Pali BJT13. සුභාසිතං උත්තමමාහු සන්තො ධම්මං භණෙ නාධම්මං තං දුතියං, පියං භණෙ නාප්පියං තං තතියං සච්චං භණෙ නාලිකං තං චතුත්ථං.
Sinhala BJT13. බුද්ධාදි සත්පුරුෂයෝ සුභාෂිතය උතුමැයි කීහු, ධර්‍මය මැ කියන්නේ යැ (මේ පළමුවන අංග යැ) අධර්‍මය නො කියන්නේ යැ එය දෙවන අංග යැ ප්‍රිය වචනය කියන්නේ යැ අප්‍රිය වූවක් නො කියන්නේ යැ ඒ තෙවන අංග යැ සැබවක් කියන්නේ යැ බොරු බසක් නො කියන්නේ යැ ඒ සතරවැනි අංග යි.
Pali BJTචත්තාරිමානි ච වචීසුචරිතානි. ඉදං වාචාකම්මාධිට්ඨානං.
Sinhala BJTයළි මේ වාක් සුචරිතයෝ සතර දෙනෙක් වෙති. මේ වාචාකම්මාධිට්ඨාන යි.
Pali BJT(9) තත්ථ කතමං මනොකම්මාධිට්ඨානං:
Sinhala BJT(9) එහි මනෝකම්මාධිට්ඨාන කවරැ :
Pali BJT14. මනෙන කුසලං කයිරා{1} - මනසා සංවුතො භවෙ, මනොදුච්චරිතං හිත්වා - මනසා සුචරිතං චරෙ.
Sinhala BJT14. සිතින් කුසලය කරන්නේ යැ සිතින් සංවෘත වන්නේ යැ. මනෝදුශ්චරිතය හැරපියා සිතින් සුචරිතයෙහි හැසිරෙන්නේ යි.
Pali BJT“තීණි’මානි මනොසුචරිතානි: අනභිජ්ඣා අව්යාපාදො සම්මාදිට්ඨි, ඉදං මනොකම්මාධිට්ඨානං. ඉමානි අසාධාරණානි සුත්තානි.
Sinhala BJT“මේ මනෝසුචරිතයෝ තිදෙනෙක් වෙති : අනභිධ්‍යා යැ අව්‍යාපාද යැ සම්මාදිට්ඨි යි. මේ මනෝකම්මාධිට්ඨාන යි. මොහු අසාධාරණ සූත්‍රයෝ යි.
Pali BJTතත්ථ කතමානි සාධාරණානි සුත්තානි-
Sinhala BJTඑහි සාධාරණ සූත්‍රයෝ කවරහ :
Pali BJT15. වාචානුරක්ඛී මනසා සුසංවුතො කායෙන ච අකුසලං න කයිරා{2}, එතෙ තයො කම්මපථෙ විසොධයෙ ආරාධයෙ මග්ගං ඉසිප්පවෙදිතං{3}.
Sinhala BJT15. වාග්දුශ්චරිතය දුරැලීමෙන් වාග්ද්වාරය රක්නේ යැ. සිතින් ද සංවෘත වන්නේ යැ කයිනුදු අකුසල් නො කරන්නේ යැ. මේ තුන් කර්‍මපථය පිරිසිදු කරන්නේ යැ, බුද්ධාදි ඍෂින් විසින් ප්‍රවිදිත වූ ආර්‍ය්‍ය මාර්‍ගය සිද්ධ කරන්නේ යි.
Pali BJT“තිස්සො ඉමා භික්ඛවෙ පාරිසුද්ධියො: කායකම්මපාරිසුද්ධි වාචාකම්මපාරිසුද්ධි මනොකම්මපාරිසුද්ධි, තත්ථ කතමා කායකම්මපාරිසුද්ධි: පාණාතිපාතා වෙරමණී අදින්නාදානා වෙරමණී කාමෙසු මිච්ඡාචාරා වෙරමණී. තත්ථ කතමා වාචාකම්මපාරිසුද්ධි: මුසාවාදා වෙරමණී -පෙ- සම්ඵප්පලාපා වෙරමණී, තත්ථ කතමා මනොකම්මපාරිසුද්ධි: අනභිජ්ඣා අව්යාපාදො සම්මාදිට්ඨි. ඉදං සාධාරණ සුත්තං.
Sinhala BJT“මහණෙනි මේ ‘පාරිශුද්ධීහු තිදෙනෙක් වෙති : කායකර්‍ම පාරිශුද්ධි යැ වාක්කර්‍ම පාරිශුද්ධි යැ මනඃකර්‍මපාරිශුද්ධි යි. එහි කායකර්‍ම පාරිශුද්ධි කවර: ප්‍රාණවධයෙන් වැළැකීම යැ අදත්තාදානයෙන් වෙන් වීම යැ කාමමිථ්‍යාචාරයෙන් වෙන් වීම යි. එහි වාක්කර්‍මපාරිශුද්ධි කවර : මෘෂාවාදයෙන් වෙන්වීම යැ ... සම්ඵප්‍රලාපයෙන් වෙන් වීම යි. එහි මනඃකර්‍මපාරිශුද්ධි කවර : අනභිධ්‍යා යැ අව්‍යාපාද යැ සම්‍යග්දෘෂ්ටි යි. මේ සාධාරණ සූත්‍ර යි.
Pali BJTඉති සාධාරණානි ච සුත්තානි අසාධාරණානි ච සුත්තානි පටිවිජ්ඣිතබ්බානි, පටිවිජ්ඣිත්වා වාචාය කායෙන ච සුත්තස්ස අත්ථො නිද්දිසිතබ්බො.
Sinhala BJTමෙසේ සාධාරණ සූත්‍රයෝ ද අසාධාරණසූත්‍රයෝද දතයුත්තාහු ය, දැන වචනයෙන් ද සූත්‍රාර්‍ත්‍ථය දැක්විය යුත්තේ යි.
Pali BJT(10) තත්ථ කතමං සද්ධින්ද්රියාධිට්ඨානං:
Sinhala BJT(10) එහි සද්ධින්‍ද්‍රියාධිට්ඨාන කවරැ :
Pali BJT16. යස්ස සද්ධා තථාගතෙ - අචලා සුප්පතිට්ඨිතා, සීලං ච යස්ස කල්යාණං - අරියකන්තං පසංසිතං.
Sinhala BJT16. යමක්හුගේ ශ්‍රද්ධාව තථාගතයන් කෙරෙහි අචල වැ මැනැවින් පිහිටියා ද යමක්හුගේ ශීලයත් කල්‍යාණ වූයේ ආර්‍ය්‍යයනට කාන්ත වූයේ පසස්නා ලද ද -
Pali BJT17. සඞ්ඝෙ පසාදො යස්සත්ථි - උජුභූතං ච දස්සනං, අදලිද්දොති තං ආහු - අමොඝං තස්ස ජීවිතං.
Sinhala BJT17. යමක්හට සංඝයා කෙරෙහි ප්‍රසාදය ඇද්ද (කායවංකාදි අභාවයෙන්) ඍජුවූ දර්‍ශනය වේ ද ඔහු නොදිළින්දෙකැයි කියති. ඔහුගේ ජීවිතය නො සිස් වෙයි.
Pali BJT18. සද්ධා වෙ නන්දිකා ආරා - ධිකො නො තස්ස සද්ධොති, සබ්බං සියාති භගවන්තං - තථාරූපො ධම්මසම්පසාදො.
Sinhala BJT18. එහෙයින් බුදුරදුන්ගේ අනුශාසනය සිහිකරන නුවණැති පුද්ගල ශ්‍රද්ධාව යැ ශීල යැ ප්‍රසාද යැ. සිවුසස්දහම් දැකීම යැ යන මෙහි යෙදෙන්නේ යි.
Pali BJTඉදං සද්ධින්ද්රියාධිට්ඨානං.
Sinhala BJTමේ සද්ධින්‍ද්‍රියාධිට්ඨාන යි.
Pali BJT(11) තත්ථ කතමං විරියින්ද්රියාධිට්ඨානං:
Sinhala BJT(11) එහි විරියින්‍ද්‍රියාධිට්ඨානය කවරැ :
Pali BJT19. ආරභථ{1} නික්ඛමථ - යුඤ්ජථ බුද්ධසාසනෙ ධුනාථ මච්චුනො සෙනං - නළාගාරංව කුඤ්ජරො.
Sinhala BJT19. ආරම්භධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, කෞෂිද්‍යයෙන් නික්මැයන නිෂ්ක්‍රමධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, ශමථ - විදර්‍ශනා සංඛ්‍යාත බුද්ධශාසනයෙහි යුක්ත ප්‍රයුක්ත වවු, බලසම්පන්න ඇත්රජෙක් බටදඬින් කළ ගෙයක් ඇසිල්ලෙකින් මෙන් කෙලෙස් මරුහුගේ කාමාදි සේනාව විද්ධවංසන කරවු.
Pali BJT“චත්තාරො’මෙ භික්ඛවෙ සම්මප්පධානා” ඉදං විරියින්ද්රියාධිට්ඨානං{2}.
Sinhala BJT“මහණෙනි, මේ සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි.” මේ විරියින්‍ද්‍රියායිට්ඨාන යි.
Pali BJT(12) තත්ථ කතමං සතින්ද්රියාධිට්ඨානං:
Sinhala BJT(12) එහි සතින්‍ද්‍රියාධිට්ඨාන කවරැ :
Pali BJT20. සතිමතො සදා{3} ‘භද්දං - සතිමා සුඛමෙධති, සතිමතො සු වෙ සෙය්යො{4} - වෙරා න පරිමුච්චති.
Sinhala BJT20. සිහි ඇතියහුට හැම කල්හි භද්‍රය (යහපත) වෙයි, සිහි ඇතියේ සුවය ලබයි, සිහි ඇතියේ හැමකල්හි උතුම් වෙයි, (එතෙකින්), වෛරයෙන් නො මිදෙයි.
Pali BJT“චත්තාරො සතිපට්ඨානා” විත්ථාරෙන කාතබ්බා. ඉදං සතින්ද්රියාධිට්ඨානං.
Sinhala BJT‘සතර සතිපට්ඨානයෝ’ විස්තර කළයුත්තාහු යැ. මේ සතින්‍ද්‍රියාධිට්ඨාන යි.
Pali BJT(13) තත්ථ කතමං සමාධින්ද්රියාධිට්ඨානං:
Sinhala BJT(13) එහි සමාධින්‍ද්‍රියාධිට්ඨාන කවරැ :
Pali BJT21. ආකඞ්ඛතො තෙ නරදම්මසාරථි දෙවා මනුස්සා මනසා විචින්තිතං, සබ්බෙ න ජඤ්ඤා කසිණාපි පාණිනො සන්තං සමාධිං අරණං නිසෙවතො. ‘කිං තං භගවා ආකඞ්ඛතී’ති.
Sinhala BJT21. නරදම්සැරිය, (සත්ත්‍වයන්ගේ හිතාර්‍ත්‍ථය) කැමැතිවන නුඹ වහන්සේ විසින් (කරුණායෙන් සිහිල්වූ) සිතින් සිතන ලද අර්‍ත්‍ථය දෙවියෝ ද මනුෂ්‍යයෝ ද සියලු අනවශේෂ ප්‍රාණීහු ද නො දන්නාහු යැ, ශාන්ත වූ අරණසමාධිය සෙවුනා බුදුරදුන්ගේ චින්තිතය - බුදුහු කුමක් කැමැති වෙත් දැ’යි අන්‍යයනයට අවිසය වේ.
Pali BJT“තයො’මෙ භික්ඛවෙ සමාධි: සවිතක්කො සවිචාරො, අවිතක්කො විචාරමත්තො, අවිතක්කො අවිචාරො” ඉදං සමාධින්ද්රියාධිට්ඨානං.
Sinhala BJT“මහණෙනි, මේ සමාධීහු තිදෙනෙක් වෙති : සවිතර්‍ක සවිචාර සමාධි යැ. අවිතර්‍ක විචාරමාත්‍ර සමාධි යැ. අවිතර්‍ක අවිචාර සමාධි යි”. මේ සමාධින්‍ද්‍රියාධිට්ඨාන යි.
Pali BJT(14) තත්ථ කතමං පඤ්ඤින්ද්රියාධිට්ඨානං:
Sinhala BJT(14) එහි පඤඤන්‍ද්‍රියාධිට්ඨාන කවරැ :
Pali BJT“පඤ්ඤා හි සෙට්ඨා ලොකස්මි”න්ති විත්ථාරෙන.
Sinhala BJT“ලොවැ ප්‍රඥාව ශ්‍රේෂ්ඨවන්නී යැ” යන (ඉතිවුත්තක පාළි) මේ සූත්‍රය විස්තර කළයුතු.
Pali BJT“තිස්සො ඉමා භික්ඛවෙ පඤ්ඤා: සුතමායී චින්තාමයී භාවනාමයී” ඉදං පඤ්ඤින්ද්රියාධිට්ඨානං සුත්තං. ඉමානි ඉන්ද්රියාධිට්ඨානානි අසාධාරණානි සුත්තානි.
Sinhala BJT“මහණෙනි මේ ප්‍රඥා තුනක් වෙති : සුතමයි චින්තාමයි භාවනාමයී යැ” : මේ පඤ්ඤින්‍ද්‍රියාධිට්ඨාන සූත්‍ර යි. මේ ඉන්‍ද්‍රියාධිට්ඨානයෝ අසාධාරණ සූත්‍රයෝ යි.
