Pali BJTතත්ථ කො ධාතුඅත්ථො වුච්චතෙ: අවයවත්ථො ධාතුඅත්ථො, අවයවොති: චක්ඛුනො පසාදො{1} චක්ඛුධාතු. එවං පඤ්චසු ධාතූසු, පුන රාගවචච්ඡෙදත්ථො ධාතුඅත්ථො. වචච්ඡින්නා හි චක්ඛුධාතු, එවං පඤ්චසු, පුනරාහ එකන්ති පකත්යත්ථෙන ධාතුඅත්ථොති වුච්චතෙ. තං යථා: පකතියා අයං පුරිසො පිත්තිකො සෙම්හිකො චාතිකො සන්නිපාතිකොති. එවංපකති චක්ඛුධාතු. දස්සනම්පි යා ච සබ්බෙසු ඉන්ද්රියෙසු -පෙ- විසභාගත්ථො ධාතුඅත්ථො.
Sinhala BJTඑහි ධාතු අර්‍ත්‍ථය කවරෙ යත්: කියනු ලැබේ. අවයවාර්‍ත්‍ථය ධාතුඅර්‍ත්‍ථ යි. අවයව නම්: චක්‍ෂුහුගේ ප්‍රසාදය වූ චක්‍ෂුර්ධාතු යැ. චක්‍ෂුරාදි පඤ්ඤධාතූන්හි (අවයව) මෙසෙයින් දතයුතු. යළි රාගයාගේ ව්‍යවච්ඡේදාර්‍ත්‍ථය ධාතුඅර්‍ත්‍ථ යි. එසේ මැයැ පිරිසිඳුනා ලද්දී චක්ඛුධාතු යැ, පඤ්චධාතූන්හි මැ එපරිදි වෙයි. යළි ... ප්‍රකෘති අර්‍ත්‍ථයෙන් ධාතු අර්‍ත්‍ථය කියනු ලැබේ. ඒ මෙසේ යැ: පියවින් මේ පුරුෂ පිත ප්‍රකෘති කොට ඇත්තේ යැ. සෙම්හික යැ වාතිය යැ සන්නිපාතික යැ යනු යි. මෙබඳු පියවි ඇතියේ චක්ඛුධාතු යැ. (චක්ඛු–රූපාදි) දසධාතුන්ගේ සියලු ඉන්‍ද්‍රියයන්හි ද ... විසභාගාර්‍ත්‍ථය ධාතු අර්‍ත්‍ථ යි.”
Pali BJT6-3. තත්ථ ද්වාදසායතනානි, කතමානි: ඡ අජ්ඣත්තිකානි ඡ බාහිරානි, චක්ඛායතනං{1}, යාව මනායතනන්ති අජ්ඣත්තිකං, රූපායතනං. යාව ධම්මායතනන්ති බාහිරං. එතානි ද්වාදස ආයතනානි.
Sinhala BJT6-3. එහි ද්වාදශ–ආයතනයෝ කවරහ: ආධ්‍යාත්මික ආයතන සයෙක, බාහිරායතන සයෙකි. චක්‍ෂුරායතනය (ආදිකොට) මනායතනය දක්වා ආධ්‍යාත්මික යැ. රූපායතනය (ආදි කොට) ධර්‍මායතනය දක්වා බාහිර යි. තුලුහු ද්වාදශා ආයතනයෝ යි.
Pali BJTඑතෙසං කා පරිඤ්ඤා: අනිච්චං දුක්ඛං සඤ්ඤා අනත්තාති, එසා එතෙසං පරිඤ්ඤා. අපි ච ද්විධා පරිඤ්ඤා: ඤාතපරිඤ්ඤා{2} ච පහානපරිඤ්ඤා ච. තත්ථ ඤාතපරිඤ්ඤා{2} නාම: අනිච්චං දුක්ඛං සඤ්ඤා අනත්තාති, එසා ඤාතපරිඤ්ඤා{2} පහානපරිඤ්ඤා පන ඡන්දරාගප්පහානා, එසා පහානපරිඤ්ඤා.
Sinhala BJTමොවුන්ගේ පරිඥා කවර යැ: අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යි. මෝ තුලුන්ගේ පරිඥා යි. තවද ඤාතපරිඤ්ඤා ද පහානපරිඤ්ඤා දැයි පරිඥා ද්විවිධ යැ: එහි ඤාත පරිඤ්ඤා නම් : අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යි. මෝ ඥාත පරිඥා යි. පහාන පරිඤ්ඤා වැලිත් ඡන්‍දරාගප්‍රහාණ යැ. මෝ ප්‍රහාණපරිඥා යි.
Pali BJTතත්ථ කතමො ආයතනත්ථො: වුච්චතෙ, ආකරත්ථො{3} ආයතනත්ථො, යථා සුවණ්ණාකරො රතනාකරො{4} යථා ද්වීහි තෙහි ආකාරෙහි{5} තෙ තෙ ගාවා උත්තිට්ඨන්ති, එවං එතෙහි චිත්තචෙතසිකා ගාවා උත්තිට්ඨන්ති කම්මකිලෙසා දුක්ඛධම්මා ච.
Sinhala BJTඑහි ආයතනාර්‍ත්‍ථය කවරෙ යත්: කියනු ලැබෙයි. ආකරාර්‍ත්‍ථය (උත්පත්තිස්ථාන භාවය) ආයතනාර්‍ත්‍ථ යැ, සුවර්‍ණාකර රත්නාකර යම්සේ ද එමෙනි” යම්සේ ඒ දෙවැදෑරුම් ආකාරයන්ගෙන් ඒ ඒ වස්තු (?) උපදිත් ද එපරිද්දෙන් මේ ආයතනයන්ගෙන් චිත්ත චේතසික දහම්හු ද කර්‍මක්ලේශයෝ ද දුඃඛධර්‍මයෝ ද උපදිත්.
Pali BJTපුනරාහ ආයදානත්ථො ආයතනත්ථො, යථා රඤ්ඤො ආයදානෙහි ආයො භවති. එවං ආයදානත්ථො ආයතනත්ථො.
Sinhala BJTයළි කියයි, ආයදානාර්‍ත්‍ථය ආයතනාර්‍ත්‍ථ යැ. යම්සේ රජුට අය දීමෙන් (රාජ්‍යයෙහි) අය උපදී ද එපරිද්දෙන් ආයදානාර්‍ත්‍ථය ආයතනාර්‍ත්‍ථ යි.
Pali BJT6-4. චත්තාරි අරියසච්චානි: දුක්ඛං සමුදයො නිරොධො මග්ගො ච. යථා දුක්ඛං{6} සමාසෙන ඛන්ධසරීරං{7} මානසං ච, සමුදයො සමාසෙන අවිජ්ජා ච තණ්හා ච, නිරොධො සමාසෙන විජ්ජා ච විමුත්ති ච මග්ගො සමාසෙන සමථො ච විපස්සනා ච.
Sinhala BJT6-4. ආර්‍ය්‍යසත්‍ය සතරෙකි : දුඃඛ යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ගය දැයි කියා යි. ඒ මෙසේ යැ: සැකෙවින් ස්කන්‍ධශරීරය ද දුඃඛසත්‍ය යැ, සැකෙවින් අවිද්‍යාව ද තෘෂ්ණාව ද සමුදයසත්‍ය යැ, සැකෙවින් විද්‍යා ද විමුක්ති ද නිරෝධසත්‍ය යැ, සැකෙවින් ශමථය ද විදර්‍ශනා ද මාර්‍ගසත්‍යය යි.
Pali BJT6-5. තත්ථ සත්තතිංස බොධිපක්ඛිකා ධම්මා කතමෙ: චත්තාරො සතිපට්ඨානා, යාව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. එවමෙතෙ සත්තතිංස බොධිපක්ඛිකා ධම්මා. යෙ ධම්මා අතීතානාගතපච්චුප්පන්නානං බුද්ධානං සාවකානං ච නිබ්බානං සංවත්තන්තීති. යො මග්ගො චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: “ඉධ භික්ඛු කායෙ කායානුපස්සී විහරති -පෙ- සම්මපධානං, ඉද්ධිපාදං, ඉන්ද්රියානි, බලානි, තත්ථ කො ඉන්ද්රියත්ථො ඉන්දත්ථො ඉන්ද්රියත්ථො, ආධිපතෙය්යත්ථො ඉන්ද්රියත්ථො, පසාදත්ථො ඉන්ද්රියත්ථො, අසාධාරණං කස්ස කිරියත්ථො ඉන්ද්රියත්ථො. අනවපරියත්ථො බලත්ථො, ථාමත්ථො බලත්ථො, උපාදායත්ථො බලත්ථො, උපන්ථම්භනත්ථො බලත්ථො.
Sinhala BJT6-5. එහි සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මයෝ කවරහ යත්: සතර සතිපට්ඨාන (ආදි කොට) ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්‍ගය දක්වා ඇති තෙල දහම්හු සත්තිස් බෝපැකිදහම්හු යි. යම් දහම් කෙනෙක් අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ භාග්‍යවත් බුදුවරයන්ගේ ද පසේබුදුවරයන්ගේ ද ශ්‍රාවකයන්ගේ ද නිර්‍වාණය පිණිස පවත්නාහු ද ඔහු යි. ඒ මාර්‍ගය සතර සතිපට්ඨානයෝ යැ, කවර සතරදෙනෙක යත්: “මෙසස්නෙහි මහණ (ආශ්වාසප්‍රශ්වාසාදි) කයෙහි කය අනුව බලමින් වාස කෙරෙයි ... සතර සම්‍යක් ප්‍රධාන යැ, සතර ඍද්ධිපාද යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්චබලයෝ යැ” (යනාදිය). එහි ඉන්‍ද්‍රියාර්‍ත්‍ථ කවරෙ යැ: ඉන්‍ද්‍රාර්‍ත්‍ථය ඉන්‍ද්‍රියාර්‍ත්‍ථ යැ, අධිපතිභාවාර්‍ත්‍ථය ඉන්‍ද්‍රියාර්‍ත්‍ථ යැ, ප්‍රසාදාර්‍ත්‍ථය ඉන්‍ද්‍රියාර්‍ත්‍ථ යැ (අසාධාරණං ...) ස්ථාම – ශක්ති අර්‍ත්‍ථය බලාර්‍ත්‍ථ යැ, උපාදායාර්‍ත්‍ථය බලාර්‍ත්‍ථ යැ, උපස්තම්භාර්‍ත්‍ථය බලාර්‍ත්‍ථ යි.
Pali BJTතත්ථ කතමෙ සත්ත බොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො, යාව උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. තත්ථ කතමො අට්ඨඞ්ගිකො මග්ගො: සම්මාදිට්ඨි, යාව සම්මාසමාධි.
Sinhala BJTඑහි සප්තබෝධ්‍යංගයෝ කවරහ: සති සම්බෝධ්‍යඞ්ගය (පටන්) උපෙක්ඛාසම් බෝධ්‍යඞ්ගය දක්වා ඇත්තාහු යි. එහි අෂ්ටාඞ්ගික මාර්‍ගය කවරෙ යැ: සම්මාදිට්ඨිය, (පටන්) සම්මාසමාධිය දක්වා ඇත්තාහු යි.
Pali BJTතත්ථ අට්ඨඞ්ගිකො මග්ගොති: ඛන්ධො: සීලක්ඛන්ධො ච සමාධික්ඛන්ධො ච පඤ්ඤාක්ඛන්ධො ච, තත්ථ යා ච සම්මාවාචා යො ච සම්මාකම්මන්තො යො ච සම්මාආජීවො, අයං සීලක්ඛන්ධො. යා ච සම්මාසති යො ච සම්මාවායාමො යො ච සම්මාසමාධි, අයං සමාධික්ඛන්ධො. යො ච සම්මාසඞ්කප්පො යා ච සම්මාදිට්ඨි, අයං පඤ්ඤාක්ඛන්ධො. එවං ඛන්ධො{1} තිස්සො සික්ඛා. එවං තීහාකාරෙහි දස පදානි -පෙ-
Sinhala BJTඑහි අෂ්ඨඞ්ගිකමග්ග යනු: ශීලස්කන්‍ධය ද සමාධිස්කන්‍ධය ද ප්‍රඥාස්කන්‍ධය ද යන ස්කන්‍ධ යි. එහි යම් සම්‍යග්වචනයෙක් යම් සම්‍යක්කර්‍මාන්තයෙක් යම් සම්‍යගාජීවයෙක් ඇද්ද මේ ශීලස්කන්‍ධ යැ, යම් සම්‍යග්ස්මෘතියක් යම් සම්‍යග්ව්‍යායාමයෙක් යම් සම්‍යක්සමාධියෙක් ඇද්ද මේ සමාධිස්කන්‍ධ යැ, යම් සම්‍යක්සංකල්පයෙක් යම් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද මේ ප්‍රඥාස්කන්‍ධ යි. මෙසේ ස්කන්‍ධය ත්‍රිවිධ ශික්‍ෂා වෙති. මෙසේ තුන් අයුරෙන් දසපද කෙනෙක් වෙති ...
Pali BJT6-6. තත්ථ යොගාවචරො සීලක්ඛන්ධෙ ඨිතො දොසං අකුසලං න උපාදියති, දොසානුසයං සමූහන්ති, දොසසල්ලං උද්ධරති, දුක්ඛවෙදනං පරිජානාති, කාමධාතුං සමතික්කමති.
Sinhala BJT6-6. එහි, යෝගාවචර ශීලස්කන්‍ධයෙහි සිටියේ ද්වේෂ අකුශලය නූපදවයි. ද්වේෂානුශය සමුද්ඝාතනය කෙරෙයි. ද්වෙෂශල්‍යය උදුරයි, දුඃඛවේදනාව පරිඥානය කෙරෙයි, කාමධාතුව ඉක්මවයි.
Pali BJTසමාධික්ඛන්ධෙ ඨිතො ලොභං අකුසලං න උපාදියති, රාගානුසයං සමූහන්ති, ලොභසල්ලං උද්ධරති, සුඛවෙදනං පරිජානාති, රූපධාතුං සමතික්කමති.
Sinhala BJTසමාධිස්කන්‍ධයෙහි සිටියේ ලෝභ අකුශලය නූපදවයි, රාගානුශය සමූහනය කෙරෙයි. ලෝභශල්‍යය උදුරයි. සුඛවේදනාව දැනගනී, රූපධාතුව ඉක්මවයි.
Pali BJTපඤ්ඤාක්ඛන්ධෙ ඨිතො මොහං අකුසලං න උපාදියති, අවිජ්ජානුසයං සමූහන්ති, මොහසල්ලං දිට්ඨිසල්ලඤ්ච උද්ධරති, අදුක්ඛමසුඛවෙදනං පරිජානාති, අරූපධාතුං සමතික්කමති.
Sinhala BJTප්‍රඥාස්කන්‍ධයෙහි සිටියේ මෝහ අකුශලය නූපදවයි, අවිද්‍යානුශය සමූහනය කෙරෙයි, මෝහශල්‍යය ද දෘෂ්ටිශල්‍යය ද උදුරයි, අදුක්ඛමසුඛවේදනාව පරිජානනය කෙරෙයි, අරූපධාතුව ඉක්මවයි.
Pali BJTඉති තීහි ඛන්ධෙහි තීණි අකුසලමූලානි න උපාදියති, චත්තාරි සල්ලානි උද්ධරති, තිස්සො වෙදනා පරිජානාති තෙධාතුකං සමතික්කමති.
