Pali BJTයං පුන සමාධිනො පස්සද්ධි ච පීති ච පාමොජ්ජං ච පච්චයො. යං සුඛං හෙතු, තෙන සමාධික්ඛන්ධො සහෙතු සප්පච්චයො, යං සමාහිතො යථාභූතං පජානාති, අයං පඤ්ඤා. තස්සා{10} පරතොඝොසො ආජ්ඣත්තං ච යොනිසොමනසිකාරො හෙතු ච පච්චයො ච. ඉති ඉමෙ තයො ඛන්ධා සහෙතු සප්පච්චයා. එවං සත්ත පඤ්ඤා. සත්තබ්යාකරණීසු ච සුත්තෙසු න යුජ්ජති. අයං යුත්තිහාරො, සො චතුසු මහාපදෙසෙසු දට්ඨබ්බො.
Sinhala BJTයළි සමාධියට යම් පස්සද්ධියක් ප්‍රීතියක් ප්‍රාමෝද්‍යයෙක් ඇද්ද මේ ප්‍රත්‍ය යැ, යම් සුඛයක් ඇද්ද මේ හේතු යි. එයින් සමාධික්ඛන්‍ධය සහේතු සප්‍රත්‍යය වේ. යම්හෙයෙකින් සමාහිත වූයේ යථා භූත වැ දැනගනී ද මේ ප්‍රඥා යැ. ඒ ප්‍රඥාවට පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරය ද හේතු ද ප්‍රත්‍යය ද වේ. මෙසේ මේ තුන් ස්කන්‍ධයෝ සහේතු සප්‍රත්‍යය වෙත්. (එවං සත්ත පඤ්ඤා සත්තඛ්‍යාකරණීසු ච සුත්තෙසුන යුජ්ජති?) මේ යුක්තිහාර යි” හේ සතර මහාපදේසයෙහි දතයුත්තේ යි.
Pali BJT4. තත්ථ කතමො පදට්ඨාන හාරො:
Sinhala BJT4. එහි පදට්ඨානයාරය කවරෙ යැ:
Pali BJT9. ධම්මං දෙසෙති ජිනො - තස්ස ච ධම්මස්ස යං පදට්ඨානං, ඉති යාව සබ්බධම්මො{11} - එසො හාරො පදට්ඨානො.
Sinhala BJT9. ජිතපඤ්චමාර වූ බුදුහු දහම් දෙසති. ඒ කුශලාදි භේද වූ ධර්‍මයට කාරණ වූ යෝනිසෝමනසිකාරාදි යම් පදට්ඨානයෙක් ඇද්ද, මෙසේ සූත්‍රාගත වූ සියලු ධර්‍මයනට පදට්ඨාන (ආසන්න කාරණ) දැක්වීම ලක්‍ෂණ වූ තෙල හාරය පදට්ඨාන නම් වේ.
Pali BJTතත්ථ පඤ්ච කාමගුණා කාමරාගස්ස පදට්ඨානං, යෙසං කෙසඤ්චි කාමරාගො උප්පජ්ජති උප්පන්නො වා උප්පජ්ජිස්සති වා එතෙසු යෙව{1} පඤ්චසු රූපාදිසු{2} ආයතනෙසු, නාඤ්ඤත්ර එතෙහි කාමරාගස්ස පදට්ඨානන්ති. වුච්චතෙ, තෙන පඤ්ච කාමගුණා කාමරාගස්ස පදට්ඨානං, පඤ්චින්ද්රියානි රූපරාගස්ස පදට්ඨානං, මනින්ද්රියං භවරාගස්ස පදට්ඨානං, පඤ්චක්ඛන්ධා සක්කායදිට්ඨියා පදට්ඨානං, එකසට්ඨි දිට්ඨිගතානි දිට්ඨිරාගස්ස පදට්ඨානං, කාමධාතු කාමරාගස්ස පදට්ඨානං, රූපධාතු රූපරාගස්ස පදට්ඨානං අරූපධාතු අරූපරාගස්ස පදට්ඨානං, සුඛසඤ්ඤා කාමරාගස්ස පදට්ඨානං, බ්යාපාදසඤ්ඤා බ්යාපාදස්ස පදට්ඨානං, අසම්පජානතා{3} සම්මොහස්ස පදට්ඨානං, නව{4} ආඝාතවත්ථූනි බ්යාපාදස්ස පදට්ඨානං, නවවිධං මානං විධාමානස්ස{4} පදට්ඨානං, සුඛා වෙදනා රාගානුසයස්ස පදට්ඨානං, දුක්ඛා වෙදනා පටිඝානුසයස්ස පදට්ඨානං, අදුක්ඛමසුඛා වෙදනා අවිජ්ජානුසයස්ස පදට්ඨානං, අත්තවාදූපාදානං ච මුසාවාදො ච ලොභස්ස පදට්ඨානං, පාණාතිපාතො ච පිසුනාවාචා ච ඵරුසාවාචා ච බ්යාපාදස්ස පදට්ඨානං, මිච්ඡත්තං ච සම්ඵප්පලාපො ච මොහස්ස පදට්ඨානං, භවං භොගං ච වොකාරො ච අහඞ්කාරස්ස පදට්ඨානං, බාහිරානං පරිග්ගහො මමඞ්කාරස්ස පදට්ඨානං, කායස්ස සඞ්ගං දිට්ඨියා පදට්ඨානං, කායිකදොසො දොසස්ස පදට්ඨානං, කායිකකාසාවො ලොභස්ස පදට්ඨානං, යො යො වා පන ධම්මො යෙන යෙන ආකාරෙන{5} උප්පජ්ජති සත්තාධිට්ඨානෙන{6} වා ධම්මාධිට්ඨානෙන වා අනුසයනෙන වා සො ධම්මො තස්ස පදට්ඨානං. තෙන ආකාරෙන{5} සො ධම්මො උප්පජ්ජති.
Sinhala BJTඑහි පඤ්චකාමගුණයෝ කාමරාගයට පදට්ඨාන යැ, යම් කිසි කෙනකුන්ට කාමරාගය උපදී ද උපන්නේ හෝ උපදනේ හෝ වේ ද, තෙල රූපාදි පඤ්ච ආයතනයන්හි මැ උපදී. මොවුන් කෙරෙන් අන් තැනෙක කාමරාගයට පදට්ඨාන නැති, එයින් කියනු ලැබේ. “පඤ්චකාම ගුණයෝ කාමරාගයට පදට්ඨාන යැ, පඤ්චේන්‍ද්‍රියයෝ රූපරාගයට පදට්ඨාන යැ, මනඉන්‍ද්‍රිය භවරාගයට පදට්ඨාන යැ, පඤ්චස්කන්‍ධයෝ සක්කාය දිට්ඨයට පදට්ඨාන යැ, එක්සැටක් දෘෂ්ටිගතයෝ දිට්ඨිරාගයට පදට්ඨාන යැ, කාමධාතුව කාමරාගයට පදට්ඨාන යැ, රූපධාතුව රූපරාගයට පදට්ඨාන යැ, අරූපධාතුව අරූපරාගයට පදට්ඨාන යැ, සුඛසංඥාව කාමරාගයට පදට්ඨාන යැ, ව්‍යාපාද සංඥාව ව්‍යාපාදයට පදට්ඨාන යැ, සම්‍යග්ඥාන රහිත බව සම්මෝහයට පදට්ඨාන යැ, නව ආඝාතවස්තු ව්‍යාපාදයට පදට්ඨාන යැ, නව විධ මානය විධා සංඛ්‍යාත මානයට පදට්ඨාන යැ, සුඛවේදනාව රාගානුශයට පදට්ඨාන යැ, දුක්ඛ වේදනාව පටිඝානුසයට පදට්ඨාන යැ, අදුක්ඛමසුඛ වේදනාව අවිද්‍යානුශයට පදට්ඨාන යැ, අත්තවාදූපාදානය ද මුසාවාදය ද ලෝභයට පදට්ඨාන යැ, ප්‍රාණඝාතය ද පිසුනවචනය ද පරුෂ වචනය ද ව්‍යාපාදයට පදට්ඨාන යැ, මිත්‍ථ්‍යාදෘෂ්ටිය ද සම්ඵප්‍රලාපය ද මෝහයට පදට්ඨාන යැ, භවය ද භොග ද ව්‍යවකාරය (සිතෙහි ව්‍යාකූලබව) ද අහංකාරයට පදට්ඨාන යැ, බාහිර වස්තූන් ගේ පරිග්‍රහය මමංකාරයට පදට්ඨාන යැ, කායසංගය (ඇලීම) දෘෂ්ටියට පදට්ඨාන යැ, කායික දෝෂය ද්වේෂයට පදට්ඨාන යැ, කායකසටය ලෝභයට පදට්ඨාන යැ, තවද යම් යම් ධර්‍මයෙක් සත්ත්‍වප්‍රඥප්ති වශයෙන් හෝ ධර්‍මවශයෙන් හෝ අනුශය වශයෙන් හෝ යම් යම් ආකාරයකින් උපදී ද, ඒ ධර්‍මය එයට පදට්ඨාන යි. ඒ ආකාරයෙන් ඒ ධර්‍මය උපදී.
Pali BJTයථා මනුස්සො පුරිමස්ස පදස්ස පදට්ඨානං අලභන්තො දුතියං පදං උද්ධරති. සො පච්ඡානුපදං සංහරති{7}. යදි යන යො න දුතියපදස්ස පදට්ඨානං ලභති, අපරං පදං උද්ධරති, තස්ස සො චෙසො පච්චයො භවති. එවං ධම්මො කුසලො වා අකුසලො වා අබ්යාකතො වා පදට්ඨානං අලභන්තො න පවත්තති, යථා පයුත්තස්ස ධම්මස්ස යොනිසො{8}. අයං වුච්චති පදට්ඨානො හාරො.
Sinhala BJTයම්සේ මිනිසෙක් පළමු පාදයට පිය තබන තැනක් නො ලබනුයේ දෙවැනි පිය නඟයි, හේ පසුපිය හකුළුවයි, යළි ඉදින් යමෙක් දෙවැනි පියට පිය තබන තැනක් නො ලබා නම් අනික් පිය නගයි, ඔහුට තෙල ප්‍රත්‍යය වේ. එපරිදි කුශල හෝ අකුශල හෝ අව්‍යාකෘත හෝ ධර්‍මය පදට්ඨානය නො ලබනුයේ නො පවතී. (යථා පයුත්තස්ස ධම්මස්ස යෝනිසෝ?) මේ පදට්ඨානහාර යයි කියනු ලැබේ.
Pali BJT5. තත්ථ කතමො ලක්ඛණො හාරො:
Sinhala BJT5 එහි, ලක්ඛණහාර කවරෙ යත් :
Pali BJT10. වුත්තම්හි එකධම්මෙ - යෙ ධම්මා එකලක්ඛණා තෙන, සබ්බෙ භවන්ති වුත්තා - සො හාරො ලක්ඛණො නාම.
Sinhala BJT10. (කුශලාදි හෝ ස්කන්‍ධාදි හෝ) එක් ධර්‍මයක් සූත්‍රයෙහි වදාළ කල්හි (කුශලාදි ස්කන්‍ධාදි භාවයෙන්) එය හා සමාන ලක්‍ෂණ වූ යම් ධර්‍මකෙනෙක් වෙත් ද, ඒ හැම ධර්‍මයෝ ලක්‍ෂණ වශයෙන් කියන ලද්දාහු වෙති, (නො දැක්වූ ධර්‍මයෝ එළවා දැක්වීම ලක්‍ෂණ කොට ඇති) ඒ හාරය ලක්ඛණහාර නම් වේ.
Pali BJT“යෙසං ච සුසමාරද්ධා - නිච්චං කායගතාසතී”ති ගාථාය වුත්තාය කායගතාගතියා වුත්තා වෙදනාගතා චිත්තගතා ධම්මගතා ච සති, චතුන්නං සතිපට්ඨානානං එකෙන සතිපට්ඨානෙන. නහි චිත්තං එකස්මිං විඤ්ඤාණට්ඨිතියා පවත්තති, නානාසු ගතීසු පවත්තති, කායගතාසතියා වුත්තාය වුත්තා වෙදනාගතා චිත්ත - ධම්මගතා ච. න හි කායගතාසතියා භාවිතාය සතිපට්ඨානා චත්තාරො භාවනාපාරිපූරිං ගච්ඡන්ති. එවං තස්සදිසෙසු ධම්මෙසු වුත්තෙසු සබ්බධම්මා වුත්තා ච භවන්ති.
Sinhala BJT“යම් කෙනකුන් විසින් නිරතුරු කාගියාසී මොනවට වඩන ලද ද” යන ගාථායෙහි කායගතාසතිය වදාළ කල්හි වේදනාගතා–චිත්තගතා–ධම්මගතාසති ද වදාරන ලද්දාහු වෙති. සතර සතිපට්ඨානයෙන් එක සතිපට්ඨානයකින් වදාළ හෙයිනි. චිත්තය එක විඤ්ඤාණට්ඨිතියෙක්හි නො මැ පවතී, නානාගතීන්හි පවතී, කායගතාසතිය වදාළ කල්හි වේදනා–චිත්ත–ධම්මගතාසති ද වදාරන ලද වෙයි. කායගතාසති වැඩූකල්හි සතර සතිපට්ඨානයෝ භාවනායෙන් පිරීමට නො මැ යෙත්. මෙසේ ඊට සමාන වූ ධර්‍මයන් වදාළ කල්හි සියලු ධර්‍මයෝ වදාරන ලද්දාහු ද වෙත්.
Pali BJT“සචිත්තපරියොදපනං{1} එතං බුද්ධාන සාසන”න්ති ගාථා චෙතසිකා ධම්මා වුත්තා, චිත්තෙ රූපං වුත්තං. ඉදං නාමරූපං දුක්ඛං අරියසච්චං තතො සචීත්තපරියොදපනා{2} යං පටිවෙධෙන ඔදපෙති, තං දුක්ඛං යතො ඔදපෙති සො සමුදයො යෙන ඔදපෙති, සො මග්ගො. යං ඔදපිතං සො නිරොධො.
Sinhala BJT“සචිත්පරියොදපනං එතං බුද්ධාන සාසනං” යන ගාථාව : මෙහි චෛතසික ධර්‍මයෝ වදාරනලද්දාහුය. චිත්තයෙහි රූපය කියන ලදි. මේ නාමරූපය දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ, එයින් ස්වචිත්තයාගේ පවිත්‍ර කිරීම වේ. යමක් ප්‍රතිවේධ සංඛ්‍යාත පරිඥාභිසමයෙන් පවිත්‍ර කෙරේ ද, එය දුඃඛ යැ, යමක් කෙරෙන් පවිත්‍ර කෙරේ ද ඒ සමුදය යැ, යමක් කරණකොට පවිත්‍ර කෙරේ ද, ඒ මාර්‍ගය යැ, යමක් පවිත්‍ර කරන ලද ද ඒ නිරෝධ යි.
Pali BJT“චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං.” තත්ථ සහජාතා වෙදනා සඤ්ඤා චෙතනා ඵස්සො මනසිකාරො එතෙ තෙ ධම්මා එකලක්ඛණා උප්පාදලක්ඛණෙන. යො ච රූපෙ නිබ්බින්දති, වෙදනාය සො නිබ්බින්දති, සඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණෙසුපි සො නිබ්බින්දති. ඉති යෙ එකලක්ඛණා ධම්මා තෙසං එකම්හි ධම්මෙ නිද්දිට්ඨෙ සබ්බෙ ධම්මා නිද්දිට්ඨා හොන්ති. අයං වුච්චති ලක්ඛණො හාරො.
Sinhala BJT“චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං” එහි සහජාත වූ වේදනා යැ සඤ්ඤා යැ චේතනා යැ ඵස්ස යැ මනසිකාර යැ යන තෙල ධර්‍මයෝ උත්පාද ලක්‍ෂණ යෙන් සමාන ලක්‍ෂණ ඇත්තාහු යැ. යමෙක් රූපයෙහි නිර්වේදයට (කලකිරීමට) පැමිණේ ද හේ වේදනායෙහි නිර්වේදයට පැමිණෙයි. සඤ්ඤා–සංඛාර–විඤ්ඤාණයන්හිදු හේ නිර්වේදයට පැමිණෙයි, මෙසේ සමාන ලක්‍ෂණ වූ යම් ධර්‍මකෙනෙක් වෙත් ද, ඔවුනතුරෙන් එක් ධර්‍මයක් දැක් වූ කල්හි සියලු ධර්‍මයෝ දක්වන ලද්දාහු වෙත්. මේ ලක්ඛණහාර යයි කියනු ලැබේ.
