Peṭakopadesa

Piṭaka Disclosure

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1301-1379 න් 1379

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතත්ථ පඨමෙ විපල්ලාසෙ ඨිතො කාමෙ උපාදියති, ඉදං කාමූපාදානං. දුතියෙ විපල්ලාසෙ ඨිතො අනාගතං භවං උපාදියති, ඉදං සීලබ්බතූපාදානං. තතියෙ විපල්ලාසෙ ඨිතො විපරීතං{3} දිට්ඨිං{4} උපාදියති, ඉදං දිට්ඨූපාදානං. චතුත්ථෙ විපල්ලාසෙ ඨිතො ඛන්ධෙ අත්තතො උපාදියති, ඉදං අත්තවාදූපාදානං.
Sinhala BJTඑහි ප්‍රථම විපල්ලාසයෙහි සිටියේ කාමයන් දැඩිව ගනී. මේ කාමූපාදාන යැ, දෙවැනි විපල්ලාසයෙහි සිටියේ අනාගත භවය දැඩිවැ ගනී, මේ සීලබ්බතූපාදාන යැ, තෙවැනි විපල්ලාසයෙහි සිටියේ විපරීත දෘෂ්ටිය දැඩිවගනී, මේ දිට්ඨූපාදාන යැ. සතර වැනි විපල්ලාසයෙහි සිටියේ ස්කන්‍ධයන් ආත්මවශයෙන් දැඩිවැ ගනී, මේ අත්තවාදූපාදාන යි.
Pali BJTතත්ථ කාමූපාදානෙ ඨිතො කාමෙ අභිජ්ඣායති ගන්ථති, අයං අභිජ්ඣාකායගන්ථො. සීලබ්බතූපාදානෙ ඨිතො බ්යාපාදං ගන්ථති, අයං බ්යාපාදාකායගන්ථො. දිට්ඨුපාදානෙ ඨිතො පරාමාසං ගන්ථති, අයං පරාමාසකායගන්ථො. අත්තවාදූපදානෙ ඨිතො පපඤ්චන්තො ගන්ථති, අයං ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො.
Sinhala BJTඑහි කාමූපාදානයෙහි සිටියේ වස්තුකාම ක්ලේශකාමයන් අභිධ්‍යා කෙරෙයි, (නාමකය හා) ග්‍රන්‍ථනය කෙරෙයි. මේ අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, සීලබ්බතූපාදානයෙහි සිටියේ ව්‍යාපාදය ග්‍රන්‍ථනය කෙරෙයි, මේ ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, දිට්ඨුපාදානයෙහි සිටියේ දෘෂ්ටි පරාමර්‍ශය ග්‍රන්‍ථනය කෙරෙයි, මේ පරාමාසකායග්‍රන්‍ථ යැ, ආත්මවාදූපාදානයෙහි සිටියේ අනුප්‍රබන්‍ධ වශයෙන් සසර සිටුනේ (නාමකය) ග්‍රන්‍ථනය කෙරෙයි. මේ ඉදංසත්‍යාභිනිවේසකායග්‍රන්‍ථ යි.
Pali BJTතස්ස ගන්ථිතා කිලෙසා ආසවන්ති, කිඤ්චි පන වුච්චති විප්පටිසාරො, යෙ විප්පටිසාරා{1} තෙ අනුසයා. තත්ථ අභිජ්ඣාකායගන්ථෙන කාමාසවො, බ්යාපාදකායගන්ථෙන භවාසවො, පරාමාසකායගන්ථෙන දිට්ඨාසවො, ඉදංසච්චාභිනිවෙසකායගන්ථෙන අවිජ්ජාසවො.
Sinhala BJTඔහුට ග්‍රන්‍ථිත වූ ක්ලේශයෝ ආස්‍රවභාවයෙන් පවතිත්. (කිඤ්වී පන ?) විප්‍රතිසාර යයි කියනු ලැබේ. යම් විප්‍රතිසාරකෙනෙක් වෙත් ද ඔහු අනුසය වෙති. එහි අභිධ්‍යාකාය ග්‍රන්‍ථයෙන් කාමාස්‍රවය වෙයි. ව්‍යාපාදකායග්‍රන්‍ථයෙන් භවාස්‍රවය වෙයි. පරාමාසකායග්‍රන්‍ථයෙන් දෘෂ්ටි - ආස්‍රවය වෙයි. ඉදංසත්‍යාභිනිවේසකායග්‍රන්‍ථයෙන් අවිද්‍යාස්‍රවය වේ.
Pali BJTතෙ චත්තාරො ආසවා වෙපුල්ලභාවං ගතා ඔඝා හොන්ති, තෙන වුච්චන්ති{2}. ඔඝා’ති. තත්ථ කාමාසවො කාමොඝො, භවාසවො භවොඝො, අවිජ්ජාසවො අවිජ්ජොඝො, දිට්ඨාසවො, දිට්ඨොඝො.
Sinhala BJTඒ සතර ආස්‍රවයෝ විපුලබවට ගියාහු ඕඝයෝ වෙති : එයින් ‘ඕඝයෝ’ යයි කියනු ලැබෙත්. එහි කාමාසවය කාමෝඝ යැ, භවාසවය භවෝඝ යැ. අවිජ්ජාසවය අවිද්‍යෝඝ යැ, දිට්ඨාසවය දෘෂ්ටි - ඕඝ යි.
Pali BJTතෙ චත්තාරො ඔඝා ආසයමනුපවිට්ඨා අනුසයසහගතා වුච්චන්ති ‘සල්ලා’ති භදයමාහච්ච තිට්ඨන්තා තත්ථ කාමොඝො රාගසල්ලං, භවොඝො දොසසල්ලං, අවිජ්ජොඝො මොහසල්ලං, දිට්ඨොඝො දිට්ඨිසල්ලං.
Sinhala BJTඒ සතර ඕඝයෝ ආසයට පැමිණියාහු අණුසහගත වූවාහු ළෙහි ගැටී සිටුනාහු ශල්‍යයෝ යයි කියනු ලැබෙත්. එහි කාමෝඝය රාගශල්‍ය යැ, භවෝඝය දෝසශල්‍ය යැ, අවිද්‍යෝඝය මෝහශල්‍ය යැ, දෘෂ්ටි - ඕඝය දෘෂ්ටිශල්‍ය යි.
Pali BJTඉමෙහි චතූහි සල්ලෙහි පරියාදින්නං විඤ්ඤාණං චතුසු ධම්මෙසු තිට්ඨති, රූපෙ වෙදනාය සඤ්ඤාය සඞ්ඛාරෙසු ඉමා චතස්සො විඤ්ඤාණට්ඨිතියො. තත්ථ රාගසල්ලෙන නන්දූපසෙචනං රූපූපගං විඤ්ඤාණං තිට්ඨති. දොසසල්ලෙන වෙදනූපගං, මොහසල්ලෙන සඤ්ඤූපගං, දිට්ඨිසල්ලෙන නන්දූපසෙචනං සඞ්ඛාරූපගං විඤ්ඤාණං තිට්ඨති.
Sinhala BJTමේ සතර ශල්‍යයන්ගෙන් මැඩගන්නාලද විඥානය රූප වේදනා සඤ්ඤා සංඛාර යන සතර ධර්‍මයන්හි සිටිත්. මොහු සතර විඤ්ඤාණට්ඨීතීහු යි. එහි රාගශල්‍යයෙන් නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත්කළ රූපයට පමුණුවන විඥානය සිටී. දෝසශල්‍යයෙන් වේදනූපග වූ ද, මෝහශල්‍යයෙන් සඤ්ඤුපග වූ ද, දෘෂ්ටීශල්‍යයෙන් තෘෂ්ණායෙන් තෙත් කළ සංඛාරූපග වූ විඥානය සිටී.
Pali BJTචතූහි, විඤ්ඤාණට්ඨිතීහි චතුබ්බිවිධං අගතිං ගච්ඡන්ති: ඡන්දා දොසා භයා මොහා. රාගෙන ඡන්දා අගතිං ගච්ඡන්ති, දොසෙන දොසා අගතිං ගච්ඡති, මොහෙන මොහා අගතිං ගච්ඡති, දිට්ඨියා භයා අගතිං ගච්ඡති. ඉති ඉදං ච කම්මං ඉමෙ ච කිලෙසා, අයං සංසාරස්ස හෙතු,
Sinhala BJTසතර විඥානස්ථිතීන් හේතු කොට ඡන්‍දයෙන් දෝසයෙන් භයින් මෝහයෙන් චතුර්විධ අගතියට යෙති, රාගය හේතු කොට ඡන්‍දයෙන් අගතියට යෙයි, දෝසය හේතු කොට ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහය හේතු කොට මෝහයෙන් අගතියට යෙයි, දෘෂ්ටිය හේතු කොට භයින් අගතියට යෙයි. මෙසේ මේ කර්‍මය ද මේ ක්ලේශයෝ ද වෙත්. මේ සංසාරයට හේතු යි.
Pali BJTතත්ථිමා චතස්සො දිසා: කබළිඞ්කාරො{3} ආහාරො, ‘අසුභෙ සුභ’න්ති විපල්ලාසො, කාමූපාදානං, කාමයොගො, අභිජ්ඣාකායගන්ථො, කාමාසවො, කාමොඝො, රාගසල්ලං රූපූපගා විඤ්ඤාණට්ඨිති, ඡන්දා අගතිගමනං. අයං පඨමා දිසා.
Sinhala BJTඑහි මේ සතර දිසාවෝ යැ : කබළිංකාරාහාර යැ අශුභයෙහි ශුභ යැ යන විපල්ලාස යැ කාමූපාදාන යැ කාමයෝග යැ අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ කාමාසව යැ කාමෝඝ යැ රාග සල්ල යැ රූපූපගවිඤ්ඤාණට්ඨිති යැ ඡන්‍දයෙන් අගතිගමනයැ. මේ පළමුවන දිසාව යැ.
Pali BJTඵස්සො ආහාරො, ‘දුක්ඛෙ සුඛ’න්ති විපල්ලාසො, සීලබ්බතූපාදානං, භවයොගො, බ්යාපාදො කායගන්ථො, භවාසවො, භවොඝො, දොසසල්ලං, වෙදනූපගා විඤ්ඤාණට්ඨිති, දොසා අගතිගමනං, අයං දුතියා දිසා.
Sinhala BJTඵස්සාහාර යැ දුකෙහි සුව යැ යන විපල්ලාස යැ සීලබ්බතූපාදාන යැ භවයෝග යැ ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ භවාසව යැ භවඕඝ යැ දෝසසල්ල යැ වේදනූපගවිඤ්ඤාණට්ඨති යැ දෝසයෙන් අගතිගමන යැ. මේ දෙවැනි දිසාව යැ.
Pali BJTමනොසඤ්චෙතනාහාරො, ‘අනත්තනි අත්තා’ති විපල්ලාසො, දිට්ඨුපාදානං, දිට්ඨියොගො, පරාමාසකායගන්ථො, දිට්ඨාසවො, දිට්ඨොඝො, දිට්ඨිසල්ලං, සඤ්ඤූපගා විඤ්ඤාණට්ඨිති, භයා අගතිගමනං, අයං තතියා දිසා.
Sinhala BJTමනෝසඤ්චේතනාහාර යැ අනාත්මයෙහි ආත්ම යැ යන විපල්ලාස යැ දිට්ඨිඋපාදාන යැ දිට්ඨියෝග යැ පරාමාසකායග්‍රන්‍ථ යැ දිට්ඨාසව යැ දිට්ඨි-ඕඝ යැ දිට්ඨිසල්ල යැ සඤ්ඤුපග විඤ්ඤාණට්ඨිති යැ භයින් අගතියට යෑම යැ. මේ තෙවැනි දිසාව යැ.
