Peṭakopadesa

Piṭaka Disclosure

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 1379

SegmentPali BJTSinhala BJT
Pali BJT48. යං පත්තං යං ච පත්තබ්බං - උභයමෙතං රජාකිණ්ණං යෙ එවං වාදිනො නත්ථි - තෙසං කාමෙසු දොසො’ති.
Sinhala BJT48. ලබන ලද යමක් ඇද්ද ලැබියැයුතු යමකුත් ඇද්ද මේ දෙකම රජසින් ආතුල යැ– මෙසේ කියන යම් කෙනෙක් වෙත් ද ඔවුනට කාමයන්හි දෝෂයෙක් නැතැ’යි (?)
Pali BJTඉදං පරවචනං.
Sinhala BJTමේ පරවචන යැ.
Pali BJT“යෙ ච ඛො තෙ උභො අන්තෙ අනුපගම්ම වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය. ඉදං සකවචනං.
Sinhala BJT“යම් කෙනෙක් උභයාන්තයට නො පැමිණ වෙසෙත් ද ඔවුනට පැනැවීමට වට්ටයෙක් නැති. මේ සකවචන යි.
Pali BJT49. නන්දති පුත්තෙහි පුත්තිමා ගොමිකො{3} භොභි{4} තථෙව නන්දති, උපධීහි නරස්ස නන්දනා{5} න හි සො නන්දති; යො නිරූපධී’ති. පරවචනං.
Sinhala BJT49. පුතුන් ඇතියේ පුතුන් සමඟ හෝ පුතුන් කරණ කොටගෙන සතුටු වෙයි. එසෙයින් ම ගවයන් ඇතියේ ගවයන් කරණකොටගෙන සතුටු වෙයි. කාමගුණූපධීන් කරණකොට මිනිසාට සතුට වෙයි. යමෙක් උපධි රහිත ද හේ නොමැ සතුටු වේ යනු පරවචන යි.
Pali BJT50. සොචති පුත්තෙහි පුත්තිමා ගොමිකො ගොහි තථෙව සොචති, උපධී භි නරස්ස සොචනා{6} න හි සො සොචති යො නිරූපධී’ති, සකවචනං.
Sinhala BJT50. පුතුන් ඇතියේ පුතුන් කරණකොට ශෝක වෙයි, එසේමැ ගවහිමි ගවයන් කරණ කොට ශෝක වෙයි. උපධීන් කරණකොට මිනිසාට ශෝකය වෙයි, යමෙක් කාමගුණූපධි රහිත වේ ද හේ නො මැ ශෝක කෙරෙයි යනු සකවචන යි.
Pali BJTඉදං සකවචනං පරවචනං ච.
Sinhala BJTමේ සකවචන ද පරවචන ද වේ.
Pali BJT(43) තත්ථ කතමං සත්තාධිට්ඨානං:
Sinhala BJT(43) එහි සත්තාධිට්ඨාන කවරැ:
Pali BJT51. යෙ කෙචි භූතා භවිස්සන්ති යෙ වා’පි සබ්බෙ ගමිස්සන්ති පහාය දෙහං, තං සබ්බං ජානිං කුසලො විදිත්වා ආතාපියො{7} බ්රහ්මචරියං චරෙය්ය,
Sinhala BJT51. යම් සත්ත්‍ව කෙනෙක් පෙර වූවාහු ද යම් කෙනෙකුත් මතු වෙද්ද, ඒ සියල්ලෝ කය හැරපියා පරලොව යන්නාහ, නුවණැතියේ ඒ සියලු පිරිහීම දැන කෙලෙස් තවන වැර ඇති වැ බඹසර හැසිරෙන්නේ යි.
Pali BJT“තයොමෙ භික්ඛවෙ සත්ථාරො: තථාගතො අරහං සෙක්ඛො පටිපදො”. ඉදං සත්තාධිට්ඨානං.
Sinhala BJT“මහණෙනි, මේ ශාස්තෲහු තිදෙනෙක් වෙති: තථාගත යැ ක්‍ෂීණාස්‍රව යැ ශෛක්‍ෂ ප්‍රතිපදා ඇත්තේ” යි මේ සත්තාධිට්ඨාන සූත්‍ර යි.
Pali BJT(44) තත්ථ කතමං ධම්මාධිට්ඨානං:
Sinhala BJT(44) එහි ධම්මාධිට්ඨාන කවරැ :
Pali BJT52. යං ච කාමසුඛං ලොකෙ - යං චිදං දිවියං සුඛං, තණ්හක්ඛයසුඛස්සෙතෙ - කලං නාග්ඝන්ති සොළසිං.
Sinhala BJT52. ලොවැ යම් කාමසහගත සුඛයෙක් වේ ද දිව්‍යවිහාරවශයෙන් ලැබිය යුතු යම් රූපසමාපත්තිසුඛයෙක් වේ ද, තෙල සුඛයෝ තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිවන් සුවයාගේ සොළොස්වන කලාවට නො අගනාහු වෙත්.
Pali BJT“සත්තිමෙ භික්ඛවෙ බොජ්ඣඞ්ගා” ඉදං ධම්මාධිට්ඨානං.
Sinhala BJT“මහණෙනි, මේ බොධ්‍යංගයෝ සත්දෙනෙක් වෙති. මේ ධම්මාධිට්ඨාන යි,
Pali BJT(45) තත්ථ කතමං සත්තාධිට්ඨානං ච ධම්මාධිට්ඨානං ච:
Sinhala BJT(45) එහි සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද කවරැ:
Pali BJT“දුද්දසං තං{1} සච්චං දුද්දසො පටිවෙධො බාලෙහි, ජානතො පස්සතො නත්ථි නන්දී’ති වදාමි. දුද්දසං තං සච්චං දුද්දසො පටිවෙධො බාලෙහි’ති ධම්මාධිට්ඨානං. ‘ජානතො පස්සතො නත්ථි නන්දී’ති සත්තාධිට්ඨානං.
Sinhala BJT“බාලයන් විසින් ඒ චතුස්සත්‍යය දැක්ක නො හැකි ය, ප්‍රතිවේධය දුර්දශ යැ. පඤ්චස්කන්‍ධයන්ගේ උදයව්‍යය දන්නහුට නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණා නැතැයි කියමි” (මෙහි) “දුද්දසං තං සච්චං, දුද්දසො පටිවේධො බාලෙහි” යනු ධම්මාධිට්ඨාන යැ, “ජානතො පස්සතෝ නත්‍ථි නන්‍දි” යනු සත්තාධිට්ඨාන යි.
Pali BJTදාරූක්ඛන්ධොපමං, ගඞ්ගාය තිරියං{2} ඔරිමඤ්ච තීරං පාරිමඤ්ච තීරං ථලෙ වා න ච උස්සීදනං මජ්ඣෙ ච න සංසීදනං මනුස්සගාහො{3} ච අමනුස්සගාහො ච අන්තො පූතිභාවො ච, ඉදං ධම්මාධිට්ඨානං. එවං පන භික්ඛු නිබ්බානනින්නො භවිස්සති නිබ්බානපොණො’ති{4} සත්තාධිට්ඨානං. ඉදං සත්තාධිට්ඨානං ච ධම්මාධිට්ඨානං ච.
Sinhala BJT“දාරුක්ඛන්‍ධොපමසූත්‍රය (වේදනාසංයුක්ත) ගංගායෙහි සරස වැටීම යැ ඔරිමතීරය පාරිමතීරය ස්ථලයෙහි නඟා නො තැබීම ය මධ්‍යයෙහි නො ගැලීමය මනුෂ්‍ය ග්‍රහණය අමනුෂ්‍යග්‍රහණය ඇතුළත දිරූබව ද යන මේ ‘ධම්මාධිට්ඨාන’ යැ. යළි මෙසෙයින් මහණ නිර්‍වාණනින්න නිර්‍වාණප්‍රවණ වන්නේ යැ යන මේ ‘සත්තාධිට්ඨාන’ යැ. මේ සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන’ ද සූත්‍ර යි.
Pali BJT(46) තත්ථ කතමො ථවො:
Sinhala BJT(46) එහි ‘ථව’ සූත්‍ර කවරෙ යත්:
Pali BJT53. මග්ගාන’ට්ඨඞ්ගිකො සෙට්ඨො - සච්චානං චතුරො පදා, විරාගො සෙට්ඨො ධම්මානං - ද්විපදානං ච චක්ඛුමා.
Sinhala BJT53. ජංගමාදි මාර්‍ගයන් අතුරෙන් අෂ්ටාංගික ආර්‍ය්‍යමාර්‍ගය උතුම් වෙයි. සත්‍යයන් අතුරෙන් දුක්ඛාදි (ආර්‍ය්‍යසත්‍යප්‍රකාශක) සතර පදය උතුම් වෙයි, ධර්‍මයන් අතුරෙන් නිර්‍වාණ සංඛ්‍යාත විරාගය උතුම් වෙයි. දිව්‍ය මනුෂ්‍යාදි දෙපා ඇත්තවුන් අතුරෙන් පසැස් ඇති තථාගතයෝ උතුම් වෙත්.
