Pali BJT19. සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු - මොඝරාජ සදා සතො අත්තානුදිට්ඨිං ඌහච්ච - එවං මච්චුතරො සියා.
Sinhala BJT19. මෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරුකොට ලොව ශුන්‍ය විසින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි යැ.”
Pali BJT“සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජා”ති ආණත්ති. “සදා සතො”ති උපායො. “අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මච්චුතරො සියා”ති ඵලං.
Sinhala BJT“සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු මෝඝරාජ” යනු ආණත්ති යැ. “සදා සතෝ” යනු උපාය යැ, අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මව්චුතරො සියා” යනු ඵල යි.
Pali BJT“සමාධිං භික්ඛවෙ භාවෙථ, සමාහිතො භික්ඛවෙ භික්ඛු රූපං අනිච්චන්ති පජානාති, එවං පස්සං අරියසාවකො පරිමුච්චති ජාතියාපි -පෙ- උපායාසෙහිපි{5}. ඉධ තීණිපි.
Sinhala BJT“මහණෙනි, සමාධිය වඩවු, මහණෙනි, සමාහිත වූ මහණ ‘රූපය අනිත්‍ය’ යයි දැනගනී, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක ජාතියෙන් ද ... උපායාසයන්ගෙන් ද මිදෙයි.” මෙහි ආණත්ති ආදි තුන මැ ඇත.
Pali BJT(15) තත්ථ කතමො අස්සාදො:
Sinhala BJT(15) එහි අස්සාද කවරෙ යත්:
Pali BJT20. කාමං කාමයමානස්ස - තස්ස වෙ තං සමිජ්ඣති අද්ධා පීතිමනො හොති - ලද්ධා මච්චො යදිච්ඡති.
Sinhala BJT20. වස්තුකාමය කැමැතිවන සත්ත්‍වහට ඉදින් ඒ කාමවස්තු සමෘද්ධ වේ නම්, එකල්හි සත්ත්‍ව තෙමේ කැමැති වස්තුව ලැබ ඒකාන්තයෙන් සතුටු සිත් ඇතියේ වේ.
Pali BJTඅයං අස්සාදො.
Sinhala BJTමේ අස්සාද යැ.
Pali BJT“ධම්මචරියා සමචරියා කුසලකිරියා{6} හෙතු හි බ්රාහ්මණ එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.” අයං අස්සාදො.
Sinhala BJT‘බමුණ, ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා කුශලක්‍රියා හේතු කොට ගෙන මැ මෙසේ මෙලොවැ ඇතැම් සත්ත්‍ව කෙනෙක් කය බිඳීමෙන් සුගති ස්වර්‍ගලෝකයට පැමිණෙත්.” මේ අස්සාද යි.
Pali BJT(16) තත්ථ කතමො ආදීනවො:
Sinhala BJT(16) එහි ආදීනව කවරෙ යත්:
Pali BJT21. කාමෙසු වෙ හඤ්ඤතෙ - සබ්බා මුච්චෙ ව - [?] අයං ආදීනවො.
Sinhala BJT21. (ආදීනව සඳහා නිදර්‍ශන කළ පාඨය අසම්පූර්‍ණ වූයෙකි.)
Pali BJTපසෙනදිසංයුත්තකෙ සුත්තෙ පබ්බතූපමා. අයං ආදීනවො.
Sinhala BJTපසේනදි (කෝසල) සංයුක්තයෙහි සූත්‍රාගත “පබ්බතූපමාව” වෙයි. මේ ආදීනව යි.
Pali BJT(17) තත්ථ කතමං නිස්සරණං:
Sinhala BJT(17) එහි නිස්සරණ කවරෙ යත්:
Pali BJT22. යො කාමෙ පරිවජ්ජෙති - සප්පස්සෙව පදා සිරො සො’මං විසත්තිකං ලොකෙ - සතො සමතිවත්තති,
Sinhala BJT22. යමෙක් වස්තුකාමක්ලේශකාමයන් (විෂ්කම්භණයෙන් හෝ සමුච්ඡේදයෙන්) තමාගේ පාදය කෙරෙන් සර්‍පයකුගේ හිස මෙන් දුරුකෙරේ ද, ඒ මහණ ලොවැ විසත්තිකා සංඛ්‍යාත මේ තෘෂ්ණාව ස්මෘතිමත් වැ ඉක්මවයි.
Pali BJTසංයුත්තකෙ සුත්තං පාරිච්ඡත්තකො පණ්ඩුපලාසො සන්නපලාසො; ඉදං නිස්සරණං.
Sinhala BJTසංයුත්සඟියැ සූත්‍රය – පඬුවන් කොළ ඇති ගිලිහුණු කොළ ඇති පරසතුරුක (දැක්විය යුතු) මේ නිස්සරණයි.
Pali BJT(18) තත්ථ කතමො අස්සාදො ච ආදීනවො ච:
Sinhala BJT(18) එහි ආස්සාද හා ආදීනව කවරෙ යත්:
Pali BJT23. යානි කරොති පුරිසො - තානි අත්තනි පස්සති කල්යාණකාරී කල්යාණං - පාපකාරී ච පාපකං.
Sinhala BJT23. පුරුෂ තෙමේ යම් පාප කෙනකුන් කෙළේ ද, ඒ පාපවිපාකයන් තමා කෙරෙහි දකී. දානාදි කල්‍යාණක්‍රියා කරනුයේ කල්‍යාණයන් දකී. යළි පාපකාරී පුරුෂ ලාමක පාපවිපාකය දකී.
Pali BJTතත්ථ යං පාපකාරී පච්චනුභොති අයං ආදීනවො{1} කල්යාණකාරී යං පච්චනුභොති, අයං අස්සාදො.
Sinhala BJTඑහි පාපකාරී තෙම යම්විපාකයක් විඳී ද මේ ආදීනව යැ, කල්‍යාණකාරී පුරුෂ යම් විපාකයක් විඳී ද මේ අස්සාද යි.