Pali BJTවිඤ්ඤාණාහාරො, ‘අනිච්චෙ නිච්ච’න්ති විපල්ලාසො, අත්තවාදූපාදානං, අවිජ්ජායොගො, ඉදංසච්චාභිනිවෙසො කායගන්ථො, අවිජ්ජාසවො, අවිජ්ජොඝො, මොහසල්ලං, සඞ්ඛාරූපගා විඤ්ඤාණට්ඨිති, මොහා අගතිගමනං අයං චතුත්ථි දිසා. ඉති ඉමෙසං දසන්නං සුත්තානං පඨමෙන පදෙන පඨමාය දිසාය ආලොකනං, අයං වුච්චති දිසාලොකනා.
Sinhala BJTවිඤ්ඤාණාහාර යැ අනිත්‍යයෙහි නිත්‍ය යැ යන විපල්ලාසයැ අත්තවාදූපාදානයැ අවිජ්ජායෝග යැ ඉදංසච්චාභිනිවේස කායග්‍රන්‍ථ යැ අවිජ්ජාසව යැ අවිජ්ජා - ඕඝ යැ මෝහ සල්ල යැ සංඛාරූපග විඤ්ඤාණට්ඨිති යැ මෝහයෙන් අගතිගමන යැ. මේ සතරවැනි දිසාව යි. මෙසේ මේ දස සූත්‍රයන්ගේ පළමුවන පදයෙන් ප්‍රථම දිශාව බැලීම වේ. මේ දිසාලෝකනා යි කියනුලැබේ.
Pali BJTචතූහි විපල්ලාසෙහි අකුසලපක්ඛෙ දිසාවිලොකනා කිලෙසං සංයොජෙත්වා අයං අකුසලපක්ඛෙ දිසාවිලොකනාය භූමි.
Sinhala BJTසතර විපල්ලාසයන්ගෙන් අකුශල පක්‍ෂයෙහි ක්ලේශ සංයෝග කොට දිසා විලෝකනය වේ. මේ අකුශල පක්‍ෂයෙහි දිසාවිලෝකනයාගේ භූම් වේ.
Pali BJTපඤ්චන්නං දසන්නං{1} සුත්තානං යානි පඨමානි පදානි ඉමෙසං ධම්මානං කො අත්ථො, එකො අත්ථො, බ්යඤ්ජනමෙව නානං. එවං දුතියා, එවං තතියා, එවං චතුත්ථි. අයං පඨමා සංසන්දනා. ඉමිනා පෙය්යාලෙන සබ්බෙ කිලෙසා චතුසු පදෙසු පක්ඛිපිතබ්බා.
Sinhala BJTපඤ්ච සූත්‍රයන්ගේ ද දස සූත්‍රයන්ගේ ද යම් පළමුවන පදකෙනෙක් වෙත් ද, මේ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථ කවරෙ යැ : අර්‍ත්‍ථය එකෙකි, ඛ්‍යඤ්ජනය මැ නානා වෙයි. දෙවන දිසාව ද තෙවන දිසාව ද දසතරවන දිසාව ද මෙසේ යි. මේ පළමුවන සංසන්‍දනා යි. මේ පෙය්‍යාලයෙන් සියලු ක්ලේශයෝ සතර පදයන්හි බහාලියැයුත්තාහු යි.
Pali BJTතතො කුසලපක්ඛෙ චතස්සො පටිපදා, චත්තාරි ඣානානි, චත්තාරො සතිපට්ඨානා චත්තාරො විහාරා: දිබ්බො බ්රහ්මා අරියො ආනෙඤ්ජො, චත්තාරො සම්මප්පධානා, චත්තාරො අච්ඡරියා අබ්භුතධම්මො, චත්තාරො අධිට්ඨානා, චත්තාරො සමාධයො: ඡන්දසමාධි විරියසමාධි චිත්තසමාධි වීමංසාසමාධි, චත්තාරො ධම්මා සුඛභාගියා නාඤ්ඤත්ර බොජ්ඣඞ්ගා නාඤ්ඤත්ර තපසා නාඤ්ඤත්රින්ද්රිය සංවරා නාඤ්ඤත්ර සබ්බනිස්සග්ගා චත්තාරි අප්පමාණානි.
Sinhala BJTඉක්බිති කුශලපක්‍ෂයෙහි සතර පටිපදා යැ සතර ධ්‍යානයෙන් යැ සතර සතිපට්ඨානයෝ යැ. දිව්‍ය බ්‍රහ්ම ආර්‍ය්‍ය ආනෙඤ්ජ යන සතර විහරණයෝ යැ සතර සමාධ්‍යක්ප්‍රධානයෝ යැ සතර අච්ඡරිය අබ්භූත ධර්‍මයෝ යැ සතර අධිෂ්ඨානයෝ යැ ඡන්‍දසමාධි විරියසමාධි චිත්තසමාධි වීමංසාසමාධි යන සතර සමාධීහු යැ බෝධ්‍යඞ්ගයන්ගෙන් බැහැර තපසින් බැහැර ඉන්‍ද්‍රියසංවරයෙන් බැහැර සර්‍වනිස්සජනයෙන් බැහැර නො ලැබෙන සතර සුඛභාගිය ධර්‍මයෝ යැ. සතර අප්‍රාමාණ්‍යයෝ යි.
Pali BJTතත්ථ දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා භාවියමානා බහුලීකරියමානා පඨමං ඣානං පරිපූරෙති, පඨමං ඣානං පරිපුණ්ණං පඨමං සතිපට්ඨානං පරිපූරෙති, පඨමං සතිපට්ඨානං පරිපුණ්ණං පඨමං විහාරං පරිපූරෙති, පඨමො විහාරො පරිපුණ්ණෙ, පඨමං සම්මප්පධානාං පරිපූරෙති. පඨමං සම්මප්පධානං පරිපුණ්ණං පඨමං අච්ඡරියං අබ්භුතං ධම්මං පරිපූරෙති, පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො පරිපුණ්ණො පඨමං අධිට්ඨානං පරිපූරෙති.
Sinhala BJTඑහි දුක්ඛපටිපදා ඇති දන්‍ධාභිඤ්ඤාව වඩනුලබන්නී බහුල කරනුලබන්නී ප්‍රථමධ්‍යානය පරිපූර්‍ණ කෙරෙයි, ප්‍රථමධ්‍යානය පරිපූර්‍ණ වූයේ ප්‍රථම සතිපට්ඨානය පුරයි, පළමුවන සතිපට්ඨානය පරිපූර්‍ණ වූයේ ප්‍රථම විහරණය පුරයි. ප්‍රථම විහරණය පරිපූර්‍ණ වූයේ ප්‍රථම සම්‍යක්ප්‍රධානය පරිපූර්‍ණ කෙරෙයි, ප්‍රථම සම්‍යක්ප්‍රධානය පරිපූර්‍ණ වූයේ ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පරිපූර්‍ණ කෙරෙයි, ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මය පරිපූර්‍ණ වූයේ ප්‍රථම අධිෂ්ඨානය පුරයි,
Pali BJTපඨමං අධිට්ඨානං පරිපුණ්ණං ඡන්දසමාධිං පරිපූරෙති, ඡන්දසමාධි පරිපුණ්ණො ඉන්ද්රියසංවරං පරිපූරෙති. ඉන්ද්රියසංවරො පරිපුණ්ණො පඨමං මෙත්තාඅප්පමාණං පරිපූරෙති. එවං යාව සබ්බනිස්සග්ගො චතුත්ථං අප්පමාණං පරිපූරෙති.
Sinhala BJTප්‍රථම අධිෂ්ඨානය පරිපූර්‍ණ වූයේ ඡන්‍දසමාධිය පුරයි. ඡන්‍දසමාධිය පිරුණේ ඉන්‍ද්‍රියසංවරය පුරයි, ඉන්‍ද්‍රියසංවරය පිරුණේ ප්‍රථම මෛත්‍රී අප්‍රාමාණ්‍යය පරිපූර්‍ණ කෙරෙයි. මෙසේ සබ්බනිස්සග්ගය දක්වා සතරවැනි අප්‍රාමාණ්‍යය පරිපූර්‍ණ කෙරේ.
Pali BJTතත්ථ පඨමා ච පටිපදා පඨමං ච ඣානං පඨමං ච සතිපට්ඨානං පඨමො ච විහාරො පඨමං ච අප්පමාණං පඨමො ච අච්ඡරියො අබ්භුතො ධම්මො සච්චාධිට්ඨානං ච ඡන්දසමාධි ච ඉන්ද්රියසංවරො ච මෙත්තා ච අප්පමාණං, අයං පඨමාදිසා.
Sinhala BJTඑහි ප්‍රථම ප්‍රතිපදා යැ ප්‍රථමධ්‍යාන යැ පළමුවන සතිපට්ඨාන යැ ප්‍රථම විහාර යැ ප්‍රථම අප්‍රාමාණ්‍ය යැ ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම යැ සත්‍යාධිෂ්ඨාන යැ ඡන්‍දසමාධි යැ ඉන්‍ද්‍රිය සංවර යැ මෛත්‍රිඅප්‍රාමාණ්‍ය යැ යන මේ පළමුවන දිසාව යැ.
Pali BJTදුතියා ච පටිපදා{2} දුතියං ඣානං දුතියං ච සතිපට්ඨානං දුතියො ච විහාරො දුතියං ච සම්මප්පධානං දුතියො ච අච්ඡරියො අබ්භුතො ධම්මො චාගාධිට්ඨානං චිත්තසමාධි තපො ච{3} කරුණා ච අප්පමාණං. අයං දුතියා දිසා.
Sinhala BJTද්විතීය ප්‍රතිපදා යැ ද්විතීයධ්‍යාන යැ දෙවැනි සතිපට්ඨාන යැ ද්විතීය විහාර යැ දෙවැනි සම්‍යක්ප්‍රධාන යැ දෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම යැ ත්‍යාගාධිෂ්ඨාන යැ චිත්තසමාධි යැ (ඉද්ධිපාදසංඛ්‍යාත) තපස යැ කරුණා අප්‍රාමාණ්‍ය යැ යන මේ දෙවැනි දිසාව යැ.
Pali BJTතතියා පටිපදා{4} තතියං ච ඣානං තතියං ච සතිපට්ඨානං තතියො ච විහාරො තතියං ච සම්මප්පධානං තතියො ච අච්ඡරියො අබ්භුතො ධම්මො පඤ්ඤාධිට්ඨානං ච විරියසමාධි ච බොජ්ඣඞ්ගා ච මුදිතා ච අප්පමාණං අයං තතියා දිසා.
Sinhala BJTතෘතීය ප්‍රතිපදාව යැ තෘතීයධ්‍යාන යැ තෙවැනි සතිපට්ඨාන යැ තෙවැනි විහාර යැ තෙවැනි සම්‍යක්ප්‍රධාන යැ තෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම යැ ප්‍රඥාධිෂ්ඨාන යැ විර්‍ය්‍යසමාධි යැ බෝධ්‍යඞ්ගයෝ යැ මුදිතා අප්‍රාමාණ්‍ය යැ යන මේ තෙවැනි දිසාව යැ.
