Pali BJTඅයං අනුපාදිසෙසා නිබ්බානධාතු.
Sinhala BJTමේ අනුපාදිසේසනිබ්බානධාතු යි.
Pali BJTඉමානි අසාධාරණානි සුත්තානි, යහිං යහිං සච්චානි නිද්දිට්ඨානි, තහිං තහිං සච්චලක්ඛණතො ඔතාරෙත්වා අපරිමාණෙහි බ්යඤ්ජනෙහි සො අත්ථෙ පරියෙසිතබ්බො. තත්ථ අත්ථානුපරිවත්තිබ්යඤ්ජනෙන පුන බ්යඤ්ජනානුපරිවත්තිඅත්ථෙන තස්ස එකමෙකස්ස අපරිමාණානි බ්යඤ්ජනානි ඉමෙහි සුත්තෙහි යථානික්ඛිත්තෙහි චත්තාරි අරියසච්චානි නිද්දිසිතබ්බානි. පඤ්චනිකායෙ අනුපවිට්ඨාහි ගාථාහි ගාථා අනුමිනිතබ්බා. බ්යාකරණෙහි බ්යාකරණං. ඉමානි අසාධාරණානි සුත්තානි.
Sinhala BJTමේ අසාධාරණ සූත්‍රයෝ යැ, යම් යම් තැනෙක සිවුසස් දක්වන ලද්දාහු ද ඒ ඒ තැන්හි සත්‍ය ලක්‍ෂණයෙන් අවතරණ කොට අපරිමාණ ඛ්‍යඤ්ජනයෙන් ඒ අර්‍ත්‍ථය සෙවියැ යුතු. එහි අර්‍ත්‍ථය අනුව වැටෙන ඛ්‍යඤ්ජනයෙන් යළි ඛ්‍යඤ්ජන අනුව වැටෙන අර්‍ත්‍ථයෙන් යුත් ඒ එකෙකි අර්‍ත්‍ථයාගේ අපරිමාණ ඛ්‍යඤ්ජනයෝ වෙති. නික්‍ෂේප කළ පරිදි මේ සූත්‍රයන්ගෙන් චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දැක්විය යුත්තාහ. පස්මහසඟියෙහි පිවිසැගෙන සිටි ගාථායෙන් ගාථා පමණ කළ යුතු යැ, ඛ්‍යාකරණයෙන් ඛ්‍යාකරණය පමණ කළ යුතු. මොහු අසාධාරණ සූත්‍රයෝ යි.
Pali BJTතෙසං ඉමා උද්දානගාථා:
Sinhala BJTඑහි මේ උද්දාන ගාථා යැ:
Pali BJT(1) යමෙකරත්තිං පඨමං - අට්ඨදානූපපත්තියො, අචරිත්වා බ්රහ්මචරියං - පඤ්ච පුබ්බනිමිත්තත්තං.
Sinhala BJT(1-10) (යමෙකරත්තිං පඨමං, යනාදි ජාතක (අයොඝර) ගාථායෙහි පටන් සංයුත් සඟියැ ගෝධික සූත්‍රය දක්වා ජාති ආදි ධර්‍මයනට නිදර්ශිත අසාධාරණ සූත්‍රයන්ගේ අනුපිළිවෙළ උද්දානගාථාවන්ගෙන් දක්වන ලද්දේය, එය පාළි වශයෙන් මැ දතහැකි වේ.)
Pali BJT(2) සාමං තෙන කුතො රාජ - තයො ගිලානකාපි’ච, යථා’පි කුම්භකාරස්ස - මමායිතොදකප්පනං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT(3) ඉධ සොචති පෙච්ච සොචති - තීණි දුච්චරිතානි ච, කාමෙසු ගිද්ධා පසුතා - යාච තිස්සො විපත්තියො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT(4) සතං ආසි අයොසඞ්කූ - පරිළාහො මහත්තරො, සඞ්කප්පෙහි පරෙතො සො - තපනීයා දුවෙ තථා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT(5) කම්මාරානං යථා උක්කා - තයො අග්ගී පකාසිතා, අයතො මලමුප්පන්නං - අබ්භක්ඛානං තථාගතෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT(6) සුපිනෙන යථාපි සංගතං - තිවිධං දෙවානුසාසනං, තිස්සො ච මාරධීතරො - සල්ලවිද්ධො’ව රුප්පති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT(7) චක්ඛු සොතං ච ඝානං ච - පඤ්චක්ඛන්ධා පකාසිතා, අප්පං වත ජීවිතං ඉදං - අය්යකා මෙ මහල්ලිකා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT(8) සබ්බෙ සත්තා මරිස්සන්ති - උපපත්ති චුතී ව’යං, කාමෙසු සත්තා සංයුත්තා - චත්තාරො පනාසවා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT(9) යම්හි න මායා වසති - ද්වෙමා චෙතොවිමුත්තියො, එසො’ච මග්ගො නත්ථඤ්ඤො - බොජ්ඣඞ්ගා ච සුදෙසිතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT(10) යෙ ධම්මා හෙතුප්පභවා - සංයොජනානුපස්සිනො, අත්ථඞ්ගතස්ස න පමාණමත්ථි - ගොධිකො පරිනිබ්බුතො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඉමා දස තෙසං උද්දානගාථා.
Sinhala BJTඒ අසාධාරණ සූත්‍රයන්ගේ උද්දානගාථා දසයෙකි.
Pali BJTතත්ථිමානි සාධාරණානි සුත්තානි, යෙසු සුත්තෙසු සාධාරණානි සච්චානි දෙසිතානි අනුලොමම්පි පටිලොමම්පි වොමිස්සකම්පි තත්ථ අයං ආදි:
Sinhala BJTඑහි මේ සාධාරණ සූත්‍රයෝ යැ, යම් සූත්‍රයෙක්හි අනුලෝම ව ද, ප්‍රතිලෝම ව ද ව්‍යති මිශ්‍ර කොට ද සාධාරණ සත්‍යයෝ දෙසන ලද්දාහු ද එහි මේ ආදිය යැ:
Pali BJT22. අවිජ්ජාය නිවුතො ලොකො (අජිතාති භගවා,) විවිච්ඡා පමාදා නප්පකාසති, ජප්පාභිලෙපනං බ්රූමි - දුක්ඛමස්ස මහබ්භයං.
Sinhala BJT22. (අජිත යි බුදුහු මෙසේ වදාරති) ධර්‍ම ස්වභාව ප්‍රතිච්ඡාදන ලක්‍ෂණ වූ සත්ත්‍ව ලෝකය වසන ලද විචිකිත්සා ප්‍රමාද හේතුයෙන් ප්‍රකාශයට නො පැමිණෙයි, තෘෂ්ණාව අභිලේපන (ඇලීම) යයි කියමි. ඒ ලෝවැසිහට ජාත්‍යාදි වට්ටදුක්ඛය මහත් භය හේතුව වේ.
Pali BJTතත්ථ යා අවිජ්ජා ච විවිච්ඡා ච අයං සමුදයො. යං මහබ්භයං ඉදං දුක්ඛං. ඉමානි ද්වෙ සච්චානි දුක්ඛං ච සමුදයො ච.
Sinhala BJTඑහි යම් අවිද්‍යාවකුත් විචිකිත්සාවකුත් වේ ද, මේ ‘සමුදය’ යැ, යම් මහත් භයෙක් වේ ද මේ ‘දුක්ඛ’ යැ, දුක්ඛ ද සමුදය දැ යි මේ සත්‍ය දෙක යි.
Pali BJT“සංයොජනං සංයොජනීයා ච ධම්මා”ති සංයුත්තකෙ චිත්ත සංයුත්තකෙසු බ්යාකරණං.
Sinhala BJT“සංයෝජන ද සංයෝජනිය ධර්‍මයෝ ද” යන සංයුත් සඟියැ චිත්ත සංයුත්තයෙහි වෙය්‍යාකරණය වෙයි.
Pali BJTතත්ථ යං සංයොජනං, අයං සමුදයො. යෙ සංයොජනියා ධම්මා ඉදං දුක්ඛං, ඉමානි ද්වෙ සච්චානි: දුක්ඛං ච සමුදයො ච.
Sinhala BJTඑහි යම් සංයෝජනයෙක් ඇද්ද මේ ‘සමුදය’ යැ, සංයෝජනයන්ට හිත වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ‘දුක්ඛ’ යැ. දුක්ඛ ද සමුදය දැ යි මේ සත්‍ය දෙකෙකි.
Pali BJTතත්ථ කතමං දුක්ඛං ච නිරොධො ච:
Sinhala BJTඑහි දුක්ඛයත් නිරෝධයත් කවරෙ යැ:
Pali BJT23. උච්ඡින්නභවතණ්හස්ස - සන්තචිත්තස්ස{1} භික්ඛුනො, වික්ඛීණො{2} ජාතිසංසාරො - නත්ථි තස්ස{3} පුනබ්භවො.