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො හාරො:
Sinhala BJT6. එහි චතුඛ්‍යුහභාරය කවරෙ යත්:
Pali BJT11. නිරුත්ති අධිප්පායො ච -බ්යඤ්ජනා දෙසනාය ච, සුත්තත්ථො පුබ්බාපරසන්ධි - එසො හාරො චතුබ්යූහො.
Sinhala BJT11. සූත්‍රාගත, පදනිර්වචන සංඛ්‍යාත නිරුත්තිය ද දේශකයන්ගේ අධිප්‍රාය ද දේශනාවගේ නිදානය ද සූත්‍රාර්‍ත්‍ථ වූ පූර්‍වාපරසන්‍ධිය ද යන චතුර්විධ ලක්‍ෂණයන් වර්‍ණනා කිරීම ලක්‍ෂණ කොට ඇති තෙල හාරය චතුබ්‍යුහ නම් වේ.
Pali BJTතත්ථ කතමා නිරුත්ති: සා කථං පරියෙසිතබ්බා, යථා වුත්තං භගවතා “එකාදසහි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු ඛිප්පං ධම්මෙසු මහත්තං පාපුණාති, අත්ථකුසලො ච හොති ධම්මකුසලො ච හොති බ්යඤ්ජනකුසලො ච හොති නිරුත්තිකුසලො ච හොති ඉත්ථාධිවවනකුසලො ච හොති පුරිසාධිවචනකුසලො ච විපුරිසාධිවචනකුසලො ච අතීතාධිවචනකුසලො ච අනාගතාධිවචනකුසලො ච පච්චුප්පන්නාධිවචනකුසලො ච. එකාධිප්පායෙන කුසලො අනෙකාධිප්පායෙන{3} කුසලො කිම්හි දෙසිතං අතීතානාගතපච්චුප්පන්නං. ඉත්ථාධිවචනෙන පුරිසාධිවචනෙන සබ්බං යථාසුත්තං නිද්දිට්ඨං. තං බ්යඤ්ජනතො නිරුත්තිකොසල්ලතො යො යං සුත්තස්ස සුනිරුත්ති දුන්නිරුත්ති තං අවෙක්ඛති, ඉදං එවං නිරොපයිතබ්බං, ඉදම්පි න නිරොපයිතබ්බං. ඉදං වුච්චතෙ නිරුත්තිකොසල්ලං.
Sinhala BJTඑහි නිරුත්ති කවරැ : ඒ නිරුත්ති කිසෙයින් සෙවියැයුත්තී ද යත් : භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලද : “එකොළොස් අඟෙකින් සමන්‍වාගත මහණ වහා ධර්‍මයෙහි මහත්ත්‍වයට පැමිණෙයි, පාළි අර්‍ත්‍ථයෙහි දක්‍ෂවූයේත් වෙයි, පාළියෙහි දක්‍ෂ වූයේත් වෙයි. අක්‍ෂර වාක්‍ය සංඛ්‍යාත ව්‍යඤ්ජනයෙහි කුසල වූයේත් වෙයි නිර්වචනයෙහි කුසල වූයේත් වෙයි, ස්ත්‍රී ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, පුරුෂ ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, නපුසංසක ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, අතීත ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, අනාගත ප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, වර්‍තමානප්‍රඥප්තියෙහි නිපුණ වූයේත් වෙයි, එකවචනයෙහි නිපුණ වූයේත් වෙයි, අනේක වචනයෙහි නිපුණ වූයේත් වෙයි, ප්‍රත්‍යුත් පන්නාධිවචනයෙහි කුශල වූයේත් වෙයි, ඒකාධිප්‍රායයෙන් දෙසන ලද්දෙහිත් අනේකාධි ප්‍රායයෙන් දෙසන ලද්දෙහිත් කුශල වෙයි. ඒ එසේ මැය කිම දේශිතය අතීතානාගත ප්‍රත්‍යුත්පන්න ද, ස්ත්‍රිලිංගයෙන් පුරුෂලිංගයෙන් නපුංසක ලිංගයෙන් දෙසන ලද දැයි සියල්ල සූත්‍රානුරූප ව දක්වන ලද, එය ඛ්‍යඤ්ජනවශයෙන් නිරුත්තිකුසලබව හෙයින් සූත්‍රයාගේ යම් සුනිරුත්ති දුන්නිරුත්තියක් වේ ද එය “මේ පදය මෙසේ නිරූපණය කළයුතු ය, මෙය නිරූපණය නොකළයුතු යයි නුවණින් බලයි. මේ නිරුක්තිකෞශල්‍ය යයි කියනු ලැබේ. (මෙහි පෙළ ඉතා ව්‍යාකූලයි.)
Pali BJTතත්ථ කතමං අධිප්පායකොසල්ලං: යථාදෙසීතස්ස සුත්තස්ස (සබ්බස්ස වාරං ගච්ඡති, ඉමෙන භගවතා දෙසිතන්ති) යථා කිං:
Sinhala BJTඑහි අධිප්පායකෝසල්ලය කවරෙ යත්: දේශනා කරන ලද සූත්‍රය පිළිබඳව භාග්‍යවතුන් විසින් මේ අදහසින් දෙසන ලදැයි දේශනායෙහි අදහස දැක්විය යුතු යැ (?) කෙබඳු ද යත්:
Pali BJT“අප්පමාදො අමතපදං{1} පමාදො මච්චුනො පද”න්ති ගාථා.
Sinhala BJT“ස්මෘති අවිප්‍රවාස සංඛ්‍යාත අප්‍රමාදය නිවනට කාරණ යැ, ප්‍රමාදය මරණයට කාරණ වෙයි” යන ගාථාව යැ.
Pali BJTතත්ථ භගවතො කො අධිප්පායො: යෙ අමතමෙව{3} ආකඞ්ඛන්ති තෙ අප්පමත්තා විහරිස්සන්ති. අයං අධිප්පායො.
Sinhala BJTමෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් අමෘතය (නිවන) මැ කැමැති වෙත් ද, ඔහු අප්‍රමත්ත වැ වාසකරන්නාහ” යන මේ අදහස යි.
Pali BJT12. (යොගස්ස කාලං න නිවත්තති යා ච සො න තත්ථ පාපින්තවෙ භවන්ති, වෙදනාමග්ගඉසිනා පවෙදිතං. ධුතරජාසවා දුක්ඛා පමොක්ඛාතා)?
Sinhala BJT12. (මේ ගාථාව අතිශයින් ව්‍යාකූල යැ මේ තාක් ශුද්ධ කිරීමට හසරක් නො ලැබිණ.)
Pali BJTඑත්ථ භගවතො කො අධිප්පායො: යෙ දුක්ඛෙනානස්සාදකා{4} [?] තෙ විරියමාරභිස්සන්ති දුක්ඛක්ඛයායා’ති අයං තත්ථ භගවතො අධිප්පායො. ඉති ගාථාය වා බ්යාකරණෙ{5} වා දෙසිතෙ ඉමිනා සුත්තෙන සාධකා [?] යො එවං ධම්මානුධම්මං පටිපජ්ජතීති සො අධිප්පායො. අයං වුච්චති දෙසනාධිප්පායො,
Sinhala BJTමෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යත්: යම් කෙනෙක් දුකින් මිදෙනු කැමැත්තාහු ද, ඔහු දුක් ක්‍ෂය කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ කරන්නාහු යැ. මේ එහි භාග්‍යවත්හුගේ අදහස යි. මෙසේ ගාථාවක් හෝ වෙය්‍යාකරණයක් හෝ දේසිත කල්හි මේ සූත්‍රයෙන් දැක්වූ ධර්‍මානුධර්‍මයෙහි පිළිපදනේ යැ යනු අභිප්‍රාය යි. (?) මේ දේසනාධිප්පාය නමැයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පුබ්බාපරසන්ධි: (යං ගාථායං වා සුත්තෙ{6} වා පදානි අසීතිතානි [?] භවන්ති එවං වා එවමෙවහි තස්සා ගාථාය සුත්තස්ස වා යානි පුරිමානි පදානි යානි ච පච්ඡිමකානි, නානි සමොසාරෙතබ්බානි. එවං සො පුබ්බාපරෙන සන්ධි ඤායති. යා එකා සමාරද්ධා ගාථා ද්වෙ තීණි වා තස්සමෙකදෙසෙ භාසිතානං අභාසිතාහි ගාථාහි අනිද්දිට්ඨො අත්ථො භවති තදුපධාරිතබ්බං යං වත්තබ්බං ඉතිස්ස පරියෙසමානස්ස පරියෙසනාකඞ්ඛා, තස්ස වා පුග්ගලස්ස පඤ්ඤත්තීනං අපරෙ පරියෙසිතබ්බං. ඉදං වුච්චතෙ පුබ්බාපරෙන සන්ධි.)?
Sinhala BJTඑහි පුබ්බාපරසන්‍ධි කවරෙ යත්: (පුබ්බාපරසන්‍ධි දක්වන වාක්‍යය ද ව්‍යාකූලව ඇත.)
Pali BJT‘කොසල්ල’න්ති වත්ථුතො නිදානකොසල්ලං. බ්යඤ්ජනතො නිරුත්තිකොසල්ලං, දෙසනාධිප්පායකොසල්ලං, පුබ්බාපරෙන සන්ධිකොසල්ලං. තත්ථ තස්ස ගාථා පරියෙසිතා නිදානං වා උපලහිතුං{7}. න අත්ථො නිද්දිසිතබ්බො වත්ථුතො නිදානකොසල්ලං අත්ථකොසල්ලං ඉමෙහි චතුහි පදෙහි අත්ථො පරියෙසියන්නො යථාභූතං පරියිට්ඨො හොති. අථ ච සබ්බො වත්ථුතො වා නිදානෙන වා යො අධිප්පායො බ්යඤ්ජනො නිරුත්ති සඣි ච අනුත්තරො එසො පුබ්බාපරෙන එවං සුත්තත්ථෙන දෙසිතබ්බං. අයං චතුබ්යූහො හාරො.
Sinhala BJTකොසල්ල යනු : වස්තු වශයෙන් නිදාන දැක්වීමෙහි කුශල බව ද ව්‍යඤ්ජන වශයෙන් නිරුක්ති දැක්වීමෙහි කුශලබව ද, දේශනායෙහි අදහස දැක්වීම පිළිබඳ කුශලබව ද පූර්‍වාපර වශයෙන් දේශනා සන්‍ධි දැක්වීමෙහි කුශලබව ද වේ ... ? (මෙ ද ව්‍යාකූල තැනෙකි) ... මේ චතු බ්‍යුහහාර යි.
Pali BJT7. තත්ථ කතමො ආවත්තො හාරො:
Sinhala BJT7. එහි ආවත්හාර කවරෙ යත්:
Pali BJT13. එකම්හි පදට්ඨානෙ - පරියෙසති සෙසකං පදට්ඨානං, ආවත්තති පටිපක්ඛෙ - ආවත්තො නාම සො හාරො.
Sinhala BJT13. ආරම්භධාතු ආදී (පරක්කමධාතු ආදියට) පදට්ඨාන වූ එක් ධර්‍මයක් දේශනාරූඪ කල්හි ඒ ධර්‍මයට විෂභාගභාවයෙන් (ප්‍රමාදාදියට පදට්ඨාන වූ කෝසජ්ජාදි) අවශේෂ පදට්ඨානධර්‍මය ගවේෂණය කෙරෙයි, එය සොයා ප්‍රතිපක්‍ෂධර්‍මයන් ආවර්‍තන කෙරෙයි. (මෙසේ සභාග විෂභාගවශයෙන් ආවර්‍තන ලක්‍ෂණ වූ) ඒ හාරය ආවට්ටහාර නම් වේ’.
Pali BJTයථා කිං: “උන්නළානං{1} පමත්තාන”න්ති ගාථායො. ඉදං කිස්ස පදට්ඨානං: කුසලානං ධම්මානං{2} ඔස්සග්ගස්ස{3}. කුසලධම්මොස්සග්ගො පන කිස්ස පදට්ඨානං: අකුසලධම්ම{4} පටිසෙවනාය. (අප්පමාදො) කිස්ස පදට්ඨානං: කුසලධම්මපටිසෙවනාය. (පමාදො) කිස්ස පදට්ඨානං: කිලෙසවත්ථුපටිසෙවනාය. ඉති පමාදෙන මොහපක්ඛියා දිට්ඨි අවිජ්ජා ඡන්දරාගපක්ඛියා, තත්ථ තණ්හා ච දිට්ඨි ච චත්තාරො ආසවා, තණ්හා කාමාසවො ච භවාසවො ච, දිට්ඨි දිට්ඨාසවො ච අවිජ්ජාසවො ච. තත්ථ චිත්තෙ අත්ථිති දිට්ඨි චෙතසිකෙසු නිච්චන්ති පඤ්චසු කාමගුණෙසු අජ්ඣාවහනෙන කාමාසාවො, උපපත්තීසු ආසත්ති භවාසවො. තත්ථ රූපකායො කාමාසවස්ස භවාසවස්ස ච පදට්ඨානං, නාමකායො දිට්ඨාසවස්ස අවිජ්ජාසවස්ස ච පදට්ඨානං.
Sinhala BJTකෙබඳු ද යත් : “උන්නළානං, පමත්තානං” යන ගාථා යි, මේ කුමකට පදට්ඨාන ද යත් : කුශලධර්‍මයන්ගේ හැරපීමට යැ, කුශලධර්‍මයන් හැරපීමට වැලිත් කුමකට පදට්ඨාන ද යත් : අකුශලධර්‍මයන්ගේ සේවනය කිරීමට යැ, (අප්‍රමාදය) කුමකට පදට්ඨාන ද යත් : කුශලධර්‍මයන්ගේ සේවනයටයැ (ප්‍රමාදය) කුමකට පදට්ඨාන ද යත් : ක්ලේශවස්තු සේවනයට යැ මෙසේ ප්‍රමාදය හේතුකොටගෙන මෝහපක්‍ෂයෙහි වූ දෘෂ්ටිය ද ඡන්‍දරාග පක්‍ෂයෙහි වූ අවිද්‍යාව ද වෙයි. එහි තෘෂ්ණාවත් දෘෂ්ටියත් සතර ආස්‍රවයෝ වෙත්. තෘෂ්ණාව කාමා ස්‍රවය ද භවාස්‍රවය ද වෙයි. දෘෂ්ටිය දෘෂ්ටි ආස්‍රවය ද අවිද්‍යාස්‍රවය ද වේ. එහි චිත්තයෙහි (?) ඇත යන දෘෂ්ටිය චෛතසිකයන්හි නිත්‍ය යයි පඤ්චකාමගුණයන්හි බැසගෙන සිටීමෙන් කාමාස්‍රවය වෙයි, උපප්‍රාප්තියෙහි ඇලීම භවාස්‍රවය වේ. එහි රූපකාය කාමාස්‍රවයට ද භවාස්‍රවයට ද පදට්ඨාන යැ, නාමකාය දෘෂ්ටිආස්‍රවයට ද අවිද්‍යාස්‍රවයට ද පදට්ඨාන යි.
Pali BJTතත්ථ අල්ලීයනාය{5} අජ්ඣත්තවාහනං කාමාසවස්ස ලක්ඛණං, පත්ථනා ගන්ථෙන{6} අභිසඞ්ඛාරකාය සඞ්ඛරණං{7}. භවාසවස්ස ලක්ඛණං, අභිනිවෙසො ච පරාමාසො ච දිට්ඨාසවස්ස ලක්ඛණං, අප්පටිවෙධො ච ධම්මෙසු අසම්පජඤ්ඤා ච අවිජ්ජාසවස්ස ලක්ඛණං.
Sinhala BJTඑහි ඇලීමෙන් අධ්‍යාත්මයෙහි බැසගෙන සිටීම කාමාස්‍රවයන්ගේ ලක්‍ෂණ යැ, ප්‍රාර්‍ත්‍ථනයෙන් ග්‍රන්‍ථනයෙන් අභිසංස්කාරකායයාගේ සංස්කරණය භවාස්‍රවයාගේ ලක්‍ෂණ යැ, අභිනිවේශය ද පරාමාසය ද දෘෂ්ටිආස්‍රවයාගේ ලක්‍ෂණ යැ, ධර්‍මයන්හි අප්‍රතිවේධය ද අසම්ප්‍රජන්‍යය ද අවිද්‍යාස්‍රවයාගේ ලක්‍ෂණ යි.
