Pali BJT“න තං දළ්හං බන්ධනමාහු ධීරා -පෙ- පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා” අයං සංකිලෙසො. “එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනො කාමසුඛං පහායා”ති අයං නිබ්බෙධො.
Sinhala BJT“න තං දළ්හං බන්ධනමාහු ධීරා ... පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා” මේ සංකිලේස යැ, “එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනෝ කාමසුඛං පහාය” යන මේ නිබ්බේධ යි.
Pali BJT“යං චෙතයිතං පකප්පිතං අනුසයිතං යා ච නාමරූපස්ස අවක්කන්ති හොති”, ඉමෙහි චතූහි පදෙහි සංකිලෙසො. පච්ඡිමකෙහි චතූහි නිබ්බෙධො.
Sinhala BJTඅකුශලචේතනා විසින් යම් සිතීමක් කයින් වචසින් කරන ලද්දක් අනුසය වශයෙන් පැවැත්මක් වේ ද යම් නාමරූපයාගේ අවක්‍රාන්තියක් වේ ද, මේ සතර පදයෙන් සංකිලේසය වෙයි. පසුව දැක්වූ සතරපදයෙන් නිබ්බේධ යි (නෙත්ති 226 පිට)
Pali BJT(7) තත්ථ කතමං සංකිලෙසභාගියං ච නිබ්බෙධභාගියං ච අසෙඛභාගියං ච සුත්තං:
Sinhala BJT(7) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍රය කවරෙ යත්:
Pali BJT8. අයං ලොකො සන්තාපජාතො ඵස්සපරෙතො රොදං{1} වදති අත්තනො, යෙන යෙන හි මඤ්ඤති තතො තං හොති අඤ්ඤථා.
Sinhala BJT8. මේ සත්ත්‍වලෝක තෙමේ (ඥාතිව්‍යසනාදීන්) උපන් ශෝක සන්තාප ඇත්තේ දුක්පහසින් මඩනා ලදුයේ (මෙබඳු දුකක් මාගේ සතුරකුටත් නො වේවයි) වැලැපෙමින් කියයි. යම් යම් පරිද්දෙකින් මැ තමාගේ දුකට පිළියම් සිතයි ද ඒ දුකට එයින් අන් පරිද්දෙකින් පිළියම් කටයුතු වේ.
Pali BJT9. අඤ්ඤථාභාවී භවසත්තො ලොකො භවපරෙතො භවමෙවාභිනන්දති, යදභිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං.
Sinhala BJT9. කාමාදි භවයෙහි හෝ අභිවෘද්ධියෙහි ඇලුණු ලෝ වැසි තෙමේ (තමා සිතන සැටියෙන්) අන් පරිද්දෙකින් මැ වනසුලු වෙයි, එතෙකුදුවත් භවයෙහි ඇලුණේ භවය මැ කැමැති වෙයි, යම් භවයක් හෝ අභිවෘද්ධියක් කැමැති වේ ද එය බියෙකි, යම් ජරාමරණා දියකින් බිය වේ ද එය දුකෙකි.
Pali BJTභවවිප්පහානාය ඛො පනිදං බ්රම්හචරියං වුස්සති.
Sinhala BJTකාමාදි භවයාගේ ප්‍රහාණය පිණිස මැ මේ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාව පුරයි.
Pali BJTයෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා භවෙන භවස්ස විප්පමොක්ඛමාහංසු, සබ්බෙ තෙ අවිප්පමුත්තා භවස්මා’ති වදාමි.
Sinhala BJTයම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ කාමාදි භවයෙන් භවයාගේ විමුක්තිය කීවාහු ද ඔහු සියල්ලෝ භවයෙන් නොමිදුණාහ’යි කියමි.
Pali BJTයෙ වා පන කෙචි සමණා වා බ්රාහ්මණා වා විභවෙන භවස්ස නිස්සරණමාහංසු, සබ්බෙ තෙ අනිස්සටා භවස්මා’ති වදාමි, උපධී හි{2} පටිච්ච දුක්ඛමිදං සම්භොති.
Sinhala BJTයළි යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ රූපාරූපභවයෙන් භවයාගේ නිස්සරණය කියත් ද ඔහු සියල්ලෝ භවයෙන් නො මිදුණහ’යි කියමි. ඛන්‍ධාදි උපධීන් නිසා මැ මේ සසරදුක හටගනී.
Pali BJTසබ්බූපාදානක්ඛයා නත්ථි දුක්ඛස්ස සම්භවො,
Sinhala BJTසියලු කාමාදි උපාදානයන්ගේ ක්‍ෂය වීමෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත.
Pali BJTලොකමිමං පස්ස, පුථු අවිජ්ජාය පරෙතං භූතං භූතරතං භවා අපරිමුත්තං.{3} යෙ හි කෙචි භවා සබ්බධි සබ්බත්තතාය,{4} සබ්බෙ තෙ භවා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා’ති.
Sinhala BJT(බුදුහු තමන් වහන්සේගේ සිත අමතක සේක.) වෙන වෙන පඤ්චස්කන්‍ධ වූ අවිද්‍යායෙන් මඩනා ලද ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි ඇලුණු එහෙයින් මැ භවයෙන් නොමිදුණු මේ සත්ත්‍වලෝකය බල. යම් කිසි කාමාදි භවයෝ වෙත් ද උඩයට ආදි සියලු තන්හි සර්‍වභාවයෙන් එ හැම භවයෝ අනිත්‍යයහ, දුඃඛයහ. විපරිණාම ස්වභාව වූහ යි.
Pali BJT10. එවමෙතං යථාභූතං - සම්මප්පඤ්ඤාය පස්සතො භවතණ්හා පහීයති - විභවං නාභිනන්දති.
Sinhala BJT10. මෙසේ ත්‍රිලක්‍ෂණ ප්‍රතිවේධාකාරයෙන් තෙල භව සංඛ්‍යාත පඤ්චස්කන්‍ධය තත්වූ පරිදි විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙන් දක්නාහට භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි. උච්ඡේදය ද නො කැමැති වේ.
Pali BJTසබ්බසො තණ්හානං ඛයා - අසෙසවිරාගනිරොධො නිබ්බානං.
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂය වීමෙන් අශේෂ කොට ආර්‍ය්‍යමාර්‍ගයෙන් වූ අනුත්පාදනිරෝධය නිර්‍වාණ යි.
Pali BJT11. තස්ස නිබ්බුතස්ස භික්ඛුනො අනුපාදා පුනබ්භවො න හොති, අභිභූතො මාරො විජිතසඞ්ගාමො උපච්චගා{5} සබ්බභවානි තාදී’ති.
Sinhala BJT11. ඒ කෙලෙස් පිරිනිවනින් නිවුණ මහණහට උපාදාන රහිත හෙයින් පුනර්‍භවය නො වේ. ක්ලේශාදි පඤ්චමාර මඩනා ලද. ක්ලේශසංග්‍රාමය දිනනලද, සුඛදුක්ඛාදියෙහි තාදී වූයේ සියලු භවයන් ඉක්මැවූයේ යි.
Pali BJT“අයං ලොකො සන්තාපජාතො” යාව “දුක්ඛ”න්ති අයං තණ්හාසංකිලෙසො.
Sinhala BJT“අයං ලෝකෝ සන්තාපජාතො” යනු පටන් ‘දුක්ඛං’ යනු දක්වා මේ තණ්හාසංකිලේස යැ.
Pali BJT(යං පුනග්ගහණං) යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා භවෙන භවස්ස විප්පමොක්ඛමාංහසු. සබ්බෙ තෙ අවිමුත්තා භවස්මා’ති වදාමි, යෙ වා පන කෙචි සමණා වා බ්රාහ්මණා වා විභවෙන භවස්ස නිස්සරණමාහංසු, සබ්බෙ තෙ අනිස්සටා භවස්මා’ති වදාමි. අයං දිට්ඨිසංකිලෙසො.
Sinhala BJT(යට කියන ලද) “යෙහි කෙචි සමණාවා බ්‍රාහ්මණා වා –පෙ– සබ්බේ තෙ අවිමුත්තා භවස්මාති වදාමි. යෙවා පන කෙචි – පෙ– සබ්බේ තෙ අනිස්සටා භවස්මාති වදාමි”, මේ දිට්ඨිසංකිලේස යි.
Pali BJTතං දිට්ඨිසංකිලෙසො ච තණ්හාසංකිලෙසො ච උභයමෙතං සංකිලෙසභාගියං.{1}
Sinhala BJTඒ දිට්ඨිසංකිලේසය ද තණ්හාසංකිලෙසය ද යන දෙක මැ සංකිලෙසභාගිය යි.
Pali BJT(යං පුනග්ගහණං) භවවිප්පහානාය ඛො පනිදං බ්රහ්මචරියං වුස්සති.” යාව “සබ්බුපාදානක්ඛයා නත්ථි දුක්ඛස්ස සම්භවො”{2} “සබ්බසො තණ්හානං ඛයා අසෙසවිරාගනිරොධො නිබ්බානං.” ඉදං නිබ්බෙධභාගියං.
Sinhala BJT(යට කියන ලද) “භවවිප්පහානාය ඛො පනිදං බ්රහ්මචරියං වුස්සති” යනු පටන් “සබ්බුපාදානක්ඛයා නත්ථි දුක්ඛස්ස සම්භවෝ” “සබ්බසො තණ්හානං ඛයා අසේස විරාගනිරෝධො නිබ්බානං” යනු දක්වා මේ නිබ්බේධභාගිය යැ.
Pali BJT“තස්ස නිබ්බුතස්ස භික්ඛුනො” යාව “උපච්චගා සබ්බභවානි තාදී”ති ඉදං අසෙඛභාගියං.
Sinhala BJT“තස්ස නිබ්බුතස්ස භික්ඛුනෝ” යනු පටන් “උපච්චගා සබ්බභවාති තාදී” යනු දක්වා මේ අසේඛභාගිය යි.
Pali BJT“චත්තාරො පුග්ගලා: අනුසොතගාමී සංකිලෙසො, ඨිතත්තො ච පටිසොතගාමී ච නිබ්බෙධො, ථලෙ තිට්ඨතී’ති අසෙඛභූමි.
Sinhala BJTපුද්ගලයෝ සතර දෙනෙකි : අනුසෝතකාමී වූයේ සංකිලේස යැ, ඨිතත්ත පුද්ගල හා පටිසෝතගාමී වූයේ ද නිබ්බෙධභාගී යැ, නිවන්තෙලෙහි සිටී යනු අසේඛ භූමි යි.
Pali BJT(8) තත්ථ කතමං වාසනාභාගියං ච නිබ්බෙධභාගියං ච සුත්තං:
Sinhala BJT(8) එහි වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍රය කවරෙ යත්:
Pali BJT12. දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වෙරං න චීයති, කුසලො ච ජහාති පාපකං රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති.
Sinhala BJT12. දන් දෙනුවහුට දානමය පින වැඩෙයි, ශීලසංයමයෙන් සංවරයෙහි සිටියහුට වෛරය නො පවතී. ඥානසම්පන්න වූයේ ලාමක වූ කාමච්ඡන්‍දාදිය (විෂ්කම්භණ සමුච්ඡේද විසින්) දුරැලයි, හේ රාග දෝස මෝහයන්ගේ ක්‍ෂය වීමෙන් පිරිනිවියේ වේ යයි.
Pali BJT“දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වෙරං න චීයතී” ති වාසනා, කුසලො ච ජහාති පාපකං රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො”ති නිබ්බෙධො.
Sinhala BJT“දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න වියති” යනු වාසනා යැ, “කුසලො ච ජහාති පාපකං රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො” යනු නිබ්බේධ යි.
Pali BJT“සොතානුධතෙසු{3} ධම්මෙසු වචසා පරිචිතෙසු මනසානුපෙක්ඛිතෙසු දිට්ඨියා සුප්පටිවිද්ධෙසු පඤ්චානිසංසා පාටිකඞ්ඛා: ඉධෙකච්චස්ස බහුස්සුතා ධම්මා හොන්ති ධතා{4} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, සො යුඤ්ජන්තො ඝටෙන්තො වායමන්තො.{5} දිට්ඨෙව ධම්මෙ විසෙසං පප්පොති. නො ච දිට්ඨෙව ධම්මෙ විසෙසං පප්පොති, ගිලානො පප්පොති, නො චෙ ගිලානො පප්පොති, මරණකාලසමයෙ පප්පොති. නො චෙ මරණකාලසමයෙ පප්පොති, දෙවභූතො පාපුණාති. නො චෙ දෙවභූතො පාපුණාති, තෙන ධම්මරාගෙන තාය ධම්මනන්දියා පච්චෙකබොධිං පාපුණාති.
