Pali BJTතත්ථ කතමං අඤ්ඤාණං අදස්සනං: අථ නිස්සයෙ යං පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, හෙතුම්හි අඤ්ඤාණං පච්චයම්හි අඤ්ඤාණං තස්ස අඤ්ඤාණිනො සමාධි භූතස්ස එසො නිස්සන්දො: යං න ජානාති ඉදං සෙවිතබ්බං ඉදං න මනසිකාතබ්බන්ති. සො තෙන තමෙන නිද්දිසීයති, තමොපි යථා වුච්චති. මූළ්හොති එවං චෙතනා, තෙන තමෙන සො පුග්ගලො වුච්චති තමොති, සො තෙන තමෙන අසමූහතෙන අසමුච්ඡින්නෙන තප්පරමො භවති තප්පරායනො, අයං වුච්චති පුග්ගලො තමො තමපරායනොති. පරායනොයෙව ධම්මො මනසිකාතබ්බො යො තමො දහති අඤ්ඤාචිත්තං උපට්ඨපෙති, තෙ චස්ස ධම්මා නිජ්ඣානං ඛමන්ති.{2} සො සුතමයාය පඤ්ඤාය සමනුපස්සති.
Sinhala BJTඑහි අඤ්ඤාණ සංඛ්‍යාත අදර්‍ශනය කවරෙ යැ: (අථ නිස්සයෙ?) පූර්‍වාන්තයෙහි නොදැනීම යැ අපරාන්තයෙහි නො දැනීම යැ පූර්‍වාන්තාපරාන්තයෙහි නො දැනීම යැ, හේතුයෙහි නො දැනීම යැ ප්‍රත්‍යයෙහි නො දැනීම යැ යන යම් නො දැනීමෙක් ඇද්ද එයයි. ඒ නො දන්නහුගේ (සමාධිභූතස්ස?) තෙල ඵලය වෙයි: මේ සෙවියැ යුතු යැ, මේ නො මෙනෙහි කළයුතු යැයි යම් නො දැනීමක් ඇද්ද ඒ පුද්ගල ඒ නොදැනීම හේතුකොට තමසින් යුක්ත යයි දක්වනු ලැබේ. (සො තෙ නමෙන ... වුච්චති තමෝති?) හෙතෙම නො නසනලද සමුච්ඡේද නො කරනලද ඒ තමස හේතු කොට එය (නොදැනීම) පරම කොට ඇත්තේ එය පරායන කොට ඇත්තේ වෙයි. මේ පුද්ගල ‘තමෝතමපරායන’ යයි කියනු ලැබේ. (පරායනෝ යෙව ධම්මෝ මනසිකාතබ්බො?) යමෙක් තම සංඛ්‍යාත නො දැනීම දුරු කෙරේ ද දැනීමට සිත එළවා ද ඔහුට ඒ ධර්‍මයෝ දර්‍ශනය වටහත්. හෙතෙම ශ්‍රැතමය ප්‍රඥායෙන් දකී.
Pali BJTතත්ථ කතමො තමො ජොතිපරායනො, සො තෙන පඤ්ඤාවසෙන ඉරීයති{3} එවං තස්සෙව ඉරීයන්තස්ස පරායනො භවති. අයං වුච්චතෙ පුග්ගලො තමො ජොතිපරායනො.
Sinhala BJTඑහි ‘තමෝජෝතිපරායන’ පුද්ගල කවරෙ යත්: හෙතෙම ඒ ප්‍රඥාවශයෙන් පවතී. මෙසේ පවත්නාවූ ඔහුට (ස්වර්‍ග සංඛ්‍යාත අලෝකය) පරායන වෙයි. මේ පුද්ගල (අඳුරෙන් එලියට යන) තමෝජෝතිපරායන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පුග්ගලො තමො ජොතිපරායනො: තත්ථ වුච්චති ජොති නාම: යං තස්සෙව තමස්ස පටිපක්ඛෙන යෙ ච ධම්මා{4} අන්තමසො ඤාණාලොකො, සො සුතධම්මො{5} පුග්ගලො තමො ජොතිපරායනො, තත්ථ වුච්චතෙ: සො’යං පුග්ගලො තමො ජොතිපරායනො, සො යදි තථාරූපං කල්යාණමිත්තං{6} පටිලභති, යො නං අකුසලතො ච නිවාරෙති භාවිතකුසලතාය භාවී (?) නියොජෙතීති.
Sinhala BJTඑහි ජෝතිජෝතිපරායන (එළියෙන් එලියට යන) පුද්ගල කවරෙ යත්: එහි ලා කියනු ලැබේ. ජෝති නම්: ඒ තමසට ප්‍රතිපක්‍ෂවශයෙන් යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, යටත් පිරිසෙයින් ඥානාලෝකය යි. ඒ ඇසූ දහම් ඇති පුද්ගල ‘තමෝජෝතිපරායන’ යැ, එහි මේ පුද්ගල තමෝජෝතිපරායන යයි කියනු ලැබේ. හේ ඉදින් එබඳු කලණ මිතුරකු ලබා ද, යමෙක් ඔහු අකුශලයෙන් වළකා ද භාවිතකුශලතායෙහි යොදවා ද, එබඳු වූ කලණ මිතුරෙකි.
Pali BJTඑවං ච සද්ධම්මං දෙසෙති: ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා සෙවිතබ්බා, ඉමෙ ධම්මා න සෙවිතබ්බා, ඉමෙ ධම්මා භජිතබ්බා, ඉමෙ ධම්මා න භජිතබ්බා, ඉමෙ ධම්මා උපසම්පජ්ජ විහාතබ්බා, ඉමෙ ධම්මා න උපසම්පජ්ජ විහාතබ්බා, ඉමෙ ධම්මා මනසිකාතබ්බා, ඉමෙ ධම්මා න මනසිකාතබ්බාති. පචචතෙ සඤ්ඤාය යථා සඤ්ඤායති සතින්ද්රියති සතින්ද්රියාති (?) සො එවං පජානාති: ඉමෙ ධම්මා කුසලා ඉමෙ ධම්මා අකුසලා. ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා සෙවිතබ්බා, ඉමෙ ධම්මා න සෙවිතබ්බා. ඉමෙ ධම්මා භාවෙතබ්බා, ඉමෙ ධම්මා න භාවෙතබ්බා, ඉමෙ ධම්මා උපසම්පජ්ජ විහාතබ්බා, ඉමෙ ධම්මා න උපසම්පජ්ජ විහාතබ්බා. ඉමෙ ධම්මා මනසිකාතබ්බා, ඉමෙ ධම්මා න මනසිකාතබ්බාති. සො තෙ ධම්මෙ සුස්සූසති{7} සොතං ඔදහති, අඤ්ඤාචිත්තං{8} උපට්ඨාපෙති{9}, තෙ චස්ස ධම්මා නිජ්ඣානං ඛමන්ති, සො සුතමයාය පඤ්ඤාය සමන්නාගතො, සො තෙන පච්චයවසෙන ඉරීයති{10} එවං සො ඉරීයන්තො{11} තප්පරමො භවති තප්පරායනො. අයං වුච්චතෙ පුග්ගලො තමො ජොතිපරායනො.{12}
Sinhala BJTමෙසේත් සදහම් දෙසයි: ‘මේ දහම් කුසල් යැ මේ දහම් අකුසල් යැ මේ දහම් සාවද්‍ය යැ මේ දහම් අනවද්‍ය යැ මේ දහම් සෙවියැයුතු යැ මේ දහම් නො සෙවියැයුතු යැ මේ දහම් භජනය කළ යුතු යැ මේ දහම් භජනය නොකළයුතු යැ මේ දහම් උපදවා විසියැයුතු යැ මේ දහම් උපදවා නො විසියැයුතු යැ මේ දහම් මෙනෙහි කළයුතු යැ මේ දහම් නො මෙනෙහි කළයුතු යැ’ යි (පච්චතෙ සඤ්ඤාය යථා සඤ්ඤායති සතින්‍ද්‍රියානි?) හේ මෙසේ දැනගනී: ‘මේ දහම්හු කුශලයෝ යැ මේ දහම්හු අකුශලයෝ යැ මේ දහම්හු සාවද්‍යයෝ යැ මේ දහම්හු අනවද්‍යයෝ යැ මේ දහම්හු සේවිතව්‍යයෝ යැ මේ දහම්හු න සේවිතව්‍යයෝ යැ මේ දහම්හු වැඩියයුත්තාහු යැ මේ දහම්හු නො වැඩියැයුත්තාහු යැ මේ දහම්හු උපදවා විසිය යුත්තාහු යැ මේ දහම්හු උපදවා නො විසියැයුත්තාහු යැ මේ දහම්හු මෙනෙහි කළයුත්තාහු යැ මේ දහම්හු නො මෙනෙහි කළයුත්තාහු යැ’ යි. හේ ඒ දහම් අසනු කැමැති වෙයි. ඇසීමට කන නමයි, දැනගැනීමට සිත එළවයි. ඔහුට ඒ ධර්‍මයෝ දැනීම වටහත්. හේ ශ්‍රැතමයඥානයෙන් සමන්‍විත වූයේ, හේ ඒ ප්‍රත්‍යය වශයෙන් පවතී. මෙසේ පවත්නාවූ හෙතෙම එය පරම කොට ඇත්තේ එය පිහිට කොට ඇත්තේ වෙයි. මේ පුද්ගල තමෝජෝතිපරායන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පුග්ගලො ජොති තමපරායනො: ජොති නාම යං තස්සෙව තමස්ස පටිපක්ඛෙන යෙ ධම්මා අන්තමසො ඤාණාලොකො, සො සුතධම්මො{1} කතමො උච්චතෙ පඤ්ඤායතො පණ්ඩිතොති වුච්චතෙ, සො එවං පජානාති: ඉමෙ ධම්මා කුසලා, ඉමෙ ධම්මා අකුසලා, ඉමෙ ධම්මා සාවජ්ජා, ඉමෙ ධම්මා අනවජ්ජා, ඉමෙ ධම්මා සෙවිතබ්බා, ඉමෙ ධම්මා න සෙවිතබ්බා, ඉමෙ ධම්මා භාවෙතබ්බා{3}. ඉමෙ ධම්මා න භාවෙතබ්බා, ඉමෙ ධම්මා උපසම්පජ්ජ විහාතබ්බා, ඉමෙ ධම්මා න උපසම්පජ්ජ විහාතබ්බා, ඉමෙ ධම්මා මනසිකාතබ්බා, ඉමෙ ධම්මා න මනසිකාතබ්බාති. ඉධ පන පාපමිත්තසංසෙවනො පාපමිත්තවසානුගො අකුසලෙ ධම්මෙ අභිවඩ්ඪෙති, කුසලෙ ධම්මෙ පජහති. සො තෙන පමාදෙන පච්චයසඤ්ඤා අමනසිකත්වා අසති{4} අසම්පජඤ්ඤං ආසෙවති. තයා යො පටිපක්ඛො තමො, සො තං{5} පවඩ්ඪෙති. සො තමාහි භූතො තමපරායනො{6} තමපරමො චෙව භවති. අයං වුච්චති පුග්ගලො ජොති තමපරායනො.
Sinhala BJTඑහි ජෝතිතමපරායන පුද්ගල කවරෙ යත්: ‘ජෝති’ නම්, යම් කරුණෙකින් ඒ තමසට මැ ප්‍රතිපක්‍ෂ වශයෙන් යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, යටත් පිරිසෙයින් ඥානාලෝකය වේ ද එයයි. ඒ ඇසූ දහම් ඇති පුද්ගල (පඤ්ඤායතෝ?) පණ්ඩිත යයි කියනු ලැබේ. හේ මෙසේ දැනගනී: මේ දහම් කුසල් යැ මේ දහම් අකුසල් යැ මේ දහම් සාවද්‍ය යැ මේ දහම් අනවද්‍ය යැ මේ දහම් සෙවියැයුතු යැ මේ දහම් නො සෙවියැයුතු යැ මේ දහම් වැඩියැයුතු යැ මේ දහම් නො වැඩියැයුතු යැ මේ දහම් උපදවා විසියැයුතු යැ මේ දහම් උපදවා නො විසියැයුතු යැ මේ දහම් මෙනෙහි කළ යුතු යැ මේ දහම් නො මෙනෙහි කළයුතු යැයි. මෙහි වැලිත් පාපමිත්‍රයන් සේවනය කරනුයේ පාපමිත්‍රයන්ගේ වසයට පැමිණියේ අකුශලධර්‍මයන් වඩයි. කුශලධර්‍මයන් දුරු කෙරෙයි. හේ ඒ ප්‍රමාදය හේතු කොටගෙන (පච්චයසඤ්ඤා?) මෙනෙහි නො කොට අසති අසම්පජඤ්ඤය ඇසුරු කෙරෙයි, (තයා?) ඊට ප්‍රතිපක්‍ෂ වූ යම් තමසෙක් වේ ද හේ ඒ තමස (අඳුර) වඩයි, හේ ඒ තමසින් මඩනාලදුයේ තමස පරායන කොට ඇත්තේ තමස පරම කොට ඇත්තේ ද වෙයි. මේ පුද්ගල ‘ජෝතිතමපරායන’ යයි කියනුලැබේ.
Pali BJTතත්ථ කතමො පුග්ගලො ජොති ජොතිපරායනො: තත්ථ වුච්චතෙ: සොයං පුග්ගලො කල්යාණමිත්තස්ස සන්නිස්සිතො භවති සක්කා සංයොගී (?) කුසලං ගවෙසී සො කල්යාණමිත්තෙ උපසඞ්කමිත්වා පරිපුච්ඡති, පරිපඤ්හයති, කිං කුසලං? කිං අකුසලං? කිං සාවජ්ජං, කිං අනවජ්ජං? කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං? කිං භාවෙතබ්බං{7} කිං න භාවෙතබ්බං? කිං උපසම්පජ්ජ විහාතබ්බා, කිං න උපසම්පජ්ජ විහාතබ්බං? කිං මනසිකාතබ්බං, කිං න මනසිකාතබ්බං? කථං සංකිලෙසො හොති, කථා වොදානං හොති? කථං පවත්ති හොති කථං නිවත්ති හොති? කථං බද්ධො{8} හොති, කථං මොක්ඛො හොති? කථං සක්කායසමුදයො හොති, කථං සක්කායනිරොධො හොතීති?
Sinhala BJTඑහි ‘ජෝතිජෝතිපරායන’ පුද්ගල කවරෙ යැ: එහි ලා කියනු ලැබේ: මේ පුද්ගල කල්‍යාණමිත්‍රයකුගේ නිශ්‍රය ඇත්තේ වෙයි. (සක්කා සංයෝගී?) කුශලය සොයන්නා වූ හේ කලණමිතුරන් කරා එළැඹ පුළුවුස්සි, ප්‍රශ්න කෙරෙයි: කුසල් කිමැ? අකුසල් කිමැ? සාවද්‍යය කිමැ? අනවද්‍යය කිමැ? කුමක් සෙවියැයුතු යැ? කුමක් නො සෙවියැයුතු යැ? කුමක් වැඩියැයුතු යැ? කුමක් නො වැඩියැයුතු යැ? කුමක් උපදවා විසියැයුතු යැ? කුමක් උපදවා නො විසියැයුතු යැ? කුමක් මෙනෙහි කළයුතු යැ? කුමක් නො මෙනෙහි කළයුතු යැ? කිසෙයින් කෙලෙසීම වේ ද? කිසෙයින් පිරිසිදු වේ ද? කිසෙයින් (සසර) පැවැත්ම වේ ද? කිසෙයින් නැවැත්ම වේ ද? කිසෙයින් බැඳුණේ වේ ද? කිසෙයින් මිදීම වේ ද? කිසෙයින් සත්කායසමුදය වේ ද? කිසෙයින් සත්කාය නිරෝධය වේ දැ’යි.
Pali BJTසො එත්ථ දෙසිතං යථා උපට්ඨිතං තථා සම්පටිපජ්ජන්තො සො එවං පජානාති: ඉමෙ ධම්මා කුසලා ඉමෙ ධම්මා අකුසලා -පෙ- එවං{9} සක්කායසමුදයො හොති, එවං{9} සක්කායනිරොධො හොතීති. (විත්ථාරෙන කාතබ්බං.) සො තෙ ධම්මෙ අධිපාටිකඞ්ඛති, එවං ලක්ඛණං ඤාණං විජ්ජාආලොකං වඩ්ඪෙති. සො පුග්ගලො තප්පරමො භවති තප්පරායනො. අයං වුච්චතෙ පුග්ගලො ජොති ජොතිපරායනො.
Sinhala BJTහේ මෙහි දෙසන ලද්ද යම්සේ අවබෝධ කෙරේ ද එසේ මොනොවට පිළිපදනේ හේ මෙසේ දැනගනී: මේ දහම් කුසල් යැ මේ දහම් අකුසල් යැ ... මෙසේ සත්කායසමුදය වෙයි, මෙසේ සත්කායනිරෝධය වේ යයි. (විස්තරයෙන් ප්‍රකාශ කළ යුතු) හේ ඒ ධර්‍මයන් (අධිපාටිකඞ්ඛාති?) මෙබඳු ලක්‍ෂණ ඇති ඥානය මාර්‍ගඥානවිද්‍යාලෝකය වඩයි. ඒ පුද්ගල තත්පරම වූයේ තත්පරායන වූයේ වේ. මේ පුද්ගල ජෝතිජෝති පරායනයයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පුග්ගලො තමො තමපරායනො: යො අකුසලං ධම්මං දීපෙති, තං භාවනාය හීනාසු ගතීසු උප්පත්තිං{10} දස්සෙති, තප්පරමො භවති තප්පරායනො. අයං වුච්චතෙ පුග්ගලො තමො තමපරායනො.
Sinhala BJTඑහි තමෝතමපරායන පුද්ගල කවරෙ යැ: යමෙක් අකුශලධර්‍මය දක්වා ද ඒ අකුශලය වැඩීමෙන් අපායාදි හීනගතියෙහි උත්පත්තිය ලබයි. ඒ අකුශලය පරම කොට ඇත්තේ තත්පරායන වූයේ වෙයි. මේ පුද්ගල ‘තමෝතමපරායන’ යයි කියනුලැබේ.
Pali BJTතත්ථ යො පුග්ගලො තමො ජොතිපරායනො, සො තමෙන අකුසලස්ස කම්මස්ස විපාකං දස්සෙති. තමෙති යං චක්ඛු කල්යාණමිත්තස්ස වසෙන{11} අකුසලෙ ධම්මෙ පජහති කුසලෙ ධම්මෙ අභිවඩ්ඪති.
Sinhala BJTඑහි යම් පුඟුලෙක් ‘තමෝජෝතිපරායන’ වේ ද, හේ තමසින් අකුශලකර්‍මයාගේ විපාකය දක්වයි, (තමෙති?) හේ කල්‍යාණමිත්‍රයාගේ වශයෙන් අකුශලධර්‍මයන් දුරු කෙරෙයි. කුසල්දහම් වඩයි.
Pali BJTතත්ථ සො ච පණීතාසු ගතිසු උප්පත්තිං දස්සෙති, තප්පරමො තෙන වුච්චතෙ තමො ජොතිපරායනො.
Sinhala BJTඑහි යමෙක් ප්‍රණීතගතියෙහි උත්පත්තිය දක්වා ද එය පරම කොට ඇත්තේ වේ ද, එහෙයින් ‘තමෝජෝතිපරායන’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ යො පුග්ගලො ජොති තමපරායනො කුසලස්ස කම්මවිපාකං දස්සෙති. යං චක්ඛු පාපමිත්තසංසග්ගෙන පාපමිත්තූපසෙවනෙන{1} පාපමිත්තවසානුගො අකුසලං ධම්මං අභිවඩ්ඪති. තං භාවනාය හීනාසු ගතිසු උප්පත්තිං දස්සෙති. තප්පරමො තෙන වුච්චතෙ ජොති තමපරායනො.
Sinhala BJTයම් පුඟුලෙක් ජෝතිතමපරායන වූයේ කුශලකර්‍මයාගේ විපාකය දක්වා ද, (යම් ඇසක්?) පාපමිත්‍රසංසර්‍ගයෙන් පාපමිත්‍රසේවනයෙන් පාපමිත්‍රයන්ගේ වශයට පැමිණියේ අකුශලධර්‍මය වඩයි. එය වැඩීමෙන් හීනගතීන්හි උත්පත්තිය දක්වයි. එය පරම කොට ඇත්තේ වෙයි, එයින් ජෝතිතමපරායන යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ යො පුග්ගලො ජොති ජොතිපරායනො, සො ජොති තභාවතාය යාව පණිතාසු ගතිසු උප්පත්ති. දස්සෙති තප්පරමො. තෙනාහ ජොති ජොතිපරායනො.
Sinhala BJTඑහි යම් පුඟුලෙක් ජෝතිජෝතිපරායන වේ ද, හේ ජෝතිතභාවයෙන් එය පරම කොට ඇත්තේ ප්‍රණීත ගතීන්හි උපත දක්වයි. එයින් ජෝතිජෝතිපරායන යයි වදාළහ.
Pali BJTජොතිතමපරායනෙන දසඅකුසලානං ධම්මානං උදයං දස්සෙති. තමෙන පුග්ගලෙන අකුසලානං කම්මානං විපාකං දස්සෙති න අකුසලානං ධම්මානං විපාකං දස්සෙති. තමෙන අට්ඨ මිච්ඡත්තානි දස්සෙති. ජොතිනා අට්ඨ සම්මත්තානි දස්සෙති ජොතිනා තමපරායනෙන දස අකුසලකම්මපථෙ දස්සෙති. ජොතිනා පණීතත්තං දස්සෙති. තමෙන ජොතිපරායනෙන අතපනීයං ධම්මං දස්සෙති. ජොතිනා තමපරායනෙන තපනීයං ධම්මං දස්සෙති. අයං සුත්තත්ථො.
Sinhala BJTජෝතිතමපරායන වීමෙන් දසඅකුශල ධර්‍මයන්ගේ උදය දක්වයි, තම පුද්ගලයාගෙන් අකුශලකර්‍මයන්ගේ විපාකය දක්වයි, අකුශලධර්‍මයන්ගේ විපාකය නො දක්වයි. තමසින් අටවැදෑරුම් මිච්ඡත්තයන් දක්වයි, ආලෝකයෙන් අටවැදෑරුම් සම්මතයන් දක්වයි, ජෝතිතමපරායනයෙන් දස අකුශලකර්‍මපථයන් දක්වයි. ආලෝකයෙන් ප්‍රණීත බව දක්වයි, තම ජෝතිපරායනයෙන් අතපනීය ධර්‍මය දක්වයි, ජෝතිතමපරායනයෙන් තපනීය ධර්‍මය දක්වයි, මේ සූත්‍රාර්‍ත්‍ථ යි.
Pali BJT1. තත්ථ කතමො දෙසනාහාරො: ඉමම්හි සුත්තෙ කිං දෙසිතං. තත්ථ වුච්චතෙ: ඉමම්හි සුත්තෙ කුසල කුසලා ධම්මා දෙසිතා. කුසලා කුසලානං ච ධම්මානං විපාකො දෙසිතො. හීනප්පණිතානං ච සත්තානං ගතිනානාකරණං{2} දෙසිතං. අයං දෙසනාහාරො.
Sinhala BJT1. එහි දේසනාහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි කුමක් දෙසන ලද ද, එහි ලා කියනු ලැබේ: මේ සූත්‍රයෙහි කුශලාකුශල ධර්‍මයෝ දේශිතයහ, කුශලාකුශලධර්‍මයන්ගේ විපාකය ද දේශිත යැ. හීනප්‍රණීත සත්‍වයන්ගේ ගතිනානාත්‍වය ද දෙසන ලදී. මේ දේසනාහාර යි.
Pali BJT2. 3: තත්ථ කතමො විචයො හාරො. අකුසලස්ස කම්මස්ස යො විපාකං පච්චනුභොති, තත්ථ ඨිතො අකුසලෙ ධම්මෙ උප්පාදියති විචයං තං යුජ්ජති. කුසලස්ස කම්මස්ස යො විපාකං පච්චනුභොති, තත්ථ ඨිතො කුසලෙ ධම්මෙ උප්පාදීයති විචයං තං යුජ්ජති. අයං විචයො යුත්ති ච.
Sinhala BJT2-3. එහි විචයහාර කවරෙ යැ: යමෙක් අකුශලකර්‍මයාගේ විපාකය විඳී ද, එහි සිටියේ අකුශලධර්‍මයන් උපදවයි යන විචය යෙදෙයි. යමෙක් කුශලකර්‍මයාගේ විපාකය විඳී ද, එහි සිටියේ කුශලධර්‍මයන් උපදවයි යන විචය යෙදෙයි. මේ විචය ද යුත්ති ද වේ.
Pali BJT4. තත්ථ කතමො පදට්ඨානො හාරො: යො පුග්ගලො ජොති, සො පච්චවෙක්ඛණාය පදට්ඨානං, යො පුග්ගලො තමො, සො තමාදින්නං, වානුපස්සනාය පදට්ඨානන්ති දස්සෙති. තමෙන ජොතිපරායනෙන අප්පමාදස්ස පදට්ඨානං දස්සෙති. තමො අවිජ්ජාය ච දිට්ඨියා ච පදට්ඨානං දස්සෙති, ජොතිනා තමපරායනෙන පමාදස්ස ච දිට්ඨියා ච පදට්ඨානං දස්සෙති. අයං පදට්ඨානො.
Sinhala BJT4. එහි පදට්ඨානහාර කවරෙ යැ: යම් ජෝතිපුද්ගලයෙක් වේ ද, හේ ප්‍රත්‍යවේක්‍ෂාවට පදට්ඨාන යැ, යම් තමපුද්ගලයෙක් වේ ද හේ (තමාදින්නං?) අනුපස්සනාවට පදට්ඨාන යයි දක්වයි. ජෝතිපරායන වූ තමසින් අප්‍රමාදයට පදට්ඨාන දක්වයි, තමස අවිද්‍යාවට ද දෘෂ්ටියට ද පදට්ඨාන දක්වයි. තමපරායන වූ ජෝති (ආලෝක) යෙන් ප්‍රමාදයට ද දෘෂ්ටියට ද පදට්ඨාන දක්වයි. මේ පදට්ඨානහාර යි.
Pali BJT5. තත්ථ කතමො ලක්ඛණො හාරො: තමෙන තමපරායනෙන අවිජ්ජාය නිද්දිට්ඨාය සබ්බකිලෙසධම්මා නිද්දිට්ඨා හොන්ති. තමෙන ජොතිපරායනෙන ජොති විජ්ජාය නිද්දිට්ඨාය සබ්බෙ බොධිපක්ඛියධම්මා නිද්දිට්ඨා හොන්ති. ජොතිතමපරායනෙන පමාදො නිද්දිට්ඨො හොති. තමෙන ජොතිපරායනෙන අප්පමාදො නිද්දිට්ඨො හොති අයං ලක්ඛණො හාරො.
Sinhala BJT5. එහි ලක්ඛණහාර කවරෙ යැ: තමපරායන වූ තමසින් ‘තමෝ’ යි අවිද්‍යාව දැක්වූ කල්හි සියලු කෙලශ ධර්‍මයෝ දක්වනලද්දාහු වෙති, ජෝතිපරායන වූ තමසින් ‘ජෝති’ යි විද්‍යාව නිර්දිෂ්ට කල්හි සියලු බෝධිපාක්‍ෂික ධර්‍මයෝ දක්වනලද්දාහු වෙති, ජෝතිතම පරායනයෙන් ප්‍රමාදය දක්වනලද වෙයි, තමෝජෝතිපරායනයෙන් අප්‍රමාදය නිර්දිෂ්ට වේ. මේ ලක්ඛණහාර යි.
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: ඉමම්හි සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ සත්තා නීචකුලිනො න තෙ ඉමං සුත්වා කුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්ති, යෙ සත්තා උච්චකුලිනො, තෙ ඉමං ධම්මදෙසනං සුත්වා භිය්යොසොමත්තාය කුසලෙ ධම්මෙ සමාදාය වත්තිස්සන්තීති. අයං චතුබ්යූහො හාරො, භූමියං උපදෙසො.
Sinhala BJT6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: නීචකුලීන වූ යම් යම් සත්‍ව කෙනෙක් ඇද්ද ඔහු මේ ධර්‍මය අසා කුශල ධර්‍මයන් සමාදන්වගෙන පවත්නාහු යැ, යම් සත්‍ව කෙනෙක් උච්චකුලීන වෙත් ද, ඔහු මේ ධර්‍මදේශනාව අසා අධිකප්‍රමාණයෙන් කුශලධර්‍මයන් සමාදන් වැ පවත්නාහු යයි. මේ චතුබ්‍යුහහාර යි. (භූමියං උපදෙසො?)
Pali BJT7. තත්ථ කතමො ආවට්ටො හාරො: යා අවිජ්ජාතොප්පභුති තණ්හා, අයං සමුදයො. යො{1} තමොතමපරායනො, ඉදං දුක්ඛං, ඉමානි ද්වෙ සච්චානි දුක්ඛං ච සමුදයො ච. ජොති යෙන සුත්තෙන ධම්මෙන පඤ්ඤාපීයති, යො ධම්මො පඤ්ඤින්ද්රියස්ස පදට්ඨානං. තෙන අමොහෙන තීණි කුසලමූලානි පාරිපූරිං ගච්ඡන්ති, සග්ගස්ස පදට්ඨානං.
Sinhala BJT7. එහි ආවත්තහාර කවරෙ යැ: අවිද්‍යායෙහි පටන් යම් තෘෂ්ණාවක් ඇද්ද, මේ සමුදය යැ. යම් තමෝතමපරායනයෙක් ඇද්ද, මේ දුක්ඛ යැ. මේ දුක්ඛය ද සමුදය ද යන සත්‍ය දෙක යැ. යම් සූත්‍රයෙකින් ධර්‍මයෙකින් ජෝති (ආලෝකය) පනවනු ලැබෙ ද ඒ ධර්‍මය පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යැ, ඒ අමෝහය හේතු කොට ත්‍රිවිධ කුශලමූලයෝ පිරීමට යෙත්. එය ස්වර්‍ගයට පදට්ඨාන යි.
Pali BJT8-9. තත්ථ කතමො විභත්ති: තමොතමපරායනොති න එකං සෙන, කිං කාරණං: අත්ථි තමො ච භවො අපරාපරියවෙදනීයෙන ච කුසලෙන ජොතිනා පුග්ගලෙන සහොපත්තිභාවෙ, අත්ථි ජොති ච භවො අපරාපරියවෙදනීයෙන ච අකුසලෙන තමෙන පුග්ගලෙන සභොපත්තිභාවෙ, පරිවත්තනා තමෙසු පටිපක්ඛොති ජොතිනා තමපරායනො.
Sinhala BJT8-9. එහි විභත්ති කවරැ: තමෝතමපරායනෝ (යනු) ඒකාන්තයෙන් නොවේ. කරුණු කිම යත්: තම (අඳුරු වූ) භවය ද ඇත, අපරාපරිය වේදනීය කුශලයක් හේතුකොට ජෝති පුද්ගලයකු සමග (සහෝපත්ති භාවෙ?) ජෝති භවයෙක් ද ඇත. අපරාපරියවේදනීය අකුශලයක් හේතු කොට තම පුද්ගලයකු සමග (සහෝපත්ති භාවෙ?)
Pali BJT10. තත්ථ කතමො වෙවචනො: යො තමො සො එවං අත්තව්යාබාධාය{2}. පටිපන්නො, සො අස්සද්ධාය බාලො අකුසලො අව්යත්තො{3} අනාදීනවදස්සී යො ජොති යො අත්තහිතාය පටිපන්නො පණ්ඩිතො කුසලො ව්යත්තො ආදීනවදස්සී. අයං වෙවචනො.
Sinhala BJT10. එහි වෙවචන කවරෙ යැ: යම් තමසෙක් වේ ද හේ මෙසේ ආත්මවධය පිණිස පිළිපන්නේ වෙයි. හේ අශ්‍රද්ධායෙන් යුත් බාල අදක්‍ෂ වූයේ අව්‍යක්ත වූයේ ආදීනව නො දක්නේ වෙයි. යමෙක් ජෝති වූයේ ද හේ ආත්මහිතයට පිළිපන්නේ පණ්ඩිත වූයේ දක්‍ෂ වූයේ ව්‍යක්ත වූයේ ආදීනව දක්නාසුලු වේ. මේ වෙවචන යි.
Pali BJT11. තත්ථ කතමො පඤ්ඤත්ති: යො පුග්ගලො විපාකපඤ්ඤත්තියා පඤ්ඤාපීයති{4} ජොති කුසලධම්මූපපත්තීපඤ්ඤත්තියා පඤ්ඤාපීයති.{4} කුසලධම්මවිපාකපඤ්ඤත්තියා චාති.
Sinhala BJT11. එහි පඤ්ඤත්ති කවරැ: යම් පුඟුලෙක් විපාකප්‍රඥප්තියෙන් ජෝති වූ හේ කුශලධර්‍මයන්ට පැමිණීමෙන් කුශලධර්‍මයන්ගේ විපාකප්‍රත්‍යයෙන් ද පනවනු ලැබේ යයි.
Pali BJT12. ඔතරණොති: යෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරා යං ච ජරාමරණං යා ච අවිජ්ජා, තං පදට්ඨානං. නිද්දෙසෙන (?) විජ්ජුප්පාදා අවිජ්ජානිරොධො, යො යාව ජරාමරණනිරොධො{5}. ඉමෙ ද්වෙ ධම්මා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා. ධම්මධාතු ධම්මායතනං ච පදට්ඨානං, නිද්දෙසෙන ධාතුසු.
Sinhala BJT12. ඕතරණ යනු: අවිද්‍යාප්‍රත්‍යයෙන් යම් සංස්කාර කෙනෙක් ඇද්ද, යම් ජරාමරණයකුත් යම් අවිද්‍යාවකුත් ඇද්ද, එය පදට්ඨාන යැ, නිර්දේශයෙන් (?) විද්‍යොත්පාදය අවිද්‍යා නිරෝධය වෙයි. ජරාමරණනිරෝධය දක්වා (කියැයුතු යැ.) මේ ධර්‍මයෝ දෙදෙන සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්නයෝ යැ, ධර්‍මධාතු ද ධර්‍මායතන ද පදට්ඨාන යි. (නිද්දේසේන ධාතුසු?)
Pali BJT13. තත්ථ කතමො සොධනො: ඉමස්ස සුත්තස්ස දෙසිතස්ස ආරම්භො. (සුද්ධො.)
Sinhala BJT13. එහි සෝධන කවරෙ යැ: දේසිත වූ මේ සූත්‍රයාගේ ආරම්භය (ශුද්ධ යැ.)
Pali BJT14. අධිට්ඨානොති: තමොති භගවා බ්රවීති, න එකං පුග්ගලං දෙසෙති. යාවතා සත්තානං ගති, තත්ථ යෙ දුච්චරිතධම්මෙන උපපන්නා, තෙ බහුලාධිවචනෙන තමො නිද්දිසති. යා ජොති සබ්බසත්තෙසු කුසලධම්මුපපත්ති{6} සබ්බං තං ජොතීති අභිලපති, අයමෙකතා පච්චයො යොනිසොමනසිකාරපඤ්ඤත්ති චතුන්නං මහාභූතානං පුග්ගලානං.
Sinhala BJT14. ‘අධිට්ඨාන’ යනු: භාග්‍යවතුන් වහන්සේ ‘තමෝ’ යී වදාරති. එක් පුද්ගලයකු නො දෙසනසේක. සත්‍වයන්ගේ ගතිය යම්තාක් වේ ද, එහි යම් කෙනෙක් දුශ්චරිත ධර්‍මයෙන් යුක්ත වූවාහු ද බහුලාධිවචනයෙන් තමස දක්වයි, යම් ජෝතියෙක් වේ ද (එය) සියලු සත්‍වයන් කෙරෙහි කුශලධර්‍මයන්ගේ ඉපදීම යැ, ඒ සියල්ල ජෝති යයි පවසයි. (අයමෙකතාපච්චයො?) සතර මහාභූත ඇති? පුද්ගලයන්ගේ යෝනිසෝමනසිකාර පඤ්ඤත්ති යැ.
Pali BJT15. තත්ථ කතමො පරික්ඛාරො: අකුසලස්ස පාපමිත්තතා පච්චයො, අයොනිසොමනසිකාරො හෙතු. කුසලස්ස කල්යාණමිත්තතා පච්චයො, යොනිසොමනසිකාරො හෙතු.
Sinhala BJT15. එහි පරික්ඛාර කවරෙ යැ: අකුශලයට පාපමිත්‍රයන් ඇති බව ප්‍රත්‍ය යැ, අයෝනිසෝමනසිකාරය හේතු යි. කුශලයට කල්‍යාණමිත්‍රයන් ඇති බව ප්‍රත්‍ය යැ, යෝනිසෝමනස්කාර හේතු යි.
Pali BJT16. තස්ස කතමා සමාරොපනා{1}: “ඉධෙකච්චො නීචෙ කුලෙ පච්චාජාතො{2} හොතී”ති නීචෙ කුලෙ පච්චාජාතො රූපෙසු සද්දෙසු ගන්ධෙසු රසෙසු ඵස්සෙසු, සො අනුප්පන්නො{3} සබ්බම්හි මානුස්සකෙ උපභොගපරිභොගෙ. {*}ජොති පණීතෙසු කුලෙසු උපපන්නො සබ්බම්හි මානුසකෙ උපභොගපරිභොගෙ උපපන්නොති.
Sinhala BJT16. එහි සමාරෝපනා කවරැ: “මෙලොවැ කිසිවෙක් නීචකුලයෙහි උපන්නේ වේ” යයි නීචකුලයෙහි උපන්නේ රූප සද්ද ගන්‍ධ රස ඵස්සයන්හි ද හේ සියලු මානුසික උපභෝග පරිභෝගයෙහි ද සමෘද්ධ නො වූයේ වෙයි. ජෝති පුද්ගල ප්‍රණීත කුලයන්හි උපන්නේ සියලු මානුසික උපභෝග පරිභෝගයෙහි සමෘද්ධ වූයේ යයි.
Pali BJT7. 12.
Sinhala BJT7. 12.
Pali BJTතත්ථ කතමං සංකිලෙසභාගියං නිබ්බෙධභාගියං ච සුත්තං: “න තං දළ්හං බන්ධනමාහු ධීරා”ති ගාථා. කෙන කාරණෙන තං බන්ධනං දළ්හං, චතූහි කාරණෙහි ඉස්සරියෙන සක්කා මෙචෙතුං ධනෙන වා අඤ්ඤෙන වා යාචනාය වා පරායනෙන වා, යෙසු ච අයං රාගො මණිකුණ්ඩලෙසු පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා, ඉදමස්ස චෙතසිකබන්ධනං, තං න සක්කා ඉස්සරියෙන වා ධනෙන වා අඤ්ඤෙන වා යාචනාය වා පරායනෙන වා මොචෙතුං, න ච තත්ථ කොචි අත්ථි පාටිභොගො. ඉමිනා බන්ධනතො මොචයිතා{4} දෙවො වා මනුස්සො වා යදිදං බන්ධනං රාගානුසයෙන ච ඡසු බාහිරෙසු ච ආයතනෙසු බජ්ඣති.{5} රූපෙසු රූපතණ්හා බන්ධති, යාව ධම්මෙසු ධම්මතණ්හා, යො ඉධ ලොකෙ බද්ධො{6} පරලොකස්මිං බද්ධො නීයති, සො බද්ධො ජායති, බද්ධො මීයති, බද්ධො අස්මා ලොකා පරං ලොකං ගච්ඡති, න සක්කා මොචෙතුං අඤ්ඤත්ර අරියධම්මෙන ඉමං ච බන්ධනං. මරණභවං ච{7} උපපත්තිභවං ච භයතො විදිත්වා ඡන්දරාගං පජහති. සො ඉමං ඡන්දරාගං පජහිත්වා අතික්කමති ඉමං ච ලොකං{8} ඉතො පරං දුතියං{9}.
Sinhala BJTඑහි සංකිලෙසභාගිය වූ ද නිබ්බේධභාගිය වූ ද සූත්‍රය කවරෙ යැ: “න තං දළ්හං බන්ධනමාහු ධීරා” යන (කෝසලසංයුක්තයෙහි) ගාථාව යැ. කවර කරුණෙකින් ඒ බන්‍ධනය දැඩි වේ ද: සතර කරුණෙකිනි, අධිපති බැවින් මුදන්නට හැකි යැ, ධනයෙන් හෝ අන්ලෙසකින් හෝ අයැදීමෙන් හෝ ගැතිබැවින් හෝ මුදන්නට හැකි යැ, මේ රාගය යම් මිණිකොඬොල්හි දූ දරුවන් කෙරෙහි දු දාරාවන් කෙරෙහි දු යම් අපේක්‍ෂාවක් ඇද්ද, මේ ඔහුගේ චෛතසික බන්‍ධනය වෙයි. එය අධිපතිබැවින් හෝ ධනයෙන් හෝ අනෙකෙකින් හෝ යැදීමෙන් හෝ ගැතිවීමෙන් හෝ මුදන්නට නො හැක්ක, එහි කිසි ඇපයෙක් නො ද ඇති. යම් මේ බන්‍ධනයක් රාගානුසයෙන් ද ෂඩ්බාහිර ආයතනයන්හි ද බැඳේ නම් මේ බැඳුමෙන් රූපතණ්හාව රූපයන් හි බඳියි, ධර්‍මයන්හි ධර්‍මතෘෂ්ණාව දක්වා (විස්තර කළයුතු.) යමෙක් මෙලොවැ බැඳුණේ පරලොවත් බැඳුණේ පමුණුවනු ලැබේ ද, හේ බැඳුණේ උපදියි, බැඳුණේ මියැයෙයි, බැඳුණේ මෙලොවින් පරාලොවට යයි. මේ බන්‍ධනය ද ආර්‍ය්‍ය ධර්‍මයෙන් හැර මුදන්නට නො හැක්ක. මරණභවය ද උපප්‍රාප්ති භවය ද භයවශයෙන් දැන ඡන්‍දරාගය දුරුකෙරෙයි. හේ මේ ඡන්‍දරාගය හැරපියා මේ ලෝකය ද මෙයින් මත්තෙහි දෙවැනි ලෝකය ද ඉක්මවයි.
Pali BJTතත්ථ යං බන්ධනා සඞ්ඛාරානං පහානං ඉදං වුච්චති උභයෙසු ඨානෙසු විරියං{10} ගන්ධපරිවාතො{11} සුමුනි නොපලිප්පති{12} තථෙව පරිග්ගහෙසු පුත්තෙසු දාරෙසු ච අබ්බුළ්හො{13} සල්ලොති තස්සායෙව{14}
Sinhala BJTඑහි බන්‍ධනයෙන් සංස්කාරයන්ගේ යම් ප්‍රහාණයක් ඇද්ද, මෙය (කායික චෛතසික) උභයස්ථානයෙහි , වීර්‍ය්‍ය යයි කියනු ලැබේ. (ගන්‍ධපරිවාතො සුමුනි?) නො තැවැරෙයි. එසේ මැ පරිග්‍රහවස්තුන්හිදු අඹුදරුවන් කෙරෙහිදු උපුළ ශල්‍ය ඇත්තේ යයි
Pali BJTතණ්හාය පහානං දස්සෙති. අයං තණ්හාමූලස්ස පහානා වරෙථ{1} අප්පමත්තොති කාමො පමාදවත්තති පහානාය නෙක්ඛම්මාභිරතො අප්පමාදවිහාරී භවති. තස්ස ආසයං පහානාය නෙව ඉමං ලොකං ආසිංසති{2} න පරං ලොකං{3} න ඉධලොකනිස්සිතං පියරූපං සාතරූපං ආකඞ්ඛති, නාපි පරලොකනිස්සිතං පියරූපං සාතරූපං ආකඞ්ඛති. තෙන වුච්චතෙ “නාසිංසතෙ{4} ලොකමිමං පරං{5}වා”ති.
Sinhala BJTඒතෘෂ්ණාවගේ මැ ප්‍රහාණය දක්වයි. මේ තෘෂ්ණාමූලයාගේ (පහානා වරෙ?) අප්‍රමත්ත වූයේ යයි (කාමෝ පමාද වත්තති?) ප්‍රහාණය පිණිස නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණේ අප්‍රමාදවිහාරී වෙයි. ඒ ප්‍රමාදයාගේ ආශයප්‍රහාණයෙන් මෙලොව ද පරලොව ද ආශංසනය නො කෙරෙයි. මෙලොව ඇසිරිකළ ප්‍රියරූප මධුරරූප නො කැමැති වෙයි. පරලොව ඇසිරිකළ ප්‍රියරූප සාතරූප ද නො කැමැති වෙයි. එයින් කියනු ලැබේ: “නාසිංසතෙ ලෝකමිමං පරං ච” යි.
Pali BJTයං තස්ස පහානං තං ඡෙදනං අට්ඨකවග්ගියෙසු මුනිනා නිද්දිට්ඨං.{6} සො ඉධ විරොධො අට්ඨකවග්ගියෙසු නාසිංසනං{7} ඉධ අන්යථා{8} තථායං තණ්හා,{9} තස්ස පරිග්ගහස්ස වත්ථුකාමස්ස එකගාථාය එතෙ සබ්බෙ කාමා දස්සිතා. තෙන භගවා දෙසෙති:
Sinhala BJTඒ ආකාඞ්ක්‍ෂාවගේ යම් ප්‍රහාණයෙක් ඇද්ද, එය මුනිහු විසින් අෂ්ටකවර්‍ගයෙහි ‘ඡේදනං’ යී දක්වනලදි. අෂ්ටකවර්‍ගයෙහි ඒ විරෝධය වෙයි. මේ (කොසලසංයුත්තයෙහි) “නාසිංසනං” යි අන් පරිද්දෙකින් එයි. එසෙයින් මේ තෘෂ්ණාව ඊට පරිග්‍රහ වූ වස්තුකාමය එක් ගාථායෙහි මේ සියලු කාමයෝ දක්වනලදහ. බුදුහු එයින් වදාරති:
Pali BJT“එතම්පි ජෙත්වාන පරිබ්බජන්ති. අනපෙක්ඛිනො සබ්බකාමෙ{10} සහායා”ති.
Sinhala BJTවස්තුකාම ක්ලේශකාමයෙහි අපේක්‍ෂා නැත්තාහු තෙල බන්‍ධනය සිඳපියා කම්සුව හැරපියා ගිහිගෙන් නික්මැ යෙත් යයි.
Pali BJTඉමිස්සා ගාථාය ද්විධා නිද්දෙසො: සංසදෙනනිද්දෙසො ච සමයනිද්දෙසො ච, යථා අයං ගාථා සංකිලෙසභාගියං ච, එවං තාය ගාථාය සංකිලෙසභාගියං ච නිබ්බෙධභාගියං ච විසජ්ජනා. යථායං ගාථා එවං{11} සබ්බගාථාසු ව්යාකරණෙසු වා, නිද්දිට්ඨං සුත්තං.
Sinhala BJTමේ ගාථායෙහි දෙපරිද්දෙකින් නිර්දේශ වෙයි: සංසන්‍දන නිර්‍දෙශය ද සමය නිර්‍දෙශය දැයි, යම්සේ මේ ගාථාව සංකිලේසභාගියත් නිබ්බෙධභාගියත් වේ ද, එසෙයින් ඒ ගාථායෙහි සංකිලෙසභාගිය වූ ද නිබ්බේධභාගිය වූ ද විසඳුම වෙයි. මේ ගාථාව යම්සේ ද සියලු ගාථාවන්හිදු වෙය්‍යාකරණයන්හිදු මෙසේ යි. සූත්‍රය නිර්දිෂ්ට යි.
Pali BJT1. තත්ථ කතමා දෙසනා: ඉමං සුත්තං කෙනාධිප්පායෙන දෙසිතං, යෙ රාගචරිතා සත්තා, තෙ කාමෙ පජහිස්සන්තීති අයං තත්ථ භගවතො අධිප්පායො.
Sinhala BJT1. එහි දේසනා කවරැ: මේ සූත්‍රය කවර අදහසකින් දෙසනලද ද යත්: යම් රාගචරිත සත්‍ව කෙනෙක් වෙද්ද ඔහු කාමයන් දුරුකරන්නාහයි මේ එහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.
Pali BJT2. තත්ථ කතමො විචයො: යස්ස දසවත්ථුකා කිලෙසා උත්තිණ්ණා වන්තා විදිතා. කතමෙ දසවිධාති: කිලෙසකාමා ච ඔරම්භාගියඋද්ධම්භාගියා ච සඤ්ඤොජනා දසවත්ථුකානි ආයතනානි. අයං විචයො.
Sinhala BJT2. එහි විචය කවරෙ යැ: යමක්හු විසින් දසවස්තුක ක්ලේශයෝ උත්තීර්‍ණ වූවාහු මුදනලද්දාහු දන්නාලද්දාහු වෙත් ද, කවර දසවිධ වූවාහු ද යත්: ක්ලේශකාමයෝ ද ඕරම්භාගිය උද්ධම්භාගිය සංයෝජනයෝ ද දසවස්තුක ආයතනයෝ ද යන මොහු යි. මේ විචය යි.
Pali BJT3. තත්ථ කතමා යුත්ති: යෙ සාරත්තා තෙ දළ්හබන්ධනෙන{12} බජ්ඣන්ති{13} අත්ථි එසා යුත්ති.
Sinhala BJT3. එහි යුත්ති කවරැ: යම් කෙනෙක් ක්ලේශකාමයෙන් වස්තුකාමයෙහි ඇලුණා හු ද, ඔහු දැඩි බැඳුමෙන් බැඳුණාහු වෙත්. තෙල යුත්ති ඇත.
Pali BJT4. තත්ථ කතමො පදට්ඨානො: සාරත්තො මණිකුණ්ඩලෙසූති මමඞ්කාරස්ස පදට්ඨානං, අපෙක්ඛාති අතීතවත්ථුස්ස සාරාගස්ස පදට්ඨානං. එතම්පි ජෙත්වාති භාවනාය පදට්ඨානං.
Sinhala BJT4. එහි පදට්ඨාන කවරෙ යැ: මිණිකොඬොල්හි ඇලුණේ මමංකාරයට පදට්ඨාන යැ, ‘අපෙක්ඛා’ යනු අතීත වස්තුක වූ රාග ඇත්තහුට පදට්ඨාන යැ, ‘එතම්පි ජෙත්‍වා’ යනු භාවනාවට පදට්ඨාන යි.
Pali BJT5. තත්ථ කතමො ලක්ඛණො: සාරත්තචිත්තො මණිකුණ්ඩලෙසු යො අහඞ්කාරෙ විසත්තො මමඞ්කාරෙ විසත්තො, සො{1} පුත්තදාරෙ සාරත්තො ඛෙත්තවත්ථුස්මිං සාරත්තො. අයං ලක්ඛණො හාරො.
Sinhala BJT5. එහි ලක්ඛණ කවරෙ යැ: යමෙක් මිණිකොඬොල්හි ඇලුණු සිත් ඇත්තේ අහංකාරයෙහි වෙසෙසින් ඇලුණේ ද මමංකාරයෙහි වෙසෙසින් ඇලුණේ ද හේ අඹුදරුවන් කෙරෙහි ඇලුණේ කෙත්වත්හි ඇලුණේ වෙයි. මේ ලක්ඛණහාර යි.
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: ඉධ සුත්තෙ භගවතො කො අධිප්පායො: යො නිබ්බානෙන ඡන්ද්රිකා භවිස්සන්ති තෙ පුත්තදාරෙසු{2} තණ්හං පජහිස්සන්ති, අයං තත්ථ භගවතො අධිප්පායො. අයං චතුබ්යූහො හාරො{3}.
Sinhala BJT6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: යම් කෙනෙක් නිවනෙහි රුචි ඇත්තාහු වෙත් ද, ඔහු අඹුදරුවන් කෙරෙහි තෘෂ්ණාව හරනාහු යැ. මේ එහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රායයි. මේ චතුබ්‍යුහහාර යි.
Pali BJT7. තත්ථ කතමො ආවට්ටො: යා පුත්තදාරෙසු{4} තණ්හා අයං සමුදයො. යෙ උපාදින්නක්ඛන්ධා තෙ යෙ ච බාහිරෙසු රූපෙසුපරිග්ගහො,{5} ඉදං දුක්ඛං. යං තත්ථ ඡෙදනීයං, අයං නිරොධො. යෙන භිජ්ජති, අයං මග්ගො. ඉමානි චත්තාරි සච්චානි.
Sinhala BJT7. එහි ආවත්තහාර කවරෙ යැ: අඹුදරුවන් කෙරෙහි යම් තෘෂ්ණාවක් ඇද්ද මේ සමුදය යැ, යම් උපාදින්නස්කන්‍ධ කෙනෙක් ඇද්ද ඔහු ද යම් බාහිර රූපයන්හි පරිග්‍රහයෙක් ඇද්ද, මේ දුක යැ, එහි යම් සිඳියැයුත්තෙක් ඇද්ද, මේ නිරෝධ යැ, යමකින් බිඳේ ද මේ මාර්‍ග යැ. මේ සතර සත්‍යයෝ යි.
Pali BJT8. විභත්තීති: නත්ථි විභත්තියා භූමි.
Sinhala BJT8. විභත්ති යනු: මෙහි විභත්තිහාරයට භූමි නැති.
Pali BJT9. පරිවත්තනොති: පටිපක්ඛො නිද්දිට්ඨො.
Sinhala BJT9. පරිවත්තන යනු: ප්‍රතිපක්‍ෂය දක්වන ලද්දේය.
Pali BJT10. තත්ථ කතමො වෙවචනො: නිද්දිට්ඨො වෙවචනො.
Sinhala BJT10. එහි වෙවචනහාර කවරෙ යැ: වේවචන දක්වනලද්දේ යි.
Pali BJT11. තත්ථ කතමො ඔතරණො: අත්ථි තණ්හා එකො සත්තො ඔතිණ්ණො තප්පච්චයා විඤ්ඤාණං, යාව ජරාමරණං, යා තත්ථ වෙදනා අයං අවිජ්ජා, විජ්ජුප්පාදා අවිජ්ජානිරොධො, යාව ජරාමරණනිරොධො.
Sinhala BJT11. එහි ඕතරණ කවරෙ යැ: තෘෂ්ණාව ඇත, සත්‍ව තෘෂ්ණායෙන් මඩනාලදුයේ වෙයි, ඒ තෘෂ්ණාප්‍රත්‍යයෙන් විඥානය වෙයි, ජරාමරණ දක්වා (කියැයුතු). එයි යම් වේදනාවක් ඇද්ද මේ අවිද්‍යා යැ. මාර්‍ගඥානවිද්‍යාව ඉපදීමෙන් අවිද්‍යානිරෝධය වෙයි. ජරාමරණනිරෝධය දක්වා කියැයුතු.
Pali BJT12. තත්ථ කතමො සොධනො: සුද්ධො ගාථාය ආරම්භො.
Sinhala BJT12. එහි සෝධනහාර කවරෙ යැ: ගාථායෙහි ආරම්භය ශුද්ධ යි.
Pali BJT13. තත්ථ කතමො අධිට්ඨානො: “න තං දළ්හං බන්ධනමාහු ධීරා”ති එකත්තතාය පඤ්ඤත්තා, න වෙමත්තතාය. චත්තාරො රාගා: කාමරාගො රූපරාගො භවරාගො දිට්ඨිරාගො චා’ති එකත්තතාය පඤ්ඤත්තා.
Sinhala BJT13. එහි අධිට්ඨාන කවරෙ යැ: “න තං දළ්හං බන්ධනමාහු ධීරා” යනු ඒකත්තතා (සාමාන්‍ය) යෙන් පනවනලදු, වේමත්තතායෙන් නොවේ. කාමරාග රූපරාග භවරාග දිට්ඨිරාග යන සතර රාගයෝ ඒකත්තතායෙන් පනවනලදහු යි.
Pali BJT14. තත්ථ කතමො පරික්ඛාරො: යෙසං රාගො මණිකුණ්ඩලෙසු තස්ස සුභසඤ්ඤා හෙතු, අනුබ්යඤ්ජනසො ච නිමිත්තග්ගාහො පච්චයො. යාය තෙ ඡින්නානි තස්ස අසුභසඤ්ඤා හෙතු, නිමිත්තග්ගහනඅනුබ්යඤ්ජනග්ගහනවිනොදනං පච්චයො.
Sinhala BJT14. එහි පරික්ඛාර කවරෙ යැ: මණිකුණ්ඩලයන්හි යම් කෙනකුන්ගේ රාගය වේ ද, ඒ රාගයට ශුභසංඥාව හේතු යැ, අනුබ්‍යඤ්ජනවශයෙන් නිමිත්තග්‍රාහය ප්‍රත්‍ය යි. යම් කරුණෙකින් ඒ මිණිකොඬොල් දිරුවාහු ද ඊට අශුභසංඥාව හේතු යි. නිමිත්තග්‍රහණ අනුව්‍යඤ්ජනග්‍රහණය දුරැලීම ප්‍රත්‍ය යි.
Pali BJT15. තත්ථ කතමො සමාරොපනො: සාරත්තො මණිකුණ්ඩලෙසු සම්මූළ්හවිධො දුට්ඨාතිපි එතම්පි{6} ඡෙත්වාන පරිබ්බජන්තීති තං පරිඤ්ඤාතත්ථං පරිවජ්ජිතත්ථං පජහිතා. අයං සමාරොපනො.
Sinhala BJT15. එහි සමාරෝපන කවරෙ යැ: මණිකුණ්ඩලයන්හි ඇලුණේ සම්මූඪ වූයේ වෙයි. (දුට්ඨාතිපී?) තෙල බන්‍ධනය ද සිඳපියා නික්මැයෙත් යයි. (තං පරිඤ්ඤාතත්ථං පරිවජ්ජිතත්ථං පජහිතා?) මේ සමාරොපනහාර යි.
Pali BJT7. 13.
Sinhala BJT7. 13.
Pali BJT“යං චෙතෙති යං පකප්පෙති යං අනුසෙති”{*} විත්ථාරෙන පච්චයො යං වා චෙතසිකං කායිකං ච වාචසිකං ච කම්මං.{1} කිං කාරණා: චෙතසිකා හි චෙතනා මනොකම්මන්ති{2} වුච්චතෙ, යං චෙතනාකම්මං තං{3} චෙතසිකං ඉමං කායිකං ච වාචසිකං ච ඉමානි තීණි කම්මානි නිද්දිට්ඨානි.
Sinhala BJT“යම් අරමුණක් සිතා ද සිත්හි ලා පවත්වා ද අනුශය වශයෙන් පවතී ද” (අභිසමය සංයුත්ත - කළාරඛත්තියවග්ග - චේතනා සූත්‍රය) විස්තරයෙන් කියැයුතු යම් චෛතසික කර්‍මයක් හෝ වේද, එය කායිකකර්‍ම ද වාචසිකකර්‍මය ද වෙයි. කරුණු කිම යත්: ඒ එසේ මැය, සිත්හි උපදනා චේතනා මනෝකම්ම යයි කියනුලැබේ. යම් චේතනාකර්‍මයක් ඇද්ද එය චෛතසික කර්‍ම යැ, මේ කායකර්‍මය ද වාක්කර්‍මය දැයි මේ තුන් කර්‍මයෝ දක්වනලද්දාහු යැ.
Pali BJTකායකම්මවචීකම්මානි ච{4} තානි කුසලානිපි යං කායෙන ච වාචාය ච ආරභති පරාමසති, අයං වුච්චති සීලබ්බතපරාමාසො.
Sinhala BJTඒ කායකර්‍ම වාක්කර්‍මයෝ ද කුශල වූවාහු ද වෙති. යම් කර්‍මයක් කයිනුදු වචනයෙනුදු කෙර් නම්, දැඩිව ගනී නම්, මේ සීලබ්බතපරාමාස යයි කියනු ලැබේ.
Pali BJTසඞ්කප්පනා තෙ තිවිධා සඞ්ඛාරා පුඤ්ඤමයා අපුඤ්ඤමයා ආනෙඤ්ජමයා, තප්පච්චයා විඤ්ඤාණං තෙ ආරම්මණඅමතං හොති විඤ්ඤාණස්ස ඨිතියා.
Sinhala BJTඒ සංකල්පනයෝ ද පුඤ්ඤමය අපුඤ්ඤමය අනෙඤ්ජමය යන ත්‍රිවිධ සංස්කාරයෝ වෙති. ඒ සංස්කාරප්‍රත්‍යයෙන් කර්‍මවිඥානය වෙයි. කර්‍මවිඥානයාගේ සිටීමට තෙල අරමුණ වේ.
Pali BJTයා සුභසඤ්ඤා සුඛසඤ්ඤා අත්තසඤ්ඤා ච ඉදං චෙතසිකං. යං රූපූපගං විඤ්ඤාණං තිට්ඨති රූපාරම්මණං රූපපතිට්ඨිතං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලතං ගච්ඡති, අයං සඞ්කප්පනා. ඉති යං විඤ්ඤාණට්ඨිතීසු ඨිතං පඨමාභිනිබ්බත්ති ආරම්මණවසෙන උපාදානං. ඉදං වුච්චති චෙතසිකන්ති.
Sinhala BJTයම් ශුභසංඥාවක් සුඛසංඥාවක් ආත්මසංඥාවක් ඇද්ද මේ චෛතසිකකර්‍ම යැ, රූපභවයට පමුණුවන යම් කර්‍මවිඥානයක් රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටී ද, නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වැඩීමට පිහිටීමට විපුලබවට යේ ද, මේ සංකල්පනා යැ. මෙසේ විඥානස්ථිතීන්හි සිටී ආලම්බන වශයෙන් ප්‍රථමාභිනිෂ්පත්ති වූ යම් උපාදානයක් ඇද්ද, මේ චෛතසික යයි කියනුලැබේ යි.
Pali BJTතත්ථ ඨිතස්ස අරූපස්ස යා නිකන්ති අජ්ඣොසානං, ඉදම්පි සකම්පිතං. මනාපිකෙසු රූපෙසු පියරූපසාතරූපෙසු ආභොගො, ඉදං චෙතසිකං.
Sinhala BJTඑහි සිටී අරූපයාගේ යම් නිකාන්තියක් බැසැගෙන සිටීමක් ඇද්ද, මේද සකම්පිත යැ. ප්‍රියස්වභාව මධුරස්වභාව වූ මනවඩන රූපයන්හි යම් අභෝගයෙක් ඇද්ද, මේ චෛතසික කර්‍ම යි.
Pali BJTයං චෙතෙති සත්තෙසු{5} මනාපිකෙසු අභිජ්ඣාකායගන්ථො. පටිඝානුසයෙසු බ්යාපාදකායගන්ථො. සබ්බෙ චත්තාරො ගන්ථා, අයං පඤ්චසු කාමගුණෙසු පඨමාභිනිපාතො චිත්තස්ස. යා චෙතනා යස්ස තත්ථ අස්සාදානුපස්සිස්ස අනෙකා පාපකා අකුසලා ධම්මා චිත්තං අරූපවතියො හොන්ති. (?) පුග්ගලො රාගානුබද්ධභූතො{6} තෙහි කිලෙසකාමෙහි යථාකාමකරණීයො, අයං වුච්චතෙ කාමෙසු පකප්පනා. එවං සබ්බෙ චත්තාරො ඔඝා.
Sinhala BJTයම් චේතනාවක් කෙරේ ද එය මනවඩන සත්ත්‍වයන් කෙරෙහි අභිධ්‍යාකායග්‍රන්‍ථ වෙයි, ප්‍රතිඝානුශයෙහි ව්‍යාපාදකායග්‍රන්‍ථ වෙයි, සියලු සතර ග්‍රන්‍ථයෝ වෙත්. මේ පඤ්චකාමගුණයන්හි චිත්තයාගේ ප්‍රථමාභිතිපාතය යි. යමක්හුගේ යම් චේතනාවක් ඇද්ද, එහි ආස්වාද වශයෙන් දක්නහුට නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ වෙත්. (චිත්තං අරූපවත්තියො හොන්ති?) රාගයෙන් බැඳුණු පුද්ගල ඒ ක්ලේශකාමයන් විසින් රිසිසේ කළහැකි වෙයි. මේ කාමයන්හි ප්‍රකල්පනා යයි කියනු ලැබේ. සියලු සතර ඕඝයෝ මෙසේ යි.
Pali BJTයං තෙහි කාමෙහි සංයුත්තො විහරති භාවිතො අජ්ඣොසන්නො, අයං චෙතනා. යස්ස තථායං අවීතරාගස්ස අවිගතපෙමස්ස{7} තස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති{8} සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. දුක්ඛානුපරිවත්තිතං විඤ්ඤාණං හොති, සරිතස්ස වයධම්මසමුප්පාදො චිත්තං පරියාදියති. ඉදං වුච්චති පකප්පිතන්ති.
Sinhala BJTයමෙක් ඒ කාමයන් විසින් සංයුක්ත වූයේ භාවිත වූයේ බැසගන්නාලදුයේ වාස කෙරේ ද, මේ චේතනා යැ. එසේ මැ යමකුට මේ කාමචේතනා වේ ද අවීතරාග වූ අවිගත වූ ප්‍රේම ඇති ඔහුට ඒ කාමයන්ගේ විපරිනාමයෙන් අන්‍යථාභාවයෙන් සෝක පරිදේව දුක් දොම්නස් උපායාසයෝ උපදිත්. දුක අනුව පවත්නා විඥානය වෙයි, (සරිතස්ස?) ව්‍යයධර්‍මයන්ගේ ඉපදීම සිත හාත්පසින් මැඩගනී. මේ ප්‍රකල්පිත යයි කියනු ලැබේ.
Pali BJTඑවමෙකස්ස{1} චෙතෙති ච පකප්පෙති ච විඤ්ඤාණස්ස ඨිති යා හොති, සා ච ඨිති ද්විධා: ආරම්මණට්ඨිති ච ආහාරට්ඨිති ච, තත්ථ යා ආරම්මණට්ඨිති, අයං නාමරූපස්ස පච්චයො, යා ආහාරට්ඨිති යා පුනබ්භවාභිනිබ්බත්තිකා ඨිති යා ච පොනොභවිකා ඨිති, අයං වුච්චති ආරම්මණං, තං හොති විඤ්ඤාණස්ස ඨිතියා තස්ස විඤ්ඤාණපච්චයා නාමරූපං යාව ජරාමරණං ච චෙතෙති.
Sinhala BJT(එවමෙකස්ස චේතෙති ච පකප්පේති ච?) විඥානයාගේ යම් සිටීමක් වේ ද, ඒ ස්ථිතිය අරම්මණට්ඨිති යැ ආහාරට්ඨිති යැයි දෙපරිදි වෙයි: එහි යම් ආලම්බනස්ථිතියක් වේ ද මේ නාමරූපයට ප්‍රත්‍යය වෙයි. යම් ආහාර ස්ථියක් වේ ද, පුනර්‍භවයෙහි උපත ඇතිකරන පුනර්‍භවයට හිත වූ යම් ස්ථිතියකුත් වේද, මේ ආලම්බන යයි කියනු ලැබේ. එය කර්‍ම විඥානයාගේ ස්ථිතිය පිණිස වෙයි. ඒ විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි. ජරාමරණ දක්වා චේතනා කෙරෙයි.
Pali BJTඅථ ච පුන පත්ථයතෙ යතො න පොනොභවිකා{2} අනාගතවත්ථූම්හි. අයං පටිපක්ඛො නිද්දිට්ඨො, න චෙතෙති න පත්ථයති අත ච දූසෙතීති දුවිධො නිද්දෙසො. අස්ස පුබ්බෙ හොති තං චෙතසිකං තං පකප්පීතං අසමූහිතං තප්පච්චයා. අයං විඤ්ඤාණස්ස ඨිති හොති.
Sinhala BJTයලි යම්හෙයකින් අනාගත වස්තු විෂයෙහි පුනර්‍භවය ඇති කරන ප්‍රාර්‍ත්‍ථනා නොවේද, මේ ප්‍රතිපක්‍ෂභාවය දක්වන ලදී. චේතනා නො කෙරෙයි, ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි, එකෙකුදුවත් දූෂණ කෙරේ නුයි දෙවැදෑරුම් නිර්‍දෙශය වේ. (අස්ස පුබ්බේ ... අසමූහිතං තප්පච්චයා?) කර්‍මවිඥානයාගේ මේ ස්ථිතිය වේ.
Pali BJTඅථවා තස්ස අනුසයා ආවීභවන්ති තප්පච්චයා තස්ස පුනබ්භවො නිබ්බත්තති. අථවා නං සංකීයතෙ අප්පෙතු ආගාරෙ වා. සුඛුමා වා සන්ති වා න සංකීයතෙ කාමෙ තං එවං නිච්චෙසුපි ආගාරෙසු ජාතො හොති. තං නයති යං නො කප්පෙතුං එවං සංඛාරා චෙතිතා පකප්පිතා ච ආරම්මණභූතා හොන්ති. (?) යා ච චෙතනා යා ච පකප්පනා යං ච වත්ථු නිබ්බත්තං. උභොපි එතෙ ආරම්මණං විඤ්ඤාණස්ස, තථා චෙතනාය ච සංකප්පනාය ච පත්ථනාය ච භූතා සත්තා චෙතෙති ච සඞ්කප්පෙති ච. යං සභවෙසනා{3} න ච චෙතෙති න ච සඞ්කප්පෙති. කතමෙ ච සත්තා භූතා: යෙ ච තනුජාතා අණ්ඩජාපි අණ්ඩකා අනුභින්නා සංසෙදජා න ච සම්භින්නා, ඉමෙ භූතා, කතමෙ සම්භවෙසිනො: ගබ්භගතා අණ්ඩගතා සංසරන්තො ඉමෙ න චෙතෙන්ති{4} න පත්ථෙන්ති න ච සඞ්කප්පෙන්ති.{4} අනුසයෙන ච පුනබ්භවො නිබ්බත්තීති.
Sinhala BJTනොහොත් ඔහුට අනුසයයෝ පහළවෙති, ඒ හේතුයෙන් ඔහුට පුනර්‍භවය උපදී, නොහොත් (නංසංකීයතෙ ... ආරම්මණභූතා හොන්ති?) යම් චේතනාවකුත් යම් ප්‍රකල්පනයකුත් වේද, උපන් යම් වස්තුවකුත් ඇද්ද මේ දෙක මැ විඥානයට අරමුණු වෙයි. එසේ මැ චේතනාවට ද සංකල්පනාවට ද ප්‍රාර්‍ත්‍ථනාවට ද අරමුණු වේ. භූත (උපන්) සත්ත්‍වයෝ චේතනා ද සංකල්පනා ද කෙරෙයි, සම්භවය සොයන සත්ත්‍ව නො ද සිතයි නො ද සංකල්පන කෙරෙයි. උපන් සත්‍වයෝ කවරහ: යම් තනුබවට ගිය අණ්ඩජයෝ ද අණ්ඩකෝෂයෙන් නික්මුණාහු ද සම්භේදයට නොගිය සංසේදජයෝ ද යන මොහු භූතයෝ යි. සම්භවේසීහු කවරහ: ගර්‍භගත වැ අණ්ඩකෝෂගත වැ හැසිරෙන යම් සත්ත්‍ව කෙනෙක් ඇද්ද මොහු චේතනා නො කෙරෙති, ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙති, සංකල්පනා නො කෙරෙත්. අනුසය හේතුකොට (ඔවුන්ට) පුනර්‍භවය උපදී යයි.
Pali BJTයෙ භූතා සත්තා යෙ සම්භවෙසිනො, තෙ ථාවරා. යෙ වා සත්තා{5} චෙතෙන්ති පත්ථෙන්ති ච යෙ ථාවරා, තෙ න ච චෙතෙන්ති න ච පත්ථෙන්ති න ච සඞ්කප්පෙන්ති අනුසයෙන ච සංසරන්ති.
Sinhala BJTයම් උපන් සත්‍ව කෙනෙක් ඇද්ද යම් සම්භවේසීහු වෙත් ද ඔහු ථාවරයෝ යැ, යම් සත්‍ව කෙනෙක් සිතත් ද පතත් ද යම් ථාවර සත්‍ව කෙනෙක් වෙත් ද ඔහු නො ද සිතති, නො ද පතති, නො ද සංකල්පනා කෙරෙත්. අනුසයහේතුයෙන් සංසරණය කෙරෙත්.
Pali BJTඅපරො පරියායො: යෙ අරියපුග්ගලා සෙඛා, තත්ථ තෙ න ච චෙතෙන්ති, න ච සඞ්කප්පෙන්ති, අනුසයෙන පුන උප්පජ්ජන්ති.
Sinhala BJTඅන්‍යත් පරියායයෙකි: යම් ශෛක්‍ෂ ආර්‍ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද, ඔහු නො ද චේතනා කෙරෙති, නො ද සංකල්පන කෙරෙති, අනුසය වශයෙන් යළි උපදිත්.
Pali BJTඅපරො පරියායො: යෙ සුඛුමා පාණා භූමිගතා උදකගතා චක්ඛුනො ආපාථං{6} නාගච්ඡන්ති, තෙ න ච චෙතෙන්ති න ච සඞ්කප්පෙන්ති, අනුසයෙන ච සංසරන්ති.
Sinhala BJTඅන්‍යත් පරියායයෙකි: භූමිගත වූ උදකගත වූ යම් සියුම් ප්‍රාණීහු ඇස්හමුවට නො පැමිණෙත් ද, ඔහු නො ද චේතනා කෙරෙති, සංකල්පනා නො ද කෙරෙති, අනුසය වශයෙන් සැරිසරත්.
Pali BJTඅපරො පරියායො: බාහිකා (?) සබ්බෙ භික්ඛු අභිමානිකා. තෙ න ච චෙතෙන්ති. න ච පත්ථයන්ති, අනුසයෙන ච සංසරන්ති. න ච චෙතෙන්ති න ච සඞ්කප්පෙන්ති න ච අනුසෙන්ති. ආරම්මණම්පෙතං න හොති විඤ්ඤාණස්ස ඨිතියා.
Sinhala BJTඅනිකුදු පරියායයෙකි: (බාහිකා?) සියලු භික්‍ෂූහු අධිගතාභිමාන ඇත්තාහු වෙති, ඔහු නො ද චේතනා කෙරෙහි නො ද ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, අනුසය හේතුයෙන් සැරිසරත්. නො ද චේතනා කෙරෙත් ද නො ද සංකල්පන කෙරෙත් ද, අනුසය නො වෙත් ද, තෙල අරමුණ ද විඥානයාගේ ස්ථිතිය පිණිස නො වේ.
Pali BJTන ච චෙතෙතීති: පරියුට්ඨානසමුග්ඝාතං දස්සෙති. න ච අනුසෙතීති: අසුසයසමුග්ඝාතං දස්සෙති. න ච චෙතෙතීති ඔළාරිකානං කිලෙසානං පහානං දස්සෙති. න ච අනුසෙතීති: සුඛුමානං කිලෙසානං පහානං දස්සෙති. න ච චෙතෙතීති: යෙන (?) භූමි ච. න ච පත්ථයතී{1}ති: සකදාගාමී අනාගාමී. න ච අනුසෙතීති අරහා.{2} න ච චෙතෙතීති සීලක්ඛන්ධස්ස පටිපක්ඛෙන පහානං දස්සෙති. න ච පත්ථයතීති සමාධික්ඛන්ධස්ස පටිපක්ඛෙන පහානං දස්සෙති. න ච අනුසෙතීති පඤ්ඤාක්ඛන්ධස්ස පටිපක්ඛෙන පහානං දස්සෙති. න ච චෙතෙතීති අපුඤ්ඤමයානං සඞ්ඛාරානං පහානං දස්සෙති. න ච අනුසෙතීති ආනෙඤ්ජමයානං සඞ්ඛාරානං පහානං දස්සෙති. න ච චෙතෙතීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, න ච පත්ථයතීති අඤ්ඤින්ද්රියං, න ච අනුසෙතීති අඤ්ඤාතාවිනො ඉන්ද්රියං. න ච චෙතෙතීති මුදුකා ඉන්ද්රියභාවනා, න ච පත්ථයතීති මජ්ඣඉන්ද්රියභාවනා, න ච අනුසෙතීති අධිමත්තා ඉන්ද්රියභාවනා. අයං සුත්තත්ථො.
Sinhala BJT‘න ච චේතෙති’ යි (ක්ලේශ) පරියුට්ඨානයාගේ නැසීම දක්වයි. ‘න ච අනුසෙ’ති යි අනුසයයන්ගේ නැසීම දක්වයි, ‘න ච චේතෙති’ යි ඖදාරික ක්ලේශයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච අනුසෙති’ යි සියුම් කෙලෙසුන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච චේතෙති’ යි (සේන භූමි ච?) ‘න ච පත්‍ථයති’ යි සකදාගාමී අනාගාමී භූමි ද, ‘න ච අනුසෙති’ යි රහත්භූමි ද (දක්වයි,) ‘න ච චේතෙති’ යි ශීලස්කන්‍ධයට ප්‍රතිපක්‍ෂයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච පත්‍ථයති’ යි සමාධිස්කන්‍ධයට ප්‍රතිපක්‍ෂයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච අනුසෙති’ යි ප්‍රඥාස්කන්‍ධයට ප්‍රතිපක්‍ෂයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච චේතෙති’ යි අපුණ්‍යමය සංඛාරයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච පත්‍ථයති’ යි පුණ්‍යමය සංස්කාරයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච අනුසෙති’ යි ආනෙඤ්ජමය සංස්කාරයන්ගේ ප්‍රහාණය දක්වයි. ‘න ච චේතෙති’ යි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ද, ‘න ච පත්‍ථයති’ යි අඤ්ඤින්‍ද්‍රිය ද, ‘න ච අනුසෙති’ යි අඤ්ඤාතාවින්‍ද්‍රිය ද දක්වයි. ‘න ච චේතෙති’ යි මෘදු වූ ඉන්‍ද්‍රියභාවනාව ද ‘න ච පත්‍ථයති’ යි මධ්‍ය වූ ඉන්‍ද්‍රියභාවනාව ද ‘න ච අනුසෙති’ යි අධිමාත්‍ර වූ ඉන්‍ද්‍රියභාවනාව ද දක්වයි. මේ සූත්‍රාර්‍ත්‍ථ යි.
Pali BJT1. තත්ථ කතමා දෙසනා: ඉධ සුත්තෙ චත්තාරි සච්චානි දෙසිතානි.
Sinhala BJT1. එහි දේසනාහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි චතුස්සත්‍යය දේශිත යි.
Pali BJT2-3. යං ච චෙතයිතං යං ච පකප්පිතං අත්ථි එතං ආරම්මණං චිත්තං පතිට්ඨාති{3} විචිනාති{4} යුජ්ජති. න ච චෙතෙතීති න ච පත්ථයතීති අත්ථි එතං{5} ආරම්මණං අනුසයෙ විඤ්ඤාණමිති විචීනයති{6} යුජ්ජති න ච චෙතෙති න ච පත්ථයති. අනුසයප්පහානා විඤ්ඤාණට්ඨිතිං න ගවෙසන්ති. විචයන්තං{7} යුජ්ජති. අයං යුත්ති විචයො.
Sinhala BJT2-3. යම් චේතයිතයකුත් යම් පකප්පිතයකුත් ඇද්ද, යම් තැනෙක සිත පිහිටා නම් විචිනනය කෙරේ නම් තෙල අරමුණ ඇත. (එයින් දේශනාව) යෙදෙයි. න ච චේතෙති න ච පත්‍ථයති, යි තෙල අරමුණ ඇත. අනුසය ඇති කල්හි කර්‍මවිඥානය වේ යයි විචිනනය කෙරෙයි යනු යෙදෙයි. නො ද චේතනා කෙරෙයි, නො ද පතයි, අනුශය ප්‍රහාණයෙන් විඥානස්ථිතිය ගවේෂණය නො කෙරෙත්. ඒ විචය යෙදෙයි. මේ යුත්ති හා විචය යි.
Pali BJT4. තත්ථ කතමො පදට්ඨානො: චෙතනාපරියුට්ඨානං චෙතනාපරියුට්ඨානස්ස පදට්ඨානං. සඞ්කප්පනං උපාදානස්ස පදට්ඨානං. අනුසයො පරියුට්ඨානස්ස පදට්ඨානං, තෙසං ඡන්දරාගවිනයාය භාවනා භවරාගස්ස පහානං.
Sinhala BJT4. එහි පදට්ඨාන කවරෙ යැ: චේතනාපරියුට්ඨානය චේතනාපරියුට්ඨානයට පදට්ඨාන යැ, සංකල්පනය උපාදානයට පදට්ඨාන යැ, අනුසය පරියුට්ඨානයට පදට්ඨාන යැ, ඔවුන්ගේ ඡන්‍දරාග විනාශය පිණිස භාවනාව භවරාගයාගේ ප්‍රහාණය වේ.
Pali BJT5. තත්ථ කතමො ලක්ඛණො: යං චෙතසිකන්ති වෙදයිතං පකප්පිතං උග්ගහිතං විඤ්ඤාතං තං විඤ්ඤාණං{8} ආරම්මණම්පි පච්චයොපි.
Sinhala BJT5. එහි ලක්ඛණ කවරෙ යැ: ‘චේතසික’ යයි වෙදයිතයක් ප්‍රකල්‍යතයක් දැඩිව ගන්නා ලද්දක් විඥානයක් ඇද්ද ඒ විඤ්ඤාණය ආලම්බන ද ප්‍රත්‍යය ද වේ.
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො: ඉධ සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ පුනබ්භවං න ඉච්ඡන්ති, තෙ න චෙතයිස්සන්ති න ච පත්ථයිස්සන්තීති. අයං අධිප්පායො.
Sinhala BJT6. එහි චතුබ්‍යුහ කවරෙ යැ: මේ සූත්‍රයෙහි, භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් පුනර්‍භවය නො කැමැති වෙත් නම් ඔහු චේතනා නො කරන්නාහු යැ, නො ද ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු යැ යන මේ අධිප්‍රාය යි.
Pali BJT7. ආවට්ටොති: යා ච චෙතනා පත්ථනා ච අනුසයො ච විඤ්ඤාණට්ඨිති පහානා ච, ඉමානි ද්වෙ සච්චානි.
Sinhala BJT7. ආවත්ත යනු: යම් චේතනාවක් ප්‍රාර්‍ත්‍ථනාවක් අනුශයක් වේ ද, යම් විඥානස්ථිති ප්‍රහාණයකුත් වේ ද, මොහු සත්‍යයෝ දෙදෙනෙකි.
Pali BJT8. විභත්තීති: නත්ථි විභත්තියා භූමි.
Sinhala BJT8. විභත්ති යනු: මෙහි විභත්තිහාරයට භූමි නැති.
Pali BJT9. පරිවත්තනා පන පටිපක්ඛං සුත්තං.
Sinhala BJT9. පරිවත්තනා වැළිත් ප්‍රතිපක්‍ෂ සූත්‍රය යි.
Pali BJT10. තත්ථ කතමො වෙවචනො: චෙතනා රූපසඤ්චෙතනා යාච ධම්මසඤ්චෙතනා. සො අනුසයො තෙ සත්ත අනුසයා.
Sinhala BJT10. එහි වෙවචන කවරෙ යැ: රූපසංචේතනාව පටන් ධම්මසංචේතනා දක්වා චේතනා යැ, යම් අනුසයයෙක් ඇද්ද ඔහු සප්ත අනුශයෝ යි.
Pali BJT11. පඤ්ඤතීති: චෙතනා පරියුට්ඨාන{1}පඤ්ඤත්තියා පඤ්ඤත්තා. සඞ්කප්පනං උපාදානපඤ්ඤත්තියා පඤ්ඤත්තං. අනුසයො හෙතුපඤ්ඤත්තියා පඤ්ඤත්තා. විඤ්ඤාණට්ඨිති උපපත්තිහෙතුපඤ්ඤත්තියා පඤ්ඤත්තා. චෙතනා සඞ්කප්පනා අනුසයො සමුච්ඡෙදො ඡන්දරාගවිනයපඤ්ඤත්තියා පඤ්ඤත්තො. පඨමෙ කෙචි ද්වීහි පරිවත්තකෙහි පටිච්චසමුප්පාදො ඉදප්පච්චයතාය මජ්ඣපඤ්ඤත්ති. (?)
Sinhala BJT11. පඤ්ඤත්ති යනු: චේතනාව පරියුට්ඨානපඤ්ඤත්තියෙන් පනවනලදු. සංකල්පනය උපාදානපඤ්ඤප්තියෙන් පනවනලද, අනුසය හේතුපඤ්ඤත්තියෙන් පනවනලද, විඤ්ඤාණට්ඨිතිය උපප්‍රාප්තිහේතු ප්‍රඥප්තියෙන් පනවනලදු, චේතනා සංකල්පනා අනුශය සමුච්ඡේදය ඡන්‍දරාගවිනයප්‍රඥප්තියෙන් පනවන ලද, (පඨමෙ කෙචි ... මජ්ඣපඤ්ඤත්ති?)
Pali BJT12. ඔතරණොති: ද්වීහි පරිවත්තකෙහි{2} දුක්ඛං ච සමුදයො ච, මජ්ඣිමකෙහි මග්ගො ච නිරොධො ච.
Sinhala BJT12. ඕතරණ යනු: පරිවත්තක දෙකකින් දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද, මධ්‍යම පරිවර්‍තකයන්ගෙන් මාර්‍ගසත්‍යය ද නිරෝධසත්‍යය ද දක්වන ලද වේ.
Pali BJT13. සොධනොති: සුත්තෙ සුත්තස්ස ආරම්භො.
Sinhala BJT13. සෝධන යනු: සූත්‍රයෙහි ලා සූත්‍රයාගේ ආරම්භය (දැනගනුකැමැති අර්‍ත්‍ථය) වේ.
Pali BJT14. අධිට්ඨානොති: යං චෙතයිතං සබ්බං අධිට්ඨානෙන එකත්තතාය{3} පඤ්ඤත්තං. ‘සඞ්කප්පිත’න්ති උපාදානෙකත්තතාය පඤ්ඤත්තං විඤ්ඤාණං එකත්තතාය පඤ්ඤත්තං.
Sinhala BJT14. අධිට්ඨාන යනු: යම් චේතයිතයෙක් ඇද්ද සියල්ල අධිට්ඨානහාරයෙන් ඒකත්තතා සංඛ්‍යාත සාමාන්‍යයෙන් පනවනලද. ‘සංකප්පිතං’ යනු උපාදාන එකත්තතායෙන් පනවනලද, කර්‍මවිඥාන ඒකත්තතායෙන් පනවන ලදි.
Pali BJT15. පරික්ඛාරොති: සුඛං ච ආරම්මණං අයොනිසො මනසිකාරො චෙතනා හෙතුපච්චයතාය පච්චයො. විඤ්ඤාණස්ස පතිට්ඨානො ධම්මො ආරම්මණපච්චයතාය පච්චයො. තස්ස මනසිකාරො හෙතුපච්චයතාය පච්චයො.
Sinhala BJT15. පරික්ඛාර යනු: සුඛාරම්මණය ද අයෝනිසෝමනසිකාරය චේතනා යන මේ හේතුප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. විඥානයට ප්‍රතිෂ්ඨා වූ ධර්‍මය ආලම්බන ප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. ඒ ධර්‍මයාගේ මනසිකාරය හේතුප්‍රත්‍යායෙන් ප්‍රත්‍යය වේ.
Pali BJT16. තත්ථ කතමො සමාරොපනො: ඉදං සුත්තං සඤ්ඤිතං (?) තත්ථ චෙතෙති විසජ්ජනා ඉති නිද්දිසිතබ්බා, තස්ස දිට්ඨියා විඤ්ඤාණපච්චයා නාමරූපං යාව ජරාමරණං. අයං සමාරොපනො.
Sinhala BJT16. එහි සමාරොපනහාර කවරෙ යැ: මේ සූත්‍රය (සඤ්ඤිතං?) එහි චේතනා කෙරෙයි (යනු) විසඳුම යයි දැක්වියයුත්තීය (?) (තස්ස දිට්ඨයා?) විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, ජරාමරණ දක්වා විස්තර කළයුතු යැ. මේ සමාරොපනහාර යි.
Pali BJTආරම්මණමෙතං න හොති විඤ්ඤාණස්ස ඨිතියා. විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො. නාමරූපනිරොධා යාව ජරාමරණනිරොධො.
Sinhala BJTතෙල ආරම්මණය කර්‍මවිඥානයාගේ ස්ථිතිය පිණිස නො වෙයි. විඥානයාගේ නිරෝධයෙන් නාමරූපනිරෝධය වෙයි. නාමරූපනිරෝධයෙන් ජරාමරණනිරෝධය දක්වා විස්තර කළ යුතු.
Pali BJT7. 14.
Sinhala BJT7. 14.
Pali BJTතත්ථ කතමං සංකිලෙසභාගියං ච නිබ්බෙධභාගියං ච අසෙඛභාගියං ච සුත්තං: “අයං ලොකො සන්තාපජාතො{*} යාව “යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා භවෙන භවස්ස විප්පමොක්ඛමාහංසු”. සංකිලෙසභාගියං “උපධීහි{4} පටිච්ච දුක්ඛමිදං සම්භොති,” (යා තා පන “භවතණ්හා පහීයති,{5} විභවං{6} නාභිනන්දතී”ති අයං නිබ්බෙධො,{7} “තස්ස නිබ්බුතස්ස{8}භික්ඛුනො අනුපාදානා{9} පුනබ්භවො න හොති” උපච්චගා සබ්බභවානි තාදී”ති අසෙඛභාගියං.
Sinhala BJTඑහි සංකිලෙසභාගිය නිබ්බේධභාගිය අසේඛභාගිය ද වූ සූත්‍රය කවරෙ යැ: “මේ සත්‍ව ලෝක තෙමේ (ඥාතිව්‍යසනාදීන්) උපන් ශෝකසන්තාප ඇත්තේ” යැ යනු පටන් “යම් කිසි මහණ කෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි රූපභවයෙන් හෝ අරූපභවයෙන් භවයාගේ නොහොත් භවදෘෂ්ටියෙන් භවයාගේ මිදීම (ශුද්ධිය) කියත් ද” යනු දක්වා සංකිලෙසභාගිය වෙයි. “ඛන්‍ධාදි” උපධීන් නිසා මේ සසරදුක හටගනී.” (යනු සංකිලේස යි) “භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි, උච්ඡේදය ද නො කැමැති වෙයි” යන මේ නිබ්බේධ යැ. “ඒ කෙලෙස්පිරිනිවනින් නිවුණු මහණහට උපාදාන රහිත හෙයින් පුනර්‍භවය නො වේ.” “සුඛදුක්ඛාදියෙහි තාදී වූයේ සියලු භවයන් ඉක්මැවූයේ යැ” යනු ආසේඛභාගිය යි.
Pali BJTතත්ථ “සන්තාපජාතො”ති: රාගජො සන්තාපො දොසජො මොහජොති තෙසං සත්තානං ඨානං දස්සෙති. “ලොකො සන්තාපජාතො”ති ඵස්සො තිවිධො: සුඛවෙදනීයො දුක්ඛවෙදනීයො අදුක්ඛමසුඛවෙදනීයො තත්ථ සුඛවෙදනීයො ඵස්සො රාගසන්තාපො, දුක්ඛවෙදනීයො දොසසන්තාපො, අදුක්ඛමසුඛවෙදනීයො මොහසන්තාපො. යථා ච භගවා ආහ. හත්ථකස්ස ආළවකස්ස{1} ගොමග්ගෙ{2} “යෙහි ගහපති පුත්තො{3} රාගජෙහි දොසජෙහි මොහජෙහි සන්තාපෙහි දුක්ඛං සුපති, තෙ මම සන්තාපා න සන්තී”.
Sinhala BJTඑහි “සන්තාපජාතො” යනු: රාගයෙන් උපන් සන්තාප යැ ද්වේෂයෙන් මෝහයෙන් උපන් සන්තාප යි. “ලෝකෝ සන්තාපජාතො” යී ඒ සත්‍වයන්ගේ ස්ථානය දක්වයි. ඵස්සය තෙවැදෑරුම් යැ: සුඛවේදනීය යැ දුක්ඛවේදනීය යැ අදුක්ඛමසුඛවේදනීය යි. එහි සුඛවේදනීය ඵස්සය රාගසන්තාප යැ, දුක්ඛවේදනීය ඵස්සය දෝසසන්තාප යැ, අදුක්ඛම සුඛවේදනීය ඵස්සය මෝහසන්තාප යි. ගෝමගැ වැඩහුන් බුදුහු හත්‍ථකආළවක කුමරුට මෙසේ වදාළහ: “ගැහැවිපුත් රාගයෙන් උපන් ද්වේෂයෙන් උපන් මෝහයෙන් උපන් යම් සන්තාපයකින් දුකසේ හොවී ද ඒ සන්තාපයෝ මට නො වෙති.”
Pali BJT“රොදං වදති{4} අත්තතො”ති: තෙහි සන්තාපෙහි සන්තාපිතො තිවිධං විපල්ලාසං පටිලභති: සඤ්ඤාවිපල්ලාසං චිත්තවිපල්ලාසං දිට්ඨිවිපල්ලාසං. තත්ථ අසුභෙ සුභන්ති සඤ්ඤාවිපල්ලාසො, දුක්ඛෙ සුඛන්ති චිත්තවිපල්ලාසො, අනිච්චෙ නිච්චන්ති අනත්තනි අත්තාති දිට්ඨිවිපල්ලාසො.
Sinhala BJT“තමා විසින් පහස්නාලද දුක (මෙබන්දක් සතුරකුටත් නො වේව’ යි) වැලැපෙමින් කියයි. (‘රෝගං’ යන පාඨයෙහි පහස් හේතුයෙන් උපදනා වේදනා සංඛ්‍යාත රෝගය ආත්මවශයෙන් කියයි.) යනු: ඒ සන්තාපයන් විසින් තවනලදුයේ සඤ්ඤාවිපල්ලාස චිත්තවිපල්ලාස දිට්ඨිවිපල්ලාස යන ත්‍රිවිධ විපර්‍ය්‍යාසයට පැමිණෙයි. එහි අශුභයෙහි ශුභ යයි සඤ්ඤාවිපල්ලාස යැ, දුඃඛයෙහි සුඛ යයි චිත්තවිපල්ලාස යැ, අනිත්‍යයෙහි නිත්‍ය යැ අනාත්මයෙහි ආත්ම යයි දිට්ඨීවිපල්ලාස යි.
Pali BJTයථා චිත්තස්ස විපල්ලාසො සඤ්ඤා-දිට්ඨි තෙ තිවිධා විතක්කා: චිත්තවිතක්කො විපල්ලාසො, සඤ්ඤාවිතක්කො විපල්ලාසො, දිට්ඨිවිතක්කො විපල්ලාසොපි. තත්ථ අවිජ්ජා විපල්ලාසො ගොචරා ගතිපතෙය්යභූමි, (?) යථා හි තං සඤ්ජානාති යථා විජානාති යථා සඤ්ජානාති ච විජානාති ච. යථා ඛන්ති චෙතෙති ඉමෙ චත්තාරො විපල්ලාසා. සත්තා යෙහි චතුබ්බිධං අත්තභාවවත්ථුං රොගභූතං ගණ්ඩභූතං ‘අත්තා’ති වදන්ති. “රොදං{5} වදති අත්තතො”ති අයං ආවට්ටො.
Sinhala BJTචිත්තසඤ්ඤාදිට්ඨි යම්සේ විපල්ලාස වෙත් ද, ඔහු ත්‍රිවිධ විතර්‍කයෝ වෙති, චිත්තවිතර්‍කය විපල්ලාස යැ, සංඥාවිතර්‍කය විපල්ලාස යැ, දෘෂ්ටිවිතර්‍කය විපල්ලාස යි. එහි අවිජ්ජාවිපල්ලාසය (ගෝචරා ගතිපතෙය්‍යභූමි?) යම් සේ ඒ අවිද්‍යාව හැඳිනගනී ද වෙසෙසින් දැනගනී ද යම්සේ හඳුනන්නේත් දැනගන්නේත් වේ ද යම්සේ රුචිකෙරේ ද සිතා ද මේ සතර විපල්ලාසයෝ යැ. සත්‍වයෝ යම් විපල්ලාසයකින් රෝගයක් බඳු වූ ගඬක් බඳු වූ සිව්වැදෑරුම් ආත්මභාවවස්තුව ආත්මයයි කියත් ද එබඳු විපල්ලාසයෝ යි. “රෝදං වදති අත්තතෝ” යි මේ ආවට්ට යි.
Pali BJT“යෙන යෙන හි මඤ්ඤති තතො නං හොති{6} අඤ්ඤථා”ති ‘සුභ’න්ති මඤ්ඤති න තථා හොති. එවං ‘සුඛ’න්ති ‘නිච්චං අත්තා’ති සො අඤ්ඤථා භවමෙව සන්තං අනාගතං භවං පත්ථෙති. තෙන වුච්චති භවරාගො’ති භවමෙවාභිනන්දතීති{7} යං අභිනන්දති තං දුක්ඛන්ති, පඤ්චක්ඛන්ධෙ නිද්දිසති{8} යං ච තප්පච්චයා සොකපරිදෙවදුක්ඛං තස්ස හි භාවෙස්සති. එත්තාවතා සඞ්කිලෙසො හොති. පහානත්ථං ඛො පන බ්රහ්මචරියං වුස්සති තිණ්ණං සන්තාපානං, ඡන්දරාගවිනයො හොති.
Sinhala BJT“යම් යම් පරිද්දෙකින් තමාගේ දුකට පිළියම් සිතත් ද ඒ දුකට එයින් අන්පරිද්දෙකින් පිළියම් කටයුතු වෙයි” යනු ‘ශුභ’ යයි සිතයි, එපරිදි ශුභ නො වෙයි, එසෙයින් සුඛ යැ නිත්‍ය යැ ආත්ම යයි සිතයි, (එපරිදි නො වේ.) හේ අන්පරිද්දෙකින් වන්නාවූ මැ අනාගත භවය පතයි. එයින් කියලු ලැබේ, “භවරාග” යයි. “භවමෙවාභිනන්‍දති” යනු: යමක් අභිනන්‍දනා කෙරේ ද එය දුක යයි පඤ්ච ස්කන්‍ධයන් දක්වයි. ඒ හේතුයෙන් යම් ශෝක පරිදේව දුඃඛයක් වේද ඔහුට ඒ දුක වන්නේය (තස්ස හි භාවේස්සති?) මෙතෙකින් සංකිලේසය වේ. තුන් සන්තාපයන්ගේ ප්‍රහාණය පිණිස මගබඹසර වෙසෙයි, (එයින්) ඡන්‍දරාගවිනය වේ.
Pali BJT“උපධීහි{9} පටිච්ච දුක්ඛමිදං සම්භොතී”ති{10} යෙ භවමෙවාභිනන්දන්ති තං භයං, යස්ස භායති{11} තං දුක්ඛං, තස්ස දුක්ඛස්ස පහානාමාහ. සබ්බසො උපාදානානං ඛයා{12} නත්ථි දුක්ඛස්ස සම්භවොති.
Sinhala BJT“උපධී හි පටිච්ච දුක්ඛමිදං භවති” යනු: යම් කෙනෙක් භවය මැ කැමැති වෙත් ද, එය (විපරිණාමස්වභාව හෙයින්) බියෙකි. යම් (ජරාමරණාදියෙකින්) බිය වේද, එය දුකෙකි. ඒ දුඃඛයාගේ ප්‍රහාණය වදාළහ, සර්‍වප්‍රකාරයෙන් උපාදානයන්ගේ ක්‍ෂය වීමෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැතැ’ යි.
Pali BJTචත්තාරො විපල්ලාසා යථා නිද්දිට්ඨඋපාදානමාහ. තත්ථ{1} පඨමො විපල්ලාසො කාමූපාදානං, දුතියං දිට්ඨූපාදානං, තතියං සීලබ්බතූපාදානං, චතුත්ථං අත්තවාදූපාදානං. තෙසං යො ඛයො නත්ථි දුක්ඛස්ස සම්භවො, උපධිපහානා{2} දුක්ඛනිරොධමාහ.
Sinhala BJTසතර විපල්ලාසයෝ යථානිර්දිෂ්ට වූ උපාදානය කියති. එහි ප්‍රථම විපල්ලාසය කාමූපාදාන යැ, දෙවැන්න දිට්ඨූපාදාන යැ, තෙවැන්න සීලබ්බතූපාදාන යැ, සතරවැන්න අත්තවාදූපාදාන යි. ඔවුන්ගේ යම් ක්‍ෂයවීමෙක් ඇද්ද (එකල්හි) දුඃඛයාගේ සම්භවයෙක් නැත. උපධීන්ගේ ප්‍රහාණයෙන් දුක්ඛනිරෝධය වදාළහ.
Pali BJTඑවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො. භවතණ්හා පහීයති{3} විභවං නාභිනන්දතීති.
Sinhala BJTමෙසේ (ත්‍රිලක්‍ෂණ ප්‍රතිවේධාකාරයෙන්) තෙල භව යයි කියන ලද පඤ්චස්කන්‍ධය තත් වූ පරිදි විදර්‍ශනාසහිත මාර්‍ගඥානයෙන් දක්නහුට භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි, විභව සංඛ්‍යාත උච්ඡේදය ද නො කැමැති වේ’ යයි.
Pali BJTදස්සනභූමිං මන්තෙති, “සබ්බසො තණ්හානං ඛයා{4} නිබ්බාන’න්ති ද්වෙ විමුත්තියො කථෙති: රාගවිරාගං ච අවිජ්ජාවිරාගං ච. “තස්ස භික්ඛුනො”ති අනුපාදිසෙසනිබ්බානධාතුං මන්තෙති. අයං සුත්තස්ස අත්ථනිද්දෙසො.
Sinhala BJTදර්‍ශනභූමිය පවසයි. සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂය වීමෙන් නිර්‍වාණය වේ යයි රාගවිරාගචේතෝවිමුත්තිය ද අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තිය ද යන දෙවැදෑරුම් විමුක්ති වදාරති. “තස්ස භික්ඛුනෝ” යි අනුපාදිසේස නිර්‍වාණධාතුව වදාරත්. මේ සූත්‍රයාගේ අර්‍ත්‍ථනිර්දේශයි.
Pali BJT2-3 තත්ථ කතමො විචයො: යස්ස යත්ථ පරිළාහෙති{5} තස්ස පරිඩය්හන්තස්ස{6} සො යථා භූතං නත්ථි නිබ්බින්දති ච, අයං විචයො ච යුත්ති ච.
Sinhala BJT2-3. එහි විචය කවරෙ යැ: යම් තැනෙක යමකුට පරිදාහය වේ ද, දැවෙන්නාවූ ඔහුට (සො යථාභූතං නත්‍ථි?) නිර්වේදයට පැමිණෙන්නේ ද වෙයි. මේ විචය ද යුත්ති ද වේ.
Pali BJT4. පදට්ඨානො: රාගජො පරිළාහො{7} සුඛින්ද්රියස්ස සොමනස්සීන්ද්රියස්ස{8} ච පදට්ඨානං, දොසජො පරිළාහො දුක්ඛින්ද්රියස්ස දොමනස්සින්ද්රියස්ස ච පදට්ඨානං. මොහජො පරිළාහො{9} උපෙක්ඛින්ද්රියස්ස දොමනස්සින්ද්රියස්ස ච පදට්ඨානං.
Sinhala BJT4. පදට්ඨාන කවරෙ යැ: රාගයෙන් උපන් පරිදාහය සුඛින්‍ද්‍රියට ද සෝමනස්සින්‍ද්‍රියට ද පදට්ඨාන යැ, දෝසජපරිළානය දුක්ඛින්‍ද්‍රියට ද දෝමනස්සින්‍ද්‍රියට ද, පදට්ඨාන යැ, මෝහයෙන් උපන් පරිළාහය උපෙකඛින්‍ද්‍රියට ද දෝමනස්සින්‍ද්‍රියට ද පදට්ඨාන යි.
Pali BJT5. තත්ථ කතමො ලක්ඛණො හාරො: ඵස්සපරෙතො වෙදනාපරෙතො සඤ්ඤාපරෙතොපි සඞ්ඛාරපරෙතොපි යෙන යෙන මඤ්ඤති{10} යදි සුභනිමිත්තෙන යදි සුඛනිමිත්තෙන යදි නිච්චනිමිත්තෙන යදි අත්තනිමිත්තෙන අසුභෙ සුභන්ති{11} මඤ්ඤති, එවං සබ්බං, රාගජෙ පරිළාහෙ වුත්තෙ චත්තාරො පරිළාහා වුත්තා භවන්ති. රාගජො දොසජො මොහජො දිට්ඨිජො ච, රාගං වදාමීති අත්තතො වදති. සබ්බානි පන්නරසපදානි, අනිච්චං දුක්ඛන්ති.
Sinhala BJT5. එහි ලක්ඛණහාර කවරෙ යැ: ඵස්සයෙන් මඩනා ලදුයේ වේදනායෙන් - සංඥායෙන් - සංස්කාරයෙන් ද මඩනාලදුයේ යම් යම් පරිද්දෙකින් ඉදින් ශුභනිමිත්ත වශයෙන් හෝ සුඛනිමිත්ත වශයෙන් හෝ නිත්‍යනිමිත්ත වශයෙන් හෝ ආත්මනිමිත්ත වශයෙන් හෝ (තෘෂ්ණා විසින්) සිතා ද, අශුභයෙහි ශුභ යයි සිතයි, මෙසේ සියල්ල කියැයුතු. රාගජපරිළාහය කී කල්හි සතර පරිදාහයෝ කියනලද්දාහු වෙති. රාගජ යැ දෝසජ යැ මෝහජ යැ දිට්ඨජ යැ යන සතර යි. “රාගං වදාමි” යනු ආත්මවශයෙන් කියයි. සියලු පසළොස් පදයෝ වෙති. (අනිච්චං දුක්ඛන්ති?)
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො: ඉධ සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ පරිළාහෙන{12} න ඉච්ඡන්ති{13} තෙ භවං නාභිනන්දන්ති. යෙ භවං නාභිනන්දන්ති{14} තෙ පරිනිබ්බායන්ති. අයං අධිප්පායො.
Sinhala BJT6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් පරිදාහයෙන් නො රිසි වෙත් ද, ඔහු භවය නො කැමැති වෙති, යම් කෙනෙක් භවය නො කැමැති වෙත් ද ඔහු පිරිනිවෙත්. මේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.
Pali BJT7. තත්ථ කතමො ආවට්ටො: සඞ්කිලෙසභාගියෙන දුක්ඛං ච සමුදයං ච නිද්දිසති. නිබ්බෙධභාගියෙන මග්ගං ච නිරොධං ච.
Sinhala BJT7. එහි ආවට්ටහාර කවරෙ යැ: සංකිලෙසභාගිය සූත්‍රයෙන් දුක්ඛය ද සමුදය ද දක්වයි, නිබ්බේධභාගිය සූත්‍රයෙන් මග්ගය ද නිරෝධය ද දක්වයි.
Pali BJT8. තත්ථ කතමො විභත්ති හාරො: සන්තාපජාතො රොගජාතො, රොදං වදති අත්තනො, තං න එකංසෙන හෙති අමනසිකාරා සන්තාපජාතො ඛො න ච රොදං අත්තනො වදති.
Sinhala BJT8. එහි විභත්තිහාර කවරෙ යැ: හටගත් සන්තාප ඇතියේ හටගත් රෝග ඇතියේ යැ, “රෝදං වදති අත්තනෝ” යනු: එය ඒකාන්තයෙන් නො වෙයි. නො මෙනෙහි කිරීම හේතු කොට උපන් සන්තාප ඇතියේ වැලැපෙමින් තමහට වන් දුක නො ද කියයි.
Pali BJT9. තත්ථ කතමො පරිවත්තනො: පක්ඛපටිපක්ඛනිදස්සනත්ථං භූමි පරිවත්තනාය,
Sinhala BJT9. එහි පරිවත්තන කවරෙ යැ: පක්‍ෂ ප්‍රතිපක්‍ෂ දැක්වීම සඳහා පරිවත්තනහාරයට භූමි වෙයි.
Pali BJT10. තත්ථ කතමො වෙවචනො හාරො: රොගං ච අත්තතො වදති, සල්ලං අත්තතො වදති. පන්නරස පදානි සබ්බානි වත්තබ්බානි.
Sinhala BJT10. එහි වෙවචනහාර කවරෙ යැ: රෝගය ආත්මහෙයින් කියයි. සල්‍යය ආත්ම හෙයින් කියයි. සියලු පසළොස් පදයෝ කියැයුත්තාහු යි.
Pali BJT11. තත්ථ කතමා පඤ්ඤත්ති: සන්තාපජාතො’ති දොමනස්සපදට්ඨානං, සබ්බෙ වචනපඤ්ඤත්තියා පඤ්ඤපෙති. රොගං වදති අත්තතො, විපල්ලාසො සඞ්කිලෙසපඤ්ඤත්තියා පඤ්ඤපෙති. යං අභිනන්දති{1} -පෙ- තං දුක්ඛන්ති විපල්ලාසනික්ඛෙපපඤ්ඤත්තියා පඤ්ඤත්තා, තෙ අකතසත්තා ලොකා මජ්ඣෙන වෙමත්තතාය පඤ්ඤත්තා.
Sinhala BJT11. එහි පඤ්ඤත්ති කවරැ: ‘සන්තාපජාතො’ යනු දොම්නසට පදට්ඨාන යැ, සියල්ල වචනපඤ්ඤත්තියෙන් (?) පනවයි, ‘රෝගං වදති අත්තතෝ’ යනු: විපල්ලාස යැ (එය) සංකිලේසපඤ්ඤත්තියෙන් පනවයි, ‘යං අභිනන්දති -පෙ- තං දුක්ඛං’ යනු විපල්ලාසනික්ඛේපපණ්ණත්තියෙන් පනවන ලද. (තෙ අකතසත්තා ... පඤ්ඤත්තා?)