Sinhala BJT23. මගනුවණින් මුලුසුන් කළ භවතෘෂ්ණා ඇති කෙලෙස් නැතියෙන් සන්හුන් සිත් ඇති මහණහු විසින් ජාති සංඛ්‍යාත සංසාරය වෙසෙසින් ක්‍ෂය කරන ලද. ඔහුට පුනර්‍භවයෙක් නැති.
Pali BJTතත්ථ යං චිත්තං ඉදං දුක්ඛං, යො භවතණ්හාය උපච්ඡෙදො අයං දුක්ඛනිරොධො. “වික්ඛීණො ජාතිසංසාරො නත්ථි තස්ස පුනබ්භවො”ති නිද්දෙසො. ඉමානි ද්වෙ සච්චානි: දුක්ඛං ච නිරොධො ච.
Sinhala BJTඑයි යම් චිත්තයෙක් ඇද්ද මේ ‘දුක්ඛ’ යැ. භවතෘෂ්ණාවගේ යම් උපච්ඡේදයෙක් වේ ද, මේ ‘දුක්ඛ නිරෝධ’ යැ. ‘වික්ඛීණො ජාතිසංසාරො නත්ථි තස්ස පුනබ්භවෝ’ යනු නිද්දේස යි. දුක්ඛ යැ නිරෝධ යැ යි මේ සත්‍යයෝ දෙදෙනෙකි.
Pali BJT“ද්වෙ’මා භික්ඛවෙ විමුත්තියො: රාගවිරාගා ච චෙතොවිමුත්ති, අවිජ්ජාවිරාගා ච පඤ්ඤාවිමුත්ති.” තත්ථ යං චිත්තං, ඉදං දුක්ඛං. යා විමුත්ති, අයං නිරොධො. ඉමානි ද්වෙ සච්චානි: දුක්ඛං ච නිරොධො ච.
Sinhala BJTමහණෙනි, මේ විමුත්තීහු, දෙ දෙනෙක් වෙති: රාගවිරාග චේතෝ විමුත්තිය ද අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්තිය ද යන මොහු යැ. එහි යම් චිත්තයක් වේ ද, මේ දුක යැ. යම් විමුත්තයක් වේ ද මේ නිරෝධ යි. දුඃඛ සත්‍යය ද නිරෝධ සත්‍යය දැයි මෙ සත්‍යයෝ දෙ දෙනෙකි.
Pali BJTතත්ථ කතමං දුක්ඛං මග්ගො ච:
Sinhala BJTඑහි දුක්ඛ ද මග්ග ද කවරෙ යත්:
Pali BJT24. කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං ඨපෙත්වා, යොධෙථ මාරං පඤ්ඤාවුධෙන ජිතං ච රක්ඛෙ අනිවෙසනො සියා.
Sinhala BJT24. මේ කය කුඹල්බඳුනක් වැන්නැ යි දැන මේ විදර්‍ශනාචිත්තය නගරූපම කොට තබා ප්‍රඥා නමැති අවියෙන් කෙලෙස් මරුට පහර දෙන්නේ යැ. දිනන (උපදවන) ලද තරුණ විදර්‍ශනාව රක්නේ යැ. සමවත නිවේසන කොට (එහි) නො වසන්නේ යි.
Pali BJTතත්ථ යො ච{4} කුම්භූපමො කායො යං ච නගරූපමං චිත්තං ඉදං දුක්ඛං, යං ‘පඤ්ඤාවුධෙන මාරං යොධෙථා’ති අයං මග්ගො ඉමානි ද්වෙ සච්චානි.
Sinhala BJTඑහි යම් කුම්භූපම කයකුත් නගරුපම සිතකුත් වේ ද, මේ ‘දුක්ඛ’ යැ. ‘ප්‍රඥායුධයෙන් මාර ප්‍රහාරය යන යමක් වේ ද මේ මාර්‍ග යි. මේ (දුක්ඛ මග්ග) සත්‍ය දෙක යි.
Pali BJT“යං භික්ඛවෙ න තුම්හාකං තං පජහථ”.{5} තත්ථ යා පජහනා,{6} අයං මග්ගො. යෙ තෙ ධම්මා අනත්තනියා පහාතබ්බා, රූපං යාව විඤ්ඤාණං, ඉදං දුක්ඛං. ඉමානි ද්වෙ සච්චානි: දුක්ඛං ච මග්ගො ච.
Sinhala BJT‘මහණෙනි යමක් තොපගේ නො වේ ද, එය දුරැලවූ, (ඛන්‍ධසංයුත්ත) එහි යම් දුරැලීමෙක් වේ ද මේ ‘මග්ග’ යැ, තමා සතු නොවූ (එහෙයින්) ප්‍රහාතව්‍ය වූ රූපාදිවිඤ්ඤාණ දක්වා යම් ධර්‍ම කෙනෙක් ඇත් ද මේ ‘දුක්ඛ’ යැ. මේ ‘දුක්ඛ මග්ග’ යන දෙ සත්‍යයෝ යි.
Pali BJTතත්ථ කතමං දුක්ඛං ච සමුදයො ච නිරොධො ච:
Sinhala BJTඑහි ‘දුක්ඛ, සමුදය හා නිරෝධ’ කවරෙ යැ:
Pali BJT25. යෙ කෙචි සොකා පරිදෙවිතා වා දුක්ඛා ච ලොකස්මිං අනෙකරූපා, පියං පටිච්ච පභවන්ති එතෙ පියෙ අසන්තෙ න භවන්ති එතෙ.
Sinhala BJT25. ලොවැ නන්වැදෑරුම් වූ යම් කිසි සෝක පරිදේව දුක්ඛයෝ වෙත් ද තෙල (සෝකාදීහු) ප්‍රියවස්තු නිසා උපදිති, ප්‍රියවස්තුවක් නැති කල්හි තුලුහු (සෝකාදීහු) නො වෙත්.
Pali BJTතත්ථ යෙ සොකපරිදෙවා, යං ච අනෙකරූපං දුක්ඛං, යං පෙමතො භවති, ඉදං දුක්ඛං. යං පෙමං, අයං සමුදයො. යො ඡන්දරාගවිනයො පියස්ස අකිරියා, අයං නිරොධො. ඉමානි තීණි සච්චානි.
Sinhala BJTඑහි යම් සෝකපරිදේවයෝ වෙත් ද යම් අනේකරූප වූ දුකකුත් වේ ද, ප්‍රෙමහේතුයෙන් යම් දුකකුත් වේ ද මේ ‘දුක්ඛ’ යැ. යම් ප්‍රේමයෙක් වේ ද, මේ ‘සමුදය’ යැ යම් ඡන්‍දරාග විනයයෙක් ප්‍රිය නො කිරීමෙක් වේ ද, මේ ‘නිරෝධ’ යි. මේ තුන් සත්‍යයෝ යි.
Pali BJTතිම්බරුකො පරිබ්බාජකො පච්චෙති: “සයං කතං පරං කත”න්ති. යථෙසා වීමංසා, ඉදං දුක්ඛං. යා එතෙ ද්වෙ අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා, අවිජ්ජාපච්චයා සඞ්ඛාරා යාව ජාතිපච්චයා ජරාමරණං, ඉදම්පි දුක්ඛං ච සමුදයො ච. විඤ්ඤාණං නාමරූපං සළායතනං ඵස්සො වෙදනා භවො ජාති ජරාමරණං, ඉදං දුක්ඛං. අවිජ්ජා සඞ්ඛාරා තණ්හා උපාදානං, අයං සමුදයො. ඉති ඉදං ‘සයං කතං වීමංසෙය්යා’ති යං ච පටිච්චසමුප්පාදෙ දුක්ඛං, ඉදං දුක්ඛං එසො සමුදයො නිද්දිට්ඨො. අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො, යාව ච ජරාමරණනිරොධො’ති අයං නිරොධො. ඉමානි තීණි සච්චානි: දුක්ඛං ච සමුදයො ච නිරොධො ච.
Sinhala BJTතිම්බරූක පරිව්‍රාජක ‘සුවදුක් තමා විසින් කරන ලද ද, පරා විසින් කරන ලද දැ’යි පුළුවුස්සි. (අභිසමය සංයුක්ත) තෙල වීමංසාව බඳු යම් දහමක් ඇද්ද, මේ දුක්ඛ යැ. තෙල අන්තද්වයට නො පැමිණ යම් මධ්‍යම ප්‍රතිපදාවක් ඇද්ද. ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති’ (යනු ආදි කොට) ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි’ යනු දක්වා මෙ ද ‘දුක්ඛ’ හා ‘සමුදය’ ද වෙයි. විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා භව ජාති ජරාමරණ යන මේ ‘දුක්ඛ’ යැ, අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන යන මේ ‘සමුදය’ යැ. මෙසේ මේ ‘ස්වයං කෘතය විමසන්නේ යැ’ යනු ද පටිච්චසමුප්පාදයෙහි ‘දුක්ඛ’ ය ද තෙල දැක් වූ ‘සමුදය’ ද ‘අවිජ්ජානිරෝධයෙන් සංඛ්‍යාරනිරෝධය වෙයි.’ යනු පටන් ජරාමරණනිරෝධය තෙක් මේ ‘නිරෝධ’ යි. ‘දුක්ඛ සමුදය හා නිරෝධය’ ද යන මොහු තුන් සත්‍යයෝ යි.