Pali BJTතත්ථ කතමානි සාධාරණානි ඉන්ද්රියාධිට්ඨානානි සුත්තානි:
Sinhala BJTඑහි සාධාරණ ඉන්‍ද්‍රියාධිට්ඨාන සූත්‍රයෝ කවරහ :
Pali BJT22. අවීතරාගො කාමෙසු - යස්ස පඤ්චින්ද්රියා{5} මුදූ, සද්ධා සති ච විරියං{6} - සමථො ච විපස්සනා, තාදිසං භික්ඛුමාසජ්ජ - පුබ්බෙව උපහඤ්ඤති.
Sinhala BJT22. යමෙක් කාමයන්හි අවීතරාග වූයේ ද යමක්හුගේ සද්ධා සති විරිය සමථ විපස්සනා යන පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වෙත් ද එබඳු මහණහු කරා පැමිණ (හේ) පළමු මැ ඝටනු ලැබේ.
Pali BJT“පඤ්චිමානි ඉන්ද්රියානි” සද්ධින්ද්රියාදි ඉන්ද්රියං දට්ඨබ්බං. තීසු අවෙච්චප්පසාදෙ විත්ථාරෙන සුත්තං කාතබ්බං, ඉමානි සාධාරණානි ඉන්ද්රියාධිට්ඨානානි සුත්තානි.
Sinhala BJT“මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති”, සද්ධින්‍ද්‍රියාදි ඉන්‍ද්‍රිය දතයුතු, බුද්ධාදි වස්තුයෙහි අවෙත්‍යප්‍රසාදයෙහි සූත්‍රය විස්තර කළයුතු. මේ සාධාරණ වූ ඉන්‍ද්‍රියාධිට්ඨාන සූත්‍රයෝ යි.
Pali BJTයං යස්ස සම්බන්ධං කුසලස්ස වා අකුසලස්ස වා තෙන තෙන අධිට්ඨානෙන තං සුත්තං නිද්දිසිතබ්බං. නත්ථඤ්ඤො ධම්මො නිද්දිසිතබ්බො.
Sinhala BJTයමක් යම් කුසලයකට හෝ අකුසලයකට හෝ සම්බන්‍ධ වේ ද ඒ ඒ අධිට්ඨානයෙන් ඒ සූත්‍රය දැක්වියැ යුතු, අන් දහමෙක් නො දැක්වියැ යුතු.
Pali BJTතත්ථ සාධාරණං කුසලං, නාපි කුසලං අකුසලං, යථා සාධාරණානි ච කුසලමූලානි සාධාරණානි ච අකුසලමූලානි: උප්පන්නං කාමවිතක්කං පජහති -පෙ- චත්තාරො සම්මප්පධානා. කුසලං අකුසලං ච.
Sinhala BJTඑහි කුසලය සාධාරණ යැ, කුසලය හා අකුසලය නො ද සාධාරණ යැ, සාධාරණ කුසල මූලයෝ ද සාධාරණ අකුසල මූලයෝ ද යම්සේ ද එමෙනි. (?) උපන් කාමවිතර්‍කය දුරු කෙරෙයි ... සතර සම්‍යක් ප්‍රධානයෝ යි, මේ කුසල ද අකුසල ද වේ (! ?)
Pali BJTතත්ථිමා උද්දානගාථා:
Sinhala BJTඑහි මේ උද්දානගාථා යැ :
Pali BJT1. විතක්කෙන පමථිතො - දදං පියො නරො ඉති, යො පාණමතිපාතෙනී - තීණි බාලස්ස ලක්ඛණා.
Sinhala BJT(1) විතර්‍කයෙන් මඩනාලද්දේය, ‘දදං පියො හොති’ යැ, යො පාණමතිපාතේති යැ. බාලයාගේ බාලලක්‍ෂණයෝ යැ.
Pali BJT2. සතං චෙව සහස්සානං - යෙ ච සමණබ්රාහ්මණා, ඡන්දා දොසා භයා මොහා - චතුහි අගතීහි ච.
Sinhala BJT(මෙසේ උද්ධෘත පාඨයන්ගේ ආදි පද පාළි වශයෙන් ම දත හැකි ය. එහෙයින් සිංහල අනුවාදයෙක් අවශ්‍ය නොවේ.)
Pali BJT3. අසුභානුපස්සිං විහරන්තං - නිමිත්තං අසුභං තථා, එකම්පි චෙ පියං පාණං - මෙත්තා චෙව සුභාවිතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4. පඤ්ඤා හි සෙට්ඨා ලොකස්මිං - අනඤ්ඤා තීණි ඉන්ද්රියානි, කුසලාකුසලමූලානි - තුලමතුලං ච සම්භවං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5. කායෙක කුසලං කරෙ - තීණි සුචරිතානි ච, සුභාසිතං උත්තමමාහු - වචීසුචරිතානි ච.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6. මනෙන කුසලං කයිරා - මනොසුචරිතානි ච, වාචානුරක්ඛී මනසා - තිස්සො ච පාරිසුද්ධියො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT7. යස්ස සද්ධා තථාගතෙ - සමුප්පාදෙ ච දෙසිතෙ, ආරභථ නික්ඛමථ - යා ච සම්මප්පධානතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT8. සතිමතො සදා භද්දං - සතිපට්ඨාන භාවනා, ආකඞ්ඛතො ච අනඤ්ඤාණං - තයො චෙව සමාධයො
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT9. පඤ්ඤා හි සෙට්ඨා ලොකස්මිං - තිස්සො පඤ්ඤා පකාසිතා. වීතරාගො කාමෙසු - සද්ධාදි පඤ්ච ඉන්ද්රියානි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTපෙටකොපදෙසෙ සුත්තාධිට්ඨානං නම
Sinhala BJTපෙටකෝපදේසයෙහි සුත්තාධිට්ඨාන නම් වූ
Pali BJTතතිය භූමි සමත්තා.
Sinhala BJTතෘතීය භූමි සමාප්ත යි.
Pali BJT4. චතුත්ථභූමි - සුත්තවිචයො
Sinhala BJT4. චතුත්‍ථභූමි - සුත්තවිචය
Pali BJTතත්ථ කතමො සුත්තවිචයො:
Sinhala BJTඑහි ‘සුත්තවිචය’ කවරෙ යත්:
Pali BJTතත්ථ කුසලෙහි ධම්මෙහි අකුසලෙහි ධම්මෙහි පුබ්බාපරසො සාධුකං උපරික්ඛීයති{1} කිං නු ඛො ඉදං සුත්තං ආරභි -පෙ- තෙහි සුත්තෙහි සහ අධිසන්නට්ඨෙහි යුජ්ජති, උදාහු න යුජ්ජතීති.
Sinhala BJTඑහි කුශලධර්‍මයන්ගෙන් ද අකුශලධර්‍මයන්ගෙන් ද පූර්‍වාපර වශයෙන් මැනැවින් පරීක්‍ෂා කරනු ලැබෙයි, කුමක් හෙයින් මේ සූත්‍රය ඇරැඹුහු ද ... ඉතා ආසන්න අර්‍ත්‍ථ ඇති ඒ සූත්‍රයන් සමග යෙදේ ද, නොහොත් නො යෙදේ දැ’යි.
Pali BJTයථා භගවා කිලෙසෙ ආදිම්හි තත්ථ දෙසෙති, කිං දෙසිතං තෙසං කිලෙසානං පහානං උදාහු නො දෙසිතන්ති උපපරික්ඛිතබ්බං: යදි න දෙසිතං භගවතා{2} තෙසං කිලෙසානං පහානං, කුසලා ධම්මා පරියෙසිතබ්බා. යත්ථ තෙ අකුසලා පහානං ගච්ඡන්ති. සචෙ සමන්නෙසමානො{3} න ලභති. තත්ථ අකුසලා ධම්මා අපකඩ්ඪිතබ්බා විමංසිතබ්බා සංකිලෙසභාගියසුත්තං.
Sinhala BJTඒ මෙසේ යැ: බුදුහු එහි ආදියෙහි කෙලෙසුන් දෙසන සේක, කිමැ ඒ කෙලෙසුන්ගේ ප්‍රහාණය දේසිත ද, නොහොත් නො දේසිත දැයි විමැසියැයුතු යැ, ඉදින් භාග්‍යවතුන් විසින් ඒ කෙලෙසුන්ගේ ප්‍රහාණය නොදෙසනලද නම්, කුශලධර්‍මයෝ සෙවිය යුත්තාහු යැ. යම් තැනෙක ඒ අකුශලයෝ ප්‍රහාණයට යෙත් ද, ඉදින් විමසනුයේ නො ලැබේ නම් එහි අකුශලධර්‍මයෝ අපකර්‍ෂණය කළ යුත්තාහු යැ විමැසියැයුත්තාහු යැ, සංකිලේස භාගිය සුත්‍රයෙකි.
Pali BJTයදි කිලෙසා අපකඩ්ඪියන්තා. යෙ වා න දෙන්ති. තත්ථ උපපරික්ඛිතබ්බා අරියමග්ගධම්මා, තාසු භූමිසු කිලෙසා පහානං ගච්ඡන්ති, උදාහු න ගච්ඡන්තීති. යත්තකා පන කිලෙසා දෙසිතා, න තත්තකා අරියධම්මා දෙසිතා. යත්ථ කිලෙසා පහානං ගච්ඡන්ති, තත්ථ යෙ කිලෙසා අරියධම්මානං පටිපක්ඛෙන න යුජ්ජන්ති, තෙ අපකඩ්ඪිතබ්බා, සචෙ අපකඩ්ඪියන්තා යොජනං දෙති, තත්ථ එවං වීමංසිතබ්බං: ද්වෙ තීණි වා තදුත්තරිං වා කිලෙසා එකෙන අරියමග්ගෙන පහානං ගච්ඡන්තීති. සචෙ එවං වීමංසියන්තා යොජනං දෙති, තත්ථ උපපරික්ඛිතබ්බං: පරම්පරාය වා පිටකසම්පදානෙන වා සුත්තස්ස අත්ථො ච නත්ථො ච යං වා න සක්කා සුත්තං නිද්දිසිතුං, නෙව සුත්තං විචිකිච්ඡිතබ්බං, එවං යථා ආදිම්හි කුසලා ධම්මා හොන්ති, යෙ කිලෙසා තෙ පහීනෙය්යාති, තෙ උපපරික්ඛිතබ්බා: පුරො වා කුසලො පටිපක්ඛෙන වා පුරො දෙසනා, අනූනා අනධිකා උග්ගහෙතබ්බා. යථා පඨමො උත්තිලො [?] යෙසමිදානි කිලෙසානං යෙ අරියධම්මා දෙසිතා ඉමෙ කිලෙසා ඉමෙහි අරියධම්මෙහි පහීයන්ති, උදාහු න පහීයන්තීති විචීනිතබ්බා. යදි උපපරික්ඛීයමානා යුජ්ජන්ති ගහෙතබ්බා. අථ න යුජ්ජන්ති, යෙ කිලෙසා අපටිපක්ඛා හොන්ති, තෙ කිලෙසා අපරිපක්ඛිතබ්බා. යෙ ච අරියධම්මා පටිපක්ඛා හොන්ති, තෙ අරියධම්මා අපකඩ්ඪිතබ්බා. න හි අරියධම්මා අනාගාමී කිලෙසප්පහානං ගච්ඡන්ති, නාපි අරියධම්මා සබ්බකිලෙසානං පහානාය සංවත්තන්ති.
Sinhala BJTඉදින් ක්ලේශයෝ අපකර්‍ෂණය කරනු ලබන්නාහු (යෙ වා න දෙන්ති?) එහි ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයෝ පරීක්‍ෂා කළයුත්තාහු ය: ඒ භූමීන්හි ක්ලේශයෝ ප්‍රහාණයට යෙත් ද, නොහොත් නො යෙත් දැ’යි. යළි යම් පමණ ක්ලේශයෝ දෙසන ලද්දාහු ය, එපමණ ආර්‍ය්‍ය ධර්‍මයෝ නො දෙසන ලද්දාහු ද, යම් තැනෙක ක්ලේශයෝ ප්‍රහාණයට යෙත් ද, එහි යම් කෙලෙස් කෙනෙක් ආර්‍ය්‍ය ධර්‍මයන්ට ප්‍රතිපක්‍ෂයෙන් නො යෙදෙත් ද, ඒ කෙසේහු බැහැර කළ යුත්තාහු යැ, ඉදින් බැහැර කරනු ලබන්නාහු යෙදීමට යෙත් ද එහි මෙසේ විමැසියයුතු: දෙකක් තුනක් හෝ එයින් වැඩියක් හෝ ක්ලේශයෝ එක් ආර්‍ය්‍යමාර්‍ගයෙකින් ප්‍රහාණයට යෙත් දැ’යි, ඉදින් මෙසේ විමසනු ලබන්නාහු යෙදීමට යේ ද එහි මෙසේ විමැසිය යුතු: පරම්පරායෙන් හෝ පිටකය හා සැසැඳෙනුයෙන් හෝ සූත්‍රයාගේ අර්‍ත්‍ථය ද, අර්‍ත්‍ථ නො වූයේ ද විමැසියැයුතු. යම්හෙයකින් සූත්‍රය දක්වන්නට නො හැකි හෝ වේ ද, සූත්‍රය නොමැ සැක කළයුතු. මෙසේ ආදියෙහි යම් පරිදි කුශලධර්‍මයෝ වෙත් ද යම් කෙලෙස් කෙනෙක් වෙත් නම් ඔහු ප්‍රහීණ වන්නාහ යි ඔහු පරීක්‍ෂා කළ යුත්තාහ. (පළමු කොට කුශලය හෝ ප්‍රතිපක්‍ෂ විසින් හෝ පළමුකොට දේශනාව අනූන අනධික කොට උගතයුත්තී යැ. (යථාපඨමො උත්තිලෝ?) දැන් යම් කෙලෙස් කෙනකුන්ට යම් ආර්‍ය්‍ය ධර්‍ම කෙනෙක් දෙසනලද්දාහු ද, මේ කෙලෙස්හු මේ ආර්‍ය්‍යධර්‍මයන්ගෙන් ප්‍රහීණ වෙත් ද නොහොත් ප්‍රහීණ නො වෙත් දැ යි විමැසියැයුත්තාහු යැ, ඉදින් පරීක්‍ෂා කරනු ලබන්නාහු යෙදෙත් නම් ගතයුත්තාහු යැ, යළි නො යෙදෙන්නාහු නම් යම් කෙලෙස් කෙනෙක් ප්‍රතිපක්‍ෂ නො වෙත් ද ඒ කෙලෙස්හු බැහැර නො කළ යුත්තාහු යැ යම් ආර්‍ය්‍යධර්‍ම කෙනෙක් (කෙලෙසුන්ට) ප්‍රතිපක්‍ෂ වෙත් ද, ඒ ආර්‍ය්‍යධර්‍මයෝ බැහැර කළ යුත්තාහු යැ, ආර්‍ය්‍යධර්‍මයෝ නො පැමිණි කෙලෙසුන්ගේ ප්‍රහාණයට නො මැ යෙති. ආර්‍ය්‍යධර්‍මයෝ සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස නො ද පවතිත්.