Pali BJTචතුත්ථා ච පටිපදා{1} චතුත්ථං ඣානං චතුත්ථං ච සතිපට්ඨානං චතුත්ථො ච විහාරො චතුත්ථං ච සම්මප්පධානං චතුත්ථො ච අච්ඡරියො අබ්භුතො ධම්මො උපසමාධිට්ඨානං ච වීමංසාසමාධි ච සබ්බනිස්සග්ගො ච උපෙක්ඛා අප්පමාණං ච අයං චතුත්ථා{2} දිසා ඉමාසං චතස්සන්නං දිසානං ආලොකනං. අයං වුච්චති දිසාලොකනො නාම නයො.
Sinhala BJTචතුර්‍ත්‍ථ ප්‍රතිපදාව යැ චතුර්‍ත්‍ථධ්‍යාන යැ සතරවැනි සතිපට්ඨාන යැ සතරවැනි විහරණ යැ සතරවැනි සම්‍යක්ප්‍රධාන යැ සතරවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම යැ උපසමාධිෂ්ඨාන යැ වීමංසාසමාධි යැ සබ්බනිස්සග්ග යැ උපේක්‍ෂා - අප්‍රාමාණ්‍ය යැ යන මේ සතරවැනි දිසාව යි, මේ සතර දිසාවන්ගේ අවලෝකනය යි. මේ දිසාලෝචනනය නමැයි කියනු ලැබේ.
Pali BJTතත්ථායං යොජනා: චත්තාරො ච ආහාරා, චත්තාරො ච පටිපදා, චත්තාරො ච විපල්ලාසා, චත්තාරො ච සතිපට්ඨානං, චත්තාරි ච උපාදානානි, චත්තාරි ච ඣානානි, චත්තාරො ච යොගා, විහාරං ච, ගන්ථා ච, සම්මප්පධානා ච, ආසවා ච අච්ඡරියා අබ්භුතා ධම්මා ච, ඔඝා ච, අධිට්ඨානානි ච, සල්ලා ච, සමාධයො, විඤ්ඤාණට්ඨිතියො, චත්තාරො ච සුඛභාගියා ධම්මා, චත්තාරි ච අගතිගමනානි, චත්තාරි ච අප්පමාණානි ඉති කුසලාකුසලානං පටිපක්ඛවසෙන යොජනා. අයං වුච්චති දිසාලොකනො නයො.
Sinhala BJTඑහි මේ යෝජනා යැ : සතර ආහාරයෝ යැ. සතර පටිපදා යැ, සතර විපල්ලාසයෝ යැ. සතර සතිපට්ඨානයෝ යැ. සතර උපාදානයෝ යැ. සතර ධ්‍යානයෝ යැ, සතර යෝගයෝ යැ සතර විහරණයෝ යැ, ග්‍රන්‍ථයෝ යැ. සම්‍යක් ප්‍රධානයෝ යැ, ආස්‍රවයෝ යැ. ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මයෝ යැ, ඕඝයෝ යැ. අධිෂ්ඨානයෝ යැ. ශල්‍යයෝ යැ, සමාධීහු යැ, විඤ්ඤාණට්ඨිතීහු යැ, සතර සුඛභාගිය ධර්‍මයෝ යැ, සතර අගතිගමනයෝ යැ, සතර අප්‍රාමාණ්‍යයෝ යැයි මෙසේ කුශලාකුශලයන්ට ප්‍රතිපක්‍ෂවශයෙන් යෝජනා යි. මේ දිසාලෝචනනය යි කියනුලැබේ.
Pali BJTතස්ස චත්තාරි සාමඤ්ඤඵලානි පරියොසානං යො ච ධම්මො කුසලාකුසලනිද්දසෙ පඨමො දිසානිද්දෙසො ඉමස්ස සොතාපත්තිඵලං පරියොසානං, දුතියං සකදාගාමිඵලං, තතියං අනාගාමිඵලං, චතුත්ථං අරහත්තඵලං.
Sinhala BJTසතර ශ්‍රාමණ්‍යඵලයෝ ඒ නයයාගේ පර්‍ය්‍යවසානය වෙයි. යම් ධර්‍මයෙක් කුශලාකුශල නිර්දේශයෙහි ප්‍රථම දිසානිර්දේශය වේ ද ස්‍රෝතාපත්තිඵලය මේ නිර්‍දෙශයාගේ පර්‍ය්‍යවසානය වෙයි, දෙවැන්න සකaදාගාමිඵල යැ, තෙවැන්න අනාගාමිඵල යැ. සතරවැන්න අර්‍හත්ඵල යි.
Pali BJT3. තත්ථ කතමො තිපුක්ඛලො නයො: යෙ ච දුක්ඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ඛිප්පාභිඤ්ඤාය ච නිය්යන්ති ද්වෙ පුග්ගලා, යෙ ච සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ඛිප්පාභිඤ්ඤාය ච නිය්යන්ති ද්වෙ පුග්ගලා.
Sinhala BJT3. එහි තිපුක්ඛලනය කවරෙ යැ : යම් කෙනෙක් දුඃඛප්‍රතිපත්ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද නිර්‍ය්‍යාණය කෙරෙත් ද මේ පුද්ගලයෝ දෙදෙනෙකි. යම් කෙනෙක් සුඛප්‍රතිපත්ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් නිර්‍ය්‍යාණය කෙරෙත් ද මේ පුද්ගලයෝ දෙදෙනෙකි.
Pali BJTඉමෙසං චතුන්නං පුග්ගලානං යො පුග්ගලො සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය නිය්යාති, යො ච පුග්ගලො දුක්ඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය නිය්යාති, ඉමෙ ද්වෙ පුග්ගලා භවන්ති. තත්ථ යො සුඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය නිය්යාති, අයං උග්ඝටිතඤ්ඤූ, යො පච්ඡිමො පුග්ගලො සාධාරණො, අයං විපඤ්චිතඤ්ඤු ‘යො පුග්ගලො දුක්ඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය නිය්යාති, අයං නෙය්යො. ඉමෙ චත්තාරො භවිත්වා තීණි හොන්ති. තත්ථ උග්ඝටිතඤ්ඤුස්ස සමථපුබ්බඞ්ගමා විපස්සනා, නෙය්යස්ස විපස්සනාපුබ්බඞ්ගමො සමථො, විපඤ්චිතඤ්ඤුස්ස සමථවිපස්සනා යුගනද්ධා.
Sinhala BJTමේ සතර පුද්ගලයන් අතුරෙන් යම් පුද්ගලයෙක් සුඛ ප්‍රතිපත් ඇති දන්‍ධාභිඥායෙන් නිර්‍ය්‍යාණය කෙරේ ද යම් පුද්ගලයෙකුත් දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥායෙන් නිර්‍ය්‍යාණය කෙරේ ද මොහු පුද්ගලයෝ දෙදෙනෙක් වෙති. එහි යමෙක් සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥායෙන් නික්මැයේ ද මේ තෙම උද්ඝටිතඥ යැ, සාධාරණ වූ යම් පශ්චිම පුද්ගලයෙක් වේ ද මේ විපඤ්චිතඥ යැ. යම් පුද්ගලයෙක් දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥායෙන් නික්මැයේ ද මේතෙම නෙය්‍ය යැ. මොහු සතරදෙනෙක් වැ තිදෙනෙක් වෙති. එහි උද්ඝටිතඥයාට සමථපූර්‍වඞ්ගම වූ විදර්‍ශනාව වෙයි, නෙය්‍යපුද්ගලයාහට විදර්‍ශනාපූර්‍වඞ්ගම සමථය වෙයි. විපඤ්විතඥයාහට සමථ විදර්‍ශනා දෙක යුගනද්ධ වූවාහු වෙත්.
Pali BJTඋග්ඝටිතඤ්ඤුස්ස මුදුකා දෙසනා, නෙය්යස්ස තික්ඛා දෙසනා, විපඤ්චිතඤ්ඤුස්ස තික්ඛමුදුකා දෙසනා.
Sinhala BJTඋද්ඝටිතඥ පුද්ගලහට මෘදු වූ දේශනාව වෙයි, නෙය්‍යපුද්ගලහට තියුණු දේශනාව වෙයි, විපඤ්විතඥයාහට තියුණු මෘදු දේශනාව වේ.
Pali BJTඋග්ඝටිතඤ්ඤුස්ස අධිපඤ්ඤාසික්ඛා, නෙය්යස්ස අධිචිත්තසික්ඛා, විපඤ්චිතඤ්ඤුස්ස අධිසීලසික්ඛා ඉති ඉමෙසා පුග්ගලානං චතූහි පටිපදාහි නිය්යානං.
Sinhala BJTඋද්ඝටිතඥයාහට අධිප්‍රඥාශික්‍ෂා යැ, නෙය්‍යපුද්ගලහට අධිචිත්තශික්‍ෂා යැ, විපඤ්චිතඥ පුද්ගලහට අධිශීලශික්‍ෂා යි. මෙසේ සතර ප්‍රතිපදායෙන් මේ පුද්ගලයන්ගේ නිර්‍ය්‍යාණය වේ.
Pali BJTතත්ථ අයං සංකිලෙසො: තීණි අකුසලමූලානි, තයො ඵස්සා, තිස්සො වෙදනා, තයො උපවිචාරා, තයො සංකිලෙසා, තයො විතක්කා, තයො පරිළාහා, තීණි සඞ්ඛතලක්ඛණානි, තිස්සො දුක්ඛතාති.
Sinhala BJTඑහි මේ සංකිලේස යැ : තුන් අකුශලමූලයෝ යැ. තුන් ස්පර්‍ශයෝ යැ තුන් වේදනා යැ තුන් උපවිචාරයෝ යැ තුන් සංක්ලේශයෝ යැ තුන් විතර්‍කයෝ යැ තුන් පරිදාහයෝ යැ තුන් සංඛත ලක්‍ෂණයෝ යැ තුන් දුඃඛතා යි.
Pali BJTතීණි අකුසලමූලානීති: ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං මොහො අකුසලමූලං. තයො ඵස්සාති: සුඛවෙදනීයො ඵස්සො, දුක්ඛවෙදනීයො ඵස්සො, අදුක්ඛමසුඛවෙදනීයො ඵස්සො, තිස්සො වෙදනාති: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. තයො උපවිචාරාති: සොමනස්සොපවිචාරො, දොමනස්සොපවිචාරො, උපෙක්ඛා පවිචාරො. තයො සංකිලෙසාති; රාගො, දොසො මොහො. තයො විතක්කාති: කාමවිතක්කො ව්යාපාදවිතක්කො, විහිංසාවිතක්කො, තයො පරිළාහාති: රාගජො, දොසජො, මොහජො, පරිළාහො. තීණි සඞ්ඛතලක්ඛණනීති: උප්පාදො, ඨිති, වයො. තිස්සො දුක්ඛතාති: දුක්ඛදුක්ඛතා, විපරිණාමදුක්ඛතා, සඞ්ඛාරදුක්ඛතා{1}.
Sinhala BJTතුන් අකුශලමූල යනු : ලෝභඅකුශලමූල යැ ද්වේෂඅකුශලමූල යැ මෝහඅකුශල මූල යි. තුන් ස්පර්‍ශ යනු : සුඛවේදනීය ස්පර්‍ශ යැ දුඃඛවේදනීය ස්පර්‍ශ යැ අදුක්ඛම සුඛවේදනීය ස්පර්‍ශ යි. තුන් වේදනා යනු : සුඛවේදනා යැ දුක්ඛවේදනා යැ අදුක්ඛම සුඛවේදනා යි. තුන් උපවිචාර යනු : සෝමනස්ස - උපවිචාර යැ දෙමනස්ස - උපවිචාර යැ උපෙක්ඛා - උපවිචාර යි. තුන් සංකිලේස යනු : රාග යැ දෝස යැ මෝහ යි. තුන් විතර්‍ක යනු : කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසාවිතර්‍ක යි. තුන් පරිදාහ යනු : රාගජ ද්වේෂජ මෝහජ - පරිදාහ යි. තුන් සංඛත ලක්‍ෂණ යනු : උත්පාද යැ ස්ථිති යැ ව්‍යය යයි. තුන් දුඃඛතා යනු : දුක්ඛදුක්ඛතා යැ විපරිණාමදුක්ඛතා යැ සංඛාර දුක්ඛතා යි.