Sinhala BJTමෙසේ ත්‍රිවිධ ස්කන්‍ධයෙන් තුන් අකුශලමූලයන් උපාදානය නො කෙරෙයි, චතුර්විධ ශල්‍යයන් උදුරයි, තුන් වේදනා පරිජානනය කෙරෙයි, ත්‍රෛධාතුක භවය ඉක්මවයි.
Pali BJT6-7. තත්ථ කතමා අවිජ්ජජා: යං චතුසු අරියසච්චෙසු අඤ්ඤාණන්ති විත්ථාරෙන, යථා සො පාණසජ්ජෙසු කථංකථා කාතබ්බං.
Sinhala BJT6-7. එහි අවිද්‍යා කවර යත්: චතුරාර්‍ය්‍යසත්‍යය විෂයෙහි යම් නොදැනීමක් ඇද්ද යනාදිය විස්තරයෙන් දැක්වියයුතු. (යථාසො ?) ...
Pali BJTතත්ථ කතමං විඤ්ඤාණං: ඡ විඤ්ඤාණකායා. වෙදනා සඤ්ඤා චෙතනා ඵස්සො මනසිකාරො ඉදං නාමං. තත්ථ කතමං රූපං: චාතුම්මහාභූතිකං{2} චතුන්නං මහාභූතානං උපාදායරූපස්ස පඤ්ඤත්තිං. ඉති පුරිමකං ච නාමං ඉදං ච රූපං තදුභයං නාමරූපන්ති වුච්චති.
Sinhala BJTඑහි විඤාණ කවරෙ යැ: සවැදෑරුම් කායයෝ යැ, වේදනා සඤ්ඤා චේතනා ඵස්ස මනසිකාර යන මේ නාම යැ, එහි රූප කවරෙ යැ : සතර මහාභූතරූප යැ, සතර මහාභූතයන් නිසා පවත්නා රූපයාගේ ප්‍රඥප්ති යැ යන පළමු කී නාමය ද මේ රූපය දැ යි එදෙක ‘නාමරූප’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ ඡළායතනන්ති: ඡ අජ්ඣත්තිකානි ආයතනානි, චක්ඛු අජ්ඣත්තිකං ආයතනං, යාව මනො අජ්ඣත්තිකං ආයතනං.
Sinhala BJTඑහි ෂඩායතනය යනු: ෂඩ් ආධ්‍යාත්මික ආයතනයෝ යැ, ඇස ආධ්‍යාත්මික ආයතනයෙකැ, (ආදි කොට) මනආධ්‍යාත්මික ආයතනය දක්වා යි.
Pali BJTඵස්සොති ඡ ඵස්සකායා, චක්ඛුසම්ඵස්සො යාව මනොසම්ඵස්සොති ඵස්සො.
Sinhala BJTඵස්ස යනු : චක්ඛුසම්ඵස්ස පටන් මනෝසම්ඵස්ස දක්වා සැවැදෑරුම් ඵස්සකාය ‘ඵස්ස’ නම් වේ.
Pali BJTවෙදනාති: ඡ වෙදනාකායා වෙදනා.
Sinhala BJTවේදනා යනු : ෂඩ්වේදනාකායයෝ යැ, මේ වේදනා යි.
Pali BJTතණ්හාති: ඡ තණ්හාකායා තණ්හා.
Sinhala BJTතණ්හා යනු : ෂට්තෘෂ්ණාකායයෝ යැ, මේ තෘෂ්ණා යි.
Pali BJTඋපාදානන්ති චත්තාරි උපාදානානි: කාමූපාදානං දිට්ඨූපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානන්ති උපාදානං.
Sinhala BJTඋපාදාන යනු : කාමූපාදාන යැ දිට්ඨි–උපාදාන යැ සීලබ්බතූපාදාන යැ අත්තවාද–උපාදාන යැ යන සතර උපාදානයෝ යැ. මේ උපාදාන යි.
Pali BJTභවොති තයො භවා, කාමභවො රූපභවො අරූපභවො.
Sinhala BJTභව යනු : කාමභාව යැ රූපභව යැ අරූපභව යැ යන තුන් භවයෝ යි.
Pali BJTතත්ථ කතමා ජාති, යා පඨමං ඛන්ධානං පඨමං ධාතූනං පඨමං ආයතනානං උප්පත්ති ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො, අයං ජාති.
Sinhala BJTඑහි ජාති කවරැ : ස්කන්‍ධයන්ගේ ධාතූන්ගේ ආයතනයන්ගේ යම් පළමු උපතක් ඉපදීමක් මොනොවට ඉපදීමක් අවක්‍රාන්තියක් වෙසෙසින් ඉපදීමෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ඇද්ද මේ ජාති නමු.
Pali BJTතත්ථ කතමා ජරා: ජරා නාම යං තං ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා{1} චතුන්නං මහාභූතානං විචණ්ණතා{2} භග්ගො යා ජරා{3} හීයනා පරිහීයනා{4} ආයුනො හානි සංහානි ඉන්ද්රියානං පරිපාකා{5} උපනාහො පරිපාකො, අයං ජරා.
Sinhala BJTඑහි ජරා කවරැ : ජරානම්, යම් ඒ (දත් ආදිය) කැඩුණු බවෙක් පැසුණු බවෙක් සම රැලිවැටුණු බවක් සතර මහාභූතයන්ගේ විවර්‍ණබවෙක් බිඳීමෙක් යම් දිරීමෙක් හීමෙක් පිරිහීමෙක් ආයුෂයාගේ හීමෙක් පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන්ගේ මිහිකිරීමෙක් උපනාහායෙක් පරිපාකයෙක් වේ ද මේ ජරා නමු.
Pali BJTතත්ථ කතමං මරණං: මරණං නාම, යා තස්මිං සත්තනිකායෙ තෙසං තෙසං සත්තානං චුති චවනතා මරණං කාලකිරියා{6} ඛන්ධානං{7} භෙදො කායස්ස නික්ඛෙපො ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදො, ඉදං මරණං, ඉති පුරිමිකා ච ජරා ඉදං ච මරණං තදුභයං ජරාමරණං.
Sinhala BJTඑහි මරණ කවරෙ යත් : මරණය නම්, ඒ ඒ සත්‍ව නිකායෙහි ඒ ඒ සත්‍වයන්ගේ ච්‍යුත වීමක් ච්‍යුත වන බවක් මරණයක් කාලක්‍රියාවක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් රූපකය බහාතැබීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද මේ මරණ යැ. මෙසේ පළමු කී ජරාව ද මේ මරණය ද යන දෙක ජරාමරණ නම් වේ.
Pali BJT6-8. තත්ථ අන්ධකාරතිමිසා යථාභූතං අප්පජානන{8} ලක්ඛණා අවිජ්ජා සඞ්ඛාරානං පදට්ඨානං: අභිසඞ්ඛරණලක්ඛණා සංඛාරා, උපචයපුනබ්භවාභිරොපනපච්චුපට්ඨානා, තෙ විඤ්ඤාණස්ස පදට්ඨානං. වත්ථු සවිඤ්ඤත්තිලක්ඛණං විඤ්ඤාණං, තං නාමරූපස්ස පදට්ඨානං. අනෙකසන්නිස්සයලක්ඛණං නාමරූපං, තං සළායතනස්ස පදට්ඨානං. ඉන්ද්රියවවත්ථාපනලක්ඛණං සළායතනං, තං ඵස්සස්ස පදට්ඨානං සන්නිපාතලක්ඛණො ඵස්සො, සො වෙදනාය පදට්ඨානං. අනුභවනලක්ඛණා වෙදනා, සා තණ්හාය පදට්ඨානං අජ්ඣොසානලක්ඛණා තණ්හා, සා උපාදානස්ස පදට්ඨානං ආදානපරිහනනලක්ඛණං උපාදානං. තං භවස්ස පදට්ඨානං නානාගතිවික්ඛෙපනලක්ඛණො භවො, සො ජාතියා පදට්ඨානං ඛන්ධානං පාතුභාවලක්ඛණා ජාති, සා ජරාය පදට්ඨානං උපනයපරිපාකලක්ඛණා ජරා, සා මරණස්ස පදට්ඨානං. ආයුක්ඛයජීවිතඋපරොධලක්ඛණං මරණං, තං දුක්ඛස්ස පදට්ඨානං කායසම්පීළනලක්ඛණං දුක්ඛං, තං දොමනස්සස්ස පදට්ඨානං. චිත්තසම්පීළනලක්ඛණං දොමනස්සං, තං සොකස්ස පදට්ඨානං. සොචනලක්ඛණො සොකො, සො පරිවෙදස්ස පදට්ඨානං වාචා{9} නිච්ඡාරණලක්ඛණො පරිදෙවො, සො උපායාසස්ස පදට්ඨානං යෙ ආයාසා තෙ උපායාසා.
Sinhala BJT6-8. එහි ගනඅඳුරක් බඳු අවිද්‍යාව යථාභූත ව නො දැනීම ලක්‍ෂණ කොට ඇත්තී ය, සංස්කාරයන්ට ආසන්නකාරණ වෙයි. සංස්කාරයෝ කර්‍මායූහන සංඛ්‍යාත අභිසංස්කරණය ලක්‍ෂණ කොට ඇත්තාහු ය. උපචය (ඉපදීම්) සංඛ්‍යාත පුනර්‍භවය හටගැනීම වැටහීම කොට ඇත්තාහුය. ඔහු කර්‍මවිඥානයට පදට්ඨාන යි. විඥානය රූපාදි වස්තුහුගේ විඥප්ති සහිතබව ලක්‍ෂණ කොට ඇත්තේ ය, එය නාමරූපයට පදට්ඨාන යි. නාමරූපය වේදනාදි නොයෙක් ධර්‍මයන්ගේ සන්නිශ්‍රය ලක්‍ෂණ කොට ඇත්තේ ය, එය ෂඩායතනයට පදට්ඨාන යි. ෂඩායතනය චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන් නිශ්චය කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ ය. එය ස්පර්‍ශයට පදට්ඨාන යි. ඵස්සය චක්ඛු–රූපාදීන්ගේ එක්වීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ ඵස්සය වේදනාවට පදට්ඨාන යි. වේදනාව චක්ඛුසම්ඵස්සාදිය විඳීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ වේදනාව තණ්හාවට පදට්ඨාන යි. තෘෂ්ණාව රූපාදි අරමුණෙහි බැසැගෙන සිටීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ තණ්හාව උපාදානයට පදට්ඨාන යි. උපාදානය දැඩි ව ගැනීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය භවයට පදට්ඨාන යි. භවය නානාගතියෙහි පමුණුවාලීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, හේ ජාතියට පදට්ඨාන යි. ජාතිය ස්කන්‍ධයන්ගේ පහළවීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, මේ ජරාවට පදට්ඨාන යි. ජරාව (ඉන්‍ද්‍රියපරිපාකයට) පැමිණීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඕ මරණයට පදට්ඨාන යි. මරණය ආයු ගෙවීමෙන් ජීවිතේන්‍ද්‍රිය සිඳීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය දුකට පදට්ඨාන යි. දුක කය පෙළීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය දොම්නසට පදට්ඨාන යි. දොම්නස සිත පෙළීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ශෝකයට පදට්ඨාන යි. ශෝකය ශෝක කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, හේ පරිදේව (වැලැපීමට) පදට්ඨාන යි. පරිදේවය වචන නිකුත්කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ පරිදේවය උපායාසයට පදට්ඨාන යි. යම් ආයාස කෙනෙක් වෙත් ද ඔහු උපායාසයෝ යි.
Pali BJT6-9. නව පදානි යත්ථ සබ්බො අකුසලපක්ඛො සඞ්ගහං සමොසරණං ගච්ඡති, කතමානි නව පදානි: ද්වෙ මූලකිලෙසා තීණි අකුසලමූලානි, චත්තාරො විපල්ලාසා.
Sinhala BJT6-9. නව පද කෙනෙක් වෙති, යම් තැනෙක සියලු අකුශලපක්‍ෂය සංග්‍රහයට එක්වීමට යේ ද ඒ කවර නව පදකෙනෙක් යත් : මූලක්ලේශයෝ දෙදෙනෙක, අකුශලමූලයෝ තිදෙනෙක, විපල්ලාසයෝ සතර දෙනෙකි.
Pali BJTතත්ථ ද්වෙ මූලකිලෙසා, අවිජ්ජා ච භවතණ්හා ච, තීණි අකුසලමූලානි: ලොභො දොසො මොහො ච, චත්තාරො විපල්ලාසා: ‘අනිච්චෙ නිච්ච’න්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො, දුක්ඛෙ සුඛන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො, අනත්තනි අත්තාති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො, අසුභෙ සුභන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො.
Sinhala BJTඑහි අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන දෙදෙන මූලක්ලේශයෝ යැ. ලෝභය ද්වේෂය මෝහය ද යන තිදෙන අකුශල මූලයෝ යැ. අනිත්‍යයෙහි නිත්‍යයැ යන සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ද දුඃඛයෙහි සුඛ යැ යන සංඥා–චිත්ත–දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ද අනාත්මයෙහි ආත්ම යැ යන සංඥා–චිත්ත–දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ද අශුභයෙහි ශුභ යැ යන සඤ්ඤා විපල්ලාස චිත්තවිපල්ලාස දිට්ඨවිපල්ලාසය ද යන මොහු සතර විපල්ලාසයෝ යි.
Pali BJT6-10. තත්ථ අවිජ්ජා නාම: චතුසු අරියසච්චෙසු යථාභූතං අඤ්ඤාණං, අයං අවිජ්ජා, භවතණ්හා නාම: සො භවෙසු රාගො සාරාගො ඉච්ඡා මුච්ඡා පත්ථනා නන්ද්රි අජ්ඣොසානං අපරිච්චාගො, අයං භවතණ්හා.
Sinhala BJT6-10. එහි අවිද්‍යා නම් : චතුරාර්‍ය්‍යසත්‍යයෙහි යථාභූත වැ නො දැනීම යැ. මෝ අවිද්‍යා යි. භවතෘෂ්ණා නම් : භවයන්හි යම් රාගයෙක් දැඩි වූ රාගයෙක් ඊප්සාවක් මුසපත්වීමෙක් ප්‍රාර්‍ත්‍ථනාවක් ඇලීමෙක් බැසැගෙන සිටීමෙක් නො හැරීමෙක් වේ ද මේ භවතෘෂ්ණා යි.
Pali BJTතත්ථ කතමො ලොභො අකුසලමූලං: යො{1} තෙසු තෙසු පරවත්ථුසු පරදබ්බෙසු පරට්ඨානෙසු පරසාපතෙය්යෙසු පරපරිග්ගහෙසු ලොභො ලුබ්භනා ඉච්ඡා පත්ථනා නන්දි අජ්ඣොසානං අපරිච්චාගො; අයං ලොභොඅකුසලමූලං. කස්සෙතං මූලං: {*}ලොභජස්ස අකුසලස්ස කායකම්මස්ස වචීකම්මස්ස මනොකම්මස්ස තංසම්පයුත්තානං ච චිත්තචෙතසිකානං ධම්මානං මූලං.