Sinhala BJTනවාංග පර්‍ය්‍යාප්තිධර්‍මය ප්‍රසාදශ්‍රෝත්‍රය යොමු කොට නුවණින් නිශ්චය කළ කල්හි වචනයෙන් පුහුණු කළ කල්හි සිතින් විමසූ කල්හි නුවණින් ප්‍රතිවේධ කළ කල්හි පඤ්ච ආනිසංස කෙනෙක් කැමැති විය යුත්තාහ: මේ සස්නෙහි ඇතැම් පුඟුලක්හු විසින් පර්‍ය්‍යාප්තිධර්‍මයෝ බොහෝ කොට අසන ලද්දාහු වෙති, වචනයෙන් පුහුණු කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් ප්‍රතිවේධ කරන ලද්දාහු වෙති. හේ යෝගයෙහි යෙදෙමින් ගැටෙමින් වෑයම් කරනුයේ දිටුදැමියෙහි මැ නිවනට පැමිණෙයි, ඉදින් දිටුදැමියෙහි විශේෂයට නො පැමිණියේ නම් ගිලන් වූයේ පැමිණෙයි, ඉදින් ගිලන් වූයේ නො පැමිණේ නම් මරණකාලයෙහි පැමිණෙයි, ඉදින් මරණකායෙහි නො පැමිණියේ නම් දෙවි වූයේ පැමිණෙයි, ඉදින් දෙවිවූයේ නො පැමිණේ නම් ඒ ධර්‍මරාගයෙන් ඒ ධර්‍මනන්‍දියෙන් පසේබුදුබවට පැමිණේ.
Pali BJTතත්ථ යං{1} දිට්ඨෙව ධම්මෙ පාපුණාති, අයං නිබ්බෙධො. යං සම්පරායෙ පච්චෙකබොධිං පාපුණාති, අයං වාසනා.
Sinhala BJTඑහි ඉහාත්මයෙහි මැ නිවනට පැමිණේ ද මේ නිබ්බේධ යැ, සම්පරායභවයෙහි පසේ බුදු බවට පැමිණේ ද මේ වාසනා යි.
Pali BJTඉමානි සොළස සුත්තානි සබ්බසාසනං අතිගණ්හන්තො තිට්ඨන්ති. ඉමෙහි සොළසහි සුත්තෙහි නවවීධො සුත්තන්තො විභත්තො භවති. සො ච පඤ්ඤවතො නො දුප්පඤ්ඤස්ස, යුත්තස්ස නො අයුත්තස්ස, අකම්මස්ස විහාරිස්ස.
Sinhala BJTමේ සොළොස් සූත්‍රයෝ සියලු ශාසනය ඇතුළත් කොට ගනිමින් සිටිත්. මේ සොළොස් සූත්‍රයෙන් නවවිධ සූත්‍රාන්තය විභාග කරන ලද්දේ වෙයි. හෙ ද නුවණැත්තහුට යැ දුෂ්ප්‍රාඥහට නො වෙයි, යෝගයෙහි යෙදුණහුට යැ අනුක්තයහට නො වෙයි. අකර්‍මවිහාරී හුට යැ.
Pali BJTපකතියා ලොකො{2} සංකිලෙසො චරති. සො සංකිලෙසො තිවිධො: තණ්හාසංකිලෙසො දිට්ඨිසංකිලෙසො දුච්චරිතසංකිලෙසො. තතො සංකිලෙසතො උට්ඨහන්තො සංකිලෙසධම්මෙසු{3} පතිට්ඨහති ලොකියෙසු පතිට්ඨහතීති, තත්ථාකුසලො දිට්ඨිතො{4} සචෙ තං සීලං ච දිට්ඨිං ච පරාමසති, තස්ස සො තණ්හාසංකිලෙසො හොති. සචෙ පනස්ස එවං හොති: ‘ඉමිනා’හං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි{5}. දෙවඤ්ඤතරො වා’ති, සාස්ස{6}. හොති මිච්ඡාදිට්ඨි, සො තස්ස{6} මිච්ඡාදිට්ඨිසංකිලෙසො භවති.
Sinhala BJTපියවින් ලෝවැසි තෙම සංකිලේස ඇති වැ හැසිරෙයි. ඒ සංකිලේසය ත්‍රිවිධ ය තණ්හාසංකිලේස යැ දිට්ඨිසංකිලේස යැ දුච්චරිතසංකිලේස යි. ඒ සංකිලේසයෙන් නැගී සිටිනුයේ සංකිලේස ධර්‍මයන්හි පිහිටයි. ලෞකික ධර්‍මයන්හි පිහිටන හෙයිනි. එහි, අදක්‍ෂ වූයේ ඉදින් දිට්ඨි විසින් ඒ ශීලයත් දෘෂ්ටියත් පරාමර්‍ශ කෙරේ ද, ඔහුට ඒ පරාමර්‍ශය තණ්හාසංකිලේස වෙයි. ඉදින් ඔහුට මෙබඳු සිතෙක් වේ ද, “මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ දේවාන්‍යතරයෙක් හෝ වන්නෙමි’යි ඒ ඔහුට මිථ්‍යාදෘෂ්ටි වෙයි, ඒ ඔහුට මිච්ඡාදිට්ඨිසංකිලේසය වේ.
Pali BJTසචෙ පන සීලෙ පතිට්ඨිතො අපරාමට්ඨස්ස හි සීලවතං හොති, තස්ස තං සීලවතං{7} යොනිසො ගහිතං අවිප්පටිසාරං{8} ජනෙති, (යාව-විමුත්තිඤාණදස්සනං) තං ච තස්ස දිට්ඨෙව ධම්මෙ, කාලකතස්ස{9} වා තම්හියෙව වා පන අපරාපරියායෙ{10} වා අඤ්ඤෙසු ඛන්ධෙසු එවං සුතං: ‘සුචරිතං වාසනාය සංවත්තතී’ති වාසනාභාගියං සුත්තං වුච්චති.
Sinhala BJTඉදින් වැලිත් සීලයෙහි පිහිටියේ වේ ද යම්හෙයකින් දෘෂ්ටිපරාමර්‍ශ නො කළහුගේ ශීලව්‍රතය වේ ද, ඔහුට නුවණින් ගන්නා ලද ඒ ශීලව්‍රතය අවිප්‍රතිසාරය උපදවයි. (විමුක්ති ඤාණදස්සනය දක්වා විස්තර කළයුතු–දසකංගුත්තර ආනිසංසවග්ගං) එ ද ඔහුට ඉහාත්ම යෙහි මැ වෙයි, කලුරිය කළහුට හෝ ඒ අත්බැව්හි මැ හෝ අපරපරියාස වශයෙන් අන්‍ය ස්කන්‍ධයන්හි හෝ (අවිප්පටිසාරාදිය වෙයි.) ‘සුචරිතය වාසනා පිණිස පවතී’ යයි මෙසේ අසන ලද ද මේ වාසනාභාගිය සූත්‍ර යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ සීලෙසු ඨිතස්සපි නීවරණචිත්තං, තං තතො සක්කායදිට්ඨිප්පහානාය භගවා ධම්මං දෙසෙති, සො අච්චන්තනිට්ඨං නිබ්බානං පාපුණාති, යදි වා සාසනන්තරෙ අච්චන්තනිට්ඨං නිබ්බානං පාපුණාති, යදි වා එකාසනෙ ඡ අභිඤ්ඤො. තත්ථ ද්වෙ පුග්ගලා අරියධම්මෙ පාපුණන්ති; සද්ධානුසාරී ච ධම්මානුසාරී ච. තත්ථ ධම්මානුසාරී උග්ඝටිතඤ්ඤූ සද්ධානුසාරී නෙය්යො. තත්ථ උග්ඝටිතඤ්ඤූ දුවිධො: කොචි තික්ඛින්ද්රියො කොචි මුදින්ද්රියො. තත්ථ නෙය්යොපි දුවිධො කොචි තික්ඛින්ද්රියො කොචි මුදින්ද්රියො. තත්ථ යො ච උග්ඝටිතඤ්ඤූ මුදින්ද්රියො, යො ච නෙය්යො තික්ඛින්ද්රියො, ඉමෙ පුග්ගලා අසමින්ද්රියා හොන්ති. තත්ථ ඉමෙ පුග්ගලා සමින්ද්රියා{11} පරිහායන්ති ච උග්ඝටිතඤ්ඤුතො, විපඤ්චිතඤ්ඤූ නෙය්යතො, ඉමෙ මජ්ඣිමා භූමිගතා විපඤ්චිතඤ්ඤූ හොන්ති. ඉමෙ තයො පුග්ගලා.
Sinhala BJTඑහි ශීලයෙහි සිටියහුට ද නීවරණචිත්තය වෙයි එහෙයින් බුදුහු සත්කායදෘෂ්ටිප්‍රහාණය පිණිස දහම් දෙසන සේක. හේ අත්‍යන්ත නිෂ්ඨා වූ නිවනට පැමිණෙයි. නොහොත් අන්‍ය ශාසනයෙක්හි අත්‍යන්තනිෂ්ඨා වූ නිවනට පැමිණෙයි. නොහොත් එක් ආසනයෙහි හුන්නේ ෂඩභිඥ වෙයි. එහි පුද්ගලයෝ දෙදෙනෙක් ආර්‍ය්‍යධර්‍මයන්ට පැමිණෙති; සද්ධානුසාරී ද ධම්මානුසාරී ද යන මොහු යි. එහි ධම්මානුසාරී වූයේ උද්ඝටිතඥ යැ, සද්ධානුසාරී වූයේ නෙයපුද්ගල යි. එහි උද්ඝටිතඥ ද්විවිධ යැ: කිසිවෙක් තික්ඛින්‍ද්‍රිය යැ කිසි වෙක් මුදින්‍ද්‍රිය යි. එහි නෙයපුද්ගල ද ද්විවිධ යැ; කිසිවෙක් තික්ඛින්‍ද්‍රිය යැ, කිසිවෙක් මුදින්‍ද්‍රිය යි. එහි යම් උග්ඝටිතඤ්ඤ මුදින්‍ද්‍රිය පුද්ගලයෙකුත් යම් නෙය්‍යතික්ඛින්‍ද්‍රිය පුද්ගලයෙකුත් වේ ද, මේ පුද්ගලයෝ අසමඉන්‍ද්‍රිය ඇත්තාහු වෙති, එහි මේ පුද්ගලයෝ සම ඉන්‍ද්‍රිය ඇත්තාහු උද්ඝටිතඥයා කෙරෙන් පිරිහෙන්නාහු ද වෙති, විපඤ්චිතඥ නෙයපුද්ගලයා කෙරෙන් පිරිහෙයි, මොහු මධ්‍යම භූමිගත වූවාහු විපඤ්චිතඥ වෙත්. මේ තුන් පුද්ගලයෝ යි.
Pali BJTතත්ථ චතුත්ථා පන පඤ්චමා උග්ඝටිතඤ්ඤූ විපඤ්චිතඤ්ඤූ නෙය්යො ච. තත්ථ උග්ඝටිතඤ්ඤූ පුග්ගලො ඉන්ද්රියානි පටිලභිත්වා දස්සනභූමියං ඨිතො සොතාපත්තිඵලං ච පාපුණාති එකබීජී හොති පඨමො සොතාපන්නො. තත්ථ විපඤ්චිතඤ්ඤූ පුග්ගලො ඉන්ද්රියානි පටිලභිත්වා දස්සනභූමියං ඨිතො සොතාපත්තිඵලං ච පාපුණාති, කොලංකොලො ච හොති දුතියො සොතාපන්නො. තත්ථ නෙය්යෙ පුග්ගලො ඉන්ද්රියානි පටිලභිත්වා දස්සනභූමියං ඨිතො සොතාපත්තිඵලං ච පාපුණාති, කොලංකොලො ච හොති දුතියො සොතාපන්නො. තත්ථ නෙය්යො පුග්ගලො ඉන්ද්රියානි පටිලභිත්වා දස්සනභූමියං ඨිතො සොතාපත්තිඵලං ච පාපුණාති, සත්තක්ඛත්තුපරමො ච හොති, අයං තතියො සොතාපන්නො ඉමෙ තයො පුග්ගලා ඉන්ද්රියවෙමත්තතාය සොතාපත්තිඵලෙ ඨිතා. උග්ඝටිතඤ්ඤූ එකබීජී හොති. විපඤ්චිතඤ්ඤූ කොලංකොලො හොති, නෙය්යො සත්තක්ඛත්තුපරමො හොති.
Sinhala BJTයළි එහි සතරවැනි පස්වැනි පුද්ගලයෝ උද්ඝටිතඥ විපඤ්චිතඥ නෙය ද වෙති. එහි උද්ඝටිතඥ පුද්ගල ඉන්‍ද්‍රියයන් ප්‍රතිලාභ කොට දර්‍ශනභූමියෙහි සිටියේ සෝතාපත්ති ඵලයට ද පැමිණෙයි. ඒකබීජී ප්‍රථම ස්‍රෝතාපන්න වෙයි. එහි විපඤ්චිතඥ පුද්ගල ඉන්‍ද්‍රිය ප්‍රතිලාභ කොට දර්‍ශන භූමියෙහි සිටියේ ස්‍රෝතාපත්තිඵලයට ද පැමිණෙයි. ද්විතීය ස්‍රෝතාපන්න වූ කොලංකොල ද වෙයි. එහි නෙයපුද්ගල ඉන්‍ද්‍රියප්‍රතිලාභ කොට දර්‍ශන භූමියෙහි සිටියේ සෝවත්ඵලයට ද පැමිණෙයි. සත්තක්ඛත්තුපරම ද වෙයි. මේ තුන්වැනි ස්‍රෝතාපන්න යි. මේ තුන් පුද්ගලයෝ ඉන්‍ද්‍රියවේමත්තතායෙන් සෝවත්ඵලයෙහි සිටියාහු, උද්ඝටිතඥ ඒකබීජී වෙයි. විපඤ්චිතඥ පුද්ගල කොලංකොල වෙයි, නෙයපුද්ගල සත්තක්ඛත්තුපරම වේ.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යි.