Pali BJTතත්ථ ලොභො අකුසලමූලං කුතො සමුට්ඨිතං: තිවිධං ආරම්මණං, මනාපිකං අමනාපිකං උපෙක්ඛාඨානියං ච. තත්ථ මනාපිකෙන ආරම්මණෙන ලොභො අකුසලමූලං සමුට්ඨහති. ඉති මනාපිකා ආරම්මණා සුඛවෙදනීයො ඵස්සෙ, සුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජතෙ සුඛවෙදනා, සුඛවෙදනං පටිච්ච උප්පජ්ජතෙ සොමනස්සුපවිචාරො, සොමනස්සුපවිචාරං පටිච්ච උප්පජ්ජතෙ රාගො රාගං පටිච්ච උප්පජ්ජතෙ කාමවිතක්කො, කාමවිතක්කං. පටිච්ච උප්පජ්ජතෙ රාගජො පරිළාහො, රාගජං පරිළාහං පටිච්ච උප්පජ්ජතෙ උප්පාදො සඞ්ඛතලක්ඛණො, උප්පාදං සඞ්ඛතක්ඛණං පටිච්ච උප්පජ්ජතෙ විපරිණාමදුක්ඛතා.
Sinhala BJTඑහි ලෝභඅකුසලමූලය කොයින් උපන්නේ ද යත් : ආලම්බනය ත්‍රිවිධ යැ : මනාපික යැ අමනාපික යැ උපේක්‍ෂාස්ථානීය දැයි. එහි මනාපික ආලම්බනයෙන් ලෝභ අකුශලමූලය උපදී, මෙසේ මනාපික වූ ආලම්බනයෙන් සුඛවේදනීය ස්පර්‍ශය වෙයි, සුඛවේදනීය පහස නිසා සුඛවේදනාව උපදී, සුඛවේදනාව නිසා සොමනස්සූපවිචාරය උපදී. සොමනස්සූපවිචාරය නිසා රාගය උපදී. රාගය නිසා කාමවිතර්‍කය උපදී. කාම විතර්‍කය නිසා රාගජපරිදාහය උපදී. රාගජපරිදාහය නිසා උත්පාද සංඛතලක්‍ෂණය උපදී. උත්පාදසංඛතලක්‍ෂණය නිසා විපරිණාමදුක්ඛතාව උපදී.
Pali BJTදොසො අකුසලමූලං කුතො සමුට්ඨිතං: අමනාපිකෙන ආරම්මණෙන දොසො අකුසලමූලං සමුට්ඨිතං, ඉති අමනාපිකා ආරම්මණා දුක්ඛවෙදනීයො ඵස්සො, දුක්ඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජතෙ දුක්ඛවෙදනා දුක්ඛවෙදනං පටිච්ච උප්පජ්ජතෙ දොමනස්සූපවිචාරො, දොමනස්සපවිචාරං පටිච්ච උප්පජ්ජතෙ දොසො, දොසං පටිච්ච උප්පජ්ජතෙ බ්යාපාද විතක්කො, බ්යාපාදවිතක්කං පටිච්ච උප්පජ්ජතෙ දොසජො පරිළාහො, දොසජං පරිළාහං පටිච්ච උප්පජ්ජතෙ ඨිතස්ස අඤ්ඤථත්තං සඞ්ඛතලක්ඛණං, ඨිතස්ස අඤ්ඤථත්තං සඞ්ඛතලක්ඛණං පටිච්ච උප්පජ්ජතෙ දුක්ඛදුක්ඛතා.{2}
Sinhala BJTද්වේෂඅකුශලමූලය කොයින් උපන යත් : අමනාපික වූ ආලම්බනයෙන් දෝසඅකුසල මූලය උපන, මෙසේ අමනාපික වූ ආලම්බනයෙන් දුක්ඛවේදනීය පහස වෙයි, දුක්ඛ වේදනීය ඵස්සය නිසා දුක්ඛවේදනාව උපදී, දුක්ඛවේදනාව නිසා දෝමනස්සුපවිචාරය උපදී, දෝමනස්සූපවිචාරය නිසා ද්වේෂය උපදී, ද්වේෂය නිසා ව්‍යාපාදවිතර්‍කය උපදී. ව්‍යාපාදවිතර්‍කය නිසා ද්වේෂජ පරිදාහය උපදී, ද්වේෂජ පරිදාහය නිසා සිටියහුගේ අන්‍යථාත්‍ව සංඛත ලක්‍ෂණය උපදී, සිටියහුගේ අන්‍යථාත්‍ව සංඛත ලක්‍ෂණය නිසා දුක්ඛදුක්ඛතාව උපදී.
Pali BJTමොහො අකුසලමූලං කුතො සමුට්ඨිතං: උපෙක්ඛාඨානියෙන ආරම්මණෙන මොහො අකුසලමූලං සමුට්ඨිතං, ඉති උපෙක්ඛාඨානියා ආරම්මණා අදුක්ඛමසුඛවෙදනීයො ඵස්සො, අදුක්ඛමසුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජතෙ අදුක්ඛමසුඛා වෙදනා, අදුක්ඛමසුඛං වෙදනං පටිච්ච උප්පජ්ජතෙ උපෙක්ඛුපවිචාරො, උපෙක්ඛුපවිචාරං පටිච්ච උප්පජ්ජතෙ මොහො, මොහං පටිච්ච උප්පජ්ජතෙ විහිංසාවිතක්කො, විහිංසාවිතක්කං පටිච්ච උප්පජ්ජතෙ මොහජො පරිළාහො, මොහජං පරිළාහං පටිච්ච උප්පජ්ජතෙ වයො සඞ්ඛතලක්ඛණං, වයං සඞ්ඛතලක්ඛණං, පටිච්ච උප්පජ්ජතෙ සඞ්ඛාර{3}දුක්ඛතා, ඉති අයං තිණ්ණං කිලෙසානං නිද්දෙසො. අයං වුච්චතෙ අකුසලපක්ඛෙ{4} තිපුක්ඛලො නයො.
Sinhala BJTමෝහඅකුශලමූලය කොයින් උපන යත් : උපේක්‍ෂාස්ථානීය වූ ආලම්බනයෙන් මෝහඅකුශලමූලය උපන, මෙසේ උපේක්‍ෂාවට කාරණ වූ ආලම්බනයෙන් අදුක්ඛමසුඛ වේදනීය වූ ඵස්සය වෙයි, අදුක්ඛමසුඛවේදනීය ඵස්සය නිසා අදුක්ඛමසුඛවේදනාව උපදී. අදුක්ඛමසුඛවේදනාව නිසා උපෙක්ඛා - උපවිචාරය උපදී, උපෙක්ඛා - උපවිචාරය නිසා මෝහය උපදී, මෝහය නිසා විහිංසාවිතර්‍කය උපදී, විහිංසාවිතර්‍කය නිසා මෝහජ පරිදාහය උපදී, මෝහජ පරිදාහය නිසා වයසංඛත ලක්‍ෂණය උපදී, වයසංඛත ලක්‍ෂණය නිසා සංඛාරදුක්ඛතාව උපදී. මෙසේ මේ තුන් ක්ලේශයන්ගේ නිර්දේශ යි. මේ අකුශලපක්‍ෂයෙහි තිපුක්ඛල නය යී කියනු ලැබේ.
Pali BJTඉති තීණි අකුසලමූලානි න චත්තාරි න පඤ්චමානි, තයො ඵස්සාති: තිස්සො වෙදනා යාව සඞ්ඛාරදුක්ඛතාති{1} යො කොචි අකුසලපක්ඛො, සබ්බො සො තීසු අකුසලමූලෙසු සමොසරති.
Sinhala BJTමෙසේ අකුශලමූලයෝ තිදෙනෙක් වෙති, සතරක් නොවේ පස්වැන්නෙකුත් නැති. ‘තයෝ ඵස්සා’ යනු : තුන් වේදනා පටන් ‘සඞ්ඛාර දුක්ඛතා’ යනු දක්වා යම් කිසි අකුශලපක්‍ෂයෙක් වේ ද ඒ සියල්ල තුන් අකුශලමූලයන්හි සමෝසරණය වේ.
Pali BJTතත්ථ කතමො අකුසලපක්ඛො: තීණි කුසලමූලානි, තිස්සො පඤ්ඤා: සුතමයී පඤ්ඤා චින්තාමයී පඤ්ඤා භාවනාමයී පඤ්ඤා, තයො සමාධි: සවිතක්කසවිචාරො -පෙ- තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා -පෙ- තීණි නිමිත්තානි: සමථනිමිත්තං පග්ගහනිමිත්තං උපෙක්ඛානිමිත්තං, තයො විතක්කා: නෙක්ඛම්මවිතක්කො -පෙ- අවිහිංසාවිතක්කො, තීණි ඉන්ද්රියානි: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති (විත්ථාරො) තයො උපවිචාරා: නෙක්ඛම්මූපවිචාරො අව්යාපාදූපවිචාරො අවිහිංසූපවිචාරො. තිස්සො එසනා: කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා, තයො ඛන්ධා: සීලක්ඛන්ධො සමාධික්ඛන්ධො පඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTඑහි කුශලපක්‍ෂය කවරෙ යත් : කුශලමූලයෝ තිදෙනෙක් වෙති, සුතමයි පඤ්ඤා යැ චින්තාමයී පඤ්ඤා යැ භාවනාමයී පඤ්ඤා යැයි ප්‍රඥා තුනෙකි, සවිතක්කසවිචාර යැ ... සමාධි තුනෙකි, අධිසීලසික්ඛා යැ ... ශික්‍ෂා තුනෙකි, සමථනිමිත්ත යැ පග්ගහනිමිත්ත යැ උපෙක්ඛානිමිත්ත යැයි නිමිති තුනෙකි, නෙක්ඛම්මවිතක්ක යැ ... අවිහිංසාවිතක්ක යැයි විතර්‍කයෝ තිදෙනෙක් වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙකි : අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය යැයි (විස්තර වෙයි.) නෙක්ඛම්මුපවිචාර යැ අව්‍යපාදූපවිචාර යැ විහිංසූපවිචාර යැයි උපවිචාරයෝ තිදෙනෙකි, කාමේසනා භවෙයනා බ්‍රහ්මචරියේසනා යී ඒසනා තුනෙකි, සීලක්ඛන්‍ධ යැ සමාධික්ඛන්‍ධ යැ පඤ්ඤාක්ඛන්‍ධ යැයි ස්කන්‍ධයෝ තිදෙනෙක් වෙත්.
Pali BJTතත්ථ යං අලොභො කුසලමූලං, තං සුතමයීපඤ්ඤං පරිපූරෙති, සුතමයී පඤ්ඤා පරිපූරා සවිතක්කං සවිචාරං සමාධිං පරිපූරෙති, සවිතක්කො සවිචාරො සමාධි පරිපුණ්ණො අධීචිත්තසික්ඛං පරිපූරෙති, අධිචිත්තසික්ඛා පරිපුණ්ණා සමථනිමිත්තං පරිපූරෙති, සමථනිමිත්තං පරිපුණ්ණං නෙක්ඛම්මවිතක්කං පරිපූරෙති, නෙක්ඛම්මවිතක්කො පරිපුණ්ණෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං පරිපූරෙති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං පරිපුණ්ණං නෙක්ඛම්මුපවිචාරං පරිපූරෙති, නෙක්ඛම්මූපවිචාරො පරිපුණ්ණො කාමෙසනං පජහති, කාමෙසනප්පහානං සමාධික්ඛන්ධං පරිපූරෙති.