Sinhala BJTඑහි ලෝභඅකුශලමූලය කවරැ : ලෝභ නම් : ඒ ඒ පර (මෙරමා අයත්) වස්තූන්හි පරද්‍රව්‍යයන්හි පරස්ථානයන්හි පරසම්පත්ති මෙරමා අයත්වූයෙහි යම් ලෝභයෙක් ලෝභාකාරයෙක් ඉච්ඡායෙක් මූර්ඡායෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් නන්‍දියෙක් බැසැගෙන සිටීමෙක් නො හැරීමෙක් වේ ද, මේ ලෝභඅකුශලමූල යැ, තෙල කවරක්හුගේ මූලයැ යත් : කාය කර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම වූ ලෝභයෙන් උපන් අකුශලයාගේ ද සම්ප්‍රයුක්ත වූ චිත්ත චෛතසිකධර්‍මයන්ගේ ද මූල යි.
Pali BJTතත්ථ කතමො දොසො අකුසලමූලං: යො{2} සත්තෙසු අඝතො අක්ඛන්ති අප්පච්චයො ව්යාපාදො පදොසො අනත්ථකාමතා චෙතසො පටිඝාතො, අයං දොසො අකුසලමූලං කස්සෙතං මූලං දොසජස්ස අකුසලස්ස කායකම්මස්ස වචීකම්මස්ස මනොකම්මස්ස තංසම්පයුත්තානං ච චිත්තචෙතසිකානං ධම්මානං මූලං.
Sinhala BJTඑහි ද්වේෂ අකුශලමූලය කවරැ : සත්ත්‍වයන් කෙරෙහි යම් ආඝාතයෙක් නොඉවසීමෙක් නොසතුටෙක් ව්‍යාපාදයෙක් ප්‍රදෝෂයෙක් අනර්‍ත්‍ථ කැමැතිබවෙක් චිත්තයාගේ ප්‍රතිඝාතයෙක් වේ ද මේ ද්වේෂඅකුශල මූල යැ. තෙල කවරක්හුගේ මූල යැ යත්: කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම වූ ද්වේෂයෙන් උපන් අකුශලයාගේ ද සම්ප්‍රයුක්ත වූ චිත්තචෛත ධර්‍මයන්ගේ ද මූල යි.
Pali BJTතත්ථ කතමො මොහො අකුසලමූලං: යං අඤ්ඤාණං අදස්සනං{3} අනභිසමයො අසම්පජ්ජගාහො{4} අප්පටිවෙධො මොහො මුය්හනා සම්මොහො සම්මුය්හනා අවිජ්ජා තමො අඣකාරො ආවරණං නීවරණං ඡදනං අවච්ඡදනං{5} අපසට්ඨාගමනං{6} කුසලානං ධම්මානං අයං මොහො අකුසලමූලං. කස්සෙතං මූලං: මොහජස්ස අකුසලස්ස කායකම්මස්ස වචීකම්මස්ස මනොකම්මස්ස, තංසම්පයුත්තානං ච චිත්තචෙතසිකානං ධම්මානං මූලං.
Sinhala BJTඑහි මෝහඅකුශලමූලය කවරැ : චතුරාර්‍ය්‍යසත්‍යයෙහි යම් නොදැනිමෙක් නොදැන්මෙක් අනවබෝධයෙක් නො විමසා ගැනීමෙක් අප්‍රතිවේධයෙක් මෝහයෙක් මුළාවන අයුරෙක් සම්මොහයෙක් සම්මෝහාකාරයෙක් අවිද්‍යාවක් තමසෙක් අන්‍ධකාරයෙක් ආවරණයෙක් නීවරණයෙක් වැසීමෙක් හාත්පසින් වැසීමෙක් කුශලධර්‍මයන් බැහැර කොට යෑමෙක් වේ ද මේ මෝහ අකුශලමූල යැ. තෙල කවරක්හුගේ මූල යැ යත්: කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම වූ මෝහයෙන් උපන් අකුශලයාගේ ද තත්සම්ප්‍රයුක්ත වූ චිත්තචෛතසික ධර්‍මයන්ගේ ද මූල යි.
Pali BJT6-11. තත්ථ විපල්ලාසා ජානිතබ්බා, විපල්ලාසානං වත්ථු ජානිතබ්බං, යං විපල්ලාසං සියා තං ජානිතබ්බං.
Sinhala BJT6-11. එහි විපර්‍ය්‍යාසයෝ දතයුත්තාහ, විපර්‍ය්‍යාසයන්ගේ වස්තු දතයුතු යැ, යමක් විපර්‍ය්‍යාස වන්නේ ද එය දතයුතු යි.
Pali BJTතත්ථ එකො විපල්ලාසො, චත්තාරි, විපල්ලාසවත්ථුනි, තීණි විපල්ලාසානි,
Sinhala BJTඑහි එක් විපර්‍ය්‍යාසයෙක් වෙයි, තුන් විපර්‍ය්‍යාස කෙනෙක් ද වෙති, විපර්‍ය්‍යාස වස්තු සතරක් වෙත්.
Pali BJTකතමො එකො විපල්ලාසො ච, යෙන පටිපක්ඛෙන විපල්ලාසිතං ගණ්හාති අනිච්චෙ නිච්චන්ති දුක්ඛෙ සුඛන්ති අනත්තනි අත්තාති අසුභෙ සුභ’න්ති අයං එකො විපල්ලාසො.
Sinhala BJTඑක විපර්‍ය්‍යාසය කවරෙ යත්: ප්‍රතිපක්‍ෂ වූ යමක් හේතු කොටගෙන අනිත්‍යයෙහි නිත්‍ය යැ දුකෙහි සුව යැ අනාත්මයෙහි ආත්ම යැ අශුභයෙහි ශුභ යැ යි විපර්‍ය්‍යස්ත ව ගනී ද මේ එක විපල්ලාස යැ.
Pali BJTකතමානි චත්තාරි විපල්ලසවත්ථුනි, කායො වෙදනා චිත්තං ධම්මා ච, ඉමානි චත්තාරි විපල්ලාසවත්ථූනි.
Sinhala BJTසතර විපර්‍ය්‍යාසවස්තු කවරහ : කාය වේදනා චිත්ත ධම්ම යන මේ සතර විපල්ලාස වස්තූහු වෙත්.
Pali BJTකතමානි තීණි විපල්ලාසානි, සඤ්ඤා චිත්තං දිට්ඨි ච. ඉමානි තීණි විපල්ලාසානි.
Sinhala BJTතුන් විපර්‍ය්‍යාසයෝ කවරහ : සඤ්ඤා චිත්ත දිට්ඨි ද යන මොහු තුන් විපර්‍ය්‍යාසයෝ යි.
Pali BJTතත්ථ{1} මනාපිකෙ වත්ථුම්හි ඉන්ද්රියත්ථෙ{2} වණ්ණායතනෙ වා යො නිමිත්තස්ස උග්ගාහො, අයං සඤ්ඤාවිපල්ලාසො. තත්ථ විපරීතචිත්තස්ස වත්ථුම්හි සති විඤ්ඤත්ති, චිත්තවිපල්ලාසො. තත්ථ විපරීතචිත්තස්ස තම්හි රූපෙ අසුභෙ සුභ’න්ති යා ඛන්ති රුචි උපෙක්ඛනා නිච්ඡයො දිට්ඨි නිදස්සනං සන්තීරණා, අයං දිට්ඨිවිපල්ලාසො.
Sinhala BJTඑහි මනවඩන වස්තුයෙහි ඉන්‍ද්‍රියාර්‍ත්‍ථයෙහි පැහැසටහනෙහි හෝ නිමිත්ත පිළිබඳව යම් දැඩිව ගැනීමෙක් වේ ද මේ සංඥාවිපර්‍ය්‍යාස යැ. එහි විපර්‍ය්‍යස්ත සිත් ඇත්තහුගේ වස්තු ඇති කල්හි යම් විඥප්තියක් වේ ද මේ චිත්තවිපර්‍ය්‍යාස යැ, එහි විපරීත සිත් ඇත්තහු ගේ ඒ රූපයෙහි ලා අශුභයෙහි ශුභ යැයි යම් ඉවසීමෙක් රුචියක් උපේක්‍ෂණයක් නිශ්චයෙක් දෘෂ්ටියක් නිදර්‍ශනයෙක් සන්තීරණයෙක් වේ ද මේ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි.
Pali BJTතත්ථ වත්ථුභෙදෙන කායෙසු{3} ද්වාදස විපල්ලාසා භවන්ති: තයො කායෙ තයො වෙදනාය තයො චිත්තෙ තයො ධම්මෙ{4} චත්තාරො සඤ්ඤාවිපල්ලාසා චත්තාරො චිත්තවිපල්ලාසා චත්තාරො දිට්ඨිවිපල්ලාසා, ආයතනූපචයතො චක්ඛුවිඤ්ඤාණසඤ්ඤාසමඞ්ගිස්ස රූපෙසු ද්වාදස විපල්ලාසා, යාව මනොවිඤ්ඤාණසඤ්ඤා{5}සමඞ්ගිස්ස ධම්මෙසු ද්වාදස විපල්ලාසා, ඡ ද්වාදසකා චත්තාරි විපල්ලාසා භවන්ති. ආරම්මණනානත්තතො හි අපරිමිතසඞ්ඛෙය්යානං සත්තානං අපරිමිතසඞ්ඛෙය්යා විපල්ලාසා භවන්ති භීනුක්කට්ඨමජ්ඣීමතාය.
Sinhala BJTඑහි වස්තුභේදයෙන් කයෙහි දොළොස් විපර්‍ය්‍යාස කෙනෙක් වෙති: කයෙහි තුනෙක, වේදනායෙහි තුනෙක, චිත්තයෙහි තුනෙක ධර්‍මයෙහි තුනෙකි. සංඥාවිපර්‍ය්‍යාසයෝ සතරදෙනෙක, චිත්තවිපර්‍ය්‍යාසයෝ සතරදෙනෙක, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ සතරදෙනෙකි. ආයතනයන්ගේ උපචය වශයෙන් චක්‍ෂුර්විඥානසංඥායෙන් යුක්ත වූවහුට රූපවිෂයෙහි දොළොස් විපර්‍ය්‍යාස කෙනෙක් වෙති. (යාව) මනෝවිඥානසංඥාසමඞ්ගීහට ධර්‍මවිෂයෙහි දොළොස් විපර්‍ය්‍යාස කෙනෙක් වෙති. ෂඩ් ද්වාදශකයෝ සතර විපර්‍ය්‍යාසයෝ වෙත්. ආලම්බන නානාත්‍වයෙන් වැලිත් අපරිමිත සංඛ්‍යා ඇති සත්ත්‍වයන්ගේ හීනෝත්කෘෂ්ට මධ්‍යමතායෙන් අපරිමිත සංඛ්‍යා ඇති විපර්‍ය්‍යාසයෝ වෙත්.
Pali BJT6-12. තත්ථ පඤ්චක්ඛන්ධා චත්තාරි අත්තභාවවත්ථුනි භවන්ති: යො රූපක්ඛන්ධො සො කායො අත්තභාවවත්ථු, යො වෙදනාක්ඛන්ධො සො වෙදනා අත්තභාවවත්ථු, යො සඤ්ඤාක්ඛන්ධො ච සංඛාරක්ඛන්ධො ච තෙ ධම්මා අත්තභාවවත්ථු. යො විඤ්ඤාණක්ඛන්ධො සො චිත්තං අත්තභාවවත්ථු, ඉති පඤ්චක්ඛන්ධා චත්තාරි අත්තභාවවත්ථූනි. තත්ථ කායෙ අසුභෙ සුභ’න්ති විපල්ලාසො භවති, එවං වෙදනාසු චිත්තෙ ධම්මෙසු ච අත්තවිපල්ලාසො භවති.
Sinhala BJT6-12. එහි පඤ්චස්කන්‍ධයෝ සතර ආත්මභාවවස්තු වෙති: යම් රූපස්කන්‍ධයෙක් වේ ද හේ කාය සංඛ්‍යාත ආත්මභාව වස්තු යැ, වේදනාස්කන්‍ධය වේදනා සංඛ්‍යාත ආත්ම භාවස්තු යැ, සංඥාස්කන්‍ධය ද සංස්කාරස්කන්‍ධය ද යන මොහු ධම්ම සංඛ්‍යාත ආත්ම භාවවස්තු යැ, විඥානස්කන්‍ධය චිත්ත සංඛ්‍යාත ආත්මභාව වස්තු යි. මෙසේ පඤ්ච ස්කන්‍ධයෝ සතර ආත්මභාව වස්තු වෙත්. ඔවුන් කෙරෙහි කායවස්තුයෙහි ‘අශුභයෙහි ශුභ යැ’ යන විපර්‍ය්‍යාසය වෙයි. මෙ පරිදි වේදනා – චිත්ත – ධර්‍මවස්තූන්හි ද ආත්ම විපර්‍ය්‍යාසය වේ.
Pali BJTතත්ථ චතුන්නං විපල්ලාසානං සමුග්ඝාතනත්ථං භගවා චත්තාරො සතිපට්ඨානෙ දෙසෙති පඤ්ඤපෙති, කායෙ කායානුපස්සී විහරන්තො{6} අසුභෙ සුභ’න්ති විපල්ලාසං සමුග්ඝාතෙති. එවං වෙදනාසු - චිත්තෙ - ධම්මෙසු ච කාතබ්බං.
Sinhala BJTඑහි සතර විපර්‍ය්‍යාස වස්තූන්ගේ සමුද්ඝාතනය පිණිස බුදුහු සතර සත්පට්ඨානයන් දෙසන සේක, පනවන සේක. කයෙහි කය අනුව බලමින් වාසයකරනුයේ අශුභයෙහි ශුභ යැ යන විපර්‍ය්‍යාසය නසයි. මෙසේ වේදනා චිත්ත–ධර්‍මයන්හි දු විස්තර කළ යුතු යි.
Pali BJT6-13. තත්ථ අන්ධකාරතිමිසා අප්පටිවෙධලක්ඛණා අවිජ්ජා, තස්සා විපල්ලායා පදට්ඨානං. අජ්ඣොසානලක්ඛණා තණ්හා, තස්සා පියරූපසාතරූපං පදට්ඨානං අත්තාසයවඤ්චනලක්ඛණො ලොභො, තස්ස අදින්නාදානං පදට්ඨානං. ඉධ චිවාදලක්ඛණො දොසො,
Sinhala BJT6-13 එහි අන්‍ධකාරතමිස්‍ර වූ අවිද්‍යාව අප්‍රතිවේධය ලක්‍ෂණ කොට ඇත්තී යැ. ඒ අවිද්‍යාවට විපර්‍ය්‍යාසයෝ ආසන්නකාරණය යැ. තෘෂ්ණාව බැසගෙන (ගිලගෙන) සිටීම ලක්‍ෂණ යැ ප්‍රියස්වභාව මධුරස්වභාව ඊට පදට්ඨාන යි. ලෝභය ආත්මාසය වඤ්චා කිරීම ලක්‍ෂණ යැ ඊට අදත්තාදානය පදට්ඨාන යි. ද්වේෂය මෙහි විවාද කිරීම ලක්‍ෂණ යැ.