Pali BJT“තීණි’මානි භික්ඛවෙ අග්ගානි: බුද්ධො සත්තානං, විරාගො ධම්මානං, සඞ්ඝො ගණානං” අයං ථවො.
Sinhala BJT“මහණෙනි, මේ අග්‍රයෝ තිදෙනෙක් වෙති: සත්ත්‍වයන් කෙරෙන් බුදුහු අග්‍ර වෙති. ධර්‍මයන් කෙරෙන් විරාගය (නිවන) අග්‍ර යැ, ගණයන් කෙරෙන් සංඝයා අග්‍ර යි. මේ ථව සූත්‍ර යි.
Pali BJT(47) තත්ථ කතමං අනුඤ්ඤාතං :
Sinhala BJT(47) එහි අනුඤ්ඤාතය කවරැ :
Pali BJT54. කායෙන සංවරො සාධු - සාධු වාචාය සංවරො මනසා සංවරො සාධු - සාධු සබ්බත්ථ සංවරො, සබ්බත්ථ සංවුතො භික්ඛු - සබ්බදුක්ඛා පමුච්චති.
Sinhala BJT54. කයින් සංවරය මැනැවි, වචනයෙන් සංවරය මැනැවි, සිතින් ස්වරය මැනැවි, හැම තන්හි සංවරය මැනැවි, සියලු තැන්හි සංවෘත වූ මහණ සියලු දුකින් මිදේ.
Pali BJTSegment missing in this edition
Sinhala BJTමහාවීභංගො ... (?)
Pali BJTඉදං භගවතා අනුඤ්ඤාතං.
Sinhala BJTමේ භාග්‍යවතුන් විසින් අනුඤ්ඤාත යැ.
Pali BJT“තීණි’මානි භික්ඛවෙ කරණීයානි: කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං.” ඉදං අනුඤ්ඤාතං.
Sinhala BJT“මහණෙනි, මේ කටයුතු තුනක් වෙති: කායසුචරිත යැ වචීසුචරිත යැ මනෝසුචරිතයි. මේ අනුඤ්ඤාත සූත්‍ර යි.
Pali BJT(48) තත්ථ කතමං පටික්ඛිත්තං :
Sinhala BJT(48) එහි ‘පටික්ඛිත්තය’ කවරැ :
Pali BJT“නත්ථි පුත්තසමං පෙමං” විත්ථාරො. ඉදං පටික්ඛිත්තං.
Sinhala BJT“නත්‍ථි පුත්තසමං පෙමං” (දේවතාසංයුක්ත) විස්තරය වෙයි. මේ පටික්ඛිත්ත යැ.
Pali BJT“තීණි’මානි භික්ඛවෙ අකරණීයානි (සයං අභිඤ්ඤාය දෙසිතානි) කතමානි තීණි: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං” ඉදං පටික්ඛිත්තං.
Sinhala BJT“මහණෙනි, මේ නො කටයුතු තුනක් වෙති : (තමන් වහන්සේ විසින් අවබෝධ කොට දෙසන ලද්දාහු යැ.) කවර තුනෙක යත් : කායදුශ්චරිතය වචීදුශ්චරිතය මනෝදුශ්චරිත යි. මේ “පටික්ඛිත්ත” සූත්‍ර යි.
Pali BJT(49) තත්ථ කතමං අනුඤ්ඤාතං ච පටික්ඛිත්තං ච:
Sinhala BJT(49) එහි අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද කවරැ:
Pali BJT55. කායෙන කුසලං කයිරා{1} - අස්ස කායෙන සංවුතො කායදුච්චරිතං හිත්වා - කායසුචරිතං චරෙ.
Sinhala BJT55. කයින් කුශලය කරන්නේයැ කයින් සංවෘත වන්නේ යැ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතයෙහි හැසිරෙන්නේ යි.
Pali BJTද්වීහි පඨමපදෙහි චතුත්ථෙන ච පදෙන අනුජානාති. කායදුච්චරිතං හිත්වා’ති තතියෙන පදෙන පටික්ඛිත්තන්ති. මහාවිභඞ්ගො අවිරතාපනාදො. [?]
Sinhala BJTප්‍රථම පාද දෙකින් ද සතරවැනි පාදයෙන් ද අනුඥා කෙරෙති, ‘කාදුච්චරිතං හිත්වා’ යන තුන් වැනි පාදයෙන් ප්‍රතික්‍ෂිප්ත යි.
Pali BJTතත්ථිමා උද්දානගාථා:
Sinhala BJTමේ එහි උද්දාන ගාථා යැ:
Pali BJT(1) සචෙ භායථ දුක්ඛස්ස - රූපෙ රාධ අතීතකෙ සීලවන්තෙන ආනන්ද - ධම්මො ඡත්තංව රක්ඛති.
Sinhala BJT“සචෙ භායථ දුක්ඛස්ස –පෙ– දුද්දසං අමතං පදං” යී උදාහෘත දේශනා සඳහන් කරන උද්දානගාථා පාළිවශයෙන් ම දතහෙන්නේ යි.
Pali BJT(2) සබ්බෙ ධම්මා අනත්තාති - හිමවන්තම්පි චාලයෙ න වො දුක්ඛා පමුත්ත්යත්ථි - සමථො ච විපස්සනා,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(3) කාමච්ඡන්දං උපාදාය - යො සො විතක්කෙහි ඛජ්ජති සුභාවිතත්තෙ බොජ්ඣඞ්ගෙ - සො ඉමං විජටයෙ ජටං.
Sinhala BJTSegment missing in this edition
Pali BJT(4) සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු - සමාධිං භික්ඛු භාවයෙ කාමං කාමයමානස්ස - ධම්මචරියාය සුග්ගතිං.
Sinhala BJTSegment missing in this edition
Pali BJT(5) හඤ්ඤතෙ සබ්බා මුච්චෙ ව - නිප්ඵොඨෙන්තා චතුද්දිසා යො කාමෙ පරිවජ්ජෙති - පාරිච්ඡත්තොපමෙන ච,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(6) යානි කරොති පුරිසො - ලොකධම්මා පකාසිතා සුඛො විපාකො පුඤ්ඤානං - තතියං අඤ්ඤං න විජ්ජති,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(7) ආදානස්ස භයං ඤත්වා - ජායති ජීයතීති ච කාමා හි චිත්රා මධුරා - අථ බාලිසිකොපමං,{2}
Sinhala BJTSegment missing in this edition
Pali BJT(8) න හි පාපං කතං කම්මං - අගතීහි ච ගච්ඡති, යස්සින්ද්රියානි සමථං ගතානි - තථෙව පඤ්චඤාණිකො.
Sinhala BJTSegment missing in this edition
Pali BJT(9) සත්තියා විය ඔමට්ඨො - විඤ්ඤාණං ච පතිට්ඨිතං; යො පාණමතිපාතෙති - තීණි දුච්චරිතානි ච,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(10) සට්ඨිවස්සසහස්සානි - ඛණං ලද්ධාන දුල්ලභං අයසාව මලං සමුට්ඨිතං - චතූසු පටිපජ්ජති,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(11) නෙලඞ්ගො සෙතපච්ඡාදො - අථ ගොපාලකූපමං සුඛො විවෙකො තුට්ඨස්ස - විතක්කා ච සුදෙසිතා,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(12) ඵෙණපිණ්ඩූපමං රූපං - බ්රහා උජු පතාපවා පඤ්ඤා හි සෙට්ඨා ලොකස්මිං - අනඤ්ඤා තීණි ඉන්ද්රියානි,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(13) කාමෙසු සත්තා කාමසඞ්ගසත්තා - අථ වණ්ණාරහස්ස ච සබ්බෙ ධම්මා අනත්තාති - අරියසච්චං ච දෙසිතං,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(14) එසොව මග්ගො නත්ථඤ්ඤො - සොතාපන්නොති බ්යාකරෙ යස්සින්ද්රියානි සුභාවිතානි - අථ ධම්මපදෙහි ච,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(15) වචසා මනසා චෙව - පඤ්චක්ඛන්ධා අනිච්චතො යානි කරොති පුරිසො - තීණි සුචරිතානි ච,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(16) රූපං වෙදයිතං සඤ්ඤා - පඤ්චක්ඛන්ධා පකාසිතා යෙ එවං පටිපජ්ජන්ති - බ්රහ්මචරියං ඵලානි ච,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(17) සබ්බපාපස්ස අකරණං - විමොක්ඛා තං හි දෙසිතා නත්ථි පුත්තසමං පෙමං - දෙවානං අසුරාන ච,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(18) යං පත්තං යෙ උභො අන්තෙ - නන්දති සොචතී’ති ච යෙ කෙචි භූතා භවිස්සන්ති - සත්ථාරා ච පකාසිතා
Sinhala BJTSegment missing in this edition
Pali BJT(19) යං ච කාමසුඛං ලොකෙ - බොජ්ඣඞ්ගා ච පකාසිතා මග්ගා’නට්ඨඞ්ගිකො සෙට්ඨො - තයො ච අග්ගපත්තියො
Sinhala BJTSegment missing in this edition
Pali BJT(20) කායෙන සංවරො සාධු - කරණීයං ච දෙසිතං නත්ථි පුත්තසමං පෙමං - අකරණීයානි ච දෙසිතා,
Sinhala BJTSegment missing in this edition
Pali BJT(21) කායෙන කුසලං කයිරා - විනයං ච කාමසුඛං ලොකෙ බොජ්ඣඞ්ගා ව සුදෙසිතා - දුද්දසං අමතං පදං.