Pali BJTඉමෙ චත්තාරො ආසවා චත්තාරි උපාදානානි: කාමාසවො කාමූපාදානං, භවාසවො භවූපාදානං, දිට්ඨාසවො දිට්ඨුපාදානං, අවිජ්ජාසවො අත්තවාදූපාදානං, ඉමෙහි චතූහි උපාදානෙහි පඤ්චක්ඛන්ධො.
Sinhala BJTමේ සතර ආස්‍රවයෝ සතර උපාදානයෝ වෙති: කාමාස්‍රවය කාමොපාදාන යැ, භවාස්‍රවය භවෝපාදාන යැ, දෘෂ්ටිආස්‍රවය දෘෂ්ට්‍යුපාදාන යැ, අවිද්‍යාස්‍රවය ආත්මවාදෝපාදාන යි. මේ සතර උපාදානයන්ගෙන් පඤ්චස්කන්‍ධයෝ වෙත්.
Pali BJTතත්ථ අවිජ්ජාසවො චිත්තෙ පහාතබ්බො. සො චිත්තෙ චිත්තානුපස්සිස්ස පහීයති, දිට්ඨාසවො ධම්මෙසු පහාතබ්බො, සො ධම්මෙසු ධම්මානුපස්සිස්ස පහීයති. භවාසවො ආසත්තියා පහාතබ්බො, සො වෙදනාසු වෙදනාසුපස්සිස්ස පහීයති. කාමාසවො පඤ්චසු කාමගුණෙසු පහාතබ්බො, සො කායෙ කායානුපස්සිස්ස පහීයති.
Sinhala BJTඑහි අවිද්‍යාස්‍රවය චිත්තයෙහි ලා ප්‍රහාතව්‍ය යැ, එය චිත්තයෙහි චිත්තානුදර්ශී වූවහුට ප්‍රහීණ වෙයි. දෘෂ්ටිආස්‍රවය ධර්‍මවිෂයෙහි ප්‍රහාතව්‍ය යැ, එය ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වූවහුට ප්‍රහීණ වෙයි. භවාස්‍රවය ආසත්තියෙහි ලා ප්‍රහාතව්‍ය යැ, එය වේදනාවන්හි වේදනානුදර්ශී වූවහුට ප්‍රහීණ වෙයි, කාමාස්‍රවය පස්කම්ගුණයෙහි ලා ප්‍රහාතව්‍ය යැ, එය කයෙහි කායානුදර්ශී වූවහුට ප්‍රහීණ වේ.
Pali BJTතත්ථ කායානුපස්සනා දුක්ඛං අරියසච්චං භජති, වෙදනානුපස්සනා පඤ්චන්නං ඉන්ද්රියානං පච්චයො, සුඛින්ද්රියස්ස දුක්ඛින්ද්රියස්ස සොමනස්සින්ද්රියස්ස දොමනස්සින්ද්රියස්ස උපෙක්ඛින්ද්රියස්ස සත්තකිලෙසොපචාරො තෙන සමුදයං භජති, චිත්තෙ චිත්තානුපස්සනා නිරොධං භජති, ධම්මෙසු ධම්මානුපස්සනා මග්ගං භජති.
Sinhala BJTඑහි කායානුපස්සනාව දුඃඛාර්‍ය්‍යසත්‍යය භජනය කෙරෙයි, වේදනානුපස්සනාව සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය යන පඤ්චේන්‍ද්‍රියයන්ට ප්‍රත්‍යය වෙයි, එයින් සප්ත ක්ලේශයන්ගේ උපචාරය සමුදයසත්‍යය භජනය කෙරෙයි. චිත්තයෙහි චිත්තානුපස්සනාව නිරෝධසත්‍යය භජනය කෙරෙයි. ධර්‍මයන්හි ධම්මානු පස්සනාව මාර්‍ගසත්‍යය භජනය කෙරෙයි.
Pali BJTතෙනස්ස චතූසු ච දස්සනෙන තස්සෙව සබ්බෙ පහීයන්ති යෙන නිද්දිට්ඨා පඨමං “උන්නළානං පමත්තානං තෙසං වඩ්ඪන්ති ආසවා” ජානතො හි පස්සතො ආසවානං ඛයො, දුක්ඛං සමුදයො නිරොධො මග්ගො හි අකුසලා ධම්මා එවං පරියෙසිතබ්බා යාව තස්ස අකුසලස්ස ගති තතො පටිපක්ඛෙන අකුසලෙ ධම්මෙ පරියෙසති තෙසං කිලෙසානං හාරෙන ආවත්තති. අයං වුච්චතෙ ආවට්ටො හාරො.
Sinhala BJTඑහෙයින් සතර සතිපට්ඨානයන්හි ලා චතුරාර්‍ය්‍ය සත්‍යයන්ගේ දර්‍ශනයෙන් ඔහුගේ සියලු ආස්‍රවයෝ ප්‍රහීණ වෙත්. යම්හෙයකින් පළමු කොට “උන්නළානං පමත්තානං තෙසං වඩ්ඨන්ති ආසවා” යනු දක්වන ලද්දී ද එහෙයිනි. (යෝනිසෝමනසිකාරය) දන්නහුට දක්නහුට මැ ආස්‍රවක්‍ෂය වෙයි ... අකුශලධර්‍මයෝ මෙසේ සෙවියැ යුත්තාහ. අකුශලයාගේ ගති (පැවැත්ම) යම්තාක් වේ ද එපරිද්දෙනි. ඊට ප්‍රතිපක්‍ෂ විසින් අකුශල ධර්‍මයන් පර්‍ය්‍යෙෂණ කෙරෙයි. ඒ ක්ලේශයන් මේ භාරයෙන් ආවර්‍තන කෙරෙයි. මේ ආවට්ට භාර යී කියනු ලැබේ.
Pali BJTඑවං සුක්කාපි ධම්මා පරියෙසිතබ්බා. අකුසලධම්මෙ ආවට්ටෙත්වා{1}. තත්ථ ආවට්ටස්ස හාරස්ස අයං භූමි: සතිඋපට්ඨානා ච විපල්ලාසා ච චත්තාරි ඤාණානි සක්කායසමුප්පාද{2}ගාමිනී ච පටිපදා සක්කායනිරොධගාමිනී පටිපදා.
Sinhala BJTමෙසේ අකුශලධර්‍මයන් ආවර්‍තන කොට කුශලධර්‍මයෝ ද සෙවියැ යුත්තාහ. එහි ආවට්ටහාරයට මේ භූමි යැ: සතර සතිපට්ඨානයෝ ද සතර විපල්ලාසයෝ ද සතර මාර්‍ගඥානයෝ ද සක්කායසමුප්පාදගාමිනී පටිපදාව ද සක්කායනිරෝධගාමිනී පටිපදාව ද යන මේ ධර්‍මයෝ යි.
Pali BJT8. තත්ථ කතමො විභත්ති හාරො:
Sinhala BJT8. එහි විභක්තිහාරය කවරෙ යැ:
Pali BJTයං කිඤ්චි විභජ්ජබ්යාකරණීයං වුච්චති විභත්ති හාරො, යථා කිං ආගන්ත්වා ච පුන පුග්ගලො හොති, නො වාගතං න පරිභාසති{3} පරිපුච්ඡතාය පට්ඨාය අතියනං{4} එකස්ස කිඤ්චි{5}. අයං වුච්චතෙ විභත්තිහාරො.
Sinhala BJTවිභාග කොට ප්‍රකාශ කළ යුතු (කුශලාදි භේද වූ ධර්‍ම යැ විශේෂාධිගමයට කාරණ වූ පදට්ඨාන යැ පෘථග්ජනාදි භූමි යැ යන) යම් කිසි ධර්‍මයක් ඇද්ද මේ විභක්ති හාර යයි කියනු ලැබේ. කුමක් මෙන් ද යත්: (ආගන්ත්‍වා ද–?) මේ විභක්තිහාර යයි කියනු ලැබේ.
Pali BJT9. තත්ථ කතමො පරිවත්තනො හාරො:
Sinhala BJT9. එහි පරිවර්‍තනහාර කවරැ:
Pali BJTයං කිඤ්චි පටිපක්ඛනිද්දෙසො, අයං වුච්චති පරිවත්තනො, හාරො, යථාවුත්තං භගවතා: “සම්මාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොතී”ති විත්ථාරෙන සබ්බානි මග්ගඞ්ගානි. අයං වුච්චතෙ පරිවත්තනො හාරො.
Sinhala BJTයම් කිසි ප්‍රතිපක්‍ෂ වශයෙන් නිර්දේශයෙක් ඇද්ද, මේ පරිවර්‍තනහාර යයි කියනු ලැබේ. “සම්‍යග්දෘෂ්ටි ඇති පුඟුල් හට මිත්‍ථ්‍යාදෘෂ්ටිය (විදර්‍ශනා සම්‍යග්දෘෂ්ටියෙන් විෂ්කම්භිතව මාර්‍ගසම්‍යග් දෘෂ්ටියෙන් සමුච්ඡින්නව) ප්‍රහීණ වේ” යයි විස්තරයෙන් සියලු මාර්‍ගාංගයෝ දැක්විය යුත්තාහ. මේ පරිවර්‍තනභාර යී කියනු ලැබේ.
Pali BJT10. තත්ථ කතමො වෙවචනො හාරො:
Sinhala BJT10. එහි වෙවචනහාරය කවරැ :
Pali BJT14. වෙවචනෙහි අනෙකෙහි - එකං ධම්මං පකාසිතං, සුත්තෙ යො ජානාති{7} සුත්තවිදූ - වෙවචනො නාම සො හාරො
Sinhala BJT14. සූත්‍ර දන්නා වූ යමෙක් සූත්‍රයෙහි නොයෙක් වෙවචනයන්ගෙන් ප්‍රකාශ කරන ලද එක් ධර්‍මයක් දැනගනී ද, ඒ හාරය තෙමේ වෙවචන නම් වේ.
Pali BJTයථා ආයස්මා සාරිපුත්තො එකම්හි වත්ථුම්හි වෙවචනෙන නානාසුත්තෙන{8}, භගවතා පසංසිතො “මහාපඤ්ඤො සාරිපුත්තො හාසපඤ්ඤො ජවනපඤ්ඤො”ති, ඉදං පඤ්ඤාය වෙවචනං:
Sinhala BJTඒ මෙසේ යැ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එක් වස්තුයෙක්හි ලා භාග්‍යවතුන් විසින් වෙවචන වූ නානාසූත්‍රයෙන් පසස්නා ලදහ. “ශාරීපුත්‍ර මහාපඤ්ඤ යැ හාසපඤ්ඤ යැ ජවන පඤ්ඤ යැ” යි මේ ප්‍රඥාවට වෙවචන යි.
Pali BJTයථා ච මග්ගවිභඞ්ගෙ නිය්යානත්ථො එකමෙකං මග්ගඞ්ගං වෙවචනෙහි නිද්දිට්ඨං. එවං අවිජ්ජාය වෙවචනා{9}. එකං අකුසලමූලං තදෙව සන්තං තෙසු තෙසු ජනපදෙසු තෙන තෙන පජානන්ති. න හි අනෙන තදෙවපි ආලපීයන්ති{10} අඤ්ඤං භජති{11} ‘සබ්බකාමජහස්ස භික්ඛුනො’ති කාමා ආලපිතා. “යස්ස නිත්තිණ්ණො පඞ්කො”ති{12} තෙ යෙව කාමෙ පඞ්කොති{13} ආලපති “සුණමානස්ස පුරෙතරං රජ”න්ති{14} තෙයෙව කාමෙ ‘රජ’න්ති ආලපති, එවං සුත්තම්හි යො ධම්මො දෙසීයති තස්ස පරියෙට්ඨි “කතමස්ස ධම්මස්ස ඉදං නාමං, කතමස්ස ඉදං වෙවචන”න්ති. සබ්බඤ්ඤූ හි යෙසං යෙසං යා නිරුත්ති හොති, යථා ගාමී තෙන තෙන දෙසෙතීති තස්ස වෙවචනං පරියෙසිතබ්බං. අයං වෙවචනො හාරො.
Sinhala BJTතවද මාර්‍ග විභංගයෙහි නිර්‍ය්‍යාණාර්‍ත්‍ථ වූ එකෙකි මාර්‍ගංගය වෙවචනයන්ගෙන් දක්වන ලදි. අවිද්‍යාවෙවචනයෝ ද එසේ යැ. එක් අකුශලමූලයක් එය මැ වූයේ ඒ ඒ ජනපදයන්හි ඒ ඒ නාමයෙන් දැනැගනිත්. මේ නාමයෙන් මෙය මැ නො කියත්, අනෙකක් වෙයි. “සබ්බකාමජහස්ස භික්ඛුනෝ” යී කාමයෝ කියන ලද්දාහ. “යස්ස නිත්තිණ්ණො පඞ්කො” යී ඒ කාමයන් මැ “පඞ්ක” යී පවසයි. “සුණමානස්ස පුරේතරං රජං” යී ඒ කාමයන් මැ “රජං” යී පවසයි. මෙසේ සූත්‍රයෙහි ලා යම් දහමෙක් දෙසනු ලැබේ ද, “කවර දහමකට මේ නාමය වේ ද කවරකට මේ වෙවචනය වේ දැ’යි ඒ නාමයාගේ පර්‍ය්‍යෙෂණය වේ. සර්‍වඥයන් වහන්සේ වනාහි යම් යම් දහමකට යම් නිරුක්තියක් වේ ද ඒ ඒ වචනයෙන් දේශනා කරන්නසේක් නුයි ඒ ධර්‍මයාගේ මේ වචනය සෙවියැ යුත්තේ යි. මේ වෙවචනහාර යි.
Pali BJT11. තත්ථ කතමො පඤ්ඤත්ති හාරො:
Sinhala BJT11. එහි පඤ්ඤන්තිහාරය කවරැ :
Pali BJT“චත්තාරි අරියසච්චානී”ති සුත්තං නිද්දිසති, නික්ඛෙපපඤ්ඤත්තියා{1}; සමුදයපඤ්ඤත්ති. ‘කබළිඞ්කාරෙ{2} චෙ භික්ඛවෙ ආහාරෙ අත්ථි රාගො අත්ථි නන්දි, අත්ථි තණ්හා, පතිට්ඨිතං. තත්ථ විඤ්ඤාණං, -පෙ- පභව.{3} පඤ්ඤත්තිං පඤ්ඤපෙති. “කබළිඞ්කාරෙ ආහාරෙ නත්ථි රාගො -පෙ- සමුග්ඝාතං පඤ්ඤපෙති.{4}
Sinhala BJT‘චත්තාරි අරිය සච්චානි” යන සූත්‍රය නිර්දේශ කෙරෙයි. මේ නික්‍ෂේප ප්‍රඥප්තියෙන් සමුදය (ප්‍රභව) ප්‍රඥප්ති යැ. “මහණෙනි ඉදින් කවලීකාරාහාරයෙහි රාගය ඇද්ද (ගෙහ සිත සොම්නස වූ) නන්‍දිය ඇද්ද තෘෂ්ණා ඇද්ද එහි ප්‍රතිසන්‍ධිවිඥානය පිහිටියේ වෙයි ... (මෙහි) ප්‍රභව ප්‍රඥප්තිය පනවනසේක. කවලීකාරාහාරයෙහි රාගය නැද්ද ... මෙහි සමුද්ඝාතය පනවන සේක.
Pali BJT“තස්ස කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චතී”ති පහානපඤ්ඤත්තිං පඤ්ඤපෙති. “තණ්හා යස්ස පුරක්ඛතා පඤ්ඤා පරිවත්තති” ගාථා මනාපපඤ්ඤත්තිං පඤ්ඤපෙති. එවං පන මනාපපඤ්ඤත්තීති එකධම්මං භගවා පඤ්ඤපෙති. න හි තණ්හා දුක්ඛසමුදයොති කත්වා{5} සබ්බත්ථ තණ්හාසමුදයො නිද්දිසිතබ්බො. යථා: “උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජයති විනොදෙති”ති පටික්ඛෙපපඤ්ඤත්ති.
