උද්ධච්චය ද යන එ දෙක උද්ධච්චකුක්කුච්ච නීවරණ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං විචිකිච්ඡානීවරණං: යො බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා -පෙ- අයං විචිකිච්ඡා, අපි ච ඛො පන පඤ්ච විචිකිච්ඡායො: සමනන්තරායිකා දෙසන්තරායිකා සමාපත්තන්තරායිකා මග්ගන්තරායිකා සග්ගන්තරායිකා, ඉමායො පඤ්ච විචිකිච්ඡායො. ඉධ පන සමාපත්තන්තරායිකා විචිකිච්ඡා අධිප්පෙතා, ඉමෙ පඤ්ච නීවරණා.
Sinhala BJTඑහි විචිකිච්ඡානීවරණ කවරෙ යැ : යමෙක් බුදුන් කෙරෙහි හෝ දහම්හි හෝ සඟුන් කෙරෙහි හෝ (සැක කෙරෙයි) ... මේ විචිකිච්ඡා නමු. තවද විචිකිච්ඡා පසෙකි : සමනන්තරායිකා දෙසන්තරායිකා සමාපත්‍යන්තරායිකා මග්ගන්තරායිකා සග්ගන්තරායිකා යයි, මේ පස් විචිකිච්ඡා යි. මෙහි වූ කලි සමවතට අන්තරායකර වූ (සමාපත්තන්තරායිකා) විචිකිච්ඡාව අදහස් කරන ලදු, මේ පඤ්චනීවරණයෝ යි.
Pali BJTතත්ථ ‘නීවරණානී’ති කො වචනත්ථො, කුතො නිවාරයන්තී’ති: සබ්බතො කුසලපක්ඛිකා නිවාරයන්ති. කථං නිවාරයන්ති කාමච්ඡන්දො අසුභතො නිවාරයති, බ්යාපාදො මෙත්තාය නිවාරයති, ථීනං පස්සද්ධිතො නිවාරයති, මිද්ධං විරියාරම්භතො{10} නිවාරයති, උද්ධච්චං සමථතො නිවාරයති, කුක්කුච්චං අවිප්පටිසාරතො නිවාරයති, විචිකිච්ඡා පඤ්ඤාතො පටිච්චසමුප්පාදතො නිවාරයති.
Sinhala BJTඑහි ‘නීවරණානි’ යනු වචනාර්‍ත්‍ථ කවරෙ යැ: කොයින් වළකත් ද යත් : සර්‍වප්‍රකාරයෙන් කුශලපක්‍ෂයෙන් වළහත්. කෙසේ වළහත් ද යත්: කාමච්ඡන්‍ද තෙමේ අශුභයෙන් වළහයි, ව්‍යාපාද මෛත්‍රියෙන් වළහයි. ථීනය පස්සද්ධියෙන් වළහයි, මිද්ධය වීර්‍ය්‍යාරම්භයෙන් වළහයි, උද්ධච්චය සමථයෙන් වළහයි, කුක්කුච්චය අවිප්‍රතිසාරයෙන් වළහයි, විචිකිච්ඡාව ප්‍රඥායෙන් ප්‍රතීත්‍යසමුත්පාදයෙන් වළහයි.
Pali BJTඅපරො පරියායො: කාමච්ඡන්දො අලොභතො කුසලමූලතො නිවාරයති, බ්යාපාදො අදොසතො කුසලමූලතො නිවාරයති, ථීනමිද්ධං{11} සමාධිතො නිවාරයති, උද්ධච්චකුක්කුච්චං සතිපට්ඨානෙහි නිවාරයති, විචිකිච්ඡා අමොහතො කුසලමූලතො නිවාරයති.
Sinhala BJTඅනිත් පරියායෙකි : කාමච්ඡන්‍දය අලෝභකුශලමූලයෙන් වළහයි, ව්‍යාපාදය අදෝස කුසලමූලයෙන් වළහයි, ථීනමිද්ධය සමාධියෙන් වළහයි, උද්ධච්චකුක්කුච්චය සතිපට්ඨානයන්ගෙන් වළහයි. විචිකිච්ඡාව අමොහකුසලමූලයෙන් වළහයි.
Pali BJTඅපරො පරියායො: තයො විහාරා, දිබ්බවිහාරො, බ්රහ්මවිහාරො අරියවිහාරො. දිබ්බවිහාරො චත්තාරි ඣානානි, බ්රහ්මවිහාරො චත්තාරි අප්පමාණානි අරියවිහාරො සත්තතිංස බොධිපක්ඛියා ධම්මා, තත්ථ කාමච්ඡන්දො උද්ධච්චං කුක්කුච්චං ච දිබ්බවිහාරං නිවාරයති, බ්යාපාදො බ්රහ්මවිහාරං නිවාරයති, ථීනමිද්ධං විචිකිච්ඡා ච අරියවිහාරං නිවාරයති.
Sinhala BJTඅනෙකුදු පරියායෙකි: දිව්‍යවිහාර යැ බ්‍රහ්මවිහාර යැ ආර්‍ය්‍යවිහාර යැයි විහරණයෝ තිදෙනෙකි. සතර ධ්‍යානයෝ දිව්‍යවිහාර යැ සතර අප්‍රාමාණ්‍යයෝ බ්‍රහ්මවිහාර යැ සත්තිස් බෝධිපාක්‍ෂිකධර්‍මයෝ ආර්‍ය්‍යවිහාර යි. එහි කාමච්ඡන්‍දය ද උද්ධච්චය ද කුක්කුච්චය ද යන මොහු දිව්‍යවිහාරය වළහති, ව්‍යාපාදය බ්‍රහ්මවිහාරය වළහයි. ථීනමිද්ධය ද විචිකිච්ඡාව ද යන මොහු ආර්‍ය්‍යවිහාරය වළහත්.
Pali BJTඅපරො පරියායො: කාමච්ඡන්දො බ්යාපාදො උද්ධච්චකුක්කුච්චං ච සමථං නිවාරයන්ති, ථීනමිද්ධං විචිකිච්ඡා ච විපස්සනං නිවාරයන්ති. අතො නීවරණන්ති වුච්චන්තෙ. ඉමෙහි පඤ්චහි අඞ්ගෙහි විප්පයුත්තං පඨමං ඣානං.
Sinhala BJTඅනෙකුදු පරියායෙකි : කාමච්ඡන්‍දය ද ව්‍යාපාදය ද උද්ධච්චකුක්කුච්චය ද යන මොහු සමථය වළහති, ථීනමිද්ධය ද විචිකිච්ඡාව ද යන මොහු විදර්‍ශනාව වළහත්. එහෙයින් නීවරණය යයි කියනු ලැබෙත්. ප්‍රථමධ්‍යානය මේ පඤ්ච අංගයන්ගෙන් විප්‍රයුක්ත වූයේ යි.
Pali BJTකතමෙහි පඤ්චහි අඞ්ගෙහි සම්පයුත්තං පඨමං ඣානං: විතක්කවිචාරෙහි පීතියා සුඛෙන ච චිත්තෙකග්ගතාය ච. ඉමෙසං පඤ්චන්නං අඞ්ගානං උප්පාදපටිලාභසමන්නාගතාය{1} සච්ඡිකිරියාය{2} පඨමං ඣානං පටිලද්ධන්ති වුච්චති. ඉමානි පඤ්ච අඞ්ගානි උප්පාදෙත්වා විහරතීති තෙන වුච්චතෙ පඨමං ඣානං උපසම්පජ්ජ දිබ්බෙන විහාරෙන විහරතීති.{3}
Sinhala BJTප්‍රථමධ්‍යානය කවර පස්අඟෙකින් සම්ප්‍රයුක්ත වූයේ ද යත් : විතර්‍කවිචාරයන්ගෙන් ද ප්‍රීතියෙන් ද සුඛයෙන් ද චිත්තෛකාග්‍රතායෙන් ද යන පඤ්චාංගයෙනි. මේ පඤ්ච අංගයන්ගේ උත්පාද ප්‍රතිලාභයෙන් සමන්‍විත වූ සාක්‍ෂාත්ක්‍රියායෙන් ප්‍රථමධ්‍යානය ලබන ලදැයි කියනු ලැබේ. මේ පඤ්ච අංගයන් උපදවා වාසය කෙරේනුයි එයින් කියනු ලැබේ. ‘ප්‍රථම ධ්‍යානය උපදවා දිව්‍යවිහාරයෙන් යුක්ත වැ වාසය කෙරේ යයි.
Pali BJTතත්ථ දුතියං ඣානං චතුරඞ්ගසමන්නාගතං: පීතියා{4} සුඛෙන චිත්තෙකග්ගතාය අජ්ඣත්තං සම්පසාදනෙන, ඉමානි චත්තාරි අඞ්ගානි උප්පාදෙත්වා සම්පාදෙත්වා විහරති, තෙන වුච්චති දුතියං ඣානං උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTඑහි ද්විතීයධ්‍යානය සතර අඟෙකින් සමන්‍විත වෙයි: ප්‍රීතියෙන් ද සුඛයෙන් ද චිත්තෛකාග්‍රතායෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදයෙනි. මේ සතර අංගයන් උපදවා සපයා වාස කෙරෙයි. එයින් කියනු ලැබෙයි. දෙවැනි ධ්‍යානය උපදවා වාස කෙරේ යයි.
Pali BJTතත්ථ පඤ්චඞ්ගසමන්නාගතං තතියං ඣානං: සතියා සම්පජඤ්ඤෙන සුඛෙන චිත්තෙකග්ගතාය උපෙක්ඛාය, ඉමානි පඤ්චඞ්ගානි උප්පාදෙත්වා සම්පාදෙත්වා විහරති, තෙන වුච්චති තතියං ඣානං උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTඑහි තෘතීයධ්‍යානය පස් අඟෙකින් සමන්‍විත වෙයි : ස්මෘතියෙන් සම්‍යග්ඥානයෙන් සුඛයෙන් චිත්තෛකාග්‍රතායෙන් උපේක්‍ෂායෙන් යන මෙයිනි. මේ පඤ්ච අංගයන් උපදවා වාස කෙරෙයි. එයින් කියනු ලැබෙයි. තෙවැනි දැහැන උපදවා වාස කෙරේ යයි.
Pali BJTතත්ථ චතුත්ථං ඣානං චතුරඞ්ගසමන්නාගතං: උපෙක්ඛාය සතිපාරිසුද්ධියා අදුක්ඛමසුඛාය වෙදනාය චිත්තෙකග්ගතාය ච, ඉමෙහි චතූහඞ්ගෙහි සමන්නාගතං චතුත්ථං ඣානං. ඉති ඉමෙසං චතුන්නං අඞ්ගානං උප්පාදපටිලාභසමන්නාගතාය සච්ඡිකිරියාය චතුත්ථං ඣානං පටිලද්ධන්ති වුච්චති. ඉමානි චත්තාරි ඣානානි උප්පාදෙත්වා සම්පාදෙත්වා උපසම්පජ්ජ විහරති. තෙන වුච්චති ‘දිබ්බෙන විහාරෙන විහරතී’ති.
Sinhala BJTඑහි චතුර්‍ත්‍ථධ්‍යානය සතර අඟෙකින් සමන්‍විත යැ: උපේක්‍ෂායෙන් ස්මෘතිපාරිශුද්ධියෙන් අදුක්ඛමසුඛවේදනායෙන් චිත්තෛකාග්‍රතායෙන් ද යන සතරෙනි. චතුර්‍ත්‍ථධ්‍යානය මේ සතර අංගයෙන් යුක්ත වූයේ යි. මෙසේ මේ සතර අංගයන්ගේ උත්පාද ප්‍රතිලාභයෙන් සමන්‍විත වූ සාක්‍ෂාත්ක්‍රියායෙන් චතුර්‍ත්‍ථධ්‍යානය ප්‍රතිලබ්ධ යයි කියනු ලැබේ. මේ සතර දැහැන් උපයා සපයා ඊට පැමිණ වාස කෙරෙයි. එයින් කියනු ලැබෙයි, ‘දිව්‍යවිහාරයෙන් යුක්ත වැ වෙසේ යයි.
Pali BJT6-24. තත්ථ කතමො අනිච්චට්ඨො: පීළනට්ඨො අනිච්චට්ඨො, පභඞ්ගට්ඨො සම්පාපනට්ඨො විවෙකට්ඨො අනිච්චට්ඨො, අයං අනිච්චට්ඨො.
Sinhala BJT6-24. එහි අනිත්‍යාර්‍ත්‍ථ කවරෙ යත්: පීඩනස්වභාවය අනිත්‍යාර්‍ත්‍ථ යැ, ප්‍රහඞ්ගාර්‍ත්‍ථය සම්ප්‍රාපනාර්‍ත්‍ථය විවේකාර්‍ත්‍ථය අනිත්‍යාර්‍ත්‍ථ යැ. මේ අනිත්‍යාර්‍ත්‍ථ යි.
Pali BJTතත්ථ කතමො දුක්ඛට්ඨො: පීළනට්ඨො{5} දුක්ඛට්ඨො සම්පීළනට්ඨො සංවෙගට්ඨො බ්යාබාධනට්ඨො{6} දුක්ඛට්ඨො, අයං දුක්ඛට්ඨො.
Sinhala BJTඑහි දුඃඛාර්‍ත්‍ථ කවරෙ යත් : පීඩනාර්‍ත්‍ථය දුඃඛාර්‍ත්‍ථ යැ සම්පීඩනාර්‍ත්‍ථය සංවේගාර්‍ත්‍ථය ව්‍යාබාධනාර්‍ත්‍ථය දුඃඛාර්‍ත්‍ථ යි. මේ දුඃඛාර්‍ත්‍ථ යි.
Pali BJTතත්ථ කතමො සුඤ්ඤට්ඨො: අනුපලිත්තට්ඨො{7} සුඤ්ඤට්ඨො අසම්භජනට්ඨො විගතට්ඨො{8} විවත්තට්ඨො{9} සුඤ්ඤට්ඨො. අයං සුඤ්ඤට්ඨො.
Sinhala BJTඑහි ශුන්‍යතාර්‍ත්‍ථ කවරෙ යත් : අනුපලිප්තාර්‍ත්‍ථය ශුන්‍යතාර්‍ත්‍ථ යැ අසම්භජනාර්‍ත්‍ථය විගතාර්‍ත්‍ථය විවර්තාර්‍ත්‍ථය ශුන්‍යතාර්‍ත්‍ථ යැ, මේ ශුන්‍යතාර්‍ත්‍ථ යි.
Pali BJTතත්ථ කතමො අනත්තට්ඨො: අනිස්සරියට්ඨො අනත්තට්ඨො අවසවත්තනට්ඨො අකාමකාරිට්ඨො පරිවිදට්ඨො අනත්තට්ඨො. අයං අනත්තට්ඨො’ති.
Sinhala BJTඑහි අනාත්මාර්‍ත්‍ථ කවරෙ යත් : ඓශ්චර්‍ය්‍ය රහිතාර්‍ත්‍ථය අනාත්මාර්‍ත්‍ථ යැ වශයෙහි නො පවත්නා ස්වභාව, කැමැතිසේ නො කළහැකි බව, (පරිවිදාර්‍ත්‍ථය?) අනාත්මාර්‍ත්‍ථ යැ. මේ අනාත්මාර්‍ත්‍ථ වේ යයි.
Pali BJTපෙටකොපදෙසෙ සුත්තත්ථසමුච්චයො නාම
Sinhala BJTපෙටකෝපදේසයෙහි සූත්‍රාර්‍ත්‍ථසමුච්චය නම්
Pali BJTඡට්ඨමභූමි සමත්තා.
Sinhala BJTෂෂ්ඨභූමි සමාප්ත යි.
Pali BJT7. සත්තමභූමි - හාරසම්පාතභූමි
Sinhala BJT7. සප්තම භූමි - හාරසම්පාත
Pali BJT7. 1.
Sinhala BJT7. 1.
Pali BJTපකිණ්ණක නිද්දෙසො
Sinhala BJTප්‍රකීර්‍ණක නිර්‍දෙශය
Pali BJTඣානං විරාගො, ‘චත්තාරි ඣානානි’ විත්ථාරෙන කාතබ්බානි තානි දුවිධානි: බොජ්ඣඞ්ගවිප්පයුත්තානි ච බොජ්ඣඞ්ගසම්පයුත්තානි ච. තත්ථ බොජ්ඣඞ්ගවිප්පයුත්තානි බාහිරකානි, බොජ්ඣඞ්ගසම්පයුත්තානි අරියපුග්ගලානි.
Sinhala BJT1. ධ්‍යානය විරාග යැ. සතර ධ්‍යානයෝ විස්තර කළයුත්තාහු යැ. ඒ ධ්‍යානයෝ බෝධ්‍යඞ්ග විප්‍රයුක්ත වූවාහු ද බෝධ්‍යඞ්ග සම්ප්‍රයුක්ත වූවාහු දැ යි දෙවැදෑරුම් වෙති. එහි බෝධ්‍යඞ්ග විප්‍රයුක්ත වූවෝ ශාසනයෙන් බැහැර වූවාහු යැ, බෝධ්‍යඞ්ග සම්ප්‍රයුක්ත වූවෝ ආර්‍ය්‍ය පුද්ගලයන් පිළිබඳ වූවාහු යි.