Pali BJTයථා කුසලා මෙත්තා, අකුසලො රාගො, න තු කුසලා මෙත්තාති කත්වා{4} අකුසලස්ස රාගස්ස පහානාය සම්භවති. බ්යාපාදො මෙත්තාය පහානං ගච්ඡති. තස්මා උභො කිලෙසා උපපරික්ඛිතබ්බා.
Sinhala BJTඒ මෙසේ යැ: මෛත්‍රිය කුසල් වූ යැ, රාගය අකුසලයෙකි. මෛත්‍රිය කුසල් යැයි කොට අකුසල් වූ රාගයාගේ ප්‍රහාණය පිණිස නො මැ පවතී, ව්‍යාපාදය මෛත්‍රියෙන් ප්‍රහාණයට යෙයි. එහෙයින් උභයක්ලේශයෝ විමැසියැයුත්තාහු යැ.
Pali BJTයො යො ච ධම්මො උපදිසීයති කුසලො වා අකුසලො වා, සො අපකඩ්ඪිතබෙබා. සචෙ තෙ යුජ්ජන්ති අපකඩ්ඪියමානො නත්ථි උපපරික්ඛිතබ්බං. ද්වො වා කිලෙසා එකෙන අරියධම්මෙන පහීනෙය්යාති ද්වීහි වා අරියධම්මෙහි එකො වා කිලෙසො පහීයතීති.
Sinhala BJTකුසල් වූ හෝ අකුසල් වූ හෝ යම් යම් ධර්‍මයෙක් දක්වනු ලැබේ ද ඒ ධර්‍මය අපකර්‍ෂණය කළයුත්තේ යැ, ඉදින් ඔහු යෙදෙත් නම් අපකර්‍ෂණ කරනු ලබන්නේ පරීක්‍ෂා කළයුත්තෙක් නැති. එක් ආර්‍ය්‍ය ධර්‍මයෙකින් ක්ලේශයෝ දෙදෙනෙක් හෝ ප්‍රහීණ වෙති, ආර්‍ය්‍යධර්‍ම දෙකෙකින් එක් ක්ලේශයෙක් හෝ ප්‍රහීණෙ වේ යයි.
Pali BJTඅථ වා එවම්පි උපරික්ඛියමානං යුජ්ජති, තත්ථ වීමංසිතබ්බං වා යථා යුජ්ජති තත්ථ වීමංසිතබ්බං වා, යථා නනු සක්කා සුත්තං නිද්දිසිතුං, න හි සුත්තෙ විචිකිච්ඡිතබ්බං. කිලෙසො මං අරියධම්මෙසු දෙසිතෙසු උභයතො උපපරික්ඛිතබ්බං: යෙ වා කිර.{1} ඉමෙ කිලෙසා දෙසිතා යෙ ච අරියධම්මා දෙසිතා ගාථාය වා බ්යාකරණෙන වා, කිං නු ඛො ඉමෙ කිලෙසා ඉමෙහි අරියධම්මෙහි පහීයන්ති, උදාහු න පහීයන්ති{2}, ඉමෙ වා පන අරියධම්මා ඉමෙසං කිලෙසානං පහානාය සංවත්තන්තීති.
Sinhala BJTනොහොත් මෙසේත් විමසනුලබන්නේ යෙදේ නම්, එහි යෙදෙන පරිදි විමැසියැයුතු හෝ එහි යම්පරිදි සූත්‍රය නිර්දේශ කරන්නට නො හැකි වේ නම් විමැසියැයුතු හෝ වෙයි. සූත්‍රයෙහි විචිකිත්සා නො මැ කළයුතු යැ. (කිලේසො ච?) ආර්‍ය්‍යධර්‍මයන් දේසිත කල්හි දෙපරිද්දෙකින් විමැසියැයුතු: ගාථායෙන් හෝ වෙය්‍යාකරණයෙන් හෝ යම් මේ ක්ලේශයෝ දෙසනලද්දාහු ද යම් යම් ආර්‍ය්‍යධර්‍මයෝ දෙසනලද්දාහු දැ’යි කිමැ හෝ මේ කෙලෙස්හු මේ ආර්‍ය්‍යධර්‍මයන්ගෙන් ප්‍රහීණ වෙත් ද, නොහොත් ප්‍රහීණ නො වෙත් ද, යළි මේ ආර්‍ය්‍යධර්‍මයෝ මේ කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස පවතිත් දැ’යි.
Pali BJTතිඤ්චාපි කුසලෙහි ධම්මෙහි අකුසලා ධම්මා පහානං ගච්ඡන්ති න තු සබ්බෙහි සබ්බා’කුසලා පහානං ගච්ඡන්ති, යථා මෙත්තා කුසලා අකුසලො ච රාගො, න තු කුසලා මෙත්තා අකුසලො රාගොකි කත්වා{3} මෙත්තාය රාගො පහානං. බ්යාපාදො මෙත්තාය පහානං ගච්ඡති{4}. එවං කිලෙසොති කත්වා සුත්තෙන පහානං ගච්ඡති, න සුත්තො ධම්මොති කත්වා{3}, සබ්බස්ස කිලෙසස්ස පහානාය සංවත්තති, යං තු සුත්තස්ස අරියධම්මො සංකිලෙසපටිපක්ඛො සො තෙන පහානං ගච්ඡතීති.
Sinhala BJTතවද කුශලධර්‍මයන්ගෙන් අකුශලධර්‍මයෝ ප්‍රහාණයට යෙති, එතෙකුදුවත් සියලු කුශලයන්ගෙන් සියලු අකුශලයෝ ප්‍රහාණයට නො යෙති. මෙසේ යැ: මෛත්‍රිය කුසල් යැ, රාගය අකුසල් වෙයි, එහෙත් මෛත්‍රිය කුසල් යැ රාගය අකුසලැයි කොට මෛත්‍රියෙන් රාගය ප්‍රහාණයට නො යෙයි, ව්‍යාපාදය මෛත්‍රියෙන් ප්‍රහාණයට යෙයි. මෙසේ ක්ලේශ යෙකැයි කොට සූත්‍රයෙන් (දැක්වූ පරිදි) ප්‍රහාණයට යෙයි. සූත්‍රය ධර්‍මයෙකැ යි කොට සියලු ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස නො පවතී. සූත්‍රයාගේ මේ ආර්‍ය්‍යධර්‍මයෙක් සංක්ලේශයට ප්‍රතිපක්‍ෂ ද, ඒ ක්ලේශය ඒ ධර්‍මයෙන් ප්‍රහාණයට යේ යයි.
Pali BJTතත්ථ කුසලෙ දෙසිතෙ සුත්තෙ බ්යාකරණෙ වා සංකිලෙසා න යුජ්ජන්ති අරියධම්මා වා, තෙ මහාපදෙසෙ නිද්දිසිතබ්බාවයවෙන අපකඩ්ඪිතබ්බා තත්ථ කිලෙසෙහි ච දෙසිතෙහි අරියධම්මෙසු ච යදිපි තෙන අරියධම්මෙන තෙ කිලෙසා පහානං ගච්ඡන්ති, තත්ථපි උත්තරිං උපපරික්ඛිතබ්බං: කෙන කාරණෙන එතෙ කිලෙසා පජහිතබ්බා, කෙන කාරණෙන අරියධම්මා දෙසිතාති. යෙන යෙන වා ආකාරෙන අරියධම්මා දෙසිතා තෙන තෙන පකාරෙන අයං කිලෙසො ඨිතො. අත්ථි හි එකො කිලෙසො තෙන වා අරියධම්මො න අඤ්ඤථා, අඤ්ඤථා පහාතබ්බො, යථා දිට්ඨිරාගො අවිජ්ජා ච දස්සනෙන පහාතබ්බා. සා චෙ එවං ච අවිජ්ජා භාවනාය භූමි වා ධම්මා භාවනාය පහාතබ්බා. සායෙව උද්ධම්භාගියං අසඞ්ඛතදස්සනාය විමුත්තියා අනිමිත්තෙන චෙතොසමාධිනා අමනසිකාරෙන පහීයති. එවං සාත්ථං සබ්යඤ්ජනං උපපරික්ඛිතබ්බං, යෙ දස්සනෙන පහාතබ්බා කිලෙසා දස්සනාකාරෙන අරියධම්මො දෙසිතො. භාවනාය පහාතබ්බා භාවනාකාරෙන අරියධම්මො දෙසිතො. පතිසෙවනා පහාතබ්බා පතිසෙවනාකාරෙන අරියධම්මො දෙසිතො, එවං විනොදනා පහාතබ්බා යාව සත්ත ආසවා කාතබ්බා, යාවඤ්ඤථා. අඤ්ඤථා හෙස ධම්මො පහාතබ්බො
Sinhala BJTඑහි සූත්‍රයෙහි හෝ වෙය්‍යාකරණයෙහි හෝ කුසලයක් දෙසූ කල්හි සංක්ලේශයෝ හෝ ආර්‍ය්‍යධර්‍මයෝ හෝ නො යෙදෙත් ද, ඒ ධර්‍මයෝ මහාපදේසයෙහි දැක්වියැයුතු අවයවයෙකින් බැහැර කළ යුත්තාහු යැ. එහි ක්ලේශයන්ගෙන් ද ආර්‍ය්‍යධර්‍මයෙන් ද දෙසන ලද ඉදින් ඒ ආර්‍ය්‍යධර්‍මයෙන් ඒ ක්ලේශයෝ ප්‍රහාණයට යෙත් ද, එහි දු මත්තෙහි විමැසියැයුතු: කවර කරුණෙකින් තෙල ක්ලේශයෝ දුරුකළයුත්තාහු ද, කවර කරුණෙකින් ආර්‍ය්‍යධර්‍මයෝ දෙසනලදහු දැයි, යම් යම් අයුරෙකින් හෝ ආර්‍ය්‍යධර්‍මයෝ දෙසන ලද්දාහු ද, ඒ ඒ ප්‍රකාරයෙන් මේ ක්ලේශය සිටියේ යැ, ඒ එසේ මැයැ, එක් ක්ලේශයෙක් ඇත, එයින් ආර්‍ය්‍යධර්‍මය අන්පරිදි නො වෙයි. අන් පරිද්දෙකින් ප්‍රහීණ කටයුතු වේ. ඒ මෙසේ යැ: දිට්ඨිරාගය ද අවිද්‍යාව ද දර්‍ශනයෙන් ප්‍රහීණ කටයුත්තාහු යැ, ඉදින් එසේ වුව ද අවිද්‍යාව භාවනාවට භූමි වූවා භාවනායෙන් ප්‍රහීණ කටයුත්තී යැ, ඒ අවිද්‍යාව මැ උද්ධංභාගිය වෙයි. නිවන දක්නා විමුක්තියෙන් අනිමිත්තවෙතොසමාධියෙන් අමනසි කාරයෙන් ප්‍රහීණ වෙයි. මෙසේ සාර්‍ත්‍ථ වැ සව්‍යඤ්ජන වැ පරීක්‍ෂා කළ යුතු යැ, දර්‍ශන යෙන් ප්‍රහීණ කළයුතු යම් ක්ලේශ කෙනෙක් වෙත් ද දර්‍ශනාකාරයෙන් ආර්‍ය්‍යධර්‍මය දේශිත යැ, භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ භාවනාකාරයෙන් ආර්‍ය්‍යධර්‍මය දේශිත යැ, පටිසේවනයෙන් (ප්‍රත්‍යවේක්‍ෂාවෙන්) ප්‍රහාතව්‍ය ක්ලේශයෝ වෙත් ද එහි ප්‍රත්‍යවේක්‍ෂා කාරයෙන් ආර්‍ය්‍යධර්‍මය දේශිත යැ, මෙසේ විනෝදනයෙන් ප්‍රහාතව්‍යයෝ යැ යි සප්ත
Pali BJTඅඤ්ඤෙනාකෙරෙන අරියධම්මො දෙසිතො, සො අරියධම්මො අඤ්ඤථා පරියෙසිතබ්බො. යදි අයං ධම්මො පරියෙසතො යො ච දෙසෙති යෙන යෙනාකාරෙන, සො අරියධම්මො පරියෙසිතබ්බො, තෙනාකාරෙන කිලෙසො පහීයති සො තත්ථ උපපරික්ඛිතබ්බො. අථ න යුජ්ජති යදි හි තෙන සුත්තෙන විහිතං, සුත්තං වීමංසිතබ්බං, යථා යුජ්ජති, තථා ගහෙතබ්බං, යථා න යුජ්ජති, තථා න ගහෙතබ්බං, අද්ධා එතං භගවතා න භාසිතං, ආයස්මතා වා දුග්ගහිතං, යථා මහාපදෙසෙ නිද්දියිතබ්බං, භගවතා යථාභූතං දෙසිතං, යො ච ධම්මො දෙසිතො කුසලො ච අකුසලො ච තස්ස ධම්මස්ස පච්චයො පරියෙසිතබ්බො, න හි පච්චයා විනා ධම්මො අප්පච්චයො උප්පජ්ජති. තත්ථ කො ආකාරො පරියෙසනාය:
Sinhala BJTආසවයන් දක්වා විස්තර කළයුතු, මේ ක්ලේශධර්‍මය අන්පරිද්දෙකින් ප්‍රහීණ කළයුතු යැ, අන් අයුරෙකින් ආර්‍ය්‍යධර්‍මය දෙසනලද, යම් ආර්‍ය්‍යධර්‍මයෙක් අන්අයුරෙකින් සෙවිය යුතු ද එය යි. ඉදින් මේ ධර්‍මය පර්‍ය්‍යෙෂණ කරන්නහුට යමෙකුත් යම් යම් අයුරෙකින් දෙසා ද, ආර්‍ය්‍යධර්‍මය පර්‍ය්‍යෙෂණ කළයුතු. ඒ අයුරින් කෙලෙස් ප්‍රහීණ වෙයි. ධර්‍මය එහි විමසියැයුතු යැ, ඉක්බිති ඉදින් ඒ සූත්‍රයෙන් දක්වන ලද්ද නො යෙදේ නම්, ඒ සූත්‍රය විමැසියැයුතු යැ. යම් පරිදි යෙදේ නම් එසෙයින් ගතයුතු යැ, යම්සේ නො යෙදේ නම් එසේ නො ගතයුතු. ඒකාන්තයෙන් තෙල භාග්‍යවතුන් විසින් නො වදාරනලද, ආයුෂ්මතුන් විසින් වරදවා හෝ ගන්නා ලද, මහාපදේසයෙහි මෙන් දැක්වියැ යුතු. භාග්‍යවතුන් විසින් යථාභූත ව දෙසන ලද, කුසල් වූ ද අකුසල් වූ ද යම් දහමක් දෙසන ලද ද ඒ ධර්‍මයාගේ ප්‍රත්‍යය පර්‍ය්‍යෙෂණ කළ යුතු යැ, ප්‍රත්‍යයෙන් වෙන් වැ ධර්‍මයෙක් අප්‍රත්‍යය වැ නො මැ උපදී. එහි පර්‍ය්‍යෙෂණයාගේ ආකාරය කෙබඳු ද:
Pali BJTතත්ථ තථාරූපං සහෙතු සප්පච්චයං සොයං ධම්මො වුත්තොති ඉදං වීමංසිතබ්බං. සො ච පච්චයො තිවිධො: මුදු මජ්ඣො අධිමත්තො තත්ථ මුදුම්හි පච්චයො මුදු ධම්මො ගහෙතබ්බො, එවං සත්යෙස පච්චයො{2} දුවිධො: පරම්පරපච්චයො{3} ච සමනන්තරපච්චයො ච. සො පච්චයො මුදු තෙන වෙමත්තතං{4} පරියෙසිතබ්බං. කිං කාරණං: අඤ්ඤතරොපි පච්චයො{5} අඤ්ඤෙහි පච්චයෙහි පරියත්තිං වා පාරිපූරිං වා ගච්ඡති. තත්ථ යො ධම්මො දෙසිතො, තස්ස ධම්මස්ස එතෙන වා කාරණෙන වා හෙතු පරියෙසිතබ්බො. යථා පච්චයො හෙතුනා පච්චයෙන ච, සො තස්ස ධම්මස්ස නිස්සන්දො පරියෙසිතබ්බො. යථා නිද්දිට්ඨො අධිට්ඨානෙ පධානං පරියෙසති, සො පච්චයො පරියෙසිතබ්බො. න හි මුදුස්ස ධම්මස්ස අධිමත්තො නිස්සන්දො අධිමත්තස්ස වා නිස්සන්දස්ස මුදු ධම්මො, අථ මුදුස්ස මුදු, මජ්ඣාය මජ්ඣො, අධිමත්තස්ස අධිමත්තො යුජ්ජති, තං ගහෙතබ්බං. අථ න යුජ්ජති න ගහෙතබ්බං. යං ව භගවා ආරභති ධම්මං දෙසෙතුං, තං යෙව ධම්මං මජ්ඣං තං පරියොසානං{6} දෙසෙති, යථා සුත්තාධිට්ඨානෙ ධම්මෙ{7} ආදිම්හි නිද්දිසති, තංයෙව පහූතස්ස{8} සුත්තස්ස පරියොසානං තස්ස හි ධම්මස්ස වසෙන තං සුත්තං හොති ගාථා වා බ්යාකාරණං ඛුද්දකං මහන්තං වා යථා පන දුවිධා අනුරූපන්ති වා ඨපනා{9} ච දෙසනාඨපනා. රූපන්තිපි ධම්මස්ස පරියෙසිතබ්බා. යථා ච භගවතා පඤ්චන්නං ඉන්ද්රියානං සංවරණං දෙසිතං තණ්හාය නිග්ගහණත්ථා ඉච්ඡාව හොති. දෙසෙති යථා ගොපාලකුපමෙ සුත්තෙ අඤ්ඤෙහි පි සුත්තෙහි භගවා භාසති ඉච්ඡාව හොති, මජ්ඣිමනිකායෙ විතක්කො. අයං භගවතො දෙසනානුරූපන්ති, ඉති සො ධම්මො අඤ්ඤෙසුපි වෙය්යාකරණෙසු පරියෙසිතබ්බො. න හි එකං හි සුත්තෙ දට්ඨබ්බො යුඤ්ජනං තං ගහෙතබ්බං.
Sinhala BJTඑහි එබඳු වූ සහේතු සප්‍රත්‍යය කොට මේ ධර්‍මය වදාරන ලදදැ’යි මෙය විමැසියැයුතු, ඒ ප්‍රත්‍යය ද ත්‍රිවිධ යැ: මෘදු යැ මධ්‍ය යැ අධිමාත්‍ර යි. එහි මෘදු ප්‍රත්‍යය ඇති කල්හි මෘදු ධර්‍මයෙක් ගතයුතු. මෙසේ ඇති කල්හි තෙල ප්‍රත්‍යය ද්විවිධ යැ: පරම්පර ප්‍රත්‍යය ද සමනන්තර ප්‍රත්‍යය දැයි. ඒ ප්‍රත්‍යය මෘදු වී නම් එයින් වේමත්තතාව (විශේෂයයි) සෙවියැ යුතු, කරුණු කිමයත් : අන්‍යතර ප්‍රත්‍යයෙකුදු අන්‍ය ප්‍රත්‍යයන්ගෙන් පර්‍ය්‍යාප්තියට හෝ පිරීමට හෝ යන හෙයිනි. එහි යම් දහමෙක් දේසිත ද ඒ ධර්‍මයාගේ හේතුව මෙකරුණෙන් හෝ සෙවියැයුතු. ප්‍රත්‍යය වූ පරිදි හේතුයෙන් ද ප්‍රත්‍යයෙන් ද ඒ ධර්‍මයාගේ නිස්සන්‍දය සෙවියැයුතු. අධිට්ඨාන (හාර) යෙහි දැක්වූ පරිදි ප්‍රධාන ධර්‍මය සොයා ද ඒ ප්‍රත්‍යය සෙවියැ යුතු. ඒ එසේ මැයැ: මෘදු ධර්‍මයාගේ අධිමාත්‍ර නිස්සන්‍දයෙක් නැත. අධිමාත්‍ර නිස්සන්‍දයාගේ හෝ මෘදු ධර්‍මයෙක් නැති. වැලි මෘදු ධර්‍මයාගේ මෘදු නිස්සන්‍දය ද මධ්‍යමධර්‍මයාගේ මධ්‍ය නිස්සන්‍දය ද අධිමාත්‍ර ධර්‍මයාගේ අධිමාත්‍ර නිස්සන්‍දය ද යෙදෙයි. එය ගතයුතු යැ. වැලි නො යෙදේ නම් නො ගතයුතු. තවද බුදුහු යම් දහමක් දෙසන්නට ආරම්භ කෙරෙත් ද ඒ ධර්‍මය මැ මධ්‍යය කොට එය පර්‍ය්‍යවසානය කොට දෙසන සේක. යම්සේ සුත්තාධිට්ඨානයෙහි ධර්‍මයන් ආදියෙහි නිර්දේශ කෙරෙත් ද, එය මැ මහත් වූ සූත්‍රයාගේ ද පර්‍ය්‍යවසානය වෙයි. ඒ එසේ මැ යැ, ඒ ධර්‍මයාගේ වශයෙන් ඒ සූත්‍රය වෙයි. ගාථා වේ වයි ඛ්‍යාකරණයක් වේව’යි කුඩා වූ හෝ මහත් වූ හෝ (සූත්‍රය) (යථා පන දුවිඩා ... පරියේසිතබ්බා?) යම්සේ භාග්‍යවතුන් විසින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සංවරය තෘෂ්ණානිග්‍රහය පිණිස දෙසන ලද ද, (ඉච්ඡාව හොති, දෙසෙති?) ගෝපාලකූපම සූත්‍රයෙහි යම්සේද අන්‍ය සූත්‍රයන්ගෙනුදු බුදුහු වදාරති. (එය) ඉච්ඡා පරිදි වේ. මැදුම්සඟියැ (ද්වේධා විතක්කසූත්‍රය) විතර්‍කය මෙනි. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශානුරූප යි. මෙසේ ඒ ධර්‍මය අන්‍ය වෙය්‍යාකරණයන්හි ද පර්‍ය්‍යෙෂණය කළයුතු. එක් මැ සූත්‍රයෙහි, නො මැ දතයුතු යැ. යෙදෙන පරිදි එය ගත යුතු.
Pali BJTතත්ථ කතමං අනුඤ්ඤාතං: යං කිඤ්චි සුත්තං භගවතා න භාසිතං, තං ච සුත්තෙසු යෙව දිස්සති, එවමෙතං ධාරෙතබ්බං. යථා අසුකෙන භාසිතන්ති, තං සුත්තං වීමංසිතබ්බං: කිං නු ඛො ඉමං සුත්තං අනුඤ්ඤාතං ඛමං භගවතො උදාහු නානුඤ්ඤාතං ඛමං, කිඤ්චි රූපං ච සුත්තං භගවතො අනුඤ්ඤාතං ඛමං, කිඤ්චි රූපං ච නානුඤ්ඤාතං ඛමං යං සබ්බසො අනොතාරෙත්වා දසබලො ගොචරං දෙසෙති, තං සබ්බං සුත්තං භගවතො නානුඤ්ඤාතං ඛමං. අත්ථිපි සො සාවකො දසබලානං ගොචරං ජානාති ඔධිසො අනොධිසො, තං පන බලං සබ්බසො න ජානාති අඤ්ඤථා නාම සවනෙන? යථා ආයස්මතා සාරිපුත්තෙන යෙන බ්රාහ්මණො ඔවදිතො, තස්ස ආයස්මතො නත්ථි ඉන්ද්රියබලවෙමත්තඤාණං, තෙන පුග්ගලපරොපරියං ච{1}, තං අජානන්තො සති උත්තරිං කරණීයෙ{2} උප්පාදිතො, සො භගවතා අපසාදිතො. යථාව ආයස්මා කස්සපගොත්තො{3} චෙතං{4} ඔවදති ආනන්තරියසමන්නාගතො ඉද්ධිපාටිහීරෙන අඞ්ගුලියො ආදීපෙත්වා, යං සබ්බෙසං ධම්මානං කම්මසමාදානානං හෙතුසො ඨානසො යථාභූතං ඤාණං. තස්ස ආයස්මතො න සංවිජ්ජතෙ, තෙන නං ඔවදති, තං භගවා කරොති.
Sinhala BJTඑහි අනුඤ්ඤාතය කවරැ: යම්කිසි සූත්‍රයෙක් භාග්‍යවතුන් විසින් නො වදාරනලද ද එ ද සූත්‍රයන් අතුරෙහි මැ දක්නාලැබෙයි. තෙල මෙසේ ධැරියැයුතු යැ: ඒ මෙසේ යැ, අසුවල්හු විසින් භාෂිත යැයි ඒ සූත්‍රය විමසියැයුතු. කිමැ හෝ මේ සූත්‍රය (අනුඤ්තංඛමං ... අඤ්ඤථා නාම සවනෙන?) ඒ මෙසේ යැ, ආයුෂ්මත් සැරියුත් තෙරුන් විසින් බමුණු අවවාද කරන ලද්දේ ය. ඒ ආයුෂ්මත්හට ඉන්‍ද්‍රිය බලවේමත්තඤාණය නැත. පුග්ගල පරොපරියඤාණය නැත. එය නොදන්නේ මාර්‍ගය දෙසන ලද්දේ ය. හේ භාග්‍යවතුන් විසින් අප සාදිත විය. එසේම ආයුෂ්මත් කාශ්‍යගෝත්‍ර ඍද්ධියෙන් ඇඟිලි දල්වා මුව වැද්දාට අවවාද කෙරෙයි. සියලු ධර්‍මයන්ගෙන් කර්‍ම සමාදානයන්ගේ හේතුවශයෙන් කාරණ වශයෙන් යථාභූතඤාණය ඒ ආයුෂ්මත්හට නැත. එහෙයින් ඔහුට අවවාද කෙරෙයි.