Pali BJTතස්ස පාණාතිපාතො පදට්ඨානං. වත්ථුවිප්පටිපත්තිලක්ඛණො මොහො, තස්ස මිච්ඡාපටිපත්තිපදට්ඨානං සඞ්ඛතානාං ධම්මානං අවිනාසග්ගහනලක්ඛණා නිච්චසඤ්ඤා, තස්සා සබ්බසඞ්ඛාරා පදට්ඨානං. සාසවඵස්සොපගමනලක්ඛණා සුඛසඤ්ඤා, තස්සා මමිඞ්කාරො{1} පදට්ඨානං ධම්මෙසු උපගමනලක්ඛණා අත්තසඤ්ඤා, තස්සා අභිඞ්කාරො{2} පදට්ඨානං. වණ්ණසඞ්ගහනලක්ඛණා සුභසඤ්ඤා, තස්සා ඉන්ද්රියඅසංවරො පදට්ඨානං. එතෙහි නවහි පදෙහි උද්දිට්ඨෙහි සබ්බො අකුසලපක්ඛො නිද්දිට්ඨො භවති, සො ච ඛො බහුස්සුතෙන සක්කා ජානිතුං. නො අප්පස්සුතෙන, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන, යුත්තෙන නො අයුත්තෙන.
Sinhala BJTඊට ප්‍රාණවධය පදට්ඨාන යි. වස්තූන්ගේ වරදවාගැනීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ මෝහය, ඊට මිථ්‍යාප්‍රතිපත්තිය පදට්ඨාන යි. නිත්‍යසංඥාව සංඛතධර්‍මයන්ගේ අවිනාශග්‍රහණය ලක්‍ෂණ යැ, ඊට සියලු සංස්කාරයෝ පදට්ඨාන යි. සුඛසංඥාව සාස්‍රව ස්පර්‍ශයන් දැඩිව ගැනීම ලක්‍ෂණය යැ, ඊට මමංකාරය පදට්ඨාන යි. ආත්මසංඥාව ධර්‍ම විෂයෙහි දැඩිව ගැනීම ලක්‍ෂණ යැ, ඊට අහංකාරය පදට්ඨාන යි. ශුභසංඥාව පැහැසටහන මොනවට ගැනීම ලක්‍ෂණ යැ, ඊට ඉන්‍ද්‍රියාසංවරය පදට්ඨාන යි. උද්දේස කළ තෙල නවපදයන්ගෙන් සියලු අකුශල පක්‍ෂය නිර්දේශ කරන ලද්දේ වෙයි. හෙද වනාහි බහුශ්‍රුත පුඟුලක්හු විසින් දැනගන්නට හැකි වෙයි. අල්පශ්‍රැතතයක්හු විසින් නො දත හැකි වෙයි. ප්‍රාඥයකු විසින් දත හැක්ක, දුෂ්ප්‍රාඥයකු විසින් නො දතහැක්ක. (යෝගයෙහි) යෙදුණක්හු විසින් දතහැක්ක, නො යෙදුණහු විසින් නො දතහැකි වේ.
Pali BJT6-14. නව පදානි කුසලානි යත්ථ සබ්බො කුසලපක්ඛො සඞ්ගහං{3} සමොසරණං ගච්ඡති{4} කතමානි නව පදානි: සමථො විපස්සනා අලොභො අදොසො අමොහො අනිච්චසඤ්ඤා දුක්ඛසඤ්ඤා අනත්තසඤ්ඤා අසුභසඤ්ඤා ච.
Sinhala BJT6-14. සියලු කුශලපක්‍ෂය සංග්‍රහයට එක්වීමට යන කුශල නවපද කෙනෙක් වෙති. කවර නවපද කෙනෙක යත් : සමථ විපස්සනා අලෝභ අදෝස අමොහ අනිච්චාසඤ්ඤා දුක්ඛසඤ්ඤා අනත්තසඤ්ඤා, අසුභසඤ්ඤා ද යන මොහු යි.
Pali BJTතත්ථ කතමො සමථො: යා චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති ඨානං පට්ඨානං උපට්ඨානං සමාධි සමාධානං අවික්ඛෙපො අවිප්පටිහාරො වූපසමො මනසො{5} එකග්ගං චිත්තස්ස, අයං සමථො.
Sinhala BJTඑහි සමථ කවරෙ යත් : චිත්තයාගේ යම් (අරමුණෙහි) සිටීමෙන් මොනොවට සිටීමෙක් බැසැගෙන සිටීමෙන් නැවැත්මෙක් පිහිටා සිටීමෙක් එළැඹ සිටීමෙක් සමාධියෙක් සමෝධානයෙක් අවික්‍ෂේපයෙක් අවිප්‍රතිසාරයෙක් සිතෙහි සන්හිඳීමෙක් සිතෙහි එකඟ බවෙක් වේ ද මේ සමථ යි.
Pali BJTතත්ථ කතමා විපස්සනා: ඛන්ධෙසු වා ධාතුසු වා ආයතනෙසු වා නාමරූපෙසු වා පටිච්චසමමුප්පාදෙසු වා පටිච්චසමුප්පන්නෙසු වා ධම්මෙසු දුක්ඛෙ වා{6} සමුදයෙ වා{7} නිරොධෙ වා මග්ගෙ වා කුසලාකුසලෙසු වා ධම්මෙසු සාවජ්ජානවජ්ජෙසු වා කණ්හසුක්කෙසු වා සෙවිතබ්බාසෙවිතබ්බෙසු වා යො යථාභූතං විචයො පවිචයො වීමංසා පරිවිමංසා. ගාහනා අග්ගාහනා පරිග්ගාහනා විත්තෙන පරිවිත්තනා{8} තුලනා උපපරික්ඛා ඤාණං විජ්ජා{9} චක්ඛු බුද්ධි මෙධා පඤ්ඤා ඔභාගො ආලෙකො ආභා පභා ඛග්ගො නාරාවො{10} ධම්මවිචයසම්බෙජ්ඣඞ්ගො සම්මාදිට්ඨි මග්ගඞ්ගං, අයං විපස්සනා.
Sinhala BJTඑහි විපස්සනා කවර යත් : ස්කන්‍ධයන්හි හෝ ධාතූන්හි ආයතනයන්හි – නාමරූපයෙහි – පටිච්චසමුප්පාදයෙහි – පටිච්චසමුප්පන්නධර්‍මයන්හි – දුක්ඛසත්‍යයෙහි – සමුදයසත්‍යයෙහි – නිරෝධසත්‍යයෙහි – මාර්‍ගසත්‍යයෙහි – කුශලාකුශලධර්‍මයන්හි – සාවද්‍යානවද්‍යධර්‍මයන්හි කෘෂ්ණශුක්ලධර්‍මයන්හි – සේවිතව්‍යාසේවිතව්‍යයෙහි හෝ යථාභූත ව යම් විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් වීමංසායෙක් පරිවීමංසායෙක් ගැනීමෙක් වෙසෙසින් ගැනීමෙක් හාත්පසින් ගැනීමෙක් සිතින් හාත්පසින් සිතීමක් තුලනයක් පරීක්‍ෂාවක්, ඥානයක් විද්‍යාවක් නුවණැසක් බුද්ධියක් මේධායෙක් ප්‍රඥාවක් අවභාසයෙක් ආලොකයෙක් ආභායෙක්, ප්‍රහායෙක් ප්‍රඥාබඞ්ගයෙක් ප්‍රඥා නමැති හීයෙක් ධම්මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් සම්මාදිට්ඨියක් මාර්‍ගාඞ්ගයෙක් වේ ද මේ විපස්සනා යි.
Pali BJTකෙනෙසා{11} විපස්සනා ඉති වුච්චති: විවිධා වා ඵසා පස්සනාති{12} තස්මා ඵසා විපස්සනාති මුච්චති. ද්විධා චෙසා හි විපස්සනා ධම්මවිප්පනාති.
Sinhala BJTකවර කරුණෙකින් ‘මේ විපස්සනා’ යී කියනු ලැබේ ද යත්: (අනිත්‍යාදි විසින්) විවිධාකාරයෙන් දකී නුයි එකරුණෙන් මේ ‘විපස්සනා’ යි කියනු ලැබේ. තවද මේ විදර්‍ශනාව දෙවැදෑරුම් වන්නීය: (ධම්මවිපස්සනාති ... ?)
Pali BJTද්විධා ඉමාය පස්සති: සුභඤ්ච අසුභඤ්ච කණ්හඤ්ච සුක්කඤ්ච සෙවිතබ්බඤ්ච අසෙවිතබ්බඤ්ච කම්මඤ්ච විපාකඤ්ච ඛන්ධඤ්ච චිමොක්ඛඤ්ච ආචයඤ්ච අපචයඤ්ච පවත්තිඤ්ච නිවත්තිඤ්ච සඞ්කිලෙසඤ්ච වොදානඤ්ච එවං විපස්සනාති වුච්චති අථ වා වි’ඉති උපසග්ගො පස්සනාති අත්ථො, තස්මා විපස්සනාති වුච්චතෙ, අයං විපස්සනා.
Sinhala BJTමේ විදර්‍ශනාඥානයෙන් දෙපරිද්දෙකින් දකී : ශුභ–අශුභ, කෘෂ්ණ–ශුක්ල, සේවිතව්‍ය–අසේවිතව්‍ය, කර්‍ම–විපාක, බන්‍ධන–විමෝක්‍ෂ, ආචය–අපචය, ප්‍රවෘත්ති–නිවෘත්ති සංක්ලේශ–ව්‍යවදාන දැයි මෙසේ දෙපරිද්දෙකින් දකී නුයි ‘විපස්සනා’ යී කියනු ලැබේ. නොහොත් ‘වි’ යනු උපසර්‍ග යැ, (විවිධාකාරයෙන්) දැකීම යැ යන අර්‍ත්‍ථ යි. එහෙයින් ‘විපස්සනා’ යී කියනු ලැබේ. මේ ‘විපස්සනා’ යි.
Pali BJT6-15. තත්ථ ද්වෙ රොගා සත්තානං: අවිජ්ජා ච භවතණ්හා ච, එතෙසං ද්වින්නං රොගානං නිඝාතාය භගවතා ද්වෙ භෙසජ්ජානි වුත්තානි: සමථො ච විපස්සනා ච, ඉමානි ද්වෙ භෙසජ්ජානි පටිසෙවන්තො{1} ද්වෙ අරොගෙ සචිඡිකරොති: රාගවිරාගං චෙතතොවිමුත්තිං අවිජ්ජාවිරාගං ච පඤ්ඤාවිමුත්තිං. තත්ථ තණ්හාරොගස්ස සමථො භෙසජ්ජං, රාගවිරාගා චෙතොවිමුත්ති අරොගං. අවිජ්ජාරොගස්ස විපස්සනා භෙසජ්ජං, අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති අරොගං.
Sinhala BJT6-15. එහි සත්ත්‍වයන්ට රෝගයෝ දෙදෙනෙකි : අවිද්‍යාව ද භව–තෘෂ්ණාව ද යන මේ යි. මේ රෝගයන් දෙදෙනාගේ නැසීම පිණිස භාග්‍යවතුන් විසින් සමථ යැ විපස්සනා යැ යි බෙහෙත් දෙකක් වදාරන ලද යැ, මේ බෙහෙත් දෙක සේවනය කරනුයේ රාගවිරාග චේතෝවිමුත්තිය ද අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුක්තිය ද යන ආරෝග්‍යතා දෙක ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. එහි තෘෂ්ණාරෝගයට සමථය බෙහෙතැ, රාගවිරාග චේතෝවිමුත්තිය ආරෝග්‍ය යැ. අවිද්‍යාරොගයට විදර්‍ශනාව බෙහෙතැ, අවිද්‍යාවිරාග ප්‍රඥාවිමුක්තිය ආරෝග්‍යය වේ.
Pali BJTඑවං හි භගවා චාහ: “ද්වෙ ධම්මා පරිඤ්ඤෙය්යා: නාමං ච රූපං ච ද්වෙ ධම්මා පහාතබ්බා: අවිජ්ජා ච භවතණ්හා ච, ද්වෙ ධම්මා භාවෙතබ්බා: සමථො ච විපස්සනා ච, ද්වෙ ධම්මා සච්ඡිකාතබ්බා: විජ්ජා ච විමුත්ති චා”ති.
Sinhala BJTඑහෙයින් මැ බුදුහු ද වදාළහ : “නාමය ද රූපය ද යන ධර්‍මයෝ දෙදෙන දතයුත්තාහු යැ, අවිජ්ජා ද භවතණ්හා ද යන ධර්‍මයෝ දෙදෙන ප්‍රහීණ කළයුත්තාහ, සමථය ද විපස්සනා ද යන ධර්‍මයෝ දෙදෙන වැඩියැයුත්තාහ. විජ්ජා ද විමුත්ති ද යන ධර්‍මයෝ දෙදෙන පසක් කළයුත්තාහ” යි
Pali BJTතත්ථ සමථං භාවෙන්තො රූපං පරිජානාති, රූපං පරිජානන්තො තණ්හං පජහති, තණ්හං පජහන්තො රාගවිරාගා චෙතොවිමුත්තිං සච්ඡිකරොති විපස්සනං භාවෙන්තො නාමං පරිජානාති, නාමං පරිජානන්තො අවිජ්ජං පජහති, අවිජ්ජං පජහන්තො අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්තිං සච්ඡිකරොති.
Sinhala BJTඑහි සමථය වඩනුයේ රූපය පිරිසිඳ දැනගනී, රූපය දැනගනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි, තෘෂ්ණාව දුරැලනුයේ රාගවිරාගචේතෝවිමුත්තිය පසක් කෙරෙයි. විදර්‍ශනාව වඩනුයේ නාමය පිරිසිඳ දැනගනී, නාමය දැනගනුයේ අවිද්‍යාව දුරු කෙරෙයි, අවිද්‍යාව දුරු කරනුයේ අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුක්තිය පසක් කෙරෙයි.
Pali BJTයදා භික්ඛුනො ද්වෙ ධම්මා පරිඤ්ඤාතා භවන්ති නාමඤ්ච රූපඤ්ච, තදාස්ස{2} ද්වෙ ධම්මා පහීනා භවන්ති අවිජ්ජා ච භවතණ්හා ච, ද්වෙ ධම්මා භාවිතා භවන්ති සමථො ච විපස්සනා ච, ද්වෙ ධම්මා සච්ඡිකතා{3} භවන්ති විජ්ජා ච විමුත්ති ච. එත්තාවතා භික්ඛු කතකකිච්චො භවති. එසා සොපාදිසෙසා නිබ්බානධාතු තස්ස ආයුපරියාදානා ජීවිතින්ද්රියස්ස උපරොධා ඉදං ච දුක්ඛං නිරුජ්ඣති, අඤ්ඤං ච දුක්ඛං න උප්පජ්ජති. තත්ථ යො ඉමෙසං ඛන්ධානං ධාතුආයතනානං අප්පටිසන්ධි අපාතුභාවො, අයං අනුපාදිසෙසා නිබ්බානධාතු.