Pali BJTතත්ථ කතමං දුක්ඛං ච සමුදයො ච මග්ගො ච
Sinhala BJTඑහි දුක්ඛ සමුදය හා මග්ග කවරෙ යැ:
Pali BJT26. යො දුක්ඛමද්දක්ඛි යතො නිදානං තාමෙසු සො ජන්තු කථං නමෙය්ය, කාමා භි ලොකෙ සඞ්ගාති ඤත්වා තෙසං සතීමා විනයාය සික්ඛෙ’ති.
Sinhala BJT26. ආරබ්ධ විදර්‍ශක වූ යමෙක් ත්‍රෛභූමික දුඃඛය දුටුයේ ද යම් හේතුයෙකින් දුක උපදී නම් ඒ නිදාන වූ තෘෂ්ණාවත් දුටුයේ ද පටිපන්නක වූ ඒ පුඟුල් සචස්තුක ක්ලේශ කාමයන්හි කිසෙයින් නැමේ ද, (නො නැමේ මැ යැ). යම් හෙයෙකින් මෙ ලොවැ කාමයෝ (පසමිතුරු වෙත් ද එ හෙයින්) සංගයෙකැ යි දැන ඒ කාමයන්ගේ ප්‍රහාණ විනය පිණිස ස්මෘතිමත් වැ ත්‍රිවිධ ශික්‍ෂායෙහි හික්මෙන්නේ යි.
Pali BJTතත්ථ යො දුක්ඛමද්දක්ඛි, ඉදං දුක්ඛං, යතො භවති අයං සමුදයො, යං දිට්ඨං{1} යතො භවති යාව තස්ස විනයාය සික්ඛා, අයං මග්ගො. ඉමානි තීණි සච්චානි.
Sinhala BJTඑහි ‘යො දුක්ඛමද්දක්ඛි’ යන මේ ‘දුක්ඛ’ යැ. යම් කරුණෙකින් වේ ද මේ ‘සමුදය’ යැ යමක් දක්නා ලද ද, යමකින් වේ ද, යම්තාක් එ හේතුහුගේ විනය පිණිස හික්මීමෙක් වේ ද, මේ ‘මග්ග’ යැ මොහු තුන් සත්‍යයෝ යි.
Pali BJT“එකාදසඞ්ගුත්තරෙසු ගොපාලකූපම{2} සුත්තං”.
Sinhala BJT“එකාදසකංගුත්තරයෙහි ගෝපාලකූපම සූත්‍රය:”
Pali BJTතත්ථ යා ච රූපඤ්ඤූතා{3} යං ච සළායතනං, යථා වණං පටිච්ඡාදෙති, යං ච තිත්ථං, යථා ච ලභති ධම්මූපසංහිතං උළාරං පීතිපාමොජ්ජං, චතුබ්බිධං ච අත්තභාවතො වත්ථු, ඉදං දුක්ඛං. යාව ආසාටිකං සාටෙතා{4} හොති, අයං සමුදයො. රූපඤ්ඤුතා{5} ආසාටිකසාටනං,{6} වණපටිච්ඡාදනං, වීථිඤ්ඤුතා, ගොචරකුසලං ච, අයං මග්ගො අවසෙසා ධම්මා අත්ථි හෙතූ, අත්ථි පච්චයා, අත්ථි නිස්සයා, සාවසෙසදොහිතා අනෙකපූජා ච කල්යාණමිත්තතාපච්චයා{7} ධම්මා, විථිඤ්ඤුතා ච හෙතු. ඉමානි තීණි සච්චානි.
Sinhala BJTඑහි යම් රූපඤ්ඤුතායෙක් වේ ද, යම් සළායතනයෙක් වේ ද, යම්සේ චණපටිච්ඡාදනය කෙරේ ද, යම් තීර්‍ත්‍ථයෙක් වේ ද යම්සේ ධම්මූපසංහිත උළාර පීතිපාමොජ්ජ ලබා ද, ආත්මභාව හෙයින් චතුර්විධ වස්තුයෙක් වේ ද, මේ ‘දුක්ඛ’ යැ. ‘ආසාටික (කාමවිතර්‍ක) බැහැර කරනුයේ වෙයි’ යනු දක්වා මේ ‘සමුදය’ යැ, රූපඥ බව ආසාටික දුරැලීම ව්‍රණ ප්‍රතිච්ඡාදනය, වීථි දන්නා බව හා ගෝචරකුසල බව ද යන මේ ‘මග්ග’ යැ. අවශේෂ ධර්‍මයෝ: හේතූහු ඇත, ප්‍රත්‍යයෝ ඇත, නිශ්‍රයයෝ ඇත. සාවශෙෂ කොට දොවන බව හා අනේක පූජා ද කල්‍යාණ මිත්‍රතාවට ප්‍රත්‍ය වූ ධර්‍මයෝ ද වීථි දන්නා බව ද හේතු යි. මොහු තුන් සත්‍යයෝ යි.
Pali BJTතත්ථ කතමං දුක්ඛං ච මග්ගො ච නිරොධො ච:
Sinhala BJTඑහි ‘දුක්ඛ මග්ග හා නිරෝධ’ කවරෙ යැ:
Pali BJT27. සති කායගතා උපට්ඨිතා ඡසු ඵස්සායතනෙසු සංවුතො, සතතං භික්ඛු සමාහිතො ජඤ්ඤා නිබ්බානමත්තනො.
Sinhala BJT27. යමක්හට කායගතාසතිය එළඹැසිටියා ද යමෙක් ස්පර්‍ශයට කාරණ වූ චක්‍ෂුරාදි ෂඩායතනයෙහි සංවෘත වූයේ ද නිරතුරු විදර්‍ශනාසමාධියෙන් සමාහිත වූ ඒ මහණ තමාගේ ක්ලේශපරිනිර්‍වාණය දන්නේ යි.
Pali BJTතත්ථ යා{1} ච කායගතා සති, යං ච සළායතනං, සබ්බං චෙතං දුක්ඛං. යා ච කායගතා සති, යො ච සීලසංවරො යො ච සමාධි යත්ථ යා සති, අයං පඤ්ඤාක්ඛන්ධො. සබ්බම්පි සීලක්ඛන්ධො සමාධික්ඛන්ධො, අයං මග්ගො. එවංවිහාරිනා ඤාතබ්බං නිබ්බානං, අයං නිරොධො ඉමානි තීණි සච්චානි:
Sinhala BJTඑහි යම් කායගතාසතියක් ඇද්ද, යම් සළායතනයෙක් වේ ද, තෙල සියල්ල ‘දුක්ඛ’ යැ. යම් කායගතාසතියක් වූ ද යම් සීලසංවරයෙක් වේ ද යම් සමාධියෙක් වේ ද යම් අරමුණෙක යම් සතියක් වූ ද මේ ‘පඤ්ඤාක්ඛන්‍ධ’ යැ. හැම සීලක්ඛන්‍ධ සමාධික්ඛන්‍ධ (එයින් ගන්නා ලද) මේ ‘මග්ග’ යැ. මෙබඳු විහරණ ඇතියහු විසින් නිර්‍වාණය දතයුතු යැ. මේ ‘නිරෝධ’ යි. මේ තුන් සත්‍යයෝ යි.
Pali BJTසීලෙ පතිට්ඨාය ද්වෙ ධම්මා භාවෙතබ්බා: සමථො ච විපස්සානා ච තත්ථ යෙ{2} චිත්තසහජාතා ධම්මා, ඉදං දුක්ඛං, යො ච සමථො යා ච විපස්සනා, අයං මග්ගො. රාගවිරාගා ච චෙතොවිමුත්ති, අවිජ්ජාවිරාගා ච පඤ්ඤාවිමුත්ති, අයං නිරොධො. ඉමානි තීණි සච්චානි.
Sinhala BJTසීලයෙහි පිහිටා සමථ යැ විපස්සනා යැ යන ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ. එහි යම් චිත්තසහජාත ධර්‍මයෝ වෙත් ද, මේ ‘දුක්ඛ’ යැ, යම් සමථයෙක් වේ ද යම් විපස්සනාවක් වේ ද මේ ‘මග්ග’ යැ, රාගවිරාග – චේතෝවිමුක්තිය ද අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුක්තිය ද යන මේ ‘නිරෝධ’ යි. මේ තුන් සත්‍යයෝ යි.