Sinhala BJTSegment missing in this edition
Pali BJTපෙටකොපදෙසෙ සාසනපට්ඨානං නාම
Sinhala BJTපෙටකෝපදේසයෙහි සාසනපට්ඨාන නම් වූ
Pali BJTදුතියභූමි සමත්තා.
Sinhala BJTද්විතීය භූමි සමාප්ත යි.
Pali BJT3. තතිය භූමි - සුත්තාධිට්ඨාන
Sinhala BJT3. තෘතීය භූමි - සුත්තාධිට්ඨාන
Pali BJTතත්ථ කතමං සුත්තාධිට්ඨානං: ලොභාධිට්ඨානං, දොසාධිට්ඨානං, මොහාධිට්ඨානං, අලොභාධිට්ඨානං, අදොසාධිට්ඨානං, අමොහාධිට්ඨානං, කායකම්මාධිට්ඨානං, වාචාකම්මාධිට්ඨානං, මනොකම්මාධිට්ඨානං, සද්ධින්ද්රියාධිට්ඨානං, විරියින්ද්රියාධිට්ඨානං, සතින්ද්රියාධිට්ඨානං, සමාධින්ද්රියාධිට්ඨානං, පඤ්ඤින්ද්රියාධිට්ඨානං.
Sinhala BJTඑහි සුත්තාධිට්ඨාන කවරෙ යත් : 1. ලෝභාධිට්ඨාන යැ 2. දෝසාධිට්ඨාන යැ. 3. මෝහාධිට්ඨාන යැ 4. අලෝභාධිට්ඨාන යැ 5. අදෝසාධිට්ඨාන යැ 6. අමෝහධිට්ඨාන යැ 7. කායකම්මාධිට්ඨාන යැ 8. වාචාකම්මාධිට්ඨාන යැ. 9. මනෝකම්මා ධිට්ඨාන යැ. 10. සද්ධින්‍ද්‍රියාධිට්ඨාන යැ 11. විරියින්‍ද්‍රියාධිට්ඨාන යැ 12. සතින්‍ද්‍රියාධිට්ඨාන යැ 13. සමාධින්‍ද්‍රියාධිට්ඨාන යැ 14. පඤ්ඤින්‍ද්‍රියාධිට්ඨාන යි.
Pali BJT(1) තත්ථ කතමං ලොභාධිට්ඨානං:
Sinhala BJT(1) එහි ලෝභාධිට්ඨාන කවරැ :
Pali BJT1. විතක්කපමථිතස්ස{1} ජන්තුනො තිබ්බරාගස්ස සුභානුපස්සිනො, භිය්යො තණ්හා පවඩ්ඪති එස ඛො දළ්හං{2} කරොති බඣනං.
Sinhala BJT1. කාමාදි අකුශලවිතර්‍කයෙන් මැඩුණු දැඩි වූ කාමරාග ඇති අරමුණු ශුභවශයෙන් බලන සත්ත්‍වහට බෙහෙවින් තෘෂ්ණාව වැඩෙයි, තෙල පුද්ගල තෘෂ්ණාබන්‍ධනය දැඩි කරන්නේ යි.
Pali BJT‘විතක්කපමථිතස්සා’ති කාමරාගො. ‘සුභානුපස්සිනො’ති කාමවත්ථු. ‘හිය්යො තණ්හා පවඩ්ඪති’ති කාමතණ්හා. ‘එස දළ්හං කරොති බන්ධන’න්ති රාගං. ඉති යො යො ධම්මො මූලනික්ඛිත්තො, සො යෙවෙත්ථ ධම්මො උග්ගාහයිතබ්බො. [?] න භගවා එකං ධම්මං ආරබ්භ අඤ්ඤං ධම්මං දෙසෙති. යස්ස විතක්කෙති කාමවිතක්කො, තමෙව විතක්කං කාමවිතක්කෙන නිද්දිසීයති, ‘තිබ්බරාගස්සා’ති තස්සෙව විතක්කස්ස වත්ථුං නිද්දිසති ‘සුභානුපස්සිනො හිය්යො තණ්හා පවඩ්ඪතී’ති තමෙව රාගං කාමතණ්හාති නිද්දිසති. ‘එස දළ්හං කරොති බන්ධන’න්ති තමෙව තණ්හාසංයොජනං නිද්දිසති. එවං ගාථාසු අනුමිනිතබ්බං. එවං සවෙය්යාකරණෙසු.
Sinhala BJT‘විතක්කපමථිතස්ස’ යනු කාමරාග යැ, ‘සුභානුපස්සිනෝ’ යනු කාමවස්තු යැ. ‘භිය්‍යො තණ්හා පවඩ්ඪති’ යනු කාමතෘෂ්ණා යැ, එස දළ්හං කරෝති බන්‍ධනං’ යනු රාගය යි. මෙසේ යම් යම් ධර්‍මයෙක් මූලවශයෙන් තබන ලද ද (?) මෙහි ඒ ධර්‍මය මැ දැක්විය යුතු (?) බුදුහු එක් ධර්‍මයක් අරබයා අන් දහමක් නො දෙසනසේක. යමෙක් කාමවිතර්‍කය විතර්‍ක කෙරේ ද, ඒ විතර්‍කය මැ කාමවිතර්‍කවශයෙන් දක්වනු ලැබේ. ‘තිබ්බරාගස්ස’ යී ඒ විතර්‍කයාගේ මැ වස්තුව දක්වති. ‘සුභානුපස්සිනෝ භිය්‍යො තණ්හා පවඩ්ඪති’යි ඒ රාගය මැ ‘කාමතණ්හා’ යයි දක්වති. ‘එස දළ්හං කරෝති බන්‍ධනං’ යි ඒ තණ්හා සංයෝජනය මැ දක්වති. මෙසේ ගාථාවන්හි ද වෙය්‍යාකරණයන්හි ද ප්‍රමාණ කටයුතු.
Pali BJTතත්ථ භගවා එකං ධම්මං තිවිධං නිද්දිසති: නිස්සන්දතො හෙතුතො ඵලතො.
Sinhala BJTඑහි බුදුහු එක් ධර්‍මය අනුසස් හෙයින් ද හේතු හෙයින් ද ඵල හෙයින් දැයි ත්‍රිවිධ කොට දක්වන සේක.
Pali BJT2. දදං පියො හොති භජන්ති නං බහූ කිත්තිං ච පප්පොති යසො ච වඩ්ඪති, අමඞ්කුභූතො පරිසං විගාහති විසාරදො හොති නරො අමච්ඡරී.
Sinhala BJT2. නොමසුරු වූ මිනිස්තෙම දන් දෙනුයේ ප්‍රිය වූයේ වෙයි. බොහෝදෙන ඔහු ඇසුරු කෙරෙති, කීර්තියට ද පැමිණෙයි, ඔහුගේ යශස් වැඩෙයි, නො මකු වැ (තෙද ඇතිවැ) පිරිස් කරා පැමිණෙයි, විශාරද වූයේ වේ.
Pali BJT‘දද’න්ති යං යං දානං, ඉදං දානමයිකං පුඤ්ඤකිරියං{3}. තත්ථ හෙතු: යං වෙතං, ‘භජන්ති නං බහූ’ ‘කිත්ති’න්ති යො ච කල්යාණො කිත්තිසද්දො ලොකෙ අබ්භුග්ගච්ඡති, යං බහුකස්ස ජනස්ස පියො භවති මනාපො ච. යං ච අවිප්පටිසාරී කාලඞ්කරොති අයං නිස්සන්දො, යං කායස්ස භෙදා දෙවෙසු උප්පජ්ජතීති{4}. ඉදං ඵලං. ඉදං අලොභාධිට්ඨානං{5}.
Sinhala BJT‘දදං’ යනු යම් යම් දානයෙකි. මේ දානමය පුණ්‍යක්‍රියා යැ. එහි ‘භජන්ති නං බහූ’ යන යමක් ඇද්ද තෙල හේතු යැ. ‘කිත්තිං’ යනු යම් කල්‍යාණ කීර්තිශබ්දයෙක් ලොවැ උස්ව නැඟේ ද, බොහෝ දෙනාට ප්‍රිය මනාප වූයේ වේ ද විපිළිසර නැතිවැ කලුරිය කෙරේ ද, මේ අනුසසි, කය බිඳීමෙන් (මරණින් මතු) දෙව් ලොවැ උපදී යන මේ ඵල යි. මේ අලෝභාධිට්ඨාන යි.