Pali BJT1. සචෙ’පි දස පජ්ජොතෙ - ධාරයිස්සසි කස්සප, නෙව දක්ඛිති{5} රූපානි - චක්ඛු හි’ස්ස{6} න විජ්ජති.
Sinhala BJT1. කසුබ, ඉදින් (තෙපි පහන් දසයක් දරන්නවු නමුදු (හේ) රූපයන් නො මැ දක්නේ යැ, ඔහුට (රු දක්නා) නුවණැස අවිද්‍යමාන හෙයිනි.
Pali BJTඅපි’ච ඛො යථා දූතො රාජවචනෙන සත්තමනුස්සාති, එවං සෙසානුගො අඤ්ඤාතකං ඝොසං පරෙසං දෙසෙති අනුඤ්ඤාතඛමසුත්තං ගහෙතබ්බං. අනනුඤ්ඤාතඛමං න ගහෙතබ්බං.
Sinhala BJTතවද යම්සේ රාජදූතයෙක් රජුගේ වචනයෙන් රටවැසි ජනතාවට අනුශාසනා කෙරේ ද, එසෙයින් දේශකයෙක් තමා නොදත් මෙරමා වෙතින් අසන ලද්දක් අනුනට දේශනා කෙරේ නම් බුදුරදුන් අනුදන්නා ලද දහම හා සැසැඳෙන සූත්‍රය ගතයුතු යැ. අනුඤ්ඤාතය හා නොයෙදෙන සූත්‍රය නොගත යුත්තේ යි.
Pali BJTතත්ථ කතමො සුත්තසඞ්කරො; පඤ්චවිධං සුත්තං: සංකිලෙසභාගියං වාසනාභාගියං දස්සනභාගියං භාවනාභාගියං අසෙඛභාගියං. අඤ්ඤං ආරාධෙය්ය අඤ්ඤං දෙසෙති අඤ්ඤස්ස ච සුත්තස්ස අත්ථං අඤ්ඤම්හි සුත්තෙ නිද්දිසති, ඔරම්භාගියායානං සංයොජනානං අත්ථං උද්ධබ්භාගියෙසු නිද්දිසති. මුදුමජ්ඣානං ඉන්ද්රියානං අධිමත්තෙසු සුත්තෙසු නිද්දිසති. ඉති ඉදං සුත්තං සම්භෙදං හෙතුනා ච නිස්සන්දෙන ච ඵලෙන ච නිද්දෙස්සන ච, මුදුමජ්ඣාධිමත්තතායපි ච අන්ථෙන ච බ්යඤ්ජනෙන ච යො සම්භෙදො, අයං වුච්චති සුත්තසඞ්කරො යො අසම්භෙදො, අයං වුච්චති සුත්තවිචයො.
Sinhala BJTඑහි සූත්‍රසංකරය කවරැ: සූත්‍රය පඤ්චවිධ වෙයි, සංකිලේස භාගිය යැ වාසනා භාගිය යැ දස්සන භාගිය යැ භාවනාභාගිය යැ අසේඛභාගිය යි. අනෙකක් ආරාධනය කරන්නේ නම් අනෙකක් දෙසයි, අන් සූත්‍රයක්හුගේ අර්‍ත්‍ථය අන් සූත්‍රයෙකැ දක්වයි. ඕරම්භාගිය සංයෝජනයන්ගේ අර්‍ත්‍ථය උද්ධම්භාගිය සංයෝජනයන්හි ලා දක්වයි. මෘදු මධ්‍ය වූ ඉන්‍ද්‍රියයන් අධිමාත්‍ර ඉන්‍ද්‍රිය ඇති සූත්‍රයන් හි ලා දක්වයි. මෙසේ මේ සූත්‍රය හේතු විසින් ද නිස්සන් ද විසින් ද ඵල විසින් ද නිද්දේස විසින් ද සම්භේද වේ. මෘදු මධ්‍ය අධිමාත්‍රභාවයෙනුදු අර්‍ත්‍ථ විසින් ද ව්‍යඤ්ජන විසින් ද යම් සම්භේදයෙක් වේ ද මේ සූත්‍ර සංකර ය යි කියනු ලැබේ. යම් අසම්භේදයෙක් වේ ද මේ සූත්‍රවිචය යී කියනු ලැබේ.
Pali BJTතත්ථා’යං උද්දානගාථා:
Sinhala BJTඑහි මේ උද්දානගාථා යැ:
Pali BJTපුරිමානං අපකඩ්ඪං - යථාභූතස්ස පච්චයො, නිස්සන්දො දෙසනා යුත්ති{7} - අනුඤ්ඤා සුත්තසඞ්කරො.
Sinhala BJTපූර්‍ව වූ අශුලධර්‍මයන්ගේ අපකර්‍ෂණ යෑ යථා භූතයාගේ සහේතු සප්‍රත්‍ය යැ නිස්සන්‍ද යැ දේසනායුත්ති යැ අනුඤ්ඤාත යැ සූත්‍රසංකර යැ යන මේ මෙහි සංගෘහීත යි.
Pali BJTපෙටකොපදෙසෙ සුත්තවිචයො නාම
Sinhala BJTපෙටකෝපදේසයෙහි සුත්ත විචය නම්
Pali BJTචතුත්ථභූමි සමත්තා.
Sinhala BJTචතුර්‍ත්‍ථභූමි සමාප්ත යි.
Pali BJT5. පඤ්චම භූමී - හාරවිභඞ්ගො
Sinhala BJT5. පඤ්චමභූමි - හාර විභඞ්ග
Pali BJTතත්ථ කතමො හාරවිභඞ්ගො: යත්ථ සොළසහාරා අක්ඛරසො භෙදං ගච්ඡන්ති,
Sinhala BJTඑහි හාරවිභංග කවරෙ යත්: යම් තැනෙක සොළොස් හාරයෝ අක්‍ෂර වශයෙන් ප්‍රභේදයට යෙත් ද එය යි.
Pali BJT1. තත්ථ ආදිම්හි දෙසනාහාරො: තත්ථ අයං ගාථා:
Sinhala BJT1. එහි, ආදියෙහි දේසනාහාරය (කියනු ලැබේ.) එහි, මේ ගාථාව යැ
Pali BJTකුසලා වා අකුසලා වා - සච්චානි වා සච්චෙකදෙසො වා කිං දෙසිතන්ති සුත්තෙ - වීමංසා දෙසනාහාරො.
Sinhala BJT1. කුසල් හෝ අකුසල් හෝ සිව්සස් හෝ සෙත්‍යෙකදේශයෙක් හෝ දේශිත වෙයි. ‘කුමක් දෙසන ලද දැ’යි සූත්‍රයෙහි ලා විමසීම දේසනාහාර යි.
Pali BJTයථා අරියසච්චානං{1} නික්ඛෙපො, චත්තාරි සච්චානි සාධාරණානි අසාධාරණානි ච, යානි ච අට්ඨාරස පදානි දුක්ඛතො සත්ත පදානි සඞ්ඛෙපෙන කායිකෙන චෙතසිකෙන දුක්ඛෙන අප්පියසම්පයොගෙන පියවිප්පයොගෙන ච තීහි ච සඞ්ඛතතාහි{2} තත්ථ තීණි සඞ්ඛතලක්ඛණානි තිස්සො දුක්ඛතා: උප්පාදො සඞ්ඛතලක්ඛණං, සඞ්ඛාරදුක්ඛතාය දුක්ඛතා ච වයො සඞ්ඛත{3} ලක්ඛණං, විපරිණාමදුක්ඛතාය දුක්ඛතා ච{4} අඤ්ඤථත්තං{5} සඞ්ඛඛතලක්ඛණං, දුක්ඛදුක්ඛතාය{6} දුක්ඛතා ච{7}, ඉමෙසං තිණ්ණං සඞ්ඛතලක්ඛණානං තීසු වෙදනාභූමීසු අදුක්ඛමසුඛා වෙදනා, උප්පාදො සඞ්ඛතලක්ඛණං, සක්ඛාරදුක්ඛතාය ච දුක්ඛතා, වයො{8} සඞ්ඛතලක්ඛණං, සුඛා වෙදනා{9} විපරිණාමදුක්ඛතාය ච දුක්ඛතා{10} අඤ්ඤථත්තං සඞ්ඛතලක්ඛණං, දුක්ඛා වෙදනා දුක්ඛදුක්ඛතාය ච දුක්ඛතා, ඉති ඉමෙසු{11} නවපදෙසු පඨමකෙසු සත්තසු පදෙසු සොළස පදෙසු දුක්ඛා පරියෙසිතබ්බා, එකාදස දුක්ඛතාය ච ලක්ඛණං නිද්දෙසෙ නිද්දිට්ඨං. පාතුභාවලක්ඛණා ජාති, යා ච පාතුභාවචුතිලක්ඛණො චුතොති විත්ථාරෙන පන්නරසපදානි කත්තබ්බානි.
Sinhala BJTආර්‍ය්‍යසත්‍යයන්ගේ නික්‍ෂෙපය මෙනි. සාධාරණ වූ අසාධාරණ වූ ද සත්‍යයෝ සතර දෙනෙකි. යම් අටළොස් පදකෙනෙක් වෙත් ද, දුක් හෙයින් සැකෙවින් කායික චේතසික දුකින් ද, අප්‍රිය සම්ප්‍රයෝගයෙන් හා ප්‍රියවිප්‍රයෝගයෙන් ද ත්‍රිවිධ සංඛතතායෙන් දැයි සත් පදකෙනෙක් වෙති. එහි සංඛත ලක්‍ෂණයෝ තිදෙනෙක් වෙති, දුක්ඛතා තුනක් වෙත්: උත්පාදය සංඛතලක්‍ෂණ යැ, සංස්කාර දුඃඛතායෙන් දුක්ඛතා ද වෙයි, ව්‍යාය (බිඳීම) සංඛත ලක්‍ෂණ යැ, විපරිණාම දුක්ඛතායෙන් දුක්ඛතා ද වෙයි, අන්‍යථාත්‍වය සංඛත ලක්‍ෂණ යැ, දුක්ඛ දුක්ඛතායෙන් දුක්ඛතා ද වේ. මේ තුන් සංඛත ලක්‍ෂණයන් අතුරෙන් තුන් වේදනාභූමියෙහි අදුක්ඛමසුඛවේදනාව උත්පාද සංඛ්‍යාත සංඛතලක්‍ෂණ යැ සංඛාර දුක්ඛතායෙන් දුක්ඛතා ද වෙයි, සුඛවේදනාව ව්‍යය සංඛ්‍යාත සංඛත ලක්‍ෂණ යැ, විපරිණාමදුක්ඛතායෙන් දුක්ඛතා ද වෙයි. දුක්ඛවේදනාව අන්‍යථාත්‍ව සංඛ්‍යාත සංඛත ලක්‍ෂණ යැ දුක්ඛදුක්ඛතායෙන් දුක්ඛතා ද වේ. මෙසේ මේ නව පදයන්හි ද පළමු දැක් වූ සත්පදයන්හි ද යන සොළොස් පදයන්හි දුක්ඛයෝ සෙවිය යුත්තාහු යැ, එකොළොස් දුක්ඛතාවගේ ද ලක්‍ෂණ නිද්දේසයෙහි දක්වන ලදි. පහළවීම ලක්‍ෂණ කොට ඇත්තී ජාති නමු, ච්‍යුත වීම ලක්‍ෂණකොට ඇත්තේ චුත නම් වේ යයි පසළොස් පදයෝ විස්තර කළ යුත්තාහු ය.
Pali BJTඑවං සාධාරණානි අසාධාරණානි ච සත්තසු දසසු පදෙසු පඤ්ඤාසතිවිධෙ ච{12} සාසනපට්ඨානෙ{13} අට්ඨාරසවිධෙසු ච සුත්තාධිට්ඨානෙසු දසවිධෙසු ච සුත්තවිධෙය්යෙසු සොළසවිධෙසු ච හාරෙසු එකවීසතිවිධාය ච පවිචයවීමංසායාති ඉදං දෙසිතං යථාභූතං ච දෙසිතන්ති. අයං වුච්චති දෙසනාහාරො.
Sinhala BJTමෙසේ සාධාරණ වූ ද අසාධාරණ වූ ද (චතුස්සත්‍යයෝ) සතළොස් පදයන්හි ද පනස් වැදෑරුම් සාසනපට්ඨානයෙහි ද අටළොස් වැදෑරුම් සුත්තාධිට්ඨානයෙහි ද දසවැදෑරුම් සූත්‍ර විධෙයයෙහි ද සොළොස් වැදෑරුම් හාරයන්හි ද එක් විසි වැදෑරුම් පවිචය වීමංසායෙහි ද යන මෙහි මේ දේශිතය වෙයි. යථාභූත ව දෙසන ලද්දේ වේ යයි. මේ දෙසනා හාර යයි කියනු ලැබේ.
Pali BJT2. තත්ථ කතමො විචයො හාරො:
Sinhala BJT2. එහි, විචය හාරය කවරෙ යත්:
Pali BJT2. පදං පඤ්හා ච පුච්ඡා ච - කිං පුබ්බං කිඤ්ච පච්ඡිමං, අනුගීති යා ච{1} විචයො - හාරො විචයොති නිද්දිට්ඨො.
Sinhala BJT2. පදය ද ප්‍රශ්නයෝ ද පෘච්ඡා ද පූර්‍වපදය කිමෙක පශ්චිම පදය කිමෙක යනු ද අනුගීතිය ද යන මේ විමසීම ලක්‍ෂණ කොට ඇත්තේ විචයහාර නමැයි දක්වන ලද්දේ ය.