Pali BJTසචෙ පන තදුත්තරිං වායමති, අච්චන්තනිට්ඨං නිබ්බානං පාපුණාති. තත්ථ උග්ඝටිතඤ්ඤූ පුග්ගලො යො තික්ඛින්ද්රියො, තෙ ද්වෙ පුග්ගලා හොන්ති: අනාගාමිඵලං පාපුණිත්වා අන්තරාපරිනිබ්බායී ච උපහච්චපටිනිබ්බායී ච, තත්ථ විපඤ්චිතඤ්ඤූ පුග්ගලො යො තික්ඛින්ද්රියො, තෙ ද්වෙ පුග්ගලා හොන්ති: අනාගාමිඵලං පාපුණිත්වා{1} අසඞ්ඛාරපරිනිබ්බායී ච සසඞ්ඛාරපරිනිබ්බායී ච. තත්ථ නෙය්යො අනාගාමිඵලං පාපුණන්තො උද්ධංසොතො අකනිට්ඨගාමී හොති. උග්ඝටිතඤ්ඤූ ච විපඤ්චිතඤ්ඤූ ච ඉන්ද්රියනානත්තෙන උග්ඝටිතඤ්ඤූ පුග්ගලො තික්ඛින්ද්රියො අන්තරාපරිනිබ්බායී හොති. උග්ඝටිතඤ්ඤූ මුදින්ද්රියො උද්ධංසොතො අකනිට්ඨගාමී හොති. උග්ඝටිතඤ්ඤූ ච විපඤ්චිතඤ්ඤූ ච ඉන්ද්රියනානත්තෙන උග්ඝටිතඤ්ඤූ පුග්ගලො තික්ඛින්ද්රියො සසඞ්ඛාරපරිනිබ්බායී හොති, තික්ඛින්ද්රියො අන්තරාපරිනිබ්බායී හොති, උග්ඝටිතඤ්ඤූ මුදින්ද්රියො අසඞ්ඛාරපරිනිබ්බායී හොති. විපඤ්චිතඤ්ඤූ තික්ඛින්ද්රියො අසඞ්ඛාරපරිනිබ්බායී හොති, විපඤ්චිතඤ්ඤූ මුදින්ද්රියො සසඞ්ඛාරපරිනිබ්බායී හොති, නෙය්යො උපහච්චපරිනිබ්බායී හොති, විපඤ්චිතඤ්ඤූ තික්ඛින්ද්රියො අසඞ්ඛාරපරිනිබ්බායී හොති, විපඤ්චිතඤ්ඤූ මුදින්ද්රියො සසඞ්ඛාරපරිනිබ්බායී හොති, නෙය්යො උද්ධංසොතො අකනිට්ඨගාමී හොති, ඉති පඤ්ච අනාගාමිනො, ඡට්ඨො සකදාගාමී, තයො ච සොතාපන්නාති ඉමෙ නව සෙක්ඛා.
Sinhala BJTතවද ඉදින් එයින් මතුයෙහි වෑයම් කෙරේ නම් අත්‍යන්ත නිෂ්ඨා වූ නිවනට පැමිණෙයි. එහි යම් තික්ඛින්‍ද්‍රිය වූ උද්ඝටිතඥ පුද්ගලයෙක් වේ ද ඔහු පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: අනාගාමීඵලයට පැමිණ අන්තරාපරිනිබ්බායී ද උපහච්චපරිනිබ්බායී ද වෙති. එහි යම් තික්ඛින්‍ද්‍රිය වූ විපඤ්චිතඥ පුද්ගලයෙක් වේ ද ඔහු පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: අනාගාමීඵලයට පැමිණ අසංඛාරපරිනිබ්බායී ද සසංඛාරපරිනිබ්බායී ද වෙති. එහි නෙයපුද්ගල අනාගාමීඵලයට පැමිණෙනුයේ උද්ධංසෝතඅකනිට්ඨගාමී වෙයි. උද්ඝටිතඥ ද විපඤ්චිතඥ ද දෙදෙන ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් උද්ඝටිතඥ පුද්ගල තික්ඛින්‍ද්‍රිය වූයේ අන්තරාපරිනිබ්බායී වෙයි, උද්ඝටිතඥ මුදින්‍ද්‍රිය පුද්ගල උද්ධංසෝතඅකනිට්ඨගාමී වෙයි. උද්ඝටිතඥ ද විපඤ්චිතඥ ද දෙදෙන ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් තික්ඛින්‍ද්‍රිය උද්ඝටිතඥ පුද්ගල සසංඛාරපරිනිබ්බායී වෙයි. උද්ඝටිතඥ මුදින්‍ද්‍රියපුද්ගල උපහච්චපරිනිබ්බායී වෙයි. විපඤ්චිතඥ තික්ඛින්‍ද්‍රිය පුද්ගල අසංඛාරපරිනිබ්බායී වෙයි. විපඤ්චිතඥ මුනින්‍ද්‍රිය පුද්ගල සසංඛාර පරිනිබ්බායී වෙයි. නෙයපුද්ගල උපහච්චපරිනිබ්බායී වෙයි. විපඤ්චිතඥ තික්ඛින්‍ද්‍රියපුද්ගල අසංඛාරපරිනිබ්බායී වෙයි, විපඤ්චිතඥ මුදින්‍ද්‍රිය පුද්ගල සසංඛාරපරිනිබ්බායී වෙයි. නෙයපුද්ගල උද්ධංකසෝතඅකනිට්ඨගාමී වේ. මෙසේ පඤ්ච අනාගාමීහු යැ සවැනි සකදාගාමී යැ තුන් ස්‍රොතාපන්නයෝ යැයි මේ නව ශෛක්‍ෂයෝ වෙත්.
Pali BJTතත්ථ උග්ඝටිතඤ්ඤූ පුග්ගලො තික්ඛින්ද්රියො අරහත්තං පාපුණන්තො ද්වෙ පුග්ගලා හොන්ති: උභතොභාගවිමුත්තො පඤ්ඤාවිමුත්තො ච. තත්ථ උග්ඝටිතඤ්ඤූ පුග්ගලො මුදින්ද්රියො අරහත්තං පාපුණන්තො ද්වෙ පුග්ගලා හොන්ති: ඨීතකප්පී ච පටිවෙධනභාවො ච. තත්ථ විපඤ්චිතඤ්ඤූ පුග්ගලො ච තික්ඛින්ද්රියො අරහත්තං පාපුණන්තො ද්වෙ පුග්ගලා හොන්ති: චෙතනාභබ්බො ච රක්ඛණභබ්බො ච. තත්ථ විපඤ්චිතඤ්ඤූ මුදින්ද්රියො අරහත්තං පාපුණන්තො ද්වෙ පුග්ගලා හොන්ති: සචෙ චෙතෙති න පරිනිබ්බාති, නො චෙ අනුරක්ඛති පරිනිබ්බායී’ති. තත්ථ නෙය්යො පුග්ගලො භාවනානුයොගමනුයුත්තො පරිහානධම්මො හොති කම්මනියතො වා සමසීසී වා. ඉමෙ නව අරහන්තො.
Sinhala BJTඑහි තික්ඛින්‍ද්‍රිය වූ උග්ඝටිතඤ්ඤු පුද්ගල රහත්බවට පැමිණෙනුයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: උභතෝභාගවිමුත්ත ද පඤ්ඤාවිමුත්ත දැයි. එහි මුනින්‍ද්‍රිය උග්ඝටිතඤ්ඤු පුද්ගල රහත් බවට පැමිණෙනුයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: ඨීතකප්පී ද පටිවේධනභාව දැයි කියායි. එහි තික්ඛින්‍ද්‍රිය විපඤ්චිතඤ්ඤු පුද්ගල ද රහත් බවට පැමිණෙනුයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: චේතනාභව්‍ය ද රක්‍ෂණාභව්‍ය දැයි. එහි මුදින්‍ද්‍රිය විපඤ්චිතඤ්ඤු පුද්ගල රහත් බවට පැමිණෙනුයේ පුද්ගලයෝ දෙදෙනෙක් වෙති : ඉදින් සිතා නම් නො පිරිනිවෙයි. ඉදින් නො රකී නම් පිරිනිවේ යයි. එහි දී නෙයපුද්ගල භාවනානුයෝගයෙහි යෙදුණේ පරිහාන ස්වභාව ඇතියේ වේ ද කර්‍මනියත වූයේ හෝ සමසීසී හෝ වෙයි. මේ නව වැදෑරුම් රහත්හු යි.
Pali BJTඉදං චතුබ්බිධං සුත්තං: සංකිලෙසභාගියං -පෙ- අසෙඛභාගියං. ඉමෙසු පුග්ගලෙසු තථාගතස්ස දසවිධං බලං පවත්තති.
Sinhala BJTමේ සංකිලෙසභාගිය ... අසේඛභාගිය යන චතුර්විධ සූත්‍ර යි. මේ පුද්ගලයන් කෙරෙහි තථාගතයන් වහන්සේගේ දසවිධ බලය පවතී.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මෙහි පාළිය සර්‍වප්‍රකාරයෙන් ව්‍යාකූලව ඇත.)
Pali BJTකතමං දසවිධං: ඉධ බුද්ධානං භගවන්තානං අප්පවත්තිතෙ ධම්මචක්කෙ මහෙසක්ඛා දෙවපුත්තා යාචනාය අභියාතා හොන්ති: ‘දෙසෙතු සුගතො ධම්ම’න්ති. සො අනුත්තරෙන බුද්ධචක්ඛුනා වොලොකෙන්තො අද්දසාසි සත්තානං තයො රාසී{1}: සම්මත්තනියතො මිච්ඡත්තනියතො අනියතො.
Sinhala BJTකවර දසවිධ බලයෙක යත්: එහි භාග්‍යවත් බුදුවරුන් දම්සක් නො පැවැත්වූ කල්හි මහායශස්ක දිව්‍යපුත්‍රයෝ අයැදීම පිණිස පැමිණියාහු වෙති: ‘සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්ව’යි. ඒ බුදුහු අනුත්තර වූ බුදුඇසින් බලන සේක් සත්ත්‍වයන්ගේ සම්මත්ත නියත යැ විච්ඡත්තනියත යැ අනියත යැ යන තුන් රාසීන් දුටුසේක.
Pali BJTතත්ථ සම්මත්තනියතො රාසි මිච්ඡාසතිං ආපජ්ජෙය්යාති නෙතං ඨානං විජ්ජති, අසත්ථුකො පරිනිබ්බායෙය්යාති නෙතං ඨානං විජ්ජති, සමාපත්තිං ආපජ්ජෙය්යාති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTඑහි සම්මත්ත නියතරාසිය මිච්ඡාසතියට පැමිණෙන්නේ යැ යන තෙල කරුණ නො වෙයි. අශාස්තෘක වැ පිරිනිවෙන්නේ යැ යන තෙල කරුණ නො වෙයි. සමවතට පැමිණේ යැ යන තෙල කරුණ වෙයි.
Pali BJTතත්ථ මිච්ඡත්තනියතො රාසි අරියසමාපත්තිං පටිපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති, අනරියමිච්ඡාපටිපත්තිං පටිපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTඑහි මිච්ඡත්තනියත රාසිය ආර්‍ය්‍යසමාපත්තියට පිළිපදනේ යැ යන තෙල කරුණ නො වෙයි, අනාර්‍ය්‍ය වූ මිථ්‍යාප්‍රතිපත්තියට පිළිපදනේ යැ යන තෙල කරුණ වෙයි.
Pali BJTතත්ථ අනියතො රාසි සම්මාපටිපජ්ජමානො{2} සම්මත්තනියතරාසිං ගමිස්සතීති ඨානමෙතං විජ්ජති, මිච්ඡාපටිපජ්ජමානො සම්මත්තනියතරාසිං ගමිස්සතීති නෙතං ඨානං විජ්ජති. සම්මාපටිපජ්ජමානො මිච්ඡත්තනියතරාසිං ගමිස්සතීති නෙතං ඨානං විජ්ජති, මිච්ඡාපටිපජ්ජමානො මිච්ඡත්තනියතරාසිං ගමිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTඑහි අනියත රාසිය මොනොවට පිළිපදනේ සම්මත්තනියත රාසියට යන්නේ යැ යන තෙල කරුණ වෙයි. වරදවා පිළිපදනේ සම්මත්තනියතරාසියට යන්නේ යැ යන තෙල කරුණ නො වෙයි. සම්‍යක් ප්‍රතිපන්න වූයේ මිච්ඡත්තනියත රාසියට යන්නේ යැ යන තෙල කරුණ නො වෙයි. මිථ්‍යාප්‍රතිපන්න වූයේ මිච්ඡත්තනියත රාසියට යන්නේ යැ යන මෙකරුණ වන්නේ යි.