Pali BJT(2) තත්ථ කතමං දොසාධිට්ඨානං:
Sinhala BJT(2) එහි දෝසාධිට්ඨාන කවරැ :
Pali BJT3. යො පාණමතිපාතෙති - මුසාවාදං ච භාසති, ලොකෙ අදින්නං ආදියති - පරදාරං ච ගච්ඡති, සුරාමෙරයපානං ච - යො නරො අනුයුඤ්ජතී.
Sinhala BJT3.4. (මේ ගාථා දෙක 4, 5, වැනි පිටේ ව්‍යාඛ්‍යාත යැ.)
Pali BJT4. අප්පහාය පඤ්ච වෙරානි - දුස්සීලො ඉති වුච්චති, කායස්ස භෙදා දුප්පඤ්ඤො - නිරයං සොපපජ්ජති.
Sinhala BJTSegment missing in this edition
Pali BJT‘යො පාණමතිපාතෙතී’ති දුට්ඨො පාණමතිපාතෙති. ‘මුසාවාදං ච භාසතී’ති දොසොපඝාතතාය මුසාවාදං ච භාසති. ‘සුරාමෙරයපානං ච යො නරො අනුයුඤ්ජතී’ති දොසො නිදානං. ‘යො ච සුරාමෙරයපානං අනුයුඤ්ජති. යථා පරදාරවිහාරී අමිත්තෙ ජනයති{2}.
Sinhala BJT‘යෝ පාණමතිපාතේති’ යනු දුෂ්ට වූයේ ප්‍රාණවධ කෙරෙයි, ‘මුසාවාද ව භාසති’ යනු ද්වේෂයෙන් උපහත බැවින් මුසවා බෙණෙයි, ‘සුරාමේරයපානං ච යො නරෝ අනුයුඤ්ජති’ යනු දෝසනිදාන යැ, යමෙක් රහමෙර පීමෙහි යෙදේ ද හේ පරදාරවිහරණ ඇත්තකු සෙයින් සතුරන් උපදවයි.
Pali BJT‘පඤ්ච වෙරානි අප්පහායා’ති පඤ්චන්නං සික්ඛාපදානං සමතික්කමනං, සබ්බෙසං දොසජානං සා පඤ්ඤත්ති{3}, තෙනෙව දොසජනිතෙන ‘කම්මෙන දුස්සීලො ඉති වුච්චති’ සො’පි ධම්මො හෙතුනා නිද්දිසිතබ්බො, නිස්සන්දෙන ඵලෙන ච.
Sinhala BJT‘පඤ්ච වේරානි අප්පහාය’ යනු පඤ්ච ශික්‍ෂාපදයන් ඉක්මැවීම යැ, සියලු දෝසජ අකුශලයන්ට ඒ ප්‍රඥප්ති යැ, එහෙයින් මැ ද්වේෂජනිත කර්‍මයෙන් දුශ්ශීලයෙකැ යි කියනු ලැබේ, ඒ ධර්‍මය ද හේතුයෙන් නිස්‍යන්‍දයෙන් හා ඵලයෙන් දැක්වියැ යුතු.
Pali BJT“තීණි බාලස්ස බාලලක්ඛණානි: දුබ්භාසිතභාසී ච හොති දුච්චින්තිත චින්තී ච දුක්කතකම්මකාරී ච” තත්ථ යං කායෙන ච වාචාය ච පරක්කමති, ඉදමස්ස දුක්කතකම්මකාරී, තත්ථ යං යථා ච මුසාවාදං භාසති, යථා පුබ්බනිද්දිට්ඨං, ඉදමස්ස දුබ්භාසිතා යං ච සඞ්කප්පෙති, මනොදුච්චරිතං බ්යාපාදං ඉදමස්ස දුච්චින්තිතචින්තිතා. යං සො ඉමෙහි තීහි බාලලක්ඛණෙහි සමන්නාගතො තීණි තජ්ජානි දුක්ඛානි දොමනස්සානි අනුභවති, සො ච හොති සභග්ගතො වා පරිසග්ගතො වා තජ්ජං කථං කථෙන්ති{4}. යදා භවති සො ච පාණාතිපාතාදි දසඅකුසලකම්මපථො, සො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙතී’ති.
Sinhala BJT‘බාලයාගේ බාලලක්‍ෂණයෝ තිදෙනෙක් වෙති : දුර්‍භාෂිත කියන්නේත්, දුශ්චින්තිත සිතන්නේත් දුෂ්කෘතකර්‍ම කරන්නේත් වෙයි. එහි කයින් ද වචනයෙන් ද යම් උත්සාහයෙක් ඇද්ද, මේ ඔහුගේ දුෂ්කෘතකර්‍මකාරී බව යැ. එහි යම්සේ යම් මුසාවාදයෙක් බෙණේ ද එය පළමු දක්වන ලද පරිදි යැ. මේ ඔහුගේ දුර්‍භාෂිතභාෂි බව යැ. යම් මනෝදුශ්චරිත වූ ව්‍යාපාදයක් සිතා ද, මේ ඔහුගේ දුශ්චින්තිත චින්තී බවයි. හේ මේ තුන් බාලලක්‍ෂණයෙන් සමන්‍විත වූයේ එයින් උපන් තුන් දුක් දොම්නස් විඳී. හේ සභාමැදට ගියේ හෝ පිරිස් මැදට ගියේ හෝ තදනුරූප වූ කථා බෙණෙයි, ඒ හේතුයෙන් ප්‍රාණ වධාදි දශ අකුශලකර්‍මපථ ඇති හෙතෙම දුක් දොම්නස් විඳී යයි.
Pali BJTපුන චපරං යදා පස්සති චොරං රාජාපරාධිකං රඤ්ඤා ගහිතං ජීවිතා වොරෙපෙන්තං, තස්සෙවං භවති ‘සචෙ මමම්පි රාජා ජානෙය්ය මමම්පි රාජා ගාහාපෙත්වා ජීවිතා වොරොපෙය්යා’ති සො තතොනිදානං දුඞ්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
Sinhala BJTයළිදු හෙතෙම යම්කලෙක රාජාපරාධ කළ, රජු විසින් ගන්නා ලද සොරකු දිවියෙන් තොර කරන්නහු දකී ද, එකල ඔහුට මේ සිත වෙයි : ඉදින් රජ මා ද දන්නේ නම් රජ මා ද ගන්වා දිවියෙන් තොරකරන්නේය’යි. හේ ඒ හේතුයෙන් දුක් දොම්නස් විඳී.
Pali BJTපුන චපරං බාලො යදා භවති ආසනා සමාරූළ්හො යාව යා මෙ ගති භවිස්සති ඉතො පෙච්ච පරම්මරණා’ති සො තතොනිදානං දුක්ඛං දොමනස්සා පටිසංවෙදෙති. ඉති බාලලක්ඛණං හෙතු, තීණි තජ්ජානි දුක්ඛානි නිස්සන්දො කායස්ස භෙදා නිරයෙසු උප්පජ්ජති, ඉදං ඵලං ඉදං දොසාධිට්ඨානං.
Sinhala BJTනැවත ද බාල තෙමේ යම් කලෙක අසුනක හුන්නේ වේ ද, එ කල්හි මෙයින් මියැ මරණින් මතු මට යම්බඳු ගතියක් වන්නේ දැයි සිතාද, හේ ඒ හේතුයෙන් දුක් දොම්නස් විඳී. මෙසේ බාලලක්‍ෂණය හේතු යැ, එයින් උපන් තුන්වැදෑරුම් දුක නිස්‍යන්‍ද යැ, කය බිඳීමෙන් මරණින් මතු නිරයෙහි උපදී. මේ ඵල යි. මේ දෝසාධිට්ඨාන යි.
Pali BJT(3) තත්ථ කතමං මොහාධිට්ඨානං:
Sinhala BJT(3) එහි මෝහාධිට්ඨාන කවරැ :
Pali BJT5. සතං චෙව සහස්සානං - කප්පානං සංසරිස්සති, අථවා’පි තතො භිය්යො - ගබ්භා ගබ්භං ගමිස්සථ.
Sinhala BJT5. කල්ප සියදහසක් සසර සැරිසරන්නේ යැ, නොහොත් එයින් වැඩියක් කල් ගර්‍භයෙන් ගර්‍භයට (මවුකුසින් මවුකුසට) යන්නේ ය.
Pali BJT6. අනුපාදාය බුද්ධවචනං - සඞ්ඛාරෙ අත්තතො උපාදාය, දුක්ඛස්සන්තං කරිස්සන්ති - ඨානමෙතං න විජ්ජති.
Sinhala BJT6. බුදුවදන් නොගෙන සංස්කාරයන් ආත්මවශයෙන් ගෙන දුක් කෙළවරකරන්නේය යන තෙල කරුණ නො වේ.