Pali BJTතත්ථ කතමො සමුදයො ච නිරොධො ච:
Sinhala BJTඑහි ‘සමුදය ද නිරෝධය ද’ කවරෙ යත්:
Pali BJT28. ආසා පිහා ච{2} අභිනන්දනා ච අනෙකධාතූසු සරා පතිට්ඨිතා, අඤ්ඤාණමූලප්පභවා පජප්පිතා සබ්බා මයා බ්යන්තිකතා සමූලකා
Sinhala BJT28. අනාගතාර්‍ත්‍ථ ආශංසනය කරන (පතන) ආශාව ද වර්‍තමානාර්‍ත්‍ථ ප්‍රාර්‍ත්‍ථනා කරන පිහාව ද නිෂ්පන්නාර්‍ත්‍ථ ප්‍රතිපාලන කරන අභිනන්‍දතාව ද චක්ඛුධාතු ආදි අනේකධාතු විෂයෙහි පිහිටි අවිද්‍යාමූලය ප්‍රභව කොට ඇති තෘෂ්ණා සංඛ්‍යාත සියලු ප්‍රජල්පිතයෝ මා විසින් මූල සහිත ව විගතාන්ත කරන ලද්දාහු යැ.
Pali BJTතත්ථ අඤ්ඤාණමූලප්පභවා’ති පුරිමකෙහි සමුදයො. සබ්බා මයා බ්යන්ති කතා සමූලකාති නිරොධො. ඉමානි ද්වෙ සච්චානි:
Sinhala BJTඑහි ‘අඤ්ඤාණමූලප්පහවා’ යී පූර්‍වපදයන්ගෙන් ‘සමුදය’ කියන ලද ‘සබ්බා මයා ඛ්‍යන්තිකතා සමූලකා’ යී නිරෝධය කියන ලදි. මේ දෙ සත්‍යයෝ යි.
Pali BJT“චතුන්නං ධම්මානං අනනුබොධා අප්පටිවෙධා” විත්ථාරෙන කාතබ්බං. අරියස්ස සීලස්ස සමාධිනො පඤ්ඤාය විමුත්තියා. තත්ථ යො ඉමෙසං චතුන්නං ධම්මානං අනනුබොධො අපටිවෙධො{3}, අයං සමුදයො. පටිවෙධො භවනෙත්තියා, අයං නිරොධො. අයං සමුදයො ච නිරොධො ච.
Sinhala BJT“සතර ධර්‍ම කෙනකුන්ගේ අනවබෝධයෙන් අප්‍රතිවේධයෙන්” විස්තර කළයුතු යැ. ආර්‍ය්‍ය ශීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය (නො පිළිවිදිමෙනැයි චතුක්කංගුත්තර භණ්ඩගාමවග්ග විස්තර කළයුතු) එහි සතර ධර්‍මයන්ගේ යම් අනනුබෝධයෙක් අපටිවේධයෙක් වේ ද මේ “සමුදය” යැ. පටිවෙධය භවනෙත්ති සංඛ්‍යාත තෘෂ්ණාව දුරැලීම යැ, මේ ‘නිරෝධ’ යි. මේ සමුදය හා නිරෝධ යි.
Pali BJTතත්ථ කතමො සමුදයො ච මග්ගො ච:
Sinhala BJTඑහි ‘සමුදයත් මග්ගයත්’ කවරෙ යැ:
Pali BJT29. යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං, සොතානං සංවරං බ්රූමි පඤ්ඤායෙතෙ පිථීයරෙ.{4}
Sinhala BJT29. (අජිතයෙනි’යි බුදුහු වදාරති) ලොවැ යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් නම් ස්මෘතිය ඔවුන්ගේ නිවාරණ යැ. (ඒ ස්මෘතිය) ස්‍රෝතසුන්ගේ සංවරය යි කියමි. මාර්‍ගඥානයෙන් තෙල ස්‍රෝතස්හු පියනු ලැබෙත්.
Pali BJT‘යානි සොතානී’ති අයං සමුදයො. යා ච පඤ්ඤා, යං ච සති නිවාරණං පිධානං ච, අයං මග්ගො. ඉමානි ද්වෙ සච්චානි.
Sinhala BJT“යානි සෝතානි” යන මේ ‘සමුදය’ යැ. යම් ප්‍රඥාවකුත් යම් ස්මෘතියකුත් වේ ද, නිවාරණය හා විධානය ද මේ ‘මග්ග’ යැ. මේ දෙ සත්‍යයෝ යි.
Pali BJT‘සඤ්චෙතනියං සුත්තං’ දළ්හනෙමියානකාරො ඡහි මාසෙහි නිද්දිට්ඨො. තත්ථ යං කායකම්මං සවඞ්කං සදොසං සකසාවං, යා සවඞ්කතා සදොසතා සකසාවතා, අයං සමුදයො. එවං වචීකම්මං, මනොකම්මං. යං කායකම්මං{5} අවඞ්කං අදොසං අකසාවං, යා අවඞ්කතා අදොසතා අකසාවතා, අයං මග්ගො. එවං වචීකම්මං මනොකම්මං. ඉමානි ද්වෙ සච්චානි සමුදයො ච මග්ගො ච.
Sinhala BJT‘සඤ්චේතනිය සූත්‍රය (දසකංගුත්තරයෙහි) ද, දළ්භනෙමියානකාර සමසකින් දක්වන ලද රියසක ද වේ. එහි යම් සවංක වූ සදෝස වූ කසට සහිත වු කාය කර්‍මයක් වේ ද යම් සවංකබවක් සදෝසබවක් සකසාවබවක් වේ ද මේ ‘සමුදය’ යැ. වචීකම්ම මනෝකම්ම ද මෙසේ යි. අවංක අදෝස අකසාව වූ යම් කායකර්‍මයක් වේ ද යම් අවංකබවක් අදෝස බවක් අකසාව බවක් වේ ද මේ “මග්ග” යැ. වචීකම්ම මනෝකම්ම ද මෙසේ යැ. මේ සමුදය ද මග්ග ද යන දෙ සත්‍යයෝ යි.)
Pali BJTතත්ථ කතමො සමුදයො ච නිරොධො ච මග්ගො ච:
Sinhala BJTඑහි ‘සමුදය නිරෝධ හා මග්ග’ කවරෙ යත්:
Pali BJT“නිස්සිතස්ස චලිතං, අනිස්සිතස්ස චලිතං කත්ථි, චලිතෙ අසති පස්සද්ධි, පස්සද්ධියා සති නති න හොති, නතියා අසති ආගති ගති න හොති, ආගතිගතියා අසති චුතූපපාතො න හොති, චුතූපපාතෙ අසති නෙවිධ න හුරං න උභයමන්තරෙන එසෙවන්තො දුක්ඛස්සා”ති.
Sinhala BJT‘(තණ්හාදිට්ඨීන්) නිඃශ්‍රය ඇතියහුට (චිත්තසන්තානයාගේ) කම්පනය වෙයි. අනිස්සිතයහට චලිතයෙක් නැති, චලිතය නැති කල්හි පස්සද්ධි (කාය චිත්ත දරථයන්ගේ සන්හිඳීම) වෙයි. පස්සද්ධිය ඇති කල්හි කාමාදිභවයෙහි නතිය (නැමීම) නො වෙයි. නතිය නැති කල්හි භවයෙන් භවයට පැමිණීමෙක් යෑමෙක් නො වෙයි. ආගති ගති නැති කල්හි ච්‍යුති උත්පත්ති නො වෙයි. චුතූපපාත නැති කල්හි මෙ ලොවැ නො මැ වෙයි. පරලොවැ නො වෙයි. එ දෙලොවැ මැ නො වෙයි, තෙල උභය ලෝකයාගේ නො පැවැත්ම මැ වට්ටදුක්ඛයාගේ අන්තය වේ” යයි. (උදාන–පාටලිගාමියවග්ග, වේදනා සංයුක්ත–ඡන්නවග්ග)
Pali BJTතත්ථ ද්වෙ නිස්සයා, අයං සමුදයො. යො ච අනිස්සයො, යා ච අනති අයං මග්ගො යා ආගතිගති න හොති, චුතූපපාතො ච, යො එසෙවන්තො දුක්ඛස්සා’ති, අයං නිරොධො. ඉමානි තීණි සච්චානි.
Sinhala BJTඑහි (තණ්හා, දිට්ඨි, විසින්) නිස්සය දෙකෙකි. මේ ‘සමුදය’ යැ. යම් අනිඃශ්‍රයෙක් යම් අනතියක් වේ ද මේ ‘මග්ග’ යැ, යම් ආගති ගති නො වීමෙක් චුතූපපාත නො වීමෙක් වේ ද, යම් වට්ටදුක්ඛයාගේ අන්තයෙක් වේ ද, මේ ‘නිරෝධ’ යි. මේ තුන් සත්‍යයෝ යි.
Pali BJT“අනුපට්ඨිතකාය සති{1} -පෙ- යං විමුත්තිඤාණදස්සනං අයං සමුදයො, එකාදස{2} උපනිස්සයා විමුත්තියො යාව උපනිස්සයසම්පදා{3} උපට්ඨිතකායසතිස්ස විහරති. සීලසංවරො සොසනියො{4} හොති.
Sinhala BJTනො එළැඹැ සිටි කාගියා සී ඇතියේ ... යම් විමුක්ති ඥාන දර්‍ශනයක් ඇද්ද මේ නිරෝධ යැ, සමුදය යැ (?) (ඒකාදස උපනිස්සයා ... සොසනියො හොති ?)