Sinhala BJT“ඔහුගේ සිත කාමාස්‍රවයෙන් ද මිදෙයි, භවාස්‍රවයෙනුදු සිත මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදේ” යි ප්‍රහාණ ප්‍රඥප්තිය පනවනසේක. “යමක්හු විසින් තෘෂ්ණාව පුරස්කෘත ද (ඔහුගේ) ප්‍රඥාව පිරිහෙයි” යන ගාථායෙන් මනාපප්‍රඥප්තිය පනවන සේක. මෙසේ වැළීත් “මනාපපඤ්ඤත්ති’යී බුදුහු එක් ධර්‍මයක් පනවන සේක. තණ්හාව දුක්ඛ සමුදයයි කොට සියලු තන්හි තෘෂ්ණාව සමුදය යි නො මැ දැක්වියැ යුත්තේ යැ. ඒ මෙසේ යැ: “උපන් කාමවිතර්‍කය නො ඉවසයි. දුරු කෙරෙයි, බැහැර කෙරෙයි” යනු පටික්ඛේපඤ්ඤත්ති යි.
Pali BJTඑවං සබ්බෙසං ධම්මානං කුසලානඤ්ච අකුසලානඤ්ච යං චස්ස ධම්මක්ඛෙත්තං භවති, සො චෙව ධම්මො තත්ථ පවත්තති, තදවසිට්ඨා ධම්මා තස්සානුවත්තකා හොන්ති, සා දුවිධා පඤ්ඤත්ති: පරාධීනපඤ්ඤත්ති ච සාධීනපඤ්ඤත්ති ච. කතමා සාධීනපඤ්ඤත්ති: “සමාධිං භික්ඛවෙ භාවෙථ සමාහිතො භික්ඛවෙ භික්ඛු යථාභූතං පජානාති. “රූපං අනිච්ච’න්ති යථාභූතං පජානාති, අයං සාධීනපඤ්ඤත්ති පරාධීනපඤ්ඤත්ති ච, සා පඤ්ඤත්ති පඤ්ඤාය ච සීලස්ස ච.
Sinhala BJTමෙසේ කුශලවූත් අකුශලවූත් සියලු ධර්‍මයන්ගේ ද ඒ ධර්‍මයාගේ යම් ධර්‍මක්‍ෂේත්‍රයෙකුත් වේ ද ඒ ධර්‍මයත් එහි පවතී, එයින් අවශිෂ්ට වූ ධර්‍මයෝ ඊට අනුවර්‍තක වූවාහු වෙත්. ඒ ප්‍රඥප්තිය පරාධීනප්‍රඥප්තිය ද ස්වාධීනප්‍රඥප්ති දැයි ද්විවිධ වන්නී ය: “මහණෙනි සමාධිය වඩවු, මහණෙනි, සමාහිතවූ මහණ යථාභූත වැ දැනගනී, රූපය අනිත්‍ය යැයි යථාභූත වැ (ඇති සැටියෙන්) දැනගනී” මේ ස්වාධීන ප්‍රඥප්ති ද පරාධීන ප්‍රඥප්ති ද වෙයි. ඕ ප්‍රඥාවගේ ද ශීලයාගේ ද ප්‍රඥප්ති වේ.
Pali BJTයථා චත්තාරි ඣානානි භාවෙථ, තස්ස අත්ථි සමාධින්ද්රියං, මුදූනි චත්තාරි ඉන්ද්රියානි තානි චතුපරාධීනානි, තීණි අවෙච්චප්පසාදෙහි පරාධීනං සමාධින්ද්රියං චත්තාරි ඉන්ද්රියානි පරාධීනාති චතුසු අරියසච්චෙසු අපරාධීනං පඤ්ඤින්ද්රියං සතිපට්ඨානෙසු සම්මප්පධානෙසු විරියින්ද්රියං. ඉති සකෙ පදට්ඨානෙ සකෙ ඛෙත්තසාධීනො සො ධම්මො, සො ච තත්ථ පඤ්ඤාපෙතබ්බො. තස්ස පටිපක්ඛා නිඝාතො නිද්දිසිතබ්බො. එත්ථායං අනෙකාකාරපඤ්ඤත්ති කෙන කාරණෙන අයං ධම්මො පඤ්ඤත්තොති. අයං වුච්චතෙ පඤ්ඤත්ති හාරො.
Sinhala BJTඒ මෙසේ යැ, සතර ධ්‍යානයන් වඩවු. (මෙහි සිට පඤ්ඤත්තිහාරය අවසානය දක්වා වාක්‍යය ව්‍යාකූලය ?) මේ පඤ්ඤ්ත්තිහාර යයි කියනු ලැබේ.
Pali BJT12. තත්ථ කතමො ඔරතණො හාරො:
Sinhala BJT12. එහි ඕතරණහාරය කවරැ :
Pali BJTඡසු ධම්මෙසු ඔතාරෙතබ්බං, කතමෙසු ඡසු: ඛන්ධෙසු ධාතුසු ආයතනෙසු ඉන්ද්රියෙසු සච්චෙසු පටිච්චසමුප්පාදෙසු. නත්ථි තං සුත්තං වා ගාථා වා බ්යාකරණං වා ඉමෙසං{7} ඡන්නං ධම්මානං අඤ්ඤතරස්මිං න සංදිස්සති. එත්තාවතා එසා සබ්බා දෙසනා යා{8} තා ඛන්ධා වා ධාතුයො වා ආයතනානි වා ඉන්ද්රියානි වා සච්චානි වා පටිච්චසමුප්පාදො වා.
Sinhala BJTධර්‍ම සයෙක අවතරණය කටයුතු යැ, කවර ධර්‍ම සයෙකැ යත් : ස්කන්‍ධ ධාතු ආයතන ඉන්‍ද්‍රිය සත්‍ය පටිච්චසමුප්පාද යන ධර්‍ම සයෙහි යැ. මේ ධර්‍මයන් සදෙනා අතුරෙන් එක්තරා ධර්‍ම යෙක්හි (යම් සූත්‍රාදියක්) නො දක්නා ලැබේ නම් එබඳු සූත්‍රයක් හෝ ගාථාවක් හෝ වෙය්‍යාකරණයක් හෝ නැත. ස්කන්‍ධ යැ ධාතු යැ ආයතන යැ ඉන්‍ද්‍රිය යැ සත්‍ය යැ පටිච්චසමුප්පාදය හෝ යම් දේශනාවක් ඇද්ද ඒ සියලු මෙතෙක් මැ යි. (?)
Pali BJTතත්ථ පඤ්චන්නං ඛන්ධානං වෙදනාක්ඛන්ධො රාගදොසමොහානං පදට්ඨානං. තත්ථ තිස්සො වෙදනායො, තත්ථ{1} සුඛාය වෙදනාය සොමනස්සො සවිචාරො, දුක්ඛාය වෙදනාය දොමනස්සො සවිචාරො, අදුක්ඛමසුඛාය වෙදනාය උපෙක්ඛා සවිචාරා.
Sinhala BJTඑහි පඤ්චස්කන්‍ධයන් අතුරෙන් වේදනාස්කන්‍ධය රාග දොස මෝහයන්ට පදට්ඨාන යැ. එහි තුන් වෙදනායෙකි, එහි සුඛවේදනාවට විචාර සහිත වූ සොම්නස වෙයි, දුක්ඛවේදනාවට සවිචාර වූ දොම්නස වෙයි, අදුක්ඛමසුඛවේදනාවට සවිචාර වූ උපේක්‍ෂා වෙයි.
Pali BJTයා පුන තත්ථ වෙදයිතං ඉදං දුක්ඛසච්චං, ඛන්ධෙසු සඞ්ඛාරක්ඛන්ධො. තත්ථ කායො පමත්තං සඋපවත්තති, තඤ්ච සඞ්ඛාරගතං{2}. ද්විධා ච භවඞ්ගොතරණං කම්මං, තීණි ච සඞ්ඛාරානි පුඤ්ඤාභිසඞ්ඛාරා වා අපුඤ්ඤා වා අනෙඤ්ජා වා හෙතු, සබ්බං සරාගස්ස නො වීතරාගස්ස දොසස්ස, අභිසඞ්ඛාරානා ච අවීතරාගො චෙතෙති ච පකප්පෙති ච, වීතරාගො පන චෙතෙති ච නො අභිසඞ්ඛරොති, යං උණ්හං වජිරං කට්ඨෙ වා රුක්ඛෙ වා අඤ්ඤත්ථ වා පතන්තං භින්දති ච දහති{3} ච, එවං සරාගො චෙතනා{4} චෙතෙති ච අභිසඞ්ඛරොති ච යථා සීතං{5} වජිරං න භින්දති න ච දහති{6}, එවං වීතරාගො චෙතනා{7} චෙතෙති න ච අභිසඞ්ඛරොති{8} තත්ථ පඤ්චන්නං ඛන්ධානං එකො ඛන්ධො අනින්ද්රියසරීරං සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTයළි එහි යම් වේදයිතයෙක් ඇද්ද මේ දුඃඛසත්‍ය යැ, ස්කන්‍ධයන් කෙරෙහි සංස්කාර ස්කන්‍ධය වෙයි. එහි කය ප්‍රමත්ත වූවහු සමග පවතී (?) ඒ සංඛාරගතය ද දෙපරිද්දෙකින් හවඩ්ගොතරණ කර්‍මය වෙයි. සංස්කාරයෝ ද තිදෙනෙකි: පුඤ්ඤාහිසංඛාරයෝ ද අපුඤ්ඤාභිසංඛාරයෝ ද අනෙඤ්ජාභිසංඛාරයෝ දැයි. සියල්ල සරාගයාහට යැ, වීතරාගයා හට හේතු නොවේ. (දෝසස්ස ...?) අවීතරාග වූයේ සිතන්නේ ද කරන්නේ ද වෙයි. වීතරාග වැලිත් සිතන්නේ ද වෙයි. අභිසංඛරණය නො කෙරෙයි. යම්සේ උෂ්ණ වූ වජ්‍රය කාෂ්ටයෙකැ හෝ වෘක්‍ෂයෙකැ හෝ අන් තැනෙක හෝ වැටෙනුයේ බිඳිනේත් දවන්නේත් වේ ද, එසෙයින් සරාග වූයේ චේතනා සිතන්නේත්, කර්‍ම රැස් කරන්නේත් වෙයි. යම්සේ සිත වූ වජ්‍රය (කාෂ්ටාදිය) නො බිඳි ද නො ද දවාද, එසෙයින් වීතරාග වූයේ සිතිවිලි සිතයි. නො ද අභිසංස්කාර වේ යයි. එහි පඤ්චස්කන්‍ධයන් අතුරෙන් එක් ස්කන්‍ධයෙක් අනින්‍ද්‍රියශරීර යැ, සංඥාස්කන්‍ධ යි.
Pali BJTතත්ථ ධාතූනං, අට්ඨාරස ධාතුයො, තත්ථ යා රූපී දස ධාතුයො තාසු දෙසියමානාසු රූපක්ඛන්ධො නිද්දිසිතබ්බො, දුක්ඛං අරියසච්චං. යෙපි ච ඡ විඤ්ඤාණකායා මනොධාතුසත්තමා, තත්ථ විඤ්ඤාණක්ඛන්ධො ච නිද්දිසිතබ්බො, දුක්ඛං අරියසච්චං. ධම්මධාතු පන ධම්මසමොසරණායො ධම්මො හෙතුනා ච නිස්සන්දෙන ච ඵලෙන ච කිච්චෙන ච වෙවචනෙන ච යෙන යෙන උපලබ්භති, තෙන තෙන නිද්දිසිතබ්බො. යදි වා කුසලා යදි වා අකුසලා යදි වා අබ්යාකතා යදි වා අසඞ්ඛතා. ද්වාදසන්නං ආයතනානං දස ආයතනානි රූපානි තං දුක්ඛං අරියසච්චං නිද්දිසිතබ්බං. රූපක්ඛන්ධො ච මනායතනඤ්ච විඤ්ඤාණක්ඛන්ධෙන නිද්දිසිතබ්බං, දුක්ඛං අරියසච්චං. ධම්මායතනං නානාධම්මසමොසරණං.
Sinhala BJTඑහි ධාතුහු (?) අටළොස් ධාතූහු වෙති, එහි යම් රූපී වූ දස ධාතු කෙනෙක් වෙත් ද ඔවුන් දෙසනු ලබන කල්හි රූපස්කන්‍ධය දැක්වියැ යුතු යැ, එය දුඃඛාර්‍ය්‍යසත්‍යය වෙයි, මනෝධාතුව සත්වැනි කොට ඇති යම් ෂඩවිඥානකාය කෙනෙක් ඇද්ද එහි විඥානස්කන්‍ධය ද දුඃඛාර්‍ය්‍යසත්‍යය ද දැක්විය යුතු යැ, ධර්‍මධාතුව වැලිත් ධර්‍මයන්ගේ සමෝසරණයෙකි. යම් ධර්‍මයෙක් හේතුයෙන් ද නිෂ්‍යන්‍දයෙන් ද ඵලයෙන් ද කෘත්‍යයෙන් ද වෙවචනයෙන් ද යම් යම් ධර්‍මයෙකින් ලැබේ ද ඒ ඒ ධර්‍මයෙන් දැක්වියැ යුත්තේ යැ, ඉදින් කුශල හෝ අකුශල හෝ අව්‍යාකෘත හෝ අසංඛතධාතු හෝ යි. දොළොස් ආයතනයන් අතුරෙන් රූපී දසආයතනයෝ දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි දැක්වියැයුතු යැ. රූපස්කන්‍ධය ද මනායතනය ද විඥානස්කන්‍ධයෙන් දැක්වියැ යුතු යැ, එය දුඃඛාර්‍ය්‍යසත්‍යය වෙයි, ධම්මායතනය නානා ධර්‍මයන්ගේ සමෝසරණ යි.
Pali BJTතත්ථ යෙ ධම්මා ඉන්ද්රියානං ඉන්ද්රියෙසු නිද්දිසිතබ්බා. යෙ අනින්ද්රියානං අනින්ද්රියෙසු නිද්දිසිතබ්බා, පරියායතො ච ඔතාරෙතබ්බා. යථා යා ධම්මධාතු තථා ධම්මායතනං පරියෙසිතබ්බං. යා යෙව හි ධම්මධාතු තදෙව ධම්මායතනං අනූනං අනධිකං.
Sinhala BJTඑහි ඉන්‍ද්‍රියයන් අතුරෙන් යම් ධර්‍ම කෙනෙක් ඉන්‍ද්‍රියයන්හි ලා දැක්විය යුත්තාහු ද අනින්‍ද්‍රියයන් අතුරෙන් යම් ධර්‍ම කෙනෙක් අනින්‍ද්‍රියයන්හි ලා දැක්වියැ යුත්තාහු ද (ඔහු) පරියාය වශයෙන් ද අවතරණය කටයුත්තාහු ය. යම් ධර්‍මධාතුවක් යම්සේ ද එපරිද්දෙන් ධර්‍මායතනය ද සෙවියැ යුතු යැ. එසේ මැ ය, යම් මැ ධර්‍මධාතුවක් ඇද්ද එය මැ අනූන වූ අනධික වූ ධර්‍මායතනය වේ.
Pali BJTතත්ථ පටිච්චසමුප්පාදො අත්ථි තිවිධො, අත්ථි චතුබ්බිධො, අත්ථි දුවිධො. තත්ථ තිවිධො පටිච්චසමුප්පාදො: හෙතු ඵලං නිස්සන්දො. අවිජ්ජා සඞ්ඛාරා තණ්හා උපාදානං ච අයං හෙතු, විඤ්ඤාණං නාමරූපං සළායතනං{9} ඵස්සො වෙදනා ච අයං පච්චයො, යො භවො අයං විපාකො. යා ජාති මරණං අයං නිස්සන්දො.
Sinhala BJTඑහි පටිච්චසමුප්පාදය ත්‍රිවිධ වූයේ නැත. චතුර්විධ වූයේ නැත, ද්විවිධ වූයේ නැත. එහි පටිච්චසමුප්පාදය හේතු යැ ඵල යැ නිෂ්‍යන්‍ද යයි ත්‍රිවිධ වෙයි. අවිච්ජා සංඛාර තණ්හා උපාදාන ද යන මේ හේතු යැ විඤ්ඤාණ යැ නාමරූප යැ ජට්ඨායතන යැ ඵස්ස යැ වේදනා ද යන මේ ප්‍රත්‍ය යැ, යම් භවයෙක් ඇද්ද මේ විපාක යැ, යම් ජාතියක් මරණයක් වේ ද මේ නිස්සන්‍ද යි.