Pali BJTඉමෙ තයො අනුත්තරෙන බුද්ධචක්ඛුනා වොලොකෙන්තස්ස සම්මාසම්බුද්ධස්ස මෙ සතො ‘ඉමෙ ධම්මා අනභිසම්බුද්ධා’ති එත්තාවතා{3} මං කොචි සහධම්මෙන පටිචොදෙස්සතීති{4} නෙතං ඨානං විජ්ජති, වීතරාගස්ස මෙ{5} පටිජානතො අඛීණාසවතාය සහධම්මෙන කොචි පටිචොදෙස්සතීති{4} නෙතං ඨානං විජ්ජති. යතො පන ඉමස්ස අනියතස්ස රාසිස්ස ධම්මදෙසනා, සා න දිස්සති තක්කරස්ස සම්මාදුක්ඛක්ඛයායා’ති නෙතං ඨානං විජ්ජති, තථා ඔවදිතො යං පන මෙ අනියතරාසි සාවකො පුබ්බෙනාපරං විසෙසං න සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමේ තුන් පුද්ගලයන් අනුත්තර වූ බුදුඇසින් බලන්නා වූ සම්‍යක් සම්බුද්ධ වූ මට ‘මේ ධර්‍මයෝ අනභිසම්බුද්ධයහ’යි මෙතෙකින් කිසිවෙක් මට සකාරණ ව ප්‍රතිචෝදනා කරන්නේ යැ යන තෙල කරුණ නො වේ. වීතරාග යයි පිළින කරන මට අඛිණාසවතායෙන් සකාරණ ව කිසිවෙක් චෝදනා කරන්නේ යැ යන තෙල කරුණ නො වේ. තවද යම් හෙයෙකින් මේ අනියතරායියට ධර්‍මදේශනා වේ ද ඒ දේශනාව එය පිළිපදිනහුට මනාකොට දුක් ක්‍ෂය වීම පිණිස නො පැනේ යැ යන තෙල කරුණ නො වෙයි. තවද යම්හෙයෙකින් මා විසින් එසේ අවවාද කරන ලද අනියත රාසියෙහි වූ ශ්‍රාවකයෙක් පූර්‍ව විශේෂයෙන් අපර විශේෂය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේ යැ යන තෙල කරුණ නො වේ.
Pali BJTයං ඛො මුනි නානප්පකාරෙන{6} නානානිරුත්තියො දෙවනාගයක්ඛානං දෙසෙති දමෙති, ධම්මෙ වවත්ථානෙන වත්වා කාරණතො අඤ්ඤං කාරණං{7} ගමිස්සතීති නෙතං ඨානං විජ්ජති, ධම්මපටිසම්භිදා.
Sinhala BJTතථාගත මුනීහු දේව – නාග – යක්‍ෂයනට නානාප්‍රකාරයෙන් නානානිරුක්තීන් දේශනා කෙරෙති. (ඔවුන්) දමනය කෙරෙත්. විනිශ්චය විසින් දහම් දෙසා කාරණයෙන් අන්‍යකාරණයකට යන්නාහ යන තෙල කරුණ නො වේ. ධම්මපටිසම්භිදා යැ.
Pali BJTයතො පනිමා නිරුත්තිතො සත්ත සුත්ත (?) නිරුත්තියො{8} නාභිසම්භුනෙය්යාති නෙතං ඨානං විජ්ජති, නිරුත්තිපටිසම්භිදා.
Sinhala BJTයම් හෙයකින් නිරුක්තිඤාණ හේතුයෙන් සප්ත සූත්‍රනිරුක්තීන් අවබෝධ නො කරන්නේ යැ යන (?) කරුණ නො වෙ යි. නිරුක්ති පටිසම්භිදා යැ.
Pali BJTනිරුත්ති ඛො පන අභිසමයරතානං සාවකානං තමත්ථමවිඤ්ඤාපයෙති නෙතං ඨානං විජ්ජති. අත්ථපටිසම්භිදා.
Sinhala BJTනිරුක්තිය වැලිත් අභිසමයෙහි ඇලුණු ශ්‍රාවකයනට ඒ අර්‍ත්‍ථය නො හඟවන්නේ යැ යන තෙල කරුණ නො වේ. අත්‍ථපටිසම්භිදා යි.
Pali BJTමහෙසක්ඛා දෙවපුත්තා උපසඞ්කමිත්වා පඤ්හෙ පුච්ඡිංසු, කායිකෙන වා මානසිකෙන වා පරිපීළිතස්ස; හත්ථකුණීති වා පාදෙ වා ඛඤ්ජස්ස දන්ධස්ස වා, සො අත්ථො න පරාභාජීයතීති නෙතං ඨානං විජ්ජති. පටිභානපටිසම්භිදා.
Sinhala BJTමහායශස්ක වූ දිව්‍ය පුත්‍රයෝ (බුදුන් කරා) එළඹ පැන පුළුවුත්හ. කායික හෝ මානසික හෝ දුකින් පීඩිත වූවහුට අත් පා කොරවූවහුට හෝ දන්‍ධයකුට හෝ ඒ අර්‍ත්‍ථය විභාග නො කරනු ලැබෙයි යන තෙල කරුණ නො වේ. පටිහාන පටිසම්භිදා යි.
Pali BJTයං හි සං තෙසං හොති තං හි අසන්තං භවතීති නෙතං ඨානං විජ්ජති. යං හි නසං තෙසං න භවති, තං හි නසං තෙසං භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. එවං සමුදයස්ස නිරොධාය දස අකුසලකම්මපථා.
Sinhala BJTයම් සත් ස්වභාවයක් ඔවුනට වේ ද එය අසත් (අවිද්‍යමාන) වූවක් වේ යැ යන තෙල කරුණ නො වෙයි. යම් අසත් වූවක් ඔවුනට නො වේ ද ඒ අසත් ස්වභාව ඔවුනට වන්නේයැ යන තෙල කරුණ නොවේ. සමුදයයාගේ නිරෝධය පිණිස දශඅකුශලකර්‍ම පථයෝ ද මෙසේ වෙත්.
Pali BJTමාරො වා ඉන්දො වා බ්රහ්මා වා තථාගතො වා චක්කවත්තී වා සො වත නාම මාතුගාමො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති, පුරිසො{1} රාජා චක්කවත්තී සක්කො දෙවානමින්දො භවිස්සතීති ඨානමෙතං විජ්ජති. ඉතිස්ස එවරූපං බලං එවරූපං ඤාණං, ඉදං වුච්චති ඨානාඨානඤාණං{2} පඨමං තථාගතබලං. තං නිද්දිසිතබ්බං: තීහි රාසීහි චතූහි වෙසාරජ්ජෙහි චතූහි පටිසම්භිදාහි, පටිච්චසමුප්පාදස්ස පවත්තියං නිවත්තියං භාගියං ච, කුසලං කුසලවිපාකෙසු ච උපපජ්ජති යං ච ඉත්ථිපුරිසානං.
Sinhala BJTමාර වේවයි ඉන්‍ද්‍ර වේවයි බ්‍රහ්ම වේවයි තථාගත වේවයි චක්‍රවර්ති වේවයි ඒකාන්තයෙන් හේ නම් මාගමක් වන්නේ යැ යන තෙල කරුණ නො වේ. පුරුෂයෙක් සක්විති රජ වන්නේ යැ ශක්‍රදේවේන්‍ද්‍ර වන්නේ යැ යන තෙල කරුණ වන්නේ යි. මෙසේ මෙබඳු බලයක් මෙබඳු ඥානයක් වන්නේ යැ, මේ ‘ඨානාඨානඤාණ’ නම් පළමුවන තථාගතබලය යි කියනු ලැබේ. එය තුන් රාශියෙන් සතර වෛශාරද්‍යයෙන් සිවු පිළිසිඹියායෙන් ද ... පටිච්චසමුප්පාදයාගේ ප්‍රවෘත්තියෙහි ද නිවෘත්තියෙහි ද යම් ස්ත්‍රීපුරුෂයන්ගේ කුශලයක් ඒ කුශලවිපාකයන්හි උපදනේ නම් (එයින් ද) දැක්විය යුතු.
Pali BJTඉදං පඨමං තථාගතබලං.
Sinhala BJT(1) මේ පළමුවන තථාගතබල යැ.
Pali BJTතථාගතො එවං ජානාති: යෙසං පන සම්මත්තනියතො රාසි. නායං සබ්බත්ථගාමිනී පටිපදා, නිබ්බානගාමිනියෙවායං පටිපදා, තත්ථ සියා මිච්ඡත්තනියතො රාසි, එසා’පි න සබ්බත්ථගාමිනී පටිපදා, සක්කායසමුදයගාමිනීයෙවායං පටිපදා, හොතු, අයං තත්ථ තත්ථ පටිපත්තියා ඨිතො ගච්ඡති නිබ්බානං, ගච්ඡති අපායං, ගච්ඡති දෙවමනුස්සස්ස. යං යං වා පටිපදං පටිපජ්ජෙය්ය සබ්බත්ථ ගච්ඡෙය්ය. අයං සබ්බත්ථගාමිනී පටිපදා, යං එත්ථ ඤාණං යථාභූතං, ඉදං වුච්චති සබ්බත්ථගාමිනිපටිපදා ඤාණං.
Sinhala BJTතථාගතයන් වහන්සේ මෙසේ දන්නා සේක: යම් කෙනකුන්ට සම්මත්තනියතරාසිය වේ ද මේ සබ්බත්‍ථගාමිනිපටිපදා නො වේ, මේ නිබ්බාන ගාමිනී පටිපදා මැ වේ. එහි යම් මිච්ඡත්තනියතරාසියෙක් වන්නේ ද, මෙ ද සබ්බත්‍ථගාමිනී පටිපදා නො වෙයි, මේ සක්කායසමුදයගාමිනී පටිපදා මැ වේ. වේවා. මේ තෙම ඒ ඒ ප්‍රතිපත්තියෙහි සිටියේ නිවනට යෙයි, අපායට යෙයි, දිව්‍යමනුෂ්‍යගතියට යෙයි. යම් යම් ප්‍රතිපදාවකට පිළිපන්නේ සියලු ගතියට මැ යන්නේ නම් මේ සබ්බත්‍ථගාමිනීපටිපදා යි. එහි යථාභූත වූ යම් ඤාණයක් වේ ද මේ සබ්බත්‍ථගාමිනීපටිපදාඤාණ යයි කියනු ලැබේ.
Pali BJTඉදං දුතියං තථාගතබලං.
Sinhala BJT(2) මෙ දෙවැනි තථාගතබල යැ.
Pali BJTසා ඛො පනායං සබ්බත්ථගාමිනී පටිපදා නානාධිමුත්තා කෙචි කාමෙසු කෙචි දුක්කරකාරියං කෙචි අත්තකිලමථානුයොගමනුයුත්තා කෙචි සංසාරෙන සුද්ධිං පච්චෙන්ති කෙචි අනවජ්ජභාවනායාති{3}. තෙන තෙන චරිතෙන විනිබද්ධානං{4} සත්තානං යං ඤාණං යථාභූතං නානාගතං ලොකස්ස අනෙකාධිමුත්තිගතං යථාභූතං පජානාති.
Sinhala BJTයළි මේ සබ්බත්‍ථගාමිනීපටිපදාව නානාධ්‍යාශය ඇති වෙයි. කිසි කෙනෙක් කාමයන්හි අධිමුත්ත (ඇලුනාහු) වෙති, කිසි කෙනෙක් දුෂ්කරක්‍රියායෙහි අධිමුත්ත වෙති, කිසි කෙනෙක් අත්තකිලමථානුයෝගයෙහි යෙදුනාහු වෙති. කිසි කෙනෙක් සංසාරයෙන් ශුද්ධිය කැමැති වෙති, කිසි කෙනෙක් අනවද්‍යභාවනායෙන් ශුද්ධිය කැමැති වෙත් යයි. ඒ ඒ චරිතයෙන් බැඳුණු සත්ත්‍වයන් පිළිබඳ යථාභූත වූ යම් ඥානයක් ඇද්ද, ලෝකය පිළිබඳ නානා ස්වභාව අනේකාධිමුත්තබව යථාභූතව (තතු පරිදි) දැනගන්නා සේක.
Pali BJTඉදං තතියං තථාගතබලං.
Sinhala BJT(3) මේ තුන්වැනි තඛාගතබල යැ.
Pali BJTතත්ථ සත්තානං අධිමුත්තා භවන්ති ආසෙවන්ති භාවෙන්ති බහුලීකරොන්ති. තෙසං කම්මූපසයානං{1} තදධිමුත්තානං{2} සා චෙව ධාතු සංවහති. කතරා පනෙසා ධාතු: නෙක්ඛම්මධාතු බලධාතු කාචි සම්මත්තං{3} කාචි මිච්ඡත්තං ච ධාතු අධිමුත්තා භවන්ති අඤ්ඤතරෙ උත්තරිං{4} න සමනුපස්සන්ති. තෙ තදෙව ඨානං ජාති{5} ජරාමරණස්ස අභිනිවිස්ස වොහරන්ති: ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති, යථා භගවතා{6} සක්කස්ස දෙවානමින්දස්ස භාසිතං. යං තත්ථ යථාභූතං ඤාණං.