Pali BJTසො’යං අනමතග්ගසංසාරං සමාපන්නො ජායති ච මීයති ච{1}, අයං අවිජ්ජාහෙතුකා. යානි’පි ච සඞ්ඛාරානං පයොජකානි{2}, තානි’පි අවිජ්ජාපච්චයානි යං අදස්සානං බුද්ධවචනස්ස, අයං අවිජ්ජාසුත්තෙ යෙව නිද්දිට්ඨං. යො ච සඞ්ඛාරෙ අත්තතො හරති, පඤ්චක්ඛන්ධෙ පඤ්ච දිට්ඨියො උපගච්ඡති: ‘එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා’ති, ඉදං සුත්තං අවිජ්ජාය නික්ඛිත්තං අවිජ්ජාය නික්ඛිපිතං. එවං සත්ථා සුත්තෙ නයෙන ධම්මෙන නිද්දිසති” අසාධාරණෙන තංයෙව තත්ථ නිද්දිසිතබ්බං. න අඤ්ඤං.
Sinhala BJTඅනවරාග්‍ර සංසාරයට සමාපන්නවූ මේ පුද්ගල උපදයෙන් ද මියන්නේ ද වෙයි. මේ අවිද්‍යා හේතුක යැ, සංස්කාරයන්ගේ යම් යෙදීම් කෙනෙක් ඇද්ද ඔහුදු අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහුය, බුද්ධවචනයාගේ යම් නො දැනීමෙක් ඇද්ද මේ අවිජ්ජාසූත්‍රයෙහි මැ දක්වනලද. යමෙකුත් සංස්කාරයන් ආත්මවශයෙන් ගනී ද හේ පඤ්චස්කන්‍ධයෙහි ‘තෙල මාගේ යැ තෙලෙ මම් වෙමි තෙලෙ මාගේ ආත්ම වේ’ යයි පඤ්ච දෘෂ්ටීන්ට පැමිණේ. මේ සූත්‍රය අවිද්‍යායෙහි ලා වදාරනලද, මෙසේ බුදුහු සූත්‍රයෙහි අසාධාරණ වූ දහම් නයින් දක්වන සේක. එය මැ එහි දැක්විය යුතු යැ, අනෙකක් නොදැක්විය යුතු.
Pali BJT“යෙහි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛං’න්ති නප්පජානන්ති” (චත්තාරි සච්චානි විත්ථාරෙන.) යා තත්ථ අප්පජානනා, ඉදං දුක්ඛං. අයං හෙතු. අප්පජානන්තො විවිධෙ සඞ්ඛාරෙ අභිසඞ්ඛරොති, අයං නිස්සන්දො. යං ව දිට්ඨිගතානි පරාමසති, ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති අයං නිස්සන්දො. යං පුනබ්භවං නිබ්බත්තෙති, ඉදං ඵලං. අයම්පි ධම්මො නිද්දිට්ඨො {3}, හෙතුතො ච නිස්සන්දතො ච ඵලතො ච.
Sinhala BJT‘මහණෙනි, යම් කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ ‘මේ දුකැ’යි නොදනිත් ද, (සිවුසස් විස්තරයෙන්) එහි යම් නො දැනීමක් ඇද්ද, මේ දුක යැ, මේ හේතු යි. නොදන්නේ විවිධ සංස්කාරයන් රැස්කෙරෙයි. මේ නිස්සන්‍ද’ යැ. මෙය මැ සැබව අන්‍යය සිස් යැ’යි යම් දෘෂ්ටියක් පරාමර්‍ශ කෙරේ ද මේ නිස්සන්‍ද යැ, යම් පුනර්‍භවයක් උපදවා ද, මේ ඵල යි. මේ ධර්‍මය ද හේතුවශයෙනුදු නිස්සන්‍දවශයෙනුදු ඵලවශයෙනුදු දක්වන ලද.
Pali BJTඑත්ථ පන කෙචි ධම්මා සාධාරණා භවන්ති. හෙතු ඛලු ආදිතො යෙව සුත්තෙ නික්ඛිපිස්සන්ති. යථා කිං භවෙ: “චත්තාරි’මානි භික්ඛවෙ අගතිගමනානි” තත්ථ යං ච ඡන්දාගතිං ගච්ඡති. යං ච භයාගතිං ගච්ඡති, අයං ලොභො අකුසලමූලං, යං දොසා - අයං දොසො යෙව. යං මොහා - අයං මොහො යෙව. එවං ඉමානි තීණි අකුසලමූලානි ආදිතො යෙව උපපරික්ඛිතබ්බානි, යත්ථ එකං නිද්දිසිතබ්බං, තත්ථ එකං නිද්දිසීයති. තථා ද්වෙ, තථා තීණි{4}, න හි ආදිම්හි{5} අනික්ඛිත්තෙ හෙතු වා නිස්සන්දො වා ඵලං වා නිද්දිසිතබ්බං. අයං චෙත්ථ ගාථා:
Sinhala BJTමෙහි වැලිත් කිසි ධර්‍මකෙනෙක් සාධාරණ වෙති, හේතුව වනාහි ආදියෙහි ම සූත්‍රයෙහි නික්‍ෂේප කෙරෙති, කුමක් මෙන් ද යත් : “මහණෙනි, මේ අගති ගමනයෝ සතර දෙනෙක් වෙති”. එහි යම් ඡන්‍දයෙන් අගතියට යෑමෙක් ඇද්ද භයින් අගතියට යෑමෙක් ඇද්ද, මේ ලෝභඅකුශලමූල යැ. යම් ද්වේෂයෙන් අගතිගමනෙක් ඇද්ද මේ දෝස අකුසල මූල යැ, යම් මෝහයෙන් අගතිගමනෙක් ඇද්ද මේ මෝහඅකුසලමූලය මැය. මෙසේ මේ තුන් අකුශලමූලයෝ ආදියෙහි මැ විමසියැ යුත්තාහ. යම් තැනෙක එකක් දැක්විය යුතු ද, එහි එකෙක් දක්වනු ලැබේ. දෙකක් තුනක් දැක්විය යුතු තැන ද එසේ යැ. ආදියෙහි නො දැක්වූ කල්හි හේතුව හෝ නිස්සන්‍දය හෝ ඵලය හෝ නො මැ දැක්වියයුතු. මේ මෙහි ගාථා යැ.
Pali BJT7. ඡන්දා දෙසා භයා මොහා - යො ධම්මං අතිවත්තති නිහීයති තස්ස යසො - කාළපක්ඛෙව චන්දිමා.
Sinhala BJT7. ඡන්‍දහේතුයෙනුදු ද්වේෂහේතුයෙනුදු භයහේතුයෙනුදු මෝහහේතුයෙනුදු යමෙක් දහම් ඉක්මැයේ නම් ඔහුගේ කීර්ති-පරිවාරයශස් අවපස සඳ මෙන් පිරිහේ.
Pali BJTතත්ථ ඡන්දා ච, අයං ලොභො යථානිද්දිට්ඨං පුබ්බෙ. ඉදං මොහාධිට්ඨානං.
Sinhala BJTඑහි ඡන්‍දහේතුයෙනුදු ... මේ ලෝභ යැ. පෙර දැක්වූ පරිදි යැ. මේ මෝහාධිට්ඨාන යි.
Pali BJT(4) තත්ථ කතමං අලොභාධිට්ඨානං:
Sinhala BJT(4) එහි අලෝභාධිට්ඨාන කවරැ :
Pali BJT8. අසුභානුපස්සිං විහරන්තං - ඉන්ද්රියෙසු සුසංවුතං, භොජනම්හි ච මත්තඤ්ඤං - සද්ධං ආරද්ධවීරියං, තං වෙ නප්පසති මාරො - වාතො සෙලං’ව පබ්බතන්ති.
Sinhala BJT8. උද්ධුමාතකාදි අශුභයක් අනුව බලමින් වසන ඉඳුරන් කෙරෙහි මැනැවින් සංවර වූ භෝජනයෙහි පමණ දන්නා ශුද්ධා ඇති සතර ඉරියව්වෙහි වඩන ලද වීර්‍ය්‍ය ඇති ඒ පුද්ගලයා වාතය හුදු සෙල්පව්වක් සෙයින් ක්ලේශමාර තෙමේ ඒකාන්තයෙන් මැඩලියැ නොහේ යයි.
Pali BJTතත්ථ යා අසුභාය උපපරික්ඛා, අයං කාමෙසු ආදීනවදස්සනෙන පරිච්චාගො ඉන්ද්රියෙසු සුසංවුතො තස්සෙව අලොභස්ස පාරිපූරියං මම ආයතනා සොභන්තී’ති{1} අනුපාදාය, භොජනම්හි ච මත්තඤ්ඤූ’න්ති රසතණ්හාපහානං, ඉති අයං අලොභො අසුභානුපස්සිතාය වත්ථුතො ධාරයති, සො අලොභො හෙතු. ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය ගොචරතො ධාරයති, භොජනෙ මත්තඤ්ඤුතාය පරතො ධාරයති, අයං නිස්සන්දො. ‘තං වෙ නප්පසහති මාරො වාතො සෙලං ව පබ්බත’න්ති ඉදං ඵලං. ඉති යොයෙව ධම්මො ආදිම්හි නික්ඛිත්තො, සොයෙව මජ්ඣෙ චෙව අවසානෙ ච.