Sinhala BJTයම් කලෙක භික්‍ෂුහු විසින් නාමය ද රූපය ද යන ධර්‍මයෝ දෙදෙන පරිඥාත වූවාහු වෙත් ද එකල්හි ඔහු විසින් අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන ධර්‍මයෝ දෙදෙන ප්‍රහීණ වූවාහු වෙති, සමථය ද විපස්සනාව ද යන ධර්‍මයෝ දෙදෙන වඩන ලද්දාහු වෙති. විද්‍යාව ද විමුක්තිය ද යන ධර්‍මයෝ දෙදෙන පසක් කරන ලද්දාහු වෙත්. මෙතෙකින් මහණ (සිවුමගින්) කළ කිස ඇතියේ වෙයි, මෝ සොපධිසෙසනිබ්බානධාතු යැ, ඔහුගේ ආයු ගෙවීමෙන් ජීවිතේන්‍ද්‍රියයාගේ නිරෝධයෙන් මේ පඤ්චස්කන්‍ධදුඃඛය ද නිරුද්ධ වෙයි. අන්‍යත් ස්කන්‍ධදුඃඛයකුදු නූපදී. එහි මේ ස්කන්‍ධයන්ගේ ද ධාතු ආයතනයන්ගේ ද යම් නිරෝධයෙක් ව්‍යුපශමයෙක් වේ ද අන්‍ය ස්කන්‍ධ ධාතුආයතනයන්ගේ ද අප්‍රතිසන්‍ධිය නො පහළවීම වේ, මේ අනුපධිසේසනිබ්බානධාතු යි.
Pali BJT6-16. තත්ථ කතමං අලොභො කුසලමූලං: යංධාතුකො අලොභො අලුබ්භනා අලුබ්භිතත්තං අනිච්ඡා අපත්ථනා අකන්තා අනජ්ඣොසානං, අයං අලොභො කුසලමූලං, කස්සෙතං මූලං: අලොජස්ස කුසලස්ස කායකම්මස්ස වචීකම්මස්ස මනොකම්මස්ස තංසම්පයුත්තානං ච චිත්තචෙතසිකානං ධම්මානං මූලං. අථ වා අරියො අට්ඨඞ්ගිකො මග්ගො කුසලන්ති වුච්චති, සො තිණ්ණං මග්ගඞ්ගානං මූලං, කතමෙසං තිණ්ණං: සම්මාසඞ්කප්පස්ස සම්මාවායාමස්ස සම්මාසමාධිස්ස ච, ඉමෙසං මූලන්ති තස්මා කුසලමූලන්ති වුච්චති.
Sinhala BJT6-16. එහි අලොභකුශල මූලය කවරැ : යම් ස්වභාව වූ අලොභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් ආශා රහිත බවෙක් නො පැතීමෙක් නො කැමැත්තෙක් බැසැගෙනැ නො සිටීමෙක් වේ ද, මේ අලෝභ සංඛ්‍යාත කුශලමූල යි. තෙල කවරක්හුගේ මූලය යැ යත්: කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම වූ අලෝභයෙන් උපන් කුශලයාගේ ද තත්සම්ප්‍රයුක්ත වූ චිත්තචෛතසිකයන්ගේ ද මූල යැ. නොහොත් ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගය කුශල යයි කියනු ලැබේ. ඒ අෂ්ටාඞ්ගික ආර්‍ය්‍යමාර්‍ගය මාර්‍ගාඞ්ග තිදෙනකුන්ගේ මූල යැ, කවර තිදෙනකුන්ගේ ද යත් : සම්මාසංකප්පය සම්මාවායාමය හා සම්මාසමාධිහුගේ ද යන මේ තිදෙනාගේ මූල යි. එහෙයින් කුශලමූල යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අදොසො කුසලමූලං: යො{4} සත්තෙසු වා සඞ්ඛාරෙසු වා අනාඝාතො{5} අප්පටිඝාතො අබ්යාපත්ති අබ්යාපාදො අදොසො මෙත්තා මෙත්තායනා අත්ථකාමතා{6} හිතකාමතා චෙතසො පදාසො, අයං අදොසො කුසලමූලං. කස්සෙතං මූලං: අදොසජස්ස කුසලස්ස කායකම්මස්ස වචීකම්මස්ස මනොකම්මස්ස තංසම්පයුත්තානං ච චිත්තචෙතසිකානං ධම්මානං මූලං. අථ වා තිණ්ණං මග්ගඞ්ගානං මූලං, කතමෙසං තිණ්ණං: සම්මාවාචාය සම්මාකම්මන්තස්ස සම්මාආජීවස්ස ච ඉමෙසං තිණ්ණං මග්ගඞ්ගානං මූලං, තස්මා කුසලමූලන්ති වුච්චති.
Sinhala BJTඑහි අදොසකුසලමූලය කවරැ : සත්‍වයන් කෙරෙහි හෝ සංස්කාරයන් කෙරෙහි හෝ යම් නො ගැටීමෙක් අප්‍රතිඝාතයෙක් අව්‍යාපන්නබවක් අව්‍යාපාදයෙක් අද්වෙෂයෙක් මෛත්‍රියක් මෛත්‍රි කරන අයුරෙක් වැඩ කැමැති බවෙක් හිත කැමැති බවෙක් චිත්තයාගේ ප්‍රසාදයෙක් වේ ද මේ අදෝෂකුශමූල යැ, තෙල කවරක්හුගේ මූල යැ යත්: කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම වූ අදොෂයෙන් උපන් කුශලයාගේ ද තත්සම්ප්‍රයුක්ත වූ චිත්ත චෛතසිකධර්‍මයන්ගේ ද මූල යැ. නොහොත් තුන් මාර්‍ගාඞ්ග කෙනකුන්ගේ මූල යැ, කවර තිදෙනකුන්ගේ ද යත්: සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන මේ තුන් මාර්‍ගාඞ්ගයන්ගේ මූල යි. එහෙයින් කුශලමූල යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං අමොහො කුසලමූලං: යං චතුසු අරියසච්චෙසු යථාභූතං ඤාණදස්සනං අභිසමයො සම්මා ච පච්චාගමො පටිවෙධො අමොහො අසම්මුය්හනා අසම්මොහො විජ්ජා පකාසො ආලොකො අනාවරණං සෙක්ඛානං කුසලානං ධම්මානං, අයං අමොහො කුසලමූලං. කස්සෙතං මූලං: අමොහජස්ස කුසලස්ස කායකම්මස්ස වචීකම්මස්ස මනොකම්මස්ස තංසම්පයුත්තානං ච චිත්තචෙතසිකානං ධම්මානං මූලං. අථ වා ද්වින්නං මග්ගඞ්ගානං මූලං, කතමෙසං ද්වින්නං: සම්මාදිට්ඨියා ච සම්මාසතියා ච ඉමෙසං ද්වින්නං මග්ගඞ්ගානං මූලං, තස්මා කුසලමූලන්ති වුච්චති. එවං ඉමෙහි, තීහි කුසලමූලෙහි අට්ඨඞ්ගිකො මග්ගො යොජෙතබ්බෙ.
Sinhala BJTඑහි අමෝහ කුශලමූලය කවරැ : චතුරාර්‍ය්‍යසත්‍යයන්හි යථාභූත වූ යම් ඥානදර්‍ශනයෙක් අභිසමයෙක් මනා අවබෝධයෙක් ප්‍රතිවේධයෙක් අමෝහයෙක් නොමුළාවන අයුරෙක් අසම්මෝහයෙක් විද්‍යාවක් ප්‍රකාශයෙක් ආලොකයෙක් ශෛක්‍ෂයන්ගේ කුශලධර්‍මයන් පිළිබඳ අනාවරණයෙක් වේ ද, මේ අමොහ කුශලමූල යි. තෙල කවරක්හුගේ මූල යැ යත්: කායකර්‍ම වාග්කර්‍ම මනඃකර්‍ම වූ අමෝහයෙන් උපන් කුශලයාගේ ද තත්සම්ප්‍රයුක්ත වූ චිත්තචෛතසික ධර්‍මයන්ගේ ද මූල යි. නොහොත් මාර්‍ගාංගයන් දෙදෙනකුන්ගේ මූල යැ; කවර දෙදෙනකුන්ගේ ද යත්: සම්මාදිට්ඨිය සම්මාසතිය යන මේ මාර්‍ගාඞ්ගයන් දෙදෙනාගේ මූල යි. එහෙයින් කුශලමූල යයි කියනු ලැබේ. මෙසේ තුන් කුශලමූලයන්ගේ අෂ්ටාඞ්ගිකමාර්‍ගය යෙදියැයුත්තේ යි.
Pali BJT6-12. කත්ථ කතමා අනිච්චසඤ්ඤා: “සබ්බෙ සඞ්ඛාරා උප්පාදවයධම්මිනො”ති{1} යා සඤ්ඤා සඤ්ජානනා වවත්ථපනා උග්ගාහො, අයං අනිච්චසඤ්ඤා. තස්සා කො නිස්සන්දො: අනිච්චසඤ්ඤාය භාවිතාය බහුලීකතාය අට්ඨසු ලොකධම්මෙසු චිත්තං නානුසන්ධති න සන්ධති න සණ්ඨහති, උපෙක්ඛා වා පටික්කුලතා වා සණ්ඨහති. අයමස්සා නිස්සන්දො.
Sinhala BJT6-17. එහි අනිත්‍යසංඥා කවර යත් : “සියලු සංස්කාරයෝ උත්පාදනය හා විනාශය ස්වභාව කොට ඇත්තාහ’යි යම් සංඥාවක් සංජානනාකාරයෙක් නිශ්චය කිරීමෙක් ගැනීමෙක් වේ ද මේ අනිත්‍යසංඥා යි. එහි නිෂ්‍යන්‍ද (ඵලය) කවරැ : අනිත්‍යසංඥාව වැඩූ කල්හි බහුලීකෘත කල්හි අටලෝදහම්හි සිත නො බැඳෙයි. නො සිටී නො පිහිටයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ පිහිටයි. මේ ඒ අනිත්‍ය සංඥාවගේ නිෂ්‍යන්‍ද යි.
Pali BJTතත්ථ කතමා දුක්ඛසඤ්ඤා: “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති යා සඤ්ඤා සඤ්ජානනා වවත්ථපනා උග්ගහො, අයං දුක්ඛසඤ්ඤා තස්සා කො නිස්සන්දො: දුක්ඛසඤ්ඤාය භාවිතාය බහුලීකතාය ආලස්සෙ සම්පමාදො විම්භයෙ ච චිත්තං නානුසන්ධති ක සන්ධති න සණ්ඨහති, උපෙක්ඛා වා පටික්කුලතා වා සණ්ඨහති. අයමස්සා නිස්සන්දො.
Sinhala BJTඑහි දුඃඛසංඥා කවර යත් : “සියලු සංස්කාරයෝ දුක් වූහ’යි යම් සංඥාවක් දන්නා අයුරක් නිශ්චය කිරීමෙන් දැඩිව ගැනීමෙක් වේ ද, මේ දුඃඛසංඥා’යි. එහි නිෂ්‍යන්‍ද කවරැ : දුඃඛසංඥාව භාවිත කල්හි බහුලීකෘත කල්හි අලසබැව්හි ප්‍රමාදයෙහි විස්මයෙහි ද සිත නො පිහිටයි, නො සිටී නො පිහිටයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ පිහිටයි. මේ ඒ දුඃඛසංඥාවගේ නිෂ්‍යන්‍ද යි.
Pali BJTතත්ථ කතමා අනත්තසඤ්ඤා: “සබ්බෙ ධම්මා{2} අනත්තා”ති යා සඤ්ඤා සඤ්ජානනා වවත්ථපනා උග්ගාහො, අයං අනත්තසඤ්ඤා. තස්සා කො නිස්සන්දො: අනත්තසඤ්ඤාය භාවිතාය බහුලීකතාය අභිඞ්කාරො චිත්තං නානුසන්ධති න සන්ධති, මමිඞ්කාරො{3} න සණ්ඨහති, උපෙක්ඛා වා පටික්කූලතා වා සණ්ඨහති, අයමස්සා නිස්සන්දො.
Sinhala BJTඑහි අනාත්මසංඥා කවරැ : ‘සියලු ධර්‍මයෝ අනාත්මයෝ යයි යම් සංඥාවක් සඤ්ජනනා කාරයක් නිශ්චය කිරීමෙක් උද්ග්‍රාහකයෙක් වේ ද, මේ අනාත්මසංඥා යැ එහි නිෂ්‍යන්‍ද කවරෙ යැ: අනාත්මසංඥාව භාවිත කල්හි බහුලීකෘත කල්හි අහඞ්කාරය (මම යැ යන දෘෂ්ටිය) සිත අනුසන්‍ධාන නො කෙරෙයි. මාගේ යැ යන තෘෂ්ණාව නො පිහිටයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලතාව හෝ පිහිටයි. මේ ඒ අනාත්ම සංඥාවගේ නිෂ්‍යන්‍ද යි.
Pali BJTතත්ථ කතමා අසුභසඤ්ඤා: “සත්තසඞ්ඛාරා අසුභා”ති යා සඤ්ඤා සඤ්ජානනා වවත්ථපනා උග්ගාහො, අයං අසුභඤ්ඤා. තස්සා කො නිස්සන්දො: අසුභසඤ්ඤාය භාවිතාය බහුලීකතාය සුභනිමිත්තෙ චිත්තං නානුසන්ධති න සන්ධති න සණ්ඨහති, උපෙක්ඛා වා පටික්කුලතා වා සණ්ඨහතී, අයමස්සා නිස්සන්දො.
Sinhala BJTඑහි අශුභසංඥා කවරැ : සත්‍වසංස්කාරයෝ අශුභ වූහයි යම් සංඥාවක් සඤ්ජානනා කාරයක් නිශ්චය කිරීමක් උද්ග්‍රාහයෙක් වේ ද, මේ අශුභසංඥා යැ. එහි නිෂ්‍යන් ද කවරෙ යැ: අශුභසංඥාව භාවිත බහුලීකෘත කල්හි ශුභාලම්බනයෙහි සිත නො බැඳෙයි. නො සිටී නො පිහිටයි, උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලතාව හෝ බැසගෙන සිටී. මේ ඒ අශුභසංඥාවගේ නිෂ්‍යන්‍ද යි.
Pali BJT6-18. තත්ථ පඤ්චන්නං ඛන්ධානං පරිඤ්ඤා භගවතා දෙසිතා, යා තත්ථ{4} අසුභසඤ්ඤා රූපක්ඛන්ධස්ස පරිඤ්ඤත්තං දුක්ඛසඤ්ඤා වෙදනාක්ඛන්ධස්ස පරිඤ්ඤත්තං, අනත්තසඤ්ඤා සඤ්ඤාක්ඛන්ධස්ස සඞ්ඛාරක්ඛන්ධස්ස පරිඤ්ඤත්තං, අනිච්චසඤ්ඤා විඤ්ඤාණක්ඛන්ධස්ස පරිඤ්ඤත්තං.
Sinhala BJT6-18. එහි පඤ්චස්කන්‍ධයන්ගේ (ත්‍රිවිධ පරිඥායෙන්) පරිඥානය භාග්‍යවතුන් විසින් දෙසන ලද්දේ ය. එහි යම් අශුභසංඥාවක් ඇද්ද එය රූපස්කන්‍ධයාගේ පරිඥානය පිණිස යැ, දුඃඛසංඥාව වේදනා ස්කන්‍ධයාගේ පරිඥානය පිණිස යැ, අනාත්මසංඥාව සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ ද පරිඥානය පිණිස යැ, අනිත්‍යසංඥාව විඥාන ස්කන්‍ධයාගේ පරිඥානය පිණිස යි.