Sinhala BJTඑහි සත්ත්‍වයන්ගේ අධ්‍යාශයෝ වෙති, ආසේවන කෙරෙති, වඩති, බහුල කෙරෙත්. කර්‍මයෙහි ඇලුණු එහි අධිමුක්ත වූ ඔවුනට එ මැ ස්වභාවය ද තෙල ධාතු (ස්වභාව) කවර යත්: නෙක්ඛම්මධාතු යැ බලධාතු යැ සම්‍යක්ත්‍වධාතු යැ මිථ්‍යාත්‍වධාතු යැ (යන මෙහි) අධිමුත්ත වෙත්. ඇතැම්හු මත්තෙහි නො දක්නාහු යැ ඔහු එකරුණ මැ ජාති ජරාමරණයට පිවිසැ ව්‍යවහාර කෙරෙති: ‘මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’යි යම්සේ භාග්‍යවතුන් විසින් සක් දෙවිඳුට වදාරන ලද ද එමෙනි.
Pali BJTඉදං වුච්චති චතුත්ථං තථාගතබලං.
Sinhala BJT(4) මේ සතරවැනි තථාගතබල යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ යං යදෙව ධාතුං{7} සෙට්ඨන්ති, තං තං කායෙන ච වාචාය ච ආරභන්ති{8} චෙතසිකො ආරම්භො චෙතනා කම්මං, කායිකො වාචසිකො ආරම්භො වෙතසිකත්තා කම්මන්තරං. තථාගතො එවං පජානාති: ‘ඉමිනා සත්ථෙන එවං ධාතුකෙන එවරූපං කම්මං කතං, තං අතීතමද්ධානං. ඉමිනා හෙතුනා තස්ස එවරූපො විපාකො විපච්චති එතරහි, විපච්චිස්සති වා අනාගතමද්ධාන’න්ති. එවං පච්චුප්පන්නමද්ධානං පජානාති: අයං පුග්ගලො එවංධාතුකො ඉදං කම්මං කරොති, තණ්හාය ච දිට්ඨියා ච. ඉමිනා හෙතුනා න තස්ස විපාකො දිට්ඨෙ වා ධම්මෙ, නිබ්බත්තිස්සති උපපජ්ජෙ වා අපරම්හි වා පරියායෙති. එවං පජානාති: ‘අයං පුග්ගලො එවරූපං කම්මං කරිස්සති අනාගතමද්ධානං ඉමිනා හෙතුනා තස්ස එවරූපො විපාකො නිබ්බත්තිස්සති ඉමිනා හෙතුනා’ති යානි චත්තාරි කම්මට්ඨානානි, ඉදං කම්මට්ඨානං පච්චුප්පන්නසුඛං ආයතිං ච සුඛවිපාකං -පෙ- ඉති අයං අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං හෙතුසො ඨානසො විපාකවෙමත්තතං පජානාති උච්චාවචතං{10} හිනප්පණීතතං.
Sinhala BJTඑහි යම් යම් මැ ධාතු–අධ්‍යාශයක් ශ්‍රේෂ්ඨ යයි සලකත් ද ඒ ඒ අධ්‍යාශය කයින් ද වචනයෙන් ද අරඹති, චෛතසික ආරම්භය චේතනා කර්‍ම යි. කායික වාචසික ආරම්භය චෛතසික බැවින් කර්‍මාන්තර යැ. තථාගතයන් වහන්සේ මෙසේ දැනගන්නා සේක: ‘මෙබඳු ස්වභාව ඇති මේ සත්ත්‍ව විසින් මෙබඳු කර්‍මයක් කරනලද. එය අතීත කාලයෙහි යැ. මේ හේතුයෙන් ඔහුට මෙබඳු විපාකයෙක් මෙකල විපාක දෙයි, අනාගත කාලයෙහි හෝ විපාක දෙන්නේ ය යි. ප්‍රත්‍යුත්පන්න කාලය මෙසේ දැනගනී: ‘මේ පුද්ගල මෙබඳු ස්වභාව ඇතියේ තෘෂ්ණායෙන් ද දෘෂ්ටියෙන් ද මේ කර්‍මය කෙරෙයි. මේ හේතුයෙන් ඒ කර්‍මයාගේ විපාකය ඉහාත්මයෙහි මැ නූපදනේ යැ, උපපද්‍යභවයෙහි හෝ අපරපර්‍ය්‍යායයෙහි හෝ උපදනේ යැ යි. මෙසේ දැනගනී: මේ පුද්ගල අනාගත කාලයෙහි මේ හේතුයෙන් මෙබඳු කර්‍මයක් කරන්නේ යැ, මේ හේතුයෙන් ඔහුට මෙබඳු විපාකයෙක් උපදනේ යැ යි’. යම් සතර කර්‍මකාරණයෝ වෙත් ද, එනම් : “මේ කර්‍මය ප්‍රත්‍යුත්පන්න සුඛ යැ, මතුයෙහි ද සුඛවිපාක ඇත ... මෙසේ මේ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ කර්‍ම සමාදානයන්ගේ හේතු වශයෙන් කාරණ වශයෙන් විපාකයන්ගේ නානාත්‍වය උස්පහත් බව හීන ප්‍රණීත බව දන්නාසේක.
Pali BJTඉදං වුච්චති කම්මවිපාකඤාණං පඤ්චමං තථාගතබලං.
Sinhala BJT(5) මේ ‘කම්මවිපාකඤාණ’ නම් වූ පස්වැනි තථාගතබල යැ.
Pali BJTතථා සත්තා යං වා කම්මසමාදානං සමාදියන්තා.{11} තත්ථ එවං පජානාති: ඉමස්ස පුග්ගලස්ස කම්මාධිමුත්තස්ස රාගචරිතස්ස නෙක්ඛම්මධාතු{12} පාරිපූරිං ගච්ඡති{13} තස්ස රාගානුගතෙ යුඤ්ජමානස්ස පඨමං ඣානං සංකිලිස්සති, සචෙ පුන උත්තරිං වායමතො{14} ඣානවොදානගතෙ මානසෙ විසෙසභාගියං පටිපදං අනුයුඤ්ජියති, තස්ස හි ඣානභාගියංයෙව පඨමජ්ඣානෙ ඨිතස්ස දුතියං ඣානං වොදානං ගච්ඡති, තතියං ච ඣානං සමාපජ්ජිතුකාමස්ස සොමනස්සින්ද්රියං චිත්තං පරියාදාය තිට්ඨති තස්ස සා පීති අවිසෙසභාගියං තතියං ඣානං.
Sinhala BJTඑහි සත්ත්‍වයෝ යම් (කෙබඳු) හෝ කර්‍මසමාදානයක් ගන්නාහු වෙති. එහි (බුදුහු) මෙසේ දැනගන්නා සේක: කර්‍මාධිමුත්ත වූ රාගචරිත ඇති මේ පුද්ගලහට නෙක්ඛම්මධාතුව පිරීමට යෙයි, රාගානුගත කල්හි ශුන්‍ය වන ඔහුගේ ප්‍රථමධ්‍යානය කිලිටි වෙයි. ඉදින් යළි මත්තෙහි වෑයම් කරන්නහුට සිත ධ්‍යානයෙන් විශුද්ධ වූ කල්හි විසේසභාගිය ප්‍රතිපදාවට පැමිණෙයි. ප්‍රථමධ්‍යානයෙහි සිටි ඔහුට ධ්‍යාන භාගිය වූ මැ ද්විතීයධ්‍යානය ව්‍යවදානයට යෙයි. යළි තෘතීයධ්‍යානයට සමවදිනු කැමැත්තහුගේ සිත සෝමනස්සින්‍ද්‍රිය හාත්පසින් ගෙන සිටී. ඔහුගේ ඒ ප්‍රීතිය විසේසභාගිය නොවූ තාතීයධ්‍යානය ගෙන සිටී.
Pali BJTආදිස්ස තිට්ඨති, සචෙ තස්ස නිස්සරණං යථාභූතං පජානාති, තථා භූතස්ස චතුත්ථං ඣානං වොදානං ගච්ඡතියෙව. චතුත්ථස්ස ඣානස්ස හානභාගියා ධම්මා, තෙ ච ධම්මා යත්ථ පජායන්ති යෙහි චතුත්ථං ඣානං වොදානං දිස්සති. එවං අජ්ඣාසයසමාපත්තියා යා චතස්සො සමාපත්තියො තීණි විමොක්ඛමුඛානි අට්ඨ විමොක්ඛා. ඣානානීති චත්තාරි ඣානානි, විමොක්ඛාති අට්ඨ ච විමොක්ඛා තීණි ච විමොක්ඛමුඛානි. සමාධීති චත්තාරො සමාධි: ඡන්දසමාධි විරියසමාධි{1} චිත්තසමාධි වීමංසාසමාධි. සමාපත්තියොති චතස්සො අජ්ඣාසයසමාපත්තියො ඉති ඉමෙසං ඣානානං විමොක්ඛසමාපත්තීති එවරූපො සංකිලෙසො රාගචරිතස්ස පුග්ගලස්ස එවං දොසචරිතස්ස, මොහචරිතස්ස, රාගචරිතස්ස පුග්ගලස්ස එවරූපං වොදානං. ඉති යං එත්ථ ඤාණං යථාභූතං අසාධාරණං සබ්බසත්තෙහි. ඉදං වුච්චති ඡට්ඨං තථාගතබලං.
Sinhala BJTඉදින් ඒ ධ්‍යානයාගේ නිස්සරණය යථාභූතව දනී ද, එසේ වූවහුට චතුර්‍ත්‍ථධ්‍යානය ව්‍යවදානයට යේ මැ යැ. චතුර්‍ත්‍ථධ්‍යානයාගේ හානභාගිය ධර්‍මයෝ වෙති. ඒ ධර්‍මයෝ යම් තැනෙක උපදිත් ද, යම් ධර්‍මයකින් චතුර්‍ත්‍ථධ්‍යානය ව්‍යවදාන වූයේ දක්නා ලැබේ ද, මෙසේ අධ්‍යාශයසමාපත්තියෙන් යම් සතර සමාපත්ති කෙනෙක් වෙත් ද තුන් විමෝක්‍ෂමුඛයෝ වෙත් ද, අට්ඨ විමොක්ඛයෝ වෙත් ද; (මෙහි) ඣාන යනු සතර ධ්‍යානයෝ යැ. විමොක්ඛා යනු අෂ්ටවිමෝක්‍ෂයෝ යැ තුන් විමෝක්‍ෂමුඛයෝ යි. සමාධි යනු සතර සමාධීහු යැ: ඡන්‍දසමාධි යැ විරියසමාධි යැ චිත්තසමාධි යැ විමංසාසමාධි යි. සමාපත්තියො යනු සතර අධ්‍යාශයසමාපත්තී යි. මෙසේ මේ ධ්‍යානයන්ගේ විමොක්ඛසමාපත්ති යැ යන මෙබඳු සංකිලේසය රාගචරිත පුද්ගලයාහට යැ, දොසචරිතයාහට මෙසේ යැ, මෝහචරිතයාහට මෙසේ යැ, රාගචරිත පුද්ගලයාහට මෙබඳු ව්‍යවදානය වේ යයි, මෙසේ මෙහි යථාභූත වූ සියලු සත්ත්‍වයන් හා අසාධාරණ වූ යම් ඥානයක් ඇද්ද, මේ සවැනි තථාගතබලය’යී කියනු ලැබේ. (6)
Pali BJTතත්ථ තථාගතො එවං පජානාති: ලොකිකා ධම්මා ලොකුත්තරා ධම්මා භාවනාභාගියං ඉන්ද්රියනාමං{2} ලභන්ති ආධිපතෙය්යභූමිං උපාදාය, බලනාමං{3} ලභන්ති ථාමගතං මනො මනින්ද්රියං, තං උපාදාය, විරිය නාමං{4} ලභන්ති ආරම්භධාතුං උපාදාය. ඉතිස්ස{5} එවරූපං ඤාණං ඉමෙහි ච ධම්මෙහි ඉමෙ පුග්ගලා සමන්නාගතාතිපි. ධම්මදෙසනං අකාසි. ආකාරතො ච වොකාරතො ච ආසයජ්ඣාසයස්ස අධිමුත්තිසමන්නාගතානං. ඉදං වුච්චති පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියබලවිරියවෙමත්තතං ඤාණං සත්තමං තථාගතබලං.
Sinhala BJTඑහි තථාගතයන් වහන්සේ මෙසේ දැනගන්නා සේක: ලෞකිකධර්‍මයෝ ද ලෝකෝත්තරධර්‍මයෝ ද භාවනාභාගිය වූවාහු ආධිපතෙය්‍යභූමිය පටන් ඉන්‍ද්‍රියනාමය ලබති. ථාමගත වූ මනස මනින්‍ද්‍රිය යි, එය පටන් බලනාමය ලබති, ආරම්භධාතුව පටන් විරිය නාමය ලබත්. මෙසේ මේ ධර්‍මයන්ගෙන් මේ පුද්ගලයෝ සමන්‍වාගත වූහ’යි ද මෙබඳු ඥානය වන්නේ යැ, ආශය අධ්‍යාශයාගේ ආකාර වශයෙන් ද වෝකාර වශයෙන් ද, අධිමුත්ති සමන්‍වාගත වූවනට ධර්‍මදේශනා කළසේක. පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රිය–බල– වීර්‍ය්‍ය වේමත්තතාඤාණ නම් වූ මේ සත්වැනි තථාගතබලය යී කියනු ලැබේ. (7)
Pali BJTතත්ථ ච තථාගතො ලොකාදිසු ච භූමීසු සංයොජනානං ච සෙක්ඛානං ද්වීහි බලෙහි ගතිං පජානාති. පුබ්බෙනිවාසානුස්සතියා අතීතෙ සංසාරෙ එතරහි ච පච්චුප්පන්නෙ, දිබ්බචක්ඛුනා චුතූපපාතං ඉති ඉමානි ද්වෙ බලානි දිබ්බචක්ඛුතො අභිනිහිතානි. සො අතීතමද්ධානං දිබ්බස්ස චක්ඛුනො ගොචරො, සො එතරහි සතිගොචරො, ඉති අත්තනො ච පරෙසං ච පුබ්බෙනිවාසඤාණං අනෙකවිධං නානාප්පකාරකං පච්චුප්පන්නමද්ධානං දිබ්බෙන චක්ඛුනා. ඉමානි ද්වෙ තථාගතබලානි, අට්ඨමං පුබ්බෙනිවාසො, නවමං දිබ්බචක්ඛු.