Pali BJTලාභාලාභ අට්ඨකෙසු බ්යාකරණං, තත්ථ “අලාභො අයසො නින්දා දුක්ඛං” අයං ආදීනවො. ‘ලාභො යසො සුඛං පසංසා’ අයං අස්සාදො.
Sinhala BJT‘ලාභාලාභ’ අෂ්ටකයෙහි වෙය්‍යාකරණය දැක්විය යුතු: එහි ‘අලාභ අයස නින්‍දා දුක්ඛ’ යන මේ ආදීනව යැ, ‘ලාභ යස සුඛ පසංසා’ යන මේ අස්සාද යි.
Pali BJT(19) තත්ථ කතමං අස්සාදො ච නිස්සරණං ච:
Sinhala BJT(19) එහි ආස්සාද හා නිස්සරණ කවරෙ යත්:
Pali BJT24. සුඛො විපාකො පුඤ්ඤානං - අධිප්පායො ච ඉජ්ඣති ඛිප්පං ච පරමං සන්තිං - නිබ්බානමධිගච්ඡති.
Sinhala BJT24. පුණ්‍යයන්ගේ සුඛ විපාකය වෙයි, අධ්‍යාශය ද සමෘද්ධ වෙයි. වහා පරම ශාන්තිය, වූ නිර්‍වාණය ද අවබෝධ කෙරෙයි.
Pali BJTයො ච විපාකො පුඤ්ඤානං යා ව අධිප්පායස්ස ඉජ්ඣනා, අයං අස්සාදො. යං ඛිප්පං ච පරමං සන්තිං නිබ්බානමධිගච්ඡති, ඉදං නිස්සරණං.
Sinhala BJTපුණ්‍යයන්ගේ යම් විපාකයෙක් ඇද්ද, යම් අධිප්‍රාය සමෘද්ධියකුත් වේ ද, මේ අස්සාද යැ යම් පරම ශාන්ති වූ නිර්‍වාණය අවබෝධකිරීමක් ඇද්ද මේ නිස්සරණ යි.
Pali BJT“බත්තිංසාය{2} චෙව මහාපුරිසලක්ඛණෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙ යෙව ගතියො භවන්ති{3} : සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී’ (යාව අභිවිජිත්වා අජ්ඣාවසති) අයං අස්සාදො “සචෙ අගාරස්මා අනගාරියං පබ්බජති” (සබ්බං විත්ථාරෙන{4}) ඉදං නිස්සරණං. අයං අස්සාදො ච නිස්සරණං ච.
Sinhala BJT“දෙතිස් මහාපුරුෂලක්‍ෂණයෙන් සමන්‍වාගත මහාපුරුෂහට ගති දෙකක් මැ වෙති: ඉදින් ගිහිගෙයි වෙසේ නම් සක්විති රජ වෙයි. (දිනා වාසය කෙරෙයි යනු දක්වා) මේ අස්සාද යැ. ‘ඉදින් ගිහිගෙන් නික්මැ අනගාරික පැවිද්දට පැමිණේ ද (සියල්ල විස්තරයෙන් කියැ යුතු.) මේ නිස්සරණ යැ. මේ අස්සාද හා නිස්සරණ සූත්‍ර යි.
Pali BJT(20) තත්ථ කතමො ආදීනවො ච නිස්සරණං ච:
Sinhala BJT(20) එහි ආදීනව හා නිස්සරණ කවරෙ යත්:
Pali BJT25. ආදානස්ස භයං ඤත්වා - ජාතිමරණසම්භවං අනාදාතූන නිබ්බාති{5} - ජාතිමරණසඞ්ඛයා.
Sinhala BJT25. (තෘෂ්ණා විසින්) ආදානයාගේ ජාතිමරණ කාරණ වූ බිය දැනැගෙන ජාතිමරණයන්ගේ ක්‍ෂය වීමෙන් තෘෂ්ණාග්‍රහණය නො කොට පිරිනිවෙයි.
Pali BJTපුරිමිකාය අඩ්ඪගාථාය ජාතිමරණසම්භවො ආදීනවො. ‘අනාදාතූන නිබ්බාති ජාතිමරණසඞ්ඛයාති නිස්සරණං.
Sinhala BJTපූර්‍වාර්ධගාථායෙහි ජාතිමරණසම්භවය ආදීනව යැ, ‘අනාදාතූන නිබ්බාති ජාතිමරණ සංඛයා’ යනු නිස්සරණ යි.
Pali BJT“කිච්ඡං වතායං ලොකො ආපන්නො, ජායති ච ජීයති ච මීයති ච”{6}. යාව “කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරාමරණස්සා”ති{7}. එත්ථ යා උපපරික්ඛා, අයං ආදීනවො, යො ගෙධං හිත්වා.{8} අභිනික්ඛමති යාව පුරාණකාය රාජධානියා. ඉදං නිස්සරණං. අයං ආදීනවො ච නිස්සරණං ච.
Sinhala BJT‘ඒකාන්තයෙන් මේ ලෝවැසි තෙමේ දුකට පැමිණියේ යැ, උපදනේ ද දිරන්නේ ද මියන්නේ ද වෙයි’ (යනු පටන්) ‘කවදා නම් මේ ජරාමරණ දුඃඛයාගේ නිස්සරණය පැනෙන්නේ ද’ යනු දක්වා මෙහි යම් උපපරීක්‍ෂාවක් වේ ද මේ ආදීනව යැ, පුරාණ රාජධානියෙහි ගේධය හැරපියා අභිනිෂ්ක්‍රමණය වේ ද, මේ නිස්සරණ යැ. මේ ආදීනව හා නිස්සරණ යි.
Pali BJT(21) තත්ථ කතමො අස්සාදො ච ආදීනවො ච නිස්සරණං ච:
Sinhala BJT(21) එහි අස්සාද ආදීනව හා නිස්සරණ කවරෙ යත්:
Pali BJT26. කාමා හි චිත්රා මධුරා{9} මනොරමා විරූපරූපෙන{10} මථෙන්ති චිත්තං, -පෙ- තස්මා අහං පබ්බජිතොම්හි රාජ -පෙ- අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්යො.