Sinhala BJTඑහි යම් අලෝභකුශලමූලයෙක් වේ ද එය සුතමයී ප්‍රඥාව පුරාලයි, සුතමයී පඤ්ඤාව පරිපූර්‍ණ වූවා සවිතර්‍ක සවිචාරසමාධිය පුරයි. සවිතර්‍කසවිචාර සමාධිය පරිපූර්‍ණ වූයේ අධිචිත්ත ශික්‍ෂාව, පුරාලයි, අධිචිත්ත ශික්‍ෂාව පරිපූර්‍ණ වූවා සමථනිමිත්ත පුරයි. සමථනිමිත්ත පරිපූර්‍ණ වූයේ නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය පුරයි. නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය පරිපූර්‍ණ වූයේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය පුරයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය පරිපූර්‍ණ වූයේ නෙක්ඛම්මූපවිචාරය පරිපූර්‍ණ කෙරෙයි. නෙක්ඛම්මුපවිචාරය පරිපූර්‍ණ වූයේ කාමේසනාව දුරුකෙරෙයි, කාමෙෂණප්‍රහාණය සමාධිස්කන්‍ධය පරිපූර්‍ණ කෙරෙයි.
Pali BJTඅදොසො කුසලමූලං චින්තාමයීපඤ්ඤං පරිපූරෙති, චින්තාමයී පඤ්ඤා පරිපුණ්ණා අවිතක්කවිචාරමත්තං සමාධිං පරිපූරෙති, අවිතක්කවිචාරමත්තො සමාධි පරිපුණ්ණෙ අධිසීලසික්ඛං පරිපූරෙති, අධිසීලසික්ඛා පරිපුණ්ණා උපෙක්ඛානිමිත්තං පරිපූරෙති, උපෙක්ඛානිමිත්තං පරිපුණ්ණං අව්යාපාදවිතක්කං පරිපූරෙති, අව්යාපාදවිතක්කො පරිපුණ්ණො අඤ්ඤින්ද්රියං පරිපූරෙති, අඤ්ඤින්ද්රියං පරිපුණ්ණං අව්යාපාදූපවිචාරං පරිපූරෙති, අව්යාපාදූපවිචාරො පරිපුණ්ණො භවෙසනං පජහති, භවෙසනප්පහානං සීලක්ඛන්ධං පරිපූරෙති.
Sinhala BJTඅදෝසකුසලමූලය චින්තාමයී ප්‍රඥාව පුරයි. චින්තාමයී ප්‍රඥාව පරිපූර්‍ණ වූවා අවිතර්‍ක විචාරමාත්‍ර වූ සමාධිය පුරයි. අවිතර්‍කවිචාරමාත්‍ර සමාධිය පරිපූර්‍ණ වූයේ අධිශීලශික්‍ෂාව පුරයි. අධිශීලශික්‍ෂාව පරිපූර්‍ණ වූවා උපේක්‍ෂානිමිත්ත පුරයි. උපේක්‍ෂානිමිත්ත පරිපූර්‍ණ වූයේ අව්‍යාපාදවිතර්‍කය පුරයි. අව්‍යාපාදවිතර්‍කය පරිපූර්‍ණ වූයේ අඤ්ඤින්‍ද්‍රිය පුරයි. අඤ්ඤින්‍ද්‍රිය පරිපූර්‍ණ වූයේ අව්‍යාපාදූපවිචාරය පරිපූර්‍ණ කෙරෙයි. අව්‍යාපාදූපවිචාරය පරිපූර්‍ණ වූයේ භවේසනය දුරුකෙරෙයි. හවෙෂණප්‍රහාණය ශීලස්කන්‍ධය පරිපූර්‍ණ කෙරෙයි.
Pali BJTඅමොහො කුසලමූලං භාවනමයීපඤ්ඤං පරිපූරෙති, භාවනාමයීපඤ්ඤා පරිපුණ්ණා අවිතක්කඅවිචාරං සමාධිං පරිපූරෙති, අවිතක්කො අවිචාරො සමාධි පරිපුණ්ණො අධිපඤ්ඤාසික්ඛං පරිපූරෙති, අධිපඤ්ඤාසික්ඛා පරිපුණ්ණා පග්ගහනිමිත්තං පරිපූරෙති, පග්ගනිමිත්තං පරිපුණ්ණං අඤ්ඤාතාවිනො ඉන්ද්රියං පරිපූරෙති, අඤ්ඤාතාවිනො ඉන්ද්රියං පරිපුණ්ණං අවිහිංසූපවිචාරං පරිපූරෙති, අවිහිංසූපවිචාරො පරිපුණ්ණො බ්රහ්මචරියෙසනං පරිපූරෙති, බ්රහ්මචරියෙසනා පරිපුණ්ණා පඤ්ඤාක්ඛන්ධං පරිපූරෙති.
Sinhala BJTඅමෝහකුශලමූලය භාවනාමයී ප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි. භාවනාමයී ප්‍රඥාව පරිපූර්‍ණ වූවා අවිතර්‍ක අවිචාරසමාධිය පුරයි. අවිතර්‍ක අවිචාර සමාධිය පරිපූර්‍ණ වූයේ අධිප්‍රඥාශික්‍ෂාව පුරයි. අධිප්‍රඥාශික්‍ෂාව පරිපූර්‍ණ වූවා ප්‍රග්‍රහනිමිත්ත පුරයි. ප්‍රග්‍රහනිමිත්ත පිරුණේ අඤ්ඤාතාවින්‍ද්‍රිය පුරයි. අඤ්ඤාතාවින්‍ද්‍රිය පරිපූර්‍ණ වූයේ අවිහිංසූපවිචාරය පුරයි. අවිහිංසූපවිචාරය පිරුණේ බ්‍රහ්මචරියේසනාව පුරයි. බ්‍රහ්මචරියේසනාව පරිපූර්‍ණ වූවා ප්‍රඥාස්කන්‍ධය පරිපූර්‍ණ කෙරෙයි.
Pali BJTඉති ඉමෙ තයො ධම්මා කුසලපක්ඛිකා, සබ්බෙ කුසලා ධම්මා තීහි තිකනිද්දෙසෙහි නිද්දිසීයන්ති, තීණි විමොක්ඛමුඛානි තස්ස පරියොසානං. තත්ථ පඨමෙන අප්පණිහිතං{2} දුතියෙන සුඤ්ඤතං. තතියෙන අනිමිත්තං.{3} අයං වුච්චති දුතියො තිපුක්ඛලො නාම නයො.
Sinhala BJTමෙසේ මේ තුන් ධර්‍මයෝ කුශලපක්‍ෂයෙහි වූවාහු යැ, සියලු කුශලධර්‍මයෝ තුන් වැදෑරුම් ත්‍රිකනිර්දේශයන්ගෙන් දක්වනු ලැබෙත්. තුන් විමෝක්‍ෂමුඛයෝ ඔහුගේ පර්‍ය්‍යවසානය යි. එහි පළමුවැන්නෙන් අප්පණිහිත විමොක්‍ෂමුඛය වෙයි, දෙවැන්නෙන් සුඤ්ඤත යැ. තෙවැන්නෙන් අනිමිත්ත විමොක්‍ෂමුඛය වේ. මේ දෙවැනි තිපුක්ඛලනය නමැයි කියනු ලැබේ.
Pali BJT4. තත්ථ යෙ ඉමෙ{1} තයො පුග්ගලා: උග්ඝටිතඤ්ඤූ විපඤ්චිතඤ්ඤු නෙය්යොති. ඉමෙසං තිණ්ණං පුග්ගලානං යෙ ච ද්වෙ{2} පුග්ගලා සුඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය, සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ච නිය්යන්ති, තෙ ද්වෙ පුග්ගලා. යෙ ච ද්වෙ පුග්ගලා දුක්ඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය දුක්ඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ච නිය්යන්ති, ඉමෙ චත්තාරො තෙන විසෙසෙන ද්වෙ භවන්ති: දිට්ඨිචරිතො ච තණ්හාචරිතො ච. ඉමෙ චත්තාරො භවිත්වා තයො භවන්ති, තයො භවිත්වා ද්වෙ භවන්ති. ඉමෙසං ද්වින්නං පුග්ගලානං අයං සංකිලෙසො: අවිජ්ජා ච තණ්හා ච, අහිරිකං ච අනොත්තප්පං ච, අසති ච අසම්පජඤ්ඤං ච, නීවරණානි ච සංයොජනානි ච, අජ්ඣොසානං ච අභිනිවෙසො ච, අහඞ්කාරො ච මමඞ්කාරො ච, අස්සද්ධියං ද දොවචස්සං ච, කොසජ්ජං ච අයොනිසො ච මනසිකාරො, විචිකිච්ඡා ච අභිජ්ඣා ච, අසද්ධම්මසවනං ච අසමාපත්ති ච.
Sinhala BJT4. එහි උග්ඝටිතඤ්ඤු යැ විපඤ්විතඤ්ඤුයැ නෙය්‍ය යැ යන යම් මේ තුන් පුද්ගල කෙනෙක් වෙත් ද, මේ තුන් පුද්ගලයන් අතුරෙන් යම් පුද්ගලයෝ දෙදෙනෙක් සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥායෙන් ද, සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥායෙන් ද නිර්‍ය්‍යාණය කෙරෙත් ද ඔහු පුද්ගලයෝ දෙදෙනෙකි, යම් පුද්ගලයෝ දෙදෙනෙක් දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥායෙන් ද දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥායෙන් ද නික්මැයෙත් ද මේ සතරදෙන එකී විශේෂය හේතු කොටගෙන දිට්ඨිචරිත ද තණ්හාචරිත දැයි දෙදෙනෙක් වෙති. මොහු සතරදෙනෙක් වී තිදෙනෙක් වෙති, තිදෙනෙක් වී දෙදෙනෙක් වෙත්, මේ පුද්ගලයන් දෙදෙනාගේ මේ සංක්ලේශ යැ : අවිජ්ජා තණ්හා ද, අහිරික අනොත්තප්ප ද, අසති අසම්පජඤ්ඤ ද, නීවරණ සංයෝජනයෝ ද, අජ්ඣොසාන අභිනිවේස ද, අහංකාර මමංකාරද, අස්සද්ධිය දෝවචස්සතා ද, කෝසජ්ජ අයෝනිසෝ මනසිකාර ද, විචිකිච්ඡා අභිජ්ඣා ද, අසද්ධම්මසවන අසමාපත්ති ද යන මොහු යි.
Pali BJTතත්ථ අවිජ්ජා ච අහිරිකං ච අසති ච නීවරණානි ච අජ්ඣොසානං ච අහඞ්කාරො ච අස්සද්ධියං ච කොසජ්ජං ච විචිකිච්ඡා ච අසද්ධම්මසවනං ච. අයං එකා දිසා.
Sinhala BJTඑහි අවිද්‍යා යැ අහිරික යැ අසති යැ නීවරණ යැ අධ්‍යවසාන යැ අහංකාර යැ අස්සද්ධිය යැ කෞෂීද්‍ය යැ විචිකිත්සා යැ අසද්ධර්‍මශ්‍රවණ යැ යන මේ එක් දිශායෙකි.