Pali BJTපදන්ති පඨමං පදං, තස්ස කො අත්ථො: යං භගවා පුට්ඨො ආයස්මතා අජිතෙන, තං ගහෙතබ්බං. කති පදානි පුට්ඨානි යථා කිං: “කෙනස්සු නිවුතො ලොකො”ති ගාථා, ඉමානි කති පදානි චත්තාරි ඉති විස්සජ්ජනාය{2} පුච්ඡා. යත්තකෙහි පදෙහි භගවතා විස්සජ්ජිතානි පදානි ඉති පුච්ඡාය ච යා පදානං සඞ්කාසනා, ඉදං වුච්චති පදන්ති.
Sinhala BJT‘පදං’ යනු ප්‍රථම පදය යැ, ඒ පදයාගේ අර්‍ත්‍ථ කවරෙ යැ: ආයුෂ්මත් අජිත විසින් බුදුහු යමක් පුළුවුස්නා ලද්දාහු ය, එය කෙතෙක් පදයෝ පුළුවුස්නාලද්දාහු දැයි ගත යුතු යැ. ඒ කෙසේ යැ: “කෙනස්සු නිවුතො ලෝකෝ” යන ගාථාව යැ. මේ කෙතෙක් පදයෝ වෙත් ද: පද සතරක් වෙයි. යම් පමණ පදයන්ගෙන් භාග්‍යවතුන් විසින් විසඳන ලද පදයෝ වෙත් ද, ප්‍රශ්නයෙහි ද (එපමණ පදයෝ වෙති) පුච්ඡායෙහි ද පදයන්ගේ යම් සැකෙවින් ප්‍රකාශ කිරීමෙක් වේ ද, මේ පද’ යයි කියනු ලැබේ.
Pali BJTපඤ්හා’ති: ඉමානි චත්තාරි පදානි කති පඤ්හා එකො වා ද්වෙ වා තදුත්තරිං{3} වා, ඉමානි චත්තාරි පදානි එකො පඤ්හො, අත්ථානුපරිවත්ති බ්යඤ්ජනං හොති, සම්බහුලානිපි පදානි එකමෙවත්ථං පුච්ඡති. ඉමානි චත්තාරි පදානි අනුපරිවත්තීති තං බ්යඤ්ජනෙන එකො පඤ්හොව හොති.
Sinhala BJTපඤ්හා යනු මේ සතර පදයෝ කෙතෙක් ප්‍රශ්නයෝ වෙත් ද: එකක් හෝ දෙකක් හෝ එයින් වැඩියක් හෝ වෙත් ද, මේ සතර පදයෝ එක් ප්‍රශ්නයෙකි. අර්‍ත්‍ථය ඛ්‍යඤ්ජනය වෙයි. බොහෝ වූ ද පදයෝ එක් මැ අර්‍ත්‍ථයක් පුළුවුස්ති. මේ සතර පදයෝ අනුව යන්නාහු වෙති. එය ඛ්‍යඤ්ජන විසින් එක් ප්‍රශ්නයෙක් වේ.
Pali BJTකෙනස්සු නිවුතො ලොකො’ති: ලොකං සඣාය පුච්ඡති. කෙනස්සු නප්පකාසති කිස්සාභිලෙපනං බ්රූසී’ති තං යෙව පුච්ඡති. කිංසු තස්ස මහබ්භයන්තී තංයෙව පුච්ඡති, එවං අත්ථානුපරිවත්ති බ්යඤ්ජනං එකො පඤ්හො හොති, සො පඤ්හො චතුබ්බිධො: එකං සබ්යාකරණීයො විභජ්ජබ්යාකරණීයො පටිපුච්ඡාබ්යාකාරණීයො ඨපනීයොති’{4} තත්ථ චක්ඛුං{5} අනිච්ච’න්ති එකංසබ්යාකරණීයො, ‘යං අනිච්චං තං දුක්ඛ’න්ති විභජ්ජබ්යාකරණීයො ‘සියා අනිච්චං න චක්ඛු, යානිපි ආයතනානි ච න චක්ඛු, තානිපි අනිච්චන්ති න චක්ඛුයෙව අයං විභජ්ජබ්යාකරණීයො ‘යං චක්ඛු තං චක්ඛුන්ද්රියං නෙ’ති පටිපුච්ඡාබ්යාකරණීයො, “තං චක්ඛුං තථාගතො’ති ඨපනීයො, “අඤ්ඤත්ර චක්ඛුනාති ඨපනීයො” පඤ්හො.
Sinhala BJTකෙනස්සු නිවුතො ලෝකෝ යී ලෝකය සඳහා විචාරයි. කෙනස්සු නප්පකාසති කිස්සාභිලේපනං බ්‍රෑසි යී එය මැ විචාරයි. කිංසු තස්ස මහබ්භයං යී එය මැ විචාරයි: මෙසේ අර්‍ත්‍ථානුපරිවර්තී වූ ඛ්‍යඤ්ජනය එක් ප්‍රශ්නයෙක් වේ. ඒ ප්‍රශ්නය චතුර්විධ වෙයි. ඒකාන්තයෙන් විසඳියැ යුත්තේ යැ විභාගකොට විසඳිය යුත්තේ යැ පිළිවිසැ විසඳියැ යුත්තේ යැ තබාලියැ යුතු (ඨපනීය) යයි. එහි ‘ඇස අනිත්‍ය ද?’ යනු ඒකාන්තයෙන් විසඳියැ යුත්තේ යැ, ‘යමක් අනිත්‍ය නම් එය දුක් වේ ද?’ යනු විභාග කොට විසඳියැ යුත්තේ යැ, අනිත්‍ය වන්නේ යැ (එය) ඇස නො වේ ද? යම් ආයතන කෙනකුත් ඇද්ද ඇස නො වෙයි. ඔහුදු අනිත්‍ය යැ’ ඇස මතුයෙක් මැ නො වේ” මේ විභාග කොට විසඳියැයුත්තේ යැ’ ‘යමක් ඇස වේ නම් එය චක්ඛුන්‍ද්‍රිය නො වේ ද’ යනු පිළිවියැ විසඳියැ යුතු ප්‍රශ්න යැ’ ඒ චක්‍ෂුස සත්ත්‍ව වේ ද?” යනු තැබියැ යුතු යැ, ‘චක්‍ෂූසිත්, අන් තැනෙක (තථාගත) වේ ද?’ යනු ඨපනීය (තැබියැයුතු) ප්‍රශ්න යි.
Pali BJTඉදං පඤ්හං භගවා කිං පුච්ඡිතො: ලොකස්ස සංකිලෙසො පුච්ඡිතො, කිං කාරණං: තිවිධො හි සංකිලෙසො: තණ්හා සංකිලෙසො ච දිට්ඨිසංකිලෙසො ච දුච්චරිතසංකිලෙසො ච. තත්ථ “අවිජ්ජාය නිවුතො”ති අවිජ්ජං දස්සෙති. “ජප්පා”ති තණ්හං දස්සෙති, ‘මහබ්භය”න්ති අකුසලස්ස කම්මස්ස විපාකං දස්සෙති. ‘සොතං’ නාම. සුඛවෙදනීයස්ස කම්මස්ස දුක්ඛවෙදනීයො විපාකො භවිස්සතීති නෙතං ඨානං විජ්ජතීති භගවා විස්සජ්ජෙති.{6} චතූහි යො පදෙහි “අවිජ්ජාය නිවුතො ලොකොති -පෙ- එවං වුච්චති.
Sinhala BJTමේ ප්‍රශ්නයෙන් බුදුහු කුමක් පුළුවුස්නාලද්දාහු ද යත්: ‘ලෝකයාගේ කෙලෙසීම් විමසනලද, කරුණු කිම යත්: සංකිලේශය ත්‍රිවිධ යැ: තණ්හාසංකිලේසය ද දිට්ඨිසංකිලේසය ද දුච්චරිතසංකිලේසය දැයි. එහි “අවිජ්ජාය හිවුතො” යී අවිද්‍යාව වදාරති, “ජප්පා’යි තෘෂ්ණාව වදාරති, “මහබ්භයං” යී අකුශලකර්‍මයාගේ විපාකය වදාරති. “සෝත” නම් “සුඛවේදනීය කර්‍මයාගේ දුක්ඛවෙදනීය විපාකයෙක් වන්නේ යැ’ යන තෙල කරුණ නො වෙ යයි බුදුහු සතරපදයෙන් විසඳන සේක. “අවිජ්ජාය තිවුකො ලෝකෝ” ... යී මෙසේ කියනු ලැබේ.
Pali BJTතදුත්තරිං{3} පටිපුච්ඡති, “සවන්ති සබ්බධි සොතා”ති ගාථා චත්තාරි පදානි පුච්ඡති, තං භගවා ද්වීහි විස්සජ්ජෙති{6}
Sinhala BJTඑයින් මතුයෙහි ද පුළුවුස්සි, “සවන්ති සබ්බයි සෝතා” යන ගාථාව යැ. (එහි) සතර පදයක් පුළුවුස්සි. බුදුහු එය දෙපදයෙකින් විසඳන සේක.
Pali BJT2. යානි සොතානි ලොකස්මිං - සති තෙසං නිවාරණං, සොතානං සංවරං බ්රූමි - පඤ්ඤායෙතෙ පිථියරෙ.
Sinhala BJT2. ලොවැ තෘෂ්ණාදි යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් ද විදර්‍ශනා සම්ප්‍රයුක්ත ස්මෘතිය ඒ ස්‍රෝතසුන්ගේ ආවරණ ය ආරක්‍ෂාව නුයි (ඒ ස්මෘතිය මැ) ස්‍රෝතසුන්ගේ සංවරය යි කියමි. මාර්‍ගප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු (සර්‍වාකාරයෙන්) වසනු ලැබෙත්.
Pali BJTඉමානි චත්තාරි පදානි ද්වීහි පදෙහි විස්සජ්ජෙති. ඉදං කථන්ති{1} පුච්ඡිතො, තස්ස සංකිලිට්ඨස්ස ලොකස්ස වොදානං පුච්ඡිතො. සොතානි ඡ තණ්හාකායා බහුලාධිවචනෙන නිද්දිට්ඨා භවන්ති සබ්බෙහි ආයතනෙහි, කානි සොතානි කෙන නිවාරීයන්තීති පරියුට්ඨානපහානං පුච්ඡති - කෙන සොති පිථියරෙ”ති අනුසයසමුග්ඝාතං පුච්ඡති, තත්ථ භගවා ඡසු ද්වාරෙසු සතියා සංවරං දෙසෙති, යො හි සම්පජානො විහරති සතිදොවාරිකෙන ච තස්ස ඉන්ද්රියානි ගුත්තානි සම්භවන්ති, තත්ථ ගුත්තෙසු ඉන්ද්රියෙසු යා යා විපස්සනා සා සා තෙසං සොතානං තස්සා ච අවිජ්ජාය යාය ලොකෙ{2} නිවුතො අච්චන්තපහානාය සංවත්තති.
Sinhala BJTමේ සතරපදයන් දෙපදයෙකින් විසඳනසේක. මේ කෙසේ ද යත්: සංක්ලිෂ්ට වූ ඒ ලෝකයාගේ ව්‍යවදානය (ශුද්ධිය) පුළුවුස්නා ලදහ. ස්‍රෝතස් නම් සවැදෑරුම් තෘෂ්ණා සමූහය යි. බහුවචනයෙන් දක්වන ලද්දාහු වෙති, සියලු ආයතනයන්ගෙනි. ඒ ස්‍රෝතස්හු කුමකින් නිවාරණය කරනු ලැබෙත් දැ’යි පරියුට්ඨාන (තෘෂ්ණාවිචරිත) යන්නේ ප්‍රහාණය විචාරයි. “කෙන සෝතා පිථියරෙ” යි අනුශයයන්ගේ සමුද්ඝාතය විචාරයි. එහි බුදුහු සදොරහි සතිසංවරය වදාරනසේක. ඒ එසේ මැය, යමෙක් සම්‍යක්ප්‍රඥා ඇති වැ වාස කෙරේ ද, ස්මෘති නමැති ද්වාරපාලයා විසින් ඔහුගේ ඉන්‍ද්‍රියයෝ රක්නා ලද්දාහු වෙති. එහි ඉන්‍ද්‍රියයන් ගුප්ත කල්හි යම් යම් විදර්‍ශනාවක් වී ද, ඒ ඒ විදර්‍ශනාව ඒ ඒ ස්‍රෙතසුන්ගේ ද යම් අවිද්‍යාවක් විසින් ලෝකය වසන ලද ද, ඒ අවිද්‍යාවගේ ද අත්‍යන්ත ප්‍රහාණය පිණිස පවතී.
Pali BJTඑවං සොතානි පිහිතානිපි භවන්ති, තතො උත්තරිං පුච්ඡති:
Sinhala BJTමෙසේ චක්‍ෂුරාදි ස්‍රෝතස්හු වසන ලද්දාහු ද වෙත්. එයින් මතුයෙහි පුළුවුස්සි:
Pali BJT3. පඤ්ඤා චෙව සති ච (ඉච්චායස්මා අජිතො) නාමරූපං ච මාරිස, එතං මෙ පුට්ඨො පබ්රූහි කත්ථෙතං උපරුජ්ඣති.{*}
Sinhala BJT3. (ආයුෂ්මත් අජිත මෙසේ විචාරයි) නිදුකාණන් වහන්ස, මාර්‍ග ප්‍රඥාව ද ස්මෘතිය ද තදවශේෂ නාමරූප ද යන තෙල සියල්ල කොතැන්හි ලා නිරුද්ධ වේ ද තෙල මා විසින් පුළුවුස්නාලද සේක් වදාළ මැනැව.