Pali BJTතත්ථ යෙන ඡ පුග්ගලමූලානි තෙසං නික්ඛිපිත්වා{1} රාගචරිතො දොසචරිතො මොහචරිතො රාගදොසචරිතො රාගමොහචරිතො දොසමොහචරිතො සමභාගචරිතො, ඉති ඉමෙසං පුග්ගලානං ඣානං සමාපජ්ජිතානං පඤ්ච නීවරණානි පටිපක්ඛො, කෙසං පටිඝාතාය යථා අසමත්ථො{2} තීණි අකුසලමූලානි නිග්ගණ්හාති. ලොභෙන අකුසලමූලෙන අභිජ්ඣා ච උද්ධච්චං ච උප්පිලවතං අලොභෙන කුසලමූලෙන නිග්ගණ්හාති, කුක්කුච්චං ච විචිකිච්ඡා ච මොහපක්ඛෙ, තං අමොහෙන නිග්ගණ්හාති, දොසො ච ථීනමිද්ධං{3} ච දොසපක්ඛො තං අදොසෙන නිග්ගණ්හාති.
Sinhala BJT2. එහි පුද්ගලමූලයෝ සදෙනෙක් වෙති: රාගචරිත යැ, දෝසචරිත යැ, මෝහචරිත යැ, රාගදෝසචරිත යැ, රාගමෝහචරිත යැ, දෝසමෝහචරිත යැ, සමභාගචරිත යි. මෙසේ ධ්‍යානයට සමවන් මේ පුද්ගලයන්ට පඤ්චනීවරණයෝ ප්‍රතිපක්‍ෂ වෙති. ඔවුන්ගේ නැසීම පිණිස අසමර්‍ත්‍ථ වූයේ තුන් අකුශලමූලයන් නිගන්නේ වෙයි: ලෝභඅකුශල මූලයෙන් අභිධ්‍යාවත් උද්ධච්චයත් උත්ප්ලවනය වනුයේ අලෝභ කුශලමූලයෙන් එය නිගනී. කුක්කුච්චයත් විචිකිච්ඡාවත් මෝහපක්‍ෂ යැ. එය අමෝහ කුශලමූලයෙන් නිගනී. ද්වේෂයත් ථීනමිද්ධයත් ද්වේෂපක්‍ෂයෙහි වූයේ යැ, එය අදෝසකුසලමූලයෙන් නිගනී.
Pali BJTතත්ථ අලොභස්ස පාරිපූරියා නෙක්ඛම්මවිතක්කං විතක්කෙති, තත්ථ අදොසස්ස පාරිපූරියා අව්යාපාදවිතක්කං විතක්කෙති, තත්ථ අමොහස්ස පාරිපූරියා අවිහිංසාවිතක්කං විතක්කෙති.
Sinhala BJTඑහි අලෝභයාගේ පාරිපූරිය පිණිස නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය විතර්‍ක කෙරෙයි. අදෝසයාගේ පාරිපූරිය පිණිස අව්‍යාපාදවිතර්‍කය විතර්‍ක කෙරෙයි. අමෝහයාගේ පාරිපූරිය පිණිස අවිහිංසා විතර්‍කය විතර්‍ක කෙරෙයි.
Pali BJTතත්ථ අලොභස්ස පාරිපූරියා විවිත්තො හොති කාමෙහි, තත්ථ අදොසස්ස පාරිපූරියා අමොහස්ස පාරිපූරියා ච විවිත්තො හොති පාපකෙහි අකුසලෙහි ධම්මෙහි.
Sinhala BJTඑහි අලෝභයාගේ පිරීම පිණිස කාමයන්ගෙන් වෙන්වූයේ වෙයි. එහි අදෝසයාගේ පිරීමට ද අමෝහයාගේ පිරීමට ද ලාමක අකුශලධර්‍මයන්ගෙන් වෙන්වූයේ වෙයි.
Pali BJTසවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJT3. විතර්‍ක සහිත වූ විචාර සහිත වූ නීවරණයන්ගේ වෙන්වීමෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති පළමුවන දැහැනට පැමිණ වාස කෙරෙයි.
Pali BJTවිතක්කොති{4} තයො විතක්කා: නෙක්ඛම්මවිතක්කො අව්යාපාදවිතක්කො අවිහිංසාවිතක්කො, තත්ථ පඨමාභිනිපාතො විතක්කො, පටිලද්ධස්ස’ විචරණං විචාරො, යථා පුරිසො දූරතො පුරිසං පස්සති ආගච්ඡන්තං, න ච තාව ජානාති එසො ඉත්ථීති වා පුරිසොති වා, යදා තු පටිලභති ඉත්ථීති වා පුරිසොති වා එවං වණ්ණොති වා එවංසණ්ඨානොති වා, ඉමෙ විතක්කයන්තො උත්තරිං{5} උපපරික්ඛති{6} කින්නු ඛො අයං සීලවා උදාහු දුස්සීලො අඩ්ඪො වා දුග්ගතො’ති වා. එවං විචාරො විතක්කෙ අප්පෙති, විචාරො චරීයති ච අනුවත්තති ච.
Sinhala BJTවිතක්ක යනු: නෙක්ඛම්මවිතක්ක අව්‍යාපාදවිතක්ක අවිහිංසාවිතක්ක යන තුන් විතර්‍කයෝ යි. එහි අරමුණෙහි සිත පළමුව නඟාලීම ‘විතක්ක’ නම් වෙයි, ලැබූ අරමුණෙහි සිත හැසිරැවීම ‘විචාර’යැ, ඒ මෙසේ යැ: පුරුෂයෙක් දුරින් එන පුරුෂයකු දකී, තෙලෙ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යැයි තව නො දනී. යම් කලෙක වනාහි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යැ මෙබඳු වර්‍ණ ඇත්තේ හෝ මෙබඳු සටහන් ඇත්තේ හෝ යැයි දැනගනී ද, මෙසේ විතර්‍ක කරනුයේ මත්තෙහි විමසයි: කිමැ මේ තෙමේ සිල්වත් ද නොහොත් දුශ්ශීල ද ධනවත් හෝ දුප්පත් හෝ දැයි මෙසේ විචාරය විතර්‍කයෙහි පිහිටුවයි. විචාරය අරමුණෙහි හසුරුවනු ලබන්නේ ද අනුව පවත්නේ ද වේ.
Pali BJTයථා පක්ඛී පුබ්බං ආයූහති, පච්ඡා නායූහති, යථා ආයූහනා එවං විතක්කො, යථා පක්ඛානං පසාරණං එවං විචාරො අනුපාලෙති{1} විතක්කෙති විචරති විචාරෙති. විතක්කයති විතක්කෙති, අනුවිචරති විචාරෙති.
Sinhala BJTයම්සේ පක්‍ෂි තෙම පළමුව වෑයම් කෙරේ ද, පසුව වෑයම් නො කෙරේ ද, ආයුහනය (වෑයම් කිරීම) යම්සේ ද විතර්‍කය එබඳු යැ, පක්‍ෂප්‍රසාරණය යම්සේ ද, විචාරය එබඳු යැ, අනුපාලන විතර්‍කන විවරණ විචාරණ විතර්‍කණ අනුවිවරණ විචාරණ කෙරේයයි.
Pali BJTකාමසඤ්ඤාය පටිපක්ඛො විතක්කො, ව්යාපාදසඤ්ඤාය විහිංසාසඤ්ඤාය ච පටිපක්ඛො විචාරො, විතක්කානං කම්මං අකුසලස්ස අමනසිකාරො, විචාරානං කම්මං ජෙට්ඨානං සංවාරණා.
Sinhala BJTවිතර්‍කය කාමසංඥාවට ප්‍රතිපක්‍ෂ යැ, විචාරය ව්‍යාපාදසංඥාවට ද විහිංසාසංඥාවට ද ප්‍රතිපක්‍ෂ යැ, විතර්‍කයන්ගේ කර්‍මය අකුශලය නො මෙනෙහි කිරීම යැ, විචාරයන්ගේ කර්‍මය (ජෙට්ඨානං) ද සංවාරණ යැ.
Pali BJTයථා පලිකො තුණ්හිකො සජ්ඣායං කරොති එවං විතක්කො, යථා තංයෙව අනුපස්සති එවං විචාරො. යථා අපරිඤ්ඤා එවං විතක්කො, යථා පරිඤ්ඤා එවං විචාරො. නිරුත්තිපටිසම්භිදායං ච පටිභානපටිසම්භිදායං ච විතක්කො ධම්මපටිසම්භිදායං ච අත්ථපටිසම්භිදායං ච විචාරො, කල්ලතා{2}කොසල්ලත්තං චිත්තස්ස විතක්කො, අභිනීහාරකොසල්ලං චිත්තස්ස විචාරො, ඉදං කුසලං ඉදං අකුසලං ඉදං පහාතබ්බං ඉදං සච්ඡිකාතබ්බන්ති විතක්කො, යථා පහානං ච සච්ඡිකිරියා ච එවං විචාරො.
Sinhala BJTයම්සේ පලික? නො බෙණෙමින් සජ්ඣායනා කෙරේ ද, විතර්‍කය එබඳු යැ, යම්සේ ඒ සජ්ඣායනය මැ නුවණින් දකී ද, විචාරය එබඳු යි. අපරිඥාව යම්සේ ද විතර්‍කය එබඳු යැ, පරිඥාව යම්සේ ද විචාරය එබඳු යි. නිරුක්තිපටිසම්භිදායෙහි ද පටිභානපටිසම්භිදායෙහි ද විතර්‍කය වෙයි. ධම්මපටිසම්භිදායෙහි ද අත්‍ථපටිසම්භිදායෙහි ද විචාරය වෙයි. චිත්තයාගේ කල්‍යතාකෞශල්‍යය (වශීභාවයෙන්, ප්‍රගුණ කළ බව) විතර්‍ක යැ, චිත්තයාගේ අභිනීහාරයෙහි කුශලබව විචාර යැ, මේ කුශල යැ මේ අකුශල යැ මේ භාවිතව්‍ය යැ මෙය ප්‍රහාතව්‍ය යැ මේ ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ යනු විතර්‍ක යැ, එපරිදි ප්‍රහාණය ද භාවනාව ද ප්‍රත්‍යක්‍ෂ කිරීම ද විචාරය යි.
Pali BJTඉමෙසු විතක්කවිචාරෙසු ඨිතස්ස දුවිධං දුක්ඛං න උප්පජ්ජති කායිකං ච චෙතසිකං ච, දුවිධං සුඛං උප්පජ්ජති: කායිකං ච චෙතසිකං ච ඉති විතක්කජනිතං චෙතසිකං සුඛං පීති. කායිකං සුඛං කායිකො යෙව. යා තත්ථ චිත්තස්ස එකග්ගතා, අයං සමාධී. ඉති පඨමං ඣානං පඤ්චඞ්ගවිප්පහීනං පඤ්චඞ්ගසමන්නාගතං.
Sinhala BJTමේ විතර්‍ක විචාරයන්හි සිටියහුට කායික වූ ද චෛතසික වූ ද දෙවැදෑරුම් දුක නූපදී, කායික වූ ද චෛතසික වූ ද දෙවැදෑරුම් සුවය උපදී, මෙසේ විතර්‍කයෙන් උපන් චෛතසික සුඛය ප්‍රීතිය යි, කායික සුඛය කායික වු මැ සුඛය යි. එහි චිත්තයාගේ යම් ඒකාග්‍රතායෙක් වේ ද මේ සමාධි යි. මෙසේ ප්‍රථමධ්‍යානය පඤ්චාඞ්ගයෙකින් ප්‍රහීණ වූයේ පඤ්චාඞ්ගයෙකින් සමන්‍විත වූයේ වේ.
Pali BJTතෙසං යෙව විතක්කවිචාරානං අභික්ඛණං ආසෙවනාය තස්ස තප්පොණමානසං හොති, තස්ස විතක්කවිචාරා ඔළාරිකා ඛායන්ති. යං ච පීතිසුඛං ච නෙක්ඛම්මං ච ඔළාරිකං භවති. අපි ච සමාධිජා පීති රති ච ජායති තස්ස විචාරාරම්මණං. තෙසං වූපසමා අජ්ඣත්තං චෙතො සම්පසීදති. යෙ විතක්කවිචාරා ද්වෙ ධම්මානුස්සරිතබ්බා, පච්චුප්පන්නාදරණිතබ්බං. තෙසං වූපසමා එකොදිභාවං චිත්තෙකග්ගතං හොති. තස්ස එකොදිභාවෙන පීති පාරිපූරිං ගච්ඡති, යා පීති තං සොමනස්සින්ද්රියං, යං සුඛං තං සුඛින්ද්රියං, යා චිත්තෙකග්ගතා අයං සමාධි. තං දුතියං ඣානං චතුරඞ්ගසමන්නාගතං. සො පීතියා විරාගා යාති ඔජහි ජල්ලසංගහං.{3}
Sinhala BJTඒ විතර්‍කවිචාරයන් ම නිරතුරු ආසේවනය හේතුකොටගෙන ඔහුගේ තත්ප්‍රවණ වූ මනස වෙයි. ඔහුට විතර්‍කවිචාරයෝ ඖදාරික ව වැටැහෙත්, යම් ප්‍රීතිය හා සුඛයකුත් නෛෂක්‍රම්‍යයකුත් ඖදාරික වේ ද, එතෙකුදුවත් ඔහුට විචාරය අරමුණුකොට සමාධියෙන් උපන් ප්‍රීතියත් රතියත් උපදී. ඒ ප්‍රීතිරති යන මොවුන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සිත පහදී විතක්ක විචාර යන යම් ධර්‍මයෝ දෙදෙනෙක් සිහිකළ යුත්තාහු ද, (පච්චුප්පන්නදරණිතබ්බං?) ඔවුන්ගේ සන්හිඳීමෙන් ඒකෝදිභාවයෙන් වූ සිතෙහි එකඟබව වෙයි. ඔහුට ඒකෝදිභාවය, හේතුකොට ප්‍රීතිය පිරීමට යෙයි. යම් ප්‍රීතියක් වේ ද එය සෝමනස්සින්‍ද්‍රිය යැ, යම් සුඛයෙක් වේ ද එය සුඛින්‍ද්‍රිය යැ, යම් සිතෙහි එකඟබවක් ඇද්ද මේ සමාධිය යි. ඒ දෙවැනි දැහැන සිව් අඟෙකින් සමන්‍වාගත වේ. හේ ප්‍රීතියගේ විරාගයෙන් (යාති ඕජහි ජල්ලසංගතං?)
Pali BJTතත්ථ සොමනස්සචිත්තමුපාදානන්ති ච සො තං විචිනන්තො උපෙක්ඛමෙව මනසිකරොති. සො පීතියා විරාගා උපෙක්ඛකො විහරති. යථා ච පීතියා සුඛමානීතං{4}. තං කායෙන පටිසංවෙදෙති සම්පජානො විහරති. යෙන සතිසම්පජඤ්ඤෙන උපෙක්ඛාපාරිපූරිං ගච්ඡති, ඉදං තතියං ඣානං චතුරඞ්ගසමන්නාගතං.
Sinhala BJTඒ දෙවැනි දැහැනෙහි සොම්නස් සහගත සිත උපාදානයෙකැයි ද හේ එය විමසනුයේ උපේක්‍ෂාව මැ මෙනෙහි කෙරෙයි. හේ ප්‍රීතියගේ විරාගයෙන් උපේක්‍ෂා ඇති වැ වාස කෙරෙයි, යම් පරිදි ප්‍රීතිය හේතුකොටගෙන සුවය එළවනලද ද ඒ සුවය කයින් විඳි සම්‍යක් ඥාන ඇති වැ වාස කෙරෙයි. යම් සතිසම්පජඤ්ඤයෙකින් උපේක්‍ෂාව පිරීමට යේ ද එයයි. මේ තුන්වැනි දැහැන සතර අඟෙකින් සමන්‍වාගත වේ.
Pali BJTතථා කායිකස්ස සුඛස්ස පහානාය පඨමෙ ඣානෙ සොමනස්සින්ද්රියං නිරුජ්ඣති. දුතියෙ ඣානෙ දුක්ඛින්ද්රියං නිරුජ්ඣති, සො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTඑසේමැ කායික සුඛයාගේ ප්‍රහාණය පිණිස ප්‍රථමධ්‍යානයෙහි සෝමනස්සින්‍ද්‍රිය නිරුද්ධ වෙයි. ද්විතීයධ්‍යානයෙහි දුක්ඛින්‍ද්‍රිය නිරුද්ධ වෙයි. හේ සුඛයාගේ ද ප්‍රහාණයෙන්, දුක්ඛයාගේ ද ප්‍රහාණයෙන් පූර්‍වයෙහි තුන්වැනි දැහැනෙහි මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් නොසුව වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති සිව්වැනි දැහැන උපයා වාස කෙරෙයි.