Pali BJTතණ්හා ච අනොත්තප්පං ච අසම්පජඤ්ඤං ච සංයොජනානි ච අභිනිවෙසො ච මමඞ්කාරො ච දෙවචස්සතා ච අයොනිසො මනසිකාරො ච අභිජ්ඣා ච අසමාපත්ති ච. අයං දුතියා දිසා.
Sinhala BJTතෘෂ්ණා යැ අනොත්තප්ප යැ අසම්පජ්ඤ්ඤ යැ සංයෝජන යැ අභිනිවේශ යැ මමංකාර යැ දුර්වචතා යැ අයෝනිසෝමනසිකාර යැ අභිධ්‍යා යැ අසමාපත්ති යැ යන මේ දෙවැනි දිසාව යි.
Pali BJTදසන්නං දුකානං දස පදානි පඨමානි කාතබ්බානි. සඞ්ඛිත්තෙන අත්ථං ඤාපෙන්ති පටිපක්ඛෙ කණ්හපක්ඛස්ස සබ්බෙසං දුකානං දස පදානි දුතියකානි. අයං දුතියා දිසා.
Sinhala BJTදසවිධ දුකයන් අතුරෙහි පළමුවන දසපදයෝ කියැයුත්තාහ, (සංඛිත්තෙන අත්‍ථං ඤාපෙන්ති පටිපක්ඛෙ කණ්හපක්ඛස්ස ?) සියලු දුකයන්ගේ යම් දෙවැනි දසපදයෝ වෙත් ද, මේ දෙවැනි දිසාව යි.
Pali BJTඉති අකුසලානං ධම්මානං දුක්ඛනිද්දෙසො, අයං සමුදයො. යං තං ධම්මං අජ්ඣාවසති නාමං ච රූපං ච ඉදං දුක්ඛං. ඉති අයං ච සමුදයො, ඉදං ච දුක්ඛං ඉමානි ද්වෙ සච්චානි දුක්ඛං ච සමුදයො ච. නන්දියාවට්ටස්ස නයස්ස පඨමනිද්දෙසො.
Sinhala BJTමෙසේ අකුශලධර්‍මයන්ගේ දුඃඛනිර්දේශය වෙයි. මේ සමුදය යැ. නාමයත් රූපයත් යම් ධර්‍මයෙක්හි පිවිසැගෙන සිටී ද, මේ දුක යැ. මෙසේ මේ සමුදය ද, මේ දුක ද වෙයි. මොහු දුක්ඛ යැ සමුදය යැ යන සත්‍යයෝ දෙදෙන වෙත්. නන්‍දියාවට්ටනයයාගේ ප්‍රථම නිර්දේශ යි.
Pali BJTතත්ථ කතමො කුසලපක්ඛො: සමථො ච විපස්සනා ච, විජ්ජා ච චරණං ච, සති ච සම්පජඤ්ඤං ච, හිරි ච{3} ඔත්තප්පං ච අහඞ්කාරප්පහානං ච මමඞ්කාරප්පහානං ච, සම්මාවායාමො ච යොනිසො ච මනසිකාරො, සම්මාසති ච සම්මාසමාධි ච, පඤ්ඤා ච නිබ්බිදා ච, සමාපත්ති ච සද්ධම්මසවනං{4} ච, සොමනස්සං ච ධම්මානුධම්මපටිපත්ති ච.
Sinhala BJTඑහි කුශලපක්‍ෂය කවරෙ යත් : සමථ යැ විදර්‍ශනා යැ විද්‍යා යැ චරණ යැ ස්මෘතී යැ සම්ප්‍රජන්‍ය යැ හිරි යැ ඔත්තප්ප යැ අහංකාරප්‍රහාණ යැ මමංකාරප්‍රහාණ යැ සම්මා වායාම යැ යෝනිසෝමනසිකාර යැ සම්මාසති යැ සම්මාසමාධි යැ ප්‍රඥා යැ නිබ්බිදා යැ සමාපත්ති යැ සද්ධර්‍මශ්‍රවණ යැ සෞමනස්‍ය යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති ද වේ.
Pali BJTතත්ථ සමථො ච විජ්ජා ච සති ච හිරි ච අහඞ්කාරප්පහානං ච සම්මාවායාමො ච සම්මාසති ච පඤ්ඤා ච සමාපත්ති ච සොමනස්සං ච ඉමෙ ධම්මා එකා දිසා.
Sinhala BJTඑහි සමථ යැ විද්‍යා යැ සති යැ හිරි යැ අහංකාරප්‍රහාණ යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක් ස්මෘති යැ ප්‍රඥා යැ සමාපත්ති යැ සෞමනස්‍ය යැ යන මේ ධර්‍මයෝ එක් දිසායෙකි.
Pali BJTවිපස්සනා ච චරණං ච සම්පජඤ්ඤං ච ඔත්තප්පං ච මමඞ්කාරප්පහානං ච යොනිසො මනසිකාරො ච සම්මාසමාධි ච නිබ්බිදා ච සද්ධම්මසවනං ච ධම්මානුධම්මපටිපත්ති ච අයං දුතියා දිසා. ඉති කුසලපක්ඛෙ ච අකුසලපක්ඛෙ ච නන්දියාවට්ටස්ස පන නයස්ස චතස්සො දිසා.
Sinhala BJTවිදර්‍ශනා යැ චරණ යැ සම්ප්‍රජන්‍ය යැ ඔත්තප්ප යැ මමංකාරප්‍රහාණ යැ යෝනිසෝමනසිකාර යැ සම්‍යක්සමාධි යැ නිබ්බිදා යැ සද්ධර්‍මශ්‍රවණ යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ යන මේ දෙවැනි දිසාව යැ. මෙසේ කුශලපක්‍ෂයෙහි ද අකුශලපක්‍ෂයෙහිද නන්‍දියාවට්ටනයයාගේ සතර දිසාවෝ වෙත්.
Pali BJTතාසු යානි අකුසලපක්ඛස්ස පඨමානි පදානි අකුසලානි කුසලෙහි පහානං ගච්ඡන්ති, තානි කුසලපක්ඛෙ දුතියෙහි දුතියෙහි පදෙහි පහානං ගච්ඡන්ති, තෙසං පහානා රාගවිරාගා චෙතොවිමුත්ති, යානි අකුසලපක්ඛස්ස දුතියානි අකුසලපදානි පහානං ගච්ඡන්ති, තානි කුසලපක්ඛස්ස පඨමෙහි පදෙහි පහානං ගච්ඡන්ති. තෙසං පහානා අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති පරියොසානං. ඉමෙසං තිණ්ණං නයානං පඨමො නයො සීහවික්කීළිතො නාම.
Sinhala BJTඔවුන් කෙරෙහි අකුශලපක්‍ෂයාගේ යම් පළමුවැනි අකුශලපදකෙනෙක් කුශලයන්ගෙන් ප්‍රහාණයට යෙත් ද, ඔහු කුශලපක්‍ෂයෙහි දෙවැනි දෙවැනි පදයන්ගෙන් ප්‍රහාණයට යෙති, ඔවුන්ගේ ප්‍රහාණයෙන් රාගවිරාගචේතෝවිමුත්තිය වේ. අකුශලපක්‍ෂයාගේ යම් දෙවැනි අකුශල පදකෙනෙක් ප්‍රහාණයට යෙත් ද, ඔවුන්ගේ ප්‍රහාණයෙන් අවිද්‍යාවිරාගපඤ්ඤාවිමුත්තිය පර්‍ය්‍යවසානය වේ. මේ තුන් නය සීහවික්කීළිත නම් පළමුවැනි නය යි.
Pali BJT5. අට්ඨ පදානි චත්තාරි ච කුසලානි චත්තාරි ච අකුසලානි ඉමානි අට්ඨ පදානි මූලපදානි, අත්ථනයෙන දුතියො තිපුක්ඛලො. සො ඡහි ධම්මෙහි නෙති, කුසලමූලානි ච නෙති, අකුසලමූලානි ච. ඉති ඉමානි ඡ පදානි පුරිමකානි ච අට්ඨ මූලපදානි ඉමානි චුද්දස පදානි අට්ඨාරසන්නං මූලපදානං. තත්ථ යො පච්ඡිමකො නයො නන්දියාවට්ටො සො චතූහි ධම්මෙහි නෙති අවිජ්ජාය ච තණ්හාය ච සමථෙන ච විපස්සනාය ච. ඉමෙ චත්තාරො ධම්මා, ඉමානි අට්ඨාරස මූලපදානි තීසු නයෙසු නිද්දිට්ඨානි.
Sinhala BJT5. කුශලපද සතරක් ද අකුශලපද සතරක් දැයි පද අටක් වෙති. මේ අට පදයෝ මූලපද වෙත්. අර්‍ත්‍ථනය විසින් දෙවැනි වූයේ තිපුක්ඛල නය යැ, එය ධර්‍ම සයකින් කුශලමූලයන් ද අකුශලමූලයන් ද පමුණුවයි. මෙසේ මේ ෂට්පදයෝ ද පළමු කී අෂ්ටමූල පදයෝ ද යන මේ තුදුස් පදයෝ අටළොස් මූලපදයන් අතුරෙහි වෙති. එහි පශ්චිම වූ යම් නන්‍දිවට්ටනයෙක් වේද එය අවිද්‍යා තෘෂ්ණා සමථ විදර්‍ශනා යන සතර ධර්‍මයෙන් නයනය කෙරෙයි. මේ සතර ධර්‍මයෝ යැ, මේ අටළොස් මූලපදයෝ තුන් නයෙහි දක්වන ලද්දාහු යි.
Pali BJTතත්ථ යානි නව පදානි කුසලානි, තත්ථ සබ්බං කුසලං සමොසරති. තෙසං ච නවන්නං පදානං චත්තාරි පදානි සීහවික්කීළීතනයෙ තීණි කිපුක්ඛලෙ ද්වෙ නන්දියාවට්ටෙ. කුසලස්ස පක්ඛා. තත්ථ යානි නව පදානි කුසලානි කත්ථ සබ්බං කුසලං යුජ්ජති. තත්ථ සීහවික්කීළිතෙ නයෙ චත්තාරි පදානි, තීණි තිපුක්ඛලෙ, ද්වෙ නන්දියාවට්ටෙ. ඉමානි නව පදානි කුසලානි නිද්දිට්ඨානි.
Sinhala BJTඑහි යම් කුශල නවපදකෙනෙක් වෙත් ද එහි සියලු කුශලය බැසගනී. ඒ නවපදයන් අතුරෙහිදු සතර පදයෙක් සීහවික්කීළිතනයෙහි යැ, තිපුක්ඛලයෙහි පද තුනෙකි, නන්‍දියාවට්ටයෙහි පද දෙකෙකි. මේ කුශල නව පදයෝ දක්වන ලද්දාහුය.
Pali BJTතත්ථ යානි නන්දියාවට්ටෙ නයෙ චත්තාරි පදානි, තත්ථ අට්ඨාරස මූලපදානි, සමොසරන්ති, යථා කථං: සමථො ච අලොභො ච අදොසො ච අසුභසඤ්ඤා ච දුක්ඛසඤ්ඤා ච ඉමානි කුසලපක්ඛෙ පඤ්ච පදානි සමථං භජන්ති. විපස්සනා ච අමොහො ච අනිච්චසඤ්ඤා ච අනත්තසඤ්ඤා ච ඉමානි චත්තාරි පදානි විපස්සනං භජන්ති. ඉමානි නව පදානි කුසලානි ද්වීසු පදෙසු යොජිතානි.