Pali BJTකථං චතුබ්බිධො: හෙතු පච්චයො විපාකො නිස්සන්දො ච අවිජ්ජා ච තණ්හා ච සඞ්ඛාරා ච උපාදානං ච අයං හෙතු, විඤ්ඤාණං නාමරූපස්ස පච්චයො කාමරූපං උප්පජ්ජති. තථා උප්පන්නස්ස සළායතනං{1}. ඵස්සො වෙදනා ච අයං පච්චයො. යො භවො අයං විපාකො. යා ජාති යා ච ජරාමරණං අයං නිස්සන්දො.
Sinhala BJTකිසෙයින් චතුර්විධ වෙයි යත්: හේතු යැ ප්‍රත්‍ය යැ විපාක යැ නිෂ්‍යන්‍ද යැයි චතුර්විධ යි. අවිජ්ජා තණ්හා සංඛාර උපාදාන ද යන මේ හේතු යැ. විඤ්ඤාණය නාම රූපයට ප්‍රත්‍යය වෙයි, (විණ්ණාණයෙන්) නාමරූපය උපදී. එසේ උපන්නහුට ෂඩායතනය ද ඵස්සය ද වේදනා ද යන මේ ප්‍රත්‍යය වෙයි. යම් භවයෙක් ඇද්ද මේ විපාක යැ, යම් ජාතියක් යම් ජරාමරණයකුත් ඇද්ද මේ නිෂ්‍යන්‍ද යි.
Pali BJTකථං දුවිධො පටිච්චසමුප්පාදො: අවිජ්ජා සඞ්ඛාරා තණ්හා උපාදානං අයං සමුදයො, විඤ්ඤාණං නාමරූපං සළායතනං{1} ඵස්සො වෙදනා භවො ජාති මරණං ව, ඉදං දුක්ඛං. යං පන අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො, ඉමානි තප්පටිපක්ඛෙන ද්වෙ සච්චානි. තස්මා පටිච්ච සමුප්පාදො යෙන ආකාරෙන නිද්දිට්ඨො, තෙන තෙන නිද්දිසිතබ්බො.
Sinhala BJTකිසෙයින් පටිච්චසමුප්පාදය ද්විවිධ වෙයි යත්: අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන යන මේ සමුදය යැ, විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා භව ජාති මරණ ද යන මේ දුඃඛ යැ. යළි අවිද්‍යා නිරෝධයෙන් සංඛාරනිරෝධය වෙයි. (මෙසේ) තත්ප්‍රතිපක්‍ෂතායෙන් මේ සත්‍යයෝ දෙදෙන වෙති. එහෙයින් පටිච්චසමුප්පාදය යම් අයුරෙකින් වදාරන ලදද ඒ ඒ අයුරින් දැක්විය යුත්තේ යි.
Pali BJTතථා බාවීසති ඉන්ද්රියානි: ද්වාදස ඉන්ද්රියානි චක්ඛුන්ද්රියානි චක්ඛුන්ද්රියං යෙන දොමනස්සින්ද්රියං, ඉදං දුක්ඛං. පුරිසින්ද්රියං ච දිට්ඨියා ච තණ්හා පදට්ඨානං. යතො පුරිසො පුරිසකානං තං එවං කාතබ්බතා. අථ අජ්ඣත්තං සාරජ්ජති. අයං අහඞ්කාරො තං යථා{2} සාරත්තො බහිද්ධා පරියෙසති, අයං මමිඞ්කාරො{3} එවං ඉත්ථි, තත්ථ සුඛින්ද්රියං ච සොමනස්සින්ද්රියං ච පුරිසින්ද්රියස්සනුවන්තකා හොන්ති. තස්ස අධිප්පායපරිපුණ්ණා ලොභධම්මා කුසලමූලෙ පවඩ්ඪෙන්ති තස්ස චෙ අයමධිප්පායො න පාරිපූරිං ගච්ඡති. තස්ස දුක්ඛින්ද්රියං ච දොමනස්සින්ද්රියං ච වත්තති, දොසො ච අකුසලමූලං පවඩ්ඪති සචෙ පන උපෙක්ඛං{4}. භාවෙති උපෙක්ඛින්ද්රියස්ස අනුවත්තකො{5} භවති. අමොහො ච කුසලමූලං පවඩ්ඪති. ඉති සත්ත ඉන්ද්රියානි කිලෙසවත්ථුමුපාදාය අනත්ථෙමානි අවමානි සබ්බස්ස වෙදනා ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං.
Sinhala BJTඑසෙයින් දෙවිසි ඉන්‍ද්‍රියයෝ, වෙති: (ද්වාදස ... එවං ඉත්‍ථි ? මෙ ද ව්‍යාකුල තැනෙකි.) එහි සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රියට අනුවර්‍තක වෙති. ඔහුට අධ්‍යාශය පරිපූර්‍ණ වූ ලෝභධර්‍මයෝ කුශලමූලයන් වර්ධනය කෙරෙති. ඉදින් ඔහුගේ මේ අධ්‍යාශය පිරීමට නොයේ නම්, ඔහුට දුක්ඛින්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය ද පවතී. දොස අකුසලමූලය ද වැඩෙයි. ඉදින් වැලිත් උපේක්‍ෂාව වඩා නම්, උපෙක්ඛින්‍ද්‍රියට අනුවර්‍තක වේ නම් අමෝහකුසලමූලය ද වඩයි. (ඉති සත්තඉන්‍ද්‍රියානි ... මෙ ද ශුද්ධවිය යුතු තැනෙකි.
Pali BJTතත්ථ අට්ඨ ඉන්ද්රියානි සද්ධින්ද්රියං යාව අඤ්ඤාතාවිනො ඉන්ද්රියං, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා, දසන්නං පඤ්ඤීන්ද්රියානං කාමරාගස්ස පදට්ඨානං. මනින්ද්රියං භවරාගස්ස පදට්ඨානං, පඤ්ඤින්ද්රියානි රූපරාගස්ස පදට්ඨානං, ඉත්ථින්ද්රියං ච පුරිසින්ද්රියං ච සත්තපඤ්ඤත්තියා පදට්ඨානං. තත්ථ යෙන යෙන ඉන්ද්රියෙන යුත්තං වා ගාථාය ඔතාරෙතුං සක්කොති තෙන තෙන නිද්දිසිතබ්බො. එවං ඛන්ධෙසු ධාතුසු ආයතනෙසු සච්චෙසු පටිච්චසමුප්පාදෙසු. අයං ඔතරණො හාරො.
Sinhala BJTඑහි ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් වෙති. සද්ධින්‍ද්‍රිය පටන් අඤ්ඤාතාවින්‍ද්‍රිය දක්වා යි. මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා යැ, දසවැදෑරුම් පඤ්ඤින්‍ද්‍රියයන් අතුරෙන් (?) කාම රාගයට පදට්ඨාන යැ, මනින්‍ද්‍රිය භවරාගයට පදට්ඨාන යැ, පඤ්ඤින්‍ද්‍රියෝ (?) රූප රාගයට පදට්ඨාන යැ, ඉත්‍ථින්‍ද්‍රිය ද පුරිසින්‍ද්‍රිය ද සත්ත්‍වප්‍රඥප්තියට පදට්ඨාන යැ, එහි යම් යම් ඉන්‍ද්‍රියයෙකින් යුක්ත වූයේ හෝ ගාථායෙන් අවතරණය කරන්නට හැකි වූයේ නම් ඒ ඒ ඉන්‍ද්‍රියයෙන් දැක්විය යුත්තේ යි. මෙසේ ස්කන්‍ධ ධාතු ආයතන සත්‍යය පටිච්චසමුප්පාදයන්හි අවතරණය කටයුත්තේ යි. මේ ඕතරණහාර යි.
Pali BJT13. තත්ථ කතමො සොධනො හාරො:
Sinhala BJT13. එහි සෝධනහාර කවරැ :
Pali BJTතයො ගාථා{6} එකෙන ආරම්භෙන භාසීයන්ති{7}; තත එකිස්සා භාසිතාය අවසිට්ඨාසු ආභාසිතාසු{8} සො අත්ථො න නිද්දිසිතබ්බො. කිං කාරණං: න හි තාව සො අත්ථො භාසිතො, සො ආභාසිතො න සක්කා නිද්දිසිතුං. යථා කිං: “අප්පමාදො අමතපදන්ති{9} ගාථා අයමෙකා ගාථා න නිද්දිසිතබ්බා,{10} කිං කාරණං: අත්ථි තාව{11} ඉමස්ස ආරම්භස්ස අභාසිතං:
Sinhala BJTගාථා තුනක් එක් ආරම්භයෙකින් වදාරනු ලැබෙත්. එහි එක් ගාථාවක් වදාළ කල්හි සෙසු ගාථා නො වදාළ කල්හි (ගාථායෙහි) ඒ අර්‍ත්‍ථය නොදැක්වියැයුතු යැ, කරුණු කිම යත් : එතෙක් ඒ අර්‍ත්‍ථය නො වදාළ හෙයිනි. ඒ නො වදාළ අර්‍ත්‍ථය දක්වන්නට නො හැක්ක. ඒ කිසේ යැ : “අප්පමාදො අමතපදං” යන ගාථාව යැ, මේ එක ගාථාව නො දැක්විය යුත්තී යැ, කරුණු කිම ප්‍රත් : මේ ආරම්භයාගේ නො වදාරන ලද අර්‍ත්‍ථයෙක් ඇත:
Pali BJT15. ‘එතං විසෙසතො ඤත්වා- අප්පමාදම්හි පණ්ඩිතා, අප්පමාදෙ පමොදන්ති - අරියානං ගොචරෙ රතා’ති.
Sinhala BJT15. “ප්‍රාඥ වූ පණ්ඩිතයෝ අප්‍රමාදයෙහි තෙල (ප්‍රමත්තයාහට සසර වටින් නිස්සරණයෙක් නැත, අප්‍රමත්තයාහට ඇත යන) විශේෂය වෙසෙසින් දැන අප්‍රමාදයෙන් සතුටු වෙති, ඔහු බුද්ධාදි ආර්‍ය්‍යයන්ට ගෝචර වූ සතර සීවටන් ආදි ධර්‍මයෙහි ඇලුණහු වෙති” යන–
Pali BJTඉදං අභාසිතං ඉමිස්සාපි ගාථාය භාසිතාය අත්ථා න නිද්දිසිතබ්බො.{1} කිං කාරණං: අත්ථි තත්ථ අවසිට්ඨං: “තෙ ඣායිනො සාතතිකා නිච්චං දළ්හපරක්කමා”ති ගාථා, එවං ඉමා ගාථායො යදා උපධාරිතා{2} භවන්ති, තදා අත්ථො නිද්දිසිතබ්බො.
Sinhala BJTමෙය අභාසිත යැ, මේ ගාථාව වදාළ කල්හි දු අර්‍ත්‍ථය නො දැක්වියැ යුතු යැ. කරුණු කිම යත් : එහි අවශිෂ්ටයෙක් ඇත: “තෙ ඣායිනෝ සාතතිකා නිච්චං දළ්හපරක්කමා” යන ගාථාව යැ. මෙසේ මේ ගාථාවෝ යම් විටෙක විමසල ලද්දාහු වෙත් ද එකල්හි අර්‍ත්‍ථය දැක්වියැ යුත්තේ යි.
Pali BJTඑවං අස්සුතපුබ්බෙසු සුත්තෙසු බ්යාකරණෙසු වා එකුද්දෙසො භාසිතො. යා වීමංසා තුලනා ඉදං අත්ථි කිච්චං, ඉදං සුත්තං භාසිතං තස්ස වෙවචනං නිද්දිට්ඨං වා න වා’ති. තත්ථ යා වීමංසා, අයං වුච්චකෙ සොධනො හාරො.
Sinhala BJTමෙසේ නො ඇසූවිරූ සූත්‍රයන්හි හෝ වෙය්‍යාකරණයන්හි හෝ එක් උද්දේසයක් කියන ලද්දේ ය, (එහි) යම් විමංසාවක් තුලනාවක් ඇද්ද, මේ කිස ඇත. (?) මේ සූත්‍රය භාසිත යැ. ඒ සූත්‍රයාගේ වෙවචනය දක්වන ලද හෝ නො දක්වන ලද හෝ දැයි එහි යම් වීමසංසාවක් ඇද්ද, මේ සෝධනහාර යයි කියනු ලැබේ.
Pali BJT14. තත්ථ කතමො අධිට්ඨානො හාරො:
Sinhala BJT14. එහි අධිට්ඨානහාර කවරැ:
Pali BJTඑකත්තතා ච වෙමත්තතා ච. තත්ථ කතපඤ්ඤත්ති{3} ච කිච්චපඤ්ඤත්ති ච සා එකත්තතා ච වෙමත්තතා ච යථා පඤ්ඤත්ති, එතෙ වෙවචනෙන{4} වෙමත්තතා, [?] පජානාතීති පඤ්ඤා, සා ච ආධිපතෙය්යට්ඨෙන පඤ්ඤත්ති. යං අනොමත්තියට්ඨෙන පඤ්ඤත්තං,{5} තං අකම්පියට්ඨෙන{6} පඤ්ඤාබලං. තනුභූතා ගොචරත්තවසා සෙව සති තීසු රතනෙසු අනුස්සති බුද්ධානුස්සති ධම්මානුස්සති සඞ්ඝානුස්සති අවිපරීතානුස්සරණතාය. සම්මාදිට්ඨිධම්මානං පවිචයෙන ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො අභිනීහාරතො අභිඤ්ඤාති. සඞ්ඛෙපෙන මග්ගා කා වත්ථු අවිකොපනතාය එකත්තා, යථා උණ්හෙන සංසට්ඨං උණ්හොදකං, සීතෙන සංසට්ඨං සීතොදකං, ඛාරොදකං ගුළොදකන්ති, ඉදං එකත්තතා වෙමත්තතා ච.
Sinhala BJTඒකත්තතා සංඛ්‍යාත සාමාන්‍යය ද වේමත්තතා සංඛ්‍යාත විශේෂය ද වෙයි. එහි කෘතප්‍රඥප්ති ද කෘත්‍යප්‍රඥප්ති ද වෙයි. (සා ඒකත්තතා ච ... ? මේද ව්‍යාකුල තැනෙකි.) ප්‍රකර්‍ෂයෙන් දැනගනී නුයි පඤ්ඤා නමු. එ ද අධිපතිභාවාර්‍ත්‍ථයෙන් “පඤ්ඤත්ති” නමු. (යං අනෝමත්තියට්ඨෙන?) පඤ්ඤත්ත නම් වේ ද, එය අවිද්‍යාවෙන් කම්පා නොවන අර්‍ත්‍ථයෙන් පඤ්ඤාබල නම් වෙයි. (තනුභූතා ගෝචරත්තවසා?) ඒ සතිය මැ රත්නත්‍රයෙහි පුන පුනා පැවැතීම් වශයෙන් අනුස්සති” නම් වේ. අවිපරීත ව සිහිකිරීම් වශයෙන් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති නම් වේ. සම්‍යග්දෘෂ්ටිධර්‍මයන් ප්‍රකාරයෙන් විමසීමෙන් ධම්මවිචය සබ්බොජ්ඣඞ්ග වෙයි. අභිනීහාර වශයෙන් අභිඤ්ඤා වේ යයි. (සඞ්ඛේපෙන මග්ගා කා?) වස්තූන්ගේ අවිකෝපනතායෙන් ඒකත්‍වය වේ. ඒ මෙසේ යැ: උෂ්ණය හා සංසෘෂ්ට වූයේ උණෙහාදක යැ, සීතය හා සංසෘෂ්ට වූයේ සීතොදක යැ, ක්‍ෂාරෝදක යැ ගුඩොදක යැ යන මේ ඒකත්තතා ද වේමත්තතා ද වෙයි.
Pali BJTඅත්ථි පුන ධම්මො නානාධම්මසඞ්ගතො{7} එකත්තතා,{8} යථා රූපං චත්තාරො දස්සෙතබ්බා{9} තං ච රූපන්ති එකත්තතා, පඨවීධාතු{10} ආපො-තෙජො- වායොධාතූති වෙමත්තතා. එවං සබ්බා චතස්සො ධාතුයො. රූපන්ති එකත්තතා, පඨවීධාතු ආපො-තෙජො-වායො-ධාතූති වෙමත්තතා. පඨවීධාතූතු ලක්ඛණතො එකත්තතා, සංකිණ්ණවත්ථුතො වෙමත්තතා. යං කිඤ්චි කක්ඛළ ලක්ඛණං සබ්බං තං පඨවීධාතූති. එකත්තතා, කෙසා ලොමා නඛා දන්තා ඡවී චම්මන්ති වෙමත්තතා, එවං සබ්බා{11} චතස්සො ධාතුයො, රූපන්ති එකත්තං, සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බාති වෙමත්තතා.