Sinhala BJTඑහි අශුභය පිළිබඳ යම් උපපරීක්‍ෂායෙක් වේ ද මේ කාමයන්හි ආදීනව දැකීමෙන් හැරැපීම යැ, ඉන්‍ද්‍රියයන්හි සුසංවෘත වූයේ ඒ අලෝභයාගේ මැ පිරීමෙහි ලා මාගේ ආයතනයෝ හොබනාහ’ යි නොගෙන, භෝජනම්හි ච මත්තඤ්ඤුං’ යනු රසතෘශ්ණාප්‍රහාණය යැ. මෙසේ මේ අලෝභය අශුභානුදර්ශීභාවයෙන් වස්තුවශයෙන් ධරයි, ඒ අලෝභය හේතු යැ : ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති බැවින් ගෝවරගෙයින් ධරයි, භෝජනයෙහි පමණ දන්නා බැවින් පරභාවයෙන් ධරයි, මේ නිස්සන්‍ද යැ, “තං චෙ නප්පසහති මාරො වාතො සෙලංව පබ්බත” යන මේ ඵල යි. මෙසේ යම් මැ ධර්‍මයෙක් ආදියෙහි නික්‍ෂේප කරන ලද ද ඒ ධර්‍මය මැ මධ්‍යයෙහි ද අවසානයෙහි ද නික්‍ෂේප කරන ලදි.
Pali BJT“නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, අසමුප්පන්නස්ස කාමච්ඡන්දස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා පහානාය. යථයිදං අසුභනිමිත්තං. “තත්ථ අසුභ නිමිත්තං අනුප්පන්නො වෙව කාමච්ඡන්දො න උප්පජ්ජති, උප්පන්නො ච කාමච්ඡන්දො පහීයති. ඉදං අලොභස්ස වත්ථු. යං පුන අනුප්පන්නො කාමරාගො පරියාදියති රූපරාගං අරූපරාගං, ඉති ඵලං. ඉති අයම්පි ච ධම්මො නිද්දිට්ඨො හෙතුතො ච නිස්සන්දතො ච ඵලතො ච. ඉදං අලොභාධිට්ඨානං.
Sinhala BJT“මහණෙනි, මම නූපන් කාමච්ඡන්‍දයාගේ නො ඉපදීම පිණිස හෝ උපන් කාමච්ඡනයාගේ ප්‍රහාණය පිණිස හෝ මේ අශුභ නිමිත්ත යම් බඳු ද එබඳු වූ අන් එක දහමකුදු නො දක්මි.” එහි අශුභනිමිත්ත (හේතුයෙන්) නූපන් කාමච්ඡන්‍දයත් නූපදී, උපන් කාමච්ඡන්‍දයත් ප්‍රහීණ වෙයි. මේ අලෝභයට වස්තු යැ. යළි යම් හෙයකින් නූපන් කාමරාග තෙමේ රූපරාගය අරූපරාගය මැඩගනී’ යනු ඵල යි. මෙසේ මේ ධර්‍මය ද හේතුවශයෙන් ද නිස්සන්‍දවශයෙන් ද එලවශයෙන් ද දක්වන ලදි. මේ අලෝභාධිට්ඨාන යි.
Pali BJT(5) තත්ථ කතමං අදොසාධිට්ඨානං:
Sinhala BJT(5) එහි අදෝසාධිට්ඨාන කවරැ :
Pali BJT9. එකම්පි චෙ පාණමදුට්ඨචිත්තො මෙත්තායති කුසලො තෙන හොති, සබ්බෙ ච පාණෙ මනසා’නුකම්පං පහූතමරියො පකරොති පුඤ්ඤං.
Sinhala BJT9. ඉදින් ව්‍යාපාදයෙන් අදූෂිත සිත් ඇතියේ එක් ප්‍රාණියකුට පවා මෙත් වඩා ද, ඒ මෙත් වැඩීමෙන් මහත් කුසල් ඇතියේ වෙයි. සියලු ප්‍රාණීන් ට සිතින් අනුකම්පා කරන ආර්‍ය්‍ය (පිරිසුදු සිත් ඇති) පුද්ගල බොහෝ පින් උපදවයි.
Pali BJT“එකම්පි චෙ පාණමදුට්ඨචිත්තො මෙත්තායතී”ති අයං අදොසො නිග්ඝාතෙන අස්සාදො, ‘කුසලො තෙන හොතී’ති තෙන කුසලෙන ධම්මෙන සංයුත්තො ධම්මපඤ්ඤත්තිං ගච්ඡති. ‘කුසලොති යථා පඤ්ඤාය පඤ්ඤො පණ්ඩිච්චෙන පණ්ඩීකො. ‘පහූතමරියො පකරොති පුඤ්ඤ’න්ති තස්සා යෙව විපාකො, අයං ලොකියස්ස, න හි ලොකුත්තරස්ස තත්ථ යා මෙත්තායනා, අයං හෙතු යං කුසලො භවති, අයං නිස්සන්දො. යාව අබ්යාපජ්ජභූමියං{2}. බහුං පුඤ්ඤං{3} පසවති, ඉදං ඵලං. ඉති අදොසො නිද්දිට්ඨො හෙතුතො ච නිස්සන්දතො ච ඵලතො ච.
Sinhala BJT‘ඒකම්පි චෙ පාණමදුට්ඨචිත්තෝ මෙත්තායති’ යනු මේ අදෝස යැ, ද්වේෂ ප්‍රහාණයෙන් ආස්වාදය වේ. ‘කුසලො තෙන හොති’ යනු ඒ කුශලධර්‍මයෙන් යුක්ත වූයේ ධර්‍ම ප්‍රඳප්තියට යෙයි, ‘කුසලො’ යනු යම්සේ ප්‍රඥායෙන් ප්‍රාඥ වූයේ පාණ්ඩිත්‍යයෙන් පණ්ඩිත වූයේ ද එමෙනි. ‘පහූතමරියො පකරෝති පුඤ්ඤං’ යනු ඒ මෙත්තාවගේ මැ විපාක යැ. මේ ලෞකික කුශලයාගේ යැ. ලෝකෝත්තරකුශලයාගේ නොමැ වෙයි. එහි යම් මෙත් වැඩීමෙක් ඇද්ද මේ හේතු යැ. යම් කුසල්ඇතියේ වේ ද, මේ නිස්සන්‍ද යැ. යම්තාක් අව්‍යාපාද භූමියෙහි සිට බොහෝ පින් උපදවා ද, මේ ඵල යි. මෙසේ හේතු වශයෙන් ද නිස්සන්‍ද වශයෙන් ද ඵලවශයෙන් ද අදෝසය දක්වන ලදි.
Pali BJT“එකාදසානිසංසා මෙත්තාය චෙතොවිමුත්තියා” තත්ථ යා මෙත්තාචෙතොවිමුත්ති, අයං අරියධම්මෙසු රාගවිරාගා චෙතොවිමුත්ති, ලොකිකාය භූමිකා හෙතු, යං සුඛං ආයතිං මනාපො හොති මනුස්සානං ඉමෙ එකාදස ධම්මා නිස්සන්දො, යං ච අකතාවී බ්රහ්මකායෙ උප්පජ්ජති{4} ඉදං ඵලං, ඉදං අදොසාධිට්ඨානං.
Sinhala BJT‘මෙත්තාචේතෝවිමුත්තියෙහි එකොළොස් අනුසස් කෙනෙක් වෙති’. එහි යම් මෙත්තාචේතෝවිමුක්තියක් ඇද්ද මේ ආර්‍ය්‍ය ධර්‍මයන් කෙරෙහි රාගවිරාගචේතෝවිමුත්ති යැ. ලෞකිකභූමියෙහි වූවා හේතු යැ. යම් සුවයෙක් වේ ද මතුයෙහි මිනිසුන්ට මනාප වේ ද, මේ එකොළොස් ධර්‍මයෝ නිස්සන්‍ද යැ. යම් මාර්‍ගයෙන් කළ කිස නැතියේ බඹලොවැ උපදී ද, මේ ඵල යි. මේ අදෝසාධිට්ඨාන යි.
Pali BJT(6) තත්ථ කතමං අමොහාධිට්ඨානං:
Sinhala BJT(6) එහි අමෝහාධිට්ඨාන කවරැ :
Pali BJT10. පඤ්ඤා භි සෙට්ඨා ලොකස්මිං - යා’යං නිබ්බෙධගාමිනී, යාය සම්මා පජානාති - ජාතිමරණසඞ්ඛයං{1}.
Sinhala BJT10. යම් ප්‍රඥාවක් නිර්වේදගාමිනී වේද, යම් ප්‍රඥාවකින් ජාතිමරණයන්ගේ ක්‍ෂය වීම් සංඛ්‍යාත නිවන මැනැවින් ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, ඒ විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥාව මැ ලොවැ ශ්‍රේෂ්ඨ වන්නී යැ.
Pali BJT‘පඤ්ඤා හි සෙට්ඨා’ති වත්ථුං, ‘නිබ්බෙධගාමිනී’ති නිබ්බානගාමිනියං යථාභූතං පටිවිජ්ඣති. ‘සම්මා පජානාති ජාතිමරණසඞ්ඛය’න්ති අමොහො ‘පඤ්ඤා’ති හෙතු, යං පජානාති අයං නිස්සන්දො, යො ජාතිමරණසඞ්ඛයො, ඉදං ඵලං. ඉති අමොහො නිද්දිට්ඨො හෙතුනා ච නිස්සන්දෙන ච ඵලෙන ච.