Pali BJTයං ච විමුත්තිඤාණදස්සනං අයං මග්ගො, යා ච විමුත්ති අයං නිරොධො. ඉමානි තීණි සච්චානි, සමුදයො ච නිරොධො ච මග්ගො ච.
Sinhala BJTයම් විමුක්ති ඥාන දර්‍ශන යක් ඇද්ද මේ මාර්‍ග යැ, යම් විමුක්තියක් ඇද්ද මේ නිරෝධ යැ, මොහු සමුදය ද නිරෝධය ද මාර්‍ගය ද යන තුන් සත්‍යයෝ යි.
Pali BJTතත්ථ කතමො නිරොධො ච මග්ගො ච:
Sinhala BJTඑහි නිරෝධය ද මාර්‍ගය ද කවරෙ යැ:
Pali BJT30. සයං කතෙන කම්මෙන{5} තෙන අත්තනා අභිනිබ්බානගතො විතිණ්ණකඞ්ඛො, විභවං ච ඤත්වා ලොකස්මිං තාව ඛීණපුනබ්භවො ස භික්ඛු.
Sinhala BJT30. (ස යං කතෙන ... ?)
Pali BJTයං ‘කම්මෙන, අයං මග්ගො. යං ඛීණපුනබ්භවො’ අයං නිරොධො. ඉමානි ද්වෙ සච්චානි.
Sinhala BJT‘කම්මෙන’ යන මේ මාර්‍ග යැ, ‘ඛිණපුනබ්භවෝ’ යන මේ නිරෝධ යැ. මේ සත්‍ය දෙකයි.
Pali BJT“පඤ්ච විමුත්තායතනානි, සත්ථා වා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා විඤ්ඤූ සබ්රහ්මචාරීතී” විත්ථාරෙන කාතබ්බා. තස්ස අත්ථපටිසංවෙදිස්ස{6} පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, අයං නිරොධො. එවං පඤ්ච විමුත්තායතනානි විත්ථාරෙන. ඉමානි ද්වෙ සච්චානි; නිරොධො ච මග්ගො ච.
Sinhala BJT“විමුක්ති කාරණයෝ පස් දෙනෙකි – ශාස්තෲන් වහන්සේ හෝ විඥ වූ අන්‍යතර සබ්‍රම්සර කෙනෙක් හෝ දහම් දෙසන සේක” යන (පඤ්චකංගුත්තර–පඤ්චංගිකවග්ග) මේ සූත්‍රය විස්තරයෙන් දැක්විය යුතු. අර්‍ත්‍ථප්‍රතිසංවේදී වූ ඔහුට ප්‍රාමෝද්‍යය (තරුණප්‍රීතිය) උපදී. ප්‍රමුදිත වූවහුට බලවත් ප්‍රීතිය උපදී. “නිබ්බින්‍දන්තො විරජ්ජති” යනු දක්වා විස්තර කළ යුතු ය, මේ ‘මග්ග’ යැ, (එහි) යම් විමුක්තියක් ඇද්ද මේ ‘නිරෝධ’ යි. මෙසේ පඤ්ච විමුත්තායතනයෝ විස්තරයෙන් දැක්වියැ යුතු. මේ නිරෝධය ද මග්ගය ද යන දෙ සතයයෝ යි.
Pali BJTඉමානි සාධාරණානි සුත්තානි. ඉමෙහි සාධාරණෙහි සුත්තෙහි යථානිද්දිට්ඨෙහි පටිවෙධතො ච ලක්ඛණතො ච ඔතාරෙත්වා අඤ්ඤානි සුත්තානි නිද්දිසිතබ්බානි අපරිහාපෙන්තෙන.{7} ගාථාහි ගාථා අනුමිනිතබ්බා, බ්යාකරණෙහි බ්යාකරණං.
Sinhala BJTමේ සාධාරණ සූත්‍රයෝ යැ. නිර්දේශ කළ පරිදි මේ සාධාරණ සූත්‍රයන්ගෙන් ප්‍රතිවේධ හෙයින් ද ලක්‍ෂණ හෙයින් ද අවතරණය කොට නො පිරිහෙළනු වහු විසින් අන්‍ය සූත්‍රයෝ දැක්විය යුත්තාහු යැ. ගාථායෙන් ගාථා වෙය්‍යාකරණයෙන් වෙය්‍යාකරණය ප්‍රමාණ කළ යුත්තාහ.
Pali BJTඉමෙ ච සාධාරණා දසපරිවඩ්ඪකා එකො ච චතුක්කො නිද්දෙසො සාධාරණො. අයං ච පකිණ්ණකනිද්දෙසො. එකං පඤ්ච ඡ ච සවෙකදෙසො සබ්බං. ඉමෙ ද්වෙ පරිවජ්ජනා පුරිමකා ච දස, ඉමෙ ද්වාදස පරිවඩ්ඪකා සච්චානි.
Sinhala BJT(ඉමෙ ච සාධාරණා .... පරියේසිත්‍වා නිද්දිසිතබ්බා?)
Pali BJTඑත්තාවතා සබ්බං සුත්තං නත්ථි තං බ්යාකරණං වා ගාථා වා{1} ඉමෙහි ද්වාදසහි පරිවඩ්ඪකෙහි න ඔතරිතුං, අප්පමත්තෙන පරියෙසිත්වා නිද්දිසිතබ්බා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTතත්ථායං සඞ්ඛෙපො: සබ්බං දුක්ඛං සත්තහි පදෙහි සමොසරණං ගච්ඡති. කතරෙහි සත්තහි: අප්පියසම්පයොගො ච පියවිප්පයොගො ච ඉමෙහි ද්වීහි පදෙහි සබ්බං දුක්ඛං නිද්දිසිතබ්බං. තස්ස ද්වෙ නිස්සයා: කායො ච චිත්තං ච, තෙන වුච්චති “කායිකං දුක්ඛං චෙතසිකං චෙ”තී නත්ථි තං දුක්ඛං න කායිකං වා න චෙතසිකං, සබ්බං දුක්ඛං ද්වීහි නිද්දිසිතබ්බං: කායිකෙන ච චෙතසිකෙන ච, තීහි දුක්ඛතාහි සඞ්ගහිතං: දුක්ඛදුක්ඛතාය සඞ්ඛාරදුක්ඛතාය විපරිණාමදුක්ඛතාය. ඉති තං සබ්බං දුක්ඛං තීහි දුක්ඛතාහි සඞ්ගහිතං, ඉති ඉදං ච දුක්ඛං තිවිධං, දුවිධං දුක්ඛං කායිකං ච චෙතසිකං ච, දුවිධං අප්පියසම්පයොගො ච පියවිප්පයොගො ච, ඉදං සත්තවිධං දුක්ඛං.
Sinhala BJTඑහි මේ සංක්‍ෂේපය යැ: සියලු දුක්ඛය සත් පදයකින් සමෝසරණයට (සංග්‍රහයට) යෙයි. කවර සත් පදයකින යත්: අප්‍රියසම්ප්‍රයෝගය ද ප්‍රියවිප්‍රයෝගය ද යන මේ දෙ පදයෙන් සියලු දුක්ඛය දැක්විය යුතු. ඒ දුකට නිශ්‍රය දෙකෙකි: කය ද සිත ද යන දෙක යි. එයින් ‘කායික දුක්ඛය ද චෙතසිකදුක්ඛය දැ’යි කියනු ලැබේ. කායික නො වූ හෝ චේතසික නො වූ හෝ දුක්ඛයෙක් නැති. එහෙයින් සියලු දුක්ඛය කායික දුකින් ද චේතසික දුකින් ද යන දෙකින් දැක්විය යුතු. දුක්ඛදුක්ඛතායෙන් සංඛ්‍යාරදුක්ඛතායෙන් විපරිණාම දුක්ඛතායෙන් යන තුන් දුක්ඛතායෙන් සංගෘහීත යැ. මෙසේ ඒ සියලු දුක්ඛය තුන් දුක්ඛතායෙන් සංගෘහිත යි. මෙසේ මේ ත්‍රිවිධ දුක්ඛය ද, කායික චේතසික යන ද්විවිධ දුක්ඛය ද අප්පියසම්පයෝග පියවිප්පයෝග යන ද්විවිධ දුක්ඛය දැයි මේ සත්වැදෑරුම් දුක්ඛය වේ.
Pali BJTතත්ථ තිවිධො සමුදයො අචතුත්ථො අපඤ්චමො.
Sinhala BJTඑහි සමුදය ත්‍රිවිධ වෙයි. සතරවැන්නෙක් නැත. පස්වැන්නෙක් නැති.
Pali BJTකතමො තිවිධො: තණ්හා ච දිට්ඨි ච කම්මං ච.
Sinhala BJTකවර ත්‍රිවිධයෙකැ යත්: තණ්හා යැ දිට්ඨි යැ, කම්ම යැ.