Pali BJTඉමානි චත්තාරි පදානි භගවා එකෙන පදෙන විස්සජ්ජෙති.{3}
Sinhala BJTමේ සතර පදයන් බුදුහු එක් පදයෙකින් විසඳන සේක.
Pali BJT4. යමෙතං පඤ්හං අපුච්ඡි - අජිත තං වදාමි තෙ, යත්ථ නාමං ච රූපං ච - අසෙසං උපරුජ්ඣති, විඤ්ඤාණස්ස නිරොධෙන - එත්ථෙතං උපරුජ්ඣති.{4}
Sinhala BJT4. අජිතය, තෙල (කත්‍ථේතං උපරුජ්ඣතියී) යම් ප්‍රශ්නයක් විචාළෙහි ද එය තොපට කියමි, යම් තැනෙක ලා නාමයත් රූපයත් නිරවශේෂ කොට නිරුද්ධ වේ ද, ඒ පශ්චිම විඥානයාගේ නිරෝධය සමග මැ විඥානනිරෝධයෙහි ලා තෙල නාමරූප නිරුද්ධ වේ.
Pali BJTඉමිනා පඤ්හෙන කිං පුච්ඡති: අනුපාදිසෙසනිබ්බානධාතුං පුච්ඡති, තං භගවා අනුපාදිසෙසාය නිබ්බානධාතුයා විස්සජ්ජෙති,{3} තත්ථ පඨමෙන පඤ්හෙන සංකිසෙලං පුච්ඡති, දුතියෙන පඤ්හෙන වොදානං පුච්ඡති, තතියෙන පඤ්හෙන සොපාදිසෙසනිබ්බානධාතුං පුච්ඡති, චතුත්ථෙන පඤ්හෙන අනුපාදිසෙසනිබ්බානධාතුං පුච්ඡති. තතො උත්තරිං පටිපුච්ඡති:
Sinhala BJTමේ ප්‍රශ්නයෙන් කුමක් පුළුවුස්සි ද යත් : අනුපාදිසේස නිර්‍වාණධාතුව පුළුවුස්සි. එය බුදුහු අනුපාදිසේස නිබ්බානධාතුයෙන් විසඳනසේක. එහි පළමුවන ප්‍රශ්නයෙන් සංකි ලෙසය පුළුවුස්සි, දෙවැනි ප්‍රශ්නයෙන් ව්‍යවදානය පුළුවුස්සි, තෙවැනි ප්‍රශ්නයෙන් සෝපාදිශේෂ නිර්‍වාණධාතුව පුළුවුස්සි, සතරවැනි ප්‍රශ්නයෙන් අනුපාදිශේෂ නිර්‍වාණධාතුව පුළුවුස්සි. එයින් මතුයෙහි පුළුවුසී :
Pali BJT5. යෙ ච සඞ්ඛාතධම්මා{5} සෙ - යෙ ච සෙඛා පුථූ ඉධ. තෙසං මෙ නිපකො ඉරියං - පුට්ඨො පබ්රූහි මාරිස.
Sinhala BJT5. (ආයුෂ්මත් අජිත මෙසේ විචාරයි) නිදුකාණන් වහන්ස, මෙලොවැ අනිත්‍යාදි විසින් විමසන ලද සංස්කාර ඇති යම් රහත් කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්‍ෂ කෙනෙකුත් වෙත් ද, මා විසින් පුළුවුස්නා ලද (ශෛක්‍ෂා’ ශෛක්‍ෂධර්‍මයෙහි) නිපුණ වූ මුබවහන්සේ ඒ ශෛක්‍ෂාශෛක්‍ෂයන්ගේ ප්‍රතිපත් (මට) වදාළ මැනැව.
Pali BJTඉමානි චත්තාරි පදානි පුච්ඡති, කති ච පන තෙ පඤ්හෙ. සඞ්ඛාතධම්මා{1} ච අරහන්තා සෙක්ඛා ච, කිං පුබ්බං කිඤ්ච පච්ඡිමන්ති ‘අයමත්ථො. තත්ථ කතරං පඨමං පුච්ඡති කතරං පච්ඡා{2} අරහන්තං පඨමං පුච්ඡති සෙක්ඛධම්මෙ (පච්ඡා) තත්ථ පඨමෙන පදෙන{3} ‘සඞ්ඛාතධම්මා’ති අරහන්තො ගහිතා, ‘පුථූ’ති සෙක්ඛා ගහිතා. ‘තෙසං මෙ නිපකො’ති සාධාරණං පදං භගවන්තං පුච්ඡති. තත්ථ{4} සාධාරණානි ච අසාධාරණානි ච පඤ්හෙසු පුච්ඡිතබ්බානි. තං භගවා විස්සජ්ජෙති. න තථා පුට්ඨං, පඨමං පුට්ඨං. යං තං පච්ඡා{5} විස්සජ්ජෙති, යං පච්ඡා පුච්ඡිතං, පඨමං විස්සජ්ජෙති, කිඤ්ච ඉදං පුච්ඡිතං ‘විසුද්ධානං විසුජ්ඣාන්තානං ච කා ඉරියා’ති ඉදං පුච්ඡි තං ‘කාමෙසු නාභිගිජ්ඣෙය්ය මනසා’නාවිලො සියා’ති පරියුට්ඨානානි විතක්කෙ ච{6} භගවා නිවාරෙති, ද්වෙ පන විතක්කා ආවිලතාය{7} පරියුට්ඨානං, යථා නීවරණෙසු නිද්දිට්ඨං. ‘කුසලො සබ්බධම්මාන’න්ති අරහන්තං විස්සජ්ජෙති.
Sinhala BJTමේ සතර පදයන් පුළුවුස්සි, “යළි ඔහු කෙතෙක් ප්‍රශ්න වෙත් ද සංඛාතධම්ම වූ රහත්හු ද ශෛක්‍ෂයෝ ද වෙත්. එහි කවරකු පළමු විචාරා ද කවරකු පසුව විචාරා ද යත්: රහත්හු පළමු පුළුවුස්සි, ශෛක්‍ෂධර්‍ම ඇතියන් පසුව පුළුවුස්සි” එහි පළමුවන පදයෙන් ‘සඞ්ඛාතධම්මා’ යී රහත්හු ගන්නා ලදහ. ‘පුථූ’යී ශෛක්‍ෂයෝ ගන්නා ලදහ. ‘තෙසං මෙ නිපකො’ යී සාධාරණපදය භාග්‍යවතුන් පුළුවුස්සි, එහි ප්‍රශ්නයන්හි ලා සාධාරණ වූ ද අසාධාරණ වූ ද පදයෝ පිළිවිසියැයුත්තාහ. එය බුදුහු විසඳනසේක. එසේ විචාරනලද නො වෙයි (?) පළමු විචාළ යම් කරුණක් ඇද්ද එය පසුව විසඳන සේක” පසුව විචාළ කරුණ පළමු කොට විසඳන සේක. මේ පුච්ඡීතය කිමෙක් ද? විශුද්ධ වූවන්ගේ ද විශුද්ධ වන්නවුන්ගේ ද ප්‍රතිපත් කවරේ දැයි මෙය විචාළේ ය. එය “කාමෙසු නාභි ගිජ්ඣෙය්‍ය මනසා නාවිලො සියා” යී කිලේසපරියුට්ඨානයන් ද විතර්‍කයන් ද බුදුහු වළහන සේක. එයි විතර්‍කයෝ දෙදෙනෙකි, චිත්තයාගේ ආවිලතායෙන් (කැළැඹුණු බැවින්) ඔවුන්ගේ පරියුට්ඨානය (නැගීසිටීම) වෙයි. නීවරණයන් කෙරෙහි ලා දැක්වූ පරිද්දෙනි. “කුසලො සබ්බධම්මානං” යී රහත්හු දක්වන සේක.
Pali BJT“කථං සු{*} තරති ඔඝ’,න්ති ගාථා, ඉමානි චත්තාරි පදානි, චත්තාරොයෙව පඤ්හා. කිං කාරණං: න හි එත්ථ අත්ථානුපරිවත්ති බ්යඤ්ජනං යථා පඨමං අජිතපඤ්හෙසු, තස්ස න එකංසෙන බහූනි විස්සජ්ජන්ති, න බහුකා පඤ්හා, එකොව, න චා’පි, සබ්බෙ පුච්ඡති. පුබ්බෙ විස්සජ්ජිතො යථා චතුත්ථො. අජිතපඤ්හෙ{8} යං එත්ථ යථාභූතං පරියෙසනං පදබන්ධෙන විස්සජ්ජනායො එවං යථාභූතං පරියෙසති. යො පුන එත්ථ යං එවං පුච්ඡති තත්ථ අයමාකාරො පුච්ඡනායං:
Sinhala BJT“කථංසු තරති ඕඝං” යන ගාථාව වෙයි : මේ සතර පදයෝ ප්‍රශ්න සතරක් මැ’ වෙති. කරුණු කිම යත්: පළමු අජිතප්‍රශ්නයෙහි මෙන් මෙහි අර්‍ත්‍ථානුපරිවර්තී ඛ්‍යඤ්ජනය නො මැ වෙයි. ඒ පැනයෙහි ඒකාන්තයෙන් බොහෝ විසඳුන් නො වේ. බොහෝ ප්‍රශ්නයෝ නො වෙත්. එකෙක් මැ වෙයි. සියල්ල නො ද විචාරයි. පළමු විසඳනලද සතර වැනි අජිතප්‍රශ්නය මෙනි. මෙහි යම් යථාභූත වූ පර්‍ය්‍යෙෂණයෙක් වේ ද පද බන්‍ධයෙන් විසඳුම් වෙත් ද, එපරිදි යථාභූත ව ප්‍රර්‍ය්‍යෙෂණ කෙරෙයි. යළි යමෙක් මෙහි යම් පැනයක් මෙසේ විචාරයි ද එහි පුවජ්නා යෙහි මේ ආකාර යි. (?)
Pali BJT“අන්තො ජටා බහි ජටා’ති ගාථා, පුච්ඡිතවිස්සජ්ජනාය{9} මග්ගිතබ්බා කථං විස්සජ්ජිතා’ති. භගවා හි විස්සජ්ජෙති{10}. ‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො”ති ගාථා, තත්ථ චිත්තභාවනාය සමථා, පඤ්ඤාභාවනාය විපස්සනා. තත්ථ එවං අනුමීයති: යෙ ධම්මා සමථෙන ච විපස්සනාය ච පහීයන්ති, තෙ ඉමෙ අන්තො ජටා බහි ජටා, තත්ථ විස්සජ්ජනං: සමථෙන රාගො පහීයති, විපස්සනාය අවිජ්ජා. අජ්ඣත්තවත්ථුකො රාගො අන්තොජටා, බාහිරවත්ථුකො රාගො බහි ජටා, අජ්ඣත්තවත්ථුකා සක්කාය දිට්ඨි, අයං අන්තොජටා, එකසට්ඨි දිට්ඨිගතානි ච බාහිරවත්ථුකානි බහිජටා, යා හි අජ්ඣත්තවත්ථුකාදි භාවෙන{11} භවිස්සති අයං ජටා තථා සඞ්ඛිත්තෙන යා කාචි අජ්ඣත්තවත්ථුකා තණ්හා ච දිට්ඨි ච අයං අන්තොජටා, යා කාචි බාහිරවත්ථුකා තණ්හා ච දිට්ඨි ච අයං බහිජටා.
Sinhala BJT“අන්තො ජටා බහි ජටා” යන ගාථාව, පුච්ජීත විස්සජ්ජනායෙහි ලා කෙසේ විසඳන ලද්දී දැ යි ගවේෂණය කළයුත්තී යැ. භාග්‍යවතුන් වහන්සේ වනාහි (මෙසේ) විසඳන සේක : “සිලෙ පතිට්ඨාය නරෝ සපඤ්ඤො” යන ගාථාව – එහි චිත්තභාවනායෙන් සමථයෝ වෙති, පඤ්ඤාභාවනායෙන් විදර්‍ශනා වෙත්. එහි මෙසේ සලකනු ලැබේ: යම් ධර්‍ම කෙනෙක් ශමථයෙන් ද විදර්‍ශනායෙන් ද ප්‍රහීණ වෙත් නම් ඔහු මේ ‘අන්තො ජටා බහිජටා’ නම් වෙත්, එහි විසඳීම මෙසේ යැ: සමථයෙන් රාගය ප්‍රහීණ වෙයි, විපස්සනායෙන් අවිද්‍යාව ප්‍රහීණ වේ. අධ්‍යාත්මවස්තුක වූ රාගය අන්තො ජටා යැ, බාහිරවස්තුක රාගය බහිජටා යි. අධ්‍යාත්මවස්තුක සත්කායදෘෂ්ටියක් ඇද්ද, මේ අන්තො ජටා යැ, එක්සැට දෘෂ්ටිගතයෝ ද බාහිරවස්තුක දෘෂ්ටි ද බහි ජටා යි. යමක් වනාහි අධ්‍යාත්ම වස්තුකාදිභාවයෙන් වන්නේ ද මේ ‘ජටා නමු’ එහෙයින් සැකෙවින් යම් කිසි අධ්‍යාත්ම වස්තුක වූ තෘෂ්ණාවක් හා දෘෂ්ටියක් වී ද මෝ “අන්තො ජටා” නමු. යම් කිසි බාහිරවස්තුවක වූ තෘෂ්ණාවක් හා දෘෂ්ටියක් වී ද මෝ තොමෝ ‘බහිජටා’ නම් වූ.