Pali BJTතත්ථ සමථෙන තණ්හං සමුග්ඝාතෙති, විපස්සනාය අවිජ්ජං සමුග්ඝාතෙති, අදොසෙන දොසං සමුග්ඝාතෙති, අමොහෙන මොහං සමුග්ඝාතෙති. අනිච්චසඤ්ඤාය නිච්චසඤ්ඤං සමුග්ඝාතෙති, දුක්ඛසඤ්ඤාය සුඛසඤ්ඤං සමුග්ඝාතෙති, අනත්තසඤ්ඤාය අත්තසඤ්ඤං සමුග්ඝාතෙති, අසුභසඤ්ඤාය සුභසඤ්ඤං සමුග්ඝාතෙති.
Sinhala BJTඑහි ශමථයෙන් තෘෂ්ණාව සමුද්ඝාතනය කෙරෙයි. විදර්‍ශනායෙන් අවිද්‍යාව නසයි. අද්වෙෂයෙන් ද්වේෂය නසයි, අමෝහයෙන් මෝහය නසයි. අනිත්‍යසංඥායෙන් නිත්‍යසංඥාව සමුද්ඝාතනය කෙරෙයි. දුඃඛසංඥායෙන් සුඛසංඥාව නසයි. අනාත්ම සංඥාවෙන් ආත්මසංඥාව නසයි, අශුභසංඥායෙන් ශුභසංඥාව සමුද්ඝාතනය කෙරෙයි.
Pali BJTචිත්තවික්ඛෙපපටිසංහරණලක්ඛණො සමථො, තස්ස ඣානානි පදට්ඨානං. සබ්බධම්මං යථාභූතං පටිවෙධලක්ඛණා විපස්සනා, තස්සා සබ්බනෙය්යං පදට්ඨානං. ඉච්ඡාපටිසංහරණලක්ඛණො අලොභො, තස්ස අදින්නාදානා වෙරමණී පදට්ඨානං. අව්යාපාදලක්ඛණො අදොසො, කස්ස පාණාතිපාතා වෙරමණී පදට්ඨානං. වත්ථුඅප්පටිහතලක්ඛණො අමොහො, තස්ස සම්මාපටිපත්ති පදට්ඨානං. සඞ්ඛතානං ධම්මානං විනාසග්ගහණලක්ඛණා අනිච්චසඤ්ඤා, තස්සා උදයබ්බයො පදට්ඨානං. සාසවඵස්සසඤ්ජානනලක්ඛණා දුක්ඛසඤ්ඤා, තස්සා වෙදනා පදට්ඨානං සබ්බධම්මඅනුපගමනලක්ඛණා අනත්තසඤ්ඤා, තස්සා ධම්මසඤ්ඤා පදට්ඨානං, විනීලකවිපුබ්බකඋද්ධුමාතකසමුග්ගහණලක්ඛණා අසුභසඤ්ඤා, තස්සා නිබ්බිදා පදට්ඨානං. ඉමෙසු නවසු පදෙසු උපදිට්ඨෙසු සබ්බො කුලසපක්ඛො උපදිට්ඨො භවති, සො ච බහුස්සුතෙන සක්කා ජානිතුං නො අප්පස්සුතෙන, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන, යුත්තෙන නො අයුත්තෙනා’ති.
Sinhala BJTශමථය අරමුණෙහි චිත්තයාගේ විසිරීම ප්‍රතිසංස්කරණය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ ශමථයට ධ්‍යානයෝ ආසන්න කාරණ වෙයි. විදර්‍ශනාව ස්කන්‍ධාදි සියලු ධර්‍ම (අනිත්‍යාදි විසින්) යථාභූතව ප්‍රතිවේධ කිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ. ඊට සියලු දතයුතු දැය පදට්ඨාන යි. අලෝභය ප්‍රතිසංහරණ ලක්‍ෂණ යැ, ඒ අලෝභයට අදින්නාදානයෙන් විරමණය ආසන්නකාරණ වෙයි. අදෝසය අව්‍යාපාද ලක්‍ෂණ යැ, ඊට ප්‍රාණවධයෙන් වෙන්වීම පදට්ඨාන යි. අමෝහය වස්තු විෂයෙහි නො ගැටීම ලක්‍ෂණ යැ, ඊට සම්‍යක් ප්‍රතිපත්තිය පදට්ඨාන යි. අනිත්‍යසංඥාව සංඛතධර්‍මයන්ගේ විනාශග්‍රහණය ලක්‍ෂණ යැ, ඊට උදයව්‍යය පදට්ඨාන යි. දුඃඛසංඥාව සාස්‍රවස්පර්‍ශය හැඳිනීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඊට වේදනාව පදට්ඨාන යි, අනාත්මසංඥාව සියලු ධර්‍මයන් නො ගැනීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඊට ධර්‍මසංඥාව පදට්ඨාන යි. අශුභසංඥාව විනීලක විපුබ්බක උද්ධුමාතක අශුභයන් ගැනීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඊට නිබ්බිදාව පදට්ඨාන යි. දක්වන ලද මේ නව පදයන් කෙරෙහි සියලු කුශලපක්‍ෂය දක්වන ලදුයේ වේ. හෙ ද බහුශ්‍රැතයක්හු විසින් දැනගන්නට හැකි වෙයි, අල්පශ්‍රැතයා විසින් නො දතහැකි වේ. ප්‍රාඥයකු විසින් දත හැකි වෙයි. දුෂ්ප්‍රාඥයා විසින් නො දත හෙයි, යෝගයෙහි යෙදුණක්හු විසින් දතහෙයි. යෝගයුක්ත නොවූවහු විසින් නො දතහැකි වේ.
Pali BJTතත්ථ නිච්චසඤ්ඤාධිමුත්තස්ස අපරාපරං චිත්තං පණාමෙන්තස්ස{1} සතිං අප්පච්චවෙක්ඛක්ඛතො අනිච්චසඤ්ඤා න උපට්ඨාති, පඤ්චසු කාමගුණෙසු සුඛස්සාදාධිමුත්තස්ස ඉරියාපථස්ස අගතිං අප්පච්චවෙක්ඛතො දුක්ඛසඤ්ඤා න උපට්ඨාති, ඛන්ධධාතුආයතනෙසු අත්තාධිමුත්තස්ස නානාධාතුඅනෙකධාතුවිනිබ්භොගං අප්පච්චවෙක්ඛතො අනත්තසඤ්ඤා න උපට්ඨාති, වණ්ණසණ්ඨානාභිරතස්ස කායෙ සුභාධිමුත්තස්ස ච විපටිච්ඡන්නා{2} අසුභසඤ්ඤා න උපට්ඨාති.
Sinhala BJTඑහි නිත්‍යසංඥායෙහි අධිමුක්ති ඇති ඔබිනොබ සිත මෙහෙයවන සිහි නො එළවන්නහුට අනිත්‍යසංඥාව නො වටහයි, පස්කම්ගුණයෙහි සුඛාස්වාදයෙහි ඇලුණු පැවැතුම් ඇති (ලෝභාදි) අගතිය නො සිතන්නහුට දුඃඛසංඥා නො වටහයි. ස්කන්‍ධ ධාතු ආයතනයන්හි ආත්ම යයි. අධිමුක්ති ඇති නානාධාතු අනේකධාතුවිනිර්භෝගය නො සිතන්නහුට අනාත්මසංඥාව නො වටහයි. පැහැසටහන්හි ඇලුණහුට ද (කෙලෙස් විසින්) ශුභයෙහි ගිජු වූවහුට ද වෙසෙසින් පිළසන් වූ අශුභසංඥාව නො වටහයි.
Pali BJT6-19. අවිප්පටිසාරලක්ඛණා සද්ධා, සද්දහනා පච්චුපට්ඨානං, තස්සා{3} චත්තාරි සොතාපත්තියඞ්ගානි පදට්ඨානං. එවඤ්හි වුත්තං භගවතා: “සද්ධින්ද්රියං භික්ඛවෙ කුහිං දට්ඨබ්බං: චතුසු සොතාපත්තියඞ්ගෙසු කුසලෙසු ධම්මෙසු”.
Sinhala BJT6-19. ශ්‍රද්ධාව නො මකුබව ලක්‍ෂණ කොට ඇත්තීය, හැදැහීම වැටහීම කොට ඇත්තී යැ, සතර සෝතාපත්තියඞ්ගයෝ ඒ ශ්‍රද්ධාවට ආසන්නකාරණ යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද: “මහණෙනි, සද්ධින්‍ද්‍රිය කොහි දතයුතු යැ: කුශලධර්‍ම වූ සතර සොතපත්තියඞ්ගයන්හි දතයුතු” යැයි.
Pali BJTසූරා අපටික්ඛෙපනලක්ඛනං විරියින්ද්රියං,{4} විරියාරම්භො{5} පච්චුපට්ඨානං, තස්ස අතීතා චත්තාරො සම්මප්පධානා පදට්ඨානං. යථා වුත්තං භගවතා: “විරියින්ද්රියං භික්ඛවෙ කුහිං දට්ඨබ්බං: චතුසු සම්මප්පධානෙසු”.
Sinhala BJTවිරියින්‍ද්‍රිය සූරබව පිළිකෙව් නො කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, වීර්‍ය්‍යයාරම්භය වැටැහීම වෙයි. ඊට අතීත වූ සතර සම්‍යක් ප්‍රධානයෝ පදට්ඨාන යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද : “මහණෙනි, විරියින්‍ද්‍රිය කොහි දතයුතු යැ: සතර සම්‍යක් ප්‍රධානයන්හි දතයුතු” යි.
Pali BJTසති සරණලක්ඛණා, අසම්මොහපච්චුපට්ඨානා, තස්සා අතීතා චත්තාරො සතිපට්ඨානා පදට්ඨානං. යථා වුත්තං භගවතා: “සතින්ද්රියං භික්ඛවෙ කුහිං දට්ඨබ්බං, චතුසු සතිපට්ඨානෙසු”.
Sinhala BJTසතිය සිහිකිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, මුළා නො වීම වැටැහෙනු වෙයි. ඒ ස්මෘතියට අතීත වූ සතර සතිපට්ඨානයෝ ආසන්නකාරණ වෙයි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද: “මහණෙනි සතින්‍ද්‍රිය කොහි දතයුතු යැ: සතර සතිපට්ඨානයන්හි දතයුතු’යි.
Pali BJTඑකග්ගලක්ඛණො සමාධි, අවික්ඛෙපපච්චුපට්ඨානො, තස්ස චත්තාරි ඣානානි{6} පදට්ඨානං. යථා වුත්තං භගවතා: “සමාධින්ද්රියං භික්ඛවෙ කුහිං දට්ඨබ්බං චතුසු ඣානෙසු”.
Sinhala BJTසමාධිය සිතෙහි එකඟබව ලක්‍ෂණ කොට ඇත්තේ යැ, අවික්‍ෂේපය වැටැහෙනු වෙයි. ඊට සතර ධ්‍යානයෝ පදට්ඨාන යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද : ‘මහණෙනි, සමාධීන්‍ද්‍රිය කොහි දතයුතු යැ: සතර ධ්‍යානයන්හි ලා දතයුතු’ යි.
Pali BJTපජානන{7}ලක්ඛණා පඤ්ඤා, භූතත්ථසන්තීරණ{8}පච්චුපට්ඨානා, තස්සා චත්තාරි අරියසච්චානි පදට්ඨානං. යථාවුත්තං භගවතා: “පඤ්ඤින්ද්රියං භික්ඛවෙ කුහිං දට්ඨබ්බං චතුසු අරියසච්චෙසු”.
Sinhala BJTප්‍රඥාව විශිෂ්ට වූ දැනීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, භූතාර්‍ත්‍ථසන්තීරණය වැටැහෙනු වෙයි, ඒ ප්‍රඥාවට සතර ආර්‍ය්‍යසත්‍යයෝ පදට්ඨාන යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද : ‘මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කොහි ලා දතයුතු යැ: හතර ආර්‍ය්‍යසත්‍යයන්හි ලා දතයුතු’යි.
Pali BJT6-20. චත්තාරි චක්කානි: පතිරූපදෙසවාසො චක්කං, සප්පුරිසාපස්සයො චක්කං, අත්තසම්මාපණිධානං චක්කං, පුබ්බෙකතපුඤ්ඤතා චක්කං, තත්ථ අරියසන්නිස්සයලක්ඛණො පතිරූපදෙසවාසො, සො සප්පුරිසාපස්සයස්ස පදට්ඨානං, අරියසන්නිස්සයලක්ඛණො සප්පුරිසාපස්සයො, සො අත්තසම්මාපණිධානස්ස පදට්ඨානං. සම්මාපටිපත්තිලක්ඛණං අත්තසම්මාපණිධානං, තං පුඤ්ඤානං පදට්ඨානං. කුසලධම්මොපචයලක්ඛණං පුඤ්ඤං, තං සබ්බසම්පත්තීනං පදට්ඨානං.
Sinhala BJT6-20. සතර චක්‍ර කෙනෙක් වෙති: ප්‍රතිරූපදෙශයෙහි වාසය චක්‍රයෙක, සත්පුරුෂයන්ගේ උපනිශ්‍රය චක්‍රයෙක, ආත්මසම්‍යක්ප්‍රණිධානය චක්‍රයෙක, පූර්‍වකෘතපුණ්‍යතාව චක්‍රයෙකි. එහි ප්‍රතිරූපදේශවාසය ආර්‍ය්‍යයන්ගේ ආශ්‍රය ලක්‍ෂණ කොට ඇත්තේ යැ හේ සත්පුරුෂයන්ගේ උපනිශ්‍රයට පදට්ඨාන යි. සත්පුරුෂෝපනිශ්‍රය ආර්‍ය්‍යයන් හා එක්වැ විසීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ හේ ආත්මසම්‍යක්ප්‍රණීධානයට පදට්ඨාන යි. ආත්මසම්‍යක්ප්‍රණිධානය සම්‍යක්ප්‍රතිපත්ති ලක්‍ෂණ කොට ඇත්තේ යැ එය පුණ්‍යයන්ට පදට්ඨාන යි. පුණ්‍යය කුසල් දහම් රැස්කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ එය සියලු සම්පත්තීන්ට පදට්ඨාන යි.
Pali BJT6-21. එකාදස සීලමූලකා ධම්මා: “සීලවතො අවිප්පටිසාරො භවති -පෙ- සො විමුත්තිඤාණදස්සනං ‘නාපරං{1} ඉත්තත්ථායා’ති පජානනා.
Sinhala BJT6-21. ශීලය මුල් කොට ඇති ධර්‍මයෝ එකොළොසෙකැ : සිල්වත්හට අවිප්‍රතිසාරය (නො මකුබව) වෙයි. ... ඉත්‍ථම්භාවය පිණිස කළ යුතු අනෙකෙක් නැතැයි දැනීම විමුත්තිඤාණදස්සන යි.
Pali BJTතත්ථ වෙරමණී ලක්ඛණං සීලං, තං අවිප්පටිසාරස්ස පදට්ඨානං.
Sinhala BJTඑහි සීලය (ප්‍රාණවධාදියෙන්) විරමණය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය අවිප්පටිසාරයට පදට්ඨාන යි.
Pali BJTන අත්තානුවාදලක්ඛණො අවිප්පටිසාරො, සො පාමොජ්ජස්ස පදට්ඨානං.
Sinhala BJTඅවිප්‍රතිසාරය අනාත්මානුවාදය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ප්‍රාමෝද්‍යයට පදට්ඨාන යි.