Sinhala BJT“පඤ්ඤා හි සෙට්ඨා” යනු වස්තු යැ. “නිබ්බේධගාමිනි” යනු නිර්‍වාණගාමිනී මාර්‍ගය යථාභූත වැ ප්‍රතිවේධ කෙරෙයි. “සම්මා පජානාති ජාතිමරණ සංඛයං යනු අමෝහ යැ. “පඤ්ඤා” යනු හේතු යැ. යමක් දැන ගනී ද මේ නිස්සන්‍ද යැ. යම් ජාතිමරණයන්ගේ ක්‍ෂය වීමෙක් ඇද්ද මේ ඵල යි. මෙසේ හේතුයෙන් ද නිස්සන්‍දයෙන් ද ඵලයෙන් ද අමෝහය දක්වන ලද්දේයි.
Pali BJTතීණි’මානි භික්ඛවෙ ඉන්ද්රියානි: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං අඤ්ඤින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියං, තත්ථ කතමං අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං: ඉධ භික්ඛවෙ භික්ඛු අනභිසමෙතස්ස දුක්ඛස්ස අරියසච්චස්ස අභිසමාය ඡන්දං ජනෙති වායමති විරියං{2}. ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. (එවං චතුන්නං අරියසච්චානං කාතබ්බං.) තත්ථ කතමං අඤ්ඤින්ද්රියං: ඉධ භික්ඛවෙ භික්ඛු ‘ඉදං දුක්ඛං අරියසච්ච’න්ති යථාභූතං පජානාති, (යාව ධම්මා,) ඉදං අඤ්ඤින්ද්රියං. ආසවක්ඛයා අනාසවො හොති, ඉදං වුච්චති අඤ්ඤාතාවින්ද්රියං. තථා’යං පඤ්ඤා, අයං හෙතු. යං ඡන්දං ජනෙති වායමති, යා පජානාති, අයං නිස්සන්දො. යෙන සබ්බසො ආසවානං ඛයො අයං හෙතු{3}, යං ඛයෙ ඤාණමුප්පජ්ජති අනුප්පාදෙ ඤාණං ච අයං නිස්සන්දො, යං අරහත්තං, ඉදං ඵලං. තත්ථ ‘ඛීණා මෙ ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීය’න්ති, ඉදං ඛයෙ ඤාණං. ‘නාපරං ඉත්ථත්තායාති පජානාති’ති ඉදං අනුප්පාදෙ ඤාණං. ඉති ඉමානි ඉන්ද්රියානි. අමොහො නිද්දිට්ඨො හෙතුනා ච නිස්සන්දෙන ච ඵලෙන ච. ඉමානි අසාධාරණානි නිද්දිට්ඨානි.
Sinhala BJT“මහණෙනි මේ ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. එහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කවරැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ අවබෝධ නොකළ දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ අභිසමය පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යයාරම්භ කෙරෙයි, සිත දැඩිව ගනී, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. (මෙසේ සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ විස්තරය කළ යුතු.) එහි අඤ්ඤින්‍ද්‍රිය කවරැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙ දුඃඛාර්‍ය්‍යසත්‍යයයි යථාභූතව දැනගනී. (මෙහි පාළිය) මේ අඤ්ඤින්‍ද්‍රිය යැ, ආස්‍රවක්‍ෂය වීමෙන් අනාස්‍රව වෙයි. මේ අඤ්ඤාතාවින්‍ද්‍රිය යී කියනු ලැබේ. මේ ප්‍රඥාව එබඳු යි. මේ හේතු යැ. යම් ඡන්‍දයක් උපදවා ද වෑයම් කෙරේ ද යමක් දැනගනී ද මේ නිස්සන්‍ද යැ. යමකින් සර්‍වප්‍රකාරයෙන් ආස්‍රවයන්ගේ ක්‍ෂය වේ ද, මේ හේතු යි. යම් ක්‍ෂයඥානයකුත් අනුත්පාදඥානයකුත් උපදී ද, මේ නිස්සන්‍දයැ, යම් රහත් බවක් වේද මේ ඵලයි. එහි මාගේ ජාතිය ක්‍ෂය වූයැ. මහබඹසර වැස නිමවන ලද, සිවුමඟින් කළයුතු කිස කරන ලදැ’යි යන මේ ක්‍ෂයඥාන යැ. මේ බැව් සඳහා අන් කටයුත්තෙක් නැතැයි දැනගනී’ යන මෙය අනුත්පාදඥාන යි. මෙසේ මේ ඉන්‍ද්‍රියයෝ වෙති. හේතුයෙන් ද නිස්සන්‍දයෙන් ද ඵලයෙන් ද අමෝහය දක්වන ලදි. මේ අසාධාරණ ඥානයෝ දක්වන ලද්දාහු යි.
Pali BJTතත්ථ කතමානි කුසලමූලානි සාධාරණානි:
Sinhala BJTඑහි සාධාරණ කුශලමූලයෝ කවරහ :
Pali BJT“කුසලං ච වො භික්ඛවෙ දෙසෙස්සාමි කුසලමූලං චෙව. තත්ථ කතමං කුසලමූලං: අලොභො අදොසො අමොහො. තත්ථ කතමං කුසලං: අට්ඨ සම්මත්තානි, සම්මාදිට්ඨි යාව සම්මාසමාධි. තත්ථ යානි කුසලමූලානි, අයං හෙතු. යං ච අලොභො තීණි කම්මානි සමුට්ඨාපෙති: සඞ්කප්පං වායාමං සමාධිං ච. අයං අලොභස්ස නිස්සන්දො. තත්ථ යො අදොසො, අයං හෙතු. යං තයො ධම්මෙ පට්ඨපෙති: සම්මාවාචං සම්මාකම්මන්තං සම්මාආජීවං ච, අයං නිස්සන්දො. තත්ථ යො අමොහො හෙතු, යං ද්වෙ ධම්මෙ උපට්ඨපෙති: අවිපරීතදස්සනම්පි ච අනභිලාපනං, අයං නිස්සන්දො. ඉමස්ස බ්රහ්මචරියස්ස යං ඵලං තා ද්වෙ විමුත්තියො: රාගවිරාගා චෙතොවිමුත්ති අවිජ්ජාවිරාගා ච පඤ්ඤාවිමුත්ති, ඉදං ඵලං. ඉති ඉමානි තීණි කුසලමූලානි නිද්දිට්ඨානි හෙතුතො ච නිස්සන්දතො ච ඵලතො ච, එවං සාධාරණානි කුසලානි පටිවිජ්ඣිතබ්බානි.
Sinhala BJT“මහණෙනි, තොපට කුශලය ද කුශලමූලය ද දෙසන්නෙමි, එහි කුශලමූලය කවරැ : අලෝභය අදෝසය අමෝහ යි. එහි කුශලය කවරැ : අෂ්ට සම්‍යක්ත්‍වයෝ යැ. සම්මා දිට්ඨිය පටන් සම්මාසමාධිය දක්වා යි. එහි යම් කුශලමූලයෝ වෙත් ද මේ හේතු යැ. අලෝභය සංකප්ප වායාම සමාධි යන තුන් කර්‍මයන් උපදවයි. මේ අලෝහයාගේ නිස්සන්‍දයැ, එහි යම් අදෝසයෙක් වේ ද මේ හේතු යැ. යම් සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව ද යන තුන් ධර්‍මයන් පිහිටුවා ද මේ නිස්සන්‍ද යැ. එහි යම් අමෝහ හේතුයෙක් ඇද්ද එය අවිපරීතදර්‍ශනය ද අනභිලාපය ද යන දෙ දහමුන් එළවයි. මේ නිස්සන්‍ද යැ. මේ බ්‍රහ්මචර්‍ය්‍යයාගේ යම් ඵලයෙක් වේ ද එය රාගවිරාග චේතෝ විමුක්තිය අවිජ්ජාවිරාග පඤ්ඤවිමුක්තිය ද යන විමුක්තීහු දෙදෙන යැ මේ ඵල යි. මෙසේ මේ තුන් කුශලමූලයෝ හේතුහේයින් ද නිස්සන්‍ද හෙයින් ද එලහෙයින් ද දක්වන ලද්දාහු ය. මෙසේ සාධාරණ කුශලයෝ දතයුත්තාහු යි.
Pali BJTයත්ථ දුවෙ යත්ථ තීණි, අයං චෙත්ථ ගාථා:
Sinhala BJTයත්‍ථ දුවෙ යත්‍ථ තීණි (?) මෙහි මේ ගාථාව ද වෙයි.
Pali BJT11. තුලමතුලං ච සම්භවං - භවසඞ්ඛාරමවස්සජි මුනි, අජ්ඣත්තරතො සමාහිතො - අභිදා{1} කවචමිවත්තසම්භවන්ති.
