Pali BJT12. තත්ථ කතමො ඔතරණො: සන්තාපජාතො’ති තීණි අකුසලමූලානි, තෙ සංඛාරා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා, ධාතුසු ධම්මධාතු, ආයතනෙසු ධම්මායතනං, ඉන්ද්රියෙසු ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ච පදට්ඨානං.
Sinhala BJT12. එහි ඕතරණහාර කවරෙ යැ: ‘සන්තාපජාතො’ යනු: තුන් අකුශලමූලයෝ යැ, ඒ සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධයෙහි බැසගෙන සිටියාහු යැ, ධාතුන් කෙරෙහි ධම්ම ධාතු යැ ආයතනයන් කෙරෙහි ධම්මායතන යැ ඉන්‍ද්‍රියයන් කෙරෙහි ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ද වෙයි. මේ පදට්ඨාන යි.
Pali BJT13. තත්ථ කතමො සොධනො: සුද්ධො සුත්තස්ස ආරම්භො.
Sinhala BJT13. එහි සෝධන කවරෙ යැ: සූත්‍රයාගේ ආරම්භය ශුද්ධ යි.
Pali BJT14. තත්ථ කතමො අධිට්ඨානො හාරො: පරිළාහො’ති{2} යෙ සත්තා ලොකා එකත්තපඤ්ඤත්තියා පඤ්ඤත්තා, තෙ අකතසත්තා ලොකා මජ්ඣෙන වෙමත්තතාය පඤ්ඤත්තා.
Sinhala BJT14. එහි අධිට්ඨානහාර කවරෙ යැ: ‘පරිළාහො’ යනු: යම් ලෝවැසි සත්‍ව කෙනෙක් ඒකත්‍ව (සාමාන්‍ය) ප්‍රඥප්තියෙන් පනවනලද්දාහු ද ඔහු (අකතසත්තා ලෝකා මජ්ඣෙන?) වේමත්තතායෙන් පනවනලද්දාහුයි.
Pali BJT15. තත්ථ කතමො පරික්ඛාරො: ‘සන්තාපජාතොති අයොනිසොමනසිකාරො හෙතු, විපල්ලාසං ච පච්චයො. තත්ථ ද්වීහි ධම්මෙහි අත්තා අභිනිවිට්ඨා චිත්තං ච චෙතසිකං ච ධම්මෙ උභයානි තස්ස විපරීතෙන පරාමසතො.
Sinhala BJT15. එහි පරික්ඛාර කවරෙ යැ: ‘සන්තාපජාතො’ යනු: අයෝනිසෝ මනසිකාරය හේතු යැ, විපල්ලාසය ප්‍රත්‍ය යැ, එහි ධර්‍ම දෙකකින් (අත්තා අභිනිවිට්ඨා ... පරාමසතෝ?)
Pali BJTඅපරො පරියායො: චෙතයිකෙහි ධම්මෙහි අත්තසඤ්ඤා අනත්තසඤ්ඤං{3} සමුග්ඝාතෙති. අපරො පරියායො: අනිච්චසඤ්ඤා චෙතසිකෙසු ධම්මෙසු, න තු අත්තසඤ්ඤා. ඉදං වුච්චති චිත්තන්ති වා මනොති වා විඤ්ඤාණන්ති වා, ඉදං දීඝරත්තං අබ්භුග්ගතං එතං මම, එසො ‘හමස්මි, එසො, මෙ අත්තා’ති. තත්ථ චෙතසිකා ධම්මානුපස්සනා, එසාපි ධම්මසඤ්ඤා. තස්ස කො හෙතු, කො පච්චයො. අහඞ්කාරො හෙතු, මමඞ්කාරො පච්චයො.
Sinhala BJTඅන්‍ය පරියායයෙකි: චෛතසිකධර්‍මයන් හේතු කොට ආත්මසංඥාව අනාත්ම සංඥාව නසයි. අන්‍යත් පරියායයෙකි: චෛතසිකධර්‍මයන්හි අනිත්‍යසංඥාව වෙයි. ආත්මසංඥාව නොවේ. මෙය චිත්ත යැ හෝ මනෝ යැ හෝ විඤ්ඤාණ යැ හෝ යයි කියනු ලැබේ. ‘තෙල මාගේ යැ තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යන මේ දීර්‍ඝකාලයෙහි උපන්නේ යැ, එහි චෛතසික වූ ධම්මානුපස්සනාව යැ, මෙ ද ධර්‍ම සංඥා වෙයි, ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ: අහංකාරය හේතු යැ, මමංකාරය ප්‍රත්‍යය යි.
Pali BJT16. තත්ථ කතමො සමාරොපනො: අයං ලොකො සන්තාපජාතො’ති අකුසලං මන්තෙති, විඤ්ඤාණං නාමරූපස්ස පච්චයො, යාව ජරාමරණන්ති. අයං සමාරොපනො.
Sinhala BJT16. එහි සමාරෝපන කවරෙ යැ: ‘අයං ලෝකෝ සන්තාපජාතො’ යි අකුශලය කියයි. විඤ්ඤාණය නාමරූපයට ප්‍රත්‍යය වෙයි. ‘ජරාමරණං’ යනු දක්වා කියැයුතු. මේ සමාරෝපන යි.
Pali BJT‘එවමෙතං යථාභූතං සම්මපඤ්ඤාය පස්සති’ අකුසලමූලානං පහානං. තත්ථ අවිජ්ජානිරොධො, අවිජ්ජානිරොධා යාව ජරාමරණනිරොධො. අයං සමාරොපනො.
Sinhala BJT‘එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති’ යනු: අකුශලමූලයන්ගේ ප්‍රහාණ යැ, එහි අවිජ්ජානිරෝධය වෙයි. අවිජ්ජානිරෝධයෙන් ජරාමරණනිරෝධය දක්වා කියැයුතු, මේ සමාරොපනහාර යි.
Pali BJT7. 15.
Sinhala BJT7. 15.
Pali BJT“චත්තාරො පුග්ගලා: අනුසොතගාමී පටිසොතගාමී ඨිතත්තො තිණ්ණො පාරගතො{1} ථලෙ තිට්ඨති බ්රාහ්මණො”ති.{*}
Sinhala BJT“පුද්ගලයෝ සතර දෙනෙකි: අනුසෝතගාමී යැ පටිසෝතගාමී යැ ඨිතත්ත යැ ඕඝතරණය කළ පරතෙරට ගිය නිවන්තෙලෙහි සිටුනා ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයි.
Pali BJTතත්ථ යො අනුසොතගාමී, අයං කාමෙ සෙවති, පාපං ච කම්මං කරොති, යාව කාමෙ පටිසෙවති. ඉදං ලොභො අකුසලමූලං, සො යෙ ව තණ්හා. සො තෙහි කාමෙහි වුය්හති අනුසොතගාමීති වුච්චති. යො පුග්ගලො තාහි ගමිතො තප්පච්චයා තස්ස හෙතු අකුසලකමමං කරොති කායෙන ච වාචාය ච. අයං වුච්චති පාපකම්මං කරොතීති. තස්ස තීණි සොතානි: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො. ඉමෙහි තීහි සොතෙහි තිවිධධාතුයං උප්පජ්ජති, කාමධාතුයං රූපධාතුයං අරූපධාතුයං.
Sinhala BJTඑහි යමෙක් අනුසෝතගාමී වේ ද, මෙතෙම පස්කම් සේවනය කෙරෙයි, පව්කම් ද කෙරෙයි, යම් කාමසේවනයක් ඇද්ද මේ ලෝභඅකුශලමූල යැ, ඒ ලෝභය මැ තණ්හා යැ, හේ ඒ කාමයන් විසින් ගෙනයනුලැබෙයි. එහෙයින් අනුසෝතගාමී යයි කියනුලැබේ. යම් පුඟුලෙක් ඒ තෘෂ්ණාවන් විසින් ගෙනයනුලබන්නේ ඒ කාමහේතුයෙන් කයිනුදු බසිනුදු පව්කම් කෙරේ ද, මේ තෙමේ පව්කම් කෙරේ යයි කියනු ලැබේ. ඔහුට සක්කාය දිට්ඨි යැ, විචිකිච්ඡා යැ සීලබ්බතපරාමාස යැ යන තුන් ස්‍රෝතස්හු වෙති. මේ තුන් ස්‍රෝතසුන් කරණ කොට කාමධාතු රූපධාතු අරූපධාතු යන ත්‍රිවිධ ධාතුයෙහි උපදී.
Pali BJTතෙන පටිපක්ඛෙන යො කාමෙ න පටිසෙවති: යො සීලවතං න පරාමසති, යො සක්කායදිට්ඨිනං පහානාය කාමෙනු යථාභූතං ආදීනවං පස්සති, සො න ච{2} තෙ ධම්මෙ පටිසෙවති, යං ච තප්පච්චයා (?) තිට්ඨති. “බ්රාහ්මණො”ති අරහා{3} කිර, තත්ථ අරහා{3} තස්ස පාරගතො{4} හොති පාරගතස්ස ථලෙ තිට්ඨතීති{5}. සොපාදිසෙසා නිබ්බානධාතු.
Sinhala BJTඒ ප්‍රතික්‍ෂේපයෙන් යමෙක් කාමයන් සේවනය නො කෙරේ ද, යමෙක් ශීලව්‍රත පරාමර්‍ෂ නො කෙරේ ද, යමෙක් සත්කායදුෂ්ටිප්‍රහාණය පිණිස කාමයන්හි යථාභූත ව ආදීනව දකී ද, හේ ඒ (අකුශල) ධර්‍මයන් නො ද සේවනය කෙරෙයි, ඒ හේතුයෙන් නිවන්තෙලෙහි සිටී. ‘බ්‍රාහ්මණ’ යනු රහත්හු යැ, එහි රහත්හු ඒ ඕඝයාගේ පාරයට ගියාහු වෙති. පාරයට ගියහුගේ ‘ථලෙ තිට්ඨති’ යනු සෝපාදිසේසනිබ්බානධාතු යි.
Pali BJTඅනුසොතගාමී’ති{6} දස්සනප්පහාතබ්බානං සංයොජනානං අප්පහානමාහ. ‘පටිසොතගාමීති{6} දිට්ඨෙකට්ඨානං ච කිලෙසානං පහානමාහ. ඨිතත්තෙන{7} පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානමාහ. තත්ථ අනුසොතගාමිනා මග්ගරූපීමාහ (?) පටිසොතගාමිනා ඨිතත්තෙන ච මග්ගමිතිමාහ” පාරගතෙන{8}. සාවකා අසෙඛා ච සම්මාසම්බුද්ධා ච වුත්තා. අනුසොතගාමිනා සක්කායසමුදයගාමිනිං පටිපදමාහ. පටිසොතගාමිනා ඨිතත්තෙන සක්කායනිරොධගාමිනිං පටිපදමාහ. පාරගතෙන දස අසෙඛා අරහත්තධම්මා{9} වුත්තා අයං සුත්තත්ථො.
Sinhala BJT‘අනුසෝතගාමී’ යයි දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ සංයෝජනයන්ගේ අප්‍රහාණය කීහ. ‘පටිසෝතගාමී’ යයි දෘෂ්ටිය හා ඒකත්‍වයට ගිය ක්ලේශයන්ගේ ප්‍රහාණය වදාළහ. ඨිතත්ත පුද්ගලයාගෙන් පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණය වදාළහ. එහි අනුසෝතගාමී පුද්ගලයාගෙන් (මග්ගරූපීමාහ?) පටිසෝතගාමීහුගෙන් ද සිටිපියවි ඇතියහුගෙන් ද මාර්‍ගය වදාළහ. පාරයට ගියහුගෙන් අශෛක්‍ෂ ශ්‍රාවකයෝ ද සම්මා සම්බුදුහු ද වදාරනලද්දාහු යැ. අනුසෝතගාමීහුගෙන් සත්කායසමුදයගාමිනී ප්‍රතිපදාව වදාළහ. පටිසෝතගාමීහුගෙන් සිටිපියවි ඇතියහුගෙන් ද සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාව වදාළහ. පාරයට ගියහුගෙන් අශෛක්‍ෂ වූ දස අර්‍හත්‍වධර්‍මයෝ වදාරනලද්දාහ. මේ සූත්‍රාර්‍ත්‍ථයි.
Pali BJT1. තත්ථ කතමා දෙසනා: ඉමස්මිං හි සුත්තෙ චත්තාරි අරියසච්චානි දෙසිතානි. තෙධාතුකලොකසමතික්කමනං ච.
Sinhala BJT1. එහි දේසනා කවරැ: මේ සූත්‍රයෙහි සතර ආර්‍ය්‍යසත්‍යයෝ ද ත්‍රෛධාතුක ලෝකය ඉක්මැවීම ද දෙසන ලදහ.
Pali BJT2. තත්ථ කතමො විචයො හාරො: යො කාමෙ පටිසෙවති, සො පාපකම්මං{10} කරෙය්යාති, යො ච කාමෙ න පටිසෙවති, සො පාපකම්මං න කරෙය්යාති, යො ච ඉමෙහි ද්වීහි භූමීහි උත්තිණ්ණො පාරගතොති යා වීමංසා අයං විචයො.
Sinhala BJT2. එහි විචයහාර කවරෙ යැ: යමෙක් කාමයන් සේවනය කෙරේ ද හේ පව්කම් කරන්නේ යයි ද යමෙක් කාමයන් නො සෙවුනේ ද හේ පව්කම් නො කරන්නේ යයි ද යමෙක් මේ දෙ භූමියෙන් උත්තීර්‍ණ වූයේ පාරයට ගියේ යයි ද යම් විමංසාවක් ඇද්ද මේ විචය යි.