Pali BJTඅභිප්පමොදලක්ඛණං පාමොජ්ජං, තං පීතියා පදට්ඨානං.
Sinhala BJTප්‍රාමෝද්‍යය (ඵරණප්‍රීතිය) අධික වූ ප්‍රමෝදය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ප්‍රීතියට පදට්ඨාන යි.
Pali BJTඅත්තමනලක්ඛණා පීති, සා පස්සද්ධියා පදට්ඨානං.
Sinhala BJTප්‍රීතිය අත්තමන (සතුටු සිත් ඇති බව) ලක්‍ෂණ කොට අත්තී යැ, ඒ ප්‍රීතිය පස්සද්ධියට (කාය–චිත්තයන්ගේ සැහැල්ලුබවට) පදට්ඨාන යි.
Pali BJTකම්මනියලක්ඛණා පස්සද්ධි, සා සුඛස්ස පදට්ඨානං.
Sinhala BJTපස්සද්ධිය කර්‍මක්‍ෂම බව ලක්‍ෂණ කොට ඇත්තී යැ, එය අර්‍පණ පූර්‍වභාග වූ සුඛයට පදට්ඨාන යි.
Pali BJTඅබ්යාපාදලක්ඛණං සුඛං, තං සමාධිනො පදට්ඨානං.
Sinhala BJTසුඛය අව්‍යාපාදය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය සමාධියට පදට්ඨාන යි.
Pali BJTඅවික්ඛෙප{2}ලක්ඛණො සමාධි, සො යථාභූතඤාණදස්සනස්ස පදට්ඨානං.
Sinhala BJTසමාධිය අවික්‍ෂේපය (සිත නො විසුරුණු බව) ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය යථාභූත ඥානදර්‍ශනයට (තරුණ විදර්‍ශනාවට) පදට්ඨාන යි.
Pali BJTඅවිපරිතසන්තීරණලක්ඛණා පඤ්ඤා, සා නිබ්බිදාය පදට්ඨානං.
Sinhala BJTවිදර්‍ශනාප්‍රඥාව අවිපරීතසන්තීරණය ලක්‍ෂණ කොට ඇත්තී යැ, එය නිර්වේදයට (බලව විපස්සනාවට) පදට්ඨාන යි.
Pali BJTඅනාලයනලක්ඛණා නිබ්බිදා, සා විරාගස්ස පදට්ඨානං.
Sinhala BJTනිර්වේදය ආලය නො කිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එය විරාගයට පදට්ඨාන යි.
Pali BJTඅසඞ්කිලෙසලක්ඛණො විරාගො, සො විමුත්තියා පදට්ඨානං.
Sinhala BJTවිරාගය අසංක්ලේශ ලක්‍ෂණ යැ, එය විමුක්තියට පදට්ඨාන යි.
Pali BJTඅකුසලධම්මවිවෙකලක්ඛණා විමුත්ති, සා විමුත්තිනො වොදානස්ස පදට්ඨානං.
Sinhala BJTවිමුක්තිය අකුශලධර්‍මයෙන් වෙන් වීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එය විමුක්ත වූවහුගේ ව්‍යවදානයට පදට්ඨාන යි.
Pali BJT6-22. චතස්සො අරියභූමියො, චත්තාරි සාමඤ්ඤඵලානි, තත්ථ යො යථාභූතං පජානාති. එසා දස්සනභූමි සොතාපත්තිඵලං ච. සො යථාභූතං පජානිත්වා නිබ්බින්දති, ඉදං තනුකාමරාගස්ස බ්යාපාදස්ස ච පදට්ඨානං සකදාගාමිඵලං ච. සණ්හං විරජ්ජති, අයං රාගවිරාගා චෙතොවිමුත්ති අනාගාමිඵලං ච. යා{3} අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති,{4} අයං කතාභූමි අරහත්තඤ්ච.
Sinhala BJT6-22. ආර්‍ය්‍යභූමි සතරෙකි, ශ්‍රාමණ්‍යඵලයෝ සතරදෙනෙකි. එහි යමෙක් යථාභූත වැ දැනැගනී ද මෝ දර්‍ශනභූමි යැ, සෝතාපත්ති ඵලය ද වෙයි. හේ යථාභූත වැ අවබෝධ කොට නිර්වේදයට පැමිණෙයි, මෙය තනු වූ කාමරාගයට ද ව්‍යාපාදයට ද පදට්ඨාන යි. සකදාගාමිඵලය ද වෙයි. සිලුටු වැ විරාගයට පැමිණෙයි. මේ රාගවිරාග චේතෝවිමුත්ති යැ. අනාගාමී ඵලය ද වෙයි. යම් අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුක්තියක් වේ ද මේ කෘතභූමි යැ රහත් බව ද වේ.
Pali BJTසාමඤ්ඤඵලානීති කො වචනත්ථො, අරියො අට්ඨඞ්ගිකො මග්ගො සාමඤ්ඤං, තස්සෙතානි ඵලානීති සාමඤ්ඤඵලානි වුච්චන්ති. කිස්ස බ්රහ්මඤ්ඤඵලානීති වුච්චන්තෙ: බ්රහ්මඤ්ඤං{1} අරියො අට්ඨඞ්ගිකො මග්ගො, තස්සෙතානි{2} ඵලානීති බ්රහ්මඤ්ඤඵලානීති වුච්චන්තෙ.
Sinhala BJTසාමඤ්ඤඵලානි යනු වචනාර්‍ත්‍ථ කවරෙ යැ: ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ශ්‍රාමණ්‍ය යැ, ඒ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයාගේ තෙල ඵලයෝ නුයි ශ්‍රාමණ්‍යඵලයෝ යයි කියනු ලැබෙත්. කුමක් හෙයින්, බ්‍රහ්මඤ්ඤඵලයෝයයි කියනු ලැබෙත් ද යත්: ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය බ්‍රහ්මඤ්ඤ යැ, ඒ බ්‍රහ්මඤ්ඤයාගේ තෙල ඵලයෝ නුයි බ්‍රහ්මඤ්ඤඵලයෝ යයි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ සොතාපන්නො කථං හොති: සහ සච්චාභිසමයා අරියසාවකස්ස තීණි සංයොජනානි පහීයන්ති: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො ච. ඉමෙසං තිණ්ණං සංයොජනානං පහානා පරික්ඛයා අරියසාවකො හොති අවිනිපාතධම්මො යාව දුක්ඛස්සන්තං කරොති.
Sinhala BJTඑහි කිසෙයින් සෝතාපන්න වෙයි යත්: සත්‍යාවබෝධය සමග ආර්‍ය්‍යශ්‍රාවකයාගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙති. මේ තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ක්‍ෂය වීමෙන් දුක් කෙළවර කිරීම දක්වා අවිනිපාත ස්වභාව වූ ආර්‍ය්‍යශ්‍රාවක වේ.
Pali BJTතත්ථ කතමා සක්කායදිට්ඨි: අස්සුතවා{3} බාලො පුථුජ්ජනො ... (යාව) අරියධම්මෙ අකොවිදො, සො රූපං අත්තතො සමනුපස්සති, -පෙ- (යාව) විඤ්ඤාණස්මිං අත්තානං. සො ඉමෙසු පඤ්චසු ඛන්ධෙසු අත්තග්ගාහො වා අත්තනියග්ගාහො වා එසො හමස්මි එකස්මිං වසවත්තිකො පක්ඛිත්තො අනුග්ගාහො{4} අනුසයන්තො{5} අඞ්ගමඞ්ගන්ති පරති, යා තථාභූතස්ස ඛන්ති රුචී පෙක්ඛනා ආකාරපරිවිතක්කො දිට්ඨිනිජ්ඣායනා අභිප්පසන්නා, අයං මුච්චතෙ සක්කායදිට්ඨී’ති.
Sinhala BJTඑහි සක්කායදිට්ඨි කවර යත් : අශ්‍රැතවත් බාල පුහුදුන් තෙමේ (යම්තාක්) ... ආර්‍ය්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ වේ ද, හේ රූපය ආත්ම විසින් දකී ... විඥානයෙහි ආත්මය ඇතැයි දකී. හේ මේ පඤ්ච ස්කන්‍ධයෙහි ආත්මග්‍රාහය ඇත්තේ හෝ ආත්මනියග්‍රාහය (ඇත්තේ) හෝ වෙයි. ‘තෙලෙ මම් වෙමි’ එක් (දෘෂ්ටියෙක) වශයෙහි පවත්නේ ප්‍රක්‍ෂිප්ත වූයේ ග්‍රාහ ඇත්තේ අනුශය වශයෙන් පවත්නේ අංගමංග ? යයි ගනී. එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් ප්‍රේක්‍ෂණයෙක් ආකාර පරිවිතර්‍කයෙක් දෘෂ්ටිය ගෙන සිතීමෙක් ප්‍රසන්න බවක් වේ ද, මේ සක්කාය දිට්ඨි යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ පඤ්ච දිට්ඨියො උච්ඡෙදං භජන්ති, කතමායො පඤ්ච: රූපං අත්තතො සමනුපස්සති, යාව විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, ඉමායො පඤ්ච උච්ඡෙදං භජන්ති, අවසෙසායො පන්නරස සස්සතං භජන්ති, ඉති සක්කායදිට්ඨිපහානා ද්වාසට්ඨිදිට්ඨිගතානි පහීයන්ති. පහානා උච්ඡෙදං සස්සතං ච න භජති. ඉති උච්ඡෙදසස්සතප්පහානා අරියසාවකස්ස න කිඤ්චි දිට්ඨිගතං භවති, ඉධ අරියසාවකො සුතවා හොති. සබ්බො සුක්කපක්ඛො කාතබ්බො, යාව අරියධම්මෙසු කොවිදො රූපං අනත්තතො සමනුපස්සති, යාව විඤ්ඤාණං -පෙ- එවමස්ස සමනුපස්සන්තස්ස සක්කායදිට්ඨි න භවති.
Sinhala BJTඑහි දෘෂ්ටිහු පස්දෙනෙක් උච්ඡේදය භාජනය කෙරෙති, කවර පස්දෙනෙක යත් : රූපය ආත්ම විසින් දකී, (යනු පටන්) විඥානය ආත්ම යයි (දෘෂ්ටිවශයෙන්) දකී යන මේ පස උච්ඡේදය භජනය කෙරෙත්. සෙසු පසළොස් (ආත්ම) දෘෂ්ටීහු ශාශ්වතය භජනය කෙරෙත්. මෙසේ සත්කායදෘෂ්ටිය ප්‍රහාණයෙන් දෙසැට දෘෂ්ටිගතයෝ ප්‍රහීණ වෙති. ප්‍රහීණ වීමෙන් (ආර්‍ය්‍යශ්‍රාවක) උච්ඡේදයත් ශාශ්වතයත් භජනය නො කෙරෙයි. මෙසේ උච්ඡේද ශාශ්වතප්‍රහාණයෙන් ආර්‍ය්‍යශ්‍රාවකහට කිසි දෘෂ්ටිගතයෙක් නො වෙයි. මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රැතවත් වෙයි. සියලු ශුක්ලපක්‍ෂය විස්තර කළයුතු ... ‘ආර්‍ය්‍යධර්‍මයෙහි නිපුණ වූයේ රූපය අනාත්ම වශයෙන් දකී, (යනු පටන්) විඥානය ... (අනාත්ම වශයෙන් දකී යනු දක්වා) මෙසේ දක්නා වූ ඔහුට සත්කායදෘෂ්ටි නො වේ.
Pali BJTකථං විචිකිච්ඡා න භවති - ඉධ අරියසාවකො බුද්ධෙ න කඞ්ඛති න විචිකිච්ඡති අභිප්පසීදති, ඉතිපි සො භගවා’ති සබ්බං. ධම්මෙ න කඞ්ඛති න විචිකිච්ඡති සබ්බං, යාව තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාන’න්ති, ඉමිනා දුතියෙන ආකඞ්ඛීයෙන ධම්මෙන සමන්නාගතො හොති. සඞ්ඝෙ න කඞ්ඛති -පෙ- යාව පූජා දෙවානං ච මනුස්සානං චා’ති, ඉමිනා තතියෙන ආකඞ්ඛියෙන ධම්මෙන සමන්නාගතො හොති.
Sinhala BJTකිසෙයින් විචිකිච්ඡා නො වෙයි යත් : මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිත්සා නො කෙරෙයි, අතිශයින් පහදී, “ඉතිපි සො භගවා ... “සියල්ල ද, දහම්හි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි ... “තණ්හක්ඛයෝවිරාගෝ නිරොධො නිබ්බානං” යනු දක්වා සියල්ල ද (විස්තර කළයුතු යි.) මේ දෙවැනි ආකඞ්ඛීය ධර්‍මයෙන් (?) සමන්‍විත වෙයි. සඟුන් කෙරෙහි සැක නො කෙරෙයි ... දෙවියන්ගේ ද මිනිසුන්ගේ ද පූජාවට සුදුසු වෙයි (?) යනු දක්වා විස්තර යි. මේ තෙවැනි ආකඞ්ඛීය ධර්‍මයෙන් සමන්‍වාගත වේ.
Pali BJT‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති අභිප්පසීදති. ‘තණ්හා{6} දුක්ඛසමුදයො’ති න කඞ්ඛති න විචිකිච්ඡති තණ්හානිරොධො{7} දුක්ඛනිරොධො’ති න කඞ්ඛති න විචිකිච්ඡති’අරියො අට්ඨඞ්ගිකො මග්ගො දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති අභිප්පසීදති.
Sinhala BJT“සියලු සංස්කාරයෝ දුක් වූහ” යි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, නිශ්චයට පැමිණෙයි, ප්‍රසාදයට පැමිණේ. ‘තණ්හාව දුක්ඛසමුදය’යී සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි ... ‘තෘෂ්ණානිරෝධය දුක්ඛනිරෝධය” යි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, ... ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යී සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, නිශ්චයට පැමිණෙයි, පහදී.
Pali BJTබුද්ධෙ වා{1} ධම්මො වා සඞ්ඝෙ වා දුක්ඛෙ වා සමුදයෙ වා නිරොධෙ වා මග්ගෙ වා කඞ්ඛායනා විමති විචිකිච්ඡා ද්වෙධාපථො{2} ආසප්පනා පරිසප්පනා අනවට්ඨානං අනධිට්ඨානං{3} අනෙකංසො අනෙකංසිකතා, තෙ තස්ස පහීනා භවන්ති පණුන්නා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවං ගතා{4} ආයතිං අනුප්පාදධම්මා.
Sinhala BJTබුදුන් කෙරෙහි හෝ දහම්හි හෝ සඟුන් කෙරෙහි හෝ දුකෙහි හෝ සමුදයෙහි හෝ නිරෝධයෙහි හෝ මාර්‍ගයෙහි හෝ සැක කිරීමක් විමතියක් විචිකිත්සාවක් ද්විධාපථයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නොසිටීමෙක් නො පිහිටාසිටීමෙක් අනේකාන්ත බවෙක් අනෛකාංසිකාකාරයෙක් වේ ද, ඒ සැකයෝ ඔහු විසින් ප්‍රහීණ කරන ලද්දාහු වෙති, බැහැර කරන ලද්දාහු උසුන් මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවයට ගියාහු මතුයෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත්.