Sinhala BJT11. බුද්ධ මුනිහු කාමාවචර කර්‍මය ද (අතුලවූ) මහද්ගත කර්‍මය ද නොහොත් කාමාවචර රූපාවචර කර්‍මය හා අරූපාවචර කර්‍මය ද ඒ භවහේතුක කර්‍ම රැස්කරන පුනර්‍භව සංස්කාරය ද දුරුකළහ. (නොහොත් අතුල වූ නිවන ද භවය ද තුලනය කරමින් ස්කන්‍ධමූල වූ භවසංස්කාරය ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් දුරුකළහ.) විදර්‍ශනා වශයෙන් අධය්‍යාත්මයෙහි ඇලුණාහු උපචාර අර්‍පණා සමාධීන් සමාහිත ව (යුද්ධශීර්‍ෂයෙහි මහා යෝධයෙක්) සන්නාහය මෙන් ආත්ම සම්භව වූ සියලු ක්ලේශජාතය බිඳ ලූහ’ යි.
Pali BJT‘තුලමතුලං ච සම්භව’න්ති තුලසඞ්ඛතං අතුලසඞ්ඛතං’ තත්ථ යෙ සඞ්ඛතා තුලං, තෙ ද්වෙ ධම්මා: අස්සාදො ච ආදීනවො ච තුලිතා භවන්ති එත්තකො කාමෙසු අස්සාදො එත්තකො ආදීනවො ඉමස්ස, ඉදං නිස්සරණන්ති ඉති නිබ්බානං පජානාති.
Sinhala BJTතුලමතුලං ච සම්භවං යනු තුල සංඛ්‍යාත ද අතුල සංඛ්‍යාත ද ධර්‍ම ය, එහි යම් සංඛත ධර්‍මයෝ තුල වෙත් ද, ඔහු ධර්‍මයෝ දෙදෙනෙකි : අස්සාදය ද ආදීනවය ද තුලිත වූවාහු වෙති. කාමයන්හි ආස්වාදය මෙතෙකැ මොහුගේ ආදීනවය මෙතෙකැයි මේ නිස්සරණ යයි මෙසේ නිවන දැනගනී.
Pali BJTද්වීහි කාරණෙහි අතුලං න ච සක්කා තුලයිතුං, එත්තකං එතං නෙතං පරමත්ථිති තෙන අතුලං, අථ නිබ්බානං රතනන්ති{2} කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො. යං තත්ථ ඤාතා ඔසිරණා [?] භවසඞ්ඛාරානං. අයං අලොභො, යං ‘අජ්ඣත්තරතො සමාහිතො’ති වික්ඛෙපපටිසංහරණං.{3} අයං අදොසො. ඉති ඉමානි තීණි කුසලමූලානි, තුලමතුලං සබ්භව’න්ති අයං අමොහො. යො භවසඞ්ඛාරාණං සමොසරණං ලොභො, සම්මාසමාධීනං අස්සාදො, අයං හෙතු. යං අජ්ඣත්තරතො අවිජ්ජණ්ඩකොසස්ස{4} සම්භෙදො, අයං නිස්සන්දො සා පවත්ති. ඉමානි තීණි නිද්දිට්ඨානි කුසලමූලානි හෙතුතො ච නිස්සන්දතො ච ඵලතො ච.
Sinhala BJTදෙ ආකාරයෙකින් අතුල යැ, තෙල මෙතෙකැ යි තුලනය කරන්නට නො ද හැකි යැ. මෙයට අධික වූවක් නැත් නුයි එකරුණෙන් අතුල යැ, නිවන රත්න යැයි කොට ආශ්චර්‍ය්‍ය භාවයෙන් අතුල යි. එහි කුසලයාගේ ඉපැදීමෙන් දැනීමක් නුවණින් දැකීමක් ඇද්ද, මේ අමෝහ යැ. එහි භවසංස්කාරයන්ගේ දැනීමෙන් දුරැලීමෙක් ඇද්ද, මේ අලෝභ යැ. “අජ්ඣත්තරතො සමාහිතො”යී වික්‍ෂේපය දුරුකිරීමෙක් ඇද්ද මේ අදෝස යි. මෙසේ මේ තුන් කුශලමූලයෝ වෙති. ‘තුලමතුලොං සම්භවං’ යන මේ අමෝහ යැ. භවසංස්කාරයන්ගේ සමෝසරණය ඇති යම් ලෝභයෙක් ඇද්ද, සම්‍යක් සමාධීන්ගේ යම් ආස්වාදයෙක් ඇද්ද මේ හේතු යැ, ආධ්‍යාත්මයෙහි ඇලුණේ අවිද්‍යා අණ්ඩකෝෂයාගේ යම් බිඳීමෙක් ඇද්ද මේ නිස්සන්‍ද යැ. ඒ ප්‍රතිපත්ති යැ. මේ තුන් කුශලමූලයෝ හේතුවශයෙන් ද නිස්සන්‍දවශයෙන් ද එලවශයෙන් ද දක්වන ලද්දාහු යි.
Pali BJTඑත්තාවතා එසා පවත්ති ච නිවත්ති ච, අකුසලමූලෙහි පවත්තති, කුසලමූලෙහි නිවත්තතීති ඉමෙහි ච තීහි සබ්බං අකුසලං{5} සමොසරණං ගච්ඡති සො ධම්මෙ වා වචනතො නිද්දිට්ඨො [?] තණ්හාති වා කොධොති වා අසම්පජඤ්ඤන්ති වා අනුසයොති වා මක්ඛොති වා පළාසොති වා අසතීති වා{6} ඉස්සාති වා මච්ඡරියන්ති වා අඤ්ඤාණන්ති වා, තෙභි යෙ ච වත්ථූහි නිද්දිසිතබ්බං. යස්සිමානි ද්වෙ වචනානි ධම්මපදානි නිද්දිට්ඨානි න සො අත්ථි කිලෙසො යො ඉමෙසු නවසු පදෙසු සමොධානං සමොසරණං ගච්ඡති, අයං කිලෙසො. න ච ලොභො න ච දොසො න ච මොහො. යථා අකුසලමූලානි, එවං කුසලානි පටික්ඛෙපෙන නිද්දිසිතබ්බානි. ඉදං අමොහාධිට්ඨානං.
Sinhala BJTමෙතෙකින් මේ ප්‍රවෘත්තිය ද නිවෘත්තිය ද වෙයි, අකුශලමූලයන්ගෙන් ප්‍රවෘත්තිය ද කුශලමූලයන්ගෙන් නිවෘත්තිය ද වේ නුයි මේ තුනෙන් සියලු අකුශලය එක්වීමට යෙයි. හෙ ද ධර්‍මයෙහි වචනයෙන් දක්වන ලද (?) තණ්හා යයි හෝ ක්‍රෝධ යැ අසම්පජඤ්ඤයැ මක්ඛ යැ පළාස යැ අසති යැ ඉස්සා යැ මච්ඡරිය යැ අඤ්ඤාණ යැයි හෝ යමක් ඒ වස්තූන් ගෙන් දැක්විය යුතු ද,ධම්මපද වූ යම් (පවත්ති - නිවුත්ති) යන වචන දෙකක් දක්වන ලද්දාහු ද, යම් ක්ලේශයෙක් තණ්හා ආදි මේ නව පදයන්හි සමෝධානයට, සමෝසරණයට නොයේ එබඳු ක්ලේශයෙක් නැත. මේ ක්ලේශ යි. ලෝභය ද දෝසය ද මෝහය ද නො වේ. (? මේ වාක්‍යය, මුළුල්ල ව්‍යාකුල යි.) අකුශලමූලයෝ යම්සේ ද එසේ කුශලයෝ ද ප්‍රතික්‍ෂේප වශයෙන් දැක්විය යුත්තාහු ය. මේ මෝහාධිට්ඨාන යි.
Pali BJT(7) තත්ථ කතමං කායකම්මාධිට්ඨානං:
Sinhala BJT(7) එහි කායකම්මාධිට්ඨානය කව රැ :
Pali BJT12. කායෙන කුසලං{7} කරෙ - අස්ස කායෙන සංවුතො, කායදුච්චරිතං හිත්වා - කායසුචරිතං චරෙ.
Sinhala BJT12. කයින් කුසලය කරන්නේ යැ කයින් සංවර වන්නේ යැ කායදුශ්චරිතය හැරපියා කයින් සුචරිතයෙහි හැසිරෙන්නේ යැ.
Pali BJT“තීණි’මානි භික්ඛවෙ කායසුචරිතානි: පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී” ඉදං කාය කම්මාධිට්ඨානං.
Sinhala BJT“මහණෙනි. මේ කාය සුචරිතයෝ තිදෙනෙකි : ප්‍රාණඝාතයෙන් වෙන්වීම යැ අදත්තා දානයෙන් වෙන්වීම යැ කාමයෙහි මිස හසරින් වෙන්වීම” යි. මේ කායකම්මාධිට්ඨාන යි.
Pali BJT(8) තත්ථ කතමං වාචාකම්මාධිට්ඨානං:
Sinhala BJT(8) එහි වාචාකම්මාධිට්ඨාන කවරැ :