Sinhala BJTඑහි දු කාමලෝකාදි භූමීන්හි ද සංයෝජන ඇති ශෛක්‍ෂයන්ගේ ද පූර්‍වනිවාසානුස්මෘතියෙන් අතීත සංසාරයෙහි ද දිවැසින් දැන් ප්‍රත්‍යුත්පන්නයෙහි ද මේ බල දෙකින් ගතිය දැනගන්නා සේක. මෙසේ මේ බලයෝ දෙදෙන දිව ඇසින් කරන ලද්දාහු යැ හේ අතීත කාලය දිව ඇසට ගෝචර යැ. හේ මෙකල්හි ස්මෘතිගෝචර යි. මෙසේ තමන්ගේ ද අන්‍යයන්ගේ ද පූර්‍වනිවාසඥානය ද අනේකවිධ වූ නානා ප්‍රකාර වූ ප්‍රත්‍යුත්පන්න කාලය දිව ඇසින් දක්නා නුවණ ද යන මේ අටවැනි පූර්‍වනිවාසඥානය ද නවවැනි දිව්‍යචක්‍ෂුඥානය ද දෙවැදෑරුම් තථාගතබලයෝ යි. (8-9)
Pali BJTපුන චපරං තථාගතො අරියපුග්ගලානං ඣානං වොදානං නිබ්බෙධභාගියං පජානාති: අයං පුග්ගලො ඉමිනා මග්ගෙන ඉමාය පටිපදාය ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති, ඉති අත්තනො ච ආසවානං ඛයෙ ඤාණං දිට්ඨෙකට්ඨානං චතුභූමිමුපාදාය යාව නවන්නං අරහන්තානං ආසවක්ඛයො ඔධිසො සෙඛානං අනොධිසො අරහන්තානං. තත්ථ චෙතොවිමුත්ති ද්වීහි ආසවෙහි අනාසවා: කාමාසවෙන ච භවාසවෙන ච. පඤ්ඤාවිමුත්ති ද්වීහි ආසවෙහි අනාසවා: දිට්ඨාසවෙන ච අවිජ්ජාසවෙන ච. ඉමාසං ද්වින්නං විමුත්තීනං යථාභූතං ඤාණං, ඉදං වුච්චති ආසවක්ඛයෙ ඤාණං.
Sinhala BJTනැවත තථාගතයන් වහන්සේ ආර්‍ය්‍යපුද්ගලයන්ගේ ව්‍යවදාන වූ නිබ්බේධභාගිය වූ ධ්‍යානය දැනගන්නා සේක: “මේ පුද්ගල මේ මාර්‍ගයෙන් මේ ප්‍රතිපදායෙන් ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයෙහි මැ ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරේ යයි මෙසේ තමන් වහන්සේගේ ද සතර භූමිය පටන් නව රහතුන් දක්වා ශෛක්‍ෂයන්ගේ අවධිවශයෙන් ද රහතුන්ගේ අනෝධිවශයෙන් ද ආස්‍රවක්‍ෂය වෙයි. ඒ දෘෂ්ටිය හා සහජාතවශයෙන් ප්‍රහාණවශයෙන් ඒකාර්‍ත්‍ථ වූ ආස්‍රවයන්ගේ ක්‍ෂයඥානය වෙයි. එහි චේතෝවිමුක්තිය කාමාස්‍රවයෙන් ද භවාස්‍රවයෙන් ද ද්විවිධ ආස්‍රවයන්ගෙන් අනාස්‍රව වෙයි. පඤ්ඤාවිමුක්තිය දෘෂ්ට්‍යාස්‍රවයෙන් ද අවිද්‍යාස්‍රවයෙන් ද යන ද්විවිධ ආස්‍රවයන්ගෙන් අනාස්‍රව වෙයි. මේ දෙවැදෑරුම් විමුත්තීන්ගේ යම් යථාභූත ඥානයක් ඇද්ද මේ ආසවක්ඛය ඤාණ යයි කියනු ලැබේ.
Pali BJTදසමං තථාගතබලං.
Sinhala BJTදසවැනි තථාගත බලයයි. (10)
Pali BJTඉමෙසු දසසු බලෙසු ඨිතො තථාගතො පඤ්චවිධං සාසනං දෙසෙති: සංකිලෙසභාගියං වාසනාභාගියං දස්සනභාගියං භාවනාභාගියං අසෙඛභාගියං.
Sinhala BJTමේ දසබලයන්හි සිටි ත්‍ථාගතයන් වහන්සේ පඤ්චවිධ ශාසනය දෙසනසේක: සංකිලෙසභාගිය යැ වාසනාභාගිය යැ දස්සනභාගිය යැ භාවනාභාගිය යැ අසේඛභාගිය යැ යනු යි.
Pali BJTතත්ථ යො තණ්හාසංකිලෙසො ඉමස්ස අලොභො නිස්සරණං. යො දිට්ඨිසංකිලෙසො ඉමස්ස අමොහො නිස්සරණං. යො දුච්චරිතසංකිලෙසො ඉමස්ස තීණි කුසලානි නිස්සරණං.
Sinhala BJTඑහි යම් තණ්හාසංකිලේසයෙක් ඇද්ද මොහුට අලෝභය නිස්සරණ යැ. යම් දිට්ඨි සංකිලෙසයෙක් ඇද්ද මොහුට අමෝහය නිස්සරණ යැ, යම් දුච්චරිතසංකිලේසයෙක් ඇද්ද මොහුට තුන් කුසලයෝ නිස්සරණ යි.
Pali BJTකිං නිදානං: තීණි{1} ඉමානි මනොදුච්චරිතානි - අභිජ්ඣා ව්යාපාදො මිච්ඡාදිට්ඨි.
Sinhala BJTනිදාන කවරැ යත්: මේ මනෝදුශ්චරිතයෝ තිදෙනෙක් වෙති: අභිධ්‍යා ව්‍යාපාද මිථ්‍යා දෘෂ්ටි යැ.
Pali BJTතත්ථ අභිජ්ඣා මනොදුච්චරිතං කායකම්මං උපට්ඨපෙති අදින්නාදානං සබ්බං ච තදුපනිබද්ධං{2} වාචාකම්මං උපට්ඨපෙති, මුසාවාදං ච සබ්බවිතථං සබ්බං වාචමභාවං සබ්බමක්ඛං පලාසං අභිජ්ඣාඅකුසලමූලන්ති. මුසාවාදො{3} අදින්නාදානං{4} අභිජ්ඣාය චෙතනා.{5}
Sinhala BJTඑහි අභිධ්‍යාමනෝදුශ්චරිතය අදින්නාදාන කායකර්‍මය එළවයි, එය හා බැඳුණු සියලු වාක්කර්‍මය ද එළවයි, මෘෂාවාදය ද සියලු බොරුබස් ද සියලු අසද්වචන ද සියලු මකුබව ද ජලාස (ගුණසාරා දැමීම) ද අභිධ්‍යාඅකුශලමූලය යන මේ එළවයි. මුසාවාදය ද අදින්නාදානය ද අභිධ්‍යාවගේ චේතනා යි.
Pali BJTතත්ථ ව්යාපාදො මනොදුච්චරිතං කායකම්මං උපට්ඨපෙති පාණාතිපාතං සබ්බං චෙතං ආකඩ්ඪනං පරිකඩ්ඪනං නිබන්ධං රොචනං, වාචාකම්මං උපට්ඨපෙති පිසුනාවාචං, ඵරුසාවාචං{6}. මිච්ඡාදිට්ඨි මනොදුච්චරිතං ච අභිජ්ඣං ව්යාපාදං මිච්ඡාදිට්ඨිං පයොජෙති.
Sinhala BJTඑහි ව්‍යාපාදමනෝදුශ්චරිතය ප්‍රාණඝාතකායකර්‍මය එළවයි. සියලු ආකර්‍ෂණය පරිකර්‍ෂණය බන්‍ධනය ද පිසුනාවාච ඵරුසාවාච වාක්කර්‍මය ද එළවයි, මිථ්‍යාදෘෂ්ටි මනෝදුශ්චරිතය ද අභිධ්‍යා ව්‍යාපාද හා මිථ්‍යාදෘෂ්ටිය ද යොදවයි.
Pali BJTයස්ස{7} යො කොචි මිච්ඡාදිට්ඨි චාගො රාගජො වා දොසජො වා සබ්බසො මිච්ඡාදිට්ඨිසම්භුතො, ඉමිනා කාරණෙන මිච්ඡාදිට්ඨි කායකම්මං උපට්ඨපෙති කාමෙසුමිච්ඡාචාරං, වචීකම්මං උපට්ඨපෙති සම්ඵප්පලාපං. ඉමානි තීණි දුච්චරිතානි අකුසලමූලානි.
Sinhala BJTයමක්හුගේ මිථ්‍යාදෘෂ්ටියෙන් යුත් රාගජ වූ හෝ දෝසජ වූ හෝ යම් කිසි ත්‍යාගයෙක් වේ ද, එය සර්‍වප්‍රකාරයෙන් මිථ්‍යා දෘෂ්ටියෙන් උපන්නේ වේද, මෙ කරුණෙන් මිථ්‍යා දෘෂ්ටිය කාමමිථ්‍යාචාරකායකර්‍මය එළවයි. සම්ඵප්‍රලාප වාක්කර්‍මය එළවයි. මේ අකුශලමූල වූ තුන් දුශ්චරිතයෝ යි.
Pali BJTයා අභිජ්ඣා සො ලොභො, යො ව්යාපාදො සො දොසො, යා මිචිඡාදිට්ඨි සො මොහො, යානි{8} අට්ඨ මිච්ඡත්තානි උපට්ඨපෙන්ති, තෙසු ගහිතෙසු තීසු අකුසලමූලෙසු දසවිධං අකුසලං{9} පාරිපූරිං ගච්ඡති. තස්ස තිවිධස්ස දුච්චරිතසංකිලෙසස්ස වාසනාභාගියං ච සුත්තං නිස්සරණං.
Sinhala BJTයම් අභිධ්‍යාවක් ඇද්ද ඒ ලෝභ යැ. යම් ව්‍යාපාදයෙක් ඇද්ද ඒ දෝස යැ, යම් මිථ්‍යා දෘෂ්ටියක් ඇද්ද ඒ මෝහ යි. යම් අටවැදෑරුම් මිථ්‍යාත්‍වයන් උපදවත් ද ඔහු යි. ඒ තුන් අකුශලමූලයන් ගත්කල්හි දසවිධ අකුසලය පිරීමට යෙයි. ඒ ත්‍රිවිධ දුශ්චරිත සංකිලේසයාගේ නිස්සරණය වාසනාභාගියසූත්‍ර යි.
Pali BJTතත්ථ යො බහුසිතො{10} නිද්දෙසො යථා ලොභො දොසො, මොහොපි තත්ථ අසිතො{11} එත්ථ ලොභො උස්සදො. තෙන කාරණෙන තෙසු වා ධම්මෙසු ලොභො පඤ්ඤාපීයති.{12} තත්ථායං මොහො අකුසලං, අයං අවිජ්ජා, යා චතුබ්බිධා රූපෙ අභිනිවිට්ඨා, රූපං අත්තතො සමනුපස්සති අවිජ්ජාගතො, රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මිං වා අත්තානං.
Sinhala BJTඑහි ලෝභ දෝස බඳු යම් බෙහෙවින් බැඳුණු නිද්දෙසයෙක් ඇද්ද, මෙහි මෝහයත් නොබැඳුණෝ වේද, ලෝභය උත්සන්න වෙයි. එකරුණෙන් ඒ ධර්‍මයන්හි හෝ ලෝභය පනවනු ලැබෙයි. එහි මේ මෝහය අකුශලයෙක් වේද, අවිජ්ජා යි. සිව් වැදෑරුම් වූ යම් අවිද්‍යාවක් රූපයෙහි අනුශය වශයෙන් සිටියා ද එය යි. අවිද්‍යාවෙන් මඩනා ලදුයේ රූපය ආත්ම වශයෙන් දකී, ආත්මය රූපවත් කොට දකී, ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකී. රූපයෙහි හෝ ආත්මය ඇතැයි දකී.