Pali BJT3. යුත්තීති: යුජ්ජති සුත්තෙසු, න යුජ්ජතීති යා වීමංසා අයං යුත්ති.
Sinhala BJT3. යුත්ති යනු: සූත්‍රයන්හි ලා යෙදේ ද නොයෙදේ දැයි යම් විමංසාවක් ඇද්ද, මේ යුත්තිහාර යි.
Pali BJT4. පදට්ඨානොති: අනුසොතගාමිනා සත්තන්නං සංයොජනානං පදට්ඨානං. අකුසලස්ස කිරියා අකුසලස්ස මූලානං පදට්ඨානං. පටිසොතගාමිනා යථාභූතදස්සනස්ස පදට්ඨානං. ඨිතත්තෙන අසංහාරියාය{1} පදට්ඨානං. පාරගතොති{2} කතාවී භූමියා{3} පදට්ඨානං.
Sinhala BJT4. පදට්ඨාන යනු: අනුසෝතගාමී යනු සත් සංයෝජනයන්ට පදට්ඨාන යැ, අකුසල් කිරීම අකුශලමූලයන්ට පදට්ඨාන යැ, පටිසෝතගාමී යනු යථාභූතදර්‍ශනයට පදට්ඨාන යැ, ඨිතත්ත යනු අසංහාරි ය (පෙරළා නො එන?) මාර්‍ගයට පදට්ඨාන යැ, පාරගතො යනු ක්‍ෂීණාශ්‍රවභූමියට පදට්ඨාන යි.
Pali BJT5. තත්ථ කතමො ලක්ඛණො හාරො: යො අනුසොතං ගච්ඡති තණ්හාවසෙන සබ්බෙසම්පි කිලෙසානං වසෙන ගච්ඡති. යො පටිසොතං වායමති තණ්හාය සබ්බෙසම්පි සො කිලෙසානං වායමති පටිසොතං. යො අත්තනා ඨිතො කායෙනපි සො ඨිතො වාචාචිත්තෙනපි සො ඨිතො අයං ලක්ඛණො හාරො.
Sinhala BJT5. එහි ලක්ඛණහාර කවරෙ යැ: යමෙක් තෘෂ්ණාවශයෙන් අනුසෝතයට යේ ද, (හේ) සියලු මැ ක්ලේශයන්ගේ වශයෙන් යෙයි. යමෙක් තණ්හායෙන් පටිසෝතයට (යෑමට) වෑයම් කෙරේ ද හේ සියලු මැ ක්ලේශයන්ගේ පටිසෝතයට වෑයම් කෙරෙයි, යමෙක් තමා සිටියේ කයිනුදු හේ සිටියේ යැ වචනයෙන් හා චිත්තයෙනුදු සිටියේ යි. මේ ලක්ඛණහාර යි.
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො: ඉධ සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ අනුසොතගාමිනියා පටිපදාය නාභිරමිස්සන්ති, තෙ පටිසොතං වායමිස්සන්තීති යාව කදාචි භූමියං. (?) අයං අධිප්පායො.
Sinhala BJT6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් අනුසෝතගාමිනී පටිපදායෙහි නො ඇලෙන්නාහු ද, ඔහු පටිසෝතයට වෑයම් කරන්නාහු යයි (යාව කදාචි භූමියං?) මේ අදහසයි.
Pali BJT7. ආවට්ටොති: ඉධ සුත්තෙ චත්තාරි සච්චානි දෙසිතානි.
Sinhala BJT7. ආවට්ට යනු: මේ සූත්‍රයෙහි චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දේශනාකරන ලද්දාහු යැ.
Pali BJT8. තත්ථ කතමො විභත්තිහාරො: යො කාමෙ පටිසෙවති, පාපං ච කම්මං කරොති, සො අනුසොතගාමිනී න එකංසෙන, සොතාපන්නොපි කාමෙ පටිසෙවති, තංභාගියං ච පාපකම්මං කරොති, “කිඤ්චාපි සෙඛොපි{4} කරෙය්ය පාපං”{*} යථා සුත්තෙ නිද්දිට්ඨො, න ච සො අනුසොතගාමී, ඉදං විභජ්ජ බ්යාකරණීයං. න ච කාමෙ පටිසෙවති න ච පාපකම්මං කරොති පටිසොතගාමී න ච එකංසෙන, සබ්බො{5} බාහිරකො කාමෙසු වීතරාගො න ච කාමෙ පටිසෙවති, තෙ න ච පාපකම්මං කරොන්ති{6} අනුසොතගාමී පටිසොතගාමී. අයං විභත්ති.
Sinhala BJT8. එහි විභත්තිහාර කවරෙ යැ: යමෙක් කාමයන් සේවනය කෙරේ ද පව්කමුදු කෙරේ ද, හේ අනුසෝතගාමී යයි ඒකාන්තයෙන් නො වේ. සෝවාන් පුඟුල් ද කාමයන් සේවනය කෙරෙයි, තද්භාගිය වූ පව්කමුදු කෙරෙයි, “කිඤ්චාපි සො කම්මං කරෝති පාපකං” යි සූත්‍රයෙහි දැක්වූ පරිදි හේ නො ද අනුසෝතගාමී වෙයි. මෙය විභාග කොට ප්‍රකාශ කළයුතු යැ. කාමයන් නො ද සෙවුනේ යැ, පව්කම් නො ද කෙරෙයි, (එහෙත්) ඒකාන්තයෙන් පටිසෝතගාමී නො ද වෙයි. කාමයන්හි වීතරාග වූ ශාසනයෙන් බැහැර වූ සියලු දෙනෙ නො ද කාමයන් සේවනය කෙරෙයි, ඔහු නො ද පව්කම් කෙරෙති. (ඔහු) අනුසෝතගාමී පටිසෝතගාමී ද වෙත්. මේ විභත්තිහාර යි.
Pali BJT9. තත්ථ කතමො පරිවත්තනො හාරො: නිද්දිට්ඨො පටිපක්ඛො.
Sinhala BJT9. එහි පරිවත්තනහාර කවරෙ යැ: ප්‍රතිපක්‍ෂය දක්වන ලද්දේ යි.
Pali BJT10. වෙවචනොති: කාමෙසු, වත්ථුකාමාපි කිලෙසකාමාපි රූපසද්දගන්ධරසඵස්සපුත්තදාරදාසකම්මකර{7}පොරිසං ච පරිග්ගහා.
Sinhala BJT10. වෙවචන යනු: කාමයන් කෙරෙහි වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ ද වෙති, රූප ශබ්ද ගන්‍ධ රස ස්පර්‍ශ පුත්‍රදාර දාස කම්කරු පුත්‍රදාර දාස කම්කරු පුරුෂයෝ ද අයැතියෝ යි.
Pali BJT11. පඤ්ඤත්තීති: සබ්බෙ පුථුජ්ජනා එකත්තාය පඤ්ඤත්තා. ‘අනුසොතගාමී’ති කිලෙසසමුදාචාරපඤ්ඤත්තියා පඤ්ඤත්තා. යෙ පන සෙඛා පුග්ගලා තෙ නිබ්බානපඤ්ඤත්තියා පඤ්ඤත්තා. යෙ පන අනාගාමී තෙ අසංහාරියපඤ්ඤත්තියා පඤ්ඤත්තා. අයං පඤ්ඤත්ති.
Sinhala BJT11. පඤ්ඤත්ති යනු: සියලු පුහුදුන්හු ඒකත්තතායෙන් පනවන ලදහු යැ, ‘අනුසෝතගාමී’ යනු ක්ලේශසමුදාචාරප්‍රඥප්තියෙන් ප්‍රඥප්ත යැ, යම් ශෛක්‍ෂ පුද්ගල කෙනෙක් වෙද්ද ඔහු නිබ්බාන පඤ්ඤත්තියෙන් ප්‍රඥප්ත යැ, යම් අනාගාමීහු වෙද්ද ඔහු අසංහාරිය පඤ්ඤත්තියෙන් පනවනලදහුයි. මේ පඤ්ඤත්තිහාර යි.
Pali BJT12. ඔතරෙණොති: යො අනුසොතගාමී, සො දුක්ඛං. යෙ තස්ස ධම්මා, තෙ දුක්ඛස්ස සමුදයො. යං රූපං අයං රූපක්ඛන්ධො. එවං පඤ්චපි ඛන්ධා පටිච්චසමුප්පාදො. තෙ කිලෙසා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා, ධම්මායතනං ධම්මධාතු ඉන්ද්රියෙසු ච පඤ්ඤත්තා.
Sinhala BJT12. ‘ඕතරණ’ යනු: යමෙක් අනුසෝතගාමී වේ ද හේ දුක්ඛ යැ, ඒ අනුසෝතගාමිහුගේ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ ධර්‍මයෝ දුක්ඛසමුදය යැ, යම් රූපයක් ඇද්ද මේ රූපස්කන්‍ධ යැ, මෙසේ පඤ්චස්කන්‍ධයෝ මැ පටිච්චසමුප්පාද යැ, ඒ ක්ලේශයෝ සංස්කාරස්කන්‍ධයෙහි බැසගත්තාහු යැ, ධම්මායතන ධම්මධාතු ඉන්‍ද්‍රියයන්හි දු ප්‍රඥප්තයෝ යි.
Pali BJT13. සොධනොති: යෙනාරම්භෙන ඉදං සුත්තං දෙසිතං, සො ආරම්භො සබ්බො සුද්ධො.
Sinhala BJT13. ‘සෝධන’ යනු: යම් ආරම්භයෙකින් මේ සූත්‍රය දේශනා කරන ලද ද ඒ සියලු ආරම්භය ශුද්ධ යි.
Pali BJT14. අධිට්ඨානොති: පටිසොතගාමිනො{1} සබ්බෙ සොතාපන්නා එකත්තෙන වා නිද්දිට්ඨා, රාගානුසයපටිසොතගාමිනො සෙඛාව මග්ගො ව සෙඛො ච පුග්ගලො. ‘ඨිතත්තො’ති: වීතරාගො එකත්තතාය{2} පඤ්ඤත්තො. ‘පාරගතො’ති සබ්බෙ අරහන්තො සබ්බෙ පච්චෙකබුද්ධා සම්මාසම්බුද්ධා ච එකත්තතාය{2} පඤ්ඤත්තා.
Sinhala BJT14. ‘අධිට්ඨාන’ යනු: පටිසෝතගාමී වූ සියලු සෝවන්හු ඒකත්‍වයෙන් දක්වන ලද්දාහුය, (රාගානුසය ... සේඛො ච පුග්ගලො?) ‘ඨිතත්තො’ යි වීතරාග පුද්ගල එකත්තතායෙන් පනවනලද. ‘පාරගතො’ යි සියලු රහත් හු සියලු පසේබුදුහු ද සම්‍යක්සම්බුද්ධයෝ ද එකත්තතායෙන් පනවනලදහු යි.
Pali BJT15. පරික්ඛාරොති: අනුසොතගාමිනො පාපමිත්තපච්චයො, කාමපරියුට්ඨානං හෙතු. පටිසොතගාමිනො ද්වෙ හෙතු, ද්වෙ පච්චයා ච, යාව සම්මාදිට්ඨියා උප්පාදාය දිට්ඨි{3} තස්ස පටිලද්ධමග්ගො හෙතු, ආරම්භො පච්චයො, කායිකො චෙතසිකස්ස කොට්ඨාසො ච.
Sinhala BJT15. ‘පරික්ඛාර’ යනු: අනුසෝතගාමීහට පාපමිත්‍රයන් ඇති බව ප්‍රත්‍ය යැ, කාම පරියුට්ඨානය හේතු යි. පටිසෝතගාමීහට හේතු දෙකක් ද ප්‍රත්‍යය දෙකක් ද වෙති, සම්මාදිට්ඨිය ඉපදීම දක්වා (දිට්ඨි ... කොට්ඨාසො ච?)
Pali BJT16. සමාරොපනොති: විභත්ති ඉදං සුත්තං නත්ථි සමාරොපනාය භූමි.
Sinhala BJT16. ‘සමාරෝපන’ යනු: (විභත්ති?) මේ සූත්‍රයෙහි සමාරෝපනයට භූමි නැති.
Pali BJT7. 16.
Sinhala BJT7. 16.
Pali BJT“චත්තාරො ආනිසංසා{4} සොතානුධතානං{5} යාව දිට්ඨියා සුප්පටිවිද්ධානං”{*} සුත්තං විත්ථාරෙන කාතබ්බං. යුඤ්ජතො ඝටෙන්තස්ස වායමතො ගිලානො මරණකාලෙ දෙවභූතො පච්චෙකබොධිං පාපුණාති.
Sinhala BJT“කනින් අසා ධරනලද ධර්‍මයන්ගේ සතර අනුසස් කෙනෙක් වෙති.” “දිට්ඨියා සුප්පටිවිද්ධානං” යනු දක්වා සූත්‍රය විස්තර කළයුතු. යෝගයෙහි යෙදෙන උත්සාහ කරන වෑයම් කරනුවහු මරණකාලයෙහි ගිලන් වූයේ (මරණින් මතු) දෙවි වූයේ (යළි) පසේබුදුබවට පැමිණෙයි.
Pali BJT‘සොතානුධතා’ති{6} සද්ධම්මසවනෙන{7} කතං හොති. න ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය තස්ස චිත්තං තසිතං හොති, න ච නිබ්බිද්ධත්තං{8}, ඉදං ච සුත්තං පඤ්චන්නං පුග්ගලානං දෙසිතං: සද්ධානුසාරිනො මුදින්ද්රියස්ස තික්ඛින්ද්රියස්ස ච ධම්මානුසාරිනො තික්ඛින්ද්රියස්ස මුදින්ද්රියස්ස ච, යො පන මොහචරිතො{9} පුග්ගලො න සක්කොති යුඤ්ජිතුං ඝටිතුං වායමිතුං යථාභූතං යථාසමාධිකා විමුත්ති තං ඛණං තං ලයං තං මුහුත්තං ඵලං දස්සෙති. සාධු පරිහායති පරො තං දුය්හති, නො තු සුඛඅවිපාකිනී භවති. තස්ස දිට්ඨෙයෙව ච ධම්මෙ උපපජ්ජඅපරාපරියවෙදනීයං.