Sinhala BJTයළි ධර්‍මයෙක් නානාධර්‍මයන් හා සංගත වූයේ ඒකත්තතායෙක් ඇත. ඒ මෙසේ යැ: රූපය චතුර්විධ කොට දැක්විය යුතු යැ, එද ‘රූප යනු ඒකත්තතා යැ, පඨවිධාතු ආපෝ–තේජෝ–වායෝධාතු යනු වේමත්තතා යි. සියලු සතර ධාතූහු මෙසේ යි. ‘රූපං’ යනු ඒකත්තතා යැ, පඨවි ධාතු ආපෝ–තොජො–වායෝධාතු වේමත්තතා යැ, ‘පඨවිධාතු’ යනු ලක්‍ෂණ විසින් ඒකත්තතා යැ, සංකීර්‍ණවස්තු විසින් වේමත්තතා යි. “යං කිඤ්චි කක්ඛළලක්ඛණං සබ්බං තං පඨවීධාතු” යනු ඒකත්තතා යැ, “කේසා ලෝමා නඛා දන්තා ජවි චම්මං” යනු වේමත්තතායි. සියලු සතර ධාතූහු මෙසේ යි. ‘රූපං’ යනු ඒකත්තතා යැ. ‘සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා’ යනු වේමත්තතා යි.
Pali BJTඅත්ථි පුන ධම්මො වෙමත්තතා අඤ්ඤං{12} නාමං ලභති, යථා කායානුපස්සනාය නව සඤ්ඤා විනීලකසඤ්ඤා උද්ධුමාතකසඤ්ඤා, අයං අසුභසඤ්ඤා, යා එකත්තතා අරම්මණතො වෙමත්තතා,
Sinhala BJTයළි වේමත්තතා ධර්‍මයෙක් ඇත: එය අන් නාමයක් ලබයි. ඒ මෙසේ යැ කායානු පස්සනායෙහි නව සංඥායෙකි : විනීලකසඤ්ඤා උද්ධුමාතකසඤ්ඤා ... මේ අශුභ සංඥා යැ, යම් ඒකත්තතාවක් ආලම්බන හෙයින් වෙමත්තා වේ ද,
Pali BJT(සා එවං සඤ්ඤා වෙදනාසු ආදීනවං සමනුපස්සතො තථාධිට්ඨානං සමාධින්ද්රියං ච සායෙව ධම්මෙසු තත්ථ සඤ්ඤාභාවනා විරියින්ද්රියං ච ධම්මෙසු ධම්මානුපස්සනා චිත්තෙ චිත්තසඤ්ඤං පජහතො පඤ්ඤින්ද්රියං ච චිත්තෙ චිත්තානුපස්සනා? ඉති යො කොචි ඤාණූපචාරො{1} සබ්බසො පඤ්ඤාය ගොචරො. පඤ්ඤා, අයං වෙමත්තතා, යථාකාමරාගො භවරාගො දිට්ඨිරාගොති වෙමත්තතා තණ්හාය. ඉති යං එකත්තතාය ච වෙමත්තතාය ච ඤාණං වීමංසනා කුලනා, අයං අධිට්ඨානො{2} හාරො.
Sinhala BJTඑය මෙසේ සඤ්ඤා වේදනාවන්හි ආදීනව දක්නහුට (සා එවං ... චිත්තානුපස්සනා ?) මෙසේ යම් කිසි ඤාණූපචාරයෙක් ඇද්ද එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රඥාවට ගෝචර වෙයි. මේ වේමත්තතා යි. ඒ මෙසේ යැ: කාමරාග යැ භවරාග යැ දිට්ඨිරාග යැ යන මේ තණ්හාවට වේමත්තතා යි. මෙසේ ඒකත්තතා පිළිබඳ වූ ද වේමත්තතා පිළිබඳ වූ ද යම් ඥානයක් වීමංසනාවක් තුලනාවක් වේ දැ මේ අධිට්ඨානහාර නම් වේ.
Pali BJT15. තත්ථ කතමො පරික්ඛාරො හාරො:
Sinhala BJT15. එහි පරික්ඛාරහාරය කවරැ :
Pali BJTසහෙතු සප්පච්චයං වොදානං ච සංකිලෙසො ච, යං තදුභයං පරියෙට්ඨි ස පරික්ඛාරො හාරො. ඉති ධම්මානං සහෙතුකානං හෙතු පරියෙසිතබ්බො, සප්පච්චයානං පච්චයො පරියෙසිතබ්බො.
Sinhala BJTසහේතු සප්‍රත්‍යය වූ ව්‍යවදානය ද සංක්ලේශය ද වෙයි. ඒ වෝදාන සංකිලේස දෙක පිළිබඳ යම් පර්‍ය්‍යෙෂණයෙක් වේ ද, එය පරික්ඛාරහාර නම් වේ. මෙසේ සහේතුක වූ සියලු ධර්‍මයන්ගේ හේතුව සෙවියැ යුතු යැ, සප්‍රත්‍යයධර්‍මයන්ගේ ප්‍රත්‍යය සෙවියැයුත්තේ යි.
Pali BJTතත්ථ කිං නානාකරණං හෙතුස්ස ච පච්චයස්ස ච: සභාවො හෙතු, පරභාවො පච්චයො පරභාවස්ස පච්චයො හෙතුපි, සභාවස්ස හෙතු (යා?) පරභාවස්ස කස්සචි පච්චයො. අවුත්තො හෙතු, වුත්තො පච්චයො. අජ්ඣත්තිකො හෙතු බාහිරො පච්චයො. සභාවො හෙතු පරභාවො පච්චයො. නිබ්බත්තකො හෙතු පරිග්ගාහකො{3} පච්චයො. නෙවාසිකො හෙතු, ආගන්තුකො පච්චයො. අසාධාරණො හෙතු, සාධාරණො පච්චයො. එකො යෙව හෙතු, අපරාපරො පච්චයො.
Sinhala BJTඑහි හේතුහුගේ ද ප්‍රත්‍යයාගේ විශේෂය කවරැ : සමානභාවය හේතු යැ, එයින් අන්‍යභාවය ප්‍රත්‍යය හැ, පර (අන්‍ය) භාවයට හේතුව ද ප්‍රත්‍යය වෙයි, සභාව හේතුව කිසියම් පරභාවයකට ප්‍රත්‍යය වෙයි, නො කියන ලද්දේ හේතු යැ. කියන ලද්දේ ප්‍රත්‍ය යැ. ආධ්‍යාත්මික වූයේ හේතු යැ, බාහිර වූයේ ප්‍රත්‍ය යැ, සමානභාවය හේතු යැ, අන්‍යභාවය ප්‍රත්‍ය යැ. නිපද වනුයේ හේතු යැ, පරිග්‍රාහක වූයේ ප්‍රත්‍ය යැ. නේවාසික වූයේ හේතු යැ, ආගන්තුක වූයේ ප්‍රත්‍ය යැ, අසාධාරණ වූයේ හේතු යැ, සාධාරණ වූයේ ප්‍රත්‍ය යැ, එකලා වූයේ හේතු යැ, අපරාපර වූයේ ප්‍රත්‍යය යි.
Pali BJTහෙතුස්ස උපකරණං සමුදානෙතබ්බං{4}: සමුදානං හෙතු, තත්ථ දුවිධො හෙතු දුවිධො පච්චයො: සමනන්තරපච්චයො ච පරම්පරපච්චයො ච. හෙතුපි දුවිධො: සමනන්තරහෙතු ච පරම්පරහෙතු ච. තත්ථ කතමො පරම්පරපච්චයො: අවිජ්ජා නාමරූපස්ස පරම්පරපච්චයො. විඤ්ඤාණං සමනන්තරපච්චයතාය පච්චයො. යදි ආදිම්හි අවිජ්ජානිරොධො භවතී නාමරූපස්ස නිරොධොපි, තත්ථ සමනන්තරං කිං කාරණං පරම්පරපච්චයො සමනන්තරපච්චයො සමුදානිතො{5} අයං පච්චයතො. තත්ථ කතමො පරම්පරහෙතු: චිජානන්තස්ස පරම්පරහෙතුතාය හෙතු, අඤ්ඤාකාරො සමනන්තරහෙතුතාය හෙතු යස්ස හි යං සමනන්තරං නිබ්බත්තති, සො තස්ස හෙතුපි ජාතිනිරොධා බහී ආකාරනිරොධො, ආකාරනිරොධා දණ්ඩනිරොධො, දණ්ඩනිරොධා ඛණ්ඩනිරොධො. එවා හෙතුපි ද්විධා සො තාහි පස්සිතබ්බො [?]
Sinhala BJTහේතුහුගේ උපකරණය එළැවියැයුතු යැ, සමුදානය හේතු යි. එහි හේතුව ද්විවිධ යැ, ප්‍රත්‍යය ද්විවිධ යැ, සමනන්තරහේතුව ද පරම්පරාහෙතුව ද ද්විවිධ හේතු යි. එහි පරම්පර ප්‍රත්‍යය කවරෙ යත්: අවිද්‍යාව නාමරූපයට පරම්පරප්‍රත්‍යය වෙයි. විඤ්ඤාණය සමනන්තර ප්‍රත්‍යයභාවයෙන් ප්‍රත්‍යය වෙයි. ඉදින් ආදියෙහි අවිද්‍යානිරෝධය වේ නම් නාම රූපයාගේ නිරෝධයත් වෙයි. එහි සමන්තරප්‍රත්‍යය කවර කරුණෙකින් පරම්පර ප්‍රත්‍යයත් සමනන්තරප්‍රත්‍යයත් එළවන ලද ද (අයං පච්චයො ... සො තාහි පස්සිතබ්බො?)
Pali BJTපටිච්චසම්මුපාදො යථා අවිජ්ජාපච්චයො තස්ස පුන කිං පච්චයො: අයොනිසොමනසිකාරො, සො තස්ස පච්චයො සඞ්ඛාරානං, ඉති පච්චයො ච සමුප්පන්නං ච. තත්ථ කො හෙතු: අවිජ්ජායෙව. තථාහි පුරිමා කොටි න පඤ්ඤායති, තත්ථ අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානස්ස හෙතු, පුරිමා හෙතු පච්ඡා පච්චයො, සාපි අවිජ්ජා සඞ්ඛාරානං පච්චයො චතූහි කාරණෙහි: සහජාතපච්චයතාය සමනන්තරපච්චයතාය අභිසන්දනපච්චයතාය පතිට්ඨානපච්චයතාය.
Sinhala BJTපටිච්චසමුප්පාදය මෙසේ යැ: අවිද්‍යාව ප්‍රත්‍යයධර්‍මයෙකි. ඒ අවිද්‍යාප්‍රත්‍යයට වැලිත් කුමක් ප්‍රත්‍යය වේ ද: අයෝනිසෝමනසිකාරය යි. හේ කවරක්හට ප්‍රත්‍යය වේ ද, සංස්කාරයන්ට ප්‍රත්‍යය වෙයි. මෙසේ ප්‍රත්‍යය ද ප්‍රත්‍යයසමුත්පන්නය ද වෙයි, ඒ අවිද්‍යා ප්‍රත්‍යය හේතු කවරෙ යැ: අවිද්‍යාව මැ යි. ඒ එසේ මැ ය: (අවිද්‍යාවගේ) පූර්‍වකෙළවර නො පැනෙයි. එහි අවිද්‍යානුශය අවිජ්ජාපරියුට්ඨානයට හේතු යි. හේතුව පූර්‍ව වෙයි. ප්‍රත්‍යය පසුව වේ. ඒ අවිද්‍යාව ද සංස්කාරයන්ට සතර කාරණයෙකින් ප්‍රත්‍යය වෙයි: සහජාත ප්‍රත්‍යභාවයෙන් සමනන්තරප්‍රත්‍යතායෙන් අභිසන්‍දනප්‍රත්‍යතායෙන් පතිට්ඨාන ප්‍රත්‍යතායෙන් යන සතර කරුණෙනි.
Pali BJTකථං සහජාතපච්චයතාය අවිජ්ජා සඞ්ඛාරානං පච්චයො: යං චිත්තං රාගපරියුට්ඨිතං{1} තත්ථ අවිජ්ජාපරියුට්ඨානෙන සබ්බං පඤ්ඤාය ගොචරං හන්ති. තත්ථ සඞ්ඛාරාති පච්චයට්ඨිකා අද්ධාභූමිකාරමහත්තස්ස [?] අයං අවිජ්ජා සහසමුප්පන්නං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලත්තමාපජ්ජන්ති චතූහි කාරණෙහි පඤ්ඤා පහීයති. කතමෙහි චතුහි: අනුසයො පරියුට්ඨානං සංයොජනං උපාදානං. තත්ථ අනුසයො පරියුට්ඨානං ජනෙතී{2} පරියුට්ඨිතා සංයුජ්ජති සංයුත්තා උපාදීයති, උපාදානපච්චයා භවො. (එවං තෙ සඞ්ඛාරා තිවිධා උප්පන්නා භූමිගතා නාස’ඤ්ඤත්ථ අයං මග්ගෙන විනීතත්තායාති තෙ ථාමගතා අපතිවිනීතාතිපි තෙ සඞ්ඛාරාති වුච්චති. එවං සහෙතු සමුප්පන්නට්ඨෙන අත්ථියෙව{3} පච්චයා සඞ්ඛාරානං පච්චයො නිද්දිට්ඨං අපනෙත්වා කුසලං අකුසලං කුසලො ච අකුසලො ච පක්ඛිපිතබ්බො. විපාකධම්මා අපනෙත්වා වචනීයං අවචනීයං වචනීයං ච අවචනීයං ච පක්ඛිපිතබ්බං. භව. . . ?) සබ්බසුත්තං පරික්ඛිපිතබ්බං.
Sinhala BJTකිසෙයින් සහජාතප්‍රත්‍යතායෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වෙයි යත්: යම් සිතක් රාගයෙන් මඩනා ලද ද, එහි අවිජ්ජා පරියුට්ඨානය හේතු කොට ගෙන සියලු ප්‍රඥාගෝචරය නසයි. (තත්‍ථ සංඛාරා ... ?) මේ අවිද්‍යාව එක්ව උපන් ධර්‍මය සමග වෘද්ධියට වැඩීමට විපුල බවට පැමිණෙන්නී සතර කරුණෙකින් ප්‍රඥාව ප්‍රහීණ කෙරෙයි කවර සතරෙකින යත්; අනුශය යැ පරියුට්ඨාන යැ සංයෝජන යැ උපාදාන යැ යන සතරෙනි. එහි අනුසය පරියුට්ඨානය උපදවයි පරියුට්ඨාන වූවා සංයුක්ත වෙයි, සංයුක්ත වූවා උපාදානය කෙරෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. (එවං තේ ... සබ්බයුත්තං නික්ඛිපිතබ්බං? මේ වෘක්‍ය ප්‍රදේශය ද, ව්‍යාකුලය)
Pali BJTදස තථාගතබලානි චත්තාරි වෙසාරජ්ජානි පුඤ්ඤානි අනඤ්ඤාකතං, අවිජ්ජා සමනන්තරපච්චයතාය සඞ්ඛාරානං පච්චයො. යෙන චිත්තෙන සහ සමුප්පන්නා අවිජ්ජා තස්ස චිත්තස්ස සමනන්තරචිත්තං සමුප්පන්නන්ති තස්ස යං සමනන්තරචින්තං සමුප්පන්නන්ති, තස්ස පච්ඡිමස්ස චිත්තස්ස පුරිමචිත්තං හෙතුපච්චයතාය පච්චයො. තෙන අවිජ්ජා හෙතු, තෙන චිත්තෙන උපාදානං අනොකාසකතං ඤාණං න උප්පජ්ජති, යා තස්ස අප්පමාදා ධාතු අභිජ්ඣාභිසන්දිතා තහිං විපල්ලාසා උප්පජ්ජන්ති: ‘අසුභෙ සුභන්ති, දුක්ඛෙ සුඛ’න්ති. තත්ථ සඞ්ඛාරා උප්පජ්ජන්තී රත්තා දුට්ඨා මූළ්හස්ස{4} චෙතනා රාගපරියුට්ඨානෙන බ්යාපාදපරියුට්ඨානෙන අවිජ්ජාපරියුට්ඨානෙන දිට්ඨිවිපල්ලාසො වත්ථුනිද්දෙසෙ නිද්දිසිතබ්බො. යං විපරීතචිත්තො විජානාති අයං චිත්තවිපල්ලාසො. යා විපරීතසඤ්ඤා උපගණ්හාති{5} යං සඤ්ඤාවිපල්ලාසො. යං විපරීතදිට්ඨි අභිනිවිසති අයං දිට්ඨිවිපල්ලාසො.