Pali BJTතත්ථ චතූහි ඉන්ද්රියෙහි උපෙක්ඛාපසාදා හොති, දුක්ඛින්ද්රියෙන දොමනස්සින්ද්රියෙන සුඛින්ද්රියෙන සොමනස්සින්ද්රියෙන ච. තෙසං නිරොධා උපෙක්ඛාසම්පජඤ්ඤං හොති, තත්ථ සුඛින්ද්රියෙන සොමනස්සින්ද්රියෙන ච අසති හොති, තෙසං නිරොධා සතිමා හොති, දුක්ඛින්ද්රියෙන දොමනස්සින්ද්රියෙන ච අසම්පජඤ්ඤං, තෙසං නිරොධා සම්පජඤ්ඤං හොති, ඉති උපෙක්ඛාය ච සඤ්ඤා{1}, සතො සම්පජානො චිත්තෙකග්ගතා ච, ඉදං වුච්චතෙ චතුත්ථං ඣානං.
Sinhala BJTඑහි දුක්ඛින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය සුඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය ද යන සතර ඉන්‍ද්‍රියයන්ගෙන් උපේක්‍ෂාප්‍රසාදය වෙයි. ඔවුන්ගේ නිරෝධයෙන් උපේක්‍ෂා සම්ප්‍රජන්‍යය වෙයි. එහි සුඛින්‍ද්‍රියයෙන් ද සෝමනස්සින්‍ද්‍රියයෙන් ද අසතිය වෙයි. ඔවුන්ගේ නිරෝධයෙන් ස්මෘතිමත් වේ. දුක්ඛින්‍ද්‍රියයෙන් ද දෝමනස්සින්‍ද්‍රියයෙන් අසම්පජඤ්ඤ වෙයි. ඔවුන්ගේ නිරෝධයෙන් සම්‍යග්ඥානය වේ. මෙසේ (උපෙක්ඛාය ච සඤ්ඤා?) සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ චිත්තයාගේ ඒකාග්‍රතාව ද වේ. මේ සතරවැනි දැහැන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ යො රාගචරිතො පුග්ගලො තස්ස සුඛින්ද්රියං ච සොමනස්සින්ද්රියං ච, යො දොසචරිතො පුග්ගලො තස්ස දුක්ඛින්ද්රියං ච දොමනස්සින්ද්රියං ච, යො මොහචරිතො පුග්ගලො තස්ස අසති ච අසම්පජඤ්ඤං ච.
Sinhala BJTඑහි යම් රාගචරිත ඇති පුද්ගලයෙක් වේ ද ඔහුට සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද වෙයි, යම් දෝසචරිත පුද්ගලයෙක් වේ ද ඔහුට දුක්ඛින්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද වෙයි. යම් මෝහචරිත පුද්ගලයෙක් වේ ද ඔහුට අසතිය ද අසම්පජඤ්ඤය ද වේ.
Pali BJTතත්ථ රාගචරිතස්ස පුග්ගලස්ස තතියෙ ඣානෙ චතුත්ථෙ ච අනුනයො නිරුජ්ඣති, දොසචරිතස්ස පඨමෙ ඣානෙ දුතියෙ ච පටිඝං නිරුජ්ඣති. මොහචරිතස්ස පුග්ගලස්ස පඨමෙ ඣානෙ දුතියෙ ච අසම්පජඤ්ඤං නිරුජ්ඣති, තතියෙ ඣානෙ චතුත්ථෙ ච අසති නිරුජ්ඣති, එවමෙව තෙසං තිණ්ණං පුග්ගලානං චත්තාරි ඣානානි වොදානං ගමිස්සන්ති.
Sinhala BJTඑහි රාගචරිත පුද්ගලයාට තෙවැනි දැහැනෙහි ද සිව්වැනි දැහැනෙහි ද අනුනය නිරුද්ධ වෙයි. දෝසචරිතයාට පළමුවැනි දැහැනෙහි ද දෙවැනි දැහැනෙහි ද ප්‍රතිඝය නිරුද්ධ වෙයි. මෝහචරිත පුද්ගලයාට පළමුවන දැහැනෙහි ද දෙවැනි දැහැනෙහි ද අසම්පජඤ්ඤය නිරුද්ධවෙයි. තෙවැනි දැහැනෙහි ද සිව්වැනි දැහැනෙහි ද අසතිය නිරුද්ධ වේ. මෙසෙයින් ඒ තුන් පුද්ගලයන්ට සතර ධ්‍යානයෝ ව්‍යවදානයට යන්නාහුය.
Pali BJTතත්ථ රාගදොසචරිතස්ස පුග්ගලස්ස අසම්පජඤ්ඤං ච අනුනයො ච පටිඝං ච, තෙන හානභාගියං ඣානං හොති. තත්ථ රාගමොහචරිතස්ස පුග්ගලස්ස අනුනයත්තං ච ආදීනවං දස්සිතා, තං තස්ස හානභාගියං ඣානං හොති, තත්ථ දොසමොහචරිතස්ස පුග්ගලස්ස පටිඝො ච අසති ච අසම්පජඤ්ඤං ච ආදීනවං දස්සිතා, තෙන තස්ස හානභාගියං ඣානං හොති. තත්ථ රාගදොසමොහසමභාගචරිතස්ස පුග්ගලස්ස විසෙසභාගියං ඣානං හොති.
Sinhala BJTඑහි රාගදෝසචරිත ඇති පුද්ගලයාට අසම්පජඤ්ඤය ද අනුනය ද පටිඝය ද වෙයි. එහෙයින් හානභාගිය ධ්‍යානය වේ. එහි රාග මෝහචරිත පුද්ගලයාට අනුනය බව ද ආදීනව කොට දක්වන ලද, එය ඔහුට හානභාගිය ධ්‍යාන වෙයි. එහි දෝසමෝහචරිත පුඟුල්හට ප්‍රතිඝය ද අසතිය ද අසම්පජඤ්ඤය ද ආදීනව කොට දක්වන ලදහ. එයින් ඔහුව හානභාගිය ධ්‍යානය වෙයි. එහි රාගදෝසමෝහ සමභාග චරිත ඇති පුඟුල්හට විශේෂභාගිය ධ්‍යානය වේ.
Pali BJTඉමානි චත්තාරි ඣානානි සත්තසු පුග්ගලෙසු නිද්දිසිතබ්බානි චතුසු ච සමාධීසු: ඡන්දසමාධිනා පඨමං ඣානං, විරියසමාධිනා දුතියං ඣානං, චිත්තසමාධිනා තතියං ඣානං, වීමංසාසමාධිනා චතුත්ථං ඣානං. අප්පණිහිතෙන පඨමං ඣානං, සුඤ්ඤතාය දුතියං ඣානං, අනිමිත්තෙන තතියං ඣානං, ආනාපානසතියා චතුත්ථං ඣානං, කාමවිතක්කව්යාපාදානං ච තං තං වූපසමෙන පඨමං ඣානං හොති, විතක්කවිචාරානං වූපසමෙන දුතියං ඣානං, සුඛින්ද්රියසොමනස්සින්ද්රියානං වූපසමෙන තතියං ඣානං, කායසඞ්ඛාරානං වූපසමෙන චතුත්ථං ඣානං ච. චාගාධිට්ඨානෙන පඨමං ඣානං, සච්චාධිට්ඨානෙන දුතියං ඣානං, පඤ්ඤාධිට්ඨානෙන තතියං ඣානං, උපසමාධිට්ඨානෙන චතුත්ථං ඣානං, ඉමානි චත්තාරි ඣානානි සඞ්ඛෙපනිද්දෙසෙන නිද්දිට්ඨානි.
Sinhala BJTමේ සතර ධ්‍යානයෝ පුඟුලන් සත්දෙනකුන් කෙරෙහි ලා සතර සමාධීන්හි ද දැක්විය යුත්තාහ: ඡන්‍දසමාධියෙන් ප්‍රථමධ්‍යානය ද විරියසමාධියෙන් ද්විතීයධ්‍යානය ද චිත්තසමාධියෙන් තෘතීයධ්‍යානය ද විමංසා සමාධියෙන් චතුර්‍ත්‍ථධ්‍යානය ද, යලි අප්පණිහිත සමාධියෙන් ප්‍රථම ධ්‍යානය ද ශුන්‍යතායෙන් ද්විතීය ධ්‍යානය ද අනිමිත්ත සමාධියෙන් තෘතීයධ්‍යානය ද ආනාපාන සතියෙන් චතුර්‍ත්‍ථධ්‍යානය ද වෙයි. කාමවිතර්‍ක ව්‍යාපාදයන්ගේ ද සන්හිඳීමෙන් ප්‍රථමධ්‍යානය වෙයි, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ද්විතීයධ්‍යානය ද සුඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රියයන්ගේ සන්හිඳීමෙන් තෘතීයධ්‍යානය ද කායසංකාරයන්ගේ සන්හිඳීමෙන් චතුර්‍ත්‍ථ ධ්‍යානය ද වෙයි. යළි ත්‍යාගාධිෂ්ඨානයෙන් ප්‍රථමධ්‍යානය ද සත්‍යාධිෂ්ඨානයෙන් ද්විතීය ධ්‍යානය ද ප්‍රඥාධිෂ්ඨානයෙන් තෘතීය ධ්‍යානය ද උපේක්‍ෂාධිෂ්ඨානයෙන් චතුර්‍ත්‍ථධ්‍යානය ද වේ. මේ සතර ධ්‍යානයෝ සංකේෂපනිර්දේශයෙන් නිර්දේශ කරන ලද්දාහු යි.
Pali BJTතත්ථ සමාධින්ද්රියං පාරිපූරිං ගච්ඡති. අනුවත්තනකානි චත්තාරි, තත්ථ යො පඨමං ඣානං නිස්සාය ආසවක්ඛයං පාපුණාති, සො සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය දොමනස්සින්ද්රියපටිපක්ඛෙන. යො දුතියං ඣානං නිස්සාය ආසවක්ඛයං පාපුණාති, සො සුඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය දුක්ඛින්ද්රියපටිපක්ඛෙන, යො තතියං ඣානං නිස්සාය ආසවක්ඛයං පාපුණාති, සො සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය සොමනස්සින්ද්රියපටිපක්ඛෙන, සො සුඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය සුඛින්ද්රියපටිපක්ඛෙන ගතො.
Sinhala BJTඒ ධ්‍යානයෙහි සමාධීන්‍ද්‍රිය පිරීමට යෙයි, සතරධ්‍යානයෝ අනුවර්‍තකයෝ යි. එහි යමෙක් ප්‍රථම ධ්‍යානය නිසා ආස්‍රවක්‍ෂයට පැමිණේ ද හේ සුඛපටිදායෙන් දන්‍ධාභිඥායෙන් දෝමනස්සින්‍ද්‍රියට ප්‍රතිපක්‍ෂභාවයෙන් ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. යමෙක් ද්විතීයධ්‍යානය නිසා ආස්‍රවක්‍ෂයට පැමිණේ ද හේ සුඛපටිපදායෙන් ක්‍ෂිප්‍රාභිඥායෙන් දුක්ඛින්‍ද්‍රියට ප්‍රතිපක්‍ෂ භාවයෙන් ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. යමෙක් තෘතීයධ්‍යානය නිසා ආස්‍රවක්‍ෂයට පැමිණේ ද හෙතෙම සුඛපටිපදායෙන් දන්‍ධාභිඥායෙන් සෝමනස්සින්‍ද්‍රියට ප්‍රතිපක්‍ෂ භාවයෙන් ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. යමෙක් චතුර්‍ත්‍ථ ධ්‍යානය නිසා ආස්‍රවක්‍ෂයට පැමිණේ ද හේ සුඛපටිපදායෙන් ක්‍ෂිප්‍රාභිඥායෙන් සුඛින්‍ද්‍රියට ප්‍රතිපක්‍ෂභාවයෙන් ආස්‍රවක්‍ෂයට ගියේ වේ.
Pali BJTපකිණ්ණක නිද්දෙසො.
Sinhala BJTප්‍රකීර්‍ණක නිර්දේශ යි.
Pali BJT7. 2.
Sinhala BJT7. 2.
Pali BJTහාරසම්පාතභූමි
Sinhala BJTහාරසම්පාතභූමි
Pali BJTයානි චත්තාරි ඣානානි, තෙසං ඣානානං ඉමානි අඞ්ගානි, තෙසං අඞ්ගානං සමූහො{1} අස්ස අඞ්ගා, අයං ඣානභූමි කො විසෙසොති අස්ස විසෙසො: ඉමෙ සම්හාරා, තෙහි{2} අයං සමුදාගමො, තස්ස සමුදාගමස්ස අයං උපනිසා{3} තාය උපනිසාය අයං භාවනා, තස්සා භාවනාය අයං ආදීනවො, තෙන අයං පරිහානි. කස්ස පරිහානීති: තදුපගජ්ඣායිනො තං යථාභණිතං පච්චවෙක්ඛන්තො අයං විසෙසො, තෙන විසෙසෙන අයං අස්සාදො, සො කස්ස අස්සාදො: ආජානීයජ්ඣායිනො, තස්ස{4} ආජානීයජ්ඣායිනො,{5} ඉදං කල්ලතා{6} කොසල්ලෙ ඨිතජ්ඣානං අනොමද්දියතං ගච්ඡති ඣානබලං, ඣානබලෙ ඨිතස්ස අයං පාරමිප්පත්තස්ස ඉමානි ඣානඞ්ගානි අනාවිලසඞ්කප්පො පඨමෙ ඣානෙ ඣානඞ්ගානි භාවී. සා පීති{7} තදනුසාරිත්තාව පඨමෙ ඣානෙ ඣානඞ්ගං තස්සඞ්ගුනො ච ධම්මා තදභිසන්නිතාය ච. [?]
Sinhala BJTයම් සතර ධ්‍යාන කෙනෙක් වෙත් ද ඒ ධ්‍යානයන්ගේ මේ අංගයෝ වෙති, ඒ අංගයන්ගේ සමූහය ධ්‍යානභූමි යැ, ඒ ධ්‍යානයාගේ විශේෂය කවරෙ යත්: මේ ධ්‍යානසම්භාරයෝ යැ, ඒ සම්භාරයන්ගෙන් ධ්‍යානයාගේ ඉපදීම වෙයි, ධ්‍යානයාගේ ඉපදීමට මේ කාරණයැ, එකරුණෙන් ධ්‍යානයාගේ වැඩීම වෙයි. වැඩීමෙන් මේ ආදීනව යැ එයින් මේ පරිහානිය වෙයි. කවරක්හුගේ පරිහානිය ද යත්: ඊට පැමිණි ධ්‍යායීහුගේ යැ, එය යථෝක්ත පරිදි ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මේ විශේෂය වෙයි, ඒ විශේෂයෙන් මේ ආස්වාදය වෙයි. ඒ කවරක්හුගේ අස්වාදය ද යත්: ආජානීය ධ්‍යායී (රහත්) හුගේ යැ, ඒ රහත්හුගේ හෝ ආර්‍ය්‍යධ්‍යායීහුගේ මේ සමර්‍ත්‍ථභාව කෞශල්‍යයෙහි සිටි ධ්‍යානය නො මැඩිය හැකි බවට යෙයි. මේ ධ්‍යානබලය යි. ධ්‍යානබලයෙහි සිටියහුගේ මේ ධ්‍යානාඞ්ගයෝ (කාම සංකල්පාදීන්) නොකැලඹුණු සංකල්ප ඇතියේ (පඨමෙඣානෙ … තදභියන්නීතාය ච?)
Pali BJTපීති දුතියෙ ඣානෙ ඣානඞ්ගධම්මතා ඛො පන තථා පවත්තස්ස සහගතං ඣානඞ්ගධම්මං සසුඛතාය අජ්ඣත්තං සම්පසාදො දුතියෙ ඣානෙ ඣානඞ්ගං මනොසම්පසාදනතාය තදභිසන්නතාය ච. පීති දුතියෙ ඣානෙ ඣානඞ්ගං අජ්ඣත්තං සම්පසාදනං සමාධිජං{8} පීතිසුඛං දුතියෙ ඣානෙ ඣානඞ්ගං, චෙතසො එකොදිභාවො තතියෙ ඣානෙ ඣානඞ්ගං, උපෙක්ඛා ඵස්සතා තතියෙ ඣානෙ ඣානඞ්ගං, සුඛං තස්ස අඞ්ගන්ති ච. චෙතසො එකොදිභාවො චතුත්ථෙ ඣානෙ ඣානඞ්ගං. උපෙක්ඛා අදුක්ඛමසුඛා චතුත්ථෙ ඣානෙ ඣානඞ්ගං, අභිනිසාභූමි උපෙක්ඛාසතිපාරිසුද්ධි චතුත්ථෙ ඣානෙ ඣානඞ්ගං, සතිපාරිසුද්ධි ච අනෙකජ්ඣා (න) භූමීසු ඣානඞ්ගසමායුත්තා පීති චෙතසො එකොදිභාවො චතුත්ථෙ ඣානෙ ඣානඞ්ගං.