Sinhala BJT‘සෝතානුධතා’ යනු: සද්ධර්‍මශ්‍රවණයෙන් කරන ලද වෙයි, අධිපඤ්ඤාධම්මවිපස්සනා නො ද කරන ලද වෙයි. ඔහුගේ සිත හටගත් තෘෂ්ණ ඇති වෙයි, නිර්වේදබවට නො ද යෙයි. මේ සූත්‍රය වැලිත් පුඟුලන් පස්දෙනකුන්ට දෙසන ලදි: සද්ධානුසාරී වූ මුදින්‍ද්‍රියහට ද තික්ඛින්‍ද්‍රියහට ද ධම්මානුසාරී වූ තික්ඛින්‍ද්‍රියහට ද මුදිඉන්‍ද්‍රියහට ද යම් මෝහචරිත පුද්ගලයෙක් ඇද්ද (හේ) යථාභූත වැ සමාධියට අනුරූප වූ විමුක්තියෙහි යෙදෙන්නට ගැටෙන්නට වෑයම් කරන්නට නො හැකි වෙයි. එකෙණෙහි ඒ ඇසිල්ලෙහි ඒ මොහොතෙහි ඵලය දක්වයි, (?) (සාධු?) පිරිහෙයි. අනිකෙක් එය කෙලසයි? (නො තු ... අපරාපරියවේදනීයං?)
Pali BJTතත්ථ යො පුග්ගලො ධම්මානුසාරී, තස්ස යදි සොතානුධතා ධම්මා හොන්ති, සො යුඤ්ජන්තො පාපුණාති. යො ධම්මානුසාරී මුදින්ද්රියො, සො ගිලානො පාපුණාති. යො සද්ධානුසාරී තික්ඛින්ද්රියො සො මරණකාලසමයෙ පාපුණාති. යො මුදින්ද්රියො සො දෙවභූතො පාපුණාති.
Sinhala BJTඑයි යම් ධම්මානුසාරී පුද්ගලයෙක් වේ ද ඉදින් ඔහුට ශ්‍රැතයෙන් ධැරූ ධර්‍මයෝ වෙත් නම් හේ (යෝගයෙහි) යෙදෙනුයේ ඵලයට පැමිණෙයි, යමෙක් ධම්මානුසාරී මුදින්‍ද්‍රිය වේ ද හේ ගිලන් වූයේ පැමිණෙයි, යමෙක් සද්ධානුසාරී තික්ඛින්‍ද්‍රිය වේ ද හේ මරණ කාලයෙහි පැමිණෙයි, යමෙක් මුදින්‍ද්‍රිය වේ ද හේ දෙවිවූයේ පැමිණෙයි,
Pali BJTයදා දෙවභූතො න පාපුණාති, සො{1} තෙනෙව ධම්මරාගෙන තාය ධම්මනන්දියා පච්චෙකබොධිං පාපුණාති, යො සොතානුධතෙසු යුඤ්ජති ඝටෙති වායමති, සො පුබ්බාපරෙන{2} විසෙසං සඤ්ජානාති, සඤ්ජානන්තො පාපුණාති. සචෙ පන ගිලානස්ස මනසිකාරො හොති, තත්ථ යුඤ්ජන්තො පාපුණාති සචෙ පනස්ස මරණකාලෙ සංවිග්ගො හොති, තත්ථ යුඤ්ජන්තො පාපුණාති. සචෙ පන න කත්ථචි{3} සංවෙගො හොති, තස්ස දෙවභූතස්ස සුඛිනො ධම්මභූතා පාදා එවං අවිලපති (?) සො එවං ජානාති: ‘අයං සො ධම්මවිනයො යත්ථ මයං පුබ්බෙ මනුස්සභූතා බ්රහ්මචරියං චරිම්භා’ති. අථ දෙවභූතො පාපුණාති. දිබ්බෙසු වා පඤ්චසු කාමගුණෙසු අජ්ඣොසිතො හොති පමාදවිහාරී, සො තෙන කුසලමූලෙන පච්චෙකබොධිං පාපුණාති.
Sinhala BJTයම් කලෙක දෙවි වූයේ නො පැමිණේ ද හේ එමැ ධම්මරාගයෙන් ඒ ධම්මනන්‍දියෙන් පසේබුදුබවට පැමිණෙයි. යමෙක් ශ්‍රැතයෙන් ධැරූ දහම්හි යෙදේද ගැටේද වෑයම් කෙරේ ද, හේ පූර්‍වාපර විශේෂය අවබෝධ කෙරෙයි, අවබෝධ කරනුයේ පැමිණෙයි. ඉදින් ගිලන් වූවහුට මනසිකාරය වේද එහි යෙදෙනුයේ පැමිණෙයි, ඉදින් ඔහුට මරණකාලයෙහි සංවේගයට පැමිණියේ වේ ද, එහිදී යෙදෙනුයේ පැමිණෙයි. ඉදින් කිසිතැනකදීත් සංවේග නො වේ ද, දෙවි වූ සුවයට පැමිණි ඔහුට (ධම්මභූතා පාදා එවං අවිලපති?) දහම්පද මෙසේ වටහා ද? හේ මෙසේ දැනගනී: ‘යම් සසුනෙක පෙර මිනිස්වූ අපි බඹසර වුසූම් ද මේ ඒ ධර්‍මවිනය’ යි. එකල්හි දෙවිවූ හේ (ඵලයට) පැමිණෙයි. නොහොත් දිව්‍යමය පඤ්චකාමගුණයෙහි බැසගන්නාලදුයේ ප්‍රමාදවිහාරී වේ ද, හෙතෙම ඒ කුශල මූලය හේතු කොටගෙන පසේබුදුබවට පැමිණේ.
Pali BJTයා{4} පරතොඝොසෙන වචසා සුපරිචිතා{5} අයං සුතමයී පඤ්ඤා. යෙ පන ධම්මා හොන්ති මනසා අනුපෙක්ඛිතා, අයං චින්තාමයී පඤ්ඤා. යා{6} දිට්ඨියා සුප්පටිවිද්ධා, අයං භාවනාමයී පඤ්ඤා. යං සොතානුධතා මනසා පරිචිතා හොන්ති, (?) යො ච දිට්ඨෙ යෙව ධම්මෙ පරිනිබ්බායී, අයං අරහා{7} පුග්ගලො. යො උපපජ්ජති දෙවභූතො පාපුණාති, තත්ථ ච පරිනිබ්බායති, අයං අනාගාමී. යො තෙන කුසලමූලෙන පච්චෙකබොධිං පාපුණාති, අයං පුබ්බයොගසම්භාරසම්භුතො පුග්ගලො.
Sinhala BJTපරතෝ‍්ඝෝසයෙන් වචනයෙන් මනාකොට උපදවනලද යම් ප්‍රඥාවක් ඇද්ද මේ සුතමයි පඤ්ඤා නමු. යළි සිතින් විමසනලද යම් ධර්‍ම කෙනෙක් වෙත්ද මේ චින්තාමයි පඤ්ඤා නමු. නුවණින් මොනවට අවබෝධ කළ යම් ප්‍රඥාවක් වේ ද මේ භාවනාමයි පඤ්ඤා නමු. (යං සෝතානුධතා මනසා පරිචිතා හොන්ති?) යමෙක් ඉහාත්මයෙහි මැ පිරිනිවේ ද මේ රහත් පුද්ගල යි. යමෙක් (දෙවිබවට) පැමිණේ ද දෙවිවූයේ ඵලයට පැමිණේ ද එහිදී පිරිනිවේද මේ අනාගාමී යැ. යමෙක් ඒ කුශලමූලයෙන් පසේබුදුබවට පැමිණේ ද, මේ පූර්‍වයෝගසම්භාරයෙන් උපන් පුබ්බයොගාවචර පුද්ගල යි.
Pali BJT“සොතානුධතා ධම්මා’ති පඨමං විමුත්තායතනං, වචසා පරිචිතා’ති දුතියං තතියං ච විමුත්තායතනං, මනසානුපෙක්ඛිතා’ති චතුත්ථං විමුත්තායතනං, දිට්ඨියා සුප්පටිවිද්ධා’ති පඤ්චමං විමුත්තායතනං.
Sinhala BJT‘සෝතානුධතා ධම්මා’ යනු පළමුවන විමුත්තායතන යැ, ‘වචසා පරිචිතා’ යනු දෙවැනි තෙවැනි විමුත්තායතන යැ, ‘මනසානුපේක්ඛිතා’ යනු සතර වැනි විමුත්තායතන යැ. ‘දිට්ඨියා සුප්පටීවිද්ධා’ යනු පස්වැනි විමුත්තායතන යි.
Pali BJTසොතානුධතාය විමුත්තියා වචසා යා වාචා සුප්පටිවිද්ධා අනුපුබ්බධම්මස්ස සොතෙන සුත්වා සීලක්ඛන්ධෙ පරිපූරෙති, මනසා අනුපෙක්ඛිතා සමාධික්ඛන්ධං පරිපූරෙති, දිට්ඨියා සුප්පටිවිද්ධා පඤ්ඤාක්ඛන්ධං පරිපූරෙති.
Sinhala BJTශ්‍රැතයෙන් ධරන ලද විමුක්තිය පිළිබඳ යම් වචනයක් මැනැවින් අවබෝධ කරන ලද ද අනුපූර්‍වධර්‍මය කනින් අසා ශීලස්කන්‍ධය පුරයි, සිතින් විමසනලද්දාහු සමාධිස්කන්‍ධය පුරයි, නුවණින් අවබෝධ කරනලද්දාහු ප්‍රඥාස්කන්‍ධය පුරයි.
Pali BJT‘සොතානුධතා ධම්මා බහුස්සුතා හොන්තී’ති විත්ථාරෙන කාතබ්බං, ඉදං පඨමං සද්ධාපදානං. ‘මනසා අනුපෙක්ඛිතා’ති පටිසල්ලානබහුලො විහරති, විත්ථාරෙන කාතබ්බං. ඉදං දුතියං සද්ධාපදානං. ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ති අනාසවා චෙතොවිමුත්ති{8}, ‘නාපරං ඉත්ථත්තායා’ති පජානාතී’ති ඉදං තතියං සද්ධාපදානං.
Sinhala BJTශ්‍රැතයෙන් ධරනලද දහම් ඇත්තාහු බහුශ්‍රුත වෙත් යයි විස්තර කළයුතු යැ. මේ පළමුවන ශ්‍රද්ධාචරිතය යැ, ‘මනසා අනුපෙක්ඛිතා’ යනු විවේකය බහුල කොට ඇතියේ මෙසේ යයි විස්තර කළයුතු යැ. මේ දෙවැනි ශ්‍රද්ධාචරිතය යි. ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ යනු අනාස්‍රව චේතෝවිමුත්ති යැ, ‘නාපරං ඉත්‍ථත්තායාති පජානාති’ යනු මේ තෙවැනි ශ්‍රද්ධාචරිත යි.
Pali BJT‘සොතානුධතා ධම්මා’ති සෙඛං සත්ථා දස්සෙති. ‘මනසා අනුපෙක්ඛිතාති අරහන්තං{9} සත්ථා දස්සෙති. දිට්ඨියා සුප්පටිවිද්ධා’ති තථාගතං අරහන්තං සම්මාසම්බුද්ධං සත්ථා දස්සෙති.
Sinhala BJT‘සෝතානුධතා ධම්මා’ යි බුදුහු ශෛක්‍ෂපුද්ගලයා දක්වනසේක. ‘මනසා අනුපෙක්ඛිතා’ යි බුදුරජාණන් වහන්සේ රහත්හු දක්වන සේක, ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ යි බුදුහු තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්වනසේක.
Pali BJT‘සොතානුධතා ධම්මා’ති කාමානං නිස්සරණං දස්සෙති, මනසා අනුපෙක්ඛිතා’ති රූපධාතුයා නිස්සරණං දස්සෙති, ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ති තෙධාතුකානං නිස්සරණං දස්සෙති. අයං සුත්තත්ථො.
Sinhala BJT‘සෝතානුධතා ධම්මා’ යි කාමයන්ගේ නිස්සරණය දක්වනසේක, ‘මනසා අනුපෙක්ඛිතා’ යි රූපධාතුහුගේ නිස්සරණය දක්වති, ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ යි ත්‍රෛධාතුකයන්ගේ නිස්සරණය දක්වනසේක. මේ සූත්‍රාර්‍ත්‍ථ යි.
Pali BJT1. තත්ථ කතමො දෙසනාහාරො{1}: ඉමම්හි සුත්තෙ තයො එසනා දෙසිතා, සොතානුධතෙහි ධම්මෙහි චවසා පරිචිතෙහි කාමෙසනාය සමථමග්ගො. දිට්ඨියා සුප්පටිවිද්ධෙහි බුහ්මචරියෙසනාය සමථමග්ගො.
Sinhala BJT1. එහි දේසනාහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි තුන් ඒසනා දෙසනලද්දාහු යැ. ශ්‍රැතයෙන් ධරනලද වචනයෙන් පුහුණුකළ ධර්‍මයන්ගෙන් කාමේසනාවට සමථමාර්‍ගය වෙයි, නුවණින් මැනැවින් අවබෝධ කළ ධර්‍මයන්ගෙන් බ්‍රහ්මචරියේසනාවට සමථමාර්‍ගය වේ.