Sinhala BJTඑහි නන්‍දියාවට්ටනයෙහි යම් සතර පදකෙනෙක් වෙත් ද, එහි අටළොස් මූලපදයෝ මුළු වෙති, කිසෙයැ යත්: සමථ යැ අලෝභ යැ අදෝස යැ අසුභසඤ්ඤා යැ දුක්ඛසඤ්ඤා යැ යන මේ කුශලපක්‍ෂයෙහි පඤ්චපදයෝ සමථය භජනය කෙරෙති. විපස්සනා යැ අමෝහ යැ අනිව්වසඤ්ඤා යැ අනත්තසඤ්ඤා යැ යන මේ සතරපදයෝ විදර්‍ශනාව බෙජෙති. මේ කුසල නවපදයෝ (සමථ විපස්සනා යන) දෙපදයෙහි යොදන ලද්දාහුය.
Pali BJTතත්ථ අකුසලපක්ඛෙ නවන්නං අකුසලපදානං යා ච තණ්හා යො ච ලොභො යො ච දොසො යා ච සුභසඤ්ඤා යා ච සුඛසඤ්ඤා, ඉමානි පඤ්ච පදානි තණ්හං භජන්ති. යා ච අවිජ්ජා යො ච මොහො යා ච නිච්චසඤ්ඤා යා ච අත්තසඤ්ඤා, ඉමානි චත්තාරි පදානි අවිජ්ජං භජන්ති. එතානි නව පදානි අකුසලානි සුසඞ්ඛිත්තානි. ඉති තයො නයා එකං නයං න පවිට්ඨා. එවං අට්ඨාරස මූලපදානි නන්දියාවට්ටනයෙ නිද්දිසිතබ්බානි.
Sinhala BJTඑහි අකුශලපක්‍ෂයෙහි නව අකුශලපදයන් අතුරෙන් තණ්හා යැ ලෝභ යැ දෝස යැ සුහසඤ්ඤා යැ සුඛසඤ්ඤා යැ යන මේ පස් පදයෝ තෘෂ්ණාව බෙජෙති. අවිජ්ජා යැ මෝහ යැ නිව්චසඤ්ඤා යැ අත්තසඤ්ඤා යැ යන මේ සතර පදයෝ අවිද්‍යාව බෙජෙති. තෙල අකුශල නවපදයෝ ඉතා සංක්‍ෂිප්ත කරනලද්දාහු යැ. මෙසේ තුන් නය එක් නයකට පිවිසියාහු යි. මෙසේ අටළොස් මූලපදයෝ නන්‍දියාවට්ටනයෙහි ලා දක්වාලියැ යුත්තාහු යි.
Pali BJT6. කථං අට්ඨාරස මූලපදානි තිපුක්ඛලෙ නයෙ යුජ්ජන්ති: නවන්නං පදානං කුසලානං විපස්සනා ච අමොහො ච අනිච්චසඤ්ඤා ච අනත්තසඤ්ඤා ච ඉමානි චත්තාරි පදානි. අමොහො (?) ච සමථො ච අලොභො ච අසුභසඤ්ඤා ච ඉමානි චත්තාරි පදානි. ලොභො ච දොසො ච එවං ඉමානි නව පදානි තීසු කුසලෙසු යොජෙතබ්බානි.
Sinhala BJT6. අටළොස් මූලපදයෝ නිපුක්ඛලනයෙහි කිසෙයින් යෙදෙති යත් : කුශල නවපදයන් අතුරෙහි විපස්සනා යැ අමෝහ යැ අනිච්චසඤ්ඤා යැ අනත්තසඤ්ඤා යැ යන මේ සතර පදයෝ ද, අමෝහ යැ (?) සමථ යැ අලෝභ යැ අසුභසඤ්ඤා යැ යන මේ සතර (?) පදයෝ ද ලෝභය ද දෝසය දැයි මෙසේ මේ නවපදයෝ කුශලත්‍රයෙහි යෙදියැයුත්තාහු යැ.
Pali BJTතත්ථ නවන්නං පදානං අකුසලානං තණ්හා ච ලොභො ච සුභසඤ්ඤා ච සුඛසඤ්ඤා ච ඉමානි චත්තාරි පදානි ලොභො අකුසලමූලානං.
Sinhala BJTඑහි අකුශල නවපදයන් අතුරෙන් තණ්හා යැ ලෝභ යැ සුභසඤ්ඤා යැ සුඛසඤ්ඤා යැ යන මේ සතර පදයෝ ලෝභඅකුශලමූල යැ,
Pali BJTඅවිජ්ජා ච මොහො ච නිච්චසඤ්ඤා ච අත්තසඤ්ඤා ච අයං මොහො, දොසො{1} අයං දොසො. යෙ ච ඉමානි නව පදානි තීසු අකුසලෙසු යොජිතානි, එවං අට්ඨාරස මූලපදානි, කුසලෙසු ච යොජෙත්වා තිපුක්ඛලෙන නයෙන නිද්දිසිතබ්බානි.
Sinhala BJTඅවිජ්ජා යැ මෝහ යැ නිච්චසඤ්ඤා යැ අත්තසඤ්ඤා යැ යන මේ මෝහ අකුශලමූල යැ, දෝස යැ යන මෙය දෝසඅකුශලමූල යි. යම් මේ නව පදකෙනෙක් වෙත්ද, ඔහු තුන් අකුශලයන්හි යොදනලද්දාහු යැ, මෙසේ අටළොස් මූලපදයෝ කුශලයන්හි ද යොදා තිපුක්ඛලනයෙන් දැක්වියැයුත්තාහුයි.
Pali BJTකථං අට්ඨාරස මූලපදානි සීහවික්කීළිතෙ නයෙ යුජ්ජන්ති: තණ්හා ච සුභසඤ්ඤා ච අයං පඨමො විපල්ලාසො. ලොභො ච සුඛසඤ්ඤා ච අයං දුතියො විපල්ලාසො. අවිජ්ජා ච නිච්චසඤ්ඤා ච අයං තතියො විපල්ලාසො. මොහො ච අත්තසඤ්ඤා ච අයං චතුත්ථො විපල්ලාසො. ඉති නව පදානි අකුසලමූලානි චතුසු පදෙසු යොජිතානි.
Sinhala BJTකිසෙයින් අටළොස් මූලපදයෝ සීහවික්කීළිතනයෙහි යෙදෙති යත් : තණ්හා යැ සුභසඤ්ඤා යැ යන මේ පළමුවන විපල්ලාස යි, ලෝභ යැ සුඛසඤ්ඤා යැ යන මේ දෙවැනි විපල්ලාස යි. අවිජ්ජා යැ නිච්චසඤ්ඤා යැ යන මේ තෙවැනි විපල්ලාස යි. මෝහ යැ අත්තසඤ්ඤා යැ යන මේ සතරවැනි විපල්ලාස යි. මෙසේ අකුශලමූල වූ නව පදයෝ සතර පදයන්හි යොදනලද්දාහු යි.
Pali BJTතත්ථ නවන්නං මූලපදානං කුසලානං සමථො ච අසුභසඤ්ඤා ච ඉදං පඨමං සතිපට්ඨානං. අලොභො ච දුක්ඛසඤ්ඤා ච ඉදං දුතියං සතිපට්ඨානං. විපස්සනා ච අනිච්චසඤ්ඤා ච, ඉදං තතියං සතිපට්ඨානං. අමොහො ච අනත්තසඤ්ඤා ච ඉදං චතුත්ථං සතිපට්ඨානං. ඉමානි අට්ඨාරස මූලපදානි සීහවික්කීළිතනයං අනුපවිට්ඨානි.
Sinhala BJTඑහි නව කුශලමූලපදයන් කෙරෙහි සමථ යැ අසුභසඤ්ඤා යැ යන මේ පළමුවන සතිපට්ඨාන යි. අලෝභ යැ දුක්ඛසඤ්ඤා යැ යන මේ දෙවැනි සතිපට්ඨාන යි. විපස්සනා යැ අනිච්චසඤ්ඤා යැ යන මේ තෙවැනි සතිපට්ඨාන යි. අමෝහ යැ අනත්ත සඤ්ඤා යැ යන මේ සතරවැනි සතිපට්ඨාන යි. මේ අටළොස් මූලපදයෝ සීහවික්කීළිතනයෙහි පිවිසියාහු යි.
Pali BJTඉමෙසං තිණ්ණං නයානං යා භූමි{2} යො රාගො ච යො දොසො ච එකං නයං පවිසති. එකස්ස නයස්ස අකුසලෙ වා ධම්මෙ කුසලෙ වා ධම්මෙ විඤ්ඤාතෙ පටිපක්ඛො{3} අන්වෙසිතබ්බො. පටිපක්ඛෙ අන්වෙසිත්වා යො නයො නිද්දිසිතබ්බො, තම්හි නයෙ නිද්දිට්ඨෙ.{4} යථා එකම්හි නයෙ සබ්බෙ නයා පවිට්ඨා තථා නිද්දිසිතබ්බා. එකම්හි ච නයෙ අට්ඨාරස මූලපදානි පවිට්ඨානි, තම්හි ධම්මෙ විඤ්ඤාතෙ සබ්බෙ ධම්මා විඤ්ඤාතා හොන්ති.
Sinhala BJTමේ තුන් නයට යම් භූමියක් වේ ද එහි රාගය ද දෝසය ද යන දෙක එක් නයකට පිවිසෙයි. එක් නයක් පිළිබඳ වැ කුශලධර්‍මය හෝ අකුශලධර්‍මය හෝ දත් කල්හි ප්‍රතිපක්‍ෂය සෙවියැයුතු, ප්‍රතිපක්‍ෂයන් විමසා යම් නයෙක් දැක්වියැයුත්තේද ඒ නය දැක්වූකල්හි යම්සේ එක් නයෙක්හි සියලු නය පිවිසියාහු ද එපරිද්දෙන් දැක්වියැයුත්තාහ. තව ද එක් නයෙක්හි අටළොස් මූලපදයෝ පිවිසියාහු යැ, ඒ ධර්‍මය විඥාත කල්හි සියලු ධර්‍මයෝ විඥාත වෙත්.
Pali BJTඉමෙසං තිණ්ණං නයානං සීහවික්කීළිතනයස්ස චත්තාරි ඵලානි පරියොසානං. පඨමාය දිසාය පඨමං ඵලං, දුතියාය දිසාය දුතියං ඵලං, තතියාය දිසාය තතියං ඵලං, චතුත්ථාය දිසාය චතුත්ථං ඵලං.
Sinhala BJTමේ තුන් නය අතුරෙහි සීහවික්කීළිතනයෙහි සතර ඵලයෝ පර්‍ය්‍යවසානය වෙති. ප්‍රථම දිසායෙහි ප්‍රථම ඵලය වෙයි, දෙවැනි දිසායෙහි දෙවැනි ඵලය වෙයි, තුන්වැනි දිසායෙහි තුන්වැනි ඵලය වෙයි, සතරවැනි දිසායෙහි සතරවැනි ඵලය වේ.
Pali BJTතිපුක්ඛලස්ස නයස්ස තීණි විමොක්ඛමුඛානි පරියොසානං පඨමාය දිසාය අප්පණිහිතං, දුතියාය දිසාය සුඤ්ඤතං, තතියාය දිසාය අනිමිත්තං.
Sinhala BJTතිපුක්ඛලනයෙහි තුන් විමෝක්‍ෂමුඛයෝ පර්‍ය්‍යවසානය වෙයි. ප්‍රථම දිසායෙහි අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ, දෙවැනි දිසායෙහි ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ. තෙවැනි දිසායෙහි අනිමිත්ත විමොක්‍ෂමුඛ යි.