Pali BJTතත්ථ තණ්හාව භවසමුදයො. කම්මං තථානිබ්බත්තස්ස හීනප්පණීතතා{2} අයං සමුදයො. ඉති යාපි භවගතීසු හීනතා ච පණීතතා ච, යාපි තීහි දුක්ඛතාහි සඞ්ගහිතා, යො’පි ද්වීහි මූලෙහි සමුදානීතො අවිජ්ජාය නිවුතස්ස භවතණ්හාසංයුත්තස්ස සවිඤ්ඤාණකො කායො, සො’පි තීහි දුක්ඛතාහි සඞ්ගහිතො.
Sinhala BJTඑහි තෘෂ්ණාව මැ සමුදය වේ. කර්‍මය නම් එසේ උපන්නහුගේ යම් හීන ප්‍රණිතතායෙක් වේ ද, මේ සමුදය යි. මෙසේ භවගතින්හි යම් හීනප්‍රණීත බවක් ඇද්ද, තුන් දුඃඛතායෙන් සංගෘහිත වූ (යම් තණ්හාවක්?) ඇද්ද, (තණ්හා අවිජ්ජා) ද්විමූලයෙන් උපදවන ලද අවිද්‍යාවෙන් නිවෘත වූ භවතෘෂ්ණායෙන් සංයුක්ත වූවහුගේ යම් සවිඤ්ඤාණක (පඤ්ච ස්කන්‍ධ)කයෙක් වේ ද එ ද තුන් දුඃඛනායෙන් සංගෘහීත යි.
Pali BJTතථා විපල්ලාසතො දිට්ඨි අවගන්තබ්බා{3} යා සත්තවිධා{4} නිද්දිසිතබ්බා එකො විපල්ලාසො තීණි නිද්දෙසයති චත්තාරි විපල්ලාසවත්ථූනි.
Sinhala BJTඑපරිදි විපල්ලාසයන්ගේ වශයෙන් දෘෂ්ටිය දතයුතු, යම් දෘෂ්ටියක් සත්වැදෑරුම් කොට දැක්වියයුත්තී ද එයයි. එක් විපල්ලාසයෙක් තුන් විපල්ලාස වස්තුවක් දක්වයි. විපල්ලාසවස්තු සතරක් වෙත්.
Pali BJTතත්ථ කතමො එකො විපල්ලාසො: යො විපරීතගාහො{5} පටික්ඛෙපෙන ඔතරණං යථා ‘අනිච්චෙ නිච්චමි’ති විපරීතං ගණ්හාති. එවං චත්තාරො විපල්ලාසා. අයමෙකො විපල්ලාසීයති සඤ්ඤා චිත්තං දිට්ඨි.
Sinhala BJTඑහි එක් විපර්‍ය්‍යාසය කවරෙ යත්: යම් විපරීතග්‍රාහයෙක් ඇද්ද එය යි. ප්‍රතික්‍ෂේප විසින් අවතරණය මෙසේ යැ: අනිත්‍යයෙහි නිත්‍ය යයි විපරීත කොට ගනී. මෙසේ සතර විපර්‍ය්‍යාසයෝ වෙත්. (විපරීත කොට ගනිත්). මේ එක් විපර්‍ය්‍යාසයෙක් සඤ්ඤා චිත්ත දිට්ඨි යන මේ විපර්‍ය්‍යස්ත කෙරෙයි.
Pali BJTකතමානි චත්තාරි විපල්ලාසවත්ථූනි: කායො වෙදනා චිත්තං ධම්මා.
Sinhala BJTසතර විපර්‍ය්‍යාස වස්තු කවරහ යත්: කාය වේදනා චිත්ත ධර්‍ම යන මොහු යි.
Pali BJTඑවං විපල්ලාසගතස්ස අකුසලං ච පවඩ්ඪෙති. තත්ථ සඤ්ඤාවිපල්ලාසො දොසං අකුසලමූලං පවඩ්ඪෙති. චිත්තවිපල්ලාසො ලොභං අකුසලමූලං පවඩ්ඪෙති, දිට්ඨිවිපල්ලාසො මොහං අකුසලමූලං පවෙඩ්ඪති. තත්ථ දොසස්ස අකුසලමූලස්ස තීණි මිච්ඡත්තානි ඵලං: මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො. ලොභස්ස අකුසලමූලස්ස තීණි මිච්ඡත්තානි ඵලං: මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවායාමො මිච්ඡාසමාධි.
Sinhala BJTමෙසේ විපර්‍ය්‍යාසයට ගියහුට අකුශලය ද වැඩෙයි. එහි සංඥාවිපර්‍ය්‍යාසය දෝස අකුසල මූලය වඩයි. චිත්තවිපර්‍ය්‍යාසය ලෝභ අකුසලමූලය වඩයි. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය මෝහ අකුසලමූලය වඩයි. එහි දෝස අකුසලමූලයාගේ මිථ්‍යා වචන මිථ්‍යා කර්‍මාන්ත මිථ්‍යාආජීව යන තුන් මිච්ඡත්තයෝ ඵල යැ. ලෝභ අකුශල මූලයාගේ මිථ්‍යාසංකල්ප මිථ්‍යා ව්‍යායාම මිථ්‍යා සමාධි යන තුන් මිච්ඡත්තයෝ ඵල යැ.
Pali BJTමොහස්ස අකුසලමූලස්ස ද්වෙ මිච්ඡත්තානි ඵලං: මිච්ඡාදිට්ඨි ච මිච්ඡාසති ච. එවං අකුසලං සහෙතු සප්පච්චයං විපල්ලාසා ච පච්චයො. අකුසලමූලානි සහෙතු, එතෙයෙව පටිපක්ඛෙන අනූනා අනධිකා ද්වීහි පච්චයෙහි නිද්දිසිතබ්බා. නිරොධෙ ච මග්ගෙ ච විපල්ලාසමුපාදාය පරතො{1} පටිපක්ඛෙන.{2}
Sinhala BJTමොහු අකුසල මූලයාගේ මිථ්‍යා දෘෂ්ටි ද මිථ්‍යාස්මෘති ද යන දෙවැදෑරුම් මිච්ඡත්තයෝ ඵල යි. මෙසේ අකුශලය සහේතු සප්‍රත්‍යය වෙයි. විපල්ලාසයෝ ද ප්‍රත්‍යය වෙයි. අකුශල මූලයෝ හේතුසහිතයෝ යැ, තෙල අකුශලයෝ මැ ප්‍රතිපක්‍ෂ විසින් අනූන අනධික වූවාහු ප්‍රත්‍යය දෙකකින් දැක්විය යුත්තාහු යි. නිරෝධයෙහි ද මාර්‍ගයෙහි ද විපර්‍ය්‍යාසය ගෙන පරභාවයෙන් ප්‍රතිපක්‍ෂ විසින් දැක්විය යුත්තාහු යි.
Pali BJTතත්ථිමා උද්දානගාථා:
Sinhala BJTඑහි මේ උද්දාන ගාථා යැ:
Pali BJT(1) අවිජ්ජාය නිවුතො ලොකො - චිත්තං සංයොජනම්පි ච, යා උච්ඡින්න{3}භවතණ්හා - ද්වෙධා චෙව විමුත්තියො.
Sinhala BJT(1) අවිජ්ජාය නිවුතො ලෝකෝ යනු ද, චිත්තසංයුත්තයෙහි සංයෝජන සූත්‍රය ද, ‘උච්ඡින්නභවතණ්හස්ස’ යනාදි ගය ද, දෙවැදෑරුම් විමුත්තීහු ද–
Pali BJT(2) කුම්භූපමං කායමිමං - යං න තුම්හාකං ජහාථ, යෙ කෙචි සොකා පරිදෙවා{4} - තිම්බරූකො{5} ච සයං කතං.
Sinhala BJT(2) ‘කුම්භූපමං’ යනාදි ගය ද, ‘යං භික්ඛවේ න තුම්හාකං’ යනාදි දේශනාව ද ‘යෙ කෙචි සෝකා’ යනා දි ගය ද, ‘සයංකතං’ යනාදිය විචාළ තිම්බරූක පිරිවැජියා ද–
Pali BJT(3) දුක්ඛං දිට්ඨි ච උපන්නං - යං ච ගොපාලකූපමං, සති කායගතා මාහු - සමථො ච විපස්සනා.
Sinhala BJT(3) දුඃඛ දෘෂ්ටි ප්‍රකාශිතයෝ ‘දුක්ඛමද්දක්ඛි’ යනාදි ගය ද, ගෝපාලකූපම සූත්‍රය ද, ‘සති කායගතා’ යනාදි ගය ද, ශමථය හා විදර්‍ශනාව ද–
Pali BJT(4) ආසා පිහා ච අභිනන්දනා ච - චතුන්නමනනුබොධනා, යානි සොතානි ලොකස්මිං - දළ්හනෙමියානකාරො.