Pali BJT2. විචයොති යථා සුත්තං මනසිකරොන්තො විචිනන්තො සුතමයීපඤ්ඤං පටිලභති. යථා ච සො මනසිකරොතීති යථා සුතධම්මා තදා චින්තාමයී පඤ්ඤං පටිලභති. යථා දිට්ඨෙව ධම්මෙ මනසිකරොති තදා භාවනාමයී පඤ්ඤං පටි ලභති, අයං විචයො.
Sinhala BJT2. විචය යනු: සූත්‍රය වූ පරිදි මෙනෙහි කරනුයේ විමසනුයේ සුතමයී ප්‍රඥාව ලබයි. ‘යථා ච සො මනසිකරොති’ යනු: ඇසූ දහම් ඇතියේ මෙනෙහි කෙරේ ද? එකල්හි චින්තාමයී ප්‍රඥාව ලබයි, යම්සේ ඉහාත්මයෙහි මැ මෙනෙහි කෙරේ ද එකල්හි භාවනාමයි ප්‍රඥාව ලබයි. මේ විචයහාර යි.
Pali BJT3. සුතෙන සුතමයී පඤ්ඤං පටිලභති, චින්තාය චින්තාමයී පඤ්ඤං පටිලභති, භාවනාය භාවනාමයී පඤ්ඤං පටිලභති අත්ථි එසා යුත්ති.
Sinhala BJT3. ශ්‍රැතයෙන් සුතමයි ප්‍රඥාව ලබයි, චිත්තායෙන් චින්තාමයී ප්‍රඥාව ලබයි, භාවනායෙන් භාවනාමයි ප්‍රඥාව ලබයි, තෙල යුත්ති ඇත.
Pali BJT4. පදට්ඨානොති: සොතානුධතා ධම්මා’ති ධම්මසවනස්ස{2} පදට්ඨානං. ‘වචසා පරිචිතා’ති යුඤ්ජනාය පදට්ඨානං. ‘මනසා අනුපෙක්ඛිතා’ති{3} ධම්මානුධම්මාය විපස්සනාය පදට්ඨානං. දිට්ඨියා සුප්පටිවිද්ධා’ති පඤ්ඤායපි. (?) පදට්ඨානං.
Sinhala BJT4. පදට්ඨාන යනු: ‘සෝතානුධතා ධම්මා’ යනු ධර්‍මශ්‍රවණයට පදට්ඨාන යැ, ‘වචසා පරිචිතා’ යනු (යෝගයෙන්) යෙදීමට පදට්ඨාන යැ, ‘මනසා අනුපෙක්ඛිතා’ යනු ධම්මානුධම්මවිපස්සනාවට පදට්ඨාන යැ, ‘දිට්ඨියා සුපපටීවිද්ධා’ යනු ... ප්‍රඥාවට ද පදට්ඨාන යි.
Pali BJT5. (ලක්ඛණොති:) (එත්ථ ලක්ඛණහාරො පොත්ථකෙසු ඌනො විය දිස්සති)
Sinhala BJT5. (ලක්ඛණහාරය ගිලිහී ගොස් ඇත.)
Pali BJT6. චතුබ්යුහොති: ඉමම්හි සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ ඉමාහි ද්වීහි පඤ්ඤාහි සමන්නාගතා තෙ හි..... යන්ති නිය්යානිකං සාසනන්ති. අයං අධිප්පායො.
Sinhala BJT6. චතුබ්‍යුහ යනු: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් මේ දෙවැදෑරුම් ප්‍රඥායෙන් සමන්‍විත වූවාහු ද ඔහු ... ශාසනය නෛර්‍ය්‍යාණික යයි (නිෂ්ඨාවට?) යෙත්. මේ අධිප්‍රාය යි.
Pali BJT7. (ආවට්ටොති): අස්සවනෙනච අමනසිකාරෙන ච අප්පටිවෙධෙන ච සක්කායසමුදයගාමිනී පටිපදා වුත්තා. සවනෙන ච මනසිකාරෙන ච පටිවෙධෙන ච සක්කායනිරොධගාමිනී පටිපදා වුත්තා. අයං ආවට්ටො.
Sinhala BJT7. (ආවට්ට යනු:) අශ්‍රවණයෙන් ද අමනසිකාරයෙන් ද අප්‍රතිවේධයෙන් ද සත්කායසමුදයගාමිනී ප්‍රතිපදාව වදාරන ලදු. ශ්‍රවණයෙන් ද මනසිකාරයෙන් ද ප්‍රතිවේධයෙන් ද සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාව වදාරනලද්දී ය. මේ ආවට්ටහාර යි.
Pali BJT8. විභත්තීති: එකංසබ්යාකරණීයො. නත්ථි තත්ථ විභත්තියා භූමි.
Sinhala BJT8. ‘විභත්ති’ යනු: (මේ සූත්‍රය) ඒකංසව්‍යාකරණීය වෙයි. එහි විභත්තිහාරයට භූමි නැති.
Pali BJT9. පරිවත්තනොති: යෙ චත්තාරො ආනිසංසා{4} පඤ්චාදිනා පටිපක්ඛෙන (?) තෙනෙව දිට්ඨෙව ධම්මෙ පාපුණාති, තං උපපජ්ජමානා අපරො පරියායො (?)
Sinhala BJT9. ‘පරිවත්තන’ යනු: යම් සතර අනුසස්කෙනෙක් වදාරනලද්දාහු ද, (පඤ්චාදිනා ... අපරො පරියායො?)
Pali BJT10. වෙවචනන්ති: සොතානුධතා{5} ධම්මාති යං වුත්තං දිට්ඨිම්පි පඤ්ඤින්ද්රියං විඤ්ඤාතම්පි.{6} දිට්ඨියා සුප්පටිවිද්ධම්පි විභවිතම්පි?
Sinhala BJT10. ‘වෙවචන’ යනු: ‘සෝතානුධතා ධම්මා’ යි යමක් වදාරනලද ද දිට්ඨිය ද විඤ්ඤාතය ද පඤ්ඤින්‍ද්‍රිය යැ, ප්‍රඥායෙන් මැනැවින් අවබෝධ කරනලද්ද ද (විභාවිතම්පි?)
Pali BJT11. පඤ්ඤත්තිතී: සොතානුධතා{1} ධම්මාති දෙසනා අවිජ්ජා පඤ්ඤත්තියා පඤ්ඤත්තං, මනසිකාරො පාමොජ්ජපඤ්ඤත්තියා පඤ්ඤත්තො දිට්ඨධම්මාපි ආනිසංසපඤ්ඤත්තියා පඤ්ඤත්තා.
Sinhala BJT11. ‘පඤ්ඤත්ති’ යනු: ‘සෝතානුධතා ධම්මා’ යන දේශනාව අවිජ්ජාපඤ්ඤත්තියෙන් පනවන ලද, මනසිකාරය පාමොජ්ජපඤ්ඤත්තියෙන් පනවනලද, ඉහාත්මඵලය ආනිසංසපඤ්ඤත්තියෙන් පනවනලදි.
Pali BJT12. ඔතරණොති: තිස්සො පඤ්ඤා වචසා පරිචිතෙසු සුතමයීපඤ්ඤා, මනසා අනුපෙක්ඛිතෙසු චින්තාමයීපඤ්ඤා, දිට්ඨියා සුප්පටිවිද්ධෙසු භාවනාමයීපඤ්ඤා, ඉමානි අරියසච්චානි ඉන්ද්රියානි විජ්ජුප්පාදා අවිජ්ජානිරොධො පටිච්චසමුප්පාදො, ඉන්ද්රියෙසු තීණි ඉන්ද්රියානි, ආයතනෙසු ධම්මායතනපරියාපන්නා, ධාතුසු ධම්මධාතුපරියාපන්නාති.
Sinhala BJT12. ‘ඕතරණ’ යනු: තුන් ප්‍රඥායෙකි, වචනයෙන් පුහුණුකරන ලදුයෙහි සුතමයි ප්‍රඥාව යැ, සිතින් විමසන ලදුයෙහි චින්තාමයි ප්‍රඥාව යැ, නුවණින් ප්‍රතිවේධ කරනලදුයෙහි භාවනාමයි ප්‍රඥාව යි. මේ ආර්‍ය්‍ය සත්‍යයෝ ද ඉන්‍ද්‍රියයෝ ද වෙති, මාර්‍ගඥාන විද්‍යාව ඉපැදීමෙන් අවිද්‍යානිරෝධය වෙයි. පටිච්චසමුප්පාද යැ, ඉන්‍ද්‍රියයන් කෙරෙහි තුන් ඉන්‍ද්‍රිය කෙනෙක් වෙති, ආයතනයන් කෙරෙහි ධර්‍මායතනපර්‍ය්‍යාපන්න යැ, ධාතුන් කෙරෙහි ධර්‍මධාතුපර්‍ය්‍යාපන්න යි.
Pali BJT13. සොධනොති: ආරම්භො{2} සුත්තස්ස පවෙසො නියුත්තො.
Sinhala BJT13. ‘සෝධන’ යනු: සූත්‍රයාගේ ආරම්භය (පචෙසො?) යොදන ලදි.
Pali BJT14. අධිට්ඨානොති: චත්තාරො ආනිසංසාති{3} වෙමත්තතාය පඤ්ඤත්තා ආනිසංසා, සොතානුධතාති: වෙමත්තතාය අරියවොහාරො පඤ්ඤත්තො ධම්මෙ ච සවනන්ති එකත්තතාය පඤ්ඤත්තං.
Sinhala BJT14. ‘අධිට්ඨාන’ යනු: චත්තාරො ආනිසංසා’ යි අනුසස්හු වේමත්තතායෙන් පනවනලදහු යැ, ‘සෝතානුධතා’ යි වේමත්තතායෙන් ආර්‍ය්‍ය ව්‍යවහාරය පනවන ලද්දේ යැ, (ධම්මේ ච සවනන්ති?) එකත්තතායෙන් පනවනලදි.
Pali BJT15. පරික්ඛාරොති: ධම්මසවනස්ස{4} පයිරුපාසනා{5} පච්චයො, සද්ධා හෙතු. මනසා අනුපෙක්ඛනාති. අත්ථපටිසංවෙදිතා{6} පච්චයො, ධම්මපටිසංවෙදිතා හෙතු. දිට්ඨියා සුප්පටිවිද්ධාති: සද්ධම්මසවනං ච මනසිකාරො ච පච්චයො, සුතමයී චින්තාමයී පඤ්ඤා හෙතු.
Sinhala BJT15. ‘පරික්ඛාර’ යනු: ධර්‍මශ්‍රවණයට පයුරුපාසනය ප්‍රත්‍යය වෙයි, ශ්‍රද්ධාව හේතුයි. ‘මනසා අනුපෙක්ඛතා’ යනු: අර්‍ත්‍ථය දන්නාබව ප්‍රත්‍යය වෙයි, පාළිධර්‍මය දන්නාබව හේතු යි. ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ යනු සද්ධර්‍මශ්‍රවණය ද මනසිකාරය ද ප්‍රත්‍ය යැ, සුතමයි චින්තාමයි ප්‍රඥාව හේතු යි.
Pali BJT16. සමාරොපනොති: විභත්තං සුත්තං, අපරො පරියායො නිබ්බත්තිඵලෙ නත්ථි{7}. තත්ථ සමාරොපනාය භූමි.
Sinhala BJT16. ‘සමාරෝපන’ යනු: සූත්‍රය විභාග කරනලද, (නිබ්බත්තිඵලෙ?) එහි සමාරෝපනයට භූමි නැති.
Pali BJT7. 17.
Sinhala BJT7. 17.
Pali BJTතත්ථ කතමං වාසනාභාගියං ච නිබ්බෙධභාගියං ච සුත්තං:
Sinhala BJTඑහි වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍රය කවරෙ යැ:
Pali BJT“දදතො පුඤ්ඤං පවඩ්ඪතී”ති ගාථා{*} දදතොති: දානමයිකපුඤ්ඤකිරියවත්ථු වුත්තං. සංයමතො වෙරං න චීයති”ති: සීලමයිකපුඤ්ඤකිරියවත්ථු වුත්තං. “කුසලො ච ජහාති පාපක”න්ති: ලොභස්ස ච මොහස්ස ච බ්යාපාදස්ස ච පහානමාහ. “රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො”ති: ලොභස්ස ච මොහස්ස ච බ්යාපාදස්ස ච ඡන්දරාග විනයමාහාති.
Sinhala BJT‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යන (උදාන) ගාථාව යැ. ‘දදතො’ යි දානමය පුණ්‍ය ක්‍රියාවස්තුව කියන ලද, ‘සංයමතො වේරං න චීයති’ යි සීලමයපුණ්‍ය ක්‍රියාවස්තුව කියන ලද, ‘කුසලො ච ජහාති පාපකං’ යී ලෝභයාගේ ද මෝහයාගේ ද ව්‍යාපාදයාගේ ද ප්‍රහාණය වදාළහ. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි ලෝභයාගේ ද මෝහයාගේ ද ව්‍යාපාදයාගේ ද ඡන්‍දරාගවිනය වදාළහ යි.
Pali BJT“දදතො පුඤ්ඤං පවඩ්ඪතී”ති අලොභො කුසල මූලං භවති. ‘සංයමතො වෙරං න චීයතී’ති අදොසො කුසලමූලං භවති, ‘සංයමතො වෙරං න චියතී’ති අවෙරා අසපත්තා අබ්යාපාදතාය සදා, ‘කුසලො ච ජහාති පාපක’න්ති ඤාණුප්පාදා අඤ්ඤාණනිරොධො.