Pali BJTතත්ථ සීලබ්බතපරාමාසො ද්විධා: සීලස්ස වා සුද්ධස්ස වා.
Sinhala BJTඑහි සීලබ්බතපරාමාසය දෙපරිදි වෙයි : සිල් ඇත්තහුගේ හෝ ශුද්ධි ඇත්තහුගේ හෝ යැ.
Pali BJTතත්ථ කතමො, සීලස්ස සීලබ්බතපරාමාසො: ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා, තත්ථ කපොතපාදාහි අච්ඡරාභි සද්ධිං කීළිස්සාමි රමිස්සාමි පරිචරිස්සාමී’ති. යා තථාභූතස්ස ඛන්ති{5} රුචී විමුත්ති රාගො රාගපරිවත්තකා දිට්ඨි රූපනා පස්සනා, අයං සීලස්ස{6} සීලබ්බතරාමාසො.
Sinhala BJTඑහි සිල්ඇත්තහුගේ සීලබ්බතපරාමාසය කවරැ : මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දේවාන්‍යතරයෙකිම් වෙමි, එහි පරෙවිපා ඇති අප්සරාවන් සමග ක්‍රීඩා කෙරෙමි, රමණය කෙරෙමි, සිත් අලවා වෙසෙමි එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් ඇලීමක් රාගයෙක් රාගපරිවර්‍තක දෘෂ්ටියක් දැක්වීමක් වේ ද මේ සිල් ඇත්තහුගේ ශීලව්‍රතපරාමර්‍ශ යි.
Pali BJTතත්ථ කතමො සුද්ධස්ස සීලබ්බතපරාමාසො: ඉධෙකච්චො සීලං පරාමසති: සීලෙන සුජ්ඣති සීලෙන නීයති සීලෙන මුච්චති, සුඛං වීතික්කමති, දුක්ඛං වීතික්කමති, සුඛදුක්ඛං වීතික්කමති, අනුපාපුණාති උපරිමෙන, තදුභයං සීලවතං පරාමසති, තදුභයෙන සීලවතෙන සුජ්ඣන්ති මුච්චන්ති නීයන්ති, සුඛං වීතික්කමන්ති, දුක්ඛං වීතික්කමන්ති, සුඛදුක්ඛං වීතික්කමන්ති, අනුපාපුණන්තීති අවිසුචීකරං ධම්මං අවිමුත්තිකරං ධම්මං විසුචීතො විමුත්තිතො පච්චාගච්ඡන්තස්ස යා තථාභූතස්ස ඛන්ති රුචි මුත්ති පෙක්ඛනා ආකාරපරිවිතක්කො දිට්ඨිනිජ්ඣායනා පස්සනා, අයං සුද්ධස්ස සීලබ්බතපරාමාසො.
Sinhala BJTඑහි ශුද්ධිඇත්තහුගේ සීලබ්බතපරාමාස කවරැ: මෙලොවැ කිසිවෙක් ශීලය පරාමර්‍ශ කෙරෙයි : ශිලයෙන් ශුද්ධවෙයි, ශීලයෙන් (සුවයට) පමුණුවයි, ශීලයෙන් මිදෙයි, සුව ඉක්මවයි, දුක් ඉක්මවයි, සුවදුක් ඉක්මවයි, උපරිමභාවයට පැමිණෙයි. ඒ ශීලව්‍රත දෙක පරාමාර්‍ශ කෙරෙයි: ඒ ශීලව්‍රත දෙකින් ශුද්ධ වෙති, මිදෙති, පමුණුවති, සුව ඉක්මවති, දුක් ඉක්මවති, සුවදුක් ඉක්මවති, (නිවනට) පැමිණෙත් යයි. (අවිසුචිකරං ... මෙහි සිට වාක්‍ය ය ව්‍යාකල යි.) එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් මුක්තියක් ප්‍රේක්‍ෂණයෙක් ආකාරපරිවිතර්‍කයෙක් දෘෂ්ටිය සිතීමෙක් දැකීමෙක් වේ ද, මේ විශුද්ධි ඇත්තහුගේ සීලබ්බතපරාමාස යි.
Pali BJTඑතෙ උභො පරාමාසා අරියසාවකස්ස පහීනා භවන්ති, යාව ආයතිං අනුප්පාදධම්මා. සො සීලවා භවති අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො අඛණ්ඩෙහි{7} යාව උපසමසංවත්තනිකෙහි. ඉමෙසං තිණ්ණං සංයොජනානං පහානා සුතවා අරියසාවකො භවති සොතාපන්නො අවිනිපාතධම්මො - සබ්බං.
Sinhala BJTතෙල පරාමාසයෝ දෙදෙන ආර්‍ය්‍යශ්‍රාවකහට ප්‍රහීණ වූවාහු වෙති. “ආයතිං අනුප්පාද ධම්මා’ (යනු දක්වා විස්තර කළයුතු යැ) ඒ ආර්‍ය්‍යශ්‍රාවක අඛණ්ඩ වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වූයේ සිල්වත් වෙයි. “උපසමසංවත්තනිකෙහි” (යනු දක්වා විස්තර යි.) මේ තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සෝතාපන්න වූයේ අවිනිපාත ස්වභාව ඇතියේ වේ, සියල්ල (විස්තර කළ යුතු යැ)
Pali BJT‘සහ සච්චාභිසමයා’ ඉති කො වචනත්ථො: චත්තාරො අභිසමයා: පරිඤ්ඤාභිසමයො පහානාභිසමයො සච්ඡිකිරියාභිසමයො භාවනාභිසමයො.
Sinhala BJT‘සහ සච්චාහි සමයා’ යනු වචනාර්‍ත්‍ථ කවරෙ යැ: ‘පරිඤ්ඤාභිසමය පහානාභිසමය සව්ජිකිරියාහිසමය භාවනාභිසමය යී අභිසමයයෝ සතරදෙනෙකි.
Pali BJTතත්ථ අරියසාවකො දුක්ඛං පරිඤ්ඤාභිසමයෙන අභිසමෙති, සමුදයං පහානාභිසමයෙන අභිසමෙති, නිරොධං සච්ඡිකිරියාභිසමයෙන අභිසමෙති, මග්ගං භාවනාභිසමයෙන අභිසමෙති.
Sinhala BJTඑහි ආර්‍ය්‍යශ්‍රාවක දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, සමුදයසත්‍යය ප්‍රහාණ ප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, නිරෝධසත්‍යය සාක්‍ෂාත් ක්‍රියාභිසමයෙන් ප්‍රතිවේධ කෙරෙයි, මාර්‍ගසත්‍යය භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කෙරෙයි.
Pali BJTකිං කාරණා{8} දුක්ඛස්ස පරිඤ්ඤාභිසමයො, සමුදයස්ස පහානාභිසමයො, නිරොධස්ස සච්ඡිකිරියාභිසමයො, මග්ගස්ස භාවනාභිසමයො: සමථවිපස්සනාය, කථං අභිසමෙති: ආරම්මණෙ චිත්තං උපනිබන්ධෙත්වා පඤ්චක්ඛන්ධෙ දුක්ඛතො පස්සති. තත්ථ යො උපනිබන්ධො අයං සමථො, යං පරියොගාහනා, අයං විපස්සනා.
Sinhala BJTකවර කරුණෙකින් දුක්ඛයාගේ පරිඤ්ඤාභිසමය (ප්‍රතිවේධය) සමුදයාගේ පහානාභිසමය, නිරෝධයාගේ සච්ඡිකිරියාභිසමය, මාර්‍ගයාගේ භාවනාභිසමය වෙයි යත්: සමථ විපස්සනා හේතුයෙනි, කිසෙයින් ප්‍රතිවේධ කෙරෙයි යත්: අරමුණෙහි සිත උපනිබන්‍ධනය කොට පඤ්චස්කන්‍ධයන් දුක් වශයෙන් දකී. එහි යම් උපනිබන්‍ධයෙක් ඇද්ද මේ සමථ යැ. යම් පරියෝගාහනයෙක් (විමසීමෙක්) ඇද්ද මේ විපස්සනා යි.
Pali BJTපඤ්චක්ඛන්ධා{1} දුක්ඛාති පස්සතො යො පඤ්චක්ඛන්ධෙසු ආලයො නිකන්ති උපගමනං අජ්ඣොසානං ඉච්ඡා මුච්ඡා පණිධි පත්ථනා, සො පහීයති. තත්ථ පඤ්චක්ඛන්ධං දුක්ඛං. යො තත්ථ ආලයො නිකන්ති උපගමනං අජ්ඣොසානං ඉච්ඡා මුච්ඡා පණිධි පත්ථනා, අයං සමුදයො. යං තස්ස පහානං අයං{2} නිරොධො. සමථො විපස්සනා ච මග්ගො, එවං තෙසං චතුන්නං අරියසච්චානං එකකාලෙ එකක්ඛණෙ එකචිත්තෙ අපුබ්බං අචරිමං අභිසමයො භවති. තෙනාහ භගවා: “සහ සච්චාභිසමයා අරියසාවකස්ස තීණි සංයොජනානි පහීයන්තී’ති.
Sinhala BJTපඤ්චස්කන්‍ධයෝ දුක් වූහ’යි දක්නාහට පඤ්චස්කන්‍ධයෙහි යම් ආලයෙක් නිකාන්තියක් උපගමනයෙක් බැසැගෙන සිටීමෙක් ඊප්සාවක් මූර්ජාවක් ප්‍රණිධියක් ප්‍රාර්‍ත්‍ථනාවක් ඇද්ද ඒ ප්‍රහීණ වෙයි. එහි පඤ්චස්කන්‍ධයෝ දුක්ඛ සත්‍ය යැ. එහි යම් ආලයෙක් නිකාන්තියක් උපගමනයෙක් අධ්‍යයවසානයෙක් ඉච්ඡාවක් මූර්ඡාවක් ප්‍රණිධියක් ප්‍රාර්‍ත්‍ථනාවක් ඇද්ද මේ සමුදය සත්‍ය යැ, ඒ සමුදයයාගේ ප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධසත්‍ය යැ. සමථයත් විපස්සනාවත් මාර්‍ගසත්‍ය යි. මෙසේ ඒ චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ සමකාලයෙහි ඒකක්‍ෂණයෙහි ඒකචිත්තයෙහි නො පෙරපසු වැ අවබෝධය වෙයි. එයින් වදාළහ බුදුහු, “සත්‍යාවබෝධය සමග ආර්‍ය්‍යශ්‍රාවකහට තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙත්” යයි.
Pali BJTතත්ථ සමථවිපස්සනා යුගනද්ධා වත්තමානා එකකාලෙ එකක්ඛණෙ එකචිත්තෙ චත්තාරි කිච්චානි කරොන්ති{3} දුක්ඛං පරිඤ්ඤාභිසමයෙන අභිසමෙති- යාව මග්ගං භාවනාභිසමයෙන අභිසමෙති.
Sinhala BJTඑහි සමථවිපස්සනා යුගනද්ධ වැ පවත්නාහු එක්කලැ එක් කොණෙහි එක් සිතෙහි සතර කෘත්‍යයක් කෙරෙති : දුක පරිඥාභිසමයෙන් අවබෝධ කෙරෙයි, ... මාර්‍ගය භාවනාහි සමයෙන් අවබෝධ කෙරෙයි, (යනු දක්වා විස්තර කළයුතු.)
Pali BJTකිං කාරණා: දුක්ඛං පරිඤ්ඤාභිසමයො යාව මග්ගං භාවනාභිසමයො: එවං දිට්ඨන්තො: යථා නාවා ජලං ගච්ඡන්ති චත්තාරි කිච්චානි කරොති: පාරිමං තීරං පාපෙති, ඔරිමං තීරං ජහති, භාරං වහති, සොතං ඡින්දති. එවමෙව සමථවිපස්සනා යුගනද්ධා වත්තමානා එකකාලෙ එකක්ඛණෙ එකචිත්තෙ චත්තාරි කිච්චානි කරොන්ති: දුක්ඛං පරිඤ්ඤාභිසමයෙන අභිසමෙති- යාව මග්ගං භාවනාභිසමයෙන අභිසමෙති.
Sinhala BJTකවර කරුණෙකින් දුක පරිඥාභිසමය වේ ද ... මාර්‍ගය භාවනාභිසමය වේ ද යත් : මෙසේ දෘෂ්ටාන්ත වෙයි : යම්සේ නැව ජලයෙහි ගමන් කරන්නී සතර කෘත්‍යයක් කෙරේ ද: පරතෙරට පමුණුවයි, මෙතෙර හැරපියයි, බර ගෙනයයි, ස්‍රෝතස් සිඳී. එපරිදි මැ සමථවිපස්සනා දෙක යුගනද්ධ වැ පවත්නාහු එක්විට එක් ඇසිල්ලෙහි එක්සිතෙහි කෘත්‍යය සතරක් සිදු කෙරෙති. දුක්ඛසත්‍යය පරිඥාභිසමයෙන් ප්‍රතිවේධ කෙරෙයි ... මාර්‍ගසත්‍යය භාවනාභිසමයෙන් ප්‍රතිවේධ කෙරෙයි.
Pali BJTයථා වා සුරියො{4} උදයන්තො එකකාලෙ අපුබ්බං අචරිමං චත්තාරි කිච්චානි කරොති: අන්ධකාරං විධමති, ආලොකං පාතුකරොති, රූපං නිදස්සීයති, සීතං පරියාදියති, එවමෙව සමථවිපස්සනා යුගනද්ධා වත්තමානා එකකාලෙ -පෙ- යථා පදීපො ජලන්තො එකකාලෙ අපුබ්බං අචරිමං චත්තාරි කිච්චානි කරොති: අන්ධකාරං විධමති, ආලොකං පාතුකරොති, රූපං නිදස්සීයති, උපාදානං පරියාදියති. එවමෙව සමථවිපස්සනා යුගනද්ධා වත්තමානා එකකාලෙ -පෙ-.
Sinhala BJTයළි යම්සේ හිරු උදයට පැමිණෙනුයේ එක්විට පෙරපසු නො වැ කෘත්‍යය සතරක් කෙරෙයි : අඳුර නසයි, ආලොකය පහළ කෙරෙයි, රූප දක්වයි, සීතය නසයි. එපරිදි මැ සමථවිපස්සනා යුගනද්ධ වැ පවත්නාහු එක්විට ... යම්සේ පහන දැල්වෙනුයේ එක්විට නො පෙරපසු වැ කෘත්‍යය සතරක් කෙරේ ද: අඳුර දුරු කෙරෙයි, එළිය පහළ කෙරෙයි, රූප දක්වයි. තෙල් ගෙවාලයි. එපරිදි මැ සමථවිපස්සනා යුගනද්ධ වැ පවත්නාහු එක්විටැ ...
Pali BJTයදා අරියසාවකො සොතාපන්නො භවති අවිනිපාතධම්මො නියතොයාව දුක්ඛස්සන්තං කරොති. අයං දස්සනභූමි. සොතාපත්තිඵලං ච.
Sinhala BJTයම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ස්‍රෝතාපන්න වේ ද, විරූපයෙහි නොවැටෙන සැහැවි ඇතියේ මාර්‍ගනියාමයෙන් නියත වූයේ ... දුක් කෙළෙවර කෙරෙයි. මේ දර්‍ශනභූමි යැ, ස්‍රෝතාපත්තිඵලය ද වේ.