Sinhala BJT(4) ‘ආසා පිහා ච’ යනාදි ගය ද ‘චතුන්නං ධම්මානං’ යනාදි දේශනාව ද, ‘යානි සෝතානි’ යනාදි ගය ද, ‘දළ්හනෙමි’ යානකාර ද–
Pali BJT(5) යං නිස්සිතස්ස චලිතං - අනපට්ඨිතකාය සති,{6} සයං කතෙන කම්මෙන{7} - විමුත්තායතනෙහි ච.
Sinhala BJT(5) ‘නිස්සිතස්ස චලිතං’ යනාදි දේශනාව ද ‘අනුපට්ඨිත කායසති’ යනාදිය ද, ‘සයං කතෙන කම්මෙන’ යනාදි ගය ද, විමුත්තායනයන් ගෙන් ද සාධාරණ සූත්‍ර නිදර්ශිත යිං
Pali BJTපෙටකොපදෙසෙ මහාකච්චායනෙන භාසිතෙ
Sinhala BJTමහාකාත්‍යායන තෙරණුවන් විසින් භාෂිත වූ පෙටකෝපදේසයෙහි
Pali BJTඅරියසච්චප්පකාසනා නාම පඨමභූමි සමත්තා.
Sinhala BJTඅරියසච්චප්පකාසනා නම් ප්‍රථම භූමිය සමාප්ත යි.
Pali BJT2. දුතියභූමි - සාසනපට්ඨානං
Sinhala BJT2. ද්විතීය භූමි - සාසනපට්ඨාන
Pali BJTතත්ථ කතමං සාසනපට්ඨානං:
Sinhala BJTඑහි සාසනපට්ඨාන කවරෙ යත්:
Pali BJT1. සංකිලෙසභාගියං සුත්තං, 2. වාසනාභාගියං{1} සුත්තං, 3. නිබ්බෙධභාගියං සුත්තං, 4. අසෙඛභාගියං සුත්තං, 5. සංකිලෙසභාගියං ච වාසනාභාගියං ච{2}, 6. සංකිලෙසභාගියං ච නිබ්බෙධභාගියං ච, 7. සංකිලෙසභාගියං ච නිබ්බෙධභාගියං ච අසෙඛභාගියං ච, 8. වාසනාභාගියං{2} ච නිබ්බෙධභාගියං ච. 9. ආණත්ති, 10. ඵලං, 11. උපායො, 12. ආණත්ති ච ඵලං ච, 13. ඵලං ච උපායො ච, 14. ආණත්ති ච ඵලං ච උපායො ච, 15. අස්සාදො, 16. ආදීනවො, 17. නිස්සරණං, 18. අස්සාදො ච ආදීනවො ච, 19. අස්සාදො ච නිස්සරණං ච, 20. ආදීනවොච නිස්සරණං ච, 21. අස්සාදො ච ආදීනවො ච නිස්සරණං ච, 22. ලොකිකං, 23. ලොකුත්තරං, 24. ලොකිකං ච ලොකුත්තරං ච, 25. කම්මං, 26. විපාකො, 27. කම්මං ච විපාකො ච, 28. නිද්දිට්ඨං, 29. අනිද්දිට්ඨං, 30. නිද්දිට්ඨං ච අනිද්දිට්ඨං ච, 31. ඤාණං, 32. ඤෙය්යං, 33. ඤාණං ච ඤෙය්යං ච, 34. දස්සනං, 35. භාවනා, 36. දස්සනං ච භාවනා ච, 37. විපාකකම්මං, 38. න විපාකකම්මං, 39. නෙවවිපාකන විපාකකම්මං, 40. සකවචනං, 41. පරවචනං, 42. සකවචනං ච පරවචනං ච, 43. සත්තාධිට්ඨානං, 44. ධම්මාධිට්ඨානං, 45. සත්තාධිට්ඨානං ච ධම්මාධිට්ඨානං ච, 46. ථවො, 47. අනුඤ්ඤාතං, 48. පටික්ඛිත්තං, 49. අනුඤ්ඤාතං ච පටික්ඛිත්තං ච, 50. සකවචනාධිට්ඨානං, 51. පරවචනාධිට්ඨානං, 52. සකවචනාධිට්ඨානං ච, පරවචනාධිට්ඨානං ච, 53. කිරියං, 54. ඵලං, 55. කිරියං ච ඵලං ච.
Sinhala BJT1. සංකිලෙසභාගිය සූත්‍ර යැ 2. වාසනාභාගිය සූත්‍ර යැ 3. නිබ්බේධභාගිය සූත්‍ර යැ 4. අයෙඛභාගිය සූත්‍ර යැ 5. සංකිලෙසභාගිය සූත්‍ර යැ 6. සංකිලෙසභාගිය ද නිබ්බේධ භාගිය ද සූත්‍ර යැ 7. සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ 8. වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ 9. ආණත්ති යැ 10. ඵල යැ 11. උපාය යැ 12. ආණත්ති හා ඵල යැ 13. ඵලය හා උපාය යැ 14. ආනන්ති හා ඵලය හා උපාය යැ 15. අස්සාද යැ 16. ආදීනව යැ 17. නිස්සරණ යැ 18. අස්සාද හා ආදීනව යැ 19. අස්සාද හා නිස්සරණ යැ 20. ආනදීව හා නිස්සරණ යැ 21. අස්සාද හා ආදීනව හා නිස්සරණ යැ 22. ලෞකික යැ 23. ලෝකෝත්තර යැ 24. ලෞකික හා ලෝකෝත්තර යැ 25. කම්ම යැ 26. විපාක යැ 27. කම්ම හා විපාක යැ 28. නිර්දිෂ්ට යැ 29. අනිර්දිෂ්ට යැ 30. නිර්දිෂ්ට හා අනිර්දිෂ්ට යැ 31. ඥාන යැ 32. ඥේය යැ 33. ඥාන හා ඥේය යැ 34. දර්‍ශන යැ 35. භාවනා යැ 36. දර්‍ශන හා භාවනා යැ 37. විපාකකර්‍ම යැ 38. නවිපාක කර්‍ම යැ 39. නේවවිපාක නවිපාක කර්‍ම යැ 40. සකවචන යැ 41. පරවචන යැ 42. සක වචන හා පරවචන යැ 43. සත්තාධිට්ඨාන යැ 44. ධම්මාධිට්ඨාන යැ 45. සත්තාධිට්ඨාන හා ධම්මාධිට්ඨාන යැ 46. ස්තව යැ 47. අනුඤ්ඤාත යැ 48. පටික්ඛිත්ත යැ 49. අනුඤ්ඤාත හා පටික්ඛිත්ත යැ 50. සකවචනාධිට්ඨාන යැ 51. පරවචනාධිට්ඨාන යැ 52. සකවචනාධිට්ඨාන හා පරවචනාධිට්ඨාන යැ 53. කිරිය යැ 54. ඵල යැ 55. කිරිය හා ඵල යි.
Pali BJT(තත්ථ, සකවචනාධිට්ඨානං, පරවචනාධිට්ඨානං, සකවචනාධිට්ඨානං ච පරවචනාධිට්ඨානං ච, කිරියං, ඵලං, කිරියං ච - ඉමානි ඡ පටික්ඛිත්තානි.]
Sinhala BJT(එහි සකවචනාධිට්ඨාන යැ, පරවචනාධිට්ඨාන යැ, සක වචන හා පරවචනාධිට්ඨාන යැ, කිරිය යැ, ඵලයැ, කිරිය හා ඵලයැ යන මේ සය (නිදසුන් දැක්වීමෙන්) පටික්ඛිත්ත යි.)
Pali BJT(1) තත්ථ කතමං සංකිලෙසභාගියං සුත්තං:
Sinhala BJT(1) එහි සංකිලේස භාගිය සූත්‍රය කවරෙ යත්:
Pali BJT1. කාමන්ධා ජාලසඤ්ජන්නා - තණ්හාඡදනඡාදිතා, පමත්තබන්ධනා{3} බද්ධා - මච්ඡා ව කුමිනාමුඛෙ, ජරාමරණමන්වෙන්ති - වච්ඡො ඛීරපකොව මාතරං.
Sinhala BJT1. ක්ලේශකාමයෙන් අන්‍ධ වූ තෘෂ්ණාජාලයෙන් වෙළුණු තෘෂ්ණා සංඛ්‍යාත අන්‍ධකාරයෙන් වැසුණු (සත්ත්‍වයෝ) කෙමින මුවෙහි (බැඳුණු) මසුන් මෙන් ප්‍රමාද නමැති බන්‍ධනයෙන් බැඳුණාහු මවුදෙන කරා එන කිරි බොන වස්සකු මෙන් ජරාවට හා මරණයට පුන පුනා පැමිණෙත්.
Pali BJT“පඤ්චිමෙ භික්ඛවෙ නීවරණා”.
Sinhala BJT“පඤ්චිමෙ භික්ඛවේ නීවරණා” (යනාදි සූත්‍රය දැක්විය යුතු.)