Sinhala BJTතථාගත බලයෝ දසදෙනෙකි, වෛසාරද්‍යයෝ සතර දෙනෙකි. (පුඤ්ඤනි අනඤ්ඤකතං?) අවිද්‍යාව සමන්තර ප්‍රත්‍යභාවයෙන් සංස්කාරයන්ට ප්‍රත්‍යය වෙයි, යම් සිතක් සමග උපන් අවිද්‍යාව ඒ සිතට සමන්තරව සිතක් උපන් නුයි ඒ සිතට සමන්තරව යම් සිතක් උපන්නුයි ඒ පශ්චිම චිත්තයට පූර්‍ව චිත්තය හේතු ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. එහෙයිනුත් අවිද්‍යාව, හේතු යි. ඒ සිතින් උපාදානව අවකාස නො කරන ලද ඥානය නූපදී. ඔහුගේ යම් අප්‍රමාද ධාතුවක් අභිධ්‍යායෙන් යුක්ත වූ ද, එහි අශුභයෙහි ශුභ යැ දුඃඛයෙහි සුඛ යැ යන විපර්‍ය්‍යාසයෝ උපදිත්. එහි රාගයෙන් රත් වූ, ද්වේෂයෙන් දුෂ්ට වූ සංස්කාරයෝ උපදිත්. මෝහයෙන් මූඪ වූවහුගේ චේතනාව රාගපරියුට්ඨානයෙන්, ව්‍යාපාදරියුට්ඨානයෙන්, අවිද්‍යා පරියුට්ඨානයෙන් දිට්ඨි විපල්ලාසය වස්තු නිර්දේශයෙහි ලා දැක්වියැ යුතු යැ. විපරීත සිත් ඇතියේ යමක් දැනගනී ද මේ චිත්ත විපල්ලාස යැ, යම් විපරීත සංඥාවක් ගනී ද මේ සඤ්ඤාවිපල්ලාස යැ, යම් විපරීත දෘෂ්ටියකට බැසගනී ද මේ දිට්ඨිවිපල්ලාස යි.
Pali BJTඅට්ඨ මිච්ඡත්තානි වඩ්ඪන්ති තීණි අකුසලානි, අයොනිසො මනසිකාරෙ උප්පන්නං විඤ්ඤාණං චවිජ්ජං ච කරොන්ති. ඉති පුබ්බා පරන්තෙ අකුසලානාතරීතරො [?] සඞ්ඛාරා වුද්ධිං වෙපුල්ලං ගච්ඡන්තී. තෙ ච මහතා ච අප්පටිවිදිතා පොනොභවිකා සඞ්ඛාරා භවන්ති. ඉති එවං අවිජ්ජා සහජාතපච්චයතාය සඞ්ඛාරානං පච්චයො සමනන්තරපච්චයතාය ච.
Sinhala BJTඅටවැදෑරුම් මිච්ඡත්තයෝ තුන් අකුශලයන් වඩත්. අයෝනිසෝ මනසිකාරයෙහි උපන් විඤ්ඤාණය ද විද්‍යාව ද, කෙරෙත් (ද) ඉතිපුබ්බා පරන්තෙ ... සංඛාරා භවන්ති?) මෙසේ අවිද්‍යාව සතජාත ප්‍රත්‍යභාවයෙන් ද සමන්තර ප්‍රත්‍යභාවයෙන් ද සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ.
Pali BJTකථං අභිසන්දනාකාරෙන අවිජ්ජා සඞ්ඛාරානං පච්චයො: සා අවිජ්ජා තෙ සඞ්ඛාරෙ අභිසන්නෙති පරිප්ඵරති. සෙය්යථාපි නාම උප්පලං වා පදුමං වා තං උදකෙ වඩ්ඪං අස්ස, සීතෙන වාරිනා අභිසන්නං පරිසන්දනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජති. එවං අභිසන්දනට්ඨෙන අවිජ්ජා සඞ්ඛාරානං පච්චයො.
Sinhala BJTකී සෙයින්, අභිසන්‍දනාකාරයෙන් අවිද්‍යාව සංස්කාරයන්ව ප්‍රත්‍යය වෙයි යත්: ඒ අවිද්‍යාව, ඒ සංස්කාරයන් අභිසන්‍දනය කෙරෙයි, පැතිරැගෙන සිටී. යම් සේ උපුලක් හෝ පියුමක් හෝ උදකයෙහි වැඩෙනුයේ සිහිල් දියෙන් තෙත්වූයේ හාත් පසින් තෙත්වූයේ වෘද්ධියට වැඩීමට විපුල බවට පැමිණේ ද, එපරිද්දෙන් අභිසන්‍දනාර්‍ත්‍ථයෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වේ.
Pali BJTකථං පතිට්ඨානට්ඨෙන අවිජ්ජා සඞ්ඛාරානං පච්චයො: තෙ සඞ්ඛාරා අවිජ්ජං{1} නිස්සාය වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං{2} ආපජ්ජන්ති. සෙය්යථාපි නාම උප්පලං වා පදුමං වා පඨවිං නිස්සාය පඨවියං{3}. පතිට්ඨාය වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජති, එතෙ සඞ්ඛාරා අවිජ්ජං නිස්සාය අවිජ්ජාය{4} පතිට්ඨිතා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ගච්ඡන්ති. එවං පතිට්ඨානට්ඨෙන අවිජ්ජා සඞ්ඛාරානං පච්චයො.
Sinhala BJTකී සෙයින් පතිට්ඨානාර්‍ත්‍ථයෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ ද යත්: ඒ සංස්කාරයෝ අවිද්‍යාව නිසා වෘද්ධියට වැඩීමට විපුල බවට පැමිණෙති. යම් පරිදි උපුලක් හෝ පියුමක් හෝ පඨවිය නිසා පඨවියෙහි පිහිටා වෘද්ධියට වැඩීමට විපුලබවට පැමිණේ ද, එපරිදි තෙල සංස්කාරයෝ අවිද්‍යාව නිසා අවිද්‍යාවෙහි පිහිටියාහු වෘද්ධියට වැඩීමට විපුලබවට පැමිණෙත්. මෙසේ පතිට්ඨානාර්‍ත්‍ථයෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ.
Pali BJTපුන රාගසහගතස්ස කම්මස්ස විපාකෙන පටිසන්ධිම්හි භවො නිබ්බත්තති, තං කම්මස්ස{5} සබ්බං අභිනිවිට්ඨං අඤ්ඤාණවසෙන පොනොභවිකා{6} සඞ්ඛාරාති වුච්චන්ති, එවම්පි අවිජ්ජාපච්චයා සඞ්ඛාරා අත්ථි. පුන පඤ්චසු යෙ ච සෙඛා{7} පුග්ගලා, යෙ ච අසඤ්ඤීසමාපත්තිං සමාපන්නා, යෙ ච භවගතා, යෙ ච අන්තොගතායෙව සංසෙදජා, යෙ ච වා පන අඤ්ඤො හි කොචි අනාගාමීභූතා න චෙතෙන්ති න ච පත්ථෙන්ති, තෙසං කිං පච්චයා සඞ්ඛාරා පුන රාගා අත්ථි තෙසං සඞ්ඛාරානි උපාදානානි චිත්තමනුස්සරන්තියෙව අවිපක්කවිපාකසමූහතා අසමුච්ඡින්නපච්චයා තෙසං පුන ච ගතො භවති.
Sinhala BJTයළි රාගසහගත කර්‍මයාගේ විපාකයෙන් ප්‍රති සන්‍ධියෙහි ලා භවය උපදී. ඒ සියල්ල නොදැනීම් වශයෙන් කර්‍මයට පිවිසියේ වෙයි. (ඔහු) පුනර්‍භවය ඇති කරන සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේත් අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ ඇත. යළි (පඤ්චසු?) යම් ශෛක්‍ෂ පුද්ගල කෙනෙක් වෙත් ද යම් අසංගදී සමාපත්තියට සමවන්නා හු වෙත් ද, භවගත වූ යම් කෙනෙකුත් වෙත් ද, අන්තොගත වූ මැ සංසේදජ වූ යම් කෙනෙකුත් වෙත් ද, (යෙ ච වා පන අඤ්ඤාහි, කෝචි?) අනාගාමී වූවා හු චේතනා නො කෙරෙති ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙත්. ඔවුනට සංස්කාරයෝ කුමක් ප්‍රත්‍යය කොට ඇත්තා හු ද, (යළි රාගය හේතු කොට ගෙන – අත්‍ථා තෙසං ගතො භවති?)
Pali BJTඑවම්පි හි අවිජ්ජාපච්චයා සඞ්ඛාරා. පුන සා තෙ න උපාදානා නපි සඞ්ඛාරා, අත්ථි පුන තෙසං සත්ත අනුසයා අසමූහතා අසමුච්ඡින්නා, තදාරම්මණං භවති, විඤ්ඤාණස්ස පතිට්ඨාය විඤ්ඤාණපච්චයා නාමරූපං. එවම්පි අවිජ්ජාපච්චයා සඞ්ඛාරා.
Sinhala BJTමෙසේ මැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. (පුන සා?) උපාදානයෝ නො වෙති, සංස්කාරයෝ නො ද වෙත්. යළි ඔවුනට සත් අනුශයයෝ නො නසන ලද්දාහු අසමුච්ඡින්න වූවාහු ඇත, විඥානයාගේ පිහිටීමට එය අරමුණු වෙයි. විඥාන ප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි. මෙසේත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්.
Pali BJTපුන සා{8} යං කිඤ්චි කම්මං ආචයගාමි, සබ්බං තං අවිජ්ජාවසෙන අභිසඞ්ඛරීයති තණ්හාවසෙන ච අල්ලීයති. අඤ්ඤාණවසෙන ච තත්ථ ආදීනවම්පි න ජානාති තදෙව විඤ්ඤාණංබීජං භවති. සායෙව තණ්හාසිනෙහො භවති. සායෙව අවිජ්ජා සම්මොහෙති. එවම්පි අවිජ්ජාපච්චයා සඞ්ඛාරා වත්තබ්බා. ඉති ඉමෙහි ආකාරෙහි අවිජ්ජාසඞ්ඛාරානං පච්චයො.
Sinhala BJTනැවත ඒ අවිද්‍යාව ආචයගාමී වූ යම් කිසි කර්‍මයක් ඇද්ද ඒ සියල්ල අවිද්‍යා වශයෙන් රැස් කරනු ලැබෙයි. කෘෂ්ණා වශයෙන් ඇලෙයි, නො දැනීම් වශයෙන් එහි ආදීනව ද නො දනී, එය මැ ප්‍රතිසන්‍ධි විඥානයට බීජ වෙයි. ඒ අවිද්‍යාව මැ තෘෂ්ණාවට සෙනහ වෙයි. ඒ අවිද්‍යාව මැ සම්මෝහ වේ යයි. මෙසේත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ කියැයුත්තාහු යැ. මෙසේ මේ ආකාරයෙන් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ.
Pali BJTතත්ථ අවිජ්ජාය හෙතු යොනිසො මනසිකාරො පච්චයො හොති, තත්ථ අවිච්ඡෙදො{9}. අයං තත්ථ තතියං බලං නිවත්ති, අයං පටිසන්ධි තත්ථ පුනබ්භවො, යො අවිච්ඡෙදො{10} අසමුග්ඝාතනට්ඨෙන අයං අනුසයො, යථා පතාකං{11} වා සාටකං වා (ද්වෙ ජනා පීඨෙසු ච එකා වා බලං වා අස්ස නිවාචස්සෙසු, න පන පීඨෙසු සොසෙය්ය, තත්ථ යං සිනෙහා ආපොධාතු අනුපුබ්බෙන සොසෙතබ්බා. උණ්හධාතුමාගම්ම සචෙ පුන තං ආකාසො නික්ඛිපෙය්ය තං උස්සාවෙන යෙභූය්යතරං සිනෙහමාගච්ඡෙය්ය, න හි අනාගම්ම තෙජොධාතුං පරිසොසං{12} ගච්ඡෙය්ය. එවමෙව භවග්ගපරමාපි සමාපත්ති න අනුරූපස්ස සමුග්ඝාතාය සංවත්තති. තෙ හි ආලසන්ති සම්මසන්ති, න ච තණ්හාය තණ්හාපහානං ගච්ඡන්ති?)
Sinhala BJTඑහි අවිද්‍යාව හේතු යැ, අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍ය වේ. එහි අවිච්ඡේදය වෙයි, මේ එහි තුන් වැනි බලය (නිවත්ති?) මේ පටිසන්‍ධි යැ, එහි පුනර්‍භවය වෙයි, අසමුද්ඝාතාර්‍ත්‍ථයෙන් නො සිඳී පැවැත්මෙක් වේ ද, මේ අනුශය යි, යම්සේ පතාකයක් හෝ සළුවක් හෝ (දේවජනා ... තණ්හාපහානං ගමඡන්ති ? – මුළු වාක්‍යයැම විපරීත ව ව්‍යාකූලව ඇත.)
Pali BJTතත්ථ සො අසමුග්ඝාතො අවිජ්ජාය අනුසයො ච චිත්තස්ස සම්පළිබොධො, ඉදං පරියුට්ඨානං. යථාභූතං විඤ්ඤාණස්ස අප්පවිවෙධො අයං අවිජ්ජාසවො, අවිජ්ජා විඤ්ඤාබීජං භවති. යං බීජං සො හෙතු න සමුච්ඡිජ්ජති. අසමුච්ඡිජ්ජන්තො පටිසන්දහති, පටිසන්දභන්තො න සමුග්ඝාතං ගච්ඡති. අසමුග්ඝාතං චිත්තං පරියොනහති, පරියොනද්ධචිත්තො යථාභූතං නප්පජානාති.
Sinhala BJTඑහි අවිද්‍යාවගේ අසමුද්ඝාතය ද අනුශය ද චිත්තයට පරිබෝධ වෙයි. මේ පරියුට්ඨාන යි. යථාභූතව – ඇති සැටි) විඥානයාගේ අප්‍රතිවේධයෙක් වේ ද මේ අවිද්‍යාස්‍රව යි. අවිද්‍යාව විඥානයට බීජ වෙයි. යමක් බීජ වේ ද ඒ හේතුව නොසිඳී පවතී. නො සිඳී පවත්නේ ප්‍රතිසන්‍ධානය කෙරෙයි. ප්‍රතිසන්‍ධානය කරනුයේ සමුද්ඝාතයට නො යෙයි. සමුද්ඝාතයට නො පැමිණියේ සිත හාත්පසින් බැඳ ගනී. හාත්පසින් බැඳුණු සිත් ඇතියේ යථාභූත ව නො දනී.
Pali BJTඉති විඤ්ඤාණස්ස{1} සාසවත්ථො අවිජ්ජත්ථො, හෙතුඅත්ථො අවිච්ඡෙදත්ථො අනිවත්තිඅත්ථො ඵලත්ථො, පටිසන්ධිඅත්ථො පුනබ්භවත්ථො, අසමූග්ඝාතත්ථො අනුසයත්ථො, සම්පලිබොධත්ථො{2} පරීයුට්ඨානත්ථො, අසම්පටිවෙධත්ථො අවිජ්ජත්ථො{3}. එත්තාවතා අවිජ්ජාය ඛෙත්තං නිද්දිට්ඨං භවති. අයං වුච්චති පරික්ඛාරො හාරො.
Sinhala BJTමෙසේ විඥානයාගේ සාස්‍රවාර්‍ත්‍ථය අවිද්‍යාර්‍ත්‍ථ යැ, හේතු අර්‍ත්‍ථය අවිච්ඡේදාර්‍ත්‍ථය යැ. අනිවත්ති (නොනවත්නා) අර්‍ත්‍ථය ඵලාර්‍ත්‍ථ යැ, ප්‍රතිසන්‍ධි අර්‍ත්‍ථය පුනර්‍භවාර්‍ත්‍ථ යැ, අසමුද්ඝාතාර්‍ත්‍ථය අනුශයාර්‍ත්‍ථ යැ, සම්පරිබෝධාර්‍ත්‍ථය පරියුට්ඨානාර්‍ත්‍ථ යැ, අසම්ප්‍රතිවේධාර්‍ත්‍ථය අවිද්‍යාර්‍ත්‍ථ යි. මෙතෙක් අවිද්‍යාවගේ කේෂ්ත්‍ර ය දක්වන ලද්දේ වේ. මේ පරික්ඛාරහාරය යි කියනු ලැබේ.