Sinhala BJT‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යි අලෝභකුශලමූලය වෙයි. ‘සංයමතො වේරං න චීයති’ යි අදෝසකුශලමූලය වෙයි. ‘සංයමතො වේරං න චීයති’ යි හැම කල්හි අව්‍යාපාදභාවයෙන් (පුද්ගල අකුශල) වෛර නැත්තාහු සතුරන් නැත්තාහු වෙති. ‘කුසලො ච ජහාති පාපකං’ යි ඥානෝත්පාදයෙන් අඥානනිරෝධය වෙයි.
Pali BJTස නිබ්බුතො’ති: මග්ගඵලං අනුපාදිසෙසං ච නිබ්බානධාතුං මන්තෙති. දානෙන ඔළාරිකානං කිලෙසානං පහානං මන්තෙති. සීලෙන මජ්ඣිමානං පඤ්ඤාය සුඛුමකිලෙසාං (පහානං) මන්තෙති. ‘රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති කතා ච භූමි.
Sinhala BJT‘ස නිබ්බුතො’ යි මාර්‍ගඵලය ද අනුපාදිසේසනිබ්බානධාතුව ද ප්‍රකාශ කෙරෙයි. දානයෙන් ඖදාරික ක්ලේශයන්ගේ ප්‍රහාණය වදාරයි, ශීලයෙන් මධ්‍යම ක්ලේශයන්ගේ ද ප්‍රඥායෙන් සියුම් ක්ලේශයන්ගේ ද ප්‍රහාණය වදාරති. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි (කතා ච භූමි?) තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත අර්‍හත්‍වභූමිය වදාරනසේක.
Pali BJT‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වෙරං න චීයති, කුසලො ච ජහාති පාපක’න්ති මග්ගො වුත්තො. ‘රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති මග්ගඵලමාහ.
Sinhala BJT‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති, කුසලො ච ජහාති පාපකං’ යි මාර්‍ගය වදාරන ලද්දේ ය, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි මාර්‍ගඵල වදාළහ.
Pali BJT‘දදතො පුඤ්ඤං පවඩ්ඪති, සංයමතො’ති තීහි පදෙහි ලොකිකං කුසලමූලං වුත්තං, රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති ලොකුත්තරං කුසලමූලං වුත්තං.
Sinhala BJT‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො’ යන තුන් පදයෙන් ලෞකික කුශලමූලය වදාරනලද, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’යි ලෝකෝත්තර කුශලමූලය වදාරනලදී.
Pali BJT‘දදතො පුඤ්ඤං පවඩ්ඪති - සංයමතො වෙරං න චීයතී’ති: පුථුජ්ජනභූමිං මන්තෙති. “කුසලො ච ජහාති පාපක”න්ති සෙඛභූමිං මන්තෙති. රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො”ති: අසෙඛභූමි වුත්තා{1}.
Sinhala BJT‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති’ යි පෘථග්ජනභූමිය පවසති, ‘කුසලො ච ජහාති පාපකං’ යි ශෛක්‍ෂභූමිය පවසති, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි අශෛක්‍ෂභූමිය වදාරනලද්දීය.
Pali BJT“දදතො පුඤ්ඤං පවඩ්ඪති - සංයමතො වෙරං න චීයතී”ති: මග්ගනියා පටිපදා වුත්තා. “කුසලො ච ජහාති පාපක”න්ති: සෙඛවිමුත්ති. “රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො”ති: අසෙඛවිමුත්ති.
Sinhala BJT‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති’ යි (මග්ගනියා?) මාර්‍ගයට හේතු වූ ප්‍රතිපත් වදාරන ලද්දීය. ‘කුසලො ච ජහාති පාපකං’ යි සේඛවිමුත්ති ද ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි අසෙඛවිමුත්ති ද වදාරනලදී.
Pali BJT“දදතො පුඤ්ඤං පවඩ්ඪති - සංයමතො වෙරං න චීයතී”ති: දානකථං සීලකථං සග්ග කථං{2} ලොකිකානං ධම්මානං දෙසනමාහ. “කුසලො ච ජහාති පාපක”න්ති: ලොකෙ ආදීනවානුපස්සනා. ‘රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති: සාමුක්කංසිකාය ධම්මදෙසනායපි පටිවිද්ධා.
Sinhala BJT‘දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වේරං න චීයති’ යි දානකථාව ද සීලකථාව ද සග්ගකථාව ද යන ලෞකික ධර්‍මදේශනාව වදාළහ. ‘කුසලො ච ජහාති පාපකං’ යි ලෝකයෙහි ආදීනවදර්‍ශනය ද ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි සාමුක්කංසික ධර්‍මදේශනාප්‍රතිවේධය ද වදාළහ.
Pali BJT‘දදතො පුඤ්ඤං පවඩ්ඪතී’ති: පාණානං අභයදානෙන පාණාතිපාතා වෙරමණියා සත්තානං{3} අභයං දෙති. එවං සබ්බානි සික්ඛාපදානි කාතබ්බානි ‘සංයමතො වෙරං න චීයතී’ති: සීලෙ පතිට්ඨාය චිත්තං සංයමෙති, තස්ස සංයමතො පාරිපූරිං ගච්ඡති. ‘රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති: ද්වෙ විමුත්තියො. අයං සුත්තසිද්දෙසො.
Sinhala BJT‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යි ප්‍රාණීන්ට අභයදානයෙන් ප්‍රාණවධයෙන් වෙන්වීමෙන් සත්‍වයන්ට අභයදානය කෙරෙයි, මෙසේ සියලු ශික්‍ෂාපද දැක්වියැයුතු. ‘සංයමතො වේරං න චීයති’ යි සීලයෙහි පිහිටා සිත සංයම කෙරෙයි, සංවර වූ ඔහුට (ශික්‍ෂාපද) පිරීමට යෙයි. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යි රාගවිරාග චේතෝවිමුත්තිය අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්තිය ද යන දෙවැදෑරුම් විමුක්තීහු වදාරනලද්දාහු වෙති. මේ සූත්‍රනිර්දේශ යි.
Pali BJT1. තත්ථ කතමා දෙසනා: ඉමම්හි සුත්තෙ කිං දෙසිතං: ද්වෙ සුගතියො දෙවා ච මනුස්සා ච දිබ්බා ච පඤ්චකාමගුණා මානුස්සකා ච. ද්වීහි පදෙහි නිද්දෙසො. ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති, සංයමතො වෙරං න චීයති, කුසලො ච ජහාති පාපක’න්ති මග්ගො වුත්තො. ‘රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති ද්වෙ නිබ්බානධාතුයො දෙසිතා සොපාදිසෙසා ච අනුපාදිසෙසා ච. අයං දෙසනා.
Sinhala BJT1. එහි ‘දේසනා’ කවරැ: මේ සූත්‍රයෙහි කුමක් දෙසනලද ද යත්: දිව්‍ය මනුෂ්‍ය යන දෙවැදෑරුම් සුගතීහු ද දිව්‍යපඤ්චකාමගුණයෝ ද මනුෂ්‍යපඤ්චකාමගුණයෝ ද දේශිත දෙපදයෙන් නිර්‍දෙශය වේ (?) ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති, සංසමතෝ වේරං න චීයති, කුසලො ච ජහාති ස නිබ්බුතො’ යි සෝපාදිසේස අනුපාදිසේස යන නිර්‍වාණධාතු දෙක දෙසනලදහ. මේ දේසනා යි.
Pali BJT2. විචයොති: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪතී’ති ඉමිනා පඨමෙන පදෙන දානමයිකපුඤ්ඤකිරියවත්ථු වුත්තං, තෙනස්ස ආනන්තරියානං කුසලානං ධම්මානං (උප්පාදො වුත්තො?) දුතියෙන පදෙන. ... {*} චතුත්ථෙන රාගදොසමොහක්ඛයෙන රාගවිරාගා චෙතොවිමුත්ති, මොහක්ඛයෙන අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති. අයං විචයො.
Sinhala BJT2. ‘විචය’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යන මේ පළමුවන පදයෙන් දානමය පුණ්‍යක්‍රියාවස්තුව වදාරනලද, එයින් ඔහුට ආනන්තරිය කුශලධර්‍මයන්ගේ (උත්පාදය වදාරන ලද,) දෙවැනි පදයෙන් ... සතරවැනි පදයෙන් රාගදෝසමෝහක්‍ෂයෙන් රාග විරාග චේතෝවිමුත්තිය ද මෝහක්‍ෂයෙන් අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්තිය ද වදාරනලද වෙයි. මේ විචයහාර යි.
Pali BJT3. යුත්තීති: දානෙ ඨිතො උභයං හි පරිපූරෙති. මච්ඡරියං ච පජහති, පුඤ්ඤං ච පවඩ්ඪති. අත්ථි එසා යුත්ති.
Sinhala BJT3. ‘යුත්ති’ යනු: දානයෙහි සිටියේ දෙකරුණ මැ සපුරාල යි: මසුරුබව ද දුරලයි. පින ද වඩයි. තෙල යුත්ති ඇති.
Pali BJT4. පදට්ඨානන්ති: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪතී’ති චාගාධිට්ඨානස්ස පදට්ඨානං. ‘සංයමතො වෙරං න චීයතී’ති පඤ්ඤාධිට්ඨානස්ස පදට්ඨානං. ‘කුසලො ච ජහාති පාපක’න්ති සච්චාධිට්ඨානස්ස පදට්ඨානං. ‘රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති උපසමාධිට්ඨානස්ස පදට්ඨානං. අයං පදට්ඨානො.
Sinhala BJT4. ‘පදට්ඨාන’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු: ත්‍යාගාධිෂ්ඨානයට පදට්ඨාන යැ. ‘සංයමතො වේරං න චීයති’ යනු ප්‍රඥාධිෂ්ඨානයට පදට්ඨාන යැ, ‘කුසලො ච ජහාති පාපකං’ යනු සත්‍යාධිෂ්ඨානයට පදට්ඨාන යැ, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු උපශමාධිෂ්ඨානයට පදට්ඨාන යැ, මේ පදට්ඨාන යි.
Pali BJT5. තත්ථ කතමො ලක්ඛණො: දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වෙරං න චීයති. දදතොපි වෙරං න කරීයති{1} කුසලො ච ජහාති පාපකං රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ රූපක්ඛයාපි වෙදනාක්ඛයාපි{2} යෙන රූපෙන දිට්ඨං, තෙන තථාගතො පඤ්ඤාපෙන්තො පඤ්ඤාපෙය්ය{3} රූපස්ස ඛයා විරාගනිරොධාති. එවං පඤ්චක්ඛන්ධා.
Sinhala BJT5. එහි ‘ලක්ඛණ’ කවරෙ යැ: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති, සංයමතො වේරං න චීයති’ දෙන්නහුට ද වෛර නො කරනුලැබෙයි, ‘කුසලො ච ජහාති පාපකං, රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යම් රූපයකින් දක්නාලද ද ඒ රූපක්‍ෂයෙන් ද වේදනාක්‍ෂයෙන් ද එයින් සත්ත්‍ව පනවනුයේ නම් ඒ රූපයාගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙනැයි මෙසේ පඤ්චස්කන්‍ධයෝ දැක්විය යුත්තාහ. (?)
Pali BJT6. චතුබ්යූහොති: ඉධ භගවතො කො අධිප්පායො: යෙ මහාභොගානං පත්ථයිස්සන්ති, තෙ දානං දස්සන්ති පරිස්සයපහානාය, යෙ අවෙරාභිච්ඡන්දකා, තෙ පඤ්ච වෙරානි පජහිස්සන්ති, යෙ කුසලාභිච්ඡන්දකා, තෙ අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සන්ති අට්ඨන්නං මිච්ඡත්තානං පහානාය, යෙ නිබ්බායිතුකාමා, තෙ රාගදොසමොහං පජහිස්සන්තීති අයං භගවතො අධිප්පායො.
Sinhala BJT6. ‘චතුබ්‍යුහ’ යනු: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේ අධිප්‍රාය කවරෙ යැ: යම් කෙනෙක් මහාභෝගයන් ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු ද ඔහු දන් දෙන්නාහු යැ, උපද්‍රව ප්‍රහාණය පිණිස යි. යම් කෙනෙක් අවෛර කැමැති වන්නාහු ද ඔහු පඤ්ච අකුශල වෛරයන් දුරලන්නාහු යැ, යම් කෙනෙක් කුශලච්ඡන්‍ද ඇත්තාහු ද ඔහු අෂ්ටමිච්ඡත්තයන් ප්‍රහාණය පිණිස අෂ්ටාංගික මාර්‍ගය වඩන්නාහු යැ, යම් කෙනෙක් පිරිනිවෙනු කැමැත්තාහු ද ඔහු රාග දෝස මෝහ දුරලන්නාහු යැ යන මේ භාග්‍යවතුන් වහන්සේ අදහසයි.
Pali BJT7. ආවට්ටොති: යං ච අදදතො මච්ඡරියං යං ච අසංයමතො වෙරං, යං ච අකුසලස්ස පාපස්ස අප්පහානං, අයං දුක්ඛනිද්දෙසො න සමුදයො. අලොභෙන ච අදොසෙන ච අමොහෙන ච කුසලෙන ඉමානි තීණි කුසලමූලා, තෙසං පච්චයො අට්ඨ සම්මත්තානි, අයං මග්ගො. තෙසං රාගදොසමොහානං ඛයා, අයං නිරොධො.
Sinhala BJT7. ‘ආවට්ට’ යනු: නො දෙන්නහුට යම් මාත්සර්‍ය්‍යයක් ඇද්ද, සංයම නැත්තහුට යම් වෛරයක් ඇද්ද, අකුශල වූ පාපයාගේ යම් අප්‍රහාණයක් ඇද්ද, මේ දුඃඛනිර්දේශ යැ, සමුදය නොවේ. අලෝභ අදෝස අමෝහකුසලයෙන් මේ තුන් කුශලමූලයෝ වෙති. අට්ඨසම්මත්තයෝ ඒ කුශලමූලයන්ට ප්‍රත්‍ය යැ. අට්ඨ සම්මත්තයෝ මාර්‍ග යැ, ඒ රාගදෝසමෝහයන්ගේ ක්‍ෂය වීම නිරෝධ යි.