Sinhala BJTප්‍රීතිය ද්විතීය ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග ධර්‍මතා වෙයි. එසේ පැවැතියහුට ප්‍රීති සහගත ධ්‍යානාඞ්ග ධර්‍මතා සුඛ සහිත බැවින් සිත පහදවන බැවින් ද ඒ ප්‍රසාදයෙන් පැතිරුණු බැවින් ද අධ්‍යාත්මයෙහි පැහැදීම ද්විතීය ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වෙයි, අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදනය ඇති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ද්විතීය ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වෙයි. චිත්තයාගේ එකඟබව තෘතීයධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වෙයි. උපේක්‍ෂායෙන් පහස්නාබව තෘතීයධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වෙයි. සුඛය ඒ තෘතියධ්‍යානයාගේ අංග වෙයි. චිත්තයාගේ ඒකෝදිභාවය සතරවැනි ධ්‍යානයෙහි ධ්‍යානාංග වෙයි. නොදුක් නොසුව වූ උපේක්‍ෂාව චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ධ්‍යානාංග වෙයි. (අභිනිසා භූමි) උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග යැ, ස්මෘතිපාරිශුද්ධිය ද නොයෙක් ධ්‍යානභූමීන්හි ධ්‍යානාඞ්ගයන් හා යෙදුණු ප්‍රීතිය ද චිත්තයාගේ ඒකෝදිභාවය දි චතුර්‍ත්‍ථ ධ්‍යානයෙහි ධ්‍යානාඞ්ග වේ.
Pali BJTතත්ථ කතමා ඣානභූමි: සවිතක්කෙ සවිචාරෙ විවෙකානුගතා පඨමෙ ඣානෙ ඣානභූමි, අවිතක්කෙ අවිචාරෙ අජ්ඣත්තං සම්පසාදනං ජනිතං පීතිමනුගතා දුතියෙ{9} ඣානෙ ඣානභූමි. සුඛසාතසමොහිතා සප්පීතිකා තතියෙ ඣානෙ ඣානභූමි, තස්ස සුඛදුක්ඛසහගතා අභිනීහාරසහගතා චතුත්ථෙ ඣානෙ ඣානභූමි, අප්පමාණසහගතා සත්තාරම්මණා පඨමෙ ඣානෙ ඣානභූමි, විමොක්ඛසහගතා{10} විමොක්ඛෙසු තතියෙ ඣානෙ ඣානභූමි. අනුපස්සනාසහගතා කායසඞ්ඛාරා ධම්මා චතුත්ථස්ස ඣානස්ස භූමි.
Sinhala BJTඑහි ධ්‍යානභූමි කවර යත්: සවිතර්‍ක වු සවිචාර වූ ප්‍රථමධ්‍යානයෙහි නීවරණ විවේකය අනුව ගිය ධ්‍යානභූමි වෙයි. අවිතර්‍ක අවිචාර වූ ද්විතීය ධ්‍යානයෙහි අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති ප්‍රීතිය අනුව ගිය ධ්‍යාන භූමි වෙයි. තෘතීය ධ්‍යානයෙහි සුඛසහගත වූ සප්‍රීතික වූ ධ්‍යාන භූමි වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි (සුඛදුක්ඛසහගතා?) අභිනීහාර සහගත වූ ධ්‍යාන භූමි වෙයි. (යළි) ප්‍රථම ධ්‍යානයෙහි අප්‍රමාණ සහගත සත්‍වයන් අරමුණු කොට ඇති ධ්‍යාන භූමි වෙයි. ද්විතීය ධ්‍යානයෙහි රූප සංඥීන් කෙරෙහි අභිභුමි ආයතන සහගත වූ ධ්‍යාන භූමි වෙයි. තෘතීය ධ්‍යානයෙහි විමෝක්‍ෂයන්හි විමෝක්‍ෂ සහගත වූ ධ්‍යාන භූමි වෙයි. අනුපස්සනා සහගත වූ කායසංඛාර ධර්‍මයෝ චතුර්‍ත්‍ථධ්‍යානයාගේ භූමි වේ.
Pali BJTතත්ථ කතමෙ ඣානවිසෙසා: විවිච්චෙව කාමෙහි විවිච්ච පාපකෙහි [?] අකුසලෙහි ධම්මෙහි චිත්තචෙතසිකසහගතා. කාමධාතුසමතික්ක මනතාපි, අයං ඣානවිසෙසො. අවිතක්කා චෙව අවිචාරා ච සප්පීතිකාය සතිසහගතාය පීතිසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, අයං ඣානවිසෙසො. අවිතක්කාය භූමියා අවිචාරෙයෙව සති අනුගතා උපෙක්ඛාසහගතා මනසිකාරා සමුදාචරන්ති, තදනුධම්මතා{1} ච සති සණ්ඨහති, තං ච භූමිං උපසම්පජ්ජ විහරති, අයං ඣානවිසෙසො. සතිපාරිසුද්ධිසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, තං ච භූමිං උපසම්පජ්ජ විහරති, අයං ඣානවිසෙසො. විඤ්ඤාණඤ්චායතනසහගතාය භූමියං ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, තං ච භූමිං උපසම්පජ්ජ විහරති, අයං ඣානවිසෙසො.
Sinhala BJTඑහි ධ්‍යාන විශේෂයෝ කවරහ: කාමච්ඡන්‍දනීවරණයෙන් වෙන්ව (පාපකෙහි?) ශේෂ නීවරණ සංඛ්‍යාත අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව චිත්ත චෛතසික සහගත බව ද කාම ධාතුව ඉක්මවන බව ද මේ ධ්‍යාන විශේෂ යැ, සප්‍රීතික ස්මෘති සහගත ධ්‍යාන භූමියෙහි අවිතර්‍ක වූ ද අවිචාර වූ ද ප්‍රීති සහගත සංඥා මනසිකාරයෝ පවත්නාහ. මේ ධ්‍යාන විශේෂ යැ, අවිතර්‍ක භූමියෙහි ස්මෘතිය අනුවැ ගිය උපේක්‍ෂා සහගත මනසිකාරයෝ පවත්නාහ. ඒ (තෘතීය ධ්‍යාන) භූමියට ද පැමිණ වෙසෙයි. මේ ධ්‍යාන විශේෂ යැ, ස්මෘති පාරිශුද්ධිය සහ ගිය සංඥාමනසිකාරයෝ පවත්නාහ. ඒ ධ්‍යාන භූමියට ද පැමිණ වෙසෙයි. මේ ධ්‍යාන විශේෂ යැ, විඤ්ඤාණඤ්චායතන සහගත භූමියෙහි ආකිඤ්චඤ්ඤායතන සහගත වූ සඤ්ඤාමනසිකාරයෝ පවත්නාහ. ඒ භූමියට ද එළඹැ වාසයකෙරෙයි. මේ ධ්‍යාන විශේෂ යි.
Pali BJTතත්ථ කතමෙ ඣානසම්භාරා: නෙක්ඛම්මවිතක්කො සම්භාරො කාමවිතක්කවිනොදනාධිප්පායතා, අබ්යාපාදවිතක්කො සම්භාරො බ්යාපාදවිතක්කපටිවිනොදනාධිප්පායතා, අවිහිංසාවිතක්කො සම්භාරො විහිංසාවිතක්කපටිවිනොදනාධිප්පායතා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා අප්පිච්ඡතා සම්භාරො පරිසුද්ධාජීවො. චතුන්නං සමාපත්තීනං සම්භාරො අකම්මස්ස විහාරිතා, මග්ගසම්භාරො සමාපත්තිපජ්ජනතා, ඵලසම්භාරො ඣානනිබ්බත්තිතාය ඣානසමුදාගමො, කුසලහෙතු යං ඣානං සමුදයං ගච්ඡති.{2} කො ච න කුතොචි නෙක්ඛම්මප්පත්තා සමුදාගච්ඡන්ති, ආලම්බනිරොධසමාධි සන්තො සමුදාගච්ඡන්ති, අවීතික්කන්තා සමුදාගච්ඡන්ති සුඛින්ද්රියං සොමනස්සින්ද්රියං පහානාය තෙ ච අබ්යාපජ්ජතාය සමුදාගච්ඡන්ති. තං පන සන්ධාය සමුදාගච්ඡන්ති. අපරිදාහනාය සමුදාගච්ඡන්ති. ඣානසමුදාගමො.
Sinhala BJTඑහි ධ්‍යානසම්භාරයෝ කවරහ: කාමවිතර්‍කයන්ගේ දුරැලීමෙහි අධ්‍යාශය ඇති බැවින් නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය ධ්‍යානසම්භාරයෙක, ව්‍යාපාදවිතර්‍කය දුරැලීමෙහි අධ්‍යාශය ඇති බැවින් අව්‍යාපාද විතර්‍කය සම්භාරයෙක, විහිංසා විතර්‍කය දුරැලීමෙහි අධ්‍යාශය ඇති බැවින් අවිහිංසා විතර්‍කය සම්භාරයෙක, පරිශුද්ධවූ ආජීවය ඉන්‍ද්‍රියයන්හි පියු දොර ඇති බවට අල්පේච්ඡතාවට සම්භාර යැ, අකර්‍මවිහාරී බව සතර සමාපත්තීන්ට සම්භාර යැ, සමවත් සමවදනා බව මාර්‍ගසම්භාර යැ, ධ්‍යාන නිපදවන ලද බැවින් ධ්‍යානයාගේ සමුදාගමය ඵල සම්භාර යැ. මේ ධ්‍යාන සමුදාගම යි.
Pali BJTතත්ථ කතමා උපනිසා: කල්යාණමිත්තතා ඣානස්ස උපනිසා, කල්යාණසම්පවඞ්කතා ඣානස්ස උපනිසා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා ඣානස්ස උපනිසා, අසන්තුට්ඨිතා{3} කුසලෙසු ධම්මෙසු සද්ධම්මසවනං{4} ඣානස්ස උපනිසා, සංවෙජනීයෙ{5} ඨානෙ සංවිගස්ස යොනිසොපධානං ඣානස්ස උපනිසා, අයං ඣානොපනිසා.
Sinhala BJTඑහි උපනිසා (හේතු) කවර යත්: කලණමිතුරන් ඇති බව ධ්‍යානයට කාරණ වෙයි. කලණමිතුරන් කෙරෙහි නැමුණු බව ධ්‍යානයට කාරණ යැ, ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇතිබව ධ්‍යානයට කාරණ යැ, කුසල්දහම් හි අසන්තුට්ඨිතාව ධ්‍යානයට කාරණයැ, සද්ධර්‍ම ශ්‍රවණය ධ්‍යානයට කාරණ යැ, සංවේග දැනැවියැයුතු තැනැ සංවේග ඇතියහුගේ නුවණින් ප්‍රධන්වීර්‍ය්‍ය කිරීම ධ්‍යානයට කාරණ වේ. මේ ධ්‍යාන හේතුයි.
Pali BJTතත්ථ කතමා භාවනා: මෙත්තාසෙවනා අබ්යාපාදවිතක්කභාවනා, කරුණාසෙවනා{6} අවිහිංසාවිතක්කභාවනා, මුදිතාභාවනා පීතිසුඛසම්පජඤ්ඤා කාරිතා, උපෙක්ඛාභාවනා පස්සවනා උපෙක්ඛාභාවනා අපස්සවතා උපෙක්ඛා ච අජ්ඣුපෙක්ඛා ච අසුභසඤ්ඤාභාවනා දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා භවසන්ධාභිඤ්ඤා භවසන්ධානං, යා ඡබ්බිධා භාවනා භාවිතා බහුලීකතා අනුට්ඨිතා වත්ථුකතා යානීකතා පරිචිතා සුසමාරද්ධා, අයං භාවනා.
Sinhala BJTඑහි භාවනා කවර යත්: මෛත්‍රිසේවනය අව්‍යාපාදවිතර්‍ක භාවනා යැ, කරුණාසේවනය අවිහිංසා විතර්‍ක භාවනා යැ, මුදිතා භාවනාව ප්‍රීති සුඛ සම්ප්‍රජන්‍යකාරී බව යැ, උපේක්‍ෂා භාවනාව (පස්සවතා ... අජ්ඣුපෙක්ඛා ච?) අශුභසංඥා භාවනාව (දුක්ඛා පටිපදා ... සුසමාරද්ධා?) මේ භාවනායි.
Pali BJTඑවං භාවයන්තස්ස අයං ආදීනවො: පඨමෙ ඣානෙ සඞ්ඛාරසමන්නාගතො එසො ධම්මො අස්සුතො සාසවො. සචෙ එස ධම්මො අයං සීලො ආසන්නපටික්ඛො ච එස ධම්මො කාමොපතිචාරො සමාපත්තීනං ච සබ්බොළාරිකො එස ධම්මො විතක්කවිචාරො ච, තත්ථ චිත්තං ඛොහෙති,{1} කායො චෙත්ථ කිලමති, කායම්හි චෙත්ථ කිලන්තෙ චිත්තං විහඤ්ඤති,{2} අනභිනීහාරක්ඛමො ච අභිඤ්ඤානං, ඉමෙ ආදීනවා පඨමෙ ඣානෙ.
Sinhala BJTමෙසේ භාවනා කරනුවහුට මේ ආදීනවයැ: ප්‍රථමධ්‍යානයෙහි සංස්කාර සමන්‍වාගත වූ තෙල දහම අස්සුත යැ සාස්‍රව යැ ශීලය ආසන්න ප්‍රතිපක්‍ෂ වූයේ ද තෙල දහම (කාමෝපතිචාරො පතිවිචාරො?) සමාපත්තීන් අතුරෙනුදු සියල්ලට ඖදාරික යැ, තෙල දහම විතර්‍ක විචාර ඇත්තේ ද වෙයි. එහි සිත ආලෝලන කෙරෙයි. මෙහි කය ද වෙහෙසට පැමිණෙයි. මෙහි කය වෙහෙසට පත්කල්හි සිත ගැටෙයි, එහෙයින් අභිඥාවන්ගේ අභිනීහාරයට අසමර්‍ත්‍ථ වෙයි. ප්‍රථමධ්‍යානයෙහි මේ ආදීනවයෝ යි.
Pali BJTදුතියෙ ඣානෙ ඉමෙ ආදීනවා: පීතිඵරණ{3}සහගතො ච එසො ධම්මො, න සමුදාචාරස්සෙති චිත්තං. අසොධයං උපගමො චෙස ධම්මො. උපගමිපරිස්සයො{4} දොමනස්සපච්චත්ථිකො චෙස ධම්මො. තත්ථ තත්ථ යුත්තීතං පීති, පරජ්ජතො චෙස ධම්මො දුක්කරං හොති, අවත්තසන්තාසභූමිපරිවජ්ජයන්තො චතුසු දුක්ඛතාසු එස ධම්මො අනුවිද්ධාපනසද්ධාය දුක්ඛතාය ච න පලිබොධදුක්ඛතාය ච අභිඤ්ඤාදුක්ඛතාය ච රොගදුක්ඛතාය ච, ඉමෙ ආදීනවා දුතියෙ ඣානෙ.
Sinhala BJTද්විතීය ධ්‍යානයෙහි මේ ආදීනවයෝ වෙති: තෙල ද්විතීය ධ්‍යාන ධර්‍මය ප්‍රීතිඵරණයෙන් යුක්ත වූයේ ද (නසමුදාවාරස්සෙති ... රෝග දුක්ඛ තාය ච? මෙහිදු අරුත් නගා ගැනීම දුෂ්කර විය.) මේ ද්විතීය ධ්‍යානයෙහි ආදීනවයෝ යි.
Pali BJTතත්ථ කතමො ආදීනවා තතියෙ ඣානෙ: උපෙක්ඛාසුඛසහගතාය තත්ථ සාතාවීනං පඤ්චන්නං උපෙක්ඛාසුඛං පරිවත්තිතො එස ධම්මො තෙන නිච්චසඤ්ඤිතානං ච, යං හොති දුක්ඛූපනිසං{5} සුඛං චිත්තස්ස සඞ්ඛොභතං උපාදාය සුඛදුක්ඛාය ගතො භවති. සුඛදුක්ඛානුගතං{6} ච උපාදාය අනභිනීහාරක්ඛමං චිත්තං හොති. අභිඤ්ඤාය සච්ඡිකිරියාසු සබ්බෙපි චෙතෙ ධම්මා තීසු ඣානසමාපත්තීසු චතූහි ච දුක්ඛතාහි අනුවිද්ධානං සා භයා දුක්ඛතාය පලිබොධදුක්ඛතාය ච අභිඤ්ඤාදුක්ඛතාය ච රොගදුක්ඛතාය ච, ඉමෙ ආදීනවා තතියෙ ඣානෙ.