Pali BJTනන්දියාවට්ටස්ස නයස්ස රාගවිරාගා චෙතොවිමුත්ති අවිජ්ජාවිරාගා ච පඤ්ඤාවිමුත්ති පරියොසානං. පඨමාය දිසාය රාගවිරාගා චෙතොවිමුත්ති, දුතියාය දිසාය අවිජ්ජාවිරාගා පඤ්ඤා විමුත්ති.
Sinhala BJTනන්‍දියාවට්ටනයයාගේ රාගවිරාගචේතෝවිමුත්තිය ද අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තියද පර්‍ය්‍යවසානය වෙයි. ප්‍රථම දිසායෙහි රාගවිරාගචේතෝවිමුත්ති යැ, දෙවැනි දිසායෙහි අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්ති යයි.
Pali BJTඉමෙ තයො නයා, ඉමෙසං තිණ්ණං නයානං අට්ඨාරසන්නං මූලපදානං ආලොකනා, අයං වුච්චති දිසාලොචනො{5} නයො.
Sinhala BJTමේ තුන් නය වෙති, මේ තුන් නයයන්ගේ අටළොස් මූලපදයන්ගේ අවලෝකනය වේ. මේ දිසාලෝචනනය යී කියනුලැබේ.
Pali BJTආලොකෙත්වාන ජානාති ‘අයං ධම්මො ඉමං ධම්මං භජතී’ති සම්මායොජනා. කුසලපක්ඛෙ අකුසලපක්ඛෙ ච. අයං නයො අංකුසො නාම. ඉමෙ පඤ්ච නයා.
Sinhala BJTඅවලෝකනය කොට මේ ධර්‍මය මෙනම් ධර්‍මය බෙජේ යයි දැනගනී. කුශලපක්‍ෂයෙහි ද අකුශලපක්‍ෂයෙහි ද මනාකොට යෙදීම වේ. මේ නය අංකුස නම් වේ. මේ පඤ්ච නය යි.
Pali BJTතත්ථිමා උද්දානගාථා:
Sinhala BJTඑහි මේ උද්දානගාථා වෙති :
Pali BJT1. “තණ්හා ච අවිජ්ජාපි ච - ලොභො දොසො තථෙව මොහො ච චත්තාරො ච විපල්ලාසා - කිලෙසභූමි නව පදානි.
Sinhala BJT1. තණ්හා යැ අවිජ්ජා යැ ලෝභ යැ දෝස යැ එසේ ම මෝහය ද සතර විපල්ලාසයෝ ද යන නව පදයෝ ක්ලේශ (අකුශල) භූමි යැ.
Pali BJT2. යෙ ච සතිපට්ඨානා - සමථො ච විපස්සනා කුසලමූලා එතං සබ්බං කුසලං - ඉන්ද්රියභූමී නව පදානි.
Sinhala BJT2. සතර සතිපට්ඨානයෝ යැ සමථ යැ විපස්සනා යැ තුන් කුශලමූලයෝ යැ යන තෙල සියලු කුශලය (සංග්‍රහ වූ) නව පදයෝ ඉන්‍ද්‍රිය (කුශල) භූමි යැ.
Pali BJT3. සබ්බං කුසලං{1} නවහි පදෙහි යුජ්ජති - චෙව අකුසලං එතෙ තෙ මූලපදා - උභතො අට්ඨාරස පදානි.
Sinhala BJT3. සියලු කුශලය නව (කුශල) පදයන් සමග ද සියලු අකුශලය නව (අකුශල) පදයන් සමග ද යෙදෙයි. දෙපක්‍ෂයෙහි තෙල මූලපදයෝ අටළොසක් වෙත්.
Pali BJT4. තණ්හා චෙව අවිජ්ජා ච - සමථො ච විපස්සනා යො නෙති සච්චෙසු{2} යොගයුත්තො - අයං නයො නන්දියාවට්ටො.
Sinhala BJT4. යම් නයෙක් තණ්හාව හා අවිජ්ජාව ද සමථය හා විපස්සනාව ද සත්‍යයන්හි යෝගයෙන් යුක්ත වූයේ කුශලාකුශලයන්හි පමුණුවා ද මේ නය නන්‍දියාවට්ට නම් වෙයි.
Pali BJT5. යො අකුසලෙසමූලෙහි{3} - නයති කුසලො{4} කුසලමූලෙහි භූතං තථං අවිතථං - තිපුක්ඛලං තං නයං ආහු.
Sinhala BJT5. යම් නය විශේෂයෙක් අකුශලධර්‍මයන් අකුශලමූලයන් සමග ද චාතුර්භූමක කුශලයන් කුශලමූලයන් සමග ද භූත තථ අවිතථ කොට චතුස්සත්‍යද්වාරයෙන් සූත්‍රාර්‍ත්‍ථය පමුණුවා ද ඒ නයවිශේෂය ‘තිපුක්ඛල’ නමැයි කීහු.
Pali BJT6. යො නෙති විපල්ලාසෙහි - කිලෙස ඉන්ද්රියෙහි සද්ධම්මෙ එතං නයං නයවිදූ - සීහවික්කීළීතං ආහු.
Sinhala BJT6. යම් වර්‍ණනාවිශේෂයෙක් සතර විපල්ලාසයන් සමග සංක්ලේශධර්‍මයන් ද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් සමග සද්ධර්‍ම හෙවත් චෝදානපක්‍ෂයෙහි ධර්‍මයන් ද සියුසස් සමග යොදා වර්‍ණනාවිෂය කෙරේ ද නය දන්නාහු තෙල නය සීහවික්කීළිත නමැයි කීහු.
Pali BJT7. වෙය්යාකරණෙ වුත්තා - කුසලතාහි අකුසලතාහි ච මනසා{5} ආලොකයති - අයං නයො දිසාලොචනා නාම.
Sinhala BJT7. වෙය්‍යාකරණයෙහි කුශලතායෙන් දඅකුශලතායෙන් ද කියනලද ධර්‍ම කෙනෙක් වෙත් ද ඒ ධර්‍මයන් ප්‍රථමදිශාදි වශයෙන් සිතින් අවලෝකනය කෙරෙයි. මේ නය දිසාලෝචන නම් වේ.
Pali BJT8. ඔලොකෙත්වා දිසාලොචනෙන - උක්ඛිපිය යං සමානෙති සබ්බෙ කුසලාකුසලෙ - අයං නයො අංකුසො නාම.
Sinhala BJT8. දිසාලෝචන නයින් ප්‍රථමාදි දිශාභාවයෙන් සිතින් අවලෝකනය කොට සූත්‍රයෙන් නගාගෙන කුශලාකුශලධර්‍මයන් ඒ ඒ නයයෝජනා වශයෙන් යම් සමානයනයෙක් වේ ද මේ නය අංකුස නම් වේ.
Pali BJTනයසමුට්ඨානං.
Sinhala BJTනයසමුට්ඨාන යි
Pali BJTපෙටකොපදෙසෙ මහාකච්චායනස්ස ථෙරස්ස
Sinhala BJTමහාකච්චායන තෙරණුවන්ගේ පෙටකෝපදේසයෙහි
Pali BJTසුත්තවිභඞ්ගස්ස දස්සනං සමත්තං
Sinhala BJTසූත්‍රවිභංගදර්‍ශනය සමාප්තයි.
Pali BJTයානි චතුක්කානි අකුසලානි කුසලානි ච සීහවික්කීළිතෙ නයෙ නිද්දිට්ඨානි, තිකානි කුසලානි ච අකුසලානි ච තිපුක්ඛලෙ නයෙ නිද්දිට්ඨානි, දුකානි කුසලානි ච අකුසලානි ච නන්දියාවට්ටෙ නයෙ නිද්දිට්ඨානි, යෙසු ද්වීසු ධම්මෙසු කුසලෙසු (?) සො අත්ථො තිකෙසු විභජ්ජමානස්ස භවභූමි. අථ ච සබ්බො ච අත්ථො තීහි බ්යඤ්ජනෙහි නිද්දිසති. තත්තකානි වුච්චති. යො අත්ථො චතූහි පදෙහි අට්ඨවීසතිභාගෙහි නත්ථි භූමි නිද්දිසිතුං. අවචරන්තොව චතූහි පදෙහි නිද්දිසති. ඉති යං යථා, නිද්දිට්ඨස්ස අවිකොසනා (?) ඉදං පමාණං.
Sinhala BJTකුශල වූ ද අකුශල වූ ද යම් චතුෂ්කකෙනෙක් වෙත් ද ඔහු සීහවික්කීළිත නයෙහි දක්වන ලද්දාහුය, කුශල වූ ද අකුශල වූ ද ත්‍රිකයෝ තිපුක්ඛල නයෙහි දක්වන ලද්දාහු යැ, කුශල වූ ද අකුශල වූ ද ද්විකයෝ නන්‍දියාවට්ටනයෙහි දක්වන ලද්දාහු යි. (යෙසු ද්විසු ධම්මේසු කුසලෙසු?) ඒ අර්‍ත්‍ථය ත්‍රිකයන්හි විභාග කරනුලබන්නහුගේ භවභූමි වෙයි (?) එතෙකුදු වත් සියලු අර්‍ත්‍ථ ව්‍යඤ්ජනත්‍රයෙන් දක්වනු ලැබෙයි. (යෙ අත්‍ථො ... අවිකෝසනා ?) මේ ප්‍රමාණ යි.
Pali BJTයථා සබ්බෙ සමාධයො තීසු සමාධිසු පරියෙසිතබ්බා, සවිතක්කසවිචාරෙ අවිතක්කවිචාරමත්තෙ අවිතක්කඅවිචාරෙ, ඉදං පමාණං, නත්ථි චතුත්ථො සමාධි.
Sinhala BJTසියලු සමාධීහු සවිතර්‍කවිචාර යැ, අවිතර්‍කවිචාරමාත්‍ර යැ, අවිතර්‍කඅවිචාර යැ, යන තුන් සමාධියෙහි සෙවියැයුත්තාහු යැ. මේ ප්‍රමාණ යි. සතරවැනි සමාධියෙක් නැති.
Pali BJTතථා තිස්සො පඤ්ඤා, චින්තාමයී සුතමයී භාවනාමයී, සබාබාසු පඤ්ඤාසු නිද්දිසන්ති{1} නත්ථි චතුත්ථි පඤ්ඤා, න චින්තාමයී න සුතමයී න භාවනාමයී පඤ්ඤා. නාස්ස නත්ථි ඉමෙසං ධම්මානං යා අවික්ඛෙපනා, ඉදං වුච්චති පමාණන්ති.
Sinhala BJTඑසේ මැ චින්තාමයී සුතමයී භාවනාමයී යන තුන් ප්‍රඥාවෝ සියලු ප්‍රඥාවන්හි දක්වනු ලැබෙත්. සතරවැනි ප්‍රඥාවක් නැත. (න චින්තාමයී ... ?) මේ ධර්‍මයන්ගේ යම් අවික්‍ෂේපණයක් වේ ද, එය නැති. (?) මේ ප්‍රමාණ යයි කියනු ලැබේ.
Pali BJTථෙරස්ස මහාකච්චායනස්ස ඡම්බුවනවාසිනො
Sinhala BJTජම්බුවනවාසී මහාකච්චායන තෙරණුවන්ගේ
Pali BJTපෙටකොපදෙසො සමත්තො
Sinhala BJTපෙටකෝපදේසය සමාප්ත යි.
Pali BJTපෙටකොපදෙසො නිට්ඨිතො.
Sinhala BJTපෙටකෝපදේසය නිමි.