Pali BJT8. විභත්තීති: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪතී’ති න එකංසෙන, යො රාජදණ්ඩභයෙන දෙති, යො ච අකප්පියස්ස පරිභොගෙන සීලවන්තෙසු දෙති, න තස්ස පුඤ්ඤං පවඩ්ඪතීති, සො චෙතං දානං අකුසලෙන දෙති. දණ්ඩදානං සත්ථදානං අපුඤ්ඤමයං පවඩ්ඪති, න පුඤ්ඤං. ‘සංයමතො වෙරං න චීයතී’ති න එකංසෙන කිං කාරණං: යං ච යො වධං{4} දිට්ඨධම්මිකං පස්සති, යදි මම රාජානො ගහෙත්වා හත්ථං වා ඡින්දෙය්යුං{5} -පෙ- න තෙන සංයමෙන වෙරං න කරොති. යො තු එවං සමාදියති: පාණාතිපාතස්ස පාපකො විපාකොති. දිට්ඨෙ යෙව ධම්මෙ අභිසම්පරායෙ ච එවං සබ්බස්ස අකුසලස්ස හෙතුතො ආරති. ඉමිනා සංයමෙන වෙරං න චීයති.
Sinhala BJT8. ‘විභත්ති’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු ඒකාන්තයෙන් නො වෙයි, යමෙක් රාජදණ්ඩභයින් දේද, යමෙකුත් අකප්පියපරිභෝගයෙන් සිල්වතුන් කෙරෙහි දේද ඔහුට පින් නො වැඩේ යයි. හෙ ද තෙල දානය අකුශල සිතින් දෙයි. දණ්ඩදානය ශස්ත්‍රදානය අකුශලය වඩයි. පින් නො වැඩෙයි, ‘සංයමතො වේරං න චීයති’ යනු ඒකාන්තයෙන් නොවෙයි, කරුණු කිම යත්: යමෙක් ඉහාත්මයෙහි යම් වධයක් දකී ද, ඉදින් රජවරුන් (සොරෙකැයි) ගෙන මාගේ අත හෝ සිඳුවන්නාහු යැ ... ඒ සංයමය හේතු කොට අකුශලවෛරය නො කරන්නේ නොවෙයි. යමෙක් වනාහි මෙසේ සමාදානය කෙරේ ද, ඉහාත්මයෙහි ද පරලොව දී ද, ප්‍රාණඝාතයාගේ ලාමක වූ විපාකය වන්නේයැ යි මෙසේ සියලු අකුශලයාගේ හේතුයෙන් වෙන්වෙයි. මේ සංයමය හේතුකොට වෛරය රැස් නොකෙරේය යි.
Pali BJT9. පරිවත්තනොති{6}: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪතී’ති: අදදතො පුඤ්ඤං න පවඩ්ඪති, යං දානමයං තං. ‘සංයමතො වෙරං න චීයතී’ති{7} අසංයමතො වෙරං කරීයති. කුසලො ච ජහාති පාපකං අකුසලො න ජහාති. ‘රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති: ... නිබ්බුතො, අසෙඛස්ස නත්ථි නිබ්බුති. (?)
Sinhala BJT9. ‘පරිවත්තන’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු නො දෙන්නහුට යම් දානමය පිනක් ඇද්ද ඒ පින නො වැඩෙයි. ‘සංයමතො වේරං න චීයති’ යනු සංයම නැතියහුට වෛරය කෙරෙයි. ‘කුසලො ච ජහාති පාපකං’ යනු: ප්‍රඥා රහිත වූයේ (පව්කම්) නො හරී. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු: නිවියේ වෙයි. (අසේඛස්ස නත්‍ථි නිබ්බුති?)
Pali BJT[අම්හෙහි ගන්ත්වාපි න භගවා ආනීතො, දූතං පෙසෙත්වාපි න පක්කොසාපිතො, සයමෙව පන මහාභික්ඛුසඞ්ඝපරිවාරො අම්හාකං වසනට්ඨානං සම්පත්තො, අම්හෙහි ච සන්ථාගාරසාලා කාරිතා, එත්ථ මයං දසබලං ආනෙත්වා මඞ්ගලං භණාපෙමාති චින්තෙත්වා උපසංකමිංසු. ‘යෙන සන්ථාගාරං තෙනුපසංකමිංසූ’ති තං දිවසං කිර සන්ථාගාරෙ චිත්තකම්මං නිට්ඨාපෙත්වා අට්ටකා මුත්තමත්තා හොන්ති. බුද්ධා නාම අරඤ්ඤජ්ඣාසයා අරඤ්ඤාරාමා අන්තොගාමෙ වසෙය්යුං වා නො වා’ති, තස්මා භගවතො මනං ජානිත්වා ච පටිජග්ගිස්සාමාති චින්තෙවා තෙ භගවන්තං උපසංකමිංසු. ඉදානි පන මනං ලභිත්වා පටිජග්ගිතුකාමා යෙන සන්ථාගාරං තෙනුපසඞ්කමිංසු.
Sinhala BJTඅප විසින් බුදුහු සමීපයට ගොස් නො පවරනලද්දාහු වෙති. දූතයකු යවාත් නො කැඳවන ලද්දාහු වෙති, යළි තමන් වහන්සේ මැ මහාභික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරනලද්දාහු අප වාසය කරන තැනට වැඩියාහු වෙත්. අප විසිනුදු සන්‍ථාගාරශාලාව කරවන ලදු. අපි මෙහි දසබලයන් වහන්සේ වැඩමවා මංගල දෙසවම්හ’ යි සිතා බුදුරදුන් වෙත එළැඹියාහු යැ. ‘යෙන සන්‍ථාගාරං තෙනුපසංකමිංසු’ යනු එදවස වැලිත් සන්‍ථාගාරයෙහි සිත්තම් නිමවා අටලු මුදාහළමතු වෙත්. බුදුවරයෝ නම් අරණෙහි වසන සිත් ඇත්තාහු අරණෙහි ඇලුණාහු වෙති, ඇතුළුගමැ වසන්නාහු හෝ නො වසන්නාහු හෝ යයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනැගෙන මැ පිළිදැගුම් කරම්හ යි සිතා ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණාහ. දැන් වූ කලී සිත් ලබාගෙනැ පිළිදැගුම් කරනු කැමැත්තාහු සන්‍ථාගාරය වෙත එළැඹියාහු යැ.
Pali BJTසබ්බසත්ථරි’න්ති යථා සබ්බං සන්ථතං හොති එවං, යෙන භගවා තෙනුපසඞ්කමිංසූ’ති එත්ථ පන තෙ මල්ලරාජානො සන්ථාගාරං පටීජග්ගිත්වා නගරවීථියො’පි සම්මජ්ජාපෙත්වා ධජෙ උස්සාපෙත්වා ගෙහද්වාරෙ පුණ්ණඝටෙ ච{1} කදලියො ච ඨපාපෙත්වා සකලනගරං දීපමාලාහි විප්පකිණ්ණතාරකං විය කත්වා ‘ඛීරපකෙ ඛීරං පායෙථ, දහරකුමාරෙ{2} ලහුං ලහුං භොජෙත්වා සයාපෙථ, උච්චාසද්දං මා කරිත්ථ{3} අජ්ජ එකරත්තිං සත්ථා අන්තොගාමෙ{4} වසිස්සති, බුද්ධා නාම අප්පසද්දකාමා හොන්තී’ති භෙරිං චරාපෙත්වා සයං දණ්ඩකදීපිකා ආදාය යෙන භගවා තෙනුපසඞ්කමිංසු.
Sinhala BJT‘සබ්බසන්‍ථරිං’ යනු: යම්සේ අතුරන ලද වේද එසෙයින් අතුරා ‘යෙන භගවා තෙනුපසඞ්කමිංසු’ යනු: මෙහි වනාහි ඒ මල්ලරජදරුවෝ සන්‍ථාගාරය පිළිජැගැ නුවර විථී න් ද හමදවා දද නඟවා ගෙදොරෙහි පුන්කලස ද කෙහෙල් ද තබවා සියලු නුවර පහන් පෙළින් විසුරුණු තරු ඇතිකලක් මෙන් කරවා ‘කිරි බොන ළදරුවන් කිරි පොවවු, දහර කුමරුන් වහවහා වළඳවා නිදිගන්වවු. උස්හඬ නහමක් කරවු. ශාස්තෲන් වහන්සේ අද එක් රැයක් ඇතුළුගමැ වසන්නාහ. බුදුවරු නම් නිහඬ රිසි වන්නාහ’ යි බෙර හසුරුවා තුමූ දඬුවැටපහන් ගෙන බුදුන් කරා එළැඹියහ.
Pali BJT‘භගවන්තං යෙව පුරක්ඛත්වා’ති භගවන්තං පුරතො කත්වා, තත්ථ භගවා භික්ඛූනං චෙව උපාසකානං ච මජ්ඣෙ නිසින්නො අතිවිය විරොචති සමන්තපාසාදිකො සුවණ්ණවණ්ණො අභිරූපො දස්සනීයො. පුරත්ථිමකායතො සුවණ්ණවණ්ණාරස්මි උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං{5} ගණ්හාති, පච්ඡිමකායතො දක්ඛිණහත්ථතො වාමහත්ථතො සුවණ්ණවණ්ණා රස්මිඋට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං ගණ්හාති, [උපරි කෙසන්තතො පට්ඨාය සබ්බකෙසාමන්තෙහි මොරගීවවණ්ණරස්මි උට්ඨහිත්වා ගගනතලෙ අසීතිහත්ථට්ඨානං ගණ්හාති]හෙට්ඨා පාදතලෙහි පවාළවණ්ණරස්මි උට්ඨහිත්වා ඝනපඨවිං{6} අසීතිහත්ථට්ඨානං ගණ්හාති, එවං සමන්තා අසීතිහත්ථමත්තට්ඨානං ඡබ්බණ්ණබුද්ධරස්මියො විජ්ජොතමානා පිප්ඵන්දමානා{7} විධාවන්ති සබ්බෙ දිසාභාගා සුවණ්ණචම්පකපුප්ඵෙහි විකිරියමානා විය. සුවණ්ණඝටතො නික්ඛන්ත සුවණ්ණරසධාරාහි සිඤ්චමානා විය පසාරිකසුවණ්ණපටපරික්ඛිත්තා විය වෙරම්බවාතසමුද්ධුත{8} කිංසුකකණිකාර{9}පුප්ඵචුණ්ණසමාකිණ්ණා{10} විය විප්පකාසන්ති{11}
Sinhala BJT‘භගවන්තං යෙව පුරක්ඛත්‍වා’ යනු: බුදුන් පෙරටු කොට, එහි භාග්‍යවත්හු භික්‍ෂූන්ගේ ද උපාසකයන්ගේ ද මධ්‍යයෙහි වැඩහුන්නාහු හාත්පසින් ප්‍රසාද එළවන්නාහු රන්වන්ව අභිරූපව දර්‍ශනීය වූවාහු අතිශයින් බබළන සේක. පූර්‍වශරීරයෙන් රන්වන් රස් නැඟී අහස්තෙලෙහි අසූරියන් තැන් ගනී. පශ්චිමශරීරයෙන් දක්‍ෂිණහස්තයෙන් වාමහස්තයෙන් රන්වන් රස් නැඟී අසූරියන් තැන් ගනී. මතු කේශාන්තයෙහි පටන් සියලු කේශාවර්‍තයන්ගෙන් මොණරගෙල පැහැති රස් නැඟී අහස්තෙලෙහි අසූරියන් තැන් ගනී. යට පාදතලයෙන් පබළුවන් රස් නැඟී බොල්පොළොව අසූරියන් තැන් ගනී, මෙසේ හාත්පසින් අසූරියන් පමණ තැන් සවනක් බුදුරස්හු දිලෙමින් ලෙලෙමින් දිවෙත්. සියලු දික්හු රන්සපුමල් විසුරුවන කලක් මෙන් රන්කලසින් නික්මුණු රන්රසධාරා ඉසින කලක් මෙන් විදහාලූ රන්පිළියෙන් පිරිකෙව්කළ කලක් මෙන් වේරම්බවාතයෙන් නගන ලද කෑල කිණිහිරි මල්රොන් ගැවැසුණු කලක් මෙන් දිලියෙත්.
Pali BJTභගවතො’පි අසීතිඅනුබ්යඤ්ජනබ්යාමප්පභාද්වත්තිංසවරලක්ඛණසමුජ්ජලං සරීරං සමුග්ගතතාරකං විය ගගනතලං විකසිතමිව පදුමවනං සබ්බඵාලිඵුල්ලො විය යොජනසතිකො පාරිච්ඡත්තකො පටිපාටියා ඨපිතානං ද්වත්තිංසචන්දානං ද්වත්තිංසසුරියානං ද්වත්තිංසචක්කවත්තීනං ද්වත්තිංසදෙවරාජානං ද්වත්තිංසමහාබ්රාහ්මණං [සිරියා සිරිං අභිභවමානං විය විරොචති පරිවාරෙත්වා නිසින්නභික්ඛූපි සබ්බෙව අප්පිච්ඡා සන්තුට්ඨා පවිවිත්තා අසංසට්ඨා ආරද්ධවිරියා චත්තාරො වචනක්ඛමා චොදකා පාපගරහිනො සීලසම්පන්නා සමාධිසම්පන්නා -පෙ-] (සඞ්ගිතිසුත්තවණ්ණනා.{*})
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේගේ ද අසූ අනූව්‍යඤ්ජනයෙන් ව්‍යාමප්‍රභායෙන් දෙතිස් වරපුරුෂලක්‍ෂණයෙන් සමුජ්වලිත වූ ශරීරය සමුද්ගත තාරකා ඇති ආකාශතලය සෙයින් විකසිත වූ පියුම්වනයක් සෙයින් මුල සිට අග දක්වා පිපුණු සියක්යොදුන් පරසතුරුක සෙයින් පිළිවෙළින් තබන ලද දෙතිස් චන්‍ද්‍රකෙනකුන්ගේ දෙතිස් සූර්‍ය්‍යකෙනකුන්ගේ දෙතිස් සක්විතිකෙනකුන්ගේ දෙතිස් දිව්‍යරාජකෙනකුන්ගේ දෙතිස් මහාබ්‍රහ්මකෙනකුන්ගේ සෝභාව තමන් වහන්සේගේ සොභායෙන් අභිභවනය කරන කලක් මෙන් බබළා. පිරිවරා වැඩහුන් වහන්දැ ද සියල්ලෝ මැ අල්පේච්ඡ වූවාහු සන්තුෂ්ට වූවාහු ප්‍රවිවික්ත වූවාහු (කුලයා කෙරෙහි ගණයා කෙරෙහි) අසංසෘෂ්ට වූවාහු ආරබ්ධවීර්‍ය්‍ය වූවාහු වක්තෘ වූවාහු වචනක්‍ෂම වූවාහු චෝදක වූවාහු පාපගර්හී වූවාහු ශීලසම්පන්න සමාධිසම්පන්න වූවාහු වෙති ... සංගිති සූත්‍රවර්‍ණනා යි.
Pali BJTනිබ්බුතො අසෙඛස්ස නත්ථි නිබ්බුති. (?)
Sinhala BJT__[missing trans]__
Pali BJT10. වෙවචනොති{1}: දදතො පුඤ්ඤං පවඩ්ඪති, අනුමොදතොපි පුඤ්ඤං පවඩ්ඪති. චිත්තස්ස සමාදහතොපි වෙය්යාවච්චකිරිසායපි පුඤ්ඤං පවඩ්ඪතීති.
Sinhala BJT10. ‘වෙවචන’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ අනුමෝදන් වන්නහුට ද පින් වැඩෙයි, සිත පිහිටුවන්නහුට ද වතාවත් කිරීමෙනුදු පින් වැඩේ යයි.
Pali BJT11. පඤ්ඤත්තීති: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪතී’ති අලොභස්ස පටිනිස්සයඝාතපඤ්ඤත්තියා පඤ්ඤත්තං. ‘සංයමතො වෙරං න චීයතී’ති අදොසස්ස පටිනිස්සයඝාතපඤ්ඤත්තියා පඤ්ඤත්තං. කුසලො ච ජහාති පාපක’න්ති අමොහස්ස පටිනිස්සයඝාතපඤ්ඤත්තියා පඤ්ඤත්තං.
Sinhala BJT11. ‘පඤ්ඤත්ති’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු අලෝභයට විරුද්ධ නිශ්‍රයඝාත ප්‍රඥප්තියෙන් පනවන ලද, ‘සංයමතො වේරං න චීයති’ යනු අදෝසයට විරුද්ධ හේතුඝාතප්‍රඥප්තියෙන් පනවනලද, ‘කුසලො ච ජහාති පාපකං’ යනු අමෝහයට විරුද්ධ හේතුන්ගේ විඝාතප්‍රඥප්තියෙන් පනවන ලදි.
Pali BJT12. ඔතරණොති: පඤ්චසු ඉන්ද්රියෙසු දදතො පුඤ්ඤං පවඩ්ඪති. සංයමතො වෙරං න චීයති, සංයමෙන සීලක්ඛන්ධො ඔතිණ්ණො, ඡසු ඉන්ද්රියෙසු සංවරො, අයං සමාධික්ඛන්ධො. යං කුසලො ච ජහාති පාපකං අයං පඤ්ඤාක්ඛන්ධො. රාගදොසමොහක්ඛයා ස නිබ්බුතොති විමුත්තික්ඛන්ධො. ධාතුසු ධම්මධාතු, ආයතනෙසු මනායතනං.
Sinhala BJT12. ‘ඕතරණ’ යනු: පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙහි දෙන්නහුට පින් වැඩෙයි, සංයමයෙන් වෛරය නො කෙරෙයි, සංයමයෙන් ශීලස්කන්‍ධය අවතීර්‍ණ යැ, (චක්‍ෂුරාදි) ෂඩ්ඉන්‍ද්‍රියන්හි සංවරය වෙයි, මේ සමාධිස්කන්‍ධ යැ, දක්‍ෂ වූයේ පව් දුරලයි යන යමක් ඇද්ද මේ ප්‍රඥාස්කන්‍ධ යැ, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු විමුක්තිස්කන්‍ධ යැ, ධාතුන් කෙරෙහි ධර්‍මධාතු යැ, ආයතනයන් කෙරෙහි මනායතන යි.
Pali BJT13. සොධනොති: යෙනාරම්භෙන ඉදං සුත්තං දෙසිතං, සො ආරම්භො සුද්ධො.
Sinhala BJT13. ‘සෝධන’ යනු: යම් ආරම්භයෙකින් මේ සූත්‍රය දෙන ලද ද, ඒ ආරම්භය ශුද්ධ යි.
Pali BJT14. අධිට්ඨානොති: දානන්ති එකත්තතාය{2} පඤ්ඤත්තං. චාගො පරිච්චාගො ධම්මදානං ආමිසදානං අට්ඨ දානානි විත්ථාරෙන කාතබ්බානි, අයං වෙමත්තතා. න ච දදතො එකත්තපඤ්ඤත්තියා පඤ්ඤත්තං ඛන්තී අනවජ්ජන්ති{3} පඤ්ඤත්තියා පඤ්ඤත්තං. ‘රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති රොධ{4}විරියපඤ්ඤත්තියා පඤ්ඤත්තා.
Sinhala BJT14. ‘අධිට්ඨාන’ යනු: ‘දාන’ යනු ඒකත්තතායෙන් පනවන ලද, චාග පරිච්චාග ධම්මදාන ආමිසදාන යැ, අටවැදෑරුම් දානයෝ විස්තර කළයුත්තාහු යැ, මේ වේමත්තතා යි. ‘දදතො’ යනු ඒකත්‍වප්‍රඥප්තියෙන් නො ද පනවනලද, ඛන්තිය අනවද්‍යප්‍රඥප්තියෙන් පනවනලද, ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු රෝධ (?) විරියපඤ්ඤත්තියෙන් පනවන ලදහු යි.
Pali BJT15. පරික්ඛාරොති: දානස්ස පාමොජ්ජං පච්චයො, අලොභො හෙතු. සංයමතො යොනිසොමනසිකාරො හෙතු, පරිච්චාගො පච්චයො. ‘කුසලො ච ජහාති පාපක’න්ති යථාභූතදස්සනං පච්චයො, ඤාණපටිලාභො{5} හෙතු. ‘රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති පරතො ච ඝොසො අජ්ඣත්තං ච යොනිසො මනසිකාරො ධම්මො ච හෙතු ච පච්චයො ච.
Sinhala BJT15. ‘පරික්ඛාර’ යනු: දානයට ප්‍රාමෝද්‍යය ප්‍රත්‍ය යැ, අලෝභය හේතු යි. සංයමයට යෝනිසෝමනස්කාර හේතු යැ, පරිත්‍යාගය ප්‍රත්‍යයයි. ‘කුසලො ච ජහාති පාපකං’ යනු යථාභූතඥානදර්‍ශනය ප්‍රත්‍ය යැ, ඥානප්‍රතිලාභය හේතු යි. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි යෝනිසෝමනස්කාර ද හේතු ද ප්‍රත්‍යය ද වේ.
Pali BJT16. සමාරොපනොති: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪතී’ති ගාථා තස්ස සීලම්පි වඩ්ඪති, සංයමො’පි වඩ්ඪති. ‘සංයමතො වෙරං න චීයතී’ති අඤ්ඤෙපි කිලෙසා න චීයන්ති, යෙපිස්ස තප්පච්චයා උප්පජ්ජෙය්යුං ආසවා විඝාතා, තෙපිස්ස න උප්පජ්ජන්ති. ‘රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො’ති රාගදොසස්සාපි ඛයා රාගානුසයස්සා’පි ඛයා දොසස්ස මොහස්සාපි, ‘ස නිබ්බුතො’ති සොපාදිසෙසා නිබ්බානධාතු අනුපාදිසෙසාපි. අයං සමාරොපනො.
Sinhala BJT16. ‘සමාරෝපන’ යනු: ‘දදතො පුඤ්ඤං පවඩ්ඪති’ යනු ඔහුට සීලය ද වැඩෙයි, සංයමය ද වැඩෙයි. ‘සංයමතො වේරං න චීයති’ යනු අන්‍ය ක්ලේශයෝ ද නූපදිති, ඒ හේතුයෙන් ඔහුට උපද්‍රව උපදවන යම් ආස්‍රව කෙනෙකුත් උපදනාහු නම් ඒ ආස්‍රවයෝ ද ඔහුට නූපදිත්. ‘රාගදෝසමෝහක්ඛයා ස නිබ්බුතො’ යනු රාගදෝසයන්ගේ ක්‍ෂය වීමෙන් ද රාගානුසයාගේ ක්‍ෂය වීමෙන් ද දෝසයාගේ හා මෝහයාගේ ක්‍ෂය වීමෙන් ද, ‘ස නිබ්බුතො’ යනු සෝපාදිසේසනිබ්බානධාතුව ද අනුපාදිසේසනිබ්බානධාතුව ද වේ. මේ සමාරෝපන යි.
Pali BJTථෙරස්ස මහාකච්චායනස්ස පෙටකොපදෙසෙ
Sinhala BJTමහාකච්චායන ස්ථවිරයන් වහන්සේගේ පෙටකෝපදේසයෙහි
Pali BJTහාරස්ස සම්පාතභූමි සමත්තා.
Sinhala BJTහාරසම්පාත භූමිය සමාප්තයි.
Pali BJT8. අට්ඨම භූමි - සුත්තවෙභඞ්ගියං
Sinhala BJT8. අෂ්ටම භූමි - සූත්‍රවිභඞ්ගය
Pali BJTපුබ්බාකොටි න පඤ්ඤායති අවිජ්ජාය ච භවතණ්හාය ච. තත්ථ අවිජ්ජානීවරණං තණ්හාසංයොජනානං සත්තානං පුබ්බාකොටි න පඤ්ඤායති. තත්ථ යෙ සත්තා තණ්හාසංයොජනා තෙ අජ්ඣොසානබහුලා මන්දවිපස්සකා යෙ පන උස්සන්නදිට්ඨිකා සත්තා, තෙ විපස්සනා බහුලා. මන්දජ්ඣොසානා.
Sinhala BJTඅවිද්‍යාවගේ ද භවතෘෂ්ණාවගේ ද පූර්‍වාන්තය නො පැනෙයි. එහි අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාසංයෝජන ඇති සත්‍වයන්ගේ පූර්‍වාන්තය නො පැනෙයි, එහි යම් සත්‍වකෙනෙක් තෘෂ්ණසංයෝජන ඇත්තාහු ද ඔහු ගැලීසිටීම බහුල කොට ඇත්තාහු මද වූ විදර්‍ශනා ඇත්තාහු යැ. යළි උත්සන්න වූ දෘෂ්ටි ඇති යම් සත්‍වකෙනෙක් ඇද්ද ඔහු විදර්‍ශනා බහුල කොට ඇත්තාහු අල්ප වූ ගැලීසිටීම ඇත්තාහු වෙත්.
Pali BJT1. තත්ථ කණ්හාචරිතා සත්තා සත්තසඤ්ඤාභිනිවිට්ඨා අනුප්පාදවයදස්සිනො. තෙ පඤ්චසු ඛන්ධෙසු අත්තානං සමනුපස්සන්ති: “රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තාන”න්ති. එවං පඤ්චක්ඛන්ධා. අඤ්ඤෙහි ඛන්ධෙහි අත්තානං සමනුපස්සන්ති, තත්ථ{1} උස්සන්නදිට්ඨිකා සත්තා විපස්සමානා ඛන්ධෙ උජුං අත්තතො සමනුපස්සන්ති. තෙ රූපං අත්තතො සමනුපස්සන්ති. යං රූපං, සො අත්තා, යො අහං, තං රූපං. සො රූපවිනාසං පස්සති, අයං උච්ඡෙදවාදී, ඉති පඤ්චන්නං ඛන්ධානං පඨමාභිනිපාතා සක්කායදිට්ඨියො පඤ්ච උච්ඡෙදං භජන්ති.
Sinhala BJT1. එහි තෘෂ්ණචරිත ඇති සත්‍වසංඥායෙහි බැසගත්තාහු උත්පාදව්‍යය නො දක්නාහු වෙති, ඔහු පඤ්චස්කන්‍ධයෙහි ආත්මය ඇතැයි දකිති, ආත්මය රූපවත් යයි හෝ, ආත්ම යෙහි රූපය ඇතැයි හෝ, රූපයෙහි ආත්මය ඇතැයි හෝ යි. මෙසේ පඤ්චස්කන්‍ධයෝ (කියැයුත්තාහ.) අන්‍යස්කන්‍ධයන්ගෙන් ආත්මය දකිත්. එහි උත්සන්න වූ දෘෂ්ටි ඇති සත්‍වයෝ විමසන්නාහු ස්කන්‍ධයන් ඍජුව ආත්මවශයෙන් දකිත්. ඔහු රූපය ආත්ම විසින් දකිත්. ‘යම් රූපයක් ඇද්ද හේ ආත්ම යැ, යමෙක් මම වෙම් ද ඒ රූප යැ, හෙතෙම රූපයාගේ විනාශය දකී. මේ උච්ජේදවාදී යැ. මෙසේ පඤ්චස්කන්‍ධයන්ගේ ප්‍රථමාභි නිපාතයෙන් සත්කායදෘෂ්ටිහු පස්දෙනෙක් උච්ඡේදය භජනය කෙරෙත්.
Pali BJTතං ජීවං තං සරීරන්ති, එකමෙකම්හි ඛන්ධෙ තීහි පදෙහි පච්ඡීමඛෙහි සස්සතං භජති. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති. ඉතො බහිද්ධා තෙ පබ්බජිතා තණ්හාචරිතා කාමසුඛල්ලිකානුයොගමනුයුත්තා විහරන්ති, තෙන යෙව{2} නිස්සන්දෙන. දිට්ඨිචරිතා අත්තකිලමථානුයොගමනුයුත්තා විහරන්ති, තෙන යෙව දිට්ඨිසුඛෙන එත්තාවතා බාහිරකො පයොගො.
Sinhala BJTඑය ජීව යැ එය ශරීරයැ’ යි එක් එක් ස්කන්‍ධයෙහි පශ්චිම වූ තුන් පදයෙන් ශාස්වතය භජනය කෙරෙයි. ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි. මේ ශාසනයෙන් බැහැර වූ ඒ පැවිද්දෝ තෂ්ණාචරිත ඇත්තාහු ඒ හේතුයෙන් ම කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදී වෙසෙත්. දෘෂ්ටිචරිත ඇත්තාහු ඒ දෘෂ්ටිසුඛයෙන් ම අත්තකිලමථානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙත්. මෙතෙකින් බාහිර වූ ප්‍රයෝගය වේ.
Pali BJTතත්ථ දිට්ඨිචරිතා සත්තා යෙ අරියංධම්මවිනයං{3} ඔතරන්ති, තෙ ධම්මානුසාරිනො හොන්ති, යෙ තණ්හාචරිතා සත්තා අරියං ධම්මවිනයං ඔතරන්ති, තෙ සද්ධානුසාරිනො හොන්ති.
Sinhala BJTඑහි යම් දෘෂ්ටීචරිත ඇති සත්‍වකෙනෙක් ආර්‍ය්‍යධර්‍මවිනයට බැසගනිත් ද ඔහු ධම්මානුසාරී වෙති, යම් තෘෂ්ණචරිත ඇති සත්‍වකෙනෙක් ආර්‍ය්‍යශාසනයට බැසගනිත් ද ඔහු සද්ධානුසාරී වෙත්.
Pali BJTතත්ථ යෙ දිට්ඨිචරිතා, තෙ කාමෙසු දොසදිට්ඨි, න ච යෙ කාමෙසු අනුසයා සමූහතා, තෙ අත්තකිලමථානුයොගමනුයුත්තා විහරන්ති. තෙසං සත්ථා ධම්මං දෙසෙති, අඤ්ඤෙ වා සාවකො කාමෙහි නත්ථි අත්ථොති තෙ ච පුබ්බෙයෙව කාමෙහි අනත්ථිකා, ඉති කාමෙ අප්පකසිරෙන පටිනිස්සජන්ති{4} තෙ චෙතසිකෙන දුක්ඛෙන අනජ්ඣොසිතා. තෙන වුච්චති, සුඛා පටිපදා’ති යෙ පන තණ්හාචරිතා සත්තා, තෙ කාමෙසු අජ්ඣොසිතා, තෙසං සත්ථා වා ධම්මං දෙසෙති, අඤ්ඤතරො වා භික්ඛු, කාමෙහි නත්ථි අත්ථො’ති. තෙ පියරූපං දුක්ඛෙන පටිනිස්සජන්ති{4}, තෙන වුච්චති දුක්ඛා පටිපදා’ති ඉති ඉමෙ සබ්බසත්තා ද්වීසු පටිපදාසු සමොසරණං ගච්ඡන්ති දුක්ඛායං ච සුඛායං ච.
Sinhala BJTඑහි යම් දිට්ඨිචරිත සත්‍වකෙනෙක් ඇද්ද ඔහු කාමයන්හි දෝස දක්නාහුයැ, යම් කෙනෙක් කාමයන්හි අනුශය නො ද නසනලද්දාහු ද ඔහු අත්තකිලමථානුයෝගයෙහි යෙදී වෙසෙති. ඔවුන්ට ශාස්තෲන් වහන්සේ හෝ අන්‍ය ශ්‍රාවකයෙක් හෝ ‘කාමයන්ගෙන් අර්‍ත්‍ථයෙක් නැතැ’ යි දහම් දෙසති, ඔහුදු පෙර මැ කාමයන් නොරිසි වූවාහු යැ, එහෙයින් නිදුකින් කාමයන් දුරු කෙරෙති, ඔහු චෛතසික දුකින් නො මඩනාලද්දාහු යැ. එහෙයින් ‘සුඛා පටිපදා’ යී කියනුලැබේ. වැලි යම් තණ්හාචරිත සත්‍ව කෙනෙක් ඇද්ද ඔහු කාමයන්හි බැසගත්තාහු යැ. ඔවුනට ශාස්තෲන් වහන්සේ හෝ අන් පැවිදිකෙනෙක් හෝ ‘කාමයන් ගෙන් අර්‍ත්‍ථ නැතැ’ යි දහම් දෙසති. ඔහු ප්‍රියස්වභාව වස්තුව දුකසේ දුරලති, එයින් ‘දුක්ඛා පටිපදා’ යි කියනු ලැබේ. මෙසේ මේ සියලු සත්‍වයෝ දුඃඛ වූ සුඛ වූ දෙවැදෑරුම් ප්‍රතිපදාවන්හි සමෝසරණයට යෙත්.
Pali BJTතත්ථ යෙ දිට්ඨිචරිතා සත්තා, තෙ ද්විධා: මුදින්ද්රියා ච තික්ඛින්ද්රියා ච. තත්ථ යෙ දිට්ඨිචරිතා සත්තා තික්ඛින්ද්රියා සුඛෙන පටිනිස්සජන්ති. ඛිප්පං ච අභිසමෙන්ති, තෙ වුච්චති ඛිප්පාභිඤ්ඤා සුඛා පටිපදා’ති, තත්ථ යෙ දිට්ඨිචරිතා සත්තා මුදින්ද්රියා පඨමං තික්ඛින්ද්රියං උපාදාය දන්ධතරං අභිසමෙන්ති, තෙ සුඛෙන පටිනිස්සජන්ති, දන්ධං ච අභිසමෙන්ති. තෙන වුච්චති සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා’ති. තත්ථ තණ්හාචරිතා සත්තා ද්විධා: තික්ඛින්ද්රියා ච මුදින්ද්රියා ච. තත්ථ යෙ තණ්හාචරිතා සත්තා තික්ඛින්ද්රියා දුක්ඛෙන පටිනිස්සජන්ති, ඛිප්පං ච අභිසමෙන්ති. තෙන වුච්චති. දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා’ති. තත්ථ යෙ තණ්හාචරිතා සත්තා මුදින්ද්රියා පඨමං තික්ඛින්ද්රියං උපාදාය දන්ධතරං අභිසමෙන්ති, තෙ දුක්ඛෙන පටිනිස්සජන්ති, දන්ධං ච අභිසමෙන්ති, තෙන වුච්චති: දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා’ති. ඉමා චතස්සො පටිපදායො අපඤ්චමා අජට්ඨා යෙ හි කෙචි{1} නිබ්බුතා නිබ්බාධිස්සන්ති වා ඉමාහි චතූහි පටිපදාහි අනඤ්ඤාහි. අයං පටිපදාචතුක්කෙන කිලෙස නිද්දිසති. යා චතුක්කමග්ගෙන අරියධම්මෙසු නිද්දිසිතබ්බා.
Sinhala BJTඑහි යම් දිට්ඨිචරිත සත්‍වකෙනෙක් වෙද්ද ඔහු මුදින්‍ද්‍රිය ද තික්ඛින්‍ද්‍රිය දැයි දෙපරිදි වෙති. එහි යම් තික්ඛින්‍ද්‍රිය වූ දිට්ඨිචරිත සත්‍වකෙනෙක් සුවසේ කාමයන් දුරැලත් ද වහා අභිසමය කෙරෙත් ද එයින් ‘ඛිප්පාභිඤ්ඤා සුඛා පටිපදා’ යි කියනු ලැබේ. එහි යම් මුදින්‍ද්‍රිය වූ දිට්ඨිචරිත සත්‍වකෙනෙක් වෙත් ද පළමු තික්බින්‍ද්‍රියයා ගෙන ඉතා ලැසිවැ අභිසමය කෙරෙත් ද, ඔහු සුවසේ කාමයන් දුරැලති, ලැසිවැ අභිසමය කෙරෙත්. එයින් ‘සුඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා’යි කියනු ලැබෙත්. එහි තණ්හාචරිත සත්‍වයෝ තික්ඛින්‍ද්‍රිය ද මුදින්‍ද්‍රිය දැයි දෙපරිදි වෙති. එහි යම් තික්ඛින්‍ද්‍රිය වූ තණ්හාචරිත සත්‍වකෙනෙක් දුකසේ කාමයන් දුරැලත් ද වහා අභිසමය කෙරෙත් ද එයින් ‘දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා’යි කියනු ලැබෙත්. එහි යම් මුදින්‍ද්‍රිය වූ තණ්හාචරිත සත්‍වකෙනෙක් වෙත් ද පළමු තික්ඛින්‍ද්‍රියයා ගෙන ඉතා ලැසිවැ අවබෝධ කෙරෙත් ද ඔහු දුකසේ කාමයන් දුරැලති ලැසිවැ අභිසමය කෙරෙත්. එයින් ‘දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා’ යී කියනු ලැබේ. මේ සතර ප්‍රතිපදා වෙති, පසක් නොවෙති, සයක් නොවෙත්. යම්කෙනෙක් නිවියාහු හෝ නිවෙන්නාහු හෝ වෙත් ද මේ සතර ප්‍රතිපදායෙනි, අනෙකකින් නොවෙත්. යම් ප්‍රතිපදාවක් චතුෂ්කමාර්‍ගයෙන් ආර්‍ය්‍යධර්‍මයන්හි දැක්වියයුත්තී ද, මෙය ප්‍රතිපදාචතුෂ්කයෙන් ක්ලේශයන් දක්වයි.
Pali BJTඅයං වුච්චති සීහවික්කීළිතො නාම නයො.
Sinhala BJTමේ සීහවික්කීළිතනය නමැයි කියනු ලැබේ.
Pali BJT2. තත්රිමෙ චත්තාරො ආහාරා, චත්තාරො විපල්ලාසා, උපාදානා, යොගා, ගන්ථා, ආසවා, ඔඝා, සල්ලා විඤ්ඤාණට්ඨිතියො, අගතිගමනා’ති. එවං ඉමානි සබ්බානි දස පදාති. අයං සුත්තස්ස සංසන්දනා.
Sinhala BJT2. එහි මේ සතර ආහාරයෝ යැ සතර විපල්ලාසයෙන් යැ උපාදානයෝ යැ යෝගයෝ ගන්‍ථයෝ යැ. ආසවයෝ යැ ඕඝයෝ යැ සල්ලයෝ යැ විඤ්ඤාණට්තීහු යැ (සතර) අගතිගමනයෝ යි මෙසේ මේ සියලු දසපදයෝ වෙත්. මේ සූත්‍රයාගේ සංසන්‍දනා යි.
Pali BJTචත්තාරො ආහාරා: තත්ථ යො ච කබළිඞ්කාරො{2} ආහාරො යො ච ඵස්සො ආහාරො, ඉමෙ තණ්හාචරිතෙන පහාතබ්බා, තත්ථ යො ච මනොසඤ්චෙතනාහාරො යො ච විඤ්ඤාණාහාරො, ඉමෙ දිට්ඨිචරිතෙන පහාතබ්බා.
Sinhala BJTසතර ආහාරයෝ වෙති : එහි යම් කබළිංකාරාහාරයෙකුත් යම් ඵස්සාහාරයෙකුත් වෙත් ද මොහු තණ්හාචරිතයා විසින් ප්‍රහාතව්‍ය යැ, එහි යම් මනෝසඤ්චේතනාහාර යෙකුත් යම් විඤ්ඤාණාහාරයෙකුත් වෙත් ද මොහු දිට්ඨිචරිතයා විසින් ප්‍රහාතව්‍ය යි.
Pali BJTපඨමො ආහාරො පඨමො විපල්ලාසො, දුතියො ආහාරො දුතියො විපල්ලාසො, තතියො ආහාරො තතියො විපල්ලාසො, චතුත්ථො ආහාරො චතුත්ථො විපල්ලාසො. ඉමෙ චත්තාරො විපල්ලාසා අපඤ්චමා අජට්ඨා. ඉදං ච පමාණ චත්තාරො ආහාරා.
Sinhala BJTප්‍රථම ආහාරය ප්‍රථම විපල්ලාස යැ, දෙවැනි ආහාරය දෙවැනි විපල්ලාස යැ, තෙවැනි ආහාරය තෙවැනි විපල්ලාසය යැ, සතරවැනි ආහාරය සතරවැනි විපල්ලාස යි. මේ සතර විපල්ලාසයෝ යැ. පස්වැන්නක් නැත, සවැන්නක් නැති. මෙ ද සතර ආහාරයෝ ප්‍රමාණ කොට ඇත්තාහ.