Sinhala BJTඑහි තෘතීයධ්‍යානයෙහි ආදීනවයෝ කවරහ: තත්‍රමජ්ඣත්තුපෙක්ඛා සුවයෙන් යුත් ඒ ධ්‍යානයෙහි සුවවිඳුනා පුද්ගලයන්ට ද එය නිත්‍ය යැ යන සංඥා ඇතියනට ද උපේක්‍ෂා සුඛය පරිවර්‍තන වන හෙයින් තෙල තෘතීයධ්‍යානධර්‍මය දුකට කාරණ වූ සුවය චිත්තයාගේ කැලඹුණු බව නිසා සුව දුක් පිණිස වෙයි. සුවදුක් අනුගත නිසා සිත අභිනීහාරක්‍ෂම නොවෙයි. මේ සියලු මැ ධර්‍මයෝ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු වූ තුන් ධ්‍යාන සමාපත්තීන්හි චතුර්විධ දුක්ඛතායෙන් අනුවිද්ධයනට (සාභයා?) දුක්ඛතා පිණිස ද පළිබෝධ දුක්ඛතා පිණිස ද අභිඥාදුඃඛතා පිණිස ද පවත්නාහුය. තුන්වැනි ධ්‍යානයෙහි මේ ආදීනවයෝ යි.
Pali BJTතත්ථ කතමෙ ආදීනවා චතුත්ථෙ ඣානෙ: ආකිඤ්චඤ්ඤාසමාපත්තිතාවතෙ ධම්මානුසමාපත්තිකා එතිස්සා ච භූමියං සාතානං බාලපුථුජ්ජනානං අනෙකවිධානි දිට්ඨිගතානි උප්පජ්ජන්ති. ඔළාරිකසුඛුමාහි{8} ච රූපසඤ්ඤාහි අනුවිද්ධානි එතානි ඣානානි, සදා අනුදයමෙත්තාඣානකලාදනුකලාය සාධාරණා දුක්කරා ච සබ්බෙ චත්තාරො මහාසම්භාරා, සමුදාගතානි ච එතානි ඣානානි අඤ්ඤමඤ්ඤං නිස්සාය සමුදාගච්ඡන්ති. එත්ථ සමුදාගතා ච එතෙ ධම්මා න සමත්තා හොන්ති. අසමුග්ගහිතනිමිත්තා ච එතෙ ධම්මා පරිහායන්ති නිරුජ්ඣන්ති ච එතෙ ධම්මා න උපාදියන්ති නිරුජ්ඣඞ්ගානි ච, එතෙසං ධම්මානං ඣානානි නිමිත්තානි න ඣානනිමිත්තසඤ්ඤා වොකිරති. අප්පටිලද්ධපුබ්බා ච ඣායීවසෙන ච භවති, ඉමෙහි ආදීනවෙහි. අයං ඣානපරිහානි.
Sinhala BJTඑහි චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ආදීනව කවරහ: (ආකිඤ්චඤ්ඤා ... සමාපත්තිකා?) තෙල චතුර්‍ත්‍ථධ්‍යාන භූමියෙහි ශක්ත වූ බාලපෘථග්ජනයනට නන්වැදෑරුම් දෘෂ්ටිගතයෝ උපදිත්, තෙල ධ්‍යානයෝ ඖදාරික වූ ද සූක්‍ෂම වූ ද රූපසංඥාවන්ගෙන් අනුවිද්ධයහ, හැම කල්හි (අනුදය ... සාධාරණ?) සියලු සතර මහාසම්භාරයෝ දුෂ්කර වූවාහු ද වෙති, උපන්නාවූ ද තෙල ධ්‍යානයෝ ඔහුනොවුන් නිසා උපදිත්. මෙහි උපන්නාවූ ද තෙල ධර්‍මයෝ රැස් නොවෙති, මොනොවට නොගත් නිමිත්ත ඇති තෙල දහම්හු පිරිහෙති, නිරුද්ධ වෙත්. තෙල දහම්හු නිරුද්ධ වූ අංගයනුදු (යළි) නොගනිත්. (එතෙසං ... ඉමෙහි ආදීනවෙහි?) මේ ධ්‍යානපරිහානිය යි.
Pali BJTනිරොධසමාපත්තියා{9} අපටිසඞ්ඛාය අවසෙසසඤ්ඤිනො ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, සො නිරොධසමාපත්තිතො පරිහායති. ආනෙඤ්ජසඤ්ඤිනො අසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්ඤායතනසහගතා මනසිකාරා සමුදාචරන්ති, තං ච භූමිං න පජානාති, සො තතො පරිහායති. ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, තං ච භූමිං න පජානාති, සො තතො පරිහායති. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤාසහගතා -පෙ- (විත්ථාරෙන යාව පඨමෙ ඣානෙ කාමසඤ්ඤාසභාගතා කාතබ්බා.
Sinhala BJTනිරෝධසමාපත්තිය ප්‍රත්‍යවේක්‍ෂා නොකොට අවශේෂ සංඥා ඇත්තහුට ආකිඤ්චඤ්ඤායතන සහගත වූ සංඥා මනස්කාරයෝ පවත්නාහු නම් හේ නිරෝධ සමාපත්තියෙන් පිරිහෙයි. අසංඥායතනයට සමවන් ආනෙඤ්ජසංඥා ඇත්තහුට ආකිඤ්චඤ්ඤායතන සහගතවු මනසිකාරයෝ පවත්නාහු නම් (හේ) ඒ ආකිඤ්චඤ්ඤායතන භූමියත් නොදනී නම් හේ ඒ සමවතින් පිරිහෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සහගත වු සඤ්ඤාමනසිකාරයෝ පවත්නාහු නම් ඒ භූමියත් නොදනී නම් හේ ඒ සමවතින් පිරිහෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට රූප සංඥා සහගත වූ ... (ප්‍රථමධ්‍යානයෙහි කාම සංඥා සහගතා යනු දක්වා විස්තරයෙන් ප්‍රකාශ කළයුතු.)
Pali BJTස කිස්ස පරිහායති, කලඞ්කජ්ඣානො{1} කලඞ්කං ඣායති පරිසමන්තතො ඣායති, භින්දන්තො ඣායති, න සඤ්ජායති{2}, ආයූහන්තො ඣායති, කිඤ්චි ච න පරිචීතො{3} ඣායති, අතිවිධාවන්තො ඣායති, අතිමඤ්ඤන්තො ඣායති, කායසඞ්ඛාරෙ අප්පටිප්පස්සම්භිතෙ{4} ඣායති, පරියුට්ඨානස්ස නිස්සරණං අජානන්තො ඣායති, නීවරණාහිභූතො ඣායති, අස්සාදප්පත්තිං{5} මනසිකරොන්තො. ඣානස්ස අස්සාදො කාමරාගහෙතූනං ධම්මානං උදයොති{6}, නිරුද්ධඞ්ගානි{7} එතෙසං ධම්මානං ඣානානි උපරිමා සුඛූපෙක්ඛා{8} කාමකම්මකිලෙසානං පහානං අස්සාදො, එවං ඛො පුන ඣානස්ස අස්සාදො, මහාසම්බාධසම්පීළිතෙ{9}. ලොකසන්නිවාසෙ අසම්බාධොකාසොති{10} විගමෙස්සමිදං ඣානප්පහානා. අයං පරිරොධමප්පලිරොධලොකසන්නිවාසෙ එසනියමිදං{11} ඣානං අනමතග්ගසංසාරසමාපන්නානං සත්තානං සංසාරප්පහානනානිසංසො{12} යමිදං ඣානස්ස අස්සාදො. කායස්ස අඣානියඣායිනො භවති අඣානියඣානියඣායීති. අපරාමසන්තො අඣානියඣායිතංඣායති. යානි කලඞ්කඣායිනො පදානි තානි අනුමිතානි පටිපක්ඛෙ ඣානානි උපරිමා සුඛූපෙක්ඛා කාමකම්මකිලෙසානං අස්සාදො, එවං ඛො පුන ඣානස්ස අස්සාදො මහාසම්බාධසම්පිළිතෙ{10}, ලොකසන්නිවාසෙ අසම්බාධොකාසො විගමෙස්සමිදං ඣානප්පහානා. අයං පලිරොධමප්පලිරොධලොකසන්නිවාසෙ එසනියමිදං ඣානං අනමතග්ගසංසාරසමාපන්නානං සත්තානං සංසාරප්පහානානිසංසො{13}, යමිදං ඣානස්ස අස්සාදො කායස්ස අඣානියඣායිනො භවති අඣානියඣානියඣානියීති. අපරාමසන්තො අඣානියඣායී තං{14} ඣායති, යානි කලඞ්ඛජ්ඣායිනො පදානි තානි අනුමිතානි පටිපක්ඛෙ.
Sinhala BJTහේ කවර හෙයින් පිරිහෙයි යත්: කලඞ්කධ්‍යාන ඇතියෙ කලඞ්ක ආලම්බනයක් ධ්‍යාන කෙරෙයි. (අරමුණ) අවටින් ධ්‍යාන කෙරෙයි. (අරමුණ) බිඳුමින් ධ්‍යාන කෙරෙයි. මොනොවට ධ්‍යාන නොකෙරෙයි. ආයූහන කෙරෙමින් ධ්‍යාන කෙරෙයි. අපරිචිත වැ අල්පමාත්‍රයක් ද ධ්‍යාන කෙරෙයි. ඉතා වෙලෙවි යැ ධ්‍යාන කෙරෙයි. අතිමාන කෙරෙමින් ධ්‍යාන කෙරෙයි. නොසන්හිඳුවන ලද කායසංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස) ඇති කල්හි ධ්‍යාන කෙරෙයි. පර්‍ය්‍යුත්‍ථානයාගේ නිස්සාරණය නො දන්මින් ධ්‍යාන කෙරෙයි. කාමරාගයට හේතු වූ ධර්‍මයන්ගේ උදය ධ්‍යානයාගේ ආස්වාද යැ යි ආස්වාද ප්‍රාප්තිය මෙනෙහි කෙරෙමින් නීවරණයන් විසින් මඩනාලද්දේ ධ්‍යාන කෙරෙයි. නිරුද්ධ ධ්‍යානාඞ්ගයෝ තෙල දහමුන්ගේ ධ්‍යාන වූවාහු සුඛ උපේක්‍ෂා උපරිම වූවාහු වෙති. කාමකර්‍මක්ලේශයන්ගේ ප්‍රහාණය ආස්වාද වෙයි. මෙසේ පුනර්‍ධ්‍යානාස්වාද තෙම මහා සම්බාධදයෙන් සම්පීඩිත වූ ලෝකසන්නිවාසයෙහි සම්බාධ රහිත අවකාශ ඇතියෙ යැ යි වෙන් වන්නෙම් නම් මේ ධ්‍යානප්‍රහාණ යි, යම් ධ්‍යානයෙක් ඇද්ද පරිරෝධ අපරිරෝධ ලෝකසනානිවාසයෙහි මෝ එසනියමිදං? ධ්‍යානයාගේ යම් ආස්වාදයෙක් ඇද්ද මේ වූ කලි අනවරාග්‍ර සංසාරයට පැමිණි සත්‍වයන්ගේ සංසාරප්‍රහාණය ආනිසංස කොට ඇතියෙ යැ, ආලම්බනකාය අඣානියඣානීහට (ධ්‍යානාර්‍හ නොවූ අරමුණ ධ්‍යාන කරන්නාට) “අඣානියඣායී” යැ යන සිත් වෙයි. අඣානියඣායී තෙම එ අරමුණ පරාමර්‍ශ නො කෙරෙමින් ධ්‍යාන කෙරෙයි. කලංකධ්‍යායීහු සම්බන්‍ධ යම් පද කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිපක්‍ෂයෙහි ලා අනුමිත වෙති.
Pali BJTතත්ථ කතමං ඣානකොසල්ලං: සමාපත්තිකොසල්ලං ඣානකොසල්ලං ඣානවිසෙසකොසල්ලං ඣානකොසල්ලං, ඣානන්තරිකකොසල්ලං ඣානකොසල්ලං, සමාපත්තිවුට්ඨානකොසල්ලං ඣානකොසල්ලං, ඣානෙ සභාවකොසල්ලං ඣානකොසල්ලං, ඣානෙ ආදීනවකොසල්ලං ඣානකොසල්ලං ඣානෙ නිස්සරණකොසල්ලං ඣානකොසල්ලං ඣානඵලෙන උපාදායකොසල්ලං ඣානඵලෙන පටිසඞ්ඛානඵලෙ අපරිහානධම්මතා නිබ්බත්තිඣානෙ ච කීළිතාවී{13} විසෙසභාගියං ඣානං පටිලභති{14} ඉදං පනස්සාති භවහාරිතා ච ආරම්මණනිමිත්තගාහො නඅභිනීහාරබලං{15}, චිත්තෙකග්ගතානිමිත්තා සුගතිසහිතා සමථබලෙන අසංසීදනං ච ඣානෙ මග්ගඵලං සමථං පවත්තෙ සමාධිනො උපෙක්ඛා පටිපුබ්බාපරනිමිත්තාසයො පග්ගාහිනො සතිබලං තං පවත්තිතානං ච විපස්සනානං සමඤ්ඤාබලෙ.
Sinhala BJTඑහි ධ්‍යාන කෞශල්‍යය කවරෙ යත්: සමාපත්තියෙහි කුශල බව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යාන විශේෂයෙහි කුශලබව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යානානන්තරික කෞශල්‍යය ධ්‍යාන කෞශල්‍ය යැ, සමවතින් නැඟී සිටීමේ කුශලබව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යාන ස්වභාවයෙහි කුශලබව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යානයෙහි ආදීනව දැනීමේ කුශලබව ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යානයෙහි නිස්සරණ කෞශල්‍යය ධ්‍යාන කෞශල්‍ය යැ, ධ්‍යාන ඵලයෙන් (ග්‍රහණ) කෞශල්‍යය වෙයි. ධ්‍යාන ඵලයෙන් පටිසංඛාන ඵලයෙහි නොපිරිහෙන ස්වභාව ද උපන් ධ්‍යානයෙහි වශී වූයේ ද විශේෂභාගී ධ්‍යානය ලබයි. (ඉදං පනස්සා ... සමඤ්ඤා බලො?)
Pali BJT2-3. තත්ථ කතමා ඣානපාරමිතා: සුපාරමිතා මෙත්තා “කාමෙසු සත්තා කාමසඞ්ගසත්තා”ති යම්හි සුත්තෙ දෙසනාය වොහාරෙන ද්වෙ සච්චානි නිද්දිට්ඨානි දුක්ඛං ච සමුදයො{1} ච. විචයෙන හාරෙන. යෙ සංයොජනීයෙසු ධම්මෙසු වජ්ජං න පස්සන්ති, තෙ ඔඝං තරිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. න තරිස්සන්තීති අත්ථි, එසා යුත්ති ච විචයො ච.
Sinhala BJT2-3. එහි ධ්‍යාන පාරිමිතා (උත්කර්‍ෂයට පැමිණි චතුර්‍ත්‍ථ ධ්‍යාන භාවනාව) කවර යත්: (සුපාර මිතා මෙත්තා?) “කාමෙසු සත්තා කාමසංගසත්තා” යි යම් සූත්‍රයෙක දේශනා ව්‍යවහාරයෙන් දුක්ඛය ද සමුදය ද යන විචය හාරයෙන් දක්වන ලද්දාහු ය. යම් කෙනෙක් සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නොදක්නාහු ද ඔහු කාමාදි ඕඝය තරණය කරන්නාහුය යන තෙල කරුණ නොවේ. තරණය නොකරන්නාහ යන කරුණ ඇත. මේ යුක්ති ද විචය ද වෙයි.
Pali BJT4. ඉදං නු කිස්ස පදට්ඨානං: කාමෙසු සත්තාති: පඤ්ච කාමගුණා තං කාමතණ්හාය පදට්ඨානං, සංයොජනෙ වජ්ජමපස්සමානාති. අවිජ්ජාය පදට්ඨානං, නහිජාතු සංයොජනසඞ්ගසත්තා ඔඝං තරෙයසුං විපුලං මහන්තන්ති: උපාදානස්ස පදට්ඨානං.
Sinhala BJT4. මේ කුමකට පදට්ඨාන ද? කාමෙසු සත්තා යනු පඤ්චකාමගුණයෝ යැ, එය කාම තණ්හාවට පදට්ඨාන යැ. “සංයෝජනෙ වජ්ජමපස්සමානා” යනු අවිජ්ජාවට පදට්ඨාන යැ. “න හි ජාතු සංයෝජනසංගසත්තා ඕඝං තරෙය්‍යුං විපුලං මහන්තං” යනු උපාදානයට පදට්ඨාන යි.
Pali BJT5. කාමෙසු සත්තාති: කාමා ද්විධා වත්ථුකාමා ච කිලෙසකාමා ච, තත්ථ කිලෙසකාමා කාමතණ්හා, කාමතණ්හාය යුත්තා භවන්ති රූපතණ්හා භවතණ්හා, ලක්ඛණෙන හාරෙන, සංයොජනෙ වජ්ජමපස්සමානාති: සංයොජනස්ස, යො තත්ථ ඡන්දරාගො තස්ස කිං පදට්ඨානං: සුඛා වෙදනා ද්වෙ ච ඉන්ද්රියානි, සුඛින්ද්රියං ච සොමනස්සින්ද්රියං ච, ඉති සුඛාය වෙදනාය ගහිතාය තයොපි වෙදනා ගහිතා හොන්ති. වෙදනාක්ඛන්ධෙ ගහිතෙ සබ්බෙ පඤ්චක්ඛන්ධා ගහිතා හොන්ති. රූපසද්දගන්ධරසඵොට්ඨබ්බා ගහිතා, වත්ථුකාමෙසු ගහිතෙසු සබ්බානි ඡ බාහිරානි ආයතනානි ගහිතානි හොන්ති. අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු යො සත්තො{2} අයං වුච්චතෙ ලක්ඛණො හාරො.
Sinhala BJT5. ‘කාමෙසු සත්තා’ යනු කාමයෝ වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි දෙවැදෑරුම් වෙති: එහි ක්ලේශකාමයෝ කාමතණ්හා යැ, ලක්ඛණහාරයෙන් රූපතණ්හා භව තණ්හා (දෙක) කාමතණ්හාව හා යෙදුණාහු වෙති. “සංයෝජනෙ වජ්ජමපස්සමානා” යනු (සංයෝජනස්ස?) එහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද ඒ ඡන්‍දරාගයට කුමක් පදට්ඨාන වෙයි යත්: සුඛවේදනාව ද සුඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය යන ඉන්‍ද්‍රිය දෙක ද පදට්ඨාන වෙති. මෙසේ සුඛවේදනාව ගත් කල්හි තුන් වේදනාවෝ ම ගන්නා ලද්දාහු වෙති. වේදනා ස්කන්‍ධය ගත් කල්හි සියලු පඤ්චස්කන්‍ධයෝ ගන්නා ලද්දාහු වෙති. රූප - සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බා ගන්නා ලද්දාහු වස්තුකාමයන් ගත් කල්හි සියලු සවැදැරුම් බාහිර ආයතනයෝ ගන්නා ලද්දාහු වෙති. අජ්ඣත්තික බාහිර ආයතනයන්හි යමෙක් ඇලුණේ ද (?) මේ ලක්‍ෂණ හාර යයි කියනු ලැබේ.
Pali BJT6. තත්ථ යො ඔළාරිකම්හි කිලෙසෙ අජ්ඣාවසිතො සබ්බකිලෙසෙසු සො{3} න තතො සුඛුමතරෙසු න වීතරාගො භවති. තත්ථ බාහිරසංයොජනං මමන්ති, අජ්ඣත්තසංයොජනං අහන්ති.
Sinhala BJT6. එහි යමෙක් ඖදාරික ක්ලේසයෙහි බැසගෙන සිටියේ ද හේ සියලු ක්ලේශයන්හි (බැසගෙන සිටියේයි.) එයින් ඉතා සියුම් වූ ක්ලේශයන්හි, වීතරාග නො වූයේ වේ. එහි මාගේ යැ යනු බාහිර සංයෝජන යැ. ‘මම’ යැ යනු අධ්‍යාත්ම සංයෝජන යි.
Pali BJTතත්ථ භගවතො කො අධිප්පායො: යෙ ඔඝං තරිතුකාමා තෙ සංයොජනීයෙසු ධම්මෙසු ආදීනවානුපස්සිනො විහරිස්සන්තීති, අයමෙත්ථ භගවතො අධිප්පායො, කාමෙසු සත්තාති යෙසු ච සත්තා, යෙන ච සත්තා, යෙසං ච සත්තා, අයං චතුබභිධො ආකාරො සබ්බෙසං හාරභාගියො.
Sinhala BJTඑහි භාග්‍යවතුන් වහන්සේගේ අධිප්‍රාය කවරෙ යත් ; යම් කෙනෙක් ඕඝය තරණය කරනු කැමැති වෙත් ද ඔහු සංයෝජනීය ධර්‍මයන්හි ආදීනව නුවණින් දකිමින් වාස කරන්නාහු යැ යනු මේ මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අධිප්‍රාය යි. ‘කාමෙසු සත්තා’ යනු යම් වස්තුකාමයන්හි ඇලුණාහු ද යම් ක්ලේශකාමයකින් ඇලුණාහු ද යම් කෙනෙකුන්ගේ හේතුයෙන් ඇලුණාහු ද මේ චතුර්විධ ආකාරය (සබ්බේසං හාරභාගියො?)
Pali BJTතත්ථ කතමානි තීණි විපල්ලාසානි පදට්ඨානානි ච: චිත්තවිපල්ලාසස්ස දිට්ඨිවිපල්ලාසස්ස සඤ්ඤාවිපල්ලාසස්ස තයො විපල්ලාසා තීණි අකුසලමූලානි පදට්ඨානං, තීණි අකුසලමූලානි හීනප්පණිතකාරියකම්මස්ස පදට්ඨානං, චතුන්නං ච උපාදානානං දොසො අකුසලමූලං දිස්සති, හීනප්පණීතකාරියකම්මස්ස පදට්ඨානං, යථා මාතුයා වා පිතුනො වා අඤ්ඤතරස්ස වා පුන උළාරස්ස භික්ඛුනො අභයං දෙති. තත්ථ අඤ්ඤො මිච්ඡාපටිපජ්ජෙය්ය කායෙන වා වාචාය වා. තත්ථ යො බ්යාපාදමුපාදාය තෙසං උළාරානං රක්ඛාවරණගුත්තියා අනුපාලයන්තො යො උළාරානං අභයං දෙති, තෙසං අභයෙ දින්නෙ සො තත්ථ මිච්ඡා පටිපජ්ජෙය්ය. තත්ථ සො ව්යාපාදං උපාදියන්තො{4} දොසජං කම්මං
Sinhala BJTඑහි තුන් විපල්ලාසයෝ ද පදට්ඨානයෝ ද කවරහ යත්: චිත්තවිපල්ලාස දිට්ඨිවිපල්ලාස සඤ්ඤාවිපල්ලාස යයි තුන් විපල්ලාසයෝ වෙති. (ඔවුන්ට) තුන් අකුශල මූලයෝ පදට්ඨාන යැ, තුන් අකුශල මූලයෝ හීන ප්‍රණීතකාර්‍ය වූ කර්‍මයට පදට්ඨාන යැ, සතර උපාදානයන්ට ද දෝස අකුසල මූලය හීන ප්‍රණීත කාර්‍ය වූ කර්‍මයට පදට්ඨාන වූයේ දක්නා ලැබෙයි. ඒ මෙසේ යැ, මවට හෝ පියාට හෝ යළි අන්‍යතර ගුණවත් මහණක්හට හෝ අභය දෙයි, එහි අනෙකෙක් කයින් හෝ වචනයෙන් හෝ අයථායෙන් පිළිපදනේයැ එහි යමෙක් ප්‍රදෝෂය නිසා ඒ උදාර වූවනට රක්‍ෂා වරණ ගෝපනයෙන් පාලනය කරනුයේ වේ ද යමෙක් උදාරයනට අභය දේ ද ඔවුනට අභය දුන් කල්හි යමෙක් ඔවුන් කෙරෙහි අයථායෙන් පිළිපදනේ ද හේ ඔවුන් කෙරෙහි ව්‍යාපාද කරනුයේ දෝසජ වූ අකුශලකර්‍මය කෙරෙයි. (යො තත්‍ථ අසාධු ... නීවරණ වනාහි?) ඔහු සතර උපාදානයෝ වෙති.
Pali BJTකරොති, යො තත්ථ අසාධු ඉන්ද්රියා නීවරණං යං තෙසං අභයං දක්ඛිණතො සඤ්ඤං ඉදං පණීතං කාරණං යො පුන මිච්ඡාපටිපත්ති අයං බ්යාපාදො හීනගමීවකම්මං ලොභො මොහො ච ඉමානි නීවරණවචනාති තානි චත්තාරි උපාදානානි, තෙහි චතුහි උපාදානෙහි යො සො උපාදානො ඉත්ථි වා පුරිසො වා තෙසං පඤ්චක්ඛන්ධානං, තෙයෙව උපාදානා{1} සමුදයො, ඉදං දුක්ඛං ච සමුදයො ච. සොයෙව දෙසනාහාරො.
Sinhala BJTඒ සතර උපාදානයන්ගෙන් යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ උපාදාන සහිත වේ ද ඒ පඤ්ච ස්කන්‍ධයනට (දුක්ඛ?) ඒ උපාදානයෝ මැ සමුදය යි. මේ දුක්ඛය ද සමුදය ද වේ. එය මැ දේසනාහාර යි.
Pali BJT7. තත්ථ කාමෙසු යෙ න රජ්ජන්ති,{2} තෙ ආදීනවානුපස්සනාය පජ්ජන්ති, ඉතිස්ස කාමධාතුයා නික්ඛමිතුකාමතා, අයං වුච්චති. නෙක්ඛම්මච්ඡන්දො, යො තත්ථ අනභිසඞ්ඛාරානං කිඤ්චි විසොධෙති තස්ස ධාවරා වා? අයං අබ්යාපාදච්ඡන්දො, කිඤ්චි න විහිංසති, අයං විහිංසා{3} ඡන්දො ඉති නෙක්ඛම්මාභිනීහතා තයො ඡන්දා, නෙක්ඛම්මච්ඡන්දො අබ්යාපාදච්ඡන්දො අදොසො, අවිහිංසාඡන්දො අමොහො, ඉමානි තීණි කුසලමූලානි අට්ඨසු සම්මත්තෙසු{4} පරහිතානි, තෙසං යෙව චතුන්නං උපාදානානං නිරොධාය සංවත්තන්ති, සචෙ වා පුන කම්මං කරෙය්ය කණ්හං වා සුක්කං වා, තස්ස විපාකහානාය සංවත්තන්ති. ඉදං කම්මං අකණ්හං අසුක්කං කම්මක්ඛයාය සංවත්තති. තත්ථ යො තිණ්ණං අකුසලමූලානං නිරොධො, අයං නිරොධො, සොයෙව ධම්මො තත්ථ පටිපදානි, ඉමානි ද්වෙ සච්චානි, ඉමානි චත්තාරි සච්චානි. ආවට්ටො හාරො.
Sinhala BJT7. එහි යම් කෙනෙක් කාමයන්හි නො ඇලෙත් ද ඔහු ආදීනවානුපස්සනායෙහි යෙදෙති. මෙසේ ඔහුගේ කාමධාතුයෙන් නික්ම යනු කැමැති බව වේ. මේ නෛෂ්ක්‍රම්‍යච්ඡද යයි කියනු ලැබේ. (යො තත්‍ථ ... ධාවරා වා?) මේ අව්‍යාපදච්ඡන්‍ද යැ. කිසිවකුට හිංසා නො කෙරේ ද, මේ අවිහිංසාඡන්‍දය යි. මෙසේ නෛෂ්ක්‍රම්‍යයෙන් එළවන ලද නෙක්ඛම්මච්ඡන්‍ද අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යැ. මෙසේ නෛෂ්ක්‍රම්‍යයෙන් එළවන ලද නෙක්ඛම්මච්ඡන්‍ද අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යැ, මෙසේ නෛෂ්ක්‍රම්‍යයෙන් එළවන ලද නෙක්ඛම්මච්ඡන්‍දය අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යන තුන් ඡන්‍දයෝ වෙති. එහි නෙක්ඛම්මච්ඡන්‍දය අලෝභ යැ, අව්‍යාපාදච්ඡන්‍දය අදෝස යැ, අවිහිංසාඡන්‍දය අමෝහ යි, මේ තුන් කුශලමූලයෝ අෂ්ටසම්මත්තධර්‍මයන්හි සංග්‍රහ වෙති. එ මැ සතර උපාදානයන්ගේ නිරෝධය පිණිස පවත්නාහුය, ඉදින් යලි කෘෂ්ණ වූ හෝ ශුක්ල වූ හෝ කර්‍මයක් කරන්නේ නම්, ඒ කර්‍මයාගේ විපාක හානිය පිණිස පවත්නාහ. අකණ්හ අසුක්ක වූ මේ කර්‍මය කර්‍මක්‍ෂය පිණිස පවතී. එහි තුන් අකුසල මූලයන්ගේ යම් නිරෝධයෙක් ඇද්ද මේ නිරෝධ යැ, ඒ ධර්‍මය මැ එහි ප්‍රතිපදා වේ යැයි මේ (නිරෝධ මග්ග යන) සත්‍යයෝ දෙදෙනා වෙති. මේ (චතුස්සත්‍ය යෝ යි), ආවත්ත හාර යි.
Pali BJT8. “කාමෙසු සත්තා”ති යෙ සෙක්ඛා, තෙ එකෙනෙවාකාරෙන සත්තා, යෙ පුථුජ්ජනා, තෙ ද්වීහාකාරෙහි සත්තා. තත්ථායං{6} පඤ්හො යො විභජ්ජබ්යාකරණීයෙ වත්තබ්බො. කිඤ්චාපි සොතාපන්නො පටිසෙවති,{7} නො ච ඛො අභිනිවෙසෙ සත්තො සො හි{8} අපචයාය පහදති, න උපචයාය සෙක්ඛො හි කිලෙසවසෙන කාමෙ පටිසෙවති. පුථුජ්ජනො පන කිලෙසසමුට්ඨානාය කාමෙ පටිසෙවති. තත්ථ කාමෙසු සත්තානං චතුඔඝං තරිස්සතීති විභජ්ජබ්යාකරණීයො. අයං විභත්ති.
Sinhala BJT8. “කාමෙසු සත්තා” යනු යම් ශෛක්‍ෂ කෙනෙක් වෙත් ද, ඔහු එක් මැ අයුරෙකින් ඇලුණාහු යැ, යම් පුහුදුන් කෙනෙක් වෙත් ද, ඔහු දෙ අයුරෙකින් ඇලුණාහු යැ, එහි මේ ප්‍රශ්නය බෙදා විසදියැ යුතු යයි කියැයුතු යැ, එකෙක් ඇත: ස්‍රෝතාපන්න පුද්ගල (කාමයන්) සේවනය කෙරෙයි, නොද අභිනිවේසයෙන් ඇලුණේ වෙයි, හේ වනාහි අපචය පිණිස වෑයම් කෙරෙයි, උපචය පිණිස නො වේ. ශෛක්‍ෂ වූ කලි කෙලෙස් විසින් කාමයන් යෙවුනේ යැ, පුහුදුන් පුද්ගල වැලිත් ක්ලේශයන් ඉපැදීම පිණිස කාමයන් සේවන කෙරෙයි. එහි කාමයන්හි ඇලුණවුන්ගේ චතුරෝඝ තරණය කරන්නේ යැ යන කරුණ විභාග කොට විසඳියැ යුත්තේ යි. විභත්තිහාර යි.
Pali BJT9. ‘පරිවත්තනො’ති කාමෙ යෙ නෙව සජ්ජන්ති න ච සංයොජනෙහි සංයුත්තා, තෙ ඔඝං තරිස්සන්ති විපුලං මහන්තන්ත’න්ති. අයං සුත්තස්ස පටිපක්ඛො.
Sinhala BJT9. “පරිවත්තන” යනු යම් කෙනෙක් කාමයන්හි නො මැ ඇලෙත් ද, සංයෝජනයන් හා නො යෙදෙත් ද, ඔහු විපුල වූ මහත් වූ ඕඝය තරණය කරන්නාහු යැ, යන මේ සූත්‍රයාගේ ප්‍රතිපක්‍ෂ යි.
Pali BJT10. ‘වෙවචන’න්ති යො කාමෙසු සත්තො යො ච තත්ථ කාමානං ගුණො තත්ථ විසො සත්තො යෙපි කාමානං ආහාරා ධම්මා තත්ථ විසො සත්තො තත්ථිමං කාමානං වෙවචනං, පංකො රාජො සල්ලං ගණ්ඩො ඊති උපද්දවොති. යානි වා පන අඤ්ඤානි වෙවචනානි. තත්ථ විසො සත්තොති වෙවචනං සත්තො බන්ධො මුච්ඡිතො ගථිතො{9} අජ්ඣොසිතො කාමෙ අජ්ඣාපන්නො පරිමුත්තො තබ්බහුලවිහාරීති. යානි වා පන අඤ්ඤානි වෙවචනානි, අයං වෙවචනො නාම.
Sinhala BJT10. “වෙවචන” යනු ; යමෙක් කාමයන්හි ඇලුණේ ද, එහි යම් කාමගුණයෙකුත් වේ ද, එහි පිවිසියේ ඇලුණේ වෙයි. කාමයන්ට ආහාර වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, එහි පිවිසියේ ඇලුණේ වෙයි, එහි මේ කාමයන්ට වෙවචන යැ: ‘පාක යැ රජස් යැ ශල්‍ය යැ ගණ්ඩ යැ ඊති යැ උපද්‍රව’ යැයි යළි යම් අන්‍යත් වෙවන කෙනෙක් ඇද්ද ඔහු’යි. එහි පිවිසියේ යනු වෙවචන යි. ‘සත්ත යැ බන්‍ධ යැ මුච්ඡන යැ ගථිත යැ අජ්ඣෝසීත යැ කාමයෙහි අජ්ඣාපන්න යැ පරිමුත්ත යැ තබ්බහුල විහාරි යැයි, යළි යම් අන්‍යක් වෙවචින වෙත් ද ඔහු යි, මේ වෙවචන” නමි.