Pali BJT16. තත්ථ කතමො සමාරොපනො හාරො:
Sinhala BJT16. එහි සමාරෝපන භාර කවරෙ යැ:
Pali BJTඋග්ඝටිතම්හි තම්හි - සන්තඤ්චෙව නං විත්ථාරං පන වත්තබ්බං විත්ථාරවිධිං විජඤ්ඤා - අයං සමාරොපනො හාරො.
Sinhala BJTඒ ධර්‍මය උද්ඝාටනය කළ කල්හි විද්‍යමාන වූ මැ විස්තරය කියැයුතු ය, ඒ විස්තාර විධිය දත යුත්තේ යැ. මේ සමාරෝපන හාර නම් වේ.
Pali BJTතත්ථ නාමනිද්දෙසො උපඝටකො, වත්ථුනිද්දෙසො වෙවචනං වත්ථුභූතො විත්ථාරො. යථා කිං: යො භික්ඛු නිවත්තතො පහාතබ්බො. අයං උපඝටනා.
Sinhala BJTඑහි නාමනිර්දේශය උපඝටක වෙයි, වස්තු නිර්‍දෙශය වේවචන යැ. වස්තු වූයේ විස්තරය යි. ඒ කෙසේ යැ යත්: යම් මහණෙක් නිවෘත්තියෙන් ප්‍රහාතව්‍ය වේ ද, මේ උපඝටනා යැ.
Pali BJTතත්ථ කතමො සමාරොපනො: කිඤ්චි න වත්තබ්බං රූපරාගං වා නාමවන්තපහාතබ්බං. යාව විඤ්ඤාණන්ති විත්ථාරෙන කාතබ්බානි, අවිජ්ජා තා ඔපම්මෙන පඤ්ඤාපෙතබ්බා, අයං සමාරොපනො නිස්සිතචින්තස්ස ව මත්තිකො ච නිස්සයො තණ්හා ච දිට්ඨි ච තත්ථ දිට්ඨි අවිජ්ජා, තණ්හා සඞ්ඛාරා තත්ථ දිට්ඨිපච්චයා තණ්හා ඉමෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරා. තත්ථ නිස්සිතං විඤ්ඤාණං, ඉදං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, යාව ජරාමරණං ඉදං සඞ්ඛිත්තෙන භාසිතෙ අවසිට්ඨං පරොපයති [?]
Sinhala BJTඑහි සමාරෝපන කවරෙ යැ: රූපරාගය හෝ (කිඤ්චි න වත්තබ්බං ... අවසිට්ඨං පරෝපති : මේ කොටස ද අර්‍ත්‍ථයක්, නගාගත නො හැකි පරිදි ව්‍යාකූලව ඇත ?)
Pali BJT“අනිස්සිතස්ස චලිතං නත්ථි”ති තස්ස එවං දිට්ඨියා තණ්හාය ච පහානං, තත්ථ දිට්ඨි අවිජ්ජානිරොධාය යථාභූතං{4} විඤ්ඤාණං රාගට්ඨානියෙසු{5} ධම්මෙසු තං තං ධම්මං උපෙච්ච{6} අඤ්ඤං ධම්මං ධාවති මක්කටොපමතාය: අථ ඛ්වස්ස පරිත්තෙසු ධම්මෙසු රාගට්ඨානියෙසු{7} ඡන්දරාගො නත්ථි, කුතො තතො චලනා, අධිමත්තෙසු සත්තෙසු [?] චිත්තං නිවෙසයති{8} තං අපනිට්ඨිතං විඤ්ඤාණං අනාහාරං නිරුජ්ඣති, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, යාව ජරාමරණනිරොධො අයං සමාරොපනො.
Sinhala BJT“අනිස්සිතස්ස චලිතං නත්‍ථි” යනු ඔහුට මෙසේ දෘෂ්ටියගේ ද, තෘෂ්ණාවගේ ප්‍රහාණය වෙයි, එහි දෘෂ්ටි අවිද්‍යාවන්ගේ නිරෝධය පිණිස (?) යථාභූතවිඥානය රාගයට කාරණ වූ ධර්‍මයන් කෙරෙහි වඳුරකුට බඳු උපමා ඇතියෙන් ඒ ඒ ධර්‍මයට පැමිණ අන් දහමකට (අරමුණකට) දිවෙයි, වැලි ඔහුට රාගය ඉපදීමට කාරණ වූ පරිත්ත ධර්‍මයන්හි ද ඡන්‍දරාගයෙක් නැත, එහෙයින් චලනය කොහි යැ, අධිමාත්‍ර වූ සත්‍වයන් කෙරෙහි (?) සිත පිහිටුවයි, ඒ අප්‍රතිෂ්ඨාන වූ විඥානය අනාහාර වැ නිරුද්ධ වෙයි. විඥානයාගේ නිරෝධයෙන් නාමරූප නිරෝධය වෙයි. ජරාමරණ නිරෝධය දක්වා (විස්තරයි) මේ සමාරෝපණ යි.
Pali BJTතත්ථ රාගවසෙන විඤ්ඤාණස්ස චලිතං සපරිග්ගහො, තස්මිං චලිතෙ අසති යො පරික්කිලෙසොපවාරො තිවිධො අග්ගි පටිප්පස්සද්ධො භවති. තෙනාහ: චලිතෙ අසති{1} පස්සද්ධි හොති. තත්ථා’යං සමාරොපනා, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, යාව විමුත්තමිති{2} ඤාණදස්සනං භවති.
Sinhala BJTඑහි රාගවශයෙන් විඥානයාගේ චලිතය (සැලීම) වෙයි. හේ පරිග්‍රහයයි (දැඩි කොට ගැනීම යැ) ඒ තෘෂ්ණා වශයෙන් සැලීම නැති කල්හි පරික්ලේශෝපචාර වූ යම් ත්‍රිවිධාග්නියෙක් ඇද්ද හේ සන්හිඳුණේ වේ. එයින් වදාළ හ: “චලිතෙ අසති පස්සද්ධි හොති” යි. එහි මේ සමාරෝපණා යැ. සන්හුන් කය ඇතියේ කායික සුවය විඳියි. සුඛිත වූවහුගේ සිත සමාධියට පැමිණෙයි (සිත) කෙලෙසුන් කෙරෙන් මිදිණැයි ඥාන දර්‍ශනය (ප්‍රත්‍යවේක්‍ෂාඥානය) වෙයි යනු දක්වා විස්තර යි.
Pali BJTසො ආසවානං ඛයා ච විමුත්තිනො උප්පජ්ජති. තස්ස උපපත්තිස්ස ආගතිගතියා අසන්තියා{3} නෙවිධ න{4} හුරං න උභයමන්තරෙන, එසෙවන්තො දුක්ඛස්සාති අනුපාදිසෙසා නිබ්බානධාතු. ඉදමස්ස සුත්තස්ස{5} මජ්ඣෙ සමාරොපිතං පටිච්චසමුප්පාදෙ ච විමුත්තියං ච යොගො, න ච එතං තස්ස සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභත්තන්ති{6} අයං වුච්චතෙ සමාරොපනො{7} හාරො.
Sinhala BJTහේ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අර්‍හත්ඵල විමුක්තියට පැමිණෙයි, විමුක්ත සිත් ඇති ඔහුට පටිසන්‍ධි විසින් ආගමනය ද චුති විසින් ගමන ය ද (ආගති ගති) නැති කල්හි මෙලොවැ නො මැ වෙයි, පරලොවැ නො වෙයි, උභය ලෝකයෙහි මැ නො වෙයි, මෙය මැ වට්ට දුක්ඛයාගේ අන්තය වේ යයි අනුපාදිසේස නිබ්බාන ධාතු වේ. මේ ඒ සූත්‍රයාගේ මාධ්‍යයෙහි සමාරෝපිතය පටිච්ච සමුප්පාදයෙහි ද විමුක්තියෙහි ද, යෝගය වෙයි. තෙල සැකෙවින් වදාරන ලද ඒ සූත්‍රයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් නො ද විභාග කරන ලදැයි. මේ සමාරෝපන හාරයයී කියනු ලැබේ.
Pali BJTන ච සඞ්කිලෙසභාගියෙන සුත්තෙන සුඞ්කිලෙසභාගියො යෙ ච ධම්මා සමාරොපයිතබ්බා නාඤ්ඤෙ. එවං වාසනාභාගියෙ නිබ්බෙධභාගියෙ.
Sinhala BJTසංකි ලෙස භාගිය සූත්‍රයෙන් සංකිලෙසභාගිය සූත්‍රයෙක් නො ද සමාරෝපන කටයුතු යැ. යම් ධර්‍ම කෙනෙක් සමාරෝපනය කළ යුත්තා හු ද (ඔවුන් හැර) අන්‍යධර්‍මයෝ සමාරෝපන නො කටයුත්තාහ. වාසනාභාගිය නිබ්බේධභාගිය සූත්‍රයෙහි ද මෙසේයි.
Pali BJTඅයං සමාරොපනො හාරො.
Sinhala BJTමේ සමාරෝපන හාර යි.
Pali BJTඉමෙ සොළස හාරා.
Sinhala BJTමොහු සොළස හාරයෝ යි.
Pali BJTසුවීරස්ස මහාකච්චායනස්ස ජම්බුවනවාසිනො පෙටකොපදෙසෙ හාරවිභඞ්ගො නාම පඤ්චමභූමි{8} සමත්තා{9}
Sinhala BJTජම්බූවනවාසී සුවීර වූ මහාකච්චායන තෙරණුවන්ගේ පෙටකෝපදේසයෙහි හාරවිභඞ්ග නම් වූ පඤ්චම භූමිය සමාප්තයි.
Pali BJT6. ඡට්ඨමභුමි - සුත්තත්ථසමුච්චයො
Sinhala BJT6. ෂෂ්ඨ භූමි - සුත්තත්‍ථසමුච්චය
Pali BJT6-1. බුද්ධානං භගවන්තානං සාසනං තිවිධෙන සඞ්ගහං ගච්ඡති: ඛන්ධෙසු ධාතුසු ආයතනෙසු.
Sinhala BJT6-1. භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය තුන්පරිද්දෙකින් සංග්‍රහයට යෙයි: ස්කන්‍ධ–ධාතු ආයතනයන්හි යැ.
Pali BJTතත්ථ පඤ්චක්ඛන්ධා: රූපක්ඛන්ධො, යාව විඤ්ඤාණක්ඛන්ධො. දසරූපආයතනානි: චක්ඛු රූපා ච, යාව කායො ඵොට්ඨබ්බා ච. අයං රූපක්ඛන්ධො,
Sinhala BJTඑහි පඤ්චස්කන්‍ධයෝ නම් : රූපස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධය දක්වා ඇති පස ද රූපායතනයෝ දසයෙකි. : ඇස ද රූපයෝ ද – කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද යන මේ රූපස්කන්‍ධ යි.
Pali BJTතත්ථ ඡ වෙදනාකායා වෙදනාක්ඛන්ධො: චක්ඛුසම්ඵස්සජා වෙදනා, යාව මනොසම්ඵස්සජා වෙදනා, අයං වෙදනාක්ඛන්ධො.
Sinhala BJTඑහි සවැදෑරුම් වේදනාකාය වේදනාස්කන්‍ධය යැ : චක්ඛු සම්ඵස්සජ වේදනා යැ – මනෝසම්ඵස්සජවේදනාව දක්වා ඇති මේ සැවැදෑරුම් වේදනා වේදනාස්කන්‍ධ යි.
Pali BJTතත්ථ ඡ සඤ්ඤාකායා සඤ්ඤාක්ඛන්ධො: රූපසඤ්ඤා, යාව ධම්මසඤ්ඤා, ඉමෙ ඡ සඤ්ඤාකායා. අයං සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTඑහි, සැවැදෑරුම් සංඥාකාය සංඥාස්කන්‍ධ යැ, රූපසංඥාව (ආදිකොට) ධර්‍මසංඥා දක්වා ඇති මේ ෂට්සංඥාකාය සංඥාස්කන්‍ධ යි.
Pali BJTතත්ථ ඡ චෙතනාකායා සඞ්ඛාරක්ඛන්ධො: රූපසඤ්චෙතනා, යාව ධම්මසඤ්චෙතනා, ඉමෙ ඡ චෙතනාකායා, අයං සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTඑහි සවැදෑරුම් චෙතනාකාය සංස්කාරස්කන්‍ධ යැ: රූප සඤ්චේතනා (ආදි කොට) ධර්‍මසඤ්චේතනා දක්වා මොහු සදෙන චෙතනාකාය යැ, මේ සංස්කාරස්කන්‍ධ යි.
Pali BJTතත්ථ ඡ විඤ්ඤාණකායා විඤ්ඤාණක්ඛන්ධො: චක්ඛුවිඤ්ඤාණං, යාව මනොවිඤ්ඤාණං, ඉමෙ ඡ විඤ්ඤාණකායා, අයං විඤ්ඤාණක්ඛන්ධො. ඉමෙ පඤ්චක්ඛන්ධා.
Sinhala BJTඑහි සවැදෑරුම් විඥානකාය විඥානස්කන්‍ධ යැ, චක්ඛුවිඤ්ඤාණය (ආදි කොට) මනෝ විඤ්ඤාණය දක්වා මොහු සදෙන විඥානකාය යැ. මේ විඥානස්කන්‍ධ යි.
Pali BJTතෙසං කා පරිඤ්ඤා: අනිච්චං දුක්ඛං සඤ්ඤා අනත්තාති, එසා එතෙසං පරිඤ්ඤා.
Sinhala BJTඒ පඤ්චස්කන්‍ධයන්ගේ, පරිඤ්ඤා කවර යැ: අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යැ යන මොහු යි. මේ ස්කන්‍ධයන්ගේ තෙල අනිත්‍යාදි වශයෙන් දැනීම ‘පරිඤ්ඤා’ නම් වී.
Pali BJTතත්ථ කතමො ඛන්ධත්ථො: සමූහත්ථො ඛන්ධත්ථො, පුඤ්ජත්ථො ඛන්ධත්ථො, රාසත්ථො ඛන්ධත්ථො, තං යථා දබ්බක්ඛන්ධො වනක්ඛන්ධො දාරුක්ඛන්ධො අග්ගික්ඛන්ධො උදකක්ඛන්ධො වායුක්ඛන්ධො. ඉති එවං ඛන්ධෙසු සබ්බසඞ්ගහොච එවං ඛන්ධත්ථො.
Sinhala BJTඑහි ස්කන්‍ධාර්‍ත්‍ථය කවරෙ යත්: සමූහභාවය ස්කන්‍ධාර්‍ත්‍ථ යැ පුඤ්ජභාවය ස්කන්‍ධාර්‍ත්‍ථ යැ රාශිභාවය ස්කන්‍ධාර්‍ත්‍ථ යැ. ඒ මෙසේ යැ: ද්‍රව්‍යස්කන්‍ධ යැ වනස්කන්‍ධ යැ දාරුස්කන්‍ධ යැ අග්නිස්කන්‍ධය යැ උදකස්කන්‍ධ යැ වායුස්කන්‍ධ යැ යනු මෙනි. මෙසේ ස්කන්‍ධයන්හි සියල්ල සංග්‍රහ වූ ස්කන්‍ධාර්‍ත්‍ථය මෙසේ දතයුතු.
Pali BJT6-2. තත්ථ අට්ඨාරස ධාතුයො: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු -පෙ- මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු. එතායො අට්ඨාරස ධාතුයො. තාසං පරිඤ්ඤා: අනිච්චං දුක්ඛං සඤ්ඤා අනත්තාති, එසා එතාසං පරිඤ්ඤා.
Sinhala BJT6-2. එහි අටළොස් ධාතු කෙනෙක් වෙති: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු යැ ... මනෝධාතු ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු යැ යන මොහු අටළොස් ධාතූහු යි. ඔවුන්ගේ අනිත්‍යාදි වශයෙන් දැනීම අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යැ යන මොහු යි. මේ තෙල ධාතූන්ගේ පරිඤ්ඤා නම් වී.