Pali BJTයථා දෙවතා භගවන්තං පුච්ඡති ‘චතුචක්කං නවද්වාරන්ති ගාථා. තත්ථ භගවා විස්සජ්ජෙති: “ජෙත්වා නද්ධිං වරත්තං චා” ති ගාථා. ඉමං{1} භගවා දුක්ඛනිරොධගාමිනිං පටිපදං විස්සජ්ජෙති, ඉමාය විස්සජ්ජනාය භගවා අනුමීයති කිලෙසෙ එත්ථ පුරිමාය ගාථාය නිද්දිසිතබ්බෙ{2}. තං හි “චතුවක්ක”න්ති චත්තාරො වා ඉරියාපථා.{3} “නවද්වාර”න්ති නව වණමුඛානි. යථා “චතුවක්ක”න්ති චත්තාරො උපාදානා, උපාදානපච්චයා භවො උපාදානනිරොධා භවනිරොධො. ‘නවද්වාර”න්ති නව මානවිධා, මානජාතිකාය හි දුක්ඛං සෙය්යෙනම්හි{4}
Sinhala BJTමෙසේ දෙවි භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්සි: “චතුචක්කං නවද්වාරං” යන ගය එහි බුදුහු විසඳන සේක : “ඡෙත්‍වා නද්ධිං වරත්තං ච” යන ගය – බුදුහු මේ දුක්ඛනිරෝධ ගාමිනීපටිපදාව විසඳන සේක. මේ විසඳීමෙන් බුදුහු පළමු ගාථාවෙන් දැක්වියැ යුතු ක්ලේශයන් දක්වන සේක. ඒ වනාහි ‘චතුචක්කං’ යනු සතර ඊර්‍ය්‍යාපථයෝ හෝ යැ, ‘නවද්වාරං’ යනු නව වණමුඛයෝ යැ, එසේ මැ – ‘චතුචක්කං’ යනු සතර උපාදානයෝ යැ, උපාදානප්‍රත්‍යයෙන් කර්‍ම භවය වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ.” ‘නවද්වාරං’ යනු නවවැදෑරුම් මානයෝ යැ, (මාන ජාතිකාය හි දුක්ඛං සෙය්‍යෙනම්හි පරසො තීණි තිකානි පුණ්ණං?)
Pali BJTපරසො තීණි තිකානි පුණ්ණං{5}, තිකෙන සංයුත්තං’හි පඤ්චකාමගුණිකො රාගො. තත්ථ “නද්ධී”ති තණ්හා විස්සජ්ජියති, “වරත්ත”න්ති මානං විස්සජ්ජෙති, “ඉච්ඡා ලොභං ච පාපකන්ති{6} පඤ්චකාමගුණිකො රාගො. තත්ථ විසමලොභො පාපකො’ති නිද්දිසීයති ‘සමූලං තණ්හ’න්ති. අඤ්ඤාණමූලකා තණ්හා අබ්බුය්හාති තණ්හාය ච දිට්ඨියා ච පහානං යෙ ච පුන අඤ්ඤෙපි කෙචි චතුචක්කයොගෙන තෙනෙව කාරණෙන ච යුජ්ජන්ති, සංසාරගාමිනො ධම්මා සබ්බෙ නිද්දිසිතබ්බා තත්ථායං ගාථා විස්සජ්ජනාය සමෙති. යං යදි සන්දෙන [?] අථ සහබ්යාකරණෙන අනුගීතියං ච සො විචයොති භගවා යත්තකානි පදානි නික්ඛිපති තත්තකෙහි අනුගායති.
Sinhala BJTපඤ්චකාමගුණික රාගය මානත්‍රිකයෙන් සංයුක්ත මැ යි. එහි ‘නද්ධි’ යී තෘෂ්ණාව කියනු ලැබේ. ‘වරත්තං’ යී මානය කියනු ලැබේ. ‘ඉච්ඡා ලෝභං ච පාපකං’ යනු පඤ්ච කාමගුණික රාගය යි. එහි විසමලෝභය ලාමක යයි දක්වනු ලැබේ. “සමූලං තණ්හං” යනු අවිද්‍යා මූලක තෘෂ්ණාව යැ, අබ්බුය්හ යනු තෘෂ්ණාවගේ ද දෘෂ්ටියගේ ද ප්‍රහාණ යයි. යළි අන්‍ය වූ ද යම් කිසි ධර්‍ම කෙනෙක් චතුෂ්කයෝගයෙන් (?) එකරුණෙන් ම යෙදෙත් ද ඒ සියලු සංසාරගාමී ධර්‍මයෝ දැක්වියැ යුත්තාහු යැ. එහි මේ ගාථා විස්සජ්ජනය පුච්ඡාව හා ද විස්සජ්ජනාව හා ද සම වෙයි. (යං යදි සන්‍දෙන?) යළි වෙය්‍යාකරණය සමග අනුගීතියෙහි දු ඒ විචය වේ. බුදුහු යම් පමණ පදයන් නික්‍ෂේප කෙරෙත් ද එතෙක් පදයන්ගෙන් අනුගායනය කරන සේක.
Pali BJT“අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු දූතෙය්යං ගන්තුමරහති.” ඉමානි අට්ඨපදානි නික්ඛිත්තානි. ඡහි පදෙහි භගවා අනුගායති.
Sinhala BJT“මහණෙනි, අට අඟෙකින් සමන්‍වාගත මහණ දූත මෙහෙවරට යන්න සුදුසු වෙයි.” මේ අට පදයෝ නික්‍ෂේප කරන ලදහ, බුදුහු සපදයෙකින් අනුගායනය කෙරෙති:
Pali BJT6. යො චෙ න ව්යථති{7} පත්වා - පරිසං උග්ගවාදිනිං, න ච හාපෙති වචනං - න ච ඡාදෙති සාසනං.
Sinhala BJT6. උග්‍රවාදිනී වූ පිරිස කරා පැමිණ යමෙක් කම්පා නො වේ ද වදන් නො පිරිහෙළා ද, හස්න නො ද සඟවා ද,
Pali BJT7. අසන්දිද්ධං ච භණති - පුච්ඡිතො න ච කුප්පති, ස චෙ තාදිසකො භික්ඛු - දූතෙය්යං ගන්තූමරහතී’ති.
Sinhala BJT7. සන්‍දේහ රහිත වැ බෙණේ ද, පුළුවුස්නා ලදුයේ නො ද කිපේ ද ඒකාන්තයෙන් එබඳු මහණ දූතමෙහෙවරට යන්න සුදුසු වේ යයි.
Pali BJTතත්ථ පන භගවා යත්තකානි පදානි නික්ඛිපති, තත්තකෙහි අනුගායති. “සත්තහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො කල්යාණමිත්තො පියො ගරු භාවනියො”ති විත්ථාරෙන. ඉදං භගවා සත්තහි පදෙහි අනුගායති. ඉති බහුස්සුතවා අනුගායති, අප්පතරකථං පදං වා නික්ඛෙපො. බහුස්සුතවා නව පදානි නික්ඛෙපො අප්පතරිකා අනූගීතියා බහුතරිකා අනුගායති.
Sinhala BJTඑහි වැලිත් බුදුහු යම් පමණ පදයන් නික්‍ෂේප කෙරෙත් ද එතෙක් පදයෙන් අනුගායන කෙරෙත්. “මහණෙනි සත් අඟෙකින් සමන්‍වාගත කල්‍යාණ මිත්‍ර ප්‍රිය වූයේ ගුරු වූයේ භාවනීය වූයේ” යී විස්තර කළයුතු. බුදුහු මෙය සත් පදයෙකින් අනුගායන කරන සේක. මෙසේ බහු ශ්‍රැතවත් වූයේ අල්පතර කථාව හෝ පදය හෝ අනුගායන කෙරෙයි ... ?
Pali BJTඅයං වුච්චති අනුගීති ච විචයො. අයං විචයො නාම හාරො.
Sinhala BJTමේ අනුගීති විචය යයි කියනු ලැබේ. මේ විචය නම් හාර යි.
Pali BJT3. තත්ථ කතමො යුත්තිහාරො:
Sinhala BJT3. එහි යුක්තිහාරය කවරෙ යත්:
Pali BJT8. සබ්බෙසං හාරානං - යා භූමි යො ච ගොචරො තෙසං, යුත්තායුත්ත පරික්ඛා - හාරො යුත්තීති නිද්දිට්ඨො.
Sinhala BJT8. සියලු හාරයන්ගේ ඛ්‍යඤ්ජන, සංඛ්‍යාත යම් භූමියක් ඇද්ද, සූත්‍රාර්‍ත්‍ථ සංඛ්‍යාත, යම් ගෝචරයෙකුත් ඇද්ද, ඒ අර්‍ත්‍ථව්‍යඤ්ජනයන් මහා–අපදේසයන් හා යුක්ත අයුක්ත (යෙදෙන නොයෙදෙන) බව, දැක්වීම ලක්‍ෂණ කොට ඇත්තේ යුක්තිහාර නමැයි දක්වන ලද්දේ ය.
Pali BJTහාරානං සොළසන්නං යථා දෙසනා යථා විචයො යො ච නිද්දිසීයති{1}. අයං නිද්දෙසො, අයං පුච්ඡා සුත්තෙසු න යුජ්ජතීති යා තත්ථ වීමංසා අයං යුත්ති.
Sinhala BJTසොළොස් හාරයන්ගේ දේසනාහාරය මෙන් විචයහාරය මෙන් යම් විමංසායෙක් දක්වනු ලැබේ ද, සූත්‍රයන්හි මේ නිර්‍දෙශය මේ පුච්ඡාව නො යෙදේ යයි එහි යම් විමංසායෙක් ඇද්ද මේ යුක්ති නම් වේ.
Pali BJTයථා හි සහෙතු සප්පච්චයා සත්තා සංකිලිස්සන්ති, අත්ථි හෙතු අත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය, සහෙතු සප්පච්චයා සත්තා විසුජ්ඣන්ති, අත්ථි හෙතු අත්ථි පච්චයො සත්තානං විසුද්ධියා.
Sinhala BJTඒ මෙසේ යැ, හේතු සහිත වූවාහු ප්‍රත්‍යය සහිත වූවාහු සත්ත්‍වයෝ සංක්ලේශයට පැමිණෙන්නාහු ය, සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුයෙක් ඇත. ප්‍රත්‍යයෙක් ඇත. හේතු සහිත වූවාහු ප්‍රත්‍යය සහිත වූවාහු සත්ත්‍වයෝ විශුද්ධියට පැමිණෙත්. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුයෙක් ඇත, ප්‍රත්‍යයෙක් ඇති.
Pali BJT“සීලවතා ආනන්ද පුග්ගලෙන න චෙතනාකරණීයා{2} ‘කින්ති මෙ අවිප්පටිසාරො{3} උප්පජ්ජෙය්යාති’{4} -පෙ- වෙය්යාකරණං{5}. කත්තබ්බං. අයං විසුද්ධියා මග්ගො. තස්ස කො හෙතු{6} කො පච්චයො සීලක්ඛන්ධස්ස, චත්තාරො හෙතු ච පච්චයා ච: යො ච සප්පුරිසසංසෙවො යො ච පතිරූපදෙසවාසො{7} අයං උපාදාපච්චයතාය පච්චයො. යං පොරාණකම්මං අස්ස විපාකො පච්චයො, තාය පච්චයතාය{8} අත්තසම්මාපණිධි, අයං හෙතු, ඉති සීලක්ඛන්ධො සහෙතු සප්පච්චයොති. ඉදං ලොකිකං සීලං.
Sinhala BJT“ආනන්‍දය, සිල්වත් පුඟුල්හු විසින් ‘කිසෙයින් මට අවිප්‍රතිසාරය උපදනේ දැ’යි චේතනා නො කටයුත්තී යැ ... වෙය්‍යාකරණය විස්තර කළ යුතු. මේ විශුද්ධියට මාර්‍ග යැ, ඒ ශීලස්කන්‍ධයට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ : හෙතූහු ද ප්‍රත්‍යයෝ ද සතර දෙනෙක් වෙති : යම් සත්පුරුෂසංසේවායෙක් ඇද්ද යම් ප්‍රතිරූප දේශවාසයෙකුත් ඇද්ද, උපාදා ප්‍රත්‍යයතායෙන් මේ ප්‍රත්‍යය වෙයි. යම් පුරාණ කර්‍මයක් ඇද්ද ඒ කර්‍මයාගේ විපාකය ප්‍රත්‍යය වෙයි, ඒ ප්‍රත්‍යයභාවයෙන් ආත්මසම්‍යක්ප්‍රණීඨිය වෙයි. මේ හේතු යි. මෙසේ ශීලස්කන්‍ධය සහේතු සප්‍රත්‍යය වේ යයි. මේ ලෞකික ශීල යි.
Pali BJTයං පන ලොකුත්තරං සීලං තස්ස තීණි ඉන්ද්රියානි පච්චයො සද්ධින්ද්රියං විරියින්ද්රියං{9} සමාධින්ද්රියං අයං පච්චයො. සතින්ද්රියං ච පඤ්ඤින්ද්රියං ච හෙතු. පඤ්ඤාය නිබ්බෙධගාමිනියා යං සීලං ජායති. සොතාපන්නස්ස ච සීලං කෙනායං හෙතු අයං පච්චයො [?]
Sinhala BJTයළි යම් ලෝකෝත්තරශීලයෙක් ඇද්ද ඒ ශීලයට සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය යන තුන් ඉන්‍ද්‍රියයෝ ප්‍රත්‍ය වෙති. මේ ප්‍රත්ත්‍යය යි. සතින්‍ද්‍රිය ද පඤ්ඤින්‍ද්‍රිය ද හේතු යි. නිබ්බේධගාමිනී ප්‍රඥායෙන් යම් ශීලයක් උපදී ද, සෝවන්හුගේ ද සීලය ලෝකුත්තර යි.