Pali BJT11. කාමප්පචාරපඤ්ඤත්තියා කිලෙසගොචරපඤ්ඤත්තියා පඤ්ඤත්තං{1} චිත්තන්ති වෙවචනං, සත්තො තබ්බහුලවිහාරීති යානා වා පන අඤ්ඤානි. ඉමෙ කාමප්පචාරපඤ්ඤත්තියා කිලෙසගොචරපඤ්ඤත්තියා පඤ්ඤත්තා බීජපඤ්ඤත්තියා පඤ්ඤත්තා, සඞ්ඛාරා සංයොජනපඤ්ඤත්තියා පඤ්ඤත්තා, උපාදානං හෙතූපඤ්ඤත්තියා පඤ්ඤත්තං, පුග්ගලො පුග්ගලපඤ්ඤත්තියා පඤ්ඤත්තො.
Sinhala BJT11. කාමෝපචාරපඤ්ඤත්තියෙන් ක්ලේශගෝචර ප්‍රඥප්තියෙන් පනවන ලද ‘චිත්ත’ යනු වෙවචන යැ, ‘සත්ත’ යැ ‘තබ්බහුලවිහාරී’ යනු ද යළි යම් අන්‍යත් වෙවචන වෙත් ද මොහු කාමෝපචාර පණ්ණත්තියෙන් ක්ලේසගෝචර පඤ්ඤත්තියෙන් වීජපඤ්ඤත්තියෙන් පනවන ලද්දාහු යැ, සංස්කාරයෝ සංයෝජන පඤ්ඤත්තියෙන් පනවන ලදහ, උපාදානය හේතුපඤ්ඤත්තියෙන් පනවන ලද, පුද්ගල පුග්ගල පඤ්ඤත්තියෙන් පනවන ලදි.
Pali BJT12. ඔතරණො’ති ඉමාය පටිච්චසමුප්පාදො දුක්ඛං ච සමුදයො ච. යෙ කිලෙසා යෙ සඞ්ඛාරා සංයොජනානි ච පඤ්චසු ඛන්ධෙසු සඞ්ඛාරක්ඛන්ධො ධම්මායතනෙසු අකුසලා ධම්මායතානි, ඉන්දියෙසු සුඛින්ද්රියං ච, සොමනස්සින්ද්රියං ච. අයං ඉන්දියොතරණො:
Sinhala BJT12. “ඕතරණ” යනු මේ දේශනායෙන් පටිච්චසමුප්පාදයෙ, දුක්ඛ සත්‍යය හා සමුදය සත්‍යය ද, යම් කෙලෙස් කෙනෙක් යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔහු ද, සංයෝජනයෝ ද, පඤ්චස්කන්‍ධයන් කෙරෙහි සංස්කාර ස්කන්‍ධය ද, ධර්‍මායතනයන් කෙරෙහි අකුශලධර්‍මායතනයෝ ද, ඉන්‍ද්‍රියයන් කෙරෙහි සුඛින්‍ද්‍රිය හා සෝමනස්සින්‍ද්‍රිය ද, දැක්විය යුත්තාහ. මේ ඉන්‍ද්‍රියෝ තරණ ය.
Pali BJT13. සොධනොති එත්තකො, එසෙව ආරම්භො නිද්දිසිතබ්බො සුත්තත්ථො.
Sinhala BJT13. “සෝධන” යනු මෙතෙක් මෙ මැ දැනගනු කැමැති අර්‍ත්‍ථ සංඛ්‍යාත ආරම්භය ශුද්ධ යැ, සූත්‍රාර්‍ත්‍ථය දැක්වියැ යුතු.
Pali BJT14. ‘අධිට්ඨානො’ති ඉමෙ ධම්මා අත්ථි එකත්තතාය පඤ්ඤත්තා, අත්ථි වෙමත්තතාය. යෙ සඤ්ඤා බාහිරො කාමෙ? තෙ වෙමත්තතාය පඤ්ඤත්තා. පඤ්චසු කාමගුණෙසු සත්තාති පරියුට්ඨානවිපල්ලාසා වෙමත්තතාය පඤ්ඤත්තා. ‘ඔඝං තරෙය්යුං විපුලං මහත්ත’න්ති අවිජ්ජා එකත්තතාය පඤ්ඤත්තා.
Sinhala BJT14. “අධිට්ඨාන” යනු මේ ධර්‍මයෝ (සාමාන්‍යයෙන් දේසිත හෙයින්) එකත්තතායෙන් පනවන ලද්දාහු ඇත, විසේසදෙසින වූ වේමත්තතායෙන් පනවන ලද්දාහු ඇති, බාහිර කාමයෙහි යම් සංඥා කෙනෙක් ඇද්ද (?) ඔහු වේමත්තතායෙන් (වෙසෙසින්) පනවන ලදහ. පස්කම් ගුණයෙන් ශක්ත වූහ’යි පරියුට්ඨාන විපල්ලාසයෝ වේමත්තතායෙන් පනවන ලදහ. ඕඝං තරෙය්‍යුං විපුලං මහන්තං යි අවිද්‍යාව ඒකක්තතායෙන් පනවන ලදු.
Pali BJT15. ‘පරික්ඛාරො’ති තස්ස කො හෙතු කො පච්චයො: ආරම්මණපච්චයතාය පච්චයො. අයොනිසො ච මනසිකාරො සන්නිස්සයස්ස පච්චයතාය පච්චයො. අවිජ්ජා සමනන්තරපච්චයතාය පච්චයො. රාගානුසයො හෙතුපච්චයතාය පච්චයො. අයං හෙතු, අයං පච්චයො.
Sinhala BJT15. “පරික්ඛාර” යනු ඒ ධර්‍මයට හේතු කවරෙ යැ ප්‍රත්‍යය කවරෙ යැ; ආරම්මණ ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි, අයෝනිසෝමනසිකාරය සන්නිශ්‍රය ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි, අවිද්‍යාව සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වෙයි. රාගානුසය හේතු ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. මේ හේතු යැ. මේ ප්‍රත්‍යය යි.
Pali BJT16. සමාරොපනො පච්චයො’ති යෙ කාමෙසු සත්තා සුගතා සුරූපා”ති අයං කාමධාතුයා ඡන්දො රාගො, තෙ අපුඤ්ඤමයා සඞ්ඛාරා. තෙ කිංපච්චයා, අවිජ්ජාපච්චයා. තෙ කිස්ස පච්චයා, විඤ්ඤාණස්ස පච්චයා. ඉති අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං. -පෙ- (යාව ජරාමරණං) එවමෙතස්ස කෙවලස්ස මහතො දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. (එකං සුත්තං ගතං. පඤ්චනීවරණීකං සුත්තං කාතබ්බං.)
Sinhala BJT16. “සමාරෝපණපච්චය” යනු යම් සංඛාර කෙනෙක් “කාමෙසු සත්තා සුගතා සුරූපා” යි මේ කාමධාතුයෙහි ඡන්‍ද යැ රාග යැ, ඔහු අපුණ්‍යමය සංඛාරයෝ යැ, ඔහු කුමක් ප්‍රත්‍යය කොට ඇත්තාහු ද: අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. ඔහු කුමකට ප්‍රත්‍යය වෙත් ද: විඥ්ඥානයට ප්‍රත්‍යය වෙති. මෙසේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥ්ඥානය වෙයි. ... (ජරාමරණ දක්වා විස්තර කළ යුතු යැ.) මෙසේ තෙල කේවල වූ මහත් වූ දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ. (තෙල සූත්‍රය කාමච්ඡන්‍ද වශයෙන් කියන ලද, පඤ්චනීවරණික කොට සූත්‍රය විස්තර කළ යුතු).
Pali BJT7. 3.
Sinhala BJT7. 3.
Pali BJT1. තත්ථ කතමො දෙසනාහාරො නාම: යා ච අභිජ්ඣා යො ච බ්යාපාදො යං ච උද්ධච්චං, අයං තණ්හා, යං ච ථිනමිද්ධං යං ච කුක්කුච්චං යා ච විචිකිච්ඡා, අයං දිට්ඨි. යා පන කායස්ස අකම්මනියතා කිඤ්චාපි තං මිද්ධං, නො තු සභාවකිලෙසතාය කිලෙසො, ඉති යා ච චිත්තසල්ලීයනා යා ච{2} කායකම්මනියතා{3} අයං පක්ඛෙපකිලෙසො{4} න තු සභාවකිලෙසො, තත්ථ අත්තසඤ්ඤානුපචිතං කිලමථො.
Sinhala BJT1. එහි දේසනාහාර නම් කවරෙ යැ: යම් අභිධ්‍යාවක් යම් ව්‍යාපාදයෙක් යම් උද්ධච්චයෙක් වේ ද, මේ තණ්හා යැ, යම් ථීනමිද්ධයෙක් යම් කුක්කුච්චයෙක් යම් විචිකිච්ඡාවක් වේ ද මේ දිට්ඨි යැ. යළි නාමකායයාගේ යම් අකර්‍මණ්‍ය බවක් වේ ද, එය මිද්ධය වූයේ නමුදු ස්වභාවක්ලේශතායෙන් ක්ලේශයෙක් නො වේ. මෙසේ යම් චිත්තයාගේ හැකුළුණු බවකුත් යම් කාය අකර්‍මණ්‍ය බවකුත් වේ ද, මේ ප්‍රක්‍ෂේපක්ලේශයෙක, ස්වභාවක්ලේශයෙක් නො වේ. එහි ආත්මසංඥායෙන් අනුපචිත වූයේ ක්ලමථු යැ,
Pali BJTකුක්කුච්චානුපචිතං{1} ථීන, යා චිත්තස්ස ලීයනා, ඉති ඉමෙ පඤ්ච, නීවරණා චත්තාරි නීවරණානි සභාවකිලෙසා, ථීනමිද්ධා නීවරණපක්ඛෙපකිලෙසො. යථා චත්තාරො ආසවා සභාවආසවතාය ආසවා, නො කු චිත්තසාසවතාය ආසවා සභාවතාය ආසවා. පක්ඛෙප{2} ආසවතාය ආසවා. අථ පනාහ. සුක්කන්තං යෙන තෙ සම්පයුත්තා වා විප්පයුත්තා වා ආසවා, තෙයෙව එතෙ වත්තබ්බා සාසවා වා අනාසවා වා.
Sinhala BJTකුක්කුච්චයෙන් අනුපචිත වූයේ චිත්තයාගේ හැකිළීම වූ ථීන යැ. මෙසේ මේ පඤ්චනීවරණයෝ සතර නීවරණ වූවාහු ස්වභාව ක්ලේශයෝ යැ. ථීනමිද්ධය නීවරණයෙහි ලා ප්‍රක්‍ෂේපක්ලේශයෙකි. යම්සේ සතර ආස්‍රවයෝ ස්වභාවආස්‍රවතායෙන් ආස්‍රව වෙත් ද, එතෙකුදු වත් චිත්තයාගේ සාස්‍රවතායෙන් ආස්‍රව නොවූවාහු ස්වභාවතායෙන් ආස්‍රව වෙත් ද, (පකෙඛ?) ආස්‍රවභාවයෙන් ආස්‍රව වෙත්, එයින් කීහ: (සුත්තං තං ... සාසවා වා අනාසවා වා?)
Pali BJT2. තත්ථ කතමො විචයො: අභිජ්ඣා කාමතණ්හා රූපතණ්හා භවතණ්හා. යං වා පන කිඤ්චි අජ්ඣොසානගතං සාසවං අභිජ්ඣිතස්ස මෙත්තානුපස්සිය යො{3} අනත්ථං චරති, තත්ථ යො බ්යාපාදං උප්පාදෙති, අචරි චරිස්සතීති. එවං පන ආඝාතවත්ථූනි කත්තබ්බානි.
Sinhala BJT2. එහි විචය කවරෙ යත්: අභිධ්‍යාව කාමතණ්හා යැ රූපතණ්හා යැ භවතණ්හා යි. යළි යම් කිසි අධ්‍යවසානයට ගිය සාස්‍රව වූ හටගත් අභිධ්‍යා ඇත්තකුගේ මෛත්‍රිය දැක යමෙක් අනර්‍ත්‍ථ කෙරේ ද, එහි යමෙක් ව්‍යාපාදය උපදවා ද, අනර්‍ත්‍ථ කළේය, කරන්නේ යයි. මෙසේ ආඝාතවස්තු විස්තර කළයුත්තාහු ය.
Pali BJT3. තස්සෙවං බ්යාපාදානුපස්සිස්ස{2} කිලෙසො යො පරිදාහො කායකිලමථො අකම්මනියතා මිද්ධං චිත්තානුපස්සිස්ස පටිඝාතෙන ඛීයනා{4} ඉදං ථීනමිද්ධං.{5} තත්ථ අධිකරණඅවුපසමො, ඉදං උද්ධච්චං. යං කිං කථමීති{6} ඉදං කුක්කුච්චං. යං යථා ඉදං සන්තීරණං, අයං විචිකිච්ඡා.
Sinhala BJT3. මෙසේ ව්‍යාපාදය දක්නා වූ ඔහුගේ ක්ලේශය යම් පරිදාහයෙක් කායක්ලමථුවක් අකර්‍මණ්‍යතායෙක් මිද්ධයක් වේ ද, චිත්තානුදර්ශී වූවහුගේ කෝපයෙන් දොස් පහළ කිරීමෙක් වේ ද, මේ ථීනමිද්ධ යැ, එහි අධිකරණයාගේ නොසන්හිඳීමෙක් වේ ද, මේ උද්ධච්ච යැ, යමක් කිමෙක කෙසේ ද? යන මේ කුක්කුච්ච යැ, යමක් මේ යම්සේ ද, එබඳු යයි යම් සන්තීරණයක් වේ ද මේ විචිකිච්ඡා යි.
Pali BJT4. තත්ථ අවිජ්ජා ච තණ්හා ච අත්ථි, ඉදං පරියුට්ඨානං. ආවරණං නීවරණං ඡදනං උපක්කිලෙසො ච අත්ථි, ඉදං කාමච්ඡන්දො කාමරාගපරියුට්ඨානස්ස පදට්ඨානං. බ්යාපාදො බ්යාපාදපරියුට්ඨානස්ස පදට්ඨානං. ථීනමිද්ධං ථීනමිද්ධපරියුට්ඨානස්ස පදට්ඨානං. උද්ධච්චකුක්කුච්චං අවිජ්ජාපරියුට්ඨානස්ස පදට්ඨානං, විචිකිච්ඡා විචිකිච්ඡාපරියුට්ඨානස්ස පදට්ඨානං, කාමරාගපරියුට්ඨානං අනුසයසංයොජනස්ස පදට්ඨානං, බ්යාපාදපරියුට්ඨානං පටිඝසංයොජනස්ස පදට්ඨානං, ථීනමිද්ධපරියුට්ඨානං මානසංයොජනස්ස පදට්ඨානං. අවිජ්ජාපරියුට්ඨානං ච විචිකිච්ඡාපරියුට්ඨානං ච දිට්ඨිසංයොජනසස පදට්ඨානං.
Sinhala BJT4. එහි අවිද්‍යාව ද තෘෂ්ණාව ද ඇත, මේ පරියුට්ඨාන යැ, ආවරණ නීවරණ ඡදන උපක්ලේශ ද ඇත. මේ කාමච්ඡන්‍දය කාමරාග පරියුට්ඨානයට පදට්ඨාන යැ, ව්‍යාපාදය ව්‍යාපාදපරියුට්ඨානයට පදට්ඨාන යැ, ථීනමිද්ධය ථිනමිද්ධපරියුට්ඨානයට පදට්ඨාන යැ, උද්ධච්චකුක්කුච්චය අවිද්‍යා පරියුට්ඨානයට පදට්ඨාන යැ, විචිකිච්ඡාව විචිකිච්ඡාපරියුට්ඨානයට පදට්ඨාන යැ, කාමරාගපරියුට්ඨානය අනුසය සංයෝජන දෙකට පදට්ඨාන යැ, ව්‍යාපාදපරියුට්ඨානය ප්‍රතිඝසංයෝජනයට පදට්ඨාන යැ, ථිනමිද්ධ පරියුට්ඨානය මානසංයෝජනයට පදට්ඨාන යැ, අවිඡ්ජාපරියුට්ඨානය හා විචිකිච්ඡාපරියුට්ඨානය ද දිට්ඨිසංයෝජනයට පදට්ඨාන යි.
Pali BJT5. තත්ථ කතමො ලක්ඛණො හාරො: කාමරාගපරියුට්ඨානෙ වුත්තෙ සබ්බානි පරියුට්ඨානානි වුත්තානි හොන්ති{7}, සංයොජනෙසු වුත්තෙසු සබ්බසංයොජනානි වුත්තානි හොන්ති. අයං ලක්ඛණො හාරො.