Pali BJT(2) තත්ථ කතමං වාසනාභාගියං සුත්තං:
Sinhala BJT(2) එහි වාසනාභාගිය සූත්‍රය කවරෙ යත්:
Pali BJT2. මනොපුබ්බඞ්ගමා ධම්මා - මනොසෙට්ඨා මනොමයා, මනසා චෙ පසන්නෙන - භාසති වා කරොති වා, තතො නං සුඛමන්වෙති - ඡායාව අනපායිනී.
Sinhala BJT2. වේදනාදි ස්කන්‍ධත්‍රය සංඛ්‍යාත ධර්‍මයෝ චාතුර්භූමක චිත්තය පෙරදැරි කොට ඇත්තාහු යැ, සිත අධිපති කොට ඇත්තාහු යැ, සිතින් මැ නිපන්නාහු යැ. ඉදින් අනභිධ්‍යාදීන් ප්‍රසන්න වූ සිතින් යුක්ත වැ කියා නම් හෝ කෙරේ නම් හෝ ඒ හේතුයෙන් තමා නො පියා යන සෙවණැල්ල සෙයින් කායික චෛතසික විපාකසුඛය ඒ පුද්ගලයා කැටිවැ යේ යයි.
Pali BJTසංයුත්තකෙ සුත්තං:{4} මහානාමස්ස සක්කස්ස ඉදං භගවා සක්යානං කපිලවත්ථුම්හි නගරෙ නයවිත්ථාරෙන, සද්ධාසීලපරිභාවිතං චිත්තං භාවඤ්ඤෙන පරිභාවිතං තං නාම පච්ඡිමෙ කාලෙ. [?]
Sinhala BJTසංයුත් සඟියෙහි සූත්‍රය : (සාරකානිවග්ග–මහානාමසුත්ත) මේ සූත්‍රයෙහි බුදුහු ශාක්‍යයන්ගේ කිඹුල්වත් නුවර දී මහානාම ශාක්‍යහට නයවිස්තරයෙන් සද්ධා සීලාදි පරිහාචිතචිත්තය වදාළහ ... (මෙහි පාඨය ආකුලය)
Pali BJT(3) තත්ථ කතමං නිබ්බෙධභාගියං සුත්තං:
Sinhala BJT(3) එහි නිබ්බේධභාගිය සූත්‍රය කවරෙ යත්:
Pali BJT3. උද්ධං අධො සබ්බධි විප්පමුත්තො අයමහමස්මී’ති අනානුපස්සී, එවං විමුත්තො උදතාරි ඔඝං අතිණ්ණපුබ්බං අපුනබ්භවාය.
Sinhala BJT3. උඩ රූපාරූපධාතුයෙහි ද යට කාමධාතුයෙහි ද යන සියලු ත්‍රෛධාතුක ලෝකයෙහි අශෛක්‍ෂ විමුක්තියෙන් මිදුණු රහත් මහණ ‘මේ’ මම් වෙමි නො දක්නේ මෙසේ සෙබා සේඛවිමුක්තියෙන් මිදුණේ පුනර්‍භවය නොවනු පිණිස පෙර තරණය නො කළවිරූ කාමාදි චතුරෝඝය තරණය කෙළේ යයි.
Pali BJT“කිමත්ථියානි භන්තෙ කුසලානි සීලානි”{1} ආනන්දො පුච්ඡති සත්ථාරං.
Sinhala BJT‘වහන්ස අනවද්‍ය ශීලයෝ කුමක් අර්‍ත්‍ථ කොට ඇත්තාහු දැයි අනඳ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ විචාරති. (දසකංගුත්තර – ආනිසංසවග්ග).
Pali BJT(4) තත්ථ කතමං අසෙඛභාගියං සුත්තං:
Sinhala BJT(4) එහි අනෙඛභාගිය සූත්‍රය කවරෙ යත්:
Pali BJT4. යස්ස සෙලූපමං චිත්තං - ඨිතං නානුපකම්පති විරත්තං රජනීයෙසු - කොපනෙය්යෙ න කුප්පති, යස්සෙවං භාවිතං චිත්තං - කුතො නං දුක්ඛමෙස්සතී’ති.
Sinhala BJT4. යමක්හුගේ සිත ශෛලපර්‍වතයක් සෙයින් සිටියේ (අටලෝ දහමින්) නො සැලේ ද රාගෝත්පත්තියට කාරණ වූ ත්‍රෛභූමක ධර්‍මයන්හි නො ඇලුණේ ද කෝප ඉපැද්මට කාරණ වූ ආඝාතවස්තු විෂයෙහි නො කිපේ ද යමක්හුගේ සිත මෙසේ භාවිත ද ඔහු කරා දුකෙක් කොයිබින් එන්නේ දැයි.
Pali BJT“ආයස්මා මං භන්තෙ සාරිපුත්තො ආසජ්ජ අප්පටිනිස්සජ්ජ චාරිකං පක්කන්තො”{2} සාරිපුත්තස්ස බ්යාකරණං කාතබ්බං. “යස්ස නූන භන්තෙ කායෙ කායගතාසති අනුපට්ඨිතා අස්ස”{3} විත්ථාරෙන කාතබ්බං.
Sinhala BJT‘වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර මා ගටා ඇවත නො දෙසා චාරිකාවට නික්මුණේ ය’යි (නවකංගුත්තර – සීහනාදවග්ග) වහන්ස යමකුට එකැතින් කයෙහි කාගියාසී නො එළැඹ සිටී නම්” යනාදි සාරිපුත්ත වෙය්‍යාකරණය විස්තර කළයුතු.
Pali BJT(5) තත්ථ කතමං සංකිලෙසභාගියං ච වාසනාභාගියං ච සුත්තං:
Sinhala BJT(5) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍රය කවරෙ යත්:
Pali BJT5. ඡන්නමතිවස්සති - විවටං නාති වස්සති, තස්මා ඡන්නං විවරෙථ - එවං තං නාතිවස්සති.
Sinhala BJT5. වසන ලද ඇවැත් ඇතියහු කෙලෙස් වැසි අතිශයින් තෙමයි, විවෘත වූයේ අතිශයින් නො තෙමයි. එහෙයින් ප්‍රතිච්ඡන්න වූ ඇවත ප්‍රකට කරවු. මෙසේ ඒ දෝෂය හෙවත් ඇවැත් ඇතියහු කෙලෙස් වැසි අතිශයින් නො තෙමා.
Pali BJT“ඡන්නමතිවස්සතී’ති සංකිලෙසො, “විවටං නාතිවස්සතී”ති වාසනා.
Sinhala BJT“ඡන්නමතිවස්සති” යනු සංකිලේස යැ, “විවටං නාතිවස්සති” යනු වාසනා යි.
Pali BJT“තමොතමපරායනො”ති විත්ථාරෙන. තත්ථ යො ච තමො යො ච තමපරායනො, අයං සංකිලෙසො. යො ච ජොති, යො ච ජොතිපරායනො, අයං වාසනා.
Sinhala BJT“තමෝතමපරායනෝ” යනාදිය විස්තරයෙන් කියැයුතු (කෝසල සංයුත්ත). එහි යම් තම පුඟුලෙක් තමපරායන පුඟුලෙකුත් වේ ද මේ සංකිලේස යැ, යම් ජෝති පුඟුලෙක් යම් ජෝතිපරායණ පුඟුලෙකුත් වේ ද මේ වාසනා යි.
Pali BJT(6) තත්ථ කතමං සංකිලෙසභාගියං ච නිබ්බෙධභාගියං ච සුත්තං:
Sinhala BJT(6) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍රය කවරෙ යත්:
Pali BJT6. න තං දළ්හං බන්ධනමාහු ධීරා යදායසං දාරුජං බබ්බජං ච’{4} සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු, පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා.
Sinhala BJT6. හැකිලිබැඳුම් සංඛ්‍යාත යමුවා වු ද අන්‍දුබන්‍ධන සංඛ්‍යාත දැවමුවා වූ ද රජ්ජුබන්‍ධන සංඛ්‍යාත බබුස්තණ මුවා වූ ද යම් බන්‍ධනයෙක් ඇද්ද එය බුද්ධාදි පණ්ඩිත පුරුෂයෝ දැඩි බැඳුමෙකැයි නො කියති, (අයි ආදියෙන් සිඳලියැ හැකි හෙයිනි.) මිණි කොඬොල් අඹුදරුවන් කෙරෙහි බලවත් රාගයෙන් ඇලුණු යම් අපේක්‍ෂායෙක් ඇද්ද–
Pali BJT7. එතං දළ්හං බන්ධනමාහු ධීරා ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං, එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති{5} අනපෙක්ඛිනො කාමසුඛං පහාය.{*}
Sinhala BJT7. (සිවු අපායෙහි හෙළන හෙයින්) යටට ඇදලන ලිහිල් වූ සිඳීමට දුෂ්කර වූ තෙල බන්‍ධනය දැඩි වූයෙකැයි ධීරයෝ කියති, කාමයන්හි අපේක්‍ෂා රහිත වූවාහු තෙල බන්‍ධනය ද සිඳ කාමසුඛය හැරපියා ගිහිගෙන් නික්මැ යෙත්.