Pali BJTතත්ථ කතමං පදං සක්කායදිට්ඨියා උච්ඡෙදං වදති: ‘තං ජීවං තං සරීර’න්ති නත්ථිකදිට්ඨි, අධිච්චසමුප්පන්නදිට්ඨි ච, අඤ්ඤො ව කරොති අඤ්ඤො පටිසංවෙදියති පච්ඡිමසට්ඨිකප්පානං [?] තීණි පදානි සක්කායදිට්ඨියා සස්සතං භජන්ති අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති අකිරියං ච තං දුක්ඛමිච්ඡතො: අහෙතුකං ච පතන්ති අනජ්ඣාභාවො ච කම්මානං සබ්බං ච මානති.{1}
Sinhala BJTඑහි කවර පදයෙක් සක්කායදිට්ඨියෙන් උච්ඡේදය කියා ද යත්: එය මැ ජීව යැ එය මැ ශරීර යැ’යි ගන්නා නාස්තික දෘෂ්ටිය ද අධීත්‍යසමුත්පන්නදෘෂ්ටිය ද, අනෙකෙක් කෙරෙයි අනෙකෙක් විඳී යන සක්කායදිට්ඨිය පිළිබඳ තුන් පදයෝ ශාහ්වතදෘෂ්ටිය භජනය කෙරෙති. ජීවය අනෙකෙක ශරීරය අනෙකෙක යන අක්‍රියදෘෂ්ටියට ද ... අහේතුක දෘෂ්ටියට ද වැටෙත්....
Pali BJTතත්ථ ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති සංසාරෙන සුද්ධි ආජීවකා ඡළාසීති පඤ්ඤාපෙන්ති. යථා රූපෙ සක්කායදිට්ඨියා චතුවත්ථුකා, එවං පඤ්චසු ඛන්ධෙසු වීසතිවත්ථුකා{2} සක්කායදිට්ඨි සස්සතං භජති. අඤ්ඤාජීවකා ච සස්සතවාදිකා ච{3} සීලබ්බතං භජන්ති පරාමසන්ති ඉමිනා භවිස්සාමි දෙවො වා දෙවඤ්ඤතරො වාතී. අයං සීලබ්බතපරාමාසො.
Sinhala BJTඑහි ‘මෙය මැ සැබව අන්‍යය සිස් යැ’යි සංසාරයෙන් ශුද්ධිය කියන ආජීවකයෝ සයාසූ ලබ්ධියක් පනවති. යම්සේ රූපයෙහි සක්කායදිට්ඨිය පිළිබඳ චතුස්වස්තුකදෘෂ්ටිය වේ ද එ පරිදි පඤ්චස්කන්‍ධයෙහි විංශද්වස්තුක සත්කායදෘෂ්ටිය ශාශ්වතය භජනය කෙරෙයි අන්‍ය ආජීවකයෝ ද ශාශ්වතවාදීහු ද ‘මෙයින් දෙවියෙක් හෝ දේවාන්‍යතරයෙක් හෝ වන්නෙමි’යි ශීලව්‍රතය භජනය පරාමර්‍ශනය කෙරෙත්. මේ සීලබ්බතපරාමාස යි.
Pali BJTතත්ථ සක්කායදිට්ඨියා සො රූපං අත්තතො සමනුපස්සති: තං ජීවං තං සරීරමි’ති. තං කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති නාභිප්පසීදති, පුබ්බන්තෙ අපරන්තෙ පුබ්බන්තාපරන්තෙ -පෙ- ඉති වාසනාභාගියෙසු ඨිතස්ස අයං උපක්කිලෙසො.
Sinhala BJTඑහි සක්කායදිට්ඨීයෙන් හේ රූපය ආත්මවශයෙන් දකී. ‘එ මැ ජීව යැ, එ මැ ශරිරයැ’යි. පූර්‍වාන්තයෙහි අපරාන්තයෙහි පූර්‍වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි. විචිකිත්සා කෙරෙයි, නිශ්චයට නො යෙයි, නො පහදී .... මෙසේ වාසනාභාගියෙහි සිටියහුට මේ උපක්කිලේස යි.
Pali BJTතත්ථ සද්ධින්ද්රියෙන සබ්බං විචිකිච්ඡිතං පජහති, පඤ්ඤින්ද්රියෙන උදයබ්බයං පස්සති, සමාධින්ද්රියෙන චිත්තං එකොදිකරොති, විරියින්ද්රියෙන ආරභති{*} සො ඉමෙහි පඤ්චහි ඉන්ද්රියෙහි සද්ධානුසාරී අවෙච්චප්පසාදෙ නිරතො ආනන්තරියං{3} සමාධිං උප්පාදෙති. ඉන්ද්රියෙහි සුද්ධෙහි ධම්මානුසාරී අප්පච්චයතාය ආනන්තරියං සමාධිං උප්පාදෙති, සො ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති (සච්චානි) ඉදං දස්සනභාගියං සුත්තං. තස්ස පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං තීණි සංයොජනානා දස්සනා පහාතබ්බානි{5} සබ්බෙන සබ්බං පහීනානි ද්වෙ පුග්ගලකතානි [?]
Sinhala BJTඑහි සද්ධින්‍ද්‍රියයෙන් සියලු විචිකිච්ඡිත දුරු කෙරෙයි, පඤ්ඤීන්‍ද්‍රියයෙන් උදයව්‍යය දකී, සමාධින්‍ද්‍රියයෙන් සිත එකඟ කෙරෙයි, වීරියින්‍ද්‍රියයෙන් වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී වූයේ අවෙත්‍යප්‍රසාදයෙහි නිරත වූයේ ආනන්තරිය සමාධිය උපදවයි. ශුද්ධ ඉන්‍ද්‍රියයන්ගෙන් ධර්‍මමානුසාරී වූයේ ප්‍රත්‍යය රහිත බැවින් ආනන්තරිය සමාධිය උපදවයි, හේ ‘මේ දුක’ යයි ඇති සැටියෙන් දැන ගනී. (සත්‍යයෝ දැක්විය යුත්තාහු ය.) මේ දස්සනභාගිය සූත්‍ර යි. ඔහුට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් අතුරෙන් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ තුන් සංයෝජනයෝ සියල්ලෙන් සියල්ල ප්‍රහීණ වූවාහු පුද්ගලයෝ දෙදෙනෙක් වූවාහු ය. (?)
Pali BJTතත්ථ තීණි අකුසලමූලානි භාවනාපහාතබ්බානි උපරික්ඛිත්තානි ඡ භවෙ නිබ්බත්තෙන්ති. තත්ථ තෙසු අභිජ්ඣාව්යාපාදෙසු තනුකතෙසු ඡ භවා පරික්ඛයං{6} මරියාදං ගච්ඡන්ති, ද්වෙ භවා අවසිට්ඨා. තස්ස අභිජ්ඣා ච බ්යාපාදො ච සබ්බෙන සබ්බං පරික්ඛීණා හොන්ති. එකො භවො අවසිට්ඨො හොති. සො ච මානවසෙන නිබ්බත්තෙති. කිඤ්චාපි එත්ථ අඤ්ඤෙපි චත්තාරො කිලෙසා රූපරාගො භවරාගො අවිජ්ජා උද්ධච්චං, තෙතස්මිං{7}. මානභූතා නප්පටිබලා අස්මිමානං විනිවත්තෙතුං, සබ්බෙපි තෙ අස්මිමානස්ස පහානං ආරභන්තෙ.{8} ඛීණෙසු න ච තෙසු ඉදමුත්තරිං දස්සනභූමියං පඤ්චසු සෙඛපුග්ගලෙසු තීසු ච පටිපන්නකෙසු{9} ද්වීසු ච ඵලට්ඨෙසු භාවනාභාගියං සුත්තං. තදුත්තරිං{10}. අසෙඛභාගිය සුත්තං.
Sinhala BJTඑහි උඩ කියන ලද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ තුන් අකුසලමූලයෝ භව සයක් උපදවති. එහි ඒ භවයන් කෙරෙහි අභිධ්‍යාව ද ව්‍යාපාදයන් ද තුනී කළ කල්හි ෂඩ්භවයෝ ක්‍ෂයවීමට මර්‍ය්‍යාදාවට යෙති. ඔහුට අභිධ්‍යාව ද ව්‍යාපාදය ද සියල්ලෙන් සියල්ල ක්‍ෂය වූවාහු වෙත්. එක් භවයෙක් අවශිෂ්ට වේ. එ ද මානවශයෙන් නිපදවයි. තවද මෙහි රූපරාගය භවරාගය අවිද්‍යාවය උද්ධච්චය යන අන්‍ය වූත් සතර ක්ලේශයෝ වෙති. ඔහු එහි මාන වූවාහු අස්මිමානය විනිවර්‍තන කරන්නට ප්‍රතිබල නො වෙති. ඔහු සියල්ලෝ මැ අස්මි මානයාගේ ප්‍රහාණය ආරම්භ කෙරෙත්. ඔවුන් ක්‍ෂය නොවූ කල්හි මතුයෙහි දර්‍ශන භූමියෙහි ද පඤ්චශෛක්‍ෂ පුද්ගලයන් කෙරෙහි ද තුන් ප්‍රතිපන්නකයන් කෙරෙහි ද ඵලස්ථයන් දෙදෙනකු කෙරෙහි ද මේ භාවනාභාගිය සූත්‍ර යැ. එයින් මත්තෙහි අසේඛභාගිය සූත්‍ර යැ,
Pali BJTකත්ථචි භූමි නවීළීයති [?] ඉදං ච පඤ්චමං සුත්තං තිණ්ණං පුග්ගලාන දෙසිතං පුථුජ්ජනස්ස, සෙඛස්ස අසෙඛස්ස. සංකිලෙසභාගියං වාසනාභාගියං පුථුජ්ජනස්ස, දස්සනභාගියං භාවනාභාගියං පඤ්චන්නං සෙඛානං, යං පඨමනිද්දිට්ඨං අසෙඛභාගියං සබ්බෙසං අරහන්තානං. යං පන පඤ්චවිධං සත්තවීසආකාරෙ පරියෙසිතබ්බං. එතෙසු තස්ස ගතීනං ගතො උත්තරි [?] තං ච ඛො සඞ්ඛෙපෙන පඤ්ඤාසාය ආකාරෙහි සම්පතති, යෙ පඤ්ඤාස ආකාරා සාසනෙ නිද්දිට්ඨා තෙ සඞ්ඛිපීයන්තා දසහි ආකාරෙහි පතන්ති, යෙ අරියසච්චං නික්ඛෙපෙන ඨිතෙ සඞ්ඛිපීයන්තා අට්ඨසු ආකාරෙසු පතන්ති. චතුසු ච සාධාරණෙසු සුත්තෙසු, යා හාරසම්පාතස්ස භූමි තෙ සඞ්ඛිපීයන්තා පඤ්චසු සුත්තෙසු පතන්ති: සංකිලෙසභාගියෙ වාසනාභාගියෙ භාවනාභාගියෙ නිබ්බෙධභාගියෙ අසෙඛභාගියෙ ච. තෙ සඞ්ඛිපීයන්තා චතුසු සුත්තෙසු පතන්ති: සංකිලෙසභාගියෙ වාසනාභාගියෙ නිබ්බෙධභාගියෙ අසෙඛභාගියෙ ච. තෙ සඞ්ඛිපීයමානා තීසු සුත්තෙසු පතන්ති: පුථුජ්ජනභාගියෙ සෙඛභාගියෙ අසෙඛභාගියෙ ච. තෙ සඞ්ඛිපීයන්තා ද්වීසු සුත්තෙසු පතන්ති: නිබ්බෙධභාගියෙ ච පුබ්බයොගභාගියෙ ච. යථා වුත්තං භගවතා: “ද්වෙ අත්ථවසෙ සම්පස්සමානා තථාගතා අරහන්තො සම්මාසම්බුද්ධා ධම්මං දෙසෙන්ති: සුත්තං -පෙ- සත්ථා පුබ්බයොගසමන්නාගතෙ අප්පකසිරෙන මඤ්ඤමානො වසියති. පුබ්බයොගා ච භවිස්සන්ති සන්තානං මඤ්ඤමානාධරාය{1} [?]
Sinhala BJTකිසි තැනෙක ... ? මේ පස්වැනි සූත්‍රය ද පෘථග්ජන, ශෛක්‍ෂ, අශෛක්‍ෂ යන තුන් පුද්ගලයන්ට දෙසන ලද, සංකිලෙසභාගිය වාසනාභාගිය සූත්‍රය පුහුදුන් පුඟුල්හට යැ, දස්සනභාගිය භාවනාභාගිය දෙක පඤ්ච ශෛක්‍ෂයන්ට යැ, පළමු දක්වන ලද අසේඛ භාගිය සූත්‍රය සියලු රහතුන්ට යැ. පඤ්චවිධ වූ යම් සූත්‍රයක් සත්විසි ආකාරයෙහි ලා සෙවිය යුතු ද මොවුන් කෙරෙහි ... ? එ ද සැකෙවින් පනස් අයුරෙකින් සම්පතනය වේ ද, යම් පනස් ආකාර කෙනෙක් ශාසනයෙහි දක්වන ලද්දාහු ද ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු දස ආකාරයකින් සංග්‍රහ වෙති. සැකෙවින් සිටි ආර්‍ය්‍යසත්‍යයෝ සංක්‍ෂේප කරනු ලබන්නාහු අට ආකාරයෙක්හි පතිත වෙති (?) සතර සාධාරණ සූත්‍රයන්හි ද වැටෙති. භාරසම්පාතයට යම් භූමියක් ඇද්ද එහි යැ. ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු ‘සංකිලෙසභාගිය වාසනාභාගිය භාවනාභාගිය නිබ්බේධභාගිය හා අසේඛභාගිය’ ද යන පඤ්චසූත්‍රයන්හි වැටෙති, ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු ‘සංකිලෙසභාගිය වාසනා භාගිය නිබ්බේධභාගිය හා අසේඛභාගිය’ ද යන සතර සූත්‍රයන්හි වැටෙති. ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු ‘පුථුජ්ජනභාගිය සේඛභාගිය හා අසේඛභාගිය’ ද යන තුන් සූත්‍රයන්හි වැටෙති. ඔහු සංක්‍ෂේප කරනු ලබන්නාහු නිබ්බේධභාගිය පුබ්බයෝගභාගිය ද යන සූත්‍රද්වයෙහි වැටෙත්. භාග්‍යවතුන් විසින් එහෙයින් වදාරන ලද : “අත්‍ථවස – කරුණු දෙකක් දක්නා වූ තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ සුත්ත ගෙය්‍ය ... යන ධර්‍මය දේශනා කෙරෙති. ශාස්තෲන් වහන්සේ පූර්‍ව යෝගසමන්‍වාගත වූවන් නිදුකින් දන්නාහු වසඟ කෙරෙති ... (?)