Sinhala BJT5. එහි ලක්ඛණහාර කවරේ යැ: කාමරාගපරියුට්ඨානය කී කල්හි සියලු පරියුට්ඨානයෝ කියනලද්දාහු වෙති. සංයෝජනයන් කී කල්හි සියලු සංයෝජනයෝ කියන ලද්දාහු වෙත්. මේ ‘ලක්ඛණහාර’ යි.
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: යෙ ඉමෙ පඤ්ච නීවරණාඣානපටිපක්ඛො, සො දුක්ඛසමුදයො. යං ඵලං, ඉදං දුක්ඛං. තත්ථ කාමච්ඡන්දස්ස නෙක්ඛම්මවිතක්කො. පටිපක්ඛො. බ්යාපාදස්ස අබ්යාපාදවිතක්කො පටිපක්ඛො. තිණ්ණං නීවරණානං අවිහිංසාවිතක්කො පටිපක්ඛො. ඉති ඉමෙ තයො විතක්කා, නෙක්ඛකම්මවිතක්කො සමාධික්ඛන්ධං භජති, අබ්යාපාදවිතක්කො සීලක්ඛන්ධං භජති, අවිහිංසාවිතක්කො පඤ්ඤාක්ඛන්ධං භාජති. ඉමෙ තයො ඛන්ධා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො, නීවරණප්පහානාය සංවත්තති, යං නීවරණප්පහානං, අයං නිරොධො. ඉමානි චත්තාරි ධම්මානි. අයං චතුබ්යූහො හාරො.
Sinhala BJT6. එහි චතුබ්‍යුහහාර කවරෙ යත්: යම් මේ පඤ්ච නීවරණ කෙනෙක් ධ්‍යානයට ප්‍රතිපක්‍ෂ ද හේ දුක්ඛසමුදය යැ, (එහි) යම් ඵලයක් ඇද්ද මේ දුක්ඛ යැ, එහි කාමච්ඡන්‍දයට නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය ප්‍රතිපක්‍ෂ යැ, ව්‍යාපාදයට අව්‍යාපාදවිතර්‍කය ප්‍රතිපක්‍ෂ යැ, (ඉතිරි) තුන් නීවරණයන්ට අවිහිංසාවිතර්‍කය ප්‍රතිපක්‍ෂ යි. මෙසේ මේ තුන් විතර්‍කයෝ යි. නෙක්ඛම්ම විතර්‍කය සමාධිස්කන්‍ධය බෙජෙයි. අව්‍යාපාද විතර්‍කය ශීලස්කන්‍ධය බෙජෙයි. අවිහිංසාවිතර්‍කය ප්‍රඥාස්කන්‍ධය බෙජෙයි. මේ තුන් ස්ක්නධයෝ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය යි. එහි නීවරණප්‍රහාණය පිණිස පවතී. යම් නීවරණප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධ යි. මේ සතර ධර්‍මයෝ වෙත්, මේ චතුබ්‍යුහ හාර යි.
Pali BJT7. තත්ථ කතමො ආවට්ටො හාරො: පඤ්චනීවරණානි. දස භවන්ති යදපි අජ්ඣත්තං සාරජ්ජති, තදපි නීවරණං. යදපි බහිද්ධා සාරජ්ජති, තදපි නීවරණං. එවං යාව විචිකිච්ඡා, ඉමෙ දස නීවරණා. අජ්ඣත්තබහිද්ධා කිලෙසා, ඉමානි ද්වෙ සංයොජනානි අජ්ඣත්තසංයොජනං ච බහිද්ධාසංයොජනං ච. තත්ථ අහන්ති අජ්ඣත්තං, මමන්ති බහිද්ධා. සක්කායදිට්ඨි අජ්ඣත්තං, එකසට්ඨි දිට්ඨිගතානි බහිද්ධා. යො අජ්ඣත්තං ඡන්දරාගො රූපෙසු අවීතරාගො භවති අවීතච්ඡන්දො. එවං යාව විඤ්ඤාණෙ, අයං අජ්ඣත්තා තණ්හා. යං ඡසු බාහිරෙසු ආයතනෙසු තීසු ච භවෙසු අජ්ඣොසානං, අයං බහිද්ධා තණ්හා ඉමානි ද්වෙ සච්චානි සංයොජනානි සංයොජනීයා ච ධම්මා, තත්ථ සංයොජනියෙසු{1} ධම්මෙසු යා නිබ්බිදානුපස්සනා ච, අයං මග්ගො. යං සංයොජනප්පහානං අයං නිරොධො, අයං ආවත්තො හාරො.
Sinhala BJT7. එහි ‘ආවත්තහාර’ කවරෙ යැ: පඤ්චනීවරණයෝ දස නීවරණ කෙනෙක් වෙති. අධ්‍යාත්ම වස්තුයෙහි යම් දැඩි ඇලීමෙක් වේ ද, එ ද නීවරණ යැ, බාහිර වස්තුයෙහි යම් දැඩි ඇලීමෙකුත් වේ ද, එ ද නීවරණ යි. විචිකිච්ඡාව දක්වා මෙසේ යැ, මේ දස නීවරණයෝ යි. යම් අධ්‍යාත්ම බාහිර ක්ලේශයෝ වෙත් ද මොහු අධ්‍යාත්ම සංයෝජන ද බහිද්ධාසංයෝජන දැයි සංයෝජනයෝ දෙදෙනෙක් වෙති. එහි ‘මම’ යැ යනු අධ්‍යාත්ම යැ, ‘මාගේ’ යැ යනු බාහිර සංයෝජන යි. සත්කායදෘෂ්ටිය ආධ්‍යාත්ම යැ, එක්සැටක් දෘෂ්ටීහු බාහිරයෝ යි. අධ්‍යාත්ම රූපයන්හි යම් ඡන්‍දරාගයෙක් අවිගත රාගයෙක් අවිගත ඡන්‍දයෙක් වේ ද එයයි. ‘විඤ්ඤාණය’ දක්වා මෙසේ යි. මේ අධ්‍යාත්ම තෘෂ්ණා යි. සවැදැරුම් බාහිර ආයතනයන්හි ද තුන් භවයන්හි ද යම් බැසගෙන සිටීමෙක් වේ ද, මේ බාහිර තෘෂ්ණා යි. සංයෝජනයෝ ද සංයෝජනිය ධර්‍මයෝ ද යන මොහු (සමුදය දුක්ඛ යන) සත්‍යයෝ දෙදෙන වෙති. එහි සංයෝජනිය ධර්‍මයන්හි යම් බලවත් විදර්‍ශනාවක් වේ ද මේ මාර්‍ග යැ. යම් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධ යි. මේ ආවත්තහාර යි.
Pali BJT8. තත්ථ කතමො විභත්තිහාරො: සංයොජනන්ති න එතං එකංසෙන, මානසංයොජනං දිට්ඨිභාගියන්ති න තං එකංසෙන අදිට්ඨමානං නිස්සාය මානං න පජහති. යො පඤ්ච උද්ධම්භාගියො මානො කිඤ්චාපි සො දිට්ඨිපක්ඛෙ සියා, න තු ඔරම්භාගියං සංයොජනං තස්ස පහානාය සංවත්තතීති. යො ච අහංකාරො න පවිද්ධො, යං පනස්ස එවං හොති, කදාසු නාමාහං තං සන්තං ආයතනං සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාමි. යං අරියා සන්තං ආයතනං උපසම්පජ්ජ විහරිස්සන්තීති. අයං අභිජ්ඣා න ච තං නීවරණං. අත්ථි පන අරහතො කායකිලෙසමිද්ධං ච ඔක්කමති, න ච තං නීවරණං තස්ස ථීනමිද්ධං නීවරණන්ති න එකංසෙන, අයං විභත්තිහාරො.
Sinhala BJT8. එහි “විභත්තිහාර” කවරෙ යැ: (සංයෝජනන්ති ... අයං විභන්තිහාරො?)
Pali BJT9. පරිවත්තනොති: පඤ්ච නීවරණා පඤ්චඞ්ගිකෙන ඣානෙන පහානං ගච්ඡන්ති, අයං තෙසං පටිපක්ඛො නීවරණො අසුකස්ස අයං තෙසං පටිපක්ඛො නීවරණො අසුකස්ස පහීනාති න අඤ්ඤානුමිනිතබ්බං, පරමත්ථමජ්ඣතනං, අයං පරිවත්තනා.
Sinhala BJT9. “පරිවත්තන” යනු: පඤ්චනීවරණයෝ පඤ්චාඞ්ගිකධ්‍යානයෙන් ප්‍රහාණයට යෙති. මේ ඒ අංගයන්ට ප්‍රතිපක්‍ෂ නීවරණය අසුවල්හට ප්‍රහීණ යයි (න අඤ්ඤානුමිනිතබ්බං පරමත්‍ථමජ්ඣත්තං?) මේ පරිවත්තනහාර යි.
Pali BJT10. තත්ථ කතමො වෙවචනො: කාමච්ඡන්දො ඡන්දරාගො පෙමං නිකන්තීති වෙවචනං. නීවරණං ඡදනං උපක්කිලෙසො පරියුට්ඨානන්ති වෙවචනං.
Sinhala BJT10. එහි ‘වෙවචනහාර’ කවරෙ යැ: කාමච්ඡන්‍ද යැ ඡන්‍දරාග යැ පෙම යැ නිකන්ති යැ යනු වෙවචන යි. නීවරණ යැ ඡදන යැ උපක්කිලේස යැ පරියුට්ඨාන යැ යනු වෙවචන යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT“තනෝ නං සුඛමන්වෙති” යි බුදුහු කවරකු දක්වනසේක් ද යත්: (අත්තසච්චං?) ඒ කර්‍මයාගේ විපාකය නො මැ අනුව යෙයි, ඔහුගේ උපාය අනුව යෙයි? යම් කලෙක සිනාසීම් හේතුයෙන් සොම්නස උපදී ද එකල අවිප්‍රතිසාරය ද ඔහු අනුව යෙයි. මේ ‘සමාරොපනහාර’ යි.
Pali BJT11. පඤ්ඤත්තීති: අවිජ්ජාපච්චයා කිච්චපඤ්ඤත්තියා පඤ්ඤත්ති’ බ්යාපාදො වික්ඛෙපඤ්ඤත්තියා පඤ්ඤත්ති, ථීනමිද්ධං අසමුග්ඝාතපඤ්ඤත්තියා පඤ්ඤත්ති. එවං සබ්බෙපි එතෙ පඤ්ච නීවරණා ඉමම්හි සුත්තෙ වික්ඛෙපපඤ්ඤත්තියා පඤ්ඤත්ති.
Sinhala BJT11. “පඤ්ඤත්ති” යනු: අවිද්‍යාප්‍රත්‍යයෙන් (සංස්කාර) කෘත්‍යප්‍රඥප්තියෙන් පැනවීම යැ, ව්‍යාපාදය වික්‍ෂේපප්‍රඥප්තියෙන් පැනවීම යැ, ථීනමිද්ධය අසමුද්ඝාත ප්‍රඥප්තියෙන් පැනවීම යැ, මෙසේ සියලු මැ තෙල පඤ්ච නීවරණයෝ මේ සූත්‍රයෙහි වික්‍ෂේපප්‍රඥප්තියෙන් පැනවීම වේ.
Pali BJT12. තත්ථ කතමො ඔතරණො: ඉමෙ පඤ්ච නීවරණා අවිජ්ජා ච, තණ්හා ච, තත්ථ අවිජ්ජාමූලා නීවරණා යා තණ්හා ඉමෙ සඞ්ඛාරා, තෙ අවිජ්ජාපච්චයා, ඉමෙ ද්වෙ ධම්මා පඤ්චසු ඛන්ධෙසු සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා, ආයතනෙසු ධම්මායතනං, ධාතුසු ධම්මධාතු, ඉන්ද්රියෙසු ඉමෙසං ධම්මානං පදට්ඨානං සුඛින්ද්රියස්ස ච සොමනස්සින්ද්රියස්ස ච ඉත්ථින්ද්රියස්ස ච පුරිසින්ද්රියස්ස ච
Sinhala BJT12. එහි “ඕතරණහාර” කවරෙ යැ: මේ පඤ්ච නීවරණයෝ අවිද්‍යාව ද තෘෂ්ණාව ද (මුල් කොට ඇත්තාහ.) එහි අවිද්‍යාව මුල් කොට ඇත්තාහු නීවරණයෝ යැ, යම් තෘෂ්ණාවක් ඇද්ද මොහු සංස්කාරයෝ යැ, ඒ සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ, මේ ධර්‍මයෝ දෙදෙන පඤ්ච ස්කන්‍ධයන් කෙරෙහි සංස්කාරස්කන්‍ධයෙහි බැසගෙන සිටියාහුය, ආයතනයන් කෙරෙහි ධර්‍මායතන යැ, ධාතුන් කෙරෙහි ධර්‍මධාතු යැ, ඉන්‍ද්‍රියයන් කෙරෙහි සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද ඉත්‍ථින්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රිය ද යන මේ ධර්‍මයන්ට පදට්ඨාන යි.
Pali BJT13. තත්ථ කතමො සොධනො හාරො: ඉදං සුත්තං යථා ආරබ්භ නික්ඛිත්තං සො අත්ථො භාසිතො ඉමෙහි පඤ්චහි පදෙහි.
Sinhala BJT13. එහි ‘සෝධනහාර’ කවරෙ යැ: මේ සූත්‍රය යමක් අරබයා වදාරන ලද ද, ඒ අර්‍ත්‍ථය මේ පස්පදයෙන් වදාරන ලදී.
Pali BJT14. තත්ථ කාමච්ඡන්දො ච බ්යාපාදො ච විචිකිච්ඡා ච න එකත්තතාය පඤ්ඤත්තා. කාමාති න එකත්තතාය පඤ්ඤත්තා, අථ ඛලු වෙමත්තතාය පඤ්ඤත්තා. අයං අධිට්ඨානො හාරො.
Sinhala BJT14. එහි කාමච්ඡන්‍දය ද ව්‍යාපාදය ද විචිකිච්ඡාව ද සාමාන්‍යයෙන් (සමානභාවයෙන්) නො පනවන ලද ‘කාමා’ යනු එකත්තතායෙන් නො පනවන ලද, වැලි වේමත්තතා (විශේෂභාව) යෙන් පනවන ලදි. මේ ‘අධිට්ඨානහාර’ යි.
Pali BJT15. තත්ථ කතමො පරික්ඛාරො: කාමච්ඡන්දස්ස අයොනිසො මනසිකාරො සුභාරම්මණපච්චයො, සුභනිමිත්තං ච හෙතු බ්යාපාදස්ස අයොනිසො මනසිකාරො ආඝාතවත්ථූනි ච පච්චයො, පටිඝානුසයො හෙතු. ථීනමිද්ධස්ස පටිසංහාරො පච්චයො, පවත්තියා කිලමථා චලනා තං ච හෙතු. උද්ධච්චකුක්කුච්චස්ස රජනීයං{1} ආරම්මණං{2} අස්සාදියාකින්දියං තාව අපරිපුණ්ණං ඤාණං පච්චයො, කාමසඤ්ඤා ච දිට්ඨිඅනුසයො ච හෙතු. විචිකිච්ඡාය නව මානවිධා ආරම්මණං මානානුසයො, සොව පච්චයො, විචිකිච්ඡානුසයො හෙතු. එතෙ පඤ්ච ධම්මා සහෙතු සප්පච්චයා උප්පජ්ජන්ති.
Sinhala BJT15. එහි “පරික්ඛාරහාර” කවරෙ යැ: කාමච්ඡන්‍දයට ශුභාලම්බනය ප්‍රත්‍යය කොට ඇති අයෝනිසෝමනසිකාරය ද ශුභනිමිත්ත ද හේතු යැ, ව්‍යාපාදයට අයෝනිසෝමනසිකාරය ද ආඝාතවස්තු ද ප්‍රත්‍ය යැ, පටිඝානුසය හේතු වෙයි. ථීනමිද්ධයට (කාය - චිත්තයන්ගේ) හැකිළිම ප්‍රත්‍ය යැ, ප්‍රවෘත්තියෙහි, ක්ලමථුව ද චලනය ද හේතුයි. උද්ධච්චකුක්කුච්චයට ඇලුම් කටයුතු ආලම්බනය ද (අස්සාදියාකින්‍ද්‍රියං?) නො පිරිපුන් නුවණ ද ප්‍රත්‍ය යැ, කාමසංඥාව ද දෘෂ්ටිඅනුශය ද හේතු යි. විචිකිච්ඡාවට නව මානයට ආලම්බන වූ මානානුස්සය ද (සෝව?) ප්‍රත්‍ය යැ, විචිකිච්ඡානුසය හේතු යි. මේ පඤ්ච ධර්‍මයෝ සහේතු සප්‍රත්‍යය වැ උපදනාහුයි.