Sinhala BJT26. යම් හෙයකින් වස්තුකාමයෝ විසිතුරු වූවාහු මධුර වූවාහු (පුහුදුනට) මනරම් වූවාහු විවිධ ස්වරූපයෙන් සිත අලළත් ද ... මහරජ, මම එහෙයින් පැවිදි වීමි, ... අවිරුද්ධ වූ – නෛර්‍ය්‍යාණික වූ ශ්‍රමණභාවය මැ උත්තරීතර වේ.
Pali BJTයං ‘කාමා හි චිත්රා මධුරා මනොරමා’ති අයං අස්සාදො. යං ‘විරූපරූපෙන මථෙන්ති චිත්ත’න්ති අයං ආදීනවො යං ‘අහං පබ්බජිතොම්හි රාජ අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්යො’ති ඉදං නිස්සරණං.
Sinhala BJT“කාමා හි චිත්රා මධුරා මනෝරමා” යන යමක් ඇද්ද, මේ අස්සාද යැ. “විරූප රූපෙන මථෙන්ති චිත්තං” යන මේ ආදීනව යැ. “අහං පබ්බජිතොම්හි රාජ අපණ්ණකං සාමඤ්ඤ මෙව සෙය්‍යෙ” යන මේ නිස්සරණ යි.
Pali BJTබාලීසිකොපමසුත්තං.{1}
Sinhala BJT“බාලිසිකෝපමසූත්‍රය වෙදනාසංයුත්ත
Pali BJTයං ආසාය වා වෙදනීයං කම්මං ගාහති, තථා චෙපි යං යං පාපකම්මං අනුභොති, තත්ථ දුක්ඛවෙදනීයෙන කම්මෙන අභාවිතකායෙන ච යාව පරිත්තචෙතසො ච ආදීනවං දස්සෙති, සුඛවෙදනීයෙන කම්මෙන අස්සාදං දස්සෙති{2} යං පුරාසදිසො හොති. භාවිතචිත්තො භාවිතකායො භාවිතපඤ්ඤො මහානාමො, ඉදං නිස්සරණං.
Sinhala BJTආශායෙන් හෝ යම් (විපාක) වින්දයුතු කර්‍මයක් කෙරේ ද, ඉදින් යම් යම් පාපකර්‍මයක් කෙරේ ද, එහි දුඃඛවේදනීය කර්‍මයෙන් ද අභාවිත කායයෙන් ද යුක්ත වූ පරිත්තචේතසො’ යනු දක්වා ආදීනවය දක්වති. සුඛවේදනීය කර්‍මයෙන් අස්සාදය දක්වති. වැඩූ සිත වැඩූ කය වැඩූ ප්‍රඥා ඇති අපරිත්ත – (නිකෙලෙස්) මහානාම වෙයි. මේ නිස්සරණයි. (මේ කොටස ද ව්‍යාකුල යි.)
Pali BJT(22) තත්ථ කතමං ලොකියං සුත්තං:
Sinhala BJT(22) එහි ලෝකිය සූත්‍ර කවරෙ යත්:
Pali BJT27. න හි පාපං කතං කම්මං - සජ්ජු ඛීරංව මුච්චති දහන්තං බාලමන්වෙති - භස්මච්ඡන්නො ව පාවකො.
Sinhala BJT27. කරන ලද පාපකර්‍මය එකෙණෙහි (දොවනලද ධාරොෂ්ණ) ක්‍ෂීරය දිහිබවට නො යන්නාසේ නො මැ විපාක දෙයි. හළුයෙන් වැසුණු සහලඟරක් සෙයින් පව්කර්‍ම කළ බාලයා දවමින් ඔහු ලුහුබැඳ යෙයි.
Pali BJT‘චත්තාරි අගතිගමනානි, ඉදං ලොකියං සුත්තං.
Sinhala BJTසතර අගතිගමනයෝ දැක්විය යුත්තාහ. මේ ලෝකිය සූත්‍ර යි.
Pali BJT(23) තත්ථ කතමං ලොකුත්තරං සුත්තං:
Sinhala BJT(23) එහි ලෝකුත්තර සූත්‍ර කවරැ යත් :
Pali BJT28. යස්සින්ද්රියානි සමථං ගතානි අස්සා යථා සාරථිනා සුදන්තා, පහීනමානස්ස අනාසවස්ස දෙවා’පි තස්ස පිහයන්ති තාදිනොති,
Sinhala BJT28. යම් මහණක්හුගේ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයෝ දක්‍ෂ රියැදුරක්හු විසින් මැනැවින් දමනය කළ අසුන් මෙන් ශමථයට (දැමුණු බවට) ගියාහු ද, ප්‍රහීණමාන ඇති අනාස්‍රව වූ ලාභාලාභාදියෙහි තාදී වූ ඒ ක්‍ෂීණාස්‍රවහට දෙවියෝ ද කැමැති වෙත් යයි.
Pali BJT“අරියං වො භික්ඛවෙ සම්මාසමාධිං දෙසෙස්සාමී” ති ඉදං ලොකුත්තරං සුත්තං.
Sinhala BJT“මහණෙනි, මම් තොපට ආර්‍ය්‍ය සම්‍යක් සමාධිය දෙසන්නෙමි” යන මේ ලෝකුත්තර සූත්‍ර යි.
Pali BJT(24) තත්ථ කතමං ලොකියං ලොකුත්තරං ච සුත්තං:
Sinhala BJT(24) එහි ලෝකිය ද ලෝකුත්තර සූත්‍රය කවරෙ යත් :
Pali BJT29. සත්තියා විය ඔමට්ඨො - ඩය්හමානොව මත්ථකෙ කාමරාගප්පහානාය - සතො භික්ඛූ පරිබ්බජෙ.
Sinhala BJT29. අඩයටියෙකින් උඩ සිට පහර දෙනු ලැබුවකු සෙයින් හිස දැවෙන්නකු සෙයින් කාමරාගයාගේ ප්‍රහාණය පිණිස මහණ සිහි ඇති වැ වාසකරන්නේ යැ.
Pali BJT“සත්තියා විය ඔමට්ඨො ඩය්හමානොව මත්ථකෙ”ති ලොකියං “කාමරාගප්පහානාය සතො භික්ඛු පරිබ්බජෙ”ති ලොකුත්තරං.
Sinhala BJT“සත්තියා විය ඔමට්ඨො ඩය්හමානෝව මත්‍ථකෙ” යනු ලෝකිය යැ, කාමරාගප්ප හානාය සතෝ භික්ඛු පරිබ්බජෙ” යනු ලෝකුත්තර යි.
Pali BJT“කබළිඞ්කාරෙ ආහාරෙ අත්ථි ඡන්දො”ති ලොකියං. “නත්ථි ඡන්දො”ති ලොකුත්තරං. ඉදං ලොකියං ලොකුත්තරං ච සුත්තං.
Sinhala BJT“කබළිංකාරෙ ආහාරේ අත්‍ථි ඡන්‍දො” යනු ලෝකිය යැ. “නත්‍ථි, ඡන්‍දො” යනු ලෝකුත්තර යැ. මේ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර යි.
Pali BJT(25) තත්ථ කතමං කම්මං:
Sinhala BJT(25) එහි කම්ම කවරැ යත්:
Pali BJT30. යො පාණමතිපාතෙති - මුසාවාදං ච භාසති ලොකෙ අදින්නං - ආදියති - පරදාරං ච ගච්ඡති, සුරාමෙරයපානං ච යො නරො අනුයුඤ්ජති.
Sinhala BJT30. යමෙක් පණිවා කෙරේ නම් මුසවාත් බෙණේ නම් ලොවැ නුදුන් දෑ ගනී නම් පරඹුන් කරාත් යේ නම් යම් මිනිසෙක් රහමෙර පානයෙහිත් යෙදේ නම්–
Pali BJT31. අප්පහාය පඤ්ච වෙරානි - දුස්සීලො ඉති වුච්චති, (කායස්ස භෙදා දුප්පඤ්ඤො - නිරයං සොසපජ්ජති.)
Sinhala BJT31. හේ පඤ්ච අකුශලවෛරයන් නො පියා සිටියේ දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. (ඒ දුෂ්ප්‍රාඥ කාබුන් මරණින් මතු නිරයට පැමිණේ.)
Pali BJT“තීණිමානි භික්ඛවෙ දුච්චරිතානි” ඉදං කම්මං.
Sinhala BJT“මහණෙනි, මේ දුශ්චරිතයෝ තිදෙනෙක් වෙති” මේ කර්‍ම යි.
Pali BJT(26) තත්ථ කතමො විපාකො:
Sinhala BJT(26) එහි විපාක කවරෙ යත්:
Pali BJT32. සට්ඨිවස්සසහස්සානි - පරිපුණ්ණානි සබ්බසො
Sinhala BJT32. (නිරයෙහි පැසෙන අපට) සර්‍වප්‍රකාරයෙන් සැටවාදහසක් පිරුණාහුය.
Pali BJT“දිට්ඨා මයා භික්ඛවෙ ඡඵස්සායතනිකා නාම නිරයා දිට්ඨා මයා භික්ඛවෙ ඡඵස්සායතනිකා නාම සග්ගා.” අයං විපාකො.
Sinhala BJT“මහණෙනි, මා විසින් ෂට්ස්පර්‍ශායතනික නම් නරකයෝ දක්නාලද්දාහු ය, මහණෙනි මා විසින් ෂට්ස්පර්‍ශායතනික නම් ස්වර්‍ගයෝ දක්නා ලද්දාහු ය. මේ විපාක යි.
Pali BJT(27) තත්ථ කතමං කම්මං ච විපාකො ච:
Sinhala BJT(27) එහි කර්‍මය ද විපාකය ද කවරෙ යත්:
Pali BJT33. අයසාව මලං සමුට්ඨිතං - තදුට්ඨාය{2} තමෙව ඛාදති එවං අතිධොනචාරිනං - සානි කම්මානි නයන්ති දුග්ගතිං.
Sinhala BJT33. යකඩින් මැ නැඟුණු මලය එයින් මැ නැඟී යම්සේ ඒ යකඩය මැ කා වනසා ද, එපරිද්දෙන් සිවුපසයෙහි ප්‍රත්‍යවේක්‍ෂාඥානය ඉක්මැවූවහු (සිවුපසය නො පස්විකා වළඳන මහණහු) ඒ ස්වකීය කර්‍මයෝ දුගතියට පමුණුවත්.
Pali BJT“අයසාව මලං සමුට්ඨිතං” යාව “සානි කම්මානී”ති ඉදං කම්මං, “නයන්ති දුග්ගති”න්ති විපාකො.
Sinhala BJT“අයසාව මලං සමුට්ඨිතං’ යනු පටන් “සානි කම්මානි, යනු දක්වා මේ කම්ම යැ, ‘නයන්ති දුග්ගතිං’ යනු විපාක යි.
Pali BJT“චතුසු සම්මා පටිපජ්ජමානො: මාතරි පිතරි තථාගතෙ තථාගතසාවකෙ” යා සම්මාපටිත්ති, ඉදං කම්මං. යං දෙවෙසු උපපජ්ජති, අයං විපාකො. ඉදං කම්මං ච විපාකො ච.
Sinhala BJT“මව කෙරෙහි පියා කෙරෙහි තථාගතයන් කෙරෙහි තථාගතශ්‍රාවකයන් කෙරෙහි යන සතර තැන්හි මැනැවින් පිළිපදනේ යැ” යන තන්හි (චතුක්කංගුත්තර) යම් සම්‍යක්ප්‍රති පත්තියෙක් ඇද්ද මේ ‘කම්ම’ යැ. දෙව්ලොවැ උපදී යන මේ විපාක යැ. මේ කම්ම ද විපාක ද වෙයි.
Pali BJT(28) තත්ථ කතමං නිද්දිට්ඨං සුත්තං:
Sinhala BJT(28) එහි නිද්දිට්ඨ සූත්‍ර කවරෙ යත්:
Pali BJT34. නෙලඞ්ගො සෙතපච්ඡාදො - එකාරො වත්තතෙ{3} රථො අනීඝං පස්ස ආයන්තං - ඡින්නසොතං අබන්ධනං.
Sinhala BJT34. නිර්දෝෂ වූ ශ්වේතාවරණ ඇති (ස්මෘති සංඛ්‍යාත) එක් අර (දැවි) යක් ඇති රථයෙක් පවතී. රාගාදි ව්‍යසන නැති සිඳුනා ලද තෘෂ්ණා ස්‍රෝතස් ඇති රාගාදි බන්‍ධන නැති වැ පැමිණෙන රහත්හු බලව.
Pali BJTයං වා චිත්තං සමණෙසු චිත්තො ගහපති{4} දිස්සති, එවං ඉමාය ගාථාය නිද්දිට්ඨො අත්ථො.
Sinhala BJTචිත්ත ගෘහපති ශ්‍රමණයන් කෙරෙහි යම් චිත්‍රයක් දකී ද, මෙසේ මේ ගාථායෙන් නිර්දිෂ්ට අර්‍ත්‍ථය වේ.
Pali BJTගොපාලකූපමෙ එකාදස පදානි. “එවං ඛො භික්ඛවෙ භික්ඛූ රූපඤ්ඤූ හොති” යාව{5} “අතිරෙකපූජාය පූජෙතා හොතී”ති. ඉමානි එකාදස පදානි යථාභාසිතානි නිද්දිට්ඨො අත්ථො.
Sinhala BJTගෝපාලකූපම සූත්‍රයෙහි එකොළොස් පදකෙනෙක් වෙති. (එකාදසකංගුත්තර) “එවං ඛො භික්ඛවේ භික්ඛු රූපඤ්ඤෑ හොති” යනු පටන් “අතිරේක පූජාය පූජේතා හොති” යනු යි. මේ එකොළොස් පදයෝ වදාළ පරිදි නිර්දිෂ්ට අර්‍ත්‍ථ ඇත්තෝ යි.
Pali BJT(29) තත්ථ කතමං අනිද්දිට්ඨං සුත්තං: {6}
Sinhala BJT(29) එහි අනිද්දිට්ඨ සූත්‍ර කවරෙ යත්:
Pali BJT35. සුඛො විවෙකො තුට්ඨස්ස - සුතධම්මස්ස පස්සතො අබ්යාපජ්ජං සුඛං ලොකෙ - පාණභූතෙසු සංයමො.
Sinhala BJT35. (සතර මාර්‍ගඥාන සන්තොෂයෙන්) සතුටු වූ ප්‍රකාශිත වූ නිර්‍වාණ ධර්‍ම ඇති විවේකය හෝ දැක්කයුතු දෑ දක්නා රහතුන් වහන්සේට නිර්‍වාණ සංඛ්‍යාත උපධිවිවේකය සුව වෙයි, නො කිපෙන බව සුව වෙයි, ලොවැ ප්‍රාණීන් කෙරෙහි සංයමය (අවිහිංසාව) සුව වේ.
Pali BJT36. සුඛා විරාගතා ලොකෙ - කාමානං සමතික්කමො අස්මිමානස්ස යො විනයො - එතං වෙ පරමං සුඛන්ති.
Sinhala BJT36. ලොවැ කාමයන්ගේ යම් ඉක්මැවීමෙක් ඇද්ද ඒ විරාග බව සුව වෙයි. (රහත් මගින්) අස්මිමානයාගේ යම් දුරැලීමෙක් ඇද්ද තෙල රහත් බව ඒකාන්තයෙන් පරම සුවය වේ යයි.
Pali BJTඉදං අනිද්දිට්ඨං, අට්ඨ මහාපුරිසවිතක්කා. ඉදං අනිද්දිට්ඨං.
Sinhala BJTමේ අනිද්දිට්ඨ සූත්‍ර යැ. අෂ්ට මහාපුරුෂවිතර්‍කයෝ වෙති. මේ අතිද්දිට්ට සූත්‍ර යි.
Pali BJT(30) තත්ථ කතමං නිද්දිට්ඨං ච අනිද්දිට්ඨං ච:
Sinhala BJT(30) එහි නිද්දිට්ඨ ද අනිද්දිට්ඨ ද සූත්‍ර කවරෙ යත්:
Pali BJT37. පසන්නනෙත්තො සුමුඛො - බ්රහා උජු පතාපවා මජ්ඣෙ සමණසඞ්ඝස්ස - ආදිච්චොව විරොචති.
Sinhala BJT37. පහන් වූ නෙත් සඟළක් ඇති හොබනා මුවමඬල ඇති මහත් වූ ඍජු කය ඇති ප්‍රතාපවත් බුදුහු මහණගණ මැද හිරු මෙන් බබළන සේක.
Pali BJT“පසන්නනෙත්තො’ යාව ‘ආදිච්චොව විරොචතී’ති නිද්දිට්ඨො. පසන්නනෙත්තො සො භගවා, කථං ච පන පසන්නනෙත්තතා, කථං සුමුඛතා, කථං බ්රහාකායතා, කථං උජුකතා, කථං පතාපවත්තා.{1} කථං විරොචතී ති{2} අනිද්දිට්ඨො.
Sinhala BJT‘පසන්නනෙත්තො’ යනු පටන් ‘ආදිච්චොව විරොවති’ යනු දක්වා නිද්දිට්ඨ යැ, ප්‍රසන්න නේත්‍ර ඇති භගවත්හු – පසන්නනෙත්තතා කෙබඳු යැ, සුමුඛතා කිසේ යැ බ්‍රහාකායතා කිසේ යැ උජුකතා කෙබඳු යැ ප්‍රතාපවත් බව කිසේ යැ කෙසේ බබළත් දැයි අනිද්දිට්ඨ යි.
Pali BJTථෙණපිණ්ඩූපමං වෙය්යාකරණං’ යථා ඵෙණපිණ්ඩො එවං රූපං, යථා බුබ්බුළො{3} එවං වෙදනා, මායූපමං{4} විඤ්ඤාණං, පඤ්චක්ඛන්ධා පඤ්චහි උපමාහි නිද්දිට්ඨා, කෙන කාරණෙන ඵෙණපිණ්ඩූපමං රූපං, සබ්බං ච චක්ඛුවිඤ්ඤෙය්යං යං වා චතූහි ආයතනෙහි. කථං වෙදනා බුබ්බුළුපමා, කතරා ච සා වෙදනා සුඛා දුක්ඛා අදුක්ඛමසුඛා, එවමෙසා අනිද්දිට්ඨා. එවං නිද්දිට්ඨං ච අනිද්දිට්ඨං ච.
Sinhala BJT‘ඵෙණපිණ්ඩූපමා වෙය්‍යාකරණය’ (ඛන්‍ධසංයුත්ත – ථේරවර්‍ගය) පෙණ පිඬ යම්සේ ද රූපය එබඳු යැ, දියබුබුළ යම් සේ ද වේදනා එබඳු යැ, විඤ්ඤාණය මායාවක් බඳු යැ, පඤ්ච ස්කන්‍ධයෝ පස් උපමායෙකින් දක්වන ලද්දාහු යැ. කවර කරුණෙකින් රූපය පෙණ පිඬක් බඳු වී ද, චක්‍ෂුර්විඥේය වූ සියලු රූපය ද? නොහොත් සතර ආයතනයන්ගෙන් ද? වේදනාව කෙසේ දියබුබුළක් බඳු වූ ද? ඒ සුඛ දුක්ඛ අදුක්ඛමසුඛ වූ කවර වේදනාවක් දැයි අනිද්දිට්ඨ යැ. නිද්දිට්ඨ ද අනිද්දිට්ඨ ද සූත්‍රය මෙසේ යි.
Pali BJT(31) තත්ථ කතමං ඤාණං:
Sinhala BJT(31) එහි ඤාණ කවරෙ යත්:
Pali BJT38. පඤ්ඤා හි සෙට්ඨා ලොකස්මිං - යායං නිබ්බෙධගාමිනී, යාය සම්මා පජානාති - ජාතිමරණසඞ්ඛයං.
Sinhala BJT38. නිවනට පමුණුවන යම් ප්‍රඥාවක් ඇද්ද, යම් විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙකින් ජාතිමරණක්‍ෂය සංඛ්‍යාත නිවන හා අර්‍හත්ත්‍වය මැනැවින් දැනගනී ද, ලොවැ ඒ ප්‍රඥාව මැ ශ්‍රේෂ්ඨ වන්නීය.
Pali BJT“තීණි’මානි ඉන්ද්රියානි: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං අඤ්ඤින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියං. ඉදං ඤාණං.
Sinhala BJT‘මේ ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය අඤ්ඤින්‍ද්‍රිය අඤ්ඤාතාවින්‍ද්‍රිය යන මේ යි. මේ ඤාණ යි.
Pali BJT(32) තත්ථ කතමං ඤෙය්යං:
Sinhala BJT(32) එහි ‘ඤෙය්‍ය’ කවරැ යත් :
Pali BJT39. කාමෙසු සත්තා කාමසඞ්ගසත්තා සංයොජනෙ වජ්ජමපස්සමානා, න හි ජාතු සංයොජනසඞ්ගසත්තා ඔඝං තරෙය්යුං විපුලං මහන්තං.
Sinhala BJT39. වස්තුකාමයන්හි ක්ලේශකාමයෙන් ඇලුණු කාමවස්තුන්හි රාගාදි සංගයෙන් ලැගුණු සංයෝජනයෙහි දොස් නො දක්නා සංයෝජන සංඛ්‍යාත සංගයෙන් (ත්‍රෛභූමක ධර්‍මයන්හි) ඇලුණු සත්ත්‍වයෝ විපුල වූ මහත් වූ කාමාදි චතුරෝඝය කිසිකලෙකත් නො මැ තරණය කරන්නාහු යි.
Pali BJT‘චතූහි ධම්මෙ හි{5} සමන්නාගතා කායස්ස භෙදා දෙවෙසු උප්පජ්ජන්ති,
Sinhala BJT‘සතර ධර්‍මයකින් සමන්‍විත වූවාහු කය බිඳීමෙන් (මරණින් මතු) දෙව් ලොවැ උපදනාහු ය.)
Pali BJTඋදානෙ කාවියං{6} සුත්තං, අපණ්ණකපසාදනීයං. ඉදං ඤෙය්යං.
Sinhala BJTඋදානයෙහි කාවිය (සිප්ප?) සූත්‍රය, අපණ්ණකපසාදනීය සූත්‍රය (?) මේ ඤෙය්‍ය සූත්‍ර යි.
Pali BJT(33) තත්ථ කතමං ඤාණං ච ඤෙය්යං ච:
Sinhala BJT(33) එහි ඤාණ ද ඤෙය්‍ය ද සූත්‍ර කවරැ යත්:
Pali BJT40. සබ්බෙ ධම්මා අනත්තාතී - යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛෙ - එස මග්ගො විසුද්ධියා.
Sinhala BJT40. සියලු සංඛතාසංඛත ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෝ අනාත්මයෝ යයි යම් කලෙක (විදසුන් තෙදගන්වා) අනාත්මානුදර්‍ශනඥානයෙන් දකී ද, එකල්හි විදර්‍ශනාගෝචර වූ පඤ්චස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි. තෙල නිර්වේදය විශුද්ධි සංඛ්‍යාත ආර්‍ය්‍ය මාර්‍ගයට උපාය වේ.
Pali BJTයදා පස්සතී’ති ඤාණං. යො සබ්බධම්මෙසු අනත්තාකාරෙන උපට්ඨපෙති, ඉදං ඤෙය්යං.
Sinhala BJT‘යදා පස්සති’ යනු ඤාණ යැ, යමෙක් සර්‍වධර්‍මයන් අනාත්මාකාරයෙන් සිත්හි එළවා ද, මේ ඤෙය්‍ය යැ.
Pali BJT“චත්තාරි අරියසච්චානි, තත්ථ තීණි ඤෙය්යානි. මග්ගසච්චං සීලක්ඛන්ධො ච පඤ්ඤාක්ඛන්ධො ච ඉදං ඤාණං ච ඤෙය්යං ච.
Sinhala BJTසතර ආර්‍ය්‍යසත්‍යයෝ වෙති, එහි තිදෙනෙක් ඤෙය්‍යයෝ යැ, මාර්‍ගසත්‍යය ශීල ස්කන්‍ධය ද ප්‍රඥාස්කන්‍ධය ද වේ. මේ ඤාණ ද ඤෙය්‍ය ද සූත්‍ර යි.
Pali BJT(34) තත්ථ කතමං දස්සනං:
Sinhala BJT(34) එහි ‘දස්සන’ කවරැ යත් :
Pali BJT41. එසො’ව මග්ගො නත්ථඤ්ඤො - දස්සනස්ස විසුද්ධියා එතං හි{7} තුම්හෙ පටිපජ්ජථ - මාරස්සෙතං පමොහනං.
Sinhala BJT41. මාර්‍ගඵලදර්‍ශනයාගේ විශුද්ධිය පිණිස තෙල ආර්‍ය්‍ය මාර්‍ගය මැ වෙයි. අන් මඟෙක් නැත, තෙපි මේ මහ පිළිපදිවු, තෙල මාර්‍ගය පිළිපැදීම මරහුගේ ප්‍රමෝහනය යි.
Pali BJT“චතූහි අඞ්ගෙහි සමන්නාගතො අරියසාවකො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය: ‘ඛීණනිරයොම්හි’ යාව ‘සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො” ති ඉදං දස්සනං.
Sinhala BJT‘සතර අහෙකින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මැ තමා ප්‍රකාශ කරන්නේ යැ: ‘ක්‍ෂය කළ නිරය ඇතියෙම් වෙමි’ යනු පටන් ‘මම් විනිපාතයට නො පැමිණෙන පියවි ඇති බෝධියට නියත වූ සම්බෝධිය පරායන කොට ඇති සෝතාපන්නයෙකිම් වෙමි’යි කියා යි. මේ ‘දස්සන’ සූත්‍ර යි.
Pali BJT(35) තත්ථ කතමා භාවනා :
Sinhala BJT(35) එහි භාවනා කවර යත්:
Pali BJT42. යස්සින්ද්රියානි සුභාවිතානි{1} අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ, {*}නිබ්බිජ්ඣ ඉමං පරං ච ලොකං කාලං කඞ්ඛති භාවිතො ස දන්තො.
Sinhala BJT42. යම් ආර්‍ය්‍යපුද්ගලයක්හු විසින් ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ මැනැවින් වඩනලද්දාහු ද, සියලු ලොවැ අධ්‍යාත්ම බාහිර වූ (සංයෝජනයන්) ද, මෙලොව පරලොව ද ප්‍රතිවේධ කොට (සිටියේ ද) භාවිත සිත් ඇති දැමුණු ඉඳුරන් ඇති හෙතෙම මරණකාලය කැමැති වේ.
Pali BJT“චත්තාරි ධම්මපදානි: අනභිජ්ඣා අව්යාපාදො සම්මාසතී සම්මාසමාධි.” අයං භාවනා.
Sinhala BJT“ධර්‍මපදයෝ සතර දෙනෙක් වෙති: අනභිජ්ඣා අව්‍යාපාද සම්මාසති සම්මාසමාධි” යනුයි. මේ භාවනා යි.
Pali BJT(36) තත්ථ කතමං දස්සනං ච භාවනා ච:
Sinhala BJT(36) එහි ‘දස්සන ද භාවනා’ ද කවරැ යත් :
Pali BJT43. වචසා මනසා ච කම්මුනා ච{2} අවිරුද්ධො සම්මා විදිත්වා ධම්මං, නිබ්බානපදාභිපත්ථයානො සම්මා සො ලොකෙ පරිබ්බජෙය්ය.
Sinhala BJT43. වචසින් මනසින් ද කර්‍මයෙන් (කයින්) ද අවිරුද්ධ වූයේ සියුසස් දහම් මැනැවින් දැක නිර්‍වාණපදය (ස්කන්‍ධ පරිනිර්‍වාණය) පතන්නා වූ හේ ලොවැ (සියල්ල) මැනැවින් හැරපියා යෙයි.
Pali BJT‘සොතාපත්තිඵලං සච්ඡිකාතුකාමෙන කතමෙ ධම්මා මනසිකාතබ්බා: භගවා ආහ, පඤ්චුපාදානක්ඛන්ධා. ඉදං දස්සනං ච භාවනා ච.
Sinhala BJT‘සෝවත්පල’ පසක් කරනු රිසියහු විසින් කවර දහම්හු මෙනෙහි කළයුත්තාහු ද? බුදුහු වදාළහ : පඤ්චෝපාදානස්කන්‍ධයෝ යි. මේ දස්සන ද භාවනා ද සූත්‍ර යි.
Pali BJT(37) තත්ථ කතමෙ විපාකධම්මධම්මා:
Sinhala BJT(37) එහි විපාක ස්වභාවධර්‍මයෝ කවරහ:
Pali BJT“යානි කරොති පුරිසො”ති විත්ථාරො.
Sinhala BJT“යානි කරෝති පුරිසො” (38 පිට) යන විස්තර යැ.”
Pali BJT“තීණි’මානි භික්ඛවෙ සුචරිතානි” ඉමෙ විපාකධම්මධම්මා.
Sinhala BJT‘මහණෙනි, මේ සුචරිතයෝ තිදෙනෙක් වෙති” මේ විපාකස්වභාවධර්‍මයෝ යි.
Pali BJT(38) තත්ථ කතමෙ නවිපාකධම්මධම්මා:
Sinhala BJT(38) එහි නවිපාකස්වභාවධර්‍මයෝ කවරහ:
Pali BJT44. රූපං වෙදයිතං සඤ්ඤා - විඤ්ඤාණං යා චෙව චෙතනා නෙසො’හමස්මි න මෙ සො - අත්තා ඉති දිට්ඨො විරජ්ජති.
Sinhala BJT44. රූපයද වේදනාව ද සංඥාව ද විඥානය ද යම් සංඛතයෙක් වේ නම් එ ද තෙල පස්කඳ මම් නො වෙමි, තෙල මා ගැත්තේ නො වෙ යි, මෙසේ දක්නා ලදුයේ එහි නො ඇලේ.
Pali BJT“පඤ්චිමෙ භික්ඛවෙ ඛන්ධා” ඉමෙ නවිපාකධම්මධම්මා.
Sinhala BJT“මහණෙනි, මේ පඤ්චස්කන්‍ධ කෙනෙක් වෙති. මේ නවිපාකස්වභාව ධර්‍මයෝ යි.
Pali BJT(39) තත්ථ කතමො නෙවවිපාකො නවිපාකධම්මධම්මො:
Sinhala BJT(39) එහි නො වැ විපාක වූ නවිපාකස්වභාවධර්‍ම කවරෙ යත්:
Pali BJT45. යෙ එවං පටිපජ්ජන්ති - නයං බුද්ධෙන දෙසිතං, තෙ දුක්ඛස්සන්තං කරිස්සන්ති - සත්ථු සාසනකාරකා’ති.
Sinhala BJT45. යම් කෙනෙක් බුදුරදුන් වදාළ දහම්නය මෙසේ පිළිපදනාහු ද ශාස්තෲන් වහන්සේගේ ශාසනය කරන්නාවූ ඔහු වට්ටදුක්ඛයාගේ අන්තය කරන්නාහු යි.
Pali BJTඉති යා ච සම්මාපටිපත්ති යො ච නිරොධො, උභයමෙතං නෙව විපාකො න විපාකධම්මො.
Sinhala BJTමෙසේ යම් සම්‍යක් ප්‍රතිපත්තියක් ඇද්ද යම් නිරෝධයෙකුත් ඇද්ද මේ දෙක නො මැ විපාක යැ, විපාකස්වභාව නො වෙයි.
Pali BJTබ්රහ්මචරියං වො භික්ඛවෙ දෙසෙස්සාමි, බ්රහ්මචරියඵලානි ච: බ්රහ්මචරියං ච අරියො අට්ඨඞ්ගිකො මග්ගො, බ්රහ්මචරියඵලානි සොතාපත්තිඵලං යාව අරහත්තං.
Sinhala BJT“මහණෙනි, තොපට මඟබඹසර ද බඹසරඵල ද දෙසන්නෙමි. බඹසර නම් අරී අටඟි මඟ යැ, සෝවත් පල පටන් රහත් බව දක්වා බඹසරඵලයෝ යි.
Pali BJT(40) තත්ථ කතමං සකවචනං:
Sinhala BJT(40) එහි සකවචන කවරැ:
Pali BJT46. සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්තපරියොදපනං - එතං බුද්ධානසාසනං.
Sinhala BJT46. සියලු අකුශලය නො ඉපදවීම ද චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද (රහත්මගින්) සිය සිත්සතන් පිවිතුරු කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.
Pali BJT“තීණි’මානි භික්ඛවෙ විමොක්ඛමුඛානි” ඉදං සකවචනං.
Sinhala BJT“මහණෙනි, මේ විමෝක්‍ෂමුඛයෝ, තිදෙනෙක් වෙති. මේ සකවචන යි.
Pali BJT(41) තත්ථ කතමං පරවචනං:
Sinhala BJT(41) එහි පරවචන කවරැ :
Pali BJT47. නත්ථි පුත්තසමං පෙමං - නත්ථි ගොසමිතං{1} ධනං නත්ථි සුරියසමා{2} ආභා - සමුද්දපරමා සරා.
Sinhala BJT47. පුත්‍ර ප්‍රේමය සම වවූ ප්‍රේමයෙක් නැත, ගවධනය හා සම වූ ධනයෙක් නැත, සූර්‍ය්‍යාලෝකය සම වූ අවහාසයෙක් නැත, සියලු ජලාසයෝ සමුද්‍රය පරම කොට ඇත්තාහ.
Pali BJT“හොතු දෙවානමින්ද සුභාසිතෙන ජයොති”{*} “සො හි නාම භික්ඛවෙ සක්කො දෙවානමින්දො සකං පුඤ්ඤඵලං උපජීවමානො”ති විත්ථාරෙන කාතබ්බං. ඉදං පරවචනං.
Sinhala BJT“දේවේන්‍ද්‍රය, සුභාෂිතයෙන් ජය වේව’යි. “මහණෙනි ඒ ශක්‍ර දේවේන්‍ද්‍ර ස්වකීය පුණ්‍යඵලය නිසා ජීවත්වන්නේ” යයි විස්තර කළයුතු. මේ ‘පරවචනය’ යි.
Pali BJT(42) තත්ථ කතමං සකවචනං ච පරවචනං ච:
Sinhala BJT(42) සකවචන ද පරවචන ද කවරැ :