Pali BJTතත්ථ පඤ්ඤාවෙමත්තතං අත්තනො සමනුපස්සමානෙන අට්ඨවිධෙ සුත්තසඞ්ඛෙපෙ යත්ථ යත්ථ සක්කොති තත්ථ තත්ථ යොජෙතබ්බං, තත්ථ තත්ථ යොජෙත්වා සුත්තස්ස අත්ථෙ නිද්දිසිතබ්බො. න හි සතිවොදානං මනොධාරෙත්වා විනා සක්කා යෙන කෙනචි සුත්තස්ස අත්ථං යථාභූතං නිද්දිසිතුං.
Sinhala BJTඑහි තමන්ගේ ප්‍රඥාවිශේෂත්වය දක්නහු විසින් අටවැදෑරුම් සූත්‍රසංක්‍ෂෙපයෙහි යම් යම් තැනෙක හැකි වේ ද ඒ ඒ තැන යෙදියැ යුතු. ඒ ඒ තැන්හි යොදා සූත්‍රාර්‍ත්‍ථය දැක්විය යුතු. පිරිසුදු සිහියෙන් වෙන් වැ යම් කිසිවක්හු විසින් සූත්‍රාර්‍ත්‍ථය තත්වූ පරිදි දක්වන්නට නො මැ හැකි වේ?
Pali BJTතත්ථ පුරිමකානං සුත්තානං ඉමා උද්දානගාථා:
Sinhala BJTඑහි පූර්‍ව උදාහෘත සූත්‍රයන්ගේ මේ උද්දාන ගාථා යැ:
Pali BJT(1) කාමන්ධා ජාලසඤ්ඡින්නා - පඤ්ච නීවරණානි ච මනො පුබ්බඞ්ගමා ධම්මා - මහානාමො ච සාකියො,
Sinhala BJT(1) “කාමන්‍ධා ජාලසඤ්ජන්නා’ යැ පඤ්ච නීවරණයෝ යැ මනෝපුබ්බංගමා ධම්මා යැ මහානාම ශාක්‍යරජ යැ යන මොහු ද–
Pali BJT(2) උද්ධං අධො විප්පමුත්තො - යං ච සීලකිමත්ථියා යස්ස සෙලූපමං චිත්තං - උපතිස්සපුච්ඡාදිකා,
Sinhala BJT(2) ‘උද්ධං අධෝ විප්පමුත්තො’ යැ “කිමත්‍ථියානි කුසලානි සීලානි” යනාදිය යැ ‘යස්ස සෙලූපමං චිත්තං’ යැ ‘ආයස්මා මං හන්තෙ’ යනාදි උපතිස්ස (සාරිපුත්ත) පුච්ඡා යැ–
Pali BJT(3) යස්ස කායගතාසති - ඡන්නං තමොපරායනො න තං දළ්හං චෙතසිකං - අයං ලොකොති ආදිකං,
Sinhala BJT(3) ‘යස්ස කායගතාසති’ යැ ‘ඡන්නමතිවස්සති’ යනාදිය යැ ‘තමෝතමපරායනෝ’ යනාදිය යැ ‘න තං දළ්හං’ යනාදිය යැ ‘යං චේතසිකං’ යනාදිය යැ ‘අයං ලෝකෝ යනාදියයැ
Pali BJT(4) චත්තාරො චෙව පුග්ගලා - දදතො පුඤ්ඤං පවඩ්ඪති සොතානුධතධම්මෙසු - අයං තෙසං අනුක්කමො.
Sinhala BJT(4) ‘අනුසෝතගාමී’ ආදි සතර පුද්ගලයෝ යැ – ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනාදිය යැ ‘සෝතානුධතෙසු ධම්මේසු’ යනාදිය යැ මේ ඒ උදාහරණයන්ගේ අනුක්‍රමය යි.
Pali BJT(9) තත්ථ කතමා ආණත්ති:
Sinhala BJT(9) එහි ආණත්ති කවරැ යත් :
Pali BJT13. සචෙ භායථ{2} දුක්ඛස්ස - සචෙ වො දුක්ඛමප්පියං මාකත්ථ පාපකං කම්මං - ආචී වා යදි වා රහො.
Sinhala BJT13. ඉදින් දුකට බියවවු නම් ඉදින් තොපට දුක අප්‍රිය නම් හෙළියෙහි වේවයි නොහොත් රහයි වැ වේවයි පව්කම් නහමක් කරවු.
Pali BJT“අතීතෙ රාධ රූපෙ අනෙපෙක්ඛො හොහී”ති{3} විත්ථාරෙන කාතබ්බා.
Sinhala BJT“රාධය, අතීත රූපයෙහි අනපේක්‍ෂ වෙව” යි විස්තරයෙන් කියැයුතු.
Pali BJT“සීලවන්තෙන ආනන්ද පුග්ගලෙන න චෙතනා{1} කරණීයා ‘කින්ති මෙ අවිප්පටිසාරො භවිස්සතී”ති{2}. අයං වුච්චති ආණත්ති.
Sinhala BJT“ආනන්‍දය, සිල්වත් පුඟුල්හු විසින් ‘කිමැ මට අවිප්පටිසාරය වන්නේ දැ’යි චේතනා නො කටයුතු’ යයි මේ ආණත්ති යයි කියනු ලැබේ.
Pali BJT(10) තත්ථ කතමං ඵලං:
Sinhala BJT(10) එහි ඵලය කවරෙ යත්:
Pali BJT14. ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං ඡත්තං මහන්තං යථ වස්සකාලෙ, එසානිසංසො ධම්මෙ සුචින්නෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී.
Sinhala BJT14. දානාදි කුශලධර්‍ම තෙමේ ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේ යැ, වැසිකල මහත් වූ ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකී ද එමෙනි. ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසස වෙයි. ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නො යේ යයි.
Pali BJTඉදං ඵලං:
Sinhala BJTමේ ඵල යි.
Pali BJT(11) තත්ථ කතමො උපායො:
Sinhala BJT(11) එහි උපාය කවරෙ යත්:
Pali BJT15. සබ්බෙ ධම්මා අනත්තාති - යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛෙ - එස මග්ගො විසුද්ධියා.
Sinhala BJT15. සියලු සංඛත සංඛ්‍යාත ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෝ අනාත්මයහ යි මෙසේ යම් කලෙක (විදසුන් තෙදගන්වා) අනාත්මානුදර්‍ශන ප්‍රඥායෙන් දකී ද, එකල්හි (පෙර මැ අනිත්‍ය දුඃඛයන් දුටු හෙයින්) විදර්‍ශනා ගෝචර වූ පඤ්චස්කන්‍ධ දුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි. තෙල නිර්වේදය විශුද්ධි සංඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට උපාය වේ යයි.
Pali BJT“සත්තහඞ්ගෙහි සමන්නාගතො ඛො භික්ඛු අපි හිමවන්තං පබ්බතරාජානං චාලෙය්ය, කො පන වාදො ඡවං අවිජ්ජං.” (සත්තකෙසු වෙය්යාකරණං කාතබ්බං.) අයං උපායො.
Sinhala BJT“සත් අඟෙකින් සමන්‍වාගත මහණ හිමවත් පව්රජු පවා සලන්නේ යැ, ලාමක වූ අවිද්‍යාව (සලන්නේ යැ යනු) කියනු මැ කවරේ ද” (සත්තක නිපාතයෙහි වෙය්‍යාකරණය විස්තර කළ යුතු) මේ උපාය යැ.
Pali BJT(12) තත්ථ කතමං{3} ආණත්ති ච ඵලං ච:
Sinhala BJT(12) එහි ආණත්ති ද ඵලය ද කවරෙ යත්:
Pali BJT16. සචෙ භායථ දුක්ඛස්ස - සචෙ වො දුක්ඛමප්පියං මා’කත්ථ පාපකං කම්මං - ආවි වා යදි වා රහො.
Sinhala BJT16. ඉදින් දුකට බියවවු නම් ඉදින් තොපට දුක අප්‍රිය නම්, හෙළියෙහි වේවයි නොහොත් රහසැ වේවයි පව්කම් නහමක් කරවු.
Pali BJT17. සචෙ ච පාපකං කම්මං - කරිස්සථ කරොථ වා{4} න වො දුක්ඛා පමුත්ත්යත්ථි{5} - උපච්චා’පි{6} පලායතං.
Sinhala BJT17. ඉදින් පව්කම් මතු කරන්නවු නම්, දැන් කරවු නම් හෝ දැන දැන පලායන්නා වූ ද තොපට දුකින් මිදීමෙක් නැති.
Pali BJTපුරිමිකාය ගාථාය ආණත්ති, පච්ඡිමිකාය ඵලං.
Sinhala BJTපූර්‍ව ගාථායෙහි ආණත්ති යැ, පශ්චිමගාථායෙහි ඵල යි.
Pali BJT“සීලෙ පතිට්ඨාය ද්වෙ ධම්මා භාවෙතබ්බා: යා ච චිත්තභාවනා යා ච පඤ්ඤාභාවනා” අයං{7} ආණත්ති, රාගවිරාගා ච ඵලං.
Sinhala BJT“සීලයෙහි පිහිටා චිත්තභාවනාව ද පඤ්ඤාභාවනාව ද යන ධර්‍මයෝ දෙදෙන වැඩියැ යුත්තාහු මැ යැ” මේ ආණත්ති යැ’. රාගවිරාගය ඵල යි.
Pali BJT(13) තත්ථ කතමං ඵලං ච උපායො ච:
Sinhala BJT(13) එහි ඵලය ද උපාය ද කවරෙ යත්:
Pali BJT18. සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො - චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපී නිපකො භික්ඛු - සො ඉමං විජටයෙ ජටං.
Sinhala BJT18. පිළිසඳ නුවණින් නුවණ ඇති වීර්‍ය්‍ය ඇති පාරිහාරික ප්‍රඥා ඇති සසරබිය දක්නා වූ යම් සත්ත්‍වයෙක් ඇද්ද හේ ශීලයෙහි පිහිටා චිත්තසමාධිය ද විදර්‍ශනා ප්‍රඥාව ද වඩමින් මේ තෘෂ්ණා නමැති අවුල කපන්නේ යි.
Pali BJTපුරිමිකාය අඩ්ඪගාථාය උපායො, පච්ඡිමිකාය අඩ්ඪගාථාය ඵලං.
Sinhala BJTමෙහි පූර්‍වාර්ධගාථායෙන් උපාය ද, පශ්චිමාර්‍ධගාථායෙන් ඵලය ද වේ.
Pali BJT‘නන්ද්රියො සක්කො - කපිලවත්ථුස්මිං නිග්රොධාරාමකෙ{1}’ සුත්තං. මූලතො උපාදාය යාව ඡසු ධම්මෙසු. උත්තරිං{2} පඤ්චසු ධම්මෙසු යාව ‘කරණීයං අත්තනො න සමනුපස්සන්ති’{3} අයං උපායො. අරියසාවකො පජහතෙව පාපකෙ අකුසලෙ ධම්මෙ, න උපාදියතී’{4}ති. සබ්බාසු ඡසු පඤ්චසු, අයං ඵලං ච උපායො ච.
Sinhala BJTකිඹුල්වත්නුවර නිග්‍රෝධාරාමයෙහි නන්‍දිය ශාක්‍යහට වදාළ නන්‍දිය සූත්‍රය – මුල පටන් ධර්‍ම සයෙහි ද මත්තෙහි ධර්‍ම පසෙහි ද තමා විසින් කටයුතු දැය දකිත්. මේ උපාය යැ, ආර්‍ය්‍යශ්‍රාවක ලාමක අකුශල ධර්‍මයන් දුරු කෙරේ මැ යැ, සියලු එකොළොස් ධර්‍මයන්හි මේ ඵලය ද උපාය ද වේ.
Pali BJT(14) තත්ථ කතමං ආණත්ති ච ඵලං ච උපායො ච:
Sinhala BJT(14) එහි ආණත්ති ද ඵලය ද උපාය ද කවරෙ යත්: